Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: කරත්ත කවි Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: කරත්ත කවි Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review RosiSuper Senior MemberPosts:5335 12 Sep 2016 07:59 AM ජන ගී වලට මාත් කැමති ,,එත් දැන් ඒවා අපෙන් ගිලිහි ගිහින් .ස්තුති මේ ලිපියෙන් නැවතත් ඒ ගැන දැනුවත් කිරීම. sha733Super Senior MemberPosts:7332 12 Sep 2016 05:04 AM Posted By Poddi on 11 Sep 2016 06:43 AM කරත්තයක ගිය කාලයක් මතක නෑ , හි .. ජන ගී තුරන් වෙලාම ගිහිං .... ඒ ගැන නම් දුකයි .. කරත්තවල ගිය කාලයක් මතක නැහැ කියන්නෙ පොඩ්ඩි කලින් කරත්ත වල ගිහින් තියෙනවද මම දන්න තරමින් වාර 2 3 කට වඩා මම ගිහින් නැහැ PoddiVeteran MemberPosts:2100 11 Sep 2016 06:43 AM කරත්තයක ගිය කාලයක් මතක නෑ , හි .. ජන ගී තුරන් වෙලාම ගිහිං .... ඒ ගැන නම් දුකයි .. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 11 Sep 2016 02:38 AM මෙ කාලේ කොහෙ කරත්ත කවියක් ඇහෙන්නද. කරත්ත කවියක් තියා ගොයම් කවියක්වත් ඇහෙන්නෙ නෑ මොකද භූතයෝ ඉන්නවනේ මේ දේවල්වලට ස්තූතියි අයියේ අපි වෙනුවෙන් හා ඉදිරි සමාජය වෙනුවෙන් මේ විදියට ගෙන දිග හැරීම වෙනුවෙන් samanthaMost Senior MemberPosts:13190 11 Sep 2016 12:15 AM ඉතාමත් වටිනා ලිපියක්. ඒ වගේම මමත් හරිම අසයි ජනගී වලට. මේ අවස්ථාවේදී මට සිහිපත් වෙනවා නැසී ගිය සී. ද. එස්. කුලතිලක සහ මගේ ගුරුතුමෙක් වූද මගේ පියගේ හොඳ මිතුරෙක් වූ ලයනල් රන්වල ගුරුපියාණන්. ඒ වගේම මා කුඩා කල පටන් මාගේ අසල් වාසියෙක් වුන රෝහණ බැද්දගේ මහතා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 10 Sep 2016 11:13 PM ඉතාමත් වටිනා ලිපියක් ගාමිණි අයියේ.. අන්තර්ජාලයේදී මට හමුවුනේ මේ වගේ කරත්ත කවි රාශියක් තියෙන ලිපියක්.. මගේ පුතාගේ පාසල් වැඩ වලට මේ වගේ ලිපි ඉතාමත් වැදගත් වෙනවා... ගොඩක් ස්තූතියි අයියේ... smt90Veteran MemberPosts:1736 10 Sep 2016 09:42 PM වටිනා විස්තර ටිකක්.................. chamaramindMost Senior MemberPosts:13471 10 Sep 2016 08:52 PM මේය නම් හොද දෙයක්.නොදත් විස්තර දැනගැනිමට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... maduranga001Most Senior MemberPosts:14118 10 Sep 2016 02:03 PM ඉතා වටිනා මාතෘකාවක්. මේ ත්‍රෙඩ් එක හරහා අපේ ජන කවි එක කරන්න කියා මම ඉල්ලා සිටිනවා. ජනකවි සහ ඒ ආශ්රිත නොදත් විස්තර එහෙම. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ gaminiVeteran MemberPosts:4475 10 Sep 2016 01:43 PM ජනකවි සඳහා අවධානය යොමු කරන විට අපට එහි අනු අංගයක් ව පවතින කරත්ත කවි නොතකා හැරිය නොහැකිය. අතීතයේ විවිධ සමාජ ස්ථර වල අය කරත්තය සිය දෛනික අවැසිතා සඳහා භාවිත කලද මෝටර් රථයේ ආගමනය නිසාවෙන් කෙමෙන් කෙමෙන් අභාවයට යන්නට විය.., කෙසේ වුවත් ඒ අභාවයට ගිය සම්ප්‍රදායන් අපට ඉතිරි කර යන්නේ ඉතා වටිනා දායදයන් ගොන්නකි.., කරත්ත ඇසුරේ ඉපදෙන කතා, කවි, තේරවිලි හා ආප්තෝපදේශ බොහෝය. ඉන් ඉතාමත්ම විසල් ඉඩක් හිමි කරගෙන සිටින කරත්ත කවිය.., අපට නිහඬවම පවසන්නේ කරත්ත රෝද යට වැලලි රසවත් ඉතිහාසයක් ඇති බවය. කරත්ත කවි බොහෝවිට අපට හමුවන්නේ සුහද සංවාදශීලී ගුණයෙන් පිරිපුන් කවි ලෙසය. බිම්මට්ටමේ ගැමියාට වුව තේරුම් ගත හැකි සරළ සුගම බස් වහරකින් සජ්ජිත මේ කවි අතර ගමන් විඩාව නිවන උපහාසය ආදී ගති ගුති ගුණයන්ද නොඅඩුව පැවතිණි. කරත්ත කවියට වැඩි පුරම හේතු පාදක වුයේ බර කරත්තයයි.., කුලීන ජනයා සිය ගමන් බිමන් වලට භාවිත කල තිරික්කල ඇසුරින් නිපදවී ඇති කරත්ත කවි තාම ඌණය.., සහර විට කුලීණ ජනයා ගේ කරත්තය පදවාගෙන යනවිට යටත් වැසියා ගේ සිතට කවි සිතුවිලි පහල නොවීම විය හැකිය. බර කරත්ත අතීතය සිය ගමන් ආරම්භ කරන්නේ සවස් යාමයේය.., ලන්තෑරුම් ආලෝකයේ සිය හමන නිවුනු මඳ පවන මැද ආරම්භ කරන ගවයාට විඩාව දහවලට සාපේක්ෂය අඩුය. කරත්ත කවි බෝවිට කියන්නේ ගැලක කරත්තය ගමන් අරඹනා විටය. එක කවියක් කරත්තයකින් ඇසෙද්දී ඊට පිළිතුරු කවිය ඊළඟ අසල වන කරත්තයෙන් ඇසේ. මෙලෙස ගැල අවධියෙන්, ක්‍රියාකාරීව පවත්වා ගන්නත්, නිද්‍රාව ඌණ කරන්නත් මේ කවි ලබාදුන්නේ මහඟු පිටු වහලකි. තමා ගමන් ගන්නා අඩවිය ග්‍රාමය සහ ගොනුන්ගේ ආරක්ෂාවට වන දෙපස සිටින සියලු සතුන් බියවද්දා පලවාහරින්නටද මේ කවි උපයෝගී කරගන්නට ඇත. ඇතැම් විට කරත්තය අදින්නට අපහසු අවස්ථාවල ගොනුන් දෙදෙනෙකු බඳින්නට කටයුතු කරයි.., සමහර විට හදිසි අවැසිතාවට රැගෙන යන අමතර ගොනාද මෙලෙස අනික් දෙදෙනා බැඳි කර දණ්ඩ අනික් ගොණාටද ආඳනු ලබයි මෙලෙස ආඳනු ලබන කර දන්ඩ තන්ඩලේ නමින් හැඳින්වේ.පහත කවියේ මුල් පදයේ කියන්නේ එයයි. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටුකැලේ ගාල නොලිහා වධ දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කල ගොනෝ ඇදපන් හපුතල් යනවා සාමාන්‍ය ගමන් සඳහා මෙම තණ්ඩලේ භාවිත නොකරන අතර.., බොහෝවිට කන්දක්, අධික බරක් අදින්නට සිදුවන අවස්ථාවල තණ්ඩයේ භාවිතය දැකිය හැකිය. සමහර විට මේ තණ්ඩලේ හපුතලය කන්ද නිසාම ආරම්භ වූවක් විය හැකිය. මක්නිසාදයත් වර්තමානයේදී පවා වාහන පවා කන්ද තරණය කරන්නේ ඉතා ආයාසයෙන් වන නිසා ය. බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේදී අතීත කරත්තකරුවා ගතකලේ ඉතාම දුක්බර ජීවිතයකි. කුසට අහරක් නැතිව, ගතට නිවනක් නැතිව දිවා රෑ වෙහෙසෙමින් ගතවන මේ ජීවිතේට ඇති එකම සැනසුම දෙවි පිහිටයි, ඒ ඔහුගේ අවසාන බලාපොරොත්තුවයි. දුප්පත් කමට ගොන් බැඳගෙන දක්කනවා කන්ට නැතිව දිව රෑ දෙන වෙහෙසෙනවා ගොන්ටත් නොයෙක වධ දී අප ගෙනියනවා දැන්වත් අපිට දෙවියෝ පිහිටක් වෙනවා අතීත කරත්ත කරුවන් වර්තමානයට සමාන කරන කල සමාන වූයේ හිමිකරුවෙකු යටතේ හිඳිනා කුලී වාහන රියදුරකුටය. හිමි කරුවා කරත්ත පදවන්නාට ගෙව්වේ වැටුපකි. තවද කරත්ත කරුවාට ගෙවන්නට යෙදෙන පඩියෙන් කරත්තයට යම් හානියක් වී ඇතිනම් එයද ඔහු කරත්තකරුවාගේ වැටුපෙන්ම අඩු කරගැනීම කරගන්නා ලදී. පහත ඇති කවිය කරත්ත කරුවා ගෙවා ඇති අනාරක්ෂිත ජීවිතය පිළිබඳව ඉඟි කරන්නකි. බර වැඩි වෙලා ගොන් බානට උඹ අවුලේ කර වණ කලේ ඇයිදැයි මුගේ නැද්ද මොලේ මූ මරලා දැම්මෝතින් හොඳයි කැලේ පොත බලා පඩි දෙනකම් හිටු ගාලේ අතීත ජනයා සිය භාන්ඩ ප්‍රවහනයට අමතරව ගමනාගමනයට භාවිත කලේ කරත්තයි.., ගැල් බැඳ ගමන් ගන්නේ රාත්‍රී කාලයේදීය.., තනිකමට බුලත් විටකුත්, සීතලට සුරුට්ටුවක් පත්තු කර ගැනීමට අතීත ජනයා අමතක නොකලහ. ආහාර ලෙස කඩ කෑමද ඉහත කී බුලත් සුරුට්ටු ආදියද ගමන ගන්න විට අසල ඇති කඩයෙන් ගනීම සිදුවෙයි. කතරගම යන ජනයා යන අතරමග නැවතී අලුත් ගම ප්‍රදේශයෙන් අවැසි දේ ලබාගෙන කතරගම වන්දනා කරන්නට යන ආකාරය පහත කවියෙන ප්‍රකාශ වෙන ආකාරය මනහරය. කන්නේ කටට රස හින්දයි බුලත් මම බොන්නේ සුරුට්ටුව සීතල යන්න තම කන්නේ රෑ කඩෙන් නැවතී අලුත් ගම යන්නේ වන්දනාවේ අපි කතර ගම ගැලක් ගමන් ගන්නා විට ස්වාභාවික කරදර වලට මුහුණදීම ඉතා සාමාන්‍ය සිදුවීමකි. වර්ශාව නිසාවෙන් ගොනා කරත්තය අදින්නට මැලිවීම සිදුවෙයි.., මේ සිදුවීම මතකයට නැගෙන කවියාගේ මුවට කවි සිතුවිලි නැගීම ස්වයංව සිදුවේ. වැසි තර වනවිට ගොනාට අදින්නට අමාරු වන බවත් ගොනාට ඒ වදයක් වෙන නිසා කරත්ත කරුවාගේ සිතටද ගොන ගන දුක ගෙන දෙයි. මේ දුක්ප්‍රාප්තියේ උච්චතම අවස්ථාව "මගේ රිස්ස යන්නා" යෙනුවෙන පල කර ඇති පහත කවියට සිත් යොමන්න. වැස්ස වහින්නා මඩ ගොහොරු වෙන්නා ගොනා නොයන්නා ගෝණිය තෙමෙන්නා ගොනා තල් අත්ත කපුරැල්ල වන්නා මෙදා පැටලිල්ල මගෙ රිස්ස යන්නා කරත්ත දක්කගෙන යන විට නගරවල ඇති විවිදාකාර දේට හිත යන අතර එසේම කරත්ත කරුවන්ගේ තරුණ ජීවිතයද මඟටම ගෙවේ. නගර ආශ්‍රිතව ගතවන ජීවිතවල මේ ආකාරයේ ජීවිත බෝහෝ ඇත., නගර ගැන තොරතුරු සඳහන් වෙන මේ කවියේ කරත්තය නවතන්නේ හොරණ ය. කොතරම් වැර යොදා කලත් සිය වෘත්තිය පිළිබඳ ව පවතින කලකිරීම පහත කවියෙන් මොනවට පැහැදිලි වේ. අරුම වැඩ දුටිමි කඩවල සරසනවා තරම නොදැන ඇවිදලාම ලතැවෙනවා තරුණ කල වයස කඩ වල පසු ලතවෙනවා හොරණ කඩ පෙලේ ගොනු අප නවතනවා1 අතීතයේ පාලම් බැඳීම කලේ ලී භාවිතා කරය..,අතීතයේ වනයේ ලී සහ ලෑලි ඇදීමට භාවිත කරන ලද්දේ කරත්තයයි.මාදුරු ඔය පාලම සෑදීම සඳහා ලී ඇදි කරත්ත කරුවෙකු ඒ පිළිබඳව සිය අත්දැකීම කියන පහත කවිය විමසන්න. කලුවර කැලේ ලී කපලා ලී ඇද්දා මඩකලපුවේ ගොනිගෙන ලෑලිත් ඇද්දා අලින් උසට ගල් පෙරළා වැටි බැන්දා මාදුරු ඔයට ඔබනා පාලම බැන්දා2 කරත්තය පදවාගෙන යන අතරමඟ වැවී ඇති ලපටි තනකොල කපා ගොනුට කෑමට දී ගමන ආරම්භ කරමුදැයි අසන කරත්ත කරුවෙකු ගැන පහත කවියෙන් දැක්වේ. ගැලක ගොණු සඳහා සාමාන්‍යයෙන් කන්නට දෙන්නේ පිදුරු වුව ලපටිතණකොල වලට ගොනුන් දක්වන රුචිකත්වය මේ කවියට හේතුවූවාදැයි සිතෙයි..! යන ලෙසිනේ ගුරුගොඩ පාලම පැනලා එම ලෙසිනේ පන්තියේ වත්තට පනලා දුටිමි අනේ තණකොල වත්තක වැවිලා කපලා ගෙනේ එම පාරට ගොන් ලිහලා3 තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා ගොන් කරේ මිණි බැඳලා නද දෙනවා කටුකැලේ ගාල නොලිහා වද දෙනවා පවුකල ගොනෝ ඇදපන් හපුතල් යනවා4 මෙම ලිපියේ මුල්ම කවිය මේ විව මේ ඉහත කවියේ විශේෂ බවක් ඇත. ඒ නම් හපුතලේ කන්ද දැකලා බඩ දනවා වෙනුවට ගොන් කරේ මිණි බැඳලා නද දෙනවායන්න යෙදී ඇත. කරත්ත්යා අදින ගොන්ගේ අලංකාරයට ගෙජ්ජි වැලක් බඳියි ගමන් ගන්නා විට මේ ගෙජ්ජි වැල ඉතාමත් කන්කලු අයුරින් හැඬවේ. මේ ආකාරයෙන් ම ප්රාදේශීයව පද වෙනස් වෙන කවි කරත්ත කවි අතර ඇත. පහත කවිය බලන්න. අටිය වඩන ලොකු අප්පුගේ කරත්තේ කැහැටු ගොන් බාන බැඳලා දෙපැහ්තේ කවට කමට විය අඹරා ගස් නිත්තේ ගොසින් ලිහමු මොරතොට නැන්දගේ වත්තේ 5 මේ කවියේ අවසාන කවිපදය එනම ගොසින් ලිහමු මොරතොට නැන්දගේ වත්තේ යන්න සබරගමුවේ භාවිත වන්නේ ගොසින් ලිහමු මොරවක නැන්දගේ වත්තේලෙසය. නමුත් වයඹ භාවිත වන්නේ , ගොසින් ලිහමු ගිංතොට නැන්දගේ වත්තේලෙසය. දුර්වල ගොනුන්ගෙන් අතොරක් නැතිව වැඩ ගන්නා ලොකු අප්පු ගැන ඉතාම උපහාසයෙන් ඇති අයුරක් ඉහත කවියෙන් ගම්‍යවේ. මේ අයුරෙන් කරත්ත කවි ගැන විස්තර මා උපුටා ගනු ලැබුවේ අන්තර්ජාලයෙනි කරත්ත කවි.................................. රථ වාහන සුලභ නොවූ ආදි කාලයේ දුර බැහැර පළාත්වලට මෙන් ම කඳුකර පළාත්වලටද බඩු ගෙන ගියේ තවලම් මගිනි. තරමක් දුරට පාර තොට ඇති වූ පසු බඩු ඇදීම සිදු වුණේ කරත්තවලිනි. ගැල්(=කරත්ත) පදවන්නන් ඒ ගමන්වලදී ගමනට ඉණිමග කරගත්තේ කවි සීපද කියමින් ගොන් දැක්කීමය. මෙන්න එසේ බැවහර වූ කරත්ත කවි කිහිපයක්. ් බත උයලා කා බී අපි සිත අයුර තණ කවලා ගොන් දෙන්නට දී වතුර නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර එළිවෙන යාමෙ පිට වී යමු හිත මිතුර කළුගල් තළාලයි පාරට දමන්නේ එමගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ ගොනා නො වෙයි හරකයි බර අදින්නේ කිරිගල් පොත්තෙ කන්දයි මේ ගෙවෙන්නේ වයිර ගොනා දණ ගහන අදින කොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට පව්කළ ගොනෝ ඇදපන් ගාල ගාවට බතට කන්ට බැරි බතලේගල කන්ද අලට කන්ට බැරි අලගල්ලේ කන්ද හුනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද මෙකඳු තුනට නායක සමනල කන්ද කඳු ඇදලා දෙපයට සවි නැත ඉතිනේ බර ඇදලා ඉල ඇට පොඩි විය තදිනේ දුක සිතිලා ගම නෑයන් මතක් උනේ ගම ඉඳලාවත් පණ යන්න නොලැබුනේ බණේ කොහොම කීවත් පව් පලදෙනවා පිනේ අරුම නො සිතා අපි පහුවෙනවා ගොනේ 'ඹටත් කළ පව් දැන් තේරෙනවා අනේ ගොනේ ඇදපන් මීගමු යනවා තන්ඩලේ දෙන්න දෙපලේ දක්කනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා කළුකැලේ ගාලෙ නොලිහා වද දෙනවා පව්කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා දුප්පත් කමට ගොන් බැඳගෙන දක්කනවා කන්නත් නැතුව රෑ දාවල් වෙහෙසෙනවා ගොන්ඩත් නොයෙක් වද දී-ලා ගෙනියනවා දැන්පත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා "පව් කළ ගොනෝ ඇදපන් ගාලගාවට" "මොකද කරන්නේ පූරුවෙ කළ පවට" "පිනේ අරුම නො හිතා අපි පහුවෙනවා" "ගොනේ 'ඹටත් කළ පව් දැන් තේරෙනවා" යන මේ පදවලින් කර්ම විපාකයත් පිනේ අගයත් පවේ ආදීනවත් කියා පානා අතර "දැන් පත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා" යි සිහිපත් කිරීමෙන් මහායාන මත අප අතරට වැටී පලපදියම් වී බියක් දුකක් වූ විට දෙවියන් සිහි කොට පිහිට ඉල්ලීමේ සිරත ඇබ්බැහි වූ බවට නිදසුන් දෙයි. මේ අයුරෙන් කරත්ත කවි ගැන විස්තර මා උපුටා ගනු ලැබුවේ අන්තර්ජාලයෙනි ආදරයේ උල්පත අම්මා ......................
රථ වාහන සුලභ නොවූ ආදි කාලයේ දුර බැහැර පළාත්වලට මෙන් ම කඳුකර පළාත්වලටද බඩු ගෙන ගියේ තවලම් මගිනි. තරමක් දුරට පාර තොට ඇති වූ පසු බඩු ඇදීම සිදු වුණේ කරත්තවලිනි. ගැල්(=කරත්ත) පදවන්නන් ඒ ගමන්වලදී ගමනට ඉණිමග කරගත්තේ කවි සීපද කියමින් ගොන් දැක්කීමය. මෙන්න එසේ බැවහර වූ කරත්ත කවි කිහිපයක්. ් බත උයලා කා බී අපි සිත අයුර තණ කවලා ගොන් දෙන්නට දී වතුර නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර එළිවෙන යාමෙ පිට වී යමු හිත මිතුර කළුගල් තළාලයි පාරට දමන්නේ එමගල් පෑගිලයි ගොන් කුර ගෙවෙන්නේ ගොනා නො වෙයි හරකයි බර අදින්නේ කිරිගල් පොත්තෙ කන්දයි මේ ගෙවෙන්නේ වයිර ගොනා දණ ගහන අදින කොට මයිල ගොනා පැන්නයි පස්සට හොරට මොකද කරන්නේ පූරුවේ කළ පවට පව්කළ ගොනෝ ඇදපන් ගාල ගාවට බතට කන්ට බැරි බතලේගල කන්ද අලට කන්ට බැරි අලගල්ලේ කන්ද හුනට කන්ට බැරි හුන්නස්ගිරි කන්ද මෙකඳු තුනට නායක සමනල කන්ද කඳු ඇදලා දෙපයට සවි නැත ඉතිනේ බර ඇදලා ඉල ඇට පොඩි විය තදිනේ දුක සිතිලා ගම නෑයන් මතක් උනේ ගම ඉඳලාවත් පණ යන්න නොලැබුනේ බණේ කොහොම කීවත් පව් පලදෙනවා පිනේ අරුම නො සිතා අපි පහුවෙනවා ගොනේ 'ඹටත් කළ පව් දැන් තේරෙනවා අනේ ගොනේ ඇදපන් මීගමු යනවා තන්ඩලේ දෙන්න දෙපලේ දක්කනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා කළුකැලේ ගාලෙ නොලිහා වද දෙනවා පව්කළ ගොනෝ ඇදපන් හපුතල් යනවා දුප්පත් කමට ගොන් බැඳගෙන දක්කනවා කන්නත් නැතුව රෑ දාවල් වෙහෙසෙනවා ගොන්ඩත් නොයෙක් වද දී-ලා ගෙනියනවා දැන්පත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා "පව් කළ ගොනෝ ඇදපන් ගාලගාවට" "මොකද කරන්නේ පූරුවෙ කළ පවට" "පිනේ අරුම නො හිතා අපි පහුවෙනවා" "ගොනේ 'ඹටත් කළ පව් දැන් තේරෙනවා" යන මේ පදවලින් කර්ම විපාකයත් පිනේ අගයත් පවේ ආදීනවත් කියා පානා අතර "දැන් පත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා" යි සිහිපත් කිරීමෙන් මහායාන මත අප අතරට වැටී පලපදියම් වී බියක් දුකක් වූ විට දෙවියන් සිහි කොට පිහිට ඉල්ලීමේ සිරත ඇබ්බැහි වූ බවට නිදසුන් දෙයි.