Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: කුඹල් කවි Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: කුඹල් කවි Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review DanuLiyanageVeteran MemberPosts:3457 10 Oct 2016 01:40 PM ස්තුති ගාමිනි අයියේ වැදගත් දෙයක් හොයලා අපට බලන්න දෙනවට මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න chamaramindMost Senior MemberPosts:13471 10 Oct 2016 09:38 AM Posted By gamini on 08 Oct 2016 09:12 AM කුඹල් කවි කලාව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ දක්නට ලැබෙන කුඹල් කර්මාන්තයේ මූලාරම්භක අවධිය යකඩ යුගය දක්වා දුර අතීතයකට දිවයන්නකි. දකුණු ඉන්දීය ආර්ය ජන සංක්‍රමණය තුළින් ආරම්භ වූ ලක්දිව මැටි කර්මාන්තය ඉතා දියුණු මට්ටමක පැවතුණි. ඓතිහාසික වශයෙන් ලක්දිව ඉතිහාසය ගොඩනඟා ගැනීමේදී මෙතුළින් මහත් පිටිවහලක් ලැබී ඇත. පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගනු ලැබූ සාක්ෂි වලට අනුව මුල්කාලීනව අක්ෂර ලිවීම සඳහා යොදා ගෙන ඇත්තේද මැටි බඳුන් බවට අනුරාධපුර ඇතුල් නුවර කැණීම් මගින් හමුවන තොරතුරු ප්‍රබල සාක්ෂියකි. කෙසේ හෝ මුල්කාලීනව මැටි කර්මාන්තය ලක්දිව පැවති බවට බොහෝ පුරා ස්ථානයන්ගෙන් සාක්ෂි හමුවන අතර වැඩි වශයෙන් මෙගලිතික සුසාන ආශ්‍රිතව බහුල වශයෙන් සොයාගෙන ඇත. ක්‍රමයෙන් විකාශනය වෙමින් පැවති මැටි කර්මාන්තය දුමින්දාගමනයත් සමග වෙනම කුලයක් මෙරටට පැමිණීමත් සමග කිසියම් වර්ධනීය අවස්ථාවක් පෙන්නුම් කරයි. අනතුරුව ලක්දිව මුළුල්ලේම කුඹල් කර්මාන්තය ව්‍යාප්ත වූ අතර මේ කර්මාන්තයේ පමණක් නියෑළෙන පිරිස් වෙසෙන ගම්මානද බිහි විය. පෙර රජ දවස විශේෂ අනුග්රහයන් කුඹල් කර්මාන්තය සඳහා හිමි වූ අතර එහි නිරත වූ පිරිස් සඳහා විවිධ ප්‍රදානයන්ද සිදු විය. මේ ආකාරයෙන් ලක්දිව මූලාරම්භය සිදු වූ කුඹල් කර්මාන්තය ඇසුරෙන් ජන සාහිත්‍යයක් නිර්මාණය වූ අතර ඒවා විවිධාකාරයෙන් යුක්ත විය. එසේ නිර්මාණය වූ ජන සාහිත්‍යය කවි සම්ප්රදායක වූ අතර එය අංශ කිහිපයක් යටතේ දක්නට ලැබිණි. එනම් තේරවිලි කවි, ආදරය ගැන ලියවුණු කවි, කුඹල් කර්මාන්තයේ කාර්යයන් පිළිබඳ ලියවුණු කවි කුඹල් ගම්මාන පිළිබඳ ලියවුණු කවි යනාදී වශයෙන් ක්ෂේත්‍ර කිහිපයකින් යුක්ත විය. ලාංකේය ගැමි ජනතාව බෙහෙවින් තම ජීවනෝපාය කෘෂිකර්මාන්තය ඇසුරෙන් ගොඩනඟා ගත් අතර එහිදී සිදු කෙරුණු කටයුතුවලදී තමාට දැනෙන කාන්සිය, පාලුව, තනිකම, විඩාව, දුක යනාදිය මඟහරවා ගැනීමට ඔවුන් විසින්ම විවිධ කවි නිර්මාණය කරගන්නා ලදී. එසේ නිර්මාණය කරගනු ලැබූ කවි, ජනකවි වශයෙන් හඳුන්වනු ලැබූ අතර කුඹල් කාර්මාන්තය ආශ්රයෙන්ද එවැනි කවි සම්ප්‍රදායන් නිර්මාණය විය. ගැමි ජනතාව අතින් පමණක් නොව විදග්ධ කවියන් කිවිඳියන් අතින්ද කුඹල් කර්මාන්තය හා ඔවුන්ගේ ජන ජීවිතය මෙන්ම එම සමාජ ක්‍රමය පිළිබඳ කවි රචනා වී ඇත. කුඹල් කර්මාන්තය සම්බන්ධයෙන් අතීතයේ සිට මහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයක් වශයෙන් අත්තිඩිය පෙන්වා දිය හැකිය. හයවන පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ ඔහුගේ යුද සේනාවේ සිටි සෙබළු විශාල ප්‍රමාණයක් කුඹල් ප්රජානුගත පිරිස් වූහ. ඔවුන් තමන්ගේ බිරින්දෑවරුන් සමග කුඹල් ජනතාව ජීවත් වූ අත්තිඩියේ ජීවත් වූ අතර සෙබළුන්ගේ බිරියන් රූමත් කාන්තාවන් බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කවියකින් මෙසේ දක්වා තිබේ. සිත් එඩියෙන් යුදකර තම හිමි යෙහෙනා ලත් පඩියෙන් සතුටුව ඉඳ මන මතිනා මත් වැඩියෙන් ලිය ගී කියන තැන තැනා අත්තිඩියෙන් වන් ලද ලිය දැක සොබනා රාහුල හිමියන් අත්තිඩියේ ජීවත් වූ කුඹල් ස්ත්‍රීහු දුටු ආකාරයටම ඔවුන්ගේ රූප සෙබාව පිළිබඳ බෙල්ලන්තොට ජීවත් වූ කවියෙක් තමාගේ සිතුවිල්ල මෙසේ දක්වා ඇත. අල්ලන්නට හිතයි දෑඟිල්ලෙන් දෙතන කොල්ලන් වශී කරවයි කුඹලගෙ අඟන එක්කන් ඇවිත් තබනට වෙද බිරිය මෙන බෙල්ලන්තොට ගෑනු මට මොකටද ඉතින ශෘංගාරාත්මක බවින් යුක්ත මෙම කවිය තුළින් කුඹල් කාන්තාවන් රූපයෙන් ඉතා ඉහළ වූ බව ප්‍රකාශිත වේ. මේ කවියාගේ කවි සිතුවිල්ල දුටු කුඹල් ජනතාව අතර ජීවත් වූ කවි පිළිබඳ දන්නා අයෙකු එම කවියට මෙසේ පිළිතුරක් සපයා තිබේ. කෙල්ලන් ලස්සනයි කවදත් කුඹලුන්ගේ නැග්ගෙන් මදන විෂ මොකටද දඟලන්නේ එක්කන් යන්න කවදාවත් බැරි වන්නේ කොල්ලන් කුඹල් සමඟයි උන් සැනසෙන්නේ මේ කවියෙන් ප්‍රකාශිත කරුණ වනුයේ කුඹල් ස්ත්‍රීන් තමන්ගේ කුලයෙන් පිටත විවාහ නොවන බවයි. එයද ඔවුන්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන එක් සුවිශේෂී අවස්ථාවක් වන අතර එය කවියේ අර්ථයෙන් මැනවින් පිළිබිඹු කෙරේ. ලක්දිව ජීවත් වූ සුප්‍රසිද්ධ කිවිඳියක් වශයෙන් ගජමන් නෝනා වැදගත් තැනක් හිමිකරගන්නා ලදී. ගජමන් පුවත හා සම්බන්ධවන තවත් සුවිශේෂී චරිතයක් වනුයේ ඇලපාත මුදලිගේ චරිතයයි. මොහු ගජමන් නෝනාට ආදරය කළ අතර ආදරය ප්‍රකාශ කරමින් ලියා යෑවූ කවියට පිළිතුරු ලබාදීමේදී නාකුළුගමුවේ ජීවත් වූ කුඹල් ප්‍රජාව පිළිබඳ තොරතුරු හා කුඹලාගේ ස්වභාවය පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් එතුළින් එළිදක්වා ඇත. එනම්, ඇල්පාත මුදලි යෑවූ කවිය ලස්සන මුහුණ පෝදා පුර හඳ වැන්නේ ඇහිබැම දෙක හැඩය අරගෙන දේ දුන්නේ ඉඟසුඟ ලමැද රණහස මට සිහි වන්නේ එවනෙමි තැපෑලෙන් හාදුවකුදු නෝනේ ගජමන් නෝනා සැපයූ පිළිතුරු කවිය හාදුව මොටද පහසට හිමි ළඟ නොමැති එවුවට තැපෑලෙන් ඒකෙන් පලක් නැතී නාකුළුගමුවෙ කුඹලෙක් මගේ පහස ගතී දුන්නා හාදු වැස්සක් මට සිත කැමැති ඇලපාත මුදලි ලියූ පිළිතුරු කවිය හැඩි දැඩි සිරුර මැටි තැවරුන එම දෑත කඩනෙමි මෙමා හිටියේ නම් ළඟ පාත දහදිය පෙරෙන කූඹලාගේ ගඳය ගත සියුමැලි සොඳුරු රන් කඳෙකිය ඇල පාත ගජමන් නෝනා යෑවූ පිළිතුරු කවිය දහඩිය පෙරුණ මුත් සවිමත් කුඹල් ගත කළ දේ රසය මා සිත තුළ රැඳී ඇත ලැබුණා රතී සුවය ඔහුගෙන් මෙමට ඉත කුඹලගෙ ළඟදි ඇලපාතට තැනක් නැත මේ ආකාරයෙන් දෙදෙනා අතර විරසක ස්වරූපයෙන් අදහස් කවියෙන් ඉදිරිපත් කෙරුනු නමුත් පසුව ගජමන් නෝනා ඇලපාත මුදලි සැනසීම සඳහා මෙසේ කවියක් ලියා යවන ලදී. එනම් ගජමන් නෝනා ලියූ කවිය රිදුනද සිත මගේ පෙම්බර මැති සඳුනේ කුඹලෙකු සමග නැත මා වරදෙහි බැඳුනේ පෙම්බර ළඳක් ඔබෙ පහසය ඉල්ලන්නේ කොහොමද තැපෑලෙන් ඔබ එය සපුරන්නේ ඊට පිළිතුරු ලබාදෙමින් කවියක් ලියු ඇලපාත මුදලි නාකුළුගමුවේ කුඹළුන් ගැන පැහැදීමකින් යුතුව සිය අදහස් දක්වා ඇත්තේ මෙපරිද්දෙනි. ඇලපාත මුදලි ලියූ පිළිතුරු කවිය දහදිය පෙරා වෙහෙසන නාකුළු ගමුවේ ශීලාචාර කුඹලුන්මය මා දුටුවේ ඔබ ඔහු පොළඹ ගත්තා යෑයි මා සිතුවේ ළඟදිම එමි එවිට හාදුවේ රස මතුවේ තවද තොරතුරු විමසා බැලීමේද ජනප්‍රවාද ඇසුරෙන්ද කුඹල් කර්මාන්තය සම්බන්ධ කාව්‍යයන් හමුවේ. එනම් ලක්දිව වැඩ සිටින දෙවොල් දෙවියන් සීනිගම් තොටින් ගොඩබසිනු ලැබූ බව දෙවොල් උත්පත්ති කතාවෙහි ඇතුළත් වේ. දෙවොල් දවියන් ලක්දිවට ගොඩබසින විටදී ලක්දිව කුඹල් කර්මාන්තය පැවති බවට සාක්ෂි පහත කවි ඇසුරෙන් පෙනීයයි. සත් මුහුදක් පසුකරගෙන එන්නේ සීනිගමදී ලක්බිම දැක ගන්නේ කුඹලුන්ගෙන් සත්කාර ලබන්නේ උතුම් දෙවොල් දෙවි පිහිට ලබන්නේ ගෙයි මිදුලේ මැටි ගොඩකිය තිබුණේ කුඹල් කතකි එහි සිට ගෙන උන්නේ උතුම් දෙවොල් දෙවියන් අනු හසිනේ මැටි ගොඩමත දෙවි රූපය මැවුනේ මෙතුළින් ඈත අතීතයේ සිටම කුඹල් ජනතාව ජීවත් වූ බව ජනසාහිත්‍යයේ එය සඳහන් වී තිබීමෙන් පැහැදිලි වේ. ජනකවි සාහිත්‍යයේ එක් පැතිකඩකි තේරවිලි කවි සම්ප්රදාය. තේරවිලි කවි සම්ප්රදාය බෙහෙවින් ජනප්‍රිය වූ අතර උපහාසය, හාස්‍යය, උපදේස යන සියලු අංශයන් ආවරණය වන පරිද්දෙන් රචනා වූ තේරවිලි කවි වැදගත්වේ. ලක්දිව ජීවත් වූ වැදගත් පුද්ගලයෙකු වශයෙන් සැලකෙන අන්දරේ විසින් කූඹල් ප්‍රජාව පිළිබඳ රජුට තේරවිලි කවි ඉදිරිපත් කරමින් විස්තර කිරීමද සුවිශේෂී වේ. නිරතුරුවම එතුළින් රජු සැනසීමට අපේක්ෂා කරන ලදී. අන්දරේ විසින් කියූ තේරවිලි කවිය ලොකු බඩ ගෙඩිය ගෙල හීනිය කට ලොකුය බිම සිටි කලට එක තැන හිඳිනා බැරිය උකුලේ තබා ලඳ මිරිකුවේ බෙලි ගෙඩිය දෙනිපිටියෙදී දුටුවෙමි තෝරනු බැරිය රජු විසින් ලබාදුන් පිළිතුර බඩ පුරවන්න දිය බොන ඒ කට ලොකුය අල්ලනු පහසුවට හීනිය බෙලි ගෙඩිය එක තැන නොසිටි දුටු ගමදී දෙනි පිටිය දැක ඇත අන්දරේ කුඹලගෙ කළ ගෙඩිය මේ ආකාරයෙන් සමාජයේ ජීවත් වූ කුඹල් ප්‍රජාව පිළිබඳවත් ඔවුන්ගේ නිර්මාණ පිළිබඳවත් ජනසාහිත්‍ය තුළ අන්තර්ගතව පවතී. එමෙන්ම සුවිශේෂී අයුරින් ඔවුන්ගේ කාර්යය පිළිබඳ කුඹල් ප්‍රජාව අතින් නිර්මාණය වූ කවිද විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ඒ කවි තුළින් ඔවුන්ගේ සමාජ පසුබිම, ඔවුන්ට අත්විඳින්නට සිදුවන දුක්ගැහැට, කුඹල් කර්මාන්තයේ ස්වභාවය යන පැතිකඩයන් අනාවරණය කරනු ලබයි. එසේ හෙළිදරව් කරමින් නිර්මිත ජනකවි කිහිපයක් මෙසේ පෙන්වාදිය හැකිවේ. මැටිගොඩ අනා සකපෝරුවෙ තියන්නේ අතකින් කරකවා ගෙන ඉදි කරන්නේ කැලයෙන් දර සොයාගෙන ගිනි පිඹින්නේ කවුරුද මහතුනේ මගේ දුක දකින්නේ මැටි හාරන්න බැස ගත්තේ වළ තුළට මැටි ගොඩ ගන්න කවුරුත් නැත උදව්වට තනිවම ගොඩ ගනිමි බර අරගෙන කරට සුරිඳුනි කදිර පුර ලැබදෙනු මැන පිහිට පය රිදෙනවා පාගා මැටි පදම් කොට ගත දැවෙනවා සිදු වී ගිනි තපින්නනට සිත රිදෙනවා මිල අඩුවෙන් කියන කොට දෙවිඳුනි සිව්වරම් පිහිටයි කුඹල් මට මල්ලියෙ වරෙන් මැටි ටික ගොඩ දාගන්න නංගියෙ වරෙන් මැටි ටික පාගා ගන්න ලෝකයේ සියලු දෙවියන් හට තේරෙන්න ආගිය තැනදි මේ කවි පවසමු ඔන්න මිදුලේ වලං පෝරණුවට ගිනි තැබුවා මහ වැහි වළාවක් උඩු පැත්තෙන් ආවා බේරා ගන්න වෙන පිළිවෙළකුදු නැතුවා අමුඩය ගලවලා පෝරණුවට වැසුවා මැටි ගොඩ දමාගෙන දෙපයෙන් පාගන්නේ ඒ මැටි තමයි සක පෝරුවේ කැර කෙන්නේ ජීවත් වන්න මය මේ හැටි දුක් ගන්නේ මගෙ මස්සිනා කවද ද මා ගෙන යන්නේ යනාදී වශයෙන් නිර්මාණය වූ ජනකවි තුළින් කුඹල් ජනතාවගේ ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් තමන්ගේ කාර්යයේ නිරතවීමේදී මුහුණදුන් ගැටලු, භාණ්ඩ අලෙවියේදී මුහුණ පෑ තත්ත්වයන් හොඳින් පෙන්වා දෙනු ලබයි. ලක්දිව මැටි කර්මාන්ත (කුඹල් කර්මාන්තය) ඇසුරෙන් ගැමි ජනයා මෙන්ම විදග්ධ කවියන් අතින්ද එහි ස්වභාවය හා අනෙකුත් සියලු තොරතුරු ඇසුරෙන් කවි නිර්මාණය සිදු කරනු ලැබූ බවත් ජන සාහිත්‍ය තුළ නවමු ආකාරයකින් නිර්මාණය වූ කවි සම්ප්රදායක් වශයෙන් කුඹල් කර්මාන්තය ආශ්‍රිතව බිහි වූ කවි ඉහතින් දක්වන ලද තොරතුරු අනුව පෙන්වා දීමට හැකිය. එච්. බී. එල්. හේවගේ මහතා විසින් අන්තර්ජාලයට ඇතුලත් කල ලිපිය ඇසුරෙනි මමත් සෙව් කර ගත්තා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... sha733Super Senior MemberPosts:7332 09 Oct 2016 01:39 AM අන්තර් ජලයෙන් උපුටා ගන්නා ලදී ..... මේකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා වගේම පුදුමයි DanuLiyanageVeteran MemberPosts:3457 09 Oct 2016 12:24 AM dan inna ewun kawi dannawada kunuharpa thama danne මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 04:35 PM කුඹල් කවි අදමයි කියෙව්වේ. මේවා ජන කවී පොත් වලවත් නෑ හුගක් වටිනවා. ගොඩක් ස්තූතියි.... දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 08 Oct 2016 02:12 PM අලුත් පරම්පරාවට දැන ගන්නත් එක්ක මේවා පොස්ට් වෙන එක ගොඩක් හොදයි ..ස්තුති අයියේ .රසවත් කුබුල් කවි ටික . indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 10:21 AM ගාමිණි අයියා මේව කොහෙන් හොයා ගන්නවාද මන්දා.. මගේ පුතාට තමයි මේවා වටින්නේ.. ඒ නිසා සේව් කරගත්තා.. gaminiVeteran MemberPosts:4475 08 Oct 2016 10:08 AM Posted By gamini on 08 Oct 2016 09:12 AM කුඹල් කවි කලාව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ දක්නට ලැබෙන කුඹල් කර්මාන්තයේ මූලාරම්භක අවධිය යකඩ යුගය දක්වා දුර අතීතයකට දිවයන්නකි. දකුණු ඉන්දීය ආර්ය ජන සංක්‍රමණය තුළින් ආරම්භ වූ ලක්දිව මැටි කර්මාන්තය ඉතා දියුණු මට්ටමක පැවතුණි. ඓතිහාසික වශයෙන් ලක්දිව ඉතිහාසය ගොඩනඟා ගැනීමේදී මෙතුළින් මහත් පිටිවහලක් ලැබී ඇත. පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගනු ලැබූ සාක්ෂි වලට අනුව මුල්කාලීනව අක්ෂර ලිවීම සඳහා යොදා ගෙන ඇත්තේද මැටි බඳුන් බවට අනුරාධපුර ඇතුල් නුවර කැණීම් මගින් හමුවන තොරතුරු ප්‍රබල සාක්ෂියකි. කෙසේ හෝ මුල්කාලීනව මැටි කර්මාන්තය ලක්දිව පැවති බවට බොහෝ පුරා ස්ථානයන්ගෙන් සාක්ෂි හමුවන අතර වැඩි වශයෙන් මෙගලිතික සුසාන ආශ්‍රිතව බහුල වශයෙන් සොයාගෙන ඇත. ක්‍රමයෙන් විකාශනය වෙමින් පැවති මැටි කර්මාන්තය දුමින්දාගමනයත් සමග වෙනම කුලයක් මෙරටට පැමිණීමත් සමග කිසියම් වර්ධනීය අවස්ථාවක් පෙන්නුම් කරයි. අනතුරුව ලක්දිව මුළුල්ලේම කුඹල් කර්මාන්තය ව්‍යාප්ත වූ අතර මේ කර්මාන්තයේ පමණක් නියෑළෙන පිරිස් වෙසෙන ගම්මානද බිහි විය. පෙර රජ දවස විශේෂ අනුග්රහයන් කුඹල් කර්මාන්තය සඳහා හිමි වූ අතර එහි නිරත වූ පිරිස් සඳහා විවිධ ප්‍රදානයන්ද සිදු විය. මේ ආකාරයෙන් ලක්දිව මූලාරම්භය සිදු වූ කුඹල් කර්මාන්තය ඇසුරෙන් ජන සාහිත්‍යයක් නිර්මාණය වූ අතර ඒවා විවිධාකාරයෙන් යුක්ත විය. එසේ නිර්මාණය වූ ජන සාහිත්‍යය කවි සම්ප්රදායක වූ අතර එය අංශ කිහිපයක් යටතේ දක්නට ලැබිණි. එනම් තේරවිලි කවි, ආදරය ගැන ලියවුණු කවි, කුඹල් කර්මාන්තයේ කාර්යයන් පිළිබඳ ලියවුණු කවි කුඹල් ගම්මාන පිළිබඳ ලියවුණු කවි යනාදී වශයෙන් ක්ෂේත්‍ර කිහිපයකින් යුක්ත විය. ලාංකේය ගැමි ජනතාව බෙහෙවින් තම ජීවනෝපාය කෘෂිකර්මාන්තය ඇසුරෙන් ගොඩනඟා ගත් අතර එහිදී සිදු කෙරුණු කටයුතුවලදී තමාට දැනෙන කාන්සිය, පාලුව, තනිකම, විඩාව, දුක යනාදිය මඟහරවා ගැනීමට ඔවුන් විසින්ම විවිධ කවි නිර්මාණය කරගන්නා ලදී. එසේ නිර්මාණය කරගනු ලැබූ කවි, ජනකවි වශයෙන් හඳුන්වනු ලැබූ අතර කුඹල් කාර්මාන්තය ආශ්රයෙන්ද එවැනි කවි සම්ප්‍රදායන් නිර්මාණය විය. ගැමි ජනතාව අතින් පමණක් නොව විදග්ධ කවියන් කිවිඳියන් අතින්ද කුඹල් කර්මාන්තය හා ඔවුන්ගේ ජන ජීවිතය මෙන්ම එම සමාජ ක්‍රමය පිළිබඳ කවි රචනා වී ඇත. කුඹල් කර්මාන්තය සම්බන්ධයෙන් අතීතයේ සිට මහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයක් වශයෙන් අත්තිඩිය පෙන්වා දිය හැකිය. හයවන පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ ඔහුගේ යුද සේනාවේ සිටි සෙබළු විශාල ප්‍රමාණයක් කුඹල් ප්රජානුගත පිරිස් වූහ. ඔවුන් තමන්ගේ බිරින්දෑවරුන් සමග කුඹල් ජනතාව ජීවත් වූ අත්තිඩියේ ජීවත් වූ අතර සෙබළුන්ගේ බිරියන් රූමත් කාන්තාවන් බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කවියකින් මෙසේ දක්වා තිබේ. සිත් එඩියෙන් යුදකර තම හිමි යෙහෙනා ලත් පඩියෙන් සතුටුව ඉඳ මන මතිනා මත් වැඩියෙන් ලිය ගී කියන තැන තැනා අත්තිඩියෙන් වන් ලද ලිය දැක සොබනා රාහුල හිමියන් අත්තිඩියේ ජීවත් වූ කුඹල් ස්ත්‍රීහු දුටු ආකාරයටම ඔවුන්ගේ රූප සෙබාව පිළිබඳ බෙල්ලන්තොට ජීවත් වූ කවියෙක් තමාගේ සිතුවිල්ල මෙසේ දක්වා ඇත. අල්ලන්නට හිතයි දෑඟිල්ලෙන් දෙතන කොල්ලන් වශී කරවයි කුඹලගෙ අඟන එක්කන් ඇවිත් තබනට වෙද බිරිය මෙන බෙල්ලන්තොට ගෑනු මට මොකටද ඉතින ශෘංගාරාත්මක බවින් යුක්ත මෙම කවිය තුළින් කුඹල් කාන්තාවන් රූපයෙන් ඉතා ඉහළ වූ බව ප්‍රකාශිත වේ. මේ කවියාගේ කවි සිතුවිල්ල දුටු කුඹල් ජනතාව අතර ජීවත් වූ කවි පිළිබඳ දන්නා අයෙකු එම කවියට මෙසේ පිළිතුරක් සපයා තිබේ. කෙල්ලන් ලස්සනයි කවදත් කුඹලුන්ගේ නැග්ගෙන් මදන විෂ මොකටද දඟලන්නේ එක්කන් යන්න කවදාවත් බැරි වන්නේ කොල්ලන් කුඹල් සමඟයි උන් සැනසෙන්නේ මේ කවියෙන් ප්‍රකාශිත කරුණ වනුයේ කුඹල් ස්ත්‍රීන් තමන්ගේ කුලයෙන් පිටත විවාහ නොවන බවයි. එයද ඔවුන්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන එක් සුවිශේෂී අවස්ථාවක් වන අතර එය කවියේ අර්ථයෙන් මැනවින් පිළිබිඹු කෙරේ. ලක්දිව ජීවත් වූ සුප්‍රසිද්ධ කිවිඳියක් වශයෙන් ගජමන් නෝනා වැදගත් තැනක් හිමිකරගන්නා ලදී. ගජමන් පුවත හා සම්බන්ධවන තවත් සුවිශේෂී චරිතයක් වනුයේ ඇලපාත මුදලිගේ චරිතයයි. මොහු ගජමන් නෝනාට ආදරය කළ අතර ආදරය ප්‍රකාශ කරමින් ලියා යෑවූ කවියට පිළිතුරු ලබාදීමේදී නාකුළුගමුවේ ජීවත් වූ කුඹල් ප්‍රජාව පිළිබඳ තොරතුරු හා කුඹලාගේ ස්වභාවය පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් එතුළින් එළිදක්වා ඇත. එනම්, ඇල්පාත මුදලි යෑවූ කවිය ලස්සන මුහුණ පෝදා පුර හඳ වැන්නේ ඇහිබැම දෙක හැඩය අරගෙන දේ දුන්නේ ඉඟසුඟ ලමැද රණහස මට සිහි වන්නේ එවනෙමි තැපෑලෙන් හාදුවකුදු නෝනේ ගජමන් නෝනා සැපයූ පිළිතුරු කවිය හාදුව මොටද පහසට හිමි ළඟ නොමැති එවුවට තැපෑලෙන් ඒකෙන් පලක් නැතී නාකුළුගමුවෙ කුඹලෙක් මගේ පහස ගතී දුන්නා හාදු වැස්සක් මට සිත කැමැති ඇලපාත මුදලි ලියූ පිළිතුරු කවිය හැඩි දැඩි සිරුර මැටි තැවරුන එම දෑත කඩනෙමි මෙමා හිටියේ නම් ළඟ පාත දහදිය පෙරෙන කූඹලාගේ ගඳය ගත සියුමැලි සොඳුරු රන් කඳෙකිය ඇල පාත ගජමන් නෝනා යෑවූ පිළිතුරු කවිය දහඩිය පෙරුණ මුත් සවිමත් කුඹල් ගත කළ දේ රසය මා සිත තුළ රැඳී ඇත ලැබුණා රතී සුවය ඔහුගෙන් මෙමට ඉත කුඹලගෙ ළඟදි ඇලපාතට තැනක් නැත මේ ආකාරයෙන් දෙදෙනා අතර විරසක ස්වරූපයෙන් අදහස් කවියෙන් ඉදිරිපත් කෙරුනු නමුත් පසුව ගජමන් නෝනා ඇලපාත මුදලි සැනසීම සඳහා මෙසේ කවියක් ලියා යවන ලදී. එනම් ගජමන් නෝනා ලියූ කවිය රිදුනද සිත මගේ පෙම්බර මැති සඳුනේ කුඹලෙකු සමග නැත මා වරදෙහි බැඳුනේ පෙම්බර ළඳක් ඔබෙ පහසය ඉල්ලන්නේ කොහොමද තැපෑලෙන් ඔබ එය සපුරන්නේ ඊට පිළිතුරු ලබාදෙමින් කවියක් ලියු ඇලපාත මුදලි නාකුළුගමුවේ කුඹළුන් ගැන පැහැදීමකින් යුතුව සිය අදහස් දක්වා ඇත්තේ මෙපරිද්දෙනි. ඇලපාත මුදලි ලියූ පිළිතුරු කවිය දහදිය පෙරා වෙහෙසන නාකුළු ගමුවේ ශීලාචාර කුඹලුන්මය මා දුටුවේ ඔබ ඔහු පොළඹ ගත්තා යෑයි මා සිතුවේ ළඟදිම එමි එවිට හාදුවේ රස මතුවේ තවද තොරතුරු විමසා බැලීමේද ජනප්‍රවාද ඇසුරෙන්ද කුඹල් කර්මාන්තය සම්බන්ධ කාව්‍යයන් හමුවේ. එනම් ලක්දිව වැඩ සිටින දෙවොල් දෙවියන් සීනිගම් තොටින් ගොඩබසිනු ලැබූ බව දෙවොල් උත්පත්ති කතාවෙහි ඇතුළත් වේ. දෙවොල් දවියන් ලක්දිවට ගොඩබසින විටදී ලක්දිව කුඹල් කර්මාන්තය පැවති බවට සාක්ෂි පහත කවි ඇසුරෙන් පෙනීයයි. සත් මුහුදක් පසුකරගෙන එන්නේ සීනිගමදී ලක්බිම දැක ගන්නේ කුඹලුන්ගෙන් සත්කාර ලබන්නේ උතුම් දෙවොල් දෙවි පිහිට ලබන්නේ ගෙයි මිදුලේ මැටි ගොඩකිය තිබුණේ කුඹල් කතකි එහි සිට ගෙන උන්නේ උතුම් දෙවොල් දෙවියන් අනු හසිනේ මැටි ගොඩමත දෙවි රූපය මැවුනේ මෙතුළින් ඈත අතීතයේ සිටම කුඹල් ජනතාව ජීවත් වූ බව ජනසාහිත්‍යයේ එය සඳහන් වී තිබීමෙන් පැහැදිලි වේ. ජනකවි සාහිත්‍යයේ එක් පැතිකඩකි තේරවිලි කවි සම්ප්රදාය. තේරවිලි කවි සම්ප්රදාය බෙහෙවින් ජනප්‍රිය වූ අතර උපහාසය, හාස්‍යය, උපදේස යන සියලු අංශයන් ආවරණය වන පරිද්දෙන් රචනා වූ තේරවිලි කවි වැදගත්වේ. ලක්දිව ජීවත් වූ වැදගත් පුද්ගලයෙකු වශයෙන් සැලකෙන අන්දරේ විසින් කූඹල් ප්‍රජාව පිළිබඳ රජුට තේරවිලි කවි ඉදිරිපත් කරමින් විස්තර කිරීමද සුවිශේෂී වේ. නිරතුරුවම එතුළින් රජු සැනසීමට අපේක්ෂා කරන ලදී. අන්දරේ විසින් කියූ තේරවිලි කවිය ලොකු බඩ ගෙඩිය ගෙල හීනිය කට ලොකුය බිම සිටි කලට එක තැන හිඳිනා බැරිය උකුලේ තබා ලඳ මිරිකුවේ බෙලි ගෙඩිය දෙනිපිටියෙදී දුටුවෙමි තෝරනු බැරිය රජු විසින් ලබාදුන් පිළිතුර බඩ පුරවන්න දිය බොන ඒ කට ලොකුය අල්ලනු පහසුවට හීනිය බෙලි ගෙඩිය එක තැන නොසිටි දුටු ගමදී දෙනි පිටිය දැක ඇත අන්දරේ කුඹලගෙ කළ ගෙඩිය මේ ආකාරයෙන් සමාජයේ ජීවත් වූ කුඹල් ප්‍රජාව පිළිබඳවත් ඔවුන්ගේ නිර්මාණ පිළිබඳවත් ජනසාහිත්‍ය තුළ අන්තර්ගතව පවතී. එමෙන්ම සුවිශේෂී අයුරින් ඔවුන්ගේ කාර්යය පිළිබඳ කුඹල් ප්‍රජාව අතින් නිර්මාණය වූ කවිද විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ඒ කවි තුළින් ඔවුන්ගේ සමාජ පසුබිම, ඔවුන්ට අත්විඳින්නට සිදුවන දුක්ගැහැට, කුඹල් කර්මාන්තයේ ස්වභාවය යන පැතිකඩයන් අනාවරණය කරනු ලබයි. එසේ හෙළිදරව් කරමින් නිර්මිත ජනකවි කිහිපයක් මෙසේ පෙන්වාදිය හැකිවේ. මැටිගොඩ අනා සකපෝරුවෙ තියන්නේ අතකින් කරකවා ගෙන ඉදි කරන්නේ කැලයෙන් දර සොයාගෙන ගිනි පිඹින්නේ කවුරුද මහතුනේ මගේ දුක දකින්නේ මැටි හාරන්න බැස ගත්තේ වළ තුළට මැටි ගොඩ ගන්න කවුරුත් නැත උදව්වට තනිවම ගොඩ ගනිමි බර අරගෙන කරට සුරිඳුනි කදිර පුර ලැබදෙනු මැන පිහිට පය රිදෙනවා පාගා මැටි පදම් කොට ගත දැවෙනවා සිදු වී ගිනි තපින්නනට සිත රිදෙනවා මිල අඩුවෙන් කියන කොට දෙවිඳුනි සිව්වරම් පිහිටයි කුඹල් මට මල්ලියෙ වරෙන් මැටි ටික ගොඩ දාගන්න නංගියෙ වරෙන් මැටි ටික පාගා ගන්න ලෝකයේ සියලු දෙවියන් හට තේරෙන්න ආගිය තැනදි මේ කවි පවසමු ඔන්න මිදුලේ වලං පෝරණුවට ගිනි තැබුවා මහ වැහි වළාවක් උඩු පැත්තෙන් ආවා බේරා ගන්න වෙන පිළිවෙළකුදු නැතුවා අමුඩය ගලවලා පෝරණුවට වැසුවා මැටි ගොඩ දමාගෙන දෙපයෙන් පාගන්නේ ඒ මැටි තමයි සක පෝරුවේ කැර කෙන්නේ ජීවත් වන්න මය මේ හැටි දුක් ගන්නේ මගෙ මස්සිනා කවද ද මා ගෙන යන්නේ යනාදී වශයෙන් නිර්මාණය වූ ජනකවි තුළින් කුඹල් ජනතාවගේ ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් තමන්ගේ කාර්යයේ නිරතවීමේදී මුහුණදුන් ගැටලු, භාණ්ඩ අලෙවියේදී මුහුණ පෑ තත්ත්වයන් හොඳින් පෙන්වා දෙනු ලබයි. ලක්දිව මැටි කර්මාන්ත (කුඹල් කර්මාන්තය) ඇසුරෙන් ගැමි ජනයා මෙන්ම විදග්ධ කවියන් අතින්ද එහි ස්වභාවය හා අනෙකුත් සියලු තොරතුරු ඇසුරෙන් කවි නිර්මාණය සිදු කරනු ලැබූ බවත් ජන සාහිත්‍ය තුළ නවමු ආකාරයකින් නිර්මාණය වූ කවි සම්ප්රදායක් වශයෙන් කුඹල් කර්මාන්තය ආශ්‍රිතව බිහි වූ කවි ඉහතින් දක්වන ලද තොරතුරු අනුව පෙන්වා දීමට හැකිය. එච්. බී. එල්. හේවගේ මහතා විසින් අන්තර්ජාලයට ඇතුලත් කල ලිපිය ඇසුරෙනි අන්තර් ජලයෙන් උපුටා ගන්නා ලදී ..... ආදරයේ උල්පත අම්මා ...................... gaminiVeteran MemberPosts:4475 08 Oct 2016 09:12 AM කුඹල් කවි කලාව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ දක්නට ලැබෙන කුඹල් කර්මාන්තයේ මූලාරම්භක අවධිය යකඩ යුගය දක්වා දුර අතීතයකට දිවයන්නකි. දකුණු ඉන්දීය ආර්ය ජන සංක්‍රමණය තුළින් ආරම්භ වූ ලක්දිව මැටි කර්මාන්තය ඉතා දියුණු මට්ටමක පැවතුණි. ඓතිහාසික වශයෙන් ලක්දිව ඉතිහාසය ගොඩනඟා ගැනීමේදී මෙතුළින් මහත් පිටිවහලක් ලැබී ඇත. පුරාවිද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගනු ලැබූ සාක්ෂි වලට අනුව මුල්කාලීනව අක්ෂර ලිවීම සඳහා යොදා ගෙන ඇත්තේද මැටි බඳුන් බවට අනුරාධපුර ඇතුල් නුවර කැණීම් මගින් හමුවන තොරතුරු ප්‍රබල සාක්ෂියකි. කෙසේ හෝ මුල්කාලීනව මැටි කර්මාන්තය ලක්දිව පැවති බවට බොහෝ පුරා ස්ථානයන්ගෙන් සාක්ෂි හමුවන අතර වැඩි වශයෙන් මෙගලිතික සුසාන ආශ්‍රිතව බහුල වශයෙන් සොයාගෙන ඇත. ක්‍රමයෙන් විකාශනය වෙමින් පැවති මැටි කර්මාන්තය දුමින්දාගමනයත් සමග වෙනම කුලයක් මෙරටට පැමිණීමත් සමග කිසියම් වර්ධනීය අවස්ථාවක් පෙන්නුම් කරයි. අනතුරුව ලක්දිව මුළුල්ලේම කුඹල් කර්මාන්තය ව්‍යාප්ත වූ අතර මේ කර්මාන්තයේ පමණක් නියෑළෙන පිරිස් වෙසෙන ගම්මානද බිහි විය. පෙර රජ දවස විශේෂ අනුග්රහයන් කුඹල් කර්මාන්තය සඳහා හිමි වූ අතර එහි නිරත වූ පිරිස් සඳහා විවිධ ප්‍රදානයන්ද සිදු විය. මේ ආකාරයෙන් ලක්දිව මූලාරම්භය සිදු වූ කුඹල් කර්මාන්තය ඇසුරෙන් ජන සාහිත්‍යයක් නිර්මාණය වූ අතර ඒවා විවිධාකාරයෙන් යුක්ත විය. එසේ නිර්මාණය වූ ජන සාහිත්‍යය කවි සම්ප්රදායක වූ අතර එය අංශ කිහිපයක් යටතේ දක්නට ලැබිණි. එනම් තේරවිලි කවි, ආදරය ගැන ලියවුණු කවි, කුඹල් කර්මාන්තයේ කාර්යයන් පිළිබඳ ලියවුණු කවි කුඹල් ගම්මාන පිළිබඳ ලියවුණු කවි යනාදී වශයෙන් ක්ෂේත්‍ර කිහිපයකින් යුක්ත විය. ලාංකේය ගැමි ජනතාව බෙහෙවින් තම ජීවනෝපාය කෘෂිකර්මාන්තය ඇසුරෙන් ගොඩනඟා ගත් අතර එහිදී සිදු කෙරුණු කටයුතුවලදී තමාට දැනෙන කාන්සිය, පාලුව, තනිකම, විඩාව, දුක යනාදිය මඟහරවා ගැනීමට ඔවුන් විසින්ම විවිධ කවි නිර්මාණය කරගන්නා ලදී. එසේ නිර්මාණය කරගනු ලැබූ කවි, ජනකවි වශයෙන් හඳුන්වනු ලැබූ අතර කුඹල් කාර්මාන්තය ආශ්රයෙන්ද එවැනි කවි සම්ප්‍රදායන් නිර්මාණය විය. ගැමි ජනතාව අතින් පමණක් නොව විදග්ධ කවියන් කිවිඳියන් අතින්ද කුඹල් කර්මාන්තය හා ඔවුන්ගේ ජන ජීවිතය මෙන්ම එම සමාජ ක්‍රමය පිළිබඳ කවි රචනා වී ඇත. කුඹල් කර්මාන්තය සම්බන්ධයෙන් අතීතයේ සිට මහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයක් වශයෙන් අත්තිඩිය පෙන්වා දිය හැකිය. හයවන පරාක්‍රමබාහු රජුගේ පාලන සමයේ ඔහුගේ යුද සේනාවේ සිටි සෙබළු විශාල ප්‍රමාණයක් කුඹල් ප්රජානුගත පිරිස් වූහ. ඔවුන් තමන්ගේ බිරින්දෑවරුන් සමග කුඹල් ජනතාව ජීවත් වූ අත්තිඩියේ ජීවත් වූ අතර සෙබළුන්ගේ බිරියන් රූමත් කාන්තාවන් බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කවියකින් මෙසේ දක්වා තිබේ. සිත් එඩියෙන් යුදකර තම හිමි යෙහෙනා ලත් පඩියෙන් සතුටුව ඉඳ මන මතිනා මත් වැඩියෙන් ලිය ගී කියන තැන තැනා අත්තිඩියෙන් වන් ලද ලිය දැක සොබනා රාහුල හිමියන් අත්තිඩියේ ජීවත් වූ කුඹල් ස්ත්‍රීහු දුටු ආකාරයටම ඔවුන්ගේ රූප සෙබාව පිළිබඳ බෙල්ලන්තොට ජීවත් වූ කවියෙක් තමාගේ සිතුවිල්ල මෙසේ දක්වා ඇත. අල්ලන්නට හිතයි දෑඟිල්ලෙන් දෙතන කොල්ලන් වශී කරවයි කුඹලගෙ අඟන එක්කන් ඇවිත් තබනට වෙද බිරිය මෙන බෙල්ලන්තොට ගෑනු මට මොකටද ඉතින ශෘංගාරාත්මක බවින් යුක්ත මෙම කවිය තුළින් කුඹල් කාන්තාවන් රූපයෙන් ඉතා ඉහළ වූ බව ප්‍රකාශිත වේ. මේ කවියාගේ කවි සිතුවිල්ල දුටු කුඹල් ජනතාව අතර ජීවත් වූ කවි පිළිබඳ දන්නා අයෙකු එම කවියට මෙසේ පිළිතුරක් සපයා තිබේ. කෙල්ලන් ලස්සනයි කවදත් කුඹලුන්ගේ නැග්ගෙන් මදන විෂ මොකටද දඟලන්නේ එක්කන් යන්න කවදාවත් බැරි වන්නේ කොල්ලන් කුඹල් සමඟයි උන් සැනසෙන්නේ මේ කවියෙන් ප්‍රකාශිත කරුණ වනුයේ කුඹල් ස්ත්‍රීන් තමන්ගේ කුලයෙන් පිටත විවාහ නොවන බවයි. එයද ඔවුන්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන එක් සුවිශේෂී අවස්ථාවක් වන අතර එය කවියේ අර්ථයෙන් මැනවින් පිළිබිඹු කෙරේ. ලක්දිව ජීවත් වූ සුප්‍රසිද්ධ කිවිඳියක් වශයෙන් ගජමන් නෝනා වැදගත් තැනක් හිමිකරගන්නා ලදී. ගජමන් පුවත හා සම්බන්ධවන තවත් සුවිශේෂී චරිතයක් වනුයේ ඇලපාත මුදලිගේ චරිතයයි. මොහු ගජමන් නෝනාට ආදරය කළ අතර ආදරය ප්‍රකාශ කරමින් ලියා යෑවූ කවියට පිළිතුරු ලබාදීමේදී නාකුළුගමුවේ ජීවත් වූ කුඹල් ප්‍රජාව පිළිබඳ තොරතුරු හා කුඹලාගේ ස්වභාවය පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් එතුළින් එළිදක්වා ඇත. එනම්, ඇල්පාත මුදලි යෑවූ කවිය ලස්සන මුහුණ පෝදා පුර හඳ වැන්නේ ඇහිබැම දෙක හැඩය අරගෙන දේ දුන්නේ ඉඟසුඟ ලමැද රණහස මට සිහි වන්නේ එවනෙමි තැපෑලෙන් හාදුවකුදු නෝනේ ගජමන් නෝනා සැපයූ පිළිතුරු කවිය හාදුව මොටද පහසට හිමි ළඟ නොමැති එවුවට තැපෑලෙන් ඒකෙන් පලක් නැතී නාකුළුගමුවෙ කුඹලෙක් මගේ පහස ගතී දුන්නා හාදු වැස්සක් මට සිත කැමැති ඇලපාත මුදලි ලියූ පිළිතුරු කවිය හැඩි දැඩි සිරුර මැටි තැවරුන එම දෑත කඩනෙමි මෙමා හිටියේ නම් ළඟ පාත දහදිය පෙරෙන කූඹලාගේ ගඳය ගත සියුමැලි සොඳුරු රන් කඳෙකිය ඇල පාත ගජමන් නෝනා යෑවූ පිළිතුරු කවිය දහඩිය පෙරුණ මුත් සවිමත් කුඹල් ගත කළ දේ රසය මා සිත තුළ රැඳී ඇත ලැබුණා රතී සුවය ඔහුගෙන් මෙමට ඉත කුඹලගෙ ළඟදි ඇලපාතට තැනක් නැත මේ ආකාරයෙන් දෙදෙනා අතර විරසක ස්වරූපයෙන් අදහස් කවියෙන් ඉදිරිපත් කෙරුනු නමුත් පසුව ගජමන් නෝනා ඇලපාත මුදලි සැනසීම සඳහා මෙසේ කවියක් ලියා යවන ලදී. එනම් ගජමන් නෝනා ලියූ කවිය රිදුනද සිත මගේ පෙම්බර මැති සඳුනේ කුඹලෙකු සමග නැත මා වරදෙහි බැඳුනේ පෙම්බර ළඳක් ඔබෙ පහසය ඉල්ලන්නේ කොහොමද තැපෑලෙන් ඔබ එය සපුරන්නේ ඊට පිළිතුරු ලබාදෙමින් කවියක් ලියු ඇලපාත මුදලි නාකුළුගමුවේ කුඹළුන් ගැන පැහැදීමකින් යුතුව සිය අදහස් දක්වා ඇත්තේ මෙපරිද්දෙනි. ඇලපාත මුදලි ලියූ පිළිතුරු කවිය දහදිය පෙරා වෙහෙසන නාකුළු ගමුවේ ශීලාචාර කුඹලුන්මය මා දුටුවේ ඔබ ඔහු පොළඹ ගත්තා යෑයි මා සිතුවේ ළඟදිම එමි එවිට හාදුවේ රස මතුවේ තවද තොරතුරු විමසා බැලීමේද ජනප්‍රවාද ඇසුරෙන්ද කුඹල් කර්මාන්තය සම්බන්ධ කාව්‍යයන් හමුවේ. එනම් ලක්දිව වැඩ සිටින දෙවොල් දෙවියන් සීනිගම් තොටින් ගොඩබසිනු ලැබූ බව දෙවොල් උත්පත්ති කතාවෙහි ඇතුළත් වේ. දෙවොල් දවියන් ලක්දිවට ගොඩබසින විටදී ලක්දිව කුඹල් කර්මාන්තය පැවති බවට සාක්ෂි පහත කවි ඇසුරෙන් පෙනීයයි. සත් මුහුදක් පසුකරගෙන එන්නේ සීනිගමදී ලක්බිම දැක ගන්නේ කුඹලුන්ගෙන් සත්කාර ලබන්නේ උතුම් දෙවොල් දෙවි පිහිට ලබන්නේ ගෙයි මිදුලේ මැටි ගොඩකිය තිබුණේ කුඹල් කතකි එහි සිට ගෙන උන්නේ උතුම් දෙවොල් දෙවියන් අනු හසිනේ මැටි ගොඩමත දෙවි රූපය මැවුනේ මෙතුළින් ඈත අතීතයේ සිටම කුඹල් ජනතාව ජීවත් වූ බව ජනසාහිත්‍යයේ එය සඳහන් වී තිබීමෙන් පැහැදිලි වේ. ජනකවි සාහිත්‍යයේ එක් පැතිකඩකි තේරවිලි කවි සම්ප්රදාය. තේරවිලි කවි සම්ප්රදාය බෙහෙවින් ජනප්‍රිය වූ අතර උපහාසය, හාස්‍යය, උපදේස යන සියලු අංශයන් ආවරණය වන පරිද්දෙන් රචනා වූ තේරවිලි කවි වැදගත්වේ. ලක්දිව ජීවත් වූ වැදගත් පුද්ගලයෙකු වශයෙන් සැලකෙන අන්දරේ විසින් කූඹල් ප්‍රජාව පිළිබඳ රජුට තේරවිලි කවි ඉදිරිපත් කරමින් විස්තර කිරීමද සුවිශේෂී වේ. නිරතුරුවම එතුළින් රජු සැනසීමට අපේක්ෂා කරන ලදී. අන්දරේ විසින් කියූ තේරවිලි කවිය ලොකු බඩ ගෙඩිය ගෙල හීනිය කට ලොකුය බිම සිටි කලට එක තැන හිඳිනා බැරිය උකුලේ තබා ලඳ මිරිකුවේ බෙලි ගෙඩිය දෙනිපිටියෙදී දුටුවෙමි තෝරනු බැරිය රජු විසින් ලබාදුන් පිළිතුර බඩ පුරවන්න දිය බොන ඒ කට ලොකුය අල්ලනු පහසුවට හීනිය බෙලි ගෙඩිය එක තැන නොසිටි දුටු ගමදී දෙනි පිටිය දැක ඇත අන්දරේ කුඹලගෙ කළ ගෙඩිය මේ ආකාරයෙන් සමාජයේ ජීවත් වූ කුඹල් ප්‍රජාව පිළිබඳවත් ඔවුන්ගේ නිර්මාණ පිළිබඳවත් ජනසාහිත්‍ය තුළ අන්තර්ගතව පවතී. එමෙන්ම සුවිශේෂී අයුරින් ඔවුන්ගේ කාර්යය පිළිබඳ කුඹල් ප්‍රජාව අතින් නිර්මාණය වූ කවිද විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ඒ කවි තුළින් ඔවුන්ගේ සමාජ පසුබිම, ඔවුන්ට අත්විඳින්නට සිදුවන දුක්ගැහැට, කුඹල් කර්මාන්තයේ ස්වභාවය යන පැතිකඩයන් අනාවරණය කරනු ලබයි. එසේ හෙළිදරව් කරමින් නිර්මිත ජනකවි කිහිපයක් මෙසේ පෙන්වාදිය හැකිවේ. මැටිගොඩ අනා සකපෝරුවෙ තියන්නේ අතකින් කරකවා ගෙන ඉදි කරන්නේ කැලයෙන් දර සොයාගෙන ගිනි පිඹින්නේ කවුරුද මහතුනේ මගේ දුක දකින්නේ මැටි හාරන්න බැස ගත්තේ වළ තුළට මැටි ගොඩ ගන්න කවුරුත් නැත උදව්වට තනිවම ගොඩ ගනිමි බර අරගෙන කරට සුරිඳුනි කදිර පුර ලැබදෙනු මැන පිහිට පය රිදෙනවා පාගා මැටි පදම් කොට ගත දැවෙනවා සිදු වී ගිනි තපින්නනට සිත රිදෙනවා මිල අඩුවෙන් කියන කොට දෙවිඳුනි සිව්වරම් පිහිටයි කුඹල් මට මල්ලියෙ වරෙන් මැටි ටික ගොඩ දාගන්න නංගියෙ වරෙන් මැටි ටික පාගා ගන්න ලෝකයේ සියලු දෙවියන් හට තේරෙන්න ආගිය තැනදි මේ කවි පවසමු ඔන්න මිදුලේ වලං පෝරණුවට ගිනි තැබුවා මහ වැහි වළාවක් උඩු පැත්තෙන් ආවා බේරා ගන්න වෙන පිළිවෙළකුදු නැතුවා අමුඩය ගලවලා පෝරණුවට වැසුවා මැටි ගොඩ දමාගෙන දෙපයෙන් පාගන්නේ ඒ මැටි තමයි සක පෝරුවේ කැර කෙන්නේ ජීවත් වන්න මය මේ හැටි දුක් ගන්නේ මගෙ මස්සිනා කවද ද මා ගෙන යන්නේ යනාදී වශයෙන් නිර්මාණය වූ ජනකවි තුළින් කුඹල් ජනතාවගේ ජීවන තත්ත්වයන් මෙන්ම ඔවුන් තමන්ගේ කාර්යයේ නිරතවීමේදී මුහුණදුන් ගැටලු, භාණ්ඩ අලෙවියේදී මුහුණ පෑ තත්ත්වයන් හොඳින් පෙන්වා දෙනු ලබයි. ලක්දිව මැටි කර්මාන්ත (කුඹල් කර්මාන්තය) ඇසුරෙන් ගැමි ජනයා මෙන්ම විදග්ධ කවියන් අතින්ද එහි ස්වභාවය හා අනෙකුත් සියලු තොරතුරු ඇසුරෙන් කවි නිර්මාණය සිදු කරනු ලැබූ බවත් ජන සාහිත්‍ය තුළ නවමු ආකාරයකින් නිර්මාණය වූ කවි සම්ප්රදායක් වශයෙන් කුඹල් කර්මාන්තය ආශ්‍රිතව බිහි වූ කවි ඉහතින් දක්වන ලද තොරතුරු අනුව පෙන්වා දීමට හැකිය. එච්. බී. එල්. හේවගේ මහතා විසින් අන්තර්ජාලයට ඇතුලත් කල ලිපිය ඇසුරෙනි ආදරයේ උල්පත අම්මා ......................