Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: කෙටි කතා Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: කෙටි කතා Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review ThanojNew MemberPosts:22 25 Jan 2017 11:53 AM Posted By Poddi on 18 Jan 2017 07:37 AM = ඇත්තටම සමාජයේ මෙවැනි අසාධාරණකම් අපි නොදැකපු නොඅසන කොච්චර නම් තියෙනවද= දුක් විදින්නෙ අසරණ වෙන්නෙ අහිංසක දරුවෝ අන්තිමෙට? හරි ලස්සනට ලියලා තියෙනවා කතාව... Thanqqqqqq යාළු ThanojNew MemberPosts:22 25 Jan 2017 11:51 AM Posted By sha733 on 16 Jan 2017 09:51 PM අපි බලාගෙන ඉන්නවා අලුත් එකක් අරං එනකං අද හෙටම එකක් දාන්නම්කො ThanojNew MemberPosts:22 25 Jan 2017 11:45 AM Posted By DanuLiyanage on 20 Jan 2017 07:12 AM Ko thanoj aluth kathawak naddoo හි හි ලඟ ලඟ එනවා මචෝ ආදරවන්තයින්ගෙ දිනයට කෙටි කතාවක් ලියන්න කියලා හිතන්ඉන්නෙ එ දිනෙට සතියකටවත් කලින් එ කතාව දාන්න ඔනේ මම ලියපු ගමන් දාන්නම්කො sha733Super Senior MemberPosts:7332 25 Jan 2017 04:53 AM Posted By සඳුනි on 20 Jan 2017 11:19 AM බෑ හුදෙක් විහිළුවක් නෙමේ. හි හි. ඒ කියන්නේ ඔයත් කැමති බොළද කතා වලටනේ ඒකනේ මගේ කතා කියවන්නේ හි හි. විහිලුවක්වත් තේරෙන්නෙ නැහැනේ සිරාවටම කියන්නෙ ඔයා ලියන කථා හරිම ලස්සනයි. ගොඩක් ආසාවෙන් කියවන්නෙ දැන් අඩියක් දෙකක් උඩින් යන්න ගනියිද දන්නෙ නැහැ සඳුනිVeteran MemberPosts:2462 20 Jan 2017 11:19 AM බෑ හුදෙක් විහිළුවක් නෙමේ. හි හි. ඒ කියන්නේ ඔයත් කැමති බොළද කතා වලටනේ ඒකනේ මගේ කතා කියවන්නේ හි හි. දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 20 Jan 2017 07:12 AM Ko thanoj aluth kathawak naddoo මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න sha733Super Senior MemberPosts:7332 19 Jan 2017 10:42 PM Posted By සඳුනි on 18 Jan 2017 01:18 PM මේ අපේ කෙටි කතා තරගයෙන් නිර්මාණාත්මකම කෙටි කාතා වල ප්‍රථම ස්ථානය දිනා ගත්තු කෙටි කතාව. විනිශ්ය සාධාරණයි නේද?. එහෙනං තනෝජ් කියන්නෙ හොදට දන්න හදුනන කෙනෙක් නේ සාධාරණයි. සදුනිගේ බොලද කථා වගේ නෙවෙයි. නියමෙයට තියෙනවා . . . . අවධානය පිණිසයි (සදුනිගේ බොලද කථා වගේ නෙවෙයි = මෙය හුදෙක් විහිලුවක් බව සලකන්න) සඳුනිVeteran MemberPosts:2462 18 Jan 2017 01:18 PM මේ අපේ කෙටි කතා තරගයෙන් නිර්මාණාත්මකම කෙටි කාතා වල ප්‍රථම ස්ථානය දිනා ගත්තු කෙටි කතාව. විනිශ්ය සාධාරණයි නේද?. දිනයක වැටහේවී........... PoddiVeteran MemberPosts:2100 18 Jan 2017 07:37 AM = ඇත්තටම සමාජයේ මෙවැනි අසාධාරණකම් අපි නොදැකපු නොඅසන කොච්චර නම් තියෙනවද= දුක් විදින්නෙ අසරණ වෙන්නෙ අහිංසක දරුවෝ අන්තිමෙට? හරි ලස්සනට ලියලා තියෙනවා කතාව... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 16 Jan 2017 09:51 PM අපි බලාගෙන ඉන්නවා අලුත් එකක් අරං එනකං ThanojNew MemberPosts:22 16 Jan 2017 05:57 AM Posted By samantha on 15 Jan 2017 10:19 PM මැදපෙරදිග ගෘහ සේවය නම් ඛේදවාචකයක්. ඒ වගේම මේ කථාවේ වගේ බොහෝ පිරිස් වංචා සහගත ලියකියවලි මඟින් යවන එක තවත් භයානක දෙයක්. ඒජන්සි කරුවන් ට තවත් කස්ටමර් කෙනෙක් විතරයි. නමුත් ඒ යන පුද්ගලයාට මුහුණ දෙන්න වෙන අත්දැකීම් ඊට වඩා භයානකයි. මේ වගේ කාලීන පුවත් අලලා කතා තව ලියන්න. ඔව් මචෝ මේ සමාජයේ මෙවැනි කතා ඔනැතරම් තිබෙනවා මේවගේ ඇත්ත දැන දැනත් සමහර පුත්ඟලයින් එක වැරද්ද දෙවෙනි තෙවේනි පාරටත් කරනවා.. අනිවා මාසයකට එකක් දෙකක් කෙටි කතා ලියන්නම් samanthaMost Senior MemberPosts:13190 15 Jan 2017 10:19 PM මැදපෙරදිග ගෘහ සේවය නම් ඛේදවාචකයක්. ඒ වගේම මේ කථාවේ වගේ බොහෝ පිරිස් වංචා සහගත ලියකියවලි මඟින් යවන එක තවත් භයානක දෙයක්. ඒජන්සි කරුවන් ට තවත් කස්ටමර් කෙනෙක් විතරයි. නමුත් ඒ යන පුද්ගලයාට මුහුණ දෙන්න වෙන අත්දැකීම් ඊට වඩා භයානකයි. මේ වගේ කාලීන පුවත් අලලා කතා තව ලියන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ThanojNew MemberPosts:22 15 Jan 2017 08:23 PM Posted By malki on 15 Jan 2017 10:47 AM ලන්කාවෙ ජිව්ත වල එක් පෑත්තක් ගෑන ලිය වුන ඩුක හිතෙන කතාවක් ......තව ලියන්න .... Thanks යාළු.. ආයේ පසුව ලියන්නම් ThanojNew MemberPosts:22 15 Jan 2017 08:20 PM Posted By chamaramind on 14 Jan 2017 11:05 PM ලස්සන කතාවක්... Thanks මචෝ ThanojNew MemberPosts:22 15 Jan 2017 08:18 PM Posted By sha733 on 14 Jan 2017 09:56 PM ලස්සනට අකුරැ කරපු දුක හිතෙන කථාවක් නමුත් ලස්සනයි Thanks යාළු ThanojNew MemberPosts:22 15 Jan 2017 08:15 PM Posted By DanuLiyanage on 14 Jan 2017 09:19 PM අලුතෙන්ම වැඩ පටන් අරන් නියමයි . මම කතාව කියෙව්වා ඔයාගේ අදහස් ලස්සනයි ස්තුති අපි එක්ක ඔයාගේ කතා බෙදාගත්තට Thanqqq මචෝ malkiBasic MemberPosts:216 15 Jan 2017 10:47 AM ලන්කාවෙ ජිව්ත වල එක් පෑත්තක් ගෑන ලිය වුන ඩුක හිතෙන කතාවක් ......තව ලියන්න .... chamaramindMost Senior MemberPosts:13471 14 Jan 2017 11:05 PM ලස්සන කතාවක්... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... sha733Super Senior MemberPosts:7332 14 Jan 2017 09:56 PM ලස්සනට අකුරැ කරපු දුක හිතෙන කථාවක් නමුත් ලස්සනයි DanuLiyanageVeteran MemberPosts:3457 14 Jan 2017 09:19 PM අලුතෙන්ම වැඩ පටන් අරන් නියමයි . මම කතාව කියෙව්වා ඔයාගේ අදහස් ලස්සනයි ස්තුති අපි එක්ක ඔයාගේ කතා බෙදාගත්තට මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න ThanojNew MemberPosts:22 14 Jan 2017 01:46 PM #සැලකිය යුතුයි= හුදෙක් කෙටි කතාවක් ලිවීමට වඩා වැඩි දෙනෙකුගේ අවධානයට ලක් නොවන සමාජ අසාධාරණයක එක් පැතිකඩක් හුවා දැක්වීමේ අරමුණින් මා විසින් ලියන ලද්දකි. කියවා අවබෝධ කරගැනීම පාඨක ඔබට භාරකරමි# #අසාධාරණය# මෙ තුලින් කාටද අසාධාරණයක් වෙන්නෙ.? එය සිතිම ඔබට බාරයි රට සල්ලි "අඩෝ නැගිටපං බං... අද යන්නෙ නැද්ද?"මා අවදි වූයේ තරිඳු එසේ කෑමොර දීමෙනුත් මිනිත්තු පහකට පමණ පසුවයි. කොහු ගුලි වී තැනින් තැන වල ගැසුනු මෙට්ටයේ සැපට පින් සිදු වන්නට දිනපතා බෝඩිමේ අයිතිකාරයා ගැන පැහැදුනු සිතින් හා රිදුම් දෙන ගතින් යුතුව දවස අරඹන්නට අපට නොඅඩුව පින් පල දී තිබේ. බෝඩිමට ආ දවසේ පටන් ඉවසීම ප්‍රගුන කරන්නට මා ලද හැකියාවද අතිවිශිෂ්ටය. සුපුරුදු පරිදි බෝඩිමේ අයියාගේ හත්මුතු පරම්පරාව සිහි කරමින් නැගිටගත් මම නාන කාමරයට රිංගා ගතිමි. අවදි වූ විගස නාන කාමරය තුලට රිංගා ගැනීම තුලින්ද සිදු වන්නේ බෝඩිමේ අයියාටත් පවුලේ උදවියටත් කිවිසුම් යාම වැඩි වීම පමණි. කලු ගැසී දුර්වර්ණ වූ සින්ක් එකත් රැවුල කපා ගැනීමට තබා මුහුණ ආසාවට බලාගැනීමට නොහැකි තරම් පරණ වී අබලන් වී ගිය කණ්ණාඩියත් හිතේ අප්‍රසාදය තවත් වැඩි කරයි. ඇඟ සෝදාගැනීමට ගියත් නාගෙන එලියට ඒමට සිදු වූ අවසථා සම්බන්ධ අතීත අත්දැකීම් නිසා වතුර මලෙන් හැකිතාක් ඈතට වී දත් ටික මැද ගැනීමට මම වග බලා ගතිමි. මා මුහුණ සෝදාගෙන එලියට එන විටත් තරිඳු හැඳ පැළඳ සූදානම් වී මා අපේක්ෂාවෙන් බලා සිටී. වදනකුදු නොකීවද මට තරම්වත් ඔහුට මේ බෝඩිං ජීවිතය දිරවන්නේ නැත. කිසිඳු අඩු පාඩුවක් නොමැතිව සැප පහසුකම් මැද හැදී වැඩුණු ඔහුට මීට වඩා වැඩි මුදලක් ගෙවා හොඳ තත්ත්වයේ බෝඩිමකට යාමට හැකියාව තිබුණත් අප තිදෙනාගේ මිතුරු සමාගමය හැර යාමට ඇති අකමැත්ත නිසා අප සමඟම නවතින්නට තීරණය කළ අයුරු අදටත් සිහිවේ. මුල් දින වල මකුණෙක් දෂ්ට කල සැනින් සිරුර පුරා රත් පැහැ ලප හටගැනීමත් ඔහු ඒවා පිලිබඳව නිරන්තර මැසිවිලි නැඟීමත් දෛනික ජීවිතයේ සුලභ දසුනක් විය. එහෙත් දැන් මේ සියල්ල උපේක්ෂාවෙන් ඉවසීමට ඔහු පුරුදු වී සිටියි. බෝඩිමේ සැප පහසුකම් කෙසේ වෙතත් ගාස්තුවනම් සුපිරි පැළැන්තියට ආසන්නයේ පවතී. අප සිව් දෙනා යාන්තමට පිරිමසාගන්නා කාමර කෑල්ලට මාසික ගාස්තුව රුපියල් විසිදහසකි. අසාධාරණ ලෙස උපයන මුදල් යා නොදෙන බව අසා තිබුණද බෝඩිමේ අයියා දිනෙන් දින තව තවත් තිරිහන් වෙමින් ඉහෙන් බහින රෝගයක් හෝ නොමැතිව යෙහෙන් වැජඹීමම ඒ කතාව බොරුවක් බවට පත් කර හමාරය. තරිඳුවා විසින් අයන් කර තිබූ ඇඳුම ඇඳගත් මා හනිහනික කොණ්ඩයේ ජෙල් ටිකක් උලා සකසා ගෙන තරිඳුගේ සෙන්ට් බෝතලයෙන්ම ටිකක් ඇඟට හලා ගෙන එලියට බැස්සේ තවත් පමා වීමෙන් තරිඳුවාගෙ ඉවසීම නැතිවන බව දන්නා නිසාවෙනි. "මොන පීචං වැඩක්ද බං මේක.. සිරාවට උඹට තෝරගන්න වෙන ෆීල්ඩ් එකක් තිබ්බෙම නැද්ද බං මේ කෙහෙල්මලට.. බලපන් උදේ ඉඳන් ගිහින් අර වීදුරු කාමරේ පුටුව රත් කර කර ඔහේ ඉන්නව. ඒකත් කමක් නෑ කියමුකො අර පඩත්තර හාල් ගෝනි වල ලොකු ලයින් බලනෙකනෙ කාල ඉන්න බැරි.."මා සුපුරුදු මැසිවිලි නැඟීම ආරම්භ කලේ තානාපති කාර්යාලයට හැරෙන පටුමඟට පිවිසෙනවාත් සමඟය. වෙනදාට තරිඳු කට කොනකින් හිනාවී අනේ මේ යමං යමං කියනු විනා කිසිවක් නොකියන බැවින් මෙය හුදෙක් මගේ තනි දෙබසක් වී තිබුනි. එහෙත් අද තරිඳු මා දෙස නොපහන් බැල්මක් හෙලූ අයුරින්ම කට වරද්දාගත් බව ඉවෙන් මෙන් වැටහුනත් පරක්කු වැඩිය. "ගැමා මේ.. උඹ මගෙන් මොනවත් අහගන්නෙපා. තොපි එකෙක්වත් මට අඩු තරමෙ අයිස් ක්‍රීම් විකුනමු කියලවත් අයිඩියා එකක් දුන්නද නෑනෙ.. තරියා උඹ ඩිසයිඩ් කරපන්. උඹේ අයිඩියා මරු. අපි උඹ කියන එකට එක පයින් කැමතියි.. කෝ දැන් උඹලගෙ ඒ කතා..? කටවහගෙන යමන් තව මොනවත් අහගන්නෙ නැතුව.." තවදුරටත් කට ඇරීම ශරීර සෞඛ්‍යයට අහිතකර විය හැකි නිසා මම නිහඬවම තරියා සමඟ කාර්යාලයට ඇවිද ගියෙමි. වෙලාව උදෑසන 8.25ට ආසන්නය. අපට නියමිත පුටු රත් කිරීමේ රාජකාරිය අරඹන්නට තව මිනිත්තු පහකට වැඩි කාලයක් ඉතිරිව ඇති බැවින් මම සුපුරුදු පරිදි ජනේලය අසලට ගොස් පිටත බලා සිටින්නට වීමි. විවිධ තරාතිරම් වලට අයත් මිනිසුන් දිනපතා මෙතැනට පැමිනෙයි. ඉන් නිර්ධන පන්තිය කාර්යාලය ඉදිරිපස පෝලිමේ කීය වෙනතුරු හෝ තම අවස්ථාව ලැබෙන තුරු පෝලිමේ බලාසිටින අතර යමක් කමක් ඇති තත්ත්වයෙන් නිලයෙන් ඉහල උදවිය විශේෂ වරප්‍රසාද සහිතව පැමිණි කාර්ය නිම කරගෙන පිටව යති. මුදල් නිල බලය හා සමාජ තත්තවය යන ඒවා ජීවිත වලට කොයිතරම් බලපෑමක් කරනවාද යන්න මෙහි ආ දා පටන් මා විසින් වඩා හොඳින් තේරුම් ගනිමින් සිටියේය. ගිලී සිටි කල්පනාවෙන් මා පියවි ලොවට පිවිසුනේ තරිඳු රැගෙන ආ ලිපිගොනු ගොඩ දඩාස් හඬින් මේසය උඩට අතාරින හඬිනි. 8.35 පමණ වන විට මා ඉහත සඳහන් කල බඩ තඩි හාල් ගෝනි දෙක පැමිණ ආසනාරූඪ වූයෙන් එතැන් සිට දවසේ රාජකාරිය ඇරඹීමු. පෝලිමේ සිටියවුන්ගෙන් එකා දෙන්නා ඇතුලට පැමිනෙන්නට විය. බොහෝ විට එතැනදී සිදු වූයේ අර මිස් ගාවට යන්න කියමින් වෙනත් කෙනෙකුට ඒ මිනිසුන් යොමු කිරීම පමණි. ඉඳහිට දෙතුන් දෙනෙකු සමඟ අදාල නිලධාරීන් කතා බහ කරමින් ඔවුන්ගේ ගැටලු වලට කන් දීම සිදුවේ. අපේ කටයුත්තට එය ප්‍රමාණවත් නොවන බැවින් දවසේ වැඩි වේලාවක් අප දෙදෙනාගෙන් කෙනෙකුට "අර මිස්" ගාවට ගොස් මිනිසුන් ඉදිරිපත් කරන ගැටලු වලට කන් දීමට නිරන්තරයෙන් ම සිදු විය. බොහෝ දෙනා පැමිණ එකම පැමිනිල්ල ඉදිරිපත් කරන බැවින් මේ රාජකාරිය මේ තුන් දවසට අපට නීරස වී තිබුණි. එහෙත් මේ කියන දිනයේ අනපේක්ෂිත අයුරින් සිදු වූ සිදුවීමක් දෙස අප කාගේත් අවධානය යොමු වූයේ නිතැතිනි. ඔහු පෙනුමෙන් වයස 40ක් පමණ වූ පිරිමියෙකි. අලු පැහැති දිය වී ගිය කමිසයකින් හා අවපැහැ ගැන්වුණු සරමකින්ද ගෙවී ගිය පරණ රබර් සෙරෙප්පු දෙකකින්ද සැරසී සිටි කේඩෑරී වී ගිය දිරාපත් සිරුරකින් හෙබි ඔහු එක්කෝ තදින්ම සුරාවට ඇබ්බැහි වූවෙකි. එසේත් නැතිනම් රෝගියෙක් බව බැලු බැල්මට නිගමනය කල හැකිය. බඩ තඩියා විසින් පෙන් වූ "අර මිස්" අසල ඔහු මහ හඬින් හඬා වැටෙමින් සිටී. අතේ දුර්වර්ණ වී ගිය කොල කැබැල්ලකි. තවත් මොනවාදෝ කඩදාසි වගයක් සහිත පරණ ටියුලිප් බෑග් එකක් අනිත් අතේ ඇඟිලි අතර හිරවී ඇත. "අනේ නෝනේ ගියා ගියාමයි මේ ගෑනි ගැන කිසි ආරංචියක් නෑ නෝනේ.. "ඔහු හඬමින් කියයි. තව ටික වේලාවක් හඬමින් මොන මොනවාදෝ කී ඔහු "අර මිස්" ඇසූ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දී පිටි අත්ලෙන් කඳුලු පිස දමමින් යන්නට සැරසුණේත් තරිඳු මගේ මුහුණ දෙස බැලුවේත් එකවිටය. තරිඳුගේ අදහස වැටහුණෙන් මමද හිස වනා එය අනුමත කලෙමි. එවිටම තරිඳු, "අනෝමා මිස්.. ඔය මහත්තයව පොඩ්ඩක් මෙතෙන්ට එවන්නකො.."තරමක් උස් හඬින් අර මිස්ට කතා කර කීවේය. එයට හිස වනා හිනාවකින් තරිඳුට සංග්‍රහ කර ඇය අර මිනිසාට යමක් පවසා අප දෙසට අත දිගු කලෙන් ඔහු හැරී අප අසලට පැමිනියේය. ඉතා අහිංසක පෙනුමකින් යුතු මේ මිනිසාගේ මුහුණ මහා දුකකින් විරූපී වී ඇති සෙයකි. "උන්නැහේගෙ නෝනා සවුදි රටේ වැඩට ගිහින් දැන් කොච්චර කල්ද?" තරිඳු කට හඬ අවදි කලේය. "දැන් පෝය හත අටක් වෙනව මහත්තයෝ.."මිනිසා මේසය අසල හිටගෙනම පිලිතුරු දුන්නේය. වාඩිවෙන්නැයි මා ඔහුට අතින් සංඥා කලෙන් ඔහු යාන්තමට පුටුවේ කොනකට වන්නට ඉඳගත්තේ හිතේ අවිනිශ්චිතතාවය නිසා වන්නට ඇත. "හොඳයි මේ උන්නැහේගෙ නම කියමු බලන්න.."තරිඳු ඉතා පැහැදිලිව සුහදිශීලීව විමසයි. "සිරිපාල.." "සිරිපාල රස්සාවක් කරනවද?" "කුලී වැඩ කරා මහත්තයෝ කාලයක්. පස්සෙන් පහු මට කාසෙ හැදිල පපුවෙ මහන්සිය ඇවිත් වැඩක් පලක් කරන්න බෑ දැන්. ඒකයි මයෙ ගෑනිට රට යන්න උනේ.." "දරු මල්ලො ඉන්නවද?" "ළමයි දෙන්නෙක් ඉන්නව මහත්තයෝ. ලොකු කෙල්ලට අවුරුදු හය පිරුනෙ ගිය මාසෙ විසි වෙනිදට. අනිත් එකා කොලු පැටියෙක්. ඌට අවුරුදු දෙකයි තාම." සිරිපාල කියාගෙන යයි. "නෝන ගියාට පස්සෙ ලියුම කීයක් විතර එව්වද?" "මේං මේ කරදහි දෙක විතරයි මහත්තයෝ. ගෑනිට ලියන්න කියන්න බෑ. ඒජන්සියෙ මහත්තයෙක් තමයි මේක ලියන්න කියා දීල යැව්වෙත්." මම ලියුම් දෙක අතට ගෙන බැලීමි. "මම හොඳින් ඉන්නව" කුඩා දරුවෙකුගේ වැනි අත් අකුරින් එපමණක් එකක සටහන් වූ අතර අනිකෙහි වූයේ දුරකථන අංකයකි. "මේ අංකෙට කතා කරාද සිරිපාල නෝනට.." "එක දොහක් හැන්දෑවෙ ගෑනි පුංචි මහත්තයලෑ ගෙදර ටෙලිපෝන් එකට කතා කරල තිබුන. ඊට පස්සෙ දා හවස් වරුවෙ මං කෙල්ලත් එක්ක ගිහින් කතා කොලා මේ නොම්මරේට. එදා විතරයි මහත්තයෝ. ඊට පස්සෙ මං ගියහම පුංචි මහත්තයගෙ නෝනා කිව්ව මේ නොම්මරේට ගත්තහම වෙන කවුද ඉන්ගිරිසියෙන් කතා කරල මගෙ ගෑනි එහෙ නෑ කියනවලු. පුංචි මහත්තය තමයි මට කිව්වෙ මෙහාට ඇවිත් කියන්න කියල. මං කීප දොහක්ම ආවත් කාරණාව කියන්න හම්බුනේ නෑ මහත්තයෝ.." සිරිපාල ඒ සෑම වචනයක්ම පවසන්නේ හැඬුම්බර කටහඬිනි. "නෝනව රට ඇරපු ඒජන්සියේ නම දන්නවද?" ඊට පිලිතුරක් නොදුන් සිරිපාල ටියුලිප් බෑගයෙන් ඇදගත් තවත් කඩදාසියක් තරිඳු වෙත පෑවේය. තරිඳු එහි සඳහන් ලිපිනය පොතේ සටහන් කරගෙන සිරිපාලගේ නිවසේ ලිපිනයද අසා ලියාගත්තේය. "හොඳයි එහෙනම් සිරිපාල ගිහින් එන්න. අපි මේ ගැන හොයන්නම්.." තරිඳු එසේ පවසා සිරිපාල පිටත් කර හැරියේය. මම මේ අසරණ මිනිසා පිටව යන හැටි ඔහේ බලා උන්නෙමි. ** පසුදින පාන්දරම ඊයේ තානාපති කාර්යාලයෙන් ලබාගත් විශේෂ අවසර පත්‍රයත් අතැතිව අප දෙදෙනා පාරට පිවිසුනේ නුගේගොඩ ප්‍රදේශයේ ඇතැයි සඳහන් සිරිපාලගෙ බිරිඳ විදේශගත කරන ලද ඒජන්සියට යාමේ අපේක්ෂාවෙනි. අප එහි ළඟාවන විටත් රට යන්නට අපේක්ෂාවෙන් පැමිනි විවිධ ප්‍රදේශ වල කාන්තාවන්ගෙන් මෙන්ම පිරිමින්ගෙන්ද එම ස්ථානය පිරී පැවතුනි. අප දෙදෙනා සිරිපාලගේ බිරිඳ වන ශ්‍රියානි රටයැවීමට මැදිහත් වූ නිළධාරියා මුණ ගැසුණේ ඔහු සමඟ ශ්‍රියානි සම්බන්ධයෙන් කතා කිරීමේ අරමුණෙනි. අප අසන ලද ප්‍රශ්න වලට ඔහු ඔනෑවට එපාවට පිලිතුරු දීම නිසා මගේ ඉවසීමේ සීමාව ඉක්මවමින් තිබුණි. එතෙක් තානාපති කාර්යාලයෙන් ලද ලිපිය අප විසින් ඉදිරිපත් නොකල අතර අප කතා කලේ පෞද්ගලිකව ඇය වෙනුවෙන් ඉදිරිපත් වන්නන් මෙනි. ඔහුගේ පිලිතුරු දීමේ රටාව තව දුරටත් ඉවසිය නොහැකි බැවින්, "මේ මිස්ට.. අපි සෞදි අරාබි තානාපති කාර්යාලයෙන්. අහන ප්‍රශ්න වලට හරියට උත්තර දෙනව. මේක සෙල්ලමක් නෙවෙයි." කියමින් තරිඳු එතෙක් අතේ තබාගෙන සිටි ලිපිය උදුරා නිළදාරියා වෙතට විසි කලෙමි. ඉන් ඔහු තරමක් තැති ගැනුනු බව පෙනුනු අතර ඉන් පසුව සැලකිල්ලෙන් පිලිතුරු දෙන්නට විය. අප ශ්‍රියානිව විදේශගත කිරීමට අදාල ලිපිගොනු ඉල්ලා සිටි අවස්ථාවේ තරමක් අදි මදි කලද අප නීතිමය අවසරය සහිතව පැමිණ සිටින බැවින් ඔහුට කර කියාගත හැකි කිසිවක් නොවීය. ඉතා වංචාසහගත ලෙස වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් අහිංසක කාන්තාවන් කී දෙනෙක්නම් මෙලෙස විදේශයන්හි ගැතිකම් කරන්නට යවනවාදැයි මට සිතුනේ ශ්‍රියානිගේ ලිපි ගොනු පරීක්ෂා කිරීමේදීය. අදාල ලිපිගොනු සියල්ල මෙන්ම වෙනත් අවශ්‍ය වන සාක්ෂි ලෙස ගත හැකි ලියකියවිලි සටහන් කිහිපයක් සොයාගත් අප මේ පිළිබඳව නීතිමය පියවර ගන්නා බව පවසමින් ඒජන්සියෙන් පිටවූයේ ඉන් එහා කිසිවක් කිරීමට අපට අවසර නොමැති බැවිනි. අදාල තොරතුරු තානාපති කාර්යාලයට භාරදීමෙන් පසුව සියල්ල හොඳින් සිදුවනු ඇතැයි හිත හදාගත්තත් සිරිපාලගේ අහිංසක මුහුණ මා ඉදිරියේ අන් සියල්ල පරයා මැවී පෙනෙන්නට විය. "තරියා.. රිසර්ච් එක තව සතියකින් ඉවරයි නේද බං.. අපි සෙනසුරාදා පොඩි ගමනක් යමුද?" යන්නේ කොහෙදවත් නොඅසාම තරිඳු ගමන අනුමත කිරීම මගේ හිතට සැනසීමක් විය. ** සෙනසුරාදා උදෑසනම විජේරාම හන්දියෙන් 138ක නැගගත් අපි පාන්දර 6 වන්නටත් ප්‍රථම කොටුවට ළඟා වීමු. උදෑසන 5.55ට කොටුවෙන් පිටත් වන නුවර කෝච්චියට නැගගත්තේ කුරුණෑගල යාමටයි. අප කුරුණෑගලින් බහිද්දී හිරු මුදුන් වෙන්නට පටන් ගෙන තිබිණ. වෙහෙසකර ගමනකින් අනතුරුව කුරුණෑගලින් බොහෝ ඈතට වන්නට තිබෙන පිටිසර ගමක වූ සිරිපාලගේ නිවස සොයාගන්නට අපට හැකිවිය. නිවසක්දැයි සිතිය නොහැකි තරමට අබලන් වූ පැල්පතකි එය. දුර්වර්ණ වූ ඉරී ගිය යන්තම් විලි වැහෙන දනිහ තරම්වත් දික් නොවූ ගවුම් කඩමාල්ලකින් සැරසුණු කුඩා දැරියක් අප එනු දැක ගෙතුලට දිවූ අතර වයස අවුරුදු දෙකක් යැයි සිරිපාල පැවසුවද ඉතා කුඩා කේඩෑරී ගැහුනු කොලු පැටියෙක් ගෙමිදුලේ හිඳගෙන අප දුටු සැනින් හඬන්නට විය. ඒ හඬට ගෙයින් පිටතට ආ සිරිපාල දරුවා අතට ගෙන සනසවමින් අප දෙස බලා හිස නමා එන්න මහත්තයෝ යැයි ඉතා අහිංසක ලෙස පැවසීය. බිරිඳ ගැන කිසියම් තොරතුරක් අප ගෙන එන්නට ඇතැයි සිතුනු නිසාවෙන්දෝ ඔහුගේ දෑසේ බලාපොරොත්තුවක සේයාවක් දැල්වෙනු මට අහම්බෙන් දැක ගන්නට ලැබුණි. "නෝනගෙන් ලියුමක් ආවෙ නැද්ද සිරිපාල ආයෙත්.."මම අපි ගෙනා රසකැවිලි කිහිපයක් සහිත බෑගය කුඩා දියණියට දිගු කරන ගමන් විමසුවෙමි. දැරිය ලැජ්ජාවෙන් පියාගෙ පසුපස සැඟවී ගත්තේ රසකැවිලි මල්ල මගේ අතින් උදුරාගනිමිනි. "ඔහෙ නෑ මහත්තයෝ.. මට මේ පැටව් දෙන්න දාල කුලියක් කරගන්නවත් යන්න හැටියක් නෑ මහත්තයෝ. පුංචි මහත්තය ඊයෙ හැන්දෑවේ හාල් සේරුවක් එවල තිබුණයින් උදේට මුන් දෙන්නට කැඳ ඩිංගක් හදල දුන්න. කී දවසක් කැඳ වතුරෙන් මුන් දෙන්නව රකින්නද මහත්තයෝ. පව් මගෙ පැටව් දෙන්නා අපාදුක් විඳිනව. වෙලාවකට හිතෙනව මුන් දෙන්නටත් වහ ටිකක් කවල මාත් කාල මැරිල යන්න මහත්තයෝ.. ඒ අපරාදෙ කරන්නත් බෑ මේ මූණු දිහා බලාගෙන. අනේ දෙයියනේ මේ පව්කාර ජීවිත දෙයියන්ටවත් පේන් නෑ මහත්තයෝ.." කිසිඳු පිරිමියෙක් මේ අයුරින් හඬා වැටෙනු මින් පෙර මා දැක නැත. සිය පුතුගේ මුහුණ වරින් වර සිඹිමින් ඔහු හඬා වැටෙන්නේ ගැහැණියක්වත් නොහඬන අයුරිනි. දෙවියන් සිටීනම් ඒජන්සියේ හොරජාවාරම් කාරයන්ට සාප දෙන්නට මේ කඳුලු පමණක්ම සෑහෙනු ඇත. අකුරක් ලියාගන්නටවත් නොදන්නා අහිංසක ගැහැණියක් රවටා වෙන අයෙකුගේ තොරතුරු සඳහන් කර රට යවා අහිංසක ජීවිත හතරක් සමඟ ඒජන්සී කාරයා විසින් කර ඇත්තේ අමන සෙල්ලමකි. මුදලට කෑදරකමින් අහිංසක ජීවිත බිල්ලට දීම තරම් සාහසික අපරාදයක් කරන්නට තරම් මිනිස් සිත් කුරිරු වූයේ කෙසේදැයි සිතාගන්නටවත් නොහැකිය. කෙසේ හෝ මේ අසරණ මිනිසාට යුක්තිය ඉටු කරදීමට අදිටන් කරගත් අප නිවසින් නික්මුනේ සන්තකටම තිබූ රුපියල් එක්දහස් පන්සීයෙන් දාහක් සිරිපාල අත තැබීමෙන් අනතුරුවයි. ** ඊ ළඟ සඳුදා අදාල නිළධාරියා තානාපති කාර්යාලයට කැඳවා තිබූ අතර එදින ඔහුට විරුද්ධව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිනිලි කරන බව තානාපති කාර්යාලයේ නීති නිළධාරියා විසින් අප සමඟ පවසන ලදී. දෙසතියක් එලෙස ඉක්මගියද සිරිපාලගේ නඩුව සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නොලද නිසා අපි නැවතත් ඒ පිලිබඳව විමසීමට තානාපති කාර්යාලයට ගියෙමු. ඒ වන විට අපගේ රිසර්ච් එක අවසන් කර තිබුණත් මේ සිද්ධිය බැහැර කිරීමට සිත් නොදුන් නිසා එලෙස යාමට තීරණය කලෙමු. "ඒ ගැන කතා කරල වැඩක් නෑ මිස්ට තරිඳු. අර මුස්ලිම් ඒජන්සි කාරයා ඔය හොර ජාවාරම කරන්නෙ ඇමතිල දෙතුන් දෙනෙක්ගෙ උදව්වෙන්. අපිට කරන්න පුලුවන් කිසි දෙයක් නෑ." අනෝමා මිස් අප සමඟ පැවසුවේ කලකිරුණු ස්වභාවයෙනි. "නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ නේද මිස්.." කියාගෙන මා තරිඳුත් සමඟ නැගී සිටියේ තවදුරටත් එහි රැඳීමෙන් පලක් නොවන නිසාවෙනි. ** විශ්ව විද්‍යාලයෙන් නික්මී මා රැකියාවට බැඳී මාස කිහිපයක් ගත විය. හදිසියේ දිනක් රාජකාරී කටයුත්තක් සඳහා යන අතරතුර කුරුණෑගල පසු කරද්දී මට සිරිපාල සිහි විය. "පව් අහිංසක මනුස්සය. මොනව කරනවද දන්නෙ නෑ..එන ගමන් බලල එන්න ඕනෑ.." මා සිරිපාලගේ නිවසට යන විට හවස හතර පමණ වන්නට ඇත. පෙර දින පැමිණෙද්දී සිටි කුඩා දැරිය යැයි සිතිය හැකි දැරියක් පමණටත් වඩා බර වතුර කලයක් ඔසවාගෙන අමාරුවෙන් ගේ දෙසට එමින් සිටියාය. සැරපරුෂ කටහඬකින් කුඩා දරුවෙකුට බැන වදින හඬක් ගෙතුලින් ඇසේ. "ශ්‍රියානි ඇවිල්ලවත්දැයි සිතුණෙන් මම කාරයෙන් බැස ගේ දෙසට ගියෙමි. මා දුටු දැරිය ගෙතුලට ගොස් කාන්තාවක් කැඳවාගෙන ආවාය. "උඹ පලයන් ගේ ඇතුලට. ගිහින් අර කොලුවගෙ ඇඟ හෝදපන්. මඩ කරියා වගේ හැටි විතරක්. ඉදකින්.."මා සිටි වගක්වත් නොහිතා ඇය දැරියට බැණ වැදුනෙන් මැයනම් යක්ෂනියකැයි සිතිනි. "කවුරු හම්බෙන්නද මහත්තය.." කිසිඳු සුහදශීලී ගතියකින් තොරව ඇය මගෙන් විමසීය. "කෝ සිරිපාල.." "ඔය කොහෙ හරි කසිප්පු වාඩියක වැටිල ඇති මහත්තය. මහ එකයි පැටවු දෙන්නයි සේරම එකයි. ගෑනි රට ගිහින් ආගිය අතේ නෑ. ලමයි දෙන්න බලන්න එකෙක් නෑ කියල මගෙ ලඟ ඇවිත් කනපින්දන් කියද්දි පව් හන්දා මාත් මේ මිනිහ එක්ක එන්න කැමති උනා. මුන් ලමයි නෙවෙයි යක් පැටව්. අනේ මට වෙච්ච දෙයක්.." එවිටම වාගේ සිරිපාලගේ කුඩා පුතු හඬාගෙන අප සිටි තැනට පැමිනියේය. දරුවාගේ ඇඟ පුරා පහර දීමෙන් ඇති වීයැයි සිතිය හැකි තුවාල සීරීම් කැලැල් රැසක් මගේ නෙතට හසු විය. "මොකද බෙරිහන් දෙන්නෙ.. තොපි දෙන්නට අද මම...."කියමින් කොලු පැටියාගේ අතින් ඇදගෙන ඇය ගෙතුලට ගියාය. තවත් එතැන සිටීමට නොහැකි බැවින් මම පෙරළා නිවසට පැමිනීමට කාරයට ගොඩ වීමි. සවස් වරුවේ සිදු වූ සියල්ල නිවසට ගිය පසුත් එකින් එක මැවෙමින් මට කරදර කරන්නට විය. මා කාමරයට වැදී ඇඳෙහි දිගා වූයේ ටිකක් නිදාගන්නටය. නින්ද ලඟාවන තුරු මම උඩුබැලිව සිවිලිම දෙස ඔහේ බලා උන්නෙමි. ප්‍රමාණයෙන් කුඩා හූනෙක් බොහෝ වේලාවක් වෙහෙසී කුඩා සතෙකු දඩයම් කරගත්තේය. එසැණින් ඒ අසලට පැමිනි තඩි හූනෙක් උගේ ගොදුර බලහත්කාරයෙන් ඩැහැගෙන යන්නට ගියේය. මට යලිත් සිරිපාලත් දරුවන් දෙදෙනාත් ශ්‍රියානිත් ඒජන්සිකාරයාත් සිහිවූයෙ නිතැතිනි. නිමි තනෝජ් විසින් අකුරු කරන ලදි ThanojNew MemberPosts:22 14 Jan 2017 01:30 PM ThanojNew MemberPosts:22 14 Jan 2017 01:18 PM මම විසින් ලියන ලද කෙටි කතා ඉද හිට මම දාන්නම්.. ඔයාලගේ අදහස් මට කෙටි කතා කියවා කමෙන්ට් කරන්න.. එය කෙටි කලා ලිවිමට මට රුකුලක් වේයි.