Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: සිතැගී පරිදී. Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: සිතැගී පරිදී. Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 14 Jan 2017 02:28 AM කාරෙක එනකං ඉදල වීරෙ මල්ලි ඒක නවත්තල දෙකක් දෙයි වගේ නේද Ind007kaMost Senior MemberPosts:12931 12 Jan 2017 05:25 PM ගොඩක් කාලෙකින් "හුමිටි" කියන වචනය දැක්කෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... සඳුනිVeteran MemberPosts:2462 12 Jan 2017 01:24 PM සිතැගී පරිදී. 03 . වන කොටස. ‘‘ඔයා බලන්න තමයි.‘‘ ලැජ්ජාවෙන් මුහුණ රතු කරගත් කවී මුහුණ බිමට නැබුරුකර ගත්තේය. කවී දැන් ගොඩ වැදී ඉන්නේ අමිල විසින් ගමේ සුළු වෙන් පවත්වගෙන ගිය කුඩා කඩ කෑල්ල ඉදිරිපිටය. ඉදිරි පිටට බා තිබු පලයට ආදාර දුන් පුවක් කදට වාරු වුණ කවී තම ඇගිලි පටල ගනිමින් තනියෙම සිනාසුනාය. ‘‘කවී ... ‘‘ ‘‘හ්ම්... ‘‘සදැසි අමිලගේ ආදරබර වචන වලට හූමිටි තිබ්බාය. ‘‘ඔයාටත් දැන් මාව නොදැක ඉන්නම බෑ නේද?‘‘ ඇය පිළිතුරු නොදී පුවක් කද නියපොත්තෙන් කොනිති ගසන්නට වූවාය. ‘‘කවි.. කෝ මෙහෙ බලන්න.‘‘ ‘‘අනේ .. ඔන්න ඉතින් මාව විහිළුවට අල්ල ගන්න හදනවා. ඔයා හරි නරකයි අමිල අයියේ.‘‘ ඇය අමිලගේ සවිමත් බාහුවට හෙමින් පහරක් ගසමින් කීවාය. ‘‘ඇත්තම කියන්න. මට මොනවා හරි කියන්නද ආවේ කවී. ඔයා උදෙත් මාව බලන්න ආවනේ.‘‘ අමිල එසේ පැවසුනේ කවීගේ හිස ආදරයෙන් පිරිමදිමිනි. දුෂ්කර වේදනාකාරී ජීවිතයේ ඔහුට තිබු එකම සැනසිම කවි නම් ඇගේ ආදරවන්තියයි. පාසල් යන සමයේ සිට ඇතිකර ගත් ඔව්ගේ ප්‍රේමය දළුලා වැඩෙන ගසක් මෙන් සැමදා තව තවත් වැඩෙයි. ‘‘ ඔව් අමිල අයියේ. මට දැන් මෙහෙම හිටියා ඇති කියලා හිතෙනවා. එවර කවීගේ මුහුණේ රැදුනේ අදුරු බවකී. ‘‘ඒ කිව්වේ කවී. ඇයි රත්තරං .මොකක් හරි කරදරයක්ද?. අයියාට වත් මොනවා හරි ආරංචි වෙලාද?.‘‘ අමිලගේ නිමක් නැති ප්‍රශ්ණ කිරීම මැද , කවී නෙතු නොසලා අමිල දෙස බලා වුන්නාය. ‘‘මොකද රත්තරං ඔහොම බලන්නේ. කියන්කෝ ඇයි මොකද්ද වුනේ.‘‘ ‘‘ඔයා හරියට කළබල වෙනවනේ අමිල අයියේ. තාම කිසිම කරදරයක් නෑ. ‘‘අනේ ළමයෝ මාව බය නොකර කියන්නකෝ.‘‘ ‘‘බය වෙන්න දෙයක් නෑ අමිල අයියේ. මම මේ.. ඔයාට කියන්න ආවේ . ගමෙන් ගිහින් හොද රස්සාවක් හොයා ගන්න කියලා.‘‘ ‘‘ඇයි කවී එකපාරම එහෙම කියන්නේ. අමිල සැනින් කවීව උරහිස් දෙකින් අල්ලා ඔහුගේ පැත්තය හරවා ගනිමින් විමසුවේය. ‘‘අනේ අමිල අයියේ කවුරු හරි දකී‘‘ කවි කලබලයෙන් වටපිට විමසිලිමත් වෙමින් කිවාය. ‘‘හරි හරි හේතු කියන්න.‘‘ ඇය අනුවම වට පිට බැලූ අමිල කවිගේ උරහිස් තම දෑතින් නිදහස් කලේය. ‘‘අපිට මෙහෙම ඉන්න එකෙන් කිසි යහපතක් නෑ අමිල අයියේ. බලන්න ඔයා දැන් කොච්චර කල් ඉදන්ද මේ කඩේ කරන්නේ. ඔයා කර ගත්තු දෙයක් තියෙද? කනවා ඉන්නවා විතරයි. ‘‘ ‘‘ඇයි කවී ඔයා එහෙම කියන්නේ.‘‘ අමිලගේ මුහුනේ පිළිබිබු වුනේ පිළිතුරු නැති පැන ගණනාවකී. ‘‘ දැන් කොයි වෙලේ හරි අපේ සම්බන්දේ අපේ අයියට ආරංචී වෙයි. ඔයා දන්නවනේ එයාගේ හැටි. මොන ඕන්නැති වැඩේ කරත් තාත්තා නැති මාව තාත්තා වගේ හදා ගත්තේ මගේ අයියා.‘‘ ‘‘ඉතිං කවී මම ඒක දන්නවා. අපි එන දේකට මුන දෙමු.‘‘ ‘‘එහෙම කියලා බෑ අමිල අයියේ . මම එයාලව අතෑරලා ආවත් මම හොදින් ඉන්නවා දැකලා එයාලා සතුවෙනවට මම කැමති. ඔයා හොද රස්සාවක් හොයා ගන්න. මේ ගමේ ඉදලා හරි යන්නේ නෑ.‘‘ කවි අවසන් වචන පෙළ ගලපා ගත්තේ බිදී ගිය හඩකිනී.‘‘ ‘‘අනේ මන්දා.‘‘ ලොකු හුස්මක් පිට කළ අමිල කඩේ ඉදිරි පිට වු ඉමක් නොපෙනෙන වෙල් එළිය දෙස බලාගෙන කල්පනාකරන්නට වුවේය. ‘‘මට යන්න නම් පුළුවන් කවි. ඒත ලෙඩ ගානේ ඉන්න අම්මයි අප්පච්චීයි. ඒ මදිවට අර විරේ මල්ලී කියන එකා... ඒකත් නංගි පස්සේ වැටිලනේ‘‘ ‘‘මට නම් තේරෙන්නේ නෑ අයියේ. අපි කවදා වෙනකන් මෙහෙම ඉන්නද? කවී දෑස බොද කළ කදුළු හැද සිටි චීත්ත ගවුමේ බොරිච්චි අතින් පිස දැමුවාය. ‘‘ ඔයා දුක් වෙන්න එපා රත්තරං . මම නංගී අම්මයි අපච්චී එකක් කතා කරලා තීරනයක් ගන්නම්.. කෝ.... ඔය ඇස් දෙකකත් රතු වෙලා. හ්ම් චුට්ටක් හිනා වෙන්න බලන්න.‘‘ ඇගේ කොපුලක් සිවුම්ව මිරිකන ගමන් අමිල පැවසුවේය. ........................................................................................ රන් පැහැ පසුබිමක රතු පැහැ මල් ඉහිරණු පුංචී කුඩක් යට එක් වුණ අහිංසයි සිතුමිණී කාෂ්ඨක අවුව මැදදේ වුනත් හරිම සැහැල්ලුනේ ගුරු පාර දිගේ ඉදිරියට අදුනාය. අව්ව සැර නිසාම හැද සිටි රෝස පාට සාරියේ පොට හිසේ දමා ගත්තු අහිංසා ‘‘පට්ට අව්වයි නේද බං.‘‘ ‘‘ඒක තමයි බං අපි මොහෙම හරි ඉන්නවා . සත්තු කොහොම ජීවත් වෙනවද මන්දා පෑ විල්ලට.‘‘ ‘‘අනේ ඔව් බං. අපේ රෝසී මම දැක්කා ඇන්තුරියං ගොල්ල මැද්දේ මළා වගේ දිගැදිලා ඉන්නවා. හෙවන හිංදා සනීප ඇති.‘‘ ‘‘රෝසි කිව්වේ .. ඔබලගේ අර තඩි පුසා නේද? සිතුමිණී දෑස් දල්වා අහිංසා දෙස බලමින් විමසුවාය. ‘‘ඔව් බං ඇයි.‘‘ ‘‘නෑ නෑ. ඔබ නිකන් ඌ ගැන කතා කරද්දී මට දැන්නේ ඔබේ නංගියෙක් ගැන කියනවා වගේ. ‘‘ ‘‘පලයං යන්න ඒ සතා මගේ නංගී වගේ තමා . උබ ඉතින් සත්තුන්ට ආස නෑ කියලා මං මොනවා කරන්නද?.‘‘ ‘‘ඊ... බූල් ගොඩවල් මම නම් ආස නෑ.‘‘ ඔවුන් තොරතොන්චියක් නැතුව කියමින් ඉදිරියට ඇදෙන්න විය. ගිනියම් වු අව්වෙන් මිදී ඔවුන් කුඹුක් ගසින් සෙවන වූ, කුඹුක් ගස් යායකට මායිම් වූ අතුරු පාරට හැරෙනවාත් සමගම සිතුමිණී අහිංසාගේ වැළමිටෙන් ඇණ යමක් කීමට උත්සහ කළාය. ‘‘මොකද බං වෙලා තියෙන්නේ.‘‘ ‘‘අර බලපං කවුද එන්නේ කියලා. අර බලපං. ‘‘සිතුමිණී ඇසින් අප ඉදිරියට පැමිණෙන කාර් රථය පෙන්වමින් කියන්නට වුවාය. ‘‘අර ඩොක්ටර් නේද?. ..සිතු.... දැන් මොකද ඔබ නලියන්නේ ඌ එනවා කියලා.‘‘ ‘‘ආ.. ඔන්න ඉතිං අපිට කොකා පෙන්නන්න හදනවා.‘‘ සිතුමිණී අහිංසාට අමණාප මුහුනක් පාමින් පැවසුවාය. ‘‘ මොකද්ද බං සිතු ඒ කතාව.‘‘ ‘‘උබ බබා . දැන් ඒ කතාව දන්නේම නෑ.‘‘ ‘‘ආ මිස්ලා දෙන්නා . නිවෙස් බලා බනවා වගේ.‘‘ කාර් රථය අපි ළග නතර වෙද්දී රියදුරු අසුණට අනෙක් පස අසුනේ උන් තරුණයෙක් පවසන්නට විය. ‘‘නෑ මේ නාගන්න කියලා යනවා.‘‘ ‘‘වැවටද?‘‘ ‘‘නෑ පොකුණට.‘‘ ‘‘මොකෙන්ද දන්නේ නෑ නාන්නේ .‘‘ ‘‘පොල්කට්ටෙන් .. ඇයි අවුල්ද? ‘‘ සිතුමිණි එහෙට මෙහෙට පැද්දෙමී කතා හරඹයක පැටලෙද්දී අහිංසත් සදේශුත් සිනා සෙමින් ඒ දෙස බලා ඉන්නට විය. මේ සිදුවීම මැද අහිංසගේ සිත කිව්වේ මරු සිතුටම හරි යන පොර. මේ සිතුවා කිව්ව නිර්මාල් ඩොක්ටර් වෙන්න ඇති. යනුවෙනී. ‘‘ඇයි අනේ මේ ගමේ බාල්දියක් වත් හොයා ගන්න නැද්ද?‘‘ ‘‘බාල්දී පෙරලන්න අය නම් ඉන්නවා.. පැංචී අර බලපන්.‘‘ සිතුමිණී අවසන් වචන කීපය අහිංසාගේ කණට කර කීවාය. තිගැස්සුන අහිංසා සිතුමිණි පෙන්වු පැත්ත බැලුවාය. ‘‘කාටද මේ දෙන්නා ඉගි බිගි පාන්නේ. සදේ උබට හුළං ඈ ගමේ වැල ගමේ කපුටන්ටලු.‘‘ ‘‘වහගනිංකෝ බං පොඩ්ඩක් ඔය ටකරං කට.‘‘ හිස පොවමින් අපි බැලු පැත්ත බැලූ සදේශ්ගේ මුහුණ අදුරු විය. ‘‘ඇත්ත කියද්දී අපි ටකරං.‘‘ ‘‘මේ මිස් සිතුමිණී. අර බයික් එකක් නවත්තන් කන්න වගේ මේ පැත්ත බලන් ඉන්නේ කව්ද?‘‘ නිර්මාල්ගේ කියවිල්ල නොතකමින් සදේශ් විමසන්න වූවේය. ‘‘ඒ බං .එදා අපිට පට්ට ටොක් එකක් දැම්ම මෑන් නේද?‘‘ ‘‘වීරේ මල්ලී ඔයාලටත් මොනවා හරි කිව්වද?‘‘ මෙතරම් වෙලා කතා කරන්නට නොහැකි එකියක මෙන් හුන් අහිංසා විමසන්න විය.‘‘ ‘‘අම්මා... තාමත් කීං ගානවා.. කනට මී පැණි දැම්මා වගේ. ‘‘ නිර්මාල් කණක් අතින් වසාගෙන් දෑසුත් පියාගෙන පවසන්න විය. ‘‘උබට නම් හරි යන්නේ අර ජොබ් එකම තමයි.‘‘ ‘‘පැංචී නංගී මේ පාරට බස් එකක් දාන දවස එහෙම දන්නවද?‘‘ නිර්මාල් අහිංසා දෙස බලාගෙන විසද්දී අහිංසාගේ ඇස් ඉබේටම ඉහළ ගියාය. යකෝ මට ගෙදරට කියන නමත් දන්නවනේ. ‘‘ඒ ඇයි ඩොක්ටර්.‘‘ අහිංසා අමාරුවෙන් වචන ගලපා ගත්තාය. ‘‘අප්පා.. මේන් මට ඩොක්ටලු මම එයාට නංගි කියද්දී. ඇයි නංගී අපි නාකී වගේද පේන්නේ.‘‘ ‘‘හරි හරි අයියේ . ඇයි කියන්නකෝ පාරට බස් එකක් දානකන් ඉනනේ.‘‘ නිර්මාල්ගේ කවට වදන් මැද වීරේ මල්ලී ඉන්නා බවද අමතකව ගිය අහිංසා හොරෙන්ම නිරිමාල්ගෙත් සදේශ් ගෙත් ඉරයව් නිරීක්ෂණය කලාය. ‘‘අන්න එහෙම එන්න නංගී..‘‘ ‘‘හරි හරි කියන්නකෝ.‘‘ විරේ මල්ලී නැමැත්තාත් බලා සිටින නිසාම අහිංසා ඔවුන් සමග සිනාසෙමින් තව තවත් දොඩමළු වන්නට විය. ‘‘කොන්දොස්තර ජොබ් එක ඉල්ල ගන්න.‘‘ ‘‘ආ.. නියමයි ඔයාට හරියන්නේ ඒක තමයි. සිතුමිණී නැවතත් කතාවට එකතු විය. ‘‘මේ ඒක නෙමෙයි .. අර මනුස්සයා ගමේ කවුද කියන්නකෝ මිස් සිතුමිණී.‘‘ ‘‘එයා ඇවිල්ලා. ගමේ චංඩියා. එරියා එකේ එකම අයියා.‘‘සිතුමිනි එලෙස කියන්න වුනේ ඒ ඒ විදියට කට හදමිණි. ඔයාලගේ අදහස් මත ගොඩනැගෙන ඊළග කොටසින් හමු වෙමු. යාළුවනේ එහෙනම් ඊළග කොටසේ කතාව කොයි පැත්තටද ගෙනියන්න ඕනේ කියලා කියන්න. ඔයාලා දුන්න අදහස් අනුව තමයි අද මම කතාව පෙළ ගැස්සුවේ අවුලක් නෑ නේද?. . මතක ඇතුව හෙට කොටස නිර්මාණයට අදහස් දෙන්න. මතකනේ ඔයාලගේ අදහස් අනුව තමයි මේ කතාව නිර්මානය වෙන්නේ. අද කොටස පෙළ ගස්සව ගන්න අදහස් එක් කළ... indika76 , sha733,chamaramindSanda Renu, සුවී විමලරත්න, සුජී පීරිස්, Nilanga Amali De Silva, Sewwandi Kaushalya,Hashara Lakmali, Ayesha Nibodani , Shanu Nadeeshani, Sewwandi Kahadawa Arachchige Done, Nayani Malika, Viloka VilokaLasitha De SilvaSajeewani Sachi, මායාවක්මයි අාදරේ,,,. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හෙට කොටසත් ගොඩනගන්න අදහස් දෙන්න හොදේ. බුදු සරණයි. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 12 Jan 2017 01:22 PM දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 07 Jan 2017 03:00 PM සිතැගී පරිදී. 02 . වන කොටස. ‘‘ මොකද වස්තුවේ එක පාරටම ඩොකාගේ නම දැන ගන්න ඕනේ වුනේ. හිතට වත් වැදුනද?.‘‘ ‘‘පලය බං සිතු. යකෝ නම අහන්නේ හිතට වැදුනමද?‘‘ ‘‘හී හී මෙයාට යන ඩොන්.‘‘ ‘‘කියන්න බැයිනම් නිකන් ඉදපන්.‘‘ ‘‘මොකද බැරී සදේස් ආකාශ සෙනෙවීරත්න..‘‘ ‘‘ අම්මෝ මෙයා දන්න තරම් . උපැන්නේ වත් බැලුවද?.‘‘ ‘‘අපි වැඩක් කළොත් එහෙම තමා. එයා එක්කම ට්රේලනිං ආව තව ඩොකෙක් ඉන්නවා එයාගේ නම නිර්මාල් තේනුක.‘‘ ‘‘අනේ අම්මේ උබ දන්න ඒවා. උබලගේ ගෙදරද බං නැවතිලා ඉන්නේ.‘‘ ‘‘දවස් දෙකක් හිටියා බෝඩිමක් හොයා ගන්නකන්. දැන් නිම්මිලාගේ ගෙදර ඉන්නේ . ‘‘ ‘‘එහෙමද?.‘‘ අහිංසා ලොකු සුසුමක් හෙළමින් උදෑසන බුද වැදීමට කුඩා ළමන් පෙළ ගස්වන්න සුදානම් වුවාය. ........................................................................................................ ‘‘ඒ නිර්මාලයා උබ දන්නවද අද වුදේ මට දෙන්නෙක් මීට් වුණානේ.‘‘ ‘‘දෙන්නේක කිව්වේ මොක්කුද? හරක් දෙන්නෙක්ද? , බල්ලෝ දෙන්නෙක්ද?, පුසෝ දෙන්නෙක්ද?.‘‘ ‘‘හෝව් හෝව් නැවතියන්. උබව නම් හරියන්නේ දොස්තර කෙනෙක්ට නෙමෙයි . කොන් දොස්තර කෙනෙතුට. කට ඇරියොත් බොක්කුව වගේ.‘‘ නිර්මාල් නම් වූ සදේශ්ගේ ගජ මිතුරා කතාවට උපන් හපනෙකී. ඕනෑම දෙයක් විහිළුවට ගන්න ඔහු සදේශ් කේන්ති ගොස් බැන වදින තුරුම ඒ කතාව නොවත්වයි. ‘‘හා හා මේක බෑ කියලා හිතුණ කාලෙක ඒ ජොබ් එක ගැන හිතලා බලන්නම්. කිපන්කෝ මොක්කු දෙන්නෙක්ද හම්බුණේ කියලා‘‘ ‘‘ගෑනු ළමයි දෙන්නෙක් නිර්මාලයා..‘‘ ‘‘ ඒ සදේ කෙල්ලෝ දෙන්නෙක්ද? බං ලස්සනද?, කියපන්කෝ. ගම් වල කෙල්ලො නම් කොහොමත් ලස්සනයි බං. ඒ උබට දෙන්නෙක් වැඩි නැද්ද? මට එකියෙක් දීපං ඈ.‘‘ ‘‘බලපං උබේ නැට්ට පෑගිලාද කියලා මුලින්ම.‘‘ ‘‘ කෝ.. කෝ.. නෑනේ බං.‘‘ නිර්මාල් තම පිටු පසම එබී බලමින් සදේශ්ව විහිළුවට අල්ලා ගත්තේය. ‘‘ අනේ ඇත්තටම පිස්සුද?.‘‘ ‘‘මට නම් නෑ. ඒත් අපේ අර සදේශ් කියලා කොළුවෙක් ඉන්නවා. ඌට නම් හොද පිස්සුවක් හැදෙන්න වගේ එන්නේ.‘‘ ‘‘ මම යනවා දැන් පේසනට්ලා චෙක් කරන වෙලාව හරී.‘‘ ‘‘ඒ බං කවුද අර කෙල්ලෝ දෙන්නා කියලා පලයංකෝ.‘‘ ‘‘බෑ.. ඒ ගෑණු ළමයි දෙන්නම මගේ.‘‘ දැන් නම් කියන්න ගියහොත් නිර්මාල් දිගට ඔහුට ඒ නම් වලින් විහිළු කරන බව දන්නා නිසා සදේශ් වාට්ටුව දෙසට පිය නගන්න වුවේය. ........................................................................................................ අහිංසත් සිතුමිණිත් පෙර පාසල් අවසන් කොට නිවෙස් බලා පිය නගමින් සිටි. දහවල් හිරු මුදුන් වෙමින් තිබූ මොහොත නිසා පරිසරයේ පැවතියේ දැඩී උණුසුමකී. වට පිටා පුරා විහිදුණු දූවිල්ල ,තව තවත් අව්ස්සමින් ඔවුන් ළග නතර වූ යතුරු පැදිය කාගේද යන්න ඔවුන් දෙදෙනාම ඈත තියාම හදුනා ගත්තහ. ගමේ සියලු නොසන්ඩාල වැඩවලට මුලිකයා වූ කවුරුත් හදුන්වන නමින් වීරේ මල්ලී වු වීරසිංහය. ඔහු සමග යතුරු පැදියේ පිටු පස හිදන් වුන්නේ ඔහුගේ ගෝලයන්ගෙන් අයෙකී. ඔහු සුරා නම් වුවේය. ‘‘සුරා බලපන්කෝ මගේ චූටී පැංචීගේ ලස්සන අද.‘‘ ‘‘ඒක තමයි වීරේ මල්ලී මාත් බැලුවේ.‘‘ ‘‘තෝ මොනවද යකෝ මගේ චූටී පැංචිගේ බලන්නේ. බලලා අහු වුණොත් තොගේ ඇස් උගුල්ලනවා දැන ගනු.‘‘ විරේ වසර ගණනාවක සිටම අහිංසාොට ඇස ගසා ගෙන ඉන්නා තරුණයෙකී. ඔහුගේ හැසීම ගම්වාසී සියල්ලන්ටම හිරිහැරකාරී නිසා අහිංසා ඔහු දැකීමටත් අකමැතිය. වීරේ බලය ගම පුරා පතුරාගෙන ඉන්නේ ඇමතිතුමාගේ දකුණු අත ලෙස ඔහු කටයුතු කරණ නිසාය. එනිසා ඔහුට ඉහළින් කපුටෙක් වත් නොඉල්ලිය යුතු යැයි ඔහුගේ මතයයි. ‘‘ මගේ චූටී පැංචී ගෙදර යනවයි.‘‘ වචනයක් වත් කතා නොකළ අහිංසා ගස්සාගෙන ඉදිරියට ඇදුනේ සිතුමිණිගේ අතකින් ඇදගෙව වුවාය. ‘‘ඕන් ඕන් ඉතින් මම මේ තරම් ආදරේ කරද්දී මගේ චූටී පැංචී මට ගනණං පෙන්නවා. මේ විරේ උබ හින්දා ඉවසනවා කියලා හිතේ තියා ගනිං පැංචියේ . ‘‘ අහිංසාත් සිතුමිණිත් කුඹුක් වැටිය ළගින් වැටුන පාරට හැරෙන තුරුම බලා හුන් වීරේ යතුරු පැදිය පණ ගන්වාගෙන යන්නට ගියේය. ‘‘මාර ඇණයක් නේ බං.‘‘ ‘‘අනේ ඔව් බං . කවදා ඉවර වෙයිද මන්දා මේ මළ වදේ.‘‘ ‘‘ඕක නම් ඔබට බැදලවත් නවත්ත ගන්න පුළුවන් වෙන මළ වදයක් නෙමේ. ඌ උබට පිස්සු වැටිලා ඉන්නේ.‘‘ ‘‘අනේ පලයං. උගේ නල්ලමලේ ආදරේ. ඌට ආදරේ කරනවට වාඩා හොදයි අර වෙලේ ඉන්න වස්සට ආදරේ කරනවා.‘‘ ‘‘හී හී.‘‘ උදේ බය වුවත් අහිංසා කෙටිම මාර්ගය නිසා දැනුත් ගමන් ගන්නේ අර රබර් වත්ත මැදින් වැටී තිබු අඩි පාර දිගේ විය. වෙනත් කාල වල පෙනෙන තෙක් මානය කොළ පැහැ ගන්වන රබර් ගස් යාය දැන තැබැලී පැහැ වූ කොළ වලින් තිබුණත් , ඉන් මතු කරනු ලැබුවේද අමුතුම අලංකාරයකි. කවදත් ඒ වත්ත තුළ මැවුනු නැවුම් ස්භාවික දර්ශනයට ආසා කලාය. දුකක් දැනුන මොහොතකත් ඇය කරනු ලැබුවේ රබර් වත්ත පාවුල වූ පිහියි බංකුවක් මෙන් සෑදුණු කුඩා ගල මත තනිවී සිතා, සිත සනසා ගැනීමයි. ‘‘අම්මේ... අම්මේ.. ..‘‘ ‘‘ මොකද පැංචියේ.‘‘ ‘‘හරිම මහන්සී අම්මේ. එනේ අව්වේ රස්නේ නිසා ඔළුවත් රිදෙනවා . ඇස් දෙක යටිනුත් කකියනවා.‘‘ ‘‘ඉන්නක පැංචිට බීම ටිකක් හදලා දෙන්න. කුමාරි නැන්දා ඇඹුල් දොඩන් වගෙයක් දීලා ගියා.‘‘ ‘‘ඒක නම් ශෝක්. කෝ අම්මේ තාත්තා.‘‘ ‘‘ දැන් ටිකකට කලින් පුතේ ආවේ තාම නිදී.‘‘ එසේ පවසමින් අහිංසාගේ මව කුස්සිය දෙසට පිය නගන්න වුවාය. එතරම් වත් පොහොසත් කම් නැතත් කාමර දෙකක් හා කුඩා සාලයක් සහ කුස්සියක් හිමි පුංචී ගෙයක් ඔවුන්ට විය. පුංචී වුවත් ඒ නිවස සුදු හුණු පිරියම් කර පොළවට කටු සිමෙන්ති දමා පුළුවන් අයුරින් සම්පූර්ණයෙන් සාදා නිම කරන ලද නිවසක් විය.. ‘‘ආ පැංචී.‘‘ අහිංසාගේ අම්මා නැවුම් දොඩම් යුෂ පානය රැගෙන කාමරයට එන විට අහිංසා වුන්නේ සාරිය සෝදන බේසමට දාලා දනිස්ස වැහෙන කරමේ දිග සායකටයි, බැනියමකටයි මාරු වෙලාය. ‘‘රසයි අම්මේ . අම්මා බිව්වද?. ‘‘ ‘‘හදන ගමන් චුට්ටක් බිව්වා පැංචී. මට ඕවා බොන්න බෑ දත් හිරි වැටෙනවා.‘‘ ‘‘අම්මේ නාන්න යන්න ඕනේ.‘‘ ‘‘ටිකක් හවස් වෙලා යමු පැංචී. අපේ ලිදේ වතුර හිදිලා බොන්නත් නැති තරම් . පොදු ලිදට යන්න වෙනවා. ඒකෙත් අඩියේ පොඩ්ඩක් තමා ඇත්තේ.‘‘ ‘‘ඇයි අම්මේ මේ තරම් පායන්නේ.‘‘ ‘‘මේ වහින කාලයක් නෙමේනේ පැංචී.‘‘ ‘‘හ්ම්ම් ‘‘ අහිංසා සුසුමක් හෙළලා වීදුරව හොදලා පිගන් රාක්කේ එල්ලන්න හිතාන කුස්සිය පැත්තට ගියා. ........................................................................................................ ‘‘ අමිල අයියේ ‘‘ ‘‘හ්ම්ම්ම්ම්‘‘ ‘‘මොනවද කල්පනා කරන්නේ‘‘ ‘‘ මම මේ කල්පනා කලේ අර විරේ මල්ලී කියන හාදයා ගැන.‘‘ ‘‘ඇයි අමිල අයියේ . ඒ පාර මොකද වු කරලා තියෙන්නේ.‘‘ ‘‘මට අදත් ආරංචී වුනා අපේ පැංචී වැඩ ඇරිලා එද්දී මග හරස් කරන් කරදර කලා කියලා.‘‘ ‘‘වීරේ මල්ලී මහ බයානක මිනිහෙක් අමිල අයියේ.‘‘ ‘‘මට දුක කවී . ඔයාලගේ අයියත් උන් එක්ක ඉන්න එක . අද අපේ පැංචිට පාර්ට් එක දාද්දී ඔයාලගේ අයියත් පිටි පස්සේ ඉදලා තියෙනවා.‘‘ ‘‘මම කියලා මොනවා කරන්නද අමිල අයියේ. අපි කියනදෙයක් එයා අහන්නේ නෑ.‘‘ බලාන ඉද්දී සදැසිගේ පුංචී ඇස් දෙකේ කදුළු වලින් බර වුනේ වැසි බිදුවක් නැතුව අව්වට පදන් වෙන පොළව එක්ක ඔට්ටු වෙන්න වගේ වුවාය. සදැසී කවිෂ්කා නම් අමලගේ පෙම්වතියයි. මේ සම්බන්දය තවමත් දන්නේ අහිංසා පමණක් නිසා ඔවුන්ට තවම ඒ හැටි බාධාවක් නොවීය. නමුත් සදැසිගේ අයියා සුරා හෙවත් සුරංග දැන ගත්තා නම් ඇය විසුමක් නොවෙන්නට ඉඩ තිබුණී. ‘‘හරී හරී කවී . කෝ මෙහේ බලන්න මගේ සුද්දිට අඩන්න තරම් දෙයක් කිව්වේ නෑනේ.‘‘ ‘‘ඒ වුණාට ඔයා කියන්නේ මම අයියා වීරේ මල්ලි කියන එකා ළග වැඩ කැනවට ආසයි වගේනේ.‘‘ ‘‘අනේ කවී නාඩා ඉන්න මගේ පණ. හිතට ආපු ආවේගෙට කිව්වට මම ඒ හැටි හිතුවේ නෑ.‘‘ ‘‘ඒත් මට දුක හිතුණා.‘‘ සදැසී අහිංසාටත් වඩා අහිංසක යුවතියක් බව අමිල හොදින්ම දනී. සදැසිලාගේ පවුල ඔවුන්ටත් වඩා දුප්පත් වූ අතර ඇගේ තාත්තා කලේ ගම පුරා ඇවිද පොල් කැඩීමේ රැකියාවයි. නමුත් දැන් ඇගේ තාත්තා ජීවතුන් අතර නැත. සදැසී ස්කෝලේ යන සමයේම ඔහු පොල් ගසක් පල්ලේ විටී ඔත්පල වී සිට මිය ගොස් ඇත. දැන් සදැසිට සිටින්නේ අයියාත් අම්මාත් පමණකී. තාත්තා මෙලොව හැර දා ගිය දා හිටන් සුරා වීරේ ළග වැඩ කරන්න පටන් ගත්තේ වෙන කළ හැකි රැකියක් නොලැබුණ නිසා වුවේය. ‘‘කවී ඔයා ආවේ මම බලන්නමද නැත්තම් . වෙන උවමනාවකටද?.‘‘ ඔයාලගේ අදහස් මත ගොඩනැගෙන ඊළග කොටසින් හමු වෙමු. යාළුවනේ එහෙනම් ඊළග කොටසේ කතාව කොයි පැත්තටද ගෙනියන්න ඕනේ කියලා කියන්න. ඔයාලා දුන්න අදහස් අනුව තමයි අද මම කතාව පෙළ ගැස්සුවේ අවුලක් නෑ නේද?. . මතක ඇතුව හෙට කොටස නිර්මාණයට අදහස් දෙන්න. මතකනේ ඔයාලගේ අදහස් අනුව තමයි මේ කතාව නිර්මානය වෙන්නේ. අද කොටස පෙළ ගස්සව ගන්න අදහස් එක් කළ... indika76 , sha733,chamaramind,Sanda Renu, සුවී විමලරත්න, සුජී පීරිස්, Nilanga Amali De Silva, Sewwandi Kaushalya,Hashara Lakmali, Ayesha Nibodani , Shanu Nadeeshani, Sewwandi Kahadawa Arachchige Done, Nayani Malika, Viloka Viloka. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හෙට කොටසත් ගොඩනගන්න අදහස් දෙන්න හොදේ. බුදු සරණයි. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 07 Jan 2017 02:59 PM දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 06 Jan 2017 09:05 PM සිතැගී පරිදී. 01 . වන කොටස. මේ මාර්තු මාසයයි. විශාල රබර් වත්තක් දෙකට බෙදමින් සෑදුන ගුරු පාරක් දිගේ ඇය ඉදිරියට ඇදෙමින් සිටියාය. මාර්තු මාසය නම් කොළ හැලෙන සමයයි. තැඹිලී සහ රතු පැහැ ගැසුණු රබර් කොළ පොළව මත පාවඩ එලුවා මෙනී. වැසි පොදක් හමු නොවු පොළවේ තණ සහ වෙනත් පැළෑටී වියලී ගොස් දුබුරු පැහැගැන්වී ඇත. පොළොව මත වැතිරුණු වියලී පත්‍ර නිසා දුවිලී නිදන් වී නොතුබුනේ නම් ගුරු පාරේ ඇවිද යාම ,දුහුවිලි ඇවිස්සීම නිසා අපසු වන්නට ඉඩ තිබුණි. අවට වු රබර් ගස් වල අතු අගිසි වල තද කොළ පැහැ ළපටි දළු මොදු වෙමින් තිබුනී. ඒවා ආහාරයට වඩා කැමතී වු වදුරු රංචුනක් අතු මත ඒ මේ අත පන්මින් කෑ මොර දෙයි. ඒ ඝෝෂා කාරි හඩවල් ඇයට හුරුපුරුදු වුවත් ඇයට යම් බියක් දැනෙන්නට වුවාය. පරිස්සාවෙන් අවට හිස හරවා වට පිට බැලූ ඇය ගස් මත හිදි වදුරන් දෙස බියෙන් මෙන් බැලුවාය. අත්තක් අගිස්සට පැමිණි පැටියෙකු බඩ බැද ගත් වැදිරියෙකු ඇයට විරිත්තන්න විය. මුලින් බයක් දැනුනත් ඌගේ උකුලේ උන් පැටියාගේ සුරතල් මුණ දුටු විට ඇයට සිනහා නැගුණාය. පැටියාගේ විශාල දිලිසෙන අහිංසක ඇස් දෙක දුට විට ඇයට දැනුනේ ආදරයකී. බිය සිතින් පහ කර ගත් ඇය තවත් ඉදිරියට ඇදුනාය. කෝ අද තාමත් නෑනේ මේ සිතු... දැන් හොදටම පරක්කු වෙලා. නිවසේ සිට වැටී තිබු කෙටිම මාර්යග ඔස්සේ රැකියාවට යමින් සිටි අහිංසා අතේ බැද තිබී අත් ඔරලෝසුව දෙස බලමින් රබර් වත්ත කොනටම වන්නට පිහිටා තිබූ සිතුමිණිලාගේ නිවසට යන පාර දෙස එබි එබී බලමින් රැදී වුන්නාය. ඇයට පිටුපසින් ඇසුනේ විගලී ගිය කොළ පොඩි කරිමින් කවුරුන් හෝ එන හඩකී. ඇයිට ආපසු හැරී බලන්නටත් බියක් දැනුන නිසා ඇසෙව සද්ද වලට හොදින් සවන් දී සිටියාය. ටනස් ගා එක වරම හඩක් නැගෙද්දී අංහිසාට උන් හිටි තැන් අමතක වුවාය. ආපසු බලන්නට තිබූ බය නිසාම ඉදිරියට ඇදුනේ විටන් විට දුවමින්ය. නමුත් පැළද සිටි තරමක් උස් අඩී ඇති පාවහන් යුවලත්, හැද සිටි සාරියත් ඇගේ ගමනට බාදාවක් විය. කෙසේ හෝ රබර් වත්තේන් ඈත් වුන අහිංසා ආපසු බලමින් කල්පනා කලේ ආයේ නම් ලේසී කියලා මේ පාරෙන් නම් එන්නේ නෑ යනුවෙන් විය. ‘‘ඒ මැට්ටී පන දාගෙන දිව්වා නේද? හී හී.‘‘ ඒ සිතුමිණීගේ හඩයි. ඇය සිටියේ හුස්ම ගන්නටත් නොහැකි වෙන තරම් සිනා සෙමින් වුවාය. ‘‘සිතූ උබ නම්. උබද මාව බය කලේ.‘‘ ‘‘ඔව් ඔව් මැට්ටියේ . මම තමයි. උබ පාරේ ඉන්නවා දැකලා රබර් වත්ත මැදෙන් පැනලා ආවේ උබව බය කරන්න.‘‘ ‘‘පලයං යන්න. හොදටම පරක්කු වෙලා තියෙන්නේ යමන් ඉක්මණට පොඩි වුන් ටිකත් ඇවිත් ඇති දැන්.‘‘ ‘‘හී දැන් වෙලාව ඇති වෙයි ටිකක් දුර දිව්වත් එක්කනේ‘‘ ‘‘මගුලක් කරානේ උදෙන්ම. මගේ කකුළත් රිදෙනවා .මේ බලපන්.‘‘ අහිංසා සාරීය අතකින් කෙටි කරමින් සිතුමිණීට පාවහන් වල පටි වලට තද වී රතු වුණ කකුළ පෙන්වමින් පවසන්නට වුවාය. ‘‘අනේ වස්තු රතු වෙලා . මම හිතුවේ නෑ උබ මේ තරම් බය වෙයි කියලා. සොරි බං.‘‘ සිතුමිණී සිනහව තද කරගෙන කතා කරන්න වුනේ අහිංසා දුවපු විදිය මතක් වී ඇයිට තවමත් සිනහා නැගෙන නිසාවෙනී. අහිංසා නමේ හැටියට හරිම අහිංසක යුවතියකී. ඉගෙන ගෙන හෘද රොග පිළිබද වෛද්‍යවරියෙකු වීමට ඇය කුඩා කළ සිටම පෙරුම් පිරුවේ ඇය දන්නා කාලයේ සිටම අම්මාට තිබූ පපුවේ අමාරුව නිසා විය. මේ වන විට ඇගේ සිහින සියල්ල අඩාල වී ඇය වෙනමම පැත්තකට යොමූ වී සිටියාය. දැන් අහිංසාත් සිතුමිණීත් ගුරු පාරින් මිදී තවත් අතුරුපාරක් දිගේ ගමන් කරන්න විය. සිතුමිණී පවත්වාගෙන යන පුංචී මුල් ළමාවීය සංවර්ධණ මධ්‍යස්ථානයට අහිංසාත් එක් වුනේ පවුලේ සියළු බර තාත්තාට දැරිය නොහැකි බව දන්නා නිසා විය. දුම්රිය ස්ථානයේ මුරකරු ලෙස සේවය කළ අහිංසාගේ තාත්තාට අමාරුවෙන් පවුලේ බඩ වියත රකින්නට පමණක් හැකි විය. ‘‘හෙලෝ මිස් කොහෙද යන්නේ.‘‘ ඔවුන් ළග නතර වුන සුදු පැහැ කාර් රථයේ කවුළුවේ වීදුරුව පහළට කළ අවුරුදු විසි පහක පමණ තරුණයෙක් ඔවුන් අමතන්නට වුවේය. මේ පාරේ මෙහෙම කාර් එකක් යනවා මම දැකලා නෑනේ. අනික මෙහෙ කාටද කාර් ගන්න තරම් සල්ලී තියෙන්නේ. අනිවාරෙන් කොහෙ හරි පාරක් හොයන් යන කොල්ලෙක් වෙන්න ඇති . අහිංසා කාර් එක තුළ වුන් නාදුනන පුද්ගලයා දෙස බලමින් සිතින් මෙනෙහී කරන්නට වුවාය. ‘‘ ආ... නේ මේ... ඩොක්ටර්නේ. ගුඩ් මොර්නිං ඩොක්ටර්.‘‘ අහිංසාව පුදුම කරමින් සිතුමිණි ඔහු සමග කතා කරන්න වුවාය. ‘‘කොහෙද මේ යාළුවෙකුත් එක්ක උදේම යන්නේ. ඔයා ජොබ් එකක් කරනවද?‘‘ ‘‘ඔව් ඩොක්ටර් අපි දෙන්නා ප්රීයි ස්කූල් එකක් කරන් යනවා. ‘‘ ‘‘ආ අර රේල් ස්ටේෂන් එක ළගින් ඇතුළට යන්න තියෙන පාරේ තියෙන එකද?.‘‘ ‘‘ඔව් ඔව් ඩොක්ටර් ඩොක්ටර් කොහොමද ඒක දන්නේ.‘‘ සිතුමිණී විමසුවේ පුදුමයෙන් විය. කව්ද අප්පා මම නොදන්න සිතු දන්න ඩොක්ටර්. මම නම් අදමයි දැක්කේ අහිංසා කල්පනා කරමින් ඔවුන්ගේ කතාවට සවන් දීගෙන සිටියාය. ‘‘ ආ මම ඒ පාරේ දවසක් ගියා එතකොට දැක්කා ‘‘ ‘‘ඒක මිසක්. ඇවිල්ලත් තව දවස් දෙක තුන එකේ. මම බැලුවා ගම ගැන කොහොම මේ හැටි දන්නවද කියලා.‘‘ ‘‘ආහ්. එතකොට මේ මිස් කව්ද?.‘‘ ඔහු අහිංසා වෙත ඇගිල්ල පාමින් විමසද්දී අහිංසා ගැස්සී ගියාය. ‘‘ ආ.. මට අදුන්නලා දෙන්නත් බැරි වුණානේ. මේ මගේ යාළුවා. අහිංසා.‘‘ ‘‘අහිංසා. ෂා ලස්සන නමක්. නමේ හැටියම පෙනුමත් අහිංසක පාටයි. ගතිගුණත් අහිංසක ඇති නේ.‘‘ පුදුම ඩොක්ටර්යෙක් තමා හොදට පුරුදුයි වගේ කෙල්ලෝ වර්ණනා කරලා. බොරු සිනහවක් මූණට නගා ගත්තත් අහිංසා සිත යටින් දොස් නගන්නට වූවාය. ‘‘අම්මේ ඔව් ඩොක්ටර්. ඩොක්ටර් හරියටම හරි. මේ..‘‘ ‘‘සිතු..‘‘ ‘‘හරි හරි ..‘‘ සිතුමිණී දැන් වුන සිද්දිය කියන්නට යන බව ඉවෙන් වගේ දැන ගත් අහිංසා එක වචනයෙන් සිතුමිණීගේ කට වසා දැමුවාය. නමුත් තමත් සිතුමිණීට සිනහව නවත්ත ගන්න බැරී වි තිබුණි. ‘‘දෙන්නගේ කතාව මොකද්ද. මටත් කියන්න බලන්න. මොකද සිතුමිණී මිස් තනයෙම හිනා වෙන්නේ.‘‘ මේ යකාට නම් කෙල්ලන්ගේ ඔපදූප හොයනවට වඩා වැඩක් නැද්ද කොහෙද? ‘‘සිතු අපිට හොදටම ලේට්.‘‘ ‘‘යමං කෙල්ලේ.. ඩොක්ටර් අපි එහෙනම් යනවා. අපිට හොදටම ලේට් වෙලා තියෙන්නේ දැන් පොඩි වුන් ඇවිල්ලත් ඇති.‘‘ ‘‘ඉතින් නගින්න මම ස්ටේෂන් එක ළගින් දාගෙන යන්නම්.‘‘ ‘‘අන්න මරු අදහස. යමුද කෙල්ලේ.‘‘ ‘‘පිස්සුද?.‘‘ අහිංසා සිතුමිණිගේ අත කොනිත්තමින් රහසින් කියන්න වුනේ මේ නාදුනන කොල්ලා එකක් යන්න බෑ කියලා හිත කියන නිසා විය. ‘‘යමු යමු මම ගිලින්නේ නෑ. මම මේ ඔයාලගේ ස්පිරිතාලෙට අළුතින් ට්රේනිංවෙන්න ආපු ඩොක්ටර්.‘‘ නමුත් අහිංසට යන්නට නොසිතුණාය. සිතුලගේ තාත්තා හොස්පිටල් එකේ ඇටෙන්ඩන් නිසා අළුත් ඩොක්ටර්ව දන්නවා ඇති. ඒත් ඒ පලියට කාර් වලත් නැගලා යන්න පුළුවන්ද?. අර එන්නේ මගේ ඉටු දෙවියො. හැම එකටම මට අල්ල ගන්න ඉන්න උබව තමයි අයියේ. ඈතින් යතුරුපැදියේ එනු දැකීමෙන් අහිංසාගේ සිතට සැනසිල්ලක් දැනුනාය. ‘‘සිතු අන්න අපේ අයියා එනවා. ඔයා යන්න එහෙනම් මම අයියා එක්ක එන්නම්.‘‘ ‘‘එහෙනම් ඔයා යන්න ඩොක්ටර් අපි පැංචිගේ අයියා එක්කම එන්නම්.‘‘ ‘‘පැංචී.‘‘ ‘‘ආ... අපි අහිංසට ගෙදරට කියන්නේ පැංචි කියලා...‘‘ ‘‘ ආහ්....දෙන්නටම පුළුවන්ට ඔය බයික් එකේ යන්න.‘‘ පැති කණ්ණාඩියෙන් පිටු පසින් පැමිනෙන යතුරුපැදිය දෙස බැලු ඩොක්ටර් නළල රැලි ගන්වමින් අසා සිටියේය. ‘‘ඔව්. මේ දුප්පත් ගම් වල කොයිද ඩොක්ටර් වාහන .අපිට ඔය වගේ ගමන් ගිහින් හොදට පුරුදුයි.‘‘ ‘‘හරි එහෙනම් . කොකටත් පරිස්සමින්. මම යනවා එහෙනම්. සීයු‘‘ කාර් රථය පණ ගන්වාගෙන ඉදිරියට යනවාත් සමගම අහිංසාගේ අයියාගේ කුඩා යතුරු පැදිය ඔවුන් අසල නතර විය. ‘‘ පැංචී කවුද බං ඒ කාර් කාරයා.‘‘ ‘‘ඒ ස්පිරිතාලෙට ආපු අළුත් ඩොක්ටර්ලු ලොකු‘‘ ‘‘ආ ඒක මිසක්. උබලට පරක්කු වෙලා ඇතිනේ වරෙල්ලා යන්න.‘‘ ඔවුන් දෙදෙනාම යතුරු පැදියේ එකේ පිටු පසින් ඉද ගත්තහ. අහිංසත් සිතුමිණිත් නිතර මෙන් මෙලෙස අයියාගේ යතුරු පැදියේ යාම පුරුදු කාරියකි. ඔවුන් පමණක් නොව ගමේ කවුරුන් වුව අසුවන මොකක හෝ එල්ලී නගරයට යන්නේ වාහාන අඩු කම නිසාවෙනී. පෙර පාසල ඉදිරි පිටම යතුරු පැදිය නැවතූ අහිංසාගේ අයියා යන්නට සැරසුනේය. ‘‘අයියේ .. මේ බත් එක තාත්තට දීගෙනම යනවද?.‘‘ ‘‘හා හා කෝ දීපං පැංචී.‘‘ යතුරු පැදිය පණ ගන්වා ගත් අහිංසාගේ අයියා වූ අමිල දුම්රිය ස්ථනය දෙසට ගමන් ගත්තේ අම්මා පාන්දර උයා බැද දුන් බත් පාර්සලය තාත්තාට දීම සදහා විය. කඩිනමින් පෙර පාසල පැවත්වු ප්‍රජා සාලාවේ දොර හැර ගත් ඔවුන් දෙදෙනා පෙර පාසල පැවැත්වු ස්ථානය පිරිසිදු කරන්නට වුයේ පෙර පාසලේ දරුවන්ගේ අම්මලාගේ උපකාරද ඇතුවය. ‘‘ මේ සිතු .‘‘ ‘‘ ඇයි බං.‘‘ ‘‘ අර ඩොක්ටර්ගේ නම මොකද්ද බං.‘‘ ඔයාලගේ අදහස් මත ගොඩනැගෙන ඊළග කොටසින් හමු වෙමු. යාළුවනේ එහෙනම් ඊළග කොටසේ කතාව කොයි පැත්තටද ගෙනියන්න ඕනේ කියලා කියන්න. ඔයාලා දුන්න අදහස් අනුව තමයි අද මම කතාව පෙළ ගැස්සුවේ අවුලක් නෑ නේද?. ඩොක්ටර්ට දාන්න නමක් . මතක ඇතුව හෙට කොටස නිර්මාණයට අදහස් දෙන්න. මතකනේ ඔයාලගේ අදහස් අනුව තමයි මේ කතාව නිර්මානය වෙන්නේ. අද කොටස පෙළ කතාව පෙළ ගස්සව ගන්න අදහස් එක් කළ... indika76 , sha733,chamaramind,Sanda Renu, සුවී විමලරත්න, සුජී පීරිස්, Nilanga Amali De Silva, Sewwandi Kaushalya,Hashara Lakmali. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. හෙට කොටසත් ගොඩනගන්න අදහස් දෙන්න හොදේ. බුදු සරණයි. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 06 Jan 2017 09:01 PM දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 05 Jan 2017 10:56 PM අපිට නං ගං කිය කියා ඉන්නම බෑ මේකත් පටන් ගන්න chamaramindMost Senior MemberPosts:13471 05 Jan 2017 05:39 AM දිග කොණ්ඩයක් තියෙන අවුරුදු 20ක ලස්සන මුහුණක් තියන අහිංසක දුප්පත් කෙල්ලෙක් එයා සචිනි විය හැකියි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... sha733Super Senior MemberPosts:7332 05 Jan 2017 02:52 AM රිලා රංචුව කෑ මොර දිදි උඩ දගලන සද්දෙට යටින් කොල රොඩු කුඩා දර කැබලි බිදෙන ශබ්ධයකට නම චාපා.......... indika76Most Senior MemberPosts:10449 04 Jan 2017 06:20 PM නීල වර්ණ කොණ්ඩය දිගු , ඒත් සුන්දර වුනත් විඩාබර දෑසක් හිමි සිහින් සිරැරක් හිමි ලලනාවක් නම් හොදයි.. මම හිතන්නේ ඇයගේ නම හංසනී විය යුතුයි... indika76Most Senior MemberPosts:10449 04 Jan 2017 06:16 PM හා ... සඳුනිVeteran MemberPosts:2462 04 Jan 2017 04:52 PM සිතැගී පරිදී. හැදින්වීම.. යාළුවනේ, අළුත් වැඩක් කරන්න හිතුවා. අළුත් වැඩක් කිව්වේ ඔයාලටයි මටයි දෙගොල්ලන්ටම අළුත්ම, වෙනස්ම අත්දෑකීමක්. මේ වැඩේට නම් ඔයාලගේ සහයෝගය ඕනේ මයි. මේ වැඩේ රදා පවතින්නේ සහයෝගය මත තමයි.ඇත්තටම මේ කතාව නිර්මාණය වෙන්නේ ඔයාලගේ අදහස් මත. ඒ කිව්වේ හැමදාම අපි කතාවක් දැම්මම ඔයාලා අහනවා අයියෝ මක් වෙයිද?, බූට් කයිද?, මැරෙයිද?, වෙන් වෙයිද?, යාළු වෙයිද, ඒ දෙන්නා ලව්ද, ඔය වගේ දේවල්. මේ කතාවේ ඒ සෙල්ලම් බෑ ඔන්න. මේකෙදී ඔයාලා කියන්න ඔනේ ඊළග කොටසේ මොනවද ලියවෙන්න ඕනේ කියලා. බන්දන්න ඕනෙද? වෙන් කරන්න ඕනෙද? මොන වගේ චරිතයක්ද ගේන්න ඕනේ , මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න ඕනෙද? මේ හැමදේම තීරණය කිරීමේ අයිතිය ඔයාලට තියෙනවා. හැබැයි මාව ධෛර්යමත් කීරීම ඔයාලා සතුයි. අදහස් නොදුන්නොත් මම කතාව නවත්තනවා හොදේ. මේ ඔයාලගේ කතාව. ඔයාලගේ අදහස් .මම ලියනවා විතරයි. විවිධ යෝජනා ඉදිරිපත් වෙන්න පුළුවන්නේ ඒ වෙලාවට වැඩී ඉල්ලීමට ඉඩ දෙනවා. එහෙමත් බැරි වුනොත් මගේ හිතට සෙට් වෙන එක ගන්නවා හාද? එහෙනම් පටා....න් ගමු නේ. ************************************************************************************* ‘‘‘‘‘‘‘මේ මාර්තු මාසයයි. විශාල රබර් වත්තක් දෙකට බෙදමින් සෑදුන ගුරු පාරක් දිගේ ඇය ඉදිරියට ඇදෙමින් සිටියාය. මාර්තු මාසය නම් කොළ හැලෙන සමයයි. තැඹිලී සහ රතු පැහැ ගැසුණු රබර් කොළ පොළව මත පාවඩ එලුවා මෙනී. වැසි පොදක් හමු නොවු පොළවේ තණ සහ වෙනත් පැළෑටී වියලී ගොස් දුබුරු පැහැගැන්වී ඇත. පොළොව මත වැතිරුණු වියලී පත්‍ර නිසා දුවිලී නිදන් වී නොතුබුනේ නම් ගුරු පාරේ ඇවිද යාම ,දුහුවිලි ඇවිස්සීම නිසා අපසු වන්නට ඉඩ තිබුණි. අවට වු රබර් ගස් වල අතු අගිසි වල තද කොළ පැහැ ළපටි දළු මොදු වෙමින් තිබුනී. ඒවා ආහාරයට වඩා කැමතී වු වදුරු රංචුනක් අතු මත ඒ මේ අත පන්මින් කෑ මොර දෙයි. ඒ ඝෝෂා කාරි හඩවල් ඇයට හුරුපුරුදු වුවත් ඇයට යම් බියක් දැනෙන්නට වුවාය...‘‘‘‘‘‘‘ ************************************************************************************** ඔයාලගේ අදහස් මත ගොඩනැගෙන ඊළග කොටසින් හමු වෙමු. ඔන්න කියන්නකෝ මෙයාට නමක්, වයස ,ඇයි එයා බය වෙන්නේ. දුප්පත්ද, පොසත්ද, නපුරුද ,අංහිසකද, හැම දේම කෙටියෙන් කෙමෙන්ට් කරන්න. මගේ අනිත් කතාව අනිවාරෙන් දවස ගානේ පළ වෙයි. මේ කතාව හිමින් යන්නේ. ඔයාලා ඇති කියනකන් මම මේ කතාව ලියනවා හාද? දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 04 Jan 2017 04:50 PM දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 04 Jan 2017 04:48 PM අළුත් වැඩක් මුහුණූ පොත වෙනුවෙන් කරන. දිනයක වැටහේවී...........