Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: සමෝසා වෙළෙන්දා Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: සමෝසා වෙළෙන්දා Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review chamaramindMost Senior MemberPosts:13471 03 May 2019 05:31 AM මේදා පාර ඡන්දයක් තිබ්බෝත් Unp කාරයින්ට බැනලා එළව ගන්න්නව දෙන්නේ නෑ කියලා..මන් මේ ඉන්නේ තියනකන් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... isurusamSuper Senior MemberPosts:7342 02 May 2019 09:29 PM Posted By Ind007ka on 02 May 2019 07:30 AM hmmm mehema ayath innawa apith ekka දැන් මෙහෙම අය දකින්න ලැබෙන්නේ කලාතුරකින් . UdariSuper Senior MemberPosts:5555 02 May 2019 08:48 PM අනේ එච්චරම කැපවීමක්, දුකේ බෑ අනේ. මේ ඇත්ත කතාවක්ද අය්ය maduranga001Most Senior MemberPosts:14118 02 May 2019 06:56 PM නියම මහත්වරු ක්‍රෙඩිට් ගන්න බලාගෙන වැඩ කරන්නේ නැහැ. යුද්දෙදිත් එහෙමයි. එතුමාට මේ මුදල ලබා දුන් පුද්ගලයා අනර්ඝයි. අතේ තිබුණේ එච්චරම උනත් කමක් නැහැ. සල්ලි දීල පයින් ගෙදර ගියත් අර දෙපා අහිමි පුද්ගලයාට තරම් අපහසු නැහැ. එතුමා වකුගඩුවෙන් දෙපා වලින් තම යුතුකම් ඉටු කරල තියෙන්නෙ. සමහරු ෆේස්බුක් පෝස්ට් දානවා.. අරයා පව්. මෙයා පව් කියල. ඒ වුනාට තමන්ට කරන්න පුළුවන් අවම දේ වත් කරන්නෙ නැහැ. ඒ අතින් මෙතුමා හොඳ ක්‍රියාවක් කරලා තියෙන්නෙ. දේසපාලුවන්ට කල හැකි අවම දේ වත් කරන්න බැරි වෙලා. ඇත්තටම ඔය 225 ම අපුලයි මට. සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන කැක්කුම දේසපාලුවන්ට කොහෙත්ම නැහැ. රඟපානවා විතරයි. ස්තූතියි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 02 May 2019 02:42 PM එකෙන්ම.....මිහිපිට දෙවියන් දැකපු කෙනෙකුගේ අත්දැකීමක්. DilkiAdvanced MemberPosts:958 02 May 2019 09:30 AM හම්මේ උදෙන්ම හිතට ආව දුක ඒක කියවල. indika76Most Senior MemberPosts:10449 02 May 2019 08:50 AM නෙතට කඳුලක් ඉනුවා. මේ වගේ අය සමාජයේ තවත් ඉන්නවා ඇති... Ind007kaMost Senior MemberPosts:12931 02 May 2019 07:30 AM hmmm mehema ayath innawa apith ekka First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 02 May 2019 06:30 AM පසුගිය දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඇතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිණි. එය එතරම් හොඳ දෙයක් නොවුනත් සංවාදයේ ඈති ගැඹුරු තැන් හිතට කා වැදුන නිසාම සවන් දීගෙන සිටියෙමි. *සල්ලි එවන්න *ඊළඟ බස් එකේ ඩ්‍රයිවර්ට දෙන්න *මම ගුණසිංහපුරෙන් ගන්නම් ඔවැනි වාග් මාලාව නිසාම මම ඔහු හා කුළුපඟවී තොරතුරු විමසුවෙමි. [මේ ඔහුගේ කතාවේ සාරාංශයයි ] මගෙ ගම බදුල්ලෙ මහත්තය, නම සුනිල් හමුදාවෙ ජොබ් 1 කෙරුවෙ. මාවිල් ආරුවෙ ගේම් එකේදි කකුල් දෙකම කෑපුව (මම පුදුමයෙන් ඔහු දිහා බෑලුවෙමි, ලී කකුල් 2ක් ! වාරුවට කිහිලි කරුවක් ) එක වකුගඩුවකට වෙඩි වෑදුන ඩෑමේජ් උනා. ඊට ටික කාලෙකට පස්සෙ මගෙ අප්පච්චිට කුඹුරෙදි මී හරකෙක් ඈනල එයාගෙ වකුගඩු 2ම නෑති උනා. එතනදි මම තීරණය කෙරුව මගෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුව ඉක්මනට අප්පච්චිට දීල එයාව ගොඩ දාන්න. හැබැයි ඒකට අවසර ලැබුණෙ නෑ නීතියෙන්. මට තිබුණේ හොඳ වකුගඩුවකුයි ඩැමේජ් එකකුයි හින්ද. ඒත් මම නඩුවක් දාල උසාවි නියෝගයක් අරගෙන මගේ අප්පච්චිව ගොඩ දැම්ම. ඉස්පිරිතාලෙන් කිව්වෙ මාව මාසෙන් මැරෙයි කියල ඒත් අවුරුද්දක් ගියා. මම තාම ඉන්නවා, හෑබෑයි දැන්නම් මුත්‍රා එක්ක ලේ යනවා. තව මාස කීපයයි තියෙන්නෙ ... "අවුලක් නෑ මහත්තය , මගෙ ගේම මම ෆිනිෂ් කෙරුවා. රටත් ගොඩ දෑම්ම අප්පච්චිවත් හොඳ කෙරුව. ඊට වඩා තව මොනාද? මම වචනයකුදු කතා නොකලෙමි. කතා කර ගන්නට පවා නොහැකි විය. "ඉතින් දෑන් මොකද මෙහෙ කරන්නෙ" සෙමෙන් ඈසුවෙමි., වකුගඩුවෙ ටෙස්ට් වගයක් තියනව කරගන්න ,කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගියා. එතන ඒ ටික කරගන්ඩ ඉල්ලන ගානට තව 2000ක් මදි, පස්සෙ ගමෙන් කතාකරල කිව්ව වත්තල මේ හොස්පිට්ල් එකේ ගාන අඩුයි කියල එතනට ගියා එතන වෑඩිපුර 5000ක් ඉල්ලනව... මේ දැන් ගමට කතා කෙරුව බදුල්ලෙ ඉඳල ගුණසිංහපුර එන බස් එකකට රු,2000ක් ගෙදරින් දුන්න. උදේට ඒක එනවා, ආය කොළඹ ගිහින් වැඩේ කරගෙන යනව ගමේ. ඔහුගේ මුලු කතාවේම එකම කඳුලක් හෝ නොතිබුණි. කතාව පුරාවටම තිබුණේ අව්යාජ් සිනාව පමණකි. ඉතින් හෙට එලිවෙනකන් ඉන්නෙ කොහෙද? මම ඈසුවෙමි. කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකට යනව කකුල් 2 ගලවල දාල බංකුවක ඈල වෙලා ඉන්නව ඔහු සෑහෑල්ලුවෙන් කීය. මම ඔහුට යම් මුදලක් අතට දී අයියෙ ඔයා රෑ වෙනකන් ඉන්නෙ නෑතුව දැන්ම ගිහින් රිපෝට් ටික ගන්න යයි කිවෙමි. මගෙන් මුදල් ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ සිතුවිල්ලක් නොතිබූ ඔහු මට කීවේ මෙපමණකි. මහත්තයට ගොඩක් ස්තූතියි. මේක කරගත්තොත් ඉක්මනට යතෑකි... ඒත් මහත්තයට සල්ලි තියනවද? ඔහු හරි පුදුම මිනිසෙකි.. නැත හෑබෑවින්ම දෙවියෙකි. ඔබත් මමත් අද මේ පොලොව මත පා තබා සිටින්නේ ඔහුට පින් සිදුවෙන්නටය. මම අවසාන වශයෙන් ඔහුගෙන් මෙසේ ඈසුවෙමි. අයියෙ අද රෑ මාත් එක්ක කෑම කමු. ඔහු ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් මට කීවේ හදවත හඬවන තවත් කතාවකි. මට කෑමට ගන්න පුලුවන් එළවලු ජාති 3ක් තම්බල විතරයි. දෑන් මේ නෙස්කෑෆේ එකක් බිව්ව හෙටම මොනව හරි කනව. තෑන්ක්ස් ඔහු ගියේය...... මා බලා සිටියෙමි. මට එක තැනක වැරදුනෙමි... ඒ...මට මහත්මයා යෑයි කී ඒ නියම මහත්මයාට මහාත්මයා යෑයි නොකියා අයියේ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම පමණකි. නමුත් මැරෙන්නට පෙර මෙලොවදීම මා දෙවියන් දෑක්කෙමි...........🙏❤️🇱🇰 උපුටා ගැනීමකි Copied from FB සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ImalkaVeteran MemberPosts:4533 17 Dec 2018 05:19 PM එල ටෝක....මාකටින් මැනේජර් කුක්කට රිදෙන්න දීලා තියෙනවා සමෝසා ව්‍යාපාරික බොසා. මම මේක පොස්ටුව දැක්කේ දැන් නෙව හිටං sha733Super Senior MemberPosts:7332 10 Dec 2018 05:50 PM හරි ලස්සන තේරැම් ගන්න දෙයක් තියෙන කථාවක් indika76Most Senior MemberPosts:10449 20 Nov 2018 10:22 PM Posted By Udari on 20 Nov 2018 07:31 PM ගොඩ එන්න නම් අද කාලෙ බිස්නස් එකක් කරන්නම ඕන........ස්තුතියි සමන්ත අය්ය ලස්සන කතාවට ඒකනම් ඇත්ත නගෝ.. UdariSuper Senior MemberPosts:5555 20 Nov 2018 07:31 PM ගොඩ එන්න නම් අද කාලෙ බිස්නස් එකක් කරන්නම ඕන........ස්තුතියි සමන්ත අය්ය ලස්සන කතාවට maduranga001Most Senior MemberPosts:14118 20 Nov 2018 10:38 AM ටයි කෝට් දා ගත්ත සමහර මහත්තුරු කැමැතියි තමන් හෙන ලොක්කෙක් කියල හිතන්න. ඒකයි අනෙත් රැකියාවන් පහත් කොට සලකන්නෙ. ඒත් එයාලට යන්න පුළුවන් දුර සීමා සහිතයි. හම්බ කරන්න පුළුවන් මුදලත් මාසයක් තුල ඉතා සීමිතයි. නමුත් ව්‍යාපාරිකයෙකුට එහෙම නැහැ. එය ඔහු කැමති ප්‍රමාණයක් දක්වා ඉහළට ගෙනයා හැකියි. තමන්ගේ ශක්ති ප්‍රමාණය මත එය සීමා රහිතයි. දෛනික රැකියාවලින් නික්මී ව්‍යාපාර ආරම්භ කිරීමට මමත් පෙළඹුණේ ඒ නිසයි. මට මතකයි රැකියාව අවුරුදු හතක් කරලත් පළවෙනි ව්‍යාපාරය ආරම්භ කිරීමේදී මගේ අතේ තිබුණේ සොච්චමක් විතරයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ indika76Most Senior MemberPosts:10449 20 Nov 2018 09:30 AM අපි හිතුවේ නැති වුනාට ලොකු පණිවිඩයක් මේ කතාව තුළ තියෙනවා... Ind007kaMost Senior MemberPosts:12931 20 Nov 2018 08:53 AM ඇත්ත තමා කතාව First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... chamaramindMost Senior MemberPosts:13471 20 Nov 2018 07:30 AM නියම කතාවක්...සමෝසා වෙළෙන්දා ගේ හැකියාව අගය කළ යුතුයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... samanthaMost Senior MemberPosts:13190 20 Nov 2018 05:44 AM --- සමෝසා වෙළෙන්දා ------- එක්තරා නගරයක සමෝසා වෙළෙන්දෙක් සිටියේය. ඔහුගේ වෙළෙඳසල පිහිටුවා තිබුණේ විශාල වෙළෙඳ සමාගමක් ඉදිරිපිටය. එහි විකිණූ සමෝසා ඉතා රසවත් වූ අතර පෙර කී සමාගමේ උදවිය දිවා ආහාර විවේකයේ දී පැමිණ සමෝසා මිල දී ගැනීම සාමාන්‍ය සිද්ධියක් විය. දිනක් එහි කළමනාකරුවෙක් වෙළෙඳසලට පැමිණියේය. සමෝසාවක රස බලන අතරේ මුදලාලි හා කතා-බහ කරන්නට ඔහුට සිතිණි. “ඔබතුමා ඉතාමත් හොඳට මේ කඩේ පවත්වාගෙන යනවා. කළමනාකරණය ගැන ගොඩක් හොඳ කුසලතාවක් තියෙන බවත් පේනවා. ඔබට හිතෙන්නේ නැද්ද මේ සමෝසා විකුණ විකුණා ඉඳලා නිකරුණේ ඔබේ හැකියාවන් අපතේ යනවා කියලා? නිකමට හිතලා බලන්න, මං වගේ ලොකු කොම්පැනියක වැඩ කළා නම් ඔබ මෙලාහකට මං වගේ ම කළමනාකරුවෙක් වෙලා තියෙන්න ඉඩ තිබ්බා. නැද්ද මං අහන්නේ?”යි ඇසූ ඔහු තවත් සමෝසා කැබැල්ලක් මුවට ගෙන සපන්නට වීය. සරල සිනාවකින් යුතුව ඔහු දෙස බැලූ සමෝසා වෙළෙන්දාගේ මුවින් මඳ වේලාවකින් අමිල වූ වදන් පෙළක් නික්මෙන්නට විය. “සර්, මට හිතෙන්නේ මගේ වැඩේ ඔබේ වැඩේට වඩා දහස් ගුණයකින් හොඳයි කියලයි. මොකද දන්නවද ඒ? අවුරුදු 10කට ඉස්සෙල්ලා මං සමෝසා වික්කේ දැල් කූඩේක දාගෙන. මං හිතන්නේ ඔබතුමා මේ රස්සාවට එන්න ඇත්තේ ඔය කිට්ටුව වෙන්න ඕනැ. ඒ කාලේ මගේ මාසික ආදායම රුපියල් 1,000යි. ඒත් ඔබ රුපියල් 10,000කට ආසන්න පඩියක් ගන්න ඇති. ගතවුණු අවුරුදු 10ක කාලය තුල අපි දෙන්නා ම සැළකිය යුතු දියුණුවක් ලබලා තියෙනවා කියලා අපි දෙන්නා ම දන්නවානේ. දැන් මට මේ කඩේ තියෙනවා. ඒ වගේ ම මං පළාතේ ම ප්‍රසිද්ධ, හොඳම ‘සමෝසා කාරයා’ වෙලා ඉන්නවා. ඒ වගේ ම ඔබතුමා කළමනාකරුවෙක් වෙලා ඉන්නවා. දැන් ඔබට පඩිය රුපියල් ලක්ෂයක් විතර ඇති මයේ හිතේ. මාත් ඒ මුදල හොයනවා. සමහරවිට ඊටත් වඩා. මට තවදුරටත් විශ්වාසෙන් ම කියන්න පුළුවන් ඔබේ රස්සාවට වඩා මගේ රස්සාව හොඳයි කියලා. ඒ මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතද්දි. ඇයි පුදුම වෙලා…, මට විස්තර කරන්න ඉඩ දෙන්නකෝ. හොඳට අහගන්න මං මේ කියන දේ. මං මේක පටන් ගත්තේ අන්තිම අඩියෙන්. හැබැයි මගේ පුතාට ඒ තත්ත්වෙට පත්වෙන්න සිදුවන්නේ නැහැ. ඉස්සරහ දවසකදි මගේ පුතාට මේ බිස්නස් එක අයිති වෙනවා. එයාට බිංදුවෙන් පටන්ගන්න දෙයක් නැහැ. එයාට කවදාහරි අයිතිවන්නේ සම්පූර්ණයෙන්, ඉතාමත් හොඳින් ගොඩනගපු ව්‍යාපාරයක්. නමුත් ඔබේ පැත්තෙන් බැලුවහම ඒ අවස්ථාව හිමිවන්නේ ඔබේ බොස්ගේ දරුවන්ට. ඔබේ දරුවන්ට නෙමෙයි. ඔබට කවදාවත් ඔබේ තනතුර දුවකටවත් පුතෙකුටවත් දෙන්න බැහැ. එයාලා බිංදුවේ ඉඳන් පටන් ගන්න ඕනැ. සමහරවිට ඔබ අවුරුදු 10කට පෙර හිටපු තත්ත්වයෙන් ම ඔබේ දරුවන්ටත් පටන් ගන්න සිද්ධ වෙයි. එතකොට ඔබ විඳි දේ ම ඒ අයටත් උරුම වෙනවා. මගේ පුතාට මං දැනටමත් දැනුම ලබා දෙමින් ඉන්නේ. ඔහු යම් දවසක මං නවතන තැනින් පටන් ගනියි. ඔබේ දරුවන් යම් දවසක කළමනාකරුවන් වත්දී මගේ පුතා තව තවත් බොහෝ දුර ගිහින් ඉඳිවි. දැන් මහත්තයෝ මට කියන්න, අපි දෙන්නාගෙන් කවුද හැකියාවත් කාලයත් නාස්ති කරමින් ඉන්නේ?” කළමනාකරුවා සමෝසා දෙකක මිල වූ රුපියල් 50ක මුදල වෙළෙන්දා අත තබා නිහඬ වතින් යුතුව පිටව ගියේය. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 11 Nov 2018 11:42 AM Posted By samantha on 09 Nov 2018 06:21 AM දිනක් මනෝ වෛද්‍යවරියක් විවාහක කාන්තාවන් පිරිසකට දේශනයක් පැවැත්වූවා. ඇගේ මාතෘකාව උනේ යහපත් පවුල් ජීවිතයක් ගතකරන අන්දමයි. විවිධාකාර උදාහරණ භාවිත කරමින් ඇය කාන්තාවන්ට පැහැදිලිකිරීම් කලා. විවාහ වී කල්ගතවන විට බැදීම් පලුදුවන ආකාරය ඇය පැහැදිලි කලා. දරුවන්ගේ වගකීම් සමග සැමියා පිලිබඳව සැලකිල්ල හීනවන ආකාරය ඇය පැහැදිලි කලා. තම රූපය පිලිබඳව කාන්තාවන්ගේ අවධානය විවාහ වී කල්ගතවත්ම අඩුවන ආකාරය ඇය පැහැදිලි කලා. සැමියා පිලිබඳව ආදරයෙන් සොයාබලන ආකාරය ඇය පැහැදිලි කලා. නිදියහනේ දී සැමියාගේ උනන්දුව වැඩිකර ආකර්ෂණය ලබාගන්නා ආකාරය ඇය පැහැදිලි කලා. මේ අයුරින් බොහෝ කරුනු ඇය පැහැදිලි කලා. පසුව දේශනයට සහභාගී වූ කාන්තාවන් වෙත ඇය පැනයක් ඉදිරිපත් කලා. "දැන් මට කියන්න, ඔබ අවසාන වතාවට ඔබේ සැමියට ආදරෙයි කියල කීවෙ කවද්ද?" විවිධාකාර පිලිතුරු ඇය වෙත ලැබුනා. මේ එයින් කිහිපයක්. 1."අද උදේ දේශනයට එන්න කලින්" 2."ඊයෙ රෑ නිදාගන්න ලෑස්තිවෙලා" 3."ඊයෙ උදේ එයා වැඩට යන්න හදද්දි" 4."එයාගෙ උපන්දිනේට විශ් කරපු වෙලේ" 5."එයා මාව අන්තිමටම ඩිනර් එකකට එක්ක ගිය දවසෙ රෑ" 6."එයා මගෙ උපන්දිනේට මාලයක් අරන් දුන්නු වෙලේ" 7."ගිය අවුරුද්දෙ" 8."මතක නැහැ" මේ පිළිතුරු සියල්ල මනෝවෛද්‍යවරිය සාවදානව අසා සිටියා. ඉන්පසුව ඇය නැවතත් දේශනය ආරම්භ කලා "දැන් ඔබම මොහොතක් සිතන්න, ඔබ ගැන ඔබටම සතුටුවිය හැකිද? මට හැගෙන ආකාරයට ඔබ සියලුදෙනාගේම පවුල් ජීවිත තියෙන්නෙ ඉතාමත් අවධානම් සහගත තත්වයක." "මීට වඩා ඔබ ඔබගේ පවුල් ජීවිතය පිලිබඳව සැලකිලිමත් විය යුතුයි. එකිනෙකාට සමීප විය යුතුයි. සොයාබැලිය යුතුයි." කාන්තාවන් සියලුම දෙනාගේ අවධානය ඇය වෙත යොමුව තිබුනා. මනෝවෛද්‍යවරිය දිගටම කතාකලා. "අද සිට ඔබ නැවතත් මුල සිට පටන් ගත යුතුයි. මම කියලදෙන්නම් ඔබ ඒක කරන්න ඕනෙ කොහොමද කියල." කාන්තාවන් සියලුදෙනාම ඉතා උනන්දුවෙන් ඇය දෙස බලා සිටියා. "දැන් අපි පුංචි ක්‍රියාකාරකමක් කරමු. ගන්න ඔබගේ ජංගම දුරකතනය ඔබේ අතට. අරගෙන මම මේ කියන දෙය කෙටි පනිවිඩයක් ලෙස ඔබේ සැමියාට යවන්න." "මම ඔයාට ගොඩක් ආදරෙයි බබා, ඉක්මනට එන්න අද, මට පාලුයි" කාන්තාවන් සියලුමදෙනා මනෝවෛද්‍යවරිය කියූ ආකාරයට කෙටි පනිවිඩ සැමියන් වෙත යොමුකලා. ඉන්පසුව ඇය මෙසේ පැවසූවා. දැන් අපි මොහොතක් ඉවසල බලමු ඔවුන්ගේ ප්‍රතිචාර කොයිවගේද කියල. "ට්‍රීන් ට්‍රීන්" "ක්වෑක් ක්වෑක්" "ටිං ටොං ටිං" පිළිතුරු කෙටි පණිවිඩ ඔවුන් වෙත ලැබුනා. කාන්තාවන් කිහිපදෙනෙකුට ලැබුනු කෙටි පිලිතුරු මෙසේයි. 1."තමුසෙට පිස්සු හැදීගෙන එනවද ඕයි මේ මහ දවල්" 2."හා හා බටර් ගාන්න ඕනෙ නෑ, රෑට උයල තියනව එනකොට, හැමදාම හෝටල් ගානෙ රිංගන්න සල්ලි ගස්වලින් කඩන්නෙ නෑ" 3."ඇයි අදත් තමුසෙලගෙ අම්ම සල්ලි ඉල්ලුවද? පූරුවෙ පවකට තමුසෙටම කරගැහුවනෙ අම්මප" 4."ගිය සතියෙ නේද සැලුන් ගියෙ, මේ හදිස්සියෙ ආයෙ මොකටද සැලුන් යන්න හදන්නෙ" 5."උඹ ආයෙත් කාර් එක හප්ප ගත්තද ගෑනියෙ, මේ පාර ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන එකකුත් නෑ" 6."ඇයි ඊයෙ අහද්දි ඔයා මෙන්සස් කීව නේද?" 7."මොකාටද මේක යැව්වෙ කියල දැම්මම කියපං, හොදින් අහන්නෙ, අද ගෙදර ඇවිත් තෝවත් මරාගෙන මමත් මැරෙනව. මාව යකා නොකර කියපං තෝ මේක යැව්වෙ අර කඩේ එකාට නේද" අටවැනි පිළිතුර මේ සියල්ල අභිබවා ගොස් තිබුනි. 8."මොකාද යකෝ මේ, මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මාව මරන් කනව" දේශනය එතනින් සමාප්ත විය. ................................................................. සියල්ල අවසානයේ ඔබේ පවුල් ජීවිතය ඇත්තේ මින් කොතනද යන්න සිතන්නට අමතක කරන්න එපා. විවාහය අමු අඹයක් වැනිය. කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි... උපුටාගැනීමකි... මේක නම් නියමයි.. ඒත් මේක තමයි ඇත්ත... UdariSuper Senior MemberPosts:5555 09 Nov 2018 07:03 PM Posted By Ind007ka on 09 Nov 2018 06:54 AM කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි.. නෑ අනේ...බලා ඉන්න අපේත් දත් හිරි වැටෙනෝ sha733Super Senior MemberPosts:7332 09 Nov 2018 03:42 PM 8."මොකාද යකෝ මේ, මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මාව මරන් කනව" මේක තමා මරු රිප්ලයි එක chamaramindMost Senior MemberPosts:13471 09 Nov 2018 08:01 AM ස්තුතියි අයියේ මේ කතාවට ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... Ind007kaMost Senior MemberPosts:12931 09 Nov 2018 06:54 AM කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි.. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 09 Nov 2018 06:21 AM දිනක් මනෝ වෛද්‍යවරියක් විවාහක කාන්තාවන් පිරිසකට දේශනයක් පැවැත්වූවා. ඇගේ මාතෘකාව උනේ යහපත් පවුල් ජීවිතයක් ගතකරන අන්දමයි. විවිධාකාර උදාහරණ භාවිත කරමින් ඇය කාන්තාවන්ට පැහැදිලිකිරීම් කලා. විවාහ වී කල්ගතවන විට බැදීම් පලුදුවන ආකාරය ඇය පැහැදිලි කලා. දරුවන්ගේ වගකීම් සමග සැමියා පිලිබඳව සැලකිල්ල හීනවන ආකාරය ඇය පැහැදිලි කලා. තම රූපය පිලිබඳව කාන්තාවන්ගේ අවධානය විවාහ වී කල්ගතවත්ම අඩුවන ආකාරය ඇය පැහැදිලි කලා. සැමියා පිලිබඳව ආදරයෙන් සොයාබලන ආකාරය ඇය පැහැදිලි කලා. නිදියහනේ දී සැමියාගේ උනන්දුව වැඩිකර ආකර්ෂණය ලබාගන්නා ආකාරය ඇය පැහැදිලි කලා. මේ අයුරින් බොහෝ කරුනු ඇය පැහැදිලි කලා. පසුව දේශනයට සහභාගී වූ කාන්තාවන් වෙත ඇය පැනයක් ඉදිරිපත් කලා. "දැන් මට කියන්න, ඔබ අවසාන වතාවට ඔබේ සැමියට ආදරෙයි කියල කීවෙ කවද්ද?" විවිධාකාර පිලිතුරු ඇය වෙත ලැබුනා. මේ එයින් කිහිපයක්. 1."අද උදේ දේශනයට එන්න කලින්" 2."ඊයෙ රෑ නිදාගන්න ලෑස්තිවෙලා" 3."ඊයෙ උදේ එයා වැඩට යන්න හදද්දි" 4."එයාගෙ උපන්දිනේට විශ් කරපු වෙලේ" 5."එයා මාව අන්තිමටම ඩිනර් එකකට එක්ක ගිය දවසෙ රෑ" 6."එයා මගෙ උපන්දිනේට මාලයක් අරන් දුන්නු වෙලේ" 7."ගිය අවුරුද්දෙ" 8."මතක නැහැ" මේ පිළිතුරු සියල්ල මනෝවෛද්‍යවරිය සාවදානව අසා සිටියා. ඉන්පසුව ඇය නැවතත් දේශනය ආරම්භ කලා "දැන් ඔබම මොහොතක් සිතන්න, ඔබ ගැන ඔබටම සතුටුවිය හැකිද? මට හැගෙන ආකාරයට ඔබ සියලුදෙනාගේම පවුල් ජීවිත තියෙන්නෙ ඉතාමත් අවධානම් සහගත තත්වයක." "මීට වඩා ඔබ ඔබගේ පවුල් ජීවිතය පිලිබඳව සැලකිලිමත් විය යුතුයි. එකිනෙකාට සමීප විය යුතුයි. සොයාබැලිය යුතුයි." කාන්තාවන් සියලුම දෙනාගේ අවධානය ඇය වෙත යොමුව තිබුනා. මනෝවෛද්‍යවරිය දිගටම කතාකලා. "අද සිට ඔබ නැවතත් මුල සිට පටන් ගත යුතුයි. මම කියලදෙන්නම් ඔබ ඒක කරන්න ඕනෙ කොහොමද කියල." කාන්තාවන් සියලුදෙනාම ඉතා උනන්දුවෙන් ඇය දෙස බලා සිටියා. "දැන් අපි පුංචි ක්‍රියාකාරකමක් කරමු. ගන්න ඔබගේ ජංගම දුරකතනය ඔබේ අතට. අරගෙන මම මේ කියන දෙය කෙටි පනිවිඩයක් ලෙස ඔබේ සැමියාට යවන්න." "මම ඔයාට ගොඩක් ආදරෙයි බබා, ඉක්මනට එන්න අද, මට පාලුයි" කාන්තාවන් සියලුමදෙනා මනෝවෛද්‍යවරිය කියූ ආකාරයට කෙටි පනිවිඩ සැමියන් වෙත යොමුකලා. ඉන්පසුව ඇය මෙසේ පැවසූවා. දැන් අපි මොහොතක් ඉවසල බලමු ඔවුන්ගේ ප්‍රතිචාර කොයිවගේද කියල. "ට්‍රීන් ට්‍රීන්" "ක්වෑක් ක්වෑක්" "ටිං ටොං ටිං" පිළිතුරු කෙටි පණිවිඩ ඔවුන් වෙත ලැබුනා. කාන්තාවන් කිහිපදෙනෙකුට ලැබුනු කෙටි පිලිතුරු මෙසේයි. 1."තමුසෙට පිස්සු හැදීගෙන එනවද ඕයි මේ මහ දවල්" 2."හා හා බටර් ගාන්න ඕනෙ නෑ, රෑට උයල තියනව එනකොට, හැමදාම හෝටල් ගානෙ රිංගන්න සල්ලි ගස්වලින් කඩන්නෙ නෑ" 3."ඇයි අදත් තමුසෙලගෙ අම්ම සල්ලි ඉල්ලුවද? පූරුවෙ පවකට තමුසෙටම කරගැහුවනෙ අම්මප" 4."ගිය සතියෙ නේද සැලුන් ගියෙ, මේ හදිස්සියෙ ආයෙ මොකටද සැලුන් යන්න හදන්නෙ" 5."උඹ ආයෙත් කාර් එක හප්ප ගත්තද ගෑනියෙ, මේ පාර ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන එකකුත් නෑ" 6."ඇයි ඊයෙ අහද්දි ඔයා මෙන්සස් කීව නේද?" 7."මොකාටද මේක යැව්වෙ කියල දැම්මම කියපං, හොදින් අහන්නෙ, අද ගෙදර ඇවිත් තෝවත් මරාගෙන මමත් මැරෙනව. මාව යකා නොකර කියපං තෝ මේක යැව්වෙ අර කඩේ එකාට නේද" අටවැනි පිළිතුර මේ සියල්ල අභිබවා ගොස් තිබුනි. 8."මොකාද යකෝ මේ, මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මාව මරන් කනව" දේශනය එතනින් සමාප්ත විය. ................................................................. සියල්ල අවසානයේ ඔබේ පවුල් ජීවිතය ඇත්තේ මින් කොතනද යන්න සිතන්නට අමතක කරන්න එපා. විවාහය අමු අඹයක් වැනිය. කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි... උපුටාගැනීමකි... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! sha733Super Senior MemberPosts:7332 05 Nov 2018 05:39 PM Posted By samantha on 04 Nov 2018 05:49 AM තාත්තා ගැන ලියපු එකම රචනාව. මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි. මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ. ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ... අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ. මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා. ඇයි මං ආස නෑ පුතේ... මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා. හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය. ඇස්වලට කදුලු එනවා කියවද්දි තාත්තෙක් වෙන්න ඕනෙ මේ දේට සංවේදී වෙන්න හුගක් තාත්තල මේ තරම්ම නොවුනත් බොහෝ දුරට මේ හා සමානයි UdariSuper Senior MemberPosts:5555 05 Nov 2018 01:05 AM Posted By samantha on 04 Nov 2018 05:49 AM තාත්තා ගැන ලියපු එකම රචනාව. මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි. මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ. ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ... අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ. මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා. ඇයි මං ආස නෑ පුතේ... මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා. හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය. තාත්තලා ගැන ගුණ කියවෙනව මදි වගේ තමා.... samanthaMost Senior MemberPosts:13190 04 Nov 2018 08:13 AM මම මේ දැන් ගෙදර ආවේ පිලිකා රෝහලට උදෑසන දානය දෙන්න ගිහින්.. අද මම හිටියේ ලමා වාට්ටු වල.. අනේ අපොයි.. එහෙම දුකක්.. එක්තරා අම්මා කෙනෙක් පැවසුවේ ත්‍රිකුණාමලයේ සිට පැමිණි ඇය දැනට වසර 15 ඇය දරුවා සමඟ මෙතන ඉන්නවා කියලා. තව එක අම්මා කෙනෙක් පැවසුවේ මොකටද මහත්තයෝ මගේ දරුවට සෙල්ලම් බඩු. එයාට සෙල්ලම් කරන්න බැහැ.. එයාට ජීවිතය තියෙන්නේ තව ටික දවසයි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! chamaramindMost Senior MemberPosts:13471 04 Nov 2018 07:10 AM Posted By samantha on 04 Nov 2018 05:49 AM තාත්තා ගැන ලියපු එකම රචනාව. මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. මේ වගේ අය ඉන්නවා සමහර අය..ඒ අයත් එක්ක ආශ්‍රය කරොත් ඉතිං කැම්මැලිකම,කොහේවත් යන්නේ හිතෙන්නේ නෑ...එපා වෙනවා දියුණු වෙන්නම අදහසකුත් නෑ..ඒක අත් දැකීමෙන් කියන්න පුලුවන් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... samanthaMost Senior MemberPosts:13190 04 Nov 2018 05:49 AM තාත්තා ගැන ලියපු එකම රචනාව. මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි. මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ. ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ... අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ. මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා. ඇයි මං ආස නෑ පුතේ... මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා. හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 03 Nov 2018 11:15 PM මේ වගේ අත්දැකීමක් මගේ හිතවතුන් කිහිප දෙනෙකුගේම ළමයින්ට ඇති වුනා. හරිම කණගාටුදායකයි මේ තත්ත්වය. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ UdariSuper Senior MemberPosts:5555 01 Nov 2018 09:20 PM අනේ.....මෙච්චරම දුකක් සඟවගෙන හිනාවෙන එක කොච්චර අපහසු දෙයක්ද......... Ind007kaMost Senior MemberPosts:12931 31 Oct 2018 06:47 AM හුම්ම්ම් ...දුකේ බැ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 31 Oct 2018 05:56 AM පිළිකා රෝහල අසල ජීවත් වෙන නිසා මට මේ වගේ අත්දැකීම් රාශියක් දැක ගන්න ලැබෙනවා.. මීට අමතරව ඉතා ලස්සණ හුරු බුහුටි කුඩා දරුවන් පවා මේ අවස්ථාවට මුහුණ දෙනවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! chamaramindMost Senior MemberPosts:13471 31 Oct 2018 05:44 AM අනේ දුක හිතෙන කථාවක්..හරිම ලස්සනයි පිළිකාව සුව කරන්න පුළුවන් නම් කොච්චර හොදද.. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... samanthaMost Senior MemberPosts:13190 31 Oct 2018 05:26 AM එදා මන් අම්මා එක්ක බෙහෙත් ගන්න ගියෙ.. පුන්චි හීසේ කැක්කුමකට.. ඒත් ඩොක්ටර් මගෙ අසනීප අහලා.. මොන මොනාදෝ ලියලා.. අම්මා අතට දුන්නා.. "පුතේ පරීක්ෂණ වගයක් කරන්නලු.." අම්මා කියුවෙ හූල්ලලා.. "එච්චර කොහෙන්ද හාමිනේ..". "එහෙමයි කියලා නිකන් ඉන්න පුළුවන්ද..?" "හරි මන් හෙට මුදලාලිව හම්බ වෙන්නම්.." අම්මගෙයි අප්පච්චිගෙයි කුටු කුටුව හෙමිට ඇහුනා.. "ඇයි අම්මා.." පරීක්ෂණ වල රිපෝට් අහපු දවසෙ අම්මගෙ මූණ දැකලා මන් ඇහුවා.. "මුකුත් නෑ රත්තරනෙ..".. අම්මා කියුවෙ හිස අත ගාලා.. ඒත් මොකක්දෝ වෙනසක් දැනුනා.. "අක්කා.." හැමදාම ඇවිත් රණ්ඩු කරන මල්ලි. ලගට ඇවිත් කතා කලේ ඇස් වල කදුලු පුරවන්.. "මොකෝ මැට්ටො.." "මුකුත් නෑ.. ආ ඔයාට.. "බූන්දි ... අප්පච්චි ගෙනාවෙ.. "මට එපා ඔයා කන්න.." "පෙරේතයා මොකෝ අද.." "මට එපා සුදු.." ඒකා මට සුදු කියුව පළවෙනි පාරද මන්දා.. "මැණිකෙ බෙහෙත් ටික බොමු.." "අනේ.. අසනීපයක් නැත්නම් ඇයි බෙහෙත්.." "ඔය තියන පොඩි පොඩි අසනීප අඩු වෙන්න මැණිකෙ.." අම්මා හැට්ට කොණෙන් ඇස් මාත්තු කලා.. "අම්මා.. ඒ බෙහෙත් බිව්වම ඇගට අමාරුයි.." "දන්නවා වස්තුවේ.. ඒත් නොබී බෑනෙ.." "සුදූ.." ඒ මල්ලි.. "හෙට ගියාම ආයෙ එන්නෙ කවද්ද..?" "හෙට කොහෙද යන්නෙ..?" "මැණිකෙ දොස්තර මහත්තයා කියුවා ඉස්පිරිතාලෙ නවතින්න කියලා.." "ඇයි..?" "පොඩි බේත් වගයක් විදින්න.." මල්ලි , අප්පච්චි හැමෝම කදුලු පුරවන්.. මන් ඉස්පිරිතාලෙ ගියෙ කැමැත්තෙන්නම් නෙමේ... "අනේ මිස් රිදෙනවා..". "ලොකු කටුවක් නොදා බෑනෙ දරුවො. ඔයාට ගොඩක් බෙහෙත් විදින්න ඕනි.." මිසී කියුවෙ මන් දිහා අනුකම්පාවෙන් බලලා.. "තාම අවුරුදු දහාඅටයිලු..පව්..". එහා ඇදේ කවුද කතා උනේ මන් ගැන.. මට මොකක් හරි ලොකු අසනීපයක්නම්.තියේ..මන් ඒක දන්නවා.. දවසට බෝතල් ගනන් විදින බෙහෙත් වලට ඇග වෙව්ලනවා..වමනෙට එනවා.. කන්න බෑ.. අප්පිරියයි.. හම වේලිලා.. ඒ අස්සෙ මාව ගෙනියනවා කරන්ට් එක අල්ලන්න . මට පිළිකාවක්ලු.. මන් ඒක අහා ගත්තෙ මිසි කෙනෙක්ගෙන්.. එයා ඒක කියුවෙත් එව් ඇස් වල කදුලු හන්ගන්... දිගට තිබ්බ කොණ්ඩෙ කඩලා මන් පීරන්න ගත්තා.. "අම්මා" මන් කෑ ගැහුවෙ බය වෙලා.. කොණ්ඩෙ අහුරු පිටින් පනාවෙ.. "අම්මෙ මේ.." "බෙහෙත් විදලා ඉවර උනාම හරියනවලු රත්තරනෙ.." අම්මා කියුවෙ ඇස් හන්ගගෙන.. මන් ටික දවසකට ගෙදර ආවා.. "මල්ලි..කෝ මේ අල්මාරියේ කණ්නාඩිය.." "මන් ඒක ගලවලා මගෙ කාමරෙට ගෙනවා.." ඒ මල්ලි.. "මන් ඒ කාමරෙට ගියා.." "මල්ලී...අම්මා...අප්පච්චි ..." මන් කෑ ගැහුවා.. ඔව්.. මන් කෑ ගැහුවා.. මන් බය උනා.. මගෙම රූපෙට.. තට්ටෙ පෑදුන හිස.. ගිලා බැහැපු ඇස්.. රැලි ගැහුන හම.. කෝ කෝ අර හිටපු ලස්සන කෙල්ල.. "අනේ .. මට මැරෙන්න ඕනි..අම්මා.. මල්ලි මට මැරෙන්න ඕනි.. මට බයයි.." මන් කෑ ගහලා ඇඩුවා.. "අක්කා.." මල්ලි මාව බදා ගත්තා.. "මොනාද අක්කා කියන්නෙ.. ඔයා විතරනෙ මට ඉන්නෙ..ඔයා මැරුනම මන් තනි වෙනවනෙ..". මගෙ දගයා මාව බදන් අඩනවා.. "අනේ මැණිකෙ මොනාද මේ කියවන්නෙ.." කවදාවත් අඩපු නැති අප්පච්චි මාව බදා ගත්තා.. "රත්තරනෙ.. අනේ.. අපි මේ හැම දේම කරන්නෙ ඔයාව සනීප කරන්නනෙ.." අපි හතර දෙනාම බදාගෙන ගොඩක් ඇඩුවා..මහා ගොඩක්..ඇයි දෙවියො මෙහෙම් කලෙ... මන් ඇහුවා.. "සිරිදාස ගේ සින්න වෙන්න ලගයි." මුදලාලි කියව්ව ඇහුනා.. "මගෙ බෙහෙත් වලට ගොඩක් වියදම්ලු...අම්මලා අප්පච්චිලා රට වටේ ණට වෙලා.." මගෙ යාළුවො මාව බලන්න එනවලු.. මන් මොකද කරන්නෙ .. මේම "ඒත් මන් නිසා අනිත් අය අඩන්න බෑ.." එයාලා ඇවිත් ගියා.. එයාලා දුකින් .. මන් එයාලට පේන්න හයියෙන් හිනා උනා.. මන් ඒම හින වෙන්න ඉගන ගත්තෙ මහරගම අපේක්ෂා රෝහලෙන් බෙහෙත් ගත්ත දවසෙ ඉදන්.. එහෙ මන් වගේ දහස් ගානක් ඉන්නවා.. මේම ඉන්නෙ මන් විතරක් නෙමේ.. "ඔව්..මට ජීවත් වෙන්න පොඩ්ඩ දවසයි ඇත්තෙ.. කමක් නෑ.." ඒ ටික දවසෙ මගෙ අම්මා තාත්තා මල්ලි සතුටින් ඉන්න් ඕනි.. මන් මූණ සෝදා ගත්තා.. මගෙ මල් වැටින ලස්සන ගවුමක් ඇන්දා.. පවුඩර් ටිකක් මූණට දැම්මා මන් ගේ ඉස්සරහට වෙලා වාඩි වෙලා හිටියා.. "මැණිකෙට සනීප පාටයි.." අම්මා කියුවෙ හිනා වෙලා..මන් කාලෙකට පස්සෙ ඒ හිනාව් දැක්කා... "අක්කා.. බෙහෙත් බිව්වද..?" "ම්ම්ම් බිව්වා.." "හැමදාම ඔහොම හිනා වෙයන් සුදූ.." මල්ලි කියුවෙ ඔලුව අත ගාලා.. ඔව්.. . මන් මරණය පෙනි පෙනි හිනා වෙනවා..අපි කවදා හිටියත් මැරෙනවනෙ..ඉතින්..ඒ ටික කාලෙට ඇයි දුකින්.. මන් හිනා වෙනවා.. මගෙ අය වෙනුවෙන් හිනා වෙනවා.. දෙවියො මට වැඩි පුර ආදරේ ඇති..ඒකයි මාව ඉක්මනින් එයා ලගට ගන්න හදනෙ.. කමක් නෑ.. ඒ වෙනකන් මන් සතුටින් ඉන්නෙ.. දුකයි තමයි... ඒත් ලෙඩක් කියන්නෙ අපිට වලක්වන්න බෑ.. ඒ ලෙඩේ ගැනලා දුල් වෙනවට වඩා එක දවසක් සතුටින් ඉමු.. ඒමත් නැත්නම්.. එහෙම අයව එක දවසක් හරි සතුටින් තියමු.. හැම දවසක්ම එයාලගෙ ජීවිතේ ලස්සනම දවස කරමු.. ඔයා ලෑස්තිද.. මන් නම්.ලෑස්ති .. සත්‍ය කථාවක් ඇසුරින් නිර්මාණය කරන ලදි අහින්සා පැහැසරණි 2018.10.29 සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 15 Oct 2018 07:29 AM රටේ මධ්‍යම පෙදෙසේ වෙසෙන සමහර ජනතාව ගොඩක් සිටිනවා තවම මුහුද දැකලා නැති.. මම මාතලේ ගිය අවස්ථාවක අවුරුදු 70 විතර ආච්චි කෙනෙක් පැවසූවේ කවදාවත් සැබෑවට මුහුද දැකලා නෑ කියලා... samanthaMost Senior MemberPosts:13190 15 Oct 2018 07:23 AM අපි කොළඹත් දැක්කා මුහුදත් දැක්කා රස කෑමත් කෑවා නිතර අසා පුරුදු සුන්දර ගීතයක තාලයක් ගෝල්ෆේස් හෝටලයේ ඇතුළත ශාලාවක වාදනය වෙයි. එතැනට රැස්ව සිටි දූ පුතුන් සමූහයක් ඒ මනරම් ගී තනු වාදනය අසා සිටියේ සමවැදුණාක් මෙනි. ආදරය අහිමි ව ගිය ඒ අහිංසක සිත්වලට එක්දිනක හෝ සෙනෙහස පුදන්නනට සැරසෙන මොහොතකි ඒ. කොළඹ නගරයට අනෝරා වැසි වැටෙමින් පැවැති ඒ මොහොතේ වැස්ස පවා මදක් තුරල් කරමින් සහනයක් දුන්නේ මේ කරන්නට යන සද්කාර්යට ආශිර්වාදයක් වෙමිනි. රාත්‍රියේ කොළොම් තොට පුරා දැල්වෙන දස දහස් ගණනක් වන විදුලි බුබුළු මෙන්ම ගෝල්ෆේස් පිටිය හරහා ඇදී එන මුහුදු සුළඟ ද ගතට එක් කළේ සුවයකි. දහසකුත් එකක් හැලහැප්පිලිවලට මුහුණ දී විඩාවෙන් සිටි ඒ පුංචි ජීවිතවලට කොළඹ ආ මේ ගමන අලුත්ම අත්දැකීමක් වූවා නිසැකය. ජීවිතයට නැවුම් අත්දැකීමක් එක් කරන්නට විය. එතැන සිටි දරුවන්ගෙන් බොහෝ දෙනකුට මව්පිය සෙනෙහස අහිමිය. ඉටු කර ගන්නට මහා බලාපොරොත්තු ගොන්නක්ද ඔවුනට නැත. එහෙත් එදා දිනයේ ඔවුන් කොළඹය පැමිණියේ හදවත්හි සතුට පුරවා ගෙනය. එතැන සිටි දරුවන් අතරින් බොහොමයක් ජීවිතයේ පළමු වරට කොළඹට පය ගැසූ දිනය වූයේ එදිනය. “අපි ඉස්සෙල්ලාම කොළඹ ආවේ අදයි. කොළඹ දැක්කෙත් අදයි. කොළඹ ගොඩාක් රස කෑම ජාති තියෙනවා. කවදාවත් කාපු නැති රසම රස කෑම ජාති ගොඩාක් මේ මාමලා නැන්දලා දුන්නා . ටිකක් නොවෙයි ගොඩාක්ම සතුටුයි” එසේ පැවසුවේ චලනිය. “අපි ප්ලේන් එකේත් ගියා. ගොඩාක් සතුටුයි” උඩින් යනවා දැක මිස කිසිදා ගුවන් යානාවක් අහලකටවත් ගොස් නැති ඔවුන්ට ගුවන් යානයක් යනු අරුම පුදුම දෙයකි. ඉමේෂ්ට කතා කිරීමට නොහැකි වුවත් ඔහු තම සිතේ ඇති දේ හස්ත සංඥාවෙන් අපට පවසන්නේය. චලනි හා ඉමේෂ් වැනි මේ පුංචි පැටවු රොත්ත පසුගියදා සිළුමිණ අපට හමුවූයේ ළමා දිනය සංකේතවත් කරමින් ජීවිතයේ මුල්වරට ඔවුන් කොළඹට කැටුව පැමිණි ගමනේදීය. ඒ කොළඹ දැකගන්නට පමණක් නොව ඔවුන්ගේ ජීවිතයේ පොතපතින් පමණක් දුටු වරාය, මුහුද හා ගුවන්තොටුපළ සියැසින් දැකගත් අවස්ථාවේය.මේ දරුවන්ට ඒ දුර්ලභ අවස්ථාව හිමිකර දුන්නේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ මාමලා නැන්දලා ය. එදා පැමිණි ගමනට වීදි දරුවන් සඳහා අපේ රටේ පිහිටි එකම පාසල වන නුවර මද්දුම බණ්ඩාර විදුහලේ හා කොළඹ රත්මලානේ අඳ ගොළු බිහිරි පාසලේ දරුවෝ සහභාගි වූහ. මේ දරුවන්ට තම තමන් ගැන කීමට ඇති කතා බොහොමයකි. ඔවුන් පෙළන ප්‍රශ්න ඒ පුංචි සිත්වලට දරා ගැනීමට අපහසුතරම්ය. එක් කෙනෙකු දෙන්නෙකු පමණක් නොව මේ හැම දරුවෙකුම පාහේ සිටින්නේ මව් පිය සෙනෙහසින් බොහෝ දුරස්ව ය. ආදරය ලැබිය යුතු වයසේ පසුවන මේ පැටවුන්ට ආදරය කියා දෙන්නේ මේ පාසල්වල ගුරුවරුන් පමණි. එවන් වූ දරුවන් පිරිසකට ලෝකය ගැන නොව අපේම රටේ වගතුග කියා දෙන්නට ගෝල්ෆේස් හෝටලය, ඊබට් සිල්වා සමූහ ව්‍යාපාරය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව සිය ළමා දින සමාජ සත්කාරක වැඩ සටහන යටතේ මේ දරුවන් දැක නැති කොළඹ පෙන්වීමට කටයුතු යොදා තිබිණි. “අපි මීට පෙර කවදාවත් කොළඹ ඇවිත් නැහැ. මුහුද දැකලා තිබුණේත් නැහැ. අපි අහසේ යන ප්ලේන් දැක්කත් මුහුදේ යන නැව් කවදාවත් දැකලා තිබුණේ නැහැ. අද අපි මුහුද බලන්න ගියා. රැල්ල පෑගුවා. මුහුද ගොඩාක් ලොකුයි. මුලින් නම් මුහුදට බහින්න ගොඩාක් බය හිතුණා. අපි කොළඹට ආවේ කෝච්චියෙන්. ඒ එනකොට ගඟවල් ගොඩාක් දැක්කා. අපිට මෙහේ නැන්දලා මාමලා ඇපල් දුන්නා, ලස්සන පාට පාට කේක් දුන්නා. කවදාවත් කාලා නැති රස කැම ජාති දුන්නා. ඒ වගේම තෑගි ත් දුන්නා” මහනුවර මද්දුම බණ්ඩාර විදුහලේ සිසුවියක වන ගීත්මා පවසන්නීය. මහනුවර මද්දුම බණ්ඩාර විදුහල නගර මධ්‍යයේ පිහිටි කුඩා පාසලක් වුවද අනෙකුත් පාසල්වලට වඩා වෙනස්ය. මෙහි අකුරු කරන්නේද දැයේ දරුවන් වුවත් මේ දරුවන් බහුතරයක්ම විෂම සමාජයේ අසාධාරණයට ලක්වූ දරුවන්ය. එම පාසලේ දරුවෝ පනහකට වැඩි ගණනක් ඉගෙනුම ලබති. ඔවුන් රැක බලා ගන්නා මව පාසලේ විදුහල්පතිතුමියයි. “මේ පාසල නුවර නගර මධ්‍යයේ පිහිටියත් මේ පාසලට එන්නේ නගරයේ වීථි දරුවන්, වගේම යන්න තැනක් නැතිව අසරණ වූ දරුවන්. මේ දරුවෝ හැදෙන්නේ අපේ ජයවික්‍රම ළමා නිවාසයේ. සාමාන්‍ය දෙමවුපියන්ගේ දරුවන් මේ පාසලට එන්නේ නැහැ. ආවොත් එන්නේ කිසිම පාසලකට යන්න බැරි වුණු කිහිප දෙනෙක් පමණයි. මේ ගොඩාක් දරුවන්ට දෙමවුපියන් නැහැ. පාසලේ අපි තමයි කවලා පොවලා නාවලා කරලා අම්මා තාත්තා වගේ මේ දරුවන්ව ආදරයෙන් බලා ගන්නේ. මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බලන්න කිසිම කෙනෙක් පාසලට එන්නෙ නැහැ. මේ පාසලේ දරුවෝ 56 ක් හිටියට 11 වසර දක්වා පංති තියෙනවා. ඒත් මේ දරුවෝ හරිම අසරණයි. ඒ අය ආදරය රැකවරණය ලබන්න ආසයි. අපේම මහන්සියෙන් තමයි මේ දරුවන් ඉදිරියට ගෙනි යන්නේ. මේ වගේ ගමනක් මේ වගේ කැම බීම මේ දරුවන්ට හීනයක් වගේ. කිසිම කෙනෙකුට මේ පාසල ගැන ඇහැ ඇරෙන්නැති මොහොතක මේ වගේ ගමනක් සංවිධානය කළ මේ ආයතනයවලට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර විදුහල්පතිනී ඊ.පී.පී ඒකනායක මහත්මිය පවසන්නී ය. මේ දරුවන්ගේ හැසිරීම් ඔවුන්ගේ අසරණකම පෙන්වන කැඩපතකි. චාරිකාවේදි ලැබුණු ටී ෂර්ටයෙන් සැරසුණු මේ දරු පිරිස කොළඹ වටේ කරක් ගැසුවේ ඊබට් සිල්වා ආයතනයෙන් ලබා දුන් කලම්බු සිටි නම් ඩබල්ඩෙකර් බස් රථයෙනි. ඒ ගමන ඔවුන් සතුටින් පුරවාලීය. වරාය අධිකාරියේ සංවිධානයෙන් මෙසේ කොළඹ පැමිණි මේ දරුවන්ට වරාය දැක බලා ගන්නට සැලැස්වුවා පමණක් නොව වරායට පැමිණි සුඛෝපභෝගී නැවකටද ඇතුළු විමේ අවස්ථාව ලැබිම ඔවුන්ගේ ජීවිතයට නැවුම් අත්දැකීමක් එක් කළේ ය. වරාය නැරඹීමෙන් අනතුරුව මේ දරුවන් වෙනුවෙන් ගෝල්ෆේස් ආයතනය සිය හෝටලයේ විදේශිකයන් වෙනුවෙන්ම සැකසුණු දිවා භෝජන සංග්‍රහයක් ද භුක්ති විඳීමට අවස්ථාව සලසා තිබුණි. තරුපහේ හෝටලයකට යෑම සිහිනයක් වු මේ දරුවන්ට ජීවිතයේ කිසි දිනක භුක්ති නොවිඳි ආකාරයේ ප්‍රණීත ආහාර පානයෙන් සප්පායම් වීමට අවස්ථාව ලැබිණි “අපි වරායට ගියා. නැව් ගොඩාක් දැක්කා. ලොකු නැවකටත් නැග්ගා. අපි අද රයිස් කෑවා. ඒ රයිස් එකට බෙදාගන්න ගොඩාක් කෑම ජාති තිබුණා. මං කවදාවත් ඒ වගේ කෑම දැකලා තිබුණේ නැහැ. මොනවද බෙදා ගන්නේ කියලා මට හිතාගන්න බැරිවුණා. ඒ නිසා තියෙන හැම දේම බෙදා ගත්තා. මීට කලින් අපි මෙහෙම ගමනක් ගිහින් තිබුණේ නැහැ”යැයි රත්මලාන අඳ ගොළුබිහිරි පාසලින් පැමිණි ගිම්සර එසේ පැවැසූයේ හස්ත මුද්‍රාවෙනි. දරුවන් පවසන දේ අපට පැහැදිලි කර දුන්නේ ඔවුන් සමඟ පැමිණි ගුරුවරුය. මේ දෙමව්පියෝ සිය දරුවන් ආරක්ෂාව සඳහා පාසලට බාර දී ඇත. එතැන් මේ දරුවන්ගේ ලෝකය වන්නේ මේ පාසලයි. පොතපතේ දැනුමට දරුවන්ගේ හිත් එක්තැන් කර ගැනීමට මේ ගුරුවරුන් විඳින්නේ අපමණ වෙහෙසකි. ජීවිතයේ කිසිදු අරමුණක් නැති දරුවන්ට දැන් සිතන්නට යමක් ඇත්තේය. “ මාත් කවදා හරි ඒ වගේ ලොකු ගුවන් යානාවක් පදවනවා.” ආකර්ෂා එසේ පවසද්දී “ මාත් කවදා හරි ඒවගේ ලොකු නැවකින් පිටරට යනවා” තරගයටමෙන් අසේල පවසන්නේ ය. දැන් මේ දරුවන්ට සිතන්නට අරමුණත් ඇත්තේය. ගොඩ නඟන්නට ලොවක් ඇත්තේය. ඒ ළමා දිනය වෙනුවෙන් හිත් පිත් ඇත්තන්ගෙන් මේ පුංචි පැටවුන් ලද දේ නිසාය. “මේ ගමන දරුවන්ගේ ජිවිතවලට අලුත් අපේක්ෂාවක් එක් කළා. ඔවුන්ගේ ජීවිත හෙට සිට ලොකු වෙනසක් වෙයි කියා අප බලාපොරොත්තු වෙනවා. කෙතරම් ප්‍රශ්න තිබුණත් මෙවැනි ගමනක් එන්න තරම් දරුවන් පින් කර තිබෙනවා. ඒත් හෙට ඉඳන් නැවතත් මේ දරුවෝ ළමා නිවාසයේ. සමහර දරුවන් කවදාවත් කෝච්චියේ ගිහින් නැහැ. අද මේ අය කෝච්චියේ ඇවිත් ලොකු සතුටක් ලැබුවා. දරුවන් මෙතරම් සතුටු වූ දවසක් මං මින් පෙර දැක නැහැ. ඔවුන්ට මෙවැනි අවස්ථාවක් ලබා දුන් ගෝල්ෆේස් ආයතනය මෙන්ම ඊබට් සිල්වා ආයතනයට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර පාසලේ ගුරුවරියක වන රසිකා කරම්පිටිය මහත්මිය පැවසුවාය. පරිත්‍යාගවලින් පවත්වා ගෙන යන මේ පාසලට අඩුපාඩු බොහෝය. පාසලට කාලයක පටන් දැඩි අඩුපාඩුවක්ම පවතින බුදු මැදුරක් සාදා දීමට දැන් ගෝල්ෆේස් ආයතනය සූදානමින් සිටී. “ ගෝල්ෆේස් ආයතනය ළමා දිනය වෙනුවෙන් මේ ආකාරයේ වැඩ සටහනක් සංවිධානය කළේ සිවුවැනි වතාවටයි. මේ දරුවන්ගේ සතුට දුටු අපේ දෑස්වලට කඳුළු ඉණුවා. ඔවුන්ගේ පාසලට ගිය අපි එහි ඇති අඩුපාඩු දැක හැකිතරමින් ඒවා සපුරාලන්න උත්සහ කරනවා. අප සාදවා දෙන බුදුමැදුර එම ජීවිතවලට වෙනසක් ගෙනේවි යැයි අප විශ්වාස කරනවා. මෙහි සම්පූර්ණ ගෞරවය හිමි වෙන්නේ ගෝල්ෆේස් සමූහ ව්‍යාපාරයේ සභාපති සංජීව ගාඩ්නර් මහතාට. ඒ වගේම මේ කාර්යයේදි සහාය දැක්වූ හැමෝටම ස්තූතියි” ගෝල්ෆේස් හෝටලයේ විධායක අධ්යක්ෂ ලක්ෂ්මන් සමරසිංහ මහතා පවසයි. ඊබට් සිල්වා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා රාජිනී සිල්වා මහත්මිය ද අදහස් පළ කළාය. “ අද දරුවන්ට විතරක් නෙවේ අපටත් විශේෂිත දවසක්. දරුවන්ට කවදාවත් මෙවැනි අවස්ථාවක් ලැබිලා නැහැ කියා ඔවුන් අපට කිව්වා. ඉදිරියටත් මෙවැනි කාර්ය කිරීම අපේ බලාපොරොත්තුවයි” ආදරය ලැබීමට හැමෝම කැමැති වුවත් ආදරය අහිමි බොහෝ දෙනා තවමත් මේ මිහිපිට වාසය කරති. සමහරක් ජීවිතයේ කිසිදා ආදරයක් නොලබාම මියයති. ඒ දෛවය තීරණය කරන හැටිය. එහෙත් පිපෙන්නට වෙර දරන මල් පිපෙන්නටනම් ආදරය ඇවැසිය. ලෝකය සුවඳ වත් වන්නේ මේ පිපුණු සුවඳැති මල්වලිනි. ඒ පිපුණු මල් තවත් බබළවන්නට ඔබටත් හැකිනම් ඔවුන්ගේ ජීවිත සැමදා සුන්දර වනු ඇත. සුභාෂිණි ජයරත්න සිළුමිණ සිත්මල් යාය ජායාරූප - විමල් කරුණාතිලක සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! sha733Super Senior MemberPosts:7332 13 Oct 2018 01:39 PM බලාගෙන ගියාම අපිත් එහෙමද කියල හිතෙනවා හොද පාඩමක්. santhaaBasic MemberPosts:249 12 Oct 2018 11:49 PM Posted By samantha on 12 Oct 2018 06:35 AM #ගුරුවරිය .... ගුරුවරියක් දිනක් රාත්රියේදී සිසුන් වෙනුවෙන් කලින් දිනයේ ලබාදුන් පරීක්ෂණයක උත්තර පත්‍ර පරීක්ෂා කරමින් සිටියා. ඇගේ සැමියා ඇය අසලින්ම සෝපාවක හාන්සි වී සිය ස්මාර්ට් #ජංගම දුරකතනයෙන් "කැන්ඩි ක්‍රශ් සාගා " සෙල්ලම් කරමින් සිටියා. සිසුන්ගේ උත්තර පරීක්ෂා කරමින් සිටි ගුරුවරිය එකවරම හඩන්නට උනා. "ඇයි ඔයා අඩන්නෙ" පුදුමයෙන් ඇය දෙස බැලූ ඇගේ සැමියා විමසුවා. කදුලු අතරින් ඇය මෙසේ කීවා. " ඊයෙ මගෙ පංතියෙ ළමයින්ට මම පැවරුමක් දුන්න" "මගේ බලාපොරොත්තුව " "කියන මාතෘකාව යටතේ කෙටි රචනාවක් ලියන්න." "හොදයි,ඇයි ඒත් ඔයා දැන් අඩන්නෙ" #දුරකතනයෙන් නෙත් ඉවතට නොගෙනම ඇගේ සැමියා නැවතත් විමසුවා . "අවසාන උත්තර පත්‍රය මාව ඇඩෙව්ව" "ඒ ඇයි" ඇගේ සැමියා පුදුමයෙන් ඇසුවා. "ඔයාටත් ඇහෙන්න මම කියවන්නම්, ඉන්න" ඇය කදුලු පිසදමමින් පැවසුවා. "මගේ දෙමාපියන් ඔවුන්ගේ ජංගම දුරකතන වලට බොහෝසෙයින් ආදරය කරති. ඔවුන්ගේ ජංගම දුරකතන හොදින් රැකබලාගනිති. ඒ පිලිබඳව කෙතරම් අවධානය යොමු කරනවාදැයි කියතොත් සමහර අවස්තාවලදී ඔවුන්ට මා පිලිබඳව අවධානය යොමුකිරීමටද අමතක වෙයි. මගේ පියා රැකියාව නිමවී මහන්සියෙන් ගෙදර පැමිනි විට ඔහුට සිය ජංගම දුරකතනය වෙනුවෙන් කාලය ඇති නමුත් මා වෙනුවෙන් කාලය නොමැත. මගේ දෙමාපියන් කිසියම් වැඩක නිරත වී සිටින විටදී වුවත් ඔවුන්ගේ ජංගමදුරකතන නාද වුවහොත් ඉක්මනින්ම එය අතට ගෙන පිළිතුරු දෙයි. නමුත් මා කිසිවක් විමසූ විට ඔවුන් බොහෝ කාර්යබහුල වෙති. මා හඩන විටදී ද ඔවුන් ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කරති. මගෙන් ඇයිදැයි විමසීමට ඔවුන්ට අමතක වෙති. ඔවුන් ජංගම දුරකතනයෙන් කිසිවකු සමග කතාකරන විට හෝ ක්‍රීඩාකරන විට උවද, මා ඉතා වැදගත් දෙයක් පැවසූවත් කිසිදා මට ඇහුම්කන් නොදෙති. ඉතින් මගේ #බලාපොරොත්තුව ජංගම දුරකතනයක් වීමයි." එය කියවා අවසන් කල ගුරුවරිය ඇගේ සැමියා දෙස බලනවිට ඔහු කදුලු පිසිමින් සිටියා. "කවුද ඒ රචනාව ලියල තියෙන්නෙ" බිදුනු හඩකින් ඔහු ඇයගෙන් ඇසුවා. මොහොතක් නිහඩව සිටි ඇය මෙසේ පැවසුවා. "#අපේ පුතා" ........................................................................ #මොහොතක්_සිතන්න. මෙය ඔබගේ කතාව විය හැකිය. කිසිදිනක ඔබගේ පවුල හෝ සම්බන්දතා දුරකතනය වෙනුවෙන් කැප නොකරන්න. ස්මාර්ට් ජංගම දුරකතන නිපදවා ඇත්තේ අපගේ වැඩකටයුතු පහසු කිරීමටයි. එයට ඔබව පාලනය කිරීමට, ඇබ්බැහි වීමට හෝ ඔබව සමාජ සම්බන්දතා වලින් ඈත් කිරීමට ඉඩ නොදෙන්න. ඔබගේ දරුවා මෙම රචනාව ලිවීමට දින ගනිනවා විය හැකිය. එසේනම් ඔබ තවමත් ප්‍රමාද නැත. මොහොතකට ඔබේ දුරකතනය පසෙකින් තබන්න. ඔබේ දරුවා,බිරිද සහ දෙමාපියන් වෙත අවධානය යොමු කරන්න. උත්සහ කරන්න ඔබේ දෙමාපියන් ඔබ වෙත ලබාදුන් #ළමාකාලය ඔබේ දරුවාටත් තිලිණ කිරීමට. හොද උදාහරණයක නිර්මාණ කරුවෙකු වන්න ඔවුන් වෙනුවෙන් . මන්ද, ඔබ කරන්නේ කුමක්ද ඔවුන් එය අනුගමනය කරන නිසා. ඔබ වෙනුවෙන් ජීවත්වන්නවුන් වෙනුවෙන් ආදරය කරුණාව ලබාදුන්විට ඔවුන් එය ඔබට නැවත ලබාදෙනු ඇත. නමුත්, ඔබගේ ජංගම #දුරකතනය කිසිදා ඔබට ආදරය ,කරුණාව සහ සෙනෙහස ලබානොදෙනු ඇත... උපුටා ගන්නා ලදී.. හරිම වටිනා කතාවක් අපි හැමෝටම indika76Most Senior MemberPosts:10449 12 Oct 2018 10:02 PM ඉතා වැදගත් පාඩමක්.. UdariSuper Senior MemberPosts:5555 12 Oct 2018 06:55 PM අයියෝ අදත් හෙටත් හැම තැනකම මේ වගේ සිද්දි වෙයි....... පවුල් වල ආදරය සෙනෙහස , සමගිය බිඳී ගිහින් .... ස්තුතියි සමන්ත අය්ය chamaramindMost Senior MemberPosts:13471 12 Oct 2018 09:54 AM Posted By maduranga001 on 12 Oct 2018 09:01 AM Posted By chamaramind on 12 Oct 2018 07:50 AM මේ පින්තුරය නිසා මුල් ටික කියවීම අපහසුයි... එය නිවැරදි කළා. ස්තුතියි අයියේ.. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... chamaramindMost Senior MemberPosts:13471 12 Oct 2018 09:53 AM පුතා තාත්තා ගේ ජංගම දුරකථනය ගැන ලියල තියෙන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... maduranga001Most Senior MemberPosts:14118 12 Oct 2018 09:01 AM Posted By chamaramind on 12 Oct 2018 07:50 AM මේ පින්තුරය නිසා මුල් ටික කියවීම අපහසුයි... එය නිවැරදි කළා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ chamaramindMost Senior MemberPosts:13471 12 Oct 2018 07:50 AM මේ පින්තුරය නිසා මුල් ටික කියවීම අපහසුයි... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... samanthaMost Senior MemberPosts:13190 12 Oct 2018 06:35 AM #ගුරුවරිය .... ගුරුවරියක් දිනක් රාත්රියේදී සිසුන් වෙනුවෙන් කලින් දිනයේ ලබාදුන් පරීක්ෂණයක උත්තර පත්‍ර පරීක්ෂා කරමින් සිටියා. ඇගේ සැමියා ඇය අසලින්ම සෝපාවක හාන්සි වී සිය ස්මාර්ට් #ජංගම දුරකතනයෙන් "කැන්ඩි ක්‍රශ් සාගා " සෙල්ලම් කරමින් සිටියා. සිසුන්ගේ උත්තර පරීක්ෂා කරමින් සිටි ගුරුවරිය එකවරම හඩන්නට උනා. "ඇයි ඔයා අඩන්නෙ" පුදුමයෙන් ඇය දෙස බැලූ ඇගේ සැමියා විමසුවා. කදුලු අතරින් ඇය මෙසේ කීවා. " ඊයෙ මගෙ පංතියෙ ළමයින්ට මම පැවරුමක් දුන්න" "මගේ බලාපොරොත්තුව " "කියන මාතෘකාව යටතේ කෙටි රචනාවක් ලියන්න." "හොදයි,ඇයි ඒත් ඔයා දැන් අඩන්නෙ" #දුරකතනයෙන් නෙත් ඉවතට නොගෙනම ඇගේ සැමියා නැවතත් විමසුවා . "අවසාන උත්තර පත්‍රය මාව ඇඩෙව්ව" "ඒ ඇයි" ඇගේ සැමියා පුදුමයෙන් ඇසුවා. "ඔයාටත් ඇහෙන්න මම කියවන්නම්, ඉන්න" ඇය කදුලු පිසදමමින් පැවසුවා. "මගේ දෙමාපියන් ඔවුන්ගේ ජංගම දුරකතන වලට බොහෝසෙයින් ආදරය කරති. ඔවුන්ගේ ජංගම දුරකතන හොදින් රැකබලාගනිති. ඒ පිලිබඳව කෙතරම් අවධානය යොමු කරනවාදැයි කියතොත් සමහර අවස්තාවලදී ඔවුන්ට මා පිලිබඳව අවධානය යොමුකිරීමටද අමතක වෙයි. මගේ පියා රැකියාව නිමවී මහන්සියෙන් ගෙදර පැමිනි විට ඔහුට සිය ජංගම දුරකතනය වෙනුවෙන් කාලය ඇති නමුත් මා වෙනුවෙන් කාලය නොමැත. මගේ දෙමාපියන් කිසියම් වැඩක නිරත වී සිටින විටදී වුවත් ඔවුන්ගේ ජංගමදුරකතන නාද වුවහොත් ඉක්මනින්ම එය අතට ගෙන පිළිතුරු දෙයි. නමුත් මා කිසිවක් විමසූ විට ඔවුන් බොහෝ කාර්යබහුල වෙති. මා හඩන විටදී ද ඔවුන් ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කරති. මගෙන් ඇයිදැයි විමසීමට ඔවුන්ට අමතක වෙති. ඔවුන් ජංගම දුරකතනයෙන් කිසිවකු සමග කතාකරන විට හෝ ක්‍රීඩාකරන විට උවද, මා ඉතා වැදගත් දෙයක් පැවසූවත් කිසිදා මට ඇහුම්කන් නොදෙති. ඉතින් මගේ #බලාපොරොත්තුව ජංගම දුරකතනයක් වීමයි." එය කියවා අවසන් කල ගුරුවරිය ඇගේ සැමියා දෙස බලනවිට ඔහු කදුලු පිසිමින් සිටියා. "කවුද ඒ රචනාව ලියල තියෙන්නෙ" බිදුනු හඩකින් ඔහු ඇයගෙන් ඇසුවා. මොහොතක් නිහඩව සිටි ඇය මෙසේ පැවසුවා. "#අපේ පුතා" ........................................................................ #මොහොතක්_සිතන්න. මෙය ඔබගේ කතාව විය හැකිය. කිසිදිනක ඔබගේ පවුල හෝ සම්බන්දතා දුරකතනය වෙනුවෙන් කැප නොකරන්න. ස්මාර්ට් ජංගම දුරකතන නිපදවා ඇත්තේ අපගේ වැඩකටයුතු පහසු කිරීමටයි. එයට ඔබව පාලනය කිරීමට, ඇබ්බැහි වීමට හෝ ඔබව සමාජ සම්බන්දතා වලින් ඈත් කිරීමට ඉඩ නොදෙන්න. ඔබගේ දරුවා මෙම රචනාව ලිවීමට දින ගනිනවා විය හැකිය. එසේනම් ඔබ තවමත් ප්‍රමාද නැත. මොහොතකට ඔබේ දුරකතනය පසෙකින් තබන්න. ඔබේ දරුවා,බිරිද සහ දෙමාපියන් වෙත අවධානය යොමු කරන්න. උත්සහ කරන්න ඔබේ දෙමාපියන් ඔබ වෙත ලබාදුන් #ළමාකාලය ඔබේ දරුවාටත් තිලිණ කිරීමට. හොද උදාහරණයක නිර්මාණ කරුවෙකු වන්න ඔවුන් වෙනුවෙන් . මන්ද, ඔබ කරන්නේ කුමක්ද ඔවුන් එය අනුගමනය කරන නිසා. ඔබ වෙනුවෙන් ජීවත්වන්නවුන් වෙනුවෙන් ආදරය කරුණාව ලබාදුන්විට ඔවුන් එය ඔබට නැවත ලබාදෙනු ඇත. නමුත්, ඔබගේ ජංගම #දුරකතනය කිසිදා ඔබට ආදරය ,කරුණාව සහ සෙනෙහස ලබානොදෙනු ඇත... උපුටා ගන්නා ලදී.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! kingDVeteran MemberPosts:3309 25 Sep 2018 11:43 AM මේක ලිව්වෙ කව්ද බොලව්... හරිම සංවේදී ..ඇස් දෙකත් රතු උනා ස්තූතියි සමන්ත අයියේ මේක දැම්මට Business, you know, may bring money, But friendship hardly ever does. samanthaMost Senior MemberPosts:13190 15 Sep 2018 05:33 AM ආදරේ හරි පුදුමයි... සමහර වේලාවට අපි ළඟ තියෙද්දි කිසිම වටිනාකමක් නෑ.. මේ රටේ ඕන තරම් වන්දනාලා ඇති.. ආදරේදි අපි හරිම ආත්මාර්ථකාමීයි.. ඒත් අහිමි වුන දේවල් වෙනුවෙන් හිමිවුන දේවල් නැති කරගන්න එපා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! sha733Super Senior MemberPosts:7332 14 Sep 2018 03:35 PM මම කොහෙන්ද කියෙව්වෙ කියල මතක නෑ. මෙවැනි මිනිසුන් ඇති. නමුත් රචකයා ගොඩක් හිතට දැනෙන්න ලියල තියෙනවා. මැවිල පෙනෙන තරමට indika76Most Senior MemberPosts:10449 14 Sep 2018 11:33 AM මේක ගොඩක් හිතට වැදුනු නිසා ආයෙත් වතාවක් කියවූවා... ගොඩක් දෙනෙක්ට වෙලා තියෙන්නේ තමන් සතුව තියෙන දේවල්වල අගය දැනෙන්නේ නෑ... maduranga001Most Senior MemberPosts:14118 14 Sep 2018 10:41 AM ආදරේ හරි පුදුමයි... සමහර වේලාවට අපි ළඟ තියෙද්දි කිසිම වටිනාකමක් නෑ.. මේ රටේ ඕන තරම් වන්දනාලා ඇති.. ආදරේදි අපි හරිම ආත්මාර්ථකාමීයි.. ඒත් අහිමි වුන දේවල් වෙනුවෙන් හිමිවුන දේවල් නැති කරගන්න එපා..මෙහෙම අය ඕන තරම් මේ ලෝකේ ඉන්නව. අපි අහල දැකල තියෙනව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ indika76Most Senior MemberPosts:10449 14 Sep 2018 09:54 AM එක හුස්මට කියවගෙන ගියා.. හදවත නතර වගේ වුනා දැනුනා.. මේ යකා ඒ කෙල්ලට කොතරම් දුකක් දීලද.. ඒත් එයාටත් ජීවිත කාලයම ඒක විදවන්න වේවි.... Ind007kaMost Senior MemberPosts:12931 14 Sep 2018 09:40 AM අනේ පව් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... UdariSuper Senior MemberPosts:5555 14 Sep 2018 09:03 AM මට නම් ඇත්තටම කඳුලුත් ආව, අපෝ මෙයා වගේ කොල්ලෙක් නම් හතුරෙකුට වත් ලැබෙන්න එපා chamaramindMost Senior MemberPosts:13471 14 Sep 2018 05:43 AM ලස්සන කතාවක් ගෙනල්ලා තියෙන්නේ සමන්ත අයියා ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... samanthaMost Senior MemberPosts:13190 14 Sep 2018 05:28 AM සමාවෙන්න රත්තරනේ... 💙 මට උඹේ ඔය අහින්සක ඇස් දෙක මුලින්ම මුණ ගැහෙන්නෙ උඹේ ගෙදර... අපි දෙන්නගෙම ගෙදර අය ඉස්සරහ.. මට තාම මතකයි එදා උඹ ලා රෝස පාට ඔසරියක් ඇඳලා මගේ ඉස්සරහට ආපු හැටි.. රෝස මලක් වගේ... නෑ....හරියට පුංචි සුරංගනාවියක් වගේ.. ගෙදර අයගේ බල කිරීමට උඹව බලන්න උඹලගේ ගෙදර ආවට මගේ හිත පුරාම හිටියෙ ශෙවී විතරයි.. උඹ අහින්සක විදියට බිම බලාගෙන බුලත් හෙප්පුවකුත් අරන් අහින්සක විදියට මගේ ඉස්සරහට එන විදිය බලලා මං හිත යටින් උඹට හිනාවුනේ සමච්චලේට.. මේ මොන ගොන් ගහක්ද කියලා මට එදා හිතුනෙ උඹේ ඒ තිබුන අහින්සක රූපේ නිසා වෙන්න ඇති... මොකක්ද නම...?? ව....ව..න්දනා.... හ්ම්ම්...වන්ද...නා....වන්දනා ජොබ් එකක් කරනවද?? ඔ..ඔව්..RDO එකේ...අකවුන්ට්ස් ඩිවිශන් එකේ... හ්ම්ම්..මොකද බය වෙලා වගේ...මාව යකෙක් වගේ පේනවද ඔයාට... අනේ.. නැ...හ්...එහෙම දෙයක් නෑ.. හ්ම්ම්..එහෙනම් කමක් නෑ... මට තවම මතකයි උඹත් එක්ක කතා කරපු පලවෙනි වචන ටික..උඹ හරියට පුංචි දරුවෙක් ඉස්කෝලෙ ගිය පලවෙනි දවසෙ වගේ අහින්සක හුරතල් විදියට උත්තර දුන්නා.. පව් රත්තරනෙ උඹ... නොදැනුනා වගේ හිටියට.. මහා ගොඩා...ක් අහින්සකයි උඹ... උඹ දැකපු පලවෙනි තප්පරේම මගේ හිතට දැනුනා එහෙම.. දින සති ගෙවිලා පුංචි වෙඩින් එකක් අරගෙන උඹ මගේ ගෙදරට එක්කන් ආවෙ අපේ අම්මලත් උඹට ගොඩක් කැමැත්තෙන් හිටපු නිසා.. කසාද බැන්දට මොකෝ අපි හරියට කතා කරලාවත් නැති තරම්.. උඹව මේ හිරගෙට අරන් ආවා විතරයි.. මං පටන් ගත්තා උඹෙන් පලිගන්න.. උඹ නිසා මට නැතිවුන මගේ ආදරේ වෙනුවෙන් කිසිම දෙයක් දන් නැති උඹෙන් පලි ගන්න.. වටේම කරුවල වෙලා කරන්ට් ගියේ උඹ මෙහේ ආපු පලවෙනි දවසෙම රෑ.. හුරු පුරුදු නැති නිසා වෙන්න ඇති උඹ දෙපාරක් හිතන් නැතුවම මාව බදාගත්තෙ.. මේ...මොකද මේ..?? මොන විකාරයක්ද?? මං අහද්දි උඹ ගොත ගැහුනා.. අ...න්නෙහ්.... බය..යි.. කරුවලයිනෙ.... උඹ මාව බදාගෙනම උත්තර දුන්නෙ හා පැටියෙක් වගේ.. බයයි...ඇයි...ඇයි මෙහේ යක්කු ඉන්නවා කියලා හිතුවද?? විකාර නැතුව ඉන්නවා හලෝ.. මොන්ටිසෝරි යන ළමයෙක් වගේ රඟන් නැතුව.. මං හිත් පිත් නැති ගානට උඹව තල්ලු කරලා දැම්මෙ පලවෙනි වතාවට උඹව රිදවලා ලබන මහා ලොකු සතුටත් හිතින් හොඳටම විඳගෙන.. උඹේ පපුව පිච්චිලා යන්න ඇති.. ඒත් මුකුත්ම නොකිය උඹ පැත්තකට උනා.. ජැන්ඩියට ඇදගෙන ෆර්ෆියුම් නාගෙන මං ශෙවීව බලන්න යන්න එලියට බැස්සෙ උඹට යන්නෙ කොහේද කියලාවත් කියන් නැතුව.. අයියෙ ඔයා කොහේ හරි යන්නද.. ඔව්...ඇයි අහන්නෙ??? න්..නෑ...ගොඩක් රෑ වෙලානෙ දැන්...ඒ.. ඕ...රෑ වෙලා..ඉතින්...ඉතින් මං මොකක්ද කරන්න ඕනෙ දැන්... නුපුරුදු නොදන්න තැනක මහ රෑ උඹව තනිකරලා යන්න හදද්දි උඹට මහා ලොකු අසරණකමක් දැනෙන්න ඇති මගෙ වස්තුවෙ..ඒකයි එදා උඹ මගෙන් එහෙම අහන්න ඇත්තෙ.. ඒත් ඒක තේරුම් ගන්න තරම් මගේ හිතේ මනුස්සකමක් ඉතිරිවෙලා තිබුන් නෑ. තමුසෙ ලේලී වුනේ මේ ගෙදරට විතරයි.. මං යන්නෙ කොහේද නැද්ද කියලා තීරණය කරන්නෙ මං.. ඒවා අහ අහ මට වද දෙන්න එපා... ප්ලීස්..මට පාඩුවෙ ඉන්න දෙනවා.. මං සද්දෙ දාලා කෑ ගහලා උඹේ ඔය අහින්සක මූණට දබරැඟිල්ල දික් කරලා කියද්දි උඹ බිම බලාගෙන පැත්තකට වුනා.. මං එදා මහ ලොකු වීරයෙක් වගේ බැනලා උඹට රිද්දවලා ගෙදරින් එලියට ගියේ ශෙවීව හොයාගෙන..ශෙවී එක්ක ක්ලබ් ගිහින් විකාර නටලා රෑ 3ට විතර ගෙදර එද්දි උඹට පුටුවක් උඩම නින්ද ගිහින්.. පවු...මං එනකම් බලන් ඉඳලා එතනම නින්ද ගිහින් තිබුනා ඔයාට.. ඇයි... ගෙදරදි නිදාගත්තෙත් පුටු උඩද?? මං උඹ දිහා බලලා කෑ ගහලා අහද්දි උඹ එක පාරට ගැස්සිලා නැගිට්ටා... න්...නෑ...අයියෙ...මං අයියා එනකල් හිටියෙ... අයියා...කවුද අයියා..එතකොට තමුසෙ මගේ නංගිද?? මං සමච්චලේට වගේ අහද්දි උඹ ආපහු මුකුත් නොකියා කර බා ගත්තා.. දෙයියනේ...මේ මොන වෛරයක් පිරිමහගන්න හදනවද?? එදා උඹ එහෙම හිතන්න ඇති... ඒ විදියට මේ වහල යට උඹ පටන් ගනිපු ජීවිතේ කවදාවත් උඹ හීනෙන්වත් නොහිතපු එකක් වෙන්න ඇති රත්තරනෙ.. කිසිම කම්මැලිකමක් නැතුව උඹ උදේ පාන්දරම ඇහැරිලා ඔෆිස් අරන් යන්න මගේ කෑම එක හදන්නෙ හරි ආසාවෙන්.. මං ඇහැරෙද්දි උඹ ඔක්කොම වැඩ ඉවර කරලා.. මගේ රෙදි අයන් කරලා.. කෑම එකක් හදලා.. තේ එකත් හදාගෙන ඇඳ ළඟට එන්නෙ මං ඇහැරෙන වෙලාව හරියටම දන්නවා වගේ.. ඒත් දවසක් වත් මං උඹට ආදරෙන් කතා කලේ නෑ.. මොකක්ද මේක තේ එකක්ද?? තේ එකක්වත් හදන්න දන්නැද්ද?? වන්දනා...බලනවා...බලනවා මේ ටයි එක ගැලපෙනවද මේ ෂර්ට් එකට අහ්හ්.. මේ....මේ ෂර්ට් එක අයන් කරලද?? මෙහෙමද ෂර්ට් එකක් අයන් කරන්නෙ.. උදේ පාන්දරම එනවා තේ එකකුත් දික් කරගෙන මෙතන... දවසම මූසල කරන්න මගේ...ෂිට්..ට්හ්... මං ශෙවී එක්ක පුලුවන් තරම් ලයිෆ් එක එන්ජෝයි කරන උඹට පුලුවන් තරම් රිද්දුවා.. උඹව එහෙම මහ හුඟක් රිද්දලා මං සතුටු වුන තරම් උඹ දන්නෙවත් නැතුව ඇති.. දවසින් දවස ගෙවිලා යද්දි මං ශෙවීට ආදරේ කරන තරමටත් වඩා උඹ මට ආදරේ කරන්න පටන් අරන් තිබුනා... දවසක් මං ගෙදර එද්දි උඹට හොඳටම උණ අරන්.. අම්මා හදලා දීපු සමහන් කෝප්පෙත් බීලා ඇඳ කොනකට ගුලිවෙලා..උඹ උණ විකාරෙන් කියවනවා... මහත්තයෝ...කියන්...න...මගේ නේද?? දනුෂ ගනේ...ආරච්චි මගේ විතරයි නේද.. කියන්..න... මගේ විතරයි කි...යලා... ශෙවීගෙ නෙමෙයි... ඔයා....ඔයා මගේ... කාටවත් දෙන්න බෑ.. මගේ...මගේ විතරයි... මගේ නේද?? කියන්නකො.. ආ.....පෝ... බෑ අම්මෙ.. දවස් තුනකට නම් එන්න බෑ.. මගේ මහත්තයා තනියම.. නෑ...නෑ...ශෙවීගෙ නෙමෙයි.. එයා ම...ගෙ... මගේ විතරයි.. උඹ ඇස් පියාගෙන උණ විකාරෙන් කියවපු හැම වචනෙකම හිටියෙ මං.. මහා ලොකු ආදරයක් උඹෙ පපූව අස්සෙ මං වෙනුවෙන් හිරකරන් උඹ තනියම දුක් වින්දා.. මට ගානක්වත් තිබුන් නෑ උඹ ගැන.. ජූනි දෙවනිදා අපේ ටෙන්ඩර් එක නූලෙන් මිස් වුනා කියලා බිනාර කෝල් කරලා කිවුවෙ උදේ පාන්දර.. මං ඒ අප්සෙට් එකෙන් ඇඳෙන් නැගිට්ටෙම කෙලින්ම තාත්තිගෙ ඔෆිස් එකට යන්න ඕන කියලා හිතාගෙන.. මුකුත්ම දන් නැති උඹ වෙනදා වගේම තේ එකත් අරගෙන මගේ ඉස්සරහට ආවේ ඔය හීන් ඇස් පියවෙන තරමට හිනාවෙන ගමන්.. හැමදාම කියනවා රෙද්ද.. උදේ පාන්දර දවසම කාලකණ්නි කරන්න එන්න එපා කියලා ඉස්සරහට.. සින්හල තේරෙන් නැද්ද තමුසෙට.. මං කෑ ගහලා උඹට බැන්නෙ හිතේ තිබුන අවුලත් පිට කරගන්න හිතාගෙන.. අ...අනේ ඇයි මහත්තයො.. හැමදේටම රණ්ඩු වෙන්නම හදන්නෙ.. මාත් මනූස්සයෙක්...ඔයා...මො.. උඹ කවදාවත්ම නැතුව උඹේ දුක කියන්න කට ඇරපු පලවෙනි දවස..ඒත් එදා මං උඹට ඊට වඩා වචනයක්වත් කතා කරන්න දුන් නෑ..තාම මතකයි එදා මං උඹේ කම්මුලක් රතුවෙන්න ගහපු පාරට උඹ විසිවෙලා ගියපු හැටි.. උඹේ ඇස් වලින් ධාරාණිපාත වැස්සක් වගේ කදුලූ වැටෙද්දි මං මහා වීරකමක් කලා වගේ දැනුනෙ.. එදා ඉදන් කවදාවත් උඹ උදේ පාන්දර මගේ ඉස්සරහට ආවේ නෑ.. උදේම නැගිටලා වැඩ පල ටික ඉවර කරලා කොහේට හරි පැත්තකට වෙනවා මං වැඩට යනකන්.. ඒ එහෙම කලෙත් උඹ උඹට වඩා මං උඹ මූසලයි කියලා කියපු කතාව විශ්වාස කරපු නිසා වෙන්න ඇති.. මට හොඳක් වෙනවා නම් උඹට මොන දේ වුනත් කමක් නෑ කියලා හැමදාම වගේ උඹ එදත් හිතන්න ඇති මගේ සුදු නොනේ.. මං උඹව සතුටින් තිබ්බෙ නෑ.. මං උඹට දවසක්වත් ආදරෙන් කතා කලේ නෑ රත්තරනෙ.. ඒත් උඹ.... උඹේ ජීවිතෙට එක පාරටම ආපූ මට අහසකට තරම් ආදරේ කලා.. මට මැවිලා පේනවා මං මගේ ආසාවන් ඉෂ්ට කරගන්නකන් විතරක් උඹව මගේ ළඟට ගනිද්දි උඹ හරි ආදරෙන් මට තුරුලු වෙන හැටි.. උඹේ මහත්තයා විදියට මං කලානම් කලේ රෑ ඇඳේදි උඹගෙන් සැනසුන එක විතරයි..ඒත් උඹ කවදාවත් මුකුත් කිව්වෙ නෑ..මගේ අයිතිය මට දුන්නා.. කිසිම ලෝබකමක් නැතුව හරිම ආදරෙන්.. ඇත්තමයි නොකිව්වට උඹ ළඟ මහා ලොකු සෙනෙහසක් උණුසුමක් මට දැනුනා මගේ රත්තරනේ.. ඒක කවදාවත් ශෙවීගෙන් ලැබිලා නෑ මට.. ඒත් මට බැරිවුනා උඹට ආදරේ කරන්න.. දවසක් මං ගෙදර එද්දි උඹ මහා සතුටකින් ඇස් පුරවන් මං එනකල් පාර බලන් ඉන්නවා.. අනේ තවම මතකයි වස්තුවේ සතුටු කදුලු උඹේ ඔය ඇස්වල පිරිලා තිබුනා.. පුංචි හීන් ඇස්වලින් හිනාවෙන ගමන් කවදාවත් නැතිව මගේ ඇඟේ දැවටි දැවටි මගේ පස්සෙන් උඹ එද්දි මං ඔරවලා උඹ දිහා බලලා ඇයි කියලා අහපු හැටි... මොකද මෙහ්???...මොන්ගල්ද??..මගේ පස්සෙන් ඇවිදින්නෙ??අ...හ්හ්... මං සැර කරලා සද්දෙන් අහද්දි.. මතකද සුදුනෝනෙ උඹ ඒත් හිනාවුනා... මොකද හලෝ.. විරිත්තගෙන මගේ පස්සෙන් ඇවිදින්නෙ.. න්...නැ..හ්...මහත්තයට කියන්න දෙය..ක් තියෙනවා.. කියනවා...ඉතින්...මං අහගෙන ඉන්නෙ.. ආ....ඒ..ක එහෙම කියන්න බෑ.. උඹ හුරතල් වෙවී මගේ ඇඟේ එල්ලෙන ගමන් කියද්දි මං උඹව මගෙන් අයින් කිසිම හිතක් පපුවක් නැති ගානට.. එහෙම කියන්න බැරිනම් නිකන් ඉන්නවා.. මල විකාර නැතුව.. අනේ...අහන්නකෝ...මොකක්ද කියලා.. හ්ම්ම්..හ්ම් මොකක්ද කියනවකො ඔය මඟුල..?? මං අම්මියෙක් වෙන්නයි යන්නෙ මහත්තයො..ඔයා තාත්තියෙක්... අහ්හ්...ඇත්තද?? DNA test එකක් කරන්න වෙයි එහෙනම්..කවුද දන්නෙ තාත්තා කවුද කියලා.. කාගේ කුණු ගොඩක්ද දන් නැහ්නෙ.. අනේ මොනවද මහත්තයෝ ඔයා කියවන්නෙ.. පවු සිද්ධ වෙයි ඔයාට.. මං ඔයාගෙ වයිෆ්.. ඔයාගෙ විතරයි.. ඒ තරම් පවු කාර වැඩ කරලා නෑ මං.. මොනවද මේ කියවන්නෙ?? සැකයි නම් ඕන test එකක් කරලා බලමු..වදින්නම් මහත්තයො.. මට කොහොම කලත් කමක් නෑ ඒත් මේ දරුවට එහෙම කරන්න එපා.. උඹ එදා පිස්සුවෙන් වගේ කියව කියව ඇඬුවා.. හරි හරි..දැන් නවත්ත ගන්නවා ඔය අඬවැඩියාව.. මං ළමයව බාරගන්න බෑ කිව්වෙ නෑනේ.. මං මොන ගින්දරක් දුන්නෙත් ඒ හැමදේම උඹ තනියම විඳ ගත්තා.. අපේ පැටියා උඹේ බඩට ආපු දවසේ ඉඳන් උඹ මහා ලොකු සතුටකින් හිටියෙ.. හිතාගන්නත් බැරි තරමට.. උඹ හිතන්න ඇති...අනේ මං තනිවෙලා හිටපු කාලේ ඉවරයි නේද කියලා.. චුටී බන්ඩියට අත තියන් තනියම හීනාවෙවී උඹ කියව කියව දවස ගෙවද්දි මට එහෙම හිතුනා.. ඉදිමිච්ච කකුල් දෙක තිය තියා හෙමි හෙමීට හරි පරිස්සමට උඹ එහෙ මෙහෙ ඇවිද්දේ හරියට රෝස පාට බෝලයක් වගේ.. මූලු ගෙදරම සිරියාවෙන් පිරිලා.. මං ශෙවී එක්ක කාර් එකේ රවුම් ගහද්දි උඹ සෙනඟ පිරිච්චි බස් එකේ තනියම ක්ලිනික් ගියා.. ඒත් උඹ එක දවසක්වත් මං දිහා තරහින් බැලුවෙ නෑ.. ක්ලිනික් යන්න කලින් දවසට උඹ ඇවිත් හරි අහින්සක විදියට මගෙන් සල්ලි ඉල්ලපු හැටි මතක් වෙද්දි දැන් මඟේ පපුව පැලෙන්න වගේ සුදුනෝනා.. මහ..ත්තයා... ඇයි... හෙ..ට 24 වෙනිදා... ඉති..න්.. හෙට ක්ලිනි..ක්.. හ්ම්ම් ගිහින් එනවා ඉතින්.. හා...මහත්තයො....ස..ල්..ලි කීයක් හරි.. ඒ මොකටද?? බස් එකේ යන්..න... හ්ම්ම්..කීයක්ද?? රුපියල් 200ක් ඇති... මහමෝදරට ගිහින් එන්න රුපියල් 100නේ යන්නෙ..200ක් මොකද?? තමුසෙට කොන්දා ඩබල් කරලා ගන්නවාද?? ශෙවී වෙනුවෙන් දවසකට දහස් ගණන් වියදම් කරන මං සමච්චලේට වගේ උඹෙන් අහද්දි උඹ ගල් ගැහුනෙ හරියට මහා ලොකු වරදක් කලා වගේ.. උඹටත් ආස හිතෙන්න ඇති කඩචෝරු මොනවා හරි කන්න.. උඹටත් ආස හිතෙන්න ඇති රට කජු ගොට්ටක් අරගෙන ඇටින් ඇටේ හප හපා රස බලන්න.. උඹේ මහත්තයා උනා කියලා දවසකටවත් මට උඹ කන්න කැමති දෙයක් ගැන අහන්න බැරි වුනා.. ඒත් උඹ දවසකටවත් වෛර කලේ නෑ මට.. මං මහ රෑ ඇවිත් තලපතා වගේ ඇඳට වැටුනම උඹ ඇවිත් හරි පරිස්සමට ශීට් එක පොරවනවා මට.. හැමදාම නිදි වගේ බොරුවට ඉන්න මට හොඳටම දැනෙනවා ඒක.. තාත්ති දොයි පුතේ.. පවු... ඔෆිස් එකේ වැඩ කරලා තාත්තිට මහන්සි ඇති.. තාත්තිට පාලු ඇති නේද ගෙදර ආවම.. ඔයා ඉක්මණට එන්න පුතේ.. ඊට පස්සෙ තාත්තිටත් පාලු නෑ.. අම්මිටත් පාලු නෑ.. මගේ දෝණී තාත්තිවයි අම්මිවයි දෙන්නම බලා ගන්නවා නේද.. ඔයාවත් තාත්තිට කියනවා නේද අම්මි තාත්තිට ගොඩක් ආදරෙයි කියලා.. ඔවු අම්මි ඔයාටත් ආදරෙයි... තාත්තිටත් ආදරෙයි.. ඔයාලා දෙන්නම මගේනෙ.. මට ඉන්නෙ ඔයාලා දෙන්නා විතරයි නෙ.. උඹ ඔය පුංචි බණ්ඩියට අත තියන් හුරතල් වෙවී කියවනවා දවසක් මං අහගෙන.. මහත්තයා...ඩොක්ටර් කිවුවා මහත්තයට එක්කගෙන කියලා.. ඒ මොකටද?? දන්..නැහ්... දවසක් උඹ මගේ ළඟට ඇවිත් කියද්දි ඔය ඇස් වල මහා ලොකු බයක් තිබුනේ.. හ්ම්ම්...කවදද??මං එන්නම්.. කවදාවත් නැතුව මගේ පපුව එදා පිච්චිලා යනවා වගේ දැනුනා.. ඒ උඹ ගැන මට දුක හිතුන පලවෙනි දවස.. කෝම වුනත් උඹත් අම්මා කෙනෙක් නේද කියලා හිතුනා එදා මට.. ඒත් ඊට පස්සෙ මට ඒකත් එහෙමම අමතක වෙලා ගියා.. පවු දෙයියනේ.. තිබුන ගවුම් දෙක මාරුවෙන් මාරුවට ඇඳගෙන උඹ ක්ලින්ක් ගිය හැටි.. පුදුමයි රත්තරනේ... උඹ වගේ කෙල්ලෙක්.. නෑ... තව කොහේවත් නෑ.. දවසක් ඔෆිස් එකේ ඉද්දි දන් නැති නම්බර් එකකින් කෝල් එකක් එනවා මට.. හෙලෝව්... හෙලෝ...ව් මහත්තයා මං... ඒ උඹේ කටහඬ.. අහින්සක උඹේ වෙව්ලන කටහඬ අඳුරගන්න මට මහ ගොඩක් වෙලා ගියේ නෑ.. ඕ...වන්දනා...ඇයි..?? මහ..ත්තයා...දෝණි අද ටිකක් දඟලනවා.. ඒ හින්ද මං අම්මා එක්ක හොස්පිටල් ආවා.. මාව ලේබර් රූම් ගන්නවා කියලා මිස් කෙනෙක් කිව්වා තව ටිකකින්.. මේ අක්ක කෙනෙක්ගෙන් ෆෝන් එක ඉල්ල ගත්තෙ.. ඔයා එනව නේද?? දෝණිවයි මාවයි අරං යන්න.. උඹ බයවෙලා හිටියේ.. උඹ ගොත ගගහ කියපු හැම වචනයකම මහා ලොකු බයක් තිබුනා.. මහත්තයා ළඟම ඉන්න ඕන වෙලාවේ උඹ මගෙන් ආදරේ හෙව්වෙ හිඟන්නියක් වගේ.. හා....හරි....මං එනවා.... බය වෙන්න එපා... රිලැක්ස් වෙන්න වන්දනා... මගේ පිරිමි හිත මොකක්දෝ හේතුවක් නිසා ආදරෙන් පිරිලා ගිහින් වගේ දැනුනා මට ඒ වෙලාවෙ.. අනේ උඹ මගේ නෝනා නේද කියලා හිතුනා මට ඒ වෙලාවේ.. මං කලබලේට ඔෆිස් එකෙන් එලියට බැහැලා පුලුවන් තරම් ඉක්මණට මහ මෝදර හොස්පිට්ල් එකට ආවේ උඹව දකින කල් ඉස්පාසුවක් නැතුව.. පැය 4කට පස්සෙ මං හොස්පිට්ල් එකට ඇවිත් කෙලින්ම ආවේ හතරේ කාමරේට.. පුටුවකට බරවෙලා මං බිම බලාගෙන ඉවසිල්ලක් නැතුව බලන් ඉද්දි මිස් කෙනෙක් ඇවිත් මට තට්ටු කරපු පාරට මං ගැස්සිලා බැලුවෙ මාත් උඹ තරමට බය වෙලා හිටපු නිසා.. මිස්ටර් දනුෂ ගනේආරච්චි.. ඔ....ඔවු මිස්...අයිම් ද...දනූෂ... කන්ගරැජුලේෂන්ස් මිස්ටර්...ඔයාට සුරංගනාවියක් ලැබුනා... ඒක ඇහුනට පස්සේ සත්තයි රත්තරනේ මං මහ හුඟක් සතුටු වුනා... ජීවිතේ මට ලැබුන වටිනම දේ එදා ලැබුනේ.. ඔව්...මිසී කිවුවා හරි... මගේ දෝණි රෝස පාට පුංචි රෝස මලක් වගේ... රෝස පාට උඹම මහපු පුංචි ඇදුමකුත් ඇඳන් සැපට නිදි... අනේ මගේ පපුව මගේ දෝණි වෙනුවෙන් ආදරෙන් පිරිලා ගියේ තප්පරේට දෙකට වගේ... ඒත් කෝ උඹ... මට මේ තරම් වටින වස්තුවක් ගෙනත් දීපු උඹ.. බැරිම තැන මං ළඟ හිටපු නර්ස් කෙනෙක් ළඟට ගියා උඹව හොයාගෙන.. මිස්...මගේ වයිෆ්?? මං එහෙම අහද්දිම ඒ මිසීගෙ මූණ වෙනස් වෙලා ගියේ හරියට මට අනුකම්පා කරන්න වගේ.. සොරි මිස්ටර්...අපිට ඔයාගෙ වයිෆ්ව බේරගන්න බැරිවුනා.. අපි අපිට පුලුවන් උපරිම උත්සාහ කලා..මේක මිස්ටර් දනූෂට දුන්නා.. මට ඇහුනේ ඒ වචන ටික විතරයි.. පපුව පුපුරන්න වගේ දැනුනෙ මට.. අනේ බෑ රත්තරනේ... උඹට එහෙම කරන්න බෑ මට.. මට ඒ තරම් ලොකු දඩුවමක් දෙන්න බෑ.. මං පිස්සුවෙන් වගේ වාට්ටුව පුරා දුව දුව උඹව හෙව්වෙ නර්ස් කියපු දේ මට විශ්වාස කරන්න බැරි වුන නිසා.. පොඩි වෙලා ගියපු කොල කෑල්ලක උඹේ මුතු කැට අකුරෙන් ලියලා තිබුන ලියුම කියවද්දී තවමත් මගේ ඇස් කඳුළු වලින් පිරෙනවා වස්තුවෙ.. මට බයයි මහත්තයා.. ක්ලිනික් යන හැම දවසකම ඩොක්ටර් මං දිහා බලන්නෙ අනුකම්පාවෙන් වගේ.. ඔයාව එක්ක එන්න කිවුවෙත් නිකන් නෙමෙයි කියලා බය හිතෙනවා මට.. අපේ දෝණිට කරදරයක් නැතුව ඇති නේද මහත්තයා.. මං ඩොක්ටර්ට කලින්ම කියනවා මට මොනවා වුනත් කමක් නෑ ඔයාගෙ දෝණිව බේරලා දෙන්න කියලා.. මං ආපහු ඒවිද නැද්ද දන් නෑ.. ඒකයි මෙහෙම ලිව්වේ.. මට මොනව හරි වුනොත් දෝණිව ඇහැක් වගේ බලාගන්න.. ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම.. වන්දනා .. ඒ උඹේ වචන මට දැන් පාඩම් වෙලා.. උඹේ පුංචි දෝණිත් හරියට උඹ වගේමයි රත්තරනෙ.. උඹේ සුවඳ දෝණි ළඟ පිරිලා.. මට ශෙවී එපා.. එයා මගේ ජීවිතේ එක ආදරයක් විතරයි.. ඒත් උඹ... නොදැනුවත්වම උඹ මගේ ආත්මේ වෙලා .. මගේ වස්තුවේ... එකම එක පාරක් මේ හිතක් පපුවක් තිබුන් නැති මනුස්සයට සමාව දියන්.. දැන් ඇති රිද්දුවා... එක පාරක් මට සමාවෙයන්.. දන්නවද උඹ...?? දෝණිට අදට මාස හතයි... තව ටික දවසකින් එයත් අහයි මගෙන්.. කෝ මගේ අම්මි කියලා.. මං මොනවද කියන්නෙ.. මං උඹව මරාගත්තා කියලා කොහොමද මං එයාට කියන්නෙ.. මට බෑ... මට බෑ පවුකාරයෙක් වෙන්න.. අනේ රත්තරනේ අපි ළඟට වරෙන්.. මං පන වගේ බලා ගන්නම් උඹව.. එකම එක පාරක් මට සමාව දියන්.. මං ආදරෙයි උඹට.. වචන කරන්න බැරි තරම්... නිමි... ආදරේ හරි පුදුමයි... සමහර වේලාවට අපි ළඟ තියෙද්දි කිසිම වටිනාකමක් නෑ.. මේ රටේ ඕන තරම් වන්දනාලා ඇති.. ආදරේදි අපි හරිම ආත්මාර්ථකාමීයි.. ඒත් අහිමි වුන දේවල් වෙනුවෙන් හිමිවුන දේවල් නැති කරගන්න එපා.. (උපුටා ගැනීම)...... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 19 Dec 2017 08:28 PM අනිවා. එදා යුධ වැදුණු රණවිරුන් වෙනුවෙන් යමක් කල හැකි නම් ඒ දේ අද කිරීම ඔවුන් වෙනුවෙන් අපට කල හැකි ලොකුම යුතුකමයි. මොකද අපි ගෙදර ටීවී එකෙන් යුද්ද කරපු යුද්ධ බලපු අයනේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ chamaramindMost Senior MemberPosts:13471 19 Dec 2017 04:58 PM රණවිරුවන් තමයි විරුවන්..ඔවුන් නැත්තන් රටක් නැහැ එහෙනම්.... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... indika76Most Senior MemberPosts:10449 19 Dec 2017 07:52 AM මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න පොටෝ එකකට තියෙන්නේ... ඊලග සතියේ තාත්තා යුධ්දෙදී වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා... ගොඩක් දුක හිතෙන අවස්ථාවක්.. maduranga001Most Senior MemberPosts:14118 14 Nov 2017 12:34 AM රණවිරුවෝ ගැන දැන් කාටද මතක. අනෙක ඔය යුද්ධ කාලේ ඇත්තටම බය නැතිව යුද්ධෙට ගිය කොල්ලෝ තමයි නියම වීරවරු. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ samanthaMost Senior MemberPosts:13190 13 Nov 2017 10:32 PM ''B.M. සමිත බණ්ඩාර...කෝ දෙමව්පියෝ..?'' ඒ තවත් එක සිසුවෙකුගේ වාරයයි.. ''සර්... අද කාටවත් එන්න වෙන්නේ නෑ ...අම්මා කොලබ ගියා උත්සවයකට..'' අළුතින් පැමිණි පන්තිභාර ගුරුතුමාට සමිතගෙන් ලැබුනේ එවන් පිළිතුරකි.... ''උත්සවයකට ගියා ....? කෝ එතකොට තාත්තා...? '' ''තාත්තා නෑ සර් ...'' යන පහත් ස්වරයත් සමගම ඔහුගේ හිස පහල වැටුණු අතර පාදයේ ඇගිලිතුඩුවලින් සෙරෙප්පුව පහුරු ගාන්නටවිය.. ''ගුරු-දෙගුරු රැස්වීම තියනවා කියලා දැනුම් දුන්නේ සති දෙකකට කලින් නේද මනුස්සයෝ..? අම්මට තිබ්බේ නැද්ද ඔය ගමන වෙන දවසකට දාගන්න..? මේක මගේ පලවෙනි ගුරු-දෙගුරු රැස්වීම.. මේ සැරේ ශිෂත්වය ලියන්න ඉන්න ළමයෙක්ගේ අම්මගේ හැසිරීම හරිම අපුරුයි.. තමුසෙලාට උගන්වන අපිට ගහන්න ඕන..'' රේජිස්ටරයේ ඊලග නම සොයන අතරතුර ගුරුතුමාගේ මුවින් ගලාගිය වචනවලින් සමිතගේ සෙරෙප්පුව මත කදුලක් වැටුණුබව ගුරුතුමාට නොපෙනෙනි.. එක් එක් දරුවා සහ ඔවුන්ගේ දෙමාපියන් සමග ගුරු දෙගුරු රැස්වීම පැවැත්විණි... විවේක කාලය එලබිණ ... වෙනත් පහල පන්තියක ඉගෙනුම ලබන අදාළ ගුරුතුමාගේ දරුවාට, විවේක කාලය තුලදී ආපනශලාවේ ගුරුවන්ගේ අන්තයේ සිට, කෑමකවන සිරිතක් අළුත්ගුරුතුමා සතුවපැවතින ... සුපුරුදු පරිදි ගෙදරින් ගෙනා කෑම පර්සලය දිගහරිත්ම, අපනශලාවේ දොරලග තවත් දරුවෙකු පොතක්ද තුරුල්කරගෙන සිටිනබව ගුරුතුමාට පෙනින... ''ඔය සමිත නේද..? මොකද ඔතන කරන්නේ...'' ''සර්..මට සර්ට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද..?'' ''මෙහෙ එනවා..මොකක්ද ප්‍රශ්නේ....?" පපුවට තුරුලකරගෙන සිටි පොත මේසය මත තබමින්, එහි පිටකවය අස්සෙන් චායාරුපයක් ගෙන එය ගුරුතුමාට පෙනෙන සේ මේසයේ පසකින් තැබීය... සිනාමුසු මුහුණින් සිටින ගැබ්බරකාන්තාවකගේ බදවටා අතපටලවාගත් හමුදා සෙබලෙකුගේ පින්තුරයක් එහි විය..... ''මේ කව්ද පුතා ..?'' ගුරුතුමාට යමක් ඉවවැටෙන්නට විය.. ''සර්..මේ ඉන්නේ මගේ අම්මා... මම තමයි සර් මේ අම්මගේ බඩ ඇතුලේ ඉන්නේ... බඩ ඇතුලේ ඉන්න මගේ ඔලුවට අතතියාගෙන ඉන්නේ මගේ තාත්තා... මෙච්චරයි සර් අපි තුන්දෙනාම එකට ඉන්න පොටෝ එකකට තියෙන්නේ... ඊලග සතියේ තාත්තා යුධ්දෙදී වෙඩිවැදිලා නැතිවෙලා තියෙනවා... අද රණවිරු උත්සවයක් කොලබ කැම්ප් එකක තියෙනවලු කියලා අම්මා උදෙන්ම ඒකට ගියා.. ඒකයි සර්..මගේ අම්මට අද එන්න බැරි උනේ.. මම කොහොමහරි හෙට එක්කං එන්නං සර්...'' ඔහුගේ දෑස්තුලින් කදුලු කඩාවැටෙන්නට විය... මැදිවියේ පසුවූ ගුරුතුමාගේ උගුර වේලි යමක් උගුරතුල තෙරෙපනු ඔහුට දැනින.. සමිතව පපුවට තදකරගත් ගුරුතුමා නිසොල්මන්ව මදවේලාවක් ගතකළේය.. ඉන්පසුව මේසය මත වූ බත්මුල ලෙහා තම දරුවාටද, සමිතටද කවා සමිතව පිටත් කල හැරීයේය.. ''ඇයි තාත්තේ ඔයා අපේ බත් එක අර ළමයටත් කැව්වේ...?'' ''මගේ රත්ත්‍රන් පුතේ..ඔයාට අද බත් කවන්න ඔයාගේ තාත්තාව ඉතුරුකරන්න ගිහිං තමයි පුතේ සමිතට එයාගේ තාත්තාව නැතිවෙලා තියෙන්නේ....'' ''රෑට නින්දට කලින් මගේ පුතාගේ ඔළුව ඉබින්න මම හිටියට, සමිතගේ ඔළුව ඉබින්න එයාට තාත්තෙක් නෑ පුතේ...'' නිමි... ------------------ මැයි 18 දා ඇසුණු කථාවක් .... අන් දරුවන්ගේ පියවරු රකින්න, තම දරුවන්ගේ පිතෘත්වය කැපකළ වීරෝදාර රණවිරුවන්ට උපහාරයක්ම වේවා... එමෙන්ම අහිමි වූ පිතෘත්වය හමුවේ සවියක් වූ මතෘත්වයටද උපහාරයක්ම වේවා Real hero in my life තාත්තා ❤️ උපුටා ගැනීමක් සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! chamaramindMost Senior MemberPosts:13471 11 Nov 2017 09:50 PM සරුංගලේ ගැන කියවෙන ලස්සන කතාවක්.... එහෙනම් ඉතිං සරුංගලේට හුළං එන තැන් නම් වෙල් යායක,පිට්ටනියක,බීච් පැත්තේ ඉතිං ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... RosiSuper Senior MemberPosts:5335 11 Nov 2017 02:11 PM පුංචි සරුංගලේ කතා වස්තුව එකෝමත් එක කාලෙක පුංචි සරුංගලයක් තිබුණා. මම ඒකට පුංචි සරුංගලයක් කියලා කිව්වේ ඒක ප්‍රමාණයෙන් පොඩි එකක් වුණු නිසාම විතරක් නෙමේ වෛවාරණ මෝස්තර නැතුව චාම් විදිහට හදලා තිබුණු නිසා. ඉතින් මේ පුංචි සරුංගලේ තමන්ට භාර වුණු කාර්යය ඒ කියන්නේ ඉහල අහසට යන එක හොඳට කරගන්න හිතුවා. ඒ නිසා පුංචි සරුංගලේ ටිකෙන් ටික නූල් අරගෙන ඉහල අහසටම යන්න පටන් ගත්තා. පුංචි සරුංගලේ මේ විදිහට ටිකෙන් ටික ඉහලට යද්දී පහල ඉදන් ඒක දැකපු මිනිස්සු සතුටු වුණා, අත්පුඩි ගැහුවා. ඒ වගේමයි අහසේ පියාඹමින් හිටිය කුරුල්ලොත් මේ පුංචි සරුංගලෙත් එක්ක හිනාවුණා, පුංචි සරුංගලේ ගාවින් තනියට පියෑඹුවා. තමන්ගේ ගමනේ ඉහලම හරියකට ඇවිත් හිටිය පුංචි සරුංගලේ ඉහල අහසට යද්දී හම්බුණු හැමෝමත් එක්ක වගේම හොඳින් හිටිය කෙනෙක්. ඒක නිසාමයි අර කලින් කිව්වා වගේම හුඟක් අය පුංචි සරුංගලේ උදව්වටත් හිටියේ. ඒ වුණත් මේ විදිහට ඔහේ පාවෙලා යන්නේ නැතුව හොඳ හුළං පොදක් එක්ක පාවෙලා ලොකු ගමනක් යන්න ඕනේ කියන එක පුංචි සරුංගලේ හැමදාමත් හිතුවා. දවසක් දා පුංචි සරුංගලේ බලාපොරොත්තුවෙන් හිටිය හුළං පොද පුංචි සරුංගලේට හම්බුණා. ඉතින් එදා ඉදන් පුංචි සරුංගලේ හිටියේ ඒ හුළං පොද එක්කමයි. ඒ හුළං පොදත් එක්ක යද්දී තමන්ගේ රැල් එහෙම හොඳ විහිදිලා තමන් ලස්සනට ඉන්නවා කියලා තමා පුංචි සරුංගලේ හිතුවේ. ඒ වගේමයි තමන් නොගිය පැතිවලටත් ඒ හුළං පොද එක්ක යන්න පුලුවන් වුණු නිසා පුංචි සරුංගලේ මේ තමන්ගේ ජීවිතේ හොඳම කාලේ කියලා හිතුවා. මේ විදිහට කාලයක් ගතවෙලා ගියා. පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා කියලා කියනවා වගේ මුලින් හුළං පොදක් විදිහට තිබුණු හොඳ හුළඟ මහා සුළි සුළඟක් වුණා. ඒකෙන් අන්තිමට වුණේ අපේ පුංචි සරුංගලේ අතරමං වෙලා බොහෝ....ම ලොකු අමාරුවක වැටිලා කඩා පාත් වෙන්න පටන් ගත්තු එක. ඒත් පුංචි සරුංගලේ හොඳ කෙනෙක් නිසා එයාගේ යාළුවෝ එයාට උදව් වුණා. එයාලා ආයි පාරක් කලින් විදිහටම ඔහේ පාවෙලා යන්න පුංචි සරුංගලේට උදව් කළා. පුංචි සරුංගලේ ගාව තිබුණු ධෛර්යවන්තකමත් ඒ වගේමයි එයාගේ යාළුවන්ගේ උදව් නිසා අපේ පුංචි සරුංගලේ ආයි පාරක් ඔහේ පාවෙලා යන්න පටන් ගත්තා. මේ විදිහට ටික කාලයක් ගතවුණා. කලින් අත්දැකීම හොඳ නැති එකක් වුණත් පුංචි සරුංගලේ තවම ආසයි හොඳ හුළං පොදක් එක්ක එකතු වෙලා පාවෙලා යන්න. එහෙම ඉද්දී තමා පුංචි සරුංගලේට ආයි පාරක් හුළං පොදක් හම්බුණේ. පුංචි සරුංගලේ හිතාගෙන ඉන්නේ ඒ හුළං පොද හොඳ එකක් වෙයි කියලා. ඒ සිතුවිල්ලෙන් පුංචි සරුංගලේ ඒ හුළං පොදත් එක්ක පාවෙලා යනවා. සමහර විට ඒ හුළං පොදත් අන්තිමට මහා සුළි සුළඟක් වෙන්න පුලුවන්. එහෙම වෙලා ඒකෙන් සරුංගලේ පාතටම කඩාගෙන වැටෙන්නත් පුලුවන්. ඒත් ඔහේ ඉන්නවාට වඩා ඒක හොඳයි කියලා තමා පුංචි සරුංගලේ හිතන්නේ........ ඔයාලටත් දවසක ඒ පුංචි සරුංගලේ හුළං පොදත් එක්ක පාවෙලා යනවා දකින්න ලැබේවි. මමත් බලාගෙන ඉන්නේ ඒ පුංචි සරුංගලේ හොඳ හුළං පොදක් එක්ක හුඟක් කල් පාවෙලා යනවා දකින්න..... කතාව මතු සම්බන්ධයි............ (උපුටා ගැනීම අන්තර්ජාලයෙන් ) indika76Most Senior MemberPosts:10449 04 Nov 2017 12:55 AM සත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනීමෙන් සියලු දුකින් මිදෙයි. සබ්හි සූත්‍රය samanthaMost Senior MemberPosts:13190 03 Nov 2017 10:54 PM අර ජාතක කථාවක් තියෙන්නේ ගිරා පෝතකයන් දෙදෙනෙකු ගැන .. අන්න ඒ වගේ සිදුවීමක්.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! chamaramindMost Senior MemberPosts:13471 03 Nov 2017 06:10 PM ලස්සන කතාවක් පුවතක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... RosiSuper Senior MemberPosts:5335 03 Nov 2017 06:08 AM එක් සත්‍ය කතාවක් - දෛවය දෙදෙනකුට සැලකූ හැටි මේ කුඩා දරුවන් දෙදෙනාගේ ජීවිත අභාග්‍යය වන්නේ ඉතාම කුඩා වියේදීය. ඒ අභාග්‍යවත් බව ඔවුන් වෙත ගෙන ආවේ දෙමවුපියන් විසිනි. ඔවුන්ගේ දෙමවුපියන් දිනපතා දබර වූහ. ගෙදර අඬදබර දරුවන් දෙදෙනාට සුපුරුදු ඒවා විය. වැඩුමලා ගැහැණු දරුවෙක් වූ අතර බාල දරුවා පිරිමි ළමයෙක් විය. එක් දිනෙක මවුපිය දෙදෙනාගේ දබරය දරුණු විය. එදින පියා විසින් ආයුධයකින් මවට පහර දෙනු ලැබීය. ඒ පහරින් මව මරු මුවට පත් වූවාය. ඉන් අනතුරුව පියා අත්අඩංගුවට පත් විය. අනාත වූයේ දරු දෙදෙනා ය. මවත් පියාත් දෙදෙනාම අහිමි වූ දරු දෙදෙනාට සිදුවූයේ කුමක්ද? ඔවුන්ගේ ඥතිහු ද දුප්පතුන් වූහ. ඔවුන් ඇති හැකි අය නොවූහ. නමුත් දුගී වුවද ඥතීහු දෙදෙනෙක් දරුවන් දෙදෙනා බාර ගත්හ. දරුවන්ගේ මාමා කෙනකු දියණිය භාර ගත්හ. ඔහු දියණියගේ මවගේ සහෝදරයෙකි. කුඩා පිරිමි දරුවා භාර ගත්තේ සිරගත වූ පියාගේ සහෝදරයෙකි. දරුවන් අනාථ නොවී මෙසේ වීම ගැන කවුරුත් සංතෝෂ වූහ. දියණිය භාරගත් මාමා හොඳ මිනිසෙකු විය. ඔහුගේ යහපත් බව දියණිය කෙරෙහිද බලපෑවේය. දැරිය යමක් වටහා ගැනීමේ සමත්කම් ඇති බුද්ධිමත් එකියක වූවාය. මාමා ඇය පාසල් යෑව්වාය. ඉගෙනුමෙහි සමත් එකියක වූ ඇය හොඳින් ඉගෙනුම කළාය. ඇයගේ පෙනුමෙහි ද වැදගත්කමක් තිබුණි. මිනීමරා ගත් මවුපිය දෙදෙනකුගේ ගතිගුණ ඇය කෙරෙහි නොවීය. පිරිමි දරුවා වැටුණු බාප්පා එතරම් හොඳ මිනිසෙකු නොවීය. ඔහු දරුවාගේ අධ්‍යාපනය ගැන සොයා බැලුවේ නැත. දරුවා පාසල් ගියේ ආවාට ගියාටය. පිරිමි දරුවා වැඩිකල් පාසල් ගියේ නැත. ඔහු ගමේ කඩපිල්වල රස්තියාදුවට වැටුණේය. බාප්පා ඔහුගේ හැසිරීම සොයා බැලුවේ නැත. ඔහු ගෙදර ආවේ ඉඳහිටය. දරුවා නරක මිතුරන්ගේ ඇසුරට වැටී තිබුණි. ඔහුගේ සොයුරිය මල්ලීගේ පැවැත්ම දැන සිටියාය. එහෙත් ඇයට මල්ලි මුණගැසුණේ නැත. ඔහු යහමගට ගැනීමට ඇයට වුවමනා වී තිබුණි. නමුත් මල්ලි අක්කා මුණගැසෙන්නට ගියේ නැත. තරුණ විය ළඟාවත්ම මල්ලි සොරෙකු වී සිටියේය. ඔහු පළමුව කළේ ගමේ සුළු සුළු සොරකම් ය. පසු කලෙක ඔහු ලොකු කඩවලට රෑ කාලයන්හි කඩා වැදී ලොකුවට සොරකමෙහි යෙදුණේය. බාප්පා මේ වනවිට ඒ දරුවා අතහැර දමා තිබිණි. සහෝදරිය තම සොහොයුරා මුණගැසී ඔහු හා කතා කරන්නට උත්සාහ කළාය. එහෙත් සහෝදරයා ඇය රිස්සුවේ නැත. අන්තිමේදී නරකින් දිවි ගෙවන්නාට විය යුත්ත සිදු විය. මහා පරිමාණ සොරකමකට හසු වූ සහෝදරයා රිමාන්ඩ් භාරයට පත්ව එතැනින් බන්ධනාගාර ගත විය. ඒ අවුරුදු ගණනාවකටය. යුවතිය යහපත් ලෙස හැදුනාය. පෙනුමෙන්ද යහපත් කමින්ද යුතු යුවතියට හොඳ විවාහයක් ද සිදුවිය. ඇයට ලැබුණු ස්වාමියා හොඳ කෙනකු විය. කුඩාවට ව්‍යාපාරයක් පටන් ගත් ඔහු ටික කලකින් සරු සාර ව්‍යාපාරිකයෙක් විය. ඒ සාර්ථකත්වයට ඔහුගේ බිරිඳගේ සහයෝගය ද බලපෑවේය. ස්වල්ප කාලයකින් මේ දෙපළ "හාඩ්වෙයාර්" එකක අයිතිකරුවන් වූහ. මේ අතර සොරකමට සිරගත වූ සහෝදරයා වසර 3 ක් බන්ධනාගාරගතව සිට නිදහස් විය. ඔහුට යා හැකි තැනක් නොවීය. ඔහුට යා යුතු එකම තැන වූයේ ගම මිස අන් තැනක් නොවේ. ඔහු හිර ගෙදරින් ලැබුණු සුළු මුදලක් ඇතුව ගමට ආයේය. ගමට ආවද ඔහුට යන්නට තැනකට තිබුණේ ටික කලක් හෝ හැදුණු වැඩුණු බාප්පාගේ නිවසටය. එහෙත් මේ නොදැමුණු තරුණයා බාර ගන්නට බාප්පා කැමැති නොවීය. තම සහෝදරයා කඩපිල්වල තැනින් තැන වැටී නිදන බැව් සහෝදරියට ආරංචි විය. ලය උණු වී ගිය ඇය සහෝදරයා තමා වෙත කැඳවීය. "අද ඉඳල හොඳ මිනිහෙක් වෙයං. මේ හාඩ්වෙයාර් එකේ වැඩ කරප." සහෝදරයා එතැන් සිට හාඩ්වෙයාර් එකේ වැඩපළ කළේය. ඔහුට සහෝදරියගෙන් කෑම බීම ලැබිණි. හාඩ්වෙයාර් එක තුළම නිදන්නට පහසුකම් ද ලැබිණි. මෙසේ ඔහු වැඩිකලක් ජීවත් වූයේ නැත. මේ ජීවිතයේ කිසි ප්‍රියතාවක් නැතැයි ඔහුට සිතිණි. දිනක් එක් රාත්‍රියක ඔහු යහළු සොරෙක් කැඳවූයේය. හාඩ්වෙයාර් එකේ තිබුණ වටිනා භාණ්ඩ රැසක් ත්රීවීලරයක පටවා ගත් මේ සහෝදරයා සොර මිතුරා සමග පලා ගියේය. සහෝදරිය සහෝදරයාට විරුද්ධව පොලිසියට පැමිණිලි කළේ නැත. ඉන්පසු ඔහු දක්නට ලැබුණේ නැත. වෙනත් සොරකමකට අසුවූ ඔහු යළිත් බන්ධනාගාරගතව සිටියේය. බන්ධනාගාරයකදී තවමත් සිරදඬුවම් විඳින පියා හමු විය. "උඹ කොහොමද හිරේට වැටුණේ" "හොරකමකට" "මගේ වැරැද්ද පුතා..... මගේ වැරැද්ද....." පියා පිළිතුරු දුන්නේය. චන්ද්‍රසිරි දොඩන්ගොඩ RosiSuper Senior MemberPosts:5335 03 Nov 2017 05:57 AM හ්ම්ම්ම්ම් අර බිරිද වගේ අය දැන් කාලේ නම් බොහොම අඩුයි , අම්මා වරුන් කවදත් එලෙසමයි අඩු වැඩි වශයෙන් නමුත් මේ කතාවට නිසි වටිනාකමක් දුන්නේ අර බිරිදගේ ක්‍රියාව නිසයි කියලයි මට හිතුනේ . නැත්නම් මේ කතාව මිට වඩා දුකක් වෙන්න තිබුනා . sha733Super Senior MemberPosts:7332 02 Oct 2017 11:39 PM මෙහි එන කථාවේ මූලික චරිත 3 ගැන හරි ආඩම්බරයි හැමෝම මෙහෙම වෙනවනං indika76Most Senior MemberPosts:10449 01 Oct 2017 12:34 AM ඉතාමත් සංවේදී කතාවක්.. දේශපාලනඥයාගේ බිරිද ක්‍රියාකල ආකාරය අති විශ්ෂ්ඨයි... samanthaMost Senior MemberPosts:13190 30 Sep 2017 11:11 PM එක් සත්‍ය කතාවක් මවු සෙනෙහස සැඟවුණු තැන මේ කතාව අම්මලාගේ ආදරය කෙබඳු දැයි යන්නට උදාහරණ කතාවකි. මවුවරු සමහර දරුවන්ට වැඩියෙන් ආදරය කරන අවස්ථා දක්නට ලැබේ. මවකගේ ආදරය එසේ අඩු වැඩි විය හැකි දැයි කෙනෙකු ප්‍රශ්න කරන්නට පුළුවන. එසේ විය හැකි යෑයි මම සිතමි. එක් මවකට දරුවන් කිහිප දෙනෙකු සිටියහ. එයින් වැඩුමල් පුතා දල කාරයෙකු විය. දලකාරයෙකු යෑයි කීවේ ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වී සිටි බවය. දැන් පළාත් සභා මන්ත්‍රීකම නැති වුවද ඔහුට අග හිඟයක් නැත. ඔහු මන්ත්‍රීධුරය දැරූ කාලයේදී හරි හම්බ කරගත් දේවල් තිබේ. එබැවින් තම මව ඔහු තම ගෙදර නතර කර ගත්තේය. ඇයට ඇඳුම් පැළඳුම් කෑම බීම හොඳ කාමරයක් ආදී වශයෙන් පහසුකම් සියල්ල සලසා දුන්නේය. මේ මවට තව දරුවන් කිහිප දෙනෙකු සිටියහ. ඔවුන් පළාත් සභා මන්ත්‍රී සහෝදරයා තරම් වත්කම් නොතිබූ නමුත් සාමාන්‍ය ජීවිත ගත කළහ. අග හිඟකම් මැද දිවි ගෙවුයේ පවුලේ බාලම සහෝදරයා පමණි. වැඩි උගත්කමක් නොලද හේ කළේ එදිනෙදා කුලී වැඩය. ඔහු ජීවත් වූයේ පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවස අසලම කුඩා නිවසකය. විසල් මැඳුරක සිටියද මව පැල්පතේ සිටින සිය බාල පුතු අමතක කළේ නැත. නුදුරු පැල්පතේ වෙසෙන පුතුගේ දුක සැප බලන්නට මව හැම විටම පැල්පතට ගියාය. ඒ යන එන වෙලාවන්හිදී ඇයට බාල පුතු විඳින දුෂ්කරතා පෙනුණි. වැඩි ආදායමක් නොලද පුතාගේ කුස්සිය අගහිඟකමින් පිරී තිබෙනු මව දුටුවාය. ඒ ගෙදර සහල් සීනි පිටි තිබුණේ මඳ වශයෙනි. වේලකට උයනු ලැබුවේ එක එළවළුවක් පමණි. දරුවන්ගේ ඇඳුම් පැළඳුම් කඩමලු හෝ කිළිටි වී ගිය ඒවා විය. බාලපුතාට උපකාරයක් කළ හැකි විදියක් මව කල්පනා කළාය. ඇය අත මුදල් තිබුණේ නැත. ඇය අන්තිමට කල්පනා කළේ දුගී පුතුට උපකාර කරන උපක්‍රමයක් ගැනය. ඇය කළේ පළාත් සභා මන්ත්‍රී පුතුගේ ගෙදර තිබෙන සහල් කිලෝවක් පමණ රෙදි පොටෙහි දාගෙන ගොස් බාල පුතුගේ බිරිඳට දීමය. දෙවනුව ඕ කිරිපිටි ටින් එකෙන් ස්වල්පයක් කොළයක දවටා ඇඳි වතෙහි දවටාගෙන ගොස් බාල පුතුගේ බිරිඳට දුන්නාය. මෙලෙස මිරිස් අල ලූනු ආදී කුස්සියේ තිබෙන කෑමට බීමට ගත හැකි ද්‍රව්‍ය සඟවා ගෙන පුතුගේ ගෙදරට ගෙන ගොස් දීම පුරුද්දක් කර ගත්තාය. පුතාගේ බිරිඳද මේ ගෙන එන දෑ භාර ගත්තේ දිළිඳුකම නිසා මිස සොරකම පිණිස නොවේ. පළාත් සභා මන්ත්‍රීගේ බිරිඳට කුස්සියේ බඩු අඩුවීම මුලින් දැනුණේ නැත. නමුත් තේරුම් ගත නොහැකි අයුරින් කුස්සියේ යම් යම් බඩු අඩුවන බව ඇයට දැනිණි. ගෙදර සේවකයන්ද සිටියේ නැත. එසේ වී නම් සේවකයන් සැක කරන්නට හැකිකම තිබුණි. එබැවින් ඇය කුස්සිය ගැන සෙවිල්ලෙන් සිටියාය. තම නැන්දණිය මිරිස් කරල් ටිකක් රෙදි පොටෙහි සඟවා ගනු ඇය එක් දිනෙක දුටුවාය. කලබල නොවූ ඇය ඊළඟට සිදු වන්නේ කුමක්දැයි බලා සිටියාය. නැන්දණිය ඊළඟට ගියේ බාල පුතුගේ ගෙපැලට බව ඇය බලා සිටියාය. මොළේ ඇති බිරිඳක් වූ ඇය පළාත් සභා මන්ත්‍රීවරයාට මේ රහස කීවේ ඉතා සංසුන් ලෙසය. "දැන් මොකද කරන්නේ. මන්ත්‍රීවරයා ඇසීය. "ඕක අම්මගෙන් අහන එක හොඳ නෑ. අම්මා අනුකම්පාවට කරපු වැඩක් නේ. එහෙම නෙමෙයි. අපි රුපියල් දාහක එක්දාස් පන්සීයක විතර හාල් තුනපහ පාර්සලයක් හදල අම්මට දෙමු මල්ලිට ගිහින් දෙන්න කියලා. මාසෙකට වතාවක් දුන්නම ඇති. එතකොට දෙගොල්ලන්ටම හොඳයි. මන්ත්‍රීවරයා බිරිඳගේ අදහස අනුමත කළේය. ඉනික්බිති කටයුතු සිදු වූයේ ඒ ආකාරයටය. ඒ ආකාරය කාගෙ කාගේත් ගෞරවයට හේතු විය. මවකගේ සෙනෙහස වඩාත් හිමි වන්නේ නැති බැරි දරුවාටමය. එයින් අනිත් දරුවන්ට ආදරේ නැතැයි ප්‍රකාශ නොවේ. * චන්ද්‍රසිරි දොඩන්ගොඩ සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! sha733Super Senior MemberPosts:7332 06 Aug 2017 12:49 AM කරන දේට පසු උපකාරයක් බලාපොරොත්තුවෙන් තොරව මෙවැනි ක්‍රියාවක් සිදු කලොත් බලාපොරොත්තු නොවුනත් මෙවැනි දේ බොහෝ දුරට ලැබෙනවා maduranga001Most Senior MemberPosts:14118 05 Aug 2017 11:36 PM මොන අඩුපාඩුකම් අපේ රටේ මිනිස්සුන්ගෙත් තිබුණත් මන් හිතනවා මිනිසුන් කරදරයකට පත් වෙලා ඉන්න වෙලාවට ඕනෑම වෙලාවක අපේ මිනිසුන්ගෙන් වැඩි පිරිසක් ඒ සඳහා උදව්වෙන්න ඉදිරිපත් වෙනවා. එකෙනුත් ගොඩක් වෙලාවට පොඩි මිනිහා තමයි මුලින්ම එන්නේ. පාරේදී කරදරයක් උණොත් බොහෝ විට මෝටර් බයිසිකලේක හෝ ත්‍රිවිල් එකක යන කෙනෙක් තමයි නවත්වලා අහන්නෙ මොකක්ද මහත්තය වෙන්න ඕන කියල. ලොකු වාහනේක යන කෙනෙක් එහෙම ඉදිරිපත් වෙනවා හරිම අඩුයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ indika76Most Senior MemberPosts:10449 04 Aug 2017 08:42 PM අර්ථවත් කතාවක්... අවශ්‍ය වේලාවෙදී උදව්වක් නැතිනම් වැඩක් නැහැ... RosiSuper Senior MemberPosts:5335 04 Aug 2017 07:43 PM අවශ්‍යම උදවුවකට ලැබුන අවශ්‍යම උදවුවක් . අර්ථවත් කතා පොඩ්ඩක් ,එත් ලොකු පාඩමක් . ස්තුති අයියේ chamaramindMost Senior MemberPosts:13471 04 Aug 2017 07:25 PM උදව් දෙන්න ඕන කරදරයක් පත්වුනු අයට ඒ වෙනුවෙන් පිනක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... ImalkaVeteran MemberPosts:4533 04 Aug 2017 04:15 AM කෙනෙකුට කරන සුළු උදව්වක් තව කෙනෙකුට කොයි තරම් වටිනාවාද යන්න ගැන හොඳ උදාහරණයකි මේ කතාව. දැන් බලන්න,...මේ කතාව ලියපු සරත් විජේසූරිය....එයාල 2015 ජනවාරි කාලේ කරපු සුළු උදව්වක් නිසා අලිමංකඩ පාමංකඩ හොයාගන්න බැරිව හිටියට රවී කරුනානායකලා කෝටි ගණන් වල ගෙවල් ගන්න අපූරුව කාටද ආඩම්බර. wasangaamaBasic MemberPosts:202 04 Aug 2017 12:14 AM උදව්වට උදව්ව... වටිනවා. samanthaMost Senior MemberPosts:13190 03 Aug 2017 10:12 PM උදව්ව යන්නේ වටිනා තේරුම උදව්ව යන්නමයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! samanthaMost Senior MemberPosts:13190 03 Aug 2017 10:10 PM මොහොතක් නැවතී මෙම අපුරු කතාව කියවන්න ලොස් ඇන්ජලීස්හි නාට්‍ය කන්ඩායමක සේවය කල තරුණ පියානෝ වාදකයෙක් මැදියම් රැය පසු වී පාන්දර 2.30 ට පමණ තම සැහැල්ලු මෝටර් රථයෙන් සිය නිවසට යමින් සිටියේය. පාලු මාවතේ බෙන්ස් රථයක් ලග සිට ගත් කාන්තාවක තම රථය දෙසට වේගයෙන් අත් වනමින් සිටිනු ඔහුට පෙනුණේය. ඔහු තම රිය නැවත්වූ විට ඇය මෙසේ කීවාය. මගේ මහත්තයා පිළිකා රෝගයෙන් මරණාසන්න වෙලා සාන්ත මොනිකා වල සැන් ජෝන්ස් ඉස්පිරිතාලේ නවත්තලා ඉන්නවා. එයාට දැන් සිහියක් නැහැ. සුළු විවේකයක් ලබා ගෙන නැවත පැමිණේන්න යයි කියා රෝහලේ කට්ටිය මාව ගෙදර එව්වා.සිහිය ඇවිත් එයා මට කතා කරනවාය කියා දැන් මට රෝහලෙන් ඇමතුමක් ආවා. මම ඉක්මනට යන්න උත්සාහ කලත් මගේ කාර් එක මෙතන නැවතුණා . කරුණාකර මාව ඒ ඉස්පිරිතාලෙට එක්කන් යන්න පුලුවන්ද? ඔහු එයට එකග වී තම මගින් බැහැර සැතපුම් හයක් පමණ ගොස් ඇය එම රෝහලට ඇරලුවේය. ඔහුට ප්‍රවීණ පියානෝ වාදකයෙක් වීමට අවශ්‍යව ඇති බවත් , පුහුණු වීම් සදහා නිවසේ පියනොවක් නොමැති වීම එයට බාධාවක් බවත් ඇය ඒ ගමන අතර තුරදී දැන ගත්තේය. රියෙන් බැසීමට පෙර ඇය ඔහුගේ ලිපිනය ලබාගත්තාය. තමා වෙනුවෙන් කල කැපකිරීම වෙනුවෙන් රෝහල ලගදි ඇය ඔහුට ඩොලර් 100ක් පිරි නැමුවාය. එත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. මුව නොසැහෙන සේ ස්තුති කල ඇය ඉවත්ව ගියාය. දින දහයකට පසුව ඩොලර් දසදහසකට වඩා වටිනා සිත්කළු පියෝනාවක් මෙම තරුණයාගේ නිවෙසට කිසිවෙකු විසින් ගෙනවිත් භාරදුනි. ඒ සමග සටහනක් ද ඒවා තිබුණු අතර එහි මෙසේ සදහන් විය. මගේ සැමියා පෙනහළු පිළිකාවෙන් මිය යාමට පෙර ඔහුටත් මටත් මිනිත්තු 20ක් එකට සිටීමට අගනා අවස්තාවක් උදාකරදීමට ඔබ කාරුණික විය. ඔහුද සංගීතඤයෙක් විය. ඒ මිනිත්තු 20 ලබා දීම ඇගයීම වශයෙන් ඔබගේ සංගීත වෘත්තිය දිරි ගැන්වීම සදහා මේ පියානෝව ඔබට ලබා දීමට අපි දෙදෙනාම කැමති වූයෙමු. දවසේ මෙහෙවර හමාර කොට ඉතාමත් වෙහෙසට පත් වී නවාතැනට යමින් සිටි මේ තරුණයාට මේ කාන්තාවගේ ඉල්ලීම ඉටු කර දීම සදහා සැතපුම් 12ක් වැඩිපුර රිය පැදවීමට සිදු විය. ඒ උදව්ව වෙනුවෙන් ඒ කාන්තාව ලබා දුන් ඩොලර් 100ද මේ තරුණයා ප්‍රතික්ශේප කළේය. එය මෙහි ඉතාම වැදගත් සිද්ධියයි. උදව්ව යන්නේ වටිනා තේරුම උදව්ව යන්නමයි. මේ තරුණ සිත යහපත්ය. උදාරය. ඒ මානව ගරුත්වය තරුණ සිත් තුල තිබිය යුතුමය. ඉක්බිතිව ඒ තරුණයා අපේක්ෂා නොකළ දෙයක් සිදුවිය. ඩොලර් දස දහසක් වටිනා පියානෝවක් ඔහුට හිමි වෙයි. මෙහි වැදගත්ම දේ වන්නේ අර කාන්තාව මේ තරුණයා කල උපකාරයට කෙතරම් ගෞරවනිය හැගීමකින් පසුවුවාද යන්නයි. තම සැමියා අවසන් හුස්ම හෙලීමට පෙර ඔහු සමග මිනිත්තු 20ක් ගත කිරීමට ඉඩ ලැබුනේ මෙම තරුණයාගේ උපකාරය නිසාය. මෙබදු කතා කියවා අවබෝධ කරගෙන කෑම මේසයේ දී හෝ ගමනක් බිමනක් යන විට හෝ සුහදව තම පවුලේ සාමාජිකයන් එකතු වී සිටින අවස්තාවක හෝ ඒ ගැන මව හෝ පියා හෝ කතා කරයි නම් ඉන් වැදගත් බලපෑමක් දරුවන්ගේ ජිවිතයට සැබවින්ම උදා වෙයි සරත් විජේසුරිය මහතාගේ ග්රන්ථයක් ඇසුරෙන් උපුටා ගන්නා ලදී සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!