Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ආවේශය. Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ආවේශය. Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 31 Dec 2016 11:05 PM ඔයා කියනවනේ ඉතින් එහෙනං හා................. සඳුනිVeteran MemberPosts:2462 31 Dec 2016 05:40 PM මම දැනට නිර්මාණය කර ඇති කතා (මගහැරුණු අය වෙනුවෙන්.) 01. කදුලත් සැනසුමක්. 02. මියෙදෙන තුරා. 03. පුංචී හිමායා (කෙටි කතාව) 04. පිළිසරණ ඹබයි(කෙටි කතාව) 05.ආවේශය 06. සැගවුණු කදුළු.(කෙටි කතාව.) 07. හිරුයි තරුයි.(ඉදිරියට) එහෙනම් හෙට ඇරඹෙන නව වසරත් එළ කිරි වසරක් වේවා. බුදු සරණයි. මම සදු.... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 31 Dec 2016 04:20 AM මගෙ කතාවත් එක්ක රැදිලා හිටිය ඔයාලා හැමොටම ගොඩාක් ස්තුතියි. අළුත් අවුරුද්දේ අළුත් විදියට අළුත් දවසක අළුත්ම කතාව හෙට පටන් ගන්නවා. හිරුයි තරුයි. ඔයාලත් එකතු වෙන්න. බුදු සරණයි. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 31 Dec 2016 04:16 AM මට තාව වරම් ලැබිලා නෑ අනේ දිනයක වැටහේවී........... chamaramindMost Senior MemberPosts:13471 30 Dec 2016 05:08 PM මටත් බැරිද තොවිලයක් කරලා දෙන්න හරිම ලස්සන කතාවක්.මමත් කියෙව්වා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... සඳුනිVeteran MemberPosts:2462 30 Dec 2016 11:38 AM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ දහඅටවන කොටස.(අවසන් කොටස) ‘‘ලොකු තොවිලයක් කරන්න වෙනවා.‘‘ ‘‘එතකොට හරි යයිද?.‘‘ ‘‘නැතුව නැතුව. මතකනේ මානෙල් දුවගේ අම්මට ඒ කාලේ කරපු තොවිලය.‘‘ චුටී සියා අම්මා දෙස බලා මද සිනහවක් පාමින් අයියාගේ පැනයට පිළිතුරු දුන්නා. ඔහුගේ ඒ කතාවට අම්මාගේ මූණ අදුරුවී යනවත් සමගම අම්මා තාත්තා දෙස හොරහින් බැලුවා. අම්මා දන්නවා තාත්තා අපිත් එක්ක ඒ දේවල් කතා කරනවට අකමැතී බව. නමුත් තාත්තාගේ මුහුණේ තිබුණේ තිබුනේ මද සිනවකත් සමග ජයග්රාහි හැගීමක්. තාත්තගේ ඒ හැගීම කියා පෑවේ ඒ ගැන කතා කරන්න අකමැති නෑ කියන එක තේරුම් ගත්තු මම ඒ ඇසිල්ලෙන්ම කතාව අහගන්න හිතුවා. ‘‘චූටී සීයත් ආවද ඒ කාලේ.‘‘ ‘‘ඔව් දෝණී . මම විතරක වෑ.‘‘ ‘‘මමත් උදව්වට ආවා.‘‘ චුටී සියාගේ කතාවට බාධා කරමින් තාත්තා චුටි සීයා කියාගෙන පැමිණී දෙය අවසන් කලා. ඒ වෙද්දී චුටී සීයටත් තේරිලා වන්නට ඕනේ තාත්තා ඒ ගැන කතා කරන්නට අකමැති බව. ඔහු තාත්තා දෙස බලමින් තනිවම සිනා සුනා. ‘‘ ඇයි චූටී මාමේ.‘‘ ‘‘පුතේ ඔබ තාම ඔය පොරොන්දුව රකිනවද?‘‘ ‘‘ඒත් .‘‘ ‘‘ඒත් නෙමෙයි. මේ දරවන්ටත් ඔය දෙවල් දැන ගන්න ඉඩ දීපන් පුතේ.‘‘ චූටී සියා අපි සැමටම ඇසෙන අයුරින පැවසුවා. ‘‘ඔව් චුටී මාමේ මම හිතනවා ඒ රහස හංගගෙන මම මගේ දරුවන්ට කලේ ලොකු වැරැද්දක් කියලා.‘‘ ‘‘ඔව් වැරැද්දක් තමා. දැන්වත් ඒක හරි ගස්ස ගනින් පුතේ.‘‘ තාත්තා ලොකු සුසුමක් හෙළලා මගේයි අයියාගෙයි දිහා අයාචනාත්මකව ස්වරූපකින් බැලුවේ අනේ මට සමාව දෙන්න මගේ දරුවනේ කියන්න වගේ. ‘‘මොකද කට්ටිය වට වෙලා. අනේ මට කලින් එන්න බැරි වුණා අංකල්.‘‘ විවෘතව තිබූ ඉදිරිපස දොරෙන් නිවසට ඇතුල් වෙමින් ඇමතුවේ ඉශාන් අයියා. ‘‘ඒකට කමක් නෑ පුතේ දැන් ආවනේ. ඔයත් ආපු එක හුගක් හොදයි.‘‘ ‘‘මේ දරුවා කවුද?.‘‘ චූටි සීයා ඉශාන් අයියා දෙස හිසේ සිට දෙපතුළට යන තෙක් හොදිසියෙන් බලමින් විමසා සිටියා. ‘‘ආ.. චූටි මාමේ කියන්න බැරි වුනානේ මේ ඉශාන් පුතා .අපේ දෝණිව බදින්න ඉන්න පුතා.‘‘ ‘‘අනේ ඇත්තද? ලබන අවුරුද්දේ මංගල්ලේට දිනත් දාගෙන කිවුවට මම මේ පුතාව අදනේ දැක්කේ.‘‘ ඉශාන් අයියත් සිනා සී චුටී සියා අසලින්ම වාඩී වුණා. ‘‘දැන් ඔය මංගල්‍ය දෙකම එකම දවසේ කරා නම් නරකද?‘‘ ‘‘ අපේ කිසිම අකමැත්තක් නෑ ගුරුන්නාසේ . මේ කරදරෙන් අපේ ළමයා ගොඩ අරන් ඉන්න ඕනේ. සේරටම කලින්.‘‘ ‘‘මට ගුරුන්නාසේ කියන්න එපා . අපි දැන් නෑයෝ වෙන්න නොවැ ඉන්නේ.‘‘ ‘‘ඒත් අපේ දරුවා මේ කරදරෙන් නිදහස් කරලා දෙන මනුස්සයට දෙයියෝ කිව්වත් හිතට මදි වගේ.‘‘ ‘‘බය වෙන්න එපා දුවේ . කිරි ගහට ඇන්න් වගේ වැඩේ තියෙයි. වැඩි කල් දාන්නේ නෑ තව දවස් තිනෙන් සේරම කරදර ඉවරයි.‘‘ ‘‘අනේ ගුරුන්නාසෙට ගොඩාක් පිං.‘‘ හිමාලගේ අම්මා එහෙම කියද්දී චුටි සියා සිනහා වෙමින් බලා සිටියා. ‘‘දෝණී අර දුවව ඇහැරවන් එන්න.‘‘ ‘‘හා චුටී සීයේ.‘‘ මම හේතු අහන්නේ නැතුවම හිමාව අවදිකරන්න ගියා. හිමා හොදටම නිදි ඇරවන්නත් ලෝබයි. අවශ්‍ය වැඩක් වෙන්න ඇතිනේ කියලා මම හිමාව ඇරවගෙන ආලින්දයට ආවා. ‘‘ ඇයි චූටි සියේ හිමා නංගව එක්ක එන්න කිව්වේ.‘‘ ‘‘තාත්තා හංගන රහස කියන්න. ආත්ම, දේවාල, බූතයෝ , පේතයෝ , පිසාචයෝ, කුම්බාන්ඩයෝ හුගක් අය විශ්වාස කරන්න කැමති නෑ. විශ්වාස කරන එකත් පිස්සුවක් වෙලාවකට. ඒත් අපි හැදේම දැන ගන්න ඕනේ. දැන් ඔයාලගේ අම්මට ඒ ගැන අත්දැකීමක් තිබුන නිසානේ මේ දුවගේ තත්වය දැන ගෙන මාව ගෙන්න ගත්තේ.‘‘ ‘‘ඔව් ඔයා හරි චුටී මාමේ . අද මම ඇත්ත කියනවා.‘‘ ‘‘අන්න හොදයි. එක් එක්කෙනා හිතන්නේ එක එක විදියට .අපිට බෑ අනිත් අයගේ හිත් වලට නීති දාන්න. අනික ඔයා හිත විදියේ අවුලක් ඇතිවෙන්නෙත් නෑ මේ ළමයි ඕක දැන ගත්තට.‘‘ ‘‘ඔව් චූටී මාමේ. දෝණි , ලොකු පුතේ ඔයාල දන්නේ නෑනේ මමත් ඉස්සර ඔය සේරම ශාන්ති කර්ම කලා.‘‘ ‘‘ඒ කියන්නේ තාත්තා ගුරුන්නාන්සේ කෙනෙක්ද?.‘‘ ‘‘ඔව්.‘‘ ‘‘ඇයි ඉතින් තාත්තා අපෙන් ඕක හැංගුවේ. හිමා නංගට අසනීප වුන වෙලේ හරි කියන්න තිබුනනේ.‘‘ ‘‘ඔව් පුතේ. ඒත් මම ඒ දෙවල් වලින් ඈත් වෙලා හුගක් කල්. ඒක හින්දා දෙයක් කරන්න බය හිතුනා.‘‘ ‘‘ඉතින් තාත්තේ අම්මා කිව්ව කතාවේ තරුණ කට්ටඩියෙක් හිටියේ නෑනේ.‘‘ බලන් ඉද්දිම අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම මූණු වල ලස්සන සිනහවක් ඇදුණා. ‘‘තාම මම තාත්තා අපේ ගෙදර ආපු හරිය කිව්වේ නෑ දෝණි.‘‘ ‘‘අනේ ඉතිං කියන්නකෝ අම්මේ.‘‘ මම අම්මාගේ ගෙල වටා දෑත් යවා තුරුළු කර ගනිමින් සෙටියේ ඇන්ද මත හිද ගත්තා. ‘‘අනේ ඔව් අම්මේ අර ආච්චී අම්මා දේවලේදී පිරිමි කට හඩකින් කතා කරා කිව්වේ ඊට පස්සේ මොකද වුනේ.‘‘ ‘‘ ආ ඔව්. එදායින් පස්සේ අපි හොදටම දැන ගත්තා අම්මාගේ ඇගේ ආත්මයක් ඉන්නවා කියලා. තාත්තා හුගක් ගුරුන්නාසේලා හොයාගෙන එක එක පුජා කලා තොවිල්ම කීයක් කරන්න ඇද්ද කිසිම හොදක් වුනේ නෑ. තිබුණ සල්ලිත් නැති නාස්ති වුනා විතරයි. පස්සේ හොයලා බලනකොට ඒ ආපු ඔක්කොම හොරු. කරන්න පුළුවන් දෙයක් නෑ. අම්මාගේ බඩේ තිබුණු ගෙඩියත් එන්න එනනම ලොකු වුනා බලන් ඉද්දිම.සේරම හොරු .මොකද කරන්නේ කියලා හිත හිතා ඉද්දි තමා ඔයාලගේ තාත්තා අපේ ගෙදෙට්ට උඩ තිබුණ ගෙදරට ආවේ.‘‘ ‘‘ඒ එද්දිත් තාත්තට මේ වැඩ පුළුවන්ද අනේ.‘‘ ‘‘ඔව් දෝණී ඒ වෙනකොටත් මම වරන් අරන් ඉවරයි. කබල්ලෑව, මුන්නේස්සරම්, කතරම, සමන්දේවාලේ, අනුරාධපුරේ මේ හැම තැනකම ගිහින් කරන්න ඕනේ සේරම කරලා වරං අරන් හිටියේ.‘‘ ‘‘වරං ගන්නවා කියන්නේ මොකද්ද තාත්තේ.‘‘ ‘‘වරං ගන්නවා කියන්නේ මේ දේවල් ආවට ගියාට කරන්න බෑ. ඔය කියපු හැම තැනකටම ගිහින් දෙවියන්ගෙන් අවසර ගන්න ඕනේ පුජා තියන්න ඔනේ. මුක වරං ගන්න ඔනේ. දේව ආභරන ගන්නත් ඒ පුද පුජා කරන්න ඔනේ.‘‘ ‘‘අනේ අපිට ඕවා තේරෙන්නේ නෑ චුටී සීයේ.‘‘ ‘‘ඒ දේවල් හැමදේම පරතෙරටම දැන ගන්න ඕනේ නෑ. ඒත් යන්තම් හරි දැනන් ඉන්න එක වටිනවා. ‘‘ ‘‘අංකල් ඒ කාලේ පොඩි කොල්ලෙක් වෙන්න ඇතිනේ.‘‘ ‘‘මට එතකොට මට වයස විසි එකයි අම්මට දාහතයි.‘‘ ‘‘ ඉතින් ඉතින්.‘‘ ‘‘මම ගියේ ඔයාලගේ අම්මලගේ ගෙට උඩ ගෙදර මගේ යාළුවගේ ගෙදර. මට දේවලයක් හදන්න ඔනේ වෙලා ඉද්දී ඒ යාළුවා කිව්වා එයාගේ ගමට එන්න කියලා. මාත් ඉතිං නිකමට වගේ ගියා. ඒ ගිහාම තමා මට ඔයාලගේ අම්මා හමුබුනේ..‘‘ ‘‘දැන් කොහොමද දෙන්නා සෙට් වුනේ.‘‘ ‘‘දොණී මොකද්ද ඔය කතා කරන විදිය.‘‘ අම්මා ලැජ්ජාවටද කොහෙද මට තරවටු කරද්දී තාත්තා හිනා වෙනවා. තාත්තාගේ හිනාව දකිද්දී හැමෝටම හිනා ගියා. ‘‘අම්මට ලැජ්ජා හිතිලා වගේ නේ අයියේ.‘‘ ‘‘මොකට ලැජ්ජ වෙනවද?. තාත්තා දේවාලේ හදන්න ගත්තේ අපේ ගෙට උඩ තිබුණ ලොකු නුග ගහ යට. ලොකු පුජා උත්සව නිතරම තිබුන නිසා අපි සේරටම යනවා. ඒවා බලන්න. ඔයාලගේ තාත්තා ඒ නුගේ යට බෝ ගහක් හිටෙව්වා. අන්න ඒ උතස්සවයෙදි තමා කපිල මුලින්ම මාත් එක්ක කතා කලේ.‘‘ ‘‘තාත්තා මොනවද අම්මේ ඔයාට කිව්වේ කැමතී කිව්වද? ආදරෙයි කිව්වද?.‘‘ ‘‘පිස්සුද දෝණි අපි ගම් වල කෙල්ලෝ අදුරන්නැති මිනිස්සුත් එක්ක කතා කරන්නත් බයයි. ඔයාලා මේ පහළ ගෙදර නේද කියලා ඇහුවා විතරයි. මම ඉතින් උත්තර දුන්නේ නෑ. සද්ද නැතුව ගෙදර දිව්වා.‘‘ ‘‘ඒ මොකද?. ඊට පස්සේ.‘‘ ‘‘කොහොම හරි ඔයාලගේ තාත්තා අපේ තාත්තා එක්ක යාළු වුනා. වසන්ත අයියත් එක්ක නිතර අපේ ගෙදර ආවා. පුතාට මතකයි නේද වසන්ත මාමා.‘‘ ‘‘ඔව් ඔව් අර උඩ ගෙදර මාමා නේද?.‘‘ ‘‘ඔව් ඔව්. පස්සේ දේවලේ හොදට කරන් ගියා. මාර සෙනගක් ආවේ. අර ගමේ හිටිය කට්ටඩියට කර කියා ගන්න දෙයක් නෑ. ඌත් හොරෙක් ඌ කාටවත් කරපු හොදක් නැති හිංදා ගමේ මිනිස්සු ඒ කට්ටඩියට කැමති නෑ.‘‘ ‘‘පස්සේ.‘‘ ‘‘ඔයාලගේ තාත්තා අපේ තාත්තට කියලා තිබුනා . අයියේ උබ බය වෙන්න එපා ඔබලෑ දරුවෝ වෙනුවෙන් මම අක්කව මේ කරදරෙන් ගලවලා දෙන්නම් කියලා.‘‘ ‘‘තාත්තා අයියද කිව්වේ සීයට.‘‘ ‘‘ඔව් පුතේ ඒ කලේ මම ඔයාලගේ අම්මා බදින්න හිතන් හිටියේ නෑ. අම්මා එතකොට හෙන ලැජ්ජයි පේන්නවත් එන්නේ නෑ . අපි එනවා දකිද්දිම හැංගෙනවා.‘‘ ‘‘කොහොමද හොද කලේ.‘‘ ‘‘මම අළුත් නිසා ඒ තරම් ලොකු තොවිලයක් කරන්න මට බෑ තනියෙන් මම චුටී සීයව ගෙන්න ගත්තා. චූටි සියා හින්දා තමා මමත් ඒ දේවල් කරන්නත් හිතුවේ.‘‘ ‘‘මම ඇවිත් බැලුවා. ගෙට ගොඩ වෙද්දිම දැනුනා ලොකු හුණයමක් කරලා කියලා. ඒ මදිවට පෙරේත විමනක්. එක දිගට තොවිල් කීපයක් කරන්න වුනා.‘‘ ‘‘ මොනවද තොවිල් වලදී කරන්නේ.‘‘ ‘‘මම ආපු දවසෙම මානේල් දුවගේ තාත්තගේ කාමරේ නුලක් මැතිරුවා ආරක්ෂාවට දාන්න. මම කිව්වා ආතුරයව මම ඉන්න දිහාට එවන්න එපා කියලා. මොකද අර ලග තිබුණ දේවාලේ හිටිය කපුවා. ආත්මය අයින් කරනවා වෙනුවට ඒ ආත්මයේ බලය තවත් වැඩි කරලා තියෙන්නේ කියලා මම දන්න හිංදා.‘‘ ‘‘ඇයි චුටී සියේ ඒ කට්ටඩියා එහෙම කරන්නේ.‘‘ ‘‘ඉඩම් අයිතිකර ගන්න .අපි එද්දී ඒ මිනිහා ගමේ පව්ල් ගොඩක් විනාශ කරලා නැත්තටම නැති කරලා තිබුනේ. පුදුමයි මානෙල් දුවගේ අම්මගේ වාසනාව අපි එනකන් ජීවත් වුන එක. ඒ කරලා තිබුණ ඒවැ හැටියට වෙන මනුස්සයෙක් නම් මැරිලා.‘‘ ‘‘මහ ජරා කට්ටඩියෙක්නේ.‘‘ ‘‘එහෙම තමා තණ්හාව හැදුනම.‘‘ ‘‘ඊට පස්සේ.‘‘ ‘‘මමයි පුතයි කාමරේ නුල මතුරද්දී . මානේල් දුවලගේ අම්මා හැදුවෙම අපි ඉන්න තැනට එන්න. ඇගේ හිටිය ආත්මයට ඕනේ වෙලා තිබුනේ ඒ වැඩේ නවත්තන්න.‘‘ ‘‘ඉතිං ආච්චී මොකද කලේ. ..‘‘ ‘‘කාමරයට එන්න දෙන්නේ නැති නිසා බිත්තිය දිගේ නගින්න ගත්තා. අපි ඉන්න කාමරයට එන්න.‘‘ ‘‘බිත්තිය දිගේ‘‘ ‘‘ඔව් මම එළියට ඇවිත් බැලුවා කට්ටය බහින්න කියලා කෑ ගහද්දී. මානෙල්ලගේ අම්මා ස්පයිඩර් මෑන් වගේ බිත්තිය උඩටම නැගලා. මාව දැක්කා විතරයි මගේ බෙල්ලට පැන්නා. මගේ බෙල්ල මිරිකලා මරන්න හැදුනේ. චූටි මාමා එතකොටම අපි මතුර මතුර හිටිය නූල පිටිපස්සෙන් ඇවිත් කරේ බැන්දා.‘‘ ‘‘ඉතින්.‘‘ ‘‘ පස්සේ ටිකක් සන්සුන් වුනා.‘‘ ‘‘අම්මෝ.‘‘ ‘‘ඊට පස්සේ කරේ බඩේ ගෙඩිය හොද කරපු එක.‘‘ ‘‘තාත්තා බෙහෙත් කරන්නත් දන්නවද?.‘‘ ‘‘නෑ නෑ. ඒ ගෙඩිය බෙහෙත් කරලා හොද කරන්න පුළුවන් එකක් නෙමේ. බැරි වෙලා හරි උපරේෂන් කලානම් මැරෙන්නත් තිබුනා.‘‘ ‘‘ඒකත් වරං වලින්ද කලේ.‘‘ ‘‘ඔව් පුජාවක් කලා වෙනමම.‘‘ ‘‘ඒක නම් ඇත්තටම හාස්කමක්. තෙල් වර්ග ගොඩක් තාච්චියට දාලා රත් කරලා ඒකට දෙහි කපලා දැම්මා. ඔයාලා පිළි ගනීද මන්දා. මෙහේම පැහෙන තෙල් තාච්චියට අත දාලා තෙල් අරන් ගෙඩිය තිබුන තැන ගෑවා.‘‘ ‘‘ බඩ පිච්චුනේ නැද්ද?.‘‘ ‘‘නෑ.. බඩවත් තාත්තගේ අතවත් පිච්චිලා තිබුනේ නෑ. පහුවදා බලද්දි ගෙඩියක් තිබුණ තැරනක් වත් නෑ.‘‘ ‘‘මාරයිනේ. එහෙම වෙන්නේ කොහොමද?.‘‘ ‘‘ඒකනේ හාස්කමක් කිව්වේ.‘‘ ‘‘අදහන්නත් අමාරුයි. ඊට පස්සේ.‘‘ ‘‘ඊට පස්සේ ලොකු තොවිලයක් කලා. කරලා තිබුණ හුනියම කපලා . පෙරේත තට්ටු දිලා , බහිරව පුජා තියලා, ගෙයි පවුන්ඩේෂන් එකේ යට කරලා තිබුණ මිණී අළු මුට්ටිය හරලා ගත්තා. පස්සේ ගේ ආරක්ෂා කරලා අට කොනේ ආරක්ෂා මුටුටි එල්ලුවා..‘‘ ‘‘මිණී අළු.‘‘ ‘‘ඔව් මිණි අළු මුට්ටිය හොරෙන් ගේ හදද්දි යට කරලා තිබුනේ අර කට්ටඩියා. මානෙල් දුවගේ අම්මාගේ ඇගේ හිටිය ආත්මයෙන් ප්‍රශ්න කරද්දී සේරම කිව්වා.‘‘ ‘‘කව්ද ආච්චිට වැහිලා තියෙන්නේ.‘‘ ‘‘ අර මම කිව්වේ අපිට ඉඩම දුන්න මාමා. අපි පොඩි කාලේ මැරුනා කිව්වේ අන්න එයා වැහිලා තියෙන්නේ දොණී.‘‘ ‘‘ඒ මාමා ආදරෙයිනේ. ඇයි එහෙනම් වද දෙන්නේ.‘‘ ‘‘එයා බලෙන් ඇවිත් නෙමේ .ඒවා අර හොර කට්ටඩියගේ වැඩ. අම්මගේ ඇගට මාමාව බැදලා. අනික අපිට ආදරේ යන තමා දෝණි ආපහු අපි ළගට එනේනේ මැරුණම. එයාලා ඒවා කරන්නේ ආදරේට එයාලා ලගට ගන්න. ඒත් එයාලා දන්නේ නෑ මැරෙන හැම කෙනාම පෙරේත ලෝක වල එයාලා ලගම ඉපදෙන්නේ නෑ කියලා.‘‘ ‘‘ආච්චිට හොද වුනාද දැන්.‘‘ ‘‘ඔව් ඊට පස්සේ හොදටම හොද වුණා. තාමත් ඔයාලගේ ආච්චි හොදට ඉන්නවනේ.‘‘ ‘‘අනේ චුටී සීයේ. මගේ හිමා නංගාවත් බේරලා දෙන්නකෝ.‘‘ අයියා චුටී සියාගේ දෙපා මුල වාඩී ගෙන හිස උකුලේ හොවා ගන්න ගමන් කිව්වා. අයියගේ නෙත් දෙකේ කදුළු පිරිලා. ඔහු කදුළුන් දිදුලන ඇස් වලින් හිමා දිහා බලද්දී හිමාගේ නෙතෙත් කදුළු පිරුනේ බලන් ඉද්දිමයි. කට්ටිය මැද්දේ අයියාට තුරුල් වෙන්න තිබුණ ලැජ්ජාව නිසාද කොහෙද හිමා එයාගේ අම්මගේ තුරුලට ගුලි වෙලා අඩන්න ගත්තා. ‘‘හරි පුතේ . අපි කොහොමත් ඒක කරනවා. කෝ නැගිටින්න .ගෑනු ළමෙක් වගේ අඩන්නේ නැතුව. නැගිටින්න . බලන්න අර දුවවත් ඇඩෙව්වා ඔයා.‘‘ චුටි සියා අයියවා උරහිස් දෙකෙන් අල්ලලා නැගිට්ටවමින් කිව්වා. ‘‘කෝ අම්මයි තාත්තයි සෙට් වුණ හැටි කව්වේ නෑනේ.‘‘ හැමෝගෙම අවධානය වෙනස් කරන්න හිතාන මම නෙතේ නැගිගෙන ආපු කදුල යටපත් කර ගනිමින් කිවුවා. ‘‘ ඔව් දෝණි දෙන්නට ලැජ්ජයි වගේ ඒවා කියන්න. බලන්න එපෑ ඒ කාලේ දෙන්නගේ ලව් එක.‘‘ ‘‘අනේ චූටි මාමේ මොනවද කියන්නේ.‘‘ තාත්තා එහෙම කිද්දී අයියටත් සිනහා ආවා. ‘‘මොකද පුතේ. ඔයාලා දන්නවද දෝණී . ඒ කලේ අපි සේරටම හොරෙන් මේ දෙන්න යළු වෙලා. පස්සේ මට අහු වුණා. මම සේරම කරදර ඉවර වුණාම මේ යෝජනාව මානේල් දුවගේ අම්මටයි තාත්තටයි දැමිමා. කොහොම හරි එයාලා අකමැති වුනෙත් නෑ. වයස හරි ගියාම දෙන්නව බැන්දුවා.‘‘ ‘‘අන්කල් ඇයි ඉතින් දේවල වැඩ නැවැත්තුවේ.‘‘ ‘‘ ඔයාලගේ අම්මලාගේ ගෙදරින් ආව නිතියක් තමා.‘‘ ‘‘ඔව් ඔව් මාමණ්ඩිට බයේ නැවැත්තුවේ.‘‘ ‘‘ඒ ඇයි.‘‘ තාත්තාට හොදටම හිනා. ලැජ්ජාව නිසාම අම්මත් බිම බලන් තනියම හිනා වෙනවා. ‘‘ අපි හුනියම අහපහු කැපුව නිසා අර කට්ටඩියා තුන් මාසයක් යන්න කලින් පුවෝ ගහලා මැරුනා. ඒක දැක්කම මානේල් දුවගේ ගෙදර අය බය වුනා. ඔය වැඩ කරන්න ගිහින කපිල පුතාටත් මොනවා හරි වෙයි කියලා.‘‘ ‘‘අම්මෝ එහෙනම් නවත්තපු එක හොදයි.‘‘ ‘‘එහෙම බය වෙන්න ඔනෙත් නෑ .හරියට දැනගෙන කරා නම් හරි. හැබැයි පොඩ්ඩක් හරි කට වැරදුනොත් ඉවරයි ඉතින්.‘‘ ‘‘අම්මෝ බයානක වැඩ.‘‘ ----------------------------------------------------------------------------------------------------------------- -- මාස කීපයකට පසු-- ‘‘ අනේ හිමා ඔයා හුගක් ලස්සනයි අද.‘‘ ‘‘මං විතරද මගේ පුංචී නෑනත් අද හුගක් ලස්සනයි.‘‘ ‘‘ආ එහෙමද ලොකු නෑනේ.‘‘ ‘‘ මේ දැන් මල්ලිලා එහෙම ළග ඇති නේද?.‘‘ ‘‘අමමෝ මල්ලි කෙසේ වෙතත් අපේ බූරු අයියා නම් දැන් ළගම ඇති.‘‘ මමය හිමයි දෙදෙනාම එකම රූපලාවන්‍ය ශිල්පිනියෙකු අතින් මානාලියන් ලෙස හැඩ ගැන්වෙමින් සිටියා. චූටි සියා කිව් විදියටම අපේ වෙඩින් දෙකම එකම දවසේ එකම හෝටලයේ අද පැවැත් වෙන්න සුදානමින් තියෙන්නේ. අපි වටා ලස්සනට හැඩ වුන මල් කුමාරයෝ හය දෙනෙකුත් දෙවන මනමාලියන් දෙදෙනෙකුත් සිටියා. සියලුම දෙනාගේ කැමැත්ත මත විවාහා මංගල්‍ය හොදටම පවත්වන්න අපි තීරනය කරලා තිබුනා. ‘‘ අන්න මනමාලයෝ දෙන්නත් ඇවිත්. ඔන්න සුට් එකට ලෑස්ති වෙන්න මනමාලියෝ දෙන්නා. මල් බුකේ දෙන්න එනවලු දැන් යාළු මනමාලයෝ දෙන්නා.‘‘ තැන තැන විසර තිබු රෑපලාවණ්‍ය උපකරන එකතු කර අප සිටි කාමරය පිළවෙල කරමින් අපිව අන්දවපු අක්කා කිව්වා. ‘‘ අපි ඇතුලට එන්නද?.‘‘ ඒ කාමරයට මුලින්ම ඇතුළු වෙන්නට පැමිණි චායාරූප ශිල්පියාගේ හඩ. සමාප්තයි.......!! සිතුවිලි ගැලපුම සඳු. කොටස් දහ අටක් පුරා මාත් එක්ක රැදී සිටි ඔයාලා සියළු දෙනාටම ගොඩාක් ස්තූතියි.! දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 28 Dec 2016 01:29 PM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ දාහත්වන කොටස. ‘‘ ඔව්නේ ..ඔව් එතකොට ඇවිදින්න වත් බැරි කෙල්ල.‘‘ මට ලැජ්ජාවෙන් මුහුණ බිමට බර කර ගත්තා. ‘‘චූටී මාමේ තේ ටිකක් බීලා ඉමු නේද.‘‘ ‘‘ඒක හොදයි. මම කිව්ව සේරම ලෑස්ති කලා නේද?‘‘ ‘‘ඔව් ඔව් චුටී මාමේ ඒවා සේරම ලැස්තී.‘‘ තේ පානයෙන් පසු චූටි මාමා සුදු සරමක් ඇදගෙන ඉන වටාත්, හිස වටාත් රතු රෙදි කඩක් ගැට ගසාගෙන තාත්තා සුදානම් කර තිබූ කෙසෙල් පිතිවලින් සහ ගොක් කොළ වලින් සරසා මල්, පහන්, හදුන්කූරූ, තව ලැයිස්තුවේ තිබු සියලු දේ තබා සාදා තිබු තට්ටුව අසල වාඩී වුණා. ‘‘ ආතුරයට මෙතෙන්ට එන්න කියන්න.‘‘ අයියා හිමාව එක්කගෙන විත් චුටී මාමා අභියස වාඩි කර ඔහුත් එතනම වාඩී වුණා. ‘‘ හැමෝම වාඩී වෙලා වැද ගන්න. පුතේ දුං කබල ළගට කරන්න පොඩ්ඩාක්.‘‘ ‘‘ආ චුටී මාමේ. ‘‘ තාත්තා රත් පැහැ පොල් කටු අගුරු ඇති දුං කබල චූටි සීයා ලගට ළං කලා. ‘‘ පුතේ ඔය අගුරු නිවෙන්න දෙන්නේ නැතුව දිගටම තියා ගන්න ඕනේ. ආ මේ දුම්මල කුඩු ටික. පුතාට මාත් එක්ක වැඩ කරලා පුරුදුයිනේ මම කියලා දෙන්න ඔනේ නැහැනේ.‘‘ ‘‘හරි චුටී මාමාමේ මම ඒ වැඩ බලා ගන්නම්.‘‘ මොනවාද මුමණමින් චූටී සියා වරින් වර හිමා දෙස සොදිසියෙන් බැලුවා. හිමාගේ තවමත් කිසිම වෙනසක් පේන්න නෑ. චුටී සියා සමග පැමිණ සිටි තරුණ පිරිමි ළමෙක් බෙරයක් වයමින් චූටී සියාට සහය වුණා. ඔහු හඩ වැඩි කරද්දී සුදු රෙද්දක් හිසේ සිට පොරවාගෙන සිටි හිමා යටහින් එදෙස බලාගෙන පැද්දෙන්න පටන් ගත්තා. ‘‘ කෝ දුම්මළ ටිකක් ගහන්න.‘‘ චූටී සියා හඩ තවත් වැඩි කරමින් තට්ටුව අසලින් නැගිට විත් හිමාගේ හිස මත අතක් තබා ගත්තා. දැන් හිමා පෙරටත් වඩා වේගයෙන් හිස කරකවමින් වෙනදා වගේම පිටතට ඇසෙන අයුරන් හුස්ම පිට කරන්න පටන් අරන්. එක වරම හූ හඩක් නගා හිමා හුනි තැනින් නැගිට නටන්නට පටන් ගත්තා. ඇගේ කෑ ගැසිල්ලට මම හුන් තැනින් තවත් පිටු පසට විසි විය. මම පමණක් නොවෙයි අන් අයද බිය වී ඇති බව ඔවුන්ගේ නෙත් වලින් මට පෙනුනා. ‘‘නටපන්. මුලින් නටලා ඉදපන් . හැබැයි අද මගෙන් බේරුමක් හම්බෙයි කියලා නම් හිතන්නවත් එපා. ‘‘ හිමාගේ හිස අත හැර නටන්න ඉඩ හල චුටී සියා තම මැතිරුම එලෙසම කරන් ගියා. වරින් වර හු හඩ නැගූ හිමා වේගයෙන් හුස්ම ගන්නවා. ‘‘හ්ම් කියනවා බලන්න තමුසේ කව්ද?‘‘ වෙරි කාරයෙකු ලෙස එක තුන නැවතී වැනෙමින් හිමා චූටී සියා දිහා කේන්තියෙන් බලා සිටියා. ‘‘හ්හ්... හ්හ්...‘‘ ‘‘කතා කරපිය. අද තමුන්ට සද්ද නැතුව ඉන්න බෑ. ‘‘ ‘‘හ්හ්හ්හ්හ්ම්‘‘ ‘‘කියපන් උබ කව්ද?.‘‘ කෙතරම් ප්‍රශ්න කරත් හිමා ගොවමින් දලගනවා ඇරෙන්න වචනයක් වත් කතා කලේ නෑ. ‘‘මේ ඥාතියව නම් කතා කරවන්න අමාරුයි. පුතේ ඕකට අලුත් අගුරු ටිකක් දාන් එනන්.‘‘ තාත්තා තවමත් ඇවිලෙන ගිනි පුපුර සහිත අගුරු දැමු දුම් කබලක් රැගෙන එතනට පැමිණියා. ‘‘කෝ දෙන්න මට . ඔයාලා පස්සට වෙන්න. කොළුවෝ පටන් ගන්නිං.‘‘ පසු පසින් බෙර වැයුම ආරම්භ වෙනවත් සමගම ගිනි පුපුරු මතට දුම්මල දැමුවා. ඒවා වැටෙනවාත් සමග ගිනි දැල් නගමින් හෝස් ගා ඇවිලී ගියා. මට බයක් දැනුනේ හිමා පිච්චේවි කියලා. ඒ තරමට සැරට ඈත සිටි අපිවද උණුසුම් කරමින් දුම්මල ඇවිලී ගියා. ‘‘කියපන් පුච්චන්න කලින් උඹ කව්ද?.‘‘ ‘‘ කියපන්.‘‘ ලග ලග දුම්මල ගසමින් චූටී සියා හිමා වට කැරකෙද්දී හිමා වේදනාවෙන් කෑ ගැසුවා. ගෙරෙව්වා. ‘‘ඔයිට වඩා කරදර වෙයි කතා කරපන්.‘‘ ‘‘අනේ චූටී සියේ හිමා නංගාට රිදෙනවා ඇති. අපි මේ වැඩේ නවත්තමු.‘‘ හිමා කෑ ගසමින් අඩන්න පටන් ගත් නිසා අයියාට ඉවසුම් නැතුව ගොස් තිබුණා. ‘‘ පුතා පස්සට වෙන්න පිච්චෙයි.‘‘ තාත්තා පැනලා අයියගේ මග හරස් කලා. හිමා මාව පුච්චනන් එපා කියලා කෑ ගසා අඩද්දී අයියා තාත්තවත් තල්ලු කරන් ඉදිරියට යන්න දැගළුවා. ‘‘ අනේ හිමා නංගාව පිච්චෙනවා ඇති. ඒකයි එයා අඩනවා ඇත්තේ.‘‘ ‘‘නෑ නෑ පුතේ හිමාෂා දුවට මොකුත්ම වෙන්නේ නෑ. ඔය අඩන්නේ හිමාෂා දුව නෙමෙයි .‘‘ ‘‘හ්හ්හ් මට ඉන්න දීපියව්. මට යන්න බෑ මගේ රත්තරං කෙල්ල දාලා මට යන්න බෑ.‘‘ එක වරම හිමා කතා කරන්න පටන් ගත්තා. ‘‘ආ ඔය කතා කරන්නේ කියපන් කවුද උඹ. ‘‘ ‘‘මට යන්න බෑ . මට ඉන්න දීපියව් . නැත්තම් ඔබලා සේරම මම අරන් යනවා.‘‘ ‘‘නවත්තපන් ඔය අදෝනාව. අහන දේට උත්තර දීපන්. උබ කව්ද?‘‘ ‘‘මේ මගේ රත්තරං කෙල්ල.‘‘ ‘‘උඹ කව්ද?‘‘ ‘‘මම ඇසිලින්.‘‘ ‘‘කවුද ඇසිලින් කියන්නේ.‘‘ ‘‘ අනේ දුවේ මාව බේර ගනින් . අනේ මගේ දුවේ මාව බේරයනින් . මම උබේ අම්මා දුවේ. මට උබලව දාලා යන්න බෑ.‘‘ හිමි ඇගේ අම්මා දෙස වේදනාකාරී බැල්මක් හෙළමින් දෑත් පාමින් හඩා වැටෙන්න වුණා. ‘‘ ඒ කව්ද තමුනගේ.‘‘ ‘‘ඒ මගේ ලොකු කෙල්ල සුනීතා.‘‘ ‘‘ආ ඒ කියන්නේ තමුන් මෙයාගේ අම්මා.‘‘ ‘‘ඔව් මගේ කෙල්ල දාලා යන්න බෑ මට.‘‘ ‘‘දැන් තමුන් ඔය වද දෙන්නේ කාටද?.‘‘ ‘‘කාටද? මම කාටවත් වද දෙන්නේ නෑ.‘‘ ‘‘එහෙනම්. ඔය දරුවගේ ඇගට ඇවිත් මොකද කරන්නේ.‘‘ ‘‘මගේ රත්තරං කෙල්ලට මම ආරෙයි. ඒකයි මම ආවේ.‘‘ ‘‘රත්තරං කෙල්ල ඔයගේ කවුද?‘‘ ‘‘මගේ මිණීබිරී. හිමාෂා දෝණීනේ මේ.‘‘ ‘‘ ඇයි එහෙනම් වද දෙන්නේ.‘‘ චූටී සීයත් හිමිත් සමග ඇති වුන කතා බහ දෙස හිමාගේ අම්මා පුදුමයෙන් බලන් සිටියා . ඇය පමණක් නෙමෙයි අපි සියල්ලන්මත් වුනේ බිරන්ත වෙලා මෙහෙම දේවල් ඇත්තට වෙන්න පුළුවන්ද? මගෙත් අයියාගෙත් සිත් තුළ වු සිතුවිල්ල එය විය යුතුයි. ටික වෙලාවකට පසු පැවැත් වු පුජාව අවසන් විය. හොදටම තෙහෙට්ටු වී සිටි හිමා අයියාගේ දෑත මත වාරු වුනා. ‘‘හිමා නංගා අමාරුයිද ඔයාට.‘‘ ‘‘ටිකක් දසිරු අයියේ.‘‘ මම අම්මාගේද සහය ඇතිව හිමාව මගේ කාමරයට එක් කරගෙන ගොස් ටිකක් නිදා ගැනීමට ඉඩ සැලැස්සුවා. පුජාවෙන් පසු නිවස තුළ ලොකු කතා බහක් ඇති වුනේ ඉදිරියට කළ යුතු දෙය ගැන. හිමාට නිදහසේ නිදා ගන්නට ඉඩ දී මමත් ආලින්දයට පැමිණ කතාවට එකතු වුණා. ‘‘ හිමා තනියෙම නේද?‘‘ මම දුටු විගස අයියා කළබල වුණා. ‘‘ඒකට කමක් නෑ පුතේ. දැන් නූලක් දැම්මනේ. අපිත් ගෙයිනේ ඉන්නේ .බය වෙන්න එපා.‘‘ ‘‘හා චූටී සියේ.‘‘ ‘‘දැන් අපි මේක නැති කර ගන්න මොකද්ද කරන්න ඕනේ ගුරුන්නාන්සේ. අනේ කොහොම හරි අපේ දුවව බේරලා දෙන්න.‘‘ ‘‘දැන් එයා ඔයාලගේ දුව විතරක් නෙමෙයිනේ. මට ආරංචී දෙගොල්ලෝ අතර නෑකමක් හැදෙන්න යනවා කියලා.‘‘ චුටී සියා කතා කලේ හරිම සැහැල්ලුවෙන්. අපි මෙතරම් කැළබී සිටිද්දී ඔහු කෙසේ සැහැලුලවෙන් ඉන්නේ දැයි මට හිතුනා. හිමා දගළපු හැටි, වේදනාවෙන් කෑ ගැසු හඩ ඇසෙද්දී මගේ බිය තව තව වැඩි වුණා. ‘‘චුටී සියේ අපි මොකද්ද කරන්නේ මේකට.‘‘ මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 27 Dec 2016 10:26 PM Posted By සඳුනි on 20 Dec 2016 03:12 PM මම ලියන සේරම අැත්ත කතා වෙන්න ඔනෙද? නොවුනා කියල අවුලකුත් නැහැ සඳුනිVeteran MemberPosts:2462 27 Dec 2016 05:09 PM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ දාසයවන කොටස. ‘‘අනේ ඒක හොදය කපිල අපේ පුතා දුක් විදිනවා බලන්න බෑ මට. එහෙන් අර දරුවා. අවුරුදු පහළව දාසය කාලේ ඉදන් ඔය මයේ හිතේ.‘‘ ‘‘හෙට පුතා උදෙන් එන එකක් නෑ මාව මගෑර ගන්න ඕනේ නිසා. අනික වෙරි බහිනකන් ඉන්න එපෑ.‘‘ මම අයියා බීලා නෑ කිව්වත් තාත්තා ඒක පිළිඅරන් නැති බව මට ඒ වදනින් පැහැදිළි වුනා. ඔව් ඉතින් අපි තාත්තාගේ දරුවොනේ අපේ චුටී වෙනසත් එයාලට දැනෙනවා. ඒ තරමට අම්මයි තාත්තායි අපිට ආදරේ කරන බව සිහි කරද්දී ඉබේටම දෙනෙතට මද තෙත් ගතියක් දැනුනා. මේ අයියා මොකට මෙහෙම හැසිරෙනවද? ගෙදරම විසදුම තියෙද්දී. අම්මා තාත්තා අපි ගැන මේ තරම් හොයලා බලද්දී අයියාට ඇයි මෙහෙම දුක් දෙන්නේ. ‘‘දෝණී .‘‘ ‘‘ඇයි තාත්තේ‘‘ ‘‘කාලා අපේ කාමරයට එන්න. අවශ්‍ය බඩු ලිස්ට් එක ලියන්න තියෙනවා.‘‘ ‘‘හා තාත්තේ. ඒත් තාත්තා කොහොමද දන්නේ ඕන බඩු‘‘ ‘‘ආ... මේ.. චුටි සීයා කිව්වා එහෙ ගියාම.‘‘ රාත්‍රි ආහාරයෙන් පසු මම නැවතත් ඉශාන් අයියට ඇමතුමක් ගෙන තාත්තා කිව් දේ පැවසුවා. උදෙන්ම අයියා ගෙදර එවන්න ඉශාන් අයියා පොරොන්දු වුණා. ඉන් පසු මම ගියේ තාත්තා කිව් විදියට අවශ්‍ය වන දෙවල් ලියා ගන්න කොළතුත් පෑනකුත් රැගෙන. පිටුවක් පිරෙන්නටම මම අහලවත් නැති දේවල් හුගාක් ලිව්වා. ‘‘මානෙල් අපේ පුතාට මේවා හොයා ගන්න අමාරු වෙයි. මම ඔපිස් ඇරන වෙලාවට ඔපිස් එක ළගට එන්න කියන්න මාව ගන්න.‘‘ ‘‘හා කපිල . ඔයාම ගිහින් අවශ්‍ය දේ ගත්තා නම් හොදයි.‘‘ තාත්තා කවදත් කාර් එකේ යන්න අකමැතී. තාත්තා ගෙදරන් පිට වෙද්දී අයියා පිට වුණත් තාත්තා කාර් එකට නගින්නේ නෑ. ඒ තාත්තා අද කාර් එක ඔපිස් එක ළගට අරන් එන්නලූ. මට මද සිනහක් නැගුනේ දැන් වත් අයියාගේ උණ හොද වෙයිනේ කියලා. මොකද අයියාගේ හිතේ ලොකු ආසාවක් තිබුණා තාත්තව එයාගේ මහන්සියෙන් ගත්තු වාහනායේ තාත්තා නංවා ගෙන යන්න. ‘‘ඒක තමයි මමත් හිතුවේ. දෝණි ගිහින් නිදා ගන්න දැන්. එදා වගේ බය නෑනේ දැන්.‘‘ ‘‘නෑ අප්පච්චී. බුදු සරණයි අම්මටයි තාත්තටයි දෙන්නටම ගුඩ් නයිට් මම යනවා.‘‘ එහෙම කියාගෙන මම නිදා ගන්න කාමරයට පැමිණියා. පසු දින මම අවදි වුනේ අම්මාගේ හඩින්. ‘‘දෝණී අද වැඩට යන්නේ නැද්ද?.‘‘ ‘‘යනවා අම්මේ. පරක්කු වෙලාද?.‘‘ මම ඉබේටම ඇදෙන් බිමට පැනලා ඔරලෝසුව දිහා බැලුවා. ‘‘පරක්කු වෙලා නෑනේ අම්මේ. අම්මා මාව බය කරනවා.‘‘ ‘‘දෝණී වෙනදට උදෙන් ඇහැරෙනවනේ මීට වඩා ඒකයි මම හොයන්න ආවේ.‘‘ ‘‘මම අද ඉක්මණට යන්න ඕනේ. හිමාගේ වැඩ ටිකකුත් තියේ මට කරන්න.‘‘ හිමා දැන් ඉන්න තත්වය උඩ එයාගේ හුගක් කාර්යාලීය වැඩ කෙරුනේ මගේ අතින්. හිමා නිතරම හිටියේ වෙනමම කල්පනාවක නිසා රැකියාවට පැමිණීයාත් ඇගේ වැඩ ඇයට ඉබේටම අතපසු වුනා. ඇයගේ තත්වය අන් අය දැන ගන්නවට අකමැති වුන මම ඇගේ කොටසත් නිමා කලා. අපි කතා වුණ විදියටම තාත්තයි අයියයි අවශ්‍ය දේවලුත් අරගෙන නිවසට පැමිණීයේ තරමක් රෑ බෝ වු විටයි. ‘‘ඔන්න මානෙල් දැන් සේරම හරි. හෙට කෙසෙල් කදන් ටිකයි. ගොක් කොළ ටිකයි විතරයි හොයන්න තියෙන්නේ.‘‘ ‘‘ඒවා නම් හිමා නංගාලාගේ ගෙරින් ගේන්න පුළුවන් තාත්තේ‘‘ ‘‘හොද මහත කෙසෙල් ගහක් ගෙනවා නම් ඇති. පතුරු ගන්න නේ.‘‘ ‘‘රේණුලාගේ ගෙදරත් තියේ කිව්වේ. ගමෙන් ඒවා හොයා ගන්න පුළුවන් කපිල.‘‘ ‘‘මේ වැඩේට වැඩිය ඕනේ නෑනේ. අපි ලොකු තොයිලෙට එයාලගෙන් ඉල්ලමු.‘‘ පසු දින හවස් වන විට සියලු වැඩ කටයුතු සූදානම් වෙමින් තිබුනා. කාර්යාලයටත් මේ බව පවසලා අපි වරුවෙන් ගෙදර පැමිණියා. හිමාත් හිමාලගේ ගෙර හැමෝමත් අප නිවසට පැමිණ සිටියා. සුදු සරමක් හැද ගත් තාත්තාත් පේ වී මග බලන් වුන්නා. ‘‘ තාත්තේ කෝ නෑනේ කපු මහත්තයා. කියටද මේක පටන් ගන්නේ.‘‘ ‘‘කපු මහත්තයා වෙලාවට එයි දෝණී මම ඕනේ සේරම හදලනේ තියෙන්නේ.‘‘ ‘‘මොකද්ද තාත්තේ මේ.‘‘ ආලින්දයේ කොනක ගොක්කොළ සහ කෙසෙල් පතුරු භාවිතා කර සකසා තිබු දෙයක් පෙන්වමින් අසා සිටියා. ‘‘මේකට කියන්නේ මල් යහනාව කියලා.‘‘ ‘‘තාත්තා කොහොමද මේවා හන්න දන්නේ අනේ.‘‘ ‘‘මම ඉස්සර චූටී සියා එක්ක තොවිල් ගෙවල් වල උදව්වට යනවනේ දෝණී. ඒක හිංදාමට ඔවා හදලා පුරුදුයි.‘‘ ‘‘එහෙනම් තාත්තට හොදට අත්දැකීම් ඇති නේද?‘‘ තාත්තා එයට හිස සැලුවා පමණයි. ඒ පිළිබද තවත් කතා කරන්නට අකමැති බව තේරුම් ගිය නිසා මම නිහඩ විය. ‘‘තාත්තේ කවුද? අද එන කපුමහත්තයා.‘‘ අයියා කළබලයෙන් තාත්තා ළගට පැමිණ විමසුවා. ‘‘දැන් එයි පුතේ චූටී සියා අද මට එනවා කියලා පොරොන්දු වුනා.‘‘ ‘‘අනේ තාත්තේ තව පරක්කු වෙයිද?‘‘ ‘‘ඇයි පුතේ කළබල වෙලා.‘‘ ‘‘හිමාට ඉන්න අමාරුයිලු තාත්තේ . එයාට හොදටම දාඩියත් දාලා. ඇග පිච්චෙනවා වගේලු.‘‘ ‘‘ඒ කියන්නේ දැන් එයා වැඩ පටන් අරන්.‘‘ ‘‘කවුද තාත්තේ ....මොන වැඩද?.‘‘ ‘‘මළ ගිය ඥාතියා. අද කරන්න යන් දේට බධා කරන්න පටන් අරන්.‘‘ ‘‘තාත්තා දැනන් හිටියද මෙහෙම වෙන බව.‘‘ ‘‘ඔව් ඔව් පුතේ කළබල වෙන්න දෙයක් නෑ. ඒ දරුවට පොච්චක් ඉවසන් ඉන්න කියන්න. ඇන් චූටි සියා එයි.‘‘ ‘‘ ආවේ නැත්තතම්.‘‘ ‘‘නෑ නෑ එයි. චූටී සියා බොරු පොරොන්දු දෙක කෙනෙක් නෙමෙයි.‘‘ ‘‘මොකද මගේ මුණුබුරා කියන්නේ. ඔන්න මම ආවා මගේ මුණුබුරා වෙනුවෙන්.‘‘ සිනා සෙමින් අපි දෙසම පැමිණියේ රැව්ලත් කොන්ඩයත් සුදු පැහැ ගැන්වුණ වයස් ගත පුද්ගලයෙකී. ‘‘චූටි සීයේ .අනේ අදුරන්නවත් බෑ හොදටම කෙට්ටු වෙලා.‘‘ ‘‘කෙට්ටු වෙලා නෙමෙයි. මම දැන් වයසට ගිහින්. මම තරහා නෑ එහෙම කව්වට.‘‘ ඔහු සිනා සෙමන් එසේ කීය. ‘‘කෝ අර චූටියට හිටි කෙළි පැටික්කී.‘‘ ‘‘මේ ඉන්නේ මාමේ.‘‘ තාත්තා මා පෙන්වමින් කීය. අයියාට චූටී සියා මතක තිබුනත් මට ඔහුව මතක තිබුනේ නැත. ඊට හේතුව අප අවුරුදු කීපයකින්ම තාත්තාගේ ගමේ නොගිය නිසයි. ‘‘අම්මේ දැන දීග දෙන්න පුළුවන් ළමිස්සියක්නේ. දුවට මතක නැතුව ඇති මාව.‘‘ .. ඔව් මාමේ මාමා දකින කලේ මෙයා ගොඩක් පොඩී. ඉතින් කොහෙ මතක තියෙන්නද? මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 26 Dec 2016 11:32 PM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ පහොළොස්වන කොටස. මම ජංගම දුරකතනය අතට ගෙන අයියට ඇමතුමක් ගත්තා. ඔහුගේ දුරකථනය ක්‍රියාත්මක නැති බවට නිවේදය නිකුත් වෙනවා. මම කිහිපවරක්ම ඇමතුම් ගන්න වුණේ සිතේ තිබුණු බය එන්න එන්නම වැඩි වූ නිසායි. තවත් නම් බලන් ඉදීම හොද නැතැයි සිතු මම අයියාගේ කාමරයට ගොස් ඔහුගේ දින පොත දිගහැරගෙන අයියාගේ යාළුවන්ට ඇමතුම් ගෙන බැලුවා. කිහිපදෙනකුගෙන්ම විමසුවත් ඔවුන් කිව්වේ කිහිප දිනකින්ම දසිරුවා හමු නොවු බවයි. මම හනිකට තව තවත් අංක ඇතුල් කරමින් ඇමතුම් ගන්නට උත්සහ ගද්දී මට ඇමතුමක් ආවේ ඉෂාන් අයියාගෙන්. ‘‘හෙලොව්.‘‘ ‘‘මොකද තෙරු බිසි මම කොයි වෙලේ ඉදන්ද ගන්න හදන්නේ.‘‘ ‘‘අනේ ඉෂාන් අයියේ.‘‘ ‘‘මොකද තෙරු.‘‘ ඉෂාන් අයියා පුදුම වී අසා සිටියේ මගේ හඩේ ගැබ්ව තිබු බිය නිසා විය යුතුයි. ‘‘ අපේ අයියා...‘‘ ‘‘ආ ඒකද ප්‍රශ්ණේ.‘‘ මම අයියා ගැන විමසන විට ඉෂාන් අයියා සිනා සෙන හඩ ඇසී මගේ බය කේන්තියක් බවට හැරුණා. ‘‘ ඒකද ප්‍රශ්නේ අහන්නේ. අයියා තාම ගෙදර ආවේ නෑ.‘‘ ‘‘ඒක කියන්න තමා ළමයෝ මම මේ ගත්තේ . අයියා මෙහේ අද ගෙදර එවන්න වෙන්නේ නෑ.‘‘ සිනහව නැවතී වදන් යට කණගාටුවක් සැගවී තිබුණා. ‘‘ ඇයි ඒ. අයියා මීට කලින් ඔහේ ආවේ නෑනේ. අනික අද තාත්තත් ගෙදර ඇවිත් අයියා කෝ අහනවා.‘‘ ‘‘අයියා හොදටම බීලා තෙරූ. මේ ටිකේම බීලා තමයි ඇවිත් තියෙන්නේ. අද අංකල් ගෙදර එන බව අයියා කළින්ම දැනගෙන. අංකල්ට බයේ තමා මෙහේ ඇවිත් තියෙන්නේ.‘‘ ‘‘මොනවා බීලා. අයියා බොන්නේ නෑනේ එහෙම.‘‘ ‘‘හිමා අක්කා ගැන බයයිලු. මම නිදා ගන්න ඇදක් ලෑස්ති කරලා දුන්නා. තාම නිදි නෑ දොඩවනවා.‘‘ ‘‘ඉතිං හිමාට හොද කරන්න බෑ කියලා කවුරුත් කිව්වේ නෑනේ ඇයි කලබල වෙලා තියෙන්නේ. අපේ අයියට පිස්සුද?.‘‘ මට දුකටත් වඩා දැනුනේ කේන්තියක් නිසා මම ඉෂාන් අයියටත් සැරෙන් කතා කරන්න වුනා. ‘‘අපි එහෙම කිව්වට බෑනේ තෙරූ. ඔයා අසනීප වුනා කියලා හිතන්නකෝ හොද කරන විදියක් පේනමානෙක නෑ. අන්න එදාට මමත් මෙහෙම තමා හැසිරෙන්නේ. පව් ඔයාලගේ අයියා. ‘‘ ‘‘ඉතිං චූටි සීයට සනීප වුණාම පුළුවන්නේ. දැන් හිමාට ප්‍රශ්ණයක් නෑනේ.‘‘ ‘‘නෑ තෙරු තියෙනවා. හිමා අක්කලාගේ අම්මා අද හිමාව දේවලයකට එක්ක ගිහින්. ඔයාලගේ අයියත් ගිහින්.‘‘ ‘‘ඉතින් මොකද වෙලා තියෙන්නේ.‘‘ ‘‘දේවලෙදී අර ඔයාලගේ අම්මා කිව්වේ ආච්චී නැටෙව්වා කියලා. ඒ වගේ බෙර ගහලා අරවා මේවා කරලා හිමා අක්කගේ ඇගේ ඉන්න ආත්මය ගෙන්න ගෙන.‘‘ ‘‘ඉතිං.‘‘ ‘‘ඔයාලගේ ආච්චී වගේම හිමාත් හයියෙන් ඇඩුවළු බිම පෙරළි පෙරළි. පස්සේ කපුමහත්තයා ප්‍රශ්න අහලා අහලා අන්තිම කිව්වලු ආච්චී කෙනෙක් ගැන.‘‘ ‘‘ඒ කියන්නේ හිමාට වැහෙන්නී එයාගේ ආච්චිද?.‘‘ ‘‘හරියටම දන්නේ නෑ, ආච්චී කියලා තමා කිව්වේ. ‘‘ ‘‘දැන් මොකද කරන්න කියලා තියෙන්නේ..‘‘ ‘‘ ඒ ආත්මය පන්නන්න නම් ඒ තරම් ලේසී නෑ කිව්වලු. උත්සහ කරලා බලමු කියලා දිග ලිස්ට් එකක් දීලා හොයලා තියන්න කියලා.‘‘ ‘‘ ඉතින් දැන් මොකද කරන්නේ. ඇයි අයියා එහෙනම් දුක් වෙන්නේ.‘‘ ‘‘එතන හොර තැනක්ලූ. එතනින් සෙත් ශාන්ති කර ගත්තු අයට හරි ගිහන් නෑලූ. අනික අර ආපු ආත්මය කිව්වලු කොහොම හරි හිමා අක්කව අරන් යනවා කියලා. නිකන් නෙමේ පොළොවේ හැපි හැපිලු කිව්වේ ගෙනියනවා මයි කියලා. දැන් අයියා හොදටම බයෙන් ඉන්නේ හිමා අක්කට කරදරයක් වෙයි කියලා.‘‘ ‘‘චූටි සියාට ඉක්මණට හොද වෙයි . එතකොට මේ සේරම හරි යයි. එහෙනම් අයියාව තියා ගන්න. වෙරිමරගාතේ රෑ එන්න හදයි.‘‘ ‘‘හරි තෙරු මම එයාව වෙරි හිදුනම උදේ එවන්නම්.‘‘ ‘‘හරි එහෙනම්. බුසු සරණයි. ‘‘බුදු සුරණයි පරිස්සමින් ඉන්න.‘‘ මම ආලින්දයට එද්දී තාත්තා තේ එකක් පානය කරමින් රූපවාහිනිය නරබමින් ඉන්නවා. මම කෙලින්ම ගිහින් තාත්තා ළගින් වාඩි වුනේ තාත්තට මේ හැම දේම කියලා අයියා වෙනුවෙන් ඉක්මන් තීරණයක් ගන්න කියන්න. ‘‘දෝණී කන්නේ නැද්ද?.‘‘ ‘‘කන්නත් ඕනේ අම්මේ. අම්මත් මෙහෙට එන්නකෝ මට ඔයාලා දෙන්නටම විශේෂ දෙයක් කියන්න.‘‘ ‘‘මොකද්ද දෝණී. අම්මාත් මා අසලට පැමිණ වාඩි වුනේ මොනවද කියන්න යන්නේ කියලා සැකයෙන්. අයියා බිව් බව රහසක්ව තබා ගනිමින් මම අනිත් සියල්ලම් පවසා සිටියා. ‘‘දෝණී අයියා බීලා නේද?.‘‘ ‘‘දන්නේ නෑ තාත්තේ ඉශාන් අයියා එහෙම දෙයක් කිව්වේ නෑ. දේවලෙදී කියපු දේවල් නිසා රෑ වුනා වැඩි හින්දා බෑ කියලා හිතිලලු.‘‘ ‘‘මට මොනවා හරි කරන්න වෙනවා මේ වෙනුවෙන් බලන් හිටියා ඇති.‘‘ ‘‘ඒක තමයි කපිල මම කිව්වේ. මම කියපු වැඩේ තමා දැන ඉතුරු වෙලා තියෙන්නේ.‘‘ ‘‘පිස්සුද මානෙල්. ඔය කතාව මට ඇහෙන්න නොකියා ඉන්නවා.‘‘ මොකද්ද මේ මම නොදන්න අම්මයි තාත්තයි දන්න දේ සිත තුළ ගැටළු මතු වුනත් විමසන්නට නොගොස් ඔවුන්නේ කතාව අසාගෙන සිටියා. ‘‘ අපි මේකට මොකද කරන්නේ එහෙනම්.‘‘ ‘‘නොදන්න දේවල් කියන්නේ නැතුව ඉන්නවා මානෙල් හෙට පුතා ආවම මම ඒ ගැන පුතා එක්ක කතා කරන්නම්.‘‘ ‘‘මොකද්ද තාත්තේ අම්මා කරන්න කියන්නේ.‘‘ ‘‘ඒ ගැන හිතන්න එපා දොණී. බය වෙන්න එපා .ඉක්මණින්ම අපි හිමාෂා දුව වෙනුවෙන් දෙයක් කරමු. අපි යමු දැන් කෑම කන්න.‘‘ ‘‘කරන්න පුළුවන් දේ අත ළග තියාගෙන , වෙන වෙන ඒවා කරනවා. තාත්තලා දුවලා පුතාලා ඔනේ එකක් කර ගන්න එකයි. මමනේ දැන් මෙතන වැරදී.‘‘ අම්මා අපිට ගස්සගෙන කුස්සිය පැත්තය යන්න සැරසුණා. එවිටම වගේ දුරකථනය නද දෙන්න පටන් ගත්තා. තාත්තා ඇමතුමට පිළිතුරු දෙද්දී. අප එතන බලන් හිටියේ කවුද? කියලා. ‘‘ ඔයාලා ගිහින් කෑම කන්න ලෑස්ති කරන්න. මම අදුරන කෙනෙක්ගෙන් කොල් එක.‘‘ අම්මයි මම කුස්සිය දෙසට ගමන් කලා. ටික වෙලාවකට පසු තාත්තා කෑම මේසය ළග පුටුවක් ඇදගෙන වාඩි වුණේ සිනා සෙමින්. ‘‘ඇයි තාත්තේ සතුටින් හේතුව අපිටත් කියන්නකෝ.‘‘ ‘‘ඔයාලගේ සේරම ප්‍රශ්න ඉවරයි. හිමාෂා දුවගේ වැඩේ අනිද්දා පටන් ගන්නවා.‘‘ ‘‘ඒ කිව්වේ. මම කිව්ව වැඩේ ගැන ඔයා හිතුවද කපිල.‘‘ ‘‘ඔව් මානෙල් එහෙම වත් කරමු.‘‘ මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... maduranga001Most Senior MemberPosts:14118 25 Dec 2016 07:08 PM කොටස් දහ හතරක් ම දාල නේද? මුල ඉඳල කියවගෙන එන්න ඕන. බොහොම ස්තූතියි නගේ. කතාව කියවගෙන ඇවිල්ලම මගේ අදහස් එකතු කරන්නම්. ඉතිරි කොටස් ටිකත් ලියපු හැටියේම අපට දෙන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ සඳුනිVeteran MemberPosts:2462 25 Dec 2016 11:37 AM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ දාහතරවන දිගහැරුම. ‘‘ හරි හරි දෙන්නම ඔය කතාව නවත්ත ගන්න මේ පන්සල ළමයිනේ.‘‘ ‘‘ අනේ තෙරූ ඉෂාන් මල්ලී එනකන් ඇතා බලන්න යමුද?.‘‘ ‘‘අයියේ මෙන්න එක්ක යන්නකෝ.‘‘ මම හිමාගෙන් ඉවතට පනිමින් එහෙම කිව්වේ හිමා මාව ලේ එන්නම කොනිති ගහයි කියලා හිතලා. ‘‘එන්න හිමා නංගා මම ඉන්නවනේ ඔයාට.‘‘ අයියා අම්මලා දෙන්නම් ඉදිරිපිටදී හිමිගේ අතකින් හිමින් අල්ල ගනිමින් කියද්දී හිමා ගැස්සිලා ගියා. අම්මත් එතන සිටීම නිසා හිමා එහෙම කළබල වුණා වෙන්න ඇති . මම හොරහින් බලමින් හිනා වුනා. අපේ අයියත් මාර පොරක් තමා එක දවසට කෙල්ල අල්ලගෙන ඉවරයි. කාටද ආඩම්බර ඉතිං මේ නංගිට තමයි. අපි සියලුම දෙනා ඇතා සිටි පෙදෙසට ගමන් කලා. අත්තනගලු පුද බිම වැද පුදා ගන්නට පැමිණි කීපදෙනෙක්ම් ඇතා අසල රැදීසිටියා. අපිත් ඒ අසලට යද්දී විශාල ඇත් රාජයා හොඩය ඔසවමින් කන් දෙක සලමින් අපි දෙසට හැරුනා. හිමා අයියාගේ අතේ එල්ලිලා වැඩ්ඩී වගේ ගියාට මොකද ඇතා අපි දෙසට හැරෙනවත් සමගම බයටම අයියා ළගට පැනලා තුරුළු වුනා. පුංචී ළමෙක් වගේ ඇස් දෙකත් තද කරගෙන අයියාගේ පපුව මත මුහුණ සගවා ගන්න උත්තහ ගත්තා. ‘‘ බය වෙන්න එපා හිමාෂා දුවේ අලියට විලංගුත් දාලා තියෙන්නේ මෙහෙට එන්නේ නෑ.‘‘ අපේ අම්මාගේ හඩත් සමග හිමා අයියාගේ තුරුලෙන් මිදිලා ලැජ්ජාවෙන් මුහුණ බිමට බර කර ගත්තා. ''කට්ටය ඇතා බලන්න ඇවිත් වගේ.‘‘ ‘‘ඉෂාන් පුතා අපි මේ ඔයා පරක්කු නිසා ටිකක් මෙතනට ආවා‘‘ ‘‘එහෙනම් යමුද? බුදුන් වදින්න.‘‘ අපි ඉදරිපස දිස් වන පඩිපෙළ දෙසට ගමන් ගත්තා. පඩියෙන් පඩිය ඉහළට නගිමින් අපි විහාර මළුවට ඇතුළු වුනා. අව්වට රත් වුන වැලි පොළවේ මද උනුසුම මත දෙපා ගැටෙද්දී මම ගමන් ගත්තේ ඉෂාන් අයියා ළගින් මයි. අයියයි හිමායි සියල්ලන්ටම පිටු පසින් සෙමින් පා නගනවා මම ආපසු හැරී බලන විට දුටුවා. ඔවුගේ සැහැල්ලුව බාධා කරන්නට නොසිතු සියල්ලන්ම චෛත්‍ය මළුවට පිවිසියා. මිදුල පුරා වවා තිබූ ඉද්ද ගස් වලින් කඩා ගත් මල් බුදු සමිදුන් පාමුව තබා චෛත්‍යයට වැද නමස්කාර කර හදුන් කූරූ දල්වා වැලි පිරව් පොච්චී වල ගැසුවේ සීරුවෙන්. චෛත්‍ය රාජයා වටා වට තුනක් පියව තැබු අපි බෝ මළුවට පා නගන්නට වුණේ විශාල පෙදෙසක් පුරා විසිර තිබු බෝරුකේ අතු පතරින් ලද සිසලසද විදිමිනුයි. දහවල් ගිණියම් හිරු කිරනින් රත් වු වැලි කැට නිසා සිවුම් වේදනාවක් ලද දෙපා බෝ සෙවෙනේ සිනිදු වැල්ල මත ඇසිල්ලක් ලැබුවා. ‘‘ආන්ටි යමු දෙයියන් වන්ද ගන්න.‘‘ චෛත්‍යයත් බෝ මළුවත් අතර වූ කුඩා දෙව් මැදුර වෙත මගේ අතින් ඇදගෙන යමින් ඉෂාන් අයියා පැවසුවා. ‘‘ අනේ මට බෑ.‘‘ කුඩා දෙව් මැදුර තුලින් ආ සීනු හඩත් ,කපු මහතාගේ ගයනා හඩත් එක්ක සමග විය හැකී ,හිමා හොදටම බිය වී සිටියා. ‘‘ යමු හිමා නංගා මේ පන්සලනේ මොකුත් වෙන්නේ නෑ.‘‘ ‘‘අනේ අම්මේ.‘‘ හිමා අම්මා දෙස බලා පැවසුවේ බිය ගත් දෑසින්. ‘‘අවුලක් වෙන එකක් නෑ දුවේ යන්න.‘‘ හැමෝගෙම ඇවිටිලල් මත හිමා කුඩා දෙව් මැදුර තුළට පිවිසියේ අයියාගේ අතක් වැළමිටට ඉහලින් දෑතින්ම අල්ලා ගෙනය. අපි සිතු කිසිවක් සිදු නොවීය දෙවොල තුළ වුන් කපු මහතා අපහට ආශිර්වාද කරමින් එක මිටට බදින ලද මොණර පිහිටු මිටියක් හිස් මත පතිත කරමිනි. පඩුරු වශයෙන් මුදලක් එතැන තබා තිබූ තැටිය මත තැබූ අපි බොළුව පිවිසිනි. පිරිසිදු පැන් පිරවු කුඩා අතින් දරාගෙන තුන්වරක් බෝ රුඛ වටා ගොස් පැනින් බෝ රුක නහවා මල් පහන් පුදා බුදු මැදුර වැද පන්සිල සමාදම් වී නිවෙස් බලා ඒමට සූදානම් විය. ඉශාන් අයියා සමග තරගයට දිගු පඩි පෙළ බැස පහළට පැමිණ මම අයිස් ක්‍රීම් විකුණ වාහාය දුටු වෙලේ සිට අයිස් කමු යැයි ඇවිටිලි කරන්න වුයේ කුඩා දරුවෙක් ලෙසිනි. ‘‘ මොකද දොණී වෙලා තියෙන්නේ.‘‘ ‘‘ ඉතිං අපි කමුකෝ අම්මේ.‘‘ ‘‘දැනු හුගක් හවස් වෙලා අසනීප වෙයි.‘‘ ‘‘අනේ හැමදාම කන්නේ නෑනේ කමු කමු මම ගන්නම්.‘‘ තවත් අවසර ගත්තත් අවසර නොලැබෙන බව තේරුම් ගත් මම සියල්ලන්ටම අයිස් ක්රීම මිළ දී ගත්තා. මේ ළමයා අපිව අසනීප කරන්න යන්නේ යනුවෙන් දොස් පවරුවත් අයිස් ක්‍රීම් ප්‍රතික්ශේප නොකිරිනි. පාර දෙපස විදුළු බුබුළු එකිනෙක දැල්වෙන්නට ආරම්භ වෙද්දී නිවෙස් කාරා ඒමට සැරසුනේ ඉශාන් අයියාට සමු දෙමින්ය. ‘‘අම්මේ...‘‘ හිමාලත් නිවසට ඇරලා අපි නිවසට ළගාවෙමින් සිටියදී මට යමක් මතක් වී අම්මාට ඇමතිය. ‘‘ඇයි දෝණී‘‘ ‘‘හවස තාත්තා කතා කලා නේද?‘‘ ‘‘ ඔව් . මොකද එක පාරටම එහෙම ඇහුවේ.‘‘ ‘‘නෑ අම්මා කිව්වේ නෑනේ තාත්තා විශේෂ පණිවිඩයක් කිව්වද කියලා.‘‘ ‘‘ඒකනේ අම්මේ චුටී සියා එනවා කව්වලුද?.‘‘ ඉදිරි පස කණ්නාඩියෙන් අපි දෙස බලමින් කතාවට සවන් දී ගෙන වුන් අයියාද විමසන්නට විය. ‘‘එයි එයි පුතේ.‘‘ ‘‘අවිශ්වාසෙන් කියන්නේ එන්න බෑ කියලද?‘‘ ‘‘ඔව් පුතේ චූටි සියට අසනීපයිලු.‘‘ ‘‘මොනවා වෙලාද අම්මේ. අනේ එතකොට.‘‘ ‘‘ වෛරස් උණක් හැදිලා අඩු වෙන්නෙම නෑලු. ඒක නිසා හොස්පිටල් ඇඩ්මිට් කරලලු. ඒකයි මම නොකියා හිටියේ.‘‘ ‘‘ඉක්මණට චුටි සීයට අඩු වෙයි අයියේ.‘‘ ඉදිරිපස කණ්ණාඩියෙන් අවුල් වී ගිය අයියාගේ මුහුණ දකින විට දැනුන දුක හේතුවෙන් මම සැනසුම් බස් කියන්නට විය. නිවස ඉදිරි පිට වාහය නවතා දමා අයියා කාමරයට වැදුනේ කාර් එක ගරාජයටද නොදමමිනුයි . අපි සමග කතා කන්නට අකමැති වු ඔහු රෑ කෑමටවත් පහළට ආවේ නැත. පසු දින තාත්තා ඇමතුමක් දුන් පසු දැන ගන්න ලැබුනේ අයියා රාත්‍රියේ තාත්තා සමග දුරකථනයෙන් කතා කර බවයි. පුතා හුගත් දුකින් ඉන්නේ මානේල් ඇහැ ගහන් ඉන්න ඒ තාත්තාගේ අවසන් අවවාදයයි.දවස් දෙකකට පසු තාත්තා ගෙදර පැමිණියේ හිස් අතින් මය. ‘‘ගිය වැඩේ හරි ගියේ නෑ මානෙල් .‘‘ ‘‘දැන් මොකද කරන්නේ ඉතිං. ආරක්ෂාවක් වත් නැතුව වැඩි කල් බලන් ඉන්න බෑනේ.‘‘ ‘‘ඒක නම් බයවෙන්න දෙයක් නෑ. පුතා කිව්වා අර මම දුන්න නූල හිමාෂා දුවගේ කරේ බැන්දා කියලා .‘‘ ‘‘හ්හ්ම්ම් මමත් දැක්කා කරේ තියෙනවා . ඒත් පුතා වෙනුවෙන් වත් ඔයාට මම කියපු එක ගැන හිතන්න බැරිද?.‘‘ ‘‘මොනවද මානෙල් මේ කියන්නේ. ඔවා සෙල්ලම් වැඩ නෙමෙයි. ආපි ගමන් මගේ කේන්ති අවුස්සන්නේ නැතු ගිහින් තේ ටිකක් හදවන් එන්න.‘‘ අම්මාගෙයි තාත්තාගෙයි කතාව මට ඇහුනේ රැ ආහාරය ගැනීමට කෑම කාමරයට යමින් සිටියදීයි. අම්මා මොනවා ගැනද කියන්න ඇත්තේ . මට කතාවෙන් භාගයයිද ඇහුනේ මම නොයෙකුත් දේ සිතමින් ආලින්දය හරහා කැම කාමරයට යන්න හැරුනා. ‘‘දොණී....‘‘ ‘‘ආ... ඇ.. ඇයි තාත්තේ.‘‘ ‘‘මොනවද දෝණි ඔය හැටි කල්පනා කරන්නේ. තාත්තා ගෙදර ඇවිත් කියලත් අමතකයි නේද?.‘‘ ‘‘අනේ එහෙම නෑ තාත්තේ මම වෙන කල්පනාවක ආවේ.‘‘ ‘‘ මොනවද මගේ දොණිය ඔය හැටි කල්පනා කරන්න තියෙන්නේ . මෙහෙ එන්න මට කියන්න. මම ආස නෑ මගේ දෝණී දුකින් ඉන්නවට.‘‘. තාත්තා අම්මාටත් වඩා මට ආදරේ බවත්, ළග බවත් මම හොදින්ම දන්නා දෙයකි. මම යන ගමන නවතා දමා සෙටියේ තාත්තා අසලම වාඩි විය. ‘‘කෝ දෝණී අයියා.‘‘ ‘‘තාම ගෙදර ආවේ නෑ තාත්තේ.‘‘ මේ තරම් රෑ වෙලා.‘‘ ‘‘වෙනදට මේ තරම් පරක්කු වෙන්නේ නෑ තමයි . මේ ටිකේම අයියා හුගක් රෑ වෙලා ආවේ තාත්තේ . එයා බයෙන් ඉන්නේ හිමා ආයෙත් අසනිප වෙයි කියලා.‘‘ ‘‘අද අයියා ආවම මම එයාට කතා කරන්නම්කෝ දෝණී.‘‘ ‘‘තාත්තේ චුටී සීයට කොහොමද දැන්.‘‘ ‘‘එයාට තාම අඩු නෑ දෝණී . මට අඩු වෙනකන් ඉන්නම ඕනේ කමම තිබුණා . කෝ ඉතිං ඔපිස් එකේන් ලිව් ගන්න බෑනේ.‘‘ ‘‘ ඉක්මනට හොද වෙයි තාත්තේ.‘‘ ‘‘හ්ම් අයියාට කොල් එකක් දීලා බැලුවද? දෝණී .‘‘ ‘‘මම ගත්තා තාත්තේ පොන් එක වැඩ කරන්නේ නෑනේ. ‘‘ ‘‘එහෙමද . දෝණී දැන් ආයෙත් අරන් බලන්නකෝ.‘‘ ‘‘ හා තාත්තේ.‘‘ මම නැවත කාමරය දෙසට යන්නට හැරුනේ අයියාට ඇමතුමක් ගන්නට සිතාගෙනයි. ඇත්තමට අයියා මේ තරම් පරක්කු වෙන්නේ ඇයි මගේ සිත තුළ බියක් ඇති වෙන්නට විය. මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 25 Dec 2016 11:36 AM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ දහතුන්වන දිගහැරුම. '' කට්ටඩියා උබ කවුද කියපන් නැත්තම් උබව පුච්චනවා කිව්වම අම්මා අඩන්න පටන් ගත්තා මහා හයියෙන් විලාප තියලා. අනේ මට යන්න තැනක් නෑ. මාව පන්නන්න එපා. මම ආයි කිසි කරදරයක් කරන්නේ නෑ මට මෙහෙම ඉන්න දෙන්ඩ කියලා.'' ''ඇයි ඒ ආච්චි අම්මා ඇඩුවේ.'' ''ඒ අඩන්නේ ආච්චි අම්මා නෙමේලු ඇගේ ඉන්න ආත්මයලු'' ''පස්සේ මොකද වුනේ අම්මේ.'' ''කට්ටඩියා කිව්වා හරි මම ඉන්න දෙන්නම් . උබ කවුද කියලා විතරක් කියපන්කො කිව්වා. ඒ පාර තව හයියෙන් අඩන්න ගත්තේ නැතෑ. අනේ මාව පන්නන්න එපා. මම ආයි කාටවත් කිසි කරදරයක් කරන්නේ නෑ . මම මගේ අක්කට ආදරේ නිසා අවේ කිව්වා.'' ''ඒ කවුද අම්මේ.'' ''කට්ටඩියා ඇහුවා.ආ ඔය කියන්නේ. ඒ කියන්නේ මේ උබේ අක්කා. නේද? හරියට කියපන් ඔබව පුච්චන කලින්. උබ දන්නවනේ මගේ හැටි කියලා'.'' ''ඉතින් .. මට නම් හරිම පුදුමයි ආන්ටි මේවා ඇහෙද්දී.'' ''හරි හරි මම කියන්නම් හැබැයි මට ඉන්ඩ දෙන්ඩ ඕනේ කියලා අම්මා කිව්වා. හරි කියපන් උබ දන්නවනේ මගේ හැටි මගේ වචන දෙකක් නෑ. කියලා කට්ටඩියා ගිගුරුම් දීලා කෑ ගැහුවා. ඒ සද්දෙට නම් අපිත් තවත් බය වුනා.'' ''ඉතින් කිව්වද?'' ''නෑ .. වෙලාවකට අඩනවා. ආයෙත් කේන්තියෙන් කට්ටඩියටත් කෑ ගහලා කියනවා. මම යන්නේ නෑ. මට යන්න බෑ කියලා පස්සේ අම්මා කලන්ත වෙලා ආයෙත් ඇදන් වැටුනා.'' ''පස්සේ.'' ''කට්ටඩියා ඇතුලට ගිහින් තව ටිකක් වෙලා මොනවද කවි ගාථා කියවලා බෙර හඬ නවත්තලා දේවාලෙන් එලියට ආවා.'' ''ආච්චි අම්මට සිහිය ආවද?'' ''ඔව් සිහිය ආවා. සිහිය ආපු ගමන් ඇහුවේ මට මොකද වුනේ ඒයි කියලා.'' ‘‘ ඒ කියන්නේ හිමාට වගේම ආච්චී අම්මටත් මතක නෑ වුණ දේවල් නේද?.‘‘ ‘‘ඔව් දෝණී ඒකයි හිමාෂා දුවටත් එහෙම වෙන්න ඇති කියලා හිතන්නේ.‘‘ ‘‘ කට්ටඩියා මතුරුපු නූලක් ගෙනල්ලා අම්මාගේ කරේ බැන්දා. ‘‘ ‘‘ඉතින් අඩු වුනාද?‘‘ ‘‘ ටික දවසකට අඩු වුනා‘‘ ‘‘ඒ කියන්නේ ආයෙත් අසනීප වුණාද?‘‘ ‘‘ ඔව් පුතේ ටික දවසකට පස්සේ අම්මා ආයෙක් හොදටම අසනීප වුනා. එදා තාත්තා ගෙදර හිටියෙත් නෑ , ලොකු අයියා ගෙදර හිටියෙත් නෑ. අම්මා තරහනේ දත් මිටි කකා ,මොනවද මුමුණ මුමුණ ගෙයින් එලියට ආවේ කොන්ඩේ බිස්ස වගේ අවුස්සගෙන . අපි කට්ටිය හිටියේ මිදුලේ, මම පොතක් කියව කියව හිටියා. නංගී තනියම සෙල්ලම් කර කර හිටියා. චුටී මල්ලී මාළු අල්ලන්න යන්න බිලී පිත්තක් හද හදා හිටියා. මට අම්මා දැක්කම් මොකද්ද අමුත්තක් තියෙයි කියාලා හිතුනා. මම ඇයි අම්මේ ඇහුවා.‘‘ ‘‘ඉතිං.‘‘ ‘‘අම්මා ඔළුව පාත් කරලා ඇස් දෙකේ කළු බෝල දෙක උඩට කරලා යටහින් බැලුවා මෙන්න මෙහෙම.‘‘ ‘‘මට නම් බයයි .අනේ එහෙම බලන්න එපා අම්මේ.‘‘ ‘‘මාත් හොදටම බය වුණා. මම කට්ටඩියට කතා කරන්න හිතලා කට්ටඩි මාමේ කියලා ඒ පැත්තට දුවන්න හැදුවා. මට හිතන්න වත් ඉඩක් ලැබුනේ නෑ අම්මා මගේ ළග.ඇස් දෙක දිහා බලන්නත් බෑ .කේන්තියෙන් ගිණි පිට වෙනවා. මගෙ දිහා යටහින් බලන් හිටියා . මමත් හොදටම බය වෙලා එතනම නැවතිලා බලන් හිටියා.‘‘ ‘‘අම්මා දුවන්න එපෑ.‘‘ ‘‘අනේ මන්දා දෝණී මම හිතලා නැවතුනේ නෑ. බයටම දුවා ගන්න හයියක් තිබුනේ නෑ. අම්මා ටික ටික මගේ ළගට එද්දී මම පස්සට පස්සට ගියා. නංගී මල්ලීත් හොදටම බය වෙලා. නංගී මල්ලිව බදාගෙන මුණ හංගගෙන අඩනවා. පස්සේ මම කොහොම හරි දුවන්න සැරසුනා විතරයි අම්මා මගේ කොන්ඩෙන් ඇදලා ගත්තා.‘‘ ‘‘අනේ අම්මේ මොකද වුනේ.‘‘ ‘‘ආයි අම්මේ රිදෙනවා. අතාරින්නකෝ කියලා මම කිව්වා. අම්මා මාව ඇදලා අරන් අත් දෙකෙන්ම බෙල්ල අල්ල ගත්තා. ලොකු අක්කා එතන හිටියා එයා හිටියේ වෙනම ලෝකෙක මේ වෙන මොකවත් එයා පේන්නේ නෑ වගේ හිටියේ .අඩුම ගානේ මම කෑ ගහද්දී වත් බැලුවේ නෑ.‘‘ ‘‘ඒ මොකද අම්මේ.‘‘ ‘‘අර අසනීපේ හැදුනට පස්සේ එයාට එහෙම වුනේ. අපි එක්ක කතා කලේ නෑ තනියෙන් පැත්තකට වෙලා ඉන්නවා .වෙලාවකට තනියෙන් කිවනවත් එක්ක. අපි කතා කරන්න ගියොත් කේනිතියෙන් ඇගට පනිනවා.‘‘ ‘‘අනේ මට නම් මේවා හිතා ගන්න බෑ අම්මේ.‘‘ ‘‘විශ්වාස කරන්න අමාරුයි තමා. අම්මා ටික ටික අත් තද කරලා මගේ බෙල්ල මිරිකුවා. මම හිතුවේ අම්මා මාව මරයි කියලා. මම අක්කට කෑ ගැහුවේ වෙන කියන්න කෙනෙක් නැති හින්දා. ලොකු අක්කා ඇහුනේ නෑ වගේ අහක බලන් හිටියා. නංගී මල්ලී හයියෙන් කෑ ගහනවා අම්මේ චුට්ටි අක්කා මරන්න එපා. අනේ අම්මේ චුට්ටි අක්කා මැරෙයි කියලා.‘‘ ‘‘එත් ආච්චී අම්මා අම්මව අතෑරියේ නැද්ද?.‘‘ ‘‘නෑ. අම්මා නංගිටයි මල්ලිටයි මහ සද්දෙන් කෑ ගැහුවා. නවත්තපල්ලා ඔය ලතෝනිය කියලා . නංගී මල්ලී බයෙන් ගල් වුනා මමත් බය වුන පාර කෑ ගැහිල්ල නැවැත්තුවා. ඔයාලා විශ්වාස කරයිද මන්ද? එවෙලේ ආවේ අම්මගේ කට හඩ නෙමෙයි.‘‘ ‘‘එහෙනම්.‘‘ ‘‘ පිරිමි කෙනෙක්ගේ ගොරෝසු කට හඩක්.‘‘ ‘‘පිරිමි කටහඩක්. එහෙම වෙන්නේ කොහොමද ආන්ටි.‘‘ ‘‘ලොකු නෝනා .. ලොකු නෝනා...‘‘ ‘‘මොකද රේණු කෑගහන්නේ.‘‘ ‘‘ලොකු මහත්තයා කොල් කරනවා.‘‘ අම්මා ඉක්මන් ගමනින් ගේ පැත්තට නික්ම ගිය පසු, අපි තුන්දෙනාම හිටියේ ලොකු ප්රිශ්නාර්තයක. පිරිමි කටහඩක් ආවේ කොහොමද?. අයියා කනස්සල්ලෙන් මොනවද කල්පනා කරනවා, ඉෂාන් අයියාගෙත් මූහුණ වියවුලෙන් පිරිලා. මමත් නිහඩම අග මුල ගලපා ගන්න උත්සහා කලා. ‘‘පුතාලා එන්න කෑම කලා ඉන්න.‘‘ ‘‘අනේ අම්මේ කතාව කියලා ඉමුකෝ‘‘ ‘‘අදට ඇති දොණී දැන් හතරත් පහු වෙලා පංසල් යන්න ඔනේ කිව්වා නේද? අර ළමයත් බලන් ඇති.‘‘ ‘‘අනේ අම්මේ කතාව මැද නවත්තන්න බෑ.‘‘ ‘‘මෙහෙ එන්න දෝණී . ඔය කතාව කොයි වෙලේ කියා ගන්න බැරිද?.‘‘ අම්මා අපිට පිටුපාලා නිවස තුලට වැදුනා. දැන්නම් අම්මා කොහෙත්ම කතාව කියන්නේ නෑ කියලා තේරුන නිසා මම අයියවත් ඉෂාන් අයියවත් අඩගහගෙන නිවස තුළට ඇතුල් වුනා. හවස් වී දහවල් ආහාරය ගත් අපි පන්සල් යාමට සූදානම් වුනා. වෙනදා වගේම සුදු ඇදුමකින් සැරසුන මම පහළ මහට එද්දී අයියයි අම්මයි මටත් කලින් සූදානම් වෙලා. අයියා නම් අද නළුවා වගේ හිමායි, අයියයි උදේ මොනවා කතා කලාද දන්නේ නෑ. මෙයා අද නළුවට ඇදලා තියෙන්නේ.මම තනියෙම කල්පනා කළා. ‘‘ යමු නේ අම්මේ.‘‘ ‘‘අම්මෝ ඉතිං අයියට අද හරි හදිස්සී නේද?.‘‘ ‘‘ හදිස්සී තමා මගේ හිමා නංගා අරහේ බලන් ඉන්නවා.‘‘ ‘‘මගේ හිමා නංගා. එක දවසට මගේ වෙලා.මෙයා දියුණු වෙලා තියෙන තරම්‘‘ මම විහිළු කරද්දී වෙන දින වල ලැජ්ජාවේ රතු වුන ඔහුගේ සුදු මුහුන අද සතුටින් දිලිසෙනවා. අයියා හිමාට ආදරේ කිරීමෙන් වැඩිම සහනයක් ලැබුවේ මම කිව්වොත් හරී. ඒ හිමා මොන තරම් මානසික පීඩනයක ඉන්නේ කියලා මම වටහා ගෙන තිබු නිසා. ‘‘ පිස්සී .. ඒ පන්ඩිත කම් වලින් වැඩක් නෑනේ. යමු යමු..‘‘ ඉෂාන් අයියා ගෙදර ගිහින් අපි පන්සලට එන වෙලාවට පන්සලට එන්න පොරොන්දු පිට, පිට වෙලා ගියේ අපි අත්තනගල්ල පංසලට යන්න තීරණය කරපු නිසා. ඉෂාන් අයියගේ ගෙවල් තිබුනේ අත්තනගල්ල පස්යාල පාරේ නිසා එයාලට පංසලට ඒ හැටි දුරක් නොතිබුන හෙයින්. අපි තුන් දෙනාම හිමාලගේ ගෙදරට ගිහින් හිමාවත් හිමාලගේ අම්මත් කැටුව නිට්ටඹුව හරහා අත්තනගල්ල පන්සල කරා ගමන් කලා. අත්තන්ගල්ල පංසලේ ප්රාධාන දොරටුවෙන් කාර් එක ඇතුල් වී පොල් ගස් රුප්පාව යට නතර වුනා. අද පෝය දවසක් නොවුන නිසා විශාල බැතිමතුන් පිරිසක් සිටියේ නෑ. නිමාඩු දිනයක් නිසා අත්තනගලු පුද බිම පාලුවට ගිහින් තිබුනෙත් නෑ . තැනින් තැන විසිරුනු සුදු ඇදුමින් සැරසුනු බැතිමතුන් , ඉදිරිපිට අලංකාරව දිස්වුන විශාල පියගැට පෙල තරණය කරමින් සිටියා. කාර් එක තුලම පාවහන් ගලවා දැමු අපි කාර් එකෙන් එළියට පැමිනියා. මම ආසාවෙන් නිසංසල වටපිටාව දෙස බලන විට දුටුවේ විශාල ඇතෙක් .පන්සල් භූමියේ පහළට වෙන්න පිහිටා තිබු පොල් ගස් සෙවනේ දම් වැල් දමා සිටියා. ‘‘ තෙරූ ඇතෙක්. ඌගේ ලොකු.‘‘ මම ඇතා දෙස නෙත් යොමාගෙන ඉද්දී හිමා මගේ අසලට පැමිණ මා අතේ අත් පටලා ගන්මින් කිව්වා. ‘‘ ලස්සනයි නේද?.‘‘ ‘‘ඒ පිස්සී ඉෂාන් මල්ලිට කතා කලාද?.‘‘ ‘‘මොකෝ බූරු අයියේ හිමා මගේ අතේ එල්ලා ඉන්න නිසා ඊර්ෂියා හිතිලද?. මම මැසේජ් කලා තව චුට්ටෙන් එයි.‘‘ ‘‘දෝණී ... මොකද ඔය කතා කරව විදිය. මේ ගෙදර නෙමෙයි.‘‘ හිමා මගේ අත කොනිති ගහද්දී අම්මා මගේ දිහා රවලා බලලා, සැර කලා. ‘‘මම විතරයි අම්මට වැරදී. මේ බුරු අයියා මට පිස්සී කියන්නේ.‘‘ මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 24 Dec 2016 09:11 PM කොටස් කිහිපයක්ම කියවන්න බැරිවුනා... අද කියවන්න ඕන.. ස්තූතියි නංගී.. සඳුනිVeteran MemberPosts:2462 20 Dec 2016 03:12 PM මම ලියන සේරම අැත්ත කතා වෙන්න ඔනෙද? දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 20 Dec 2016 07:06 AM මෙ කගේ ආවේශයද දන්නෙ නැහැ නේද chamaramindMost Senior MemberPosts:13471 19 Dec 2016 04:50 PM ලස්සනයි කතාව ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... සඳුනිVeteran MemberPosts:2462 19 Dec 2016 02:08 PM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ දොළොස්වන දිගහැරුම. ''ඔව් දෝණි. සෙල්ලම ඉවර වෙනකන්ම මම ගහට වෙලා ඉන්නවා. බහින්නේ නෑ.'' ''බහිරවයා ආවා නම්.'' ''අනේ මන්දා දෝණි මට බයක් දැනුනේ නෑ.'' ''චුටි මාමාට කරදරයක් තිබුනේ නැද්ද?'' ''මොකද නැත්තේ දෝණි. එයාත් අම්මා වගේම හැම වෙලේම හිටියේ කේන්තියෙන්. එයාටත් තාත්තා පෙන්න බෑ. ගෙදර ඉන්නත් කැමති නෑ. ගොඩක් දවස් වලට ගෙදර ආවෙත් නෑ. ආව දවසට තාත්තා බනිනවා. ඉතින් තවත් චුටි මල්ලිත් ගෙදර ඉන්න කැමති නෑ. අනික අර සල්ලි නැති වෙන එකටත් තාත්තා එයාලට ගැහුවනෙ. බොරුවට ගුටි කන්නේ මොකද කියලා චුටි මල්ලි කෙන්තින් හිටියේ.'' ''ඒක නම් ඇත්ත අම්මේ. බොරුවට ගුටි කන්නේ මොකදටද? සීයට තිබුනේ ටිකක් හොයලා බලල දඩුවම් කරන්න.'' ''හ්ම්ම්ම්ම්ම්.... ඔව් ඒත් ඒ කලේ හැටිනේ ඒක.'' ''ලොකු අම්මගේ අසනීපට මොකද වුනේ අම්මේ.'' ''බෙහෙත් ගෙනාවා. අඩු වුනේම නෑ. ඔහොම ඉද්දි දවසක් පුදුම දෙයක් වුනා.'' ''ඒ මොකද්ද අම්මේ.'' ''අපි ස්කොලේ ගියේ මාරුවෙන් මාරුවට. ඒ කියන්නේ අපි හතර දෙනයිනේ ස්කොලේ ගියේ , හතර දෙනාගෙන් කෙනෙක් අම්මගේ තනියට ගෙදර ඉන්නවා. අපි එක බෙදාන හිටියේ. '' ''ඒ ඇයි.'' ''හිටි ගමන් අම්මගේ අසනීපෙ වැඩි වෙන නිසා. බඩේ ගෙඩිය රිදෙනවා කියලා හිටි ගමන් කෑ ගහනවා. නැත්තම් කලන්තේ වගේ කැරකෙනවා කියනවා. ඉතිං ලොකු අයියා බයයි අපි සේරම ඉස්කෝලේ ගිහින් අම්මා ගෙදර තනියෙන් ඉන්නවට..'' ''බයයිනේ නේන්නම් අම්මේ. කවුරුත් නැති වෙලෙක අසනීප වැඩි වුනොත් එහෙම.'' ''ඒකනේ පුතේ. ඉතින් එදා අම්මගේ තනියට හිටියේ මම. අයියත් කසිප්පු පෙරන වාඩියට ගිහින් තාත්තා නිදි. උදේ එකලහට විතර ඇති මමයි අම්මයි කුස්සියේ හිටියා. අම්ම මාත් එක්ක කතා කර කර හිටියා. ඒත් ටිකක් වෙනම කල්පනාවක වගේ හිටියේ. මම හිතුවා ඉතින් අපි අම්මා අසනීපෙන් කියලා හිතන් ඉන්නේ හින්දා වෙන්න ඕනේ මට එහෙම හිතෙන්නේ කියලා.'' ''අනේ ඔහොම කියද්දී බය හිතෙනවා අම්මේ. මොකද වුනේ.'' ''මටත් පොඩි බයක් දැනෙනවා එදා වුන දේ මතක් වෙද්දී.'' ''මොකද වුනේ.'' ''අම්මා කිව්වා චුට්ටියේ මම පොඩ්ඩක් එලිපහලියට ගිහින් එන්නම් කියලා. ලොකු අයියා අපිට කියලා තිබුනේ. අම්මව ඇහැ ගහන් ඉන්න කියලා. කොහේ ගියත් පස්සෙන්ම ඉන්න කියලා. ඒක නිසා මමත් අම්මගේ පස්සෙන් ගියා. අම්මා මට කිව්වා මට අසනීපයක් නෑ චුට්ටියේ උබ ගෙදර හිටපන් පොතක් බලා ගනින් කියලා. ඒත් මම බලෙන් වගේ ගියා. ටිකක් දුර ගිහින් ආපහු හැරිනා . එතකොට මුණ හරි අමුතුයි. ඇස් ලොකු කරන් මොකකට හරි බය වෙලා වගේ.'' ''ආච්චි අම්මා හොල්මනක් වත් දැකලද?'' ''අනේ මන්දා. මටත් තාම ඒ දේවල් තේරුම් ගන්න බෑ. අම්මා මගේ දිහා ඇස් ලොකු කරන ටිකක් වෙලා බලන් හිටියා. මම ඇහුවා ඇයි අම්මේ කියලා. එක පාරටම අම්මා ඉස්සරහට වැටුනා. කෙලින්ම මුණ ගිහින් බිම වදින්න. මට අල්ල ගන්න තියා හිතන්න වත් වෙලාවක් නෑ. පස්සේ වේගෙන නළල බිම ඇනගෙන වටේට කැරකෙන්න ගත්තා. කෑ ගැහුවේ නෑ. කිසි සද්දයක් කලේ නෑ. පිටට ඇහෙන තරම් හයියෙන් හුස්ම ගත්තා. ඒ කැරකුණ වේගේ මට කියන්න තේරෙන්නේ නෑ බඹරේ වගේ. අමුතුම කැරකිල්ලක්'' ''ඒ කිව්වේ අම්මේ බිම ඉඩගෙනද?'' ''නෑ අර වැටුන විදියටම බිම නිදාගෙන.'' ''ඒ මොකද්ද වුනේ.'' ''වේගෙන් කැරකුනා පස්සේ එයාම හිට ගත්තා එක පාරටම. මට තාත්තට කතා කරන්න වත් මතක් වුනේ නෑ. ඒ තරම් ඉක්මනට ඒක සිද්ද වුනේ. මම බය වෙලා බලන් හිටියා විතරයි.'' ''පස්සේ මොකද වුනේ . තුවාල වෙලා තිබුනේ නැද්ද?'' '' එහෙම වුනාම තුවාල නොවුනොත්නේ පුදුමේ . බිම කැරකුණ තැන වලක් හැරිලා තිබුනා. නළල අහු වුන තැන ඒ වල තිබුනේ.'' ''ඒ කියන්නේ නලලෙන්ද වල හෑරිලා තිබුනේ.'' ''ඔව් හිටගත්තා ගමන් අම්මා එහෙන්මම හිටගෙන පිටිපස්සට කඩන වැටුනා.ඒ පාර මම පැනලා ඔලුව බිම වැදෙන්න නොදී අල්ල ගත්තා. එහෙන්මම බිම දිගා කෙරුවා. තිබ්බ බයටම මම එතන ඉදන්ම තාත්තට කෑ ගහලා කතා කළා. තාත්තා ඇයි චුට්ටියේ කියාගෙන අපි ඉන්න පැත්තට දුවගෙන ආවා. අම්මගේ නළලේ දකුණු පැත්තේ ලොකු තුවාලයක් ලේ පෙරෙනවා. ඒක දැක්කම තාත්තත් හොදටම බය වුනා.'' ''ආච්චි අම්මා කෑ ගැහුවේ නැද්ද? '' ''කෑ ගහන්න සිහි තිබුනේ නෑ. නැගිට්ටට පස්සේ කලාන්ත වෙලා වැටුනේ. තාත්තා වතුර ජෝගුවක් අරන් ඇවිත් වතුර ටිකක් ඉස්සා. එතකොට තමා අම්මට සිහිය ආවේ.'' ''ආච්චි අම්මා මොකද කිව්වේ. මොකද වුනේ කියලා ඇහුවේ නැද්ද?'' ''ඇහුවා. අම්මට මොකවත් මතක තිබුනේ නෑ. ඔලුව කැරකීගෙන ඇවිත් කලාන්ත ගතියක් දැනුනා විතරලු මතක.'' ''අනේ අම්මේ මොකද්ද ඒ වුනේ. බහිරවයාගේ වැඩක්ද.'' ''කියන්න දන්නේ නෑ දොණි පස්සේ අම්මට අර වල පෙන්නුවම අම්මත් පුදුම වුනා. නළල මෙහෙම තුවාල වුනා පුදුමයි කියලා.ඇගේ වෙන කොහෙවත් නම් තුවාල වෙලා තිබුනේ නෑ.'' ''පස්සේ.'' '' එවෙලේම තාත්තා අර කට්ටඩියා හම්බෙන්න ගියා. වුන දේ කිව්වම අම්මව එක්ක එන්න කියලා කිව්වලු . ලොකු අයියත් ගෙදර ආවට පස්සේ තාත්තා අම්මවත් එක්කගෙන දේවාලේ පැත්තට ගියා. අපිත් ඉතින් පස්සේ ගියා.'' ''හ්ම්ම්ම්'' ''අම්මටයි තාත්තටයි පුංචි දේවාලේ ඉස්සරහා ඉන්න කියලා බුලත් අතත් එක්ක දුන්න පඳුරු සල්ලිත් අරන් කට්ටඩියා දේවාලේ තිර රෙද්දෙන් ඇතුලට ගියා. ඒ මනුස්සයාගේ උදව්වට තව මැදි වයසේ වගේ කෙනෙක් හිටියා. ඒ මනුස්සයා බෙරේ ගහද්දි කට්ටඩියා මොනවට කියව කියවා පොඩි සීනුව සද්ද කර කර නටන්න ගත්තා. මම හොදට හැම දෙයක් ගැනම විමසිල්ලෙන් හිටියේ. දේවාලේ ඉස්සරහා දාලා තිබුන රතු පාට තිර රෙද්ද අස්සෙන් ලාවට වගේ හැමදේම පෙනුනා..'' ''මොනවද කට්ටඩියා කියෙව්වේ.‘‘ ‘‘ මොනවද මන්දා කවි. ඒවා කියන්නේ දෙවියෝ වඩම්ම ගන්නලු , අවසර ගන්නලු.'' ''පස්සේ මොකද වුනේ.'' ''තාත්තා ලග හිටගෙන වැදගෙන හිටියේ අම්මා. ටික ටික ඔලුව හොල්ලන්න පටන් ගත්තා. එන්න එන්න බෙර සද්දේ වැඩි කරද්දී අම්මත් කට්ටඩියා වගේ නටන්න ගත්තා. ඒක අමුතුම නැටුමක් ඔලුව කරනවා වේගෙන. ඒ කරකන වේගෙට ඔලුව ගැලවෙයිද කියලා මට හිතුනා.'' ''සියා ආච්චිව නැවැත්තුවේ නැද්ද?'' ''තාත්තා අම්මව අල්ලාගෙන නවත්වන්න හැදුවා. කට්ටඩියා තිර රෙද්ද එහාට කරගෙන ඇවිත්, දරුවා ඔය ආතුරයාව නවත්වන්න එපා. නටන්න දීපන්. නටන්න දීපන් කිව්වා.'' ''ඉතින් සියා පැත්තකට වෙලා බලන් හිටියද?'' ''ඔව් අපි ඉතින් වෙන මොනවා කරන්නද?'' ''ඇයි ආන්ටි එහෙම නටන්නේ.'' ''ඒ බෙර ගහලා අර මොනවද කවි ගායනා කරන්නේ ඇඟේ ආත්මයක් ඉන්නවා නම් එලියට ගන්නලු. අම්මගේ ඇගට නපුරු ආත්මයක් වැහිලා අම්මට වද දෙනවා කියලා තමා කට්ටඩියා කිව්වේ.'' ''දැන් ඉතින් ආච්චි නටනවා කියන්නේ ආච්චිගේ ඇගේත් කවුරු හරි ඉන්නවා කියන එකද?'' ''ඔව් එහම තමා කට්ටඩියා කිව්වේ.'' ''අම්මේ එදා හිමාත් එහෙම ඔලුව කරකවලා දැගලුවා. කොන්ඩෙත් කඩා දාගෙන. නේද අයියේ. ඒ කියන්නේ හිමාටත් එහෙමයි.'' ''අපි බලමුකෝ දෝණි තාත්තා ගියානේ පොඩි සීයව එක්ක එන්න.'' ''මට නම් බය හිතෙනවා අම්මේ. හිමාටත් වද දෙනවා ඇති එයාගේ ඇගට වැහෙන කෙනා.'' ''අපි බලමුකෝ දෝණි තාත්තා හෙට එනවා. අපි හිමාෂා දුවව කොහොම හරි ඔය කරදරෙන් බේරගමු.'' අපි හිමා ගැන කතා වෙද්දී අයියගේ මුනේ තිබුනේ ලොකු කනස්සල්ලක් අපේ කතාවට එක් නොවුණු ඔහු ඈතක නෙත් රදවාගෙන කල්පනා කරනවා. මම අම්මට අයියව ඇහෙන පෙන්නුවා. ''පුතා.'' ''ඇයි අම්මේ.'' ''මොනවද කල්පනා කරන්නේ.'' ''ඉතින් ඉක්මනට ඉතුරු ටිකත් කියන්නකෝ අම්මේ.'' ''හ්ම්ම්ම්ම්ම්... පස්සේ කට්ටඩියා අම්මගේ ලගට ආවා අම්මා දිගටම නටනවා. කවුද උබ කියපන් කට්ටඩියා කිව්වා. අම්මා හයියෙන් හුස්ම ගන්නවා කට්ටඩියට ගොරවනවා.'' ''ආච්චි අම්මා කතා කලාද?'' ''කට්ටඩියා හුගක් වෙලා කෑ ගැහුවට පස්සේ අමාරුවෙන් වචන එක තුනක් කතා කළා.'' ''මොනවද කිව්වේ අම්මේ.'' මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... chamaramindMost Senior MemberPosts:13471 18 Dec 2016 02:12 AM මෙයා දැන් හුනියම් කරන්න පටන් අරන් වගේ.දාගන්න ඕන බලගතු යන්තරයක්වත් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... samanthaMost Senior MemberPosts:13190 17 Dec 2016 10:07 PM සඳුණි ආවේෂ වෙලාවගේ ආවේශය දානවා.. එක දිගටම කියවාගෙන ගියා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! සඳුනිVeteran MemberPosts:2462 17 Dec 2016 12:19 PM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ එකලොස්වන දිගහැරුම. ''අනේ බඩගිනි නෑ ආන්ටි මට මේ කතාව අහනකන් ඉවසීමක් නෑ. මෙහෙම දෙවල් ඇත්තටම වෙනවද කියලා මට හිතෙනවා.'' ''අනේ ඔව් අම්මේ හවස් වෙලාම කමු .ඉතුරු ටිකත් කියන්නකෝ.'' අයියත් අම්මට ඇවිටිලි කරන්න වුනා. ''හරි එහෙනම් තව ටිකකින් කමු.'' ''හොද අම්මා.'' ''එකදිගට තිබුන කරදරත් එක්ක හූනියම් කතාව ටිකක් තාත්තා ඇත්ත කියලා හිතුවා මම හිතන්නේ..'' ''හූනියම් කියන්නේ මොනවද අම්මේ.'' ''හූනියම් කියන්නේ දෝණි තමන්ගේ තරහාකාරයන්ගේ ජීවිත විනාශ වෙලා යන්න කියලා යන්ත්‍ර මන්ත්‍ර පාවිච්චි කරලා කරන දෙයක්.'' ''එහෙම කරාම විනාස වෙනවද ඉතින්.'' ''ඔව් දෝණි හරියට කලොත් වෙනවා. වැරදුනොත් කරපු කෙනාටම ආපහු වදිනවා.'' ''ඉතින් අම්මලට හූනියම් කරන්න කවුරු හරි හතුරෝ හිටියද?'' ''නෑ හතුරෝ හිටියෙත් නෑ .යාළුවො හිටියෙත් නෑ.'' ''කවුද එහෙනම් කලේ. ඒ වෙද්දී අර නයින්ට මොකද වුනේ.'' ''නයි නම් නිතරම දකින්න හම්බුනා. නයි එන එක නතර වුනේ නෑ.'' ''ඒ නයා බහිරවය කියලා දන්නා නිසා බය හිතුනේ නැද්ද අම්මේ. '' ''නෑ දෝණි බහිරවය සල්ලි ගෙනිච්චට අපිට කරදරයක් කලේ නෑනේ . ඒක නිසා බයක් දැනුනේ නෑ.'' ''සීයට හොද වෙන්න කල් ගියාද?.'' ''තාත්තට පොඩි පොඩි වැඩ කරන්න තරම් සුවයක් ආවාම ලොකු අයියත් එක්ක එකතු වෙලා වත්තේ පොඩියට වගා කරන්න පටන් ගත්තා. කට්ටඩියා එක්ක තාත්තා ටිකක් හිතවත් නිසා පොඩි දේවාලෙන් ගෙදර ආරක්ෂාවට කියලා එක එක දේවල් කළා. නුල් බැන්දා. ආරක්ෂා මුට්ටි එල්ලුවා. බහිරව පුජා දුන්නා. අපේ තාත්තා ඒ කාලේ ඔය දේවල් කෙරුවේ සල්ලි තිබ්බ නිසා නෙමේ පුතේ එන්න එන්නම ගෙදර අය අසනීප වෙන නිසා.'' ''තව කවුද අසනීප වුනේ.'' '' ලොකු අක්කා අසනීප වුනා.'' ''මොකද්ද එයාට වුනේ.'' ''එයා හිටියේ කල්පනාවක් නැතුව වගේ. කලින් අපිත් එක්ක හොදට සෙල්ලම් කලා. කතා කළා . ඒත් එයා අපි එක්ක කතා කරන එක පවා එක පාරටම නවත්තලා දැම්මා. ඉස්කෝලේ වැඩත් කරන්න කිසිම උනන්දුවක් නැතුව ගියා. හැමදාම ස්කොලේ ගුරුවරු මට අක්කා ගැන කිව්වා. අයියත් ස්කොලේ යන එක නවත්තලා හිටිය හින්දා මම තමයි ඒවාට අහු වුනේ. දහය වසරේදී අක්කා පෙල් වුනා මගේ පන්තියට වැටුනා. '' ''අනේ පව් ලොකු අම්මා. එයාටත් හූනියම් කරලද?'' ''එයාට විතරක් නෙමේ පවුලේ සේරටම. අනිත් අයටත් එක එක දේවල් වුනා.'' ''ලොකු අම්මට හොද වුනේ කොහොමද?'' '' හොද වුනේ නෑ මම හැමදාම දකිනවා අක්කා නුග ගහ තිබුන ගෙයි පිළිකන්න පැත්තට යනවා. පොල්කටු වලට වතුරත් අරන් යන්නේ. අපිත් එක්ක තරහා නිසා අපි එයා ඉන්න තැනකට එනවට අක්කා කැමති නෑ. මම දවසක් හොරෙන් ගිහින් බැලුවා.'' ''අම්මේ අර බහිරවය ඉන්න නුග ගහ නේද? ලොකු අම්මා මොකටද ඒ පැත්තට යන්නේ.'' සැබවින්ම මගේ ඇගේ හිරිගඩු නැංවුණේ, ලොකු අම්මාත් මොකෙක් හරි වැහිලද කියලා. ''දෝණි මොකද බය වෙලා වගේ.'' ''නෑ නෑ අම්මේ කියන්න.'' ''දැන් කාලේ මේ දේවල් කරන්න පුළුවන් අය අඩුයි දෝණි . ඕවා හිතට ගන්න එපා. අහන් හිටියට. අනික ඔයාට දෙන්නාට කවදාවත් එහෙම කරදර ඇති වෙන්නේ නෑ. බය වෙන්න දෙයක් නෑ.'' ''අම්මා කොහොමද එක විශ්වාසෙන් කියන්නේ.'' ''ඒ ගැන අහන්න එපා දෝණි. කිසිම දේකට බය වෙන්න ඕනේ නෑ කියලා විතරක් හිතට ගන්නකෝ. අනික ඔය භූතයන්ගේ ප්‍රේතයන්ගේ බලපෑම් එන්නේ හිත හයිය නැති අයට. හිත ගැස්සෙන දෙයක් වුනොත් දැක්කොත්,ඒ මොකද්ද කියලා හොදට බලන්න, හිතේ චකිතය ඉතිරිකරන් එතනින් යන්න එපා. හිත ශක්තිමත් කරගන්න එක තමා වැදගත්ම දේ.'' ''අම්මා හොල්මන් දැකලා තියේද?'' ''නෑ. අනික හොල්මන් කියලා දෙයකුත් නෑ. ඉන්නවා නම් ඉන්නේ අපි මැරෙන මොහොතේ යම් දෙයකට ආශාවෙන් මරුනම්. දාලා යන්න අකමැත්තෙන් මරුනා නම් කරලා තියෙන අකුසල් වලට අනුව ප්‍රේත ලෝක වල ඉපදුන මළගිය අය තමයි. එත් එයාලව පියවි ඇහැට දකින්න බෑ. එහෙම පෙන්නේ කලාතුරකින් කෙනෙකුට තමයි. අන්න එහෙමයි බුදු බණවල තියෙන්නේ.'' ''ඒ කියන්නේ අපිට නොපෙනුනාට මෙතනත් ඉන්න පුලුවන්ද?'' ''පුළුවන් අදුරු අපිරිසිදු තැන වල ඒ ආත්ම ගැවසේනවලු. එත් එයාලට මනුස්සයිනට බලපෑම් කරන්න බෑ. තමන් කරපු අකුසලයන් මතක් කර කර මැරී මාරි ඉපදී ඉපදී කන්න නැතුව බඩගින්නේ. අදින්න ඇදුමක් නැතුව, වෙන ආත්මයකට යන්න බැරුව දුක් විදිනවලු. බයානක බලගතු අය නෙමෙයි. දුකෙන් වේදනාවෙන් අවුරුදු දහස් ගණන් දුක් විදින අය.'' ''ඉතින් අම්මේ එයාලට වෙන ආත්මෙකට යන්න බැරි ඇයි.'' ''පින් මදි නිසා. කරපු අකුසල් ගෙවෙනකන් ඉන්න වෙනවා.'' ''අපිට පින් දෙන්න බැයිද?'' ''පින් ගන්න පුළුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා. සමහර අයගේ අකුසල කර්ම වල හැටියට , අපි කොච්චර පින් දුන්නත් එයාලට ගන්න බෑ.'' ''අනේ පව් අම්මේ.'' ''එකනේ දෝණි. අපි මේ ජීවිතේ කිසිම දෙයක් ගැන ලොබ කම් කරන්න හොද නෑ. පුළුවන් තරම් දනට පිනට දෙන්න ඕනේ. යහපත් විදියට ජීවත් වෙන්න ඕනේ එතකොට අපිට පුළුවන් ඒ දුක්කිත ප්‍රේත ලෝක වෙල, සත්ව ලෝක වල, නරකාදිවල ඉපදෙන්නේ නැතුව පින් කරන්න පුළුවන් මනුස්ස බාවයක් ලබන්න නැත්තම් , දිව්‍ය ලෝක වල උපදින්න.'' ''ආන්ටි හොදට බණ පොත් කියවනවා වගේ. ඇත්තට ආන්ටි වෙලාවකට හිතෙනවා. අපි ඉපදෙනවා මැරෙනවා මේ ජීවිත වල තේරුමක් තියේද කියලා.'' ''ඔව් ඉශාන් පුතා අපි තේරුම් ගන්නත් ඕනේ ඒ ටික. මනුස්ස භාවයක් ලබන්න හුගක් පින් කරන්න ඕනේ කියලා තමා මම අහලා තියෙන්නේ. අනික මනුස්සයෙකුට විතරයි පින් රැස් කරන්න පුළුවන්. පුළුවන් තරම් සරල ජීවිතයක් ගෙවන්න අපි පුරුදු වෙන්න ඕනේ. '' ''ඒක නම් ඇත්ත ආන්ටි.'' ''අම්මේ ලොකු අම්මට එදා මොකක් හරි වුනාද කියන්නකෝ.'' ''කතාව වෙනම පැත්තකට ඇදිලා ගියා නේද? ඔව් එදා මම පිළිකන්නට හොරෙන් ඔලුව විතරක් දාලා බැලුවා අක්කා මොකද කරන්නේ කියලා. අපේ කුස්සියෙ පිටි පස්ස පැත්ත වැලි මැටි කපරාදුව කරලා තිබුනේ නෑ. බිත්තියේ බැඳලා තිබුන කුඩුගල් අතරේ බිත්ති හයිය වෙන්න අතරට දාපු මැටි තැනින් තැන තිබුනා. '' ''ඉතින්'' ''මම යනකොට ලොකු අක්කා බල්ලෙක් වගේ කටින් ඒ මැටි වුලා කනවා.'' ''ඊයා.'' ''ඔව් ඔයාලා කිව්වට විශ්වාස කරන එකක් නෑ. මම ටිකක් වෙලා බලන් හිටියා. වෙලුන මැටි වලට වතුර දාලා දත් වලින් වුලා කනවා.'' ''ඒ මොන අසනීපයක්ද්ද අම්මේ.'' ''මාන්දම කියලා තම ඩොක්ටර්ලා කිව්වේ. එදා ඒ වැඩේ මම දැක්ක කියලා අක්කා දැක්කම මගෙත් එක්ක එයා තවත් තරහා වුනා. මම අම්මා එක්කත් වුන දේ කිව්වා හින්දා අක්කා අපිට පෙන්නම මැටි කන්න ගත්තා. ලිපේ අළු වලට වතුර දාලා කනවා. ජරබර ගාලා අගුරු කනවා. වලන් කටු කනවා.'' ''ලොකු අම්මා ලොකුයිනේ අම්මේ. එයාට තේරෙන්නේ නැද්ද ඒවා ජරාව කියලා.'' ''ඒ ලෙඩේට ඒවා කන්න ආස හිතෙනවලු. අම්මා දකින ගානේ අක්කට ගහනවා. තාත්තත් ගහනවා. එත් බේරන්න බෑ.'' ''අම්මේ අර හුනියන් නිසාද එහෙම වෙන්නේ.'' ''මම දන්නේ නෑ දෝණි.මම ඔය විකාර විශ්වාස කරන්න කැමති නෑ. ඔව් කියන්නෙත් නෑ, නෑ කියනෙත් නෑ.'' ''අම්මට කිසිකරදරයක් තිබුනේ නැද්ද?'' ''මට එහෙමට ලොකු කරදරයක් තිබුනේ නෑ. මම අනිත් අයට වඩා ඒ කලේ ඉදන්ම ඒ දේවල් වලට බය නෑ. අපි රැට ඔට්ටු දානවා පුළුවන් කෙනෙක් ඉන්නවා නම තනියම ගේ වටේ රවුමක් ගිහින් එන්න කියලා. අනිත් අය ඉස්සරහා දොරෙන් ගිහින් ගේ වටේ යන්නේ නැතුව ඉස්සරහින් ඇවිත් කුස්සියේ දොරෙන් ගෙට එනවා. මම බය නෑ . මම ගේ වටේම යනවා.'' ''අම්මෝ අම්මේ අර බහිරවයා ඉන්න නුග ගහ යටින් රැ යනවද?'' ''ඔව් මට බය හිතෙන්නේ නෑ. පායන කාලෙට අපි වත්තේ රොඩු එකතු කරලා කරුවල වැටෙන වෙලාවට ගිනි ගොඩවල් ගහනවා. ඊට පස්සේ අපි පස් දෙනා හැංගිමුත්තම් කරනවා මහා රැ වෙනකන්. මම තරගේ පටන් ගද්දිම ගෙට උඩ තිබුන කජු ගහට නැගලා හැන්ගෙනවා. හී තරගේ ඉවර වෙනකන් බහින්නේ නෑ. කාටවත්ම මාව හොයා ගන්න බෑ. අනික කට්ටිය ඒ පැත්තට එන්න බයයි.'' ''අම්මත් මාරු වැඩ තමා කරන්නේ.'' අම්මගේ මුහුණේ අපුරු සිනහවක් මතු වුනේ, ළමා කාලයේ කල සෙල්ලම් සිහි වීම නිසා විය යුතුයි. හිත බිය ගන්නවන කතාවට සවන්දීගෙන සිටි අප සිත සැහැල්ලු කරන්නට අම්මගේ සිනහව , ළමා කාලයේ කල දගකාර ක්‍රියාකාරකම් හේතු වුනා. මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 16 Dec 2016 09:50 AM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ දසවන දිගහැරුම. ''සීයා කැමති වුනාද අම්මේ.'' ''නෑ පුතේ අපේ තාත්තා ඔය දේවල් විශ්වාස කලේ නෑ. අම්මට හොදටම බැන්නා. නැති බංග වෙන ඒවා මදි වෙලාද ඔය මගුල් වලටත් සල්ලි වියදම් කරන්න හදන්නේ කිව්වා. අම්මා ඊට පස්ස ඒ ගැන කතා කරේ නෑ. දවසින් දවසම එක එක දේවල් නැති වුනා.'' ''කොහෝමද ඒක නවත්ත ගත්තේ.'' ''කොහොමද නැතිවෙන්නේ කියලා හොයා ගන්න බැරුව අපි කොහොමද නැති වෙන එක නවත්වන්නේ. බැරිම තැන තාත්තා සල්ලි ඉනේ ගහගෙන නිදා ගත්තා. කවුරු හරි ගන්න ආවොත් ඉන අත ගාද්දී ඇහරෙනවනේ කියලා.'' ''ඒ වැඩේ වත් හරි ගියාද?'' ''එකෙන් තව අලුත් දෙයක් පටන් ගත්තා.'' ''ඒ මොකද්ද?'' ''නොපෙනෙන කෙනෙක් අපේ තාත්තව එහාට මෙහෙට පෙරලනවා වගේ දැනුනලු. සල්ලි ඉනේ ගහන හිටිය දවසේ රැ තාත්තා හයියෙන් කෑ ගැහුවා කවුද ඔය නවත්තාපන් ඕක . පෙන්න වරෙන්. මොනවද උබට ඕනේ. ඔය වගේ ඒවා කියලා කාටද බැන්නා. ඒ සද්දෙට අපිත් ඇහැරුනා. අපිත් දොර ගාවට දුවන් දිහින් දොර අස්සෙන් බැලුවා. කට්ට කරුවලේ මොකුත් පෙනුනේ නෑ. අම්මා දොර අරින්න කියලා කෑ ගැහුවා .තාත්තා කාගෙන් හරි ගුටි කනවා වගේ කෙදිරි ගැනවා ඇහුනා. හති අරිනවා ඇහුනා. ටිකකින් තාත්තා බිම ඇද වැටෙන සද්දයක් ඇහුනා.'' ''ඇතුලේ මොකද්ද අම්මේ වුනේ. වහලෙන් හොරෙක් වත් පැනලද? '' ''නෑ දෝණි අපේ තාත්තා හති ඇර ඇර ඇවිත් දොර ඇරියා. අපි සේරම හිටියේ දොර ලගනේ ගෙයි කෙනෙක් හිටියා නම් පැනලා යන්න එපා . කවුරුත් ගෙයි හිටියේ නෑ අපි ලාම්පු අරන් ගිහින් හැම තැනම බැලුවා. අඩුම ගානේ කවුරුත් පැනලා යන සද්දයක් වත් ඇහුනේ නෑ.'' ''ඉතින්.'' ''තාත්තා නිකමට ඉන අත ගාලා බැලුවා. ඉනේ ගහන් හිටිය සල්ලි පොට්ටනිය නෑ. කාමරේ පුරාම හෙව්වා හම්බ වුනේ නෑ.'' '' එතකොට මොකාද අම්මේ ආවේ.'' ''පහු වෙනිදා තාත්තා අර ලග තිබුන කට්ටඩියගේ පොඩි දේවාලෙට ගියා. මොකද මේ වෙන්නේ කියලා දැන ගන්න. මම අහගෙන තාත්තා සාත්තරයක් අහන් ඇවිත් අම්මා එක්ක කියනවා.'' ''මොනවද සියා කිව්වේ අම්මේ.'' '' අපේ තාත්තා කිව්වා. බලපන්කො ඒයි ශාත්තරේට මහ අමුතු දෙයක් කියවුනානේ , අපේ ගෙදර ධනය බහිරවයෝ අදිනවලු කියලා'' ''මොකුද්ද අම්මේ බහිරවයෝ කියන්නේ.'' '' මම දන්නේ නෑ දෝණි තාත්තා කිව්වේ ඒකා නාග බහිරවයෙක් කියලා , අපේ ගෙට උඩ නුග ගහක් තිබුනා. හෙන මහත බදන්න බැරි දෙහි නුග ගහක්. ඒ ගහේ වදුල නිසා අපි ඒ පැත්තට යන්නත් බයයි. අර නාග බහිරවයා ඉන්නේ ඒ නුගේලු.'' ''ඒ කියන්නේ අර නයාද?'' ''නයි ආපු බව කට්ටඩියට කිව්වම ඒ නාග වේශය අරන් ආවේ බහිරවයාලු.'' '' ඒ කියන්නේ බහිරවයාට නොපෙනී ඉන්න පුලුවන්ද?'' ''ඔව් දෝණි එදා තාත්තාව ගහලා බිමට දාලා තිබුන දවසත් තාත්තට ගහපු කෙනා තාත්තට පෙනිලා තිබුනෙත් නෑ. තාත්තා ගහන්න හැදුවත් ලග කවුරුත් ඉදලත් නෑ. බහිරවයා කියන්නේ නොපෙනී ඉන්න පුළුවන් වෙස් මාරු කරන්න පුළුවන් කෙනෙක් කියලා අපේ තාත්තා නම් කිව්වේ.'' ''අම්මේ දැනුත් එහෙම උන් ඉන්නවද? අම්මෝ බයේ බෑ.'' ''සමහර විට ඇති දෝණි'' ''අම්මෝ වු පේන්නෙත් නෑනේ අපිට මොනවා කලත් අපිට පෙන්නේ නෑනේ.'' '' බහිරවයා එන්නේ කරදර කරන්න නෙමේ වටිනා දේවල් අරන් යන්න කියලා තමා අපේ තාත්තා කිව්වේ.'' ''බහිරවයා ඒවාට මොකද කරන්නේ අම්මේ.'' ''අපේ ගෙදරින් ගෙනියපු සේරම සල්ලි අර උඩ තිබුන නුග ගහේ රත්තරන් පාත්‍රයක දාලා තියෙනවා කියලත් ශාත්තරයට කියලා තිබුනා.'' ''ඒවා අපහු හම්බෙන්නේ නැද්ද ආන්ටි ?'' ''ගන්න පුලුවල්ලු බහිරවයෝ ඉල්ලන දේවල් දුන්නම.'' ''ඉතින් ආන්ටිලාගේ සියා ගන්න උත්සහ කලේ නැද්ද?.'' '' ගන්න පුලුවන්ද කියලා අර දෙවාලෙන් ගිහින් බැලුවා.'' ''ඉතින් . ගන්න නම් පුළුවන් කිව්වලු එත් බිල්ලට ඉල්ලනේ අපේ අම්මව. ඒක නිසා අපේ තාත්තා ඒ වැඩේ අත්ඇරලා දැම්මා.'' ''ඊට පස්සේ මොකද වුනේ. හොරකන් කරන එක නැවතුනාද ? '' නැ . දිගටම සල්ලි නැති වුනා.එහෙම ඉද්දී එකපාරටම අපේ තාත්තා අසනීප වෙන්න පටන් ගත්තා.'' ''මොකද සීයට වුනේ.'' '' බඩ කොර වෙලා කියලා තමා කෑ ගහන්න ගත්තේ. එක එක ගොඩ බෙහෙත් කළා ඒත් හරි ගියේ නෑ. දවසක්තා ත්තට හොදටම අමාරු වුනා. තාත්තා උඩ බිම ඉන්න බැරුව දැගලුවා. ලොකු අයියා කොහොම හරි අහල පහල අයට අඩගහගෙන තාත්තව ස්පිරිතාලෙට එක්ක ගියා. '' ''ඒ තරමට අමාරු වුනාද? ''ඔව් ස්පිරිතාලෙට ගෙනිච්චම බැන්නලු මොකද මේ තරම් පරක්කු වුනේ කියලා . ගිය ගමන්ම වගේ වෙක් කරලා බලලා උපරේෂන් එකට ගත්තලු. තාත්තගේ බඩේ ගෙඩියක් තිබිලා. ඔපරේෂන් එකෙන් පස්සේ මාස තුනක් වත් එක තැන ඉන්න කියලා තිබුනා. බර උස්සන රස්සාවක් කරන්න නම් එපා කියලා තිබුනා.'' ''ඉතින් ගෙදර අයට කන්න දුන්නේ කවුද?'' ''මුලින් මුලින් අපේ තාත්තගේ තාත්තලාගේ ගෙදරින් දුන්නා. කල් යද්දී එයාලටත් අපි වදයක් වෙලාද කොහෙද තාත්ත බලන්න වත් ආවේ නෑ. ඒ කාලේදී අම්මත් ආයෙත් අසනීප වෙන්න ගත්තා.'' ''අයියෝ ආච්චි අම්මට මොකද වුනේ.'' ''ආච්චි අම්මගේ බඩේත් ගෙඩියක් තියෙයි කියලා ඩොක්ටලා කිව්වා.'' ''ඒ මොකද අම්මේ දෙන්නටම . බෝ වෙනවද?'' ''නෑ . අම්මගේ ගෙඩිය නම් පිටටම පෙන්න තිබ්බා. අම්මා අපිට පෙන්නනවා. රිදෙනවා කියලා කෑ ගහන වෙලාවට මම අත ගාලා තියෙ. හොදට අහු වෙන්න වම පැත්තට වෙන්න ලොකු ගෙඩියක් තිබුනා. අපේ අම්මා ඒ කාලේ ඇට කොටු ටික විතරයි හොදටම කිට්ටුයි. තාත්තත් ඇදේ නිසා අම්මා ස්පිරිතාලේ යන්න කැමති වුනේ නෑ. '' ''ලොකු මාමා මොකද කිව්වේ'' ''ලොකු අයියා පව් දෝණි. අපේ ලොකු අයියට අවුරුදු දාසයයි ඒ අවුරුද්දේ සාමානය පෙළ ලියන්න හිටියේ . විබාගේ ලියන එක නවත්තලා දාලා රස්සාවක් හෙව්වා. එත් වයස නැති හින්දා කවුරුත් වැඩක් දෙන්න කැමති වුනේ නෑ.'' ''ඉතින් කොහොමද අම්මේ ලොකු මාමා අච්චිවයි , සීයාවයි බලා ගත්තේ.'' ''ඒ කාලේ ගමේ කසිප්පු තිප්පොළක් තිබුනා. ලොකු අයියා එතන වැඩ කළා.'' ''පොලිසියෙන් එහෙම අල්ලන් ගියානම්.'' ''එහෙම අහු වෙන්නේ නෑ. දොලෙන් එගොඩ තමා පේරුවේ. අපේ ලොකු අයියා ගියේ පෙරන්න ඕනේ දර හොයලා දෙන්න විතරයි. එවුන් අයියට පොඩි ගානක් දීලා වැඩ කරව ගත්තා. ජරා මිනිස්සු'' ''ඉතින් ලොකු මාමා සල්ලි ඉල්ලුවේ නැද්ද ඒ මිනිස්සුන්ගෙන්.'' ''ඉල්ලුවා. උන් දුන්නේ නෑ. බැනලා කටින් බය කරන් වැඩ ගත්තා. ඒකත් නැති වුනොත් හම්බෙන කියා හරිත් නැති වෙනවනේ කියලා අයියා සද්ද නැතුව එතන වැඩ කළා. ඒ සල්ලි වලින් තමා අපිව බලා ගත්තේ.'' ''හුගක් පව් අම්මේ ලොකු මාමා හුගක් දුක් විදලා තියෙයි නේද?'' '' ඔව් පුතෙ, ලොකු අයියා තමා අපේ තාත්තා. පොඩි කාලේ ඉදන් අපි වෙනුවෙන් මොනතරම් දේවල් කලාද?'' ''පස්සේ මොකද වුනේ අම්මේ. '' '' අම්මත් හිටියේ අමාරුවෙන් ස්පිරිතාලේ එක්ක යන්න හැදුවත් අම්මා කැමති වුනේ නෑ. දේවාලේ කට්ටඩියා දවසක් අපේ ගෙදරට ආවා. ඇවිත් පුදුම කතාවක් කිව්වා. මමත් දොර මුල්ලේ හැන්ගිලා හොරෙන් සේරම අහගෙන හිටියේ. ඔයාලට වගේ නෙමේ ගෙදරට කවුරු හරි ඇවිත් කතා කරද්දී අපි ඒ කතා අහන ඉන්නවට අපේ තාත්තා කැමති නෑ.'' ''මොකද කට්ටඩියා කිව්වේ.'' ''ඌ කිව්වා. ගෙදරට ලග ලග කරදර ඇති වෙන්නේ කවුරු හරි මොනවා හරි හුනියමක් කරලා හින්දා කියලා.'' ''ලොකු නෝනා... ලොකු නෝනා..'' ''අයි රේණු අපි මෙහෙ.'' ''ලොකු නෝනා දවල් කෑම හරි .'' ''හරි රේණු අපි එන්නම්.'' ''රස්නේ පිටින් කන්න එන්න තේරුණි බෙබී.'' ''අනේ රේණු මට බෙබී කියන්න එපා. මම හැමදාම කියනවා.'' රේණු පොඩි හිනාවක් පාලා එතනින් යන්න ගියා. '' යමු දරුවනේ කාලා ඉමු.'' ''අනේ අම්මේ කියන්නකෝ තාම බඩගිනි නෑ අපිට.'' ''ඒකට කමක් නෑ . ඉශාන් පුතා යමු කළා ඉන්න.'' මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 16 Dec 2016 03:12 AM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ නමවන දිගහැරුම. ''ඔව් දෝණි ඔයාලගේ සීයා නම් කිව්වේ ඒ ගිහින් දාපු නයා මයි කියලා.'' ''ඒ කියන්නේ අම්මේ නයත් හොල්මනක්ද්ද? ''නෑ නෑ පුතෙ ඒ සතා නම් ඇත්ත එකෙක් වෙන්න ඕනේ,'' ''කොහොමද එහ්නම් ඌ අපහු ආවේ සියා එන්නත් කලින්.'' ''එක තමයි අපිටත් තිබුන ප්‍රශ්නේ.'' ''පස්සේ මොකද වුනේ.'' ''තාත්තා ආයෙත් නයාව කොහොම හරි අල්ලලා ගිහින් දැම්මා.'' ''ආයෙත් ආවද ?'' ''ඌ නම් අවේ නෑ .එත් මෙන්න පහු වෙනිදා අපි ස්කොලේ ගිහින් එද්දී ආයෙත් නයෙක් ඉන්නවා අපේ ගෙදරට එන පාරේ.'' ''අම්මලා බය නෑද්ද ඉතින්.'' ''බයයි බයයි. අපි කට්ටියම බයේ එක තැනකට වෙලා හිටියා තාත්තයි අම්මයි ගෙදර එනකන්.'' ''එදා මොකද වුනේ.'' ''තාත්තයි අම්මයි ඈත එනවා දකිද්දීම නංගි දුවන් ගිහින් කිව්වා තාත්තාට. තාත්තා එදත් නයාව අල්ල ගන්න හැදුවා.'' ''අල්ල ගන්න බැරි වුනාද .'' ''මාර වැඩක්නේ පුතේ එදා වුනේ . එදා තරම් නම් බය වුනේ නෑ මම කවදාවත්ම. ඒ නයා අපේ තාත්තා බෙල්ල මුලින් පාගලා අල්ල ගන්න යද්දී කකුල දිගේ විලුවනේ උඩට එනකන්ම.'' ''අම්මෝ අම්මේ. ඊට පස්සේ සීයා මොකද කලේ.'' ''පාර යන කට්ටියත් නතර වෙලා තාත්තට කිව්වා නයා අතාරපන් මල්ලියේ , නැත්තම් ඕකා ගැලව දන්නා බැරි වෙයි කියලා. ඔයාලගේ සීයා පොඩ්ඩක් වත් බය වුනේ නෑ. එහෙන්මම අල්ලාගෙන හිටියා.'' ''ඉතින්'' ''එක අතකින් ඔලුව අල්ලාගෙන අනිත් අතින් වෙළුම ගැලෙව්වා.'' ''ඈයියා අප්පිරියා හිතෙනවා අම්මේ.'' ''මට නම් මේ දැනුත් හිරිගඩු පිපෙනවා බයටම මතක් වෙද්දී.'' ''ඒ නයාට මොකද කලේ '' ''ඌත් ඈතකට ගිහින් දාලා ආවා. ඌ ගිහින් දැම්මට වැඩක් නෑ පුතේ පහුවදත් ගේ ඇතුලේනයෙක් .එකා සුදු නයෙක්? දැක්කම බය වුනාට සුදු නයා නම් ඇත්තම ලස්සනයි.'' ''අපිත් දැක්කා සත්තු වත්තේ ගියාම. ඉතින් සීයා ඌට මොකද කලේ.'' ''මොකුත් කලේ නෑ . ඌට ඉන්න ඇරියා..'' ''අම්මලාගේ කෑවා නම් එහෙම.'' ''අපේ ගෙදරට ආව නයි එකෙක් වත් ගෙදර කාටවත් මොකුත් කලේ නෑ දෝණි. හැම වෙලාම දකිද්දී දකිදී අපිටත් උන් ගැන තියෙන බය නිකන්ම නැති වෙලා ගියා.'' ''සියා හොදයි හැබැයි. ඒ තරම් නයි එද්දිත් මැරුවේ නෑ නේ. මගේ යාලුවෙක් කිව්වා එයාලගේ ගෙදරට නයෙක් ආවම මරලා පිච්චුවා කියලා.'' ''ඔයාලගේ සියා කවදාවත් සත්තුට කරදර කරන්නේ නෑ හරිම ආදරෙයි සත්තුන්ට.අපි පුංචි කාලේ ඉදන්ම කුකුලෝ හැදුවා, එළුවෝ හැදුවා. තව හාවොත් හිටියා, බල්ලෙක් හිටියා කඩියා කියලා ඌ තමයි හොතබයින්ගෙන් එහෙම කුකුලන්ව පරිස්සම් කර ගත්තේ.'' ''හොතබයි කියන්නේ මොක්කුද අම්මේ.'' ''මුගටි වගේ ජාතියක් දෝණි. අපිත් හරි ආසයි ඉතින් සත්තුන්ට. ඉකොලේ ඇරිලා ආවම අපිටත් වැඩ ගොඩයි.'' ''අනේ ශෝක නේද අම්මේ. දැන් අම්මලා නයිත් ඇති කරන්න ගත්තද ඒ කියන්නේ.'' ''නෑ නයි ඇති කරන්න කොහොමද දෝණි. අපේ තාත්තා කරපු දේ එදාම හවස තාත්තගේ තාත්තට එන්න කියලා පණිවිඩයක් යැව්වා. එයා කිව්වා සුදු නයි එන එක ගෙදරට හුගක් වාසනා වන්තයිලු. සුදු නයි මරණ එකත් හුගක් පව්ලු, එක හින්දා ඒ නයාට මොකුත් නොකර ඉන්න අරින්න කිව්වා. '' ''ඉතින් නයාට මොකද කලේ.'' ''අපි නයාට ඉන්න දුන්නා . අපි හැම වෙලේම කොහේ හරි නයෙක් ඉන්නවා දකිනවා. එත් අපි උන්ට බය වුනේ නෑ'' ''අම්මෝ මම නම් බයයි. අපේ තාත්තා එහෙම නයි හදන්න ගත්තොත් මම නම් යනවා යන්න.'' මම කකුල් දෙක හකුලල හිදන් හිටි පුටුව මත තබා ගනිමින් කිව්වා.. ''මෙයා නම් මහම මහා බය ගුල්ලියක් නේද අම්මේ.'' ''ඔව් ඔව් මෙයත් බය නොවී ඉදි නයෙක් දැක්කම.'' ''ඒ දැක්කමනේ. පිස්සි... නයි දකින්නත් කලින් බයට කකුත් දෙක උඩට ගත්තනේ '' ''අනේ යනවා යන්න. අම්මේ කියන්නකෝ ඉතුරු ටිකත්.'' ''පස්සේ ගෙදර තිබුන සල්ලි හාල් , වී ඔය වගේ දේවල් නැති වෙන්න පටන් ගත්තා.'' ''ඒ මොකද අම්මේ එක පාරටම. කවුද හොරකම් කලේ.'' ''කවුද කියන්න නම් දන්නේ නෑ. තාත්තා ආසාවෙන් ලොකු වීදුරු බෝතවල කාසි එකතු කළා. ඒ කලේ පුතාලගේ සීයාගේ විනෝදාන්සේ තමා ඒක.. එත් අපිට නම් අල්ලන්න වත්දෙන්නේ නෑ. දවසි දවස ඒ බෝතල් වල සල්ලි අඩු වෙන්න පටන් ගත්තා.'' ''සීයා මොකුත් කලේ නෑද්ද ඒකට.'' '' සියා හිතුවේ අපි හොරකන් කරනවා කියලා. ගොඩක් දාට අපේ තාත්තා අයියටයි මල්ලිඅටයි දෙන්නටම ගැහුවා ගල් ඉන්නේ බැදලා.'' ''මාර දඩුවම්නේ ඒ කාලේ තිබිලා තියෙන්නේ. ඇයි ඉතින් එහෙම ගැට ගහලා ගහන්නේ අම්මේ.'' '' පැනලා දුවද්දී තවත් කේන්තිය වැඩි වෙන හින්දා වෙන්න ඇතී දෝණි.'' ''පව් අනේ ලොකු මාමා එහෙම.'' ''පව් දෝණි හුගක් පව්. අයියා අඩනවා අනේ තාත්තේ අපි සල්ලි ගත්තේ නෑ කියලා . එත් ඔයාලගේ සියා පිලි ගත්තෙම නෑ. පව් අයියලව බෙර ගන්න අම්මත් මැද්දට පනිනවා. තාත්තා යකා වගේ. ඉතින් අම්මටත් හොද පාරවල් වදිනවා.'' ''දැන් අම්මා කියන දේ සියා පිලිගන්නවා කියලා කිව්වේ.'' ''ඔව් , එත් මමත් අපේ තාත්තට හුගක් බයයි . කේන්ති ගියාම කවුරුත් කියන දේවල් අපේ තාත්තා ඇහුවේ නෑ. අපි තුන් දෙනාත් හුගක් බයයි තාත්තා අයියට එහෙම ගද්දි බයටම අඩ අඩා කොහේ හරි හැන්ඟෙනවා. '' ''මහා නපුරු සීයෙක් ,'' ''ඉතින් ආන්ටි සීයා හොරකන් කරන කෙනා අල්ලගන්න මොකුත් කලේ නැද්ද?'' '' කරා ඉශාන් පුත් ඒත් හොරකන් කරන කෙනා අහු වුනේ නෑ. හැමදාම අපේ අයියයි මල්ලි තාත්තගේ ගුටි කෑවා. තාත්තා විශ්වාස කළෙම කොහොම හරි හොරකන් කරනවා ඇත්තේ අයියා හරි මල්ලි හරි වෙන්න ඇති කියලා. අම්මා රැට අඩ අඩා අයියගෙයි මල්ලිගෙයි වැවිරි පාරවල් වල තෙල් ගානවා. ඒ වෙලාවටත් අපේ තාත්තා බනිනවා ඔය ළමයින්ව බොරුවට හුරතල් නොකර ඉඩහන් ගෑනියේ කියලා.'' ''පව් අනේ . ඉතින් සියා මොනාද කලේ හොරු අල්ලන්න.'' ''මුලින්ම සියා එයාට වෙනම කාමරයක් හදා ගත්තා. අපි කාටවත්ම ඒ කාමරේට යන එක තහනම් කලා ඇඩුමේ ගානේ අම්මට වත් යන්න දුන්නේ නෑ . ලොකු ඉබ්බෙක් ගෙනත් දොරට දැම්මා. තාත්තා කොහේ හරි ගියොත් දොරට ඉබ්බා දාලා ,යතුර ඉනේ තිබුන යතුරු කැරැල්ලේ ගහගෙන තමා යන්නේ. '' ''හොරකම් වෙන එක අඩු වුනාද?'' ''නෑ කිසි වෙනසක් වුනේ නෑ. හැමදාම සල්ලි අතුරුදහන් වුනා. රැට අපේ තාත්තා කාම්බරේ ඇතුල් පැත්තෙන් දොරට පොල්ලක් දාන නිසා කාටවත්ම ඇතුලට යන්න බෑ. තාත්තත් කල්පනා කරන්න ගත්තා එහෙම වෙන්නේ කොහොමද කියලා.'' ''ඉතින්'' ''ඔයාලගේ සියා රැ සල්ලි ගැනලා කෝට්ටේ යට තියාගෙන නිදා ගත්තා. එත් පහු වෙනුදා උදේ බලද්දී ඔයාලගේ සියාව කෝට්ටෙන් පල්ලට දාලාලු වෙනදා වගේම සල්ලිත් අඩු වෙලාලු.'' ''මේක මහා පෙහෙළිකාවක්නේ අම්මේ. කවුද ගන්නේ.'' ''ඒ දවස් වල අපිටත් තේරුනේ නෑ. කාමරේ හදපු නිසා අයියයි මල්ලි ගුටි කන එක විතරයි නතර වුනේ. මාසෙම කන්න හාල් ගෙනාවම බලන් ඉද්දි හාල් ගෝනියේ හාලුත් අඩු වෙනවා.'' ''මාර වැඩක්නේ.'' ''ඔව් තාත්තා දවසක් එයාගේ කාමරේ ඇතුලේ හාල් ගෝනිය පැදුරකට දාලා ගොඩි තුනී කරලා නිදා ගත්ත. අපිත් පහුවදා උදෙ ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ හාල් වලට මොක වුනේ කියලා දැන ගන්න. තාත්තා ඇහැරුනා ගමන් අම්මට කතා කළා .අපිත් අම්මගේ පස්සෙන් දුවන් ගියා වෙලා තියෙන දේ බලන්න .'' ''මොකද වෙලා තිබුනේ.'' ''පැදුර වටෙන්ම කවුරු හරි අත් වලින් එකතු කරලා අරන් වගේ , කවුරු හරි හාල් අරන් ගිහින්.'' '' ඊට පස්සේ අම්මා කිව්වා මේක නම් හරි යන්නේ නෑ ඔයි. නිවිත්තක් බලමුද? කියලා.'' මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 15 Dec 2016 09:31 AM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ අටවන දිගහැරුම. ''මේ දෝනිට බැයිලු කපිල තනියම ඉන්න.. මාව තෙමුවනේ ලියිට් ගිය එකට බය වෙලා.'' ''දෝණි මෙහෙ එන්න.'' මම මොකුත් නොකියම අප්පචි ලගින් ඉද ගත්තා. ''අද මෙහෙ නිදා ගන්න. '' අවුරුදු විසි හතරක් වුනාට මම තමයි තවමත් ගෙදර සුරතලිය. එදා මම අම්මගෙයි තාත්තගෙයි මැද්දේ නිදා ගත්තේ, කරණීය මෙත්ත සූත්‍රය තාත්තා එක්ක ගායනා කිරීමෙන් පසුවයි. රැ නිදා ගනිද්දී හොදටම රැ වෙලා තිබුන නිසා, මම අවධි වන විට හත පහු වෙලා තිබුනා. මම දෑස් හරින විට ඇද ආසන්නයේම හැර තිබු ජනේලයෙන් හිරු එලිය මගේ මුහුණ මටම පතිත වී තිබුනා. අයියෝ ඉශාන් අයියා ගිහිනුත් ඇති . අම්මත් මට ඇහරවලත් නෑනේ. මම ඇදෙන බිමට පැනලා අම්මා හොයන්න ආලින්දය හරහා කුස්සියට යන්න ආවා. '' ආ ඔය ඇහැරලා තියෙන්නේ. මම මේ යන්න හැදුවේ. '' ඉශාන් අයියා හිටියේ අපේ අයියගේ ඇදුමකුත් ඇදන්. නිදා ගැනීම නිසා ඇවිස්සි ගිය කොන්ඩයත්, ඇඟට තැවුණ කෙටි රැ ඇදුමත් නිසා මට දැනුනේ අපහසුවක්. තව මොහොතක් නොරැදී මම කාමරය දෙසට දිව්වා. ඊයේ රාත්‍රියෙහි තිබුන බිය මට දැන් අමතක වෙලා ගිහින් තිබුනා. මම දත් මැදලා මුණ සෝදාගෙන වෙනදට වඩා කන්නාඩිය ලග හැඩ වෙලා පහලට ආවා. මම එද්දී ඉශාන් අයියා තවමත් තනියම ආලින්දයේ වාඩි ගෙන ඉන්නවා. '' තෙරු කොහෙද රේස් එකක් වගේ දිව්වේ.'' ''මුණ සෝදන්නනේ.'' ''හරි හරි මම දැන් යන්නද එහෙනම්.'' ''උදේට කාලා යමු.'' අම්මා එවෙලේම වගේ කෑම කන්න කතා කළා. මම ඉශාන් අයියගේ අතේ ඉල්ලීගෙන කෑම කාමරය දිහාවට ඇදුනා. '' කෝ අම්මේ අයියා.'' ''හිමා ළමයා එක්ක පොන් එකෙන් කතාවක මගේ හිතේ.'' ''එහෙමද? ඉන්නකෝ මම හොද වැඩක් කරන්න.'' ''දෝණි විහිළු කරන්න එපා . '' '' අනේ අම්මේ.'' මම දගකාර ලෙස අම්මට ඇවිටිලි කළා. ''එපා තෙරු ඒ දෙන්නට නිදහසේ කතා කරන්න දෙන්න.'' ''ඔයාලා කන්න ඉශාන් පුතා. අපේ පුතා පස්සේ කාවී.'' ''මොනවද අම්මේ මේ පිස්සි කියන්නේ.'' ''මොකුත් නෑ පුතේ.'' ''අම්මේ අද අර කතාවේ ඉතුරු ටික කියනවද?'' ''ඉස්සරලා කාලා ඉන්නකෝ.'' අපිට උදේ ආහාරය සඳහා පියෙල කර තිබු ඉදි ආප්ප. ඉදි ආප්ප කිහිපයක් පිගානක් මතට දමා අයියට පාමින් අම්මා කිව්වා. ''ඉෂාන් මල්ලි ගෙදර යන්න බැරියෑ හවස් වෙලා .හිමා නංගායි මමයි හවස පන්සල් යන්න කතා වුනා. ඔයත් ඉන්න අපි හතර දෙනාම යමු.'' මම ඉශාන් අයියා දිහා බැලුවේ ආයාචත්මක ස්වරුපයක් මුහුනෙ රඳවාගෙන. මට මද සිනහව පා ඉශාන් අයියා අයියගේ පැත්තට හැරුනා. ''අනේ මට බෑ දසිරු අයියේ. මට අද ගෙදර පොඩි වැඩ වගයක් තියෙනවා.'' ''අනේ ඉශාන් අයියේ.'' මම මුණ ඇද කරනකොට ඉශාන් අයියගේ මුනේ තිබුනේ ලස්සන හිනාවක් , ඒ පෙනුමෙන් මට වැටහුනා. මගේ කටින්න ඉන්න කියව ගන්නයි එයාට ඕනේ කියලා. ඊ ට පස්සේ මාත් නිහඩ වුනේ ආඩම්බරකාරයා බලමුකෝ යයිද කියලා සිතමින්. ''අද තාත්තත් නැති එකේ අම්මත් යමු අපිත් එක්ක. '' ''හා යමු පුතේ.'' උදේ කෑම වෙළෙන් පස්සේ අපි අම්මවත් එක්කගෙන මිදුලේ කොනක අලංකාරව තනා තිබු කුඩා මේසය වටා වු අසුන් වල හිද ගත්තේ කතාව අහ ගන්න හිතාන. ''අම්මේ දැන් වත් කියන්නකෝ.'' ''කොතනද නැවැත්තුවේ මතකද දෝණි.'' ''අම්මා වැටිලා තුවාල වුන තැන.'' ''හ්ම්ම්ම් අයියට වැඩි දුරක් යන්න ලැබුනේ නෑ අම්මා දනාවෝ කියලා කෑ ගහනවා ඇහෙන්න ගත්තා. තාත්තා අම්මවත් ඇදගෙන කන්ද පහලට දුවගෙන ආවේ හරිම හදිස්සියෙන් . වැටිලා තාමත් එතනම හිදගෙන වුන්නු මාව පහු කරගෙන දොළ දිහාවට දුවගෙන ගියා. අයියත් ඒ පස්සෙන්ම දුවන් ගියා. මමත් අමාරුවේ නැගිටගෙන කොර ගගහා දොළ ලගට ගියා. මේ ගැනිට මොන යකෙක් වැහිලද මන්දා කියලා බැණ බැණ තාත්තා අම්මව දොළ මැද්දට අරන් ගිහින් බාල්දියකින් ඉහේ ඉදන් වතුර වක්කරනවා. අන්තිමට කෑ ගැහිල්ල නැවතිලා ගෙදර එක්ක ආවා. ඇස් දෙක ගොරකා ගෙඩි දෙක වගේ රත් වෙලා, මොන තරම් වතුර දැම්මත් ලගින් යන්න බැරි තරම් ලාම්පු තෙල් ගද. අම්මා ඒ පාර අඩනවා . හුස්ම ගන්න බෑ , නහය උගුර සේරම දානවා. ලාම්පුතෙල් ගද ඉවසන්න බෑ කියලා. තාත්තා ඇහුවා මොකද තෙල් හලා ගත්තේ කියලා , අම්මා කිව්වා මට මොනවා වුනාද කියලා මට මතක නෑ කියලා. ඒ කතාවට තාත්තට හොදටම කේන්ති ගිහින් අම්මට තවත් බැන්නා. ලගදි ඉදන් මේ ගැනිට මක් වෙලාද මන්දා කියලා.'' ''එතකොට ආච්චි අම්මටත් කවුරු හරි වැහිලද අම්මේ.'' ''අහන ඉන්නකෝ දෝණි සේරටම උත්තර ලැබෙයි.'' ''කට පියන් ඉන්නවකෝ පිස්සි.'' ''ඒක ටිකක් යතාතත්වයට ආවම අයියා මගේ ලගට ඇවිත් තුවාල බැලුවා. හුගක් තුවාල වෙලානේ චුට්ටි හෝදලා බේත් ටිකක් හගලා තියමු කිව්වා. මම බෑ කියලා කෑ ගහලා අඩද්දී අයියා තුවාල වල ඇනිලා තිබුන වැලි කැට ඉවත් වෙන්න සෝදලා පරණ සරමකින් තෙත මාත්තු කළා. වත්ත පහල මායිමෙන් තිබුන කොපි ගස් වලින් දළු වගයක් කඩන ඇවිත් තලලා තුවාල වලට තියලා බැන්දා. අපි එදා ඉස්කෝලේ ගියෙත් නෑ. අම්මා නිතරම එයාගේ කොන්ඩේ අත ගගා හීල්ලුවා.බිම ගෑවෙන්න තරම් දිගට තිබුන කොන්ඩේ මෙසේ උඩ තියලා මන්නෙන් කෙටුවා අම්මට මතක නෑලු. ඊට පස්සේ අම්මා හිටියේ හුගක් දුකෙන් එයාට පිස්සු හැදීගෙන එනවා කියලා.'' ''ඊට පස්සේ.'' '' අම්මා ගෙදර තනියම දාලා යන්න තාත්තා බය වුනා. ඒක හින්දා තාත්තා කිරි කපන්න යද්දී අම්මත් එක්කගෙන ගියා. අපේ සම්පුර්ණ වගකීම පැටවුනේ ලොකු අයියට. ස්කොලේ ගිහින් ආවම අපිව බලා ගත්තේ අපේ අයියා. අපි ගෙදර එද්දී ගෙදර කවුරුත් නැති නිසා කන්න මොකුත් තිබුනේ නෑ. අපි කරන්නේ වත්තේ ගස් වලින් කුරුම්බා කඩනවා. කොස් ගස් වල නැගලා වරකා කඩන් කනවා. අපේ කාටවත් ගස් නගින්න බෑ මම තමයි ගස් නගින්නේ. ''අම්මා කොල්ලෙක් වගේනේ.'' ''ඔව් දෝණි මම හුගක් දඟයි ඒ කාලේ.'' ''ලොකු මාමට ගස් නගින්න බැයිද?'' '' බෑ දෝණි . අපිට නගින්න දෙන්නෙත් නෑ. මම නගින්නේ එයා එහෙ මෙහෙ වෙනකන් ඉදලා. ලොකු අයියා හැමදාම බනිනවා මම ගස් නගිනවා කියලා. එහෙම නැත්තම් වත්ත පහල හිටවලා තිබුන මඤ්ඤොක්කා පාත්තියේ ගස් උදුරන්නේ නැතුව වටේ හාරලා හොරෙන් අල කපලා තම්බලා කෑවා. අපි ගස් ඉදිරුවොත් තාත්තා බනිනවා. තව කොස් ඇට දෙල් ඇට ඇහිදින්න යනවා. එහෙමත් නැත්තම් අහල පහල යාලුවොත් එකතු කරගෙන දොළට පනිනවා. අපි ඒ කාලේ සෙල්ම් දේවල් දැම්මෙත් දොලේදී, බෝනික්කනට ගත්තේ ගල්. ලොකු ගල්වලට ගස් වලට නැගලා අපි දොලට පනිනවා. අපි අම්මලා එනකන්ම නානවා. ගෙදර එද්දී සේරගේම ඇස් රතු පාට වෙලා. පෙළක් දාට ළමයි එක්ක එකතු වෙලා දන්, චීන, කිරිල්ල වගේ ඒවා කඩන්න ගිහින් ගුටි කනවා. ඔයාලගේ තාත්තා වගේ නෙමේ අපේ තාත්තා හුගක් සැරයි, තාත්තාගේ කටහඩ ඇහුනත් අපි මුළු මුළු වල හැන්ගෙනවා. අක්කටයි මටයි නංගිටයි ගැහුවේ නැතුවට අයියටයි මල්ලිටයි ගහන්නේ ගල් ඉන්න හිටවලා එකේ ගැට ගහලා. '' ''අම්මෝ සියා හරි වසයිනේ අම්මේ.'' ''ඔව් දෝණි දොනිලට වගේ නිදහසක් නෑ අපිට. පස්සේ මට අවුරුදු දහතුනක් විතර වෙද්දී තාත්තා අනිත් අයට වඩා මට විශේෂෙන් උගන් වන්න උනන්දු වුනා , ඒ අපේ පවුලෙන් ඉගෙන ගන්න හොදටම පුළුවන් ළමයා මම නිසා. මම නංගිලාට මල්ලාටත් අමාරු පාඩම් කියලා දෙමින් ඉගෙන ගත්තා. තාත්තා මාව අමතර පන්ති වලටත් යැව්වා. අම්මා ඉද හිට තාත්තා එක්ක කේන්තියෙන් හැසිරුනත් ලොකු කලබලයක් ඇති කලේ නෑ. ඔහොම කාලය යද්දී දවදක් අපේ ගෙයි ඇදුම් පෙට්ටියක් උඩ නයෙක් දරනේ ගහන හිටියා. '' ''නයෙක්'' ''ඔව් නයෙක් . ඌ මුලින්ම දැක්කෙත් මම . මම ඌ දැක්ක ගමන් කෑ ගැහුවා. තාත්තා වෙලාවට ගෙදර හිටි නිසා එතනට දුවන් ආවා. තාත්තා පොඩ්ඩක් වත් නයාට බය නෑ. තාත්තා උගුරු කොකුවක්ද්ද මොකද්ද හදලා නයාව අල්ලලා ඈතකට ගිහින් දාලා එන්න කියලා ගියා. ඒ වෙනකොට අපේ පවුලේ තත්වය තරමක් හොද මට්ටමක තිබුනේ. තාත්තට පොඩි මෝටර් සයිකල් එකකුත් තිබුනා. කුඩුගලෙන් බැදලා, වැලි මැටි වලින් කපරාදු කරලා , සුදු හුණු ගාපු කාමර තුනකුත් සාලෙකුත් කුස්සියකුත් තිබුන ගෙයක් අපිට තිබුනා. ඒ හැම දේම හැදුවේ අපි හැමෝම එකතු වෙලා. අම්මා අසනීප වෙන එක අඩු වුනාම තාත්තා අම්මට කිව්වා මැටි පාගලා තියන්න කියලා. අපිත් ඒ වැඩ වලට හුගක් ආසයි. මහා රැ වෙනකන් අපිත් ගෙයි බිත්ති බදීන්න අපිත් උදව් වෙනවා. ''කෝ අම්මේ ඒ ගේ දැන්.'' ''ඒ ගේ තාත්තම ටික ටික කඩලා දැම්මා.'' ''අර නයාට මොකද වුනේ.'' '' ඔව් පුතේ ඒ නයා දුරකට ගිහින් දාලා තාත්තා ගෙදර ආවේ හරිම සතුටින්. ඒ වෙද්දී අපිට තාත්තා වැඩිය තරවටු කරන්නේ නෑ. කොහොමත් තාත්තා අනිත් අය කියන දේවල් වලට වඩා මම කිව්ව දේවල් පිලිගත්තා .තාත්තා කමිසයේ බොත්තම් ලිහිල් කරමින් ගේ ඇතුලට යද්දී ආයෙත් හිටි තැනම අර නයා පෙනේ පුප්පගෙන ඉන්නවා කියලා තාත්තා අම්මට කෑ ගහලා කිව්වා.'' ''ඒකා ආපහු ඇවිල්ලද'' මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 13 Dec 2016 10:43 AM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ හත්වන දිගහැරුම. ''එත් දසිරු අයියේ ඔයාට ඉක්මනටම මාව එපා වෙයි. මේ වෙන දේවල් කවදා නතර වෙයිද කියලා, මම දන්නේ නෑ.'' ''ස්ස්ස්ස්ස්..... දැන් ඔය කතාව ඇති. මට ඔයාව කවදාවත් එපා වෙන්නේ නෑ. අපි කොහොම හරි ඔයාව මේකෙන් බෙර ගන්නවා.'' ''දසිරු අයියේ.'' ''හ්ම්ම්ම්ම් ඒ පාර මොකද හිමා නංගා.'' ''මම ඔයාට ආදරෙයි.'' ''මමත්, මම ඒක දන්නවා මැණික,'' එසේ පවසමින් අයියා හිමාගේ කොපුල මත ආදරෙන් හාදුවක් තැබුවා. ඒ හඬ යාන්තමින් මගේ සවනත් වදිද්දී මම දෑස් තද කර පියා ගත්තේ, වියලුනු කඳුළු අලුත් කරමින්. හිමාට ඒ සැනසීම වත් ලැබීම ගැන මම හදවතින්ම සතුටු වුනා. මම දැනන් හිටියා, ඇයට පාලනය කර ගන්නටත් නොහැකිව දහසක් නෙත් ඉදිරිපිට සිදු වන සිදුවීම් නිසා ඇය හොදටම කැලබිලා ඉන්නේ කියලා. කියා ගන්න බැරි වේදනාවකින් ඉන්නේ කියලා . ඒ හිතට මේ ආදරේ ලොකු අස්වැසිල්ලක් වෙයි. මේ හැමදේම මම දැක්ක බවක් අයියට පෙනුනේ නැහැ. ඒ ඔහු ආදරයත් බියත් නිසා වියුරු වැටි සිටි නිසා.හිමාලගේ නිවාස ඉදිරිපිට වාහනය නතර වෙද්දී හිමා හිටියේ අයියහේ පපුව මත නින්ද ගිහින්. ''හිමා හිමා... '' මම පිටුපස දොර හැර හිමාව ඇමතුවා. '' නැගිටින්න ළමයෝ වෙන දවසක බැරියයි අයියගේ තුරුලේ නිදා ගන්න.'' හිමා මැලවී ගිය මුහුණින් මද සිනහවක් පාලා කාර් එකෙන් බිමට බැස්සා.'' ''හිමා නංගා පයින් යන්න පුලුවන්ද?'' ''පුළුවන් පුළුවන් දසිරු අයියෝ '' ''මගේ නෑනට පයින් යන්න දෙන්නම කැමති නෑ වගේ,'' ''නංගා මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි.'' අයියා ස්ථාවර ස්වරයෙන් කියද්දී මම නිහඩ වුනා. එත් මගේ සිත පැවසුවේ නම් එයාලට ආදරේ කරන්න හොදා අපි කිව්වම තමා රිදෙන්නේ කියලා . ඔවුන් දෙන්න ඉස්සර වී යද්දී මම ඉශාන් අයියා එක්ක පසු පසින් ගියා. මම රහසින් වගේ ඉශාන් අයියා එක්ක වුන දේ කිව්වා. මොන දෙයක් සිද්ද වුනත් බලහත්කාරයෙන් ගිය ගමනින් ඔවුන්ට යහපතක් වීම ගැන මමත් ඉශාන් අයියත් සතුටු වුනා. පිරිත් ගෙදරදී සිදු වුන දේ කිව්වම හිමලගේ අම්මා අපිට හොදටම දොස් කිව්වා. මම කිව්වනේ කලින් එක්ක යන්න එපා කියලා, කියලා. ''අනේ එයාලට බනින්න එපා අම්මේ. '' ''හරි හරි දැන් ඒක වෙලා ඉවරනේ. ආන්ටි අපි මොකද කරන්නේ මේකට?'' ''හොද කට්ටඩියෙක් හොයා ගන්න වෙනවා පුතේ. කලින් එකත් හොරෙක්නේ නැත්තම් ආයෙත් මෙහෙම වෙන්න විදියක් නෑනේ.'' ''හරි ආන්ටි අපි ඉක්මනටම කෙනෙක් හොයා ගමු. කෝ අන්කල් ..'' ''එයාට නින්ද ගිහින් පුතේ. ඔය ළමයි දැන් යන්න. දැන් හුගක් රැ වෙලානේ.'' ඒ ගමනින් බයත් දුකත් සතුටත් උරුම වුන හැගීමකුත් එක්ක අපි අපේ නිවාස කරා පැමිණියා. දැන් හුගක් රැ වී තිබු නිසා අයියා ඉශාන් අයියට එහි නවතින ලෙස කියා සිටියා. නමුත් ඉශාන් අයියට ඕනේ වුනේ ගෙදර යන්න. ඉශාන් අයියා මේ රැ තනියම යනවට මටත් බයක් දැනුනා. ''ඔයාලා ආවද පුතේ. කිසි අවුලක් වුනේ නෑ නේද පුතේ අර ළමයට.'' ''ඒ කිව්වේ තාත්තේ.'' තාත්තා එහෙම අයියාගෙන් විමසද්දී අයියා පුදුමයෙන් අසා සිටියා. ''අම්මා මට හැමදේම කිව්වා පුතේ. හිමාෂා ළමයට කරදරයක් වුනේ නෑ නේද ? දෙවොල් බෙරේ ගැහුවනම් ඇවිස්සෙනවා. මම මේ අම්මටත් බැන්නේ ඇයි ඔය ගමන යන්න දුන්නේ කියලා.'' අපි තාත්තයි අම්මයි එක්ක වුන දේ කිව්වවා. නිහඩව කතාව අහගෙන හිටපු තාත්තාගේ නළල රැලි ගස්වමින් කල්පනා කරන්න වුනා. ''හරි පුතාලා දැන් නිදා ගන්න. හෙට මම ගමේ යන්න ඉන්නේ. මම අපේ මාමා එක්ක මේ ගැන කතා කරනම්.'' ''සියා ඒ වැඩ ගැන දන්නවද තාත්තේ.'' ''ඔව් ගාල්ල කියන්නේ බලවත් කට්ටඩි ඉන්න පැත්තක්නේ පුතේ. අපේ මාමා ඒ වැඩ වලට බොහොම දක්ෂයි. මම එයාව එක්කගෙන එන්නම්. '' ''අනේ මමත් එන්නද තාත්තේ ඔයා එක්ක යන්න.'' ''එපා පුතේ හෙට හිමාෂා දුවව පන්සලට එක්ක යන්න. එයාට පොඩි හරි සැනසීමක් දැනෙයි .පුතා දුව ලගින් ඉන්න. දුව හුගක් බයෙන් ඇත්තේ.'' ''හා තාත්තේ. සීයා මේ වැඩේ කරලා දෙයි නේද?'' '' ඔව් පුතේ. මේ නුල හෙට ඒ දුවගේ කරේ බදින්න.'' තාත්තා අයියා අතේ නුලක් තැබුවා. ''මේ කොහෙන්ද තාත්තේ.'' ''ප්‍රශ්නේ අහන්නේ නැතුව ඕක බදින්නකෝ පුතේ.'' ''හරි තාත්තේ.'' ''ඉශාන් පුතා මේ රැ තනියෙන් ගෙදර යන්න එපා. මෙහෙ ඉදලා හෙට උදේ යන්න.'' ''හරි අන්කල්.'' ''මම යනවා නිදා ගන්න. මානෙල් ඉශාන් පුතාට නිදා ගන්න ලෑස්ති කරලා දෙන්න. '' තාත්තා අපිට පිටුපාලා කාමරය දිහාවට ඇදුනා. ''අම්මේ අද මාත් එක්ක දොයියන්න එන්නකෝ.'' ''මොකෝ දෝනී '' ''මට හිමාට වුන දේ මතක් වෙද්දී තනියම නිදා ගන්න බයයි. '' ''අනේ හරි දෝණි. ඉශාන් පුතාට නිදා දන්නා තැනක් හදලා දීලා මම එනම්.'' ''එතකන් මමත් ඉන්නම්.'' ආලින්දයේ තරමක් අදුරු තැන වලට නෙත යොමු කරමින් මම සුසුම් හෙලුවා. මොකද මගේ හිතත් ටිකක් හෙල්ලිලා තිබුනේ. ඒ අදුර මැදින් මට නොයෙක් බය හිතෙන දර්ශන මැවී පෙනුනා. ''මොකද දෝණි බය වෙලා වගේ.'' මම අම්මගේ හඩත් එක්ක ගැස්සිලා අම්මා දිහා බැලුවා. අම්මා ඉශාන් අයියට නිදා ගන්න තැනක් සුදානම් කරලා එනකන්ම මම ගේ මැද්දේ හිටගත්තු තැනටම වෙලා හිටගෙන සිට ඇති බව මට වැටහුනේ ඒ මොහොතෙයි. ''දෝණි'' ''මට බයක් දැනෙනවා අම්මේ. '' ''ඕවා කල්පනා කරන්න එපා යමු නිදා ගන්න.'' මම අම්මාත් සමග මගේ කාමරය වෙත ඇදිනා. අදුරේ ගිලි තිබු කාමරයට ඇතුල් වෙන්න මට දැනුනේ ලොකු බයක්. ''අනේ අම්මේ ලයිට් එක දාන්නකෝ.'' ''මොකද දෝණි අද හුගක් බය වෙලා.'' අම්මා කාමරේ විදුලි බුබුල දැල්ලුවාට පසුව මම අම්මා පසුපසම කාමරයට ඇතුළු වුනා. ''දෝණි වොෂ් එකක් දාන් එන්න. ඔය හිතේ කලබලයත් අඩු වෙයි.'' දැන් වෙලාව රැ දොළහටත් කිට්ටුයි . මට තනියම නාන කාමරයට යන්න බය හිතුනා . මම අම්මට දොර ලගට වෙලා ඉන්න කියලා නාන කාමරයේ දොර හැර ගෙනම ඇඟ දෝවනය කරමින් සිටියා. මුළු නිවසම අදුරේ ගිල්වමින් එක වරම ලියාලු විදුලි පහන් සියල්ල නිවී ගියා. ''අම්මේ.'' මම දිය බෙරෙමින්ම අම්මගේ ළගට පැනලා ලය මත මුහුණ හොවා ගත්තේ, අදුරෙනුත් ජල බිදුවලින් දැනුන සීතලෙනුත් පීඩා විදිමින්. ''ඇයි දෝණි ලයිට් ගියා. මොකද මගේ දෝණි මේ තරම් බය වෙලා.'' ඒ එක්කම මුළු නිවසම ඒකාලෝක වෙමින් නැවතත් විදුලි පහන් දැල්බුනා වුනා. ''පිස්සු කෙල්ල මාවත් තෙමුවා. ඉන්න දැන් මම ඇදුමක් මාරු කරන එන්න.'' ''අනේ අම්මේ යන්න එපා. මට බයයි.'' ''මොකද දෝණි. මම හොදටම තෙමිලානේ. මෙහෙන නිදා ගන්න පුලුවන්ද.'' අම්මා තෙමී ගිය රැ ඇඳුම පෙන්වමින් මට කිව්වා. එත් අම්මට යන්න කියන්න මට බයයි මගේ හිත කිව්වෙම අද මොනාම හරි සිද්ද වෙයි කියලා. ''අනේ අම්මේ ඉන්නකෝ මම ඇදුමක් දා ගන්නකන් මමත් එනවා අම්මා එක්ක යන්න. '' පුළුවන් ඉක්මනට ඇග දැවටුන සබන් ටික සෝදාගෙන මම කාමරයට ඇවිත් රැට අදින ලා කොල පැහැ හීන් සුදු පැහැ තිත් ඉහුණු කොට ඇදෙනසුලු කලිසමත් අත් නොමැත බැනියමත් ඇඟ ලා ගත්තේ වටපිට බලමින්. සැබවින්ම මට අල්මාරිය අරින්නටත් බියක් දැනුනේ, මගේ හිතේ නැගෙන බයානක රුප අල්මාරිය ඇතුලත සිට මගේ ඇඟට පනීද කියා සිතීම නිසයි. '' යමු අම්මේ.'' මම අම්මගේ ඇගේ ගෑවී නොගෑවෙන තරම් ලගින් අම්මගේ කාමරයට ගියා. ''මානෙල් අද නිදා ගන්නේ නැද්ද ? '' මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 12 Dec 2016 03:02 PM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ හයවන දිගහැරුම. නිවසින් මද දුරක් පැමිණෙන විට පාර දෙපස හමු වන වෙල් එලියට අද වෙනදට වඩා අමුතුම ලස්සනක් ඒක වී තිබුනේ අවරින් බැස යන හිරුගේ රශ්මී කදම්බය නිසයි . පෙනෙනතෙක් තෙක්මානයේම වු වෙල් නිසාම අහස් කුස මා නෙතට වැඩි පුරාම නිවාරණය වී තිබුනා. කාර් රථයේ පැති වීදුරුව පහත් කරගෙන මම ඒ සුන්දරත්වය විදිමින් වුන්නා.වැඩි වෙලාවක් යන්නට කලින් ප්‍රධාන මාර්ගයට පිවිසි, හිමාලගේ නිවාස වෙත යන පටු මාවත වෙත යොමු වුනා. ''ආ දරුවනේ, ඔයාලා ආවාද?'' ''කෝ ආන්ටි හිමා ලෑස්ති නැද්ද?'' ''ඇයි එයා කෝල් කරලා කිව්වේ නැද්ද? එන්න වෙන්නේ නෑ කියලා.'' ''කිව්වා ආන්ටි , පොඩ්ඩක් එන්නකෝ මට ආන්ටිට කියන්න දෙයක් තියෙනවා.'' මම හිමාලගේ අම්මගේ අතේ එල්ලිලා අයියාගෙන් ටිකක් ඈතට එක්කා ගෙන ගොස් අපේ සැලසුම ගැන කිව්වා. ඇයත් එක හෙලා ඉන් සතුටු වුනේ හිමාගේ හිතේ තියෙන පීඩනය මදකට හෝ නිදහස් වෙයි කියලා හිතලා.මම කාමරයට යන විට හිම සිටියේ ඇදේ වැතිරිලා.මම යන්න අවසර ගත් බව කිව් විගස ඇය ඇදෙන පැන නාන කාමරයට වැදුනා. ඇයට සුදානම් වී එන්නට ඉඩ හැර මම ආලින්දයේ ඇති වී තිබු කතාවට එක් වුනා. ''තේරුණි දුවේ මතක ඇතිව පිරිත් අහන්න ඉන්නේ නැතුව ඉක්මනට ගෙදර එන්න.'' ''හරි ආන්ටි . අපි රැ නොවී එනවා.'' ''හරි අපි යමු.'' හිමා ලා දම් පැහැ සායට සුදු බැනියමකුත් හැදගෙන අපි අතරට එක් වුනේ හරිම සතුටින්, මම කාටත් කලින් දුවගෙන ගිහින් ඉදිරිපස අසුනට නැගුනා. '' ඒ පිස්සි යනවා පිටි පස්සට '' ''ඒ මොකටද ? මට ඉශාන් අයියා ළග යන්න ඕනේ.'' ''අනේ පිස්සියේ යනවා පිටි පස්සට.'' '' බෑ .. බෑ...'' ''අනේ තෙරු උබ පස්සට වරෙන්කො .'' '' බෑ බෑ අයියා උබව ගිලින්නේ නෑනේ .'' අවසානයේ, ලැජ්ජාසීලී සිනහවක් මුව දවටාගෙන දෙදෙනාම පිටු පස අසනට බර වුනා. ටික දුරක් නිහඩව ගමන් කල ඔවුන් දෙදෙනා ටිකින් ටික කතාව පටන් ගත්තා. ඉශාන් අයියත් මමත් ඔවුන් දෙස හොරෙන් බලමින් සතුටු වුනා. පිරිත් ගෙදරට යාමට පැය භාගයක පමණ කාලයක් ගත වන නිසා, අපි ගමන තවත් පමා කළා. පිරිත් ගෙදර වට පිටාවෙහි තිබුනේ හරිම ශාන්ත බවක්. ගොක් කොළ වලින් නිවසට ඇතුල්වන ස්ථානය සරසා ති බුනා. අවට පරිසරය පුරාම විදුලි පහන් දල්වා, ආලෝක ගන්වා තිබු නිසා ඈත පෙනුනේ අමුතුම අසිරියක්. කාර් එක පාර කෙලවර ඉඩ ඇති තැනක නතර කර අපි නිමාලීලාගේ නිවසට ඇතුල් වුනා. ආදරයෙන් අපිව පිලිගත් ඇය, කාර්යාලයේ අනෙක් යහළුවන් සිටි තැනට අපිව එකාගෙන ගියා. අපි හිතුවටත් වඩා හොදට අපේ සැලසුම සාර්ථක වෙලා තිබුනා. හිමාට මම ඉන්නවද නැද්ද මතක නෑ. අයියා ලගම අසුනක ඉදගෙන අයියා සමග කතා කරමින් සිටියා. අපි රැ ආහාරයෙන් පසු එන්න සැරසුනත්, අනිත් යහළුවන් අපිට ඉන්න කියලා ඇවිටිලි කළා. පිරිත් පටන් ගන්නට සුදානම් වු නිසා. ටික වෙලාවක් ඉදලා යන්න අපි තීරණය කළා. සුදු තිර රෙදි ඇදලා, සුදු රෙදි වියන් ඇඳලා , පිරිත් මන්ඩප්පය වටා ගොක් කොළ වලින් අලංකාරවත්ව සරසා තිබුනා. පිරිත් මන්ඩප්පය මැද මේසය මත පිරිත් කිරීමට පැන් කාලය තබා තිබුනා. අපි හතර දෙනාත් බිත්තියක් ආසන්නයේ වාඩි වුනේ පිරිත් අසන්නට සිතාගෙන. පිරිත් කරන්නට ගෙන තිබු නුල් පන්දුව පිරිත් අසන්නට සුදානමින් සිටි අය අතට එවනු ලැබුවා. පිරිත් නුල අල්ලාගෙන අපි පිරිත් සවන් දීම ආරම්භ කළා. හිමා වාඩි ගෙන සිටියේ මා අසලින්මයි .මම ඇගේ මුහුණට එබී බලද්දී ඇය සිටියේ හරිම සැහැල්ලු හැගීමකින් කියලා මට දැනුනා .ඈ අසලම අයියා වාඩි ගෙන හිදීම ඇගේ සැනසීමට හේතුව කියලා මම හිතුවා. නිතරම අසා පුරුදු කරණීය මෙත්ත සූත්‍රය පිරිත් මන්ඩප්පයෙන් තුලින් අපගේ සවනත වැදී ඇති කලේ සැදැහැති සිතක්. ඒ හඬම පිටත සවිකර තිබු සබ්ධ විකාශන යන්ත්‍රය ආදාරයෙන් නැවත නැවතත් රැව් පිලි රැව් දුන්නා. ටික වෙලාවකට පසු බෙරයක් වයමින් සබ්ධයද ත්ර්වුර කරමින් පිරිත් දේශනය පැවතුනා. ''තෙරු මට ඉන්න බෑ.'' ''ඇයි ඇයි .. හිමා.'' ''අනේ දසිරු අයියේ. මගේ ඇගම පිච්චෙනවා වගේ. '' හිමා හිටියේ සැබවින්ම අපහසුවෙන් ,ඒ බව ඇගේ මුහුනෙනුත් ,ගතම තෙත් කල දා බිදුවලිනුත් වැටහුනා. දෑසේ බිය ගත ස්වරුපයත් සමග විශාල දා බිදු නළලත් නැගී තිබුනා. ටිකෙන් ටික මුහුණ බියකරු ස්වරුපයක් ඇති වෙමින් , හිද සිටි ඉරියව්වෙන්ම එහෙට මෙහෙට වැනෙන්නට පටන් ගත්තා. ''අපි එලියට යමු එන්න.'' ''මට බෑ. මට ඉන්න දීපියව්.'' අයියා හිමාව එලියට රැගෙන යන්නට සුදානම් වෙද්දී ,අයියව එහාට තල්ලු කරමින් මුළු ගේම දෙදෙරන්නට තරම් හයියෙන් කෑ මොර දුන්නේ වට පිටාවේ වුන් සියල්ලන්ම බිය ගන්වමින්. එදා වගේම හයියෙන් හුස්ම ගන්නත් ,යටිගිරියෙන් කෑ ගහන්නත් පටන් ගත්තා. ''ඕක නවත්තපියව් .... හ්හ්හ්හ්හ් .. මවත්තපියව්...හ්හ්හ්හ්...'' හිමා නැවත නැවතත් කෑගැහුවේ කොන්ඩ කටුවකින් එක් කර තිබු කෙස් කලබ මුහුණට හෙලාගෙන වටයට කරකවමින්. ඇය අල්ලා ගන්නට කීපදෙනෙක්ම එක් වුනත් ඇය නවත්වන්නට කාටවත්ම නොහැකි වුනා. ''ඕක නවත්තපියව්....හ්හ්හ්හ්හ්හ්..හ්හ්හ්හ්හ්... නවත්තපියව්... මාව පිච්චෙනවා ඕක නවත්තපියවූ...'' හිමා බිම පෙරළෙමින් දැගලුවා. බයටම මගේ දෑසට කදුලක් නැගෙද්දී අයියා හිමාව අල්ල ගන්න උත්සහා කලා. ''කෝ ඔයාලා ඔය ලමයව අතාරින්න.'' පිරිත් මන්ඩප්පයෙන් එලියට පැමිණ වයස් ගත පුද්ගලයෙක් පැවසුවා. හිමා එම පුද්ගලයා දකිත්ම බියෙන් හැකිලෙමින් මුහුණ සගවා ගන්නට උත්සහා කළා. ''අනේ මාමේ මගේ හිමාට මක් වෙලාද.?'' ''හ්හ්හ්හ්... ඕක නවත්තපියව්.....හ්හ්හ්හ් ... ඕක නවත්තපියව් .... ඕක නවත්තපියව්...හ්හ්හ්හ්...හ්හ්හ්...හ්හ්හ් .හ්හ්..හ්හ්හ්..'' හිමා ඒ පුද්ගලයා දෙස බියෙන් බලමින් පහත් හඩින් කෙදිරුවා. ''අනේ මාමේ අපි බෙරේ ගහන එක නවත්තමුකෝ මට බලන් ඉන්න බෑ.'' '' ඔහොම ඉන්න දරුවෝ බය වෙන්න එපා මොකුත් වෙන්නේ නෑ. මට පෙනේ මේ දරුවට මළගිය ඥාතිකගේ බලපෑමක් තියෙනවා. දෙවොල් බෙරේ ගහද්දී , සෙත් පිරිතටයි ඒ මළගිය ඥාතිගේ හැසිරීම තමයි මේ. ඉක්මනටම දෙයක් කරන්න වෙයි . ඒ නපුරු ආත්මයට බුදු බණ අහන ඉන්න ශක්තියක් නෑ එකයි මේ දගලන්නේ.'' ''අනේ අපි බෙරේ ගහන එක නවත්වමුකෝ මාමේ,,'' ''එහෙම නවත්වන එක අසුභයි.'' ඒ එක්කම වගේ බෙර වාදනය අවසන් වුනා. එත් එක්කම හිමාගේ සිරුර අප්‍රාණික වෙලා කඩන් වැටුනා. '' හිමා නංගා ... හිමා නංගා..'' ''කෝ ඉක්මනට මේ ළමයට වතුර ටිකක් ඉහින්න.'' වටවී සිටි පිරිසගෙන් අයෙක් හිමාට දීය බිදු කිහිපයක් ඉසිනු ලැබුවා. අයියා හිටියේ හිමාව උකුලේ හොවාගෙන. මලානික වුන මුහුණින් හිමා වටේ රැස් ව සිටි පිරිස දිහා නෙත් කරකවලා බැලුවා. මට දැනුනේ මම ගැනම කේන්තියක් , අර තරම් අපේ අම්මයි , හිමාගේ අම්මයි එපා කියද්දී මම හිමාව එක්ක ආවනේ. ශික් පිරිත් පටන් ගන්න කලින් යන්න තිබුනේ. කදුලිනුත් දා බිදු වලිනුත් තෙත් වී තිබු මගේ මුහුණ පිට අත්ලෙන් පිස දමමින් මම පසුතැවිලි වුනා. ''දසිරු අයියේ ... '' ''අනේ මගේ හිමා නංගා ඔයාට දැන් හොදයි නේද?'' ''අනේ මට සමාවෙන්න දසිරු අයියේ,'' ''ඉශාන් අපි ගෙදර යමු කාර් එක අරන් එන්න.'' හිමා ලග වාඩි ගෙන කොළයකින් පවන් සලමින් සිටි ඉශාන් අයියා, ඉක්මනින් නිවසින් නික්මුනේ කාර් එක රැගෙන එන්න. අපි තුන්දෙනාම හිටියේ පුදුමාකාර දුකකින් වගේම වේදනාවකින්. ''නැගිටින්න හිමා නංගා.'' ''මගේ ඇගට පණක් නෑ වගේ අයියේ .තව චුට්ටක් ඉදලා යමුද?'' ''මම ඔයාව අරන් යන්නම්, තාම පිරිත් කියනවනේ මට ඔයාව මෙතන තියන් ඉන්න බයයි.'' ''දරුවෝ ඉක්මනින්ම මේ දරුවා වෙනුවෙන් දෙයක් කරන්න.'' ''හොදයි මාමේ අපි යන්නම් දැන්.'' අයියා හිමාව හරහට දෑතට ගෙන පාර දෙසට ගමන් කළා. නිමාලිට යන බව පවසලා මමත් එතනින් පිට වෙලා ආවේ එතන සිටි සියල්ලන් අමුතු විදියට අපි දිහා බලන් ඉද්දි. අපි කාර් එකට නැගී හිමාලගේ නිවාස කරා යන්න පිටත් වුනා. ''දැන් අමාරුවක් නෑ නේද හිමා නංගා.'' ''නෑ දසිරු අයියේ. '' එසේ කියමින් ඇය අයියගේ උකුලෙන් නැගිටින්නට උත්සාහා කළා. ඇය ගැන තිබුන බය නිසාම කාර් එක තුල තිබුන මද අදුරේ මම ඉදිරිපස කණ්නාඩියෙන් ඔවුන් දෙස බලාගෙන වුන්නේ. ''නැගිටින්න එපා ඔහෙම ඉන්න හිමා නංගා.'' ''අනේ මට සමාවෙන්න දසිරු අයියේ. මේ දේවල් මම දැනුවත්ව කරන දේවල් නෙමෙයි.'' ''මම ඒක දන්නවා මගේ කෙල්ලේ. දුක් වෙන්න එපා. මම මොකුත් ඇහුවේ නෑනේ .ඒ ගැන හිතන්න වත් එපා.'' මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 12 Dec 2016 02:23 PM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ පස්වන දිගහැරුම. ''අනේ ඔව් අන්කල්. මට මේ ටිකේ විවේකයක් තිබුනේ නෑ. මේ පැත්තේ එන්න. දැන් ඉතින් වෙඩින් එකටත් දින ලගනේ. අපි ඒ ගැන කතා කළා.'' ''ඒක හොදයි පුතේ අපිට කියත් ඉන්නේ එක දුවයිනේ. දෝනිගේ වේඩින් එක හොදටම කරන්න ඕනේ.'' ''අපේ අම්මලත් ඕකමයි කියන්නේ අන්කල්.'' ''තේ ටිකක් එහෙම බිව්වද ඉශාන් පුතේ.'' ''ළමයි බිව්වා කපිල. ඔයා ඇදුමක් මාරු කරන එන්නකෝ. මම තේ එකක් හදන්නම්.'' තාත්තා නිදන කාමරය දෙසට ඇදුනා. තාත්තා නික්ම යනතුරු එදෙස බලන් සිටි අම්මා අපි දෙසට හැරුනා. ''පුතේ තාත්තට කියන්න එපා මම ඔයාලට පරණ කතාව කිව්වා බව. දැන් එක පාරට කිව්වොත් කේන්ති යයි. මම හෙමින් මේ ගැන තාත්තට කියනකන් ඔයාලා ඒ ගැන තාත්තා ඉන්න තැන කතා කරන්න එපා. වෙන දවසක ආයෙත් කතාවේ ඉතුරු ටික ඔයාලට කියන්නම්.'' ''අයියෝ අම්මේ මට ඉක්මනට කතාව දැන ගන්න ඕනේ.'' අයියා කතා කලේ හිතේ වේදනාවෙන් . අයියා හිමා ගැන හුගක් බයෙන් ඉන්න බව ඒ මුහුනෙන් හොදටම පෙනුනා. රාත්‍රී ආහාර ගැනීමේ පසු ඉශාන් අයියා පිටවී ගියා. පහුවදා උදෙන් හිමා රැකියාවට පැමිණියේ නෑ.දවල් වරුවකින් ඇය සේවයට පැමිණියා. ඔපිස් එකේ සේරම වගේ හිමා දිහා බැලුවේ අමුතු සතෙක් දැක්කා වගේ. මේ බැල්මට හිමාට හුගක් රිදෙනවා ඇති හිමා හිටියේ මුනේ සිනහවක් වත් නැතුව. ඇගේ දුක අමතක කරවන්නට හිතපු මම ඇය සමග කතාවක් ආරම්බ කළා. ''හිමා හෙට නිමාලිලාගේ ගෙදර යනවද?'' ''ඒ මොකටද?'' ''එහෙ පිරිත් නේ හෙට. දානේ ගෙටයි,බණ ගෙටයි දෙකටම යන්න විදියක් නැති නිසා ඉශාන් අයියා කිව්වා හෙට යමු කියලා. අනික නිමා කෝල් කරලා කියෙව්වා ආවේ නැත්තේ ඇයි කියලා.'' ''අනේ මට අමතක වුනා තෙරු.'' ''යමු නේද ? අයියත් යනවා.'' ''එහෙමද'' එවර හිමාගේ මුණ ලස්සන හිනාවකුත් එක්ක ලජ්ජාවෙන් රතු වුනා. '' ආව් ආව් හිනාව. අනේ ඇත්තට කවද්ද ඔයාලා දෙන්නා සෙට් වෙන්නේ.'' '' මම දන්නේ නෑ.'' උරහිස් හකුලමින් ඇය කිව්වේ දෑස බිමට බර කරන. මේ ඉන්නේ කවදා හරි මගේ නෑනනේ, කොහොම හරි ඉක්මනට මේ දෙන්නව ඉක්මනට සෙට් කරන්න ඕනේ කියලා මම තනියෙම කල්පනා කළා. '' තෙරු '' ''හ්ම්ම්ම්'' ''ඔයාලගේ අයියා මට කැමතිද?'' ''නැතුව. ඔයා ගැන හුගක් හිතනවා.'' ''මට බයයි තෙරු.'' ''ඇයි හිමා.'' ''දසිරු අයියට ඉක්මනටම මාව එපා වෙයි කියලා. මේ දේ නිසයි මම තාමත් දසුරු අයියා ගැන නොහිතන්නේ.'' ''අනේ ඔය දේවල් හිතන්න එපා හිමා. අපේ අයියා එහෙම හිතන කෙනෙක් නෙමෙයි ඔයා ගැන හුගක් හිතනවා.'' ''මට බයයි තෙරු මට කවදා මේකෙන් ගැලවීමක් ලැබෙයිද ?'' ''ලගදීම . ඔයා බය වෙන්න එපා අපි ඔයා එක්ක ඉන්නවා.මගේ හොද නෑනානේ.'' දුකින් මැළවුන මුහුණේ පියකරු හසරැල්ලක් නැගී ආවේ සුළන් රැල්ලක් වගේ. පසු දින සෙනසුරාදා දිනයක් වු නිසා අපි වාරුවෙන් නිවෙස් කරා යනු ලැබුවා. දිගු සුදු සයක් හැඳ ඊට කැපෙන කහ පැහැති වලස් පැටියෙකු මුද්‍රණය කර තිබු සුදු බැනියමක් මා හැඳ ගෙන කණ්නාඩි මේසය ඉදිරිපිට හැඩ වුනේ පිරිත් ගෙදර යාම සදහා. ඉශාන් අයියත් මාත් කලින් ඉදන්ම අද හිමාත්, අයියත් ලං කරන්නට , තනි වන්නට අවස්තාවක් ලබා දෙන්නට සැලසුම් කරනු ලැබුවා. රත් පැහැ හිරු රැස් ජනෙල් කවුළුවේ මල් කැටයම අතරින් ගලා එද්දී පිටින් ඇහුනු වාහන හඬත් සමග ඉබීටම ජනේලය ලඟට ඇදුනා. අපි කතා කරගත් අයුරින්ම ඉශාන් අයියා එයාගේ කාර් එකත් රැගෙන කල් තියාම රේණු හැර දුන් ගේට්ටුවෙන් ඇතුලට පැමිණ මිදුලේ බොරළු පොලව මත නතර කරනු ලැබුවා. මම කාමරයෙන් ආලින්දයට පිටවන්නට සැරසෙද්දීම මගේ ජංගම දුරකථනය නද දෙන්න වුනා. ''හෙලෝ හිමා මොකෝ හදිස්සිද? අපි තව පොඩ්ඩෙන් එනවා. අපේ අයියා නම් නිදි .රැ නිදිමරන්න හිතන්ද කොහෙද?'' මම හිමාට කතා කරන්නට ඉඩ නොතබාම කියවාගෙන ගියා. ''අනේ තෙරු මට එන්න වෙන්නේ නෑ කියන්න මම ගත්තේ . ඔයාලා යන්න.'' ''ඒ ඇයි හිමා අරකි අපිත් එක්ක තරහා වෙයි.'' ''අම්මා යන්න එපාලු.'' ''ඒ ඇයි මට ආයෙත් එදා වගේ වෙයිලු.'' ''එහෙම වෙන එකක් නෑ . ආරක්ෂාවක් දාලනේ තියෙන්නේ. අපි අම්මගෙන් අවසර ගන්නම් ඔයා ඉන්නකෝ අපි තව ටිකෙන් ඔහේ.'' ''හරි තෙරු මටත් යන්න බයයි වගේ.'' ''ඔහොම ඉන්නකෝ අපි එනවා. බුදු සරණයි. '' මම දුරකථනය කනේ තියාගෙනම ආලින්දයට පැමිණ තිබුනා. ''මොකද තෙරු වෙලා තියෙන්නේ. '' ''හිමාට යන්න දෙන්නේ නෑලු අම්මා.'' ''දෝණි මාත් හිතන්නේ හිමාෂා දුවව ඔය ගමන එක්ක නොගියා නම් තමා හොද.'' ''අනේ අම්මේ අපි මේ පැලෑන් කරන් ඉන්නේ හිමාවයි අයියවයි අද සෙට් කරන්න.'' මගේ සැලසුම ගැන ඇහුණම අම්මටත් සිනහා ආවා . අපේ අයියගේ හිතේ හිමා ගැන තියෙන හැගීම මුළු ගෙදරටම රහසක් නෙමේ. හිමාලගේ ගෙදරටත් රහසක් නෙමෙයි. දෙමව්පියන්ගේ ආශිර්වාදය කලින්ම ලැබිලා තිබුනත් ඒ දෙන්නා අතරේ ඒ හැගීම තාමත් රහසක්. ''එහෙනම් දෝණි පිරිත් අහන්න ඉන්නේ නැතුව කලින් එන්න.'' ''මොකද පිස්සි වෙලා තියෙන්නේ.'' ''අම්මේ අයියා.'' මම අම්මට කිට්ටු වෙලා රහසින් වගේ කිව්වා. ''හිමාට එන්න වෙන්නේ නෑලු අපිට යන්නලු.'' මම එහෙම කිව්වේ ඉශාන් අයියට ඇසෙන් ඉඟි කරමින් අයියව පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙන. ''ඒ මොකද ? එහෙනම් ඔයාලා යන්න මමත් නවතින්නම්.'' ''අප්පේ දැන් මගේ නෑනා නැතුව මෙයාට කොහෙවත් යන්න බෑනේ. යමු යමු අපි නැන්දම්මගෙන් අවසර අරන් එක්ක යමු. එකම බෑනාට නැන්දම්මා බෑ නොකියා දු දෙයි.'' ''අම්මේ. බලන්නකෝ මේ පිස්සිගේ කට'' එහෙම කියලා මම අම්මගේ පිටි පස්සේ හැන්ගේද්දී අයියා මට ගහන්න පැන්නා අපි සාලේ පුරා දුවද්දී අම්මයි ඉශාන් අයියයි හිනා වෙවී බලාගෙන හිටියා. '' පේනවා නේද ඉශාන් පුතා. තාම පොඩි ළමයි වගේ පුදුම දාංගලයක් තියෙන්නේ.'' ''ඒක තමා ආන්ටි මෙයා අපේ ලොකු අක්කගේ බබාලාත් එක්කත් සෙල්ලම් කරයි මට පෙන්නේ අපේ ගෙදර ආවම.'' ''අනේ අම්මේ මාව බේර ගන්නකො. අනේ අයියේ කොන්ඩේ අතාරින්නකෝ .ඔය දැන් ආයෙත් පීරන්න වෙනවා.'' ''පුතේ කෙල්ලට ගහනවා එහෙම නෙමේ විහිළුවක්නේ කලේ.'' මම අයියා මාව අතහැරපු ගමන් දුවගෙන ඇවිත් අම්මගේ බද වටා අත් යවලා තුරුළු වුනා. ''අපි යමු නේද දසිරු අයියේ.'' අපි අම්මගේ දෙපා වැදලා නිවසින් නික්මුනා. මමයි ඉශාන් අයියයි මිදුලේ නවත්තලා තිබුන කාර් එකට යද්දී අයියා ගරාජ් එක දිහාවට හැරුනා. ''ඒ අයියා කොහෙද ඔය යන්නේ.'' ''කාර් එක ගෙන්න.'' ''ලොකු මස්සිනා අද මම ඩ්‍රයිවර්. ඔයාට තියෙන්නේ ලොකු නෑනාත් එකකේ පිපස්සේ සීට් එකේ කුල් එකේ යන්න.'' ''එකත් නරකම නෑ'' ''ඕවා ඉතින් කරලා දෙන්න මේ පිස්සිම ඉන්න ඕනේ හී හී.'' මම ආඩම්බරයෙන් එහෙම කියලා අයියාට විරිත්තලා ඉදිරපස අසුනට බර වුනා. අයියත් පිටුපස අසුනේ වාඩි වුනාම අපි හිමාලගේ ගෙදරට යන්න පිටත් වුනා. මම ඉදිරිපස කන්නාඩියෙන් අයියා දිහා බලලා ඉෂාන් අයියට වැලමිටෙන් ඇනලා අයියව පෙන්නුවා. අයියා වෙනම ලෝකෙකක තනියම හිනා වෙනවා. ඇත්තටම අයියා හිමා ගැන ආදරෙන් ඉන්න එක ගැන මට දැනුනේ ලොකු සතුටක් . අද මේ සතුටට නැන්දම්මා හරස් වෙයිද දන්නේ නෑ.මම තනියම කල්පනා කලේ කණ්නාඩියෙන් අයියා දිහා බලාගෙන. මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 12 Dec 2016 02:08 PM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ හතර වන දිගහැරුම. ''පුතේ අද තාත්තා පරක්කුයි නේද?'' අම්මා තේ එකෙන් උගුරක් පානය කරමින් අයියාගෙන් ඇහුවා. සැබවින්ම අද තාත්තා වෙනදට වඩා ප්‍රමාධයි. වෙනද අපි ඇවිත් ටික වෙලාවක් යද්දී තාත්තා අනිවාර්යෙන් එනවා. '' ඒක තමයි අම්මේ .'' ''දෝණි තාත්තට කෝල් කරලා බලන්න.'' මම මොකුත් නොකියාම ජංගම දුරකථනය අතට ගෙන ඇමතුමක් ගනු ලැබුවා. තාත්තා එන්නට තව ටිකක් ප්‍රමාද වන බව පැවසුවේ. හවස කෝච්චිය මග හැරීම නිසයි. ''අම්මේ තාත්තට කෝච්චිය මගෑරිලා. ඉතුරු ටික කියන්නකෝ.'' තවත් තේ උගුරු කීපයක් පානය කල අම්මා තේ කෝප්පය අතේ අතැතිවම නැවත කතාව කියන්න පටන් ගත්තා. '' අර ළමයා ඉපදුනාට පස්සේ අවුරුදු දෙකක් දරුවෝ නැතුව හිටියලු. ඒ වෙනකොට ඒ අල්ලපු ඉඩමට එහා ඉඩමට කට්ටියක් පදිංචියට ආවලු. ඒ ගෙදර හිටියේ අවුරුදු පනස් ගානක විතර වයසක ජෝදඩුවක්ලු. ටික දවසක් යද්දී දැන ගන්න ලැබුනලු ඒ මුස්සය කට්ටඩියෙක් කියලා. ගෙදර පොඩි දේවාලයකුත් පවත්වාදෙන ගියාලු. කාලයක් යද්දී අපේ තාත්තා පොල් රා පෙරන්න පටන් ගත් නිසා, ඒ වයසක මනුස්සයත් හවසට හවසට පොල් රා බොන්න එන්න පුරුදු වුනාලු.රා පේරුවට අපේ තාත්තා කවදාවත් රා බිව්වේ නැහැලු. පස්සේ අර ළමයා ගැන කිව්වවම කවුරුහරි හුනියමක් කරලා කියලා නුලක් දැම්මලු අම්මට. ඊට පස්සේ ඔයාලගේ ලොකු අම්මා ඉපදුනාලු ,ලොකු අයියට අවුරුදු හතරක් වෙද්දී.'' ''එහෙනම් ඒ කට්ටඩියා හොදයි නේද අම්මේ.'' ''දෝණි කතාව අහන ඉන්නකෝ. ආයෙත් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.පස්සේ ඊ ළගට මමයි මගේ නංගි මල්ලී, ඒ කියන්නේ ඔයාලගේ පුංචි චුටි මාමයි අවුරුද්දෙන් අවුරුද්දට ඉපදුනාලු. දැන් පවුලේ ළමයි පස් දෙනයි. මමයි අක්කයි ,අයියයි, නංගි ,මල්ලියි. ලග ලග ඉපදුන දරුවන්ව බලා ගන්න එක අම්මට හුගක් අමාරු වුනාලු. එත් ඒ හැමදේකදිම අපේ තාත්තා අම්මා එක්ක හිටියලු. අපේ නංගි ඉපදෙනේකොට ලොකු අයියට යන්තම් අවුරුදු අටයිලු .අවුරුදු අට වුනාට ජීවිතේ බරපතලකම අද වගේම ලොකු අයියට එදත් තෙරුනාලු. එක නිසා පුංචි අපිව බලා ගන්න එයා නිතරම අම්මට උදව් වුනාලු. ඒ කලේ දැන් වගේ ජීවිත පහසු නෑ .වතුර ගෙන්න වුනත් සෑහෙන දුර පයින් යන්න ඕනෙලු. නාන්නත් කන්ද බැහැලා. පහල තිබුන දොලට යන්න ඕනෙලු. දර හොයන්න හුගක් දුර යන්න ඔනෙලු. ඉතින් මේ හැම ගමනක්ම. අම්මා යන්නේ අපිවත් ඉනේ ගහගෙන. ඒක නිසා ලොකු අයියා හෙවනැල්ල වගේ ලග ඉදන් අම්මට හැම වෙලේම හිටියලු. අපිව රැට කකුලේ තියන් නලවලා නිදි කලෙත් ලොකු අයියාලු.'' ''ලොකු මාමා හරි හොදයි නේද අම්මේ. '' ''ඔව් දෝණි ලොකු මාමා හුගක් හොදයි. මට අවුරුදු පහ වෙද්දී අයියට දහයයි. අපිට ආරංචි වුනා ,අපිට චුටි කාලේ ඉදන්ම බලපු එකම නෑ කෙනා, අම්මගේ ලොකු මල්ලි අපේ චුටි මාමා ගහකින් වැටිලා මැරිලා කියලා. අම්මා එදා හොදටම ඇඩුවා. අපිට එකේ වැඩි තේරුමක් නෑ ලොකු අයියා නම් ඇඩුවා.මටත් දුකක් දැනුනා. එත් මැරුණා කියන්නේ මොකද්ද කියලා මම දැනන් හිටියේ නෑ. අම්මා අපිවත් අරන් මළගෙදර ගියා. අම්මා එක්ක ආච්චි අම්මා, ඒ කියන්නේ අම්මගේ අම්මා, අපිට ලොකු මාමාගේ මිනියවත් බලන්න ගෙට යන්න දුන්නේ නෑ.බැනලා පන්නා ගත්තා. ඒ අම්මා තාත්තා එක්ක ගියාට තිබුන තරහා නිසා. අම්මා ගෙදර ඇවිත් දවස් ගානක් එකදිගට ඇඩුවා.අනේ මගේ ලොකු මල්ලියේ මට මේ ලෝකේ මට කියන්න හියේ උබ විතරයි. දැන් ඉතින් මම වුන්නද? මළාද? බලන්න වත් එකෙක් නැති වෙයි. මට දුක මට මේ තරම් ආදරේ උබේ මලගමටවත් මට එන්න නැති එක ගැන කියලා ඇඩුවා .'' ''අනේ පව් ලොකු සීයා. ලොකු සීයා මැරුණා කියලා දන්නවා වුනාට මොනවා වෙලා මැරුණද කියන්න අපි දැනන් හිටියේ නෑ අම්මේ.'' ''මට අවුරුදු අටක් වෙද්දී අම්මට නිතර නිතර කලන්තේ හැදෙන්න ගත්තා.අම්මට අසනීපයක් කියලා තාත්තා අම්මට ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන් දුන්නා.අපිව බලා ගන්න එක අවුරුදු දහතුනක් වුන ලොකු අයියගේ කරපිට වැටිලා තිබුනේ ඒ වෙද්දී . මට හොදට මතකයි අම්ම නිතරම හිටියේ කේන්තියෙන් ගහට පොත්ත වගේ හිටිය අම්මයි තාත්තයි නයාට අඳු කොළ වගේ වුනා. තාත්තා දකින හැම වෙලේම අම්මා කේන්තියෙන් පුපුරනවා. තාත්තා එක්ක එකට එක කියාන ගිහින් තාත්තාගෙන් ගුටි කනවා. තාත්තා ගැහුවත් අම්මා නවතින්නේ නෑ. තව ගහපන් කියා කියා ඇගේ එල්ලෙනවා. අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. අපි පුංචි නිසා පැත්තකට වෙලා අඩ අඩා බලන් ඉන්නවා.'' ''ඒ මොකද අම්මේ.'' ''අහන් ඉන්නකෝ පුතේ. දවසක් උදේ පාන්දර අම්මා අපිට තේ හද හද හිටියා. ඒ වෙද්දී තාත්තා එළියේ බුරු ඇඳේ නිදි. අපි උදේම ඇහැරලා කන්ද බැහැලා පහල දොලට ගියේ ස්කොලේ යන්න මුණ හෝදන්න. අයියා නංගිගෙයි මල්ලීගෙයි මුණ හොදවනකොට මම තනියෙම ගෙදර ආවා. එනකොට ගේ ඇතුලේ මහා කෑ ගැහිල්ලක්. මම හෙමින් සැරේ ගැහි ගැහි දොර ලගට කිට්ටු වුනා. අම්මා යක්ෂණියක් වගේ කොන්ඩේ විහිදගෙන තාත්තගේ සරම කීතු කීතු වෙන්න ඉරලා.තාත්තා රැල් වෙන්න ඉරුණ සරම වලාපොට ගහලා ඇදගෙන අම්මව අල්ල ගන්න උත්සහා කළා. අම්මගේ කොන්දේ ඒ කාලේ බිම ගෑ වෙන්න දිගයි. අම්මා කොන්ඩේ අවුස්සගෙන ,දත් විලිස්සාගෙන තාත්තගේ ඇගට පනිනවා. මට ගහපන් මට ගහපන්කියලා. උබ මගේ ලගට එන්න නම් එපා කියලා තාත්තට බනිනන්වා.. මට තේරුනේ නෑ මොකද්ද මේ වෙන්නේ කියලා.'' ''ඇයි අම්මා අහල පහල කාටවත් කතා නොකළේ.'' ''මම හොදටම බය වෙලා හිටියේ දෝණි එතකොට මම තුන වසරේ. ඊට පස්සේ අම්මා. ලාම්පු තෙල් බුලිය අතට ගත්තා. මම කවදාවත් දැකලා නෑ අම්මයි තාත්තයි මෙහෙම රණ්ඩු වෙනවා. මම කෑ ගහන්න හැදුවත් වචන පිට වුනේ නෑ. මම කීපසැරයක්ම කෑ ගහන්න හැදුවා. එත් සද්දේ පිට වුනේ නෑ. තෝ මගේ ලගට එන්න එපා මම ගිනි තියාගෙන මැරෙනවා කියලා අම්මා උගුර යටින් කෑ ගැහුවා. තාත්තා ඇහුවා මම මොන මගුලක් කරාටද ගෑනියේ ඔහොම හැසිරෙන්නේ කියලා. මට තව උබ එක්ක ඉන්න ඕනේ නෑ කියලා අම්මා බුලියේ මුඩිය අරින්න ගත්තේ කේන්තියෙන් වෙව්ලමින්. ඒ කලේ ගෙවල් වල පත්තු කලේ ලාම්පු ඒ කාලේ කොහෙවත් ලයිට් තිබුනේ නෑ .පොඩි කුප්පි ලාම්පුත් ඇවිලෙමින් තිබුන නිසා බයටමද කොහෙද තාත්තා අම්මව තල්ලු කරලා බුලිය උදුරා ගත්තා. අම්මා විසික් වෙලා ගිහින් වැටුනා. මට දැන් නම් මොකුත්ම ගැන සිහියක් නෑ. ඇස් ලොකු කරන බලන් හිටියා විතරයි. අම්මා වැටුනේ ලිප ලගට එතන තිබුන පොල් කටු හැන්දක් අතට අරගෙන අම්මා එයාගේ ඔලුවට ගහගෙන ගහගෙන ගියා. ඒ ගහ ගත්තු වේගෙට වෙන මනුස්සයෙක් නම් මැරිලා යනවා. අම්මා කිව්වේ මට ඉන්න බෑ මාව මරපන්, මගේ ලගට එන්න එපා තෝ. කියලා විතරයි. තාත්තා හැන්ද ඇදලා ගන්න හදත්දී අම්මා හැන්දේ ඉල්ලිලා කෑ ගහුවා. මට ඉන්න බෑ මැරෙන්න දීපන් කියලා.'' ''අහල පහල මිනිස්සු ආවේ නැද්ද ඔය සද්දෙට.'' ''නෑ අපේ තාත්තා අමුත් මනුස්සයෙක් අහල පහල කා එක්කවත් කතා කලේ නෑ .අපිට යන්න දුන්නෙත් නෑ. ගෙදර කන්න නැතත් අම්මට කොහෙවත් යන්න දුන්නේ නෑ. අපිට ඒ කාලේ සමහර වේල් වලට කන්න තිබුනෙත් නෑ. රැ වේල තමා අපි බත් කෑවේ.එකත් අපිට ඕනේ විදියට කන්න ලැබුනේ නෑ.පිගානට බෙදන බත් ටික විතරයි.අපි පස්දෙනාටම කන්න දීලා අම්මයි තාත්තායි බඩගින්නේ ඉන්න දවස් අනන්තයි. ලොකු අයියත් ගොඩක් දාට එයාගේ පංගුවෙන් වැඩි හරියක් මල්ලිට දුන්නා. මොකද මල්ලි කෑම කන්න හරිම පෙරේත නිසා. දවල්ට කොස් ඇට, කොස්, මඤ්ඤාක්කා,අල වර්ග, දෙල් වගේ දෙයක් අම්මා කොහොම හරි හදලා තියනවා. අපි කවදාවත් උදේට කන්නේ නෑ.ඒ කාලේ ස්කොලෙන් උදේට කිරි දුන්නා, බිස්කට් වර්ගයක් දුන්නා. ඒවයි දවස ගෙවා ගත්තා. අපිට යුනිපෝම් තිබුනෙත් නෑ . හැමදාම ඇන්දේ එකම චීත්ත ගවුම. අපිට ඇදුම් අරන් දෙන්න වත්කමක් අම්මලට තිබුනේ නෑ.පොත් වල පිටකවර වලට දැම්මේ සිමෙන්ති කවර. බෑග් තිබුනේ නෑ පොත් ගෙනිච්චේ අතේ. සපත්තු තිබුනේ නෑ. කකුලට සෙරෙප්පු කෑල්ලක් වත් නැතුව අපි කටු අකුල් මැද්දෙන් ස්කොලේ ගියේ කෙටි පාරවල් වලින් යන්න ඕනේ නිසා. ඔය මොන අඩුපාඩු තිබුනත් අපි අනිත් මිනිස්සු ලග හෑල්ලු වෙනවට තාත්තා කැමති වුනේ නෑ. අහල පහල කවුරුත්ම ඇසුරූ කෙරුවේ නෑ. ඒක නිසා තාත්තා ගෙදර ඉද්දි අහල පහල කවුරුත්ම ගෙදර දිහා හැරිලා වත් බැලුවේ නෑ. ඒ තාත්තා නිහඩ චරිතයක් නිසා. එයා ගුප්ත මිනිහෙක් කියලා ගමේ මිනිස්සු හිතන්න ඇති. '' ''ඔයාල පව් අම්මේ.'' මම අම්මගේ ඇසේ මෝදු වුන කදුළු බිදුව දකිද්දී ඇයගේ ලයට තුරුළු වුනා. ''මට මගේ ඒ අතීතේ මතක් වෙද්දී මට දුක නෑ දෝණි.'' ''ඉතින් අම්මේ හැන්ද උදුරද්දී මොකද වුනේ.'' ''කොහොම හරි තාත්තා හැන්ද උදුරා ගත්තම අම්ම අයෙත් දුවගෙන ගිහින් මන්න පිහියක් අතට ගත්තා. මම ඒ පාර තවත් බය වුනා. තාත්තට මන්න පිහියෙන් කොටයිද කියලා. දැන් නම් මට කෑ ගහන්නත් බයයි. මටත් කොටයිද කියලා මට හිතුනා. මගේ පපුව ගැහෙන සද්දේ මට ඇහෙද්දී මට බය හිතුනේ ඒක අම්මටත් ඇහිලා මම මෙතන ඉන්න බව අහු වෙයිද කියලා. අම්මා මුණ වැහෙන්න මූනට වැටිලා තිබුන කොන්ඩේ මිටක් කරලා අල්ලලා, මෙසේ උඩින් තියලා මන්න පිහියෙන් කොටාන කොටාන ගියා. තාත්තට ලං වෙන්න බෑ. මන්නේ අතේ නිසා. තාත්තා මන්නේත් උදාර ගත්තම අම්මා ආයෙත් පැනලා බුලිය අතට අරන් මුඩිය ඇරලා ඔලුවේ වක්කර ගත්තා. මම ඒ පාර පහලට දුවගෙන ගියේ අයියට කියන්න. මට බය හිතුනා අම්මා ගිනි තියා ගනී කියලා. මම කන්ද පහලට දුවන් එද්දී ගලක හැප්පිලා, උඩින් විසික් වෙලා ගිහින් ගල්ගොදක් උඩ වැටුනා. දනිස්සි වැලමිටයි මිටයි තද දැවිල්ලක් දැනුන නිසා බැලුවා, බලනකොට පලාතක් පතුරු ගිහින් ලේ එනවා. චුටි කලිසමක් විතරක් ඇදන් හිටිය නිසා මගේ බඩත් සිරිලා රිදුම් දුන්නා. මට නැගිටින්න ශක්තියක් තිබුනේ නෑ . මම එතන ඉදන් ලොකු අයියට කෑ ගහලා කතා කළා. ඇයි ඇයි චුට්ටියේ කියලා අයියා දුවන් ආවේ නංගිවත් ඉනේ ගහගෙන.අනේ උබ වැටුනද නංගියේ,හැමදාම කියනවා හෙමින් යන්න කියලා. අයියා නංගි බිමින් තියලා මගේ ලගට ආවා. අයියේ අම්මා බලන්න. මට රිදෙන්නේ නෑ. අම්මට මොකද ? අනේ ඉක්මනට බලන්න අයියේ. අනේ දුවන්නකෝ.'' ලොකු අයියා ගේ පැත්තට දුවන් ගියා.'' ''මානෙල්... මානෙල්....'' ''අන්න දෝණි තාත්තා ඇවිත්. දොර අරින්නකෝ.'' මම දුවගෙන ගිහින් දොර ඇරියා. ''මොකද මේ කවදාවත් නැතුව දොර වහලා.'' ''අනේ අපි වැහුවේ නෑ තාත්තේ. රේණු වහන් යන්න ඇති.'' ''ඉශාන් පුතා හවසද ආවේ. '' ''ආ .. ඔව් අන්කල්'' ''මොකද කට්ටිය වට වෙලා, මොකක් හරි ප්‍රශ්නයක්ද?'' ''ඔ...'' ''නෑ නෑ කපිල. අපි මේ ටිකක් කතා කර කර හිටියා. ඉශාන් පුතත් කාලෙකින්නේ ආවේ.'' අයියා කතා කරන්න හදද්දී අම්මා මැද්දට පැනලා එහෙම කිව්වේ අයියට රවන ගමන්. අපිට පරණ කතාව කියන බව තාත්තා දන ගන්නවට අම්මා අකමැති බව අපිට අම්මගේ හැසිරීමෙන් තේරුනා. ඒත් අපි ඒ දේවල් දැන ගන්නවට තාත්තා අකමැති ඇයි කියලා මට තේරුම් ගන්න බෑ. මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 12 Dec 2016 04:36 AM අලුත් කතාවටත් ස්තුති නගෝ සඳුනිVeteran MemberPosts:2462 08 Dec 2016 08:18 AM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ තුන්වන දිගහැරුම. ''ඇයි අම්මේ ඔයත් බය වුනේ අම්මත් ඒ දේවල් විශ්වාස කරනවද?'' ''දෝණි දන්නේ නෑනේ .ඒ දේවල් බොරු නෙමෙයි .'' ''ඒ පාර අම්මත් ඒවා ඇත්ත කියනවද?'' ''දෝණි නොදන්නවා වුනාට මගේ ජීවිතේ ඒ වගේ අත්දැකීමක් තියෙනවා. ඒක නිසා ඒ දේවල් බොරු කියලා කියන්න මට බෑ.'' '' ඒ මොකද්ද අම්මේ ඒ කතාව,'' කාර් එක ගරාජයට දාලා ගෙට එමින් හිටිය අයියා අපේ කතාවට එකතු වුනා. ''තාත්තාවත් මමවත් කැමති නෑ ඔයාලා දෙන්නා ඒ දේවල් වලින් ඔලුව අවුල් කර ගන්නවට. ඒකයි අපි ඔයාලට මේ තරම් කල් ඒ කතාව නොකිව්වේ.'' ''දැන් අම්මත් කියන්නේ හිමා නංගාට ආත්මයක් වැහිලා කියලද?'' ''මම හරියටම දන්නේ නෑ. හැබැයි එහෙම නෙමෙයි කියනත් මට බෑ. දෝණි කිව්වා කතාවේ හැටියට ඒ ළමයට එහෙම දෙයක් තියෙන්න ඕනේ.'' ''අනේ අම්මේ විකාර කතා ඕවා.'' ''නෑ පුතේ හේතුවක් නැතුව මම මෙහෙම කියන්නේ නෑනේ. අනික පුතාගේ හිතේ හිමාෂා දුව ගැන බලාපොරොත්තුවක් තියෙනේ. ඒ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් දෙයක් කරන්න වෙයි.'' අම්මගේ ඒ වදන් පෙළත් එක්ක අපේ ඇස් පුදුමයෙන් විසල් වුනා. අයියා සෙටියේ ඉගෙන ඇගිලි තුඩු හිසකේ අතර හරිමින් කලබලයෙන් ලොකු සුසුමක් හෙලුවා. ''අම්මා කියන්නේ හිමා නංගාට කරදරයක් වෙයි කියලද?'' ''ඔව් එහෙම ආත්මයක් එයාගේ ඇගට එනවා නම් .ඒ එන කෙනා හදන්නේ හිමාෂා දුවව එයා ලගට ගන්න.'' '' මොනවා ඒ කියන්නේ. මැ....'' ''ඔව් පුතේ දෙයක් නොකර හිටියොත් ,ජීවිතේට හානියක් වෙන්න පුළුවන්.'' අයියා සෙටියෙන් නැගිටලා ඔලුව කසමින් පිස්සෙක් වගේ එහෙට මෙහෙට ඇවිද්දා. ජීවිතේට හානියක් වෙයි කිව්වම මටත් හුකක් බය හිතුනා.අම්මා කියන නිසා තව දුරත් ඒ දේවල් බොරු කියලා හිතන්න මට බැරි වුනා. ඉශාන් අයියත් මේ කියන දේවල් අහගෙන හිටියේ පුදුමයෙන්. ''අනේ අම්මේ මට බයයි. අපි දැන් මොකද්ද කරන්නේ. '' ''ආරක්ෂාවට නුලක් දැම්මා කිව්වා නේද?'' ''ඔව් අම්මේ'' ''එහෙනම් එයාට ටික දවසකට නිදහසේ ඉන්න පුළුවන් වෙයි. ඒ ආරක්ෂාව නිසා බය වෙන්න ඕනේ නෑ. එත් හොද තැනකින් තොවිල් ශාන්ති කර්මයක් කරන්න වෙයි.'' ''අම්මා දන්නා එහෙම තැනක් තියේද?'' ''නෑ පුතේ . දැන් කාලේ හොද තැනක් හොයන එකත් ලේසි නෑ. වැඩිපුර ඉන්නේ හොරු බොරුකාරයෝ.'' ''එකනේ ආන්ටි අපි ඔය දේවල් විශ්වාස කරන්න අකමැති.'' ''එහෙම කියලා අපිට ඒ දේවල් අතෑරලා දාන්නත් බැ . ජීවිතේට හිතාගන්නවත් බැරි දේවල් වෙන්න පුළුවන්.'' ''අම්මේ අම්මට ඒ වගේ අත්දැකීමක් තියේ කිව්වා නේද? අපිට ඒක කියන්නකෝ. අපි ඒ දේවල් විශ්වාස කරන්නෙත් නැති නිසා අපි මොකුත්ම දන්නේ නෑනේ ඒ ගැන.'' ''ඔව් මම පුංචි කාලේ අපේ ගෙදර වූන සිද්දියක්.'' ''අනේ අම්මේ කියන්නකෝ .අපිට හිමාව පරිස්සම් කර ගන්න ඕනේ කොහොම හරි.'' ''කලබල නොවී ඉන්න දෝණි .ඒ ළමයට මොකුත් වෙන්නේ නෑ .අනික ඕවා කියන්න ගිහින් මට තාත්තාගෙන් බැනුම් අහගන්න වෙයි.'' ''අනේ අම්මේ කියන්නකෝ.'' අයියත් අම්මා ලගට ඇවිත් පින්සෙන්ඩු වෙන්න ගත්තා. ''ඒක දිග කතාවක් පුතේ,'' ''ඒකට කමක් නෑ ආන්ටියි අපිට සේරම පැහැදිලිව කියන්න මොකුත් මගාරින්න ඒපා. '' ''හරි එහෙනම්. මම කියන්නම් .ආවා විතරනේ තේ ටිකක් බීලා ඉමු. රේණු රේණු මේ ළමයිට තේ ටිකක් හදන එන්න.'' ''තේ නම් ඕනේ නෑ ආන්ටි .අපි හිමා අක්කලාගේ ගෙදරිනුත් බීලා ආවේ,.'' අම්මා ලොකු සුසුමක් හෙලලා කතාව පටන් ගන්න සැරසෙද්දී අපි තුන්දෙනා අම්මා වටේ එකතු වුනා. සෙටියේ තිබුණු සිනිදු කොට්ටයක් ලමැදෙට තුරුලු කරන් මම අම්මගේ අස්සෙන්මවෙලා වාඩී වුනේ,හීමා හැසිරුණු විදිය මතක් වෙලා, අම්මා කියන්න යන කතාව ඊට වඩා හුගක් බය හිතෙනවා ඇති කියලා හිතලා. ''ඒ සිදුවීම වෙන්න පටන් ගද්දි මම හුගක් පොඩි. ඒවා ඔයාලට නොකිව්වේ ඔයාලා ඒවා ඔලුවට අරන් මනස්ගාත වලින් ඔලුව පුරෝ ගනී කියාල . දැන් ඔයාලා පොඩි ළමයි නෙමෙයි. ඒ හැමදේම ඔයාලා අහලා හොද නරක තේරුම් ගන්න.ඒ දේවල් ඇත්ත වුනත් ඒ පස්සෙම එල්ලිලා යන්න එපා.'' ''ඒ කියන්නේ මේක වුනේ ගෙදර කාටහරිද?.'' ''දෝණි කතාව අහලා ඉන්නකෝ ඔය හැමදේටම විසදුම් මේ කතාව ඇහුවම ඔයාලය ලැබෙයි. අපි ඒ කාලේ හුගක් දුප්පත්. අපිට ඉන්න හරියට ගෙයක්වත් තිබුනේ නෑ. ඔයාලගේ ආච්චි අම්මා ඒ කියන්නේ මගේ අම්මා මගේ තාත්තා එක්ක ඇවිත් තිබුනේ ගෙදර අයගේ අකමැත්ත මැද .ඒක නිසා කවුරුත්ම මගේ අම්මගේ පිළිසරණට ඒ කාලේ ඉදල නැ.අම්මා තනි තීරණයට තාත්තව බැදලා තාත්තගේ මහා ගෙදර නතර වෙලා තිබුනේ. ඒ කලේ පවුල්වල හුගක් දරුවෝ හිටියා. ඒවගේ අපේ තාත්තාටත් නංගිලා මල්ලිලා හුගක් හිටියලු. අපේ අම්මා කියනවා අම්මා එහෙට එක්ක යද්දී නැන්දම්මට කිරිබොන වයසේ ළමයිනුත් හිටියලු. අපේ අම්මා තාත්තා එක්ක ගිහින් තිබුනේ අවුරුදු පහලවෙන්.'' ''ඒ තරම් පොඩි වයසේදී.'' ''ඔව් දෝණි ඒ කලේ හරිම පුංචි වයසෙන් බදිනවා. අම්මා එහෙ නැවතුනාම එයාව බලන්න ආවේ අම්මගේ ලොකු මල්ලි විතරයිලු. අම්මගේ අනිත් සහෝදර සහෝදරියෝ අම්මා එක්ක හුගක් තරහින්ලු හිටියේ. කොයි තරම් තරහද කිව්වොත් අම්මගේ ඇදුම් ටිකවත් අම්මට දුන්නේ නැහැලු. පස්සේ මාස තුනක් විතර යද්දී අපේ ලොකු අයියව, ඔයාලගේ ලොකු මාමව හම්බෙන්න කියලා අම්මා දැන ගත්තලු.ඒ කලේ බබාලා හම්බෙන්න ස්පිරිතාල වල ගෙනියනවා අඩුයි. ඒක නිසා. ලොකු අයියව හම්බුනේ වින්නබු අම්මා කෙනෙක් ගෙන්නලා ගෙදරදිලු.'' ''අම්මෝ අම්මේ බය නැද්ද?'' ''දෝණි කතාව අහන ඉන්නකෝ. ඒ ඒකාලේ හැටි ඉතින්.'' ''හරි අම්මේ කියන්න.'' ''පස්සේ අම්මගේ ලොකු මල්ලි කිව්වවලු අක්කේ උබට ඔය ගෙදර ඉන්න කරදරයිනේ මගේ ඉඩමක් තියේ මම එකේ උබලට දෙන්නම් .මස්සිනාට කියපන් එකේ ගෙයක් හදන්න කියලා. අම්මා ඒක තාත්තට කිව්වම එයත් කැමති වෙලා ඒ ඉඩමේ පදිංචියට එන්න පුංචි පැලක් හැදුවලු. ලොකු අයියට මාස හයක් වෙද්දී අම්මලා අම්මලගේම කියලා පැලක ජීවත්වෙන්න පටන් ගත්තලු. තාත්තා ඒ කාලේ වැඩ කරලා තිබුනේ වත්තේ . ඒ කියන්නේ රජයට අයිති රබර් වතු වල කිරි කපන රස්සාව තමා කරලා තිබුනේ. අපේ තාත්තා අම්මට හුගක් ආදරේ නිසා, නෑදැයෝ සහෝදරයෝ නැති අඩුව අම්මට දැනෙන්න ඉඩ දුන්නේ නෑලු. අම්මට වැඩි වයසකුත් නැති නිසා දරුවෝ බලා ගන්න තේරුමකුත් නැහැලු. කිරි කපලා ඉවර වුන ගමන් ඉක්මනින් ගෙදර ආපු තාත්තා ලොකු අයියව බලා ගන්නවලු. රෙදි හෝදනවලු, ගෙදර වැඩ වලටත් උදව් වෙනවලු. තාත්තා මැටි පාගලා පැලට ටිකෙන් ටික තව කොටස් එකතු කරලා ගේ හැදුවලු. . පස්සේ අම්මට තවෙත් ලමෙක් ඉපදුනේ ලොකු අයියට යන්තම් අවුරුද්ද සම්පුර්ණ වෙද්දීලු. ඒ ළමයා ඉපදිලා විනාඩි ගානක් ඇතුලත මරුනලු.'' ''ඒ මොකද අම්මේ. ගෙදර හම්බුනා නිසාද.'' '' නෑ හේතුවක් කියන්න අම්මා වත් දන්නේ නෑ ඒ ළමයා ඉපදෙද්දී දිගට වැවුන කෙස් .දිගට වැවුණු නියපොතු, කැකිරි දත් තිබුනලු.'' ''අම්මෝ අම්මේ යකෙද්ද?'' ''නෑ යකෙකේ නෙමේ වයසට කලින් වැඩිලා.'' ''එහෙම ළමයිනුත් ඉපදෙනවද'' ''දෝණි අනවශ්‍ය ප්‍රශ්න අහනවා වැඩී.'' ''පිස්සියේ කට වහන් ඉන්නවකෝ.'' මගේ විකාර නිසා බයෙනුත් දුකෙනුත් මුණු හකුලාගෙන හිටිය හැමෝගෙම මුනුවල හිනාවක් ඇදුනා. ''ලොකු නෝනා තේ ටික ඔහෙට ගේන්නද?'' ''හා රේණු ගෙන්න.'' අපේ ගෙදර වැඩට හිටිය මැදිවයසේ පසු වුන ගැහැණු කෙනා තමා රේණු . එයා මේ අහල පහලම කෙනෙක්. උදේම ඇවිත් දවසේ වැඩ ටික කරලා හවස් වෙද්දී ගෙදර යනවා. ''මෙන්න තේ.'' ''ලොකු නෝනා. අද මට හොදටම පරක්කු වුනා. පොඩි වුන් බය වෙලා ඇති. මම ගිහින් එන්නද?'' ''හොදයි රේණු මේ ටික මම හොද ගන්නම්. ඔයා දැන් යන්න.'' අපිට තේ පිලිගන්වපු රේණු ළමයින්ට රැ වේලට කෑ මත් අරන් පිට වෙලා ගියා. අපේ අම්මා හරිම කරුණාවන්ත කෙනෙක්. රේණු ගෙදර වැඩ කරන්න ආවට අම්මා එයාට සැලකුවේ සහෝදරියෙකුට වගේ. හැම ඕනේ එපාකමක්ම හොයලා බැලුවා. තාත්තා ඉතින් වැඩිය ගෙදර ඉන්නේ නැහැනේ. තාත්තා පෞද්ගලික ආයතනයක සුළු සේවකයෙක් හැටියට සේවය කරනවා. ඇත්තටම දැන් මෙහෙම ලොකුවට ගෙවල් දොරවල් හදාන වාහන අරන් හිටියට අපිත් ඉස්සර දුප්පත් මිනිස්සු . අයියා එයාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ තමා හැමදේම වෙනස් වුනේ. එයා තමයි බාගෙට හදලා තිබුන ගේ ඉවරෙට හදලා . ඉතුරු හැමදේම කලේ. තවමත් තාත්තා කාර් එකේ යන්න කැමති නෑ. එයා තාමත් වැඩට යන්නේ එන්නේ පාරේ බස් එකේ. ගෙදරට වැඩට මිනිස්සු ගන්නවටත් එයා කැමති නෑ .අම්මගේ පහසුවට කියලා අයියා තමා ඔය රේනු හරි මෙහෙට වැඩට ගත්තේ. තාත්තා මුලුන් මුලින් එකටත් අකමැති වුනත් , රේණුගේ පවුලත් යහපතක් වෙනවා දැක්කම නිහඩ වුනා. මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 08 Dec 2016 07:47 AM ඉස්සරහට තමා දැන ගන්න වෙන්නේ . දේවාලෙක ගිහින් බලන්න වෙනවා හී දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 07 Dec 2016 08:47 PM කවුද හිමාෂට ආවේශ වුනේ... Ind007kaMost Senior MemberPosts:12931 07 Dec 2016 07:49 PM Posted By sha733 on 07 Dec 2016 05:32 AM දැන්නං මේ සදූගේ කථා කියවන උන්ගේ මොලේ අවුල් කරන්න යන්නේ මේ විදියට කථා දෙන්න ගිහින් කලින් දුන්න ඒවා ඉවර කලෙත් නැහැ නේද ශා මල්ලිට ආවෙශය ඔලුවටම ගහලා වගෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... සඳුනිVeteran MemberPosts:2462 07 Dec 2016 04:06 PM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ දෙවන දිගහැරුම. ''ඉක්මන් කරන්න .හිමාෂාව ඉක්මනට සිට් රුම් එකට අරන් එන්න. තේරුණි ඔයත් හිමාෂා එක්ක හොස්පිටල් යන්න සර් ගෙන් අහලා, සිට් රූම් එකට එන්න.'' එතන වට වෙලා හිටිය අයත් හිමා ලගට කිට්ටුවෙන්න බයෙන් ලතවුනේ ,හිමා කලින් දැගලුවේ වෙඩි වැදුණු සතෙක් වගේ. මුහුණ දිහා බලන්නත් බය හිහෙනවා. හිමා ආපනශාලාවේ බිම වැතිරිලා,ඇදන් හිටිය කොළ නිල සුදු මිශ්‍ර සාරියත් එහෙ මෙහෙ විසිරිලා ගිහින්. උරහිස් මට්ටමට දිගු ඇය ලස්සනට කඩා දමාගෙන පැමිණ තිබු කෙස්ස දැන් අවුල්වී ගිහින්, මුණ පුරා තැවරී ගිය අවුල් වු කෙස් මුණ ආවරණය කරගෙන.දැගලීම නතරවුණ ගමන් මම සාරි පොටෙන් තරමක් නිරාවරණය වුන සිරුර වහලා දැමුවා. පව් හිමාට එකපාරටම මොනවා වුනාද මන්දා? ''දැන් බය වෙන්න දෙයක් නෑ කවුරු හරි උදව් කරන්න මේ ළමයව උස්සන් යන්න. '' විපුල අන්කල් එහම කියද්දී කාර්යාලයේ සේවය කරපු කීපදෙනෙක් හිමාව ආයතනයේ වෙෙද්‍ය මධ්‍යස්ථානයට ඔසවාගෙන යන්න උදව් වුනා.මමත් ඉක්මනටම ආයතනයේ ප්‍රධාන කාර්යාලයට ගිහින් සිදුවීම කියලා යන්න අවසර පත් ලබා ගත්තා. මම නැවත වෙෙද්‍ය මධ්‍යස්ථානයට එනකොට හිමාට සිහිය ඇවිත් තිබුනා. ''හිමා මොකද වුනේ.'' ''මට මොකුත් මතක නෑනේ . මට කලන්තේ හැදුනද?'' ''ඔයාට මතක නැද්ද දැගලුවා. අපි හැමෝම තල්ලුකරලා දැම්මා.'' ''මම එහෙම කලාද? මට මතක නෑ'' ''යමු අන්න වෑන් එක ඇවිත්.'' වෙෙද්‍ය මධ්‍යස්ථානයේ හෙදිය අපිව අමතද්දී මම හිමාවත් වත්තම් කරගෙන එලියට ආවා. කෙලින්ම වෑන්රිය නතර වුනේ විවේකා පෞද්ගලික රෝහල ඉදිරිපිට. මුලික ප්‍රතිචාර සදහා වෙෙද්‍යවරයෙක් ලගට යොමු කළා. හිමාව පරික්ෂා කරලා බලපු වෙෙද්‍යවරයා පැවසුවේ කිසිම අසනීපයක් නැ කියලා. ''හිමාෂා ඔයාට කලිනුත් මෙහෙම හැදිලා තියෙනවද?'' ''නෑ ඩොක්ටර් .හැබැයි උදේ ආව තද ඔලුවේ කැක්කුම නම් නිතර හැදෙනවා.'' ''පිට් එක වගේද ගැහුනේ නර්ස්.'' ''අනේ මන්දා ඩොක්ටෙර් මේ ළමයා පිස්සියක් වගේ හැසිරුනේ. කාටවත් අල්ලන්න බැරි වුනා.'' ''හරි හරි මේ බෙහෙත් ටික ගන්නකො. බයවෙන්න දෙයක් නැ. හිමාෂා ඒ ගැන වැඩිය කල්පනා කරන්න එපා.'' වෙෙද්‍යවරයා හිමාව ගෙදර ඇරලන්න කිව්වේ ටිකක් විවේකෙන් හිදීම ඇයට අවශ්‍ය නිසා.අපි ආපු ආයතනික වැන්රියෙන්ම හිමාව ගෙදර ඇරලියා.මම හිමාව කාමරේ ඇදෙ හාන්සි කරලා එන ගමන් වුන සිද්දිය හිමාගේ අම්මා එක්ක කිව්වා. ඒක ඇහුවම හිමාගේ අම්මගේ ඇස් දෙක බීතියෙන් පිරිලා ගියා. ''ඇයි ආන්ටි .ආන්ටි දන්නවද මේ ගැන මොකුත් . හිමාට කලිනුත් මෙහෙම වෙලා තියේද.'' ''ඔව් තේරුණි දුවේ. අපේ දුව අවුරුදු පහලව දාසය කාලෙදී මෙහෙම වෙලා තියේ.'' ''ඉතින් ආන්ටි බෙහෙත් ගත්තේ නැද්ද? '' ''මේවට බෙහෙත් කරලා වැඩක් නෑ තේරුණි දුව.'' ''ඒ ඇයි .'' ''අපි ඉස්සර ලෙඩේ මොකද්ද කියලා හොයා ගන්න බැරුව රට වටේම අරන් ගියා. අන්තිමට දේවලයකින් කිව්වා .අපේ දුවගේ ඇගට ආත්මයක් වැහෙනවලු.'' ''මොන විකාර කතාවක්ද ආන්ටියි ඒක. ආන්ටිත් ඔය මනස්ගාත විශ්වාස කරනවද?'' ''තේරුණි දුව ඔහොම කියන්නේ නෑ අපේ දුව ඒ වෙලාවට හැසිරෙන හැටි දැක්කොත්.'' ''ආන්ටි මම මෙහෙම කිව්වට අවුලක් හිතන්න එපා. මම නම් ඔය දේවල් පිළිගන්නේ නෑ. හොද ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා තරේට්මන්ට් ගමු.'' මම එහෙම කියලා නැවතත් රැකියා ස්ථානයට ආවා. ඒ වෙනකොට දහවල් ආහාර වෙලත් කිට්ටු වෙලා තිබුනා. දවල් කෑම වේල ගන්න මට කිසිම නිදහසක් නොදුන්න ආයතනයේ අනිකුත් සාමාජිකයෝ හිමා ගැන මගෙන් ප්‍රශ්න කළා. මේ තරම් ඉගෙන ගත්තු අය වෙලත් සමහර අය විශ්වාස කලෙත් හිමාට ආත්මයක් ආවේශ වෙලා කියලා.මම ඒ අය සමග කිව්වෙත් නෑ, හිමාගේ අම්මා කිව්වා කතාව. එහෙම වෙලත් එයාලා ආත්ම කතාවක් කියනවා. මම ඉශාන් අයියා එක්ක හිමාගේ අම්මා කිව කතාව කිව්වේ තවත් ඉවසන් ඉන්න බැරි නිසා. ''අනේ ඕවා බොරු කතා තෙරු .අපි යමු හවස හිමා අක්කා බලන්න.'' හිමාගේ අම්මා හිතන විදිය වෙනස් කරලා හිමාව හොද මානසික වෙෙද්‍යවරයෙක් ලගට එක්ක යන්න ඕනේ කියලා මට හිතුනා. ප්‍රශ්නේ පැටලුම් සහගත් නිසා මම අපේ අයියටත් කතා කරලා හිමට වුන දේ කිව්වා. අයියත් එක හෙලාම හිමාගේ අම්මා කිව්වා දේ ප්‍රතික්ෂේප කළා. අපි තුන්දෙනාම කතා වෙලා හවස හිමා බලන්න ගියා. දැන් නම් හිමා හොද සනීපෙන් ඉන්නවා. නිතරම මුහුණේ ඇඳෙන ලස්සන සිනහවත් ආයෙත් මුහුණට ඇවිත්. අපි එනවා ඈත තියාම දැකපු හිමා නිවාස ඉදිරිපසට ඇවිත් අපිව පිලිගත්තා. '' මොකද මේ කට්ටියම මෙහෙ . මම හෙට වැඩට එන්න හිටියේ දැන් මට අඩුයි.'' ''ආ එහෙනම් හොදයි. අපි මේ ආන්ටිව ටිකක් හම්බෙන්න ආවේ.'' '' ඒ ඇයි දසිරු අයියේ. එන්නකෝ ඔයාලා මුලින්ම ඇතුලට.'' අපි සියල්ලන්ම හිමාලගේ ආලින්දයට පිවීසිලා සෙටිය වටේ වාඩි වුනා. හිමාලගේ ගේ තරමක් පරණ ගෙයක් .ටිකක් විශාල වත්තක් මැද්දට වෙන්න හදාලා තිබුන නිවාස අනිත් නිවෙස් වලින් තරමක් හුදකලා වෙලා තිබුනා. වත්ත පුරාම තිබුනේ හුගක් පරණ බදන්න බැරි තරමේ ගස් .මේ නිවාස ඔවුන්ට පරම්පරාවෙන් ලැබුන නිවසක් බව ඒ වටපිටාව කියා පැවා. ''මේ.. ළමයිනේ. මම බැලුවා වාහනයක් ආවේ කවුද කියලා. බය වෙන්න දෙයක් නෑ ළමයිනේ මම ආරක්ෂා නුලක් දැම්මුවා . ඉන්න මම තේ ටිකක් හදන එන්නම්. අද දේවාලේ ගෙනිච්ච කැවිලිවගයකුත් තියේ. '' මම දෙයක් කියන්නට උත්සහ කලත් කිසිවක් කියන්නට ඉඩ නොදුන් හිමාලගේ අම්මා එතනින් පිට වෙලා ගියා. මම හිමාගේ කර දිහා බැලුවේ ආරක්ෂාවක් දැම්මා කිව්වා නිසා. සුදු, කළු, රතු, නුල් පොටවල් ටිකක් එකට අබරලා තැන තැන වලින් ගැට දාලා ,නුලක් කරේ ගැට ගහලා තිබුනා. මේ දේවල් දකිද්දී මගේ ඉවසීම නැත්තටම නැති වුනේ මේ මිසිස්සුනට නම් පිස්සු කියලා . ''ඔයත් ඔය දේවල් විශ්වාශ කරනවද හිමා.'' ''විශ්වාස කරන්න වෙනවා තේරුවො.ඔයා දන්නේ නැහැනේ ඉස්සර මට හුගක් අමාරු වෙනවා. මෙහෙ තොවිලයක් ඉදන් කළා. අම්මා කියන්නේ එකේ බල බිදිළලු මොකක් හරි නිසා.'' ''මොන විකාර කතාවක්ද ඔය කියන්නේ.'' ''ඔයා දැකලා නැහැනේ තෙරු මම එහෙම වුනාම හැසිරෙන හැටි හරියට. මටත් මොකුත් මතක නෑ 'එත් අම්මලා ඒ ගැන කියද්දීත් මට බය හිතෙනවා.'' ''හිමා නංගා අපි ඔය වැඩේ පොඩ්ඩක් අමතක කරලා, හොද ඩොක්ටෙර් කෙනෙක් චැනල් කරලා බලමුද?'' මෙතරම් වෙලා අපේ සංවාදයට සවන් දීගෙන හිටිය අපේ අයියා කතා කරන්න වුනා. ඒ කතාවට නම්හි මාගේ මුනේ ඇදුනේ ලොකු අසරණකමක්. මම දන්නවා හිමා ඇත්තටම අපේ අයියට කැමති. එයාට දුක හිතෙනවා ඇති මේ දේවල් නිසා ඉක්මනින්ම අපේ අයියට එයාව එපා වෙයි කියලා. ''වැඩක් නැහැ දසිරු අයියේ අපි ගන්න ඕනේ හැම තැනකින්ම බෙහෙත් කළා.'' ''එහෙනම් ඔයා ඩොක්ටර්ට කිව්වේ කලින් මෙහෙම වෙලා නෑ කියලා.'' ''ඒ බොරු ඩොක්ටර්ලා ඔය ආත්ම, බුතයෝ ප්‍රේතයෝ ගැන විශ්වාස කරන්නේ නෑ. ඕවා කියන්න ගියොත් බැනුම් අහන්න වෙන්නේ.'' මගේ ඔලුව තවත් අවුල් සහගත් වුනා. මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද? බුදු බණ වලත් ප්‍රේතයෝ ,කුම්භාණ්ඩයෝ ගැන කියලා තිබුනත් දේවල වල වැඩ මම විශ්වාස කරන්න පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ.අපි හිතාගෙන ගිය දේ කතා කරන්න පොඩි අවස්තාවක්වත් ලැබුනේ නැ. මම ගෙදර ආවේ හිතේ කරදරෙන්. අපි ගෙදර එන්නත් ටිකක් පරක්කු වුන නිසා අම්මා හිටියේ පෙර මග බලාගෙන. ''ආ අද අයියා නගොලා එකටම ඇවිත්නේ. ඉශාන් පුතා එන්න ගෙට. දෝනි කොහෙද ගියේ අයියලා එක්ක.'' මම මොකුත්ම නොකියා මුණ පුළුටු කරගෙන ඇවිත් සෙටියට වැටුනේ අත් බෑගයත් පසෙකට විසි කරමින්. ''මොකද දෝණි ප්‍රශ්නයක්ද? අසනීපයක්ද?'' මම අම්මා එක්ක සිදු වුන සිදුවීම් මාලාවම කිව්වා. අම්මගේ මුහුණෙත් ඇදුනේ භීතියක් ,ඒ කියන්නේ අම්මත් මේවා විශ්වාෂ කරනවද? මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 07 Dec 2016 03:57 PM Posted By sha733 on 07 Dec 2016 05:32 AM දැන්නං මේ සදූගේ කථා කියවන උන්ගේ මොලේ අවුල් කරන්න යන්නේ මේ විදියට කථා දෙන්න ගිහින් කලින් දුන්න ඒවා ඉවර කලෙත් නැහැ නේද ඒක ඉවර කරන්න එකේ අයිතිකාරායා මට කතාව කියන්න එපෑ . කතාව කියන්න පරක්කුයි එතකන් නිකන් ඉන්නද මම. ඒක නිසා මේක ලියනවා. බය වෙන්න එපා ඒකත් ලැබුන ගමන් ලියනවා. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 07 Dec 2016 05:32 AM දැන්නං මේ සදූගේ කථා කියවන උන්ගේ මොලේ අවුල් කරන්න යන්නේ මේ විදියට කථා දෙන්න ගිහින් කලින් දුන්න ඒවා ඉවර කලෙත් නැහැ නේද samanthaMost Senior MemberPosts:13190 06 Dec 2016 11:24 PM තවත් කථාවක්.. නම් නම් ටිකක් බයයි වගේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 06 Dec 2016 08:46 PM කතාව කියව්වම ඊටත් වඩා බය හිතුනා... indika76Most Senior MemberPosts:10449 06 Dec 2016 08:41 PM නම ඇහුවම නම් ටිකක් බය හිතුනා... Ind007kaMost Senior MemberPosts:12931 06 Dec 2016 07:44 PM තවත් එකක් දිග ඇරලා වගෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... සඳුනිVeteran MemberPosts:2462 06 Dec 2016 02:37 PM ආවේශය. ~~~මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව~~~ පළමු දිගහැරුම. රන් පැහැ ලා හිරු රැස් හිමිදිරියේ සිවුම් පිණි බිදු උරා ගනිමින් , පෙනෙන තෙක් මානයම කොළ පැහැ ගැන්වූ පැල ගොයමට පතිත වෙලා. ඇගේ හිරිගඩු නංවන සිහින් මද නල මැදින් දෙයත් එකට පිරිමදිමින් මම වෙල් එලිය මැදින් වැටුන පටු පාර දිගේ ඉදිරියට ඇදුනේ රැකියාව සදහා යන්න.රැ කාලයේ පොලවට පහත් වුන පිනි බිදු ගොයම් පත්‍ර අග මැණික් කැට වගේ දිලිසිලා පහලට ඇදුනේ හිරු කිරණත් එක්ක හැංගි මුත්තම් කරන්න වගේ. මගේ හිත මගෙන් ඇහුවේ ඇයි මම මේ තරම් ඉක්මනට ලොකු වුනේ කියලා . පුංචියට හිටියා නම් ,මේ වගේ සිතල දවස් වල සැපට උණුසුම් කාමරය තුලට වැදිලා නිදා ගන්න තිබුනනේ කියලා. අපේ ගේ පිහිටලා තිබුනේ වේයන්ගොඩත් නිට්ටබුවත් අතර වට්ටදර කියලා ගමක. අපේ ගෙදර ඉදන් ප්‍රධාන මාර්ගයට මීටර් දෙසීයක විතර දුරක් තිබුනා. අම්මා හැමදාමත් කිව්වේ අයියට කියලා මාව ඔපිස් ගිහින් දම්ම ගන්න කියලා. මේ වෙලාවට අයියා ඇහැරවනවට වඩා ලේසී මට ඔපිස් එකටම පයින් යන එක. හැබැයි ඉතින් ඇහැරෙව්වා නම් ඇහැරෙයි. මොකද මගේත් එක්ක ඔපිස් එකේ එකට වැඩ කරන මගේ හොදම යාලුවට ඇහැ දාගෙන අපේ අයියා ඉන්නේ. මගේ හොදම යාලුවා එයා. මට වඩා අවුරුද්දයි වැඩිමහල්. මට විසි හතරයි එයාට විසි පහයි , අපේ අයියට විසි හයයි. මටනම් වෙලාවකට පුදුමයි අපේ අයියා තාමත් කෙල්ලෝ පස්සේ යනවා ,දැන් එයාගේ වයසේ හැටියට බබාලත් ඉන්න ඕනේ කියලා අපෙ අම්මා කියන්නේ. මගේ යාලුවා හිමාෂා රශ්මී රූපසිංහ. එයත් අපේ අයියට කැමති වගේ එත් ඉතින් එයා ඉක්මන් වෙන්නෙත් නෑ අපේ බුරු අයියා ඉස්සර වෙන්නෙත් නෑ. මුන් දෙන්නා හැමදාම හොරෙන් බල බලා ඉදීද මන්දා කියලා මට වෙලාවකට හිතුනා. අයියා නම් ඉතින් හෙන කම්මැලියා. උදේ ඇහැරෙන්න මාරම කම්මැලී ,ඒකට මොකද හැමදාම හවසට බනිනවා මොකද උදේ මට ඇහැරෙව්වේ නැත්තේ කියලා. කොහොම හරි අයියව ඇහැරව ගත්තා නම් මාව ඔපිස් ඒකටම ගෙනිහින් දානවා. මොකද මගදී හිමාවත් කාර් එකට නග්ග ගන්න පුළුවන්නේ. වැඩක් නෑ ඉතින් පොරකාලා ගියාට හොරෙන් හොරෙන් ඉදිරි පස කණ්නාඩියෙන් හිමා දිහා බැලුවා මිස වචනයක් කතා කරන්නේ නෑ. අනේ මෙහෙමත් අයියෙක් , මහා ලොකුවට අයි.ටී සර් කෙනෙක්ලු. මෙයාගෙන් ඉගෙන ගන්න එන ගෑනු ළමයින්ට කොහොම උගන්වනවාද මන්දා. කෙලින් හිමාගේ මුන දිහා බලා ගන්න බෑනේ මෙයාට. මගේ අයියා දසිරු තේනුක විජේරත්න, පරිඝනක තාක්ෂණ පාඨමාලා පවත්වන ආයතනයක් පවත්වාගෙන යනවා. මෙයානෙ ඉතින් අයිතිකාරයා ඒ ආයතනයේ, ස්ටර්ප් එකේ තව ගුරුවරු පස් දෙනෙක් හිටිය නිසා හැමදාම වගේ දවල් වෙනකන් නිදාගෙන නිදහසේ වැඩට යනවා.ලොක්කා මෙහෙමනම් අනිත් අය කොහොම ඇද්ද. අයියා මටත් නිතරම කියනවා එක එක තැන වල වැඩට යාම නවත්තලා මටත් ඒ අයතනයට සම්බන්ද වෙන්න කියලා. ඒත් මට දැන් මම රැකියාව කරන තැන දාලා එන්න බෑ. ඒ මගේ අරයා නිසා. හි.. ඉශාන් නිලුෂ රත්නායක , මම රැකියාව කරන ආයතනෙම රැකියාව කරන මගේ පෙම්වතා. අයියා පරක්කු වුනාට නංගි වැඩ්ඩී .අපේ වේඩින් එකත් ලබන ජනවාරියේ ගන්න පැලැන් කරගෙන ඉවරයි. මම තමා ඉශාන්ගේ පෙම්වතිය, සුන්දරිය, තේරුණි ආකර්ෂා විජේරත්න. අපි දෙන්නම පෟද්ගලික රක්ෂණ ආයතනයක සේවය කරන්නේ. දෙනා නෙමේ තුන් දෙනාම අපේ හිමාත් ඉන්නවනේ. එකපාරටම මහා හයියෙන් හොන් කරගෙන කාර් එකක් මගේ ලග නැවතුනා. මෙන්න පුදුමයක් අපේ බුරු අයියා ඇහැරලා. ''ඒ පිස්සි තාම ගාටනවද.'' ''ඔව් ඉතින් අපට කාර් නෑනේ.'' ''නගිනවා නගිනවා, හැමදාම කියනවා මට ඇහැරවන්න කියලා. කෙරුමි වගේ එන්න මෙතන තනියම.'' මම සාරි පොටත් අල්ලාගෙන කාර් රථයේ පිටුපස දොර හැරලා වාඩීවෙන්න සුදානම් වුනා. '' ඒ පිස්සි මොකද ඔය පිටිපස්සට නගින්නේ . එනවා ඉස්සරහට.'' අයියා පැති කන්නාඩී යෙන් මගේ දිහා බලාගෙන කිව්වා. '' හී... ඇයි අමතකද?'' ''මොනවද පිස්සි'' ''හිමා.'' අයියගේ මුනේ ලැජ්ජාව මුසු වුන ලස්සන හිනාවක් ඇදිලා ගියා. '' ආව් ආව් මනමාල හිනාව. හිත හිතා ඉන්නේ අහන්නකො හිමාගෙන්.'' ''අප්පෝ මට මේ ඉන්න පිස්සි මදැයි. ඒ පිස්සිත් අපේ ගෙදරට ගෙනාවම අංගොඩ ඇඩ්මිට් වුනා වගේ තියෙයි.'' ''ආ දැන් අපිට විතරයි පිස්සු.'' මම පිටුපස අසුනේ වාඩි ගෙන දොර වහ ගන්නවත් එක්ක අයියා කාර් එක ඉදිරියට පදවාගෙන ආවා. අම්මෝ හොද වෙලාවට ආවේ. කාර් එක ඇතුලේ නම් මාර රස්නෙයි .තව ටිකක් දුර පයින් ගියා නම් මාව ගල් වෙනවා. අයියා කාර් රථය ප්‍රධාන මාර්ගයට දාලා නිට්ටබුව පැත්තට හැරෙව්වා. හිමාලගේ ගේ අපේ ගෙදර ඉදන් වැඩි ඈතක නෙමෙයි තිබුනේ. තව මොහොතකින් කාර් එක හිමා ගාව නැවතුනා. දොරේ වීදුරව පහලට කරපු මම හිමාට කතා කළා. '' ඒ හිමා වරෙන් අද ප්‍රී ට්රාන්ස්ප්ර්ට් . ඔබේ පිනට තමා.'' සිනා මුසු මුහුණෙන් කාර් එක දෙකට ඇදුනු හිමා පිටි පස්සේ දොර අරගෙන කාර් එකට නැගුනා. ''ගුඩ් මෝර්නින් තෙරූ . ගුඩ් මෝර්නින් අයියා.'' ''ගුඩ් මෝර්නින් හිමා නංගා '' ''හී'' '' මොකද තෙරූ හිනා වෙන්නේ.'' '' නෑ නෑ මොකුත් නෑ.'' අයියා ඉදිරිපස කණ්නාඩියෙන් මගේ දිහා රවලා බලපු නිසා මම නිහඩ වුනා. කොච්චර වුනත් මගේ යාළුවව අපහසුතාවයට පත් කරන එක පව්නේ .අපේ බුරු අයියා කෙසේ වෙතත්. අපි දෙන්නව අපි සේවය කරපු රක්ෂණ ආයතනය ලගින් දාලා අයියා කුරුල්ලා වගේ පියාබලා ගියේ හිමාට පෙන්න වෙන්න ඇති. අපේ ටේබල්වල ලොකර් වලට බෑග් දාලා. උදේට මොනාවා හරි කන්න කියලා කැන්ටින් එක පැත්තට ගියා. '' හිමා උබ ඉදගනින්කෝ ගිහින්. අද මන් ගානේ මොනවා හරි අරන් එනම්.'' ''අද ඉශාන් එනකන් ඉන්නේ නැද්ද?'' ''මම මැසේජ් එකක් දැම්ම කා පාර්ක් එකේ කිව්වා.දැන් එයි'' මම හුගක්ම ආස කෑමක් තමා ඉඹුල් කිරිබත්, ඉශාන් අයියත් ආසයි හිමත් අකමැත්තක් නෑ. මේවා ඉතින් අපේ අම්මා හදලා දෙන ඒවා තරම් නම් රස නෑ. අපිට දවල්ට කන්න බත් උයන්නයි උදේට කන්න තව තව ඒවා හදන්න අම්මට කරදර කරන්න බෑනේ. අම්මා නිවාඩු දවසට නම් විශේස දෙයක් හදලා දෙනවා මයි. මම සුදු පැහැ පිගානක මලක් වගේ අසුරලා දුන්න ඉඹුල් කිරිබත් ටිකත් අරගෙන හිමා වාඩී වෙලා හිටිය මේසය ලගට ආවා. මම ඉඹුල් කිරිබත් කිරිබත් ගේන බව දැනගෙනද මන්දා හිමා පිල්ටර් එකෙන් තේ අරන් ඇවිත්. ''ගුඩ් මෝර්නින් තෙරු , ගුඩ් මෝර්නින් හිමා අක්කා.'' ඉශාන් අයියා මොනතරම් කිව්වත් හිමාට අක්කා කියලා මයි කතා කරන්නේ. ඉශාන් අයියයි මමයි එක වයසේ මට වඩා මාස කීපයකට තමා එයා වැඩිමහල්. කෑම කාලා ඉවර වෙලා අපි එන්න සුදානම් වෙද්දී හිමා එක පාරටම වේදනාවෙන් ඔලුව අල්ල ගත්තා. මේ සිදුවීම අහම්බෙන් දැකපු මම හිමා ලගට ගියා. ''අනේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා තෙරු. ඉන්න බෑ තෙරු මට අමාරුයි.'' ''මොකද හිමා අක්කා එකපාරටම. සිට් රූම් එකට එක්ක ගියානම් හරි නේ තෙරු.'' මම හිමා අත් දෙකෙන්ම ඔලුව අල්ල ගද්දි ,පුටුවෙන් නැගිට්ටලා ඉනවටේ අතක් යවලා මගේ ඇගට වාරු කර ගත්ත. ''නේ මට යන්න බෑ තෙරු '' හිමා එහෙන්මම සිහිසුන් වෙලා ඇදන් වැටුනා. මට අල්ල ගන්න බැරුව ගියේ එක පාරටම තෙරු දගලන්න පටන් ගත්තු නිසා. ඇස් දෙකත් ඉහල ගිහින් මාවත් තල්ලු කරගෙන එයා බිම පෙලලිලා ගැහෙන්න පටන් ගත්තා. ඒ ගැස්ම හරිම අමුතුයි. '' අනේ හිමා මොකද මේ අනේ කවුරු හරි උදව් කරන්නකෝ .හිමාව සිට් රූම් එකට ගෙනියන්න.'' කැන්ටීන් එකේ හිටිය හැමෝම වගේ එතනට වට වෙලා හිමාව අල්ල ගන්න උත්සහා කළා. කාටවත්ම අල්ලන්න බෑ. අල්ලන හැමෝවම හිමා තල්ලු කරලා දමා. ගෑනු ලමෙක්ට නැති ශක්තියක් ඒ අත් එකට ලැබිලා තිබුනා. කෑ ගහන්නේ නැති වුනත් හයියෙන් හුස්ම ඉහල පහල දැම්මා. '' කෝ හැමෝම එහාට වෙන්න.'' සිට් රූම් එකේ හෙදියත් එක්ක එතනට දුගෙන ආව පියන් කෙනෙක් විදියට සේවය කරන විපුල අන්කල් තෙරුගේ අත් දෙකම එකවර අල්ල ගත්තා. ''අනේ විපුල අන්කල් හිමාට මක් වෙලාද? අපිට අල්ලන්නවත් බෑනේ'' ''ඔයාලා පස්සට වෙන්න. මෙයාට කලන්තයක් නෙමේ හැදිලා තින්නේ.'' විපුල අන්කල් තෙරුගේ අත් දෙකෙ එක අතකින් අල්ලාගෙන අනිත් අත ඔලුවට තියලා බිමට තද කරගත්තම හිමා කකුල් දෙක උඩ ගගහා දැගලුවේ පිටට ඇහෙන්න තරම් හයියෙන් හුස්ම ගනිමින්. ''හා හා නවත්තාපන් ඕක. නවත්තාපන්.'' ඒවර හිමා ටිකෙන් ටික සන්සුන් වුනා. ඇග ගැස්සිල්ල ටිකෙන් ටික නතර වෙලා, සිරුර අප්‍රාණික වුනා. මතු හමුවෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 06 Dec 2016 11:24 AM ආවේශය. මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව. යාලුවනේ මම අලුත් කතාවක් ලියන්න යන්නේ, මුලින්ම කියන්න ඕනේ මේක හොල්මන් කතාවක් නෙමෙයි. ප්‍රේතයෝ, භූත ආත්ම ගැන කතාවක්. මම ප්‍රේතයෝ භූතයෝ ඉන්න බව නම් පිලිගන්නවා. මම දන්නෙත් ටිකයි . මම දන්නා විදියට ලියනම් ,අඩුපාඩු තියෙන්න පුළුවන් හුගක්. ඒ වට සමාව දෙන්න ඉතින්. එහෙනම් අමුතුම ලෝකෙකට යන්න සුදානම් වෙන්නකෝ . අහිමි වස්සානය හෙමින් ලියන්න වෙන්නේ ඒකයි මේක ලියන්න ගත්තේ. සමාවෙන්න යාලුවනේ. යාළුවගේ ඉල්ලීම අනුව එයා කියනකන් මට කතාව ලියන්න බෑ. ඒක ලියනකන් මේ කතාව කියන්න එකතු වෙනා. තෙරුවන් සරණයි මගේ යාලුවන්ට මම නවතින්නම්. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 06 Dec 2016 11:22 AM දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 06 Dec 2016 11:21 AM මරණින් මතුත් හැර නොයන ,සැගවුන ආත්මයන්ගේ හෝරාව. දිනයක වැටහේවී...........