Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: හිතට කතා කරලා බලමු........... Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: හිතට කතා කරලා බලමු........... Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 10 Nov 2016 08:47 AM මේ සින්දුව කඨාවක් වගේ තියෙනවනේ ආයෙ ඉතින් කියන්න දෙයක් නැහැ එක කාන්තාවකට පෙම් බදින එකට වැඩ කරන දෙමස්සිනාල. ඔවුන් ඉතාම හොද මිතු දමක් පවක්වාගෙන ගියත්. මේ හේතුවෙන් ඔවුන් කථා බහක් හෝ නොකර දැන් කාලය ගෙවනවා ඒ විදියට ගියොත් මේ මිතු දම නැති වෙලා ගිහින්, අවසානයේ මේ විදියට විසරසක වූවන් හට ඒ කාන්තාවක් අහිමි වේවිද යන්න අරැත් මවන බවයි මට හැගෙන්නේ සඳුනිVeteran MemberPosts:2462 10 Nov 2016 08:03 AM 09.පලංචියේ....... පලංචියේ ලී ඉරුවේ අපි එකට මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට එක වාඩියේ කල් ඇරියෙත් හිත හොදට ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට විරසක වී රුපුන් ලෙස යුද වදින්නද කුළුදුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද.. පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද.. හොදහිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද.. පලංචියේ...// දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ.. හොර රහසින්ම එක සුවඳක් පැතු පවනේ නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ... පලංචියේ...// ගායනය: එඩ්වඩ් ජයකොඩි සමඟින් සුනිල් එදිරිසිංහ පද රචනය: වසන්ත කුමාර කොබවක සංගීතය: රෝහණ වීරසිංහ දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 10 Nov 2016 05:23 AM දාන්නකෝ ඒකටවත් පද ගලපන්න පුලුවන් වෙයිද කියල බලන්න සඳුනිVeteran MemberPosts:2462 10 Nov 2016 01:03 AM අද දාන්නම්කෝ සිංදුවක්. දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 09 Nov 2016 11:28 PM කෝ නංගී අලුත් ගීතයක්... සඳුනිVeteran MemberPosts:2462 29 Oct 2016 04:02 AM මේ සිංදුවට නම් අදහස් පැහැදිලි කරන්න ඔනේ නෑ වගේ. සාමාන්‍යයයිනේ. ඉන්දික අයියා හරි. ගමට අදරේ කරන ගම්බද ගෑනු ලමයෙක් සිතාදියේ රැකියවක් තරන්න ගියාම . නගරෙ පිරිමි ළමයක් ඒක්ක යාලු වෙනවා. පිරිමි ළමයා නගරය අත් අැරලා නුපුරුදු ගමට යන්න අකමැති. ගෑනු ළමයා ගම අත් අරින්න අකමැතී. නමුත් අැත්තටම අැය ඔහුට අාදරේ නිසා කවදාත් තනියෙම නම් ගමට නොයන බව ඔහුට කියනවා. දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 28 Oct 2016 10:07 PM Posted By සඳුනි on 24 Oct 2016 03:04 PM *සද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සෙනෙහස පිදුවායි ඔබ මා හට... *නෙත් දහසක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට හදපනක් වුයේ ඔබ නොවේදෝ මා සිත් අහසට.. දුවිලි සුළගෙන් පිරුණත් ඉපදුනු නගරේ මට නුපුරුදු ගමට එන්න බැ මේ නගරය අත් අරින්න බැ..... මගේ උරුමය ලදුවත් මා ලද ගම පියසේ මේ නගරේ කුඩු වෙන්නේ බැ ගම්මානය අත් අරින්න බැ ... අපදෙදෙනා මුණ ගස්වූ මේ මහා නගරේ අතැර නුබට ගමට යන්නබැ මේ නගරේ අත් හරින්න බැ මගේ සිතින් මා සිතනා මතු යම් දවසේ මේ නගරේ පාලු වෙන්නේ නැ මන් තනියෙන් ගමට යන්නේ නැ ගම සහ නගරය අතර ගැටුමක්... පෙම්වතාට නගරය අතහරන්න බෑ.. පෙම්වතියට ගමට යන්න ඕන.. ඒත් අවසානයේ පෙම්වතිය තනියෙන් ගමට යන්නේ නෑ.. සඳුනිVeteran MemberPosts:2462 28 Oct 2016 02:05 PM අපොයි.. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 28 Oct 2016 09:01 AM ඒකනේ්නම් අදහස් නැහැනේ සඳුනිVeteran MemberPosts:2462 26 Oct 2016 11:15 PM කාටවත් දැන් මේ ගැන අදහසක් නැතිදෝ.. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 24 Oct 2016 03:04 PM 08.සද පානක් *සද පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සෙනෙහස පිදුවායි ඔබ මා හට... *නෙත් දහසක් පසුකරවිත් මට හිමි දෙනුවන දුටුවිට හදපනක් වුයේ ඔබ නොවේදෝ මා සිත් අහසට.. දුවිලි සුළගෙන් පිරුණත් ඉපදුනු නගරේ මට නුපුරුදු ගමට එන්න බැ මේ නගරය අත් අරින්න බැ..... මගේ උරුමය ලදුවත් මා ලද ගම පියසේ මේ නගරේ කුඩු වෙන්නේ බැ ගම්මානය අත් අරින්න බැ ... අපදෙදෙනා මුණ ගස්වූ මේ මහා නගරේ අතැර නුබට ගමට යන්නබැ මේ නගරේ අත් හරින්න බැ මගේ සිතින් මා සිතනා මතු යම් දවසේ මේ නගරේ පාලු වෙන්නේ නැ මන් තනියෙන් ගමට යන්නේ නැ දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 24 Oct 2016 01:36 PM Posted By සඳුනි on 23 Oct 2016 12:59 PM මුදු මුහුණේ සුව දැනුනේ මුදු මුහුණේ සුව දැනුනේ පිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද... පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද උර තලයේ හිස රන්දා සුව වින්දේ මන් විතරද... ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ලඳුනේ මන් විතරද ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද... මගේ අදහස නම් මේ සිංදුවේ තිබෙන් ප්‍රශ්න වැල මධු සමය ගත කිරීමෙන් පසු අලුත් යුවලක් අතර අැති වෙන සංවාදයක් කියලා. මේකේ වචන නම් හරිම සාමාන්‍යයයි නේද? නමුත් හරිම උපක්‍රම සීලී ප්‍රශ්ණ කිරීමක්. සෘජුව අහලා ලස්සන දවසේ සිත් රිද්ද ගන්නේ නැතුව අවශ්‍ය දේ වක්‍රව අහනවා. මට නම් හිතෙන්නේ හරිම සුන්දරයි. මුහුණට කිව්වත් මට අැගේ හෝ ඔහුගේ අතීතය වැඩක් නැහැ වර්ථමානයත් අනාගතයයි පමනයි වැදගත් කියලා. සෑම කෙනෙක්ගෙම හිත පතන්නේ නොයිදුල් සහකරුවෙක් හෝ සහකාරියක්. ගොඩක් දෙනා මේ ප්‍රශ්න හිතේ අැති වුනත් යටපත් කර ගන්න උත්සහ කරනවා. මේ යුවලනම් ප්රශ්ණම මතු වෙලා. සහකරුගේ පැනයට සහකාරියත් පැනයකින්ම පිළිතුරු දෙනවා. ඔයා වගේම මමත් පතන්නේ මගේම විතරක් වුන කෙනෙක් බව අගවමින්. සමහර විට මේ පැන දෙදෙනගේ හැගීම් විතරක්ම වෙන්න පුළුවන්, වචනයෙන් අහපු පැන නොවෙන්නත් පුළුවන්. *මුදු මුහුණේ සුව දැනුනේ පිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද... * සහකරු හරිම සරල පැනයකින් පටන් ගන්නවා ඔයා සියුමැලි මුහුන සිපගෙන තියෙන්නේ මම විතරයි නේද? සහකාරිය දෙනවා ඒකට පැනයක් ඔයා සිපගෙන තියෙන්නෙත් මාව විතරයි නේද? ඒ උණුසුම දැනිලා තියෙන්නේ මට විතරයි නේද? *පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද උර තලයේ හිස රන්දා සුව වින්දේ මන් විතරද... * මේ පද පෙලෙන් වැටහෙනවා මේ පැන විමසීම වෙන්න සහකාරියගේ උකුලේ හිස් තියාන ඉන්න ගමන් විමසනවා කියලා. ඔයාගේ උකුලේ මේ විදහට හිස හොවාන ඉදලා තියෙන්නේ මම විතරයිනේද? සහකාරියත් අහනවා පැණයක් ඔයාගේ උරහිසේ හිස් තියාගෙන, ඔයාට මේතරම් ළං වෙලා සිටියේ මම විතරයිනේද? *ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ලඳුනේ මන් විතරද ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද... * මේ පද හතර නිසයි මම හිතුවේ මේක මධු සමයෙන් පසු වෙන සංවාදයක් කියලා. ඉන වට අැදි ඔසරියක රැලි සිද්නේනේ මංගල දිනය නිසානේ. ඉගනෙරියේ රැලී සැදුවේ මම හිතන්නේ දෙවනි මංගල දිනයට සූදානාම් වන ගමන් අහන්නේ මේ පැනය. කෙසේ නමුත් හරිම සංවරව අහලා තියේ නේද? දැන් කාලේ සිංදුවක් මේ පැන ටික අහන විදිය හිතා ගන්න පුළුවන්නේ. දෙදෙනාම තම සිතේ වූ බලාපොරොත්තුව මේ විදියට ප්‍රශ්න කරනවා කියලා තමා මගේ අදහස. මේ පැහැදිලි කිරීමට මාත් එකගයි ,,සුහද ප්‍රශ්න කර ගැනීමක් සඳුනිVeteran MemberPosts:2462 24 Oct 2016 11:07 AM තේරුමක් තියේ වචන ටික අහලා බන්නකෝ දිනයක වැටහේවී........... hasithadSuper Senior MemberPosts:5795 24 Oct 2016 10:18 AM අද සින්දු වල මොන අර්ථයක්ද....ගෝෂාවක් එක්ක වචන ගොඩක්. sha733Super Senior MemberPosts:7332 24 Oct 2016 09:51 AM Posted By සඳුනි on 23 Oct 2016 01:25 PM මේ අදහසම නැවත් වැහි පබළු සැලී සිංදුව මිහිදුම් වසන්තේ සිතක් දැනේවී.. සිංදුව මේවයේ තේරුම හිතලා තියෙද නැහැනේ ඔයාම කියන්න බලන්න සඳුනිVeteran MemberPosts:2462 23 Oct 2016 01:25 PM මේ අදහසම නැවත් වැහි පබළු සැලී සිංදුව මිහිදුම් වසන්තේ සිතක් දැනේවී.. සිංදුව මේවයේ තේරුම හිතලා තියෙද දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 23 Oct 2016 01:18 PM marama lassanayi neda niyamayi me wage therumak thiyena geethayak ada liyanawada මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 23 Oct 2016 01:16 PM උපුටා ගැනීමක්......... ගීතය සැමවිටම රසිකයාට ගෙන එන්නේ අප කවුරුත් එක හෙලා නොදකින ඔබේම ජීවිතවල නොදුටු පැතිකඩයන්ය. නමුත් එම ගීත රස විඳින කල, ගීතයේ ඇත්තේ කුමන අරුතක් දැයි අප කී දෙනෙකු අවධාරණයෙන් අසා ඇත්ද? එම ගීතවල අරුත ඉතා අවධාරණයෙන් සොයා බලන කල, එහි ඇත්තේ කෙතරම් ගැඹුරක්දැයි ඔබටම වැටහේ. කරුණාරත්න දිවුල්ගනේ සමඟ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගායනා කරන “මුදු මුහුණේ“ ගීතය ඒ අයුරින් කන වැකුණු අරුත්බර ගීතයකි. අසම්මත පෙමක නොපෙනෙන පැතිකඩ පිළිබඳව කෙරෙන විග්රහයකි. මෙහි ඇත්තේ අසම්මත ලෙස හමු වූ තරුණයෙක් හා තරුණියක් අතර ඇති වන කතාබහකි. දිනක් හදිසියේම අහම්බයෙන් හමුවන තරුණ යුවලකි. ගීතයේ පැවසෙන අන්දමට තරුණිය පුර අඟනක් යැයි කිව හැකිය. තරුණයා මේ හමු වූ තරුණිය සමඟ අසම්මත පෙමක පැටලී ඇත. ඇය පෙනුමින් නෙත් සිත් ඇද ගන්නා රුවක් ඇත්තියකි. මනා රූ සපුවක් හා ආකර්ෂනීය වතකට හිමිකම් කියන ඇය කෙරේ නොඑන්නේ කෙළෙසද? දෙදෙනා පෙමින් වෙලී සිටින අතරතුර තරුණයා තම හඬ අවදි කරයි. ඔහුගේ සිතේ ඇය කෙරේ ඇතිව ඇති ආලය තාවකාලික පෙමක් සඳහාම නොවීය. මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ළඳුනේ මට විතරද? ඔහු ඇගෙන් විමසනුයේ මෙවන් පෙමක් ඇති වූයේ ඔහු සමඟ පමණක්ද යන වගය. මෙවන් ළඳක් නිසැකවම අන් සතු බව ඔහු නොදන්නවා නොවේ. ඊට පිළිතුරු ලෙස තරුණියද තම හඬ අවදි කරන්නට විය. ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද? ඇයද ඔහු කවර අයෙකුදැයි දනී. ඇය කෙරෙහි පැමිණියා නම් ඔහු තව කිහිප දෙනෙකු කෙරෙහි ගොස් ඇති බවට ඈ අනුමාන කරන්නීය. විවිධ අයුරින් දෙදෙනා අතර ඇති වන්නේ එම කරුණ පිළිබඳම කෙරෙන විමසුමකි. පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මම විතරද? උර තලයේ හිස රන්දා සුව වින්දේ මම විතරද? ඉඟ නෙරියේ රැළි බින්දේ ප්‍රිය ළඳුනේ මම විතරද? ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද? දෙදෙනාටම සීමා මායිම් නොමැත. තරුණියට ඔහු තවත් එක් පිරිමියෙකු පමණි. තරුණයාටද ඇය තවත් එක් ගැහැණියක පමණි. එම සමාජයේ ස්වභාවය මෙයයි. පෙමක් ලෙස පෙනුනද ඇත්තේ බැඳීම්වලින් තොර අසම්මත පෙමකි. මෙම ගීතය සරල වදන් පෙලක් වටා ගෙතුනද සැඟවී ඇති අරුත සමාජය විවර කර පෙන්වයි. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 23 Oct 2016 12:59 PM මුදු මුහුණේ සුව දැනුනේ මුදු මුහුණේ සුව දැනුනේ පිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද... පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද උර තලයේ හිස රන්දා සුව වින්දේ මන් විතරද... ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ලඳුනේ මන් විතරද ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද... මගේ අදහස නම් මේ සිංදුවේ තිබෙන් ප්‍රශ්න වැල මධු සමය ගත කිරීමෙන් පසු අලුත් යුවලක් අතර අැති වෙන සංවාදයක් කියලා. මේකේ වචන නම් හරිම සාමාන්‍යයයි නේද? නමුත් හරිම උපක්‍රම සීලී ප්‍රශ්ණ කිරීමක්. සෘජුව අහලා ලස්සන දවසේ සිත් රිද්ද ගන්නේ නැතුව අවශ්‍ය දේ වක්‍රව අහනවා. මට නම් හිතෙන්නේ හරිම සුන්දරයි. මුහුණට කිව්වත් මට අැගේ හෝ ඔහුගේ අතීතය වැඩක් නැහැ වර්ථමානයත් අනාගතයයි පමනයි වැදගත් කියලා. සෑම කෙනෙක්ගෙම හිත පතන්නේ නොයිදුල් සහකරුවෙක් හෝ සහකාරියක්. ගොඩක් දෙනා මේ ප්‍රශ්න හිතේ අැති වුනත් යටපත් කර ගන්න උත්සහ කරනවා. මේ යුවලනම් ප්රශ්ණම මතු වෙලා. සහකරුගේ පැනයට සහකාරියත් පැනයකින්ම පිළිතුරු දෙනවා. ඔයා වගේම මමත් පතන්නේ මගේම විතරක් වුන කෙනෙක් බව අගවමින්. සමහර විට මේ පැන දෙදෙනගේ හැගීම් විතරක්ම වෙන්න පුළුවන්, වචනයෙන් අහපු පැන නොවෙන්නත් පුළුවන්. *මුදු මුහුණේ සුව දැනුනේ පිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද... * සහකරු හරිම සරල පැනයකින් පටන් ගන්නවා ඔයා සියුමැලි මුහුන සිපගෙන තියෙන්නේ මම විතරයි නේද? සහකාරිය දෙනවා ඒකට පැනයක් ඔයා සිපගෙන තියෙන්නෙත් මාව විතරයි නේද? ඒ උණුසුම දැනිලා තියෙන්නේ මට විතරයි නේද? *පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද උර තලයේ හිස රන්දා සුව වින්දේ මන් විතරද... * මේ පද පෙලෙන් වැටහෙනවා මේ පැන විමසීම වෙන්න සහකාරියගේ උකුලේ හිස් තියාන ඉන්න ගමන් විමසනවා කියලා. ඔයාගේ උකුලේ මේ විදහට හිස හොවාන ඉදලා තියෙන්නේ මම විතරයිනේද? සහකාරියත් අහනවා පැණයක් ඔයාගේ උරහිසේ හිස් තියාගෙන, ඔයාට මේතරම් ළං වෙලා සිටියේ මම විතරයිනේද? *ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ලඳුනේ මන් විතරද ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද... * මේ පද හතර නිසයි මම හිතුවේ මේක මධු සමයෙන් පසු වෙන සංවාදයක් කියලා. ඉන වට අැදි ඔසරියක රැලි සිද්නේනේ මංගල දිනය නිසානේ. ඉගනෙරියේ රැලී සැදුවේ මම හිතන්නේ දෙවනි මංගල දිනයට සූදානාම් වන ගමන් අහන්නේ මේ පැනය. කෙසේ නමුත් හරිම සංවරව අහලා තියේ නේද? දැන් කාලේ සිංදුවක් මේ පැන ටික අහන විදිය හිතා ගන්න පුළුවන්නේ. දෙදෙනාම තම සිතේ වූ බලාපොරොත්තුව මේ විදියට ප්‍රශ්න කරනවා කියලා තමා මගේ අදහස. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 23 Oct 2016 08:38 AM කවුද මෙක වැඩිහිටියන්ට පමනයි කිව්වේ. කවුද දැන් මේකේ පොඩිහිටියෝ. බොහොම වැදගත් විදියට කරන ප්‍රශ්න කිරීමක් විතරයි. තව ටිකකින් තේරුම දාන්නම්කෝ. පොඩිහිටියන්ටත් කියවන්න පුළුවන් වෙන්න දිනයක වැටහේවී........... hasithadSuper Senior MemberPosts:5795 23 Oct 2016 08:15 AM පොඩි ලමයින්ට හොද නෑ ඕවා.......සිංදුව ඇහැව්වට වැඩි විස්තර ඕනෙ නෑ. sha733Super Senior MemberPosts:7332 23 Oct 2016 07:19 AM ඇත්තටම මේකට උත්තර දෙන්න බැහැ. වැඩිහිටියන්ට පමණයි indika76Most Senior MemberPosts:10449 23 Oct 2016 07:09 AM මේ පාර නම් මාර සිංදුවක් දාලා තියෙන්නේ ... බිරිඳක් හා සැමියෙක් අතර ගැටුමක්... තේරුම වැඩිහිටියන්ට පමණයි... isurusamSuper Senior MemberPosts:7342 23 Oct 2016 05:55 AM දෙන්නගෙන් කවුරු හරි තේරුම කියන්නකෝ ......... DanuLiyanageVeteran MemberPosts:3457 23 Oct 2016 02:29 AM නැහැ ඔයා අපට වඩා ලස්සනට කියනවා එකයි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 23 Oct 2016 02:20 AM ඔයා කියන්නකෝ මුලින් දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 23 Oct 2016 01:53 AM wow mama asama sinduwak oyama theruma kiyanna sanduni මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 22 Oct 2016 05:31 PM 07.මුදු මුහුණේ මුදු මුහුණේ සුව දැනුනේ පිය ලඳුනේ මට විතරද ඔබෙ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද... පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මන් විතරද උර තලයේ හිස රන්දා සුව වින්දේ මන් විතරද... ඉඟ නෙරියේ රැළි බින්දේ පිය ලඳුනේ මන් විතරද ඉඟ නෙරියේ රැළි සැදුවේ හිමි සඳුනේ මගෙ විතරද... ---------------------------------------------------------------------------------------------------------- පද රචනය -මහින්ද දිසානායක සංගීතය -ගුණදාස කපුගේ ගායනය -දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ දිනයක වැටහේවී........... hasithadSuper Senior MemberPosts:5795 22 Oct 2016 10:08 AM මමත් කැමතිම ගීතයක්. DanuLiyanageVeteran MemberPosts:3457 22 Oct 2016 01:02 AM මේ තියෙන්නේ හරියටම විස්තරේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න indika76Most Senior MemberPosts:10449 21 Oct 2016 09:53 PM පිය ගුණ ගීත අඩු නමුත් නිර්මාණය වූ පිය ගුණ ගීත ඉතා සුන්දරාත්මකයි.. මෙයත් එවැනි ගීතයක්.. ස්තූතියි සදුනි නංගී.. සඳුනිVeteran MemberPosts:2462 18 Oct 2016 10:20 PM රුක් අත්තන මල මුදුනේ සින්දුව සිනමා සිත්තමක් වගේ අපූරු රූප පෙලක් අපේ හිතේ මවනවා. මේ සින්දුව ගැන අපේ විචාරකයින්ගෙ කියවීම මදි කියලත් මට දැනෙනව. පොඩි දරුවන්ට මේක පිය සෙනෙහස ගැන කියාදෙන සින්දුවක් උනාට වැඩිහිටියන්ට මේක වෙනත් ආරක සින්දුවක් වෙනවා. හවසට පාර දිහා බලාගෙන, දරුවත් උකුලෙ රඳවගෙන, මේ අම්ම වචනවලට පෙරලන්නෙ දරුවගේ උවමනාව නෙමේ කියල හොඳින් පද කියෙව්වොත් වැටහේවි. මේ බිරිඳගේ, සතුටින් පොපියමින් නටන හිත අපුරුවට පද වලින් සිත්තමක් වගේ මවල තියනව.ඒකට හරියන්නම සංගීතයත් අපුරුවට සපයල තියනව. රුක් අත්තන මලේ සුවඳ විහිදෙන්නෙ හවසට.ඈතක ගිහින් හිටිය බඹරු ඔන්න දැන් මල වටා රඟ දෙනවා.මේ රුක්අත්තන මල තමන් නම්, අර ඈතින් ඔහු එන්නෙ මලේ සුවඳ හොයාගෙන නේද කියල ඇයට හිතෙනව. පලවෙනි අන්තරා කොටසින් අපූරු සැඟවුන කතාවක් කියනව. "මුතු පිනි දැල් සැලෙන උදේ - උදා දිමුතු හිරු එළියේ" කියල මෙයා වර්ණනා කරන්නෙ බොහොම ප්‍රබෝධමත් උදෑසනක් ගැන.මේ උදෑසන මෙහෙම ප්‍රබෝධයෙන් තියෙන්නෙ කලින් රාත්‍රිය සතුටින් ගෙවුන හින්ද.ඒ සතුට තමන්ට විතරක් නෙමේ ඔහුටත් ඒ වගේම දැනෙනව.ඒක නිසා තමයි නින්දෙ ඉන්න දරුව ඇහැරවන්නෙ නැතුවම මොනවද මුමුනල හාදුවක් දිල පිටවෙන්නෙ. පතොක් කියන්නෙ වතුර ගොඩක් රඳවගත්ත ශුෂ්ක තැන්වල උනත් හැදෙන රළු ශාකයක්.මේ පවුලෙ අග හිඟකම් තමයි ඒ පද වලින් කියල තියෙන්නෙ.හැබැයි දවස අවසානයෙ ස්වාමියගෙ දර්ශනය මේ ඔක්කොම දේවල් අමතක කරනව.හරියට සිසිල ගෙනෙන හඳ වගේ. ආදරය,සෙනෙහස කියල කියන්නෙ නැතිබැරිකම් එක්ක සමාන්තර ගමනකට එකතු නොවන දෙයක් බව අල්ගම මහත්තය කියල තියනව. අපේ රටේ සදාකාලික නිර්මාණ අතලොස්ස අතරෙ මේ සින්දුවත් හැමදාම තියේවි. උපුටා ගැනීමක්. මම කිව්දේ වැරදිලානේ. මට හිතුනේ නෑ මේ කතාව. ඒකත් හරි වගේ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 18 Oct 2016 10:14 PM රුක් අත්තන මල මුදුනේ රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ. සැදෑ අදුර පියමන් කර කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ මුතු පින් දැල් සැලෙන උදේ උදා දිමුතු හිරු ඒළියේ පුතු සවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... පතොක් වැටිය උඩින් අැදී දියවුරු මිය යන මොහොතේ පුරා සරක් සේ අැතින් කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... ගායනය- විශාරද නන්දා මාලනී. පද රචනය-මහින්ද අල්ගම. මේ සිංදුව නම් හරිම අාදරණියයි. පවුලේ බර කරට ගෙන පවුල වෙනුවෙන් වෙහෙසෙන පිය තුමාණාන්ගේ අාදරය ගැනයි ලියවී තියෙන්නේ. රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ. සැදෑ අදුර පියමන් කර කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ *පුතුනේ දැන් හවස් වෙලා. තාත්තා රැකියාව නිම වෙලා ගෙදර ඒන මෙහෙතත් ළං වෙලා. බලන්න ඉර අවරට යන මොහොතේ රුක් අත්තන මල් පිපිලා සුවද හමනවා. ඒ සුවදට බඹරු රොක් වෙලා. සැන්දෑ අදුර වැටේන කලින් තාත්තා ඒවී. පුතා මග බලනවා දෙනෙත් විදහාලා තාත්තා අෑතින් ඒනවද කියලා. මම දන්නවා ඒ පුංචී නෙත දෙක හෙයන්නේ පියාණන්ගේ රූපය.* මේ සිංදුවේ රුක් අත්තන මල යොදා ගන්න හේතුවක් තියෙනවා කියලා මම හිතනවා. රුක්අත්තන මල් පිපෙන්නේ හවසට ඒකෙන් පියාණන් හවසට ගෙදර ඒන බව පෙන්නුම් කරණවා ඒ වගේම. රුක් අත්තන මලක සුවද දැනෙන්නේ ළගට නෙමෙයි දුරට. අපිට පියතුමෙක්ගේ අාදරය දැනෙන්නෙත් ඒහෙම. අම්මා ජීවිතයට හුගාක් ළං වෙද්දී පියාණන්ගෙන් ලැබෙන්නේ නිහඩ අාදරයක්. අන්න ඒ සැගවුනු නමුත් මව් සෙනෙහසට නොදෙවෙනී ඒ අාදරය ගැන පැහැදිළි කරන්න රුක් අත්තන මල යොදා ගන්න අැති කියලා මම හිතනවා. මේ මෑනියන් පියාගේ ප්‍රමාදයෙන් දුක් වෙන දරුවට පියාගේ අාදරේ තරම කියා දෙන බවයි මට දැනෙන්නේ. මුතු පින් දැල් සැලෙන උදේ උදා දිමුතු හිරු ඒළියේ පුතු සවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී ඒන්නේ * උදා හිරු ඒළිය පොළවට වැටීගෙන ඒද්දී. මිහිදුමත් පින්නත් වියැකෙන්නට පෙර පියතුමන් නිවසින් පිට වන්නේ අපේ ජීවිකාව සරිකරන්නටයි. පුතේ පියානන් උදෙන්ම ඔයා අවදි වෙනවට අකමැත්ත නිසාම රහසින්ම කියලා යන්නේ ඉක්මණින්ම ඔයාව දැක ගන්න ඒනවා කියලා. ඒහෙම පිටමන් වූ පිය තුමා දවසම අපි වෙනුවෙන් දහඩිය මහන්සිය හෙලලා සැදෑ අදුරත් සමග නිවසට ගොඩ වදින්නේ. හරිම විඩාවෙන්. තාත්තා අාදරේ නෑ කියලා හිතන්න ඒපා. ඔබ හා සුරතල් නොවුනට.* *පුතු සවනට රහස් කියා* මේ කොටස නිසා මට හිතෙනවා .පියා පිටවන්නේ පුතා අවදි වෙන්නත් කලින් කියලා. පුතු අවදී වේවී කියලා රහසේම නිදා සිටන දරුවා ලගට ගොස් සිපගෙන අාරය දක්වා පිටවී යන බවයි. මේ සිදු වීම හැමදාම දකින අම්මා පුතාට කියන්නෝ පියා නිතර ළගින් නොසිටියත්, අාදරයෙන් හුරතල් නොකළත් අාදරේ නෑ යැයි සිතන්න ඒපා. ඔබ පිබිදන්නත් කලින් පිට වන්නේ අප වෙනුවෙන් මුදල් උපයන්න. අපගේ ජීවිතය සැපවත් කරන්න කියලා. පතොක් වැටිය උඩින් අැදී දියවුරු මිය යන මොහොතේ පුරා සරක් සේ අැතින් කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ *බොහොම වෙහෙස වී සිටින පියානන් හිරු අවරට යන වෙලාවෙහී ඒ අදුර මකාලන පුන් සද ඒළිනක් මෙන් අෑතින් පියතුමා ඒවදැයි බලන්න පුතේ. ඔහු තමා අපේ ජීවිතයේ අාලෝකය.* පතොක් ශාකය යොදා ගන්නටත් හේතුවක් තියේ කියලා මම හිතනවා. පතොක් කියන්නේ හරිම ශුෂ්ක ශාකයක්. මේකෙන් අදහස් කරන්නේ පියානන්ගේ ජීවිතයේ කටුක බව. පවුලේ නැතිබැරි කම්. සියලු වේදනා විදින පියාගේ අාදරය වටහා ගන්න කියලා මෑණියන් දරුවාට කියා සිටිනවා. මේ මගේ අදහස දරුවන්ට නොදැනෙන පියාගේ නිහඩ අාදරය. කියන්න බලන්න ඔයාලගේ අදහස්. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 16 Oct 2016 06:23 AM Posted By indika76 on 15 Oct 2016 11:12 PM Posted By සඳුනි on 15 Oct 2016 01:47 AM රුක් අත්තන මල මුනේ බඹරු නටන හැන්දෑවේ. සැදෑ අදුර පියමන් කර කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ මුතු පින් දැල් සැලෙන උදේ උදා දිමුතු හිරු ඒළියේ පුතු සවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... පතොක් වැටිය උඩින් අැදී දියවුරු මිය යන මොහොතේ පුරා සරක් සේ අැතින් කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... දවසේ මෙහෙය නිමාකර විඩාබරව නිවසට පිය මනින අප්පච්චි පිළිබඳව කියවෙන ඉතා සුන්දර ගීතයක්... මෙය දුටුවිට මගේ අප්පච්චි සිහිවුනා.. අපි පොඩි කාලේ ඔහු එනකන් අපි මග බලා ඉන්නවා... මේ සිංදුව ලස්සන රෑපයක් මැවෙනවා නේද.. මම හරිම අාසයි මේ සිංදුවට.. දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 16 Oct 2016 04:32 AM දැන් නම් කොහොමත් කෙල්ලෙක් නිසා මැරෙන්නේ නැහ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න indika76Most Senior MemberPosts:10449 15 Oct 2016 11:12 PM Posted By සඳුනි on 15 Oct 2016 01:47 AM රුක් අත්තන මල මුනේ බඹරු නටන හැන්දෑවේ. සැදෑ අදුර පියමන් කර කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ මුතු පින් දැල් සැලෙන උදේ උදා දිමුතු හිරු ඒළියේ පුතු සවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... පතොක් වැටිය උඩින් අැදී දියවුරු මිය යන මොහොතේ පුරා සරක් සේ අැතින් කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... දවසේ මෙහෙය නිමාකර විඩාබරව නිවසට පිය මනින අප්පච්චි පිළිබඳව කියවෙන ඉතා සුන්දර ගීතයක්... මෙය දුටුවිට මගේ අප්පච්චි සිහිවුනා.. අපි පොඩි කාලේ ඔහු එනකන් අපි මග බලා ඉන්නවා... සඳුනිVeteran MemberPosts:2462 15 Oct 2016 04:16 PM අෑ ඒ කාලේ ලව් ඒක බොක්කටම වැදිලා වගේ. දැන් මැරෙන්න ඒපා ඉතිං. හී දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 04:00 PM උඹ ලැබුනෙ නැත්නම් මැරෙනවා. පන්තියේ යාලුවො උඹ කොහේද අහනවා. තව තියෙනව මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 15 Oct 2016 03:51 PM අන්න හරී. මට වඩා හොද ඒකකෙක් නෑ වරෙන් කියන්න. යන්න ප්‍රේම සවාරී අපොයී.... දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2016 03:15 PM Posted By සඳුනි on 14 Oct 2016 06:21 AM මම හිතන්නේ නෑ දැන් කාලේ මේ සිංදුවලින් අාදරේ ප්‍රකාශ කරලා හරි යයි කියලා. රසවින්දනය බිංදුවයි. මේවා හරියන්නෑ. ටිං බෙලෙක්ක සිංදුවක් කියන්න. මොන වගේ එකක්ද මාව දාල යන්න එපා මාව මැරෙයි, මාව මරලා දාල ඔයා ගියා. ඔයා ගිහින් ඌ හොඳ නැත්නම් මගේ ගාවට අයෙ වරෙන්. එහෙම නැත්නම් උඹට කෙලවෙයන් ඔකනේ කියන්න ඔන මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 15 Oct 2016 01:47 AM 06.රුක් අත්තන රුක් අත්තන මල මුනේ බඹරු නටන හැන්දෑවේ. සැදෑ අදුර පියමන් කර කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ මුතු පින් දැල් සැලෙන උදේ උදා දිමුතු හිරු ඒළියේ පුතු සවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... පතොක් වැටිය උඩින් අැදී දියවුරු මිය යන මොහොතේ පුරා සරක් සේ අැතින් කවුරුද ඒන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ඒන්නේ රුක් අත්තන මල මුදුනේ... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 14 Oct 2016 06:21 AM මම හිතන්නේ නෑ දැන් කාලේ මේ සිංදුවලින් අාදරේ ප්‍රකාශ කරලා හරි යයි කියලා. රසවින්දනය බිංදුවයි. මේවා හරියන්නෑ. ටිං බෙලෙක්ක සිංදුවක් කියන්න. දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 14 Oct 2016 05:13 AM ඔයාගේ තේරුම හරි වගේ. මමත් කෙල්ලෙක් හම්බ උනහම මේක කියන්නම් . එතකොට සෙරෙප්පු පාරක් කාවිද දන්නේ නැහැ, මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 07:51 PM සැම සිතුවිල්ලක ඔබ පැටලී සැම සිතුවිල්ලක ඔබ පැටලී පැතුමන් පුබුදන්නේ සෙනෙහේ නාමෙන් කුළුදුල් ලිපියෙන් ඔබ මේ අමතන්නේ.....// කිසි දා නොසිදෙන සයුරැලි සේ සැමදා පායන හිරු විලසේ ඔබට මා අාදරෙයි කියා හඩකා කියන්නට වරම් නැති ලියමී පෙම් අාරාදනා. කරමී පෙම් අායාචනා. සිහිනේ රැදෙනා මල් කැකුළී. මුදවා සිහිනේ මායාවෙන් දැනුනා නම් මට සෙනේ බවක් ලියලා අමතන්න වාසනා ඔබටයි මේ අාරාධනා. ඔබටයි මේ අායාචනා. මේ ගීතය පිළිබදව නම් අර්ථ දැක්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම සරල වචන පෙළක් භාවිතා කරලා නිර්මාණය කරලා තියෙන්නේ. මේ සිංදුවෙන් කියවෙනවා අැත්තේ තමාගේ සිතේ සිටින අාදරවන්තියට අාදරය ප්‍රකාශ කිරීමේ අරුමුණින්, වචනයෙන් කියා ගන්නට ධෙෙරියක් නැති දේ හසුනක අකුරු කිරීම පිළිබදවයි. සිතේ සිර වුන සුන්දර ඒකපාර්ශික අාදර හැගීමක්. සැම සිතුවිල්ලක ඔබ පැටලී පැතුමන් පුබුදන්නේ සෙනෙහේ නාමෙන් කුළුදුල් ලිපියෙන් ඔබ මේ අමතන්නේ.....// * මා සිත තුළ ඉන්නේ ඔබ පමනයී. කුමක් කරන්නට ගියත් මුලින්ම සිහිවන්නේ ඔබ පමනයි. මම පතන ඒකම අාදරයද ඔබගේ අාදරය පමනයි. ඒ අාදරේ කෙතරම්ද කියා ඔබ දන්නේ නෑ. මම ඔබට කියලත් නෑ. ඔබගේ දෑස් ඉදිරිපිටදී කියා ගන්න බැරී මගේ අාදරේ , මගේ ජීවිතේ මුල්ම වතාවට ලියන අාදර හසුනින් ඔබට කියන්නයි මම උත්සහා කරන්නේ.* සිතෙහි තෙරපෙන, තවමත් ඒකපාර්ශික අාදරය ඔහු කුළුදුල් හසුනේ ලියනවා. කිසි දා නොසිදෙන සයුරැලි සේ සැමදා පායන හිරු විලසේ ඔබට මා අාදරෙයි කියා හඩගා කියන්නට වරම් නැති ලියමී පෙම් අාරාදනා. කරමී පෙම් අායාචනා. * මට කියා ගන්න බෑ මගේ අාදරය මෙතෙකයි කියලා. මගේ අාදරය හරියට කවදාවත් නොසිදෙන මහ මුහුද වගේ කවදාත් මගේ හිතෙන් විකිලා යන්නේ නැහැ. මගේ අාදරේ හරියට හැමදාම නොවරදාම පායන හිරු වගේ, හිරු පායන ඒක නවතින්නේ ලෝකේ විනාශ වු දාක. මගේ අාදරයත් වියකෙන්නේ මම මැරෙන දාක. මගේ ලෝකෙටම අැහෙන්න කෑගහලා කියන්න මට ඔනේ. ඒත් මට ඒකට හයියක් නෑ. ඔබගේ හිතේ මම ඉන්නවද කියන්න මම දන්නේ නෑ, ඔබගේ ලෝකයේ වෙන කෙනෙක් ඉන්නවද කියන්නත් මම දන්නේ නෑ. ඒ නිසා මම නිහඩව ලිපියකින් ඔබට මගේ අාදරය කියන්නම්. මගේ ජීවිතය වෙන්න කියලා ඉල්ලන්නම්.* ඔහු හසුනේ ලියනවා හිතේ තියෙන අාදරේ තරම කිසිදා නොසිදෙන සාගරයි, සැමදා පායන හිරු යි නිදසුනට අරන්.මේ පද ටිකෙන් තේරෙන්නේ තවමත් මේ අදරේ ඒකපාර්ශිකයි. ඔහු දන්නේ නෑ අැයගේ හිත ගැන මොකුත්ම. සිහිනේ රැදෙනා මල් කැකුළී. මුදවා සිහිනේ මායාවෙන් දැනුනා නම් මට සෙනේ බවක් ලියලා අමතන්න වාසනා ඔබටයි මේ අාරාධනා. ඔබටයි මේ අායාචනා. * මටත් හොරා මගේ ඒකම සිහිනය ඔබ වුනා. සැමදා පන්නේ ඔබ පමණයි. මා ඒ සිහිනයෙන් මුදවාලා මගේ ජීවිතේට අැතුල් වෙන්න. ඒ සිනය හැබෑ කරන්න. හසුන කියවලා මා හා අමනාප වෙන්න ඒපා. මම කියන්නේ මගේ අදහස පමනයි. ඔබ අකමැති නම් ඒ බව මට කියන්න. නමුත්ඔබේ හිතේ කොනක හරි මම ඉන්නවා නම් , ඒ ගැන තව වරක් හිතන්න. ඔබේ අදහස් මට ලියලා ඒවන්න. මම බලා ඉන්නවා ඔබ මට අාදරෙයි කියා හසුනක් ඒවන තුරු. ඒ ලිපිය තමා මගේ ජීවිතය ඒළිය කරන්න වාසනාවන්ත කරන්න පුළුවන් ඒකම දේ. මම ඔබගෙන් ඉල්ලනවා මට අාදරය කරන්න. මගේ ජීවතයට අැතුල් වෙන්න.* අන්තිම වශයෙන් ලියනවා. මේ ලිපියට මට පිළිතුරු ලිපියක් අවශ්‍යයි ඒය ලැබෙන තුරු මග බලාඉන්න බව. හරිම ප්‍රේමනීය ගීතයක්. කෙල්ලෙක්ගෙන් අාදරේ ඉල්ලන්න කියපු සිංදුව. මට හැගෙන විදිය කිව්වා. අදහස් දෙන්නකෝ බලන්න. දිනයක වැටහේවී........... isurusamSuper Senior MemberPosts:7342 13 Oct 2016 01:18 PM ගොඩක් ලස්සනයි සඳුනි........... DanuLiyanageVeteran MemberPosts:3457 13 Oct 2016 10:24 AM mama maarama asayi me sinduwata naga කිසි දා නොසිදෙන සයුරැලි සේ සැමදා පායන හිරු විලසේ ඔබට මා අාදරෙයි කියා හඩකා කියන්නට වරම් නැති menna me tikatayi godak asa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 10:00 AM 05.සැම සිතුවිල්ලක සැම සිතුවිල්ලක ඔබ පැටලී පැතුමන් පුබුදන්නේ සෙනෙහේ නාමෙන් කුළුදුල් ලිපියෙන් ඔබ මේ අමතන්නේ.....// කිසි දා නොසිදෙන සයුරැලි සේ සැමදා පායන හිරු විලසේ ඔබට මා අාදරෙයි කියා හඩගා කියන්නට වරම් නැති ලියමී පෙම් අාරාදනා. කරමී පෙම් අායාචනා. සිහිනේ රැදෙනා මල් කැකුළී. මුදවා සිහිනේ මායාවෙන් දැනුනා නම් මට සෙනේ බවක් ලියලා අමතන්න වාසනා ඔබටයි මේ අාරාධනා. ඔබටයි මේ අායාචනා. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 07:53 AM අපොයි අදහස් ඒමටයි. මම පුළුවන් තරම් කෙටියෙන් දාන්නේ. කියවන්න ඒපා වෙයි කියලා. මට කෙටියෙන් ලියන ඒක තමා අමාරුම. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 06:54 AM Posted By සඳුනි on 13 Oct 2016 05:00 AM අැයි ශා අයියේ ඒහෙම කිව්වේ. අනේ මංදා ඉතිං මම හිතන විදිය කිව්වේ හිතන විදිය කිවුවට ඒක පත්තරේ දිග ඇරිය වගේ ලොකුයිනේ ඔච්චර අදහස් තියෙනවද සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 05:04 AM තව සිංදුවක් දාන්නකෝ කෙනෙක් මේකට. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 05:02 AM Posted By DanuLiyanage on 13 Oct 2016 12:21 AM මට නම් දැන් හිතෙන්නේ ඔයාගේ තෙරුම ගොඩාක්ම ගැලපෙනවා කියලා. මොනව උනත් ලස්සන තේරුමක් පඩි වදනක් හොයා ගන්න නෑනේ ධනු අයියා මේකට. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 05:00 AM අැයි ශා අයියේ ඒහෙම කිව්වේ. අනේ මංදා ඉතිං මම හිතන විදිය කිව්වේ දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 04:10 AM සදනි නිකං මලලසේකර ශබ්දකෝෂය වගේනේ උත්තර දෙන්නේ DanuLiyanageVeteran MemberPosts:3457 13 Oct 2016 12:21 AM මට නම් දැන් හිතෙන්නේ ඔයාගේ තෙරුම ගොඩාක්ම ගැලපෙනවා කියලා. මොනව උනත් ලස්සන තේරුමක් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 03:48 PM අනේ මන්දා. හැමෝම ඒක වගේ වුනා නම් , වැඩක් නෑනේ නේද? දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 12 Oct 2016 02:36 PM එහෙම තමා නගෝ හැමෝම එක විදිය නෙමේ නේ ... සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 02:21 PM අැයි අප්පා මට විතරක් මේවා වෙනස් විදියට හිතෙන්නේ. මේ සිංදුවේ ගායන, ගී පද රචනය කල අය දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ටික දානවද මම දන්නේ නෑ දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 02:18 PM මේ නිහඬ බව බිදින්න මේ නිහඬ බව බිදින්න තව මොනවා හරි කියන්න ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න.. ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ..// ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.. මේ නිහඬ බව බිදින්න... දැන් ලගයි හිරු නැගෙන්න තව වරක් මා සිබින්න ..// මට ආදරේ ඇයි.. එක වරක් කියන්න.. මේ සිංදුව ගැන මට නම් හිතෙන්නේ ඒක රැයක් මුදලට ගත් අභිසරුලියක් නැත්තම් තමන්ට අයිති නැති කෙනෙක් (වෙනත් කෙනෙක්ගේ බිරිදක්) ඒක්ක ගත කරන රාත්‍රියකදී අැති වුන හැගීම සිංදුවට නගලා කියලා. මේක මගේ අදහස විතරයි. මම අහලා තියෙන්නෙත් ඒහෙම. මිනිස් ස්වභාය නම් අැය හෝ ඔහු, කවුරු වුවත් අකමැත්තෙන් තොරව වරදේ බැදෙනවා නම්, ඔවුන්ගේ ඒක් වීමෙන් පසු ඔහු හෝ අැය පිළිබද අාදරයක් අැතැයි සිතීමයි. ඒ නිසාවෙන් මට හිතෙනවා ඒක නිසා මේ සිංදුව ඒ කරුන පෙරදැරී කරන් ලියවිලා කියලා. මේ නිහඬ බව බිදින්න තව මොනවා හරි කියන්න ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න.. * කාලය ගෙවි ගියත් අප අතර අැත්තේ දැඩී නිහඩ බවක්,ඒ අප දෙදෙනා නාදුනන නිසා විය හැකී. මා ඔබව මුලින්ම දැක්කෙත් අද. නමුත් මගේ හිතට ඔබ අැතුල් වෙලා. මම හිතන්නේ මම ඔබට අාදරය කරනවා. අපි දෙන්නා වෙන් වෙන්නත් වෙලා අසන්නයි. තව පැය කිහිපයෙන් ඔබ මගේ අැසුරෙන් අෑත් වේවී. යලි කිසිදා මුන නොගැසේවී. ඒ නිසා ඒ සුළු මොහොතේ වත් ඔබගේ අාදර වදන් වලින් මා සනසන්න. මට ඔබේ දෑසින් අාදර දැනෙනවා. ලස්සන හිනාක් මගේ දිහා බලන්න.* මට නම් හිතනේ මොහු රාගයයි අාදරයි පටලගෙන. අැගේ නෙතේ හඩේ තියෙන්නේ අාදරය කියලා ඔහු විශ්වාස කරනවා කියලා. ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ..// ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.. *ඔබ මගේ කර ගන්න මට බෑ . මගේ කියන්නත් බෑ. ඔබ මට පමනක් අයිති නෑ. තව කී දෙනෙක් නම් ඔබ ඔවුන්ගේ යැයි හිතවද කියන්න වත් මම දන්නේ නැහැ. ඔබ මගේ කර ගන්න ඔනේ කියලා මට දුක් වෙන්න බැරී ඒ නිසයි. ඒ ඔබ නිසිදා ඒක් අයෙකුට අයිති වෙන්නේ නැති නිසා.* මේ පද හතරෙන් මම කිව් දෙය තවත් සනාත වෙනවා කියලා මම හිතනවා. ඔහුට අාදරේ නැති හිමි නැති කෙනෙකුගෙන් අාදරය ඉල්ලන බව පැහැදිලී. දැන් ලගයි හිරු නැගෙන්න තව වරක් මා සිබින්න ..// මට ආදරේ යැයි.. එක වරක් වත් කියන්න.. *හිරු පායලා ඔබ අලුත් දිනයක් උදා වෙන්නත් ළගයි. කිසි දා මුන නොගැසෙන්නට ඔබ මගෙන් වෙන් වී යාවී. ඒ වෙන්වීම කලින් තව ඒක වතාවක් සිප ගන්න. මා ඔබට අාදරේ කරන නිසා ඒකම ඒක වතාවක් වත් මට අාදරෙයි කියන්න. අඩුම තරමින් අන්තිම වතාවට ඒකම ඒක වතාවක් ඔබේ අාදරය මට ප්‍රකාශ කරන්න.* අැයගෙන් ඒකම ඒක වතාවක් අාදරෙයි කියලා අහගන්න උත්සහ කරනවා. *ඒක වරක් වත් කියන්න* මේ පදය නිසා මට හිතුනා මේ දෙන්නා කාලයක් තිස්සේ අාදරය කරන අාදරවන්තයෝ නෙමෙයි කියලා. මට හිතුන විදිය නම් හරිද මන්දා. ඔයාලගේ අදහසත් කියන්න බලන්න. දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 12:20 PM වරද නිවැරදි කරලා ඔයා හිතන තේරුම කියන්න. කාගෙත් අදහස් තමා ඔන මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 11:12 AM Posted By indika76 on 12 Oct 2016 06:36 AM දැන් ලගයි තරු නැගෙන්න තව වරක් මා සිබින්න මේ කොටසට මම ගොඩක් ආසයි.. තරු නැගෙන්න ලගයි කියන්නේ රාත්‍රිය එළඹෙන්න ආසන්නයි. ඒ කියන්නේ වෙන්වෙන්න කාලය පැමිණිලා. අවසන් වතාවට සිඹින්න කියලයි පෙම්වතා ඉල්ලන්නේ... මට වැරදීමක් වෙලා. තරු නෙමේ හිරු.. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 11:09 AM හත් දෙයියනේ මට හිතුන දේට අහලින් වත් ගිහින් නෑනේ. මම අහලා තියෙන්නෙත් ඔයාල හිතන තේරුම නෙමේනේ. මට නම් මම දන්න තේරුම නම් දාන්න බෑ ඔයාල හිතන තාලේ පිලි අරන් නිකන් ඉන්නවා. දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 12 Oct 2016 07:16 AM Posted By සඳුනි on 11 Oct 2016 07:27 PM මේ නිහඬ බව බිදින්න තව මොනවා හරි කියන්න ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න.. ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ..// ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.. මේ නිහඬ බව බිදින්න... දැන් ලගයි තරු නැගෙන්න තව වරක් මා සිබින්න ..// මට ආදරේ ඇයි.. එක වරක් කියන්න.. මාත් කැමතිම සින්දුවක් ..මන් හිතන්නේ රාත්‍රී යාමයේදී විතරක්,පමණක් මුණගැහෙන පෙම්වතුන් දෙදෙනකුගේන පෙම්වතා ගේ දොඩමලු ආදරණිය සිතුවිලි මේ සිංදුවකට නැගිලා තියෙන්නේ ...මේ සින්දුවේ හැම පෙලියකටම් වගේ මන් කැමති DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 07:02 AM ඒටිකත් ලස්සනයි තමා ඉන්දික අයියේ. ගොඩක් සින්දු වලත් ඔය තෙරුමම තියෙනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න indika76Most Senior MemberPosts:10449 12 Oct 2016 06:36 AM දැන් ලගයි තරු නැගෙන්න තව වරක් මා සිබින්න මේ කොටසට මම ගොඩක් ආසයි.. තරු නැගෙන්න ලගයි කියන්නේ රාත්‍රිය එළඹෙන්න ආසන්නයි. ඒ කියන්නේ වෙන්වෙන්න කාලය පැමිණිලා. අවසන් වතාවට සිඹින්න කියලයි පෙම්වතා ඉල්ලන්නේ... DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 06:12 AM ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ..// ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.. මෙ ටික නම් ලස්සනයි නේද මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 07:27 PM 04.මේ නිහඬ බව මේ නිහඬ බව බිදින්න තව මොනවා හරි කියන්න ඔය නෙත් අගින් සිනාසී මා දිහා දැන් බලන්න.. ඔබ මගේමයි කියන්න මට අයිති නැත සිතන්න ..// ඔබ පතා තැවෙන්න මට සුසුම් නෑ හෙලන්න.. මේ නිහඬ බව බිදින්න... දැන් ලගයි හිරු නැගෙන්න තව වරක් මා සිබින්න ..// මට ආදරේ ඇයි.. එක වරක් වත් කියන්න.. මේ නිහඬ බව බිදින්න... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 07:26 PM මම හිතුවේ කට්ටිය දාලා ඉවරයි කියලා. අපොයී දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 11 Oct 2016 07:25 AM අනිත් අයට උත්තර දෙන්න තියා කටක් අරින්නවත් ඉඩක් නැහැ නොවැ. සදුනි පොතක් වගේ විස්තරයක් දාල තියෙන්නේ සඳුනිVeteran MemberPosts:2462 10 Oct 2016 11:28 PM Posted By DanuLiyanage on 10 Oct 2016 01:46 PM ඒක නිසා ස්තීරවම තේරුමක් කියල වාද කරන්න බැහැ කමක් නෑ පොඩ්ඩක් වාද කරමු අනේ. හේතු පැහැදිලි කරන්න පුළුවන්නේ තමන් ඒහෙම හිතන්නේ අැයි කියලා. අපි නොහිතන දේවලුත් දැන ගන්න ලැබේනවනේ. දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 10 Oct 2016 08:13 PM Posted By indika76 on 09 Oct 2016 05:05 AM මම ආසම ගීතයක්.. මෙයින් කියවෙන්නේ පියා හැර දමා වෙනත් තරුණයෙක් සමග ගිය දියණියක් පිළිබඳව.. එම පියාගේ වේදනාව මෙන්ම දියණියට හොද නරක මෙම පද වැල් වලින් කියා දීලා තියෙනවා.. ඒ වගේම දියණියට නැවත එන්න කියලත් කියනවා.. මාත් කියන්න හිතුවේ මේ ටිකමයි ..දයාබර අප්පච්චි කෙනෙකුගේ සංවේදී අවස්ථාවක් . DanuLiyanageVeteran MemberPosts:3457 10 Oct 2016 01:46 PM ඒක නිසා ස්තීරවම තේරුමක් කියල වාද කරන්න බැහැ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 10 Oct 2016 01:29 PM අනිවාර්යෙන් ධනූ අයියා දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 10 Oct 2016 12:06 PM මම දවසකුත් කිව්වා මතකද එක සින්දුවකට බොහො දෙනා පල කරන අදහස් මතයන් තේරුම් වෙනස්. හරිම තේරුම දන්නේ සින්දුව ලියපු කෙනා විතරයි, සමහර විට ඔහුගේ ජීවිතේ අත්දැකීමක් විය හැකි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 10 Oct 2016 10:33 AM ඇතැම් සමාජයක දියණියකගේ උපත සෞභාග්‍යයකි. තවත් සමාජයක එය අභාග්‍යයකි. අපේ සමාජය මේ දෙකට ම අයිති නැත. අපගේ සමාජය දරු උපත සෞභාග්‍යයක් සේ සලකති. කෘෂි අර්ථ ක්රමයක පිරිමි දරුවකුගේ උපත පවුලට විශාල ශක්තියක් වුව ද ඕනෑම පවුල් පරිසරයකට දියණියකගේ ළතෙත් සෞම්‍ය වූ නිවසේ රාජකාරිය අවැසි ම ය. එය වඩාත් සහය වන්නේ මවට වුවත් එහි වුවමනාව වඩාත් දැනෙනුයේ පියාට ය. විඩාබර වූ පියාට අවැසි වන්නේ වතුර කෝප්පයක් පමණක් නම් එය ඕනෑම කෙනකුගෙන් මඟ තොට දී වුව ලබාගත හැකි ය. එහෙත් දියණියගේ මියුරු තෙපුල්, අත්පා පිරිමැදුම් කෙළිලොල් සිනා ආදී ස්ත්‍රිත්වයේ ආවේණික මෘදු බව විඩාබර ගතට අමා වත් දිය බිඳ පරදා නැඟී සිටින්නේ ය. අපගේ ප්‍රවීණ ගේය කාව්‍ය රචක රත්නශි‍්‍ර විජේසිංහයන් ගාල්ලේ ජනපි‍්‍රය පාසලක අධ්‍යාපනය ලබමින් සිටින යුගයකි. ඒ හැත්තෑව දශකය යි. ගමේ සිට පාසලට සැතපුම් විස්සක පමණ දුර ය. ගම ඉතා පිටිසර ය. ගමනාගමනය ද දුෂ්කර ය. රත්නශ්‍රී ගාල්ලේ නේවාසික පදිංචියේ සිට අධ්‍යාපනය කරන්නේ ය. සති අන්තයේ ගමට පැමිණෙන්නේ ය. මේ එන අතර මඟ ඔහු වුව වැස්සකට පාහේ ගොඩ වදින වඩු මඩුවකි. ඉදිරියෙන් වඩු මඩුව වුවත් මැදි වියේ වඩු රාළ හා ඔහුගේ තරුණ දියණිය ජීවත් වන්නේ ද ඉදිරිපස වඩු මඩුව සහිත මේ නිවසේ ම ය. රත්න ශ්‍රී බොහෝ දිනවල පාන්දර පාරේ ගමන් කරන විට මේ වඩු රාළ කියතක්, බුරුමයක් ගෙන ලී වැඩ ය. ඇතැම් විට මිටියත් නියනත් ගෙන ලීයක ලියවැල් මවන්නේ ය. තරුණ දියණිය පසෙක ඉරටු ගෙවී ගිය ඉදලෙන් මිදුලේ රටා අඳින්නී ය. මේ සොඳුරු දසුන රත්න ශි‍්‍ර බොහෝ දිනවල දකින්නේ ය. පියා වෙහෙසෙන්නේ මවත් අහිමි දියණිය වෙනුවෙනි. දියණිය වෙහෙසෙන්නේ පියා වෙනුවෙනි. එහෙත් එක්තරා දිනෙක මේ වඩු රාළ අඳුරු වූ මලානික මුහුණින් යුතු ව රත්නශි‍්‍ර සමඟ පවසන්නේ සිය දියණිය නගරයේ රස්තියාදුකාර තරුණයකු හා නොකියාම යන්න ගොස් ඇති බව ය. වඩු මඩුවේ වඩු රාළ ඇතත් දැන් එය පාළු වී ඇත. බත් වේල ගැන තේ වතුර ගැන ඔහුට ගානක් නැත. තමා හැර යාමට දියණියට වූ අඩු පාඩුව කුමක් ද? “චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ... මේ වඩු කාර්මික පියාගේ දුක් අඳෙීනාවත් ඔහු දෑසින් දියකර හැරිය දැඩි බවේ අසාර්ථක භාවයත් රත්න ශි‍්‍ර විජේසිංහයන්ගේ සිතෙහි බොහෝ කාලයක් ලැගුම් ගෙන තිබුණි. ගීතය ලියැවෙන්නේ අසූව දශකයේ මැද භාගයේ ය. අපගේ චිරන්තන සාහිත්‍යයේ පවා බහුල ලෙස දැකිය හැකි වන්නේ දරු සෙනෙහස සමඟ මවගේ සම්බන්ධතාවය යි. දරුවන් වෙනුවෙන් හඬන පියවරුන් පිළිබඳ කවි හෝ කතා සුලබ නැත. සැබෑ ලෝකයේ කෙසේ වෙතත් දරු සෙනෙහස වඩාත් සමීප වන්නේ මවට ය. රත්නශ්‍රීට වෙස්සන්තර ජාතක කාව්‍යය සිහිපත් වේ. “සඳ සේ ලප විලසේ දවසක් වෙන් නූවෙම්මා එපසේ බුදු කෙනෙකුන් මෙන් රැකි දැයි නිතියෙන් මා සොඳ සේ අප දන් දුන්නෙත් වැදුමෙන් වද අම්මා අප සේ පිය රජුනි දනට නො දෙන්න අපෙ අම්මා” වෙසතුරු නිරිඳා සිය පුතු හා දියණිය ද දන් දෙන්නේ ය. වඩු රාළ සිය දියණිය ගිය සොවින් හඬන්නේ ය. දරුවන්ගේ හා මවගේ බැඳීම වෙස්සන්තර කාව්‍යකරුවා දකින්නේ “සඳ සේ ලප විලසේ” ය. එය අවියෝජනීය සම්බන්ධයකි. එහෙත් මේ දියණියට මව් සෙනෙහසටත් පිය සෙනෙහසටත් දෙකට ම සිටියේ පියා පමණි. වෙස්සන්තර ජාතක කාව්‍ය රචනා කළේ ගැමි කවියකු යැයි සැලකේ. එහෙත් ඔහු සඳෙහි ලප දකින්නේ ය. විද්‍යාව එය දකින්නේ ආවාට ලෙසිනි. එහෙත් ගැමියා දකින්නේ සඳෙහි සාවෙකි. රත්න ශ්‍රී හු වෙනස්ම ආකාරයේ ගැමියකු වෙති. ඔහු මේ වඩු රාළගේ සඳ මඬලේ දකින්නේ සාවියකි. ඔහු මුල් වරට සාහිත්‍යයේ සඳ සාවා ගේ ලිංග විපර්යාසයක් සිදු කරන්නේ ය. “ලාබ රත්තරං දිළිසෙන පාලු වීදියේ ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ” රත්න ශි‍්‍ර විජේසිංහයන් නිතර ම සිය නිර්මාණකරණයේ දී තමන්ගේ අත්දැකීම පෝෂණය කරගන්නේ දෙස් විදෙස් අග්‍රගණ්‍ය සාහිත්යාංගයන්ගෙනි. මේ වඩු රාළගේ දුක් අඳෙීනා සමඟ ඔහු රුසියානු මහා සාහිත්‍යකරු ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ “තානායම්කරුවා” නම් කෙටි කතාවේ කථානායකයා වන දුන්යාගේ පියා හා සමපාත කරන්නේ ය. තානායම්කරුවකු වන ඒ මහලු පියා ගේ තානායම වෙත වරක් පැමිණෙන නගරයේ ජේත්තුකාර තරුණ සිටුවරයකු තානායම්කරුගේ රූමත් දියණිය වන දුන්යා රවටාගෙන නගරයට පැන යන්නේ ය. මහලු පියා නගරය වෙත දුෂ්කර වූ ගමනක් යන්නේ දියණිය දැක ගැනීමට යි. එහෙත් ඔහුට දියණිය දැක ගැනීමටවත් ලැබෙන්නේ නැත. ජේත්තුකාර සිටුවරයා ජනේලයෙන් සල්ලි මිටියක් විසි කරන්නේ ය. පියාට ඉන් පලක් නැත. ඔහු එයට අත තබන්නේ වත් නැත. ඔහු කල්පනා කරයි. “නගරවල ඉඳල එන ජේත්තුකාරයන්ට රැවටිලා පැනල ගිය ඉතිහාසයේ එකම කෙල්ල දුන්යා වෙන්න බෑ. ඉදිරියේ දීත් කෙල්ලො පැනල යාවි. ඒගොල්ල අද සේද ඇන්දට හෙට එයාලට පාර අතුගාන්න වෙනව. රත්න ශි‍්‍ර සිහි කරන්නේ ඒ පුවතයි. වඩු රාළගේ දියණිය දුන්යාගේ පරපුරේ ය. “උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ” ඕනෑම සභ්‍ය සමාජයක පියකුට තම දියණියන් පිළිබඳ ඇති විශාල ම බලාපොරොත්තු දෙක කැයි හැඟේ. ඉන් සමාජයට හොඳින් විදහා දැක්වෙන්න නම් දියණියන් ලොකු මහත් කර හොඳින් අධ්‍යාපනය ලබාදීම, රැකියාව ගේ දොර වැඩ ආදිය යි. අනෙක් සැඟවුණ බලාපොරොත්තුව නම් නම්බුකාර ලෙස චාරිත්‍රානුකූලව පොරුව මත හිඳුවා ඇය යුග දිවියට එලඹීමයි. දියණිවරුන්ගේ හැදියාව පිළිබඳ සීමා වැට කඩුලු දැමෙන්නේ මේ බලාපොරොත්තු මුදුන්පත් කරගැනීමට ය. දිනෙක පිවිතුරු චරිතවත් ශීලාචාර දියණිය පෝරුව මත හිඳ බුලත් හුරුලු දී පියාට වැඳ කුලගෙට වදින අයුරු විඳීමට මේ වඩු කාර්මික මහතා ද බලා සිටියා විය හැකි ය . එහෙත් දියණිය ඊට ඉක්මන් වූවා වැඩි ය. ඈ යන්න ගියේ නොකියා ම ය. පියාට ඒ බව හඟවන පෙර නිමිති තිබෙන්නට ඇත. රෝසමල් යහන් පිළිබඳ ඈ මැවූ සිහින පියාට සන්නිවේදනය කිරීමට මව සිටියේ නැත. මාල ගිරවුන්ගේ ගීතය දියණියට මිස පියාට ඇසුණේ නැත. “මාල බැඳන් සුදු යකඩෙන් රෝසමල් වනේ මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ” වඩු මඩුව ඉදිරියෙන් ගිය පාපැදි මෝටර් බයිසිකල් පිළිබඳ වඩු රාළට ඒ තරම් නිනව්වක් නැත. ඒ වායේ නළා හඬ සංඥා කළේ කාටදැයි එදා තේරුණේ නැත. සුදු යකඩ මාල මුදු පැලඳි ඉලන්දාරින්ට වඩු මඩුව ඉදිරියේ පාර තහනම් නැත. දියණියට මිදුල ද තහනම් නැත. වඩු රාළට වඩු මඩුවේ ඕනතරම් වැඩ ඇත. දියණියට මාල වළලු තනා දිය යුතුය. සුදු යකඩෙන් නොව රත්තරනින් ය. එහෙත් ඊට පෙර දියණිය සුදු යකඩ මාලයකට පෙම් බැන්දා ය. “හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ” රත්තරං දුවේ රනින් සැරසිය යුතු උඹේ කරට සුදු යකඩ මාලා ගැළපෙන්නේ නැහැ. කවුරු එක්ක ගියත්, කොහේ හිටියත් වරෙන්, ඇවිත් යන්න නෙමෙයි නවතින්නම, මේ තාත්තා උඹට ඈත නෑ. වඩු මඩුවේ කොට බිත්තියක් මත වාඩි වී වඩු රාළ විවිධ දිශාවන්ට දිවෙන අතුරු මාර්ග බහුල පාර දෙස ඔහේ බලා සිටින අයුරු තවත් දිනෙක රත්නශ්‍රී ට දැකගන්නට ලැබුණි. බුද්ධික සමන් ගුණවර්ධන ....උපුටා ගැනීමක්.... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 10 Oct 2016 08:55 AM මට වෙන කියන්න දෙයක් නෑ. මේ සිංදුවට සේරගෙම අදහස් ඒකයි. මමත් හිතුවේ ඔහොම තමයි. ගොඩක් ස්තූතියි ඉන්දික අයියේ.... අලුත් සිංදුවක් දානවද කෙනෙක්. දිනයක වැටහේවී........... Ind007kaMost Senior MemberPosts:12931 09 Oct 2016 11:14 PM ඉතාම සන්වෙදි සින්දුවක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 09 Oct 2016 11:10 PM හිතට දැනෙන ලස්සණ ගීතයක්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 09 Oct 2016 09:14 PM චන්ද්‍ර මණ්ඩලේ සැතැපුනු පුංචි සාවියේ.... පුංචි කාලෙ ඉඳන් මම උඹව හැදුවෙ වැඩුවෙ දුකක් දැනෙන්නට ඉඩ හැරල නොවෙයි. අපි දුප්පත්, ඔවු අපි ගොඩක් දුප්පත්, ඒත් එහෙමයි කියල මම උඹට කිසිම දවසක දැනෙන අඩුවක් කරලා නෑ මගෙ දුවේ. මම නොකා නොබී හිටපු වාර අනන්තයි, වැඩ කරාම දැනෙන මහන්සිය සමහර දවසට මම නිවාගන්නේ බනිස් ගෙඩියක් කාල තේ උගුරක් බීලා. මට එහෙම ඉන්න පුලුවන් උනේ ඇත්තටම උඹ නිසයි දුවේ. උඹ අහින්සකයි, හරිම අහින්සකයි. හරියට සඳ මඩලේ හැන්ගිච්ච සාවියක් වගේ. මම උඹට සැලකූ තරමටම උඹත් මට ලෙන්ගතු වුනා. මගේ හිත කවමදාවත් රිදෙව්වේ නෑ. මට උඹ ගැන ලොකු විශ්වාසයක් තිබුනා. ඇයි කියපන් මට කියන්නෙවත් නැතුව යන්නට ගියේ කියල. මට ඒක දැනගන්න අයිතියක් තියනව,ඇයි මගේ ආදරේ මදි උනාද? නැත්නම් හැමදාම ලැබිච්ච ඒ ආදරය දැන් ඇතියි කියල හිතුනද? උඹ ගියයින් පස්සෙ මට දැනෙන පාලුව කියා නිම කරන්න බෑ. හරියට ගෙදර පහන නිවිලා වගේ. මගේ පුංචි කෙල්ලේ කියාපන් ඇයි උඹ මට නොකියාම ගියේ. උඹ වගේම ඉස්සරත් ගමේ කෙල්ලා කීපදෙනෙක්ම මේ විදියට යන්න ගියා. උන් සිදාදියට ගියෙ කාසි හොයාගන්න. උන්ට උදවු කරන්නත් කොල්ලො හිටියා. එත් උන්ට හරි පාර හොයගන්න හම්බවුනේ නෑ මගෙ කෙල්ලෙ. උන් ජීවිතේම නැති නාස්ති කර ගත්ත. අන්න එක නිසා මට උඹ ගැන හරිම බයයි. මොනව උනත් උඹ ගොඩක් අහින්සකයි. උඹෙ අහින්සක කමෙන් උන් ප්‍රයෝජන ගනීවි. ඇහැට කනට පේන ගෑනු ළමයෙක් ඉන්නකොට ඉලන්දාරි බැල්ම දාන එක සාමාන්‍ය දෙයක්නෙ. ඔය මාල දමාගත්තු ඉලන්දාරි ලැයිම ඉස්සරහ කැරකෙනකොටවත් මට උඹ ගැන සැකයක් ඇති උනේ නෑ. මොකද මෙගේ සඳ සාවි මට පිටුපාන්නේ නැතිබව මම දැනගෙන හිටියා. එත් උන් පුදුම විදියට උඹේ හිත පැහැරගෙන ඩැහැගෙන යන්න ගිහින්. රෝස මල් වනයක් මවා පාල උන් උඹව රවට්ටලා. දැන් ඉතින් උනදේ උනා, එත් උඹ ආයෙ ගමට එනකම් මම බලාගෙන ඉන්නවා. ගෙදර වරෙන් දුවේ, මට උඹව වැඩිනෑ. උඹ වැඩි දුරක් ගිහින් නැතිබව මට විශ්වාසයි. ඉක්මනටම ගෙදර වරෙන් දුවේ පරක්කුවැඩි නෑ ... ...උඹේ අප්පච්චී.. සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 09:26 AM මාත් අාසම අාස සිංදුවක්.......... දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 09 Oct 2016 05:05 AM මම ආසම ගීතයක්.. මෙයින් කියවෙන්නේ පියා හැර දමා වෙනත් තරුණයෙක් සමග ගිය දියණියක් පිළිබඳව.. එම පියාගේ වේදනාව මෙන්ම දියණියට හොද නරක මෙම පද වැල් වලින් කියා දීලා තියෙනවා.. ඒ වගේම දියණියට නැවත එන්න කියලත් කියනවා.. සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 03:10 AM 03.චන්ද්‍ර මණ්ඩලේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ මන්ද නුඹ ගියේ කියාපන් පුංචි සාවියේ ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය - සුනිල් එදිරිසිංහ දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 02:16 AM අනිවාර්යෙන් ප්රවීණයන්ගේ අදහස් දාන ඒක හුගක් වැදගත්. අපි හිතන දේ තහවුරු කර ගන්න පුළුන්නේ.. ස්තූතියි පොඩ්ඩී අක්කේ. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 09 Oct 2016 12:17 AM අපේ හිතට කථා කර ඒවට මේ වගේ ප්රවීයන්ගේ අදහසුත් එකතු කරන එක හොදයි DanuLiyanageVeteran MemberPosts:3457 09 Oct 2016 12:15 AM milton ge sinduwata nam mama godak asayi මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 11:17 PM පොඩ්ඩිගෙනුත් වටිනා ලිපියක්.. තුන්කොන් ප්‍රේමය ගැන ලියවුන ගීත සමූහයක්.. ගීතයක වගේම ගොඩක් චිත්‍රපටවලත් තුන්වැන්නෙක් ඉන්නවා.. "ඒක් පූල් දෝ මාලී" එවැනි ජනප්‍රිය හින්දි චිත්‍රපටයක්... PoddiVeteran MemberPosts:2100 08 Oct 2016 11:10 PM balu balmatama penawa yuwathiyan dedenekuta eka tharunayek pem badina bawa.... ... me wisthareth kiyawala balannako,, e haa samana thawath geetha godak thiyenawa ආදරයේ ගණිත ගැටලුව සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක හිටියා නෙත් හතරක පහස ලබා මම මේ මුල්ලේ හිටියා ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි දෙදෙනාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා අපි තුන්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීතය හා ගායනය – දයාරත්න රණතුංග සිංහල ගීත සාහිත්‍යයේ අමරණීය නිර්මාණ පවතී. ඒවා අමරණීයත්වයට පත්වන්නේ ඒ තුළ ඇති අපූර්වත්වය නිසා ය. පිළුණු අනුභූතීන් වෙනුවට නැවුම් අනුභූතීන් සොයා ගිය ගේය පද රචකයන් නිසා මේ අපූර්වත්වය ගීත සාහිත්‍යයට එක්වී තිබේ. මීට වසර හතළිහකට පමණ පෙර බිහිවූ මේ නිර්මාණය ද අපූර්වත්වය සඳහා කදිම නිදසුනකි. පාසල් ප්‍රේමයක රැඳි බොළඳ බව කැටිකරගත් අපූර්ව ඉදිරිපත් කිරීමක් මෙහි අන්තර්ගත ය. මෙහි මුණගැසෙන යෞවනයාට අනංගයා මල් හී දෙකකින් සංග්‍රහ කොට තිබේ. යුවතියන් දෙදෙනෙකුගේ නේත්‍ර පූජාවට ඔහු හසුවෙයි. ඉන් ගැලවීමට ඔහුට අවශ්‍යතාවක් නොමැත. දෙදෙනා නිසා ම මේ යෞවනයා ආස්වාදයක් ලබයි. මේ තත්ත්වය අපූර්වතම රූපකයක් බවට රචකයා විසින් පත්කරනු ලබයි. ඔහුට සිහිවන්නේ පාසලේ ඉගෙනගත් ගණිත පාඩමකි. සමන් චන්ද්‍රනාත් වීරසිංහ දයාරත්න රණතුංග ”සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක හිටියා නෙත් හතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා රසිකයා තුළ සැබැවින් ම ත්‍රිකෝණයක සංකල්ප රූපයක් ජනිත කිරීමට රචකයා උත්සාහ කරයි. තිදෙනකු මුල් කරගත් ප්‍රේම ගැටලු වස්තු කරගත් තවත් අවස්ථා සිංහල ගීත සාහිත්‍යයේ වරින් වර හමුවෙයි. ”මට මෙන් ඔහුට ද කඳුල ඔබයි කඳුල ඔබයි හසරැල්ල ඔබයි (මිල්ටන් මල්ලවආරච්චි) එසේ ම ප්‍රණීත් අභයසුන්දරයන් ගේ පද රචනයක් සනත් නන්දසිරි ගායනා කර තිබුණේ ද, පෙම් ත්‍රිකෝණයක් සිහිගන්වමිනි. ”වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නෙ පළිගන්නෙ ඇයි ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගෙයි..” (මහාචාර්ය සනත් නන්දසිරි) මේ කිසිදු නිර්මාණයක අනුභූතිය ගැඹුරින් ස්පර්ශ නොකළ ද මේ සෑම ඉදිරිපත් කිරීමකම චමත්කාරයක් ගැබ් වී පවතී. මෙවැනි අනුභූතීන් පාසල් සමයේ අතිශයින් සුලබයි. එහෙත් බොහෝවිට දක්නට ලැබෙන්නේ යුවතියකට තරුණයන් දෙදෙනකුගේ ඇල්ම බැල්ම වැටෙන ආකාරයයි. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ යුවතියන් දෙදෙනෙකු ගේ දෑස් එක් තරුණයකු වෙත යොමු වී තිබීමයි. ”ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි දෙදෙනාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි...” මෙහි අනෙක් විශේෂත්වය වන්නේ මේ යුවතියන් දෙදෙනාටම ඔහු සමසේ ප්‍රේම කිරීමයි. එකියක හෝ අතහැර දැමීමට ඔහු තුළ ඇත්තේ ලෝභයකි. මෙහි අපූර්වත්වය වන්නේ ඔහු ආශා කරන ගණිත පාඩම තවදුරටත් මේ ඔස්සේ තහවුරු කරගැනීම නිසා ය. මේ සිද්ධියෙන් ඔහු දකින්නේ සමපාද ත්‍රිකෝණයකි. එම්.එස්.ප්‍රනාන්දුගේ පැරණි ගීයක් මට මේ මොහොතේ සිහිවෙයි. එහිදී රන්එතනා සහ කළුඑතනාට තරුණයකු මැදිවෙයි. ”රන් එතනා සිනාසුණොත් කළු එතනා කෝප වෙනව කළු එතනා සිනාසුණොත් රන් එතනා තරහ වෙනව“ (එම්.එස්.ප්‍රනාන්දු) දැන් අප තරුණයාට ද මූණදෙන්නට සිදුවී ඇත්තේ මේ හා සමාන අනුභූතියකටයි. දැන් ඔහුගේ ප්‍රේමය පුදදෙන්නේ කාටද? මේ ගැටලු ව දැන් වහා නිරාකරණය විය යුතුය. මේ ගීයේ මතුපිටින් දිවෙන හාත්ස්යජනක ආකෘතිය යටපත් කරමින් ඉතා හැඟීම්බර අවසානයක් කරා ක්‍රමයෙන් ළඟාවනු දැකිය හැකි ය. තරුණයාගේ මානුෂීය බව වඩාත් ම ගීතය අවසානයේ ඉස්මතු වෙයි. සාමාන්‍ය ජීවිතයේ දී සිදුවන්නේ, එකිනෙකාට නොදැනුවත්ව ම දෙදෙනා ම ඇසුරු කිරීමට අවස්ථාව සලසා ගැනීමයි. එහෙත් මේ තරුණයා තම හිතවතියන් දෙදෙනාට එබඳු අසාධාරණයක් සිදු නොකරයි. එකෙකුට ළං වුවහොත් අනෙකාගේ හිත රිදෙන බව ඔහු දනියි. ආදරයේ නාමයෙන් එබඳු හිතරිදවීමක් කිරීමට ඔහු පෙළඹෙන්නේ නැත. ඒ නිසාම ඔහු විශාල ආත්ම පරිත්‍යාගයක් කරයි. එනම් නිහඬව සිටීමයි. ඒ විසඳුම ද ගණිතමය විසඳුමක් වීම නිසා රසිකයා ලබන ආස්වාදය ප්‍රබල ය. ”සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා අපි තුන්මුල්ලට ම වෙලා ඉමු මුහුණට මුහුණ බලා” මේ තරුණයා බොළඳ ප්‍රේමය වුවද අවබීධයෙන් විඳින්නකු බව පැහැදිලි වෙයි. ත්‍රිකෝණයක් නම් සමච්ඡේදනය කොට දෙපසට සමබර ව බෙදා දැක්විය හැකිය. එහෙත් ආදරය බෙදා දිය නොහැකිය. බෙදිය හැකි වුණත් සම සම ව බෙදිය නොහැකි ය. මේ ආදරය ද එසේ බෙදන්නට හැකි ය. එහෙත් එය සමබර නොවන බව ඔහු දනී. තමා අසල නිතර ගැවසෙන එක පන්තියේ එකට ඉගෙනගන්නා මේ යුවතියන්ට එබඳු චපල ආදරයක් පිදීමට ඔහු සූදානම් නැත. ඒ නිසා හිතවත්කම් පළුදු කරගැනීම වෙනුවට මේ ආකාරයෙන්ම පැවැතීම වඩා යහපත් බව ඔහුගේ නිගමනයයි. ”අපි තුන් මුල්ලට ම වෙලා ඉමු මුහුණට මුහුණ බලා” නිර්මාණය ආරම්භයේ දක්නට ලැබුණු හාත්ස්‍ය රසය මැකී ගොස් ශෝකී රසයක් ගීය අවසානයේ දී ශ්රාවකයා අතර ඉතිරි වේ. දයාරත්න රණතුංගයන්ගේ ගී නිර්මාණ අතර මේ දුලබ අත්දැකීම් සහිත නිර්මාණ බහුල ය. “රූං පෙත්ත කැරකෙනවා”, ‘සඳ මා හා සිනාසුණා”, “චාරුලතා”, “මංගල මධු සමය පතා”, “ගී ලියන්න මට කීවේ”, ආදී නිර්මාණ ඉන් අතළෛාස්සකි. එසේම ශෘංගාරය මෙන්ම ශෝකය ද මුසු වූ අපූර්ව හඬක් ද ඔහු සතු විය. මේ බොහෝ ගීත අපට ඇසුණේ මීට දශක ගණනාවකට ඈත ය. අද ගීතය තාක්ෂණික වශයෙන් බොහෝ දියුණු වී තිබේ. එහෙත් සිංහල ගීතය ආත්මීය වශයෙන් තාක්ෂණයේ දියුණුව සමඟ ගමන් කර නොමැත. එයට එක් හේතුවක් වන්නේ සාහිත්‍ය ඥානය නොමැති ගේය පද රචකයන් නිර්මාණකරණයේ නිරතවීමයි. ධම්මික බණ්ඩාර (UPUTA GANIMAK) ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 10:49 PM සඳුනි නංගී ලියූ සියළුම දේ මගේ සිතේ තියෙන දේ වගේමයි.. මගේ මතයත් මේ ගීතය පෙම්වතියන් දෙදෙනෙකු සහ පෙම්වතෙකු අතර ගැටිමක් බවයි... ස්තූතියි නංගී... සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 06:24 PM මමත් අහලා නම් තියෙන්නේ මේක අම්මාටයි, බිරිදටයි මැදි වුන පුතෙක් ගැන කිවෙන කතාවක් කියලා. නමුත් මම ඒක පිළිගන්නේ නෑ. මේකේ කියෙන අාදරය අම්මාගේ අාදරේට සමාන කරන්න බෑ. මම හිතන්නේ මේක පාසල් තුන්කොන් ප්‍රේමයක් ගැන කිය වෙන්නේ. ප්‍රේමවන්තියන් දෙදෙනෙකුට මැදි වුන ප්රේමවන්තයෙක්ගේ සිතුවිල්ලක් . ”සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක හිටියා නෙත් හතරක පහස ලබා මම මේ මුල්ලේ සිටියා *අපි තුන්දෙනාගේ අාදරය හරියට සමකෝණී ත්‍රිකෝනයක් වගේ. මට ඒක්කෙනෙකුට ළං වන්නට බෑ.අනිත් කෙනාගේ සිත රිදෙන නිසා. දෙදෙනාගෙම අාදරය මට අාස්වාදයක් නිසා අෑතින් ඉදන් මම දෙන්නගෙම අාදරය විද ගන්නවා.* මේක පාසල් කාලයේදී හරිම සාමාන්‍යයයි. ඒ වගේම සුන්දරයි. අැත්තටම මේ ප්‍රේමවන්තයට දෙන්නම අත් අරින්නට හිතක් නෑ. සමකෝණී ත්‍රිකෝනය උපමාවට අරන් තියෙන්නේ ඒක වෙන්න ඔනේ. ඔහු දෙදෙන අාදර කැලුම් විදිමි සිතින් අාදරය විද ගන්නවා. *නෙත් හතරක පහස ලබා* මේ පදය නිසා. මේක අම්මාගේ අාදරය සමාන කරන්න බෑ. පහස කියන වචනයෙන් දැනෙන්නේ අම්මාගේ නෙතින් දකින්න පුළුවන් සෙනෙහෙ බර හැගීමට නෙමෙයි. සිතට දැනේන නැවුම් යොවුන් අාදර හැගීමක්. ”ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි දෙදෙනාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි...” *ඔබත් මගේ අාදරය පතනවා. අැයත් මගේ අාදරය පතනවා. ඔයාලා දෙන්නටම මමත් ඒක වගේ අාදරය කරනවා. අැත්තෙන්ම කිව්වොත් මට දෙන්නවම අතාරින්න ලෝභයි.* මේ හේතුව නිසා දෙදෙනාගේම සිත් නොරිද්දමින් දෙන්නටම ඒක සේ පෙම් කරනවා. *දෙදෙනාටම මාත් හිතයි* මෙන්න මේ පදය නිසා මට හිතෙනවා අම්මා මේ සිංදුවට අදාල කර ගන්න බෑ. දෙන්නටම හිතයි කියන්නේ මේ දෙන්නම ඒයාගේ ජීවිතේට ළං කර ගන්න හිතන් ඉන්න සිහින කුමරයන් විම මිස උපන්දා සිට ජීවිතය හා බැදුන අම්මා වෙන්න බැහැ. හිතයි කියන වචනයෙන් දැනෙන්නේ සෙනෙහසකට වඩා කැමැත්තක් ගැන . දරුවෙක් අම්මෙක් ගැන ඒහෙම කියන්න විදියක් නැහැ. ”සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා අපි තුන්මුල්ලට ම වෙලා ඉමු මුහුණට මුහුණ බලා” *මගේ අාදරේ මට බෙදලා දෙන්නට බැහැ. ඒහෙම බෙදන්න ගියෙත් ඔයාලා දෙන්නට දුකක් දැනේවී. ඒ නිසා මම ඒක්කෙනෙකුටවත් ළං වෙන්න උත්සහ කරන්නේ නෑ. අපි තුන්දෙනාම අෑතින් ඉදන් අාදරය කරමු.* අාදරය කියන දෙය බෙදන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒක්කෙනෙකුට ළං වුනොත් අනිත් කෙනාට රිදෙනවා. අැයට වැඩියෙන් අාදරය කරන බව හිතනවා. ඒක නිසා අවසානය ශෝකානු කූලයි. ඒක් අයෙකුයවත් ලං නොවන්න ඔහු තීරනය කරනවා.* දෙන්නට බෑ පෙම බෙදලා”* මෙන්න මේ පදයත් අම්මාට අදාල කර ගන්න බෑ. දරුවෙක් කවදාත් අම්මාගේ ජීවිතය හා බැදී ඉන්නවා. අාදරය බෙදීම චපල ක්‍රියාවක්. මම විස්වාස කරන්නේ නෑ දරුවෙක්ට අම්මාට අාදරය බෙදන්න හිතන්න වත් හැකී කියලා. පෙම කියව වචනය නිසා මව් සෙනහසක් ගැන කියවෙන බව හිතන්න අමාරු. ඒ වචනය අම්මාගේ අාදරයට බොළද වැඩී. මේ මගේ අදහස. අම්මගෙයි බිරිදගෙයි කතාව විශ්වාස කරන්න අමාරුයි. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 02:27 PM Posted By indika76 on 08 Oct 2016 07:10 AM Posted By සඳුනි on 08 Oct 2016 05:41 AM සිංදුවක් ලියන්න තමන්ගේ අත්දැකීමක් හේතු නොවෙන්න පුළුවන් නේද? එහෙම වෙන්න පුළුවන්.. ඒ වගේම රචකයා ලියූ ගීතයන්හි වෙනත් අර්ථයන් ඉස්මතුවෙන්න පුළුවන්... ඔව් ඔව්.. ඒක රචකයාගේ හැකියාව මත තමා තීරනය වෙන්නේ දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 02:16 PM කට්ටිය තර්ක කරනවා නියමයි. විවාදයක් වගේ. මම නම් කැමති මෙහෙම තමා. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 02:13 PM Posted By indika76 on 08 Oct 2016 07:22 AM සමකෝණී තිකෝණයකි යන ගීතයට අම්මා සම්බන්ධ කර ගන්න බෑ... නෙත් සතරක් කියන්නේ පෙම්වතියන් දෙදෙනෙක්.. ගීතයේ එක් තැනක තියෙනවා පෙම සමච්ඡේදනය කරන සිදුවීමක්.. ඒත් අම්මාට ආදරය කරනවා මිසක් පෙම් බදින්නේ නෑ.. අනෙක "නෙත් සතරක පහස" කියුවම පොඩි සරාගී ගතියක් එනවා.. ඒ නිසා අම්මා සම්බන්ධ කර ගන්න බෑ කියා මා හිතනවා... මමත් අහලා තියෙන්න අම්මා සම්බන්ද බව මේ සිංදුවට. මට මේ සිංදුවේ වචන වලින් හිතෙන්නම ඒක පිරිමි ළමෙක්ට අාදරේ කරන ගෑනූ ළමයි දෙන්නෙක් ගැන කිය වෙනවා කියලා. ඉන්දික අයියා කියන දේට මමත් ඒකගයි. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 02:10 PM Posted By Rosi on 08 Oct 2016 07:14 AM Posted By indika76 on 08 Oct 2016 12:30 AM ඉතාමත් නිවැරදි පැහැදිලි කිරිමක්.. ගොඩක් ස්තූතියි සඳුනි නංගී... ගීතයේ මේ පද වැල කෙරෙහි මෙයට පෙර මගේ අවධානය එතරම් යොමු වුනේ නෑ.. හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්ගයේ වීම එත් කවදාවත්ම එකතුවෙන්න බැරි,අවසර නැති පෙම්වතුන් දෙන්නෙක් ගැන ( සමලිංගික නොවන) ගැන වුවත් මේ විදියට හිතන්න පුළුවන් . සිංදුවේ රහස කවදාවත් ලියපු කෙනා අපිට කියන්නේ නෑනේ. අපිට කැමති විදියට හිතන්න නිදහස තියෙනවා. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 08 Oct 2016 10:11 AM Posted By indika76 on 08 Oct 2016 07:22 AM සමකෝණී තිකෝණයකි යන ගීතයට අම්මා සම්බන්ධ කර ගන්න බෑ... නෙත් සතරක් කියන්නේ පෙම්වතියන් දෙදෙනෙක්.. ගීතයේ එක් තැනක තියෙනවා පෙම සමච්ඡේදනය කරන සිදුවීමක්.. ඒත් අම්මාට ආදරය කරනවා මිසක් පෙම් බදින්නේ නෑ.. අනෙක "නෙත් සතරක පහස" කියුවම පොඩි සරාගී ගතියක් එනවා.. ඒ නිසා අම්මා සම්බන්ධ කර ගන්න බෑ කියා මා හිතනවා. මම හිතාගෙන හිටියෙත් මේ විදියට තමා නමුත්.කලින් කමෙන්ට් බැලුවාම මම හිතුව මම වැරදියි කියල hasithadSuper Senior MemberPosts:5795 08 Oct 2016 10:05 AM ඉන්දික අයියාගේ කතාව හරි. මේකට අම්මාගෙ ආදරය සම්බන්ද නෑ. indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 07:22 AM සමකෝණී තිකෝණයකි යන ගීතයට අම්මා සම්බන්ධ කර ගන්න බෑ... නෙත් සතරක් කියන්නේ පෙම්වතියන් දෙදෙනෙක්.. ගීතයේ එක් තැනක තියෙනවා පෙම සමච්ඡේදනය කරන සිදුවීමක්.. ඒත් අම්මාට ආදරය කරනවා මිසක් පෙම් බදින්නේ නෑ.. අනෙක "නෙත් සතරක පහස" කියුවම පොඩි සරාගී ගතියක් එනවා.. ඒ නිසා අම්මා සම්බන්ධ කර ගන්න බෑ කියා මා හිතනවා... RosiSuper Senior MemberPosts:5335 08 Oct 2016 07:16 AM Posted By සඳුනි on 07 Oct 2016 04:17 PM සමකෝණී ත්‍රිකෝණයකි සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක හිටියා නෙත් හතරක පහස ලබා මම මේ මුල්ලේ හිටියා ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි දෙදෙනාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා අපි තුන්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීතය හා ගායනය – දයාරත්න රණතුංග එක් හිතකට තව හිත් දෙකක් ගැන ඇති වුන සමාන ආදරයක් ,,ඒ නිසා පළමු කෙනාට වුන අසරණ කමක් ගැන කියන සින්දුවක් . RosiSuper Senior MemberPosts:5335 08 Oct 2016 07:14 AM Posted By indika76 on 08 Oct 2016 12:30 AM ඉතාමත් නිවැරදි පැහැදිලි කිරිමක්.. ගොඩක් ස්තූතියි සඳුනි නංගී... ගීතයේ මේ පද වැල කෙරෙහි මෙයට පෙර මගේ අවධානය එතරම් යොමු වුනේ නෑ.. හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්ගයේ වීම එත් කවදාවත්ම එකතුවෙන්න බැරි,අවසර නැති පෙම්වතුන් දෙන්නෙක් ගැන ( සමලිංගික නොවන) ගැන වුවත් මේ විදියට හිතන්න පුළුවන් . indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 07:10 AM Posted By සඳුනි on 08 Oct 2016 05:41 AM සිංදුවක් ලියන්න තමන්ගේ අත්දැකීමක් හේතු නොවෙන්න පුළුවන් නේද? එහෙම වෙන්න පුළුවන්.. ඒ වගේම රචකයා ලියූ ගීතයන්හි වෙනත් අර්ථයන් ඉස්මතුවෙන්න පුළුවන්... සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 05:54 AM Posted By gayya on 07 Oct 2016 09:25 PM Posted By සඳුනි on 07 Oct 2016 04:17 PM සමකෝණී ත්‍රිකෝණයකි සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක හිටියා නෙත් හතරක පහස ලබා මම මේ මුල්ලේ හිටියා ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි දෙදෙනාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා අපි තුන්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීතය හා ගායනය – දයාරත්න රණතුංග නැන්දම්මා ලේලිය අතර මැද මම.. හිතලා බලන්න ඔනේ මමත් හිතුවා මේම. නෙත් හතරක පහස ලබා මේ පදේ කොල්ලගේ අම්මද? අාදර හැගීමෙන් බලන බවක් මට තේරුනේ ඒකයි. ගුරු ඔයා මේක පැහැදිලි කරනවද? දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 05:45 AM Posted By indika76 on 08 Oct 2016 12:30 AM ඉතාමත් නිවැරදි පැහැදිලි කිරිමක්.. ගොඩක් ස්තූතියි සඳුනි නංගී... ගීතයේ මේ පද වැල කෙරෙහි මෙයට පෙර මගේ අවධානය එතරම් යොමු වුනේ නෑ.. හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්ගයේ වීම අන්න ඒ පදය නිසයි මමත් මේ කතාව පිලි ගත්තේ....... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 05:41 AM සිංදුවක් ලියන්න තමන්ගේ අත්දැකීමක් හේතු නොවෙන්න පුළුවන් නේද? දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 12:30 AM ඉතාමත් නිවැරදි පැහැදිලි කිරිමක්.. ගොඩක් ස්තූතියි සඳුනි නංගී... ගීතයේ මේ පද වැල කෙරෙහි මෙයට පෙර මගේ අවධානය එතරම් යොමු වුනේ නෑ.. හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්ගයේ වීම Ind007kaMost Senior MemberPosts:12931 07 Oct 2016 10:50 PM Posted By Rosi on 07 Oct 2016 07:59 PM Posted By සඳුනි on 07 Oct 2016 02:51 PM හැමෝම විශ්වාස කරන්නේ මේ සිංදුව අාසීමිත අාදය ගැන ලියවුන හරිම ප්‍රේමණීය සිංදුවක් කියලා. මමත් තේරුම් අරන් හිටියෙත් ඒහෙම තමයි. නමුත් අකමැත්තෙන් වුනත් අශෝක හඳගමයන් කියපු විස්තරය අැත්ත කියලා පිලි ගන්න වෙනවා. සිංදුවේ ගැබ් වෙලා තියෙන වචන ඒ බව ඔප්පු කරලා තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් මේ සිංදුවේ කිය වෙන්නේ ඒකපාර්ශික සමලිංගික ප්‍රේමයක් ගැන. ගහක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි නුඹට සිත බැදිනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි මේ පද හතර හරිම සාමාන්‍යයයි. නමුත් ඔබට සිත බැදුනේ කිමයි මා කියන කොටසේ ඉගියක් දීලා තියෙනවා. මොන තරම් අාදරේ වුනත් අසම්මතයක් නිසා හිතේ අාදරයක් අැති වීම වටහා ගන්නට බැරි බව. *කතරේ වැලි කැට හිරුට පෙම් බැද අැතත් ලෝ දහමින්* සාමාන්‍ය සිදුවීම පිරිමියෙක් අාදරය කරන්නේ ගැහැනියෙක්ට. මේ පදයෙන් ඒ සිද්දිය කියා පානවා. කන්තාරය ඒයට උරුම හිරු රශ්මියට අාදරය කර බව. *සොදුරු වැස්සට දැවෙන කතරක් අාදරෙයි පන මෙන්* සොදුරු වැස්සයි කාන්තාරයයි කියන්නේ නිතර ඒක් නොවන දෙන්නෙක්. ඒ වුනත් ඒ දෙදෙනටත් පණ වගේ අාදරේ කරන්න බැරි කමක් නැහැ . කිසි දා ඒක් විය නොහැකී කියා සම්මතක් නැති නිසා. කලාතුරකින් හරි කාන්තාරයකට වැසි වැටෙන්න පුළුවන්.මෙතනදි උත්තසහ කරන්නේ සම ලිංගික ප්‍රේමය සාධාරණීකරනය කරන්න. ලෝකයම විය නොහැකි කියන දේත් දිනයක විය හැකී කියලා. *ලොවට නොපෙවෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම් .......* මම ඔබට පෙම් කරන බව මේ ලොකේ කවුරුත්ම පිළිගන්න ඒකක් නැහැ. ඒ මගේ අාදරය අසම්මතයක් කියා ,කරන්නට ඒපා කියලා මගේ හිතට බලපෑම් කරන්න කාවත්ම අයිතියක් නැහැ.. *සදහටහට සෙනෙහේ පෑ මුත් උදුල තරැ කැටයම්.* සාමාන්‍ය සිදු වීම රෑ අහසට හිමි සදට තරු පෙම් කරන බවයි .ඒය සම්මතයට අනුව පිරිමියෙක් ගැහැණියනට අාදරය කරන බව හෝ ගැහැණිය පිරිමියට අාදරය කරන බවයි. හිරුට පෙම බැදි ඒකද තරුවක් සිටිය නොහැකිද යම්* හිරු දිවා අහසට අයිතියි, තරු රෑ අහසට අයිතියි. කිසිදා ඒකට මුන නොගැසෙන හිරු සදුට පෙම් කලත් හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්යේ වීම නිසා. මේ පදයෙන් හොදටම තහවුරු වෙනවා . මේ ප්‍රේමය සමලිංගිකයි කියන ඒක. අැය අැයට පෙම් කරන බව, ඔහු ඔහුට පෙම් කරන බව. නුඔබට නොහැගෙන් මගේ ප්‍රේමය ඒවගෙයි මනරම් පුදුම වෙයි නුඹනම් ඔබ තවමත් නොදන්නා මගේ ප්‍රේමය දැන ගත් දවසක ඔබ විශ්වාස කරන ඒකක් නැහැ.මාව ප්‍රතික්ෂේප කරාවී. ඒය කවදාවත් ඔබ නොපතන නොසිතන දෙයක් නිසා. නමුත් ඒ ප්‍රේමය කෙතරම් සොදුරුයිද කියා දන්නේ මා පමනයි. මේ අර්ථය පිලිගැනීම හරි නොපිලි ගැනීම ඔබගේ තීරනයක්. මට තේරෙන අයුරින් මම පැහැදිලි කලා. මන් මේ අදහසට එකග නැ පොඩ්ඩක් වත්,, ,,යමුනා මාලනියන් අතින් මෙහෙම එකක් කවදාවත් ලියවෙන්නේ නැ . අසීමිත ආදරයක ට හේතුවක්, අරමුණක් ,අගක් ,මුලක් ,ප්‍රමාණයක් සොයා එය වචනයට නගන්න දරන අහිංසක උත්සහයක් වගේ මට නම් දැනෙන්නේ . රොසිගෙ කතාවට මමත් එකගයි .... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... gayyaBasic MemberPosts:127 07 Oct 2016 09:25 PM Posted By සඳුනි on 07 Oct 2016 04:17 PM සමකෝණී ත්‍රිකෝණයකි සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක හිටියා නෙත් හතරක පහස ලබා මම මේ මුල්ලේ හිටියා ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි දෙදෙනාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා අපි තුන්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීතය හා ගායනය – දයාරත්න රණතුංග නැන්දම්මා ලේලිය අතර මැද මම.. මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්.. gayyaBasic MemberPosts:127 07 Oct 2016 09:19 PM පට්ට මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්.. RosiSuper Senior MemberPosts:5335 07 Oct 2016 07:59 PM Posted By සඳුනි on 07 Oct 2016 02:51 PM හැමෝම විශ්වාස කරන්නේ මේ සිංදුව අාසීමිත අාදය ගැන ලියවුන හරිම ප්‍රේමණීය සිංදුවක් කියලා. මමත් තේරුම් අරන් හිටියෙත් ඒහෙම තමයි. නමුත් අකමැත්තෙන් වුනත් අශෝක හඳගමයන් කියපු විස්තරය අැත්ත කියලා පිලි ගන්න වෙනවා. සිංදුවේ ගැබ් වෙලා තියෙන වචන ඒ බව ඔප්පු කරලා තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් මේ සිංදුවේ කිය වෙන්නේ ඒකපාර්ශික සමලිංගික ප්‍රේමයක් ගැන. ගහක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි නුඹට සිත බැදිනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි මේ පද හතර හරිම සාමාන්‍යයයි. නමුත් ඔබට සිත බැදුනේ කිමයි මා කියන කොටසේ ඉගියක් දීලා තියෙනවා. මොන තරම් අාදරේ වුනත් අසම්මතයක් නිසා හිතේ අාදරයක් අැති වීම වටහා ගන්නට බැරි බව. *කතරේ වැලි කැට හිරුට පෙම් බැද අැතත් ලෝ දහමින්* සාමාන්‍ය සිදුවීම පිරිමියෙක් අාදරය කරන්නේ ගැහැනියෙක්ට. මේ පදයෙන් ඒ සිද්දිය කියා පානවා. කන්තාරය ඒයට උරුම හිරු රශ්මියට අාදරය කර බව. *සොදුරු වැස්සට දැවෙන කතරක් අාදරෙයි පන මෙන්* සොදුරු වැස්සයි කාන්තාරයයි කියන්නේ නිතර ඒක් නොවන දෙන්නෙක්. ඒ වුනත් ඒ දෙදෙනටත් පණ වගේ අාදරේ කරන්න බැරි කමක් නැහැ . කිසි දා ඒක් විය නොහැකී කියා සම්මතක් නැති නිසා. කලාතුරකින් හරි කාන්තාරයකට වැසි වැටෙන්න පුළුවන්.මෙතනදි උත්තසහ කරන්නේ සම ලිංගික ප්‍රේමය සාධාරණීකරනය කරන්න. ලෝකයම විය නොහැකි කියන දේත් දිනයක විය හැකී කියලා. *ලොවට නොපෙවෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම් .......* මම ඔබට පෙම් කරන බව මේ ලොකේ කවුරුත්ම පිළිගන්න ඒකක් නැහැ. ඒ මගේ අාදරය අසම්මතයක් කියා ,කරන්නට ඒපා කියලා මගේ හිතට බලපෑම් කරන්න කාවත්ම අයිතියක් නැහැ.. *සදහටහට සෙනෙහේ පෑ මුත් උදුල තරැ කැටයම්.* සාමාන්‍ය සිදු වීම රෑ අහසට හිමි සදට තරු පෙම් කරන බවයි .ඒය සම්මතයට අනුව පිරිමියෙක් ගැහැණියනට අාදරය කරන බව හෝ ගැහැණිය පිරිමියට අාදරය කරන බවයි. හිරුට පෙම බැදි ඒකද තරුවක් සිටිය නොහැකිද යම්* හිරු දිවා අහසට අයිතියි, තරු රෑ අහසට අයිතියි. කිසිදා ඒකට මුන නොගැසෙන හිරු සදුට පෙම් කලත් හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්යේ වීම නිසා. මේ පදයෙන් හොදටම තහවුරු වෙනවා . මේ ප්‍රේමය සමලිංගිකයි කියන ඒක. අැය අැයට පෙම් කරන බව, ඔහු ඔහුට පෙම් කරන බව. නුඔබට නොහැගෙන් මගේ ප්‍රේමය ඒවගෙයි මනරම් පුදුම වෙයි නුඹනම් ඔබ තවමත් නොදන්නා මගේ ප්‍රේමය දැන ගත් දවසක ඔබ විශ්වාස කරන ඒකක් නැහැ.මාව ප්‍රතික්ෂේප කරාවී. ඒය කවදාවත් ඔබ නොපතන නොසිතන දෙයක් නිසා. නමුත් ඒ ප්‍රේමය කෙතරම් සොදුරුයිද කියා දන්නේ මා පමනයි. මේ අර්ථය පිලිගැනීම හරි නොපිලි ගැනීම ඔබගේ තීරනයක්. මට තේරෙන අයුරින් මම පැහැදිලි කලා. මන් මේ අදහසට එකග නැ පොඩ්ඩක් වත්,, ,,යමුනා මාලනියන් අතින් මෙහෙම එකක් කවදාවත් ලියවෙන්නේ නැ . අසීමිත ආදරයක ට හේතුවක්, අරමුණක් ,අගක් ,මුලක් ,ප්‍රමාණයක් සොයා එය වචනයට නගන්න දරන අහිංසක උත්සහයක් වගේ මට නම් දැනෙන්නේ . සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 04:17 PM 02. සමකෝණී ත්‍රිකෝණයකි සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක හිටියා නෙත් හතරක පහස ලබා මම මේ මුල්ලේ හිටියා ඔබ මගෙ ආදරය පතයි ඇය මගෙ ආදරය පතයි දෙදෙනාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි සමච්ඡේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා අපි තුන්මුල්ලටම වෙලා ඉමු මුහුණට මුහුණ බලා පද රචනය -සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීතය හා ගායනය – දයාරත්න රණතුංග දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 02:51 PM හැමෝම විශ්වාස කරන්නේ මේ සිංදුව අාසීමිත අාදය ගැන ලියවුන හරිම ප්‍රේමණීය සිංදුවක් කියලා. මමත් තේරුම් අරන් හිටියෙත් ඒහෙම තමයි. නමුත් අකමැත්තෙන් වුනත් අශෝක හඳගමයන් කියපු විස්තරය අැත්ත කියලා පිලි ගන්න වෙනවා. සිංදුවේ ගැබ් වෙලා තියෙන වචන ඒ බව ඔප්පු කරලා තියෙනවා. කෙටියෙන්ම කියනවා නම් මේ සිංදුවේ කිය වෙන්නේ ඒකපාර්ශික සමලිංගික ප්‍රේමයක් ගැන. ගහක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි නුඹට සිත බැදිනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි මේ පද හතර හරිම සාමාන්‍යයයි. නමුත් ඔබට සිත බැදුනේ කිමයි මා කියන කොටසේ ඉගියක් දීලා තියෙනවා. මොන තරම් අාදරේ වුනත් අසම්මතයක් නිසා හිතේ අාදරයක් අැති වීම වටහා ගන්නට බැරි බව. *කතරේ වැලි කැට හිරුට පෙම් බැද අැතත් ලෝ දහමින්* සාමාන්‍ය සිදුවීම පිරිමියෙක් අාදරය කරන්නේ ගැහැනියෙක්ට. මේ පදයෙන් ඒ සිද්දිය කියා පානවා. කන්තාරය ඒයට උරුම හිරු රශ්මියට අාදරය කර බව. *සොදුරු වැස්සට දැවෙන කතරක් අාදරෙයි පන මෙන්* සොදුරු වැස්සයි කාන්තාරයයි කියන්නේ නිතර ඒක් නොවන දෙන්නෙක්. ඒ වුනත් ඒ දෙදෙනටත් පණ වගේ අාදරේ කරන්න බැරි කමක් නැහැ . කිසි දා ඒක් විය නොහැකී කියා සම්මතක් නැති නිසා. කලාතුරකින් හරි කාන්තාරයකට වැසි වැටෙන්න පුළුවන්.මෙතනදි උත්තසහ කරන්නේ සම ලිංගික ප්‍රේමය සාධාරණීකරනය කරන්න. ලෝකයම විය නොහැකි කියන දේත් දිනයක විය හැකී කියලා. *ලොවට නොපෙවෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම් .......* මම ඔබට පෙම් කරන බව මේ ලොකේ කවුරුත්ම පිළිගන්න ඒකක් නැහැ. ඒ මගේ අාදරය අසම්මතයක් කියා ,කරන්නට ඒපා කියලා මගේ හිතට බලපෑම් කරන්න කාවත්ම අයිතියක් නැහැ.. *සදහටහට සෙනෙහේ පෑ මුත් උදුල තරැ කැටයම්.* සාමාන්‍ය සිදු වීම රෑ අහසට හිමි සදට තරු පෙම් කරන බවයි .ඒය සම්මතයට අනුව පිරිමියෙක් ගැහැණියනට අාදරය කරන බව හෝ ගැහැණිය පිරිමියට අාදරය කරන බවයි. හිරුට පෙම බැදි ඒකද තරුවක් සිටිය නොහැකිද යම්* හිරු දිවා අහසට අයිතියි, තරු රෑ අහසට අයිතියි. කිසිදා ඒකට මුන නොගැසෙන හිරු සදුට පෙම් කලත් හිරුට පෙම් කරන තරුවක් ගැන අහලා තියෙද? ඒකට හේතුව තමයි හිරුයි තරුයි දෙන්නම ඒකම වර්යේ වීම නිසා. මේ පදයෙන් හොදටම තහවුරු වෙනවා . මේ ප්‍රේමය සමලිංගිකයි කියන ඒක. අැය අැයට පෙම් කරන බව, ඔහු ඔහුට පෙම් කරන බව. නුඔබට නොහැගෙන් මගේ ප්‍රේමය ඒවගෙයි මනරම් පුදුම වෙයි නුඹනම් ඔබ තවමත් නොදන්නා මගේ ප්‍රේමය දැන ගත් දවසක ඔබ විශ්වාස කරන ඒකක් නැහැ.මාව ප්‍රතික්ෂේප කරාවී. ඒය කවදාවත් ඔබ නොපතන නොසිතන දෙයක් නිසා. නමුත් ඒ ප්‍රේමය කෙතරම් සොදුරුයිද කියා දන්නේ මා පමනයි. මේ අර්ථය පිලිගැනීම හරි නොපිලි ගැනීම ඔබගේ තීරනයක්. මට තේරෙන අයුරින් මම පැහැදිලි කලා. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 02:38 PM Posted By DanuLiyanage on 07 Oct 2016 12:20 PM සමහර අය සින්දුවක තේරුම් කිහිපයක් කියනවා. විවිද අදහස් තියෙනවා. ඒ පද රචනය කර කෙනා තමා හරිම අවස්තාව දන්නේ පද රචකයා කියන්න උත්සහ කරන දේ අපි තේරුම් ගන්න ඔනේ. පද රචකයා සිංදුවත් දීලා. තේරුමත් දුන්නම. ප්‍රශ්ණ ප්රත්රයත් ඒක්ක.උත්තර පත්තරයත් දීලා වගේනේ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 02:34 PM Posted By gayya on 07 Oct 2016 11:11 AM මම කියන්නද.. ගෝලයටම අවස්තාව දෙන්නම් නේද... ගුරු වැරදි හදන්න . ඔයා තරම් මම ගැඹුරින් හිතන්නේ නෑ. දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 12:20 PM සමහර අය සින්දුවක තේරුම් කිහිපයක් කියනවා. විවිද අදහස් තියෙනවා. ඒ පද රචනය කර කෙනා තමා හරිම අවස්තාව දන්නේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න gayyaBasic MemberPosts:127 07 Oct 2016 11:11 AM මම කියන්නද.. ගෝලයටම අවස්තාව දෙන්නම් නේද... මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්.. සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 07:16 AM මට නම් සිංදුවක් කියන්නේ චිත්‍රපටයක් තමා. අනේ මන්දා ඉතින් සාධක නම් වැරදි පැත්තට... දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 07 Oct 2016 04:08 AM Posted By indika76 on 06 Oct 2016 09:22 PM මේ ගීතය පිළිබ ඳව අශෝක හඳගම කියපු විස්තරය ඇහුවම නම් ගීතය එපා වුනා.. ඒත් ඒක හඳගම දකින විදියනේ... අනෙක යමුනා මාලනීයන් අතින් එවැනි නිර්මාණයන් බිහිවන එකක් නැහැ.. මේ ඒ පිළිබඳ දැක්වූ අදහසක්.. (මගේ අදහසක් නෙමෙයි) http://wickrame.blogspot.com/2011/01/blog-post_22.html මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ... කරුනාරත්න දිවිල්ගනේ ශිල්පියා ගායනා කරන මේ ගීතය මා රසවිදි ගීත වලින් ඉතාම රසවත් ගීතයක් ලෙස දක්වන්න පුලුවන්. ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්තය කෙලින්ම ශ්‍රවකයා වෙත නොදෙමින්.. ශ්‍රාවකයාගේ චින්තනයට එය තේරුම්ගැනීමට අවස්තාවක් ලබාදීමට මෙහි ගීත රචකයා උත්සුක වී ඇත. සැබෑවටම සමලිංගික ආදරයක් ගැන කියවෙන මෙම ගීතය යමුනා මාලනී පෙරේරා මහත්මිය රචනා කර ඇත. "කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන් " සොභාවධර්මයට අනුව කාන්තරයේ සුන්දරත්වය වන්නේ සූර්ය රශ්මියයි.. කතර කතරක් වනුයේ සූර්ය රශ්මිය නිසාවෙනි.. ලෝක ධර්මයට අනුව කතර හිරුට පෙම්බැද සිටියත්... සූර්ය රශ්මියෙන් දැවෙන කතරට වර්ශාවටද ආදරය කල හැකි බව මෙහි කියවේ. අපූරු උපමා යොදාගනිමින් යමුනා ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි කියා පායි.. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් අන්‍යයෝන්‍ය වශයෙන් ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බව.මෙම පදපෙල අවසානයේ යමුනා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පදපෙලින් සමලිංගික ආදරය ස්ම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියයි... "සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම් හිරුටපෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම් " මෙම පැදි පෙල තුලිනුත් යමුනා මාලනී තම විශිශ්ට භාවයන් මතුකරමින් ගීතයේ රසය උද්දීපනය කරමින් තවත් උපමා යොදාගනිමින් මෙකී ගීතය රසවත් කරයි "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රී අහසට්ව් වෙයි.මෙහිදී මතුකරනුයේ ලෝක සම්මතයයි..එහිදී සද වෙත තරුවකට පෙම් කිරීමට හැකිය..එසේම මෙම තරු අතර පෙර කී සම්මතයට පිටුපාමින් දිවා අහසේ විස්කම්පාන හිරුට පෙම්බදිනා තාරකාවක්ද සිටිය නොහැකිද යනුවෙන් ප්‍රශ්නකරමින් අපූරුවට ගීතයේ අදහස ඉදිරිපත් කර ඇත.. අශෝක හඳගම මේක චිත්‍ර පටියක් විදියට දැක්කද දන්නෙ නැහැනේ. නමුත් මේකේ පද රචිත යමුනා මාලනීයන්ගෙන්ම ඇහුනොත් තමා හොද නමුත් මට මේ සින්දුවෙන් හැගෙන්නේ විවාහක පිරිමියෙකු තම බිරිදට ආදරය කරනවට වඩා වෙනත් ස්ත්‍රියක් වෙත සිතින් පෙම් බදින බවක් සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 01:42 AM දිනයක වැටහේවි......... කිව්වලු. දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 01:26 AM ඇයි මොක්ද නගා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 12:43 AM ඊක්කා ධනු අයියේ........ දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 12:40 AM මම ගොඩාක් ආසා කරන ගීතයක් මේක නම් මටම ගොඩාක් ගැලපෙනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 11:40 PM කට්ටිය සෑහෙන දුර ගිහින්නේ බලමු අනිත් අය මොනා කියයිද කියලා. දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 06 Oct 2016 09:30 PM මම දකින විදියට මේක අසම්මත ප්‍රේමයක්.. ඒ කියන්නේ විවාහක ස්ත්‍රියකට පෙම් බදින පෙමිවතෙකුගේ හිතේ නැගෙන සුන්දර සිතිවිල්ලක් ... indika76Most Senior MemberPosts:10449 06 Oct 2016 09:22 PM මේ ගීතය පිළිබ ඳව අශෝක හඳගම කියපු විස්තරය ඇහුවම නම් ගීතය එපා වුනා.. ඒත් ඒක හඳගම දකින විදියනේ... අනෙක යමුනා මාලනීයන් අතින් එවැනි නිර්මාණයන් බිහිවන එකක් නැහැ.. මේ ඒ පිළිබඳ දැක්වූ අදහසක්.. (මගේ අදහසක් නෙමෙයි) http://wickrame.blogspot.com/2011/0...st_22.html මේ මුලු ලෝකයම සුවද කරන්නට ගස් වල මල් පිපෙන්නේ ඇයි කියල මට තාමත් තේරෙන්නෑ.. ඒ ගස් වලින් දෝරෙ ගලන මල් සුවද වගේම සුවදට.. (සමහරවිට ඒ සුවද ඊටත් වඩා වෙන්නැති ) මගේ සිතේ විකසිත වෙන මල් සුවද .. සුවදක් වෙන්නෙ ඇයි කියල මම දන්නෑ... ඒ මල් පිපෙන්නෙ ඇයි කියල දන්නෑ වගේම ඔබ වෙනුවෙන් මගෙ හිත ඇදුනෙ ඇයි කියලත් මම දන්නෑ... කරුනාරත්න දිවිල්ගනේ ශිල්පියා ගායනා කරන මේ ගීතය මා රසවිදි ගීත වලින් ඉතාම රසවත් ගීතයක් ලෙස දක්වන්න පුලුවන්. ගීතය තුල මුල් බැසගත් සැබෑ අර්තය කෙලින්ම ශ්‍රවකයා වෙත නොදෙමින්.. ශ්‍රාවකයාගේ චින්තනයට එය තේරුම්ගැනීමට අවස්තාවක් ලබාදීමට මෙහි ගීත රචකයා උත්සුක වී ඇත. සැබෑවටම සමලිංගික ආදරයක් ගැන කියවෙන මෙම ගීතය යමුනා මාලනී පෙරේරා මහත්මිය රචනා කර ඇත. "කතරෙ වැලි කැට හිරුට පෙම්බැද ඇතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණමෙන් " සොභාවධර්මයට අනුව කාන්තරයේ සුන්දරත්වය වන්නේ සූර්ය රශ්මියයි.. කතර කතරක් වනුයේ සූර්ය රශ්මිය නිසාවෙනි.. ලෝක ධර්මයට අනුව කතර හිරුට පෙම්බැද සිටියත්... සූර්ය රශ්මියෙන් දැවෙන කතරට වර්ශාවටද ආදරය කල හැකි බව මෙහි කියවේ. අපූරු උපමා යොදාගනිමින් යමුනා ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි කියා පායි.. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් අන්‍යයෝන්‍ය වශයෙන් ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බව.මෙම පදපෙල අවසානයේ යමුනා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පදපෙලින් සමලිංගික ආදරය ස්ම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියයි... "සදට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම් හිරුටපෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකිද යම් " මෙම පැදි පෙල තුලිනුත් යමුනා මාලනී තම විශිශ්ට භාවයන් මතුකරමින් ගීතයේ රසය උද්දීපනය කරමින් තවත් උපමා යොදාගනිමින් මෙකී ගීතය රසවත් කරයි "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රී අහසට්ව් වෙයි.මෙහිදී මතුකරනුයේ ලෝක සම්මතයයි..එහිදී සද වෙත තරුවකට පෙම් කිරීමට හැකිය..එසේම මෙම තරු අතර පෙර කී සම්මතයට පිටුපාමින් දිවා අහසේ විස්කම්පාන හිරුට පෙම්බදිනා තාරකාවක්ද සිටිය නොහැකිද යනුවෙන් ප්‍රශ්නකරමින් අපූරුවට ගීතයේ අදහස ඉදිරිපත් කර ඇත.. chamaramindMost Senior MemberPosts:13471 06 Oct 2016 08:02 PM Posted By සඳුනි on 06 Oct 2016 04:21 PM ගහක මල් පිපිලා.......... ගහක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි නුඹට සිත බැදිනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි කතරේ වැලි කැට හිරුට පෙම් බැද අැතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරක් අාදරෙයි පන මෙන් ලොවට නොපෙවෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම් සදට සදහට සෙනෙහේ පෑ මුත් උදුල තරැ කැටයම් හිරුට පෙම බැදි ඒකද තරුවක් සිටිය නොහැකිද යම් නුඔබට නොහැගෙන් මගේ ප්‍රේමය ඒවගෙයි මනරම් පුදුම වෙයි නුඹනම් පද රචනය - යමුනා මාලනී පෙරේරා සංගීතය - ගුණදාස කපුගේ ගායනය - කරුනාරත්න දිවුල්ගනේ මන් ආස කරන සින්දුවකි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 06:21 PM අනිත් අයගේ අදහසුත් බලමුකෝ පොඩ්ඩි අක්කේ. දිනයක වැටහේවී........... PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 04:38 PM හරි අපූරැ වැඩක්... මටත් ආස හිතුනා.. ම්ම් පලමුවෙන්ම තෝරගෙන තියෙන සිංදුවත් නියමයි... කියන්න බැරි තරම්, වටහගන්න බැරි තරම් ලොකු ආදරයක් ඔහු ඇයට පුද කරනවා කියන අර්ථයයි මට නම් දැනෙන්නෙ ආදරේ කියන්නෙ හරි පුදුම දෙයක් විදිහටයි ඔහු දකින්නෙ... හිමිවීම හා අහිමිවීම දෙකම ආදරය තුල ගැබ් වෙලා තියෙන බවත් ගීතයෙන් කියන්න උත්සාහ අරන් තියෙනවා වගෙයි... ලගා කරන්න බැරි ආදරයක් වුණත් ගොඩක් අෑතින් ඉදලා හරි ඒ ආදරේ විදින්න උත්සාහයක යෙදෙනවා වගේ හැගීමක් ගැබ් වෙලා තියෙනවා වගේ නේද මේ ගීතය තුල ඔන්න මට දැණුන හැටි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 04:25 PM ඔන්න රජතුමාගේ සිංදුවෙන්ම පටන් ගත්තා. ඔයාලට මේ සිංදුවේ තේරුම මොකක් කියලද හිතෙන්නේ. කියන්න බලන්න. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 04:21 PM 01. ගහක මල් පිපිලා.......... ගහක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ අැයිද නොදන්නෙමි නුඹට සිත බැදිනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි කතරේ වැලි කැට හිරුට පෙම් බැද අැතත් ලෝ දහමින් සොදුරු වැස්සට දැවෙන කතරක් අාදරෙයි පන මෙන් ලොවට නොපෙවෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම් සදට සදහට සෙනෙහේ පෑ මුත් උදුල තරැ කැටයම් හිරුට පෙම බැදි ඒකද තරුවක් සිටිය නොහැකිද යම් නුඔබට නොහැගෙන් මගේ ප්‍රේමය ඒවගෙයි මනරම් පුදුම වෙයි නුඹනම් පද රචනය - යමුනා මාලනී පෙරේරා සංගීතය - ගුණදාස කපුගේ ගායනය - කරුනාරත්න දිවුල්ගනේ දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 04:17 PM මම අලුත් ත්‍රෙඩ් ඒකකින්ම පටන් ගන්න හිතුවා. මේ මගේ ජීවිතේ අාසම අාසම දේ. සිංදුවල අර්යථ තේරුම් ගැනීම. මගේ ලග සිංදු වල අර්ථ රැස් කරපු ලොකු ඒකතුවක් නෑ. ඒත් මම සිංදු වල තේරුම හිතනවා. මම සිංදුවකට අාස වෙන්නේ ඒකේ තේරුම අනුව තමයි. මම මහ ගොඩක් සිංදු වල තේරුම් දන්නේ නෑ ඒත් දැන ගන්න හුගක් කැමති. මට සිංදුව ගැන දැනෙන අර්ථයට වෙනස් විදියේ අර්ථයක් තව කෙනෙකුට දැනෙන්න පුලුවන් . මට ඔනේ අන්න ඒක දැන ගන්න. මට ඒ විදියට නොහිතුනේ අැයි කියලා දැන ගන්න. සැම සිංදුවකටම පසුබිම් වුන අැත්ත කතාවක් තියෙනවා. යම් හැගීමක් තියෙනවා. මම මේකෙදි හොයන්නේ ලියපු කෙනාගේ හැගීම නෙමෙයි. සවන් දෙන්නාගේ හැගීම. සිංදුවල තේරුමට පාදක වුන අැත්ත සිදු වීම් නම් මම දන්නේ නැහැ . මම කියන දේ වරදින්න පුලුවන්. ඒත් මම කියන්නේ මට හැගෙන දේ විතරයි. ඒ වැරදි හදන්න තමයි ඔයාලා ඉන්නේ. මාත් ඒක්ක ඒකතු වෙන්න. දිනයක වැටහේවී...........