Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: මගේ නොවන කෙටිකථා - 07 - කොණ්ඩ කිරිල්ලී Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: මගේ නොවන කෙටිකථා - 07 - කොණ්ඩ කිරිල්ලී Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review ChandimaAdvanced MemberPosts:509 22 Mar 2015 06:49 PM Mama me dan tama kiyweewwww RosiSuper Senior MemberPosts:5335 22 Mar 2015 03:35 PM ස්තුති fide..... අද රැට මේක කියවනවා isurusamSuper Senior MemberPosts:7342 20 Mar 2015 09:46 PM thanks FIDE me kathawata.... FIDEBasic MemberPosts:238 20 Mar 2015 08:36 PM කොණ්ඩ කිරිල්ලී රාත්‍රිය ඉක්මනින් ම ගෙවිලා යනව නම් හොඳයි කියලා කුරුලු කූඩුවේ කිරිල්ලිය හිතුවා. කොණ්ඩ කිරිල්ලිය එහෙටත් මෙහෙටත් දැඟලුවා. කොයි මොහොතේ හෝ හිරු එළිය කෙසෙල් අතු අතරින් එළියට පැන කූඩුවට වැටෙනතුරු ඇය රාත්‍රි අන්ධකාරය දිහා බලාගෙන හිටියා. පෝය ගෙවිලා තවමත් ඒ හැටි දවසක් නෑ. දැන් හඳ බැසගෙන යන කාලය. අඹ ගස ඇත්තේ ද අඳුරේ. පාරේ ඈත කෙළවර උස කණුවකින් නැගෙන විදුලි ආලෝකයෙන් අඹ ගස ඉදිරියේ ඇති විදුලි වයරය දිස් වෙයි. ඒ විදුලි වයරයේ මීට කලකට පෙර කාක් ජෝඩුවක් රැය පහන් වනතුරුම උනුන් ළඟින් සිටි අයුරු ඇයට මතකයි. කොණ්ඩ කිරිල්ලිය රාත්‍රි අඳුර දෙස බැලුවේ හූල්ලමින්. පිච්චමල් සුවඳ දැනුණ ද ඇයට අඳුරේ ඒ මල් නොපෙනේ. එහෙත් දහවල තිස්සේ දකින පිච්ච පඳුර හිතේ මවා ගන්න ඇයට පුළුවන් වුණා. එතන නම් නියම තැන අලුත් කූඩුවක් හදාගන්න.’ ඇයට සිතුණා. “ඉස්සර නම් පිටරටින් ආව ගස් තිබුණේ නැහැ. අපට කූඩු හදන්න.” කොණ්ඩ කිරිල්ලිය රෙඩ් පාම් පදුර මැද අකුලක් මෙන් එකට තිබුණ අතු අතරේ තැනූ කූඩුවේ සිටිමින්ම සිතුවේය. හැන්දෑ අඳුරටත් පෙර කූඩුවට ගොඩ වුණ ඇයට සිතෙන්නේ දැන් මධ්‍යම රාත්‍රියත් පසුවන්නට ඇත කියාය. ඉදිරිපස නිෙවසේ ද විදුලි එළි නිවී ඇත. එහෙත් ගෙතුළක දැල්වෙන පුංචි එළියේ සිහින් ආලෝකයක් අඹ ගහ අසලට වැටී ඇත. ඒ මඳ එළියේ අඳුරට දෑස් හුරු වූ කොණ්ඩ කිරිල්ලිය නිෙවසේ ඉදිරිපස වාඩි වී හිඳින රුව හැඳින්නාය. ‘පව්’ ඇයට ඉබේම කියැවිණි. “කාටද පව් කියන්නේ... කා ගැන ද ඔය හිතන්නේ... මං හිතුවා හූල්ල හූල්ල ඉන්නකොට දවස් ගානක් තිස්සේ... මට වඩා හොඳ කුරුල්ලෙක් හමුවෙලා කියලා. කිරිල්ලිය අසල හුන් කොණ්ඩ කුරුල්ලා ගෝරනාඩු කළේය. “පිස්සුද කොහෙද?” කිරිල්ලියට ඊළඟ ඇසිල්ලේ දී කියැවිණි. “පිස්සු කාටද මට ද?” ඔව් මට පිස්සු... තමුන් කරන මේ විකාර වැඩ දැකලා මට පිස්සු...” මොන විකාරද? කොණ්ඩයට නම් පිස්සුම තමයි. එවර නම් කිරිල්ලිය එසේ සිතුවා මිස කිසිවක්ම කියන්නට නොගියාය. ඇයට ඇය ගැනම දුක සිතුණාය. කොණ්ඩයට බැරි වුණානේ මාව තේරුම් ගන්න. මං පව් කිව්වේ අර කළුවරේ ඉඳගෙන ඉන්න ජයසුන්දර මහත්තයා ගැන. ඉස්සර කොච්චර ලස්සනට හිටිය පවුලක්ද? එකත් එකටම ජයසුන්දර නෝනා නම් ගිය තැනක සතුටින් ඇති. පව්... ඇයට නැවතත් හීල්ලිණි. “ඒ ගමන මේ කොණ්ඩි හූල්ලනවා. ඇත්තට ම මොකද ඔහේට වෙලා තියෙන්නේ.” කොණ්ඩ කුරුල්ලා එසේ ඇසුවේ කිරිල්ලියට තටුවකින් ගසමින්. එය සියුම් පහරකි. එහෙත් ඇයට එය රිදුෙණ්ය. කිරිල්ලියගේ ඇසට කඳුළක් නැඟුණාය. ජයසුන්දර නෝනටත් ඔහොම්ම ම වෙන්න ඇති. ඒ නිසා තමයි එයා කාටවත් නොකියා යන්න ඇත්තේ... ඉස්සර නම් එළිවෙනකොට කුරුලු ලෑල්ලේ බත් ටික වරදින්නේ නැහැ. බත් විතරයැ, ඇයි වතුර භාජනේ. ජයසුන්දර නෝනා ගියත් හරි ඒ මොකවත් නැහැ. අෙන් මේ කවුරුවත් ගෑනු අපේ හිත් හඳුනන්නේ නැති හැටි. කිරිල්ලිය සුසුමක් හෙළුවාය. මං කාටද මගෙ දුක කියන්නේ. ඇය තනිවම සිතුවාය. උදෑසනට කුරුලු ලෑල්ලට එකතු වන මයිනන්, ගිරවුන්, පොල්කිච්චන්, දෙමලිච්චන් කිසිවෙක් ඈ සිත නොගත්තේය. “ඇයි ලේන්නු” ඇගේ හිත ඇයට මතක් කර දුන්නාය. “මොන එක තැනක එක විදිහකට ඉන්නවායැ.” හිත ආයෙමත් කිව්වා. “එතකොට බට්ටිච්චා.” සිත ඇයට තවත් කෙනෙක් ගැන මතක් කළා. ඇත්ත.... බට්ටිච්චන් එක තැනක එක විදිහට ඉන්නේ නෑ තමයි. ඒ වුණාට පිච්ච පඳුරේ අත්තෙන් අත්තට පනින ගමන් හරි බට්ටිච්චා මගේ දුක අහනවා. බට්ටිච්චා පුංචි වුණාට කොච්චර සාධාරණව හිතනවද? වේලාවකට නම් ඔහේ කියවනවා හිනාවෙනවා; තේරුමක් නැහැ. දවසක් බට්ටිච්චා ඇයට හමු වුණේ පිච්ච පඳුරේ දී ය. ඇය මුලින්ම ආශා කළේ බට්ටිචි හඬටය. දෙදෙනා හඳුනා ගත්තේ සෙමෙනි. බට්ටිච්චාගේ කතාවලට කොණ්ඩ කිරිල්ලිය ඇති තරම් හිනා වුණාය. ඇයට සිනාවක් නැඟිණි. සිනහව අවසානයේ නැගුණේ සුසුමකි. කඳුළකි. අනේ හැබෑවට මේ කොණ්ඩි නම් මට නිදාගන්න දෙන්නේ නෑ. එක්කෝ අඬනවා. එක්කෝ හූල්ලනවා. කියනවා බලන්න තමුන් ඔච්චර ළතවෙන්නේ මොකද කියලා. මොකද ප්‍රේමයක්වත් පටන් ගත්තද? කොණ්ඩ කුරුල්ලා කිරිල්ලියට ආදරයෙන් මෙන් තටුවකින් සිහින් තට්ටුවක් දමමින් ඇසුවේය. කිරිල්ලියගේ හිත සැලුෙණ්ය. “මේකයි කියලා කියන්න හේතුවක් නැහැ.” කිරිල්ලිය කොණ්ඩ කුරුල්ලාගේ තටුවක් අස්සේ හිස හොවා ගනිමින් උණුසුම් වන්නට සිතුවා පමණි. “ඈතට අහකට වෙලා” කොණ්ඩ කුරුල්ලා එසේ කියමින් මඳක් එහාට වූයේය. කිරිල්ලියට දුක සිතුණාය. ඇය කියන්නට ගිය කතාව නවතා අඳුර දෙස බැලුවාය. ඉතින්.., “කුරුල්ලා ඇය කතා කරන තුරු බලා සිටියි. ඔයාට පේනව නේද අර ඈත ලයිට් වයර් එකේ ඉන්න කාක්කව. මීට කාලෙකට කලින් ඔතන කාක් ජෝඩුවක් ම හිටියා. දැන් ඉන්නේ එක්කෙනයි. කාක්කිට මොනවා වුණාද දන්නෑ.” “හ්ම් මටත් ඔය අඩුව දැනුණා තමයි. ඒත් ඉතිං ඔහේ දුක්වෙන්න ඕනැයැ. අනිත් එක දැන් ජයසුන්දර මහත්තයගේ නෝනත් නැහැනේ. එයා නැති එක පාඩුවක්. උදේ පාන්දරම අපිට බත් දුන්නේ එයානේ.” කොණ්ඩ කුරුල්ලා ද හීල්ලුවේය. “හැබෑවට ම ජයසුන්දර නෝනට මොකද වුණේ.” “කවුද දන්නේ... ජයසුන්දර මහත්තයා නම් ඔය ඉන්නේ. උදේට කන්තෝරු යනවා. රෑට ගෙදර එනවා. ඊට පස්සේ අර හාන්සි පුටවට වෙලා ඔහේ කල්පනා කර කර ඉන්නවා. ඔයාට මතකද කොණ්ඩයෝ ඉස්සර මේ හරියෙ තිබුණ මල් ගස්. අටපෙතියා දාස්පෙතියා එක යායට පිපිලා. අපි දෙන්නා ඒ අතරින් පියඹලා ගියා මතක ද? ඒ විතරක්යැ අර එල්ලෙන සුදුමල් පිපෙන වැල මතක ද? ඒ එල්ලෙන මල් අතර අපි එල්ලිලා දඟ කරපු හැටි මතකද. ඔයාට මතකද අපි යාළු වුණෙත් ඔය වදුල යටදි. ඒ කාලේ ජයසුන්දර නෝනගෙත් වැඩේ එළි වුණොත් රෑ වුණොත් මල්වැල දිහා බලාගෙන ඉන්න එක. අර මනුස්සයා ඒක කපල ම දැම්මනේ. දැන් එක වැලක්වත් පේන්න නැහැනේ. කිරිල්ලිය එක හුස්මටම කියවාගෙන ගියාය. ඒක නම් හැබෑව. එතන හරි ලස්සනයි නේද?” කොණ්ඩ කුරුල්ලා ද හූමිටි තැබුවේය. “ඒක නෙමෙයි මං ඇහුවේ තමුන් මොකද මේ කම්පා වෙන්නේ හූල්ලන්නේ කියලානේ...” කොණ්ඩ කුරුල්ලා නැවත මාතෘකාවට ආවේය. කිරිල්ලියට එය නෑසිණි. ඇය බට්ටිච්චා ගැන සිතමිනි. “බට්ටිච්චට මං මගෙ ගැන හැම දේම කිව්ව නම් එයා මට කියාවි ‘අනේ කිරිල්ලියේ ඔන්න ඕවා ගැන හිතන්න එපා. මේ මං වගේ සැහැල්ලුවෙන් හිතන්න. පුංචි මට තියෙන්නේ පුංචි හිතක්. මං ඔය හුඟක් දේවල් පුංචි හිතේ පටව ගන්නේ නැහැනේ.” කිරිල්ලියට යළිත් සුසුමක් හෙළුණේය. තම සිත තුළ ඇති දුක කොණ්ඩ කුරුල්ලට නොතේරෙන හැටි. ඇයත් ඔහුත් එකමුතුවෙන් සිටි අතීතය ගැන කිරිල්ලිය සිතුවාය. එහෙත් කොණ්ඩ කුරුල්ලා තමන්ගෙන් ඈත් වූයේ තමන්ටත් නොදැනෙන්නටය. ඒ ඈත්වීමට හේතුව හොයා ගන්නට කිරිල්ලිය නිරන්තරවම වෙහෙස වූවාය. එහෙත්.......... කිරිල්ලියට ඉකි බිඳිණි. හීල්ලිනි. ඕන් බලහන්කෝ..... කොණ්ඩ කුරුල්ලා ආයෙමත් ඇනුම් පද කියන්නට වූයේය. ‘මොකද තමුන්ට වෙලා තියෙන්නේ....?’ ‘දැන් ඔයා මට ආදරේ නැහැ.’ කිරිල්ලියගේ හඬ වෙවුලුවේ ය. ‘ඇත්තම කිව්වොත් මං කැමැති නැහැ තමුන් ෆාම් පඳුරින් එහාට යනවට.’ ‘එහෙම කොහොමද... මං ආසයි මේ වත්ත වටේ වගේම එතකොට අර පේන කඳු මුදුන්වල පුංචි පුංචි දියපාරවල් අද්දර තියෙන ගස්වල ලස්සන බලන්න යන්න... ඔයා දන්නවද කොණ්ඩයෝ රෙඩ් ෆාම් පඳුරෙන් එහා තියෙන ලස්සන... අපි දෙන්නම හෙට උදේම යමුකෝ.... කිරිල්ලිය කුරුල්ලාට තුරුලු වූවාය. “විකාර..” කොණ්ඩ කුරුල්ලා කිරිල්ලිට හොටින් ඇන්නේය. හොටේ තුඩ ඇනීමෙන් රිදුණ තැන ඇය තටුවෙන් පිරිමැද්දාය. ‘නපුරා.... එතකොට ඔයා යන්නේ....’ ‘ඔව් මං යනවා.... මං මට ඕන තැනක යනවා.’ කිරිල්ලිය කොණ්ඩ කුරුල්ලාගේ සැර හඬට වෙව්ලා ගියාය. ඇයට දුක සිතිණි. ඕකම තමයි ජයසුන්දර නෝනට වුණෙත්. මට මතකනේ ඉස්සර අපි ඒ ගෙයි වහලේ පරාලය උඩ කූඩුව හදාගෙන හිටපු කාලේ. ජයසුන්දර මහත්තයත් කොච්චරවත් නෝනට බනිනවා හේතුවක් නැතිව. නෝනා කොච්චර ඉවසන්න ඇද්ද බැරිම තැන වෙන්නැති නෝනා යන්න ඇත්තේ.’ ඒත් මං...., කිරිල්ලිය රැය පුරා නිදි වැරුවාය. පළමු හිරු කිරණ වැටෙන්නටත් පෙර කුරුල්ලා කෙසෙල් පඳුරටත් අඹ ගසටත් එතැනින් කතුරුමුරුංගා ගහටත් නැඟී ඉන්පසුව නොපෙනී ගියේය. වචනයක්වත් කතා නොකර ගිය ගමන ගැන කිරිල්ලි යළිත් සිතුවේ නැත. ඇය හිතේ දුකත් තුරුලු කරගෙනම රෙඩ්ෆාම් පඳුරෙන් එළියට විත් පිච්ච පඳුර දෙසට පියෑඹුවාය. පරිසරය තවමත් අඳුරුය. ඒ අඳුරේ, හරි අපූරුවට දැනෙන පිච්ච මල් සුවඳට තව තවත් ළංවෙන්න හිතාගෙන කොණ්ඩ කිරිල්ලිය හයියෙන් හුස්ම ගත්තා. යාන්තම් හිරු එළිය ගස් අස්සෙන් වැටෙනවා. කිරිල්ලිය තටු ගසලා ඇඟ මැළි කැඩුවා. සීතල මද අඳුරේ ඇගේ ඇස් පිච්ච පඳුර මත නතර වුණේ. ‘ආනේ බට්ටිච්චා...’ හිතපු නැති මොහොතක බට්ටිච්චගෙ රුව දුටුව කිරිල්ලිට සතුටට ම කියවුණා. “යමු... උදෙන්ම පියඹමු. අර ඈත පේන කඳුවැටිය පාමුලට යමු. ඒ පැත්ත හරි ලස්සනයි කිරිල්ලියේ. බට්ටිච්චා කිව්වේ පිච්ච පඳුර ළඟින් මෑත් වී කිරිල්ලිය සිටින ඉසව්වට එමින්. රැයෙහි සිදුවූ හිත් රිදීම් අමතක කර දමමින් කිරිල්ලිය බට්ටිච්චා සමඟ එක්වුණා. ඈතින් ඈතට අතරමඟ නතර වෙමින් ගඩා ගෙඩි කමින් යන ගමනේ සොඳුරු බවට කොණ්ඩ කිරිල්ලිය ආශා කළා. ඒ සොඳුරු බව මතින් කිරිල්ලියට යළි යළිත් අතීතය මතක් වුණා. කොණ්ඩ කුරුල්ලා, ජයසුන්දර මහත්තයා, ජයසුන්දර නෝනා, කළු කපුටා..... ඒ හැමෝම මතක් වුණා. ‘ඇයි මේ’ කිරිල්ලියගේ පියාඹීම එකපාරම අඩුවෙන බව දුටුව බට්ටිච්චා ළඟට ඇවිල්ලා ඇහුවා. “නෑ.... මම.... මේ....” “අමතක කරලා දාන්න හැමදේම. දැන් ඔයා ඉන්නේ අලුත් ම ලෝකයක කියලා හිතන්න. අන්න අර පේන ඈත කන්දේ ඔයාට ඔයාගෙම ලෝකයක් හදාගන්න පුළුවන් වේවි. බට්ටිච්චා ලන්දේ දං පඳුරක් අස්සේ හැංගෙමින් කිව්වේය. කිරිල්ලිය ඒ අසලින් ම උස ගහක පහළ ම අත්තේ වැහුවා. ඒත් කොහොම අමතක කරන්නද කාලයක් එකට හිටපු අයව. කොණ්ඩ කිරිල්ලියට හීල්ලුණා. ‘අප්පේ... මං හිතුවා මාවත් විසි වුණා කියලා. ඔන්න කිරිල්ලියේ ඔෙහාම නම් බෑ ජීවත් වෙන්න. දැන් මේ මං ඉන්නේ... කෝ තැවෙනවද? ඔන්න ඕවා අමතක කරන්න. එන්න අපි යමු. බට්ටිච්ච ආයෙමත් පියාඹන්න පටන් ගත්තා. මුලින්ම බට්ටිච්චා... ඊට පස්සේ කොණ්ඩ කිරිල්ලි.... ඉනෝකා සමරවික්‍රම RosiSuper Senior MemberPosts:5335 16 Mar 2015 07:20 AM ස්ථිර ආලේ නෑ දුක සෝකේ ..... Thanks Fide ..lassana kathawa. isurusamSuper Senior MemberPosts:7342 15 Mar 2015 09:42 AM thanks FIDE me kathawata............. FIDEBasic MemberPosts:238 14 Mar 2015 07:54 PM සිහින විජිතය ඉක්මන් ගමනින් එන චංචලා හාත්පස කිසිවකට නෙත් නොරැඳුවාය. දැන් වෙලාව එකත් පහුවෙලා පරක්කු උණා වත්ද මන්දා. ඇගෙ හිත ඒ මේ අත යමින් ඇයටම දොස් තැබුවාය. පරක්කු උණත් මොකද මමත් පැය ගණන් තපින්නේ, මේ ඉඳල හිටලනේ. දෙකට කලින් යා ගන්න පුළුවන් වෙයි මයෙ හිතේ. ඈ බස් නැවතුම්පළට පැමිණියාය. ගෙල සිට දාඩිය බුබුළු දෙකකුත් වැටී ඇගේ බ්ලව්සයට උරා ගත්තත් මුළු පිට වැහෙන්නම ඇගේ බ්ලව්සය දාඩියෙන් තෙත බරිත විය. ඉක්මන් ගමනත් පපුව ගැහෙන වේගයත් වැඩි බැවිනි. ඇගේ හිත පුරා දරා ගත නොහැකි සතුටකින් පිරී ඉතිරී ගියාය. මුළු හදවත ම ආනන්දයෙන් ඉතිරී ෙගාසිනි. ඇයට සරත් මතක් උණාය. අද මොකක් ඇඳගෙන ඒවිද? හැමදාම අඳින මං කැමතිම කමිසය, නෑ. නෑ, පඩි ලැබුණනේ අලුත් කමිසයක් ඇඳන් ඒවි. ඒත් ඉතිං අර කළු කලිසම නැත්නම්, දුඹුරුපාට කලිසමට ම තමයි. ඇගේ හිත තුළ තිබුණු සිතුවිලි හැකිළුණාය. මිනිස්සුන්ගේ සිහින, බලාපොරොත්තු, ආසාවන් ඉතාමත් ඛේදනීය විදියට තමයි ආර්ථිකය පාලනය කරන්නේ. චංචලාගෙ හිත ගැස්සුණාය. “ආනේ මේ චංචලානේ අඳුර ගන්නත් බෑ මහත් වෙලානේ.” “ආනේ මේ තුලානි නේ” “මොකද බස් එකට නගින්නෙ නැත්තේ කොහාටද යන්නේ”. “මේකෙ සෙනඟ ඊළඟ එකේ නගිනවා”. “තාමත් අර පරණ කතන්දරේමද බං ටේප් එකේ දුවන්නේ”. තුලානි ඇඟ දෙපැත්තට නළවමින් ඇසුවාය. “නැතුව නැතුව ස්ථිර ආලේ නෑ දුක සෝකේ.” උඹ අහල නැද්ද?” “දැන් කොහෙද බං සරත් වැඩ කරන්නේ”. “තුලානිගෙ ප්‍රශ්නෝත්තර ගොන්නටම චංචලා චංචල වෙමින් ම යට උණා. ඒත් ඒ අකමැත්තකින් නෙමෙයි. ඈ සරත් ගැන නොයෙක් දේ හිතුවාය. “රාංකිරිල්ලි මගේ නේද හැමදාම දෙන්නෙ නෑ මං කාටවත් අයිති වෙන්න”. “අනේ ඔයාගෙ විකාර මං දන්නෙ නැද්ද කොල්ලන් හරි දස්සයි චාටු කතාවලට.” “නෑ ඇත්තමයි චංචලා” ඔහු ඇගේ දෑත ගෙන ආදරෙන් පිරි මැද්දාය. “තේරුම් ගන්න මේ ආදරේට මට වෙන කා ළඟවත් නතර වෙන්න තරම් අඩුවක් ඔයාගෙන් නෑ. මගෙ හොඳ කෙල්ල”. ඔහු ඇගේ නලල සිම්බාය. “ඔය ඇත්තමද? එහෙම නූනොත් එදාට මං මේ මහ පොළව සෙලවෙන තරමට, හොඳයි ඔයා නෑ කියනවද”? “ඒ එහෙම උණොත්නෙ කෙල්ලේ”? “මගෙ කෙල්ලට බුදු සරණයි. මං යනවා”. මෙහෙම ගෙවුණු දින කොතෙක් ද? “වාරිමාර්ගෙ උන්නට කෙල්ලේ අපි අපේ මාර්ගය හදාගන්න ඕන උළුවහු ටික අල්ලගන්න තව කීයක් යයිද මන්දා ලොකු අයියා තව කීයක් හරි දෙයි. ඒත් ඉතිං මං මේ සේරම ණය කවදා හෝ ගෙවන්න එපැයි. ඒත් මයෙ හිතට හරි නෑ මිනිස්සුන්ට කරදර කරන්න, කරදරයක් වෙන්ට”. ඒ සරත්ගෙ හැටි ය. නෑ පිරිමි කවුරුත් ඔහොම්ම මයි. ඇයට ඇගේ අප්පච්චි මතක් උණාය. තනිවම ජීවිතේ පටන් ගෙන දියුණු වූ අපූරුව කිසිවෙකුට දණ නොනමන ගතියත්, කරදරයක් වන්ට ඇති අකමැත්තත් සිහි උණාය. ආතා කුඹුරු ටික බෙදන්න යන වෙලේ අම්ම කිව්ව දේ ඇයට සිහිවිය. “ඔයා පවුලෙ වැඩිමලා ඉතිං ඔයාට එපැයි ටිකක් හරි වැඩියෙන් ලැබෙන්න ඕන. මහගෙදරත් හීන් මලයට ම දුන්න එකේ අනික ඔයා කරබාගෙන ඉන්ට ඉන්ට අප්පච්චිත් සද්ෙදම නැතුව ඉඳීවී”. “අම්මගෙ බඩ ඇතුළේ සිටියෙ වෙන වෙනම උණාට අපි හැමෝම හිටියේ ඒ කුසේ. කිරි බිව්වේ එක ම විදියට ලොකුමහත් කරලා මෙහෙම තත්වයට ගෙන ඒමම මදිද මැණිකෙ. දෙන නොදෙන එක අප්පච්චිගෙ දෙයක් දෙන දෙයක් ගැනීම මගේ යුතුකමක්”. ඉන් එහා අම්මා වචනයක්වත් කිව්වේ නැහැ. ඒ කොහොම උණත් අප්පච්චිට කුඹුරු අක්කර 05 ක් ලැබුණා. ඔහු ඉන් සෑහීමකට පත් උණා. ආයෙ ආඩපාළි කියාගෙන ආතා ළඟට මයෙ අප්පච්චි ගියේ නෑ. සරත් ගැන හිතද්දී ඇයට අප්පච්චී සිහිවන්නේ නිතැතිනි. සරත්ගෙ හිතත් සමහර වෙලාවට අප්පච්චිගෙ හිත වගේ මුරණ්ඩුයි. අම්ම කිව්වොත් තමයි ටිකක් නිවෙන්නේ. සරත් ඇවිත් අපේ අප්පච්චිත් එක්ක මේ සම්බන්ධෙ ගැන කීවාම අප්පච්චිගෙ මූණ කළුම කළු උණා බිමට බර උණා. මගේ පපුව ගැහෙන සද්දය වටපිටාවටම ඇහෙන්න ඇති. ඒත් ටික වෙලාවකින් උගුර පාදමින් වගතුග විමසුවා. යාන්තමින් චංචල වුණු සිත නිසංසල වුණා. ගේ ඉතුරු වැඩ ටික කරගන්නට සරත් දරන මහන්සිය ගැන අප්පච්චිගෙ හිතේ තිබුණේ සතුටක්. ඒත් සරත් කැමති උණේ නෑ අප්පච්චිගෙන් උදව් ගන්න. ඒත් ඉතිං ඒ මගේ අප්පච්චිනෙ, ඒ ඉතිං මටනේ එයාට එහෙම නොසිතීමම නේ යථාර්ථය. පරිසර පද්ධති දෙකක සිතුවිලි, වයස් පරාස අතර ගැවසෙන විට ඇතිවන ඝට්ටනය සුළු පටු නෑ චංචලාගෙ හිත තේරුම් ගත්තාය. එක අතකට අප්පච්චි සතුටු වුණු එකම මදිද සෑහීමකට පත්වෙන්න. කාමර තුනකුත් එක්කලා ගේ වැඩ ටික අවසන් කළාට සරත්ගෙ හිතේ තිබුණෙ ණය ටික කොහොම හරි ගෙවලා හිත නිදහස් කරගන්න. ඒත් අපි විවාහ වෙලා මේ ගෙදරට ආවා. මම සතුට දෝතින්ම විඳ ගත්තා. ඉතිරිලා යයි කියන බයට කොහොමෙන් කොහොම හරි හිත ඇතුළටම තෙරපුවා මගේ සතුට. අපි ජීවිතේ පටන් ගත්තේ අඩුපාඩු එක්ක බව ඇත්ත. සර්ව සම්පූර්ණ ම ජීවිත ගමන පටන් ගන්න ලැබෙන්නේ වාසනාවකට මිසක් එහෙම හැමෝටම ලැබෙන්නෙ නැති බව බොහොම ප්රත්යක්ෂ සාධකයක්. දින සති ගෙවුණා. සරත් නොයෙක් මැසිවිලි දිග හරිනවා. සමහරදාට එන්නේ හොඳටම රෑ බෝවෙලා. සමහරදාට පිටින් කාලා එනවා. සමහරදාට රෑ වැඩත් වැටෙනවා. තවත් දවසකට දුර යන්න වෙනවා. ඒ රස්සාවෙ හැටි තමා. ඒත් .......................................................................................................... මම.......................................?????????????????????????????????? අතර නිරුත්තර වෙනවා. මෙහෙම තමා තෘප්තිමත් ජීවිත, රැකියා අපිට ඕන විදියට සැකසෙන්නෙ නෑ. මං සුබවාදීව හිත හදාගන්න ගොඩාක් උත්සාහ කළා. මාස ගණනකින් අප්පච්චිවයි අම්මයි ඇහැට දැක්කෙ නෑ. ඒ ගැන තියා මගෙ හිත ගැනවත් කියන්න මට වෙලාවක් හොයා ගන්න ගොඩාක් අසීරු වුණා. මහන්සිවෙලා ආවාම ඇඟපත හෝදං කතා නොකරම නිදා ගන්න දවස් අනන්තයි. ඒ මා එක්ක තරහටවත් නොවෙයි. මං වරදක් කළාටවත් නොවෙයි. මං එහෙමත් මගෙ හිත හදා ගන්නවා. ඒ මට සරත් නැතුව බෑ. මට සරත් නැතුව ගියාම ඇතිවන හිස්තැන සුළුපටු නැති නිසා. ඒක පුරවන්න පුළුවන් කාටද? මට එහෙම පිරවුණා කියලා දැනෙනවද? මං ගොඩාක් සිතුවිලි අතර චංචල වුණා. අතොරක් නොමැති සිතුවිලි දාමයක් මත යැපෙමින් සුවිසල් මනැස් ඝට්ටනයක නියැළී අවසානයේ සියල්ල පුපුරා ගියා. “කවද වෙනකම් මං ඔයාගෙ මේ නිශ්ශබ්දතාවය විඳ ගන්නද? දවසක් ද? දෙකක් ද? මං කොච්චර ඉවසුවද මොකක්ද මේකේ තේරුම? “තේරුම මොකවත් නෑ මට වැඩ වැඩියි. ඒක ඔයාට තේරෙන්නෙ නෑ ඒකයි.” “බොරු කියන්න එපා සරත් වැඩ ගැන නෙමේ මං කියන්නේ හැසිරීම ගැන. ඇයි දෙයියනේ මෙහෙම තඹයට මාව ඇදල දැම්මේ. කිරිල්ලියක් වගේ උන්නු මං නේද මේ අද සිරවෙලා අපා දුක් විඳින්නේ. කෝ ඔයා ළඟ තිබුණ ආදරේ................. මෙහෙම වෙන්න හේතුව මොකක්ද මට කියන්න. “කිරිල්ලියක් වගේ නේද හිටියා කිව්වේ. මමනේ ඒක විනාස කළේ. අන්න තියෙනවා දොර ඇරලා යන්න පුළුවන් ඉගිල්ළිලා ඕනම දිහාවකට කිසිම බාධාවක් නෑ මගෙන්.” “සරත් ........................ සරත් ........................ මේ ඔයාම ද? ඔයා මට මෙහෙම කිව්ව ද? රූරා වැටුණු කඳුළු අතරටම හිමි උණු ලොවක මා තනිව වැලපුණා. **************** “මේ මිසීලා දෙන්නා බහින්නෙ නැද්ද?” “ආනේ ඇත්තනේ පිටකොටුවට ම ඇවිත්නේ.” “ඒයි චංචලා මොකද බං උඹේ ඇස්වල කඳුළු උඹ ඇඬුවද? මට නින්ද ගිය ටිකට.” “ආ................... ඇත්තමයි. එතකොට එහෙම මොකවත් උෙණ් නෑ සේරම මගේ හීන ද? ඒ මං දැකපු, අත්වින්ද දුකක්. ඒ වදන් මා තුළම බිහිව නැතිව ගියාය. “ආන් සරත් ඉන්නවා උඹ එනකම්”. “ආ මේ මොකද මේ ඇස් දෙක ම ඉදිමිලා ඇඬුවද?” “මටත් බස් එකේ නින්ද ගියා ඒ ටිකට අඬලා.” “මොනව හරි වල්බූතයක් ඔළුවට දාගෙන ඉන්න ඇති. අඩු ගානේ මං ආදරේ නෑ කිය කියා හරි හිතන්න ඇති. මේකි ඉතිං මගේ මෝඩිනේ. ඒ උණාට මං මේකිට පැලෙන්න ආදරෙයි. අහිංසක මගෙ කෙල්ලනේ. අපි යනවා තුලානි නුවර බස් එක ඇවිත් තියෙන්නේ.” කල්පනාවට වැටෙන අප කාගෙත් කල්පනා දොරටු ඇරුණු ගමන් ම වැහෙන්නේ කලාතුරකිනි. ඒ ඇරී තිබෙන කල්පනා තුළ ගොඩ නැඟෙන විවිධ අනුභූතීන් මවන සිහින විමන අපට නිරන්තරව අත් දකින අත් විඳින සංවේදනා බව චංචලාගේ සිහින විමානයේ රැඳී තිබුණි. මේ හැමදේම අප කාගේත් ජීවිත ස්පර්ශ කරන පොදු වස්තූන් නොවෙ ද? ප්‍රාර්ථනා සම්මානි විජේසිංහ RosiSuper Senior MemberPosts:5335 10 Mar 2015 09:56 AM sthuthi fide,,katha dekakma mata miss wela. FIDEBasic MemberPosts:238 07 Mar 2015 05:30 AM සූවිසි බුදුවරු අවුරුදු හැට පිරීම නිසා ලිපිකරු සේවයෙන් විශ්‍රාම ගන්නට සිදු වූවද ලීලානන්ද සිටියේ හොඳ සෞඛ්‍යයෙනි. හිසකේ යාන්තම් සුදු වී තිබුණද කිසිදු මහලු බවක් පළ නොකළ ඔහු තරුණයකුගේ කාය ශක්තිය පෙන්වීය. විශ්‍රාම යැම මරු පහරක් වැදුණ කලෙක මෙන් හැඟීමක් ඔහු තුළ ඇති කළේ එබැවිනි. ලිපිකරු සේවාවේ සිටියද ඔහු වැඩිපුර යෙදී සිටියේ වෘත්තීය සමිති වැඩවලය. වෘත්තීය සමිති සම්මේලනයේ වරාය ශාඛාවේ ලේකම්වරයා වශයෙන් ඔහු දිගු කලක් කටයුතු කළේය. එය ලංකා සම සමාජ පක්ෂයට අනුබද්ධිත වෘත්තීය සමිතියක් විය. "පැය අටේ වැඩ මුරේ අරං දුන්නෙ අපි. පැය අටට වැඩි නං ඕ.ටී. අරන් දුන්නෙ අපි. ඉරිදට නිවාඩු අරන් දුන්නෙ අපි." සම සමාජ පක්ෂය ලබාදුන් ජයග්‍රහණ ගැන ලීලානන්ද තම සාමාජිකයන්ට වරින් වර සිහිපත් කර දුන්නේ ආඩම්බරයෙන් යුතුවය. "කම්කරු පංතිය මේ තරමක් ඔළුව උස්සල ඉන්නෙ සම සමාජෙ නිසා" සැබවින්ම ඔහු සම සමාජය ගැන කතා කළේ මහත් භක්තියෙනි. එහෙත් එක්සත් ජනතා පක්ෂය බලයට පත්වී ස්වල්ප කලක් ඇවෑමෙන් තම වෘත්තීය සමිතියේ බලය මාරුවීමට පටන් ගැනීමත් සමග සම සමාජ හැකියාව ලීලානන්දගේ ඇස් පනාපිටම ක්ෂය වන්නට පටන් ගත්තේය. "සමිතියේ හයිය දැන් අපට නෑ ලීලානන්ද. දැන් සමිතිය ආණ්ඩුවෙ උන්ගෙ අතේ." සභාපති සහෝදරයා කීවේ දුක්මුසු හඬිනි. ලීලානන්දට සභාපතිගේ කියමන අලුත් ප්‍රවෘත්තියක් නොවූයේ එය ලීලානන්ද ද අත්විඳිමින් සිටි හෙයිනි. "සම සමාජෙ තියෙන්නෙ දුක් විඳින මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් දිනා ගන්න. කෝ ඉතිං දැන් ස්ට්‍රයික් එකක් කරන්න මිනිස්සු නම්ම ගන්න පුළුවන්ද? ශ්‍රී ලංකාකාරයෝ කියන්නෙ ස්ට්‍රයික් කරල ආණ්ඩුව අමාරුවෙ දාන එක හරි නෑ කියලනෙ...." "වරද සම සමාජෙමයි. ආණ්ඩුවත් එක්ක සභාගෙ ගැහුවනෙ. එතන ඉඳල පිරිහුණා. රත්තරං වගේ තිබ්බ සම සමාජෙ පිත්තල ගානට වැටුණ." ලීලානන්ද පැන්ෂන් යන වයසට එළඹුණේ වෘත්තීය සමිති ව්‍යාපාරය බල්ලාට යමින් තිබෙද්දීය. "මට තව වැඩ කරන්න පුළුවන්. සභාපතිතුමාට ලියුමක් දීලා බලමුද?" ලීලානන්ද සභාපති සහෝදරයාගෙන් ඇසුවේ කම්පනයකින් යුතුවය. "පිස්සුද ලේකම් සහෝදරයා... රාජ්‍ය සේවයේ හැට පැන්න නං ඉතිං ගෙදර තමයි. දෙයියන්නාන්සේට වුණත් එච්චර තමයි" ලීලානන්ද විශ්‍රාම ගියේ ඉමහත් කනගාටුවෙනි. සේවය දිගු කරන ලෙස ඉල්ලා වරාය සභාපතිට යෑවූ ලියුමද වැඩ කළේ නැත. විශ්‍රාම යන දවසේ පැවති කුඩා සාදයේ දී ඔහුට තෑගි වශයෙන් ලැබුණේ ලොකු උණුවතුර බෝතලයක් පමණි. "දැන් ඉතිං ගෙදර දොරේ වැඩක් පලක් කරගෙන ගෙදරට වෙලා ඉන්න" බිරින්දෑ කීවේ ලීලානන්දගේ සිත් අමාරුව අඩු කරනු අටියෙනි. "අපොයි බෑ මොකක් හරි හොයා ගන්න ඕන." ලීලානන්දගේ හිත වැඩ කළේ කුමක් හෝ රැකියාවක් ගැනය. මේ අතර ඔහුට සුබ ආරංචිය ලැබුණේ නෙළුම්කුලමෙනි. නෙළුම්කුලම විහාරයේ අධිපති ධුරය දැරුවේ ලීලානන්දට ඥතිත්වයක් තිබෙන හිමිනමකි. ලොකු විහාරස්ථානයක් වූ එහි ලිපි ලේඛන කටයුතු පවත්වා ගෙන යැමට සුදුස්සෙකු සොයමින් සිටින බවත්, විශ්‍රාමික අයෙක් නම් වඩාත් සුදුසු බවත් නායක හාමුදුරුවෝ දන්වා එවා තිබුණි. "ඕං වයසට ගැළපෙන හොඳම රස්සාවක් ලැබෙන්න යන්නෙ. ඉබේම පිනක් දහමකුත් කෙරෙනව" බිරින්දෑ බොහෝ සංතෝෂ වූවාය. "පින දහම කෙසේ වෙතත් නිකං ඉන්නවට වැඩිය හොඳයිනෙ..." ලීලානන්ද ගමනට පිටත් විය. අනුරාධපුරයට ගොස් අනුරාධපුරයෙන් තවත් බසයක නැගී නෙළුම්කුලමට යා යුතු විය. එය ඉතා දීර්ඝ ගමනකි. කොළඹින් උදේ හයට පිටත්ව ඔහු නෙළුම්කුලමට ආයේ සවස තුනත් පසුවීමෙන් අනතුරුවය. මඟ දිගට දක්නට ලැබුණේ ගිනි තබනු ලැබූ හේන්ය. කලින් ගිනි තැබූ හේන් කොටමින් සිටි මිනිසුන්ගේ ඇඟපත ඩහදියෙන් නෑවෙමින් තිබූ අතර තද අව්වට පිළිස්සීමෙන් ඒ සිරුරු තද කළු පැහැයෙන් දිලිහිනි. ඔවුන්ගේ අඹුවන්ද, දරුවන්ද හේන්වල වැඩ කරමින් සිටියහ. ලීලානන්දට ඇතිවූයේ කනගාටුවකි. කොළඹ අප කන්තෝරුවල විදුලි පංකා යටට වී ලිපිගොනු අතර කාලය ගත කළේ කෙතරම් පහසුකාරී ජීවිතයක් දැයි ඔහුට සිතුණි. බඩඉරිඟු කරල් බේසම් මත තබාගෙන වන්දනා නඩයක් එන තුරු බලාහිඳින දැරියන් අතරමගදී දක්නට ලැබිණි. ලීලානන්ද නෙළුම්කුලම පන්සල ළඟින් බහින විට ඔහුගේ සිත ශෝකයෙන් පිරී තිබුණි. නායක හාමුදුරුවෝ ලීලානන්ද පිළිගත්තේ හරසරිනි. "මහත්තයා... පරිසරය නං හොඳටම වෙනස් ඇති නොවැ" "ඔව් හාමුදුරුවනේ කොළඹ වගේ නෙමෙයිනේ" "ඔව් ඉතිං මේ පළාත්වල පෑවිල්ල සැරයි. ටික දවසක් යනකොට පුරුදුවෙයි." ලීලානන්ද පන්සලේ බංකුවේ වාඩිවී හාත්පස නිරීක්ෂණය කළේය. අක්කර හයක් තරම් විශාල පන්සල් ඉඩමේ පාරට මායිම් පැත්තේ එක දිගට තාප්පයක් බැඳ තිබුණි. එය කෙළවරක් නොපෙනෙන තරම් දිගු තාප්පයකි. එක් තැනක සිරිපතුලක් සාදවා තිබූ අතර සිරිපතුල නමස්කාර කරන තැනට යැමට උසට නැගුණු පඩි පෙළක් සාදා තිබුණි. සිරිපතුලට නමස්කාර කරන ලීලාවෙන් අත් බැඳ සිsටින දේව රූප ගණනාවක් නිර්මාණය කොට තිබූ අතර ඒවා සිත්ගන්නා සුළු අන්දමින් වර්ණාලේප ගල්වා තිබුණි. තාප්පයට සමගාමීව පාත්‍රා අතැති අඹන ලැබූ සඟ ගණ පෙළකි. ඒ පිළිම වහන්සේලා ගමනේ යෙදෙන්නා සේ පෙනේ. "හාමුදුරුවනේ අර සංඝයා වහන්සේලා පෙළ" ලීලානන්ද ඇසුවේ ඒ සඟ ගණ පෙළෙහි අර්ථය නොතේරුණු බැවිනි. "ආ... ආ... මහත්තය ඒ තමයි ප්‍රථම රහත් හැට නම. අර පස්වග මහණුන් වහන්සේලායි. යසකුල පුත්‍රයාගෙ කට්ටියයි. පන්සල් බිම පුරා ගඩොල්, කළුගල්, යකඩ කම්බි කූරු කැඩූ සිමෙන්ති කොට්ට තැන තැන විසිරී තිබුණි. "අද ඔය නිවාඩු දවස හන්ද. නැත්නම් බලන්න තිබුණ මෙතන කෙරෙන ජරමරේ..." හාමුදුරුවෝ පැවසුවේ තෘප්තිමත් ප්‍රීතිමත් ස්වරූපයකිනි. "එහෙනං මහත්තයා ආන් අර පේන කාමරේ තියෙන්නෙ. ඒක තමයි මහත්තය නවාතැන් ගන්න තැන. ඒ එක්කම තියෙන්නෙ ඔµsස් කාමරේ. මහත්තයාට තියෙන්න බොහොම ලේසි වැඩක්. ඔය ඈත පළාත්වලින් වන්දනා නඩ බොහොම එනව. ඒ පිංවත්තු මේ පිළිම වහන්සේලා අඹන්න ආධාර කරනව. ඒ ආධාර භාර අරගෙන රිසිට් එකක් කඩල දෙන එක තමයි මහත්තයාට තියෙන්නෙ. රෑට රිසිට් පොතයි සල්ලි ටිකයි මට භාර දෙන එකයි ඇත්තෙ..." හාමුදුරුවන්ගෙන් ලද උපදෙස් ද රැගෙන ලීලානන්ද නවාතැන් කාමරයට ගියේය. දන් ශාලාවෙන් බත් කෑ හේ කාමරයට වැදුණේ මහන්සියට නින්දක් නිදනු පිණිසය. "මහත්තය ඇඳට යන්න කලින් කොට්ටෙ උස්සන බලන්න. සර්පයො ඉන්න පුළුවන්..." කාමරයට ඉදිරිපිට උදැල්ලක් අතැතිව සිටි කොලුවා කීය. ලීලානන්ද කොලුවා වෙත කෘතඥ පූර්වක සිනාවක් පෑවේය. හැන්දෑවේ ලීලානන්ද අවදි වන විට කොලුවා පන්සලේ ගල් ගොඩක් මත වාඩිවී සිටියේය. "ළමය මේ පළාතෙද?" "ඔව් මහත්තය" කොලුවා උත්තර දුන්නේ නැගී සිටීමෙනි. "මම සඟබෝපුර හරියෙ" "ඉස්කෝලෙ යැම අත්හැරියද?" "ඔව් මහත්තය. තාත්තට වකුගඩු රෝගෙ" "වකුගඩු රෝගෙ" "ඔව් මහත්තය. තාත්ත කුඹුරු ගොවිතැන කළේ. තාත්ත වැටුණයින් පස්සෙ මං කුඹුරට බැස්සෙ නෑ. මං මේ වැඩ පොළේ වැඩට ආව." "තාත්තට අමාරුද?" "දැන් ඉන්නෙ ඇඳේ. මාසෙකට සැරයක් ලේ පිරිසිදු කරන්න අනුරාධපුරේ එක්ක යනව..." ලීලානන්ද තුළ කොලුවාගේ පියා ගැන පමණක් නොව කොලුවා ගැනද අනුකම්පාවෙන් සිත පිරී ගියේය. පසුවදා උදෑසන සිට වන්දනා නඩ නෙළුන්කුලම පන්සල වෙත ගලා එන්නට වූහ. පිළිම වහන්සේලා ද සිරි පතුලද වැඳ පුදා ගන්නා පිරිස් කාර්යාලයට පැමිණ පිළිම නෙළීම සඳහා ආධාර මුදල් පිරිනමමින් ලීලානන්ද වෙතින් රිසිට් පත් ලබා ගත්හ. අත්වැඩකරුවො ලහි ලහියේ සිමෙන්ති අනමින් සිටියහ. මේසන් බාස්ලා පළමුව කම්බි අමුණා දෙවනුව ඒ මත සිමෙන්ති අතුරා පිළිම අඹමින් සිටියහ. කොලුවා සිටියේ සිමෙන්ති අනමිනි. විවේකයේ දී ලීලානන්ද කොලුවා සමග කතාවට වැටුණේය. "තාත්ත බලන්න යන්නෙ නැද්ද?" "යන්න ඕන. ඒත් සතියක්වත් වැඩ කරගන්න ඕනනේ මහත්තය. කීයක් හරි අතේ තියන්න එපාය. තාත්ත අනුරාධපුරේට බස් එකේ එක්ක යන්න අමාරුයි. ආටා එකකට බර ගානක් ගන්නව සර්..." "අහළ පහළ තවත් ලෙඩ්ඩු ඉන්නවද?" "අපොයි සර්. වකුගඩු ලෙඩේ නැති ගෙයක් එහෙමට තමයි ඉතුරුවෙල තියෙන්නෙ. හුඟක් ගෙවල්වල වකුගඩු ලෙඩ්ඩු..." "වතුරෙන්ලු නේද හැදෙන්නෙ..." "ඔව් සර්. ඔය ආසනයිට්ලු මොනවද කියන්නෙ..." "ආසනයිට් නෙමෙයි ළමයෝ ආසනික් කුඹුරුවලට ගහන පෝරවලලු තියෙන්නෙ..." "අන්න හරි සර් ආසනික්. ඉතිං සර්... පෝර නොගහ කුඹුරු කරන්නෙ කොහොමෙයි." "හැබෑව ළමයෝ. කුඹුරුවලට පෝර ගැහුවම ඒවයෙ තියෙන වස විෂ පොළොවට බහිනව ඒ වතුර කාලයක් බිව්වාම වකුගඩු නරක් වෙනව..." "අනේ සර් අපි දන්න ඉලව්වක් නෑ. අපිත් බොන්නෙ ඉතින් මේ පොළොවෙ වතුරම තමයි. " කොලුවා සමග කතා කරන්නට ලීලානන්දට ශක්තියක් නැති සේ දැනුණි. ඔහු නිහඬව සිටියේ එබැවිනි. රිසිට් පොත සහ මුදල් භාරදීමට රාත්‍රියේ දී පන්සලට යන ලීලානන්ද ලොකු හාමුදුරුවන් සමග මඳ වේලාවක් කතාබහ කිරීම සිරිතක් විය. "මහත්තය... කොහොමද ලස්සනද අපේ වැඩේ?" "අපොයි බොහොම අලංකාරයි හාමුදුරුවනේ..." "එන වන්දනා නඩවල ආධාරවලින් තමයි ඕව කරන්නෙ. කොහොමින් හරි අපි අසූමහ ශ්රාවකයොත් හදල ඉවර කරලා..." නායක හාමුදුරුවෝ යළි සිවුර හරි ගස්සා ගත්තේ සතුට පළ කරන්නාක් මෙනි. "මහත්තයා මට අලුත් අදහසක් ආව. මහත්තයට තමයි ඒ වැඩේ පංගාර්තු කරන්න හදන්නෙ..." "ඒ මොකක්ද හාමුදුරුවනේ?" "අපි සූවිසි බුදුවරු පෙළක් පටන් ගම්මු මහත්තය" "සූවිසි බුදුවරු පෙළක් කිව්වෙ" "සූවිසි බුදුවරු කියන්නේ බුදු බව ලැබුවා වූද බුදු බව ලබන්නා වූද බුදුවරු" "මහා කස්සප, කකුසඳ, කෝණාගම ආදී සූවිසි බුදුවරුන්ගෙ පිළිම වහන්සේලා ඇඹුව නම් හරි ලස්සනට හිටීවි..." "හාමුදුරුවනේ අර සිමෙන්ති අනන කොලුවගෙ තාත්තට වකුගඩු රෝගෙලු නේද? "ඔව් මහත්තය ඕව කරුම ලෙඩ. ඒක නෙමෙයි මහත්තය මගේ අදහස කොහොමද?" "දැනටමත් පිළිම වහන්සේල හුඟක් අඹල තියෙනවනෙ හාමුදුරුවනේ..." "මේව ශ්‍රද්ධාව වඩවන වැඩනෙ මහත්තය. ඒ විතරක්යෑ. බුදුවරු විසිහතර නමකගෙ පිළිම වහන්සේලා තියෙන කොට මේක කොච්චර ලස්සන භූමියක් වේවිද?" "හාමුදුරුවනේ මේ පළාතෙම වගේ වකුගඩු ලෙඩ්ඩු ඉන්නව නේද?" "ඔව් මහත්තය මේ නෙලුම්කුලම ගමේම ගෙවල් කීපයයි බේරිල තියෙන්නෙ. ඕව කරුම ලෙඩ. මහත්තයා කරුම ලෙඩ." "බොන වතුරින්ලු නෙ හැදෙන්නෙ" "ඔව්· එහෙම තමයි කියන්නෙ. මේ අපේ පන්සලෙත් ඉන්නෙ. අර රේවත හාමුදුරුවො වකුගඩු ලෙඩෙක් නොවැ..." "අනේ අපොයි. ඉතිං මේකට මොකක් හරි කරන්න ඕන නොවැ..." "මොනව කරන්නද මහත්තය ඕව කරුම ලෙඩ. ඒක නෙමෙයි මහත්තය අර සූවිසි බුදු පිළිම වැඩේ අපි ඉක්මනට පටන් ගන්න ඕන. දැනුම් තේරුම් ඇති කෙනක් විදියට මහත්තය ගෙන්න ගත්තෙත් ඒකයි..." "මොකක්ද කෙරෙන්න ඕන හාමුදුරුවනේ..." "ඔය වන්දනා නඩ එනවනෙ. ඒගොල්ලො දැනුවත් කරන්න ඕන. ඉස්සෙල්ල එක පිළිම නමක් හදමු. ඒක පෙන්නල අනිත් බුදු පිළිම හදන්න ආධාර ඉල්ලමු..." ලීලානන්දගේ මුවට නැගුණු පිළිතුර පිට කරම්දෝ නොකරම්දෝයි හැඟීමෙන් මොහොතක් නිහඬව සිටියේය. "අදහස හොඳ නැද්ද මහත්තය..." "හොඳයි බලමු හාමුදුරුවනේ. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ අපි එක් කෙනෙක්වත් ඔය සූවිසි බුදුවරු දැකල තියෙනවයි. ඉතිං රූපෙ කොහොමෙයි කියල අඹන්නද? නායක හාමුදුරුවන්ගේ මුහුණ අඳුරු වී යන බැව් ලීලානන්ට පෙනුණි. එය උන්වහන්සේ කෝප ගැන්වූ බවට සලකුණකි. ලීලානන්ද හෙමින් සීරුවේ පිටව ආවේය. සතියක් ඉකුත්ව ගියේය. දිනක් කොලුවා ලීලානන්දගේ කන්තෝරු කාමරය අසල දැවටෙමින් සිටිනු දක්නට ලැබිණි. "ඇයි ළමයෝ..." ලීලානන්ද ඇසීය. "සුමාන දෙකකින් කුලී සල්ලි හම්බු වුණේ නෑ මහත්තය. ඒ හින්ද තාත්ත බලන්න යන්නත් බැරිවුණා. "ඕව කතා කරන එක මට අයිති වැඩ නෙමෙයි දරුව. ඒ වුණත් මම කතා කරල බලන්නම්." කොලුවා පුරුදු කෘතඥ සිනහව පෑයේය. ලීලානන්ද රිසිට් පොතත් දිනට එකතු වන මුදලත් කවරකු අත හෝ නායක හාමුදුරුවන්ට යවා හාමුදුරුවන් මුණගැසීම මඟහරිමින් සිටියේය. එහෙත් එක් දිනෙක උදෑසන බලාපොරොත්තු නොවූ ලෙසින් නායක හාමුදුරුවෝ ලීලානන්දගේ කන්තෝරු කාමරයට වැඩියහ. ලීලානන්ද වහා නැගිට එකත්පස් වූයේය. "ඇයි මහත්තය උදේ පාන්දරම පිරිත් ටිකක්වත් දාන්න එපායෑ. මේ රේඩියෝ එකක් තියෙන්නෙ.." හාමුදුරුවෝ කන්තෝරු පුටුවේ හිඳගෙන වටපිට බැලූශ. "මොකද මේ හඳුන්කූරක්වත් පත්තු කරල නෑනෙ" "ඊයෙ රෑ ටිකක් නිදි මැරුව. අවදි වෙන්න වෙලා ගියා හාමුදුරුවනේ" "ඒක නෙමෙයි මහත්තයා කොහොමද අපේ වැඩේ ප්‍රගතිය. අර සූවිසි බුදුවරු වැඩේ" "මම තාම වන්දනා නඩවලට ඒ ගැන කතා කළේ නෑ. ඊට වැඩිය හොඳ නැද්ද හාමුදුරුවනේ වියදම් කරන සල්ලිවලින් මේ ගමට ටැංකියක් බන්දවල පිරිසිදු වතුර බෙදන වැඩපිළිවෙළක් හැදුවොත්." "ඒ මොකටද මහත්තය?" හාමුදුරුවෝ ඇසුවේ තුෂ්ණිම්භූත මුහුණිනි. "වකුගඩු ලෙඩේ හැදෙන එකෙන් මේ ගමේ මිනිස්සු ටික බේරගන්න පුළුවන්නෙ" "ඒවට වන්දනාකාරයො සල්ලි දෙන්නෙ නෑ. මහත්තයාට මේ වැඩේ තේරෙන්නෙ නෑ මහත්තය. බුද්ධ ප්‍රතිමාවකට නං මිනිස්සු සල්ලි දේවි. වතුර ටැංකියට සල්ලි ගන්න අමාරුයි..." "ඒ වුණාට බුදුහාමුදුරුවොත් දේශනා කළේ අසරණය්නට පිහිට වෙන්න කියලනෙ..." එවර නායක හාමුදුරුවෝ කතා කළේ තවත් උස් හඬිනි. ` "මහත්තය.. අපි බිහි කරන්න ඕන ශ්රද්ධාවන්ත සමාජයක් තේරුණාද?" හාමුදුරුවෝ අවසන් වචන කීවේ තර්ජනාත්මක හඬිනි. ලීලානන්ද වචනයකුදු නොකියා නිහඬව සිටියේය. "මහත්තය ළඟ තියෙන්නෙ කොමිනිට්ස් අදහස්නෙ. ඕව මෙහේට හරියන්නෙ නෑ..." හාමුදුරුවො සිවුර යළි වරක් ගස්සා උරයට දමා ගනිමින් කාමරයෙන් නික්ම ගියහ. එදින රාත්‍රියේ ටිසිට් පොතත් මුදලුත් අතවැසියකු අත යෑවු ලීලානන්ද ඇඳෙහි හාන්සි වී කල්පනා කරමින් සිටයේ උදෑසන සිදුවීම ගැනය. ස්වල්ප මොහොතකින් අතවැසියා ආපසු පැමිණියේය. "මේං මහත්තයගෙ පඩි සල්ලි මහත්තයට දෙන්න කියල හාමුදුරුවො දුන්න. මහත්තයාට ඕන නං ආපහු කොළඹ යන්න කියලත් කිව්ව..." එතැන රුපියල් අටදහසක් තිබුණි. පසුවදා උදෑසන ඇඳුම් බෑගය රැගත් ලීලානන්ද කොලුවාට කතා කළේය. "යමං කොලුවො තාත්ත බලල එන්න..." කොලුවා ලීලානන්ද සමග එකතු වූයේ මහත් ප්‍රීතියෙනි. මහ විලච්චියෙන් බැස තවත් සැතපුම් දෙකක් පමණ දුර පා ගමනින් ගිය පසු කොලුවාගේ දුගී නිවස හමුවිය. කොලුවා වහා ගෙතුළට දිවගොස් පුටුවක් ගෙනැවිත් ඉස්තෝප්පුවේ තැබීය. පිල්කඩ මත ඇඳෙහි කොලුවාගේ පියා වැතිර සිටියේය. දෙපා ඉදිමී ගිය මහලු මිනිසා පෙනුණේ ඇටසැකිල්ලක් පරිද්දෙනි. ලීලානන්ද ඉදිරියේ නැගී සිටින්නට නොහැකි වූ මහලු මිනිසා බැගෑපත් මුහුණින් ලීලානන්ද දෙස බලා සිටියේය. උළුවස්සට හේත්තු වූ කොලුවාගේ මව අසරණ සිනාවකින් යුතුව ලීලානන්ද දෙස යටහත් පහත් ලෙස බලා සිටියාය. ලීලානන්ද තමන්ට හාමුදුරුවන්ගෙන් ලැබුණු රුපියල් අටදහසෙන් හත්දහසක් ගැන බලා කොලුවාගේ මව අතට දුන්නේ මේක ලෙඩාගෙ වියදමට තබා ගන්නැයි කියමිනි. "මහත්තයාට බුදු බව අත්වෙන්න ඕන මහත්තයො... ලෙඩා ගැන කරපු අනුකම්පාවට..." මහලු මව කීවේ දෝතින්ම මුදල අතට ගනිමිනි. "මං කොළඹ යනව ළමයො..." "මහත්තය තේ වතුර ටිකක් බීලම යන්න..." "නෑ... කරදර වෙන්න එපා..." ලීලානන්ද මිදුලට බැස්සේය. * චන්ද්‍රසිරි දොඩන්ගොඩ (රචකයාගේ "යාත්‍රා" කෙටිකතා සංග්‍රහයෙන් උපුටා ගැනිණි.) FIDEBasic MemberPosts:238 01 Mar 2015 04:40 PM මෙලොවදී හමුවීමක් (කෙටි කතාව) උස්වූ දිගැටි බීර වීදුරු, අවන්හලේ මේස සරසාගෙන සිටින්නේ ක්‍රීඩා පිටියක සෙල්ලම් කරන්නට ලක ලැහැස්ති වූ ක්‍රීඩකයන් රැළක් සේය. සිසිල් වූ මත්පැන් වීදුරු මතු පිට පිපුණ දිය බිඳු මධුරස විඳින මිනිසුන්ගේ දෑත් තෙත් කරන්නේ ඔවුන්ටත් හොරාමය. සෑම සෙනසුරාදා රාත්‍රියකම ඇති බුෙµa සාදය රසවත් කරන සංගීත කණ්ඩායම වාදන භාණ්ඩ සොලවන්නේ නිදහසේ ධාවන පථයක අධිවේගීව ගමන් කරන මෝටර් රථ පරිද්දෙනි. වේගයෙන් නටන ගැහැනුන්ගේ මිනිසුන්ගේ අසංවර මස් ගොබවල නැළවිල්ල රිද්මයද, අභිභවා සරාගී නර්තනයක යෙදෙයි. පාටපාට විදුලි බුබුළුවලින් අන්ධකාරය මකා ඇති අවහන්හල තුළට සෙමින් පියවර තබමින්, හිස පැත්තට ඇලකර එක් අතක් අප්‍රාණික තිලකසූරිය ඇතුළු වන්නේ තරමක් ප්‍රමාදවය. ආබාධිතයින් සේවය කරන ඇසුරුම් කම්හලක සේවය කරන ආබාධිත තිලකසූරියගේ රාත්‍රී වැඩ මුරය අවසන් වූයේ රෑ නවයටය. ඔහු වැඩ අවසන්වී මෙදින රාත්‍රී අවන්හලට ඇතුළු වන්නේ මිතුරන් සමග තරමක් විනෝද වන්නටය. දැන් එය ඇබ්බැහියකට පෙරළී ඇත. බීර වීදුරු දෙක තුනක් ශීඝ්‍රගාමීව තමා ආමාශයට තල්ලු කළ ඔහු කෑම බඳුනක් බෙදාගෙන වටපිට බැලුවේ තම මිතුරන් ඇවිත්දැයි දැන ගැනීමටය. තමා සමග එකම කාමරයක බෙදා හදාගෙන ජීවත් වෙන මිතුරන් දෙදෙනා තවමත් පැමිණ නැත. මේසයක් අසල වාඩි වුණු තිලකසූරිය වේගයෙන් දඟලමින් නටන, ගැහැනුන්ගේ හා මිනිසුන්ගේ දර්ශන පථයට නෙත් යෑව්වේය. එහෙත් එයින් එක් මිනිසකුගේ රුවක් දුටු ඔහු මුව තුළට ගිය ගෑරුප්පුව හදිසියේම තිරිංග තද කළ වාහනයක් සේ ක්ෂණිකව නතර කළේය. පුදුමයකි....? මේ ඒ අතීතයේ මට මුණගැසී වධ දුන් මිනිසාමද? මගේ මනසින් සදාකාලිකව බැහැර නොයන මීට වසර කීපයකට පෙර මා ජීවිතය සමග සෙල්ලම් කළ මිනිසාමද? ඔහු උපැස් යුවළ ගලවා පිසදා නැවත පැළඳ බැලීය. මේ ඒ තිරිසනාමද? ඔහුට ඉබේටම කියෑවිණි. බමන මතින් නැළවෙමින්, මතුවන සංගීත රිද්මයේ අපහාසයට මෙන් එහෙට මෙහෙට පැද්දෙමින්, නටනවා යෑයි සිතා සිටින ඒ තිරිසන් මිනිසා තවත් මිනිසුන් සමග නටන්නේ සංගීත රසයක් හෝ මිනිස්කමක් හඳුනාගෙනද? කෑම පිඟාන පැත්තක තබා වතුර වීදුරුවක් බිව් තිලකසූරිය ඔහු දෙසට ළං විය. ඇස් උලුප්පා හිසේ සිට පාදාන්තය දක්වා ඔහු දෙස බැලීය. "කොණ්ඩෙත් සුදු වෙලා. ශරීර කූඩුවත් මහත්වෙලා. එදා මරුමුස් මුහුණමයි හැබැයි ටිකක් රැළි වැටිලා." "ගීයක් තබා සිවු පදයක්වත් තාලයකට නොගයන, එදා වධකාගාරයේදී තමා බියට මෙන්ම, පාළුවට ගැයූ ගී වලට තහනම දැමූ මේ මිනිසා අද නටන්නේ වෙනත් ලෝකෙකින් ඇවිත්ද? මිනිසාට තව තවත් ළං වූ තිලකසූරිය ඔහුගේ උරහිසට තම ප්‍රාණවත් අත උස්සා තට්ටුවක් දැම්මේය. "හලෝ මිස්ටර් මාව මතකද...?" නැටීම මඳකට නවතා ඔහු දෙසට හැරුණු මිනිසා ප්‍රශ්නාර්ථ දෑසින් නළල රැළි ගන්වා තිලකසූරිය දෙස බැලීය. සංගීත හඬද අඹරා යවන්නට තරම් ශබ්දයක් නගමින් කොක් හඬලා සිනාසුණු මිනිසා තිලකසූරිය නැවතත් අතීතයට ගොස් අතහැරියේ පපු කුහරයද සිරකරමිනි. එම සිනහව සමග ආ බියංකර ගොර හඬ අතීතයේ මෙන්ම තවමත් රුදුරු බව තිලකසූරියගේ සවන් නැවතත් මතක් කර දුන්නේය. "මම ඔහෙව අඳුනන්නෙ නෑ මිස්ටර්.අනෙක මේ සිඩ්නි පුරේ. මේ ලෝකෙ නටන්න අඳුනගන්නම ඕනේද? අපි නටමු. මිස්ටර් එනව අපි නටමු. මේ නටන්නෙ අඳුනන මිනිස්සුද? නෑ නාඳුනන මිනිස්සුනෙ" ඔහු තිලකසූරියගේ අප්‍රාණික අතින් ඇද්දේය. තිලකසූරිය වෙර යොදා අත ගසා දැම්මේය. "සොරි මිස්ටර් මට කිව්වෙනැහෙන ඒ අත ලෙඩවෙලා කියල. අපි තනි අත අල්ලගෙන නටමු." ඉංගී්රසියෙන් දෙඩවූ ඔහු නැවතත් කොක්හඬලා සිනාසීය. විපරිත සිනාවට අසල නටමින් සිටි සුදු ඕස්ටේ්රලියානු කත හිස හරවා බැලීය. "හලෝ ඩික්සන්.... හව් ආර්. යූ. ආµaටර් ලෝන් ටයිම්." පයෝධර යුවළ එළියට පනින්නට ඔන්න මෙන්න ඇති. තම මාංස අඩවන් ඇඳුම්වලට කිටි කිටියේ හිර කරගත් ගැහැනිය. ඩික්සන් තමා දෙසට ඇද ගත්තේ සතකු ඩැහැගන්නා කිඹුලියක ලෙසිනි. ඇයගේ බඳ වටා අත යෑවූ ඩික්සන් නැවතත් නටන්නට පටන් ගත්තේය. ටික වේලාවක් නැටූ දෙදෙනා අවන්හලෙන් එළියට විත් කැබ් රථයකට අත වැනූහ. ඔවුන් පසුපසින් ගමන් කළ තිලකසූරිය තම කාරයද පණගන්වා කැබ් රථය පසු පස හඹා ගියේය. ආබාධිත රථගාලේ නැවැත්වූ නිසා කැබ් රථය සමග ගමන ආරම්භ කිරීමට ඔහුට පහසු විය. කැබ් රථය මහල් නිවාසයක් අසල නතර විය. තරමක් ඈතින් තම කාරය නැවතූ තිලකසූරිය ඔවුන් යන්නේ කුමන මහලටදැයි විපරමින් බැලීය. විදුලි බුබුළු දැල්වූ එළියෙන් අන්ධකාරයේම සිට නිවස සටහන් කරගත් තිලකසූරිය නැවතත් කාරය පණ ගැන්වූයේ ඔහුව හෙට හිමිදිරියේම මුණගැසෙන අධිෂ්ඨානයෙනි. සිතිවිලි සමුදායක ගැලී නොනිදාම කල්පනා කරමින් රැය පහන් කිරීමට ඔහු උත්සාහ දරයි. පැරණි සිතිවිලිවලින් හදවත තෙරපෙන නිසාම ඔහුගේ දෙනෙත්වලට පියවීමට අවකාශයක් තිබුණේ නැත. කෝපි කෝප්පයක් වක්කරගත් තිලකසූරිය නැවතත් ඇඳ විට්ටමට හේත්තුවී එය තොල ගෑවේය. ගෙදර සිටින පූස් නාම්බා ඔහු තුරුළට පැන ගුලි ගැහුණේ දැඩි ශීතල නිසාමය. උගේ හිස පිරිමදිමින් ඌව අත ගෑ තිලකසූරියගේ දෙනෙත්වලින් කඳුළු බිඳු දිලිසුනේ ඔහුටත් නොකියාමය. "ඌ උඹටත් වැඩිය තිරිසනෙක්. මහ අපරාධකාරයෙක්. ඒ වගේ අපරාධකාරයො මේ ලෝකෙ රට රටවල්වල කට්ටි පැන පැන ජීවත් වෙනව. මම උඹට තියෙන තරම්වත් ආදරයක් ඌට තිබුණ නම් මේ ලෝකෙ කොච්චර ලස්සනද?" හිතේ තියෙන අසහනය තුනී කර ගැනීමට තිලකසූරිය පූස් නාම්බා සමග කතා කළේය. එයට පිළිතුරු වෙනුවට ඌ තිලකසූරියට තව තවත් තුරුලු විය. හිමිදිරියේම කඩිනමින් ලක ලෑස්ති වූ තිලකසූරිය සැලසුම් කරගත් පරිදිම එම මහල් නිවාසය සොයා ගියේය. සති අන්තය නිසාදෝ ඒ අවට දැඩි නිහඬ බවක් තිබිණි. ඔහු දොරට තට්ටු කිරීමට පෙර ගේ තුළින් ඇසෙන මිනිස් හඬට කන්දුනි. පෙරදා ගේ තුළට රිංගාගත් ඩික්සන්ගේ උස් හඬ දොරේ සිහින් හිඩැස් අතරින් එළියට එයි. ගැහැනු කටහඬද අතරින් පතර ඒ අතරින් මතුවෙයි. දෙදෙනා අතරින් වඩාත් රෞද්‍රව හැසිරෙන්නේ ඩික්සන් බව තිලකසූරියට පසක් විණි. "අනුමානයක් නැහැ අර සුද්දි තවම ඇති.... මුන් උදේට ඇහරෙන්නෙත් රණ්ඩු වෙවී.Z තිලකසූරිය තනිවම මිමිනුවේය. නැවතත් පහළට ගොස් කාරයට නැගී ඔහු අවධානයෙන් බලා සිටියේ සුදු කාන්තාව පිටවෙන තුරුය. ස්වල්ප වේලාවකින් ඇය පහළට බැස ගමන් කරන අයුරු තිලකසූරිය දුටුවේය. ඇගේ මුහුණ මලානිකවී ඇත. මුහුණ පොළවට බර කර ඉතා වේගයෙන් ගමන් කළ ඒ කාන්තාව ටැක්සියක නැගී පිටවෙන අයුරු තිලකසූරිය බලා සිටියේය. ඇය පිට වූ පසු නැවතත් උඩුමහලට ගිය තිලකසූරියගේ ඇඟිලි තුඩෙන් ඩික්සන්ගේ නිවසේ විදුලි බොත්තම තදවිණි. ............. ඉංග්‍රීසියෙන් බැණ වදිමින්, ජර බර හඬින් පොළොවේ පා අඩි හප්පමින් එන ඩික්සන්ගේ පෙරදා පුරුදු හඬ තිලකසූරියගේ රුව අසල ඉද්ද ගැසුවාක් මෙන් නතර විය. "හූ ආර් යූ වට්ස්ද මැටර්" මුහුණ ඉදිමී නෙත් රතු පැහැ ගැන්වී ඇති ඩික්සන්ගේ රුව දෙස තිලකසූරිය මද වේලාවක් බලා සිටියේය. "තමුසෙට මාව මතකද? ඩික්සන්." ඇසිපිය සෙලවීම නතරකොට තරමක් වේලා ගල් ගැහී තිලකසූරිය දෙස බලා සිටි ඩික්සන් දොර වැසීමට උත්සාහ කළේය. එහෙත් එය වැසෙන්නට ඉඩ නොදීම තම ශක්තිමත් බාහුවෙන් තල්ලු කළ ඔහු ඩික්සන් සමග ගේ ඇතුළට තල්ලු විය. "බය වෙන්න එපා ඩික්සන් මම කරදරයක් කරන්න නොවෙයි ආවෙ. තමුසෙත් එක්ක ටිකක් දොඩමලු වෙලා යන්න ආවෙ." "තමුසෙ කොහෙන්ද? මේ රටේ වෙන්න බැහැ. කොහෙත්ම වෙන්න බැහැ. ඒ තිලකසූරිය කියන මිනිහා මළා..." ඩික්සන් දොඩවන්නට පටන් ගත්තේය. "තමුසෙ හිතුවෙ මං මළා කියල නේද? මං මළේ නැහැ. ඒ මැරුණ තිලකසූරිය තවමත් ජීවත් වෙනව." "නැහැ නැහැ මළා.... ඒ වෙඩි පහරවල් වරදින්න විදියක් නැහැ." "කලබල වෙන්න එපා ඩික්සන්.... සර් කියමින් හදවතට මරණය පුරෝගෙන මම එදා වැඳ වැටුණු ඒ භයානක අතීත මිනිසා සමග මම කතා කරන්න ආසයි." ඩික්සන් නිහඬව සෝපාවේ වාඩිවූයේ තිලකසූරියටද සෝපාවේ වාඩිවීමට ආරාධනා කරමින්ය. "නැහැ මං එදා වගේම තමුසෙ ළඟ හිටගෙනම කථා කරන්නම්. එදා හිටපු ත්‍රාසජනක මිනිසා අද කෝ. අද ඒ මිනිහා මැරිච්ච මිනිසුන්ටත් බයයි. කවදද වධකාගාරය දාල මේ රටට පැන්නෙ? හිතුවෙ නෑ නේද ගහට ගහක් මුණගැහෙයි කියලා? අද ලෝකෙ ගෝලීයකරණය වෙලා දිවුල් ගස්වලට ඇපල්ගස් මුණ ගැහෙන කාලෙ ඩික්සන්." තිලකසූරිය එක එල්ලේ කියවයි. ඩික්සන් වික්ෂිප්තව තිලකසූරිය දෙස බලා සිටියේය. "මගේ අම්මයි තාත්තයි අඬා වැටෙද්දි අර ගෝණිබිල්ල කියපු පළියට මාව කුදලගෙන යන කොට තමුසෙට හිතුන්නැද්ද ඌ කියන්නෙ බොරු කියල. කැම්පස් එක ඇතුළෙ ඌ මගේ ජන්මාන්තර වෛරක්කාරයෙක්. ඒකට හේතුව වුණේ ඌ හිතේ තියාගෙන හිටපු පෙම්වතිය මට පෙම් කිරීම. මම කෑ ගහල ඔව් ලොවටම ඇහෙන්න කෑ ගහල කිව්ව ඌ කියන්නෙ බොරු කියල. ඒත් තිරිසන්නු දෙන්නෙක් එකතුවෙලා මගේ ජිවිතේ විනාශ කළා." අසල බිත්තියට හිස තබාගෙන කඳුළු සැලූ තිලකසූරිය නැවතත් ඩික්සන් දෙසට හැරිණි. "ඒ වධකාගාරය භාරවෙලා තිබුණෙ තමුසෙට. ඒකෙ හුඟක් හිටියෙ මං වගේම අහිංසකයො. පොලු මුරුමුගුරුවලින් තළපු අපේ ඇඟෙන් පිටවුණු මල මුත්‍ර සුවඳට සිනාසුණු තමුසෙගෙ ගල් හදවත තවමත් එහෙමමද? අඩු ගානේ හතර අතට බෙදිල තියෙන හෘදයවස්තුවෙ එක් කෝෂිකාවක්වත් උණු වුණේ නැද්ද? ඩික්සන් අමු මහ රෑ තමුසෙ ගෝලයොත් එක්ක අඩි හප්පලා විසිල් ගහල එනකොට අපි කලන්තෙ දාල වැටුණා. ඇඟේ මස් දියවුණේ අපිටත් හොරා." සෝපාවෙන් නැගිටගත් ඩික්සක් කවුළුව විවර කර ඈත හිස් අහස දෙස බැලීය. "ජීවිතේ බේරගන්න තමුසෙ ළඟ මම දණින් වැටුණ. ඒත් බීමතින් පිස්සු නටපු තමුසෙ ඒ කන්නලව්වට හිනා වුණා. අඩු ගානෙ ඒ කෑලි කපන ඝන රෑ දූෂණය කරපු අහිංසක කෙල්ලො ගැනවත් තමුසෙට දුක හිතුණේ නැද්ද....." තිලකසූරිය ක්ෂණිකව ගොස් තම ප්‍රාණවත් බාහුවෙන් ඩික්සන් රුව තමා දෙසට හරවා ගත්තේය. "මට සමාවෙන්න තිලකසූරිය. ඒ අතීතය මම අමතක කළා. ඒ කාලෙ හැටියට ඒක මගේ රැකියාව." "ඔව් මං දන්නවා තමුසෙගෙ රැකියාව මිනීමැරීම. දූෂණය ලියල දීල තිබ්බ. මීනී මරන්න බලපත්‍ර දීල තිබ්බ. එදා වධකාගාරෙ අන්තිම දවසෙ රෑ හූනෙක් චික් චික් ගහල කෑ ගහනකොට මට මගේ කුඩා කාලෙ මතක් වුණා. එළවළු වට්ටිය ඔළුවෙ තියාගෙන ගම වටේ ගිහින් එළවළු විකුණපු අම්මව මතක් වුණා. අම්මගෙන් බීපු කිරි සුවඳ මගේ හදවත ඇඬෙව්වා. ගඟෙA වැලිs ගොඩ දාපු තාත්තව මට පෙනුණෙ දෙවියෙක් වෙලා ඇවිල්ල මාව බේරගන්නව වගේ. අම්ම මට කවපු බත් පිඟානෙ ඉතුරු බත් ඇට ඉරටුවෙ ගහල හූනන්ට කවපු මගේ අන්තිම රාත්‍රිය මම ගත කළේ බඩගින්නෙ ඩික්සන්. මහ රෑ ඇස් බැඳල වෑන්වල දාගෙන යන කොට මම දැනගත්ත මේ යන්නෙ අන්තිම ගමන කියල. මම හිත යටින් මටම පාංශුකූලෙ දීල එළොව පින්තූරය හිතේ ඇඳ ගත්තා." ඩික්සන් කටහඬ අවදි කළේය. "මම තිලකසූරියගෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. කොහොමද තමුසෙ නොමැරී බේරුණේ...? මට මේක තවමත් ප්‍රහේලිකාවක්." "ඔව් ඩික්සන් ..... මේ කථාව ඒ දේ කිව යුතුමයි. ඒ බස්සො සිංදු කියන මහරෑ මහ කැලේ මැද්දෙ. එදත් තමුසෙ හිටිය බීමතින්. උඹල නිදහස්.... දුවපල්ල කියන කොටම ආපු වෙඩි වර්ෂාව මට ඇහුණෙ විදිලි කොටනවවගේ. ටික වේලාවකින් මට දැනුණ මගෙත් එක්ක එකට හිටිය අහිංසකයන්ගෙ ශරීර කූඩු මගේ ඇඟ උඩ වැටිල තිබ්බ. මම ඒව එහෙට මෙහෙට තල්ලු කරල දුවන්න හැදුව දුවන්න බැහැ. වාසනාවට හරි අවාසනාවට හරි මගේ අතටයි වෙඩිල්ල වැදිල තිබ්බෙ. මම ඒ මළකඳන් මැද්දෙන් බඩගාගෙන ගිහිල්ල ගල් කුළකට මුවා වුණා. ඔක්කොම අළු කරල තමුසෙල ඒ සුන්දර රාත්‍රිය ගත කරන හැටි වේදනාවෙන් කඳුළුÊසල සල මම බලන් හිටිය. ඊට පස්සෙ මම හිටියෙ ඉස්පිරිතාලෙ. උදේ දර කඩන්න ආපු ඒ ළඟ පැල්පලත ඉන්න අම්ම කෙනෙක් තමයි ගෙදර මනුස්සයත් එක්ක එකතුවෙලා මාව ඉස්පිරිතාලෙ අරන් ගිහිල්ල තියෙන්නෙ. උන්දැලට බුදු බව අත්වෙන්න අද මම ජීවතුන් අතර ඉන්නව. ඒ තිලකසූරිය අද සදාකාලික ආබාධිතයෙක්." තිලකසූරිය බෙරිහන් දුන්නේය. "තමුසෙ අද මෙහෙ යහතින් ජීවත් වෙන්නෙ ඒ භීෂණයට පින්සිද්ධ වෙන්න එහෙම නේද? ඩික්සන් කෑගහල ලෝකෙටම ඇහෙන්න කියනව." ටික වේලාවක් යනතුරු තිලකසූරිය නිශ්ශබ්දව සිටියේය. "උන් මාව දාල ගිහිල්ල හුඟක් කල්." ඩික්සන්ගේ නෙත්වලින් කඳුළ කැට කඩා පැන්නේය. "හිතක් පපුවක් තියෙන එවුන්ට තමුසෙත් එක්ක ඉන්න පුළුවන්ද? ඩික්සන් .....එදා බුලට් වෙලා තිබ්බ තමුසෙගෙ කඳුළු අද මම දැක්ක. ඔය කඳුළු බලන්න එදා මං කොච්චර ආශාවෙන්ද උන්නෙ. අද ඒව උණුවට ගලා හැලිල වෙන රටක පොළොවක් සිප ගන්නව. ඒකත් කොච්චර දෙයක්ද ඩික්සන්. අපි උපන් රටේ අපේ කඳුළු එදා ඒ පොළොව සිපගත්තෙ තමුසෙල නිසා. අද තමුසෙලගෙ කඳුළුÊවැටෙන්න මුහුදෙන් එහා තවත් පොළොවක. අද මට හරි සන්තෝෂයි ඩික්සන්. අද මට සතුටු දවසක්." තිලකසූරියගේ හඬ කෙමෙන් සන්සුන් වී ඇත. "මට තමුසෙට වෛර කරන්න බැහැ. තමුසෙල වගේ මිනිස්සුන්ට වෛර කරල වැඩකුත් නැහැ. ඒත් මට හැම සති අන්තෙම තමුසෙගෙ ඇස්වලට පේන්න අවහන්හලේ පුටුවෙ වාඩිවෙලා ඉන්න ඕනෙ. ඒක තමයි තමුසෙට මට දෙන්න පුළුවන් ලොකුම දඬුවම ඩික්සන් ඒ අවන්හලේදි අපි ආයෙමත් මුණ ගැහෙමු. උඩුමහල් තලයෙන් පිටවී පහළට බසින ආබාධිත තිලකසූරිය රුව දෙස ඩික්සන් ඇසිපිය නොහෙළා බලා සිටියේ වෙනත් ග්රහලෝකයකින් පියාඹා තමා හමුවෙන්නට ආ අරුම පුදුම සත්ත්වයකු දෙස බලන්නාක් ලෙසිනි. * ලක්ෂ්මන් කොඩිතුවක්කු පරමේශ්වරී සහ වෙනම රටක් කෙටිකතා සංග්‍රහයෙන් උපුටා ගැනිණි. samanthaMost Senior MemberPosts:13190 01 Mar 2015 04:29 PM මේක දිගටම ලියන්න.ස්තූතියි ඔබට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 01 Mar 2015 02:43 PM Posted By FIDE on 27 Feb 2015 05:46 PM සොඳුරු පාදඩයා මක්සිම් ගෝර්කිගේ “චෙල්කාෆ්” කෙටිකතාව ඇසුරෙනි. වරාය ඉදිරියෙන් තිබූ අවන්හල් ෙප්ළිය මුළුමනින් ම අපිළිවෙළින් යුතුය. එයින් බොහොමයක් ලෑලි ගසා බෙලෙක් තහඩු හෙවිල්ලා තිබුණි. ඒ අතර දැඩි හිරු රැසින් යුතු දූවිලි සුළඟින් අහසට නගී. එය ඔරොත්තු නොදෙන තරම්ය. අහර පිසින තෙල් කර වූ ගද දුම්කොළ දුමත් වොඩ්කා සැරත් සමඟ එක්වී අවන්හල් අතර පා වෙමින් තිබුණි. දිවා ආහාරයට කම්කරුවන් එන්නේ රොතුපිටින්ය. ඔවුන් දහදියෙන් යුතුය. වෙහෙස නිසා ඔවුන් සිටියේ නොරුස්සන සුලු බවින්ය. හීන් වොඩ්කා අඩියක් සමඟ අර්තාපල් සහ පාන් බුදින ඔවුන් කළ සහ කළ යුතු හැම බර කටයුත්තක් ම අමතක කර දමයි. ඔවුන් ගේ කටහඬවල් ප්‍රීතිමත් අවලාදයන්ගෙන් සහ පිළිසඳරෙන් යුතු වේ. “වොඩ්කා සැර මේ පාහරයො බාල කරනව.” “අසමජ්ජාති හැත්ත. ඕකුන් මක බෑ වෙන්න ඕනැ.” “ඊට හපන් දුංකොළ. පෙණහළුවලට වගේ වගක් නෑ.” නම් දරාපු බේබද්දෙකු සහ තක්කඩියෙකු සේ ප්‍රකට චෙල්කාෆ් ඔවුන් අතරට පැමිණියේය. “ආයුබෝවන් මිත්‍රවරුණි. සාර් උතුමාණන්ට ආශිර්වාද වේවා!” “අම්මට හුඩු චෙල්කාෆ්. කොහේද පහුගිය දොහේ වාෂ්ප වෙලා හිටියෙ?” හැම කම්කරුවෙකු ම චෙල්කාෆ් හඳුනයි. යහමින් මුදල් ඇති විට ඔහු තම මිතුරන්ට ඉස්මුරුත්තාවට කන්න බොන්න දෙයි. “ගුදමෙන් රෙදි පීස් දෙකක් පන්නලයි කියන්නෙ.” එක් සගයෙකු චෙල්කාෆ්ට ළංවී කියයි. “ඉතින් මට කියන්නෙ?” චෙල්කාෆ් කියන්නේ පිරිසිදු චරිතවත් කෙනෙකු සේ උස් හඬින්ය. “ඒකට කමක් නෑ. ඇතුළට යන්න එපා. සිකුරටි ඇහැ ගහගෙන ඉන්නෙ ඔහේ එනකං.” “මිෂ්කා දැක්කෙ නැද්ද?” පැමිණිලි චෝදනා පිළිබඳව කිසිදු හැඟීමක් චෙල්කාෆ් තුළ නැත. “මොන?” “පච්ච මිෂ්කා” මිෂ්කා හදිසි අනතුරකට මුහුණ දී රෝහලේ ය. චෙල්කාෆ් ගේ බලාපොරොත්තු බිඳී ගියේය. අද රාත්‍රියේ මිෂ්කා අවශ්‍යමය. ඊළඟට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව හිතන්නවත් බැරිය. කම්කරුවන් යළි වැඩමුරයට පිටත්ව ගිය පසු අවන්හල් අතර නිහඬ හිස් බවක් පැතිර ගියේය. හුදකලාව අතීරණාත්මකව සිටි චෙල්කාෆ් දුටුවේ තමා ඉදිරිපස බංකුවේ කුඩා ඔළොගුවක් උකුලේ තබා ගෙන හිස් බැල්මෙන් යුතුව සිටි ගැටවරයෙකි. අවුල් වූ හිස කෙසින් යුතු ඔහුගේ කාංසියෙන් යුතු දෑසේ යෞවනය උතුරයි. නිසැකවම ගමෙන් පැමිණි ගැටවරයා ගේ පිබිදුණු යෞවනය පිළිබඳව ඉරිසියාවක් උපන්නත් චෙල්කාෆ් තුළ අලුත් බලාපොරොත්තු ඇති විය. “මොකද ඉලංදාරියා කල්පනවා. හරි හමං වැඩක් හම්බ උණේ නැද්ද?” ගැටවරයාගේ බංකුවේ වාඩි වෙමින් චෙල්කාෆ් ඇසුවේය. “නෑ.” ගැටවරයා කීවේය. රූබල් පන්සියයක් හොයාගෙන ආවෙ. දවස් හතරකට හම්බුකළේ රූබල් දෙකයි.” “දවල්ට කෑවෙ නෑ නේද?” චෙල්කාෆ් ඇසුවේය. ගැටවරයා අවහන්හලකට කැඳවාගෙන ගිය චෙල්කාෆ් දවසින් බේරන ණය පොතට ඌරුමස්, පාන් සමඟ වොඩ්කා ඇණවුම් කළේය. චෙල්කාෆ් ගේ ඉල්ලීම පරිදි ගැටවරයා ජීවිතයේ ප්‍රථම වරට මත්පැන් පානය කළේය. “මොකක්ද නම?” “ගව්රීල” “රූබල් පන්සියයක් අහවල් දේකටද?” ගව්රීල ගේ සිනහව ප්‍රසන්න විය. ඔහු ගේ දෑස් ආදරයෙන් පිරී ගියේ ය. ඔහුට අවශ්‍ය තම හුරුබුහුටි නෑනා විවාහ කර ගැනීමට ය. කුඩා ගොවිපළක්, ගෙයක් සහ යාන්තමට හෝ යා හැකි අශ්වයකුත් එයට අවශ්‍යය යි මාමණ්ඩිය කීවේ ඒ විදිහටයි. එයට රූබල් පන්සියයක් අවශ්‍ය ය. “වරෙන් අද රෑ මාත් එක්ක මාළු බාන්න. උඹට තියෙන්නෙ හබල් ගාන්න විතරයි. මං රූබල් පන්සියයක් දෙන්නම්.” ගව්රීල තවත් වොඩ්කා වීදුරුවක් බීවේය. ඉන්පසු චෙල්කාෆ් රාත්‍රියේ කූද්දන තෙක්ම ඔහු පාළු කඩ කාමරයකට වී හොඳ හැටියට නිදා ගත්තේය. “මෙලෝ වගතුවක් නැති පාන් කඩයක්නෙ මං අල්ලගත්තෙ. උඹට හබල් ගාන්න පුළුවන්ද?” ගව්රීල ගියේ වැනෙමින්ය. එහෙත් චෙල්කාෆ් තෝරාගෙන තිබූ ඔරුව ඔහු මැනවින් හබලා ගාගෙන ගියේය. “ඔය නැව් අස්සෙන් හෙමිහිට යමං.” මැදියමට ආසන්නයේ අහසේ තරු විසිරිලාය. අඳුරේ බොහෝ තැන් නිශ්ශබ්දයි. වෙරළේ මුර භටයෝ කිරා වැටෙමින් තම සේවයේ යෙදුණහ. චෙල්කාෆ්ගේ අණ පරිදි ඔවුනට නොහැගෙන්න ඔරුව පා වී ගියේය. “අයියෙ කෝ මාළු අල්ලන්නෙ නැද්ද?” ඔරු තට්ටුවේ බර කල්පනාවකින් සිටි චෙල්කාෆ්ගෙන් ගව්රීල ඇසුවේය. “කටවහගෙන හෙමිහිට යමං. වැඩිය කියවන්න ආවොත් හබලෙන් ගහල මුහුදට දානව පරය.” ගව්රීල වෙවුලා ගියේය. මේ මාළු බෑමක් නොවේ. මේ චෙල්කාෆ් ගේ මොනවා හෝ අළුගුත්තේරු වැඩකි. ඔරුව මහ නැවක් සමීපයේ නැවැත්වීය. චෙල්කාෆ් එහි පිටතට තිබූ ලණු ඉනි මග දිගේ සතෙකුසේ බඩ ගාගෙන ගියේය. ඔහු අතුරුදහං විය. මිනිත්තු දහයකින් ඔහු ගව්රීලට කතා කෙළ්ය. “එයාට වෙයං” චෙල්කාෆ් ඔරුවට රෙදි පීස් දහයක් බා ලණුව දිගේම රූටා විත් ඔරුවට ගොඩ විය. “දැන් ආපු මග දිගේම හෙමිහිට පැදපං. පොලිස් මුරපොළ ගාවදි පා වෙන්න ඇරපං. නැත්නම් උඹට නෑනව බැඳගන්න වෙන්නෙ අවුරුදු පනහ පැනල. එතකං හිරේ විලංගුවෙ තමයි.” ගව්රීලට සිහිපත් වූයේ තම නෑනාය. ඇය හුරුබුහුටිය. පුංචි කිරිල්ලියක් වැනිය. ගව්රීල ගමෙන් පිට වෙන දා ඇගේ ඇස්වල පුරාවාගෙන සිටියේ ප්‍රාර්ථනාත්මක කඳුළුය. ගව්රීල සියලු වගකීම් දරාගෙන ඉතා මැනවින් ඔරුව පැදවූයේය. ඔවුන් නිරුපද්‍රිත විය. ඔරුව පිටත් වූ තැනටම නවත්වන විට චෙල්කාෆ් ගේ දුෂ්ට නපුරුගති හැම දෙයක්ම අතුරුදහං විය. “හරි ගව්රීල මල්ලියෙ. උඹ දක්ෂයි. මං එන කං උඹ ඔය වැල්ලෙ උදේ වෙනකං නිදාගනිං.” චෙල්කාෆ් ඔරුව සමඟ යළිත් නොපෙනී ගියේය. ගව්රීල වැල්ලේ වකුටු වී හොඳහැටියට නිදා ගත්තේය. චෙල්කාෆ් කූද්දන තෙක්ම ගව්රීලගේ නින්ද සුවපත් විය. චෙල්කාෆ් සිටියේ මහත් උද්යෝගයෙනි. “මල්ලි උඹ හරි වාසනාවන්තයි. ඉදා උඹේ රූබල් පන්සීය. දැන් ගමට ගෙහුං කසාද බැඳගනිං.” “කීයක් විතර හම්බ උණාද අයියෙ?” “වැඩිය නෑ. රූබල් හාර දහස් පන්සියයයි.” ගව්රීල තිගැස්සුණේය. මේ මුදලින් ගමේ කොයිතරම් නම් දේවල් කළ හැකිද? ලොකු ඉඩමක්. ඌරන් කුකුළන් එළුවන් සහිත ගොවිපළක්, අශ්ව කරත්තයක්. “උඹේ ඇස් දෙක අමුතුයි.” චෙල්කාෆ් කීවේය. “අනේ අයියෙ. ඔය සල්ලි ටික මට තියෙනව නං දූ දරුවො හදාගෙන මැරෙන කං සැපට ඉන්න පුළුවන්.” “එතකොට මං?” සුන්දර ගැමි පවුලක් සිතේ ඇඳී ගිය චෙල්කාෆ් කෝපයෙන් ඇසුවේය. “අයිය එක රැයින් මේ සල්ලි ටිකෙන් බීල නාස්ති කරාවි. ඇරත් අයියට මේ වගේ සල්ලියක් හම්බුකරන එක මහ කජ්ජක් යැ.” එය ක්ෂණිකව විකල්පයන් දෙකක් අතර උපන් අසමතුලිත බවක් විය. ඉරිසියාවත් පැහැරගැනීමක් හා රැක ගැනීමට ඕනෑකමක් එය වඩාත් ආවේගශීලී ප්රචණ්ඩ බවක් කරා එක් වෙමින් තිබුණි. ඒ සමඟම දෙදෙනාම අසමතුලිතව පොර බදන්නට වූහ. බිම වැටුණු ගව්රීල ගේ ඇඟමත සිටි චෙල්කාෆ් පෙරළා දැමූ ගම්බද ගැටවරයා ඒ සමීපයේ තිබූ ගලක්ගෙන වෙර යොදා පාඩදඩයාට ගැසුවේය. ගව්රීල කලබලයට පත් විය. ගමේදී උපන් මෙතෙක් රැකගත් අහිංසක බව එහි තිබුණි. ගව්රීල ගේ සිත තැති ගැනුණි. මුහුදින් දිය දෝතක් ගෙන ආ ඔහු චෙල්කාෆ් ළඟ දණ ගසා එය ලේ ගලන තුවාලයට දැමීය. චෙල්කාෆ් ඇසපිය සලන විට ගව්රීල බැගෑපත් විය. “අනේ අයියෙ මට සමාවෙන්න. මං මහ පොළොව නුහුලන අපරාධයක් කළේ. අයිය ඊයෙ මට වොඩ්කා වීදුරු දෙකකුත් අරං දුන්න. අනේ මට කීයක්වත් එපා අයියෙ මං යන්නම්.” චෙල්කාෆ් වාඩි විය. ගව්රීල පිටුපා යමින් සිටියේය. චෙල්කාෆ් කෑ ගැසීය. “කොහේද යන්නෙ? මෙහෙට වරෙං බැල්ලිගෙ පුතෝ.” ගව්රීල බිය පත්ව චෙල්කාෆ් සමීපයට පැමිණියේය. “මට සමාවෙන්න අයියෙ. ශාන්ත ජෝන් ගේ නාමයෙන් මට සමාව දෙන්න අයියෙ.” “කටවහපං අළුගුත්තේරු බලුපැටිය. උඹේ ගමේ ගෙහුං මදන දිට්ටිය ඉහට ගහල ළමයි කී දෙනෙක් හදා ගන්නවද?” චෙල්කාෆ් කලිසම් සාක්කුවේ ඔබා තිබූ සල්ලි මිටිය අතට ගෙන එයින් නෝට්ටු කීපයක් උඩ සාක්කුවට දමා ඉතිරි ටික ගව්රීලට දිගු කළේය. “ඉඳා ගනිං.” “අනේ එහෙම හරි නෑනෙ අයියෙ.” “ගත්තෙ නැත්තං මං උඹේ ඔළුව කුඩු කරනව. සල්ලි ටික අරං පස්ස නොබල ගමට පලයං. ගෙහුං නෑනා සහේට අරං ඇති පදං ළමයි හදපං.” ඔවුහු දෙපැත්තකට වෙන් වී ගියහ. ගව්රීල මුදල් තැන්පත් කළ ඔළොකුව තම පපුවට තුරුළු කර ගෙන ගමන් කළේය. උදෑසන හිරු එළිය පැහැබර විය. මුහුදේ එහා කොළ පැහැයත් නිල් පැහැයත් පැතිරිලාය. රළ සුපුරුදු ලෙස වෙරළට ඇදී ආවේය. මිනිසුන් දෙදෙනෙකු අතර උපන් අරගලයක මතකයක්වත් ඉතුරු නොකර දිගු රළ වෙරළට පැමිණ ආපසු ගියේය. සුනන්ද එරංග පෙරේරා thank you fide,, ada thama meka kiyeuwe . isurusamSuper Senior MemberPosts:7342 27 Feb 2015 05:55 PM thanks FIDE... FIDEBasic MemberPosts:238 27 Feb 2015 05:46 PM සොඳුරු පාදඩයා මක්සිම් ගෝර්කිගේ “චෙල්කාෆ්” කෙටිකතාව ඇසුරෙනි. වරාය ඉදිරියෙන් තිබූ අවන්හල් ෙප්ළිය මුළුමනින් ම අපිළිවෙළින් යුතුය. එයින් බොහොමයක් ලෑලි ගසා බෙලෙක් තහඩු හෙවිල්ලා තිබුණි. ඒ අතර දැඩි හිරු රැසින් යුතු දූවිලි සුළඟින් අහසට නගී. එය ඔරොත්තු නොදෙන තරම්ය. අහර පිසින තෙල් කර වූ ගද දුම්කොළ දුමත් වොඩ්කා සැරත් සමඟ එක්වී අවන්හල් අතර පා වෙමින් තිබුණි. දිවා ආහාරයට කම්කරුවන් එන්නේ රොතුපිටින්ය. ඔවුන් දහදියෙන් යුතුය. වෙහෙස නිසා ඔවුන් සිටියේ නොරුස්සන සුලු බවින්ය. හීන් වොඩ්කා අඩියක් සමඟ අර්තාපල් සහ පාන් බුදින ඔවුන් කළ සහ කළ යුතු හැම බර කටයුත්තක් ම අමතක කර දමයි. ඔවුන් ගේ කටහඬවල් ප්‍රීතිමත් අවලාදයන්ගෙන් සහ පිළිසඳරෙන් යුතු වේ. “වොඩ්කා සැර මේ පාහරයො බාල කරනව.” “අසමජ්ජාති හැත්ත. ඕකුන් මක බෑ වෙන්න ඕනැ.” “ඊට හපන් දුංකොළ. පෙණහළුවලට වගේ වගක් නෑ.” නම් දරාපු බේබද්දෙකු සහ තක්කඩියෙකු සේ ප්‍රකට චෙල්කාෆ් ඔවුන් අතරට පැමිණියේය. “ආයුබෝවන් මිත්‍රවරුණි. සාර් උතුමාණන්ට ආශිර්වාද වේවා!” “අම්මට හුඩු චෙල්කාෆ්. කොහේද පහුගිය දොහේ වාෂ්ප වෙලා හිටියෙ?” හැම කම්කරුවෙකු ම චෙල්කාෆ් හඳුනයි. යහමින් මුදල් ඇති විට ඔහු තම මිතුරන්ට ඉස්මුරුත්තාවට කන්න බොන්න දෙයි. “ගුදමෙන් රෙදි පීස් දෙකක් පන්නලයි කියන්නෙ.” එක් සගයෙකු චෙල්කාෆ්ට ළංවී කියයි. “ඉතින් මට කියන්නෙ?” චෙල්කාෆ් කියන්නේ පිරිසිදු චරිතවත් කෙනෙකු සේ උස් හඬින්ය. “ඒකට කමක් නෑ. ඇතුළට යන්න එපා. සිකුරටි ඇහැ ගහගෙන ඉන්නෙ ඔහේ එනකං.” “මිෂ්කා දැක්කෙ නැද්ද?” පැමිණිලි චෝදනා පිළිබඳව කිසිදු හැඟීමක් චෙල්කාෆ් තුළ නැත. “මොන?” “පච්ච මිෂ්කා” මිෂ්කා හදිසි අනතුරකට මුහුණ දී රෝහලේ ය. චෙල්කාෆ් ගේ බලාපොරොත්තු බිඳී ගියේය. අද රාත්‍රියේ මිෂ්කා අවශ්‍යමය. ඊළඟට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව හිතන්නවත් බැරිය. කම්කරුවන් යළි වැඩමුරයට පිටත්ව ගිය පසු අවන්හල් අතර නිහඬ හිස් බවක් පැතිර ගියේය. හුදකලාව අතීරණාත්මකව සිටි චෙල්කාෆ් දුටුවේ තමා ඉදිරිපස බංකුවේ කුඩා ඔළොගුවක් උකුලේ තබා ගෙන හිස් බැල්මෙන් යුතුව සිටි ගැටවරයෙකි. අවුල් වූ හිස කෙසින් යුතු ඔහුගේ කාංසියෙන් යුතු දෑසේ යෞවනය උතුරයි. නිසැකවම ගමෙන් පැමිණි ගැටවරයා ගේ පිබිදුණු යෞවනය පිළිබඳව ඉරිසියාවක් උපන්නත් චෙල්කාෆ් තුළ අලුත් බලාපොරොත්තු ඇති විය. “මොකද ඉලංදාරියා කල්පනවා. හරි හමං වැඩක් හම්බ උණේ නැද්ද?” ගැටවරයාගේ බංකුවේ වාඩි වෙමින් චෙල්කාෆ් ඇසුවේය. “නෑ.” ගැටවරයා කීවේය. රූබල් පන්සියයක් හොයාගෙන ආවෙ. දවස් හතරකට හම්බුකළේ රූබල් දෙකයි.” “දවල්ට කෑවෙ නෑ නේද?” චෙල්කාෆ් ඇසුවේය. ගැටවරයා අවහන්හලකට කැඳවාගෙන ගිය චෙල්කාෆ් දවසින් බේරන ණය පොතට ඌරුමස්, පාන් සමඟ වොඩ්කා ඇණවුම් කළේය. චෙල්කාෆ් ගේ ඉල්ලීම පරිදි ගැටවරයා ජීවිතයේ ප්‍රථම වරට මත්පැන් පානය කළේය. “මොකක්ද නම?” “ගව්රීල” “රූබල් පන්සියයක් අහවල් දේකටද?” ගව්රීල ගේ සිනහව ප්‍රසන්න විය. ඔහු ගේ දෑස් ආදරයෙන් පිරී ගියේ ය. ඔහුට අවශ්‍ය තම හුරුබුහුටි නෑනා විවාහ කර ගැනීමට ය. කුඩා ගොවිපළක්, ගෙයක් සහ යාන්තමට හෝ යා හැකි අශ්වයකුත් එයට අවශ්‍යය යි මාමණ්ඩිය කීවේ ඒ විදිහටයි. එයට රූබල් පන්සියයක් අවශ්‍ය ය. “වරෙන් අද රෑ මාත් එක්ක මාළු බාන්න. උඹට තියෙන්නෙ හබල් ගාන්න විතරයි. මං රූබල් පන්සියයක් දෙන්නම්.” ගව්රීල තවත් වොඩ්කා වීදුරුවක් බීවේය. ඉන්පසු චෙල්කාෆ් රාත්‍රියේ කූද්දන තෙක්ම ඔහු පාළු කඩ කාමරයකට වී හොඳ හැටියට නිදා ගත්තේය. “මෙලෝ වගතුවක් නැති පාන් කඩයක්නෙ මං අල්ලගත්තෙ. උඹට හබල් ගාන්න පුළුවන්ද?” ගව්රීල ගියේ වැනෙමින්ය. එහෙත් චෙල්කාෆ් තෝරාගෙන තිබූ ඔරුව ඔහු මැනවින් හබලා ගාගෙන ගියේය. “ඔය නැව් අස්සෙන් හෙමිහිට යමං.” මැදියමට ආසන්නයේ අහසේ තරු විසිරිලාය. අඳුරේ බොහෝ තැන් නිශ්ශබ්දයි. වෙරළේ මුර භටයෝ කිරා වැටෙමින් තම සේවයේ යෙදුණහ. චෙල්කාෆ්ගේ අණ පරිදි ඔවුනට නොහැගෙන්න ඔරුව පා වී ගියේය. “අයියෙ කෝ මාළු අල්ලන්නෙ නැද්ද?” ඔරු තට්ටුවේ බර කල්පනාවකින් සිටි චෙල්කාෆ්ගෙන් ගව්රීල ඇසුවේය. “කටවහගෙන හෙමිහිට යමං. වැඩිය කියවන්න ආවොත් හබලෙන් ගහල මුහුදට දානව පරය.” ගව්රීල වෙවුලා ගියේය. මේ මාළු බෑමක් නොවේ. මේ චෙල්කාෆ් ගේ මොනවා හෝ අළුගුත්තේරු වැඩකි. ඔරුව මහ නැවක් සමීපයේ නැවැත්වීය. චෙල්කාෆ් එහි පිටතට තිබූ ලණු ඉනි මග දිගේ සතෙකුසේ බඩ ගාගෙන ගියේය. ඔහු අතුරුදහං විය. මිනිත්තු දහයකින් ඔහු ගව්රීලට කතා කෙළ්ය. “එයාට වෙයං” චෙල්කාෆ් ඔරුවට රෙදි පීස් දහයක් බා ලණුව දිගේම රූටා විත් ඔරුවට ගොඩ විය. “දැන් ආපු මග දිගේම හෙමිහිට පැදපං. පොලිස් මුරපොළ ගාවදි පා වෙන්න ඇරපං. නැත්නම් උඹට නෑනව බැඳගන්න වෙන්නෙ අවුරුදු පනහ පැනල. එතකං හිරේ විලංගුවෙ තමයි.” ගව්රීලට සිහිපත් වූයේ තම නෑනාය. ඇය හුරුබුහුටිය. පුංචි කිරිල්ලියක් වැනිය. ගව්රීල ගමෙන් පිට වෙන දා ඇගේ ඇස්වල පුරාවාගෙන සිටියේ ප්‍රාර්ථනාත්මක කඳුළුය. ගව්රීල සියලු වගකීම් දරාගෙන ඉතා මැනවින් ඔරුව පැදවූයේය. ඔවුන් නිරුපද්‍රිත විය. ඔරුව පිටත් වූ තැනටම නවත්වන විට චෙල්කාෆ් ගේ දුෂ්ට නපුරුගති හැම දෙයක්ම අතුරුදහං විය. “හරි ගව්රීල මල්ලියෙ. උඹ දක්ෂයි. මං එන කං උඹ ඔය වැල්ලෙ උදේ වෙනකං නිදාගනිං.” චෙල්කාෆ් ඔරුව සමඟ යළිත් නොපෙනී ගියේය. ගව්රීල වැල්ලේ වකුටු වී හොඳහැටියට නිදා ගත්තේය. චෙල්කාෆ් කූද්දන තෙක්ම ගව්රීලගේ නින්ද සුවපත් විය. චෙල්කාෆ් සිටියේ මහත් උද්යෝගයෙනි. “මල්ලි උඹ හරි වාසනාවන්තයි. ඉදා උඹේ රූබල් පන්සීය. දැන් ගමට ගෙහුං කසාද බැඳගනිං.” “කීයක් විතර හම්බ උණාද අයියෙ?” “වැඩිය නෑ. රූබල් හාර දහස් පන්සියයයි.” ගව්රීල තිගැස්සුණේය. මේ මුදලින් ගමේ කොයිතරම් නම් දේවල් කළ හැකිද? ලොකු ඉඩමක්. ඌරන් කුකුළන් එළුවන් සහිත ගොවිපළක්, අශ්ව කරත්තයක්. “උඹේ ඇස් දෙක අමුතුයි.” චෙල්කාෆ් කීවේය. “අනේ අයියෙ. ඔය සල්ලි ටික මට තියෙනව නං දූ දරුවො හදාගෙන මැරෙන කං සැපට ඉන්න පුළුවන්.” “එතකොට මං?” සුන්දර ගැමි පවුලක් සිතේ ඇඳී ගිය චෙල්කාෆ් කෝපයෙන් ඇසුවේය. “අයිය එක රැයින් මේ සල්ලි ටිකෙන් බීල නාස්ති කරාවි. ඇරත් අයියට මේ වගේ සල්ලියක් හම්බුකරන එක මහ කජ්ජක් යැ.” එය ක්ෂණිකව විකල්පයන් දෙකක් අතර උපන් අසමතුලිත බවක් විය. ඉරිසියාවත් පැහැරගැනීමක් හා රැක ගැනීමට ඕනෑකමක් එය වඩාත් ආවේගශීලී ප්රචණ්ඩ බවක් කරා එක් වෙමින් තිබුණි. ඒ සමඟම දෙදෙනාම අසමතුලිතව පොර බදන්නට වූහ. බිම වැටුණු ගව්රීල ගේ ඇඟමත සිටි චෙල්කාෆ් පෙරළා දැමූ ගම්බද ගැටවරයා ඒ සමීපයේ තිබූ ගලක්ගෙන වෙර යොදා පාඩදඩයාට ගැසුවේය. ගව්රීල කලබලයට පත් විය. ගමේදී උපන් මෙතෙක් රැකගත් අහිංසක බව එහි තිබුණි. ගව්රීල ගේ සිත තැති ගැනුණි. මුහුදින් දිය දෝතක් ගෙන ආ ඔහු චෙල්කාෆ් ළඟ දණ ගසා එය ලේ ගලන තුවාලයට දැමීය. චෙල්කාෆ් ඇසපිය සලන විට ගව්රීල බැගෑපත් විය. “අනේ අයියෙ මට සමාවෙන්න. මං මහ පොළොව නුහුලන අපරාධයක් කළේ. අයිය ඊයෙ මට වොඩ්කා වීදුරු දෙකකුත් අරං දුන්න. අනේ මට කීයක්වත් එපා අයියෙ මං යන්නම්.” චෙල්කාෆ් වාඩි විය. ගව්රීල පිටුපා යමින් සිටියේය. චෙල්කාෆ් කෑ ගැසීය. “කොහේද යන්නෙ? මෙහෙට වරෙං බැල්ලිගෙ පුතෝ.” ගව්රීල බිය පත්ව චෙල්කාෆ් සමීපයට පැමිණියේය. “මට සමාවෙන්න අයියෙ. ශාන්ත ජෝන් ගේ නාමයෙන් මට සමාව දෙන්න අයියෙ.” “කටවහපං අළුගුත්තේරු බලුපැටිය. උඹේ ගමේ ගෙහුං මදන දිට්ටිය ඉහට ගහල ළමයි කී දෙනෙක් හදා ගන්නවද?” චෙල්කාෆ් කලිසම් සාක්කුවේ ඔබා තිබූ සල්ලි මිටිය අතට ගෙන එයින් නෝට්ටු කීපයක් උඩ සාක්කුවට දමා ඉතිරි ටික ගව්රීලට දිගු කළේය. “ඉඳා ගනිං.” “අනේ එහෙම හරි නෑනෙ අයියෙ.” “ගත්තෙ නැත්තං මං උඹේ ඔළුව කුඩු කරනව. සල්ලි ටික අරං පස්ස නොබල ගමට පලයං. ගෙහුං නෑනා සහේට අරං ඇති පදං ළමයි හදපං.” ඔවුහු දෙපැත්තකට වෙන් වී ගියහ. ගව්රීල මුදල් තැන්පත් කළ ඔළොකුව තම පපුවට තුරුළු කර ගෙන ගමන් කළේය. උදෑසන හිරු එළිය පැහැබර විය. මුහුදේ එහා කොළ පැහැයත් නිල් පැහැයත් පැතිරිලාය. රළ සුපුරුදු ලෙස වෙරළට ඇදී ආවේය. මිනිසුන් දෙදෙනෙකු අතර උපන් අරගලයක මතකයක්වත් ඉතුරු නොකර දිගු රළ වෙරළට පැමිණ ආපසු ගියේය. සුනන්ද එරංග පෙරේරා ham123Veteran MemberPosts:1636 23 Feb 2015 02:17 AM Posted By FIDE on 20 Feb 2015 07:25 AM කාටවත් අයිති නෑ “ඔය ළමයගෙ නම මොකක් ද?” පන්තියේ මං වාඩිවෙලා හිටිය පුටුව ළඟට ආව ටීචර්ලා තුන් දෙනාගෙන් එක්කෙනෙක් මගෙන් අහනවා. තව එක්කෙනෙක් මගේ ඩෙස්ක් එක උඩ තියෙන පොත් ගොඩ අවුස්සලා, කොපි පොතක් අතට අරගෙන, ඒකෙ පිටු පෙරළනවා. “රසිකා!” මං කිව්වා. මගේ උත්තරේ වචන එකයි. අකුරු තුනයි. තුන් දෙනාට ඕනෙ නම් බෙදා ගන්නත් බැරුවයැ.... “කොහේ ඉඳලද ඔය ළමයා එන්නෙ?” මගේ දිහා බලාගෙන, අත්දෙක එකට බැඳගෙන හිටිය ටීචර් අහනවා. “ගෙදර ඉඳලා!” මං කිව්වා. ටීචර්ලා තුන්දෙනාම එකපාරටම එක එක්කෙනාගේ මූණු දිහා බලා ගත්තා. “ගෙදර තමයි...! කොහෙද ගෙදර තියෙන්නෙ?” මැද හිටගෙන හිටිය ටීචර් සාරි පොට කර උඩ හරි හැටි තියෙනවද කියල අත ගාලා බලන ගමන් තවත් ප්‍රශ්නයක් ඇහැව්වා. මං තුන්දෙනාගෙම මුහුණු දිහා මාරුවෙන් මාරුවට බලල උත්තරයක් දුන්නා. “ඉස්කෝලෙට අල්ලපු පාරට එහා වත්තෙ.” “කව්මිණි ඔයාගෙ නංගි ද?” ඔව් කියන්න මට බෑ. ඒත් මං ඔව් කිව්වා. කව්මිණී මගේ නංගී නෙවෙයි. නංගියෙක් තියා මට අම්මෙක් තාත්තෙක්වත් නෑ. ටීචර්ලා තුන්දෙනා කව්මිණී ගැන හොයනවද නැත්නම් මේ මං රසිකා ගැන විස්තර හොයනවද කියල මට තේරුම් ගියේ නෑ. හැමදේටම පරෙස්සම් වීම විතරයි මට තේරුම් ගිය එකම දේ. මේ ඉස්කෝලෙ විවේක කාලය. ටීචර්ලා තුන්දෙනා විවේක සවාරියක ඇවිත් වගෙයි. මේ ඉස්කෝලෙත්, මේ පන්තියෙත් මෙච්චර ළමයි ඉන්දැද්දි කව්මිණී ගැනම මගෙන් අහන්නෙ ඇයි...? මගේ හිත ළඟට බය ඇවිත්! “කව්මිණී මොකද ඔයා වගේ පිරිසුදුවට, පිළිවෙළට ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ?” ආ... මේ පිරිසුදුකම ගැන වැඩසටහනක්! මගේ හිතට ළං වෙච්චි බය මගේ හිතට තට්ටු කරන්න කලියෙන්, ඒ බයට මං කාරණාව පැහැදිලි කළා. බය පැත්තකට අයින් වුණා. දැන් ඉස්සරහට ඇවිත් තියෙන්නෙ ටීචර්ගෙ ප්‍රශ්නෙ... කව්මිණි මොකද පිරිසිදුවට පිළිවෙලට ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ...? ඔය කාරණාව ගැන තොරතුරු අහන්න සුදුසු කෙනෙකු නෙමෙයි මං. ඒ ගැන අහන්න සුදුසු කෙනකු ගැන මං දන්නෙත් නෑ. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරෙත් මං දන්නෙ නෑ. මාව ඒ ගෙදරට බාර දුන්නෙ, මං මීට ඉස්සරින් හිටිය ගෙදර ලොකු නෝනා. ඒ ලොකු නෝනා මේ ගෙදර රූපිකාට මාසෙකට වතාවක් සල්ලි එවනව. ඒ... මේ රසිකාගෙ රැකුම් බැලුම්වලට මිල! මේ ගෙදර උදවිය, ඒ මිලේ වටිනාකමට රැකුම් බැලුම් කරනවාද කියල සෙවුම් බැලුම් කරන්න, ලොකු නෝනා මෙහාට ආවද කියල නම් මම දැක්කෙත් නෑ. මම දන්නෙත් නෑ. කොහොම වුණත්, ලොකු නෝනා පිළිවෙළට රූපිකාට ඒ මිල ගෙවනවා ඇති. ඒ හින්දනේ මමත් පිරිසුදුවට පිළිවෙළට ඉස්කෝලෙ එන්නෙ. කව්මිණි කාගෙ කවුද, එයාටත් මට වගේ ලොකු නෝන කෙනෙක් ඉන්නවද නැද්ද කියල මං දන්නෙ නෑ. කව්මිණියි මායි දෙන්නම ඉන්නෙ රූපිකාගෙ ගෙදර එච්චරයි! රූපිකා අපේ ඇන්ටි! ඒ ඇන්ටිට අම්මා කියල කතා කරන පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාම ඉස්කෝලෙ යන්නෙත් නෑ. රක්ෂාවල් කරන්නෙත් නෑ. ඒ වුණාට බොහෝම ජයට ඇඳගෙන දුර ගමන් යනවා. ළඟ ගමන් ගියදාට ගෙදර ඇවිත් නාලා, කාලා, ආපහු මහජයට ඇඳගෙන යනවා... යනවා එනවා මිසක් දෙන්නා ගැන ඊට වැඩි දෙයක් මං දන්නෙ නෑ. කව්මිණිගෙ පිරිසුදුකමයි, පිළිවෙළයි ගැනත් මං දන්නෙ නෑ, “කව්මිණී මොකද නිතරම මහකල්පනාවකින් වගේ ඉන්නෙ... ගෙදරදිත් එහෙමද?” ටීචර්ලගෙ ප්‍රශ්න ඉවරයක් නෑ. ප්‍රශ්න එක පිට එක අඩුක් වෙන එක මොළේට හොඳයි. කොහොමත් ටීචර්ලා වැඩිපුරම කරන්නෙ ප්‍රශ්න අහන එකනේ. ඒ ඉතින් අපේම හොඳට තමයි. අපේ මොළේ දියුණු කරන්න. කව්මිණි ඉන්නෙ පහේ පන්තියෙ. මම ඉන්නෙ නවය පන්තියෙ. එක ගෙදරක හිටියට අපි කවුරුත් කාගෙවත් නෙවෙයි. මං වගේම කව්මිණිත් කාගෙ කාගෙ හරි අත්වලින් මාරුවෙලා රූපිකා ළඟට එන්න ඇති. “රසිකාත් බලාගෙන යනකොට කව්මිණී වගේ ම නේ... මොකද ඔයාලට කතා බැරි? කටවල්වලට ඉබි යතුරු දාලද?” මං ඔළුව උස්සල ඒ ගුරු හඬ අයිතිකාරිය දිහා බැලුවා. “මොකද එයා සුදු ගවුම සෝදල මැදල ඇඳගෙන එන්නෙ නැත්තෙ... ඔයා ඔය කිරි සුදට හෝදල මැදල ඇඳගෙන එන්නෙ!” මොනව කියන්නද මං....? කව්මිණිට බැරුව ඇති තනියම ගවුම් සෝදල මැදගන්න. රූපිකා ඇන්ටි ඒව කරල දෙන්නෙ නෑ. එච්චරයි මං දන්නෙ. රූපිකාට වැඩ නැද්ද? උදේට දවාලට කෑම උයන්න. ඊළඟට ඇඳ පැළඳැගෙන කොහේදෝ මොනවටදෝ යන්න... හවස තුන හතරවෙලා තමයි ආපහු එන්නෙ. සමහර දවස්වලට, මං වගේ, කව්මිණී වගේ අපි දෙන්නටමත් වැඩි ලොකු ගෑනු ළමයින් එක්කෙනෙක් දෙන්නෙක් එක්කරගෙන එනවා. ඒ ගොල්ලෙ අපි දෙන්නා වගේ දිගටම නතරවෙලා ඉන්නෙ නෑ. දවස් දෙක තුනකින් කවුරුන් හරි ඇවිල්ලා ඒගොල්ලන්ව එක්කරගෙන යනවා. එහෙමට කට්ටියකට නිදාගන්ට තරම් රූපිකාගෙ ගෙදර ඉඩත් නෑ. කට්ටියම නිදාගන්නෙ ගෙදර ඇතුල් කෑල්ලෙ බිම එක දිගට පැදුරු එළාගෙන. රූපිකාගෙ පුත්තු දෙන්නා බිත්තිය කොනේ. ඊළඟට රූපිකා. ඊළඟට කව්මිණී ඊළඟට මං...! දවසක් දා රෑ නින්දෙන් ඇහැරුණා මට. මොකක් දෝ ගුළියක් කව්මිණි ළඟ. කව්මිණී හීනියට කෙඳිරිගානවා මට ඇහුණා. මං ඉක්මනට ඇස් දෙක පියා ගත්තා. ඒ රෑ එහෙම ඇස් දෙක පියා ගත්තට, මේ දැන් මේ ගුරු නෝනලාගෙ ප්‍රශ්න ඉස්සරහ ඇස් පියාගන්ඩ පුළුවන්යැ...? “ඒ ළමයා පාඩම් වැඩ ගැනත් කිසිම උනන්දුවක් නෑ... අනේ මන්දා... හතේ පන්තියට කොහොම ආවද දෙයියො දනියි....” ඒ කව්මිණිගෙ පන්තියෙ ටීචර්. “ඒක දැනගන්ට දෙයියො ළඟට යන්ට ඕනෙ නෑ ටීචර්... එක්කෙනෙක් නෑර, හැමෝම දෙකෙන් තුනට, තුනෙන් හතරට හතරෙන් පහට හතෙන් අටට අටෙන් නවයට, නවයෙන් දහයට ගිහින්, ගෙදරටම යනවා.... මට එහෙම කියන්ට හිතුණට, කිව්වෙ නෑ...! බයයි! “කෝ ඉතින් අක්කට කිසිම ඕනකමක් නෑනේ නංගිව බලාගන්න.” “අපි මේගොල්ලන්ගෙ අම්මට ඉස්කෝලෙට එන්න කියල යවමු.” “මට බය හිතෙන්නෙ ඒ ළමයා හැමවෙලේම කල්පනා කර කර තනියම ඉන්න එක ගැනයි.” ටීචර්ටත් බයක් දැනිලා.... දෙයියනේ බය හැමතැනම දුවනවද? “මේ රසිකා....” මාත් බය වුණා. බය මං ළඟටත් ඇවිත්. මං වටපිට බැලුවා.... ඒ කව්මිණිගෙ පන්තියෙ ටීචර්. “ඔන්න අපි අද නංගිට යට ගවුමකුයි, සුදු ඇඳුමකුයි ගෙනත් දුන්නා. අනේ හෙට ඉඳලාවත්, ඒව අන්ඳල හොඳට කොණ්ඩෙ පීරලා නංගිව ඉස්කෝලෙට එක්කරගෙන එන්ඩ.” මං කතා නෑ. “නංගිත් එකයි අක්කත් එකයි... බලාගෙන යන කොට දෙන්නටම එකම රෝගෙ...” කව්මිණිගෙ පන්තියෙ ටීචර් අපේ පන්තියෙන් එළියට යන ගමන් කිව්වා. ටීචර්ලා තුන්දෙනාම කව්මිණි ගැනයි මං ගැනයි මොනවදෝ කියව කියව යන්ඩ ගියා. මං මගේ පොත් ගොඩෙන් පොතක් අරගෙන පිටුවක් පෙරළා ගත්තා. “කපුටා හත් දවසක්ම ගිනි අඟුරු ගිල්ලා. හත් දවසක්ම උණුවතුර බිව්වා. හත් දවසක් ම උණුවතුර නෑවා. කපුටාගේ උණ බැස්සා. ඒ වුණාට ඌ කළු පාට වුණා. හොටෙත් කළු වුණා. පිහාටුත් කළු වුණා. කකුලුත් කළු වුණා. ඇසුත් කළු වුණා. බඩගින්න වැඩි වුණා. කට හඬත් රළු වුණා. ඔන්න ඔහොම තමා කපුටා කළු වුණේ.” පොතේ කපුටා කළු වුණු හැටි කතාන්දරය ලියල තිබුණෙ එහෙමයි. මට මතක් වෙනවා කපුටා සහ කේජු කෑල්ල. කපුටා කපටියෙක් ද? ඒක නම් කියන්න බෑ එක පාරටම.. රවීන්ද්‍ර බේබිගෙ අම්මා, ඒ කියන්නෙ ගෙදර ලොකු නෝනා නම් කපටියි. ඒක නම් මට කියන්න පුළුවන් එකපාරටම. “කෙල්ලෙ උඹ හැමදාම ගෙවල්වල වැඩකාරකමටම ඉන්නෙ ඕනෙ නෑ. උඹ ඉස්කෝලෙ පලයන් - මං දන්න කෙනෙක් ඉන්නව. උඹ එහේ නැවතියන්. ගෙදර වැඩ කරන්ට ඕනෙ නෑ ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගනින්. ඒ යන වියදම් මං එවන්නම්...” ලොකු නෝනා ඔය මහා සත්පුරුෂ ගුණේ දක්වලා කතා කෙරුවෙ රවීන්ද්‍ර බේබි මට නිදාගන්ට නොදී කරදර කරපු හතරවැනි දවසෙ. රවීන්ද්‍ර බේබි මට ආදරෙයි. මං දන්නවා. ලොකු නෝනා කපටියි. ඒකත් මං දන්නවා. මාව රූපිකාට බාර දීලා ලොකු නෝනා රවීන්ද්‍ර බේබිව පරෙස්සම් කර ගත්තා. රවීන්ද්‍ර බේබි ඒ පරෙස්සමට උඩින් පැනල කවදහරි මාව බලන්ට ඒවි! ලොකු නෝනා මාව පිටකොටුවෙ බස් පොළෙන් එක්කරගෙන ආවෙත් ඩේසි නැන්දට සල්ලි දීලා. ෙඩ්සි නැන්දත් මගේ කවුරුවත් නෙවෙයි. මං ඩේසි නැන්දත් එක්ක පුංචිම පුංචි කාලෙ ඉඳලා එක එක තැන්වලට ගිහින් පිනට දෙයක් ඉල්ලුවා. අම්මා.... තාත්තා.... ඒ ගොල්ලො කවුද? මං දන්නෙ නෑ ඒගොල්ලො නෑ කියල මට දුක හිතුණෙත් නෑ. ඉතින් ඒ අම්ම තාත්තා කියන අය ගැන දුක හිතෙන්නෙ එහෙම කවුරුහරි කවදාහරි මට හිටියා නම් නේ. එහෙම කවුරුත් හිටියෙ නෑ කවදාවත්. කව්මිණිත්, රූපිකාගෙ ගෙදරට ආවෙ මං වගේ කාගෙ කාගෙ හරි අතින් අතට මාරුවෙලාද කියල මං දන්නෙ නෑ, මං කව්මිණි එක්කවත් ඒ ගෙදර අනිත් අය එක්කවත් අනම් මනම් කතා බහට යන්නෙ නෑ. මගේ කතන්දර එයාලට කියන්නයි, එයාලගෙ කතන්දර මං අහගෙන ඉන්නයි ගියාම හිත්වලට දුක එනවා. දුක ආවාම කවුරු හරි එක්ක ආදරයෙන් ඉන්න හිතෙනවා. එතකොට... එතකොට තවත් රසිකා කෙනකු.... කව්මිණි කෙනකු රූපිකාලගෙ ගෙදරට බාර දීලා... ඒගොල්ලන්ගෙ රැකුම් බැලුම්වලට මිල ගෙවන්න පාරට යන්නයි මට වෙන්නෙ.... මං ඉස්කෝලෙ එන්නෙ ඇයි කියලවත් මං දන්නෙ නෑ. ඉතින් කව්මිණිගෙ ඉස්කෝලෙ ගමන ගැන මං මොනව දන්නවද? රවීන්ද්‍ර බේබි වගේ, රූපිකාගේ කවුරු හරි පුතෙක් කව්මිණීටත් රෑට රෑට කරදර කරන විත්තිය විතරයි මං දන්නෙ. සමහරවිට කව්මිණි ඉස්කෝලෙ එන්නෙ නිදිමතෙන්... තෙහෙට්ටුවෙන් වෙන්ට ඇති. ටීචර්ලා මේ අනම් මනම් ගැන දන්නෙ නැතිව සුදු ගවුමෙ සුදයි පිළිවෙළයි ගැන බලන්ට එනවා. හැබැයි ඔය ටීචර්ලා කව්මිණිට ගවුම් දීලා නම් කරගත්තෙ මහා මහා මෝඩකමක්. හෙට උදේම රූපිකා ඇන්ටි ඉස්කෝලෙ! මොකටද මගේ ළමයට ඇඳුම් අරන් දුන්නෙ...? දීපල්ලකො උත්තර! හැමදාම අපෙන් ප්‍රශ්න අහන ටීචර්ලට උත්තර දීගන්ට බැරි ප්‍රශ්නයක් දීපිකා ඇන්ටි හෙට උදේම අරගෙන එයි. බලමුකෝ හෙට උදේට. “මං ළඟ අවුරුදු අටක් හිටිය කෙල්ලක් තමයි ඔය මිනිමැරුමට අහුවෙලා තියෙන්නෙ. මං ළඟට ගෙනත් ඇරලුවෙත්, ඒකිව විනාශ කරපු මහත්තයගෙ ඔළුව පැලෙන්ඩ පොල්ලකින් ගහපු නිසා. ඒ නෝනා මට ගෙනත් බාර දුන්නා. එතකොට කෙලීට අවුරුදු දහසයයි. ඔය කෙල්ල මගේ ළඟ ඉන්න තුරුම අර නෝනා සල්ලි එව්වා” ඉස්සරහ දිග බංකුව උඩ වාඩිවෙලා පත්තරේ දිග ඇරගෙන හිටිය සිරිවංශට දීපිකා ඇන්ටි විස්තරයක් කිව්වා මට මතකයි. කව්මිණිත් රූපිකා ඇන්ටි ළඟට පාත්වෙන්ට ඇත්තෙ මොකක් හරි අකරතැබ්බයක් හින්දා... කව්මිණිටත් ඔය කවුරු හරි හැංගිලා ඉඳගෙන, සෙවුම් බැලුම්වලට මිල ගෙවනවා ඇති. රූපිකා ඇන්ටි මහපොළොවෙ ගෑවෙන නොගෑවෙන තරමට දිග සායකුයි කොට හැට්ටෙකුයි ඇඳලා කම්මුල්වල රෝස පව්ඩර් ගාලා තොල් දෙකේ රතුපාට ගාලා බූසිය වගේ කොණ්ඩෙ පෝනිටේල් ගැට ගහලා පාරට බැස්සාම, ගෑනු මිනිස්සු පාරෙ අයිනට වෙනවා. රූපිකා ඇන්ටිට කවුරු බය වුණත් එයාගෙ පුතාලා දෙන්නා බය නෑ. රූපිකා ඇන්ටිට ස්වාමි පුරුෂයෙකුත් නෑ. එහෙම කෙනෙක් කවදා හරි එයාට හිටියද කියල කියන්න මං දන්නෙ නෑ. මං හිතන්නෙ රූපිකා ඇන්ටිත් ඒ ගැන දන්නෙ නෑ. කව්මිණි ඊයෙ දවල් ගෙනත් තිබ්බ පොත් ටික එහෙමම උස්සගෙන අද උදේ ඉස්කෝලෙ යනවා. මාත් එහෙමම තමයි. ටීචර්ලා නම් කියනවා ගෙදර ගිහින් පොත් පාඩම් කරන්න කියල. “මොන පොත් පාඩම් කිරිල්ලක් ද ටීචර්... මේ ඉස්කෝලෙ ළමයි වැඩි දෙනෙක් ගෙදර යන්නෙ අනිත් වරුවෙ, මොනවා හරි වැඩක් කරල ගෙදර පවුලෙ වියදමට කීයක් හරි හොයා ගන්න” ප්‍රින්සිපල් මහත්තයා දවසක් දා ටීචර් කෙනකුට කිව්වා. මං හිතන්ෙන එහෙම කියන්න ඇත්තෙ ටීචර්ලත්, ළමයින්ට ඉගැන්නුවෙ නැතුවට කාරි නෑ කියල කියන්ට බැරි කමට වෙන්න ඇති.... කව්මිණි හෙට උදේ ලස්සනට පිළිවෙළට ඉස්කෝලෙට එයි ද? දීපිකා ඇන්ටි දිග සාය බිම අතුල්ල අතුල්ලා ඇවිත් ප්‍රින්සිපල් සර්ගෙ කාමරේ ළඟ හිටගෙන ඉස්කෝලෙටම ඇහෙන්ට හොඳ පද දෙකක් කියල පල්ලම් බහීවිද? ඔය කිසි දෙයක් ගැන වග විස්තර කියන්ට මං දන්නෙ නෑ. කෙටිකථාව ලිවුවේ : කරුණා පෙරේරා eka kathavak baluva. bohoma sthuti apita balanna salassuvata ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ sanduNew MemberPosts:59 22 Feb 2015 07:44 PM Posted By samantha on 22 Feb 2015 04:26 PM අද කාලේ මේ වගේ සිද්ධි බහුලව සිදුවෙනවා.මිනිස්සුන්ට ගම අමතක වෙනවා. ඒත් අවසානයේ ලැබිච්ච සතුටකුත් නැහැ. me kathavanam eththa ayye, godak denek gama amathaka karala amaaruven nagarayata hadagahenna uthsaha karanava.. thavath aya wena karanna deyak nathi kamata ehema karanava.... kohoma unath gamaka thiyana sundarathvaya, e sahalluva, sarala kama kavamadaavath nagaren labenne na, labaganna be kiyala therum gaddi samahara ayata mulu jeevithema weradila aapahu hadaganna bari tharamatama godak sthuthi fide me keti kathavatath.... godak rasa vinda isurusamSuper Senior MemberPosts:7342 22 Feb 2015 06:11 PM Ind007kaMost Senior MemberPosts:12931 22 Feb 2015 05:22 PM Posted By samantha on 22 Feb 2015 04:26 PM අද කාලේ මේ වගේ සිද්ධි බහුලව සිදුවෙනවා.මිනිස්සුන්ට ගම අමතක වෙනවා. ඒත් අවසානයේ ලැබිච්ච සතුටකුත් නැහැ. mata gamata enna gamata enna..kurulu pihatuwak ewanna..! mata e song eka mathak wuna First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 22 Feb 2015 04:26 PM අද කාලේ මේ වගේ සිද්ධි බහුලව සිදුවෙනවා.මිනිස්සුන්ට ගම අමතක වෙනවා. ඒත් අවසානයේ ලැබිච්ච සතුටකුත් නැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 22 Feb 2015 02:42 PM Thank you fide.....me kathawath godak rasawath..... Ane ane moda suddi nisa wechcha deyak.... FIDEBasic MemberPosts:238 22 Feb 2015 10:01 AM පෞරුෂ වර්ධනය උපන්දා සිටම නුවර පළාතේ බොක්කාවල හද්ද පිටිසර ගමේ අප්‍රමාණ දුක් කන්දරාවක් තරණය කරමින් ආණ්ඩුවේ විධායක නිලධාරියකු වූ සුමනරත්න පළමු පත්වීම භාරගෙන යාංතං මාස හයක්වත් ඉක්මවීමටත් පෙර බිරිඳ වූ සුද්දිගේ අඬවැඩියාව පටන් ගත්තේය. ඇයගේ එකම ඉල්ලීම වූයේ පුත්‍රයාත් රැගෙන කුලියට හෝ කොළඹ පදිංචියට යා යුතු බවය. "ඔයා විතරක් ගිහිං හරියන්නෑ... මේ ළමයටත් අනාගතයක් කියල එකක් තියෙන්ට ඕනෑ...." "අනාගතේ හදාගන්ට කොළඹම යන්න කියල එකක් නෑ.... ඔය ඉහළට ගිය ලොක්කො වැඩි හරියක් ගමේ මිනිස්සු..." "පිස්සු නං කතා කරන්ට එපා... මෙතන ළමයටයි මටයි හැමදාම කැලේ කාල වළේ බුදියන්ට කියලද ඔයා කියන්නෙ... ඔයාවගේ කොලෑවෙන්ට දෙන්ට බෑ. මේ ළමයගෙ පෞරුෂ වර්ධනය හදන්ට නං ඉහළ සමාජයට යන්ටම ඕනෑ..." මේ කන්දොස්කිරියාව සුමනරත්නට හොඳ හැටි පදම් වී ඇති නමුත් කොළඹ පදිංචියට යැමට ඇති අනේක බාධා සුද්දිට නොතේරීම පිළිබඳ කෝපයක්ද හටගත්තේය. කුඩා අවධියේම පියා අහිමි වූ සුමනරත්නට එකම පිහිට වූයේ මව පමණි. වත්තෙන් පිටියෙන් එහෙං මෙහෙං අහුලාගත් කොස්, දෙල්, පුවක් ඇතුළු ගඩා ගෙඩි කඩමංඩියට විකිණීමෙන්, ඉඳහිට හෝ ලැබෙන දවස් කුලියෙනුත් සුමනරත්න ලොකු මහත් කිරීම මවට අති දුෂ්කර කාරියක් වුවද ඈ ඒ බවක් නොඅඟවා සුමනරත්නට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දීමට තරම් ධෛර්යවන්තියක වූවාය. තරුණ විය ගෙවී යැමටත් පෙරම සැමියාගේ වියෝව සිදුවූ නමුත් ඇය වෙනත් විවාහයක් කර නොගත්තේ සුමනරත්නට ඉන් ඉස්තීරෙටම හානියක් වේ යෑයි පුරෝකථනය කළ නිසාය. සුමනරත්න වෙනුවෙන් සිය තාරුණ්‍යය කැප කළ ඇය සුමනරත්න විශ්වවිද්‍යාලයෙන් පිටවන විට සම්පූර්ණයෙන්ම ඇටසැකිල්ලක් බවට පත්වී සිටියාය. එවන් අම්මා කෙනකු කරපිංචා නැට්ටක් සේ ඉවත දමා කොළඹ යැමට තබා ඒ ගැන සිතීමටත් සුමනරත්නට අපහසු කරුණකි. අනෙක් අතට තමා මිය යා යුත්තේ මෙම පුංචි නිවසේම බව ඇය මංතරයක් මෙන් නිතරම කියන බැවින් එවැනි යෝජනාවක් කිරීමටද සුමනරත්නට ශක්තියක් නැත. එබැවින් ඔහු දෙලොවක් අතර හිරවී සිටියේය. අනෙක් අතට ආර්ථික ප්‍රශ්නයද මහමෙරක් තමා යටකොට ඇති බව සුමනරත්නට නිතරම සිහිවේ. විධායක නිලධාරියකු වුවද ලැබෙන පඩියෙන් දිනපතා බස් ගාස්තුව දැරීමෙන් පසු ඉතිරියක් නැති තැන හවුලේ කුඩා කාමරයක නතරවී කුමක් හෝ එකිනෙදා ගිලදමා සති අන්තයට ඒමට සුමනරත්න පුරුදු වී සිටියේය. එහෙත් සති අන්තයේ සුද්දීගේ කන්දොස් කිරියාවේ අඩුවක් නම් නැත. "ඔයාට තේරෙන්නැද්ද.... කොළඹ ගියාම යන වියදම... කුලියට ගෙයක් ගන්ඩ කීයක් යනවද... ඒවට මාස 6 කවත් ඇඩ්වාන්ස් එකවර දෙන්ට ඕනෑ. ළමයි ඔය මෙහෙ වගේ හිතෙන හිතෙන හැටියට ලොකු ඉස්කෝලවලට දාන්ට බෑ." සුමනරත්න බිරිඳට කඩාගෙන පැන්නේ ඒ තර්කය පමණක් ඉදිරියට දැමීමෙනි. අම්මා පිළිබඳ තර්කය නොදැම්මේ ඈ එක ක්ෂණයකින්ම නිෂේධනය කරන බව හොඳටම දන්නා නිසාය. "එහෙම කියල බෑනෙ.... මෙහෙ බොක්කාවල හිටියොත් ලිප් බොක්කෙම තමයි... කොළඹ එහෙමද... හොඳ ඉස්කෝල... ඉහළ දහම් පාසල්, ක්‍රීඩා අරවද... මේවද.. මෙහෙ මොනවද තියෙන්නෙ..." "මෙහෙත් ඕව සේරම තියෙනවා". "තියනවා කෙහෙල් මල... ඉස්කෝලයක් තියෙනවා පොල් අතුමඩුවක්, දහම් පාසල කියල එකක් තියෙනවා එක පැත්තක් ගරා වැටිල.... ක්‍රීඩා කියල මොනවද කරන්නෙ... ගොයං කපපු කාලෙට විතරක් වෙලේ බෝල ගැහිල්ල.... ආශ්‍රය කරන්ට වෙන්නෙ කවුද ලපයි, සිපයි.... කොළඹ ඉන්කෝල කීවාම ඕනැ තැනක පිළිගන්නවා. අහවල් හාමුදුරුවන්ගෙ දහම් පාසලේ කීවාම නම්බුවක්.... ඒවට එන්නෙත් දියුණු ළමයි. අපේ ළමයගෙ පෞරුෂත්වය හැදෙන්නෙ එතකොට... ඔය ටීවී එකේ පෞරුෂ වර්ධන මහත්වරු කියන්නෙම දරුවන් ඉහළ සමාජයකට දාන්ට කියලානෙ..." නැත්නම් පෞරුෂ වර්ධනය වෙන්නෑ කියලනෙ...." දුරදිග නොපෙනුනත් සුද්දීගෙ කතාවෙත් ඇත්තක් තියෙන බව සුමනරත්නටත් නොවැටහුනා නොවේ. පේරාදෙණියේ දී තමා ඒ සමාජය යාංතං අමාරුවෙන් ජයගත්තේ ගී ගැයීමට ඇති හැකියාවත් කලාවට තිබූ උපන් හැකියාවටත් පිංසිදු වන්නට බව සුමනරත්නට ඉබේටම සිහිපත් විය. පේරාදෙනියේ දී මහා කලා කාරයන් මෙන් වෙස්වලාගෙන සිටි කළු විජයා, ගොඩ්ඩා බිමටම සමතලා කළේ මේ උපන් හැකියාවය. එබැවින් තම පුත්‍රයාට ඒ ඉරණම අත්නොහල යුතු බවද සිහිපත් විය. පුතාගේ පෞරුෂ වර්ධනයත්, අම්මාත් තරාදියේ දෙපැත්තට දමා මාස ගණනක් තිස්සේම දොaලනය වූ සුමනරත්නගේ චිත්ත සන්තානය අකමැත්තෙන් හෝ අවසානයේ කොළඹ යැමට අරමුණු කරගත්තේ අම්මා යාබදව පදිංචිව සිටි ලොකු නැන්දා ළඟ නතර කිරීමේ බලාපොරොත්තු වෙනි. ඒ බව අම්මාට දැන්වීමට තරම් සුමනරත්නට ධෛර්යක් නොතිබිණි. "ඔයාට කියන්ට බැරිනං... මම කියන්නං... රැව්ලයි, කැඳයි දෙකම බේරගන්ට බැහැනේ..." සුද්දී කෑගැසුවේය. "එහෙම කියන්ට එපා... ඔයාට ලොකු නැති උනාට අම්මා මට කරපු කැප කිරීම දන්නෙ මම විතරයි.... ඒ හිංද එක පාරම ලබ්බ ගලේ ගැහුව වගේ කියන එක හරිනෑ..." සති අන්තයක දිනක් අම්මා හෙමිං හෙමිං සුමනරත්නට සමීප විය. "පුතේ මම ගැන හිතන්ට එපා.... දරුව ගැන හිතල හොඳක් වෙනවනං කොළඹ පලයල්ල..." සුමනරත්න දැස් අදහාගත නොහැකිව බිරාන්තව බලා සිටියේය." සුද්දි වැඩේ හොඳහැටි අනා ඇති බව මොහොතකින් පසක් විය. "අනේ මංද... අම්මේ..." සුමනරත්න දිග සුසුමක් පිට කළේය. සුද්දීගේ අඬවැඩියාවත්, පුතාගේ පෞරුෂ වර්ධනය සඳහාත් සුමනරත්නට අකමැත්තෙන් හෝ කොට්ටාවේ කුලී නිවසකට පදිංචි වී යැමට සිදුවිය. කාර්යාලයෙන් ලබාගත් මාස දහයේ ණය මුදලෙන් වැඩිහරියක් නිවසේ අත්තිකාරම් වශයෙන් ගෙවීමෙන් පසු ඉතිරි වූයේ ඉතාම සුළු මුදල් ප්රමාණයකි. ගමේ පාසලෙන් අස්කරගත් පුතාට ඉක්මනින් ලොකු පාසලක් සොයා ගැනීමට නොවිඳිනා දුකක් වින්දේය. එහෙත් ඒවාට ඇතුළුවීමට තරම් බලපුළුවං කාරකමක් තමාට නැති බව ඔහුට ඉක්මනින්ම අවබෝධ විය. තමාගේ විශ්වවිද්‍යාල සමකාලීනයන් බොහෝ දෙනෙක් අමාත්‍යාංශ ලේකම් මට්ටමේ සිටියද ඔවුන් සියල්ලගේම පිළිතුර වූයේ ඔය අමාත්‍යාංශයෙන් නං මේ ලෝකෙ වැඩක් කර ගැනීමට බැරි බවත් වෙන ඕනෑම අමාත්‍යාංශයකින් ඕනැම උදව්වක් කළ හැකි බවත්ය. මාසයක් පුරාවටම පාසලක් නොමැති දරුවා ගෙදර සිටීම බරපතළ ප්‍රශ්නයක් වූ බැවින් කිසිවක් කර කියාගත නොහැකිව අවසානයේ ජාත්‍යන්තර පාසලකටවත් ඇතුළු කිරීමට තීරණය වූ අතර එහි ගාස්තු දැකීමෙන් සුමනරත්නට දෙලොව රත්විය. සුද්දීගේ කනකර සියල්ල උකස් කර පාසලට ඇතුළු කළ අතර මාසික ගාස්තු වෙනම දහස් ගණනකි. ඒ මදිවාට ඇඳුම් පැළඳුම්, ප්‍රවාහන ගාස්තු... සුමනරත්නට දෙකාංසෙට දාඩිය දමන්නට පටන් ගත්තේය. "තාත්තෙ අනික් ළමයි ක්‍රිකට් ප්රැක්ටිස්වලට යනවා... ටීචර් කීවා මොකක් හරි එක ක්‍රීඩාවක් කරන්ට කියල. එක්කෝ ස්විමිං...." පෞරුෂ වර්ධනයට නං ක්‍රීඩාව තිබිය යුතුමය. අනික් අතට ලොකු ඉස්කෝලෙක ක්‍රිකට් ටීම් එකේ හිටියත් කොම්පැනියක රස්සාවකට ලේසියෙන්ම ගියෑකි... නැත්තං කොළඹට ආපු එකෙන් වැඩක් නැත. සුමනසේන කල්පනා ලෝකයක අතරමංව සිට යළිත් අවදිවිය. "පඩි ගත්ත ගමං සල්ලි ගෙවල ප්රැක්ටිස්වලට දාල දෙන්නං..." සිය පුත්‍රයා සමඟ ක්‍රිකට් පාසලට ඇතුළු වූ පළමු දිනයේම සුමනරත්න හොල්මං විය. පාවෙන මාලිගා වැනි, බෙන්ස්, හැමර්, මොන්ටේරෝ, ඩිපෙන්ඩර් පමණක් නොව ඇසටින් මාටින් වලින් පිරීගිය හාත්පස පරිසරයේ තුංකාල් හැඳගත් ගෑනු පිරිමි මස් පර්වත ඉංගිරිසියෙං කෑකෝගසමින් දරුවං එහෙං මෙහෙන් ආං බාං කරුනු දැකගත හැකිවිය. ප්‍රකට ක්‍රිකට් ක්රීඩකයකුට අයත් එම පාසලේ මුල් දිනයේම දහසේ නෝට්ටු කීපයක්ම ඇතුළුවීම් ගාස්තුව වශයෙන් ගෙවූ පසු මාසික ගාස්තු, බඩු මුට්ටු ගාස්තු වෙනම ලැයිස්තුවකි. "මදැ ක්‍රිකට් ගහන්ට ආවා.." ඔහු තමන්ම හෙමිහිට කියා ගත්තේය. ඔහු වටපිට බැලුවේ ඔහු වැනි අසරණයන් තවත් ඇත්දොaයි යන දෙගිඩියාවෙනි. තමා වැනිම අහිංසක පෙනුමකින් යුත් තැනැත්තෙක් දැක සැනසීමෙන් ටිකෙං ටික ඔහුට සමීප වූයේ තව තවත් වැඩි විස්තර දැන ගැනීමටය. ඔහු තමා දෙස අඩ සිනාවක් පෑවේය. "කාගෙ ළමයද ඔයා එක්කගෙන ආවේ?..." සුමනරත්නට පොළව පලාගෙන යන්නට සිතුනි. එකත් එකටම ඔහු රියෑදුරෙක් විය යුතුය. සුමනරත්න ලැඡ්ජාවෙන් එතනින් ඉක්මනින්ම ඉවත් වූයේ ඉන්පසු ඒ කාර්යය සුද්දිටම භාරදීමේ අටියෙනි. "ක්‍රීඩාව විතරක් බැහැනේ... දහම් පාසලකටත් දාන්ට වෙනවා..." ඒ සුද්දිගේ තවත් නියෝගයකි. දහම් පාසල නිසා තමාගේ ජීවිතයට කොපමණ නං ආලෝකයක් ලැබී ඇත්දැයි සුමනරත්නට යළි යළිත් සිහිවිය. එබැවින් මෙවර සති අන්තය ඒ සඳහාම වෙන් කිරීමට තීරණය කළේය. "අප්පේ ඉස්කෝල දාන එක ලේසිය... යාකෝ දහම් පාසල් දාන එකනේ අමාරු..." දහදිය වගුරු පෙරමින් ගෙට ඇතුළු වූ සුමනරත්න එහෙම පිටින්ම යාබද පුටුවට බර දුන්නේය. පුටුව ජරාස් ගාමින් පස්සට ඇදී ගියේය. ප්‍රකට දහම් පාසල් කීපයකටම ගොස් පිංසෙන්ඩු වුවද ගමේදී මෙන් ඇතුළු කිරීම පහසු නොවන බව සුමනරත්නට තේරුම් ගියේය. බොහෝ දහම් පාසල් වලින් දැනුම් දුන්නේ පාලන මණ්ඩලේ නිලධාරින් හමුවන ලෙසය. සුමනරත්න කාර්යාලයේ නිලධාරීන්ගෙන් මේ ගැන විපරම් කළේය. "අපෝ තේරෙන්නැද්ද... ඔය රස්තියාදු කරන්නෙ මොකටද කියල... ගාණක් කඩාගන්නට... ඔය හදන්නෙ. ඒ විතරක් නොවේ පාලක මංඩලේ උන්ට විස්කි අරං දෙන්ටත් ඕනෑ.... මම නං ළමය දැම්මෙ එහෙම.... පැංෂන් කාරයො තමයි ඕවට රිංගාගෙන ඉන්නේ..." "මොන බංබුවක්ද.... දහම් පාසලට දාන්ට අරක්කු දෙන්නෙ මොන රටේද යකෝ... මට නං දැං කොළඹ එපා වෙලා තියෙන්නෙ...." සුමනරත්න කෑගැසුවේය. තීරු බදු සහන බලපත්‍රය ලැබුණේ මේ අල්ල පනල්ලේය. කාන්තාරයේ අතරමං වී සිටි සුමනරත්නට බලපත්‍රය ක්ෂේමභූමියකි. "කෙලින්ම දහයක් අතේ...." බලපත්‍රය විකුණා ණය තුරුස් ටික ගෙවා දමා ඉතිරි ටික පොතක පතක දාගන්නට මැවූ සිහින බලාපොරොත්තු නොවූ පරිදි සුනු විසුනු වී ගියේය. "පිස්සුද? මේ වගේ චාන්ස් එකක් ආයෙ කවද්ද එන්නේ.." මෝඩ වෙන්ඩ එපා. මොන ජාතියක් හරි දාල ගමු කාරෙකක්..." ඔච්චර ලාබෙකට දීලත් ගන්ට බැරිනං නිකම්ම දෙනකංද බලා ගෙන ඉන්නෙ..." සුද්දිගේ ඉහේ මලක් පිපි ගොසිනි. බලාගෙන ගියාම ඒකත් ඇත්තය. ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට මෝටර් රථයෙන් ගිය තරමට පිළිගැනීමත් හොඳය. අවසානයේ ගමේ තිබූ වී පල්ලාහක කෑල්ල බැංකුවට තබා ණයක් ගත්තේ සුද්දිගෙන් බේරෙන්ට බැරිම තැනය. "මහ රාත්තිරියේ ඝෝෂාවකි. හොඳ හැටි බී ගත්තු මිනිහෙක් ගේට්ටුව ළඟ අමු හිංගලෙන් දෙස් දෙවොල් තියන ශබ්දයකි. සුමනරත්න හින් සීරුවේ කරුවලේ ගේට්ටුවට සමීප වූ විට දුටුවේ උදේ හවා තමාට කටපුරා මහත්තයා කියන ජුවානිස්ය. සුමනරත්න පසුදිනම වහාම නිවාස හිමියාට කතා කළේය. ඔහුගේ අදහස වූයේද යාබද පැරණි ගම්මු පිටගංකාරයෝ එක්ක බද්ධ වෛරයකින් සිටින බවය. ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩං පිටස්තරයන්ට විකුණා දැන් ඉරිසියාවෙන් පෙලෙන බවත් සුරාවෙන් මත් වු විට පමණක් පිටගංකාරයෝ මතක් වෙන බවත්ය. සුමනරත්න අලුත්ම මෝටර් රථයෙන් අවුරුද්දට බොක්කාවලට ගියේ ලැඡ්ජාවත් මුසුවූ ආඩම්බරයකිනි. සුද්දී නං ආවේ ගියේ මහා උජාරුවෙනි... නවීනතම නාන කාමර පහසුකම් මහ ගෙදර නොමැති වීම නිසා සුද්දී ද දරුවාද ඉක්මනින් පසුදිනම කොළඹ යැමට අවැටිලි කළහ. සුමනරත්නට නං ගමපුරා තව දවස් කීපයක් හක්කලං ගැසීමට ඕනෑකම තිබුණද සුද්දි නම් ඊට එකඟ වුනේ නැත. "පුතේ ඉඳල හිටලවත් ගමට ඇවිත් යන්ට ඕනෑ වෙයි. ගම අමතක කරන්ට එපා ගමේ මරණ මඟුල්වලට ආවේ නැති එකට කසු කුසු තියෙනවා.. ඒක පුතාට හරි නෑ..." අම්මාගේ කතාවේ කුමක් හෝ ගැඹුරු යමක් ඇතැයි නිකමට සිතිනි. අම්මා හුඟාක් දුරට යමක සැර බාල කරල කීවා විය හැකිය. ලයිට් බිල්, ටෙලිෙµdaන් බිල්, ප්‍රවාහන ගාස්තු, ස්කෝල ගාස්තු, ප්‍රැක්ටිස් ගාස්තු, වාහනේට තෙල් ඒ අස්සේ ඔපිස් එකේ මරණ ගෙවල් මඟුල් ගෙවල් ඉවරයක් නැත. මේ සේරටම මුහුණ දී ගත නොහැකිව සුමනරත්න තවත් අතිරේක රස්සාවකට බැස්සේ ගමේම කාපු කට්ටට පිංසිදු වන්නටය. සුමනරත්න මේ වළෙං ගොඩ ඒමට තෝරාගත්තේ රක්ෂණ නියෝජිත වැඩකි. මුලදී මුලදී තරමක් අසීරු වුවද ඉක්මනින්ම හත්අට දෙනකු කෙටි කාලයක් තුළ දැලට හසුකර ගැනීමට ඒ හැටි අපහසුවක් නොවීය. යංතං දැනෙන ගාණක් අතට ලැබෙන්ට පටන් අරං මාස තුනක් ඉක්මවූවා පමණි. උදේ පාන්දරම පොලිස් වාහනයක් ගේ ඉදිරිපිට දැකීමෙන් සුමනරත්න බිරාන්ත විය. "කව්ද සුමනරත්න කියන්නෙ..." "මම තමයි". මේ වාහනේ රක්ෂණය කරල තියෙන්නෙ කවුද? නිලධාරිය ලිපිගොනුවක් පෙන්විය. "ඔව්". "මේක හොරකම් කරපු වාහනයක්නෙ මහත්තයා...." සුමනරත්න උඩගොස් බිම වැටිනි. කරන්ට දෙයක් නෑ. අත්අඩංගුවට ගන්ට වෙනවා." සුද්දි මහා හයියෙං කෑගසුවාය. සුමනරත්න දාගත් ජීප් රථය වේගයෙන් නොපෙනී ගියේය. කාර්යාලයේ ප්‍රධානියාට පිංසිදු වෙන්ට හවස් වෙනවිට ඇප මත නිවසට ඒමට සුමනරත්නට හැකිවිය. එහෙත් අවුරුදු කීයක් නඩු කියන්ට වෙයිද දන්නෑ.. සුමනරත්න වඳින්ට ගිය දේවාලෙ හිසේ කඩා වැටී ඇත. දවස් කීපයක්ම ගෙදර හරියට කෑමක් බීමක් නැත. සියල්ලෝම තැන් තැන්වලට වී මීයට පිම්බාක් මෙනි. සුද්දී බැරිවෙලාවත් ඉස්තෝප්පුවට එන්නේ සුමනරත්න කාර්යාලයට ගිය පසුවය. "සුද්දියෙ එනපොට හොඳ නෑ... මෙහෙ අපිට ජීවත් වෙන්ට බෑ. මමත් ගමට මාරුවක් ගන්ට ප්‍රථම ජනවාරි වල ළමය බෝඩිං කරල අපි ගමට යං..." "වෙන කරන්ට දෙයක් නෑ... මම" කාරෙකත් විකුණන්ට කතා කරලයි තියෙන්නේ..." සුද්දිගෙ නිහඬතාවය කියා පෑවේ යෝජනාවට එකඟ වූ බවකි. සුමනරත්න ලට්ට ලොට්ට පටවාගත ලොරිය බොක්කාවලට යන විට රාත්‍රිය බෝවී තිබිණි. අම්මාටනං රටක් රාඡ්ජයක් පහළ වූවක් මෙනි. කෙමෙන් කෙමෙන් ඔවුන් ගමේ පරිසරයට හැඩ ගැහෙන්ට උත්සහ කළහ. ගමේ විහාරයටද, සුබ සාධක සමිතිවලටද, මරණ ගෙවල්වලටද බලෙන් මෙන් සහභාගි වූයේ කිසිවක් නොවූ ගානටය. එහෙත් තමාගේ පැරණි සගයන් තමාගෙන් ඈත්වන බවක් සුමනරත්නට දැනිනි. එදා තිබූ ඔවුන්ගේ අව්‍යාජ සිනාව අන්තරස්දාන වී ගොසිනි. එහෙ ඉන්ට බැරුව ආයෙත් ගමටම බඩගාලා... ඔය පිටගං කාරයො මෙහාට නැතුවට කමක් නෑ.... තමාට ඇහෙන නොඇහෙන ගානට ඔවුනොවුන්ගේ කසුකුසුය. තමා විසින්ම ආරම්භ කළ සුබ සාධක සමිතියම දැං තමා පිටගංකාරයෙක් කර හමාරය. දෙපැත්තෙන්ම දැන් තමා පිටගංකාරයකු වී ඇතැයි ඔහුට සිතිනි. තමා පිටගංකාරයකු කළ රූපවාහිනියේ පෞරුෂවර්ධන කාරයන්ට සුමනරත්න තිත්ත කුණුහරුපෙන් තනිවම බැණගෙන බැණගෙන ගියේය. ලිවේ: ගාමිණී ඒකනායක samanthaMost Senior MemberPosts:13190 21 Feb 2015 07:36 PM රසවත් කෙටිකථා වලට බොහොමත්ම ස්තූතියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 21 Feb 2015 08:35 AM Posted By FIDE on 20 Feb 2015 06:28 PM බලු කරදරය “අනේ! තාත්තෙ, උඩහ ගෙදර ආච්චි අපේ බීකට ගහනව.” ලොකු පුතාගේ ගෝරනාඩුවේ සැරටම මාව ගෙයින් පිටතට විසි විය. බෙන්තර මහතාගේ නිෙවසෙහි මෙහෙකාරිය දෙකේ දෙකේ ලීයකින් අපේ බල්ලාට තඩි බාන්නී ය. “ආයම්මෙ! ආයම්මෙ! අනේ! බල්ලට ගහන්න එපා. හරියට චුන්දසූඛරිකයා ඌරො මරන්න පොල්ලෙන් ගැහුව වගේනෙ. අනික් එක ඔය වගේ වෙලාවට තිරිසන් සතකුට කීයටවත් ගහන්න හොඳ නෑ. ඔහේ වයසට ගියේ ඉඩෝරෙට ද?” බීකා බෙන්තර මහතාගේ බැල්ලිය වූ ලැසීකවත් අලවාගෙන වේදනාවෙන් කෑ ගසමින්, අපේ වත්තට කම්බිය යටින් රිංගීමට ගන්නා උත්සාහය දුටු විට මා තුළ ඇතිවූ වේදනාව ඒ වචන ටික මුවින් පිට වුණේ ය. බීකා අපට එක්වුණේ අවසාන කුලී නිවසෙහි පදිංචි වී සිටි කාල වකවානුවේ ය. දඩාවතේ යන බැල්ලියක් එකී නිෙවසෙහි වැසිකිළිය පිටුපස වළක් හාරා පැටවුන් ගණනක් වදා තිබුණා ය. දින හතකින් ලෝකයට ඇස් විවර කළ පැටවුන් එකා දෙන්නා ගුහාවෙන් එළියට පිය මනින්නට විය. එයින් එක් පැටවකු ලොකු පුතා ගේ නෙත සිත පැහැර ගත්තේ ය. ඔහු බැල්ලි එහාට මෙහාට යනතුරු බලා සිට මල්ලී සමඟ එක් ව, එක පාරටම පැටවා රැගෙන ගෙට දිව ආවේ ය. “අපේ පරම්පරාවෙ කව්රුවත් නොකරපු වැඩක්. අපේ අම්ම, තාත්ත කවදාවත් අපට සතුන් හදන්න දීල නෑ. උන්ගෙන් එක එක ලෙඩ බෝවෙනව.” මා එසේ පැවසුවත්, බිරියගේ දරු සෙනෙහස ඉදිරියේ නිරුත්තර වීමට සිදුවිය. “පුතේ අදට හිටපු තැනින් ගිහිං තියන්න. මං හෙට උදේම වතුර එකක් උණු කරල මැක්කො එහෙම ඉන්නවනං අරන් දාල පුතාට ගෙදර තියාගන්න දෙන්නං.” ලොකු පුතා ලද සතුට නිම්හිම් නැති එකක් විය. “මල්ලි දැන් ගිහින් තියල, හෙට උදේම අම්මට ගෙනැත් දෙමු. අපි ඉස්කෝලෙ ගිහිල්ල එනකොට නාවල තියයි.” පොඩි පුතු ඊට දුන් සහාය ද ඒ වචනවල ගැබ්ව තිබුණි. පසුදා බිරිය කියූ පරිදි කටයුතු කර තිබුණා ය. බැල්ල දොර වෙත විත් කුරු කුරු ගෑවත්, තම දරුවාට සෙනෙහස ලැබී ඇති බව තේරුම් ගත්තාක් මෙන් ඉවත් ව ගියා ය. “දැන් මෙයාට හොඳට කාල බීල ඉන්න පුළුවන්. ඒ හින්ද කාබී ඒකෙ අනිත් පැත්ත මෙයාට නමට දාමු.” පොඩි පුතු උඩ පනිමින් කියද්දී ලොකු පුතා බීකා! බීකා! යැයි පැවසුවේ ය. හොඳින් කා බී වැඩුණු සුදු දුඹුරු දෙපාටින් යුතු බීකා ගෙදර කාගේත් ආදරය දිනා ගැනීමට සමත් විය. අප විසින්ම ගොඩනඟා ගත් නිෙවසෙහි පදිංචියට එද්දී බීකාවත් රැගෙන ආවෙමු. ඌට විසීමට ගේ පිටුපස වෙනම ස්ථානයක් ද සකස් කර දුනිමු. “පිටිපස්සෙ බැඳල හදන්න එපා. ලස්සන සතෙක්නෙ. සැරට හදන්නත් හොඳ නෑ. පොඩි දෙන්නවත් හපාවි. අඳුරන්නෙ නැති කෙනෙක් ආවහම බුරන්න හිටියහම මදැයි” බීකාට ඇලුම් කළ අසල්වැසියෝ ද පැවසුහ. අලුත් නිෙවසෙහි පදිංචියට පැමිණීමෙන් අනතුරුව ද වසරකට කිට්ටු කාලයක් බීකා අප සියලු දෙනාට කීකරු වූහ. අපේ නිෙවසට ඉහළින් විසූ බෙන්තර මහතා ආදරයෙන් හැදූ බැල්ලි පැටවා සමඟ සෙල්ලම් කරමින් කාලය ගත කළේ ය. දරුවන් නොමැති බෙන්තර මහතාත් බිරියත් ‘ලැසී’ යැයි අමතමින් බැල්ලි පැටවාට දැක්වූ සෙනෙහසම බීකාටත් දැක්වූහ. එහෙත් බීකාත් ලැසීත් වර්ධනය වී සුනඛයන් රැළේ වැටෙන කාලය එළඹෙද්දී සියල්ල වෙනස් විය. බෙන්තර මහතා ගේ ගේ වටා අහල පහල ගෙවල්වල සිටි සුනඛයෝ රංචු ගැසුණාහ. ඔවුන් බැල්ලව ගෙතුළට දමාගෙන සිටි බැවින් සුනඛයෝ ගෙය වටේටම බිත්තිවලට මුත්‍රා කරමින් පොරකමින් දිවා රෑ වෙනසක් නැතුව දඟලන්නට වූහ. “පියසිරි මහත්තය ලැසීගෙ අම්ම මැරුණෙත් පැටව් හම්බ වෙන්න ගිහිල්ල. එයාට අමාරු උණහම පශු වෛද්‍ය හම්බ වෙන්න ගියා. ඒ මනුස්සය ගෙදර හිටියෙ නෑ. හිරවෙච්ච එක පැටියෙක් බ්ලේඩ් එහෙකින් දෙකට කපල බැල්ලිව බේරගන්න හැදුව. ඒත් බැරි උණා.” “මෙයා විතරයි බේරුණේ, මෙයාට වඳ සැත්කම් කරන්න හරි. වෙනත් විදිහකින් පැටව් හම්බ වෙන එක නවත්තන්න හරි අපි කැමති උණේ නෑ. ඒ හින්ද අපි මෙයාව ගේ ඇතුළෙ දාගෙන බේර ගන්නව. පියසිරි මහත්තය ඔයාගෙ බල්ල මෙහාට එවන්නෙ නැතුව බැඳල තියා ගන්න.” “ඔව් මහත්තය දවාලට ගෙදර ඉන්නෙ මං විතරයි. ඒ හින්ද බල්ලව ගැට ගහලම තියාගන්න” බෙන්තර මහතාත්, ඔහුගේ බිරියත් මෙහෙකාරියත් කතා කළහ. මම මුනිවත රැක සිටියෙමි. බීකාව කිසිසේත් පාලනය කිරීම අපහසු විය. ඌට පිස්සු හැදුණා හා සමාන ය. උඩ පනිමින්, කෑ ගසමින් බැඳ සිටි දම්වැල කඩාගෙන යන්නට ම සැරසෙයි. “බීකා!මේ මොකද දඟලන්නෙ. ඔයාගෙ අයිතිකාරයා මම. මං කියන දේ අහන්න බැරි ද?” ලොකු පුතා උගේ ළඟට ගොස් දම්වැලෙන් අල්ලා ඌව පාලනයට සැරසෙයි. “අයියෙ හොඳ කෝටුවක් අරගන්න. මෙයාට දෙකක් දෙන්න” ඌ කුඩා කාලයේ දී මෙන් පොඩි පුතු ද ඌව පාලනයට සැරසෙයි. “දරුවනේ! මෙහාට වෙලා ඉන්න, එයා දම්වැල කඩා ගන්නයැ. කෑගහල කෑ ගහල එපාවෙනකොට නවත්තයි” බිරිය දරු දෙදෙනාට පැවසුවා ය. නොසිතූ වේලාවක බීකා දම්වැල කඩාගෙන බෙන්තර මහතාගේ වත්තට ඇතුළු වූයේ විදුලි වේගයෙනි. ඒ වේගයෙන්ම වත්තට ඇතුළු වී සිටි සියලු සුනඛයන් ගොරවා හපා කා මොහොතකින් පන්නා හැරීමට බීකා සමත් විය. මෙහෙකාරිය බැල්ල කාමරයකට දමා දොර වසා ඇති බව පැවසුවා ය. ඒත් දරු දෙදෙනා බෙන්තර මහතාගේ වත්තට ගොස් බීකාව රැගෙන ඒමට යත්න දැරූහ. ඔවුන් කතා කරද්දී බීකා ඈතින් ඈතට ගියේ ය. කිසිඳු ආකාරයකින් ඌට ළංවිය නොහැකි විය. තවත් පෑ භාගයක් යද්දී වීදුරුවක් බිඳෙන හඬ ඇසුණේ ය. මෙහෙකාරිය කෑ ගසන්නට වූවා ය. “ආයම්මෙ මොකද? ආයම්මෙ! ආයම්මෙ!” මට ඉබේටම කියවිණ. “අනේ! බුදු මහත්තයෝ ඔයගොල්ලන්ගෙ බල්ල ජනේලෙ වීදුරුවත් කඩාගෙන අපේ ලැසී එක්ක සම්බන්ධ වෙලා. මහත්තයල ගෙදර ආවහම ආයම්ම ඔය ලැසීව ප්‍රවේසම් කරගත්ත හැටි ද කියල මට බැණුම් අහන්න වෙනව.” “ඔහොම තමයි ආයම්මෙ බල්ලන්ට පිස්සු හැදුණහම මේච්චල් කරන්න බෑ. අපි කොච්චර ගැට ගහල තියා ගන්න හැදුව ද?” බීකාත්, ලැසීත් කාමරය තුළම සමහන් සුව විඳිති. බීකා ලැසී සමඟ එක්වීමට ගත් වෙහෙස හේතු කොටගෙන දිව එළියට දමාගෙන හති හරී. මා කාමරයට හිස පොවා බලද්දී, ආයම්මා ද ඔළුව දමා “අනේ අපොයි! මෙහෙමත් අපරාධයක්” යයි පැවසුවා ය. බිරිය නොපැමිණියේ දරු දෙදෙනා නිසා බව දැනගත් මම දැන් ඉතින් කරන්නට දෙයක් නැති බව පැවසීමි. “මහ එකී වගේ වදන්න ගිහිං උඹත් මැරියන්” යයි ආයම්මා කම්පාවෙන් කෑ ගැසුවා ය. බෙන්තර මහතාත් ඔහුගේ බිරියත් නිෙවසට පැමිණ ටික වේලාවකින් උස් හඬින් කතා කරනු ඇසිණ. නිසැකවම ඒ බීකා විසින් කළ නොපනත්කම ගැන විය යුතුමයි. “තිරිසන්නු කියන්නෙ නිකංයැ උන් කරන වැඩවලට අපි මොනව කරන්න ද? අපි ජනෙල් වීදුරුව දාල දෙමු.” සිදුවූ දේ හෝ සිදුවන දේ ගැන තේරුම් ගැනීමට දරු දෙදෙනා කුඩා වැඩිය. ඒ නිසා ඔවුන් සැනසීමට මෙන් බිරිය එසේ කී බව නිසැකය. එළඹි ඊළඟ සෙනසුරාදා දිනයේ බෙන්තර මහතා කැඩුණු ජනෙල් වීදුරුවට කාඩ් බෝඩ් එකක් අලවා පැලැස්තර දැමූ බවත්, අනෙක් වීදුරු ද විනිවිද නොපෙනෙන පරිදි කොළ අලවා සකස් කළ බව ද මෙහෙකාරියගෙන්ම අපට දැන ගන්නට ලැබුණි. “අනිත් බල්ලන් ගෙන් බේරගත්තත් පියසිරි මහත්තයලගෙ බීක අපේ ලැසීව අමාරුවෙ දැම්ම. දැන් ඉතින් මොනව කරන්න ද? මට තියෙන ප්‍රශ්නෙ දරුවෙක් වගේ හදපු සතා පැටව් හම්බවෙන්න ගිහිල්ල නැති වෙයි ද කියන එකයි” මූණට හමුවූ වේලේ බෙන්තර මහතා කියාගෙන ගියේ ය. මම පසු දා දම්වැල් දෙකක් ම ගෙනැවිත් බීකාව බැඳ දැමීමට පෙලඹුණෙමි. ඒවා කඩපළෙහි විකිණීමට තිබූ බල්ලන් බැඳීමට ගන්නා සවිමත් ම දම්වැල් ය. ඒවායින් බැඳ දැමූ වේලේ සිට බීකා වෙනදාටත් වඩා කෑ මොර දෙමින් දඟලන්නට විය. බෙන්තර මහතාගේ ගේ පැත්තෙන් බල්ලන්ගේ හඬ මෙන්ම ලැසීගේ කෙඳිරිය ඇසෙද්දී එය දියුණු තියුණු විය. “අද ඔයා කොච්චර කෑ ගැහුවත් ඔතනම තමයි ඉන්න වෙන්නෙ. අනුන්ගෙ ජනෙල් කඩන්නයි වෙන බල්ලො එක්ක පොරකන්නයි යන්න වෙන්නෙ නැහැ.” දරු දෙදෙනාම මාරුවෙන් මාරුවට බීකා දෙස බලාගෙන කීවෝ ය. බිරිය මේ දින ටිකට බීකා වැහැරී ඇතැයි පවසමින් වැඩිපුර බත් ප්‍රමාණයක් ද ඌට දුන්නේ ය. එහෙත් බීකා ඒ දෙසවත් නොබලා කිසිවකුගේ කිසි කියමනක් ගණනකටවත් නොගෙන දඟලන්නටත්, කෑ ගසන්නටත් වූයේ ය. අප නින්දට ගොස් ටික වේලාවක් ගත වෙද්දී බීකා ගේ කෑගැසීම නතර විය. දම්වැල් දෙකක් යොදා බැඳ තිබූ බැවින් ඌ පරාජය පිළිගෙන නිහඬ වී යැයි අපි සතුටට පත්වීමු. අසල්වැසියකු අමනාප කරගැනීම වැළකුණේ යැයි ද සිතමු. එහෙත් සිදුවූයේ නොසිතුවකි. රෑ මැද්දට ආසන්න වෙද්දී බෙන්තර මහතාගේ නිෙවස දෙසින් උස් හඬින් කෑ ගැහිල්ලක් මතු විය. මාත් බිරියත් දොර හැරගෙන එළියට පැන්නෙමු. ඒ වන විටත් අසල්වැසියෝ කිහිප දෙනෙක් එහි රැස්වී සිටියෝ ය. ඒ සියල්ලෝ බෙන්තර මහතාගේ ගෙට පහළින් තිබූ වතුර බොන ළිඳට නැඹුරු වී සිටියහ. මටත් බිරියටත් දෑස් අදහාගත නොහැකි විය. විදුලි පන්දම් එළියෙන් ආලෝකවත් වූ ළිං ජලය මත බීකාත් ලැසීත් දෙපසට පීනමින් උන්නෝ ය. “මහත්තේලැ බල්ල අදත් ජනේලෙන් පැනල අපේ ලැසී එක්ක එක්කහු වෙලා. මං කෑ ගැහුව විතරයි. ඊළඟට ඇහුණේ ළිඳ ඇතුළෙ ජබොක් ගාන හඬ.” සුනිල් ගුණවර්ධන me kathwath harima rasawath ,,,eth pau neda beeka..mata nam dukai u gena. godak sthuthi ,, isurusamSuper Senior MemberPosts:7342 20 Feb 2015 09:05 PM eda tiyana welawaka kiyawannam...thanks kingDVeteran MemberPosts:3309 20 Feb 2015 09:00 PM නියමයි මාත් ආසයි කෙටිකතා වලට.. ස්තුතියි සහෝ... Business, you know, may bring money, But friendship hardly ever does. indika76Most Senior MemberPosts:10449 20 Feb 2015 07:52 PM සුපිරි වැඩක් මචං.. තවම කියවුයේ නැහැ.. කියවලා හොද නරක කියන්නම්.. Ind007kaMost Senior MemberPosts:12931 20 Feb 2015 06:46 PM welawak aragena kathawa kiyewwa..tx machan me wade patan gatta First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... FIDEBasic MemberPosts:238 20 Feb 2015 06:28 PM බලු කරදරය “අනේ! තාත්තෙ, උඩහ ගෙදර ආච්චි අපේ බීකට ගහනව.” ලොකු පුතාගේ ගෝරනාඩුවේ සැරටම මාව ගෙයින් පිටතට විසි විය. බෙන්තර මහතාගේ නිෙවසෙහි මෙහෙකාරිය දෙකේ දෙකේ ලීයකින් අපේ බල්ලාට තඩි බාන්නී ය. “ආයම්මෙ! ආයම්මෙ! අනේ! බල්ලට ගහන්න එපා. හරියට චුන්දසූඛරිකයා ඌරො මරන්න පොල්ලෙන් ගැහුව වගේනෙ. අනික් එක ඔය වගේ වෙලාවට තිරිසන් සතකුට කීයටවත් ගහන්න හොඳ නෑ. ඔහේ වයසට ගියේ ඉඩෝරෙට ද?” බීකා බෙන්තර මහතාගේ බැල්ලිය වූ ලැසීකවත් අලවාගෙන වේදනාවෙන් කෑ ගසමින්, අපේ වත්තට කම්බිය යටින් රිංගීමට ගන්නා උත්සාහය දුටු විට මා තුළ ඇතිවූ වේදනාව ඒ වචන ටික මුවින් පිට වුණේ ය. බීකා අපට එක්වුණේ අවසාන කුලී නිවසෙහි පදිංචි වී සිටි කාල වකවානුවේ ය. දඩාවතේ යන බැල්ලියක් එකී නිෙවසෙහි වැසිකිළිය පිටුපස වළක් හාරා පැටවුන් ගණනක් වදා තිබුණා ය. දින හතකින් ලෝකයට ඇස් විවර කළ පැටවුන් එකා දෙන්නා ගුහාවෙන් එළියට පිය මනින්නට විය. එයින් එක් පැටවකු ලොකු පුතා ගේ නෙත සිත පැහැර ගත්තේ ය. ඔහු බැල්ලි එහාට මෙහාට යනතුරු බලා සිට මල්ලී සමඟ එක් ව, එක පාරටම පැටවා රැගෙන ගෙට දිව ආවේ ය. “අපේ පරම්පරාවෙ කව්රුවත් නොකරපු වැඩක්. අපේ අම්ම, තාත්ත කවදාවත් අපට සතුන් හදන්න දීල නෑ. උන්ගෙන් එක එක ලෙඩ බෝවෙනව.” මා එසේ පැවසුවත්, බිරියගේ දරු සෙනෙහස ඉදිරියේ නිරුත්තර වීමට සිදුවිය. “පුතේ අදට හිටපු තැනින් ගිහිං තියන්න. මං හෙට උදේම වතුර එකක් උණු කරල මැක්කො එහෙම ඉන්නවනං අරන් දාල පුතාට ගෙදර තියාගන්න දෙන්නං.” ලොකු පුතා ලද සතුට නිම්හිම් නැති එකක් විය. “මල්ලි දැන් ගිහින් තියල, හෙට උදේම අම්මට ගෙනැත් දෙමු. අපි ඉස්කෝලෙ ගිහිල්ල එනකොට නාවල තියයි.” පොඩි පුතු ඊට දුන් සහාය ද ඒ වචනවල ගැබ්ව තිබුණි. පසුදා බිරිය කියූ පරිදි කටයුතු කර තිබුණා ය. බැල්ල දොර වෙත විත් කුරු කුරු ගෑවත්, තම දරුවාට සෙනෙහස ලැබී ඇති බව තේරුම් ගත්තාක් මෙන් ඉවත් ව ගියා ය. “දැන් මෙයාට හොඳට කාල බීල ඉන්න පුළුවන්. ඒ හින්ද කාබී ඒකෙ අනිත් පැත්ත මෙයාට නමට දාමු.” පොඩි පුතු උඩ පනිමින් කියද්දී ලොකු පුතා බීකා! බීකා! යැයි පැවසුවේ ය. හොඳින් කා බී වැඩුණු සුදු දුඹුරු දෙපාටින් යුතු බීකා ගෙදර කාගේත් ආදරය දිනා ගැනීමට සමත් විය. අප විසින්ම ගොඩනඟා ගත් නිෙවසෙහි පදිංචියට එද්දී බීකාවත් රැගෙන ආවෙමු. ඌට විසීමට ගේ පිටුපස වෙනම ස්ථානයක් ද සකස් කර දුනිමු. “පිටිපස්සෙ බැඳල හදන්න එපා. ලස්සන සතෙක්නෙ. සැරට හදන්නත් හොඳ නෑ. පොඩි දෙන්නවත් හපාවි. අඳුරන්නෙ නැති කෙනෙක් ආවහම බුරන්න හිටියහම මදැයි” බීකාට ඇලුම් කළ අසල්වැසියෝ ද පැවසුහ. අලුත් නිෙවසෙහි පදිංචියට පැමිණීමෙන් අනතුරුව ද වසරකට කිට්ටු කාලයක් බීකා අප සියලු දෙනාට කීකරු වූහ. අපේ නිෙවසට ඉහළින් විසූ බෙන්තර මහතා ආදරයෙන් හැදූ බැල්ලි පැටවා සමඟ සෙල්ලම් කරමින් කාලය ගත කළේ ය. දරුවන් නොමැති බෙන්තර මහතාත් බිරියත් ‘ලැසී’ යැයි අමතමින් බැල්ලි පැටවාට දැක්වූ සෙනෙහසම බීකාටත් දැක්වූහ. එහෙත් බීකාත් ලැසීත් වර්ධනය වී සුනඛයන් රැළේ වැටෙන කාලය එළඹෙද්දී සියල්ල වෙනස් විය. බෙන්තර මහතා ගේ ගේ වටා අහල පහල ගෙවල්වල සිටි සුනඛයෝ රංචු ගැසුණාහ. ඔවුන් බැල්ලව ගෙතුළට දමාගෙන සිටි බැවින් සුනඛයෝ ගෙය වටේටම බිත්තිවලට මුත්‍රා කරමින් පොරකමින් දිවා රෑ වෙනසක් නැතුව දඟලන්නට වූහ. “පියසිරි මහත්තය ලැසීගෙ අම්ම මැරුණෙත් පැටව් හම්බ වෙන්න ගිහිල්ල. එයාට අමාරු උණහම පශු වෛද්‍ය හම්බ වෙන්න ගියා. ඒ මනුස්සය ගෙදර හිටියෙ නෑ. හිරවෙච්ච එක පැටියෙක් බ්ලේඩ් එහෙකින් දෙකට කපල බැල්ලිව බේරගන්න හැදුව. ඒත් බැරි උණා.” “මෙයා විතරයි බේරුණේ, මෙයාට වඳ සැත්කම් කරන්න හරි. වෙනත් විදිහකින් පැටව් හම්බ වෙන එක නවත්තන්න හරි අපි කැමති උණේ නෑ. ඒ හින්ද අපි මෙයාව ගේ ඇතුළෙ දාගෙන බේර ගන්නව. පියසිරි මහත්තය ඔයාගෙ බල්ල මෙහාට එවන්නෙ නැතුව බැඳල තියා ගන්න.” “ඔව් මහත්තය දවාලට ගෙදර ඉන්නෙ මං විතරයි. ඒ හින්ද බල්ලව ගැට ගහලම තියාගන්න” බෙන්තර මහතාත්, ඔහුගේ බිරියත් මෙහෙකාරියත් කතා කළහ. මම මුනිවත රැක සිටියෙමි. බීකාව කිසිසේත් පාලනය කිරීම අපහසු විය. ඌට පිස්සු හැදුණා හා සමාන ය. උඩ පනිමින්, කෑ ගසමින් බැඳ සිටි දම්වැල කඩාගෙන යන්නට ම සැරසෙයි. “බීකා!මේ මොකද දඟලන්නෙ. ඔයාගෙ අයිතිකාරයා මම. මං කියන දේ අහන්න බැරි ද?” ලොකු පුතා උගේ ළඟට ගොස් දම්වැලෙන් අල්ලා ඌව පාලනයට සැරසෙයි. “අයියෙ හොඳ කෝටුවක් අරගන්න. මෙයාට දෙකක් දෙන්න” ඌ කුඩා කාලයේ දී මෙන් පොඩි පුතු ද ඌව පාලනයට සැරසෙයි. “දරුවනේ! මෙහාට වෙලා ඉන්න, එයා දම්වැල කඩා ගන්නයැ. කෑගහල කෑ ගහල එපාවෙනකොට නවත්තයි” බිරිය දරු දෙදෙනාට පැවසුවා ය. නොසිතූ වේලාවක බීකා දම්වැල කඩාගෙන බෙන්තර මහතාගේ වත්තට ඇතුළු වූයේ විදුලි වේගයෙනි. ඒ වේගයෙන්ම වත්තට ඇතුළු වී සිටි සියලු සුනඛයන් ගොරවා හපා කා මොහොතකින් පන්නා හැරීමට බීකා සමත් විය. මෙහෙකාරිය බැල්ල කාමරයකට දමා දොර වසා ඇති බව පැවසුවා ය. ඒත් දරු දෙදෙනා බෙන්තර මහතාගේ වත්තට ගොස් බීකාව රැගෙන ඒමට යත්න දැරූහ. ඔවුන් කතා කරද්දී බීකා ඈතින් ඈතට ගියේ ය. කිසිඳු ආකාරයකින් ඌට ළංවිය නොහැකි විය. තවත් පෑ භාගයක් යද්දී වීදුරුවක් බිඳෙන හඬ ඇසුණේ ය. මෙහෙකාරිය කෑ ගසන්නට වූවා ය. “ආයම්මෙ මොකද? ආයම්මෙ! ආයම්මෙ!” මට ඉබේටම කියවිණ. “අනේ! බුදු මහත්තයෝ ඔයගොල්ලන්ගෙ බල්ල ජනේලෙ වීදුරුවත් කඩාගෙන අපේ ලැසී එක්ක සම්බන්ධ වෙලා. මහත්තයල ගෙදර ආවහම ආයම්ම ඔය ලැසීව ප්‍රවේසම් කරගත්ත හැටි ද කියල මට බැණුම් අහන්න වෙනව.” “ඔහොම තමයි ආයම්මෙ බල්ලන්ට පිස්සු හැදුණහම මේච්චල් කරන්න බෑ. අපි කොච්චර ගැට ගහල තියා ගන්න හැදුව ද?” බීකාත්, ලැසීත් කාමරය තුළම සමහන් සුව විඳිති. බීකා ලැසී සමඟ එක්වීමට ගත් වෙහෙස හේතු කොටගෙන දිව එළියට දමාගෙන හති හරී. මා කාමරයට හිස පොවා බලද්දී, ආයම්මා ද ඔළුව දමා “අනේ අපොයි! මෙහෙමත් අපරාධයක්” යයි පැවසුවා ය. බිරිය නොපැමිණියේ දරු දෙදෙනා නිසා බව දැනගත් මම දැන් ඉතින් කරන්නට දෙයක් නැති බව පැවසීමි. “මහ එකී වගේ වදන්න ගිහිං උඹත් මැරියන්” යයි ආයම්මා කම්පාවෙන් කෑ ගැසුවා ය. බෙන්තර මහතාත් ඔහුගේ බිරියත් නිෙවසට පැමිණ ටික වේලාවකින් උස් හඬින් කතා කරනු ඇසිණ. නිසැකවම ඒ බීකා විසින් කළ නොපනත්කම ගැන විය යුතුමයි. “තිරිසන්නු කියන්නෙ නිකංයැ උන් කරන වැඩවලට අපි මොනව කරන්න ද? අපි ජනෙල් වීදුරුව දාල දෙමු.” සිදුවූ දේ හෝ සිදුවන දේ ගැන තේරුම් ගැනීමට දරු දෙදෙනා කුඩා වැඩිය. ඒ නිසා ඔවුන් සැනසීමට මෙන් බිරිය එසේ කී බව නිසැකය. එළඹි ඊළඟ සෙනසුරාදා දිනයේ බෙන්තර මහතා කැඩුණු ජනෙල් වීදුරුවට කාඩ් බෝඩ් එකක් අලවා පැලැස්තර දැමූ බවත්, අනෙක් වීදුරු ද විනිවිද නොපෙනෙන පරිදි කොළ අලවා සකස් කළ බව ද මෙහෙකාරියගෙන්ම අපට දැන ගන්නට ලැබුණි. “අනිත් බල්ලන් ගෙන් බේරගත්තත් පියසිරි මහත්තයලගෙ බීක අපේ ලැසීව අමාරුවෙ දැම්ම. දැන් ඉතින් මොනව කරන්න ද? මට තියෙන ප්‍රශ්නෙ දරුවෙක් වගේ හදපු සතා පැටව් හම්බවෙන්න ගිහිල්ල නැති වෙයි ද කියන එකයි” මූණට හමුවූ වේලේ බෙන්තර මහතා කියාගෙන ගියේ ය. මම පසු දා දම්වැල් දෙකක් ම ගෙනැවිත් බීකාව බැඳ දැමීමට පෙලඹුණෙමි. ඒවා කඩපළෙහි විකිණීමට තිබූ බල්ලන් බැඳීමට ගන්නා සවිමත් ම දම්වැල් ය. ඒවායින් බැඳ දැමූ වේලේ සිට බීකා වෙනදාටත් වඩා කෑ මොර දෙමින් දඟලන්නට විය. බෙන්තර මහතාගේ ගේ පැත්තෙන් බල්ලන්ගේ හඬ මෙන්ම ලැසීගේ කෙඳිරිය ඇසෙද්දී එය දියුණු තියුණු විය. “අද ඔයා කොච්චර කෑ ගැහුවත් ඔතනම තමයි ඉන්න වෙන්නෙ. අනුන්ගෙ ජනෙල් කඩන්නයි වෙන බල්ලො එක්ක පොරකන්නයි යන්න වෙන්නෙ නැහැ.” දරු දෙදෙනාම මාරුවෙන් මාරුවට බීකා දෙස බලාගෙන කීවෝ ය. බිරිය මේ දින ටිකට බීකා වැහැරී ඇතැයි පවසමින් වැඩිපුර බත් ප්‍රමාණයක් ද ඌට දුන්නේ ය. එහෙත් බීකා ඒ දෙසවත් නොබලා කිසිවකුගේ කිසි කියමනක් ගණනකටවත් නොගෙන දඟලන්නටත්, කෑ ගසන්නටත් වූයේ ය. අප නින්දට ගොස් ටික වේලාවක් ගත වෙද්දී බීකා ගේ කෑගැසීම නතර විය. දම්වැල් දෙකක් යොදා බැඳ තිබූ බැවින් ඌ පරාජය පිළිගෙන නිහඬ වී යැයි අපි සතුටට පත්වීමු. අසල්වැසියකු අමනාප කරගැනීම වැළකුණේ යැයි ද සිතමු. එහෙත් සිදුවූයේ නොසිතුවකි. රෑ මැද්දට ආසන්න වෙද්දී බෙන්තර මහතාගේ නිෙවස දෙසින් උස් හඬින් කෑ ගැහිල්ලක් මතු විය. මාත් බිරියත් දොර හැරගෙන එළියට පැන්නෙමු. ඒ වන විටත් අසල්වැසියෝ කිහිප දෙනෙක් එහි රැස්වී සිටියෝ ය. ඒ සියල්ලෝ බෙන්තර මහතාගේ ගෙට පහළින් තිබූ වතුර බොන ළිඳට නැඹුරු වී සිටියහ. මටත් බිරියටත් දෑස් අදහාගත නොහැකි විය. විදුලි පන්දම් එළියෙන් ආලෝකවත් වූ ළිං ජලය මත බීකාත් ලැසීත් දෙපසට පීනමින් උන්නෝ ය. “මහත්තේලැ බල්ල අදත් ජනේලෙන් පැනල අපේ ලැසී එක්ක එක්කහු වෙලා. මං කෑ ගැහුව විතරයි. ඊළඟට ඇහුණේ ළිඳ ඇතුළෙ ජබොක් ගාන හඬ.” සුනිල් ගුණවර්ධන sanduNew MemberPosts:59 20 Feb 2015 12:47 PM mamath me Fidege novena fide ge keti kathava kiyevva.... harima rsavath, hithata danena vidiyata liyala thiyanava godak sthuti... isurusamSuper Senior MemberPosts:7342 20 Feb 2015 09:26 AM niyamai.......... ImalkaVeteran MemberPosts:4533 20 Feb 2015 08:23 AM සුපිරි වැඩක්.....දිගටම කරගෙන යන්න බ්‍රදර් FIDEBasic MemberPosts:238 20 Feb 2015 08:23 AM Posted By Rosi on 20 Feb 2015 08:19 AM godak thanks fide...onna man oya ge kathwa kiyeuwa,,apurui me wade...godak sthuthi...digatama liyanna Rosiyoo, oka mama nam nemyi ane liwee, eka nisanee mama damme මගේ නොවන කෙටිකථා kilyala RosiSuper Senior MemberPosts:5335 20 Feb 2015 08:19 AM godak thanks fide...onna man oya ge kathwa kiyeuwa,,apurui me wade...godak sthuthi...digatama liyanna maduranga001Most Senior MemberPosts:14118 20 Feb 2015 08:00 AM මේක නම් මචෝ ඉහළින්ම අගේ කරනවා මම.. ඔයවගේ වැඩ තමයි මෙතැනට ඕනේ.. කෙටිකථා නෙවෙයි නවකතා දැම්මත් දැන් කියවන සෙට් එකක් මෙතැන ඉන්නේ.. රොම්බ රොම්බ නන්ඩ්‍රි වැඩේ දැක්කම කොමෙන්ටුව කෙටුණා.. කතාව කියවලම දාන්නම් කොමෙන්ටුව කෙටි කතාව ගැන.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ FIDEBasic MemberPosts:238 20 Feb 2015 07:25 AM කාටවත් අයිති නෑ “ඔය ළමයගෙ නම මොකක් ද?” පන්තියේ මං වාඩිවෙලා හිටිය පුටුව ළඟට ආව ටීචර්ලා තුන් දෙනාගෙන් එක්කෙනෙක් මගෙන් අහනවා. තව එක්කෙනෙක් මගේ ඩෙස්ක් එක උඩ තියෙන පොත් ගොඩ අවුස්සලා, කොපි පොතක් අතට අරගෙන, ඒකෙ පිටු පෙරළනවා. “රසිකා!” මං කිව්වා. මගේ උත්තරේ වචන එකයි. අකුරු තුනයි. තුන් දෙනාට ඕනෙ නම් බෙදා ගන්නත් බැරුවයැ.... “කොහේ ඉඳලද ඔය ළමයා එන්නෙ?” මගේ දිහා බලාගෙන, අත්දෙක එකට බැඳගෙන හිටිය ටීචර් අහනවා. “ගෙදර ඉඳලා!” මං කිව්වා. ටීචර්ලා තුන්දෙනාම එකපාරටම එක එක්කෙනාගේ මූණු දිහා බලා ගත්තා. “ගෙදර තමයි...! කොහෙද ගෙදර තියෙන්නෙ?” මැද හිටගෙන හිටිය ටීචර් සාරි පොට කර උඩ හරි හැටි තියෙනවද කියල අත ගාලා බලන ගමන් තවත් ප්‍රශ්නයක් ඇහැව්වා. මං තුන්දෙනාගෙම මුහුණු දිහා මාරුවෙන් මාරුවට බලල උත්තරයක් දුන්නා. “ඉස්කෝලෙට අල්ලපු පාරට එහා වත්තෙ.” “කව්මිණි ඔයාගෙ නංගි ද?” ඔව් කියන්න මට බෑ. ඒත් මං ඔව් කිව්වා. කව්මිණී මගේ නංගී නෙවෙයි. නංගියෙක් තියා මට අම්මෙක් තාත්තෙක්වත් නෑ. ටීචර්ලා තුන්දෙනා කව්මිණී ගැන හොයනවද නැත්නම් මේ මං රසිකා ගැන විස්තර හොයනවද කියල මට තේරුම් ගියේ නෑ. හැමදේටම පරෙස්සම් වීම විතරයි මට තේරුම් ගිය එකම දේ. මේ ඉස්කෝලෙ විවේක කාලය. ටීචර්ලා තුන්දෙනා විවේක සවාරියක ඇවිත් වගෙයි. මේ ඉස්කෝලෙත්, මේ පන්තියෙත් මෙච්චර ළමයි ඉන්දැද්දි කව්මිණී ගැනම මගෙන් අහන්නෙ ඇයි...? මගේ හිත ළඟට බය ඇවිත්! “කව්මිණී මොකද ඔයා වගේ පිරිසුදුවට, පිළිවෙළට ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ?” ආ... මේ පිරිසුදුකම ගැන වැඩසටහනක්! මගේ හිතට ළං වෙච්චි බය මගේ හිතට තට්ටු කරන්න කලියෙන්, ඒ බයට මං කාරණාව පැහැදිලි කළා. බය පැත්තකට අයින් වුණා. දැන් ඉස්සරහට ඇවිත් තියෙන්නෙ ටීචර්ගෙ ප්‍රශ්නෙ... කව්මිණි මොකද පිරිසිදුවට පිළිවෙලට ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ...? ඔය කාරණාව ගැන තොරතුරු අහන්න සුදුසු කෙනෙකු නෙමෙයි මං. ඒ ගැන අහන්න සුදුසු කෙනකු ගැන මං දන්නෙත් නෑ. ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරෙත් මං දන්නෙ නෑ. මාව ඒ ගෙදරට බාර දුන්නෙ, මං මීට ඉස්සරින් හිටිය ගෙදර ලොකු නෝනා. ඒ ලොකු නෝනා මේ ගෙදර රූපිකාට මාසෙකට වතාවක් සල්ලි එවනව. ඒ... මේ රසිකාගෙ රැකුම් බැලුම්වලට මිල! මේ ගෙදර උදවිය, ඒ මිලේ වටිනාකමට රැකුම් බැලුම් කරනවාද කියල සෙවුම් බැලුම් කරන්න, ලොකු නෝනා මෙහාට ආවද කියල නම් මම දැක්කෙත් නෑ. මම දන්නෙත් නෑ. කොහොම වුණත්, ලොකු නෝනා පිළිවෙළට රූපිකාට ඒ මිල ගෙවනවා ඇති. ඒ හින්දනේ මමත් පිරිසුදුවට පිළිවෙළට ඉස්කෝලෙ එන්නෙ. කව්මිණි කාගෙ කවුද, එයාටත් මට වගේ ලොකු නෝන කෙනෙක් ඉන්නවද නැද්ද කියල මං දන්නෙ නෑ. කව්මිණියි මායි දෙන්නම ඉන්නෙ රූපිකාගෙ ගෙදර එච්චරයි! රූපිකා අපේ ඇන්ටි! ඒ ඇන්ටිට අම්මා කියල කතා කරන පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාම ඉස්කෝලෙ යන්නෙත් නෑ. රක්ෂාවල් කරන්නෙත් නෑ. ඒ වුණාට බොහෝම ජයට ඇඳගෙන දුර ගමන් යනවා. ළඟ ගමන් ගියදාට ගෙදර ඇවිත් නාලා, කාලා, ආපහු මහජයට ඇඳගෙන යනවා... යනවා එනවා මිසක් දෙන්නා ගැන ඊට වැඩි දෙයක් මං දන්නෙ නෑ. කව්මිණිගෙ පිරිසුදුකමයි, පිළිවෙළයි ගැනත් මං දන්නෙ නෑ, “කව්මිණී මොකද නිතරම මහකල්පනාවකින් වගේ ඉන්නෙ... ගෙදරදිත් එහෙමද?” ටීචර්ලගෙ ප්‍රශ්න ඉවරයක් නෑ. ප්‍රශ්න එක පිට එක අඩුක් වෙන එක මොළේට හොඳයි. කොහොමත් ටීචර්ලා වැඩිපුරම කරන්නෙ ප්‍රශ්න අහන එකනේ. ඒ ඉතින් අපේම හොඳට තමයි. අපේ මොළේ දියුණු කරන්න. කව්මිණි ඉන්නෙ පහේ පන්තියෙ. මම ඉන්නෙ නවය පන්තියෙ. එක ගෙදරක හිටියට අපි කවුරුත් කාගෙවත් නෙවෙයි. මං වගේම කව්මිණිත් කාගෙ කාගෙ හරි අත්වලින් මාරුවෙලා රූපිකා ළඟට එන්න ඇති. “රසිකාත් බලාගෙන යනකොට කව්මිණී වගේ ම නේ... මොකද ඔයාලට කතා බැරි? කටවල්වලට ඉබි යතුරු දාලද?” මං ඔළුව උස්සල ඒ ගුරු හඬ අයිතිකාරිය දිහා බැලුවා. “මොකද එයා සුදු ගවුම සෝදල මැදල ඇඳගෙන එන්නෙ නැත්තෙ... ඔයා ඔය කිරි සුදට හෝදල මැදල ඇඳගෙන එන්නෙ!” මොනව කියන්නද මං....? කව්මිණිට බැරුව ඇති තනියම ගවුම් සෝදල මැදගන්න. රූපිකා ඇන්ටි ඒව කරල දෙන්නෙ නෑ. එච්චරයි මං දන්නෙ. රූපිකාට වැඩ නැද්ද? උදේට දවාලට කෑම උයන්න. ඊළඟට ඇඳ පැළඳැගෙන කොහේදෝ මොනවටදෝ යන්න... හවස තුන හතරවෙලා තමයි ආපහු එන්නෙ. සමහර දවස්වලට, මං වගේ, කව්මිණී වගේ අපි දෙන්නටමත් වැඩි ලොකු ගෑනු ළමයින් එක්කෙනෙක් දෙන්නෙක් එක්කරගෙන එනවා. ඒ ගොල්ලෙ අපි දෙන්නා වගේ දිගටම නතරවෙලා ඉන්නෙ නෑ. දවස් දෙක තුනකින් කවුරුන් හරි ඇවිල්ලා ඒගොල්ලන්ව එක්කරගෙන යනවා. එහෙමට කට්ටියකට නිදාගන්ට තරම් රූපිකාගෙ ගෙදර ඉඩත් නෑ. කට්ටියම නිදාගන්නෙ ගෙදර ඇතුල් කෑල්ලෙ බිම එක දිගට පැදුරු එළාගෙන. රූපිකාගෙ පුත්තු දෙන්නා බිත්තිය කොනේ. ඊළඟට රූපිකා. ඊළඟට කව්මිණී ඊළඟට මං...! දවසක් දා රෑ නින්දෙන් ඇහැරුණා මට. මොකක් දෝ ගුළියක් කව්මිණි ළඟ. කව්මිණී හීනියට කෙඳිරිගානවා මට ඇහුණා. මං ඉක්මනට ඇස් දෙක පියා ගත්තා. ඒ රෑ එහෙම ඇස් දෙක පියා ගත්තට, මේ දැන් මේ ගුරු නෝනලාගෙ ප්‍රශ්න ඉස්සරහ ඇස් පියාගන්ඩ පුළුවන්යැ...? “ඒ ළමයා පාඩම් වැඩ ගැනත් කිසිම උනන්දුවක් නෑ... අනේ මන්දා... හතේ පන්තියට කොහොම ආවද දෙයියො දනියි....” ඒ කව්මිණිගෙ පන්තියෙ ටීචර්. “ඒක දැනගන්ට දෙයියො ළඟට යන්ට ඕනෙ නෑ ටීචර්... එක්කෙනෙක් නෑර, හැමෝම දෙකෙන් තුනට, තුනෙන් හතරට හතරෙන් පහට හතෙන් අටට අටෙන් නවයට, නවයෙන් දහයට ගිහින්, ගෙදරටම යනවා.... මට එහෙම කියන්ට හිතුණට, කිව්වෙ නෑ...! බයයි! “කෝ ඉතින් අක්කට කිසිම ඕනකමක් නෑනේ නංගිව බලාගන්න.” “අපි මේගොල්ලන්ගෙ අම්මට ඉස්කෝලෙට එන්න කියල යවමු.” “මට බය හිතෙන්නෙ ඒ ළමයා හැමවෙලේම කල්පනා කර කර තනියම ඉන්න එක ගැනයි.” ටීචර්ටත් බයක් දැනිලා.... දෙයියනේ බය හැමතැනම දුවනවද? “මේ රසිකා....” මාත් බය වුණා. බය මං ළඟටත් ඇවිත්. මං වටපිට බැලුවා.... ඒ කව්මිණිගෙ පන්තියෙ ටීචර්. “ඔන්න අපි අද නංගිට යට ගවුමකුයි, සුදු ඇඳුමකුයි ගෙනත් දුන්නා. අනේ හෙට ඉඳලාවත්, ඒව අන්ඳල හොඳට කොණ්ඩෙ පීරලා නංගිව ඉස්කෝලෙට එක්කරගෙන එන්ඩ.” මං කතා නෑ. “නංගිත් එකයි අක්කත් එකයි... බලාගෙන යන කොට දෙන්නටම එකම රෝගෙ...” කව්මිණිගෙ පන්තියෙ ටීචර් අපේ පන්තියෙන් එළියට යන ගමන් කිව්වා. ටීචර්ලා තුන්දෙනාම කව්මිණි ගැනයි මං ගැනයි මොනවදෝ කියව කියව යන්ඩ ගියා. මං මගේ පොත් ගොඩෙන් පොතක් අරගෙන පිටුවක් පෙරළා ගත්තා. “කපුටා හත් දවසක්ම ගිනි අඟුරු ගිල්ලා. හත් දවසක්ම උණුවතුර බිව්වා. හත් දවසක් ම උණුවතුර නෑවා. කපුටාගේ උණ බැස්සා. ඒ වුණාට ඌ කළු පාට වුණා. හොටෙත් කළු වුණා. පිහාටුත් කළු වුණා. කකුලුත් කළු වුණා. ඇසුත් කළු වුණා. බඩගින්න වැඩි වුණා. කට හඬත් රළු වුණා. ඔන්න ඔහොම තමා කපුටා කළු වුණේ.” පොතේ කපුටා කළු වුණු හැටි කතාන්දරය ලියල තිබුණෙ එහෙමයි. මට මතක් වෙනවා කපුටා සහ කේජු කෑල්ල. කපුටා කපටියෙක් ද? ඒක නම් කියන්න බෑ එක පාරටම.. රවීන්ද්‍ර බේබිගෙ අම්මා, ඒ කියන්නෙ ගෙදර ලොකු නෝනා නම් කපටියි. ඒක නම් මට කියන්න පුළුවන් එකපාරටම. “කෙල්ලෙ උඹ හැමදාම ගෙවල්වල වැඩකාරකමටම ඉන්නෙ ඕනෙ නෑ. උඹ ඉස්කෝලෙ පලයන් - මං දන්න කෙනෙක් ඉන්නව. උඹ එහේ නැවතියන්. ගෙදර වැඩ කරන්ට ඕනෙ නෑ ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගනින්. ඒ යන වියදම් මං එවන්නම්...” ලොකු නෝනා ඔය මහා සත්පුරුෂ ගුණේ දක්වලා කතා කෙරුවෙ රවීන්ද්‍ර බේබි මට නිදාගන්ට නොදී කරදර කරපු හතරවැනි දවසෙ. රවීන්ද්‍ර බේබි මට ආදරෙයි. මං දන්නවා. ලොකු නෝනා කපටියි. ඒකත් මං දන්නවා. මාව රූපිකාට බාර දීලා ලොකු නෝනා රවීන්ද්‍ර බේබිව පරෙස්සම් කර ගත්තා. රවීන්ද්‍ර බේබි ඒ පරෙස්සමට උඩින් පැනල කවදහරි මාව බලන්ට ඒවි! ලොකු නෝනා මාව පිටකොටුවෙ බස් පොළෙන් එක්කරගෙන ආවෙත් ඩේසි නැන්දට සල්ලි දීලා. ෙඩ්සි නැන්දත් මගේ කවුරුවත් නෙවෙයි. මං ඩේසි නැන්දත් එක්ක පුංචිම පුංචි කාලෙ ඉඳලා එක එක තැන්වලට ගිහින් පිනට දෙයක් ඉල්ලුවා. අම්මා.... තාත්තා.... ඒ ගොල්ලො කවුද? මං දන්නෙ නෑ ඒගොල්ලො නෑ කියල මට දුක හිතුණෙත් නෑ. ඉතින් ඒ අම්ම තාත්තා කියන අය ගැන දුක හිතෙන්නෙ එහෙම කවුරුහරි කවදාහරි මට හිටියා නම් නේ. එහෙම කවුරුත් හිටියෙ නෑ කවදාවත්. කව්මිණිත්, රූපිකාගෙ ගෙදරට ආවෙ මං වගේ කාගෙ කාගෙ හරි අතින් අතට මාරුවෙලාද කියල මං දන්නෙ නෑ, මං කව්මිණි එක්කවත් ඒ ගෙදර අනිත් අය එක්කවත් අනම් මනම් කතා බහට යන්නෙ නෑ. මගේ කතන්දර එයාලට කියන්නයි, එයාලගෙ කතන්දර මං අහගෙන ඉන්නයි ගියාම හිත්වලට දුක එනවා. දුක ආවාම කවුරු හරි එක්ක ආදරයෙන් ඉන්න හිතෙනවා. එතකොට... එතකොට තවත් රසිකා කෙනකු.... කව්මිණි කෙනකු රූපිකාලගෙ ගෙදරට බාර දීලා... ඒගොල්ලන්ගෙ රැකුම් බැලුම්වලට මිල ගෙවන්න පාරට යන්නයි මට වෙන්නෙ.... මං ඉස්කෝලෙ එන්නෙ ඇයි කියලවත් මං දන්නෙ නෑ. ඉතින් කව්මිණිගෙ ඉස්කෝලෙ ගමන ගැන මං මොනව දන්නවද? රවීන්ද්‍ර බේබි වගේ, රූපිකාගේ කවුරු හරි පුතෙක් කව්මිණීටත් රෑට රෑට කරදර කරන විත්තිය විතරයි මං දන්නෙ. සමහරවිට කව්මිණි ඉස්කෝලෙ එන්නෙ නිදිමතෙන්... තෙහෙට්ටුවෙන් වෙන්ට ඇති. ටීචර්ලා මේ අනම් මනම් ගැන දන්නෙ නැතිව සුදු ගවුමෙ සුදයි පිළිවෙළයි ගැන බලන්ට එනවා. හැබැයි ඔය ටීචර්ලා කව්මිණිට ගවුම් දීලා නම් කරගත්තෙ මහා මහා මෝඩකමක්. හෙට උදේම රූපිකා ඇන්ටි ඉස්කෝලෙ! මොකටද මගේ ළමයට ඇඳුම් අරන් දුන්නෙ...? දීපල්ලකො උත්තර! හැමදාම අපෙන් ප්‍රශ්න අහන ටීචර්ලට උත්තර දීගන්ට බැරි ප්‍රශ්නයක් දීපිකා ඇන්ටි හෙට උදේම අරගෙන එයි. බලමුකෝ හෙට උදේට. “මං ළඟ අවුරුදු අටක් හිටිය කෙල්ලක් තමයි ඔය මිනිමැරුමට අහුවෙලා තියෙන්නෙ. මං ළඟට ගෙනත් ඇරලුවෙත්, ඒකිව විනාශ කරපු මහත්තයගෙ ඔළුව පැලෙන්ඩ පොල්ලකින් ගහපු නිසා. ඒ නෝනා මට ගෙනත් බාර දුන්නා. එතකොට කෙලීට අවුරුදු දහසයයි. ඔය කෙල්ල මගේ ළඟ ඉන්න තුරුම අර නෝනා සල්ලි එව්වා” ඉස්සරහ දිග බංකුව උඩ වාඩිවෙලා පත්තරේ දිග ඇරගෙන හිටිය සිරිවංශට දීපිකා ඇන්ටි විස්තරයක් කිව්වා මට මතකයි. කව්මිණිත් රූපිකා ඇන්ටි ළඟට පාත්වෙන්ට ඇත්තෙ මොකක් හරි අකරතැබ්බයක් හින්දා... කව්මිණිටත් ඔය කවුරු හරි හැංගිලා ඉඳගෙන, සෙවුම් බැලුම්වලට මිල ගෙවනවා ඇති. රූපිකා ඇන්ටි මහපොළොවෙ ගෑවෙන නොගෑවෙන තරමට දිග සායකුයි කොට හැට්ටෙකුයි ඇඳලා කම්මුල්වල රෝස පව්ඩර් ගාලා තොල් දෙකේ රතුපාට ගාලා බූසිය වගේ කොණ්ඩෙ පෝනිටේල් ගැට ගහලා පාරට බැස්සාම, ගෑනු මිනිස්සු පාරෙ අයිනට වෙනවා. රූපිකා ඇන්ටිට කවුරු බය වුණත් එයාගෙ පුතාලා දෙන්නා බය නෑ. රූපිකා ඇන්ටිට ස්වාමි පුරුෂයෙකුත් නෑ. එහෙම කෙනෙක් කවදා හරි එයාට හිටියද කියල කියන්න මං දන්නෙ නෑ. මං හිතන්නෙ රූපිකා ඇන්ටිත් ඒ ගැන දන්නෙ නෑ. කව්මිණි ඊයෙ දවල් ගෙනත් තිබ්බ පොත් ටික එහෙමම උස්සගෙන අද උදේ ඉස්කෝලෙ යනවා. මාත් එහෙමම තමයි. ටීචර්ලා නම් කියනවා ගෙදර ගිහින් පොත් පාඩම් කරන්න කියල. “මොන පොත් පාඩම් කිරිල්ලක් ද ටීචර්... මේ ඉස්කෝලෙ ළමයි වැඩි දෙනෙක් ගෙදර යන්නෙ අනිත් වරුවෙ, මොනවා හරි වැඩක් කරල ගෙදර පවුලෙ වියදමට කීයක් හරි හොයා ගන්න” ප්‍රින්සිපල් මහත්තයා දවසක් දා ටීචර් කෙනකුට කිව්වා. මං හිතන්ෙන එහෙම කියන්න ඇත්තෙ ටීචර්ලත්, ළමයින්ට ඉගැන්නුවෙ නැතුවට කාරි නෑ කියල කියන්ට බැරි කමට වෙන්න ඇති.... කව්මිණි හෙට උදේ ලස්සනට පිළිවෙළට ඉස්කෝලෙට එයි ද? දීපිකා ඇන්ටි දිග සාය බිම අතුල්ල අතුල්ලා ඇවිත් ප්‍රින්සිපල් සර්ගෙ කාමරේ ළඟ හිටගෙන ඉස්කෝලෙටම ඇහෙන්ට හොඳ පද දෙකක් කියල පල්ලම් බහීවිද? ඔය කිසි දෙයක් ගැන වග විස්තර කියන්ට මං දන්නෙ නෑ. කෙටිකථාව ලිවුවේ : කරුණා පෙරේරා FIDEBasic MemberPosts:238 20 Feb 2015 07:23 AM එක එක තැන්වල කොච්චරනම් ලස්සණ කෙටිකථා නම් තියෙනවද, කෙටිකථා ලියන්න බැරිඋනත් කියවවන්න අකමැති කවුද. කියවීමට කැමති සැමදෙනා වෙනුවෙන් FIDE ගේ නොවන කෙටිකථා තීරුව