Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: කැඳැලී කරා..(කඳුලත් සැනසුමත්-02.) Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: කැඳැලී කරා..(කඳුලත් සැනසුමත්-02.) Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review DushanVeteran MemberPosts:2536 24 Apr 2017 02:23 AM ස්තුති මේ කොටසටත් samanthaMost Senior MemberPosts:13190 23 Apr 2017 09:03 PM බොහොමත්ම ස්තූතියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! Ind007kaMost Senior MemberPosts:12931 23 Apr 2017 07:38 PM සදුනි නග අයෙත් වැඩෙට බැහැල වගෙ ..එල එල First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... සඳුනිVeteran MemberPosts:2462 23 Apr 2017 07:14 PM කැඳැලි කරා. (කදුලත් සැනසුමක්-2) 08- වන කොටස. ‘‘කොහෙද ශානු අයියේ...‘‘ මම වාඩි වෙලා හිටි තැනින් ඉබේටම නැගිට්ටා ‘‘නාන්න....‘‘ ‘‘අනේ... මම මේ හිතුවා වෙන විෂේශ ගමනක් කියලා.‘‘ ශානු අයියට හොදටම හිනා..ගේ ළඟ තිබුණ ලිඳේ වතුර අඩු නිසා අපි ගියා තේ වත්ත කෙලවර තියෙන වෙන ලිඳකට.කටින් උතුරා යන තරමට නිල් කැටේ වගේ වතුර .ඒ මදිවට මාරම සිතලයි. ගිණි අව්වේ නෑවත් මාරම සනීපයි. ශානු අයියලාගේ කිරි අම්මට දැන් හරිම වයසයි. ඇවිදින්නත් අමාරුයි. අපි නැතිවම තනියෙම යන්න බැරි නිසා අපි කිරි අම්මාවත් එක්කගෙන ගිහින් නාගෙන ආවා. මම තුතිත්තිරි පිරිච්ච ඇදුමත් හොදලා වැලට දාලා ආවේ පහුවදාට අදින්න හිතාන. ..................................................................................................... කාලය ඉගිලා යද්දී මම හැමදාමත් ශානු අයියා එක්ක කිරි කට්ටියට ගියේ පුරුද්දට වගේ.. මට ඉතිං කරන්න වැඩක් නෑ ..ශානු අයියාගේ පාළු මකන්න හිතාන එයාගේ පස්සෙන්ම කිරි කට්ටිය පුරාම ඇවිද්දා. ඇත්තට කිව්වොත් හද්ද කැලෑව. කැකිල්ල වැවිලා හැමතැනම .. රබර් ගස් පේළි අතර තිබුණ කාණු කැකිල්ල විලින් වැහැලා ගිහින්. වැටුනොක් එහෙම ඇඟම පතුරු ගහන් තමා ගොඩ එන්න වෙන්නේ. ගහ දිගේ නගිනවා වගේ කෙළින් කන්ද. මට ඒවයි අපහසුවක් දැනුනේ නෑ. ශානු අයියාගේ ළඟටම වෙලා දවස ගෙවන්නයි මට ඕනේ. සමහර වෙලාවට වැල්වල උල් වල පැටලිලා මම වැටෙනවා ..ඒත් මං ශානු අයියාට කියන්නේ නෑ. ගෙදර ආවම හරිම මහන්සී. අතපය සේරම රිදෙනවා. සුදු අම්මත් හැමදාම බනිනවා නොයා ඉන්න කියලා. මම හැමදාම රෑට කෙදිරිඟානවලු. කකුල් දෙක පුරාම සීරීම් තුවාල. මට ඒවයි වේදනාව ගැන ගානක් නෑ. මට ඕනේ ජීවතේ කටුක බව වුණත් සමබර කර ගන්න . ශානු අයියා තනියෙන් දුක් විදිනවට මම කැමති නෑ.ශානු අයියා එපා කිව්වත් මම ඒකයි පස්සෙන් යන්නේ. ශානු අයියාගෙන් කිරි පිහිය ඉල්ලගෙන මම ගහක දෙකක කිරිත් කපන්න පුරුදු වුණා. මම ටිකක් විතර කිරි කපන්න දන්නවා. අපේ වත්තෙතේ ඉස්සර රබර් තිබුනේ .මම එතකොට ඉතිං ගස් පතුරු ගහලා තියේ... දැනුත් එහෙම තමා. වැඩි වෙනසක් නෑ... ශානු අයියා බනිනවා මම රබර් ගස්වලට තුවාල කරනවලු.. එතකොට ගස් තැම්බෙනවලු.. කොහොම හරි මම කිරි කපන්නත් පුරුදු වුණා පොරකාලා මටත් කිරි පිහියක් ඉල්ලගෙන මමත් කිරි කපන්න පටන් ගත්තා. දැන් නම් පොඩ්ඩක් වත් කම්මැලි නෑ. කිරි කපන එක හරිම විනෝදයි මට නම්. කිරි පිහියෙන් පොත්තක් යැව්වම කිරි උණාගෙන එනවා . හරියට ආස හිතෙනවා. ඊට පස්සේ පොල්කටුවට කිරි පාර හදන්න ඕනේ. මට ගහක වැඩ ඉවර කරන්න සෑහෙන වෙලා යනවා. ශානු අයියලා තරම් වේගෙන් කපන්න බෑ.ඒත් ශානු අයියා මගේ ආසාව හින්දම මට සමහර රබර් ගස් පේලී භාර දෙනවා කපන්න. ‘‘දූව කොහොම හරි වැඩේ අල්ල ගත්තා නේද?‘‘ දවසක් මම කිරි කපන දිහා බලන් හිටිය මාමා කිව්වා. මම හිනා වෙලා නිකන් හිටියේ වැඩිය ආඩම්බර වෙන්න හොද නෑ කියලා හිතලා. ඇත්තට මොන වැඩේ වුනත් මම ඉක්මණට අල්ල ගන්නවා. ඒ මගේ හැටිය. ‘‘කොයි දේ උණත් පුරුදු වෙන එක හොඳ පුරුද්දක්. ජීවිතේට මොන මොන කාල එයිද කියලා අපිට හිතන්න බෑනේ.‘‘ ‘‘ඒක ඇත්ත මාමේ.. මම හරි ආසයි කිරි කපන්න..‘‘ මම හිනා වෙලා කියලා හිත යටින් මං ගැනම සතුටු වුණා. දැන් මම කිරි වක්කරලා මැසින් එකට අල්ලන තැනටත් යනවා . මට මේ වැඩ අළුත් නෑ. මම හිටියේ ගමක නිසා කරලා නැති වුනත් දැකලා අත්විදාලා තියෙනවා. මැෂින් එක ඇල්ලුවාම තමා මරු. රෝල කරකද්දී අනිත් පැත්තෙන් රබර් ශීට් එක එළියට එන්නේ ලස්සන කතිර කතිර රටාවකුත් එක්ක.. පස්සේ ඒ රබර් සීට්වල ලකුණක් ගහලා දුං ගෙයි වනලා අපි ආපහු එනවා. දුං ගේ කියන්නේ රබර් ශිට් වෙලන තැන. දර දලා ගින්දර දාලා උඩ වනලා තියෙන රබර් ශිට් වලට දුං ගහනවා. ඒ වැඩේට වෙනම කෙනෙක් ඉන්නවා. සේරම වැඩ දොළහා කිට්ටු වෙද්දී ඉවර කරළා නාලා කලා ගෙදර එනවා. සමහර දාට මහන්සියට නාන්නෙත් නැතුව පැය කීපයක් මාමලෑ ගෙයි සීතල සිමින්ති පොළවේ ගුලි වෙලා නිදා ගන්නා. පුදුම සනීපයක් ඒ සිමින්ති පොළොවේ නිදා ගන්න එකේ තියෙන්නේ. ශානු අයියයි මායි කිරි කපලා ඉවර කරලා නිදහසේ හිටියට මාමා නම් දවසම වැඩ. කිරි කපලා හවස් වරුවට එයා තේ දළු කඩන්න යනවා. ඔය මොන තරම් හම්බකරත් මාමට ඇති ඉතුරුවක් නෑ. මම අයියට කිව්වේ මාමාගේ පොතකට කීයක් හරි දාන්න.. අසනීපයක් වුණාම අපි අතෙත් ඉතුරු කරපු සල්ලියක් නෑනේ කියලා. ‘‘වැඩක් නෑ සුදු මැණික.. මාමාගේ හිත උණු වෙනවා වැඩී..අම්මයි නංගී ඇවිත් චුරු චුරු ගාපු ගමන් මෙයා සල්ලි ටික එයාලට දෙනවා. ඒ ගිහිල්ලත් ඉගෙන ගන්න වියඳම් කරනවා නම් කමක් නෑ ..එක එක විච්චුරන වලට වියදම් කරනවා.‘‘ ශානු අයියයි මම සිමින්ති පොළෙවේ දිගාවෙලා සනීපෙට ඉන්න ගමන් උණුසුම් කතාවක් පටන් ගත්තා. මාමා කාලා එහෙම දළු කඩන්න කියලා ගිහින්.. ‘‘ඒත් අයියේ කොහොම හරි මමාව කැමති කර ගන්න.‘‘ ‘‘ඉස්සරත් ඕකමනේ වුණේ. අම්මායි තාත්තයි මට පංති ගාස්තු ගෙවන්න සල්ලී දුන්නේ නෑ. මම මාමගෙන් ඉල්ල ගන්න එද්දී අම්මලා මට කලින් ඇවිල් ඒ සල්ලිත් ඉල්ලගෙන ගිහින්. ඔයාට ක්ලාස් යනවා කියලා බොරු කියලා මම ක්ලාස් දවසට, පොන් එක දවසම ඕප් කරන් ඉන්නවා. නැත්තම් ඔයා බයිනවානේ...‘‘ ඇත්තටම මට ශානු අයියා ගැන දුකයි .මම ශානු අයියාගේ පැත්ත හැරිලා කදුළු පිරුණු ඇස් දෙක දිහා බලන් හිටියා. ඇස් දෙකම බොඳ වෙලා. අමාරුවෙන් ඒ කදුළු හංග ගන්න ශානු අයියා උත්සහ කරනවා. ‘‘අනේ ඕවා ආයි කල්පනා කරන්න එපා ශානු අයියේ...‘‘ මම ශානු අයියගේ කම්බුලක් සිනිදුවට අතගාන ගමන් ආදරෙන් කිව්වා. ‘‘ඒත් මට දැන් ඒවා අමතක කරන්න බෑ සුදු මැණික. බලන්න චේන් එකට කරපු එක.. මොන තරම් අසාධාරණද?... මම එයාලගේ ළමෙක් නෙමෙයිද කියලා මට වෙලාවකට හිතෙනවා.‘‘ මගේ අතින් අල්ල ගත්තු ශානු අයියා තවත් කියන්න වුණා. ‘‘හැමදාම කලේ මට වෙනස් කම් කරපු එක. මම පාඩම් කරේම නෑ සුදු මැණීක .. ඔයාට පාඩම් කරනවා කියලා පොරොන්දු වෙලා පාඩම් කරන්න ඉදගත්තම මට මතක් වෙන්නේ මට කරන ඒවා. මම දමලා ගහලා යනවා යාළුවෙක්ගේ ගෙදරක... දවස් ගනන් ගෙදර එන්නේ නෑ... එයාලා අහන්නෙත්නෑ මම කොහෙද ගියේ කියලා. මම කියන්නෙත් නෑ මම කොහෙද ගියේ කියලා.‘‘ ශානු අයියගේ කටහඬත් වෙනස් වෙලා. මට දුකයි. ‘‘නංගී.. ඒකි ඉගෙන ගන්න ආසාවක් නෑ.. එත් අම්මා ඒකිගේ විච්චුරන වලට තමා වියදම් කරන්නේ.. පංති යනවා කියලා යනවා.. කෝ සාමාන්‍ය පෙළවත් පාස් වුණාද හරියකට. මට ඉගෙන ගන්න නැති වුණේ ඔය මිනිස්සු හින්දා.. මං හිංදා ඔයාටත් ඉගෙන ගන්න නැති වුණා.‘‘ ‘‘අනේ එහෙම කියන්න එපා මගේ අයියේ... ඔයා හින්දා නෙමෙයි... ඔයා හින්දා තමා මම නමට හරි උසස් පෙල ලියා ගත්තේ... මොන දේ වුනත් ඔයාලා හින්දා තමා මම පොළොවේ පය ගහලා ඇවිදින්නේ.. මම ඇවිදින්න බැරිව ඉද්දි මගේ කියන එකෙක් වත් බැලුවද ... නෑ.. වියදම් කරන්න වෙයි කියලා මං වැරදීකාරී කරලා අයින් වුණා.‘‘ තව ටිකක් වෙලා රතු වෙලා තිබුණු ශානු අයියාගේ ඇස් දිහා මම බලාගෙන හිටියා එක විදියටම. තවත් ඉවසන්න බෑ මගේ ඇස් දෙකටත් කදුළු උනාගෙන එනවා. මම ශානි අයියවා තදින් තුරුල් කර ගෙන ඉකි බිඳින්න පටන් ගත්තා. ‘‘මගේ සිදු මැණික... අඬන්න එපා... ඔයා දන්නවා ඔයා අඬද්දී මට කේන්ති යනවා කියලා.‘‘ ‘‘අඬන්නෑ මගේ අයියේ.. ඔයා දුක් වෙන්න එපා.. දවසක එයාලට ඔයාගේ අඟේ තේරෙයි. ‘‘ මම ශානු අයියගේ හිත හදන්න උත්සහ කලා. ‘‘තේරෙයි අපේ නංගී නිසා පවුලම විනාශ වුණ දාට.‘‘ ‘‘ඇයි මගේ අයියේ එහෙම කියන්නේ ඒ ඔයාගෙම නංගිනේ.. එයාලා මොනවා කරත් කමක් නෑ අපි පාඩුවේ ඉමු.. මාල දෙකම එයාලට තියා ගන්න කියන්න.. අපි සල්ලී නොදි එයාලටම බේර ගන්න කියමු..‘‘ ‘‘එහෙම බෑ... මගේ චේන් එක මට ඕනී.‘‘ශානු අයියා මුරණ්ඩු විදියට කිව්වා. ‘‘මට නම් එපා රත්තරං... මගේ ඕවට ආසවක් නෑ .. ඔයා දන්නවනේ.. මම ඔයා ලගට ආවේ හිස් අතින් ..ඔයත් එහෙමයි. අපි අපි දෙන්නගේ ජීවිත හදා ගමු ..කාගේවත් උදව් ඕනී නෑ..‘‘ ශානු අයියාගේ මුහුණේ යාන්තමට හිනාවෙක් ඇදුනා. ‘‘ඕන් බලන්නකෝ වෙන දේ.. අපේ නංගී කොයි වෙලේ හරි කොල්ලෙක් එක්ක පැනලා යනවා..අපේ අම්මලාගේ බුරුළ වැඩි .. මම හොයලා බලනවත් කැමතී නෑනේ ඕනී එකක් කර ගත්තුදෙන්.‘‘ ශානු අයියා කියන කාතාව ඇත්වෙයි සමහර විට. නංගිට හැම තැනම කොල්ලෝ. දවසක් පොන් එකක් හංගන් ඉදලා අහුවෙලා. අයියා එක පාරක් ගැහුවා කියලා අයියා කිව්වා මට මතකයි. එදා දෙන්නගේ මැද්දට පැනලා අම්මත් බැන්නේ අයියටලු.. මගේ කෙල්ල ගැන මං හොයා ගන්ම් ..උබ පාඩුවේ ඉදපන් කියලා.. ඇත්තට අම්මාගේ බුරුල වැඩි. නංගිගේ හැම දේම තාත්තාගෙන් හංගනවා. දවසක ලොකු කරදරයක් කර ගනී කියලා මටත් හිතෙනවා. නංගිත් පුදුම විදියට ආත්මාර්ථකාමී... කපටී... මට හොදට මතකයි දවසක් මට කිව්ව කතාව. දවසක් මගෙන් ඇහුවා සදී අක්කේ ඔයා ඇදුම් අරන් දෙන්න කියලා අම්මට කරදර කරන්නේ නැද්ද කියලා.. මම කිව්වා... නෑ කියලා. ඇයි කියලා.. මම නම් අම්මා සීට් විකුණුව දාට කොහොම හරි අඩලා ඇඳුම් දෙක තුනක් නම් ගන්වා මයි. අරන් දුන්නේ නැත්තම් මම අම්මට බයිනවා.. නැත්තම් තරහා වෙලා ඉන්නවා.. ඒක නිසා අම්මා මට අරන් දෙනවා.. ඒක තාමා නංගී හිතන විදිය. ඒත් නංගියෝ ඔයා හිතන විදිය වැරදී නේද? මම නම් අම්මට කරදර කරන්නේ නෑ මොකුත්ම අරන් දෙන්න කියලා. සමහර අළුත් අවුරුදු වලටත් මට ඇඳුම් අරන් දෙන්න අම්මට බැරි වෙලා තියෙනවා .සේන බාප්පා ගෙදරට සල්ලී දෙන්නේ නැති හින්දා. මම දන්නවා අම්මාට තියෙන දුක් කරදර .ඒක හින්දා මම ආස නෑ මගේ අම්මට වද දෙන්න. ඔයාගේ අම්මා ගැන ඔයා එහෙම හිතන්නැද්ද? තාත්තත් බොනවනේ.. අම්මා පව්. දුක නැද්ද කරදර කරන්න. තවත් කොටසකින් හමු වෙමු. සිතුවිලි ගැළපුම සඳු. දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 23 Apr 2017 12:43 AM මාත් කියෙව්වා ස්තුති මෙම ොටසටත් සඳුනිVeteran MemberPosts:2462 21 Apr 2017 07:54 PM මටත් ඇත්තටම තුත්තිරි ගැන අත්දැකීමක් තියේ.. ස්කෝලේ ගියෙත් පරක්කු වුනාම කැලෑ පාරකින්.. තුත්තිරි ගලවනවා ඉතිං.. ස්කෝලෙදිත්.. දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 21 Apr 2017 07:41 PM තවත් සුන්දර කොටසක්... තුත්තිරි ගැන මතක් කලාම හිත ඈත අතීතයට ගියා.. ඒ කාලේ අපි සෙල්ලම් කරන කොට මේස් වල තුත්තිරි විමානයයි.. සඳුනිVeteran MemberPosts:2462 21 Apr 2017 07:31 PM කැඳැලි කරා. (කදුලත් සැනසුමක්-2) 07- වන කොටස. ''නංගිගේ චේන් එක බේරන්න ඕනේ අම්මේ තාම හරියකට සල්ලි ටිකක් අතට ලැබුනේ නෑ.‘‘ එයාලගේ කතාවට බාධා කන්න ගිය නැති මම හිටි තැනටම වෙලා කතාව අහගෙන හිටියා. අම්මා මේ කතා කරන්නේ සල්ලී හදිස්සියකට උගස් කරපු නංගිගේ චේන් එක ගැන බව මට තේරුනා. ඒ වෙද්දී අයියගේ චේන් එක උගස් කරලා තිබුනේ. අපි හැදුවේ ඒකෙන්ම තව සල්ලී ටිකක් ගන්න. ඒ වෙලේ අම්මා කිව්වා නංගිගේ එක තියලා අයියගේ මාලෙයි, අපි ඕන සල්ලී දෙකම ගන්න කියලා. ඒක නිසා ශානු අයියා කරපු දේ නංගිගේ චේන් එක උගස් තියලා ඒ සල්ලී වලින් ශානු අයියගේ චේන් එක බේරුවා. අපි නිසා නංගිට චේන් එක උගස් කරන්න දෙන්න වුනානේ, පවුනේ කියලා අපි බේර ගත්තු මාලේ නංගිට දුන්නේ , උගස් කරලා තියෙන නංගිගේ මාලේ බේර ගන්නකන්. මම හිටියේ නංගිගේ කාමරේ පොත් වගයක් බලන ගමන්. මම පොත් බලන මුවාවෙන් කතාව අහන් හිටියා. මමත් වෙලාවකට පට්ට කපටි. එහෙම නැතුව මේ මිනිස්සු එක්ක ජීවත් වෙන්න බෑ. කාටවත්ම රිදවන්න කැමතී නැති මම අනිත් අයගේ හැසිරීම් ඉස්සරහා ඉබේටම වෙනස් වෙලා. ‘‘නෑ පුතේ ... මම මේ.. කියන්න හැදුවේ.. ඔයාගේ මාලේ බේරගන්නනේ නැද්ද කියලා...‘‘ ශානු අයියගේ අම්මා මොකද්ද කරන්න එන්න යන්නේ කියලා මට හොදටම තේරුනා. අසාධාරනේට මගේ හිතට කේන්තියක් ආවත් නංගී ඉස්සරහා මම ඒ කේන්තිය පෙන්නන්නේ නැතුව හිටියා. ‘‘ඒ මොකද්ද අම්මේ ඒ කතාව.. දැන් උගස් තියලා තියෙන්නේ නංගිගේ මාලෙනේ.. නංගිගේ කරේ තියෙන්නේ මගේ මලේ.‘‘ අම්මා ඒ කතාව පිලිගන්න කැමතී වුනේම නෑ. පටලවලා පටලවලා ගානට අම්මා එයාගේ කතාවම ස්ථිර කර ගත්තා. මට නම් එක මාලයක් ගැනවත් ආසාවත් තිබුනේ නෑ. ඇත්තටම මම රත්තරං බඩු වලිට ආස කෙනෙක් නෙමෙයි. මට කියලා තිබුනේ කනේ කරාබු දෙක විතරයි. ලොකු ළමෙක් වුන දා පාටියේදී මගේ කරට චේන් දෙකක් දැම්මා. මුදු , කාරබු , වළලු ඒ හැමදේම හම්බෙලා තිබුනා. අපි දුප්පත් .අපේ අඟහිග කම් එක්ක මම ඒවා අම්මට උගස් තියන්න ඉඩ දුන්නේ හදිස්සි වෙලාවල් වලදී. පස්සේ අපිට ඒවා බේර ගන්න සල්ලියක් ඉතුරුවුනේ නෑ සේන බාප්පගේ බේබදුකම නිසා. ඒ වගේ මේ මාලේ ගැනත් මට කිසිම ඕන කමක් නෑ. ඒක නිසා මම නෑහුනා වගේ හිටියා. අනික මට අයිතියකුත් නෑ ඕවට කතා කරන්න. අයියගේ මාලේ නංගිගේ මාලෙට වාඩා පවුම් කාලක් වැඩී. ඒ පව්ම් කාලටනේ මේ නහින්නේ කියලා මට දැනුනේ දුකක්. ‘‘සදී නංගියෝ... පොඩ්ඩක් මෙහාට එන්න.‘‘ ශානු අයියගේ කටහඩ ඇහෙද්දිම මම එළියට දුවගෙන ආවා. ‘‘ඇයි ශානු අයියේ..‘‘ ‘‘උගස් කරලා තියෙන්නේ කාගේ මාලෙද?‘‘ ශික් ශානු අයියා මේකට මාවත් ඇදලා ගන්නවනෙ දීලා දාන්නේ නැතුව. මළ පෙරේත කම අඩු වෙන්න. ‘‘උගස් කරලා තියෙන්නේ නංගිගේ චේන් එකනේ.. ඒක තියලනේ ඔයාගේ එක බේරලා නංගිට දුන්නේ.‘‘ මම වෙච්චී දේ අහන් හිටියේ නැති ගානට කිව්වා. ‘‘ඒකනේ අම්මේ...‘‘ ‘‘නෑ .. නෑ... මේ ළමයිට වැරදිලා.. උගස් කරලා තියෙන්නේ ඔය ළමයගේ එක.‘‘ ආයෙත් අම්මා පටලවලා පවුම් කාලට ලෝභ කමට කතාව පැටලෙව්වා. මට ඉතිං මේවට තනියම හිනා. ‘‘අනේ මන්දා.. මම යනවා පේර කඩන්න...‘‘ එහෙම කියලා මම එතනින් මාරු වුනේ පේර කඩන්න ඕන නිසාම නෙමෙයි.... බොරු කතාවට මට කේන්ති යන නිසා. අම්මයි පුතයි තව තව වාද වෙද්දී මම පාතට ඇල වෙලා තිබුන පේර ගහේ කඳ උඩ ඉදගෙන පැහුන පේර ගෙඩියක් කඩන් කෑවේ හිත යටින් හිනා වෙමින්. දෙන්නා කියවලා කියවලා අන්තිමට අම්මා ඇත්ත පිළීගත්තෙත් නෑ. ශානු අයියා අම්මා කියන කතාව පිළිගත්තෙත් නෑ. සතුටින් ගිය ගමන මූන ඇඹුල් කරගෙන ගෙදර ආපු එක විතරයි වුණේ. ශානු අයියා මඟ දිගටම ඒ කතාව ගැන කියව කියව ආවා. මම කිව්වේ දෙන්න අකමැතින්ම් දෙකම එයාලට තියා ගන්න කියන්න කියලා. ඒත් ශානු අයියට දුකයි. මොකද චේන් එක අපි ළග තිබුණ කලේ ශානු අයියා ඒක මගේ කරට දාලා තිබුණේ. ශානු අයියා ආසාවෙන් හිටියේ ආයෙත් ඉක්මනට බේරගෙන මගේ කරට දාන්න. ඇත්තටම මෙහෙමත් අම්මලා එකම අම්මාගේ දරුවෝ වෙලා සැලකිලි දෙකයි. ඒක ඉතින් මම තේරුම් අරන් හුගක් කල්. ඉස්කෝලේ යන කාලේ ඉදන් වියදම් කිරිල්ලේ තිබුන ඔය වෙනස ගැන ශානු අයියා මට කියලා තිබුණා. මේ තරම් කල් ඒ මොන දේ වුණත් අම්මට තාත්තට ආදරෙන් ඉද්පු ශානු අයියගේ හිත හොදටම බිදිලා ගිහින් තිබුණා. ‘‘සුදු මැණික... හෙට මාත් එක්ක මාමලාගේ ගෙදර යමු..‘‘ රෑ නිදා ගන්න ලෑස්ති වෙද්දිත් ශානු අයියා හිටියේ හිතේ කරදරෙන්. ‘‘හරි මගේ අයියේ.. දැන් මදෑ.. ඕක හිතුවා.‘‘ ‘‘මගේ හිතට හරි නෑ සුදු මැණික... මම කවදාවත් හිතුවේ නෑ... අම්මා මට මෙහෙම දේවල් කරයි කියලා.‘‘ තනිම කල්පනා කරන්න උත්සහ ගන්න ශානු අයියගේ හිත හදන්න මම හුගක් උත්සහ ගත්තා. පහුවදා උදේම ශානු අයියා එක්ක ලෑස්ති වුන මමත් මාමාලාගේ ගෙදර ගියා. මාමායි අයියයි කිරි කපන්න ගියාම ගෙදර ඉතුරු වුනේ කිරි අම්මයි මමයි විතරයි. ඒක නිසා මමත් ශානු අයියලා එක්ක කිරි කට්ටියට ගියා. ශානු අයියා පස්සෙන් ගහක් ගහක් ගානට ගිය මම වත්ත පුරාම ඇවිදා. අමාරුම වැඩේ කූඩැල්ලෝ එල්ලෙන එක තමා. සබන් ගාගෙන ගියත් කූඩැල්ලන්ගෙන් බේරුමක් නෑ. මම කූඩැල්ලන්ට හරි බයයි. ඒත් ටික ටික එල්ලෙන කූඩැල්ලේ අයින් කර ගන්න මම පුරුදු වුනා. ඇඟ මැද කහ පාට ඉර තියෙන කූඩැල්ලෙක් එල්ලුනොත් නම් මම කකුල උස්සගෙන නෑ ගහන එක. කූඩැල්ලා ගලවලා දානකන් මම කෑ ගැහුවා. ශානු අයියට හරිම විනෝදයි මම එහෙම කෑ ගහද්දී. වෙලාවකට මාව බොරුවටත් බය කරනවා ලොකු කූඩැල්ලෙක් එල්ලිලා කියලා. කිරි කපලා ඉවර කරලා මාමයි , ශානු අයියයි, මමයි එක ගල් පොත්තක වාඩි වුනේ කිරි වැටිලා ඉවර වෙකන් ඉන්න. අපි ඒ වෙලාවේ උදේ එද්දි අරන් ආපු තේ වක්කරගෙන බිව්වා. මම නම් තේ බොනවට වාඩා කලේ කූඩැල්ලේ ඉන්නේ කොහෙද කියලා හොයන එක. ‘‘අනේ පුතේ මේ දුවව එක්ක ආවේ මොකටද මේ කැලෑවේ දුක් විදින්න.. බලන්න සාය පුරා තුත්තිරි.‘‘ මාමා එහෙම කියද්දී තමා මම සාය දිහා බැලුවේ.. සායෙන් එකයි තුත්තිරි. ‘‘අපරාදේ සාය...‘‘ ‘‘මම කිව්වනේ කිරි අම්මා එක්ක ගෙදර ඉන්න කියලා...‘‘ ශානු අයියා මම කට ඇද කරන් ඉද්දී හිනා වෙමින් කිව්වා. ‘‘මට කම්මැලීනේ.. කමක් නෑ මම මේ ඇදුම මෙහෙ අදින්නම තියා ගන්නවා.‘‘ එහෙම කියලා මම තුත්තිරි එකින් එක ගලවන්න ගත්තා. ඒවා ඉතින් ගලවලා ඉවර කරන්න බෑ. ඒ තරමටම තුත්තිරි. ‘‘මාමේ... අර පවුමේ ජේන් එක කාලෙද?.‘‘ අයියා හිතේ හිර කරන්න හිටිය ප්‍රශ්නේ එළියට ඇදලා ගත්තා. පව්මේ එක පුතාගේ.. මමනේ ඒක පුතාගේ කරට දැම්මේ.. තුන්කාලේ එක නංගිගේ.‘‘ ‘‘ඒකනේ බලන්නකෝ මාමේ අම්මා කියනවනේ පවුමේ එක නංගිගේ කියලා.‘‘ ‘‘ එහෙමද ලොකු නංගිට පිස්සුද? මම කතා කරලා බලන්නම්කෝ.‘‘ ඒ කතාවට වැඩිය කතා කරන්න අකමැති මම එතනින් ටිකක් ඈත් වුනා. නැත්තම් අන්තිමට ඒ සේරම මගේ කර පිටින් යන්නේ. අන්තිමට සේරම කියයි මම චේන් එකට ලෝභ කමේ අයියා අව්ස්සනවා කියලා. කිරි කපලා අකුළන්න ලෑස්ති වෙනකොට මමත් කිරි අකුළන්න උදව් වුනා. කිරි අකුළලා ඉවර වෙලා අත පුරා ගෑනුණ කිරි වේලීලා හැදුන සිවිය වගේ මිදුණ රබර් කිරි කොණිති ගගහ ගලවමින් මම ඔවුන් පසු පසින් ආවා. එතකොට දවල් එකොළහට කිට්ටුයි. ඒ වෙද්දී මගේ කකුල් අතපය සේරම දැවිල්ලයි. මූණ අතපය හොද ගත්තම ඒ දැවිල්ල තවත් වැඩි වුනේ කිරි කට්ටියේ කටු ගස් වලට සීරලා ඇති වුන සීරීම් තුවාල නිසා. ඒ මදිවට තෙමුණට පස්සේ මුළු ඇඟම කසනවා. කැලේ රිංගලා එක එක ගස් කොලං ඇඟේ ගෑවිලා. ඒවෑ බූවට ඇඟ සේරම කසනවා. ‘‘මොකද දූ... කසනවා නේද?. මම ලිඳ ළග ඉදන් කස කස එද්දී මාමා ඇහුවේ දුකෙන් වගේ. ‘‘කසනවා තමා මාමේ..‘‘ ‘‘හෙට ඉදන් නම් එන්න එපා... සාදී නංගියා අපි යනවා කිරි වක්කරන්න.‘‘ කිරි බූලිය කරට ගත්තු ශානු අයියා කිව්වා. ‘‘මාත් එනවා...‘‘ ‘‘ඔයා ඉන්න අපි ඉක්මණට එන්නම් නාන්න යමු.‘‘ තවත් මුරණ්ඩු නොවුන මම මිදුලේ අඹ ගහ යට තිබුණ ගල්වැටියේ ගලක් උඩ වාඩි වෙලා අයියලා එනකන් බලන් හිටියා. ‘‘දුවේ... මොකද .. කිරි කට්ටි ගිහින් මහන්සිද?.‘‘ මාමාලගේ ගේ පිළීකන්න පැත්තේ තමා අඹ ගහ තිබුණේ . මාමලාගේ ගේත් පුංචී ගෙයක්. එක කාමරයයි තිබුනේ. පුංචිම පුංචී කුස්සියක් තිබුනේ එක්කෙනෙකුටවත් හැරෙන්න අමාරු. ‘‘මහන්සී නම් නෑ ආච්චී අම්මේ.. කසනවා..‘‘ ‘‘ඔය දුවට පුරුදු වෑ ඕවෑ ඇවිදලා.‘‘ ඔයාලා මං ගැන දන්න තරම තමා. මම හිතයටින් හිතුවේ පුංචී කාලේ ඉදින් ඔය වගේ දේවල් මට පුරුදු නිසා. මම පුංචිම කාලෙත් ආච්චී අම්මා එක්ක ගමේ ලොකු කන්දක් මුදුණටම යනවා මට මතකයි. ඒ ගමන් වලට මම හරි ආසායි. ඒක නිසාම මට ඒ ගමන් වල අමාරුවක් දැනුනේ නෑ. ආච්චී අම්මා පස්සෙන් යන මම චූටී දර කොටු ටිකක් එකතු කරලා චූටී දර මිටියකුත් ආච්චී අම්මාට කියලා බැද ගන්නවා. ‘‘සුදු මැණික... ගමනක් යමුද?.‘‘ මගේ ළගට එන ගමන් ශානු අයියා කතා කරද්දී මම කල්පනාවෙන් මිදිලා ගැස්සිලා බැලුවා.. තවත් කොටසකින් හමු වෙමු. සිතුවිලි ගැළපුම සඳු. දිනයක වැටහේවී........... chamaramindMost Senior MemberPosts:13471 19 Apr 2017 07:25 PM තව කොටසක් දාලා තියෙන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... සඳුනිVeteran MemberPosts:2462 19 Apr 2017 07:18 PM කැඳැලී කරා. (කඳුලත් සැනසුමක්-02) 06-කොටස. "ගෙනාපුවා මේ මල්ලේ ඇති ඇදලා බලන්නකෝ..‘‘ ශානු අයියා එල්ලගෙන ආපු ලොකු කවරය ලොකු අම්මාගේ දෑතට දෙමින් පැවසුවා. ‘‘සුදු යං තේ හදන්න.. ‘‘ ඇය මාවත් ඇදගෙන කුස්සියට ගියේ ශානු අයියා ගෙන ආ මල්ලද රැගෙනයි .ශානු අයියා එක්ක සාලයේ රැදුන ආච්චී අම්මා මොනවදෝ කියවමින් හිටියා.. ‘‘සදී නංගියා.. මම ඇඟ පොඩ්ඩක් හොද ගන්න යනවා..‘‘ ‘‘හරි ශානු අයියේ.. ඉන්න මම එන්නම්...‘‘ මම කුස්සියේ සිටම පැවසුවේ ලොකු අම්මා බඩු කවරය පැත්තකට වෙලා අදිද්දී. ‘‘යනවා යනවා... අයියා ඇදුම් ගිහින් දෙනවා.. මම තේ හදන්නම්..‘‘ ලොකු අම්මා මාව කුස්සියෙන් පැන්නුවා. ඇත්තට ලොකු අම්මා මටත් වඩා ශානු අයියා ගැන හිතනවා කියලා මට හිතෙනවා. අයියත් ඒ වගෙමයි. ඇගේ හැසිරීම අමුතු නිසාදෝ ඔහු ඇයට බොහෝ සෙයිම් ඇළුම් කළා . කෙතරම් කේන්තියෙන් සිටියත් ශානු අයියා ඇයට කවදාවත් නපුරට වචනයක් වත් කතා කලේ නෑ. එදා රාත්රිතය බොහොම සතුටින් ගෙවිලා ගියා. ලොකු අම්මගේ කියවිලි හමුවේ බඩ රිදෙන තුරු සිනා වුණ අපි කලකට පසු හුගක් සතුටින් හිටියා. සියලු අවසානයේ නින්දට සුදානම් වු අපි දෙදෙනාව කාමරයට දාලා සුභ රාත්‍රි යක් පැතූ ඇය නිදා ගන්න ගියා. ‘‘ලොකු අම්මා හරි හොදයිනේද සුදු මැණික.‘‘ ලොකු අම්මා ගිය පසු මාව තුරුළට ගත්තු ශානු අයියා කිව්වා. ලොකු අම්මා ආව එක ශානු අයියට ලොකු අස්වැසිල්ලක් වෙන්න ඇත. ලොකු අම්මා නිසා ආච්චී අම්මට වැඩිය කියවන්න වෙලාවක් ඉතුරු වුනේ නෑ. හැම කතාවකම මැද්ද පැන්න ලොකු අම්මා ශානු අයියගේ පැත්තට කතා කළා. ඒ ඇය ඇගේ අම්මට ආදරේ නැති නිසා නෙමෙයි. ඇයට ඒක වරදක් වගේ පේන්නේ නැතුව ඇති. ආච්චී අම්මා ඇය මොන තරම් බැන්නත් ඇයට දුකක් වත් තරහක් තිබුණේ නෑ. හැම වෙලේම සිනාසෙමින් සිටි ඇය සියල්ල විහිළුවට ගත්තා. අපි මෙන් කිව් වචන ගැන සිතමින් දුක් වුනේ නෑ. අපි මෙන් සිතන්නට ඇයටත් හැකි වුනා නම් මෙතරම් කල් අවිවාහකව අම්මා ළග ඉන්න ඇයට බැරි වෙන්න තිබුණා. ඇත්තට ඇය මොන් කිසිත් නොදැනවා , නොහැගෙනවා වගේ ඉන්න අපිටත් හැකී නම්.. විටක ඇගේ සැහැල්ලු ජීවිතය දෙස බලල මම සිතුවා. ‘‘ලොකු අම්මා ආපු එක නම් හොඳයි...‘‘ හිතේ හිර වෙලා තිබුණ හැගීම් එකින් එක ශානු අයියා මට බයක් නැතුව කිව්වේ.. ලොකු අම්මා රේඩියෝව ක්රිුයාත්මක කරගෙන සිටි නිසා. ‘‘ඔව් .. පවු ලොකු අම්මා...‘‘ ‘‘ඇයි එයා බදින්නේ නැත්තේ..‘‘ ශානු අයියා ඇය ගැන උපන් ආදරයෙන් මගෙන් විමසුවා .. ‘‘එයා පුංචී ළමෙක් වගේ කියලා කවුරුත් කැමතී නෑ එයා බන්දලා දෙන්න.. හරියන මනමාළයෙක් හම්බුනෙත් නෑ ශානු අයියේ...‘‘ ‘‘පව් සුදු මැණික.. එයාලේ ඇති අඩුපාඩුවක් නෑනේ... ඔහොම අයද බදින්නේ.. අපි කෙනෙක් හොයන්න බලමු.. මට හිතෙනවා අපිටත් වඩා හොදට එයා පවුල් කයි..‘‘ ශානු අයියා බර කල්පනාවක නික්මෙමින් පැවසුවා. ‘‘කොහොමද හොයන්නේ.. දැං කී දෙනෙක් ආවද සුදු අම්මා මනමාලි වගේ එයා කැමති නෑනේ කාටවත්ම.‘‘ ‘‘බලමු සුදු මැනික.. අපේ මාමාත් කපුකම් කරනවා එයාට කියලා බලමු..‘‘ ‘‘ඇත්තමද?...‘‘ මම දැනුන සතුටත් සමඟ තවන් ඔහුව තුරළුකර ගත්තා. ‘‘හ්ම්ම්..... අපි කතා කරලා බලමු..‘‘ ‘‘ම්ම්ම්.. දොයියමුද?..‘‘ මම කාමරේ දැල්වුන පුංචී බල්බයේ ආලොකයෙන් ඔහුගේ දෑස් මතම රැදෙමින් විමසුවා. ‘‘දො...මතද පණ..‘‘ ‘‘නෑ...මගේ අයියේ....‘‘ඔහුගේ මුහුණ දොතට මැදි කර ගනිමින් මම පැවසුවා. ‘‘ම්ම්ම්ම්ම්..‘‘ ................................................................................................... තවත් සැදෑවක මොටර් සයිකලයට නැගුණ අපි අම්මලාගේ ගෙදර යන්න පිටත් වුණා. නෙත ගැටුනු සියළු ගහ කොළ , ගෙවල්, කඩ, වෙල් එළි සියළු දේ අප පසු කර යනවා මෙන් දැනෙද්දි ශානුඅයියත් මාත් ඉදිරියට ඇදුනා. මම පුංචි කාලේ ඉදලම හිතන දෙයක් තමයි අපි අවට පරිසරය පසු කරන් ඉදිරියට ඇදුනත් අපේ හිතට දැනෙන්නෙම ඒ හැම දේම ආපස්සට ගමන් කරනවා නේද කියලා. ‘‘ශානු අයියේ... කොක්කු...‘‘ මම වෙලක තැනින් තැන වහලා හිටපු කොක්කු කීපදෙනෙක් දැකලා පුංචී ළමෙක් වගේ කෑගහන්න වුණා..‘‘ ‘‘මොකද සුදු මැණික කොක්කු දැකලා නැද්ද?..‘‘ ‘‘නෑ මට තාත්තා මතක් වුණා..‘‘ හිතේ තිබුණ සිතුට ටිකකට සැඟව යද්දි මම මුහුණු අදුරු කර ගනිමින් පැවසුවා. මම තාත්තා ලෙස හදුන්වන මිය ගිය සීයාව. ඔහු සිහි වී මගේ හඳවත රිදුම් දුන්නා. ‘‘කොක්කු දැක්කම...‘‘ ‘‘ඔව්.. මගේ අයියේ... ඉස්සර තාත්තාගේ බයික් එකේ සුදු අම්මායි මමයි නැගලා අම්මා බලන්න කොළඹ යනවා.. මම යන්නේ දෙන්නගේ මැද්දේ හිටගෙන් තාත්තාගේ කරේ එල්ලිලා.. ඉතිං මඟ දිගට දකින දකින දේවල් ගිරවී වගේ කියවනවා..‘‘ මම මඳකට කතාව නවතා අතීතය සිහි වී බොඳවෙමින් තිබුණ දෑස පිස දමා ගත්තා. කොක්කු කොහොමද ඒ කතාවට ගෑවුනේ...‘‘මට එක පාරටම හිනා ගියේ එවෙලෙම වෙලක හිටපු කොකෙක්ව දැකලා. ‘‘අර බලන්න ශානු අයියේ.. අර ඔලුවේ කළු පාට පෙදයක් තියෙන කොකා..‘‘ ‘‘ඉතිං...‘‘ සිනාසෙමින් ඒ කොකා දිහා බලලා පිටු පස බලපු ශානු අයියා විමසුවා.. ‘‘අයියෝ... මම ඔය කොක්කු දැක්කම හයියෙන් කෑ ගහනවා තාත්තේ ආන්න පරණ කොකෙක් කියලා.‘‘ ඒ වචනෙත් එක්ක ශානු අයියට බකස් ගාලා හිනා වුණා. ඒ එක්කම මටත් හිනා ගියේ ඒ වචයට වෙනත් අර්ථයක් තියෙන බව මම දැන් දන්න නිසා.. ඉස්සර මං එහෙම කෑ ගහද්දී පාරේ යන කට්ටිය හිනා වුනේ ඇයි කියලා මට දැන් තමයි තේරෙන්නේ.. මට මතකයි මම දුකින් ඉන්න වෙලාවට මගේ සියා මට ඔය කතා මතක් කරලා හිනා වෙන විදිය. ‘‘ඉතිං තව මොනවද කියන්නේ...‘‘ අමාරුවෙන් හිනාව නවත්ත ගත්ත ශානු අයියා විමසුවා.. ‘‘තව කියනා..... මම ශානු අයියගේ බඳ වාට දෙඅත් යවලා තදින් තුරුළු කර ගනනිමින් මොටර් සයිකලයේ වේගය සමග ගසාගෙන ආ සුළගට මුහුනේ වදින්න ඉඩ හැරියා . අපි හරිම සැහැල්ලුවෙන් වේගයෙන් ඉදිරියට ඇදුනා. ‘‘මොනාද කියන්නේ..‘‘ මහ හඬින් ශානු අයියා විමසුවේ වරින් වර පිටුපස බලමින්.. මොටර් සයිකල් එකේ ගමන් කරන විට කතා කිරීමෙන් අපි ලැබුවේ අපූරු ආස්වාදයක්. සුළගත් එක්ක පොරබදන සමහර වචන මට හරියට ඇහුනේ නෑ.. ඒ වගේ වෙලාවට ශානු අයියව අවුස්සන මම දෙතුන් වතාව කියපු එකම ආයි ආයි අහනවා.. ඒ වගේම මහ හඬින් කතා කරන්න වීමත් අපුරු දෙයක්. ‘‘තව කීනවා... අර ඉන්නේ අළුත් කොක්කු කියලා...‘‘ ‘‘මරු කොක්කු බෙදිල්ල..‘‘ ‘‘තව කැළණී ගගට කාසී දාන්න ඕන මට..‘‘ මම ශානු අයියගේ උරහිස මත නිකට තබා ගනිමින මම පැසුවා. ‘‘කාසී දාන්න..‘‘ ‘‘ඔව්.. ගෙදර ඉදන්ම කාසී අරන් යන්නේ.. පාලම උඩින් යද්දී තාත්තා බයික් එක නවත්තලා ගගට කාසී දාන්න දෙනවා..ආපහු එද්දිත් අම්මාගෙන් කාසී ඉල්ලන් එනවා ගඟට දාන්න..‘‘ මම කිව්වේ මගේ පුංචී කාලය ගැන සතුටු වෙමින්. ‘‘දැනුත් දාන්න ඕනෙද?.‘‘ ‘‘ම්ම්ම්ම්.. ඔයානේ දැන් මගේ තාත්තියා.. අපි දාමුද කාසී...‘‘ ‘‘පිස්සු කෙල්ල.... වෙනදාක දාමු...‘‘ වැඩි වෙලා යන් කලින් අපි නතර වුනේ අපේ ගෙදර. ඒ කියන්නෙ සේන බාප්පයි, අම්මයි, ලොකු මල්ලී, චුටී මල්ලී ඉන්න ගෙදර. මගේ ජීවිතේ පුංචිම හරි වෙනසක් වෙලා තිබුණත් මගේ අම්මාගේ ජීවිතේ තාමත් එතනමයි. කලින් හදලා තිබුණ මුදුන් බිත්ති නොනැග්ගූ.. ටකරන් හෙවිලි කළ කපරාදු නොකළ පුංචී කාමර කෑලි දෙකක් පමණක් වුණ නිවස තුළ ඇය තවමත් ජීවත් වුණා. සේන බාප්පා තාමත් ඉස්සර වගේමයි.. හොදටම බොනවා.. අම්මා පෙර පාසලේ උගන්නවලා ගන්න සල්ලී වලින් තමා මල්ලිගේ පාසල්වල වියදම් වුනත් දරා ගන්නේ..‘‘ශානු අයියේ..‘‘ මොටර් සයිකල් එකේ හඬත් සමග ඉදිරියට දුවගෙන ආවේ අවුරැදු දෙකක් වයසැති පුංචී මල්ලී. එයා ඉතින් ශානු අයියා දැක්කොත් උකුලේ තමා නතර වෙන්නේ.. පෙරමඟට දුවගෙන ආපු චුටී මල්ලි ව ශානු අයියා වඩා ගත්තා. අවුරුදු නමයක් වුණ ලොකු මල්ලී දොර ලඟට ඇවිත් එඹිලා බැලුවේ ලැජ්ජාවෙන් ඇඹරෙමින්.. ‘‘අම්මේ අක්කලා ඇවිත්...‘‘ එහෙම කියාගෙන ලොකු මල්ලී ගේ ඇතුළට දුවන් ගියා. "සුදු දු කියන්නේ වත් නැතුව ඇවිල්ලනේ..."මගේ දිහා ආදරේ පිරුණු සිනහවකින් බලපු අම්මා කිව්වා.මම දකින්නට ලැබුණු එක ඇයට ගෙන දී තිබුණ සතුට මම ඒ ඇස් දෙකෙන් හොදටම දැක්කා.. අනිත් හැම අම්මෙක්ම වගේ මගේ අම්මත් මාව එයාගේ ලගම තියා ගන්න ආස ඇති. මමත් ආසයි මගේ අම්මගේ උණුහුමට වෙලා ජීවත් වෙන්න.. අත දරුවෙක් කාලෙම අහිමි වුන ඒ උණුහුම මට ආයෙම කවදාවත් හිමි කර ගන්න ලැබුනේ නෑ.. ඒ සේන බාප්පා නිසා. මම අම්මා ලග කාලයක් ජීවත් වුණත් ආදරේ වෙනුවට අපි දෙන්නා අතර ඇති වුනේ බහින් බස් වීම්. රැවුම් ගෙරවුම්. සේන බාප්පා නිසා මම වින්ද අපහසුතා හමුවේ මම මගේ අම්මට වෛරකලා. මට දැන් තේරෙනවා.. මගේ අම්මා ඒ කාලේ මටත් වඩා අසරණ බව. "කලා එහෙම ශානු පුතේ." "ඔව් අම්මේ...."චුටී මල්ලිවත් උකුළට අරන් අසුනකට බර වුණ ශානු අයියා කිව්වා. "එහෙනම් රෑට කලා යමු නේද?" අම්මා කිව්වේ හරිම සතුටින්. ඒත් මට ඒ සතුට අහිමි කරන්න වෙනවා. මොකද මම සේන බාප්පව දකින්න කැමතී නෑ. අපි හැමදාම අම්මව බලන්න ආවේ සේන බාප්පා ගෙදර නැති වෙලාවට. "අනේ අද බෑ අම්මේ.. හෙට කිරි කපන්න යන්න පාන්දර ඇහැරෙන්නත් ඕනනේ.. "මගේ අකමැත්ත තේරුම් ගත් නිසාදෝ ශානු අයියා කිව්වා. මම දන්නවා ශානු අයියත් කැමතී නෑ සේන බාප්පා දකින්න. ගෙදර විස්තර අපෙන් අහන ගමන් අම්මා අපට ෆැෂන් ගෙඩි ටිකක් කඩන් ඇවිත් සිසිල් බීම විදුරු දෙකක් හදලා දුන්නා. ශානු අයියගේ බීම එක බිව්වේ චූටි මල්ලී. අම්මා අඩගැහුවත් මල්ලී මොහොතකට වත් ශානු අයියගේ උකුලෙන් බැස්සේ නෑ.පැයක් පමන එහි රැදී සිටිය අපි ශානු අයියලාගේ ගෙවල් පැත්තට යන්න සූදානම් වුනා. ශානු අයියලගේ ගෙවල් තිබුනේ අපේ අම්මලා හිටපු ගමට අල්ලපු ගමේ. ඒකනේ අපි දෙන්නා එක ඉස්කෝලෙට ගියේ. ඒකනේ මේක පාසල් ප්‍රේමයක ප්‍රතිඵලයක් වුනේ. "ආ .. සුදු දූ කියන්න බැරි වුණානේ..."මොනවද මන්දා ලොකු මල්ලක් පුරවලා මගේ අතට දෙන ගමන් අම්මා කිව්වා. "මොනවද අම්මේ මේ.. මොකද්ද කියන්න බැරි වුනේ.." ඒවෙද්දී මොටර් සයිකලේ පිටිපස අසුනේ වාඩි වී සිටි මම මල්ල උකුළට ගමින් විමසුවා. "ඔයාට ගෙදර ඉදන් කරන්න පොඩි වැඩක්..." "මොකද්ද අම්මේ...."මම සිතට නැගුන උද්දාමයත් සමඟ හදිසියෙන් විමසුවා. "ශෝර්ට් වගයක් මහන්න..." "කොහෙද අම්මේ.. ගෙදර ගෙනිහින් මහලා ගෙනත් දෙන්න දෙනවද?ශානු අයියත් ඒ ගැන විමසිලි වුනේ නිතරම මම රැකියාවකට යන්න අහලා කරදර කරන නිසා වෙන්න ඇති. "මේ ළග තැනක්... මුලින් මැෂින් එක ත්‍රීවිල් එකක හරි ගෙනියන්නකෝ.. මම වැඩේ කතා කරලා දෙන්නම්.." අම්මත් පසු වුනේ ලොකු බරකින් නිදහස් වුණාවගේ සතුටකින්. අම්මා දන්නවා එක්කෙනෙක් විතරක් රස්සාව කරලා අපිට ගොඩයෑමක් නෑ කියලා. "ත්‍රී වීල් එකක මැෂින් එක ගෙනියන්න පුළුවන්ද?.."මම ශානු අයියා දිහා බලමින් විමසුවේ එක කන්න බැරි වැඩක් වගේ දැනුන නිසා. "අපි ඒ ගැන හිතලා බලමුකෝ.. ගෙදර තියෙන බඩු ටිකත් ගෙනියන්නත් ඕනනේ..."ශානු අයියා එහෙම කිව්වේ එයාලගේ ගෙදර ඉද්දී ගත්තු බඩු මුට්ටු තාමත් ශානු අයියලාගේ ගෙදර නිසා. ගේ හදා ගන්නකන් ගේන්නේ නැතුව ඉන්න හිතුවට ආයෙමත් ඉක්මනින් ගෙනියව ගන්න මම හිතුවා. ඒ සතුටත් එක්කම අපි ශානු අයියලාගේ ගෙදරට ගොඩ වැදුනා.කාලෙකට පසු අපි එහි ගිය නිසාදො ඔවුන් අපිව ආදරෙන් පිළි ගත්තා.මගෙත් එක්ක වැඩිය හිත හොඳ නැතුව හිටිය මිනිස්සු මාත් එක්ක හොඳට කතා කලා. මම දැක්ක ගමන් නංගිත් එළියට දුවගෙන ආවා. කවදත් ඔවුන් මගේ මුහුණ කිසිත් කියා සිත රිදවන්නේ නෑ. ඒ නිසාම ඒ අමුතු සැලකිලි ගැන මට පැහැදීමක් තිබුනේ නෑ. ඔවුන්ගේ පෙරැත්ත කිරීම නිසාම රෑ කෑමටත් ඉන්න අපට සිද්ද වුණා. "පුතේ අර උගස් කරපු නංගිගේ මාලේ..."මම එහෙමෙහෙ වන තුරු සිට ශානු අයියාගේ අම්මා විමසනු මට අැසුනා. තවත් කොටසකින් හමුවෙමු. සිතුවිලි ගැළපුම සඳු. දිනයක වැටහේවී........... Ind007kaMost Senior MemberPosts:12931 19 Apr 2017 12:45 AM අවුරුද්දෙන් පස්සෙ කො සදුනි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... DushanVeteran MemberPosts:2536 18 Apr 2017 11:06 PM ස්තුති ඊලග කොටසත් දාමු බලන්න එහෙනම් indika76Most Senior MemberPosts:10449 15 Apr 2017 07:24 PM සඳු තවත් කොටසත් දාලා.. ස්තූතියි නංගී... සඳුනිVeteran MemberPosts:2462 15 Apr 2017 01:06 PM කැඳැලී කරා (කඳුලත් සැනසුමක් -02.) 05- කොටස. කිරි කපනවා කියන එක පහසු රස්සාවක් නෙමෙයි. මාමා කිරි කපන රබර් කට්ටි වලට මම ගිහින් තියෙනවා. ඒවා ඇවිදින එක වත් පහසු නෑ.. විශාල ගල් වැටි ,කදු බෑවුම් , කැකිල්ල කැළෑව, කටු අකුල්.. සත්තු සර්පයෝ වුනත් ඉන්න හරිම මුකලානක්. ‘‘ඇයි.. මොකද්ද ඒකේ තියෙන වරද?‘‘ ‘‘ඔයා දන්නවා ශානු අයියේ ඔයා ඔය රස්සාව කරනවට මම ආස නෑ කියලා.. අනික අපි කොහොමද ඔහොම හම්බ කරලා ගෙයක් හදන්නේ.. එහෙනම් මමත් වැඩකට යන්නම්.‘‘ පිස්සු නැතුව මේ..න් මෙහෙට වෙලා ඉන්න සුදු මැණික.‘‘ ඔහු කවදත් එක හෙලාම මම රැකියාවක් කරනවට අකමැති වුණා. ‘‘අපුරු රස්සාවකනේ කරන්න යන්නේ.. අගේට තිබුන රස්සාවත් නැති කරන්...‘‘ එක පාරටම ආච්චී අම්මා අපි අතරට ආවේ එහෙම කියාගෙන. ඇයගේ හඬන් ගැස්සුණ අපි දෙන්නම ඒ පැත්ත බැලුවා. ‘‘මගේ අහිංසක පොඩි එකී බැද ගත්තේ ඔහොම වද දෙන්නද?. හරිහාමන් රස්සාවක් නොකර කොහොමද පවුලකට කන්න බොන්න දෙන්නේ...‘‘ ආච්චී අම්මා එහෙම කියද්දී ශානු අයියා මගේ දිහා රවලා බැලුවේ ආච්චී අම්මට වචනයක් කියන්න බැරි නිසා. ‘‘මගේ පොඩි එකීට දුකක් දුන්නොත් මම නරක ගෑනී කියන්න එපා.‘‘ ‘‘මේ රස්සව නොකර කොහොමද අරක නෑ... මේක නෑ කියද්දී මම ඒවා උස්සන් එන්නේ..‘‘ එහෙම කියාගෙනම ශානු අයියා කාමරේට වැදුණා. ‘‘මොකද්ද සුදු අම්මේ.. හැම එකට හොට දාන්න එන්නේ.. ඔය ප්රබශ්ණ ඔහොම කෑ ගහලා විසදන්න බෑ...‘‘ ‘‘ ඔව් උබලා අවඩිලා හුරතල් කර කර හිටපල්ලා..එතකොට කන්න බොන්න , ගෙවල් දොරවල් ඒ සේරම මෙතෙන්ට පාත් වෙයි.‘‘ ආච්චි අමිමා උස් හඬින් කිව්වේ ශානු අයියටත් ඇහෙන විදියට.ඒක හරියට ඇවිලෙන ගින්දරට පිදුරු දානවා වගේ වැඩක් .තව නම් අපේ ජීවත වලට ඇගිලි ගහන්න දෙන්න බෑ.. මම සද්ද නැතුව ඉන්නවා වැඩි.. මම මටම දොස් නගා ගනිමින් බංකුනේ නැගිට්ටා. ‘‘ඕන් යනවා බබා නලවන්න.. නලවලා මිනිහව කොට්ටෙට තියාන.. උබත් උබේ අම්මා වගේ වැඩට ගිහින් මිනිහට අස්අද්දපන්.‘‘ ‘‘සුදු අම්මේ... මම මේ ඉවසලා බැරිම තැන කියන්නේ.. මම ශානු අයියාව බැන්දේ මගේ තනි කැමැත්තට .. ඒක නිසා අපේ ප්රනශ්න අපි විසද ගන්නම්... ඔයා මැදිහත් වෙන්න එපා..‘‘ ‘‘එහෙම කියලා කොහොමද?.. මමයි උබව පොඩි කාලේ ඉදන් හදා ගත්තේ... උබ ගින්දරෙන් ඉද්දි මට ඉන්න බෑ....‘‘ මගේ කෝපය තවත් වැඩි වෙද්දි මම එතනින් පිට වෙන්න උත්සහ ගත්තේ පව් පුරව ගන්න අකමැති නිසා. ‘‘කොහෙද යන්නේ.. අහපං මම කියන දේ සුදු දූ...‘‘ ‘‘මොනවා අහන්නද?.. මාව හදා ගත්තු විදිය මගේ කටින් අහ ගන්න එපා...‘‘ එහෙම කියද්දී මගේ අම්මා මට කියපු දේවල් මගේ හිත ඇතුළේ දෝංකාර දුන්නා. සුදු දූ... ඔයාට හුගක් ඉවසන්න වෙයි... ඔයාගේ තාත්තාවත් මට නැති වුණේ ඔය ආච්චී අම්මගේ කිය විල්ල හින්දා... නැත්තම් අපි දෙන්නා හොදට හිටියා. ඔයාව හම්බෙන්න ඉද්දී අම්මා මාව සැරින් සැරේ ගෙදර එක්ක ආවා. තාත්තාත් තනියෙන් ඉන්න බෑ කියලා මේ ගෙදරට ආවා. ආච්චි අම්මා කියවලම ඒ මනුස්සයට මාව එපා කරලා දැම්මා. අන්තිමේදී ඔයාගේ උපැන්නෙට නම දෙන්නවත් ඒ මනුස්සය එන්න කැමති වුණේ නැ. දවස් ගානක් ඔයාවත් තියාන මම ස්පිරිතාලෙට වෙලා අඬ අඬ හිටියේ.. ඒ කාලේ උපැන්නේ දෙන්නේ නැතුව ළමයිව ගෙදර ගේන්න දෙන්නේ නැති හින්දා.. ආයෙත් හිත හදාගෙන ඔයාගේ තාත්තා අපි ළඟට ආවා. ඒ කලේ මට වැඩි තේරුමක් නෑ.. වයසත් නෑ.. ඔයාව බලාගන්න මට තේරෙන්නෙත් නෑ..ඒක නිසා මාස දෙකක් වෙනකන් ඔයාව තියාගෙන අපි දෙන්නා ගමේ ගෙදර හිටියා..දවස් ලොකු කෑගැහිල්ලකට කේන්ති ගිහිං තාත්තා ඔයාවයි මාවයි අරන් එයාගේ ගමට ගියා. ආයෙත් අම්මා සැරින් සැරේ මාව බලන්න ඇවිත් ඒ ගෙදරත් ප්රටශ්ණ ඇති කළා කියන කට කැඩුණ කතා නිසා. තාත්තා මගෙන් ඒවට වාඩු ගන්න පටන් ගත්තා. එයාට ඔයාවයි මාවයි පෙන්න බැරුව ගියා.. ඔයාට මාස දහයයි.. යාන්තමට අල්ලගෙන ඇවිදිනවා.. ඔයා තාත්තට හරි ආදරෙයි.. දවසක් ඔයා තාත්තේ තාත්තේ කියලා පස්සේන් යද්දී තාත්තා ඔයාව තල්ලු කළා. මට තේරුමක් නෑ.. මගේ හිතේ තිබුණෙත් අම්මා කියපු දේවල්.. මම හොරෙන්ම ඔයාවත් අරන් එහෙන් පැනලා ආවා.. මගදී ඔයාගේ කනේ තිබුණ කරාබු දෙක උගස් කරලා ඒ සල්ලී වලින් මහ ගෙදරට ආවා. එදායින් පස්සේ ඔයාගේ තාත්තා ඔයාව බලන්න ආවත් ඔයාව බන්න ආච්චී අම්මා එහෙම ඉඩ දුන්නේ නෑ... එදා තාත්තා මොකක් හරි කේන්තියකින් ඉන්න ඇත්තේ.. මම හිතන්නේ නැතුව ගත්තු තීරණය වැරදී... දැන් ඒ අතීතය ආයෙත් හදන්න බෑ.. ඔයා පරස්සම් වෙන්න සුදු දූ..එහෙන්මම ඔයාගේ තාත්තට අපිව මගෑරිලා ගියා. දැන් වගේ ඉවසිමක් මොළයක් මට ඒ කළේ තිබ්බා නම් ඔයාගේ තාත්තා දැනටත් අපි ළඟ. ඒකෙන් පස්සේ වත් මගේ ජීවිතේට සැනසීමක් තිබුණේ නෑ. ඔයාව මහ ගෙදර දාලා මම ගාමන්ට් ගියේ ඔයාව සැප සම්පත් දීලා හදා ගන්න.. මම මාසේ පඩිය අතට දුන්න ගමන් ඒ සේරම සල්ලී ආච්චී අම්මාගේ අතට දුන්නා.. මට කියලා කීයක් වත් තියා ගත්තේනෑ.. ආපහු බස් එකේ යන්න විතරයි මම සල්ලී තියා ගත්තේ.. ඔයාව ඉත්තා කරගෙන මම හම්බකරන හැම සතේම ගත්තා. ඔයාට ස්ථාවර තැම්පතු ගිණුමක් හැදුවා මම ඒකට දාන්න කියලා අතට දුන්න සල්ලී වත් ඒකට දාලා තිබුණේ නෑ. එයා කලේ ඔයාවත් මගේන් ඈත් කරපු එක.. මතකද? ඔයා මට නිවාඩුවට ගෙදර ආවම කිව්වේ සොමි නෝනා කියලා.. මගේ පොටෝ සේරගෙම පිටි පස්සේ ඔයා සොමි නෝනා කියලා ලියලා තිබුණා.. ඔයා මට අම්මා කියන්න වත් කැමති වුනේ නෑ.. අඩුගානේ මගේ ළඟට එන්නවත් දකින්නවත් කැමති වුනේ නැ..ඒ දෙවල් දැක දැක මම හිතිං මොන තරම් විදෙව්වත් මම ඔයා සතුටින් නිසා සද්ද නැතුව හිටියා. ඔය හැමදේම වෙලත් මම තවත් මගේ අම්මනේ කියලා තාමත් ගරු කරනවා.. ඔයත් ඒවා හිතන්න වත් එපා.. මම මගේ අම්මාගේ වැරදී කාටවත් කියන්න කැමති නෑ. ඒත් අන්තිමට ඔයාටත් එතනටම ඉන්න වුණානේ.. අම්මා මට මේ කතාව කිව්වේ මම කකුල කැඩිලා එක තැන් වෙලා ඉද්දී.. ආච්චී අම්මා කියන කතා ඉවසන් ඉන්න බෑ කියාලා අඬද්දි. ඇත්තටම මගේ අම්මා පව්.. මට ළගක් වෙනකන්ම මගේ අම්මට වෛරකළා.. මගේ තාත්තවත් මට නැති කරලා මගේ ජීවිතේ අපායකට ඇදලා දැම්මා කියලා නිතරම හිතුවා.. ඒත් මට දැන් දැනෙනවා මම මොන තරම් වැරදිද කියලා.. ඇත්තට මට ආදරේ කරලා තියෙන්නේ මගේ අම්මා විතරයි. ඒක දැන් තමයි මට තේරෙන්නේ. ‘‘ ඇයි මම නෙමේද උබව හදා ගත්තේ...‘‘ ‘‘අම්මා හම්බකරපු සේරම සූරගෙන කලා.. දැන් මාව හදා ගත්තලු... මගේ ජීවිතේ මම ගෙවන්නම්.. අපි මෙහේ ඉන්නවට අකමැතිනම් කියන්න... නොකා නොබී හරි ඒ මිනිහා එක්ක ඉන්න පුළුවං නිසානේ මම බැද ගත්තේ.. ‘‘ තවත් එතන නොරැදුන මම කාමරයට ගියා. ශානු අයියත් මාත් එක්ක තරහා වෙලා. ඒ එයාගේ විදිය බව මම අත්දැකීමෙන්ම දන්නවා.. මම අකමැති දෙයක් ශානු අයියාට කරන්න ඕනී වුණාම ශානු අයියා කරන්නේ මුලින්ම මාත් එක්ක තරහා වෙන එක. එතකොට මම මොකුත් කියන්න එන්නේ නැති බව එයා දන්නවා. එදා රැය අමනාපයෙන් ගත කළත් පහුවදා උදේම අවදී වුන මම කෑම පාර්ශලය සුදානම් කරලා දුන්නා. මම මොකුත් නොකියා එයාගේ කැමැත්තට ඉඩ දීලා බලන් හිටියේ හැමදාමත් වගේ එයා කරන දෙයින් එයාම මට්ටු වෙලා හැදෙන්න ඇරලා.. මම කියන දේ එකපාරටම පිළිනොගන්න මුරණ්ඩු හිතක් ශානු අයියට තියෙන්නේ. දෙයක් කරන්න හිතුවොත් මම මොන තරම් බලපෑම් කළත් එයා ඒක අත් අරින්නේ නැති බව මම දන්නවා. දවස ගානෙම වගේ ඔට්ටපාළු විකුණලා සල්ලි අරන් ආවා. වරුවෙන් වැඩ ඉවර නිසා හැමදාමත් කලින් ගෙදර ආවා.. හවස් වරුවට අපි වගා කරන්න පටන් ගත්තු වගාව ගැන බලන්නත් අපිට පුළුවන් වුණා. ශානු අයියා සතුටින් ඉද්දී ඒ ගත්තු තීරණය හරිද කියලත් මට වෙලාවකට හිතුණා. ආච්චී අම්මායි මුණුපුරයි සුපුරුදු විදියම තමා.. දෙන්නා එක්ක ඇවිලාලා මගෙන් තරහා පිට කරන එක තමා දෙන්නගේ වැඩේ.. වෙලාවකට දෙන්නම හොදයි. දෙන්නාගෙන් එක්කෙන්ක්ට වත් මම විදින අපහසුතාව තේරුනේ නෑ.. ගේ හදනකන් කියලා ඒ හැමදේම උහුලන්න මම පුරුදු වුණා. ශානු අයියට මාසේට සෑහෙන්න වියදම් ඇති. ආච්චී අම්මා දවස ගානෙම ශානු අයියට ලිස්ට් එක දුන්නා. දැන් ගෙදර සේරම වියදම් දරන්නේ ශානු අයියා. හැලහැප්පිම්, සතුට, දුක සියල්ලම මැද විවාහයෙන් පසු මාසයක් ගත වු බවක් අපිට දැනුනේවත් නෑ. අම්මා කෝල් කරලා මතක් කළ විටයි මටත් සිහි වුනේ. කිසිම සැමරුමක් නොතිබුණත් මීට කළින් ගෙවපු ජීවිතයට වඩා දැන් ගෙවන ජීවිතය කොයි තරම් හොදද කියලා මම මොහොතකට සිතුවා. ‘‘සුදු දූ ලොකු අම්මා කෝල් කලා...‘‘ රාත්රිනයේ ආලින්දයේ රූපවාහිනය නරඹමින් සිටි අපි වෙත පැමිණි ආච්චී අම්මා කිව්වා. ‘‘මොකද කිව්වේ සුදු අම්මේ...‘‘ ‘‘ලොකු අම්මට එහේ ඉන්න බැරිලු මෙහෙ නවතින්න එනවලු...‘‘ ඇය කිව්වේ ශානු අයියා දිහා බලමින් ශානු අයියගේ කැමැත්ත දැන ගන්න වගේ. මමත් ශානු අයියා දිහා බැලුවේ කට ඉස්සර කර ගන්නේ නැතුව. මේ අම්මාගේ තවමත් අවිවාහක සහෝදරියක්. ශරීර ස්භාවයෙන් කිසි අඩුවක් නොතිබුණත් ,තවමත් ඇගේ හැසිරීම පුංචි ළමයෙක් වගේ . මම වැඩියෙන්ම ආස ලොකු අම්මා. අම්මා නැතුව මම ආච්චී අම්මා ළඟ හැදුන කාලේ මගේ තනි නොතනියට හිටිය ලොකු අම්මා. ඇගේ පැමිණීම ගැන මට දැනුනේ කියා ගත නොහැකි සතුටක් සහෝදර සහෝදරියක් නොවු මගේ තනිය මැකූ මා සමග වැලිසෙල්ලම් බත් ඉව්ව ඇය මගේම අම්මා වගෙයි මට දැනුනේ. ‘‘කමක් නෑ නේද ශානු පුතේ...‘‘ ආච්චී අම්මා ශානු අයියගෙන් කෙලින්ම ඇහුවේ ඔහු නිඬන නිසාය. ‘‘අනේ කමක් නෑ ආච්චී අම්මේ ලොක්කා එනවා නම් කොච්චර හොදද?‘‘ ඇත්තට ශානු අයියටයි මටත් දෙන්නටම ඇය දැනුනේ යාළුවෙක් වගේ. අපි ඇයව ඇමතුවේ ලොකු අම්මා කියලා නෙමේ ලොක්කා කියලා. ‘‘හෙට ඒවී... චූටී දු ගෙනත් ඇරලා යනවා කිව්වා.. ‘‘ ‘‘එහෙනම් මට හෙට ඉදන් හොඳට සැළකිලි තියේවී.‘‘ ශානු අයියා මගේ දිහා බලල ඉඟි කරමින් පැවසුවේ මගේ සිත අවුස්සන්නට බව මම දන්නවා. තවමත් පුංචී ළමෙක් ලෙස සිතන පතන නිසාදෝ ලොකු අම්මාගේ හිත බොහොම ත්යාුගශීලි. ඇයි නිවස තුළ සිටිද්දී නිවසේ සියලු වැඩ කටයුතු සිදු වන්නේ ඇගේ අතින්. අපිට මොකුත්ම කරන්න ඉඩ නොතියන ඇය අපි ගැන නිතර සොයා බලනවා. කිව් පරිද්දෙන්ම පසු දින හැන්දා වන විට ඇය අපේ නිවසට ගොඩ වැදුනා. ඇය ඇරලන්නට පැමිණි පුංචී ආපිටටම ආපසු ගියේ අමනාපයෙන් වගේ.. මුහුණට නොකිව්වත් මට මේ ඉඩමෙන් කොටස් දීම ගැන ඇගේ සිතේ කොස්සක් තිබුණා. ‘‘සුදූ... කොහොමද?..‘‘ මම කුස්සියේ රාත්රිනයට උයන්න සූදානම් වෙද්දී ඇය කුස්සියට ඇතුල් වෙමින් ලොකු අම්මා පැවසුවා. ‘‘හොඳයි ලොක්කා...‘‘ ‘‘කෝ අයියා....‘‘පොල් බෑය අතට ගත් ඇය හිරමණයත් රැගෙන වාඩී වුනේ මගෙන් විමසන්නෙත් නැතිව . මමත් ශානු අයියට අයියා යැයි පවසන නිසා ඇයත් ශානු අයියා ඇමතුවේ අයියා යනුවෙනුයි. අයියා යැයි පැමසීම නිසා අපි නිතර ඇයට විහිළු කළත් දොස් නැගුවත් ඇය ඇගේ වචනය අතහැරියේ නැ. ‘‘වෙනදා නම් වරුවෙන් එනවා අද පරක්කුයි ලොක්කා...‘‘ ‘‘ඉන්න අය මදිවට උබත් මෙහෙ නවතින්න ආවට තරහෙද කොහොද?.‘‘ අපි අතරට ආපු ආච්චී අම්මා ඇඟට පතට නොදැනි කියද්දි මට ඇති වුණේ තරහක්. මොකද මම දන්නවා ශානු අයියත් මං වගේම ලොකු අම්මට ආදරේ බව. අනික අපි එයාලගේ ගෙදර නතර වෙලා ඉන්න ගමන් අපිට පුළුවන්ද එයාලට නීති පනවන්න. ‘‘මොනවද සුදු අම්මේ කියවන්නේ... හිතට එන එන ඒවා කියවන්න එපා.‘‘ මම ලොකු අම්මා දිහා බැලුවේ ඇයට දුක හිතිලද දැන ගන්න. ‘‘අනේ අම්මේ පිස්සු කියන්න එපා.. ඒ ළමයා එහෙම නෑ.‘‘ ආච්චී අම්මා දිහා අමනාපයෙන් බලපු ඇය පැවසුවා. ‘‘අන්න අයියා ආවා....‘‘ මොටර් සයිකල් එකේ හඩට මටත් කළින් පාරට දුවගෙන ගියේ ඇයයි. ‘‘අයියේ... මොකද පරක්කු...‘‘ මම වෙනුවට ශානු අයියට කතා කලේ ලොකු අම්මා. මම සිනා සෙමින් බලා වුන්නේ ඇගේ දඟකාර වැඩ දිහා. ‘‘ෂා... ලොක්කා ඇවිල්ලනේ... මොකද අනේ පුංචිලා දිහා හිටියේ අපිත් එක්ක කරහා වෙලාද?.‘‘ ශානු අයියා මොටර් සයිකල් එකෙන් බහින්නෙ නැතුව විමසුවා.. ‘‘මට ඕනී නිසානේ හිටියේ.. කෝ මට මොනවද ගෙනාවේ.. නේද සුදු..‘‘ ඇය ආපසු හැරි මා දෙස බලමින් සිනා සෙමින් විමසුවා. තවත් කොටසකින් හමුවෙමු. සිතුවිලි ගැළපුම සඳු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 14 Apr 2017 07:03 PM කැඳැලි කරා. (කදුලත් සැනසුමක්-2) 04- වන කොටස. වැස්ස නිසාම වල් පායන්නත් ඒ හැටි අමාරුවක් තිබුනේ නෑ. ඒත් වැස්ස නිසා පෙගුණ පොලව පෑගෙද්දී මැටි වෙලා ලාඩම් වගේ කකුල් වල ඇලුණා. ආච්චි අම්මා වත්තේ පිටියේ වැඩ වලට නම් පුදුම කඩිසරයි.. අපිත් එක්කම වත්ත පැත්තට ආව. කටට නිවනක් නෑ අපිට උපදෙස් දෙමින් වැඩ කලා.. දැන් ශානු අයියා මටත් වඩා ආච්චී අම්මා එක්ක යාළු වෙලා.. මුණුබුරයි ආච්චී අම්මයි දෙන්නා එක්ක කට රතු වෙන්න බුලත් විට හපනවා. තව මටත් කන්නලු. " අපෝ මම ආසම නෑ විට කන්න කට මොකද්ද වෙනවා" මම ගෙනාපු ආපු තේ ටික බීලා පුංචී ගලක් උඩ ඇණ තියගෙන ශානු අයියා විටක් හපනවා. "ඒකේ රහ දන්නේ කන අය තමයි නේද ආච්චී අම්මේ.." "ඒක තමා ශානු පුතේ... මම නම් කවුරු එපා කිව්වත් විට කෑම නවත්වන්නෑ."දැන් ඒ දෙන්නා එක පැත්තක් වෙලා.. මට ඒ ගැන හුගක් සතුටුයි . ශානු අයියා මං ඉන්න තැනක සතුටින් ඉන්න එකයි මට වටින්නේ. හිටි ගමන් දෙන්නා ආයෙත් ඔරව ගන්නවා.. කොහොම වුනත් ශානු අයියා ආච්චී අම්මගේ හැටි හොදට තේරුම් අරන් තිබුණා. මම වරදක් කිව්වත් ශානු අයියා කිව්වේ ඒ වයසක අයගේ හැටි සුදු මැණික සද්ද නැතුව ඉන්න කියලා. "සදී.. නංගියා.. කනවා විටක්.."අපි අතර අැති වෙලා තිබුණ නිහඩ බව බිදිමින් ශානු අයියා නැවතත් හඩ අවදී කලා.. "මට එපා ඔය ජරාව... ආච්චී පුතයි කාලා ලෙඩ හදන් එනවලකෝ මට වද දෙන්න..."එහෙම කියලා මම තේ ගෙනාපු වීදුරු ටිකත් අරගෙන නිවස දෙසට හැරුනා. "හේ... තරහා වුනාද? මොනවද මේ පාත්තියේ හිටවන්නේ කියලා යන්නවකෝ...." ආච්චී අම්මයි මුණුබුරයි දෙන්නම මාව විහිළුවට අරන්..මම ආපහු හැරිලා බලද්දී දෙන්නම හිනා වෙවී මගේ දිහා බලන් ඉන්නවා.. "මොකද මුහුද හත්ගව්වක් තියා අමුඩ ගහනවද?" දෙන්නට හොදටම හිනා මම කිව්ව කතාවට.. පාත්තිය හදන තැන සුද්ද කරලා විතරයි හිටවන එක අහද්දී වෙන මොනවා කියන්නද. මම තනියෙම හිනා වෙමින් නිවස තුළට ආවා. "සදී නංගියෝ...." "ඇයි ශානු අයියේ.." නිවස තුල කොප්ප ටික සෝදා එල්ලමින් සිටි මම මිදුලට ආවා. "තව චුට්ටෙන් වහින පාටක් තියෙන්නේ.. නාන්න ඇදුම් අරගෙනම එන්න." මම ආයෙත් වත්තට ගියේ අපි සේරටම නාන්න ඇදුනුත් අරගෙන. කොයි තරම් හිනා වෙලා හිටියත් මගේ හිතේ පුංචී දුකක් නොතිබුනාම නෙමෙයි. රස්සාවක් නොකර ශානු අයියා ගෙදර ඉද්දී ඉස්සරහට අපිට ජීවත් වෙන්න සල්ලී කොයින්ද කියලා මගේ හිත නිතරම ඇහුවා වද දුන්නා. ශානු අයියගේ හිතෙත් ඔය ප්රමශ්නයම ඇති. ඒ මොහොතකට වත් ඒයා ඒහෙම දුකක් මට පෙන්නුවේ නෑ.මට වෙලාවකට හිතුවා මම විතරද මේ දේවල් හිතලා දුක් වෙන්නේ කියලා. "යමු නේද නාන්න අදට ඇති වගේ." හවසට වැස්ස නිසා දවල් කාලය හුගක් උණුසුම්. ඒක නිසාම ශානු අයියා හිටියේ ඉහෙන් කනින් දාඩිය පෙරාගෙන.. "තව චුට්ටනේ ඔය ටික එළි කරලම යමු.. ඔයා ඉදන් ඉන්නකෝ මම පායන්නම්."මම උදැල්ලත් අතට අරගෙන වැඩ පටන් ගද්දී ශානු අයියා ආයෙමත් ගල් පොත්ත උඩ වාඩි වෙලා ගිමන් හරින්න ගත්තා.පුංචී කාලේ ඉදන්ම ගම්බද ජීවිතේකට හුරුවෙලා හිටිය මට කැත්තේ උදැල්ලේ වැඩ ඒ තරම් අමාරු නෑ.. සැරින් සැරේ ගිමන් හරිමින් මම දිගට එළි කරගෙන ගියා. " කෝ දෙන්න සුදු මැනික.. ඔයාට මහන්සී.. තව චුට්ටනේ ටග් ගාලා ඉවර කරන්නම්."ශානු අයියා මගේ ළගටම ඇවිත් කතා කරන කොට මම උදැල්ලට වාරු වෙලා දිගැහැරුනා. "මම කරන්නම් ශානු අයියේ.. මහන්සී නෑ.." "මෙහේ දෙනවා හොර කෙල්ල .. ඔයා දැන් රෑට බයියං උයන්නත් එපැයි.." ශානු අයියා ඒකෙන් අදහස් කලේ මට තව වැඩ තියෙන බව. මම උදැල්ල දීලා අයින් වෙන්න උත්සහ ගද්දිම.. දහඩිය නිසා සීතල වුණ හාදුමක් මගේ මුහුණ මත පතිත වුණා. ඒ අනපේක්ෂිත සිදුවීමෙන් මගේ හිතට රිංග ගත්තු උතුරා යන සෙනහස කිව්වෙම ශානු අයියගේ දහඩිය නෑවුන සිරුරේ උණුසුම විද ගන්න කියලමයි. ඒත් එක පාරටම මතක් වුණේ ආච්චී අම්මා ඉන්න බව.. අකමැත්තෙන් වුනත් ශානු අයියා ලගින් දුරස් වුන මම තනිවම සිනහා වෙමින් බලන් හිටියා. විඩෙන් විඩේ මගේ දිහා බලලා ඉගි කරන ශානු අයියගේ දිලසෙන ඇස්දෙක මට ලොකු කතාවක් කියන බව මට දැනුනා. වැඩ නිම වී ඔයට ගිය අපි සීතල වතුරින් නව ප්රවබෝධයක් ලැබුවා.. වැස්ස නිසා ඔයේ වතුරත් වැඩී වැඩය ගැබුරට යන්න බෑ.. අයිනට වෙලා නා ගත්තු අපි ගෙදරට ආවා. ආයෙත් තේ ටිකක් හදලා දුන්නෙ ඒ වෙද්දී.. යාන්තමට ඇද හැළුනු වැසසෙන් ගසාගෙන එන හිරිකඩ වල සීතල මකන්න හිතාන. කුස්සියේ දොර ළග අසුනක වාඩී වෙලා හිටිය ශානු අයියා වහලේ ටකරන් පීලී මතින් වෑස්සුන දිය පහරවල් දිහා බලාගෙන හිටියා. ශානු අයියගේ තුරුලට වෙලා මටත් මේ හිරිකඩ වැස්ස දිහා බලන් ඉන්න ඇත්නම්.. මගේ හිත පොරකෑවා. එහෙම නිදහසක් අපිට දැන්ම විදින්න බෑ.. මම මගේ හිතටම තරවටු කලේ අපිටම කියලා කැදැල්ලක් හදා ගන්නකන් ඉවසපන් කියලා. මහන්සිය නොබලම මම රෑට උයන්න පටන් ගත්තා.. එන්න එන්නම වැස්ස තද වෙද්දී ලොකු වැසි බිංදු ටකරන් වල ගැටෙමින් විශාල ඝෝසාවක් ඇති කලා. ඒ හඩ දෙසවන් වල පිරිලා යද්දී වෙන මොනවත්ම හඬක් නොඇසෙන තරම් වුනා. "සීතලයි සුදු මැණික.."ලිප මත වු ව්යාංලජනයක ලුණු බලමින් සිටිය මගේ පිටුපසින් ඉන වටා දෑත් දවට ගත්තූ ශානු අයියා මාව තුරුළු කර ගත්තා. මට පුරුද්දට වගේ වටපිට බැලුනේ ආච්චි අම්මා සිටින ඉසව්වක් බලන්න. "මොනවද රත්තරං හොයන්නේ..." " සුදු අම්මා.. කෝ.."ඊට ප්රමතිචාරයක් නොදක්වපු ශානු අයියා මගේ ගෙල සහ මුහුණ පුරා හාදු තැබුවා. "සුදු අම්මා එයි ශානු අයියේ.. ශානු අයියා මගෙ උරහිස් දෙකෙන් අල්ලලා එයාගේ පසට හරවගද්දී මම ආයෙමත් කිව්වා. "ආච්චි අම්මා නිසා.. අපි ඉස්සරටත් වඩා හුගක් ඈත් වෙලා සුදු මැණික.. මට දැන් නිදහසේ ඔයාගේ තුරුලෙවත් ඉන්න නෑනේ...." ශානු අයියා එහෙම කියද්දී මගේ පපුව ඇවිලිලා යනවා වගේ මට දැනුනේ. ශානු අයියා කියන්නේ ඇත්ත. අපි විවාහා වෙන්න කලින් එයාලගේ ගෙදරදී මීට වඩා හුගක් නිදහසේ හිටියා. දැන් මගේ හිමිකාරයා වෙලත් මගෙ උණුසුම විදින්න ඔහුට නිදහසක් නැ. කාගේ වරදද කියලා තේරුම් ගන්න මට හැකියාවක් නෑ. " අපි කාමරේට යමු ..." "බයි උයලා ඉවරද සුදු මැණික.." අපි දෙන්නගේ ලෝකයේ අපි දෙන්නාම විතරක් වුණ වෙලාවට ශානු අයියගේ වචනත් පුංචී හුරතල් දරුවෙක්ගේ වගේ වෙනවා. හැසිරීමත් ඊටම සමානයි වැඩි වෙනසක් නෑ. "ඉවරයි මගේ අයියේ.. ඉන්න මම කෑම ටික වසලා එන්නම් බාකිනි නැද්ද?" "බාකිනී හුගාක්..." මගේ තුරුලෙම දැවටුනු ඔහු මගේ වැඩ ඉවර කර ගන්න ඉඩක් දුන්නෙම නෑ. ‘‘බාකිනි නම් කලා ඉමු අයියේ.‘‘ මම කිව්වේ ආදරෙන් ඒ මුණ දිහා බලන ගමන්. ‘‘බයි බාකින්නක් නෙමේ..‘‘ ‘‘ආ .. එහෙමද?.‘‘ මම කිව්වේ එයාගේ අතක් හිමීට කොතිගහන ගමන්. වාර්ෂාව නිසා අවට පරිසරය තුළ ඇති වුණ සුවදායී සීතල සෞම්‍යම භාවයත්, අපේ ඥහ අපට නෑසෙන තරම් වූ පියස්ස මත ගැටෙන දිය බිදු වල හඩ අපේ සවන් පිරී යද්දී දැනුන නිදහස් බව අපේ බැඳිම තව තවත් හන්දක් ලැබී තිබුණා. ‘‘සුදු දූ... සුදු.. දු.. ඔයාලා නිදිද.‘‘ ඒ හඬ යාන්තමට ඇහෙද්දී මම ඇස් ඇරලා බැලුවා. ඒ වෙද්දී ආච්චි අම්මා සුපුරුදු පරිද දොර උළු අස්සට හේත්තු වෙලා බලන් ඉන්නවා. හදිස්සියෙන් පොරවණය ඇදලා අරන් මම තව තවත් ඒ තුළට ගුළි වුණේ කොහෙ එනවද මන්දා ලැජ්ජාවක් නැති හැටි කියා සිතින් දොස් නගන ගමන්. ‘‘කන්නෙත් නැතුව දිගටම නිදා ගන්නද හිත..‘‘ ‘‘තව ටිකකින් එන්නම් සුදු අම්මේ...‘‘ මම කිව්වේ ආච්චි අම්මා දිහාවත් නොබලමින් මට ඇය දිහා බලන්නට දැනුනේ ලොකු අපහසුතාවයක්.. ඇත්තටම එක්කෝ මේ මනුස්සයට පිස්සු.. නැත්තම් අපිට පිස්සු. මම ආයෙත් දෑස් පියා ගත්තේ නිදා ගන්න හිතාගෙන. ‘‘නැගිටලා එනවකෝ සුදු දූ...‘‘ඇය කාමරේ බල්බය දල්වද්දී මගේ දෑස හැර ගන්නටත් මට අපහසු වුනේ කාමරය තුළ වු මද අදුරට දෑස් හුරු වී තිබු නිසාය. ‘‘මොකද අනේ වද දෙන්නේ.. ඔය ලයිට් එක නිවන්නකෝ...‘‘ මම දෑතින්ම ඇස් දෙකට උඩින් තබා දෑස්වලට අදුර ලබා දෙමින් කිව්වා. බල්වය නිමා නොදැමු ඇය කේන්තියෙන් වගේ මගේ දිහා බලන් හිටියා. ‘‘යමු යමු මම එන්නම්...‘‘ ඇය පිටවී ගිය පසු මම ඇදෙන් බසින්නට සූදානම් වුණා. මම ඇඳ මත වාඩි වෙනවාත් සමඟ ශානු අයියා මගේ ඉණ වටේ අතක් දමා ගමන වලක්වන්න වුණා. ‘‘කොහොද යන්නේ හොර ගෙඩියා වගේ..‘‘ ‘‘දැන් රෑ වෙලා ශානු අයියේ.. කෑම ටිකක් කලා ඉමු..‘‘ ‘‘පස්සේ කන්න බැරියෑ සුදු මැණික.. ඔහු ආයෙත් මා යහන මතට ඇදගෙන මගේ ළය මත මුහුණ හොවා ගත්තා. මගේ හිතටත් ඒ ඇසුරින් මිදෙන්න පුංචිම ආසාවක් වත් තිබුණේ නෑ. මොහොතකට ආච්චී අම්මාට එන බව පැවසු බව අමතක කළ මම ඔහුගේ හිස පිරිමදිමින් එලෙසම වුන්නා. ‘‘සුදු.. දූ.. කාලා හිටියා නම් නරකද?‘‘ ආයෙමත් ආච්චී අම්මා කාමරේ තිර රෙද්ද මෑත් කරමින් පැවසුවා. එවර අපිටත් වඩා කළබලයට පත් ඇය ආවටත් වඩා වේගයෙන් පිටව ගියේ මොනවාද මුමුණමින්. මට දැනුනේ විශාල ලැජ්ජා සහගත බවක් මම ශානු අයියාගෙන් දුරස් වෙන්න උත්සහ ගත්තා. ‘‘ඇයි යන්නේ..‘‘ ‘‘සුදු අම්මා....‘‘ මම හිතට දැනුන අපහසුව සමගම කිව්වා.. ‘‘හොද වැඩේ කාමර වලට එබෙනවට.‘‘ ‘‘ඒත්ශානු අයියේ...‘‘මගේ හිත තරමක් තිගැස්සිලා තිබුණා. ‘‘සුදු දූ.. ඔය සමයං නැටිල්ලේ ඉවරයක් නැද්ද?.‘‘ කුස්සියේ ඉදන් ඇහුණ ආච්චී අම්මාගේ හඩින් මම ගැස්සිලා ගීයා. ආච්චී අම්මා තවත් මොනවදෝ කියලා අපිට දොස් කියද්දී මම ශානු අයියගේන් මිදිලා කුස්සියට ගියා. කෑම කන්න නෙමෙයි අපිට සිද්ද වුනේ ආච්චී අම්මගේ බණ දේශානාව අහගෙන ඉන්න. එයාගේ කතාව අසාධාරණයි. ඒත් ලැජ්ජාවක් නැතුව කියන කතා වලට එරෙහිව කතා කරන්න මට නොහැකි වුණා. ශානු අයියත් නිහඬයි. සියල්ලම අහගෙන සිටි ඔහු අවසානයේ පැවසුවේ‘‘ මම නම් යනවා සුදු මැණික ගෙදර ඔයාට ඕනී නම් මෙහෙ ඉන්න. ඔයා මගේ වයිප් නෙමෙයිද? මම මෙහෙම දේවල් මං අහගන්නේ..‘‘‘‘‘ඔහුගේ කතාවත් සාධාරණ බව මගේ හිත එක හෙලාම පිළිගත්තා. මම කියලා මොනවා කරන්නද?. ‘‘අපි ගේ හදා ගන්නකන් ඉවසමු ශානු අයියේ.‘‘ ‘‘ඔයා හිතනවද මේ ඉඩමේ ගෙයක් හැදුවා කියලා අපිට නිදහසේ ඉන්න ලැබෙයි කියලා.‘‘ ශානු අයියා එහෙම කිව්වේ අද වුණාට.. මම මේ පොරොන්දුව දුන්න දවස්වලම එහෙම හිතුවේ ආච්චී අම්මාගේ හැටි පොඩිකාලේ ඉදන්ම දන්න නිසායි. ...................................................................................................... ‘‘සුදු මැණික හෙට උදේම ඇහැරලා උයන්න මම හෙට ඉදන් වැඩට යනවා..‘‘ හවස් වරුවක මිදුලේ තිබුණු ගල් බංකුවක වාඩී වෙලා අහස දිහා බල බල ශානු අයියා කිව්වා. ‘‘කොහේද වැඩට යන්නේ.. ඔයා මට තාම ඔයාගේ අළුත් ජොබ් එක ගැන කිව්වේ නෑනේ.‘‘ ඔහු අසලම වාඩි වෙලා හිටය මම කිව්වා. ‘‘මම මාමා එක්ක ආයි කිරි කපනවා...‘‘ ‘‘කිරි කපනවා...‘‘ මම පුදුමයෙන් විමසුවේ ශානු අයියා කිරිකපන්න යනවට මම අකමැති නිසා.. යලි හමු වෙමු. සිතුවිලි ගැලපුම සඳු. දිනයක වැටහේවී........... chamaramindMost Senior MemberPosts:13471 13 Apr 2017 04:45 AM ඊළග කොටස එනකන් බලාගෙන ඉන්නවා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... kingDVeteran MemberPosts:3309 12 Apr 2017 10:11 AM අලුත් කථාවක් නේද ඔන්න එහෙනම් මාත් සෙට් වෙනවා මුල ඉදන්ම කියවන්න.. ස්තූතියි සදුනි න0ගි Business, you know, may bring money, But friendship hardly ever does. chamaramindMost Senior MemberPosts:13471 12 Apr 2017 05:07 AM අපේ පැත්තේ වහින්න වගේ ඉතුරු ටික කියවන්න ඕන හිමිහිට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... indika76Most Senior MemberPosts:10449 11 Apr 2017 09:34 PM හවසට කියවන්න ඕන... සඳුනිVeteran MemberPosts:2462 11 Apr 2017 07:27 PM කැඳැලි කරා. (කදුලත් සැනසුමක්-2) 03- වන කොටස. මොන තරම් ඇහුවත් ශානු අයියා ජොබ් එක ගැන මොකුත්ම කිව්වේ නෑ.. ඒ හින්දම මගේ හිතේ ලොකු බයක් දැනෙන්න අරන් තිබුනේ, ශානු අයියා මගෙන් ජොබ් ගැන හංගන්නේ ඇයි කියලා. මම දන්නවා ශානු අයියා මම තරම්ම දුර හිතන්නේ නෑ.. ඒත් එයා ගන්න තීරණත් වරදින්නෙත් නෑ... ඒත් මට මේ සිද්ද වෙන්න යන දේ ගැන් අමුතුම බයක් දැනෙන්න ගත්තා. "බහින්න සුදු මැණික... මොනවද ඔය තරම් කලපනා කරන්නේ" බයික් එක ගේ ඉස්සරහටම ඇවිත් නතර වෙනකන් මම දන්නේ නෑ. ශානු අයියාගේ හඬින් ගැස්සිලා ගිය මම පියවි සිහියට ඇවිත් බයික් එකෙන් බිමට බැහැ ගත්තා. ඇදිරි වැටෙන්නටත් ළං වෙලා තිබුනා. මම ඉක්මනින්ම කුස්සියට යන්න සිතාන ගෙට ඇතුල් වෙන්න හැදුවා.. "සුදු.. දූ... මොකද පරක්කූ.. මම මේ දෙවියන්ගෙන් ඉල්ල ඉල්ල හිටියේ කරදරයක් වත්ද කියලා බයේ." මගේ මග හරස් කර ගත් ආච්චී අම්මා කිව්වා. " ටිකක් පරක්කූ වුණා සුදු අම්මේ... " "ඒක මිසක්... මම හිතුවා එහේ නතරම වෙලා වත් ද කියලා.. ශානු පුතා ඉතිං මෙහෙ ඉන්නේ වැඩි කැමැත්තකින් නෙමෙයිනේ."ආච්චි අම්මා ඒක කිව්වේ ශානු අයියා දිහා හොරෙන්බලන ගමන්. මම දැක්කා ශානු අයියගේ මුහුණ අදුරු වෙද්දී ආච්චී අම්මාගේ මුහුණට නැගුණ කුරිරු හිණාව. මොකුත්ම කිව්වේ නැති ශානු අයියා මගේ දිහා දුකෙන් වගේ බලලා ටැංකිය පැත්තට ගියා. "මොනවද සුදු අම්මේ .. ඔයා ඔය කියන කතා.. ඔයා ඔහොම කියද්දී ඒ මනුස්සයට තවත් මේ ගෙදර ඉන්න එපා වෙනවනේ.." ඒ වෙද්දී හිත ඇතුලේ බුර බුරා නැගුණ කේන්තිය ඉවසමින් මම කිව්වා. එන්න එන්නම මගේ ඉවසීමේ සීමාව පනින්න ළං වෙනවා. "මම කිව්වේ ඇත්තනේ..." " අනේ සුදු අමිමේ මට පව් පුරවන්න එපා... පිං සිද්ද වෙයි... අකමැති නම් කෙලින්ම කියන්න.. මම යන්නම් ශානු අයියලෑ දිහාවටම." කෝපය පිරිනු වචන මුව තුළ පොර කද්දී මම ඒ වචන හිර කරගෙන ගේ ඇතුලට ගියා. "මොනවද කියන්නේ... පව් පුරවන්න එපා කියන්නේ... මං කියන්නේ ඇත්ත..." කාමරයට ඇතුළු වුන මට ආච්චී අම්මා සද්දෙට කිව්වා. දැන් නම් මගේ කට නළියනවා. ඇදුම් ලගලවපු,වේගය මට වත් මතක නෑ, දිය රෙද්ද ඇද ගත්ත මම ඇදුමි වගයකුත් අතේ එල්ලගෙන ආයිත් සාලය හරහා එළියට යන්න ආවා. "කියනවා සුදු දූ.. මම දැන් මෙතන වැරදීකාරයා." "නෑ... මමයි මෙතන වැරදීකාරයා... මගේ අම්මගේ ජීවිතෙත් විනාශ කරන්න ඇත්තේ මෙහෙම තමා.. " ඒ වෙද්දී දුකත් තරහත් එක්කම කදුළු බිංදු දෙකක් ඇස් අගට උණලා තිබුණා. බිදිලා ගිය කටහඬින් එහෙම කියාන මම වේගයෙන් එළියට ආවා. ‘‘මොකද්ද සුදු දූ.. ඒ කතාව...‘‘ ආච්චී අම්මත් නැවැත්තුවෙ නෑ දිගින් දිගටම මගෙන් ප්‍රශ්ණ කලා. ‘‘මගේ කටින්ම අහගන්න ම ඕනෙද?.‘‘ ‘‘ඔව් කියමු බලන්න....‘‘ කොහොම හරි හිත තද කර ගත්තු මම නැවත වචනයක් වත් කතා කලේ නෑ. ශානු අයියා එක්කවත් කතා කරපු නැති මම අඬ අඬාම රෙදි ටික සේදුවා. ශානු අයියටත් කියන්න කරන්න දෙයක් තේරෙන්නේ නැතුව ඇති. මම හයියෙන් ටැංකිය ලග තිබුණ ගලේ රෙදි පොළවේ ගහලා කේන්තිය දුක අඩු කරගන්න හදද්දී ශානු අයියත් ඔහේ බලන් හිටියා. කාලය ගෙවුනන් දිනෙන් දිනම බහින් බස් වීම් වැඩි වුණා මිස කිසිම අඩුවක් සිදු වුනේ නෑ. ඉවසා ඉවසලා බැරිම තැන මමත් ආච්චී අම්මගේ හිත රිදෙන වචන කීපයක් කිව්වා. ඒ වචන වලිනුත් රිදුනෙත් මට විතරයි. එයාට ඒ දේවල් ගැන කිසිම හැගීමක් තිබුනේ නෑ. ශානු අයියගේ සෙවනේ හරිම සුන්දර ජීවතයක් ගෙවන්න පෙරුම් පිරුව මට උරුම වෙලා තිබුනේ අනිත් අයගේ හිත් හදන්න ඕනේ නිසා මම හිතින් විඳවන ජීවිතයක් . වෙලාවකට මට හිතුණා ශානු අයියා හරි සතුටින් ඉදීනේ ඒක නිසා ආයෙත් ශානු අයියලාගේ ගෙදර යන්න. ඒත් ඒ ගෙදරදී මට වෙච්ච දේවල් මතක් වෙද්දී මට එහේ යන්න හිත හදා ගන්නම බෑ. ........................................................................................................ ‘‘ සුදු මැණික.. තේ ටිකක් හදන්නකෝ.‘‘ ශානු අයියා ගෙට ගොඩ වුනේම එහෙම කියාගෙන. වැසි බර දිනයක් නිසා ඇග පුරා වතුර බේරෙන්වා. වැසි කබාය ගලවලා මෝටර් සයිකල් එක උඩට දාපූ ශානු අයියා ඇවිත් ආලින්දයේ රෑපවාහිනිය ඉදිරියේ වාඩි වුනා. ‘‘ශානු අයියේ ඇයි.. ඔය ඇඳුම මාරු කරන් ඉන්න... බලන්න ඔයා හොදටම තෙමිලා.‘‘ තුවායක් ගෙනල්ලා එයාගේ ඔලුව පිහිදාන ගමන් මම කිව්වේ. ආච්චී අම්මත් ඒ ළගම පුටුවකට බර වෙලා අපි දිහා බලන් හිටියා. ‘‘ඇයි අනේ ඔහොම ඉන්නේ අවුලකද?. ඔලුව පිහදාලා ඉවර වෙද්දී මම ආයිත් ඇහුවා. ‘‘ ඒත් ශානු අයියා බර කල්පනාවක.ආච්චි අම්මත් අද කතාවක් බහක් නෑ .. ශානු අයියා කතා කරන කන් බලන් ඉන්නවා. ‘‘ආ... ඇදුම මාරු කරන් ඉන්න ශානු අයියේ.. ‘‘ මම සරමක් ගෙනත් අතටම දුන් පසු ශානු අයියා අසුනින් නැගිටලා ගේ ඇතුළට ගියා . ඉක්මණින් තේ හදන්නට හිතපු මම කේතලය ලිප මත තියලා ආයෙමත් කාමරය පැත්තට ආවා. ‘‘චුට්ටක් මෙහාට එන්න සුදු මැණික.‘‘ මාව දැක්ක ගමන් ඇස් උස්සලා මගේ දිහා බලපු ශානු අයියා මාව ළගට කර ගත්තා. මගේ උකුලෙන් ඔලුව තියාන ආයෙත් කල්පනා කරන්න වුණා. ‘‘ඇයි අනේ... මට බයත් හිතෙනවා.. හේතුව කියන්නකෝ.‘‘ ‘‘මම ආයි වැඩට යන්නේ නෑ සුදු මැණික.‘‘ ඒ වෙලාවෙම වගේ ජනෙල් කවුළුවේ වීදුරු පියන අතරන් වැටුන විදිලි කෙටීම් එළියත් එක්ක එක පාරටම මට අකුණක් වැදුනා වගේ දැනුනේ. මම පුදුමයෙන් වගේ කරන්න ඕනේ මොකද්ද කියලා හිතා ගන්න බැරිව මොහොතක් බලන් හිටියා. ‘‘ඔයා අස් වුණාද?.‘‘ ‘‘ඔව් අස්වීම දීලා ආවේ.‘‘ උකුලේ නිදාගෙන හිටිය ශානු අයියා මගේ මුහුණ දිහාම බලාගෙන කිව්වා. ඒ ඇස් වල ලියවිලා තිබුනේ මම වරදක්ද කලේ සුදු මැනික.. කියන්න වගේ හැගීමක්. ලොකු සුසුමක් පිට කරපු මම වහලා දාලා තිබුණ ජනෙල් කවුළුවේ විදුරුවෙන් විදිලි කෙටීම් වලින් ඇති වුන ආලෝක ගැටීමි දිහා බලාගෙන හිටියා. ‘‘දුකයිද මගේ කෙල්ලේ...‘‘ ‘‘දැන් ඉතිං ඒක වෙලා ඉවරයිනේ... ඔයා අකමැති නම් අමාරුවෙන් එතන වැඩ කරලා වැඩක් නෑ.‘‘ ‘‘හ්ම්ම්ම්...‘‘ මගේ වදනත් එක්කම ලොකු වරදක් කලා කියන හැගීමෙන් අදුරු වෙලා තිබුණ ශානු අයියගේ මුහුණේ පුංචී හිනාවක් ඇදුනා. ‘‘මොනවද සුදු දු කියන්නේ.‘‘ ආච්චී අම්මා අපේ කාමරේ උළුඅස්සට හේත්තු වෙලා බලන් ඉන්නවා දකිද්දී ශානු අයියා ඉක්මණට මගේ උකුලෙන් නැගිට්ටා. ‘‘ශානු ළමයා රස්සාවෙන් අස් වෙලාද?.‘‘ ‘‘හ්ම්ම්ම් ඔව්..‘‘ මම කිව්වේ නොරිස්සුමෙන් ... හැම වෙලේම අපි කතා කරන හැම වචනෙම අහන් ඉදලා ආයෙත් මගෙන්ම ප්‍රශ්න කරනවා. මට තරහා එන එක වැරදි නෑ. ‘‘ඒ ඇයි..‘‘ ‘‘දුර වැඩීලු...‘‘ මම කාමරන් පිටවෙන්න සැරසෙමින් කිව්වා. ‘‘එහෙම කියලා කොහොමද?... දැන් පවුලක් නඩත්තු කරන්න ඕන නේද?.‘‘ ආච්චි අම්මා ආයෙත් කියන්න වුණා. ‘‘වෙන ජොබ් එකක යයි සුදු අම්මේ..‘‘ එහෙම කියාන මම කුස්සිය පැත්තට ගියේ තව තවත් ශානු අයියගේ හිත රිද්දනවා බලන් ඉන්න බැරි නිසා. මට ශානු අයියට බල කරන්න බෑ. එයා මං වෙනුවෙන් කරපු කැපකිරීම් ඉස්සරහා මම හැමදාමත් ණයගැතී. ඉස්කෝල ජීවිතය ඉවර වෙන්නත් කලින් ශානු අයියා මගේ ජීවිතේ බාර ගත්තේ. නිදහසේ කොල්ලෙක් වගේ ඇවිදලා , යාළුවො එක්ක විනෝදෙන් ගෙවන්න තිබුණු කාලය එයාට මම නිසා නැති වුණා. මම ඒ ගැන හිතින් දුක් වුණා. ඒත් අඩුව එයාට දැනෙන් ඉඩ තිබ්බේ නෑ. මම කුස්සියට ඇතුල් වෙලා උතුරමින් තිබුණ කේතලය කඩමල්ලකින් අල්ලලා අතට ගත්තා.. මට තවමත් ඇහෙනවා ආච්චී අම්මා ශානු අයියට මොනවද කියවනවා... ශානු අයියා හරිද ආච්චී අම්මා හරිද මට හිතා ගන්න බෑ. මගේ හිතෙත් ජොබ් එකක් කරන්න ඕනී කමක් තිබුණා. ඒ අපේ ජීවිත අපි දැන් ඉන්න තැනින් ගොඩ ගන්න... ආදරේ ඉස්සරහා අපි දෙන්නම ඉක්මන් වුණා වැඩි බව නම් ඇත්තක්.. සමහර විට ඒක ලොකු වරදක් වෙන්නත් පුළුවන්.. ඒ ගැන හිතනවාට වඩා වැරදුනු තැන් හදාන ජීවිතේ ඉස්සහට ගෙනියන්නයි මට ඕනේ වුනේ. "ඇති සුදු අම්මේ දැං... වුණ දේ වුනා.. අපි මෙතන කෑ ගැහුවා කියලා ඒක අයි හරියන්නේ නෑනේ" හදාගෙන ආපු තේ දෙකෙන් එකක් ආච්චී අම්මගේ අතට දීපු මම අනිත් තේ එක ශානු අයියටදුන්නා. මගේ හිතෙත් ශානු අයියා එක්ක පොඩි නොරිස්සමක් ඇති වුනේ හැමදේම මටත් හොරා කරන හින්දා. ........................................................................................................................ දවස් ගනනාවක් එක දිගට වැසිබර කාළගුණයක් පැවතුණ නිසා ශානු අයියා ගෙදරින් පිට ගියෙම නෑ. උදේ වරුව යාන්තමට ඉර එළියක් වැටෙද්දී නිකන් තියෙන ඉඩමේ මොනවා හරි හිටවමු කියලා ශානු අයියා මාවත් අඬගහගෙන වත්තට ගියා.. තවත් කොටසකින් හමු වෙමු. සිතුවිලි ගැළපුම සඳු. <!--[if !supportLineBreakNewLine]--> <!--[endif]--> දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 09 Apr 2017 02:33 AM ආච්චි මාර roiter නේ chamaramindMost Senior MemberPosts:13471 08 Apr 2017 06:06 PM ආච්චිත් අනුන්ගේ කාමරවලට රිංගලානේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... සඳුනිVeteran MemberPosts:2462 08 Apr 2017 01:23 PM කැඳැලි කරා. (කදුලත් සැනසුමක්-2) 02- වන කොටස. තේ හදන එක පැත්තකින් තියලා මමත් ඉක්මණින් ටැංකිය ළඟට ගියා. ‘‘සුදු දු මේ රෑ වෙලා නාන්න එපා කියන්න.‘‘ ආයෙමත් ආච්චී අම්මා ගේ ඇත්ලේ ඉදන් කෑ ගහන්න ගත්තා. මම ඉබේටම ශානු අයියා දිහා බැලුවා. යන්තමට මුණට වැටිලා තිබුණ ලයිට් එළියෙන් දැක්කේ ශානු අයියාගේ මුහුණේ ඇදිලා තිබුණ පුංචි හිනාව. ඉන් මට ලොකු අස්වැසිල්ලක් දැනුනා. මම හිතුවේ ශානු අයියා මාත් එක්කත් තරහෙන් ඇත්තේ කියලා. ඇත්තට මේ වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න ශානු අයියට පුළුවන්වෙලා තිබුණා. ‘‘හරි සුදු අම්මේ...‘‘ මම ශානු අයියා දිහා පුංචී හිනාවකින් බලන ගමන් කිව්වා. ‘‘ආච්චී අම්මා හරිම කටර් එකක් නේද?.‘‘ ‘‘හ්ම්ම්ම්... ඒ එයාගේ හැටි.‘‘ මිදුලේ කොණකට වෙන්න සිමෙන්තියෙන් හදලා තිබුණ මගේ ඉණට විතර උස ටැංකියට හේත්තු වුණ මම ශානු අයියා නානකන් තනි රැක්කා. ආච්චි අම්මා ඉස්සරා ශානු අයියා මට පොඩ්ඩක් විතර නපුරු විදියට හැසිරුණත් ,අපි තනි වුණාම එහෙම නෑ. මට තිබුණ ආදරේ නම් කිසි අඩුවක් නෑ කියලා මට ඒ දැනුනා. ‘‘ඔය ඉතිං... එපා කියද්දී නෑවා නේද?..‘‘ ශානු අයියා නාලා ගෙට ගොඩ වෙද්දිම ආච්චී අම්මා ආයෙත් කිව්වා. මගේ දිහා රවලා බලපු ශානු අයියා කෙලින්ම නැවතුනේ කාමරේ ඇදට වැටිලා. මොනවා කරන්නද ඉවසන්න ඕනෙනේ.. මම තවත් මොකුත්ම නොකියා කුස්සියට ගියේ තේ ටික හදන්න හිතාන. ‘‘හා.. හා... දෙන්නට කැමතී දෙයක් කරන එකයි.. මම ආයි මොකුත් කියන්න එන්නෑ.‘‘ ආච්චී අම්මා ටිකක් සද්දෙට කිව්වේ මට කුස්සියටම ඇහෙන විදියට. මම මොකුත් කියන්න ගියේ නෑ .මම දන්නවනේ දැන් ඔහෙම කිව්වට අගේට තව ටිකකින් ආයෙත් උපදෙස් දෙන්න පටන් ගන්නවා. ඒක එයාගේ හැටි.. මම ඉවසුවට ශානු අයියට හැමවෙලේම ඉවසන්න බෑනේ. ආච්චී අම්මා ඒක ටිකක් තේරුම් ගන්න ඕනේ. මම තේ එක කාමරේට ගිහින් දුන්නම මට පුම්බගෙන එයත් තේ ටික බිව්වා.. ටීවි බලන්න අඩ ගැහුවම ඒකටත් බෑ කිව්වේ ආච්චී අම්මා ටීවි බලනවට වඩා අපි කතා වෙන ඒවට ඇහුම් කම් දීගෙන ඉදලා ඒවට උත්තර බදින නිසා වෙන්න ඇති. කෑම ටිකත් කාමරේටම ගෙන්නගෙන කාපු ශානූ අයියා මහන්සියට එහෙමම නිදා ගත්තා. ................................................................................................... සති කීපයක් ගෙවිලා ගියා. ගෙදර තත්වය නම් ඒ විදයමයි. ආච්චී අම්මයි මුණුපුරයි ඔරෝ ගන්නවා.. අහිංසක මිණිපිරි දෙපැත්තෙන්ම තැලෙනවා. මට එක්කෙනෙක්ගේ වත් පැත්තක් ගන්න බෑ. මම දෙන්නවම සනස සනස ඉන්නවා. ‘‘අද නම් හරිම මහන්සී සුදු මැණික... මට කෑමත් එපා මම නිදා ගන්නවා..‘‘ වැඩ ඇරිලා ආපු ගමන්ම ඇග පොඩ්ඩක් හෝදගෙන ශානු අයියා ඇදට වැටුනේ තේ එකවත් එපා කියලා. මම අමාරුවෙන් බත් කටක් දෙකක් කැව්වත් එයා අවුලෙන් ඉන්න බවක් තමා මට දැනුනා. සේරම වැඩ ඉවර කරලා අපි දෙන්නා කලින් නිදා ගන්න කියලා සැරසුනත් ආච්චී අම්මා තාම ටිවී බලනවා. ටීවි එක සද්දෙට දාගෙන. එපා කියන්ත් බෑ .අපි ලයිට් නිවා ගත්තා. අපි නිදා ගත්තම වත් එයා නිදා ගනීනේ කියලා. ‘‘අනේ නින්ද යන්නේ නෑ සුදු මැණික අර සද්දෙට.‘‘ ශානු අයියා ඒක කිව්වේ රහසිං වගේ කණට කරලා.. ‘‘අනේ එයාට මොකුත් කියන්න බෑ ශානු අයියේ.‘‘ ‘‘අපි අපේ ගෙදර යමු සුදු මැණික මට දැන් මේ දේවල් ඇති වෙලා... තව කොච්චර කල් ඉවසන්නද?.. අපිට නිදහසේ වචනයක් කතා කරන්න වත් තියෙද?.‘‘ මාව තුරුළට අරන් ශානු අයියා යාප්පුවෙන් කියන්නේ මගේ කැමත්ත ගන්න බව මම දන්නවා. ඒත් මම කොහොමද මම ඒ ගෙදර ඉන්නේ.. ශානු අයියට මෙහේ ඉන්න බෑ ..මට එහේ ඉන්න බෑ. ‘‘අනේ ඉක්මණට ගේ හදාගමු.. එතකන් ඉවසමු මගේ අයියේ.. ‘‘ ‘‘තව කොච්චර කල් ඉවසන්නද ? සුදු මැණික ... මම අම්මලෑ දිහා යනවා ඔයා එනවද?.‘‘ ශානු අයියා ස්ථිර හඩින් අහද්දී මගේ හිත තරමක් ගැස්සුණා. ‘‘ඔයා දන්නනේ මගේ අයියේ මට එහේ ඉන්න බෑ.‘‘ ‘‘මටත් මෙහේ ඉන්න බෑ... ‘‘ශානු අයියගේ හඩ හරියට මුරණ්ඩු වෙලා මොකද මේ එක පාරටම කියලත් මට හිතුණා. එක පාරටම නෙමේ ආපු දවසේ ඉදන්ම කරදර වලින් ඉවරයක් නෑ. වෙඩින් එකට කලින් නම් කිව්වේ ආච්චී අම්මා චූටී මාමා එක්ක යනවා කියලා. ඒත් ආච්චි අම්මා මේ ගෙදරින් පිට යන්න කැමතී නෑ. අපිට ඉන්න එකනම් අවුලක් නෙමෙයි. හැම එකට ඇගිලි ගහන එක තමා අවුල. ‘‘අනේ එහෙම කියලා කොහොමද?.‘‘ ‘‘බලන්න මට වැඩට යන්න කොච්චර දුරයිද? තෙල් වලට මොන තරම් වියදමක් යනවද? මට දැන් ඇති වෙලා.. ඔයා ඉන්නවා නම් මෙහේ ඉන්න.. මම ගෙදර යනවා.‘‘ ඇදේ අනෙක් පසට හැරුණ ශානු අයියා අමණාපෙන් නිදා ගන්න සැරසුනා. ‘‘අනේ ශානු අයියේ මේ අහන්නකෝ.. එයාට පුළුවන්ද මං නැතුව ඒ ගෙදර ඉන්න.. මං ළඟම ඉන්න ඕනී කියලනේ අපි දෙන්නා ඉක්මණට එකතු වුනේ.‘‘ මම ආයෙත් උරහිස්සෙන් ඇදලා මගේ පැත්තට හරවා ගන්න උත්සහ කරමින් කිව්වා. ‘‘එහෙම කියලා මෙහෙම ඉවසන්න බෑනේ.. එක්කෝ ඔයා එන්න.. නැත්තම් අපි දෙන්නා දෙපොලේ ඉමු.‘‘ දැන්නම් මට ඇඩෙන්න ඔන්න මෙන්න.. මම කතා කරන එක නවත්තලා හිමිං සැරේ ඉකි ගහන්න ගත්තා. මොකද මම ආස නෑ ආයෙත් අම්මයි නෑනයි එක්ක ඉන්න. ‘‘ හරි ... හරි මම යන්නේ නෑ.. ඒත් පොඩ්ඩක් මන් කියන දේත් තේරුම් ගන්නකෝ සුදු මැණික.‘‘ ශානු අයියා ආයෙමත් මාව තුරුළට අරගෙන සනසන්න උත්සහ ගන්නවා. ‘‘මට තේරෙන්නේ නැතුව නෙමෙයි. මට එහේ ඉන්න බෑ මගේ අයියේ ...තව ටිකක් ඉවසන් ඉමු.‘‘ ‘‘හරි හරි දැන්.. අඩන්න එපා.. එන්න නිදා ගමු.‘‘ ශානු අයියා ආදරෙන් මගේ නළල මත හාදුවක් තියද්දී එක පාරටම කාමරේට එළියක් වැටුණා. බලනකෝට ආච්චී අම්මා දොර රෙද්ද මැත් කරලා බලන් ඉන්නවා. ‘‘ඇයි සුදු අම්මේ...‘‘ ඒ වෙද්දි ශානු අයියා මගේ දුරස් වෙලා ඔලුවේ ඉදන් බෙඩ් සීට් එක පොරවගෙන හිටියා. ‘‘සුදු දූ අඩනවද ඔයා.. මට ඉකි ගහනවා ඇහුණා.‘‘ අප්පේ කන් දෙක මෙහෙමයි තියෙන්නේ... මම හිතින් බැන්නත් වචනෙන් මොකුත් කිව්වේ නෑ. ‘‘මගේ පොඩී එකීව ආයි මේ ගෙදරන් අරන් යනවා එහෙම නෙමෙයි ආයි මම නොකිව්වයි කියන්න එපා..‘‘ ඒ කියන්නේ ආච්චී අම්මා මුළු කතාවම හොදටම අහන් ඉදලා. අනේ මට තේරෙන්නේ නෑ මේ මනුස්සයා එක්ක ජීවත් වෙන්න. ලොකු සුසුමක් හෙළපු මම ඒ ඇස් ඉදිරි පිටම ශානු අයියව තුරුළු කරන් නිදා ගන්න සැරසුනා. අපිටත් කියලා නිදහසක් තියෙන්න ඕන .ඒ නිදහසට මේ තරමටම බාධා කරද්දී මට ආපු කේන්තියට මම එහෙම කලේ පේන්න මයි. ‘‘මේක නම් හරි යන වැඩක් නෙමෙයි සුදු මැණික.. අපි මෙහෙන් යමු.‘‘ මම තවත් මොකත් කියන්න ගියේ නෑ. ඒ වෙද්දී වුන සිද්දිත් එක්ක අපේ මුළු රාත්‍රියම විනාශ වෙලා තිබුණා. නිදියහනෙදී කියලාවත් අපි දෙන්නට නිදහසක් නැති වෙද්දී, අපි නිවාඩු දවස දසවම බයික් එකේ නැගලා ඇවිදින්න ගියා. බයිසිකලේ ඇවිද්දී මගේ සිතට දැනුනේ පුදුම නිදහසක් .සතිය තිස්සේ හිත ඇතුලේ කියාගන්න බැරිව හිර කරන් හිටීය හැගීම් සේරම මම ගිරවී වගේ කියෙව්වේ බයිසි කලේ පිටිපස්සේ වාඩී වෙලා ශානු අයියගේ බද වටේ දෙඅත් දාලා තුරු වීගෙන. මට ඕනී වුනේ පුළුවන් තරම් ගම දික් වෙනවා දකින්න. පුළුවන් තරම් හිමිං යං කියලා මම නිතරම ශානු අයියගෙන් ඉල්ලීම් කලා. අපි එහෙම කරලා හිත හදාන පැය කීපයක් සතුටින් ගත කරත් ගෙදර ගියාම ආයිත් ඔලුව යකාගේ කම්මල වගේ වෙනවා. කරන්න දෙයක් නෑ ඉවසන්න වෙනවා. ශානු අයියට කරන රස්සාවත් එපා වෙලාලු .. දුර වැඩි නිසා ගමන් මහන්සියයයි තෙහෙට්ටුවයි දරන්න බැරි තරම්ලු. ඇත්තටම එයා ආසාවෙන් කරන්න ගත්තු රස්සාවත් එයාට දැන් එපා වෙලා . පව්.. මාව බැදගත්ත එක අපරාදයක් කියලා ශානු අයියට හිතෙනවත් ඇති. මම තනියම කල්පනා කලා. ‘‘ මම මේ... ජොබ් එකෙන් අයින් වෙනවා...‘‘ ශානු අයියලාගේ මාමලාගේ ගෙදර ගිහින් එන ගමන් ශානු අයියා මට කිව්වා. ‘‘අපි ජීවත් වෙන්නේ කොහොමද?.‘‘ඒ වෙද්දිත් ගෙදර සේරම වියදම් දැරුවේ ශානු අයියා. මටත් කලින් ඉස්සර වෙන ආච්චී අම්මා ගෙදර නැති වෙන පුංචි දේත් ශානු අයියගේ කණේ තිබ්බා. මට හරි කේන්තී සමහර දේවල් අනිවාරෙන්ම ඕනි දේවලුත් නෙමෙයි. එත් ආච්චී අම්මා කිව් දෙයක් ගේන්නේ නැතුව හිටියම ආච්චී අම්මා කියවන බව දන්න නිසා ශානු අයියා ඒ කියන හැමදේම අරන් ආවා. ඉතිං එහෙම වියදම් කරන්න ශානු අයියට හොද ආදායමක් තියෙන්න ඕනේනේ. ‘‘ඔයා බලන් ඉන්නකෝ ඊට වඩා සල්ලී හොයන්න පුළුවන් ජොබ් එකක් ගැන මාමා මට කිව්වා.‘‘ශානු අයියා කරන්න යන රස්සාව මොකද්ද කියලා හිතා ගන්න මට අමාරුයි . හැබැයි ශානු අයියගේ අගේ කිරීම අනුව නම් හොද රස්සාවක් වෙන්න ඕන්. ‘‘අනේ ඉතිං අගේ නොකර කියන්නකෝ.‘‘ ‘‘පස්සේ කියන්නම්...‘‘ ශානු අයියා තව තමත් අගේ කරන්න වුණා. ‘‘මෙයාගේ තියෙන ආඩම්බරේ‘‘බයික් එකේ පිටිපස්සේ ඉදගෙන හිටිය මම ප්‍රශ්න කලේ,මොකද්ද රස්සාව කියලා ඉක්මනින් දැන ගන්න තිබුණ හදිස්සිය හින්දා. තවත් කොටසකින් හමු වෙමු. සිතුවිලි ගැළපුම සඳු. දිනයක වැටහේවී........... chamaramindMost Senior MemberPosts:13471 08 Apr 2017 06:56 AM ලස්සන කතාවක් කියවලා බලන්න ඕන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... සඳුනිVeteran MemberPosts:2462 08 Apr 2017 02:26 AM පීසි එකෙන් ඇවිත් එඩිට් කරනකන් ඉන්න බැරි හදිස්සි අයට කියවීම පිනිස හිහි දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 08 Apr 2017 02:24 AM මතකයිනේ ශාදිගෙයි ශානු අයියාගෙයි ආදර කතාව. අතොරක් නැතිව තිබුණ දුක් කරදර බාධා කම්කටළු මැද්දේ වුනත් අළුත් ජිවිතයකට මුල පිරුවා. යුග දිවියට ඇතුලත් වුණා. එයාගේ ජීවිතය ඉදියට ගලන් ගියේ කොහොමද? ඉස්සර තිබුණ කරදර මගහැරුණද? කතාවට ගිහින්ම බලමු.. ලින්ක් එක කෙමෙන්ට් වල ඇති මුල් කොටස කියවපු නැති අය කියව ගන්න... මම සඳු. කැඳැලි කරා. (කදුලත් සැනසුමක්-2) 01- වන කොටස. වෙඩින් එකෙන් පස්සේ අපි ගමේ නතර වුනා. ඒ කියන්නේ මගේ අම්මාගේ අම්මගේ ගෙදර. මගේ ආච්චී අම්මා ළග. ඇත්තටම ශානු අයියාලාගේ ගෙදරට යන්න මම පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ. මුලින් මුලින් මට කොච්චර ආදරෙන් සැලකුවත් අන්තිමට අපි වෙඩින් එක ගන්නටවත් එයාලා කැමති වුනේ නෑනේ. මම හිතපු නැති විදියට මගේ අඩුපාඩු හොයන්න පටන් ගත්තා. මේ හැමදේකටම හේතුව එයාලගේ හිතේ මං ගැන පැහැදිමක් නැති එක. සමහර විට මගෙත් වරදක් ඇති. කොහොම වුනත් මම ගමේ නතර වෙන්න තීරණය කලේ වෙඩින් එකටත් කලින්.. මගේ සෙවනැල්ල වගේ මගේ ළගින්ම හිටිය මගේ චූටි මාමා එයා පොරොන්දු වෙලා තිබුණේ ගමේ මහ ඉඩමෙන් කොටසක් මට දෙන්න. ඒක හින්දා ශානු අයියයි මායි ආච්චිලගේ ගෙදර නතර වුණා. ආච්චි නපුයි, කටකාරයි, මගේ කකුල කැඩිලා ඉද්දිත් මට සැලකුවේ හොද විදියට නෙමෙයි තමයි.ඒක හින්දා දැනුත් ශානු අයියටයි මටයි වෙනස් කම් කරයිද කියලා මට නිතරම හිතුණා. ඒත් ඉක්මණටම ගේ හදන්න හිතාගෙන අපි ඒ ගෙදර අළුත් ජීවිතේ පටන් ගත්තා. ශානු අයියව ගමට එකන් එන්න තව හේතුවක් තිබුනා. මට ඒ වෙද්දී ආරංචී වුනා ශානු අයියා නරක යාළුවෝ වගයක් ආශ්‍රය කරන්න පටන් අරන් කියලා. කාටවත් දොස් කියලා වැඩක් නෑ. ශානු අයියව ඒ දේවල් වලින් මගෑර ගන්න එක මගේ වගකීම. හැමදාමත් පැතුවා වගේ එයා දැන් මගේ. මගේම විතයි. හිතිං විතරක් මගේම කරන් හිටිය ශානු අයියව නීතියෙනුත් දැන් මගේම කර ගන්න මට පුළුවන් වුණා. ‘‘සුදු මැණික ඉක්මන් කරන්නකෝ.. මට පරක්කුයි.‘‘ මිදුලටත් බැහැලා බයික් එකට ගොඩ වෙලා හිටිය ශානු අයියා කෑ ගහනවා. ‘‘එනවා ශානු අයියේ.‘‘ පාන්දම ඇහැරලා මගේ අතින්ම උයලා බැදපු බත් පාර්ශල් එක පුංචී කවරයකට දමමින් මම ඉස්සරහා දොරෙන් එළියට ආවා. ‘‘ඇහැරෙන්නත් පරක්කු වුණානේ.. වැඩට යන පළවෙනි දවසෙම පරක්කු වෙන එක හරි නෑ.‘‘ බත් පාර්ශලය බයික් එකේ ඉස්සරා කවරයට දමා ගත්තු ශානු අයියා වට පිට බලලා මගේ නළල මත හාදුවක් තිබ්බා. මට නම් කිසිම බයක් තිබුනේ නෑ .මමත් තුරුලටම ගිහින් ශානු අයියාට හාදු කීපයක්ම දුන්නා. ‘‘ආච්චි අමිමා දකී සුදු මැණික.‘‘ ‘‘ඉතිං මොකෝ.. ඔයා දැං මගේනේ..‘‘ මම කිව්වවේ හරිම ආඩම්බරෙන් ලස්සන හිනාවකුත් එක්ක. ‘‘පිස්සී.. මම යන්නම් රත්තරං.. පරිස්සමින්..‘‘ ‘‘හරි මගේ අයියේ.. ඔයත් පරිස්සමින් යන්න.. බුදු සරණයි.‘‘වෙඩින් එකට ගත්තු නිවාඩු ඉවර වෙලා ශානු අයියා මුළින්ම වැඩට ගිය දවස නිසා මට ලොකු පාළුවක් දැනුනා. ඇතට ඈතට ගිහින් වංගුවෙන් නොපෙනී යනකන්ම බලාගෙන හිටිය මම ගේ ඇතුළට ගියේ මූන බෙරි කරගෙන. ‘‘මොකද සුදු දූ.. ශානු පුතා ගිය නිසා පාළුද?.‘‘ කවදාවත් උදෙන් ඇහැරලා පුරුද්දක් නැති ආච්චී අමිමා කාමරෙන් එළියට ආවේ පොරවනයත් ඇග වටේ ඔතානෙ. එයාම කියනවා සීයා හිටිය කාලේ වත් එයා උයන්න පාන්දර ඇහැරියේ නෑලු.සීයා කියන්නේ.. මගේ තාත්තා... තාත්තා නැති මට තාත්තා වුණේ සියා තමා. සීයත් දැන් අපෙන් සමුඅරන් අවුරුදු තුනකටත් වැඩී . ඒත් මට තවත් සීයව නිතරම මතක් වෙනාවා. අද මගේ සීයා හිටියා නම් මගේ වගකීම් යුතුකමි කාටවත්ම පැහැර හරින්න එයා ඉඩ තියන්නේ නෑ. එහෙම වුණා නම් කොච්චර වුනත් මාව ශානු අයියා ළගට හිස් අතින් යවන්න එයා ඉඩ තියන්නේ නෑ. ශානු අයියා නම් මගෙන් මොකුත්ම බලාපොරොත්තු වෙන්නේ නැති බව නම් ඇත්ත. ඒත් කාලයත් එක්ක එයාගේ අම්මයි තාත්තයි දෑවැදි , ඉඩ කඩම් මගෙන් බලාපොරොත්තු වෙනවා කියලා මට වෙලාවකට හිතුනා. ගෙවල් අස්කරලා අතුගාලා ගෙදර වැඩ ඉවර වුණාට පස්සේ හරිම කම්මැලී.. කරන්න වැඩක් නෑනේ.. ශානු අයියා ගෙදර එනකන් මම කාලේ ගෙවා ගත්තේ හරි අමාරුවෙන්. හවස් වෙද්දී කුස්සියට වැදුනු මම හරිම උනන්දුවෙන් ශානු අයියා වෙනුවෙන් කෑම ඉව්වා.පව් ගමේ ආව නිසා ශානු අයියට දැන් වැඩ කරන තැනට හුගක් දුර බයික් එක පැදන් යන්න වෙලා. එයාව හැම කරදරයකින්ම ඈත් කරන්න මම ගමට එක්කන් ආවත් මගේ හිතට රස්සාව කරන තැනට තිබුණ දුර මතක් වෙද්දී දුකයි. වෙලාවකට මම ගත්තු තීරණය වැරදිද කියලත් මට හිතුණා. ‘‘සුදු දූ මොනවද හදන්නේ.‘‘ උයලා ඉවර වෙන්න කිට්ටු වෙද්දි ආච්චී අමිමා කුස්සයට ආවා. ‘‘උයලා ඉවරයි සුදු අම්මේ..‘‘මම කැරට් සම්බෝලයක් හදන්න හිතාන කැරට් අල කීපයක් සුද්ද කරමින් සිටියා. ‘‘ඔයා කැරටි සුද්ද කරන්නේ ඇයි.‘‘ ‘‘සම්බෝලයක් හදන්න කියලා.‘‘ මම ආයෙත් කිව්වේ සුද්ද කරපු කැරට් ටික සොදලා වෙනත් පිගානකට දාන ගනිමින්. ‘‘දෙහි ටිකකුයි ගොටුකොල ටිකකුයිත් ඕකට හාමු කලානම් හොදයි‘‘ ‘‘දෙහිනම් තිබුනා සුදු අම්මේ.‘‘ කුස්සියේ වැඩ තනියම කරන්න තමයි මම ආස. කවුරුත්ම උපදෙස් දෙනවට කියවනවට මම ආස නෑ. ඒත් ඉතිං ආච්චී අම්මගේ පුරුද්දනේ හැම දේකටම උපදෙස් දෙන එක . ඒක නිසා මම අහන දේකට උත්තර දුන්නේ හිත තද කරගෙන. ‘‘කෝ දෙන්න සුදු දූ.. මම ඕක ලියා දෙන්න.‘‘ ‘‘ලියන්න ඕනී නෑ සුදු අම්මේ.. මේකෙන් ගාමු.‘‘ කැරටි ගාන එක අතට අරගෙන මම කිව්වා.‘‘ ‘‘ගම්බිරිස් තිබ්බද ..‘‘ ‘‘තිබ්බා මගේ හිතේ.‘‘ ‘‘පොල් ටිකක් අරන් තිබ්බද?.‘‘ දැන් නම් මට තවත් ඉවසුම් නෑ. මගේ ඉවසිමක් නැති කමද? ඔයාගේ ගතියද මන්දා මට දැන් උත්තර බැදලා ඇති වෙලා. උයනවාට වඩා වෙලා යනවා එයාට උත්තර දෙන්න. ‘‘තිබ්බා තිබ්බා.. සුදු අම්මේ.. ඔයා ගිහින් ටීවි බලන්නකෝ මේක දැම්ම කලවම් කරන්නෑ.. මම පහේ ටික කපලා තියලා එන්නම්.‘‘ ආච්චි අම්මා මටත් ගස්සගෙන සාලය පැත්තට ගියා. මොනවා කරන්නද මට තව ටිකක් ඉවසන්න තිබුනේ ආයෙත් හිතින් පසු තැවුනු මම වැඩ ටික ඉවර කරලා සාලෙට ආවා. ‘‘තාමත් නෑනේ මේ ශානු අයියා.‘‘ ‘‘ඒක තමයි.. කොහේ ඇවිදින්න ගිහින්ද දන්නෑ.‘‘ ආච්චි අම්මාගේ කතාව නොපිටට මයි. ‘‘කොහේ යන්නද සුදු අම්මේ.. දුරයිනේ හුගක්... තව චුට්ටෙන් එයි.‘‘ මොකට කිව්වද ශානු අයියා පරක්කුයි කියලා. මම හිතිං මට බැන බැන ටීවි එක ඉස්සරා පුටුවකට බර වුණා.ඒ කියලා වැඩි වෙලාවක් ගියේ නෑ ශානු අයියගේ බයික් එක දොර ළග නතර වුණා. ‘‘ශානු අයියේ ඔයා ආවද?.‘‘ පුටුවෙන් බිමට පැන්න මම කෙලින්ම නතර වුනේ ශානු අයියා ළග. ආච්චි අම්මත් දොරෙන් එබිලා බලන් ඉදිලා.. ආපු ගමන්ම මම ශානු අයියාගේ තුරළට පයින් හැදුවේ . ශානු අයියා මාව මගෑරයේ ඇස් දෙක කොණට කරලා ආච්චි අම්මව පෙන්නලා. වෙලාවකට මෙයා මහ ඇනයක් අප්පා.. මම හිතින් බැන බැන ශානු අයියාගේ පස්සෙන් ගෙට ආවා. ‘‘තේ ටිකක් හැදුවා නම් හොදයි නේද සුදු දූ...‘‘ ‘‘මම මේ හදන්න යන්නේ ආච්චී අම්මේ.‘‘ ඒ වෙද්දිත් කුස්සිය දෙසට යමින් මම කිව්වා. ‘‘අර ශානු පුතාලගේ අම්මලා ගෙනාපු කැවුම් කොකිස් ටිකකුත් ගෙන්න සුදු දූ.‘‘ ‘‘හරි සුදු අම්මේ.‘‘ මම කුස්සියට ගිහින් කේතලය ලිපේ තිබ්බා ශානු අයියා අච්චි එක්ක කතා කර කර සාලේ පුටුවක වාඩී වෙලා හිටියා. පව් ශානු අයියට මහන්සී ඇති. මොකවත් කියන්නත් බෑ.. මේ ආච්චී අම්මා ආපු ගමන් ශානු අයියව කයියට අල්ලගෙනනේ. ශානු අයියා වැඩිය කතා කර කර ඉන්න ආස කෙනෙක් නෙමෙයි. හිත රිද්දන්න බැරි කමට හිටියට .ශානු අයියත් එතන ඉන්නේ කැමැත්තක් නෑ කියලා මම දන්නවා. ‘‘ශානු අයියේ... එන්නකෝ.‘‘ මම කුස්සියේ ඉදන්ම කතා කලා. ‘‘මොකද සුදු දූ... ඔය කැවිලි ටිකක් මෙහාට ගේන්න.‘‘ ආච්චි අම්මා ඒ කතාවේ මැද්දටත් පැන්නා. ‘‘නෑ ආච්චී අම්මේ මම කුස්සියට ගිහින්ම කන්නම්.‘‘ ‘‘මොනවද සුදු දූ... මේ ළමයා කුස්සියට අඩ ගහලා කන්න දෙන්නේ.. මෙහෙට ගෙනාවා නම් ඉවරනේ.‘‘ආච්චි අම්මා මට ආයෙත් කියවන්න වුණා. ‘‘පිට ගෙයක් වෑ සුදු අම්මේ... දැන් ශානු අයියාත් මේ ගෙදර කෙනෙක්නේ කොහෙ ඉදන් කෑවම මොකෝ.‘‘ මම දෙපැත්තම හරි ගස්සන්න හිතාන ඒම කිව්වම ආච්චී අම්මා තවත් කතාවක් පටන් ගත්තා. ‘‘සේරට කලින් නාන් හිටියා නම් නරකද?.‘‘ ‘‘නාන්නත් ඕනී ආච්චී අම්මේ.‘‘ ශානු අයියා එන්න සැරසුනත් ඔහුට ගැලවීමක් නෑ. ‘‘ රෑට නාන්න හොද නෑ ශානු පුතේ.. අම්මේ... හොද පුතා වගේ ඇග හෝද ගන්න.‘‘ ‘‘හ්ම්ම්ම්ම්.‘‘ ශානු අයියට දැන් ගමන් මහන්සියට වඩා කතා කරලා මහන්සී ඇති. ‘‘ටැංකියේ වතුර නම් රස්සේ ඇති.‘‘ ‘‘ශදී නංගී... ටවල් එකයි සබන් කෑල්ලයි අරන් එන්න.‘‘ ශානු අයියගේ ඉවසීමේ සීමාව පැනලා වගේ. ඒක කිව්වේ ටිකක් කෙන්තියෙන්. තවත් කොටසකින් හමු වෙමු. සිතුවිලි ගැළපුම සඳු. දිනයක වැටහේවී........... maduranga001Most Senior MemberPosts:14118 08 Apr 2017 01:28 AM අලුතෙන් ලියාගෙන යන කතාවක් වගේ. බලමු මේකවත් දිගටම කියවගෙන යන්න. එක දිගට කොටස් කිහිපයක් නොදා දවසට එක ගානේ දානවා නම් තමයි ඔන්න මම නම් කැමති. කොහොම උනත් කට්ටියගේ ඉල්ලීම පරිදි එන විදිහට කතාව එකතු කරගෙන යන්නකෝ එහෙනම්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ isurusamSuper Senior MemberPosts:7342 07 Apr 2017 08:55 PM අලුත් කථාවක් නේද ..........දාමු කොටස් ටික ඉක්මනට .... DushanVeteran MemberPosts:2536 07 Apr 2017 08:41 PM නියමයි නියමයි indika76Most Senior MemberPosts:10449 07 Apr 2017 08:26 PM අවුරුද්දට කලින් කොටස් දෙක තුනක් දාමු නේද නංගී... එතකොට නිදහසේ කියවන්න පුළුවන්... Ind007kaMost Senior MemberPosts:12931 07 Apr 2017 07:41 PM එල එල අලුත් අවුරුද්දට තවත් කතා මාලවක් එන්නයි යන්නෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... සඳුනිVeteran MemberPosts:2462 07 Apr 2017 07:32 PM දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 06 Apr 2017 11:35 PM ළගදීම.. දිනයක වැටහේවී...........