Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ඔන්ලයින් හිටිවන කවි මඩුව Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ඔන්ලයින් හිටිවන කවි මඩුව Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review kingDVeteran MemberPosts:3309 24 May 2024 11:33 PM කවි මඬුව ආයෙමත් පටන් අරන් වගේ 😁❤️ Business, you know, may bring money, But friendship hardly ever does. kingDVeteran MemberPosts:3309 24 May 2024 11:32 PM කවි මඬුව ආයෙමත් පටන් අරන් වගේ 😁❤️ Business, you know, may bring money, But friendship hardly ever does. ImalkaVeteran MemberPosts:4533 21 May 2024 09:20 PM කාලෙකින් මේ පැත්තේ ආවා ඇවිදින් යන්න නිකමට හිතුනා කවියකුන් ගොතලා ඉන්න මගේ අදහසත් මෙතනම ලිව්වා මෙන්න නැවතත් ලියමු කවියක් පාළුව නැති වෙන්න ImalkaVeteran MemberPosts:4533 07 Jan 2020 11:16 PM කීම ඒ කාරනා එලෙසින් ඔබ අමතක වෙන්න නිතරම ස්ටන් ඇවිදින් කවියක් ලියලා යන්න මඩුවේ කවි රසය හැමදා එකලෙස පවතින්න මාගේ කවිය ගෙන එනවා මෙසේ එය පිළිගන්න UdariSuper Senior MemberPosts:5555 07 Jan 2020 11:02 PM කලකින් ආවෙ ඔබ සැම බලලා යන්න එනමුත් සැමට දැන් මා අමතක වැන්න නැවතත් එන්න කවි මඩුවට පණ දෙන්න ආසයි සැවොම හා සතුටින් එක් වන්න😘 ImalkaVeteran MemberPosts:4533 09 Dec 2019 07:25 PM අලුතින් කුමට කවි මඩුවට නව කවි කරුවෝ මෙහි ඉන්නා සැවොම කවියට නම් දැරුවෝ පෙරලා බලනු පසු පිටු කවි ලියනට විරුවෝ යමු අපි නොපසු බැස එක මවකගේ දරුවො indika76Most Senior MemberPosts:10449 29 Nov 2019 08:24 AM ආවත් එක් එක විදියේ හාදයෝ දකින්නට නෑ වගේ කවි කාරයෝ ImalkaVeteran MemberPosts:4533 27 Nov 2019 07:31 PM ආවා ටික කාලෙකින් ස්ටන් අය බලලා යන්න ගාවා කවි රසය පද පෙළකුත් ලිව්වා මෙන්න උදවිය නම් හිඟයි මම හොඳ හැටි දන්න අලුත් බොහෝ අය වෙති කැමතියි හඳුනා ගන්න ImalkaVeteran MemberPosts:4533 28 Aug 2019 04:29 PM කාගේත් මතකයෙන් ඈතට හැමදා ඇදුනා ස්ටන් එකේ කවි මඩුව එකතැන රැඳුනා අලුතෙන් කවි කෙවිලියන් ගත්තත් හඳුනා කවි නොවැටෙනා විටදී හිත හරියට රිදුනා ImalkaVeteran MemberPosts:4533 26 Apr 2019 08:08 PM මඩුවට වැටී ඇත කවක් අද දිග අඩු මහත බොරු නම් බලනු මැන තමයි ඇති ඉහත කියවා බැලුව මුත් නොහැගෙයි එම පිරිත නොම්මර කිහිපයක් ඇත වදන නම් විරිත PoddiVeteran MemberPosts:2100 26 Apr 2019 03:05 PM බොරු එකිනෙක ගොතා දස අත දෙන නෙක කතා වෙන දෝස නොහිතා උපන් බිමටම නිගරු කරතා (9,11,9,14 - මහා පියුම් විරිත ) ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* ImalkaVeteran MemberPosts:4533 26 Apr 2019 12:23 PM සැක මුසු බවකි හැම අත මේ දිස්වෙන්නේ කවදා කොතන මරු සැඟවී දැයි නොමදන්නේ ඔබ වටපිටාවේ මොනවද නීති සිදු වන්නේ නිරතුරු අවදියෙන් සිට අනතුරු වළකන්නේ PoddiVeteran MemberPosts:2100 25 Apr 2019 07:37 PM සීතලට හිරි ගඩුත් _______පිපෙන බෝම්බය බය වැඩිම ______කරන ආ අවුරුදු නොදැනම _____ගීයෙන වැස්සන් රටෙහි මර ______බියෙන ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* ImalkaVeteran MemberPosts:4533 09 Apr 2019 02:53 PM කොණ්ඩයේ දිග හදන යුරු මෙහි ලියවෙනවා ඉතලියේ නංගිලා කෙහි වවනා හැටි කියවනවා ඉපැරණි කියමනක් මට නීති සිහි වෙනවා පොඩ්ඩක් වරදුනතැනදී කෙහි වලු පැටලෙනවා UdariSuper Senior MemberPosts:5555 08 Apr 2019 09:24 PM කවි මඩුවට දිල්කි අක්කි පිළිගන්නේ ආයිත් ලියමු මොකටද හිනහා වෙන්නේ රස නම් මොකද කොණ්ඩේ ගැන ලතවෙන්නේ ෂැම්පු ටිකක් දාපන් ඒමයි කොණ්ඩේ ගන්නේ DilkiAdvanced MemberPosts:958 08 Apr 2019 08:37 PM මෙතන තියෙන ලස්සන කවි දැක්කාම නොලියූ කවිත් ලියවෙනවා නොදැනීම හිනහා නොමවන්න මේ කවි දැක්කාම කොණ්ඩේ නැති කැවුම් නම් හදනවා මම ImalkaVeteran MemberPosts:4533 08 Apr 2019 10:23 AM කුමටද ඔබේ නෙතඟ කඳුලැලි නැග එන්නේ හනිකට කැවුම් කිරිබතක් පිළියෙළ කරගන්නේ ලොව කොහි සිටිනමුත් අවුරුදු සැමටම එන්නේ ඔබගේ වත්ත මල් බරවී අවුරුදු සිරි කැඳවන්නේ UdariSuper Senior MemberPosts:5555 08 Apr 2019 09:35 AM සිංහල අවුරුද්ද ලන් ලන් වී එනවා ඔබලා සැවොම සතුට්න් එය සමරනවා අවුරුදු සමයෙ නෙතඟට කඳුලක් එනවා කැවුමක් එවන්නකො අපිටත් පින් දෙනවා ImalkaVeteran MemberPosts:4533 07 Apr 2019 09:25 PM කවුරුත් ඇවිත් නැහැ නෙව පහු ගිය මස තිස්සේ අවුරුද්දත් එනවා නෙව මේ කදී මුඩි වැඩ අස්සේ තෙමුනොත් මොකද මොහොතක් කවි වැස්සේ දමතොත් පිළිතුරක් අගනෙයි කවි ත්‍රෙඩ් ඔස්සේ ImalkaVeteran MemberPosts:4533 17 Oct 2018 04:14 PM වහිනවා නේද අද දවසෙත් මහනුවර පුරා ලොකු ලොකු වලාවන් ඇදෙනවා පිටිය අරා ඉඩ කඩ අඩු වගෙයි යන්නට ජය කනුව කරා එනු මැන හිරු කුමරුනේ මේ වැහි අඳුර ඉරා sha733Super Senior MemberPosts:7332 13 Sep 2018 10:40 AM ගෝඨට ගොට්ට අල්ලා ඇති පලක් නැතී ඔහුද නටන නූල තවත් අයෙක් අත ඇතී රටට පලක් වේ නම් ඒ මුදු කමක් නැතී ලැබ දේනම් රටක් රට විදියට ඒ අපට ඇතී Ind007kaMost Senior MemberPosts:12931 08 Sep 2018 11:21 AM දෙශ පාලුවෙක් නොවනා කෙනෙක් ගමු අතීතයෙන් පාඩම් දැන් වත් ඉගෙන ගනු යුද්දෙත් සංවර්දනෙත් කල එකෙක් වනු වෙන කවුරුත් නොව "ගොටා " ගෙන එනු First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... Udeshika HerathVeteran MemberPosts:3955 07 Sep 2018 08:45 PM මෙතන කතා වෙන්නේ දේශ පාලනේ ගැන හින්දා මම එන්නේ නෑ මේ අතරට රිංගා මා මේවට අක මැති හින්දා යනවා හීන් සිරුවෙ ආපසු හැරිලා Udeshika Herath ImalkaVeteran MemberPosts:4533 07 Sep 2018 03:35 PM පහුගිය දින ටිකේ විස්මිත ජන බල සේනා අමතක වී නොමැති වග තවමත් පේනා වෙන වෙන එවුන් ලක් මව රැකුමට නේනා ගෝටා විතරමයි සිරිලක රජ පුටුවට ඕනා sha733Super Senior MemberPosts:7332 07 Sep 2018 10:24 AM රට ගැන පුහු වහසි බස්නම් ඇත නිරන්තරේ ලෝකෙන් උතුම් රට කීමෙන් දැන් පලක් නැතේ එනමුත් එසේ කෙරුමට අප හට තව ඉඩක් ඇතේ රට ගැන සිතන නායකයින් ගෙන ඒ නම් පෙරමුනේ Ind007kaMost Senior MemberPosts:12931 07 Sep 2018 07:28 AM අපට පුතෙ අදත් හෙටත් රටක් නැතේ හෙට හොදවෙවි යැයි හිතුවත් අපේ සිතේ බලයට මරාගන්නා තුන් සිහල ම්තේ ලොකෙන් උතුම් රට මෙයද පුතේ ..? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... sha733Super Senior MemberPosts:7332 06 Sep 2018 04:03 PM ජන බල ගග නන් විලසින් එදෙසට ඇදුණු නියා මොර හඩ දී තැගුවත් රස බර හොරුගෙ කතා කී මුත් පසුදා පහන් වනතුරු ඒ සැම සීටී කියා දුටුවේ මතින් මත් උන් පමණකි හතර ගාතෙ දා Ind007kaMost Senior MemberPosts:12931 06 Sep 2018 10:49 AM ජනබල කලබල අස්සේ කවුරුද ගෙමට බැස්සේ ලිප්ටන් රවුම ඔස්සේ මත් වතුර නම් වැස්සේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 06 Sep 2018 09:45 AM මදුරන්ගයෝ කෝ නුඹ හැදු ලස්සන කවි මඩුව ඉතිරිව තිබෙන්නේ පමණකි කවි නැති අඩුව හොයමුද කැඩු කෙනා අල්ලන් අහමුද නඩුව අරගෙන වරෙන් නුඹේ කොස් කොටනා කඩුව indika76Most Senior MemberPosts:10449 06 Aug 2018 03:53 AM තිසර මල්ලි සමතෙක් ඔන්න තිව්ව අසුනක් බලලා හොද නැකතක් දෙන්නකො හොද පදයක් Thisara119New MemberPosts:3 06 Aug 2018 03:28 AM Posted By maduranga001 on 13 Jul 2018 08:10 AM උපන්තෙකට ලියු කවියත් මෙහෙම ඇතේ උපන්දා පටන් ලියුවා නම් කොහොම වෙතේ බැහැයි කියා කිසිවක් මේ ලොවේ නැතේ කවි මඩුවේ පුටුවක් දැන් ඔබට දෙතේ සිතුවෙමි ගොතන්නට කවියක් හැඩ දමලා... අගෝස්තු මස කිසිවෙකු කවි නැත ගොතලා... එනිසා බැලූවෙමි පොඩ්ඩක් මම එබිලා... දෙනවද හිදගන්න අසුනක් වත් තියලා... ImalkaVeteran MemberPosts:4533 20 Jul 2018 01:28 AM යන්නට එපා සොයුරිය කලබල නොම වන්න ඔබේ උත්සාහේ අගනෙයි දිගු ගමනක් යන්න මම දෙන මේ ඔවදන අමතක නොකරන්න අදහස් එන්නේ නැත්නම් පොඩ්ඩක් හොල්ලන්න Udeshika HerathVeteran MemberPosts:3955 20 Jul 2018 01:13 AM දැම්මා තට්ටුවක් එළියට එන්න නෑනේ එන්නෙ මේ සිතිවිලි ගොන්න සිතට දැනෙන දේ කියන්න බැරිවෙයි ඔන්න මා යනවා මඟහ හැර මේ කවි මඬුව Udeshika Herath UdariSuper Senior MemberPosts:5555 19 Jul 2018 09:25 PM Posted By Udeshika Herath on 19 Jul 2018 09:17 PM එන්නෑනෙ අදහස් අෆ්ෆ ඇයි සිරවෙලා ඔබගේ සිතුවිලි ගොන්න පොඩි තට්ටුවක් දාලා එලියට ගන්න සිතට එන දෙයක් මෙහි ලියලා යන්න මා හට පරක්කුයි මම යනවා ඔන්න 😁 Udeshika HerathVeteran MemberPosts:3955 19 Jul 2018 09:17 PM එන්නෑනෙ අදහස් අෆ්ෆ Udeshika Herath maduranga001Most Senior MemberPosts:14118 13 Jul 2018 08:10 AM Posted By Udari on 13 Jul 2018 06:39 AM තනියම කවි ලියන්නේ ඇයි ඔබ එලෙස අපි ඉන්නවා සහයට නිරතුරු මෙලෙස දිගු ගමනකට ආසිරි ගෙන එමු මෙලෙස තව හැඩවෙලා එයි ස්ටන් සිකුරුයි එලෙස හී හී....ජීවිතේට කවියක් ලිව්වමයි......හිනා වෙන්න එපා අනේ ඉතින් උපන්තෙකට ලියු කවියත් මෙහෙම ඇතේ උපන්දා පටන් ලියුවා නම් කොහොම වෙතේ බැහැයි කියා කිසිවක් මේ ලොවේ නැතේ කවි මඩුවේ පුටුවක් දැන් ඔබට දෙතේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ UdariSuper Senior MemberPosts:5555 13 Jul 2018 06:39 AM තනියම කවි ලියන්නේ ඇයි ඔබ එලෙස අපි ඉන්නවා සහයට නිරතුරු මෙලෙස දිගු ගමනකට ආසිරි ගෙන එමු මෙලෙස තව හැඩවෙලා එයි ස්ටන් සිකුරුයි එලෙස හී හී....ජීවිතේට කවියක් ලිව්වමයි......හිනා වෙන්න එපා අනේ ඉතින් ImalkaVeteran MemberPosts:4533 13 Jul 2018 06:11 AM ෆෝරමේ අද දිනේ ඇත පොස්ටු සිය දහස පායා ආ හැඩයි රෑ අහසේ අගනා තරු සහස එනමුදු නැහැ වගේ කෙනෙකුට කවි පහස හිතුනා ලියන්නට තනියම කවියක් මෙලෙස ImalkaVeteran MemberPosts:4533 07 Jun 2018 01:54 AM වැහිබර කාලගුණය ඇත හැමටම හරස් වෙලා වැහිකළු හිස් අහස් කුස පුරාවට සිරස් වෙලා කවියන් කෙවිලියන් ඇයි අද දුරස් වෙලා බැලුවෙමි හිස ඔසවා දැන් හොඳටම හවස් වෙලා ImalkaVeteran MemberPosts:4533 11 May 2018 01:50 AM කට්ටිය වැඩි දෙනා එකතුව ඉන්නවා දැකලා හිතුනා කවක් ලියනට වෙර වීරිය යොදලා පහුගිය දිනකිහිපයේ වැඩියෙන් වැඩ කරලා සතියේ ආවසානෙ එනවා නෙ හෙට ඉඳලා ImalkaVeteran MemberPosts:4533 25 Apr 2018 01:08 AM දැනෙනවා කවි මඩුවේ වෙනසක් සිදු වීලා අලුතෙන් හිතවතෙක් ඇත අප හා එක්වීලා පෙනෙනවා බොහෝ දුරක් මාවත එලිවීලා යමු එහි අප සැවොම සතුටින් ඉපිලීලා Kasun bandaraNew MemberPosts:3 24 Apr 2018 08:16 AM සිරි සරසවිය හද මඩලට කැන්දන්න රස කවි පේලී ගුවනට මුසු කරවන්න අන්තර් ජාලයෙන් හිටිවන කියන්න කවුරැද එන්නේ මේ දැන් මට පවසන්න KB Kasun bandaraNew MemberPosts:3 24 Apr 2018 08:12 AM කවි හද අසල අද වෙන්නට මුනින් තලා මෙතනදි බැලුවේ හොඳ සෙනෙහස් බැලුම් හෙලා ඇරයුම ලද සැනින් නුවරින් පිටත් වෙලා සැලලිහිනියෙකු ලෙස ආවෙමි ඉගිල්ලිලා KB ImalkaVeteran MemberPosts:4533 26 Feb 2018 11:56 PM අගයමි බංකු ඔබ දුන් පිළිතුර පසු නොම වන්න උත්සහ කරන්නකෝ හෙමිහිට හුරු වෙන්න පාලනකරොත් යහපත් වෙයි අදහස් ගොන්න මේ ඔවදන ඔබට නිසි නොම තරහා ගන්න Banku BankuBasic MemberPosts:113 26 Feb 2018 11:21 PM Posted By Imalka on 26 Feb 2018 11:05 PM මඩුවට අද දිනේ කවියන් ඇත වැඩියෙන් පල කර තිබේ පදවැල් හරි කඩිමුඩියෙන් ලියමින් දමන්නකෝ ඒවා සංයමයෙන් රකිමින් ලෙසට සිවු පද එහි එලිසමයෙන් නැඟෙනා විටදි හිත පුරා හැඟුම් කෙරනුයෙ කෙලෙස පදවැල් රයිම් කවියට මම තාම නවකයෙකි ඉතිම් නිවැරදි කරාන ශිල්ප ඉගෙනමි සොඳින් Banku BankuBasic MemberPosts:113 26 Feb 2018 11:14 PM Posted By Udeshika Herath on 26 Feb 2018 11:05 PM වෙන් වෙන්නෙ නෑ කිසිම දින මම ඉන්නවා සදහටම නුඹේ ලඟ තියා නළලත හාදුවක් මම නික්ම යන්නද ඉතිං දැන් මම යන්නට හදිසි ඇයිද කියනු මැන යන්නට දෙන්න හිත හදා ගන්නෙ කෝම මම යන්නට එපා තව පොඩ්ඩක් ඉන්න ලඟ කියන්ට තව ආදරෙයි කියා මට Udeshika HerathVeteran MemberPosts:3955 26 Feb 2018 11:05 PM වෙන් වෙන්නෙ නෑ කිසිම දින මම ඉන්නවා සදහටම නුඹේ ලඟ තියා නළලත හාදුවක් මම නික්ම යන්නද ඉතිං දැන් මම Udeshika Herath ImalkaVeteran MemberPosts:4533 26 Feb 2018 11:05 PM මඩුවට අද දිනේ කවියන් ඇත වැඩියෙන් පල කර තිබේ පදවැල් හරි කඩිමුඩියෙන් ලියමින් දමන්නකෝ ඒවා සංයමයෙන් රකිමින් ලෙසට සිවු පද එහි එලිසමයෙන් Banku BankuBasic MemberPosts:113 26 Feb 2018 10:57 PM දමා යන්න ඇයි සිතනුයෙ මගේ සඳ ඉන් මතුවට මක් වේවිද අපේ පෙම නෝක්කාඩු ඉවරයි නම් මගේ පණ ආදරයෙන් සිනා වෙල ඉන්න ලඟ Udeshika HerathVeteran MemberPosts:3955 26 Feb 2018 10:49 PM නුඹෙ ඇස් තුල හැංගුන විට මා මෙලෙස අතරමං වේවි මා ඒ ඇසි පිය යටම කතා කරන නුඹෙ අවිහිංසක නෙතු සඟල දමා යන්න බැරි වෙයිදෝ කිසිම දින Udeshika Herath Banku BankuBasic MemberPosts:113 26 Feb 2018 10:42 PM දබර වෙන්න සිතෙන විට මට ලං වෙන්න පොඩ්ඩක් මගේ ඇස් වල හැංගෙන්න ආදරේ නැතොත් පොඩ්ඩක් කම්මුල මිරිකන්න.. හාදුවක් තියා නලලට දුව යන්න Udeshika HerathVeteran MemberPosts:3955 26 Feb 2018 10:37 PM ගෙළු විය මගේ කවි සිත දැන් නුඹ ගාව පවසන්නේ කෙලෙස හැගෙනා හැම දේම නොකරා ඉන්නෙ කෙසෙද මම දබර කියලා දෙන්න ඉන්නට මට හැමදාම Udeshika Herath Banku BankuBasic MemberPosts:113 26 Feb 2018 10:30 PM ඔබ ඉන්න විට නෑ කිසි මට පාළු දබර වෙනු එපා ගෙන නැති හේතූ ඔය නෙත් දෙකින් මට දෙන අරියාදු වලට වඩා ආදරෙයි මගෙ සුදු රන් මීනු.. Udeshika HerathVeteran MemberPosts:3955 26 Feb 2018 10:08 PM එන්නෑ ගොතන්නට මට කවි පද පේළී නිහඬව සිටිමි රසවිඳ මේ කවි පේළී මුතු වැල මෙන් පබදින මේ කව් පේළී හරි ලස්සනයි ලියනා මේ කවි පේළී Udeshika Herath maduranga001Most Senior MemberPosts:14118 26 Feb 2018 10:03 PM ගෙවෙනා මුත් දින සති කැලැන්ඩර් මාස අවුරුද්දම ගෙවයි රත් කරමින් පුටු මේස නොදැනිම ගෙවී ඇත අපි කරමින් දාස ලැබුවද තවම අප සොයනා ඒ තෝස (ඒ තෝස - ඒ සන්තෝෂය) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Banku BankuBasic MemberPosts:113 26 Feb 2018 09:53 PM පුසා කියන්නෙ කොයි පුසාට පුරු පුරු ගාන ලොම් කළු පූසාට ලඟටම ඇවිත් හුරතල් වෙන පුසාට කවුරුත් ආදරෙයි මේ කළු පූසාට.. 😂 maduranga001Most Senior MemberPosts:14118 26 Feb 2018 09:33 PM Posted By Imalka on 26 Feb 2018 09:18 PM මම දන්නවා මදුරංගයා කැමති සතා පූසා කොපමණ හීරුවත් පූසට නොකියයි දෝසා මේ ගැන ලියන හැම දේ නොයෙකුත් බාසා දන්නවාසියලු දේ පූසාගේ මයිලක් පාසා ඔය හැම දෙනා කිව්වත් අප නිර්දෝෂී කොයි කවුරුත් වෙයි පූසට ආකර්ශි ආලෙන් වෙලී ඇත විරහිත කොන්දේසි මට විතරක් ඇයි මේ තේ බන්දේසි ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 26 Feb 2018 09:18 PM මම දන්නවා මදුරංගයා කැමති සතා පූසා කොපමණ හීරුවත් පූසට නොකියයි දෝසා මේ ගැන ලියන හැම දේ නොයෙකුත් බාසා දන්නවාසියලු දේ පූසාගේ මයිලක් පාසා Banku BankuBasic MemberPosts:113 26 Feb 2018 12:24 AM කවි මඩුවක් ඇතිමුත් එහි කවියො නැත මං සද්දයක් දැම්මත් වැඩි හඬක් නැත ඉන්නා අයත් ලාහෙට එකතු කරනු හැක මේව බල බලා මම නිදි කිරමි අද maduranga001Most Senior MemberPosts:14118 26 Feb 2018 12:21 AM Posted By Imalka on 25 Feb 2018 11:53 PM කවියන් නැතත් මඩුවට මම ගොඩ වෙන්නේ ජානි ඉන්න ඔබ නැහැ එහි තනිවෙන්නේ හැකි හැම වෙලාවේම කවියක් ඔබ ලියන්නේ පිළිතුරු ලියන්නට අපි 'එව රෙඩි' ඉන්නේ දුටුවෙමි මමත් ඔබ කරනා මේ කවි භාෂා දෙවනත් කරන කවි මඩුවේ පුහු ගෝසා පිටසක් වලින් වත් දැමුවද මෙහි නාසා කවුදෝ මේ තරම් දගලන 'එවරෙඩි' පූසා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Feb 2018 11:53 PM කවියන් නැතත් මඩුවට මම ගොඩ වෙන්නේ ජානි ඉන්න ඔබ නැහැ එහි තනිවෙන්නේ හැකි හැම වෙලාවේම කවියක් ඔබ ලියන්නේ පිළිතුරු ලියන්නට අපි 'එව රෙඩි' ඉන්නේ JaaniBasic MemberPosts:285 31 Jan 2018 03:21 AM හිටිවන කවි මඩුව කියලයි ...........තියෙන්නේ කවියට හිත නිසයි මා මෙහි ගොඩ වෙන්නේ එනමුත් කවියො හැම මුනිවත .......රකින්නේ දිනුමත් එපා එහෙනම් මම පිට ...... වෙන්නේ දහසක් වැඩ අතර මැද ලබනා ......විරාමේ කවියක් අකුරු කර ඉන් මා...........තුටුවීමේ සිරිතක් රැගෙන ආවෙමි ජන්මෙන් ජම්මේ සවියක් එයට දුන් ඉමල්කට..... ...ප්‍රණාමේ ImalkaVeteran MemberPosts:4533 31 Jan 2018 02:24 AM කවි පිළිතුරු පමණි වගේ අදදින වැටෙන්නේ නැතිවගේ වෙන වැඩක් ඔබ හට තියෙන්නේ එනමුදු එය අගෙයි අන් අය නැහැ ලියන්නේ දිනුමට ඔබට කීමඅවැසි කියලද කියන්නේ JaaniBasic MemberPosts:285 31 Jan 2018 12:52 AM උඩ පැන නැටූවට ඔබ මෙහි... සටනටම වදනට පිළිවදන් දියහැක .....නියමෙටම තාලෙට තාලෙ හුරු ගජමන් උරුමෙටම අද මම කවි කිඳුරි මේකවි ........සයුරටම ImalkaVeteran MemberPosts:4533 30 Jan 2018 10:10 PM කිසිදා නොමැත කවි මඩුවේ පැරදී රිසිසේ ලියමි රස කවි ඔබ හැමටම දිරිදී ඇතැමුන් හැලෙති ටික දුර ඇවිත් මුලදී කීම ඔබේ කවියේ පේලිය ඇදවී වැරදී JaaniBasic MemberPosts:285 30 Jan 2018 08:02 AM දන්නා කී කතා දැන් අමතක වීද පන්නා දැමූ තෝරුන් කොයි අත වීද ගන්නා නුඹෙි වාරු සුළගට හසු වීද යන්නා නිසා පැරදී දුක ඇති වීද ImalkaVeteran MemberPosts:4533 30 Jan 2018 07:18 AM ඇසුනා දසත අති බිහිසුණු ලොකු සද්දා දැනුනා පොලව සැලුනා දස ඇත පද්දා වැනුනා අහස ගුගුරා හිමගිර බිමටම වද්දා හිතුනා දුකක් ඔබේ සිහිනය එය හින්දා JaaniBasic MemberPosts:285 30 Jan 2018 06:52 AM පියාසලන මුහුද මැද්දෙ පිළිසරණෙට කුඹගහෙ ඉඳ අයා මුඛය දොස් කිව්වට මුහුදු ලිහිණි හඳුනන සඳ ඔයාකාර උඩ පැන්නට කෙරුවාවල් අපි නොදනිද පියාමැස්සො ඉගිළුනාට හාල්මැස්සො ඉගිලෙනවද ImalkaVeteran MemberPosts:4533 30 Jan 2018 04:35 AM නැව් ගැන කියෙව්වට මම දන්නවා ඔය පාරූ බය කර තිබෙනවා ඔය වැනි ලොකු තෝරූ ආවට ඔබ තරඟයට බය නැහැ ඇත වාරූ මම එන බව කිව්වාම ඔබ වෙනවා මාරූ JaaniBasic MemberPosts:285 29 Jan 2018 02:03 AM කැදවනු පිරිස කවි පොරයට, රසය දිදී ආවත් කවුරු ගෙනයමි අද , කිරුල නොදී පාරුද ඔරුද හදුනමි මම , මගක රැඳී නැව් බඳ වදියි පොඩිවෙයි ඔය , සිහින සිඳී ImalkaVeteran MemberPosts:4533 28 Jan 2018 06:03 AM කවි පෙළහරක් මවා ඇත ජානී නංගා තබනුයේ කිමද කවි රස මෙහි හංගා කරමින් සියලු සැක කරමින් බංගා එනු ඔබ සැවොම තරනෙට කවි ගංගා JaaniBasic MemberPosts:285 26 Jan 2018 09:21 AM කවියෙන් කවියට වැඩ පානා පිරිසක් අතරක දුටු නා -නා කවියන් හා කවි ගඟේ පිනා යන මා අද ගජමන් නෝනා .. 😀😀😀 maduranga001Most Senior MemberPosts:14118 26 Jan 2018 06:43 AM කවි මඩුවට වැටිලා වගෙ අද සීනී කවි පද වලින් පුරවන්නකො මේ ගෝනී මේ ගැම්මෙන් තව තව තව කවි ඕනී බැහැ බැහැ කියා ගොතනා කවි සුපිරිය ජානී ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ chamaramindMost Senior MemberPosts:13471 26 Jan 2018 06:08 AM මට නම් කවි ලියන්න බෑ..ලස්සන කවිනේ ඉන්දික,ඉමල්ක,ජානි ලියල තියෙන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... JaaniBasic MemberPosts:285 26 Jan 2018 03:13 AM නික්මෙන වචන කවියට දෙන සිරිය හංගා ගෙන දුරක මට යනු බැරිය මා හිත මිතුර ඔබ මෙහි දුන් දිරිය විල් තලයකට පියුමක් මෙනි පිරිය ImalkaVeteran MemberPosts:4533 26 Jan 2018 02:46 AM දැක්කම කියතැහැකි ඔබේ කවි හැකියාව ලස්සන ලෙස ලියා ඇත පද වරුනාව විස්මෙන දකිමි ඔබ ලියු පද රචනාව උස්වෙන හැඩයි කවි මඩුවේ සිරියාව JaaniBasic MemberPosts:285 26 Jan 2018 02:22 AM දුටුවම ලියන කවි ඔබ සැම රස කරලා හිතුනෙම මටත් ගලපන්නට යමි කියලා නොකියම බැරිය එනමුත් මේ ගැන පෙරලා හොඳටම නැතිය මම නම් කවි පද ගොතලා ImalkaVeteran MemberPosts:4533 26 Jan 2018 01:16 AM ආවා දහවලේ මඩුවට නව කවි බලන්නට නැහැ නෙව අලුත් කිසිවක් එහි දකින්නට එන්නකෝ කවක් අරගෙන හනිකට ඉක්මනට මම නම් ලෑස්තියි කවි මඩුවේ කඩු හරඹයට ImalkaVeteran MemberPosts:4533 06 Nov 2017 01:29 AM හිතුනයි මහා දවල් කවියක් ලියන්නට ඉහලයි යහ අගය දස අත පෙනෙන්නට හිඟවෙයි රටේ පැට්‍රොල් වාහන දුවන්නට වලිකයි රට බෙදා නොම තෙල් බෙදන්නට indika76Most Senior MemberPosts:10449 20 Oct 2017 09:49 AM කාලය ටිකක් වත් නැහැ ගත කෙරුව ආවත් එකක්වත් නැහැ ගොනු කෙරුව නැතියි කියා ලිපියක්වත් අව නඩුව උඩට පැමිණ ඇත ත්‍රෙඩ් එක කවි මඩුව ImalkaVeteran MemberPosts:4533 20 Oct 2017 05:29 AM මේ දින ටිකේ කාලය හරි වේගෙන් ගෙවුනා ටික ටික අපිත් වයට යනු වගේ දැනුනා අලුතෙන් කිසිත් දක්නට නැති බව සිතුනා ස්ටන් කොටන්නට කාලය නොම ලැබුනා sha733Super Senior MemberPosts:7332 14 Sep 2017 05:25 AM මඩ හඩ තලා දුන්නත් මේ හැටි දෙන්නා රස නම් බිදී නැහැ ගෙතුවත් මඩ බන්දා කිසි සටනක් නැහැ ස්ටන් පවුලේ හන්දා දෙනු තව තවත් මේ වැනි කවි කර පින්නා ImalkaVeteran MemberPosts:4533 07 Sep 2017 09:53 PM ලිව්වත් මෙදා දහසින් මඩ කවි අපි දෙන්නා හැදුවත් කොතෙත් පද වැල් තරමින් දන්නා තියෙනවා ඔබ සැමට අපේ මිතුදමපෙන්නා දුන්නොත් ඔබේ කවත් අප තුති වෙන්නා maduranga001Most Senior MemberPosts:14118 07 Sep 2017 08:40 AM ("මහ සාගරයට පිරිසිදු ගංගා ජලය එකතු උනත් එතන කලපුව කියන සුන්දර තැනක් උපදිනවා. කරදිය මිරිදිය මිශ්‍ර. එතනත් වෙනස්ම ලස්සනක් තියෙනවා" කවි වලට මොනවා හරි කියලා අනෙත් අයත් සපෝර්ට් එකක් දෙන්න. කවියෙන්ම බැරිනම් එක පද පේලියකින් හරි.) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 07 Sep 2017 08:39 AM Posted By Imalka on 07 Sep 2017 07:44 AM මදුරන්ගයා මොකද මේ ඉංගිරිසිය බදලා අමතක වෙලා වගේ සිංහල ගොත ගැහිලා දෙන්නද උදව්වක් සූකිරි වැඩියෙන් යොදලා දෙන්නකෝ පිළිතුර තනි සිංහලෙන් හදලා ඉමල්ක මොකද අද සිහිනෙන් බය වෙලා වගේ හිරි ගඬු පිපී මයිලුත් කෙළින් වෙලා ඇඟේ හැඩ කර එකක් යෙදුවත් පද වලට මගේ ලස්සන දකිනු සකි දියඹට එන වතුර ගඟේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 07 Sep 2017 07:44 AM මදුරන්ගයා මොකද මේ ඉංගිරිසිය බදලා අමතක වෙලා වගේ සිංහල ගොත ගැහිලා දෙන්නද උදව්වක් සූකිරි වැඩියෙන් යොදලා දෙන්නකෝ පිළිතුර තනි සිංහලෙන් හදලා maduranga001Most Senior MemberPosts:14118 01 Sep 2017 10:09 PM Posted By Imalka on 01 Sep 2017 06:58 AM රොන් රස බැලු නමුදු මුදු පෙති නොතලා දිය රකුස් ගැන නිසි අයුරින් සොයලා මිරිවැඩි පළන්දන්නේ කීම ගනකම බලලා ඇති පල කිමද වැහි කබා ඇඳගෙන නාලා එළිමහනටයි අඳින්නේ මම නම් රේන් කෝට් වැස්සේ තෙමිල ලෙඩ වෙන්නේ කවුද මේට් එහෙම නැති උණොත් වෙනවනෙ අතේ කෝට් ගෙදර ඇවිත් හොඳට නාමි වෙලා ස්මාට් ඉංගිරිස් පද යොදා ගත්ත නිසා තේරුමත් දැම්ම ඔන්න. Rain Coat - රේන් කෝට් - වැහි කබාය Mate - මේට් - අතවැසියා / මිතුරා caught - කෝට් - අහුවෙනවා Smart - ස්මාර්ට් - මේකේ තේරුම දන්නවනෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 01 Sep 2017 07:34 AM Posted By Imalka on 01 Sep 2017 06:16 AM සිය රට ලී වගේ නොව ඔබ කපනා කැබලී උඹ අර ලිව් පරිදි කෙටු ඔක්කොම රට ලී බොහෝසේ උනන්දුව තිබු බව දැනේ සසැලී කෙහෙල් ගහට කෙටුදා දැනේ හොට පැටලී විහිලුවටයි කීවේ එය අද මා මේ විලසින් කිසි දින එපා සිත තව මලකට පූජ කරන් හිතට ගනින් දැන් කොල්ලනි කෙල්ලනි ස්ටන් එහෙම නොකෙරුවොත් වෙනවා සිකුරුයි සල්ලන් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 01 Sep 2017 06:58 AM රොන් රස බැලු නමුදු මුදු පෙති නොතලා දිය රකුස් ගැන නිසි අයුරින් සොයලා මිරිවැඩි පළන්දන්නේ කීම ගනකම බලලා ඇති පල කිමද වැහි කබා ඇඳගෙන නාලා maduranga001Most Senior MemberPosts:14118 01 Sep 2017 06:20 AM Posted By Imalka on 01 Sep 2017 05:44 AM සිසිලස පතා කළු ගල් උඩ දිවා ඇවිදින්නේ රොන්රස පතා කපුරෙහි ඇයි දැවටෙන්නේ බීමට නිසි ජලේ රකුසන් සැඟවී ඉන්නේ මුව අත පතා තම අතටම ගහ ගන්නේ රොන් රස බලන්නේ සියුමැලි මල් පෙති නොතලා විලට බහින්නේ මකරුන් ගැන නිසි විපරම් කරලා විය හැකි හැම නපුරක් ගැනම හොඳ හැටි සිතලා මිරිවැඩි පැළඳ මිස නැහැ කිසි දින ගල් මත දුවලා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 01 Sep 2017 06:16 AM සිය රට ලී වගේ නොව ඔබ කපනා කැබලී උඹ අර ලිව් පරිදි කෙටු ඔක්කොම රට ලී බොහෝසේ උනන්දුව තිබු බව දැනේ සසැලී කෙහෙල් ගහට කෙටුදා දැනේ හොට පැටලී maduranga001Most Senior MemberPosts:14118 01 Sep 2017 05:56 AM Posted By Imalka on 01 Sep 2017 05:32 AM මාහට එනු හැකි නමුත් උඹ එන්නේ කොහොම නොකැපෙන බව කියනු ඇත ඔක්කොම බොහොම දාගෙන නිසි පරිදි රත් කිණිහිරෙන් නිසි පදම කපමින් අතු දෙක තුනක් හබරල පඳුරෙන් අදම කෙසෙල් පඳුරු ජපන් ජබර හබරල ගොල්ල නැඳුන් කුඹුක් බුරුත මහ වනයේ හල් මිල්ල ඕක් පීක් විලෝ ගස් ඇත ලෝ සිව් මුල්ල ඕන කඳක් මේ කඩුවට වෙනවා මෙල්ල ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 01 Sep 2017 05:44 AM සිසිලස පතා කළු ගල් උඩ දිවා ඇවිදින්නේ රොන්රස පතා කපුරෙහි ඇයි දැවටෙන්නේ බීමට නිසි ජලේ රකුසන් සැඟවී ඉන්නේ මුව අත පතා තම අතටම ගහ ගන්නේ maduranga001Most Senior MemberPosts:14118 01 Sep 2017 05:33 AM ගලේ සිසිල දන්නේ ගල උඩ යන්නා රෝනේ රසය දන්නේ මල රොන් උරන්නා විලේ ගැඹුර දන්නේ විලටම බසින්නා මුවාතේ තරම දන්නේ කඩුවෙන් කොටන්නා (උපහැරණේ තේරුණාද මන්ද.) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 01 Sep 2017 05:32 AM මාහට එනු හැකි නමුත් උඹ එන්නේ කොහොම නොකැපෙන බව කියනු ඇත ඔක්කොම බොහොම දාගෙන නිසි පරිදි රත් කිණිහිරෙන් නිසි පදම කපමින් අතු දෙක තුනක් හබරල පඳුරෙන් අදම maduranga001Most Senior MemberPosts:14118 01 Sep 2017 05:15 AM ඇවිත් නේද කවි ත්‍රෙඩ් එක අද උඩට දෙන්නම් වෙඩි වගේ කවි එක දෙක හොඳට මුවාත් නොතිබ්බත් මේවා කැපෙනව යසට වරෙන් මචං නොකැපෙන හැටි පෙන්නන්නට ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 01 Sep 2017 05:05 AM කලකට පසුව ආවා මතකෙට ස්ටන් කවි මඩුව දැනෙනවා තදින් කවි නොම ලියෙනා අඩුව කවි සටනට ඉතිං මදුරන්ගයා නම් සුපිරිම බඩුව අරගෙන වරෙන් උඹේ අර නොකැපෙන කඩුව ImalkaVeteran MemberPosts:4533 15 Feb 2017 01:36 AM කිව්වට මොකද මට එය මතකෙට ආවා ඔහු ගැන මතක් වී මට වමනෙත් ආවා පදපෙළ දිග නිසා එය නොම ලීවා මොකටද ලියන්නේ හිතුනා ඔයවගේ ඒවා sha733Super Senior MemberPosts:7332 15 Feb 2017 12:50 AM කොලු මාමල ගැන නගා හොද හැටි දැනගත්තද තව තතු තියේ ඒ ගැන මං දැන් කියන්නද සාගල අකිල මංගල සැම පාලනය කරන සද ලොකු තැන සිටින රනිල් ගැන ඇයි දන්නැද්ද ImalkaVeteran MemberPosts:4533 15 Feb 2017 12:05 AM අපි මාමලා තමයි නංගි ට දරු සිටින නියා පන්සිල් රකින මුත් බොරු ඇත ඕනෑතරම් කියා සාගල අකිල මංගල ගැන දැන ගන්න ඔයා කොලු මාමලා යනු කියන්නේ කවුරුන්ද කියා සඳුනිVeteran MemberPosts:2462 14 Feb 2017 12:27 PM කවි නම් හුගක් මා නැති වෙලේ කිය වීලා කැද වල ගුනේ හොද හැටි කියලා දීලා කොලු මමලා ඇයි දැයි දැන් හැංගීලා එනු කිවි ගොතන්නට අපි හා එක් වීලා දිනයක වැටහේවී........... Udeshika HerathVeteran MemberPosts:3955 14 Feb 2017 07:50 AM කෙලෙසද කියන්නේ ඵලයක් නොමැති බව මෙලෙසට කියන්නේ ඇඟ බේරා ගන්නටද.. නංගිල වැඩි නිසා අයියා බය වුණද කී දේ සත්‍ය නම් " එළිසම " මොටද... Udeshika Herath sha733Super Senior MemberPosts:7332 14 Feb 2017 07:24 AM බඹරෙට ගලක් ගහල වගේ මේ අය ඇවිස්සිලානේ හිටු තියල කවි දෙන්නෙ කවියක් ලියන්න ආසයි නමුත් දැන් වෙලා නැහැ වැඩ හමාරයි ගෙදර යන්න ඔනෙ ImalkaVeteran MemberPosts:4533 13 Feb 2017 07:18 AM කැඳ වල රස බැලුවමුත් අත්වුනු පල නොමැත නංගිලා ගොඩයි ඔවුනගේ කවි අඩුවක් නොමැත කියවන්නට ගියොත් කට රිදුමන් අඩු නොමැත කෙටියෙන් කිව්වොතින් "එලිසමයක් " නොමැත RosiSuper Senior MemberPosts:5335 12 Feb 2017 04:52 PM කැද වල ඇති රස ගුණ නොකීවට මේ කොල්ලෝ එකී නෙක කැද ඉල්ලාම කරදරලු ගෙදරදොරේ පාට පාට එකතු කර හැදුවත් සරුවත් කෝප්පේ රස ගුණ නොදන්නා මෝඩයින් යැයි සිතුවද මේ කෙල්ලෝ Udeshika HerathVeteran MemberPosts:3955 12 Feb 2017 02:17 PM මොනවද අයියෙ ඔබ මේ දැන් කියන කතා කෙල්ලන් හටම ඇයි දැන් මේ මෙහෙම කතා නුඹ හට පේන්නේ දැන් අපි එලෙසකියා දුක හිතෙනව අයියෙ නුඹ ගැන මේහෙම සිතා.. අයියා දන්නෙ නෑ තාමත් කෙල්ලන් ගැන නම් පිරිමින් වගේ නොවෙ අයියේ කෙල්ලන් නම් අවිහින්සකයි හැමවිට නෑ බොරු කෝලම් අයියා දැන් ටිකක් හිතමුද මේ ගැන නම්. Udeshika Herath ImalkaVeteran MemberPosts:4533 11 Feb 2017 11:02 PM කොල්ලන් පොඩි නො වෙයි ස්ටන් එකේ ඉන්න කවුරුත් ඒ බවක් පවසා නැතිබැව් ඔබ දැනගන්න කෙල්ලන් කියන්නේ දරුවන් හතලිහ නොම පැන්න පුළුවන් වෙයිද ඔබ හට ඒ අයුරින් හැසිරෙන්න සඳුනිVeteran MemberPosts:2462 11 Feb 2017 06:02 PM කෙල්ලන් කියන අය ස්ටන් එකේ නැද්ද කියා කොහොමද දැන ගත්තේ නිවැරදී ලෙසින් ඔයා කොල්ලන් කියා කියව අය ගැන තරමකුත් සොයා බැලුවොතින් නරකද ඒ පොඩි කොල්ලන්ද කියා දිනයක වැටහේවී........... ImalkaVeteran MemberPosts:4533 11 Feb 2017 07:08 AM සරුවත් වල නමට හිත ගැස්සුනේ ඇයි මන්දා ගහ හඳුනන අපට කොළ කැඳ කුමකට දෙන්දා කෙල්ලන් කියන අය ස්ටන් එකේ නැති හින්දා ලොකු බවලතු රඟති පොඩි ගවුමක් අන්දා සඳුනිVeteran MemberPosts:2462 10 Feb 2017 03:08 PM කොල්ලන් ඉතින් සරුවත් විකුණන්නද යන්නේ කොළ කඩ කඩා කැද දුන්නත් එය ගුණ දෙන්නේ සරුවත් වලින් මොනද මන්දා අදහස් වන්නේ කෙල්ලන් වැඩි නිසාදැයි නුඹලා නිහඩව ඉන්නේ දිනයක වැටහේවී........... maduranga001Most Senior MemberPosts:14118 09 Feb 2017 09:53 PM වැඩි වෙන හැඩකි දැන් දැන් මෙහි අය බවලත් අඟ දඟ පා කොල්ලන් හට වෙන්නට බලවත් කඩමින් කොළ පාමින් නෙක කැඳ හැදුවත් ආසයි වගෙයි කෙල්ලන් බීමට සරුවත් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 09 Feb 2017 09:00 PM බැලුවා ඇයි කියලා සද්දය වැඩි මේ පැත්තේ දුටුවා තුන් දෙනෙක් නලියනු තනි ඉත්තේ ඇහුවා කීම කියනු පොදිකන්නේ එක රෝත්තේ ස්ටන් එකේ කොල්ලෝ දැකුමට ඇවිදින් ඇත්තේ PoddiVeteran MemberPosts:2100 09 Feb 2017 05:25 PM ( කලු යියෙ) අඩුවෙද කෙලි අපෙ සද්දේ ........කවදා මෙහි ඉන්නා හැම කොල්ලෝ .....පරදා තව කවි බදිමි බිදදා එන හැම...... නින්දා මම කී දේ කලුඅයියට ඇහුණද .....මන්දා ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* Udeshika HerathVeteran MemberPosts:3955 09 Feb 2017 09:14 AM කවියක් කියන්නට නම් මට හැකිය නගේ.. කෝ මේ කොලුවො ටික නෑනේ මේ පැත්තේ... පාළුයි වගේ කවි මඩුව නුඹලා නැතිව එන්නකො අනේ ඉක්මනටම මේ පැත්තේ.. Udeshika Herath සඳුනිVeteran MemberPosts:2462 09 Feb 2017 01:25 AM දැන් නොවැ දැක්කේ සද්දය විමසූ බව කෙල්ලන්ගේ දැන් හඩ වැඩි වේවී එක් වී ඇත තව මිතුරයක් අගේ කවි නිසදැන් ලියන්නට පුළුවන් කීවා නේද සගේ එහෙනම් ඉතිං තරගෙට කියා බලමුද කවියේ රගේ දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 02 Feb 2017 02:08 AM පැතිරෙන්නේ නැහැ කෙල්ලන්ගෙ කවි හඩ ඇයි මන්දා කාටත් වෙලා නැහැ කවදාවත් මෙවැනි නව නින්දා අපි නම් ඉන්නෙ නැහැ මේ ලෙස බිම මුව රන්දා දෙනවා ලෙසටම කවි වැල් එක පිට එක බන්දා ImalkaVeteran MemberPosts:4533 02 Feb 2017 12:26 AM කවිකාරයෝ ඉන්නවා මෙහි ඇති වෙන්න කවියක් ලියන්නට කෙල්ලක් නැහැ ඔන්න ඉඳහිටවත් ඇවිත් කවියක් ලියලා යන්න කවි මඩුවේ රසය දස අත පැතිරෙන්න PoddiVeteran MemberPosts:2100 01 Feb 2017 10:56 PM ko kawikaarayoo tika ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* samanthaMost Senior MemberPosts:13190 30 Jan 2017 12:15 AM කවි මඩුව ආයෙත් පටන් අරගෙන තියෙන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ImalkaVeteran MemberPosts:4533 29 Jan 2017 11:51 PM දැන් දැන් වැටෙනවා වැඩිපුර රස කවි ඔන්න කදිමයි ඔබේ පැබැඳුම් පතනෙමි සුපැතුම් මෙන්න එනමුදු ඇද බොහොයි අග නැහැඑක පෙළ වෙන්න සැමදා අරිමි වෙහෙසී ඇද මෙහි ඇති කවි ගොන්න සඳුනිVeteran MemberPosts:2462 29 Jan 2017 01:46 PM ඉන්දක අයියා එහෙනම් මැච් නොබලා ඉන්න කවියා කියන අයුරන් ටීම් එක පව් ඔන්න බලන්නේ නැතුව අහගෙන විතරක් ඉන්න එතකොටවත් හැකි වෙයිද බලමුකෝ දිනන්න දිනයක වැටහේවී........... ImalkaVeteran MemberPosts:4533 29 Jan 2017 05:49 AM මැච් පරදීන්නේ මොකදැයි හොයමින් උන්නේ සමහර දාට පරදිනමුත් ඉන්දහිට අප ජය ගන්නේ කීම මුත් හේතුවක් ඇතිබව මට අද වැටහෙන්නේ ඉන්දික බැලුවොතින් එම මැච් එක පරදින්නේ indika76Most Senior MemberPosts:10449 28 Jan 2017 09:23 PM පසුගිය තරග ටික අමතක කෙරුවා එසේ සිතා මේ මැච් එක බැලුවා අපේ යක්කු මේ මොනවා කෙරුවා මේ මැච් එකත් ඉල්ලාගෙන කෑවා RosiSuper Senior MemberPosts:5335 28 Jan 2017 07:53 AM ම්ම්ම් කවි මඩුවට කට්ටිය වාඩි වෙලා වගේ ...නියමයි ImalkaVeteran MemberPosts:4533 27 Jan 2017 11:50 PM අහවර කරලා සිතු ලෙස විසි ඕවර තරගේ එලබෙනවා අද පටන් සීමිත පනහේ තරගේ අපේ උන් පොඩි උනත් දිනනවා අද තරගේ නායක කම හොඳින් කරනවා උපුලා තරංගේ sha733Super Senior MemberPosts:7332 26 Jan 2017 11:19 PM පැරදුණු තරග ඔක්කොම අමතක වී යන්න ඇද කුද නැතුව මෙදා දුන්නා සද ගුටි ඔන්න විස්සක් ඉවර වී එනවා පනහක් ලග මෙන්න සිහ පුතණුවනි ඒ සැම ජයත් ඔබ සතු වන්න සඳුනිVeteran MemberPosts:2462 25 Jan 2017 12:10 PM මැච් එක දරුණුවට කට්ටියට දැනිලා වගේ. අද හැම තැනම ඇහුවොත් මැච් ගහන රගේ එහෙනම් ඔන්න අපි දිණුවලු සතුට නැගේ මම මැච් බලන්නෑ එකයි නැත්ෙ අගේ දිනයක වැටහේවී........... PoddiVeteran MemberPosts:2100 25 Jan 2017 07:44 AM කලකට පස්සේ ගොඩ වැදිලා කවි මඩුවේ කියන නෙක කතා හින්දා සවනත් පිනවේ මැති නැති අඩුව හැමටම දැනිලා වගෙ වේ ලක් පිල ජය ගන්නටමයි අපි හැම පැතුවේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* ImalkaVeteran MemberPosts:4533 25 Jan 2017 06:23 AM බයවෙන්නට එපා අපි අද ගන්නවා ජය මැති නැති උනත් එය සිකුරුයි එසේ මය කොලු රැල බහින්නේ පිටියට නැතිව බය ජය ගෙන මිසක් නවතිනේ නැතිය එය maduranga001Most Senior MemberPosts:14118 25 Jan 2017 06:15 AM නයාක මැත්ව්ස් වත් ඊයෙ ලංකාවටම අවුත් පොල් අඩියකට වත් හරි හැටි කෙනෙක් නොවුත් ඒකයි ඉන්නේ ෂට් අප් කර මගේ මවුත් දේවිද අද ගේම අපටම අප්‍රිකානු සවුත් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Jan 2017 06:09 AM කවුදැයි කිව්වේ කන්නට බෙටි වේලං ගසනට ආස වගේ පටක් තා ලං ගෙනවිත් ගසාපන් සෙට් එක මෝලං මම නැහැ කියන්නේ එක එක කේලං maduranga001Most Senior MemberPosts:14118 25 Jan 2017 05:59 AM Posted By Imalka on 25 Jan 2017 05:41 AM සුන්දර සන්දයාව ගිනියම් කරන්නට කවුරුද එන්නේ රස කවි කියන්නට වෙනදා වගේ වැඩ අද නැහැ කරන්නට ඉන්නා කෙනෙක් හනිකට වර ඉදිරියට තලත් සමඟ මීබෙටි හොඳ හැටි කර වේලම් වැඩ නැති නම් ගහපන් ඔබෙ පට තාලම් කීවද කවුරු හෝ මා ගැන අද බොරු කේලම් නැහැ මට වෙලාවක් කරනට මේ මල කෝලම් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Jan 2017 05:41 AM සුන්දර සන්දයාව ගිනියම් කරන්නට කවුරුද එන්නේ රස කවි කියන්නට වෙනදා වගේ වැඩ අද නැහැ කරන්නට ඉන්නා කෙනෙක් හනිකට වර ඉදිරියට ImalkaVeteran MemberPosts:4533 25 Jan 2017 04:00 AM ශා මිතු කියූ ලෙස ඔබ හට හැකි වේවා එන්න රිසි සේ කියන්නට කැරෝකේ ගී ගොන්න සමගින් කතාවක් පැය දෙක තුන වෙන්න බැරිනම් කියනු අපි හැම දෙනා එනවා ඔන්න sha733Super Senior MemberPosts:7332 25 Jan 2017 01:24 AM ස්ටන් පවුලෙ මිතුදම් තව තව වැඩි වෙන්න එළඹෙන්න අප සැම එක් වන දිනක් තව ඔන්න කොයි කොන ඇතත් ඔබ සැම පැමිණෙන්න රට ඇත්තනුත් හනිකට ලංකාවට එන්න ImalkaVeteran MemberPosts:4533 24 Jan 2017 11:30 PM ගත වී ඇත ගණන් දින පැය බොහො සේයා ඇතුගල් පුරේ සිද වුනු දේ තවමත් සව නේයා සුපුරුදු මිතු නුවන් දැකුමෙන් මනමත් වේයා හනිකට වරෙන් ඉර තුන්සිය හැට වරක් පායා maduranga001Most Senior MemberPosts:14118 24 Jan 2017 09:51 PM නොදිටි නමුත් අදහස් නිති එක එක විදවා සිටි ඔබ සිව්දෙසින් ඇතුගල් සුර පුර කැඳවා තිබු මිතුදම යදමක් මෙන් තව තව රඳවා ගෙනෙමිය ආ සැමට තුති කවි පද පද බඳවා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Dec 2016 01:54 AM කලකට පසුව ඇහුනා නද කවි මඩුවේ ඉවකර බැලූ කල දුටුවා කවුදැයි ආවේ මහ කවියා කියා කාටද අර ඔබ කීවේ ලියමුද පොඩ්ඩි කවියක් ඇයි බාගෙට ලීවේ PoddiVeteran MemberPosts:2100 21 Dec 2016 11:41 PM සුන්දර සිනා පාලා සැනෙකින් අහක බලා යන්නට එපා මා හා කිසිවෙක් නොකර කතා..... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 28 Sep 2016 12:39 PM කවි මඩුවේ උණුහුම දැන් අඩුම හැඩයි කවි කිවිදියෝ හැමදෙන නින්දෙ වගෙයි මේ රැයෙ පාලුව ගෙවිලා යන්න ලඟයි රස කර කවියක් ගෙන එන්න හොඳයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* සඳුනිVeteran MemberPosts:2462 22 Sep 2016 04:58 AM කිසිවෙක් නෑනේ තරගෙට කවි ගයන්නට මටත් කම්මැලී තනියම කවි කියන්නට අාසා නැතිද කවියක රස විදින්නට මහා කවියා ඒනවද කවි ගොතන්නට දිනයක වැටහේවී........... ImalkaVeteran MemberPosts:4533 20 Sep 2016 10:40 AM වැදගත් දිනක් ස්ටන් එකේ ගතවෙ හින්දා මඩුවට ගෙනෙන්නට කවි එක දෙක කැන්දා නිවමින් අපේ කාන්සිය දින දින නිසි සින්දා පනස්දාහ පසු කලා මිතුදම් ඉහලින් රන්දා සඳුනිVeteran MemberPosts:2462 15 Sep 2016 09:15 AM කලබල වී ගිය නිසයි වැටුනේ නියරෙන් පල්ලට වෙන හේතුවක් නෑ ඔබලා හට සැගවුමට සැකයක් අාවේ අැයි දැයි ඔබගේ සිතට ඔබ හිතනා කරුනත් ඒහෙනම් කියනූ මට දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 15 Sep 2016 05:11 AM Posted By Imalka on 14 Sep 2016 02:54 PM නියරෙන් එතෙර වී පාසල් කියපු කෙනා ගැන කවියක් ලියා ඇති බව නම් පෙනුනා ඇත්ත ම කියනු කීම කුඹුරේ වැටුනා හිටගෙන උන්නු පඹයට බිය සිතුනා ImalkaVeteran MemberPosts:4533 14 Sep 2016 02:54 PM නියරෙන් එතෙර වී පාසල් කියපු කෙනා ගැන කවියක් ලියා ඇති බව නම් පෙනුනා ඇත්ත ම කියනු කීම කුඹුරේ වැටුනා හිටගෙන උන්නු පඹයට බිය සිතුනා සඳුනිVeteran MemberPosts:2462 14 Sep 2016 10:38 AM නැවතත් ගෙදර අැවිදින් මට යන්න වුනා ඒනමුදු පාසලේන් නිසි ලෙස පිලි ගැනුනා තව යහලුවන් මට ඒහිදී හම්බ වුනා කවුදැයි බලමු ඒ දිනයේ අඩපු කෙනා දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 14 Sep 2016 09:24 AM පමා උන නිසා ගිය නියරේ යා හැකි නොවුනා මඩ වතුරෙන් හෝ නෑවේ නම් කම් නැතිනා පැරණුන් කට කහනා ලෙස නොව මේ පද බදනා ඒ ලෙස හදිස්සියකට බැහැ කොරසට අත ලන්න RosiSuper Senior MemberPosts:5335 14 Sep 2016 07:30 AM Posted By සඳුනි on 14 Sep 2016 02:18 AM සුන්දර දිනයකුයි පාසල් ගිය මුල් දිනය මට මතකයි අද වගේ වුන අැබැද්දිය පමා වූ නිසා යන්නට ගියේ නියරෙන්ය වෙලට වැටී නෑවේ මඩ වතුරෙන්ය සඳුනිVeteran MemberPosts:2462 14 Sep 2016 02:18 AM සුන්දර දිනයකුයි පාසල් ගිය මුල් දිනය මට මතකයි අද වගේ වුන අැබැද්දිය පමා වූ නිසා යන්නට ගියේ නියරෙන්ය වෙලට වැටී නෑවේ මඩ වතුරෙන්ය දිනයක වැටහේවී........... ImalkaVeteran MemberPosts:4533 13 Sep 2016 08:51 AM හොඳ අදහසකි ඔබ අරගෙන ආවේ සඳුනි දින නම් ගොඩක් ඇත මතයේ රැඳීනී ඒ කිහිපයෙන් මනසෙහි තද ලෙස බැඳිනී හෝඩියේ පන්තියේ මුල් දවසයි සොඳිනී RosiSuper Senior MemberPosts:5335 13 Sep 2016 07:26 AM යසයි යසයි කවි මඩුවේ සද්දේ ඇවිත් ආයේම සඳුනිVeteran MemberPosts:2462 13 Sep 2016 05:45 AM අදහස හොදයි මම ඒකගයි යාලුවනේ රස කවි ලියන්නට පමනයි කැමති වුනේ සබයට අලුත් අරුත් ගෙන ඒනු සොදිනේ දිවියේ සුබ දිනක් කියමුද කවියකිනේ දිනයක වැටහේවී........... PoddiVeteran MemberPosts:2100 13 Sep 2016 03:34 AM සුන්දර ලෙස කවි ගෙතෙනා අතරේ කිම අඩ දබර වෙන්නේ ඔබ ..මිතුරේ තව රස කවි බදිනු යන්නට... දොරේ නිසැකයි හැම හද මිහිරක් .....ඉතිරේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 13 Sep 2016 03:08 AM දෙතුන් දිනක සිට කවි මඩුවේ කුකුල් පොරේ මැද්දට පනිමි මඩුවේ දැන් මේ මගෙ වාරේ චිකන් කරි නොදා අපි යමු අද මේ පාරේ පෙන්නමු කෙළෙස ගලනා හැටි කවි දෝරේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ සඳුනිVeteran MemberPosts:2462 13 Sep 2016 01:33 AM දැකුමට ඔනේ නම් හැන්දෙන් තැලිල්ල ඒන්නම වේවී දැක ලැබුමට සැනසිල්ල හැන්දට වඩා සුපිරී කෙස්සෙන් ගැසිල්ල නැවතුම හොදයි මේ කරනා කියවිල්ල දිනයක වැටහේවී........... ImalkaVeteran MemberPosts:4533 11 Sep 2016 07:57 AM හැන්දෙන් තලන්නේ ඉසුරු ට ඔබ කෙලෙසින්ද හොඳ මිතුරාය කිව්වේ ඔබ සිහිනෙන්ද කුකුළා කිව්වේ හින්දයි වාගේ පොල් කෙන්ද මොක හිතුවාද ඔබ හැන්දක් ගන්නේ මන්ද සඳුනිVeteran MemberPosts:2462 11 Sep 2016 04:26 AM කුකුළෙක් කියා ඔබ දන්නේ කෙලෙසින්ද මුන බලා ගෙන ඔය ලෙස කිව හැක්ද මිතුරෙක් වුනේ මම දන්නා තරමින්ද කුකුලෙක් නම් සත්තයි මම ගමි හැන්ද දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 11 Sep 2016 02:49 AM රසබර කවි පද අමුණන්නට නැහැ වේලා වැඩ අවසන් වී යාමට ඇති හින්දා හවසට නැවත පැමිණීමට ඇති හන්දා පිලිතුරැ පද බැද දෙන්නම් රස කරලා ImalkaVeteran MemberPosts:4533 11 Sep 2016 02:39 AM සතුටුයි නෙත් අගට ඔබේ කවි පිළිතුර දැකලා වටිනා කවි ගෙතුම් ඇත ඔබ දස දෙස ලියලා යුතුකම වෙන්නේ හිටියෝතින් ඔබ වෙත කියලා ඉනු විපරමෙන් ඔබේ මිතු ඉසුරුව " කුකුළා" සැයු : හුදෙක් කාව්‍ය රසය සඳහා පමණි. ඉසුරු මලයා අමනාප නොවේ යයි සිතමි . සඳුනිVeteran MemberPosts:2462 11 Sep 2016 02:02 AM Posted By Imalka on 10 Sep 2016 02:15 AM මඩුවට අපේ ඇවිදින් කවි රස දෙන්න සිතුවේ කවුරු හින්දද ආසයි දැනගන්න සරසවි මෑණි අවසරය පමනක් අරගන්න යන්නට යනු එපා ඇවිදින් මෙහි ඉඳගන්න දැන ගන්නම ඔනේ කිව් හින්දා කියමු බලා පමා වුනත් මම ඒය කීව්මට තීරනය කලා ඉසුරු අයියා කිව් හින්දා හෙව්වේ බලා හමු වුන නිසා මම කවියක් තිලිණ කලා දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 11 Sep 2016 01:55 AM ස රි ග ම ඔිනීමද කවි පද ලියන්නට වතුරට බහින්නම වෙනවලු පීනන්ට ස රි ග ම දන්න පලියට බෑ ලියන්නට ලිව්වොත් තමා හැක්කේ පද ගලපන්ට දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 10 Sep 2016 06:31 AM සරිගම පද දැනගෙන නෑ මා මෙහි ආවේ එනමුදු පද සොයා ගැලපෙන තැනටම දැම්මා එලෙසින් කවිය මා නොදැනිම නිමා වෙනා සරිගම දන්න අය හට කවි ගෙතුමත් මහ දේද ImalkaVeteran MemberPosts:4533 10 Sep 2016 05:36 AM ස රි ග ම ගැනම නොහිතනු මිතුරේ ඔන්න ගැලපෙන පරිදි වැකි හතරක් අමුණන්න තිබ්බොත් අඩුපාඩු දැන් හරි ගස්සන්න කවි මඩු නූලෙ දැන් හෙමිහිට එල්ලන්න gayyaBasic MemberPosts:127 10 Sep 2016 02:28 AM ස රි ග ම දැනන් කවි මඩුවේ ඉදගත්තා හිටි වන කවිය මට බැරි බව දැනගත්තා ඉතිරිය නොදැන මම ඒතනම නාගත්තා කවි පද ගොතන්නත් අමතක වෙලා ගියා මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්.. ImalkaVeteran MemberPosts:4533 10 Sep 2016 02:15 AM මඩුවට අපේ ඇවිදින් කවි රස දෙන්න සිතුවේ කවුරු හින්දද ආසයි දැනගන්න සරසවි මෑණි අවසරය පමනක් අරගන්න යන්නට යනු එපා ඇවිදින් මෙහි ඉඳගන්න smt90Veteran MemberPosts:1736 09 Sep 2016 08:13 PM සඳුනිVeteran MemberPosts:2462 09 Sep 2016 06:17 PM යට ගිය කවි මඩුව පෙරටම ගන්න කියා. දන්නා කෙනෙක් කිව් හිංදා හොයන් ගියා. අවසර ගන්න කෙනෙකුන් ඉන්නවද කියා. නොදන්නා මමත් කවියක් ලියන් ගියා. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 16 Jul 2016 03:15 AM කවි මඩුවට එහෙම කවියන් එකතු වෙන එක කොච්චර දෙයක්ද RosiSuper Senior MemberPosts:5335 14 Jul 2016 06:05 AM කවි මඩුවට අලුත් කවියෙක් ..... ImalkaVeteran MemberPosts:4533 14 Jul 2016 05:46 AM අගනා පොඩි කවක් වැටිලා කලකට පස්සේ අලුතෙන් බුවෙක් ඇවිදින් වගේ මඩු අස්සේ මෙය හොඳ තැනකි ලියනට පොඩි කවි සිත්සේ මල්ලී එන්න නෑමට ස්ටන් කවි වැස්සේ maduranga001Most Senior MemberPosts:14118 14 Jul 2016 04:07 AM Posted By Anonymous on 14 Jul 2016 03:43 AM සාමාජිකත්වය නෑ මට ඔබට වගේ එනමුත් නියම කවි සිතුවිලි හිතට නැගේ දුන්නෝත් ඉඩක් කවි ලියනට බොහොම අගේ සත්තයි සැමට පෙන්නනවා කවියෙ රගේ සාමාජිකත්ව නැහැ කියනා නුඹට මලේ පෙනෙයි මෙමට කවි සිතුවිළි දොරේ සැලේ හාපුරා කියා කවි පදයක් දුන්නු වෙලේ අද සිට ඔබත් එකෙකි අපගේ 'ස්ටන්' රැලේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ lakrajaPosts: 14 Jul 2016 03:43 AM සාමාජිකත්වය නෑ මට ඔබට වගේ එනමුත් නියම කවි සිතුවිලි හිතට නැගේ දුන්නෝත් ඉඩක් කවි ලියනට බොහොම අගේ සත්තයි සැමට පෙන්නනවා කවියෙ රගේ ImalkaVeteran MemberPosts:4533 10 Jun 2016 06:51 AM තිබුනා දෙක තුනක් කොඩිවින පහු ගිය වසරේ දැනුනා පරණ පුස් කන ලද ගඳක් ඒ උදවිය අතරේ සැලෙනා බවක් පෙන්නුම් කල අය හිටියා මිතුරේ පිරෙනා විලස සොම්නස කරලමු අපි මේ වසරේ maduranga001Most Senior MemberPosts:14118 10 Jun 2016 06:18 AM තිබිලා වගෙයි බොහෝ සේ අණවින හෝවා මතකයි නේද හැම දෙන කවි ගඟුලේ නෑවා කවි කිවිඳියෝ නොපෙනී ගොස් වෙමින් මුවා යන්තම් ඇති කවි මඬුවට අද පණ ආවා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 10 Jun 2016 05:35 AM පෙරසේ කල් ගෙවී ගොස් ඇත දින සති මාස මඩුවේ කවි නොමැත නැතිදෝ කිසිවෙක් ආස රිසිසේ කවිලියමු නැති වන්නට අනවින දෝස මිතුරේ ඔබ නැතිද පෙර සේ නිවසේ වාස hasithadSuper Senior MemberPosts:5795 03 May 2016 08:16 AM කියලා වැඩක් නෑ....මරු තමයි. RosiSuper Senior MemberPosts:5335 02 May 2016 02:02 PM ශා මේ ඉන්නේ මරු කවිකාරයෝ දෙන්නෙක් සෙට් වෙලා sha733Super Senior MemberPosts:7332 01 May 2016 01:30 AM කවියට කවිය දාලා නොවැ දැක්කේ ආ වේලා වටපිට බලා ඉන්නට නැහැ දැන් කල වේලා පොදි මිටි බැදන් මම දෙනවා තව කවි පද මාලා මා හට තවත් මදි පොඩ්ඩිගෙ මේ ගෙතු කවි මාලා PoddiVeteran MemberPosts:2100 28 Apr 2016 09:08 AM කවිය දැකලා හිතුනේ නෑ මම පැරදී සිතුවිලි ඇත මා හද තුළ බෝ තෙරපී ආවොත් මගේ කවි හා උරෙනුරම ගැටී ඔට්ටුයි මම කලු අයියට දෙනවා කවී... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 28 Apr 2016 04:37 AM සද්දය දමා ගෙන ආවට කොට බට මේ පොඩ්ඩී එක කවියක් දී යනවනේ පද්දා ගම් මැද්දේ මා එක්කලා හැකිනම් එනු කවි තරගෙට පැද්දී දෙක වෙන්නෙ නැහැ මමනම් කවදාවත් පොඩ්ඩී PoddiVeteran MemberPosts:2100 27 Apr 2016 11:27 PM කවුරුත් සද්දයක් නැති මේ පාළු අඩවියේ මට නම් නින්ද යනවා ඒ හින්දම පුටුවේ නැවතත් මේ හිටිවන කවි මඩුවට දී අරුතේ ගොතමුද කවි තරගෙට අපේ කවි මඩුවේ ..... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 19 Mar 2016 10:38 PM දින දෙක තුනක් ඇත මුලු රට ඝණ අදුරේ පාලකයෝ ඒ මේ අත විසිකරයි තම බෝලේ නොකපා කියා කපනව නොවැ මේ විදුලි බලේ අප බලා හිදී නවතින තුරැ මේ කරැමෙ රටේ ImalkaVeteran MemberPosts:4533 18 Mar 2016 08:15 AM පරිනාමක වලට අපලයි වගේ හැම තැන දැවෙනා වැදිලා වාගේ සාපය රට කරනා එවුන්ගේ නෙතිනා සපුසක අගමැතිඳු සමගින් සමනල ඇමතියෝ සේනා ලක් මව දවයි දින දිනම පෙන්වා පරගැති සිරිත පානා ImalkaVeteran MemberPosts:4533 18 Mar 2016 08:04 AM ගැසූ ගැසූ ලොකු පහරවල් ඇත දැන් නැවතී වෙහෙසී අපගේ වැඩි ලකුණ පසු කරනට එක නැහැ ලේසී එකසියපනහ ඇත ඕවර දාහතරේදී කඩුල්ලේ ඩුප්ලේසි තව තව හිර කරනු මෝගන් කඩමින් කඩුලු සීසී ImalkaVeteran MemberPosts:4533 18 Mar 2016 07:55 AM කොල්ලන් පෙර දවස අපේ රැස් කල ලොකු ලකුණ සවුතැප්රිකන්ලා අද කඩනා බව දැන් දැන් දැනෙන මොන විදියකින්හෝ නවතනු මේ ඉක්මන් පිතිකරණ එංග්ලන්ඩ් මල්ලිලා හට සප් එක අපෙ උරුමයි නිතින samanthaMost Senior MemberPosts:13190 18 Mar 2016 07:45 AM දැන් ලංකාවේ ලයිට් නැති එකේ කවියක් කියාගෙන ඉන්න තමයි තියෙන්නේ.. කොහොම නමුත් කවි මඩුව ඉදිරියට එන එක හරි සතුටක්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ImalkaVeteran MemberPosts:4533 18 Mar 2016 07:20 AM කලෙකින් බැරි උනා රස කවියක් ගලපන්න වැඩ කටයුතු නිසා මදි වුනි කාලය ඔන්න මදුරෝ කිමැයි තොරතුරු ආසයි දැනගන්න සාමාජික පිරිස ශතකය ආසන්නයි මෙන්න sha733Super Senior MemberPosts:7332 13 Mar 2016 12:38 AM බදුනේ මදු මීවිත ඇත යහමට පුරවා කවියෝ සිටියමුත් ඒ බදුනම දැන් හිස් වීලා තැවතත් කවිය ගලපා දී ඇති හන්දා මේ ඇරඹුමෙන් අපි තව බදිමුද කවි ගලපාලා PoddiVeteran MemberPosts:2100 13 Mar 2016 12:15 AM යාළුවො ටික හරි නිහඩයි මට බෑ තව නම් ඉවසන්න නරකද රස කර ගොතලා කවි මඩුවෙහි තෙපලන්න ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 13 Mar 2016 12:00 AM නිහඬව හිටියා දැන් හොඳටම ඇති ඔන්න බැඳිලා මකුළු දැල් මඩුවේ දැන් බැහැ ඉන්න කවි සිතුවිළි පුබුදා හැර කම්මැලි කම යන්න අරඹමි නැවත මාගෙන් තව කවියක් මෙන්න ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 24 Jan 2016 11:11 AM කෝ මේ කවි කාරයෝ කාරියෝ ටික ????????? RosiSuper Senior MemberPosts:5335 22 Jan 2016 07:27 AM අයියලා ,නංගිලා ,මල්ලිලා ඉන්නා අපේ කවි මඩුවේ පාලුව කාන්සිය නැත දැන් ඇත කවුරුත් කවියේ සතුටක් ගෙනේ මෙලසින් ගලපන විට කවි මසිතේ කියවා සතුට විද ගමු අයිය්යේ දුක ඇතිනම් නුබේ සිතේ sha733Super Senior MemberPosts:7332 22 Jan 2016 07:19 AM Posted By Poddi on 22 Jan 2016 03:37 AM එළවලු නම් දැන් ඇත ගිහින් අහස උසට ගණන් එන්නේ නම් නෑ ගන්නට මම එළවලු යහමින් අයියේ කියනවනම් නමක් වෙන නැතිව ශාන් තව කවි පදයක් නුබේ නමට කියනවා සැනින් කවුරැත් බැන්ද නාමය නොවැ කලුව දැන් හසිත අයිය දුන් නමනේ ආපු ගමන් තරහක් නොනැගෙනා එකනේ පුදුම දැන් දනිම් කරන විහිලුව බව කියන සැනින් samanthaMost Senior MemberPosts:13190 22 Jan 2016 03:56 AM කවි මඬුවට නම් ආසාවේ බැහැ.. එක වෙලාවකට ඉරිසියා හිතෙනවා. මොකද මට කවි ගොතන්න බැරි කියලා .. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! PoddiVeteran MemberPosts:2100 22 Jan 2016 03:37 AM Posted By sha733 on 22 Jan 2016 03:03 AM අක්කේ නුඹල ඉන්නා තුරැ මගෙ හිත සතුට මැකිලා යනව හිත ඇති දුක් කරදර එමට ස්ටන් මැදුර දෙනවා නිති මට මගෙ සතුට පිවිසුනෙ නැති දාට දනවා මගෙ ඇග රෑට එළවලු නම් දැන් ඇත ගිහින් අහස උසට ගණන් එන්නේ නම් නෑ ගන්නට මම එළවලු යහමින් අයියේ කියනවනම් නමක් වෙන නැතිව ශාන් තව කවි පදයක් නුබේ නමට කියනවා සැනින් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 22 Jan 2016 03:11 AM Posted By sha733 on 22 Jan 2016 03:03 AM අක්කේ නුඹල ඉන්නා තුරැ මගෙ හිත සතුට මැකිලා යනව හිත ඇති දුක් කරදර එමට ස්ටන් මැදුර දෙනවා නිති මට මගෙ සතුට පිවිසුනෙ නැති දාට දනවා මගෙ ඇග රෑට ෂා මල්ලී උඹ හොඳ එල ස්ටන් කොල්ලෙක් දන්නව වගෙයි කිමදැයි හොඳ ජීවිතයක් එකතු කළත් කාසි පනම් මහ කන්දක් පලක් වේද ජිවිතෙ නැත්නම් සතුටක් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sha733Super Senior MemberPosts:7332 22 Jan 2016 03:03 AM අක්කේ නුඹල ඉන්නා තුරැ මගෙ හිත සතුට මැකිලා යනව හිත ඇති දුක් කරදර එමට ස්ටන් මැදුර දෙනවා නිති මට මගෙ සතුට පිවිසුනෙ නැති දාට දනවා මගෙ ඇග රෑට RosiSuper Senior MemberPosts:5335 21 Jan 2016 12:44 PM ලැබේ කාසි මල්ලියේ හිත සතුටින් ඇති හැම දිනක කවි මඩුවත් කර ගන්නට වෙළදාමේ එක තැනක කවිය නොදී මැන එළවලු යහම්න් එන අයට ගැනලා ගනින් කාසිය හරි සිහියෙන් දුන් මිලට sha733Super Senior MemberPosts:7332 20 Jan 2016 11:23 PM Posted By maduranga001 on 20 Jan 2016 01:57 AM ඇසේ නිතර දැන් කවි මඩුවේ හඩත් නුඹේ මෙලෙසින් එකතු වී කර සවිමත් මඩුවෙ කඹේ උදේ පටන් ගනිමින් එක තඹෙන් තඹේ ලැබෙදෝ මල්ලි ෂා උඹටත් ඉන් ළාබේ අතපත ගාමි දවසම මා මිටි සල්ලී අයියේ ඒව වෙන අයගේ ඇත එල්ලී අද ලැබුණත් හෙට නෑ මට මගෙ සල්ලී ලැබෙනා ලාබෙ යයි නොකියා මට ඉගිලී RosiSuper Senior MemberPosts:5335 20 Jan 2016 05:58 PM Posted By Poddi on 19 Jan 2016 06:48 PM මම ආවත් අක්කේ නෑ නුඹ හිටියේ මෙහි රස කරලා ගලපන්නට කවි මඩුවේ කවි පවසන්නකෝ අක්කේ කොහොමදැයි දිවි හොදින් සුවෙන් පසුවෙනවා මගේ නම් දිවි මා එන විට පොඩ්ඩි යේ නුබ මෙහි නැනේ ඔබ එනවිට නංගියේ මන් මෙහි නැනේ සතුටයි දැන පසුවෙන බව හොදින් සුවේ පවසමි මාද ඇත කල්ගෙවමින් හොදින සුවේ Ind007kaMost Senior MemberPosts:12931 20 Jan 2016 05:30 PM ආවා කවි මඩුවට මමත් කවි සිත සිත දුටුවා නව මුහුණු මඩුවේ සතර අත දැනුනා සතුට දුටුවිට කවියන්ගේ වත ලියපන් රග දෙන කවි තව ගොත ගොත First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... maduranga001Most Senior MemberPosts:14118 20 Jan 2016 01:57 AM Posted By sha733 on 20 Jan 2016 12:41 AM කලින් කලට හෙන ගෙඩි පුපුරන්නේ අද දවසම ඇයි නිහඩව ඉන්නේ කස පට අරගෙන වැඩ අරඹන්නේ මේ නූලත් දැන් හැඩ කරපන්නේ ඇසේ නිතර දැන් කවි මඩුවේ හඩත් නුඹේ මෙලෙසින් එකතු වී කර සවිමත් මඩුවෙ කඹේ උදේ පටන් ගනිමින් එක තඹෙන් තඹේ ලැබෙදෝ මල්ලි ෂා උඹටත් ඉන් ළාබේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sha733Super Senior MemberPosts:7332 20 Jan 2016 12:41 AM කලින් කලට හෙන ගෙඩි පුපුරන්නේ අද දවසම ඇයි නිහඩව ඉන්නේ කස පට අරගෙන වැඩ අරඹන්නේ මේ නූලත් දැන් හැඩ කරපන්නේ PoddiVeteran MemberPosts:2100 19 Jan 2016 06:48 PM මම ආවත් අක්කේ නෑ නුඹ හිටියේ මෙහි රස කරලා ගලපන්නට කවි මඩුවේ කවි පවසන්නකෝ අක්කේ කොහොමදැයි දිවි හොදින් සුවෙන් පසුවෙනවා මගේ නම් දිවි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* RosiSuper Senior MemberPosts:5335 17 Jan 2016 07:12 PM නිදියන්නට පෙර ගලපන්නට මඩුවේ කවි සිතමින් ගොඩ විය මේ පැත්තට මෙලෙස යලි ගෙන ආ කෑමත් ඉවරය කවුරුත් කා බි මෙහි පොඩ්ඩි නගෝ නුබ නෑවිත් මොකද මෙහි sha733Super Senior MemberPosts:7332 17 Jan 2016 04:19 AM පිට්ටුව කටේ හිර වීලාදෝ දැන් ඇත්තේ ඒ ටික බඩට දාගෙන් දැන් මෙහි එන්නේ අදහස් දෙන්න අඩවිය යහමට දැන් හදලානේ ඒ ටික දමා යන එකනේ දැන් ඇත්තේ maduranga001Most Senior MemberPosts:14118 17 Jan 2016 03:22 AM වඩේ රොටි ආප්ප උණු තේ බොන්නේ ඒ අතරට තව පැණි හකුරුත් කන්නේ අද නම් පොඩ්ඩි දෝත පුරා ගෙන එන්නේ කියනු අද මොනවාද ගෙනැවිත් බෙදන්නේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 17 Jan 2016 02:25 AM රාජිත චතුර හඬ වැසිකිලි ගඳ වැඩි කරවයි මංගල අකිල සාගල කොලු වැඩ සාගරයි රට දැය සමය රැකුම දෙවියන් හට බාරයි යහපාලනය යනු ඉහතින් පෙන්වූ ඒවයි maduranga001Most Senior MemberPosts:14118 17 Jan 2016 12:18 AM මුලින් හොරෙන් බිවු බ්ලැක් කොෆි කෝප්පයයි එහෙන් මෙහෙන් හැම ඇලවූ තාප්පයයි ඒ හැමකම තිබු දේ අද කේප්පයයි රොටිය නොවේ අමතක උනෙ ආප්පයයි ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 16 Jan 2016 10:30 PM කන්නට ලොබ කමේ හදනා පොල් රොටිය කන්නට ගොසින් රට කට කල හදිය අමතක වීද කාටත් රොටියෙන් පෙරලූ බලය සෝහිත හිමි නම රටේ කාටත් අමතකය maduranga001Most Senior MemberPosts:14118 16 Jan 2016 12:51 AM දුම් දමමින් ගෙනවිත් තැබු වඩේ තැටිය අවසන් කරල වාගෙයි පෙනෙනා හැටිය කවි කියමින් මෙතුවක් කල් මෙහි හිටිය ගොස් ඇත සැවොම දැන් කන්නට වෙන්නේ රොටිය ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 15 Jan 2016 05:04 AM ඉන්දික ඩබල් හත ඇවිත් දැම්ම මුව මම දැක්කේ වගේ බින් කෙහෙල් මුව පලා ටික නොදා දැක ඔය දුවන මුව සුරැකිය යෙහෙකි පවතින ඔබේ මුව RosiSuper Senior MemberPosts:5335 14 Jan 2016 05:37 PM වඩේ ගේනවා කන්නට කෝ මේ පොඩ්ඩි නැතුවා වගෙයි අද කවි මඩුවේ පොඩ්ඩි හන්ගා ගොස් ගෙන එන්නට සිත දෙද්දී පිළුණු නොවී කාපන් නුබවත් අයියේ රැන්දී Ind007kaMost Senior MemberPosts:12931 13 Jan 2016 05:33 PM කස්ටිය වටවෙලා මොකෝ මේ අපේ නඩේ ආවා මමත් මුව දමන්නට මේ කවීන් ගොඩේ දුටුවේ දැනුයි ජයටම මෙහි කෙරෙන වැඩේ ඔං නගෝ මමත් කනවා නුබ හදන වඩේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 13 Jan 2016 09:01 AM නංගියේ ගෙන ආවෙමි දැක හනිකට රසැති වඩේ කවුරුත් නිදි නොවැ මඩුවත් ඇත නිහඩ ලොවේ හන්ගා ගොස් ගෙන එන්නද පොඩ්ඩ් යේ හෙටත් මෙසේ නැතිනමුත් කන්නට හොරා හැඟුමක් ඇති වේ මදුරංගනට සිතේ ImalkaVeteran MemberPosts:4533 13 Jan 2016 06:46 AM හැම දාමත් වැලි කන්නේ අපි දෙන්නයි කවි මඩුවේ ඇක්ටිව් කම රැක ගන්නයි කවි කියවා කවුරුත් හිනැහෙන පාටයි කිචි නැති එවුන් දෙයියන් හට බාරයි maduranga001Most Senior MemberPosts:14118 13 Jan 2016 05:50 AM Posted By Imalka on 13 Jan 2016 05:17 AM දෙක තුන කරන්නට හිතුවත් උඹ ඒ වාගේ විස්වාසේටම ගුටි කයි නුඹේ හාමිනේගේ දාල යන්න සිදු වෙයි ඔබ හට ඔබේ ගේ අප හට ඇති වේවි බොහෝ සේ සංවේගේ දෙක තුන කරත් නැහැ කර ගන්නේ පැටලී දනිමි හොඳින් කල යුතු දේ මම මල්ලී හරි හැටි නොදැන අද ගාගෙන මඩ තල්ලී එන්න එපා එවනට මට බොරු පිල්ලී ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 13 Jan 2016 05:17 AM දෙක තුන කරන්නට හිතුවත් උඹ ඒ වාගේ විස්වාසේටම ගුටි කයි නුඹේ හාමිනේගේ දාල යන්න සිදු වෙයි ඔබ හට ඔබේ ගේ අප හට ඇති වේවි බොහෝ සේ සංවේගේ maduranga001Most Senior MemberPosts:14118 13 Jan 2016 04:25 AM Posted By Imalka on 13 Jan 2016 03:49 AM නුගගහ සෙවනේ සුරතින් ගෙන කවි කුඩේ මදුරෝ බලාගෙන යන්නේ අහු උනොත් ලෙඩේ නෝනගේ කවියේ හඬ දෙදරයි වෙඩි හඬේ තුන්වේලටම කන්නට වෙයි හන්දියේ වඩේ ඇය එනු නම් අපි දෙන්නට තවත් හොඳයි තුන් දෙන එක්ව කවි කීමට වඩා අගෙයි බිරිඳ මගේ සෙවනැල්ලට වඩා ළඟයි ඇය සැමදා මට මගෙ සිරිකත වාගෙයි ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 13 Jan 2016 03:49 AM නුගගහ සෙවනේ සුරතින් ගෙන කවි කුඩේ මදුරෝ බලාගෙන යන්නේ අහු උනොත් ලෙඩේ නෝනගේ කවියේ හඬ දෙදරයි වෙඩි හඬේ තුන්වේලටම කන්නට වෙයි හන්දියේ වඩේ maduranga001Most Senior MemberPosts:14118 13 Jan 2016 03:35 AM Posted By Poddi on 13 Jan 2016 03:21 AM බත් කටක් දුන්නත් මම එපා කියනවාද රෝසි අක්කි ඇවිදින් රෙසිපිය දෙනවාද සද්ද බද්ද කරලා තව කවි පද ගොතනවද නැත්නම් දැන් මට සමු ගන්නට දෙනවාද කවියට කවිය දෙන්නට සැරසිලා වගේ දිග හැරියා පමණයි කවි කොළය මගේ හිඳගෙන සිසිල ගෙනදෙන ගස් සෙවනෙ නුගේ ගොතමු ඉතින් එළිවෙනකන් උනත් නගේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ PoddiVeteran MemberPosts:2100 13 Jan 2016 03:21 AM බත් කටක් දුන්නත් මම එපා කියනවාද රෝසි අක්කි ඇවිදින් රෙසිපිය දෙනවාද සද්ද බද්ද කරලා තව කවි පද ගොතනවද නැත්නම් දැන් මට සමු ගන්නට දෙනවාද ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 13 Jan 2016 02:50 AM Posted By Poddi on 13 Jan 2016 02:23 AM උණු තේ එක නම් හරි වටිනවා මා කිව යුත්තේ උණු වඩයක් එහෙම නැතිදෝ තව මේ පැත්තේ අනේ අනිත් අයටත් එන්න කියමුද මේ පැත්තේ එතකොට කවි මඩුව තව සුන්දර වනු ඇත්තේ වඩේ කන්න සිතුනද අද මගෙ මිතුරු එහෙනම් ලියමු තවෙකක් ගලපා අකුරු කවි බොහො නම් තෑගිත් බෝ වේ සිකුරු මගේ ළග තියෙනවා නංගිට පැණි හකුරු ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 13 Jan 2016 02:37 AM මඩුවේ පිරිස තේ බොන්නට යොමු වෙන්නේ මම නම් දැනුයි දහවල් කෑමට සැරසෙන්නේ වඩයක් කන්න පොඩ්ඩිගේ හිත පෙළඹෙන්නේ රෝසිට කියා බලමුද රෙසිපිය ඇය දන්නේ maduranga001Most Senior MemberPosts:14118 13 Jan 2016 02:32 AM හැම දෙන තුළ තෙරපෙන ඔය කවි අදහස් තබා නොගෙන කල මැන මඩුවට නිදහස් මඩුව තුළින් ගලනා මේ කවි සඳරැස් කැපී යනු නියත ස්ටන් එකෙ වස්දොස් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ PoddiVeteran MemberPosts:2100 13 Jan 2016 02:23 AM උණු තේ එක නම් හරි වටිනවා මා කිව යුත්තේ උණු වඩයක් එහෙම නැතිදෝ තව මේ පැත්තේ අනේ අනිත් අයටත් එන්න කියමුද මේ පැත්තේ එතකොට කවි මඩුව තව සුන්දර වනු ඇත්තේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 13 Jan 2016 02:18 AM මඩුවට නොවැදුනේ ටික දවසයි නොවැ මමද මනදොල උතුරැවා ගලනවා තරගෙට මේ පැත්ත බැලුවා මමත් කවුදැයි කියා මේ අග දග දාන උණු තේ බිබී යහමට දානව කවිපද මේ පොඩ්ඩී maduranga001Most Senior MemberPosts:14118 13 Jan 2016 02:09 AM Posted By Poddi on 13 Jan 2016 01:56 AM දැන් නම් වැඩ ටිකක් අහවර කරලයි ඇත්තේ එත් ඔක්කොම කට්ටිය නිදි වගේ මේ පැත්තේ මටත් දැන් නම් නිදි යන්නටමයි සිත ඇත්තේ නිදි මත යන්නත් එක්ක තව කවියක් කිව යුත්තේ කවි මඩුවේ කවි හොද හැටි නැගලා යන්න කවි කිව යුතුයි එබැවින් නොනිදා ඉන්න කවියට කවිය මුතු මෙන් අමුණා දෙන්න කවි කාරියේ මේ උණු තේ එක බොන්න ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ PoddiVeteran MemberPosts:2100 13 Jan 2016 01:56 AM දැන් නම් වැඩ ටිකක් අහවර කරලයි ඇත්තේ එත් ඔක්කොම කට්ටිය නිදි වගේ මේ පැත්තේ මටත් දැන් නම් නිදි යන්නටමයි සිත ඇත්තේ නිදි මත යන්නත් එක්ක තව කවියක් කිව යුත්තේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* ImalkaVeteran MemberPosts:4533 13 Jan 2016 01:46 AM පොල් ඇහිඳීම ගැන මම කිව්වේ විහිලුවටයි කවියෙහි කවි රසය තව රසවත් වෙන්නයි ඔබේ වැඩ නිසි පරිදි ඉටු කර ගන්නයි කාලය ලද විටක ලිව්වොතින් හොඳයි PoddiVeteran MemberPosts:2100 13 Jan 2016 01:36 AM පොල් නම් නෑ අහුලන්නට වත් අනේ වැඩ ගොඩකට හිරවීලයි මේ මම ඉන්නේ ඒව නොකෙරුනොත් ගුටි කන්නට වෙන්නේ පුළුවන් විදිහට කවි ගොතලා කියන්නේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* ImalkaVeteran MemberPosts:4533 13 Jan 2016 01:27 AM පිට්ටු උනත් කන්නට නම් බැරි නැත්තේ මම මේ බැලුවේ මොකදැයි පිළිතුරු නැත්තේ ගියා නේද අහුලන්නට පොල් ටික වත්තේ මම නම් උදේ සිට සිටියෙමි මේ පැත්තේ PoddiVeteran MemberPosts:2100 13 Jan 2016 01:02 AM කවි බදිනවා නම් මොනවද ඔට්ටු මම දිනනවා කරලා අයියව මට්ටු දුවගෙන එන්නකෝ දමලා වෙට්ටු අයියගේ කට තාමත් වාගෙයි ගිලලා පිට්ටු Imalka aiyta . heee ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 13 Jan 2016 12:51 AM නිදි ගැට හැර කම්මැලි කම් ගෙන හැරපා කවි සිතුවම් කවි මඩුවේ කර සතපා ගලා හැලෙන දිය වැල් සේ සිට සිරිපා කියමු අපිත් පදවැල් එකිනෙක ගලපා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 12 Jan 2016 10:49 PM සතුටුයි නගෝ ඔබේ එඩිතර අහියෝගය මනරම් එන්නද මමත් කවි සටනට ඔබහා එහෙනම් අතර මැදදී හෙමීට පැන යන්නට නම් තහනම් බලමුද කවුද දිනන්නේ පෙන්වා සිය කවිකම් PoddiVeteran MemberPosts:2100 12 Jan 2016 09:08 PM පතනවා සුභ වේවා අද දින හැමට අදත් අපි කවි ගොතමුද යසට එකා මෙන්ම එක් විලා එකට නැති නම් පාලුයිනේ ගොඩක් මට ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* ImalkaVeteran MemberPosts:4533 12 Jan 2016 07:56 AM කවි නොලියන්නේ ටයිපින් නැති හින්දද ලෙහෙසි කම්මැලි වෙලා දැන් නම් ඔබ හොර පූසී ඉන්නේ මොකද හිනැහී ලියපන් කවියක් රෝසී කවියෙන් පිළිතුරක් දෙනු පොඩ්ඩක් වෙහෙසී ImalkaVeteran MemberPosts:4533 12 Jan 2016 07:45 AM ලිඳ උඹේ තමයි නැත ඒ ගැන කාරී කසියා බීම අනුමත කරනවද භාරී කවදා හෝ උඹට යයි මේ ගැන තේරී හඳුනා ගන්න බලපන් පුෂ්පය නාරී RosiSuper Senior MemberPosts:5335 12 Jan 2016 07:03 AM රස විදින්නත් කට්ටිය ඕන නේ අයියා ... දැන් නම් මටත් හිතුනා රසවිදින්න එකතුවෙන්න samanthaMost Senior MemberPosts:13190 12 Jan 2016 06:56 AM අනේ අපිට කවි ලියන්න බැහැ. කවි රස විඳින්න නම් පුළුවන්... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 12 Jan 2016 06:15 AM කවි මඩුවට ජය වේවා .... හරිම සතුටුයි maduranga001Most Senior MemberPosts:14118 12 Jan 2016 06:13 AM Posted By Imalka on 12 Jan 2016 02:59 AM පිළිගන්නට බැරිය මටනම් මදුරංගගේ වදන කොල්ලන් නැහැ නේද එහෙ මෙහෙ පියාඹන මල්පැණි නොබොයි කියූ ලෙස කවියේ පරන බොන්නේ "කසියා" පමණි නිවසේම පෙරන කනදෙයත් මා බොනදෙයත් මා ගෙදරදී මට සාදනා 'කසිය' බිව්වත් "හෝම් මේඩ්" නම් සැක කරනු කීම කාරනා බෝ පැලේ වන් මෙමට නොකරනු ඔය වගේ බොරු චෝදනා ළිඳ මගේ නම් මා ලිඳේ නම් කාටවත් ඇයි වේදනා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ indika76Most Senior MemberPosts:10449 12 Jan 2016 05:18 AM කම්මැලි කමෙන් මේ අඩවියෙ සැරි සැරුව අයියල මල්ලිලා ස්ටනයට තනි රුකුව පොඩ්ඩි නගා මේ පෙදෙසට ආ පසුව පණ ගැහිලා ඇත නතරව ඇති කවි මඩුව PoddiVeteran MemberPosts:2100 12 Jan 2016 03:30 AM කෙල්ලෙක් වගේ ඇස් ගහනවා දැකලා මම හිතුවේ ind007ka අක්කෙක් කියලා කීවට ඔබ ගැනත් poddita කවි ගොතලා පිලිගන්නවා මම මේ මිතුදමට තුති පුදලා ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* ImalkaVeteran MemberPosts:4533 12 Jan 2016 02:59 AM පිළිගන්නට බැරිය මටනම් මදුරංගගේ වදන කොල්ලන් නැහැ නේද එහෙ මෙහෙ පියාඹන මල්පැණි නොබොයි කියූ ලෙස කවියේ පරන බොන්නේ "කසියා" පමණි නිවසේම පෙරන Ind007kaMost Senior MemberPosts:12931 12 Jan 2016 02:51 AM ආසද ඉතින් අප වත ගොත දැනගන්න "අපි කවුරුද ?" නුලට දැන් ගොඩවන්න හිත හොද අය ඇත ඔබ හා එක්වන්න ඉන්දික මමයි බත්තරමුල්ලෙන් ඔන්න අපි කවුරුද..? http://www.sl-stun.com/Forum/aft/6 First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... maduranga001Most Senior MemberPosts:14118 12 Jan 2016 02:05 AM ස්ටන් හතර මුල්ලෙම දවසෙම පියාඹන මැදි කරගෙන ස්ටන් මිතුරන් සුදන ඇතත් නමක් අමතන්නේ මේ වදන මමයි "මදුරුවා" මල් පැණිවත් වත් නොබොන ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ PoddiVeteran MemberPosts:2100 12 Jan 2016 02:00 AM මාලබේ බෝ දුරයි මට නම් ඔන්න මම පොඩ්ඩි කුරුණෑගල ඉන්න ඔබේ විස්තර පැවසුවාට තුති ඔන්න තව කවි ගොතමුද තරගෙට ඔන්න ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* ImalkaVeteran MemberPosts:4533 12 Jan 2016 01:42 AM "ස්ටන්" එකේ කවි මඩුවට ජවයක් දෙන්න පොඩ්ඩි පැමිණ ඇති බව පෙනෙනවා ඔන්න ඔබ කියූ පරිදි පවසන්නෙමි මෙන්න මගේ නම් "ඉමල්ක" යි මාලබේ ඉන්න PoddiVeteran MemberPosts:2100 12 Jan 2016 01:14 AM කට්ටිය නිදාගෙන හිටියා ඇති දැන් නැගිටින්න නැතිනම් මටත් එපා වෙනවා දැන් කවි ඔන්න කියමින් අද දින ගැන හැමගේ තතු පවසන්න ආසයි මට තවත් ඔබ හැමදෙන හදුනා ගන්න ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 12 Jan 2016 12:46 AM ආරාධනාවන් පිළිගෙන අද මෙහි ඇවිදින් තුති පුද කරයි කවි සිව් පදයක බඳිමින් කවි මඩුවට නව ජවයක් එක් කරමින් වෙමු මිතුරන් අද සිට බැදී කවි යදමින් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ PoddiVeteran MemberPosts:2100 11 Jan 2016 09:37 PM හොයලා දුවගෙන ආවේ මම මේ පැත්තේ දුන් ඇරයුමට මගේ සිත සතුටුයි කිව යුත්තේ පුළුවන් හැම විටම කවි ගෙතුමට සිත ඇත්තේ දැන් නම් ඉතින් මම බරටම වැඩකයි ඇත්තේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* Ind007kaMost Senior MemberPosts:12931 11 Jan 2016 09:25 PM ඔන්න මමත් ගොඩ වූවා කවි මඩුවට වේවා පතමි සුභ නව වසක් ඔබ සැමහට දුටුවා පොඩිත්තියක් දක්ෂයි ඈ කවියට ආරාධනා මෙන්න එන්න කවි මඩුවට First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... maduranga001Most Senior MemberPosts:14118 11 Jan 2016 07:41 AM ස්ටන් එක වෙත දුව පැන ආ අපෙ පොඩ්ඩී හැමදෙන හිත් දිනා ඇති වාගෙයි මේ බඩ්ඩී මඩුවට එනු නිසැක අද හෙට නොම වී රොඩ්ඩී කවි නිසදැස් කතා ගෙතුමට සුපතළ මේ වැඩ්ඩී ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 11 Jan 2016 06:46 AM කවියට කලාවට අති දක්ෂලු අලුත් පොඩි නංගි කවදද ඔබ එන්නේ කියනට කව් පොඩි වැනි ගී ඔබගේ නැවුම් කවි අදහස් නොතියනු හැංගී පෙරලා බලමු කවියට ඔබ ලියනා රන් ගී ImalkaVeteran MemberPosts:4533 11 Jan 2016 06:35 AM සතුටුයි දකින්නට කවි මෙසේ හැමදාමත් මදුරඟ තියෙනවද මොට වුනු දේ ඉමහත් කාලය ඉතිරිව තිබේ ලාවට තවමත් කර ගනු මැනවි කවි මඩුවේ දා සවිමත් maduranga001Most Senior MemberPosts:14118 11 Jan 2016 03:54 AM වසරක ගෙතූ කවි ගණනින් නම් ඉමහත් කවි මඩුවත් වී ඇත හොඳ හැටි පොහොසත් මා එනවිට කරගෙන මගෙ කවි මුවහත් ගොස් ඇත නමුත් එනු සකි මඩුවට නැවතත් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 07 Jan 2016 12:34 PM සුබ වසරක් පතමින් මෙහි ගොතන කවි සතුටයි දැක නැවතත් ස්ටන් මඩුවේ කවි ශා මලයෝ ඔබත් ගොතමින් මෙහි යසට කවි ගොඩ විය මාත් මඩුවට ගලපන්න ට මගේ කවි sha733Super Senior MemberPosts:7332 07 Jan 2016 03:43 AM අලුත් වෙලා ආවත් මේ කවි මඩුව දකිනා කවියො ටික විතරයි හැමදාම පාලුව දැනෙන විට ඇමිනෙන කවි පදය හිතක් නැද්ද ස්ටන් එකට ගෙන එන්න ImalkaVeteran MemberPosts:4533 06 Jan 2016 06:58 AM ස්ටන් එකට වසරක් සපිරෙන හින්දා කවියක් නොලිය ඉන්නට බැරිය ඒ හින්දා වඩවා සොයුරු පෙම කිතුගොස බන්දා යමු අපි පෙරටහෙළ නද දසතම රන්දා ImalkaVeteran MemberPosts:4533 06 Jan 2016 06:24 AM කලකට පසුව ඇහෙනවා කවියක් ස්ටන් කවි මඩුවේ කවුදැයි කවි කියන්නේ කියලා නිකමට මේ බැලුවේ දෙන්නෙක් ගොඩ වෙලා වාගේ මඩුවට මේ අව්වේ කවුදැයි කවි මඩුව තියෙනා මානය කිව්වේ maduranga001Most Senior MemberPosts:14118 06 Jan 2016 03:23 AM Posted By sha733 on 06 Jan 2016 02:20 AM අඩවියට වසරක් ගෙවී ඇති හින්දා බැන්දෙමි වදන් එක පිට එක බන්දා ගමනක් ඇතේ අප හට සැම පරදා ඉදිරිය සුභයි සහයක් ඔබෙන් ලද හින්දා ස්ටන් නිසා ෆෝරම් ලොව ගොස් ඇත හෙල්ලී ඔබ හැම දුන් සවිය නිසයි සිටියේ මා මුල්වී වටිනා නූල් නැති කළ ස්ටන් යනු ඇත බොල්වී හොඳ දේ දුන් නිසයි වුනෙ ඩයමන්ඩ් ෂා මල්ලී ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sha733Super Senior MemberPosts:7332 06 Jan 2016 02:20 AM Posted By maduranga001 on 05 Jan 2016 07:57 AM ගෙවී ඇත ස්ටන් වසරක් අප හට නොදැනී ආ මග බලන විට හද ඉපිළී යයි තුටිනි මේ තැන රැඳෙන්නේ ඔබ දුන් සැම දේ තුලිනි ඔබ හැම දෙනා හට අද කවියෙන් තුති පිදුණි අඩවියට වසරක් ගෙවී ඇති හින්දා බැන්දෙමි වදන් එක පිට එක බන්දා ගමනක් ඇතේ අප හට සැම පරදා ඉදිරිය සුභයි සහයක් ඔබෙන් ලද හින්දා maduranga001Most Senior MemberPosts:14118 05 Jan 2016 07:57 AM ගෙවී ඇත ස්ටන් වසරක් අප හට නොදැනී ආ මග බලන විට හද ඉපිළී යයි තුටිනි මේ තැන රැඳෙන්නේ ඔබ දුන් සැම දේ තුලිනි ඔබ හැම දෙනා හට අද කවියෙන් තුති පිදුණි ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 13 Dec 2015 08:53 PM ගනු මිස දෙනු කියා දෙයක් ගැන නැහැ සමහරු දන්නේ හැම දෙන දුන්නොතින් පමණයි ස්ටන් පොහොසත් වන්නේ ඇල්බම් හැර තවත් ත්රෙඩ්ස් ඇත දිග හැර බල පන්නේ කියවා හිනැහී නොගොසින් කොමෙන්ටු දා ඉන්නේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ samanthaMost Senior MemberPosts:13190 13 Dec 2015 08:20 AM මටත් තේරෙන්නේ නැහැ.. ඉන්නකොට කස්ටිය ඒත් හැමදාම ඉන්න STAFF විතරක් ඉන්නවා. , නැති වෙනකොට කවුරුවත් නැහැ. ඇල්බම් එකක් දම්මොත් ඔක්කොම ටික දුවගෙන එනවා. වෙන මොනවත් දෙයක් එකතු කලත් බලන්නේ, කමෙන්ට්ස් එකතු කරන්නේ කිහිප දෙනයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ImalkaVeteran MemberPosts:4533 13 Dec 2015 06:16 AM නැවතත් පැමිණ ඇත කාලය වෙසෙනා තනිය කවුරුත් එන්නේ නැතිවග පේනවා ඇත හිස්ය වසරේ අවසාන සති කිහිපය නිසා වැඩ වැඩිය කස්ටිය දුවනවා එහෙමෙහෙ සන්සුන් බව අඩුය RosiSuper Senior MemberPosts:5335 01 Dec 2015 08:21 AM Posted By Imalka on 30 Nov 2015 08:08 AM කාටද කියන්නට පුළුවන් ඇයි කවි එන්නැත්තේ සමහර ඈයෝ එන්නෙත් නැහැ අඩවිය පැත්තේ ඉන්නවා පේනවා දවසෙම මුහුණු පොත පැත්තේ වචනය වෙනස් වී ඇති බවයි දැන් නම් කීමට ඇත්තේ Apaaaa sera wedi da manda ImalkaVeteran MemberPosts:4533 01 Dec 2015 05:22 AM මදුරංග සොයුරාට..... මදුරංග ට හිමි උනා අද නව පදවිය මාමා ගෙන එමු නොම අඩුව සුභ පැතුමන් බෝමා ඉර හඳ තරු නිතිපතා පවතින සේමා තෙරුවන් සරණ දෙවි රැකවරණයි සැවොමා ImalkaVeteran MemberPosts:4533 30 Nov 2015 11:31 PM සහතික ඇත්ත ඔබ නම් හැම දිනකම ගොඩවෙනවා සමහරු මේ පැත්ත නොබලා නීති හැර යනවා කාගේත් දායකත්වය එකවගේ වැදගත් වෙනවා දිනදෙකතුනකට වරක් වත් එනු හැකිනම් අගයනවා samanthaMost Senior MemberPosts:13190 30 Nov 2015 10:20 AM Posted By Imalka on 30 Nov 2015 08:08 AM කාටද කියන්නට පුළුවන් ඇයි කවි එන්නැත්තේ සමහර ඈයෝ එන්නෙත් නැහැ අඩවිය පැත්තේ ඉන්නවා පේනවා දවසෙම මුහුණු පොත පැත්තේ වචනය වෙනස් වී ඇති බවයි දැන් නම් කීමට ඇත්තේ ඔන්න මම නම් නෙමෙයි.. මම නම් හැමදාම ගොඩවෙනවා... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ImalkaVeteran MemberPosts:4533 30 Nov 2015 08:08 AM කාටද කියන්නට පුළුවන් ඇයි කවි එන්නැත්තේ සමහර ඈයෝ එන්නෙත් නැහැ අඩවිය පැත්තේ ඉන්නවා පේනවා දවසෙම මුහුණු පොත පැත්තේ වචනය වෙනස් වී ඇති බවයි දැන් නම් කීමට ඇත්තේ maduranga001Most Senior MemberPosts:14118 29 Nov 2015 07:34 PM තෙරක් නොමැති වැඩමයි මේ දවස් ටිකේ යන්නට වුනි මා හට මුළු වටා ළකේ පන නළ තියෙනකන් ස්ටන් සදා රැකේ තබා නොගනු ඒ ගැන නම් කිසිම සැකේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 29 Nov 2015 06:49 AM ඇරියස් බොහෝ තිබේ කවිමඩුවේ විගසින් අපට පිළිතුරු දිය යුතුවේ පාසලේ යහපතට වැඩ කල යුතුවේ ඒ ගැන ඔබට තුති කවියක් ලියවේ ImalkaVeteran MemberPosts:4533 27 Nov 2015 07:19 AM මදුරු මචෝ රෝසිගේ මේ ඕවදනවත් හිතට ගනින් කාඩ් කුඩු වෙලා අප්සෙට් වෙයි උනොත් ඉතින් දෙහි ගැට මිලවුවද ගස්ලබු ගුණ වැඩියි හොඳින් උඹ නැති උනොත් සදා සොත්ති අපෙ ඉස් ටන් RosiSuper Senior MemberPosts:5335 27 Nov 2015 06:38 AM සොයමින් ගැට දෙහි ඇවිදින නිතර වෙලේ නරකද ආවොත් අත හැර මේ පිස්සු වැඩේ දන මුත් නෝනා හොදවයින් උබට ලැබේ සුවර් කොසු පාරක් අමතක කර කන දිගේ RosiSuper Senior MemberPosts:5335 27 Nov 2015 05:25 AM ImalkaVeteran MemberPosts:4533 27 Nov 2015 01:51 AM සිංහල අකුරු වගයක් කර ගෙන උප යෝගී ඉන්දික ලියා ඇත වදනක් කවියක් වාගී කුමකට ලියනවද නොදනිමි මේ වැනි සෝ ගී සිතනෙමි ඔහු හටත් ඇතිබව යටි කය රෝගී Ind007kaMost Senior MemberPosts:12931 26 Nov 2015 05:28 PM අන් රස විදීන්නට සිත් ඇති මුත් ලතවිල්ලෙන් නුබලා පෙන්වනවා ගෙයි රස ඇත නැලවිල්ලෙන් විවිධා රසයන් තොල නොගවා සිත් නිදැල්ලෙන් කියවා පවා ලබනා සතුට කිම පසුතැවිල්ලෙන් ..... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 26 Nov 2015 06:58 AM මදු රඟ මුලා උනමුත් ඇය එහෙ දුවනු බලා මග බලබලා සිට ඇතිවා වාගෙයි පවන් සලා මොනවා කොරන්න ද ඇය ගොස් ඇත මුවා වෙලා දුවන මුවන් දැක නොදමව් නෙලූ පලා RosiSuper Senior MemberPosts:5335 26 Nov 2015 05:51 AM හොඳ ඇති වුවත් ඇගේ අළුත් වාහනයේ දීවිල්ල දැන් නම් බැරිය ගොස් අල්ලන්ට ඔහුගේ යැවිල්ල සතුටක් දැනුනි මට දැක ඔහුගේ මේ ලතවිල්ල පමා වුවත් මා ඉන්නෙමි ඔබ පසුපස සෙවිල්ල RosiSuper Senior MemberPosts:5335 26 Nov 2015 05:30 AM කවි මඩුව අයෙත් ඇවිත් , ImalkaVeteran MemberPosts:4533 26 Nov 2015 03:42 AM ලුණු දෙහි උනත් කනවිට සැමදා රස අඩු වෙනවා අමුවෙන් වුවද මිරිසෙහි රස මතකෙට එනවා අල්ලපු වත්තේ වැල් ගැන සිතා කාලය ගතවෙනවා ඒ මදිවාට සුදනා වෙන්නට මෙහි දත කනවා maduranga001Most Senior MemberPosts:14118 25 Nov 2015 10:37 PM ලුණු දෙහි වල අඩු කිසි දින මට කර නැත්තේ දිව රෑ කියා කිසි වෙනසක් එහි නැහැ ඇත්තේ මට රිසි දේ මගේ මෙහෙසී දැන ගත්තේ කොච්චි මිරිස් සොයමින් නොදුවනු තැන තැන වත්තේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Nov 2015 10:19 PM මම නැහැ හොයන්නේ අනුනගේ ඔයවගේ දේ වෙහෙසී මට ඇත වැඩ බොහෝ කරනට රෑ දහවල් බොහෝ සී මදිවා වගේ ලුණු දෙහි මේ දිනවල උඹේ හොදි දීසී ඉවසා ගෙන ඉඳින් මිතුරේ නොම වී කලබල මෙහෙසී samanthaMost Senior MemberPosts:13190 25 Nov 2015 10:16 PM කවි මඩුව ආයෙත් නැගලා යනවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 25 Nov 2015 10:11 PM "සිතූ" ගෙ වෙලිල්ල ගැන නැහැ මම වෙන්නේ 'වොරී' ඒ ගැන හොයන්නට ඇත ඇගෙ 'හබි' කරපු 'මැරී' ඔබ වේලුනා නම් ඒ ගැන 'ෆීලින්' වේය 'සොරී' ලුණු දෙහි ඇඹුල් නැතිවම කනවා වගෙයි 'කරී' ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Nov 2015 08:45 PM පිළිතුර නිවැරදියි ඔබ දුන් දැන හෝ නොදැන කෙල්ලගේ නම "සිතු" තමයි වුව තරමක් පරණ හොඳ මිතුරියකි ඇය යහපත් ය තවමත් තරුණ අහපන් ඇගෙන් වේලෙනවද මා නොදනී එම කරුණ maduranga001Most Senior MemberPosts:14118 25 Nov 2015 07:33 PM කවුද මචං උඹ පහු කර ගිය කෙල්ල කර ගන්නට බැරිමද දැන් ඇය මෙල්ල හොඳ ඇති ඇගේ අළුත් වාහනයේ දීවිල්ල උඹ 'චැලියෙන්' එන විට ඇය යනු ඇත ඉගිල ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 25 Nov 2015 07:15 PM කෙල්ලොත් පහුකරල නේ කියමින් අපට ගතූ ඉන්නේ මොකද දැන් ඇස් දෙක කරන් රතූ මුල්ලක් අල්ලගෙන වේලීගෙන ඉන්න සිතූ කියහන් මචෝ අද උබෙ මේ "ස්ලෝවට" හේතූ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Nov 2015 08:50 AM දින සති මාස ගණනක තිබු විරාමය නවතාලන්න ස්ටන් එක දිහා බැලුවම හිතුනා මොහොතක් නවතින්න නැවතී මඳක් විපරම් කළා අරුමෙකි එය සිදු වෙන්න මා පසු කරන් ගිය මිතුරිය කවුදැයි හැකි නම් පවසන්න maduranga001Most Senior MemberPosts:14118 04 Sep 2015 08:56 PM Posted By Rosi on 02 Sep 2015 12:43 PM අනේ මට කම්මැලි අප්පා .... කවි කාරයො ඇත දැන් තව එක් වීලා දැක එය මගෙ යයි හදවත සෙමෙර සලා නව අදහස් යනු නියතයි දෙගොඩ තලා හළ මැන ඔබත් යන්නට කවි දෝරෙ ගලා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 02 Sep 2015 12:43 PM අනේ මට කම්මැලි අප්පා .... sha733Super Senior MemberPosts:7332 01 Sep 2015 01:40 AM පද ගලපා දැම්මත් මා ඔය උඩ කවිය මා පමණයි දන්නේ එහි ඇති රගය වාදය නැතිව පද ගලපා නැත රසය මා අත හැරල වාදය පටන් ගනු සබය Ind007kaMost Senior MemberPosts:12931 31 Aug 2015 08:48 PM වෙල්කම් කිව්වා මඩුවට ශානක මිතුර මැලිකම් නොවේ පබදිනු කවි වැල් නිතර විස්කම් මතින් ලියවේ කවි ගලනා වතුර දස්කම් පෙන්වා එනු වාදෙට නෑ කිසි සතුර First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 31 Aug 2015 10:10 AM නැහැ නෙව කිසිම හූවක් කෝ අපෙ නව මිතුරා දැන් නම් විවේකය ඇත මට ලියුමට කවි මතුරා සොයුරාගේ නව දිවියේ තතු විමසා සපුරා සුභපැතුමන් වලට තුති ඔබේ ශානක මිතුරා sha733Super Senior MemberPosts:7332 31 Aug 2015 07:06 AM එහෙම හරියන්නේ නැහැ ගොඩක් දවසකින් ඇවිත් කවියක්වත් කියන්නෙ නැතුව යන එක හරි නැහැ නේද RosiSuper Senior MemberPosts:5335 31 Aug 2015 06:43 AM කවි මඩුව එලිය වෙලා ..... sha733Super Senior MemberPosts:7332 30 Aug 2015 02:16 AM හිතුවක්කාරයට ආරාධනා කර සිටියත් කවි දැහැනකට ඉමල්කයා නේදැයි දැන් කවි දුන්නේ රස රහට වැඩ වැඩි කරල දීගෙක ගියපු ඔහුගේ ඒ සොහොයුරැට ආශිර්වාද වේවා දීගයෙ ඉදිරි ගමනම සුභ වන්නට samanthaMost Senior MemberPosts:13190 28 Aug 2015 09:44 PM ඔය ඇවිල්ලා ඉන්නේ කවියෝ ටික. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ImalkaVeteran MemberPosts:4533 28 Aug 2015 02:01 AM පහුගිය දින කිහිපයේ එන්නට බැරි වුනා මගුලක් හින්දා වැඩ වැඩි උනා එය මගේ සොහොයුරෙක් බැන්දා නිසඳැස් ලියා ඇති පිටු කිහිපය ඇත සැම හදවත් බන්දා සැකයක් නොමැත සකි...ඔබේ නම තිබේ ඉහලින් රන්දා Ind007kaMost Senior MemberPosts:12931 28 Aug 2015 01:07 AM පාළුයි මඩුව කවියන් නෑ කොහෙද රට ගැසුවා ඔන්න ගල මම කවි දෙබරයට හොද හොද වදන් දුන මැන එහෙනම් බරට ආයුබෝවන් ! මඩුවට හිතුවක්කාරයට ...... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 10 Jun 2015 10:55 PM කවි කාරයෝ ටික ආයෙත් එළියට බැහැලා .. නියමයි... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ImalkaVeteran MemberPosts:4533 10 Jun 2015 08:56 PM එය නම් හැබෑමයි කවි පද දැන් නැහැ ලියවෙන්නේ ඉඳහිට එක දෙකක් ලාවට ඔහෙ පැමිණෙන්නේ සමහර කවියන්ගේ පද හොඳටම ඇද වන්නේ මාගේ පැතුම.. ලියපන් කවි..මම ඇද ඇර දෙන්නේ Ind007kaMost Senior MemberPosts:12931 10 Jun 2015 04:30 AM දුටුවා අලුත් පබැදුම් කලෙකින් කවි මඩුවේ නව පදවැල් මුමුණන සද නිබදවම අඩුවේ නිදහස අඩුයි ගලපන්නට සිත කාටත් පොදුවේ දිගටම ලියමු කවි වැල් සැරසෙන්නට මේ මඩුවේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 09 Jun 2015 07:19 AM Posted By Imalka on 09 Jun 2015 07:07 AM Posted By Rosi on 09 Jun 2015 06:48 AM එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා කොල්ලෙක් කවුද කොල්ලා ඒ මං ගැන තමයි කියල තියෙන්නේ හ්ම්ම් එහෙමද ,මට නම් සැකයි ImalkaVeteran MemberPosts:4533 09 Jun 2015 07:09 AM අසා ඇතිමි බොහො තොරතුරු ඔබේ දිවි සැරියේ ස්ටන් මිතුරු හැම හට එය උරුමයි දිවියේ ලබමින් තුන් සරණ සැමටම හැම දිනයේ ඔබ හැම දෙනා හට වේවා සැනසුම සතුට නිතියේ ImalkaVeteran MemberPosts:4533 09 Jun 2015 07:07 AM Posted By Rosi on 09 Jun 2015 06:48 AM එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා කොල්ලෙක් කවුද කොල්ලා ඒ මං ගැන තමයි කියල තියෙන්නේ RosiSuper Senior MemberPosts:5335 09 Jun 2015 06:48 AM එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා කොල්ලෙක් කවුද කොල්ලා maduranga001Most Senior MemberPosts:14118 09 Jun 2015 06:32 AM හිතුණත් ලියන්නට කවි පද දෙකක් තුනක් ලැබුනෙත් නැහැ මනසට මගේ කිසිත් ඉඩක් ගෙවුනෙත් ජීවිකාවට දිනකට පැය විස්සක් එනමුත් නොවෙමි "ස්ටන්" අමතක කරනා කොල්ලෙක් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 09 Jun 2015 05:23 AM කොහොමද මිතුරේ තොරතුරු මදුරාලේ නින්දක් වත් නැතිද වැඩි වාද මේ කාලේ පහුගිය පෝයදින රැක්කාවත්ද අට සීලේ නිහඬයි ඔබේ නද විරලයි අද කාලේ Ind007kaMost Senior MemberPosts:12931 31 May 2015 06:43 PM First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 31 May 2015 12:37 AM කියන්න ඕනෙ ඔක්කොම ඉමල්ක මල්ලී කියලා. මට කියන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ImalkaVeteran MemberPosts:4533 31 May 2015 12:36 AM Posted By Ind007ka on 29 May 2015 06:22 PM හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන ස්ටන් පොල හිතවතුන්ගේ සැණකෙළි උයන ජිවිතයට නැවුම් බවක් නිතර ගෙන එන එන්න ඔබත් එකතුවන්න මේක ස්ටන් උයන (රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ජනප්‍රිය ගීයක පද වැලක් අනුසාරයෙන් ගොතන ලදී ) බොහොම හොඳයි.....ඔබ රොෂාන් ගේ ගීතය ඒ ආකාරයෙන්ම කොපි පේස්ට් නොකර බාගයක් විතරක් ඔබේ වගේ දාපු එක හරිම අලංකාරයි...උත්ක්රුස්ටයි,,,මන බන්දනීයි....සොබා මානයි..ප්රෙමාන්විතයි..මල විකාරයි Ind007kaMost Senior MemberPosts:12931 29 May 2015 11:03 PM ඇයි අදද දන්නෙ ?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... isurusamSuper Senior MemberPosts:7342 29 May 2015 10:44 PM Posted By Ind007ka on 29 May 2015 06:22 PM හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන ස්ටන් පොල හිතවතුන්ගේ සැණකෙළි උයන ජිවිතයට නැවුම් බවක් නිතර ගෙන එන එන්න ඔබත් එකතුවන්න මේක ස්ටන් උයන (රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ජනප්‍රිය ගීයක පද වැලක් අනුසාරයෙන් ගොතන ලදී ) හැකියාව හොදයි වගේ ..... samanthaMost Senior MemberPosts:13190 29 May 2015 10:32 PM ෂා... ඉන්දික මල්ලිත් දැන් කවියෙක් වෙලා .. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! Ind007kaMost Senior MemberPosts:12931 29 May 2015 06:22 PM හමුවන්නට සමුගන්නට ඇවිත් යන එන ස්ටන් පොල හිතවතුන්ගේ සැණකෙළි උයන ජිවිතයට නැවුම් බවක් නිතර ගෙන එන එන්න ඔබත් එකතුවන්න මේක ස්ටන් උයන (රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ජනප්‍රිය ගීයක පද වැලක් අනුසාරයෙන් ගොතන ලදී ) First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 29 May 2015 08:52 AM නියමයි. කවිමඩුව ආයෙත් එළිය වැටිලා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ImalkaVeteran MemberPosts:4533 29 May 2015 05:27 AM සෑහෙන කාලෙකින් වගේ අපගේ ස්ටානේ කට්ටිය සෙට් වෙලා යහතින් ඉන්නවනේ නොම දැක ඔබ සැවොම ඉන්නට බැහැ නේ යන්නට නම් එපා තනිකර එය යුතු නැහැ නේ ස්ටානේ = stun ImalkaVeteran MemberPosts:4533 01 May 2015 03:37 AM කවියක් දෙන්න ඔයහැටි කාලය ගන්නේ අමතක වෙලාදෝ කවි රස නැහැ දන්නේ කාලය වෙසක් හෙට දින පැමිණෙන්නේ හදලා ඉවර නම් කූඩුව දැන් පෙන්වන්නේ maduranga001Most Senior MemberPosts:14118 30 Apr 2015 09:50 AM ස්ටන් එක පුරා ගලනා වෙසක් ආලෝකේ කවි කිවිදියෝ එනතුරු ළතවෙයි සෝකේ කියනෙමි නිතර මා විත් මේ සොලෝකේ කවි සිතිවිලි වලට දී ඇතිවද ඔබ විරේකේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 27 Apr 2015 11:42 PM පින්බර සිතුම් පැතුමන් නෙක බිහි වේවා තිලොවග උතුම් බුදු හිමි ගුණ සැමරෙවා හැම ලෝ සතුන් හට සුව ගුණ ඉතිරේවා සම්බුදු සසුන සිරි ලක තුල බැබලේවා maduranga001Most Senior MemberPosts:14118 27 Apr 2015 10:29 PM සම්බුදු තෙමගුළෙන් සිරි ළක ඒකාලෝ වේවා ළොව හැම හදවතම පින් සිතිවිලි ඉතිරේවා ඒ පින් බලෙන් නීති මගෙ මවු බිම රැකදේවා "ස්ටන් වෙසක් කළාපය" එහි බල සවි ගෙනදේවා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 11 Apr 2015 10:17 PM කොවුල් නදයි සවන් පතට යොමු වන්නේ කැවුම් සුවඳ හැම ගෙදරින් නැග එන්නේ ගහ කොළ පවා මල්බර වී පිබිදෙන්නේ සිංහල අලුත් අවුරුද්දයි එළඹෙන්නේ maduranga001Most Senior MemberPosts:14118 10 Apr 2015 11:22 PM කොණ්ඩ කැවුම් තෙල් පාටින් දිලිසෙන්නේ කොවුල් නදයි අවුරුදු සිරි පවසන්නේ අවුරුදු රස 'ස්ටන්' එක තුළ පැතිරෙන්නේ කවි මඩුවත් ඒ වෙනුවෙන් 'මුව්' වෙන්නේ (අද දින සිට සතියක කාලයක් සඳහා කවි මඩුව "ස්ටන් අවුරුදු උත්සවය" වෙත ගෙන යමි. සිංහල අවුරුද්දට අදාලව ඕනෙම කෙනෙකුට සුභ පැතීම, කවියෙන් අවුරුදු විහිලු කිරීම හෝ අවුරුදු සිරි ගෙන ඒමට මේ කවි මඩුව විවෘත වේ.) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 08 Apr 2015 06:56 AM දන්නේ නැතිද කවුරුත් සඳු කොහි ද කියා පසුවෙයි සැවොම ඔබ නැති ලසොවින්ම නියා සඳු කවි අරණේ ආලෝකය නැතුව ගියා එන්නට හිතයි හමුවනතුරු ඔබව සොයා ImalkaVeteran MemberPosts:4533 08 Apr 2015 05:28 AM අත රිදෙනවා දැන් මගේ දිග කවි ලියලා ගත රිදෙනවා දැන් නම් මේ කවි කියලා හිත රිදෙනවා උඹලගේ අඩු කම දැනිලා මට හිතෙනවා මට දැන් වයසයි කියලා Ind007kaMost Senior MemberPosts:12931 07 Apr 2015 06:44 AM කවියක් නැතිව මුළු කවි මඩුවම පාලුයි ගතියක් නොවේ කවි කෙවිලියන් කොයි හීනයක් දකිනවද හැම දෙන වෙලා දොයි හය්යක් අරන් වරෙව් කවියට කවිය දෙයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 05 Apr 2015 06:53 AM ආවත් ඉඳ හිටලා කරදර බාධක රුදුරූ නොසැලී හිඳිනු සගයිනි නොමවී සලරූ අපගේ මුතුන් මිත්තන් හෙළුවේ අපමණ රුහිරූ රැකගමු අපේ මව්බිම මතු දිනයේත් මිතුරූ Ind007kaMost Senior MemberPosts:12931 04 Apr 2015 10:50 PM පහුගිය දවස් වල ආවා ලොකු සුනාමියක් හිතවල් පපුවවල් දෙදරා ලොකු විසාදියක් එන්නේ අපි හැම මෙතනට එක විනාඩියක් තුටින් ඉන්න මිස නොපතමි කිසිම දුකක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 04 Apr 2015 10:28 PM සතියක් ගෙවී අවසානයි නැහැ නව කවි වැටුනේ නැති දෝ කිසි කෙනෙකු හට සිහියට නැගුනේ ඇවිදින් බලන්නකෝ ඉඳහිටවත් යුතුකමඑය නේ කවියක් දෙකක් ලියා නැතිවද සිත් සනසන්නේ RosiSuper Senior MemberPosts:5335 02 Apr 2015 09:29 AM ම්ම්ම්ම්ම්ම්ම් දැන් කොයි එකේද අනේ ඇද යවලා තියෙන්නේ ? මන් හිතන්නේ මගේ ඒවා වෙන්න ඇති ගොඩක් ImalkaVeteran MemberPosts:4533 02 Apr 2015 09:21 AM Posted By Rosi on 02 Apr 2015 09:16 AM අපුරු කවි එකතුව ඇද ඇරලා ගත්තේ බොහොම අමාරුවෙන් RosiSuper Senior MemberPosts:5335 02 Apr 2015 09:16 AM අපුරු කවි එකතුව ImalkaVeteran MemberPosts:4533 02 Apr 2015 05:15 AM දුර්ලබ මිනිස් වරමක් ඇත හැම හට ලැබිලා ගෙවන දිවියේ බාධක හැම අත වැඩිලා එනමුත් නොහැක නවතනු මේ මග පැනලා සොයලා බලනු කොතැනද නැවතුනේ දුවලා MalingaAdvanced MemberPosts:534 02 Apr 2015 03:57 AM පලා දමා රැකගන්නට නොසිටියෙ එක මුව පොවුවෙක් හිස් අහසක් පමණක් ඇත වළා නොමැති එක ගවුවක් හුමුවෙන්නට කලින් ම යයි දුවලා හැම මුව පොවුවෙක් බේරෙන්නට අපිට කොයිද එන්නේ නෑ එක අවුවක් Ind007kaMost Senior MemberPosts:12931 02 Apr 2015 03:13 AM පැන යන මුවන් දැක නොදමනු නෙලූ පලා රිදී ඉරක් පායයි හෙට තුලින් වලා හමුවීමට වෙන්වීමක් සැමදා උරුම කලා නුබ බෙරුනයි මේ මං සපත කලා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... MalingaAdvanced MemberPosts:534 02 Apr 2015 02:51 AM සිහින පැතුම් හැම බිඳෙනා බව දැන ජීවන ගමනේ පා නගනා නිමේෂයක් තුළ විසිරී යන මේ සිතුවිලි මතකය සරසවනා හදට දුකක් දෙන සුන්දර විජිතය හැමවිට සිහිනෙක රඟදෙවනා හමුවීමක් යනු වෙන්වීමක් බව මොහොතක් සසලව සිත හඬනා Ind007kaMost Senior MemberPosts:12931 01 Apr 2015 06:32 PM Posted By Rosi on 01 Apr 2015 08:33 AM කෙල්ලෝ නෑලු මේ අය්යාගේ ඔපීසියේ කොලු රජ දහනක් වගේලු ඔපිසියේ කිවුවේ හිතකින්ද ඔබ එය සැපතකි ඔපීසියේ ඔහොම කියාවිද ආවොත් හැඩ කෙල්ලක් ඔපීසියේ ඇත්තයි බොලන් මා කිව්වේ අපේ ඔපිසිය පිරිමින් පමණකි බදවන්නේ මේ ඔපිසිය අබුවන් නොවෙයි සැක සිටිනා කල ඔපිසිය සත්තයි රැකේ සාමය නිවසේ මෙන් ඔපිසිය First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 01 Apr 2015 09:02 AM රහසක් තිබේ දියුණුව ගැන ඉන්දික ගේ ඔපීසියේ කෙල්ලන් නැහැලු අවුලනු ගිනි හිටිහැටියේ කෙරෙනා වැඩ සියලු සිදු වෙනවලු ඒ හැටියේ දියුණු ව කරා යනවලු දින දින සැම ලහි ලහියේ RosiSuper Senior MemberPosts:5335 01 Apr 2015 08:33 AM කෙල්ලෝ නෑලු මේ අය්යාගේ ඔපීසියේ කොලු රජ දහනක් වගේලු ඔපිසියේ කිවුවේ හිතකින්ද ඔබ එය සැපතකි ඔපීසියේ ඔහොම කියාවිද ආවොත් හැඩ කෙල්ලක් ඔපීසියේ samanthaMost Senior MemberPosts:13190 01 Apr 2015 08:31 AM මට නම් ඉරිසියාවේ බැහැ. වැඩේ නැගලා යනවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 01 Apr 2015 08:23 AM අපුරුයි අනේ කාගේත් අද පද ලියවිල්ල මොකද බැලුව ලොක්කගේ මේ ලතැවිල්ල ලැබිල වගෙයි නෝනා ගේ තද ගුටිකෙලිය අහන ඉන්නට බැ අපේ ඇඩ්මින්ගේ ලසොනිය Ind007kaMost Senior MemberPosts:12931 01 Apr 2015 05:39 AM කෙල්ලෝ නෑ පුතේ අපේ ඔපිසිය පැත්තේ ඒකයි වෙනස මේ company එකේ ඇත්තේ කොල්ලෝ පමණයි මෙහේ හැම තැන ගත්තේ සතුටයි සාමයයි සැමදා මෙහි රජ වී ඇත්තේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 01 Apr 2015 05:12 AM පායා හුඟක් වෙලා ගතවී ඇත වැස්ස ඉන්දික කිම කරන්නේ රත් කරමින් පස්ස කෙල්ලන් ඉන්නවා ඔපීසියේ දහ අට විස්ස හංගන්නට බැරි ලු ආදරයයි කැස්ස Ind007kaMost Senior MemberPosts:12931 01 Apr 2015 04:59 AM එලියට යන්න බෑ හොඳටම වැස්ස නියවා සිටිමි දැන් ඉර අවරට බැස්ස තෙමෙනට නොහැක වැඩිවෙයි කැස්ස එක තැන ඉදලා රිදෙනවා දැන් පස්ස First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 01 Apr 2015 04:31 AM කොහොමින් කොහොම හරි කව් ගී ලියවෙනවා මිතුරන් මිතුරියන් ඒ පිලිබඳ යොමු වෙනවා රසවත් වදන් නිරතුරු වම ගැවසෙනවා කවි රස නිසා ස්ටන් රස වැඩි වෙනවා Ind007kaMost Senior MemberPosts:12931 01 Apr 2015 03:41 AM පවුලට වඩා stun එක ලොකු වීම අවුලට වුනා admin නැති වීම රැවුලට පෙමා කැද ටික විසි වීම උබලට හිනා admin නෝනා වීම First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... MalingaAdvanced MemberPosts:534 01 Apr 2015 02:18 AM සිරකත කැන්ඳනා දියනිය පණට සරී කිරි කැටි නුඹෙ සිනා ගෙනදෙයි සතුටු සිරී දුවනිය නුඹයි අප හැමගේ පැතුම පිරී ලොකුවෙනු යෙහෙන් ගෙන අප සැම සුභාසිරී MalingaAdvanced MemberPosts:534 01 Apr 2015 12:41 AM නුඹ සිනාසිසි ඉන්නවනම් මුලු ලෝකෙ ම වගේ විසිතුරු වෙයි හැමදාමත් සතුටින් සුදු නගේ ඔය මුහුණට දෙන්න එපා කඳුළු බිඳක රඟේ ඔබ වටිනව හැමදාට ම හිනාවෙන්න නගේ MalingaAdvanced MemberPosts:534 01 Apr 2015 12:04 AM ඉමල්ක අයිය ලියනා කවි දැක්කාම මගෙ කවි නිකන් ළදරුයි ඒ හින්දාම දිරි දුන් වදන් හරි අගනෙයි කවියෙන්ම තුති පුද දෙන්න ලියවෙයි කවි පද මෙහෙම ImalkaVeteran MemberPosts:4533 01 Apr 2015 12:01 AM නියමයි මලේ කවි පද ඔබේ පංකාදුයි ගොතනා හැම වදන් සැමදා මන බන්දයි කවියේ ගමන මුවහත් උනේ ඔබ හින්දයි මම මේ කියන්නේ සුමිතුරු මාලින්ගයි MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 09:28 PM අක්කල අයියලා රසබර කවි ගොතතී මමනම් ඔහේ වචන දමා වැකි ලියතී සිතුවිලෙ පුරා ඇදෙනා සිතුවම් මවතී කවිවල රසට අපි සැවොමත් පෙම් බඳිතී Ind007kaMost Senior MemberPosts:12931 31 Mar 2015 06:18 PM හබයක් නොවේ නංගියේ මල්ලියේ මගේ කබයක් නොවේ දෙපසට අදිනු මෙසේ වලියක් නොවේ කාටත් පෙනෙනු වගේ රසයක් නොවේ සැවොමා සිතන ලෙසේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 31 Mar 2015 10:17 AM දුටුවේ නැ ඇඩ්මින් මදුරංග අපේ කවිපද ලියන්නේ දැන් නැතිවාද අනේ වැඩ වැඩ කියා හැමදින මේ කරන සුමේ කවියක් දෙකක් ගෙතුවොත් අත ගෙවයි වගේ ImalkaVeteran MemberPosts:4533 31 Mar 2015 09:38 AM සතුටුයි හැබෑටම දැන් නම් මගේ හිතට කවියෙන් වැඩ දාන කොල්ලන් ගේ බසට සුපිරි ගණයේ කවි ලියවේ දස අතට ඉන්දික සහෝ ගේමට එනවා ලෙසට RosiSuper Senior MemberPosts:5335 31 Mar 2015 09:32 AM සෙනෙහෙබරින් පිරි මල්ලියේ නුබ කවිය දුන්නේ සිතයි බැලුමට ඇගේ මනහරය රසයට බර අයිය්යලා දෙන්නගේ හබය පාළුව මකයි දැන් නම් කවි මඩුවේ නිතර MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 07:20 AM රසබර කවි වදන් ලියනා ඉන්දික අයියා වචන හරඹයෙහි හරි වැඩ දානට රුසියා වලියට වුණත් කවියෙන් දෙයි හරි හැටියා හිටියොත් දුවයි පුල්ලිත් මඟ දා කොටියා Ind007kaMost Senior MemberPosts:12931 31 Mar 2015 06:58 AM කවි මඩුවට අලුතෙන් ආ කොලු ගැටයා වදන් මවයි කවි ලියමින් සැටියා බොහොම හොඳයි ගෙනෙනා දේ පැටියා රැඳෙන් මලේ නොම වී සීතල කොටියා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 06:41 AM වදන් නොමැත නුඹෙ වරුනා ගයන්න කවියෙන් දසන් දෙපොල පාන සිනා කිංකිණි සරයෙන් හුරතලයට කියන කතා දෙසවන් සිඹිමින් සුවඳ කරයි මුලු ලෝකෙ ම නුඹගේ මිහිරෙන් Ind007kaMost Senior MemberPosts:12931 31 Mar 2015 05:57 AM කන බොන එකා නැත ඒ ගැන කියවන්නේ නොකනා එකා ඒ දෙස දත නියවන්නේ කන්නට ආස මුත් හිත නෑ ඉඩ දෙන්නේ රස තැන් නොකා ඇයි මේ දුක් වෙන්නේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 31 Mar 2015 04:29 AM ඉස්සෝ රස ගැනයි ම කවි තෙපලන්නේ සෙස්සෝ ඉතිං අයි මේ කලබල වෙන්නේ මැස්සෝ වගේ රස ඇති තැන ගැවසෙන්නේ පිස්සෝ වගේ නොව ඇඟටම එන්නේ කන්නටආස මුත් කට නැහැ ඉඩ දෙන්නේ ඉන්දික ආස මුත් බිරිඳට නෑ සිත් වෙන්නේ ඒ ගැන කවි කතා හොඳ හැටි ලියවෙන්නේ ආසයි බයනමුත් කවුදෝ පිහිටට එන්නේ RosiSuper Senior MemberPosts:5335 31 Mar 2015 03:25 AM කවියක් කියා නටනා කස්තිරමක රස විදිල්ලේ කැ ඉස්සෙක් ගැන දැන් කුමකට මේ ලත විල්ලේ අගුනක් නැත කොයි දෙකත් පමනට ගත සැනිල්ලේ මැස්සෝ උනත් පිස්සෝ වෙති රස දැනගත් ඇසිල්ලේ MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 02:37 AM පදවැල් ඇඳුනෙ ඔය මුවගේ සිනා වැලයි එලිවැට බැඳුනෙ ඔය ලෙන්ගතු හිතින් තමයි තනුවක නැගුණෙ නුඹෙ සුන්දර කතා බහයි සිත් ගත් කවිය නුඹ අවිහිංසක ම මලයි MalingaAdvanced MemberPosts:534 31 Mar 2015 02:34 AM හිට හිට නොයිඳ හිටිවන කවි ලියන රඟ දකිනා දසුන් යයි ඔද බැඳ නොයි ද මඟ වැඩිහිටි ඇත්තො පාන මේ විකුම් ගඟ පෙන්වා දෙනව ඒ කවිවල රසය වග Ind007kaMost Senior MemberPosts:12931 30 Mar 2015 11:12 PM Posted By Imalka on 30 Mar 2015 10:55 PM Posted By Ind007ka on 30 Mar 2015 10:34 PM කස්තිරම් අල්ලමු එහෙනම් කවියෙන් මාගේ ඉස්තරම් කවි පද ගොතා දෙමි දනී අගේ පුඩිම නම් රසයි වඩේ සහ රෝල් සමග නගේ ඉස්සෝ නම් එපා අගුණයි ඇඩ්මින් ට අපේ කෑමක් රහට කන්නට නැහැ නොව ලැබෙන්නේ ඉන්දික සහෝ සැමදා ඒගැන නෙව ල තැවෙන්නේ නැද්ද හාමිනේ මේගැන හිත යොමු කරලන්නේ දෙවියනි කීම අහෝ මේ දුක නො දැනෙන්නේ ඉස්සෝ රස ගැනයි ම කවි තෙපලන්නේ සෙස්සෝ ඉතිං අයි මේ කලබල වෙන්නේ මැස්සෝ වගේ රස ඇති තැන ගැවසෙන්නේ පිස්සෝ වගේ නොව ඇඟටම එන්නේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 30 Mar 2015 10:55 PM Posted By Ind007ka on 30 Mar 2015 10:34 PM කස්තිරම් අල්ලමු එහෙනම් කවියෙන් මාගේ ඉස්තරම් කවි පද ගොතා දෙමි දනී අගේ පුඩිම නම් රසයි වඩේ සහ රෝල් සමග නගේ ඉස්සෝ නම් එපා අගුණයි ඇඩ්මින් ට අපේ කෑමක් රහට කන්නට නැහැ නොව ලැබෙන්නේ ඉන්දික සහෝ සැමදා ඒගැන නෙව ල තැවෙන්නේ නැද්ද හාමිනේ මේගැන හිත යොමු කරලන්නේ දෙවියනි කීම අහෝ මේ දුක නො දැනෙන්නේ Ind007kaMost Senior MemberPosts:12931 30 Mar 2015 10:34 PM කස්තිරම් අල්ලමු එහෙනම් කවියෙන් මාගේ ඉස්තරම් කවි පද ගොතා දෙමි දනී අගේ පුඩිම නම් රසයි වඩේ සහ රෝල් සමග නගේ ඉස්සෝ නම් එපා අගුණයි ඇඩ්මින් ට අපේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 07:40 PM Posted By samantha on 30 Mar 2015 05:08 AM ඔන්න තවත් කවියෙක්. එහෙම කියන්න එපා මාලිංඟ මල්ලී... කවියෙක් නොවෙයි නිකමට ගලපන්නෙ වදන් ලියවෙන නමුත් නැහැ එහි එලිවැටය හිටන් රසයට ඇදෙන බඹරෙකු සේ බාලෙ පටන් කවියට පෙම් බැඳිමි එනිසයි ආවෙ බලන් RosiSuper Senior MemberPosts:5335 30 Mar 2015 06:08 AM වෙස් බැන්දට හැංගි හැංගි කිවුවට කවූරුත් වාගේ නටන්නේ වෙන්නේ එළිපිට මයි කියමන් ඇත වාහේ ඕනෑතරම් තිබුනට නවපද නැටුමට මොන ඉස්තරමේ නැත මා නම් ඇල්මක් නැටුමට නුපුරුදු කස්තිරමේ ImalkaVeteran MemberPosts:4533 30 Mar 2015 05:49 AM සිත් සේ අල්ලමින් හොඳ පද සහ කස්තිරම් කට්ටිය හදනවා වගේ නැටුමට නව ඉස්තරම් කොච්චර හැන්ගුවත් නව-පද ඔයතරම් නටන්න වෙන්නේ එළියේ නෙව ඇති තරම් RosiSuper Senior MemberPosts:5335 30 Mar 2015 05:36 AM කවියක් ලියා මෙහි ආවට කම් නැත මලයෝ කවූරුත් එකයි නැ වෙනසක් කිසිදින මලයෝ ඔබේ කවි රසයි එහි අඩුවක් නුදුටිමි මලයෝ යන්න එපා ඇවිදින් කවි අමුනමු අග නුලෙන් මලයෝ samanthaMost Senior MemberPosts:13190 30 Mar 2015 05:08 AM ඔන්න තවත් කවියෙක්. එහෙම කියන්න එපා මාලිංඟ මල්ලී... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! MalingaAdvanced MemberPosts:534 30 Mar 2015 04:39 AM පදවැල් එකින් එක ගලපා අමුණන්නේ රස කවි තමයි මෙහි නිතරම ලියැවෙන්නේ ලොකු ලොකු කවියො කිවිඳියො මෙහි රජයන්නේ මම මොනවද මෙතනට ගොස් පවසන්නේ samanthaMost Senior MemberPosts:13190 30 Mar 2015 02:25 AM කවි මඬුව මේ දවස් වල ටිකක් ඇල්මැරුණ ගතියක් තියෙන්නේ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 30 Mar 2015 02:21 AM ආවෙමි මා උදැසනින් මෙහි වෙනදා වගේ දැක්කේ ඔබයි මල්ලියේ සැරසී නැටුමට පැහේ පදයක් දෙකක් හැකිනම් කියමුකෝ අල්ලන්ට තාලේ උඩරට පහත රට මොන රටකින් හෝ තියමුද පාදේ ..... Ind007kaMost Senior MemberPosts:12931 29 Mar 2015 06:25 PM Posted By Rosi on 29 Mar 2015 05:04 AM සතුටුයි කවියක් ලෙස ඔබලා මාහට සූබ පැතුවට ජවුසම කීමයි මා නම් දන්නේ නැ මෙහි නැටුවෙහිද අහිතක් නැ මා දන්නවා කිවේ ඔබ එය හිතවත් කමට දැන් නම් ඉතින් සැබවින් නටමුද අයියේ ඔබ එනවාද නටමු නටමු එනවා මා අරු මැක්කේ කෝ ඔබ කොහිද මා නොම දැක්කේ පොකුරු පොකුරු මල් මා ගෙතු ඇත්තේ අහිතක් කොහිද මා හිතවත් රෝසි අක්කේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 29 Mar 2015 05:39 AM එතකන් අයියා වෙන කවියක් දාන්න ImalkaVeteran MemberPosts:4533 29 Mar 2015 05:31 AM Posted By Rosi on 29 Mar 2015 05:04 AM සතුටුයි කවියක් ලෙස ඔබලා මාහට සූබ පැතුවට ජවුසම කීමයි මා නම් දන්නේ නැ මෙහි නැටුවෙහිද අහිතක් නැ මා දන්නවා කිවේ ඔබ එය හිතවත් කමට දැන් නම් ඉතින් සැබවින් නටමුද අයියේ ඔබ එනවාද මේකට උත්තරේ දෙන්න ඕනේ ඉන්ද්ක 007 නිසා මම සද්ද නැතුව ඉන්නවා RosiSuper Senior MemberPosts:5335 29 Mar 2015 05:04 AM සතුටුයි කවියක් ලෙස ඔබලා මාහට සූබ පැතුවට ජවුසම කීමයි මා නම් දන්නේ නැ මෙහි නැටුවෙහිද අහිතක් නැ මා දන්නවා කිවේ ඔබ එය හිතවත් කමට දැන් නම් ඉතින් සැබවින් නටමුද අයියේ ඔබ එනවාද Ind007kaMost Senior MemberPosts:12931 27 Mar 2015 06:34 PM Posted By Imalka on 27 Mar 2015 05:28 AM Posted By Ind007ka on 27 Mar 2015 01:21 AM වෙහෙසී දුරු රට ඉඳන් තවුසන් කඩ ඉම පැන්න සැරසී දුනි අප හට දැනුමින් සෙනෙහස් ගොන්න ගැවසී නිතරම මෙහි ජවුසන් නටමින් ඉන්න රෝසි ඔබ තමයි අපේ stun කුස්සිය ඔන්න ආඩා007,,,. උඹ මගේ කවිය රීමික්ස් කරලා නේද..? බුද්ධිමය දේපල පනත් යටතේ මම නඩු පවරනවා.. හරිය ?? remix එක ලස්සනයි කියල පාටකයා කියනව First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 27 Mar 2015 08:42 AM Posted By Imalka on 26 Mar 2015 11:30 PM අද දින පසු කළා දාහේ කඩ ඉම රෝසී ඔබ කල සේවේ වටිනවා වඩා රන් කාසී සුහදව ගත කළා කාලය සැම හා එකසී පතනෙමු යසස් පැතුමන් අපි සැම මේසී ම්ම්ම්ම් ලස්සන කවිය ..ස්තුති අයියා . දැන් නම් පිලිතුරු කවිය ලියන්න කම්මැලි අනේ RosiSuper Senior MemberPosts:5335 27 Mar 2015 08:39 AM Posted By Ind007ka on 27 Mar 2015 01:21 AM වෙහෙසී දුරු රට ඉඳන් තවුසන් කඩ ඉම පැන්න සැරසී දුනි අප හට දැනුමින් සෙනෙහස් ගොන්න ගැවසී නිතරම මෙහි ජවුසන් නටමින් ඉන්න රෝසි ඔබ තමයි අපේ stun කුස්සිය ඔන්න ගැවසී නිතරම මෙහි ජවුසන් නටමින් ඉන්න ImalkaVeteran MemberPosts:4533 27 Mar 2015 05:28 AM Posted By Ind007ka on 27 Mar 2015 01:21 AM වෙහෙසී දුරු රට ඉඳන් තවුසන් කඩ ඉම පැන්න සැරසී දුනි අප හට දැනුමින් සෙනෙහස් ගොන්න ගැවසී නිතරම මෙහි ජවුසන් නටමින් ඉන්න රෝසි ඔබ තමයි අපේ stun කුස්සිය ඔන්න ආඩා007,,,. උඹ මගේ කවිය රීමික්ස් කරලා නේද..? බුද්ධිමය දේපල පනත් යටතේ මම නඩු පවරනවා.. හරිය ?? Ind007kaMost Senior MemberPosts:12931 27 Mar 2015 01:21 AM වෙහෙසී දුරු රට ඉඳන් තවුසන් කඩ ඉම පැන්න සැරසී දුනි අප හට දැනුමින් සෙනෙහස් ගොන්න ගැවසී නිතරම මෙහි ජවුසන් නටමින් ඉන්න රෝසි ඔබ තමයි අපේ stun කුස්සිය ඔන්න First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 26 Mar 2015 11:30 PM අද දින පසු කළා දාහේ කඩ ඉම රෝසී ඔබ කල සේවේ වටිනවා වඩා රන් කාසී සුහදව ගත කළා කාලය සැම හා එකසී පතනෙමු යසස් පැතුමන් අපි සැම මේසී MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 12:05 AM Posted By Himali on 25 Mar 2015 12:01 AM ඒක් තම. කවි ලියන අය එන්නෙ හවසට තමයි ඔයා ලස්සන කවි ලියල තිබුණෙ. ලියන්නකො තව ලස්සන කවියක් නිවාඩු පාඩුවේ ඉන්නවනම් MalingaAdvanced MemberPosts:534 25 Mar 2015 12:04 AM Posted By Imalka on 24 Mar 2015 10:00 AM මිතුරේ අගෙයි ඔබේ මේ කවිපද සුපිරී දැනුනා අමුතු රසයක් සවනට මිහිරී එන්නකෝ ඉතින් කවි හරබෙට මුඛරී සූදානම් වී සිටිනු කවි තරඟෙට ඉදිරී සවනට අම රසක් දෙන මේ කවි සුපිරී මටනම් නොහැක එන්නට සටනට ඉදිරී ලියනා කවි බලා විඳිනා ඒ රස මිහිරී මගෙ කවි කුමට ඇති කවියන් මෙහි සුපිරී HimaliVeteran MemberPosts:1636 25 Mar 2015 12:01 AM ඒක් තම. කවි ලියන අය එන්නෙ හවසට තමයි ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 11:57 PM Posted By Himali on 24 Mar 2015 10:35 PM Posted By Malinga on 24 Mar 2015 09:14 AM දුටුවේ දැනුයි මෙහි ලියැවෙන කවි රසය එළ වැට සමය ගලපා ලියු කවි රැසය මටනම් ලියන්නට නොහැකිය රස කවිය එනමුත් පැමිණ දැමුවෙමි කුරුටූ බලිය මාලින්ගත් කවි කියන්න එක්තු වෙලනේ මටනම් ඉතින් කවි ලියන්න බෑ. නිකන් වචන ටිකක් ලියල දැම්ම. ඔයාත් ලස්සන කවි ලියල තියෙනව දැක්ක. කට්ටියගෙ කවිනම් ලස්සනයි. දිගට ම ලිවුවනම් හරි හැමෝම එකතු වෙලා. HimaliVeteran MemberPosts:1636 24 Mar 2015 10:35 PM Posted By Malinga on 24 Mar 2015 09:14 AM දුටුවේ දැනුයි මෙහි ලියැවෙන කවි රසය එළ වැට සමය ගලපා ලියු කවි රැසය මටනම් ලියන්නට නොහැකිය රස කවිය එනමුත් පැමිණ දැමුවෙමි කුරුටූ බලිය මාලින්ගත් කවි කියන්න එක්තු වෙලනේ ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ ImalkaVeteran MemberPosts:4533 24 Mar 2015 10:00 AM මිතුරේ අගෙයි ඔබේ මේ කවිපද සුපිරී දැනුනා අමුතු රසයක් සවනට මිහිරී එන්නකෝ ඉතින් කවි හරබෙට මුඛරී සූදානම් වී සිටිනු කවි තරඟෙට ඉදිරී MalingaAdvanced MemberPosts:534 24 Mar 2015 09:14 AM දුටුවේ දැනුයි මෙහි ලියැවෙන කවි රසය එළ වැට සමය ගලපා ලියු කවි රැසය මටනම් ලියන්නට නොහැකිය රස කවිය එනමුත් පැමිණ දැමුවෙමි කුරුටූ බලිය HimaliVeteran MemberPosts:1636 22 Mar 2015 06:57 PM කවි කියයි දන් හමොම. සින්හල කොටන්නත් දන්නවනේ ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ RosiSuper Senior MemberPosts:5335 22 Mar 2015 02:53 PM කවියක් නැ නොවැ ගෙතුනේ ටික කලකින් එනිසම මා අවෙත් නැත මෙහි හුග දිනකින් අලුත් යාලුවෙක් අවුදින් මෙහි කල දිනකින් පාළුව නැතිව ගියා නොවදෝ මේ විලසින් ................. ImalkaVeteran MemberPosts:4533 22 Mar 2015 08:47 AM පාළුව සහ තනිකමත් ඇති සැටියෙන් වින්ද ගත්තේ නැතිවද ඔබ අවේ ඉඳහිටවත් මේ පැත්තේ මෙහි ඇති වදන් කවදත් සැම හදවත් බැඳ ගත්තේ චන්දිම ඇවිත් ඉන්දගන්නකෝ අපේ ස්ටන් වත්තේ ChandimaAdvanced MemberPosts:509 22 Mar 2015 05:02 AM යන්න යන්න කාලෙත් එක්ක වල් මත් වූවා පාලුව තනිකම එ හෑම අත තිබුනා අහම්බෙන් වගෙ මෙ දෙස ආවා පරන හම අයෙකම මෙටන සිටියා ImalkaVeteran MemberPosts:4533 19 Mar 2015 06:12 AM වියත් ගුණ මහිම ලොතලේ ඉහලින් රන්දා දිනමින් කිරුළු නිති හද බැතියෙන් බන්දා සිරිලක් මෑණියන් හද නීති ඔදතෙද කැන්දා සංගා..ඔබ සිටියි අප හදවත් තුල සැමදා ImalkaVeteran MemberPosts:4533 14 Mar 2015 06:16 AM Posted By Rosi on 14 Mar 2015 06:02 AM ඔන්න ඉතින් ආවා මන් ටියුන් කොරන් කියමු නේද එකක් දෙකක් කවිය ඉතින් සැපක් දුකක් ඇහුවේ නේ කලෙක ඔබෙන් කියමු බලමු වගක් විගක් සිත සතොසින් ඉන්නෙමි හොඳින් නැහැ නොව මාහට දෝසා කීම මේ අමාරුව බැඳුමට කවි පද මේසා ගත්තා නේද ඔබ ඒ සඳහා අපමණ වෙහෙසා ටියුනර් එකේ තියෙනවා වාගේ තවමත් දෝසා RosiSuper Senior MemberPosts:5335 14 Mar 2015 06:02 AM ඔන්න ඉතින් ආවා මන් ටියුන් කොරන් කියමු නේද එකක් දෙකක් කවිය ඉතින් සැපක් දුකක් ඇහුවේ නේ කලෙක ඔබෙන් කියමු බලමු වගක් විගක් සිත සතොසින් RosiSuper Senior MemberPosts:5335 13 Mar 2015 07:58 AM Posted By Imalka on 12 Mar 2015 06:20 AM ඇවිදින් වගේ අපේ මිතුරිය රෝසී සද්දේ නැතුව හෙමිහිට වගේ පූසී කෑමක් එහෙම හැදුවයි වෙහෙසී කනවා වගේ නෑ නෙව ඒ වැඩ ලේසී mekata uththarayk thama amauna ganna beri una .... innako man enamko uththarayk aran ImalkaVeteran MemberPosts:4533 12 Mar 2015 06:20 AM ඇවිදින් වගේ අපේ මිතුරිය රෝසී සද්දේ නැතුව හෙමිහිට වගේ පූසී කෑමක් එහෙම හැදුවයි වෙහෙසී කනවා වගේ නෑ නෙව ඒ වැඩ ලේසී RosiSuper Senior MemberPosts:5335 10 Mar 2015 09:36 AM ආව නිසා අයියේ ඔබ මැකුනෙමි මෙහි තනිය කීව නිසා කවියක් අලුත් උනා මගේ සිත සවිය කොහොමත් එකය මදුරංගට පෙනුමෙන් ඇයව අනේ මන්දා ලොකු අරුතක් ඇත මට නම් එහිය ImalkaVeteran MemberPosts:4533 10 Mar 2015 08:49 AM නංගී මොකද තනියම අද අපේ මඩු කවියේ පහු හිය සතියේ මම නෑ මඩුවේ වැඩිපුර හිටියේ මගුල් ගෙයක් තිබුනෙන් අප සැම එහි සිටියේ ලියමුද කවි ටිකක් යන්නට පාළුව ලහි ලහියේ RosiSuper Senior MemberPosts:5335 10 Mar 2015 07:36 AM කලකින් නොවැ නම් ගෙතුවේ කවි වැල් නැතුවා වගේ දැන් නම් මෙහි වැලේ වැල් ටොපිකක් නැතත් ඔන් ගෙතුවා පද වැල් එන්නේ කවුරුද ගෙතුමට මා හා අත් වැල් ImalkaVeteran MemberPosts:4533 08 Mar 2015 09:13 PM ලීවොත් කවක් කෙදිනක හෝ වෙලාවෙන මදුරුවා ලියයන්නේ නිලියක් හද දරා ගෙන ගතවන හැම මොහොතේ දත නියගෙන දැන් පසු නොම තැවෙන් බිරිඳට නැවීගෙන sanduNew MemberPosts:59 08 Mar 2015 08:36 PM kawruth nathida den kavi maduvata enne kaviyak liyannata vath hitha no-namenne palui me paththa aavath kalekinne kawruda avith thava kaviyak amunanne mata sinhalen type karanna try karanna bari una thaama sorry honed RosiSuper Senior MemberPosts:5335 04 Mar 2015 11:36 AM නළු බට්ටෙක් හෝ වේවා නිලි බට්ට්චියක් මට රගනවා නම් රුකඩ උව කම් නැත එසා අරුමෙට කැමති අකමැති වේ මාද ඔවුනට විටින්විට නමදු ඩිලානිය නම් විකාරයකි මෙමට සැමවිට RosiSuper Senior MemberPosts:5335 04 Mar 2015 10:27 AM shaaaaaaa me inne himali nangith awilla.... sanduNew MemberPosts:59 04 Mar 2015 10:07 AM kavi maduvata kavi liyanna aave nathi unaata mama kavi nam balanavooo HimaliVeteran MemberPosts:1636 04 Mar 2015 09:40 AM දන් නම් නිදිමතයි මට හොදටෝම කවි ලියවෙන්නෙ නෑ ඈස් අදුරෙන් වෑහුනාම හෙට උද්යෙන්ම එන්නම් වෙනද වාගෙම බුදු සරන්යි මගේ යාලුවො හෑමෝටම ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ HimaliVeteran MemberPosts:1636 04 Mar 2015 09:30 AM බෙහෙවින් තුති පුදමි අය්යේ මදුරන්ග එතරම් කවි කීමට නම් බෑහෑ මෙමට කවි ලියවෙන්නෙ හිත නිදහස් උ විටය තව කවි රෑගෙන එන්නම් මම ඉන් පසුව ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ maduranga001Most Senior MemberPosts:14118 04 Mar 2015 09:23 AM Posted By Rosi on 04 Mar 2015 08:49 AM දෙලොවක් අතර සිරවී ඈත අපේ මදුරංග කැමති අකමැති සිතයි මේ නිළියන්ට මා නම් අකමැතිය කවදත් ඔය හොල්මනට අපේ කට්ටිය නම් වැටිලා වහා වගේ ඩිලානිට (විහිළු හොදේ ) ඔයා කැමති වාගේ නළු බට්ටන්ට අපිත් කැමැත්තෙමු අර නිළි ඩිලානිට කැමතියි අකමැතියි වෙන්නේ විටින්විට හැමට වඩා නෝනා මගෙ වටිනවට ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 04 Mar 2015 09:06 AM නංගි හිමා ඇවිදින් කවි මඩුව වෙත වාගෙයි පිබිද ඈගේ අද කවියෙ සිත සතුටින් ඉපිළ බබලයි හැමදෙනගෙ වත දෙන්නකෝ කවි වැස්සක් තව නොවී ලත ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ HimaliVeteran MemberPosts:1636 04 Mar 2015 08:56 AM දෑන් ඉතින් ඔය මන් එකක් දෑම්මෙ. ඒක බෑලුවෙ නෑද්ද අනේ ඔයලා ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ maduranga001Most Senior MemberPosts:14118 04 Mar 2015 08:54 AM එනවා යයි කියමින් හැමදා අපෙ හිමලි නගා ඔහොම ගියෝතින් නැහැ කිසි දින වෙන්නේ වගා බොරුවට ඔහොම නොහිදින් අද කෙදිරි ගගා ලියමුකො එක පදයක් මඩුවට කවි වෙලා ළගා [ නැහැ කිසි වෙන්නේ වගා - වගාවක් වෙන්නේ නැහැ = කිසිම ඵලක් වෙන්නේ නැහැ. (ග්‍රාමීය යෙදුමක්)] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 04 Mar 2015 08:49 AM දෙලොවක් අතර සිරවී ඈත අපේ මදුරංග කැමති අකමැති සිතයි මේ නිළියන්ට මා නම් අකමැතිය කවදත් ඔය හොල්මනට අපේ කට්ටිය නම් වැටිලා වහා වගේ ඩිලානිට (විහිළු හොදේ ) HimaliVeteran MemberPosts:1636 04 Mar 2015 08:47 AM නවත් වන්න එපා අනේ කවි මඩුව තිබෙන වටින නුලකි මේ අප සතුව චුට්ටක් ඉවසලා ඉන්නකො යන් නෑතුව එන්නම් මමත් දවසක වෑඩ අහවරව ඔන්න බලන්න මගේ කවිය ලස්සනද කියලා. ඔයලා තරම් නම් බෑ ඉතින් ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ maduranga001Most Senior MemberPosts:14118 04 Mar 2015 08:44 AM ඇයි මේ ලෙසින් ටොපිකක් අද තෝරන්නේ කවියෝ ඇති සැටියෙන් මෙහි විත් ඉන්නේ කිමද කිසිවකුත් මේ රස කවි නොඅසන්නේ ටොපිකක් ලෙස මෙය ගනිතොත් ගැලපෙන්නේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 04 Mar 2015 08:35 AM දන්නේ නැහැ නොවැ දැන් මම කවි ලියන්නට එන්නේ නැහැ නොවැ කවුරුත් කවි කියවන්ට හිතුවේ නැහැ මින් පසු කවි පද ගලපන්ට යන්නේ නැහැ මම තව ටොපිකක් දෙන්නට ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 04 Mar 2015 08:12 AM මේගැන සිතාලා ගනු ලෙස පියවර සතොසී දෙමු මදුරංග වෙත ටොපිකක් තෝරනු සදොසී ඇඩ්මින් දෙනු බලන්නට සුදුසුම දේ විගසී අප හට උවමනා වේ එය ඉක්මන් ලෙස රහසී දෙන්නකෝ එකක් කල් යන්නට දිගුවේ පරණයි තියෙන ඒවා ඔක්කොම මඩුවේ ලොක්කෝ උඹේ කවි දින දින අඩු වේ දෙන්නකෝ කවක් අලුතින් උඹේ පාඩුවේ ඇඩ්මිනො boSS .... දෙන්ඩ බලන්ඩ යෙකක් RosiSuper Senior MemberPosts:5335 04 Mar 2015 07:48 AM මට වඩා නුබ ශුරයි අයියේ ටොපික් තෝරන්න ආ කවුරුත් දන්නෙමි එය කවිමඩුවේ යසට කෝ රන්ගමදු නෑවිත් මොකෝ කවි ගලපන්න පැටලී ඉන්නේ අයියා නගෝ මේ අද ටොපික ImalkaVeteran MemberPosts:4533 04 Mar 2015 07:39 AM Posted By Rosi on 04 Mar 2015 06:51 AM ගන්නකො අයියේ හොද ටොපිකක් හොයලා කවි මඩුවම පාලුයි කවුරුත් නැ දැන් මෙයාලා කිවේ තුන්දෙනයි හෝ හතරයි මෙහි කවි ගොතලා කුමක් කොරන්නද අයියෝ ගමු අපිවත් රස පද අමුනාලා ටොපිකයෝ නම් හිදී දස අත වැහි වහැලා ගන්නකෝ නංගි හොඳ එක ඔබ තෝරාලා තව ටික දෙනෙක් ආවොතින් මඩුවට බැහැලා යන්නේ නම් නැතෙයි කවි විතරක් අහලා RosiSuper Senior MemberPosts:5335 04 Mar 2015 06:51 AM ගන්නකො අයියේ හොද ටොපිකක් හොයලා කවි මඩුවම පාලුයි කවුරුත් නැ දැන් මෙයාලා කිවේ තුන්දෙනයි හෝ හතරයි මෙහි කවි ගොතලා කුමක් කොරන්නද අයියෝ ගමු අපිවත් රස පද අමුනාලා ImalkaVeteran MemberPosts:4533 03 Mar 2015 08:27 AM වැස්සට බැඳී පෙමින් මම අද දුක් විඳිමි නුරා හෙම්බේ, කැස්ස යනු ලොව ඇති ලෙඩකි ජරා බජ්ටෙන් අඩු කල නිසා ඇත ඒවා නිවස පුරා බිව්වෙමි කොත්තමල්ලී බැලුමක් අද දවස පුරා RosiSuper Senior MemberPosts:5335 03 Mar 2015 07:04 AM වැස්සේ ගිහින් ඇය දුන්නද ඔබහට කැස්ස ආදරෙන් දුන් නිසාදෝ ඔබ ගත්තේ එය විගස සිතුවේද තෙමෙන්ට ගොස් පොඩි කොල්ලෙකු වීලස සිතුවේ නැද්ද බොන්නට දැන්වත් පස්පන්ගුවේ පත ImalkaVeteran MemberPosts:4533 03 Mar 2015 05:29 AM Rosi ගේ පැනයට දෙමිපිළිතුරු නොගොසින් පස්ස ඇසුවෙමි මමත් සැඟවිය නොහැකිළු ආදරයයි කැස්ස පහුගීය දින දෙක තුනේ ඇති වූ පොඩි වැස්ස මා හට ගෙනවිත් පුද කරා ආදරයෙන් කැස්ස RosiSuper Senior MemberPosts:5335 02 Mar 2015 08:51 AM Posted By Imalka on 02 Mar 2015 08:17 AM ලාවට වගේ පොඩි කැස්සක් හැදිලා මට කවියක් ලියන්නට හිතුනා හීනියට බැහැ නෙව ලොප් වෙනවා දිග හරහට ගනු අසිපත එනු මා හා සටනකට ලාවට උනත් කැස්ස හොද නැ අයියේ ලොකු පොඩි උනත් එය සගවන්නට බැනේ ආදරයයි කැස්සයි සගවන්නට බැ කිවාසේ අවේ මොකද්ද ආදරයද කැස්සද රහසේ ImalkaVeteran MemberPosts:4533 02 Mar 2015 08:17 AM ලාවට වගේ පොඩි කැස්සක් හැදිලා මට කවියක් ලියන්නට හිතුනා හීනියට බැහැ නෙව ලොප් වෙනවා දිග හරහට ගනු අසිපත එනු මා හා සටනකට RosiSuper Senior MemberPosts:5335 02 Mar 2015 07:27 AM ගයාන් ඇවිත් සටන් එකට....................පනදුරින් එපා ඔන්න යන්නට නම් හැරුන................ දොරින් ඉන්නේ තුටු සිතිනි අපි එක මිතුරු..................සොදින් ඔබත් ඉන්න අපි එක්කලා පුරුදු............ ලෙසින් maduranga001Most Senior MemberPosts:14118 02 Mar 2015 07:05 AM පානදුරෙන් පැමිණියේ අද අපේ ගයාන් එකතු වෙනු කැමැත්තෙනි පවුලට ස්ටන් නොයා සෑම දා අප සමගම රැදී සිටින් අපේ පවුලේ කෙනෙකිය නුඹ මෙතැන් පටන් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 01 Mar 2015 10:37 AM බැරි වැඩ නොකර හිටියානම් මදුරන්ගෝ මොකට ඉතින් කැවද ඔයහැටි ඉස්සෝ වතුර ටිකක් යහමට බීවේ නැතිවද අයියෝ අපිට නොදී කෑවට දඩුවම් දුන්නා දෙයියෝ maduranga001Most Senior MemberPosts:14118 01 Mar 2015 08:24 AM හිමිදිරියෙයි මම ගේ දොරකඩ වෙත ආවේ විවේකයෙන් දවසම අද ගත වූවේ ඉස්සන් ඇවිත් මගෙ දෑසම ගිනි තැබුවේ ඒක නිසයි අද ඇස් ඇල් ඉස්ටන් නාවේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 01 Mar 2015 06:16 AM ඇඩ්මින් අය්යා නම් ලොකුවට වැඩ වාගෙයි ඉස්සන් කාපු උදවිය පෙන්න නැති වාගෙයි ඊයේ දවසේ වැඩ ටික අද කරනවා වාගෙයි නැත නම් රෑට කන්නට නොලැබෙනු වාගෙයි RosiSuper Senior MemberPosts:5335 01 Mar 2015 06:01 AM කෝ මේ අපේ ඇඩ්මින් කියනා ගොයියා කාලා නේද ඉස්සන් ඊයෙත් ගොයියා ඇස් අරගන්න බැරුවද මේ ගොයියා නාවේ මෙහේ කාලා ද ගුටි නෝනාගෙන් ගොයියා (goiya kiuwata tharaha wenna epa hode maduranaga ) ImalkaVeteran MemberPosts:4533 01 Mar 2015 05:52 AM සමුළුව ඉවර වී දැන් පැය විසි හතරයි ඇඩ්මින් අයියා සෑහෙන බිසී පාටයි අනෙකුත් සියලු උදවිය නැති ගානයි වනිතා නියෝජනය ට ස්ටන් එක බාරයි ImalkaVeteran MemberPosts:4533 28 Feb 2015 07:16 AM පාටියේ බීපු ඒවාට දැන් වෙරි පාටයි කවියක් ලින්නට බොනු ඕනෑමයි සන්ජේගේ පෑන දැන් ලියවෙන ගානයි ගැලරියේ බලය කවියෙන් පෙන්වනවාමයි sanjBasic MemberPosts:347 28 Feb 2015 06:53 AM බෝතලේ කඩාගෙන සෝඩා කෝකුත් දමාගෙන ගසනා විලාසෙන මතක් වේ මට ගෙදර ඉදගෙන sanjBasic MemberPosts:347 28 Feb 2015 06:48 AM පාටියේ මැදදී එකෙක් එලියට පැනපී තව එකෙක් ඇමතී එන්නට පමා වෙනව කියපී sanjBasic MemberPosts:347 28 Feb 2015 06:43 AM ඇඩ්මින්ව දක්කා කොල්ලෙ හතකුත් එක්කා හොද සැපක් ගත්තා පුතේ තාමත් වැටේ ඉක්කා ImalkaVeteran MemberPosts:4533 28 Feb 2015 06:38 AM පාටිය ඉවර වීලා පැය දැන් හුඟ කලක් වෙතේ විසිර ගිහිල්ලත් ලොකු කාලයක් හිතේ ස්ටන් පේජ් එක පැත්තේ එන්නේ නැතේ යාළුවො නැතිව යෙහෙළියෝ දුක් වෙනවා පුතේ RosiSuper Senior MemberPosts:5335 28 Feb 2015 05:51 AM ImalkaVeteran MemberPosts:4533 28 Feb 2015 05:38 AM පාටිය පටන් ගන්නාවිට එකොළහමාරයි පෙර දින කියු වෙලාවට ආවනේ අපේ ළමයි ස්ටන් එක ගැනම සාකච්චා කළා වගෙයි මට නම් මතක පාටියේ ආරම්භය පමණයි Ind007kaMost Senior MemberPosts:12931 27 Feb 2015 05:35 PM අද වෙයි දිනය අපේ ගෙට් ටු ගෙදර් එනවා නේද අඩෙවියේ සියලු බ්‍රදර් ඊයේ රෑත් ගතවුනේ මා වෙලා සූර් සෙට් වෙමු ඉතින් සැවොමා තුලදී බාර් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... maduranga001Most Senior MemberPosts:14118 26 Feb 2015 06:02 PM පන් තිස් වියට එළබෙන අද අපෙ රෝසි පවුලේ කෙනෙකු වාගෙයි ඉන්නේ ගැවසී දුක් කම් කටොලු නැතිව ලබනට දීගාසී ගෙන යමු සුහද පැතුමන් සැම රංචු ගැසී ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 10:50 PM මට නම් ෂුවර් අපේ සංගාගේ සීය දිල්ශානයා ඇත ගහලා උගේ සීය ඕපන් අවොතින් දෙන්නා ගානට එකසීය ගහනවා ෂුවර් අනිවා පන්සීය ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 10:44 PM නැවතත් දමමි මගේ ඊයේ කවිය සංගා කරයි එලෙසම බැට් එක කර අවිය මෙය වෙයි සංගාගේ මැච් එක හාරසීය කර ගනු හැකිය ඒ අතරේම ෆිෆ්ටිය සීය ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 08:40 PM මැච් එක අපිට හොඳ විදිහට කැරකෙනවා ටොස් එක දිනා ගෙන පළමුව බැට් කරනවා දිල්ෂා , තිරිමාන යහතින් වැජඹෙනවා මට විශ්වවාස අද අපි 350 ට යනවා ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 08:38 AM ඉවත් කර දිමුත් තබමින් මෙන්ඩිස් හංගා බස්සනු අපේ කට්ටිය ජය කෙලි නංගා පරදනු පිණිස කොළ පැහැ පිල බංගා ගහමුද ශතකයක් හෙට දවසෙත් සංගා maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 08:07 AM අළුයම හතට හෙට තරගය ඇරඹෙන්නේ බංගලි කාරයත් ලිස්ටුවෙ උඩ ඉන්නේ මෙන්ඩිස් බොරු කියා ගෙදරට එලවන්නේ චාන්ස් ලැබුණු තරංගයයි දැන් එන්නේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 07:57 AM මම හිතුවා නිවැරදියි සැමදා උඹ බඩගින්නේ නෝනා උඹේ නැතිවද කන්නට දෙන්නේ gay කෑම ගැන මම නම් නැහැ දන්නේ අපිනම් ඉතින් නිවී ඇල්වතුරයි බොන්නේ maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 07:27 AM Posted By Imalka on 25 Feb 2015 06:46 AM උඹ හොහොම දන්නේ මගේ නෝනගේ දෝසී වැරදියි නේද උඹ කියනා අදහස් මේ සී එන්නට නම් එපා කන්නට මගේ කැටයේ කාසී සත්තයි කරනවා උඹ උස්සල වීසී කන්නට ගිහින් ලොවෙ නැති එක එක කෑම යයි නොදැනිම ලග මසවලු අතපසු වීම යන එන විටෙක අපිවත් ගොස් සැනසීම දෙන්නට වෙන්නෙ නුදුරෙම එකගෙයි කෑම [මචෝ.. සිරාවට ගන්න එපා.. ජෝක් මචන්.. කියපන් උඹේ නෝනාව බොහොම සුහද සිතින් මතක් කල බව. කවි රසයට පමණි. කවි බැරි බවද දනිමි.] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 07:24 AM කන්නට බැරුවාට මදුරුට හොදි මාළු මොනවා කොරන්නද මම යාලු කන්නට කියමු කිරි හොදි හා පාන් පරළු බොනු නම් නොහී උණු දිය සඳහා වත් විහිලු RosiSuper Senior MemberPosts:5335 25 Feb 2015 07:08 AM වෙන්න එපා රණ්ඩු ඉන්නකෝ යාලු ඉස්සෝ එපා නම් මොනවද ඕනේ මාළු කැවත් සැපයි බිරියගේ කෑම සැමදා යාලු ඇගට ගුණයි එය කොයිකවූරුත් නොදනිද යාලු ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 06:47 AM කෑවා තමයි බොළ ඉස්සන් හැදු රෝසී කට පිච්චිලා නැහැ මගෙනම් මේ සී සැමදා කෑවේ පමණයි නෝනගේ දෝසී කන්නට බැරි උනත් පමණයි කෑවේ වෙහෙසී ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 06:46 AM රසකර හදා ගෙන එනවිට ඉස්සන් දීසී සමහරු හදන්නේ ගන්නට ඉන් වාසී දුන්නත් සදා නෝනා රස රස දෝසී කියනුයෙ නීරසයි එවෙලෙම කර වීසී උඹ හොහොම දන්නේ මගේ නෝනගේ දෝසී වැරදියි නේද උඹ කියනා අදහස් මේ සී එන්නට නම් එපා කන්නට මගේ කැටයේ කාසී සත්තයි කරනවා උඹ උස්සල වීසී maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 06:15 AM Posted By Imalka on 25 Feb 2015 05:47 AM මුව කුමකටද කන්නට බැරි රස ඉස්සෝ බැරි කම වහන්නට තතතන පිස්සෝ බය වෙන්නට එපා මෙහි නැහැ වස විස්සෝ කන්නෙමි නගෝ ප්‍රනීත මේ මත්සෝ රසකර හදා ගෙන එනවිට ඉස්සන් දීසී සමහරු හදන්නේ ගන්නට ඉන් වාසී දුන්නත් සදා නෝනා රස රස දෝසී කියනුයෙ නීරසයි එවෙලෙම කර වීසී ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 25 Feb 2015 06:02 AM අගුනක් නැහැ දැම්මොත් පොල් කිරි සොදටා මා නම් පිසුවේ ඔය මුකුත් නොදා මයි රසටා කෑවට පස්සේ බී වා නම් කිරි උගුරට දෙකටා පියවන්නේ නැති වෙයි මදුරංගගේ දෙනෙතා ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 05:47 AM Posted By Rosi on 25 Feb 2015 05:39 AM ගෙන ආවෙමි රස ඇති නිසා මේ ඉස්සෝ කන්නට බැරි කට අනේ මොකටද ඉස්සෝ කැවා නොකෑවා ගානයි නුබලා නම් ඉස්සෝ ඉමල්ක අයියේ නුබවත් කාපන් රස ඇති ඉස්සෝ මුව කුමකටද කන්නට බැරි රස ඉස්සෝ බැරි කම වහන්නට තතතන පිස්සෝ බය වෙන්නට එපා මෙහි නැහැ වස විස්සෝ කන්නෙමි නගෝ ප්‍රනීත මේ මත්සෝ RosiSuper Senior MemberPosts:5335 25 Feb 2015 05:39 AM ගෙන ආවෙමි රස ඇති නිසා මේ ඉස්සෝ කන්නට බැරි කට අනේ මොකටද ඉස්සෝ කැවා නොකෑවා ගානයි නුබලා නම් ඉස්සෝ ඉමල්ක අයියේ නුබවත් කාපන් රස ඇති ඉස්සෝ maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 05:38 AM එනවිට කිවිදියන් මඩුවට පුලුකුල ගස්සා දැක්කෙමි ඉස්සි බලනව කොක් කර උස්සා කන්නට ඕනෙමයි කියමින් මේ බස්සා මට පේනවා පනිනව ඒ මේ අත ඉස්සා [පුලුකුල - පුලු + උකුල = පුළුල් වූ උකුළ ] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 25 Feb 2015 05:15 AM Posted By maduranga001 on 25 Feb 2015 04:52 AM ඇවිදින් ගොඩ වුනේ ස්ටන් කවි මඩුව වෙත සිරවී ඉන්න සිදුවුනේ අතරට තඹ කාසි සත ගන්නට නිවා දැනෙනා මේ වෙහෙස ගත කියමුද කවි වැලක් යන්නට හැමගෙ මත කස්ටිය සෙට් වෙලා ඉන්නවා ඔක්කොම වගේ නම් ටික පෙනෙනවා මොනිටරයෙන් මාගේ කවි නම් දෙන්න පුළුවන් පන් හය සියයක් වගේ මොකටද පිරිමි.. කණු බැරි ඉස්සෙකු ඈගේ maduranga001Most Senior MemberPosts:14118 25 Feb 2015 04:52 AM ඇවිදින් ගොඩ වුනේ ස්ටන් කවි මඩුව වෙත සිරවී ඉන්න සිදුවුනේ අතරට තඹ කාසි සත ගන්නට නිවා දැනෙනා මේ වෙහෙස ගත කියමුද කවි වැලක් යන්නට හැමගෙ මත ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 25 Feb 2015 04:49 AM ඇයිද අහෝ මේ අපි අමතක වෙලාදෝ කොමන්ටුවක් දැම්මොත් ඔබ අත රිදෙයිදෝ දුන්නොත් සප් එකක් නරකද මේ කවි කම්මැලිදෝ මෙහෙමවත් කොටපු කවි සිත අපේ නැතිවේදෝ RosiSuper Senior MemberPosts:5335 24 Feb 2015 12:46 PM මෙහෙටත් දැනුනා වගෙයි පුසුබක් දානේද මන්දා මටත් ආවා නේ දන් දොලදුක අනේ ඇයි අප්පා ලග පාතක හිටයා නම් යනවා දින නොවරදි රන්දා අක්කේ තනියම කැවදෝ ඔබ හිලය හංගා RosiSuper Senior MemberPosts:5335 24 Feb 2015 12:32 PM කීව නිසා ඔබ ගැන සිහි වූනා මට එකක් දෙකක් ගත්තේ හිත ගිහින් මට පින්තුරේ අරන් එන්නට බැරි වුන සැනින් මට ගියේ කොහෙද අයියේ ඔබ නොකියාම මට ..... maduranga001Most Senior MemberPosts:14118 24 Feb 2015 09:34 AM ඇයිද බොන්නෙ තවමත් ඔබ සීනි නොදා අපෙ අඩු කළා පාලන යහ වැයෙන් හදා නැහැමින් සීනි දා බොමු තේ එකක් සදා අද හෙට දවසකම සියරට ආවොතින් හොදා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 24 Feb 2015 08:24 AM කව් සිතිවිළි තෙරපෙයි මගෙ හද පතුලේ සිව් පදයටයි පෙම් කළෙ මා සිට බාලේ එක් කවියකට දෙන්නට කල් සිතු වේලේ කවි කිවිදියෝ නැතිදෝ කවි මඩු සාලේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ samanthaMost Senior MemberPosts:13190 24 Feb 2015 08:10 AM සෘණ 23 කිව්වම මට කොරියාව මතක් වුණා. මමත් මේ සෘණ 22 දක්වා අත්දැකීම් ලැබුවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ImalkaVeteran MemberPosts:4533 24 Feb 2015 07:31 AM Posted By deepika on 24 Feb 2015 07:22 AM මඩ නොව හිමයි ඇත්තේ අහසක් උසට ඒවත් ගල් වෙලයි දැන් මේ සීතලට හබී හොන්දයි ඕන වැඩක් කරගන්ට හැබැයි වෙන්නෙ මට දවසක ගුටි කන්ට තරවටු කරන්නේ හද රැඳී ආදරයෙන් මේ දේ කරන්නේ යහ මග ගනු රිසියෙන් විනෝදය තකා ඉඳ හිටවත් නිතැති න් ගුටි කන එකත් සැපතකි හිමි සඳු ගෙන් ImalkaVeteran MemberPosts:4533 24 Feb 2015 06:51 AM පන්සල කොහෙත් පිටන්නේ කඳුකර බිමක යන්නනේ තිබුනේ අක්කණ්ඩි ත් හනික ලිස්සන කතා නම් හරිමදී වෙයි නරක හබි දක්ෂයි වගේ යන්න ඕනම මඩ වලක ImalkaVeteran MemberPosts:4533 24 Feb 2015 05:23 AM Posted By Rosi on 24 Feb 2015 04:25 AM වැටෙනවා ළමයිනේ හිම සතර අතින් අනේ ෂෝක් අපිටත් හිම අවා ඉතින් කම්මැලි කමේ ගුලි වී ඉන්නවා සොවින් බැ ඉන්නට තවත් සිහි වෙනකොට කවි මඩුව ඉතින් දකින්නට එවන් දසුනක් හිම වැටෙන කාලයේ පින්කර නැතිය මම නම් මේ වනතුරු භවයේ ගන්නකො පින්තුරයක් හිම වැටෙනා උදයේ ගෙන හැර පාන්නකෝ දැකගන්නට රිසියේ ImalkaVeteran MemberPosts:4533 24 Feb 2015 05:12 AM Posted By deepika on 24 Feb 2015 02:18 AM අවදි උනා අද මම හිමිදිරියෙන්ම දානෙ උයමි තුන් නමකට බැතියෙන්ම ඔන්න ලන්ගයි මගෙ අත පය ගල්වෙන්න මෙන්න බොළන් මයිනස් විසිතුන පැන්න අවදිව සැනින් සීතල උදෑසනේ පිළියෙළ කර වූ දානය බැති සිතිනේ පුදකළ පිනෙන් සිහිකර පිදු තුන් සරණේ සුජාතා සිටු තොමෝ වත අද කෙරුනේ RosiSuper Senior MemberPosts:5335 24 Feb 2015 04:25 AM වැටෙනවා ළමයිනේ හිම සතර අතින් අනේ ෂෝක් අපිටත් හිම අවා ඉතින් කම්මැලි කමේ ගුලි වී ඉන්නවා සොවින් බැ ඉන්නට තවත් සිහි වෙනකොට කවි මඩුව ඉතින් Ind007kaMost Senior MemberPosts:12931 24 Feb 2015 12:53 AM සෙනෙහෙන් බැඳී හිඳිමින් මුකුළු කර කර නූලට වැදී ඇයි නුබලා මේ බර බර රෑ තුන් යමේ නොනිදා මෙහෙ නිදි මර මර කෙල්ලනේ කොල්ලනේ ලියමු කවි වර වර First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... isurusamSuper Senior MemberPosts:7342 24 Feb 2015 12:40 AM dan methana inna okooma kaviyoi,kavikarayoi.... samanthaMost Senior MemberPosts:13190 24 Feb 2015 12:09 AM මමත් මේ අහන්නමයි හිටියේ දැන් එන ඔක්කොම කවි කාරයෝද. ඒකත් හොඳයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ham123Veteran MemberPosts:1636 24 Feb 2015 12:00 AM අලුත්ම සාමජිකයත් කවි කාරයෙක්ද ? ඉන්නකො බලන්න එයාටවත් එහෙනම් කවියක් ලියන්න ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ ImalkaVeteran MemberPosts:4533 23 Feb 2015 11:42 PM නැගලා යනවා වේගෙන් මඩුවේ කවි ය දමනුය කවක් සමන්ත, ඉන්දික ය වැඩිකරනු ලෙස කවියේ බල ය මම ගේන්නේ මගේ සකි මාධව ය samanthaMost Senior MemberPosts:13190 23 Feb 2015 11:13 PM දැන් නැගලයන ජනප්‍රියම නූල මේක තමයි. මම නම් ඉතා මත් සතුටින් රසවිඳිනවා. ඔයාල හැමදෙනාටම පිංසිදුවේවා සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! kingDVeteran MemberPosts:3309 23 Feb 2015 10:36 PM හුගක් සතුටුයි මේ නූල ගැන...කවි ලියන්න හැකියාවක් නොමැති උනත් කවි ඔක්කොම මුල ඉදන්ම බැලුවා .. ගොඩක් රස වින්දා ..විනෝද උනා ..මදුරංග..ඉමල්ක..දීපිකා ..ඉන්දික007, රෝසි ... සියලු දෙනාටම ගොඩක් ස්තූතියි රසවත් හරවත් කවි වලට Business, you know, may bring money, But friendship hardly ever does. ImalkaVeteran MemberPosts:4533 23 Feb 2015 09:10 PM Posted By deepika on 23 Feb 2015 02:49 PM People Online People Online: Visitors Visitors: 30 Members Members: 1 Total Total: 31 විසිටස්ලා තිහක් සමග ඉන්නා විට තනිවීලා හිතුනා කියන්නට කවි පද මුමුනාලා මොනවා බලනවද මුන් ටික වටවීලා වරෙන් පුතෝ හැකිනම් මෙම්බර් වීලා හරි වටිනවා ලොකු අක්කේ නුඹේ කතා දුරු රට ඉඳන් මේ දෙස හොවමින් ම නෙතා දසතින් ඇහෙන විට සුදු ඉංගිරිසි කතා හරි පුසුඹයි ඔබේ පද අගනේය ඉතා Ind007kaMost Senior MemberPosts:12931 23 Feb 2015 07:16 PM US - A ඉඳන් රෑ ජාමේ LOG වෙනවා NET අස්සේ ඕපා හොයනා අය හමුවෙනවා රෑ තිස්සේ අප අඩවිය දෙවි රැක දේවා ලොකු අක්කේ බලපන් උන් හෙණ ගෙන එනවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... maduranga001Most Senior MemberPosts:14118 23 Feb 2015 08:43 AM කවි මදු වැල් බදිමින් අඩු වැඩිය කිරා දෙනවිට යන්න සිදුවේ නෙක විහිළු කරා එනමුදු නොහී සිටිනට වැටි වලට නරා කියනට කැමැත්තෙමි කිසිවක් මේ නොගනු සිරා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 23 Feb 2015 08:19 AM යන්නට අවසරයි දැන් නම් මේ නැගණියට එන්නම් ඉතින් ලද විගසින් සුපුරුදු විලාසෙට ගෙදරදොරෙහි වැඩ නෙතුවා මෙන් හැසිරීමට නෙන්දම්මගෙන් කන්නට වෙයි අදහෙට බඩකට පිරෙන්නට ImalkaVeteran MemberPosts:4533 23 Feb 2015 08:17 AM මට දැන් සිදුවේය වැඩකට යන්න අද දින මගේ කවි සිදුවෙයි නවතින්න මදුරෝ , රෝසි , ඔබ දිගටම යන්න දීපිකා අක්කෙ සහයෝගය දෙන්න ImalkaVeteran MemberPosts:4533 23 Feb 2015 07:57 AM දන්නෙමි සොයුරියේ මා එය හොඳින් ඉතා මට ඇත සොයුරියක්,මා කිව්වේ ඔබ ඇයයි සිතා මදුරන්ගයා රෝයල් ගිය කොළඹ සතා ඔබ සිත නොරිදවා ගනු ඒ උගේ අමුතු කතා maduranga001Most Senior MemberPosts:14118 23 Feb 2015 07:42 AM Posted By deepika on 23 Feb 2015 07:24 AM ඔබේ ඔලුව මන්දැයි අත ගාන්නේ අං කෙලියක් කළ හැකි බව පේන්නේ උදේ හවා මන් පන්සිල් රකින්නේ ඉතින් නැහැනෙ කිසි කිචියක් දැනෙන්නේ ගන්නා බව කියමින් හැමදා පන්සිල් අපි දන්නවා රකිනා ඔබෙ ඔය හොරසිල් ඉන්නට නොදෙන්නේ මා වැනි කොල්ලො නිසල් ඔක්කොම කෙල්ලො එකවගෙ ඔබ වැනිය අසල් [නිසල් - නිසොල්මන්, අසල් - අසල්වාසී] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 23 Feb 2015 07:27 AM අහස කලුවරයි මග යන්නට බියයි නිසා සිතුවේ එනිසයි ඔබ එක්කලා යන්න කියා සමාවෙන්න සොහොයුරනි දෙන්න සමා සිතුවේ නැ මා මදුරංග ගේ නොහෝබිනා කතා ImalkaVeteran MemberPosts:4533 23 Feb 2015 07:24 AM අඟනුන් ඔයතරම් ඔබ හට ඉන්නවද මම නම් හිතුවේ වැරදියටයි ඔබ ගැන දන්නවද මල් ගොඩකින් රොන් ගන්නට සිතෙනවද කරනු නොහී එය වැරදියි නොසිතෙයිද kapila ranjithBasic MemberPosts:115 23 Feb 2015 07:20 AM hmmmmmmmmmmmmmmm sinhala type karanna kawada hari igenagenama thamai nawatha me paththe enne hode....... ela.. maduranga001Most Senior MemberPosts:14118 23 Feb 2015 07:17 AM Posted By Imalka on 23 Feb 2015 07:02 AM යන්නට මාවත දිගේ ඔබහා ලංවීලා කම්මැලි නොවෙමි ඉර හඳ පවතී නම් නැගිලා එනමුදු කල නොහැක එයි නෙව දහ දොස් නැගිලා ඊටත් වඩා මට බය මදුරන්ගයා මැරෙයි හද පැලිලා කුඩයක් යටින් යනවා වගේ වැඩක් මිස නොදනී කරන්නට තව එක වැඩක් රස අඟනුන්ගෙන් අඩුවක් නැහැ පුරා වස එබැවින් කුමට බොන්නේ මම එලෙස විස [පුරා වස - වසර පුරාවටම] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 23 Feb 2015 07:10 AM කරුණාකර ඔබගේ කොමෙන්ටු සිංහල බසින් රසවත් කර සිංහල වචන පමණක් යොදා ලියන්න, එළිසමය රැකෙන පරිදි පේලි සතරක් එකතු කරන්න. මෙහි අපි සියල්ලන්ම හුදෙක් විනෝදය සඳහා මෙන්ම සාහිත්‍යමය වටිනාකමකුත් එකතුකිරීමේ අදිටනින් ද සිදු කෙරෙනා බව අමතක නොකරන්න. .................................................................................................................................................................................... පොල්ගෙඩි අකුරු දන්නා එපා ප්ලීස්...... kapila ranjithBasic MemberPosts:115 23 Feb 2015 07:04 AM Posted By maduranga001 on 23 Feb 2015 06:58 AM Posted By Rosi on 23 Feb 2015 06:45 AM වැස්ස සැපයි වැහි නැති අහසට නම් කැස්ස සැපයි එය හොර කැස්සක් නම් කියන නිසා ඉන්නම් ගෙට වෙලා ඉතින් ගියොත් යන්න එනවද එක කුඩේ යටින් .... අහස කළු කරන් මේ හැටි ගොරවාලා අකුණු සැරට යයි නෙත් දෙක පියවීලා නොදැනයි ඔය ගෙන්න ගන්නේ අත වනලා පැටියෙක් නෙවෙයි මේකා මෝරපු කුකුලා (ව්යන්ගාර්තයකි ) Appata siri Boley Baluwama Soyala Maru Porawalne Ape Net Eke Buwala ImalkaVeteran MemberPosts:4533 23 Feb 2015 07:02 AM Posted By Rosi on 23 Feb 2015 06:45 AM වැස්ස සැපයි වැහි නැති අහසට නම් කැස්ස සැපයි එය හොර කැස්සක් නම් කියන නිසා ඉන්නම් ගෙට වෙලා ඉතින් ගියොත් යන්න එනවද එක කුඩේ යටින් .... යන්නට මාවත දිගේ ඔබහා ලංවීලා කම්මැලි නොවෙමි ඉර හඳ පවතී නම් නැගිලා එනමුදු කල නොහැක එයි නෙව දහ දොස් නැගිලා ඊටත් වඩා මට බය මදුරන්ගයා මැරෙයි හද පැලිලා maduranga001Most Senior MemberPosts:14118 23 Feb 2015 06:58 AM Posted By Rosi on 23 Feb 2015 06:45 AM වැස්ස සැපයි වැහි නැති අහසට නම් කැස්ස සැපයි එය හොර කැස්සක් නම් කියන නිසා ඉන්නම් ගෙට වෙලා ඉතින් ගියොත් යන්න එනවද එක කුඩේ යටින් .... අහස කළු කරන් මේ හැටි ගොරවාලා අකුණු සැරට යයි නෙත් දෙක පියවීලා නොදැනයි ඔය ගෙන්න ගන්නේ අත වනලා පැටියෙක් නෙවෙයි මේකා මෝරපු කුකුලා (ව්යන්ගාර්තයකි ) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 23 Feb 2015 06:51 AM Posted By maduranga001 on 23 Feb 2015 06:43 AM හොද හැටි ප්‍රතිචාර ලැබුණහොත් පමණකි ලියන්නේ මගෙ කවි පද රසවත්දෝ නැහැ දන්නේ තනියම ඇවිත් මෙහි සිව් පද ගොතමින්නේ ඉන්නට අකමැතිය මග උමතකු විලසින්නේ [මග උමතා - පාරේ ඉන්න පිස්සා] කවුද කියන්නේ මල්ලියේ එලස කතා නුබේ කවිය රස ඉහලයි මටත් වඩා යන්නට එපා පිටු පාරින් නොකර කතා කියමුකෝ ඉතින් රස කවියක් වෙන්න සිනා RosiSuper Senior MemberPosts:5335 23 Feb 2015 06:45 AM වැස්ස සැපයි වැහි නැති අහසට නම් කැස්ස සැපයි එය හොර කැස්සක් නම් කියන නිසා ඉන්නම් ගෙට වෙලා ඉතින් ගියොත් යන්න එනවද එක කුඩේ යටින් .... maduranga001Most Senior MemberPosts:14118 23 Feb 2015 06:43 AM හොද හැටි ප්‍රතිචාර ලැබුණහොත් පමණකි ලියන්නේ මගෙ කවි පද රසවත්දෝ නැහැ දන්නේ තනියම ඇවිත් මෙහි සිව් පද ගොතමින්නේ ඉන්නට අකමැතිය මග උමතකු විලසින්නේ [මග උමතා - පාරේ ඉන්න පිස්සා] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 23 Feb 2015 06:34 AM Posted By Rosi on 23 Feb 2015 06:20 AM සිතල වැහි බිදු වැටෙනවා කවුලුව එහාපසින් පාලුයි අනේ අද දවසම ගෙය නිසොල්මනින් ඉන්නට කම්මැලි නිසා අවෙමි ම්ම මෙහෙම ඉතින් කිසිවක් ඇහෙන්නේ නැතුවා වාගෙයි අද කවිමඩුව තුලින් සීතල නමුදු ගිනියම් මිහිකතට සහනෙකි වැස්ස එමගින් වැඩි වෙලා වගේ සීතල ඔබේ ගේ අස්ස නොම යනු එලිපහලියට හට ගයි කැස්ස ඇවිදින් අසුන් ගන්නකෝ කවි මඩුවේ මැස්ස RosiSuper Senior MemberPosts:5335 23 Feb 2015 06:20 AM සිතල වැහි බිදු වැටෙනවා කවුලුව එහාපසින් පාලුයි අනේ අද දවසම ගෙය නිසොල්මනින් ඉන්නට කම්මැලි නිසා අවෙමි ම්ම මෙහෙම ඉතින් කිසිවක් ඇහෙන්නේ නැතුවා වාගෙයි අද කවිමඩුව තුලින් RosiSuper Senior MemberPosts:5335 23 Feb 2015 02:28 AM lassanai hemogema kavi..... ekak nera kiyeuwa..harima rasawath . ane ithin api mokata amanapa wenna da maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 09:51 PM Posted By Ind007ka on 22 Feb 2015 08:31 PM අක්කානගෝ මල්ලිලා මෙහි එකතු වෙලා ගොතනා කවියෙන් මා නම් දැන් පුදුම වෙලා එලි සම රැක දෙන්නද කවි දෙගොඩ තලා අම්මපා මගේ හිත නම් දැන් STUN වෙලා උදයම එකතු වී අද දින ඉන්දික අයියේ කවි කිවිදියන් ඔබ දිරිමත් කල හැටියේ දෙන්නට වටිනවා පඩුරක් හොද විදියේ බස් ටිකැට්ටුවක් යන්නට අද කිටි කිටියේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 09:49 PM නුබගේත් මගෙත් වයසේ නැත ලොකු වෙනසක් තිබුනත් ඇත්තේ වසරක් දෙක තුනක් එනිසා වෙන්නට ඇති , කර කියනා ඕන දෙයක් වෙන්නේ එක විදිහට නැහැ කිසි වෙනසක් maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 09:39 PM Posted By Imalka on 22 Feb 2015 08:50 PM නොසොයනු මදු රංගය උඹ ඔය පොඩි කෙල්ලන් උඹටත් ඉන්නවා නෙව සුරතල් දුවනිය සෙල්ලන් දෙක තුන රන් කරන්නේ අරාබියේ කොල්ලන් ලොකු අක්කා අපේ රැකදේවා අදහන දෙවියන් නැහැ මම දන්නෙ කෙල්ලන්ගෙන් නැත බේරුම් කොපමණ කියල දුන්නත් නැහැ ගන්නේ තේරුම් ඔය වයසටයි වෙන්නේ ඔබ ඔය හැටි වේළුම් කරගෙන යන්නෙ නොම වී මම කිසි පැටළුම් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Ind007kaMost Senior MemberPosts:12931 22 Feb 2015 09:33 PM Posted By Imalka on 22 Feb 2015 09:18 PM ඔන්න අමාරුවෙන් 007 ඉන්දිකගෙන් මිරිකලා මිරිකලා කවියක් ලස්සන දොවාගත්තා, එකත් සිංග්ලිෂ්....මම සිංහලට ට්‍රාන්ස්ලේට් කරා මෙතනට කවි බයිලා කොට කොට ඉන්න බලපල්ලා ඔපීසියේ ඇති වැඩ ගොන්න ඉක්මන් තීරණ දීපල්ලා ඔන්න නැත්තම් වෙන්නේ කට බලියන් ඉන්න මෙහි 100% අයිතිය ඉන්දික 007 ටයි හැකියාව අපි අගය කරන්නෙමු...ගහන්න අප්පුඩියක් Thanks macho meka sinhalen dammata..habai poddak me tread eke udata gihin balanna mama thawa ekak daala thiyenne..poddak inna mama thaama kavi liyanna patan gatte naha wada wadi nisa..ohoma yamuko.. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 09:18 PM ඔන්න අමාරුවෙන් 007 ඉන්දිකගෙන් මිරිකලා මිරිකලා කවියක් ලස්සන දොවාගත්තා, එකත් සිංග්ලිෂ්....මම සිංහලට ට්‍රාන්ස්ලේට් කරා මෙතනට කවි බයිලා කොට කොට ඉන්න බලපල්ලා ඔපීසියේ ඇති වැඩ ගොන්න ඉක්මන් තීරණ දීපල්ලා ඔන්න නැත්තම් වෙන්නේ කට බලියන් ඉන්න මෙහි 100% අයිතිය ඉන්දික 007 ටයි හැකියාව අපි අගය කරන්නෙමු...ගහන්න අප්පුඩියක් ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 08:50 PM නොසොයනු මදු රංගය උඹ ඔය පොඩි කෙල්ලන් උඹටත් ඉන්නවා නෙව සුරතල් දුවනිය සෙල්ලන් දෙක තුන රන් කරන්නේ අරාබියේ කොල්ලන් ලොකු අක්කා අපේ රැකදේවා අදහන දෙවියන් maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 08:34 PM Posted By Imalka on 22 Feb 2015 08:15 PM ඇත්තයි ලොකු අක්කේ දැනෙනව මූ රැවටීලා පොඩි පොඩි ඇච්චියන් විරුවරියන් වීලා මට හිතෙන්නෙම මදුරංග කසියා බීලා දැකලා නැහැනේ කෙල්ලන් ස්ටන් එකේ ඉඳලා මම නම් සොයන්නේ මගේ වයසට හරියන කෙල්ලන් නුබේ වයසට පෙනෙන්නේ උන් ඇච්චියො විලසින් නාකි විසේ නැතිනම් හරි හැටි තව අඩුව ගොසින් අක්ක දීපිකා අල්ලා ගනු නැහැ අපෙ තහනන් (අතිශය විනෝදය සඳහා පමණි. කාන්තා ඔබට අපි, අපේ පවුලේ සහෝදරියන්ට සේ සලකන්නෙමු. ඝෞරව කරන්නෙමු.) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Ind007kaMost Senior MemberPosts:12931 22 Feb 2015 08:31 PM අක්කානගෝ මල්ලිලා මෙහි එකතු වෙලා ගොතනා කවියෙන් මා නම් දැන් පුදුම වෙලා එලි සම රැක දෙන්නද කවි දෙගොඩ තලා අම්මපා මගේ හිත නම් දැන් STUN වෙලා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ham123Veteran MemberPosts:1636 22 Feb 2015 08:29 PM Posted By Imalka on 22 Feb 2015 08:15 PM ඇත්තයි ලොකු අක්කේ දැනෙනව මූ රැවටීලා පොඩි පොඩි ඇච්චියන් විරුවරියන් වීලා මට හිතෙන්නෙම මදුරංග කසියා බීලා දැකලා නැහැනේ කෙල්ලන් ස්ටන් එකේ ඉඳලා කසියා = දේශීය මදුවිත * හිමාලි ඇතුළු අදාළ අය අමනාප නොවනු na na api amanapa venne ne. hari lassanaine oyalage kavi. tikak innatakoooo apith ennnam langadima ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 08:15 PM ඇත්තයි ලොකු අක්කේ දැනෙනව මූ රැවටීලා පොඩි පොඩි ඇච්චියන් විරුවරියන් වීලා මට හිතෙන්නෙම මදුරංග කසියා බීලා දැකලා නැහැනේ කෙල්ලන් ස්ටන් එකේ ඉඳලා කසියා = දේශීය මදුවිත * හිමාලි ඇතුළු අදාළ අය අමනාප නොවනු maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 07:34 PM Posted By deepika on 22 Feb 2015 07:16 AM දුටුවෙමි ඔබේ පද වල සැගවුනු අරුතක් හමුවී තිබෙන්නේ තුට්ටුවෙ කෙල්ලොයි මෙතුවක් ඒ ගැන සිතී දැනුනත් යටි හිතට දුකක් උඩු හිත කියයි දෙන්නට හය්යෙන් ටොක්කක් ලොකු අක්කා කියමින් මට බොරු කවට කතා කුමකට අරාඳින්නේ යැයි ගනු කර හැකිය සිතා කොල්ලෙක් දැක්ක විට එන්නේ කිචිය ඉතා මේ එන්නේ මගේ හිස අත ගෑමටයි පුතා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ FIDEBasic MemberPosts:238 22 Feb 2015 07:29 PM සද ඇති තැනට මොකටද තනි තරු අම්ම කිවේ හැකි දේ කරගෙන හිටු සැමදා කියවමි මේ කවි හිටු පුලවන් හැම විට වෙන්නෙමි කවි කරු sanduNew MemberPosts:59 22 Feb 2015 07:19 PM aawa balannata madu.ge kavi maduwa oba sema gethuu kavi siththam maa dutuva sithunath liyannata kaviyak obe namata nidi devduva atha wananava anee mata maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 06:55 PM අඩුවක් නැතිව කවි මල් වැල් එතෙන්ටයි රස කරමින් අම රස සුව වින්දින්ටයි විඳි රසයේ ගුණ දොස් තතු ලියන්ටයි කවියො නොවේ මෙහි නැත්තේ කොමෙන්ටුයි ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ samanthaMost Senior MemberPosts:13190 22 Feb 2015 04:09 PM කෝ මේ කවි කාරයෝ, කවිකාරියෝ ටික. අපි මේ බලාගෙන ඉන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 10:26 AM ඇයි මේ ලෙස පුන් සඳ අද ගොලුවෙන්නේ තරුකැට දිලිහෙමින් මොනවද මට පවසන්නේ වළා මඩල හිටි වනක්ම නිසොල්මනේ තව කවි පදයි ඔක්කොම මේ ඉල්ලන්නේ ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sanduNew MemberPosts:59 22 Feb 2015 08:44 AM madhuranga malli kavi maduvak methane patan gaththa eka hondai.... mamath meka kiyannai hitiye.... thank you maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 08:40 AM Posted By indika76 on 22 Feb 2015 08:25 AM ගෙනෙන්ට ගියා මම බිරිඳට රන් මාල නොදැනිම ගෙවුනා මගේ අගනා ඒ කාල දිගටම රැදී ඉන්නම් කරගෙන මා ආල කියල වැඩක් නෑ නියමයි මේ නූල ඔබෙ බිරිදත් යවලා ඔබ හොඳ හැටියටම කඩේ අඩිය හප්පුවොත් ඇය ඔබටත් ඉබේ හැඬේ දැන් කියනවා කළ බව ලොව ලොකුම වැඩේ නොගොස් හිටිය නම් රෑටම අදියි ලෙඩේ (විහිළුවකි මිතුර!) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ samanthaMost Senior MemberPosts:13190 22 Feb 2015 08:27 AM niyamayi. niyamayi. api balaagena innawa... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 22 Feb 2015 08:25 AM ගෙනෙන්ට ගියා මම බිරිඳට රන් මාල නොදැනිම ගෙවුනා මගේ අගනා ඒ කාල දිගටම රැදී ඉන්නම් කරගෙන මා ආල කියල වැඩක් නෑ නියමයි මේ නූල maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 08:02 AM Posted By deepika on 22 Feb 2015 06:37 AM Thank you කියා දුන්නට සින්හල අකුරු Keyboard එක හොයා ගන්නට තාමත් බෑහෑ මිතුරු Addict වෙනව මේ නූලට මන් නුදුරු Have to eat ලන්ගදිම මට වහ කදුරු මතක නේද මුල් බස කුම කියාලාත් තබනු මැනවි කොතැනක හෝ ලියාලාත් අපි ආව නම් එහෙ කල් යල් බලාලාත් කතා කරයි අපෙ හෙළ බස ඔබාමාත් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 07:57 AM කවි ලියද්දි සැලකිය යුතු ඒවා බොහොමයි මිතුර නොම හැර මේවා එලිසමයද හැකිපමනින් ගාවා හෙලබස යොදාගෙන ලියපන් මේවා kapila ranjithBasic MemberPosts:115 22 Feb 2015 07:19 AM Posted By maduranga001 on 21 Feb 2015 08:17 PM නැමැද දෙපා සරසවි හිමි වරන් අරන් නැහැ අඩු පාඩු කවි මඩුවට ඕන් ලයින් සතර දෙසින් කවි කිවිදියො පැමිණි බැවින් මේ ඇරයුමයි සැම වෙත ඔබ එස් එල් ස්ටන් Narakama Naa Sahoo Enter..Veema Obey piligannawa kala Ara_U_ma Suhadha Sithe thibunath sithe neka sithuvili wadan Gethi pathanemi mulin Di_Ga_U_Sha Gaman Mage ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 07:08 AM Do not eat ලොකු අක්කේ වහ කදුරූ Try typing සිංග්ලිෂ් ක්‍රමයට අකුරූ These are නොවේ ඔබහට නුහුරූ You must ඉගෙන ගතයුතු මව්බස මහරූ RosiSuper Senior MemberPosts:5335 22 Feb 2015 06:14 AM shaaa niyamai niyamai ..me thiyenne kavi ganagawak ma maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 06:00 AM දැක ඇත ඕනෑ හැටියට ඔය තුට්ටුවෙ කෙල්ලන් නංගියේ ඔයා එන්නෙම කන්නට ඉල්ලන් නොදනී තරම අපෙ කොල්ලන් ගේ ඉස්ටන් දුවනට වෙන්නෙ ඔය බොරු දත් ඇඳි දෙක වට්ටන් [ඉස්ටන් - SL-Stun] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 05:53 AM Posted By deepika on 22 Feb 2015 05:41 AM ayyooo dan thamai dakke mee nuula try kara balami liimata kawi pada thaala waliyata barai nowe mee muwagee raawa nihadawa inu hondai beeragena jaama අද නොව දැක්කේ කවි වරුණා නුඹේ ලොකු අක්කේ ඔබ හට කරන්නට බැරි වැඩක් නැතිබව පෙනෙනවා අක්කේ සිංහල අකුරු නොමැතිව කවි රස අඩුවෙයි අක්කේ පහත පරිදි දිගුවේ ගොස් එය සකසා ගත හැක අක්කේ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html https://sinhalaunicode.gishan.net/write samanthaMost Senior MemberPosts:13190 22 Feb 2015 03:09 AM කවි මඬුව නැඟලා යනවා. නියම කවි ටික. මට නම් කවි ලියන්න හැකියවක් නැහැ. ඒ පිළිබඳ මාගේ බලවත් කණගාටුව . සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 02:57 AM Posted By maduranga001 on 22 Feb 2015 02:41 AM හොඳ නැහැ පුතෝ ඔබ කරනා ඔය සෙල්ලම් ඔය වයසට ඕවා වී යන්නේ ලෙල්ලම් ඇස් රේ වට්ටෝරුවලටම ඔබ වී සල්ලම් සැමදා හැදෙන්නේ නැහැ ගස් වල කජු පුහුලම් පිස්සුද මචෝ නොම කරනෙමි මම සෙල්ලන් කන්නාඩියෙන් බැලුවිට පෙනෙන්නේ බිරිඳට කෙල්ලන් මම නැහැ නොවැ කරන්නේ මට බැරි සෙල්ලන් ඇහේ තු කාලේන කජ්ජේන පුහුලන් ඇහේ තු කාලේන කජ්ජේන පුහුලන් මෙහි අර්ථය - නරක කල දසාව ආවිට කජ්ජ ගහේ තියෙද්දිත් පුලම බිම වැටෙනවා යන්නයි. එනම් සෑම දේම අනිත්‍යයි යන්න ය ඒ නිසා ...කරන දෙයක් පරෙස්සමින් maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 02:51 AM ඔබ හරි ඉමල්කයො මෙමටද දැන් සිතෙන්නේ මේ කවි බලනවාදැයි තව වෙන සැකයක් එන්නේ එක ලයික්කුවක්වත් නැහැ නේ බොල වැටෙන්නේ නොබලනවුන්ට මොකටද කවි ලියන්නේ [ලයික්කුව - ලයික් කිරීමේ සිංහල උප වචනය] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 02:41 AM හොඳ නැහැ පුතෝ ඔබ කරනා ඔය සෙල්ලම් ඔය වයසට ඕවා වී යන්නේ ලෙල්ලම් ඇස් රේ වට්ටෝරුවලටම ඔබ වී සල්ලම් සැමදා හැදෙන්නේ නැහැ ගස් වල කජු පුහුලම් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 02:31 AM මදුරන්ගයෝ මට ඇති දැන් කවි ලියලා මේකෙන් වෙන්නේ බොරුවට දහදිය දමලා වෙනකෙන් අවොතින් පමණක් කවියක් දමලා මම ඉන්නෙමි රිප්ලයි දෙන්නට සැදිලා ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 02:29 AM යකෝ අනිත් එවුන් කවි දන්නේ නැද්ද ..? අඩු ගානේ දාපල්ලකෝ මේවගේ බස් කවියක් වත් අප හට සිදු වේය ලොකු ලොකු දඩ කන්න සෙසු හැම දෙනා හට සිදුවෙයි තෙරපෙන්න ඔබගේ පසුම්බිය ඉඩ ඇත නැති වෙන්න පාපුවරුවෙ නොසිට කරුණාකර ඇතුලට යන්න ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 02:26 AM Posted By maduranga001 on 22 Feb 2015 02:18 AM අසනීපයි කියා ඇත්තේ ඇය මුසාවකි පෙනෙනවා ඔබේ මුහුණේ වැහි වළාවකි කරමින් යන්නෙ ඔබ සැමදා මුලාවකි දැන් ගැළපෙන්නේ අසුබානුස් බාවනාවකි [අසුබානුස් බාවනාව - අසුභානුස්සති භාවනාව] ඔබේ අත් දැකීමට එය නීති පතා ඇත සිදු වීලා බිරිඳගේ තත්වය ගැන ඔබටත් දෙමි කියලා අද දින ගත්තේ "ඒක්ස්රේ" දොස්තර මහත්මිය කියලා පෙරදිග බෙහෙත් බොන්නේ කිරලා මැනලා maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 02:18 AM අසනීපයි කියා ඇත්තේ ඇය මුසාවකි පෙනෙනවා ඔබේ මුහුණේ වැහි වළාවකි කරමින් යන්නෙ ඔබ සැමදා මුලාවකි දැන් ගැළපෙන්නෙ අසුබානුස් බාවනාවකි [අසුබානුස් බාවනාව - අසුභානුස්සති භාවනාව] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 02:02 AM Posted By maduranga001 on 22 Feb 2015 01:42 AM නිවසෙහි මගේ අඩු නැත පහනේ දැල්ල අපහසු වන තරමටම ඇය කර ගනු මෙල්ල අතගා සෙව්ව මුත් කොර වන තුරු බෙල්ල සොයලා නොමැති වාගෙයි අවැසිම මුල්ල පිහිනුම් කරන්නට ගොස් අසනීපයි බිරිඳගේ බෙල්ල කොලරය පැළඳ ඇත ඇහෙයි දවසෙම මැසිවිල්ල අසනීපයෙන් පසුවනන්නේ ඒගැන මගේ සැලකිල්ල මේ දිනවල මම නොයමි හොයනට ඔබ කියූ මුල්ල maduranga001Most Senior MemberPosts:14118 22 Feb 2015 01:42 AM නිවසෙහි මගේ අඩු නැත පහනේ දැල්ල අපහසු වන තරමටම ඇය කර ගනු මෙල්ල අතගා සෙව්ව මුත් කොර වන තුරු බෙල්ල සොයලා නොමැති වාගෙයි අවැසිම මුල්ල ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 22 Feb 2015 01:28 AM Posted By maduranga001 on 21 Feb 2015 11:51 PM කියූ විටදී මෙලෙසින් වී අවංක නොවූ මැනවි තරහා වත් කලංක විසූ බැවින් ගෙදරට වී තිවංක අසූ හතයි නේ අද නුඹ හට ඉමල්ක [කලංකය - ඉතා කුඩා මිනුම් ඒකකයක් තිවංක - තුන් තැනකින් වක වූ/තුන් තැනකින් නැමුණු] ඔබ කියූ පරිදි මම අද ගෙදරයි ඉන්නේ මීටර් අඟල් කිරමින් සැම තැන මැන්නේ තුන් වක යමක් ගෙයි නම් දක්නට නෑනේ ඇස් ඇර බලනු අළු අඩු විද ඔබේ ගෙයි පහනේ අළු = ආලෝකය ගෙයි පහන = බිරිඳ maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 11:51 PM කියූ විටදී මෙලෙසින් වී අවංක නොවූ මැනවි තරහා වත් කලංක විසූ බැවින් ගෙදරට වී තිවංක අසූ හතයි නේ අද නුඹ හට ඉමල්ක [කලංකය - ඉතා කුඩා මිනුම් ඒකකයක් තිවංක - තුන් තැනකින් වක වූ/තුන් තැනකින් නැමුණු] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 11:49 PM Posted By FIDE on 21 Feb 2015 11:24 PM Posted By maduranga001 on 21 Feb 2015 11:03 PM ෆයිඩ් සහෝ ඔබ කියනා ක්‍රිකට් කතා කීවේ මා දෙසතියකටත් පෙරය පුතා වැඩ නොකෙරුවොත් මින් පසුවත් නොකර සිතා එන්නට වේය පිති පන්දුත් සමග ඔතා කොච්චර හොද උනත් වයසක උන් පුතෝ මෙහෙම ගියොත් සැමදා අප පරදිනවා පුතෝ මේ කණ්ඩායම් තෝරන අපෙ වේ .. . පුතෝ එපා වෙනවා නැරබුමත් කුසලානේ මට පුතෝ මැච් එක ඉවර උනා අවසානෙදි සිතු ලෙසා අඳුර පහව හිරු ආලෝකය වැටුණු නිසා වලා රොදින් වැසී තිබුණු සතර දිසා බැට් කෙරුවේ අමාරුවෙන් දෝලනය නිසා FIDEBasic MemberPosts:238 21 Feb 2015 11:24 PM Posted By maduranga001 on 21 Feb 2015 11:03 PM ෆයිඩ් සහෝ ඔබ කියනා ක්‍රිකට් කතා කීවේ මා දෙසතියකටත් පෙරය පුතා වැඩ නොකෙරුවොත් මින් පසුවත් නොකර සිතා එන්නට වේය පිති පන්දුත් සමග ඔතා කොච්චර හොද උනත් වයසක උන් පුතෝ මෙහෙම ගියොත් සැමදා අප පරදිනවා පුතෝ මේ කණ්ඩායම් තෝරන අපෙ වේ .. . පුතෝ එපා වෙනවා නැරබුමත් කුසලානේ මට පුතෝ ImalkaVeteran MemberPosts:4533 21 Feb 2015 11:22 PM කලබල මේ අස්සේ දැන් නොවැ දැක ගත්තේ හිටිවන කවිය සඳහා වෙන්කර ඇත්තේ මැච් එක නිසා ලේ ගැලුමක් පුච්චා ගත්තේ තිසරයා නිසා කලිසම යලි ඇඳ ගත්තේ maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 11:03 PM ෆයිඩ් සහෝ ඔබ කියනා ක්‍රිකට් කතා කීවේ මා දෙසතියකටත් පෙරය පුතා වැඩ නොකෙරුවොත් මින් පසුවත් නොකර සිතා එන්නට වේය පිති පන්දුත් සමග ඔතා ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ FIDEBasic MemberPosts:238 21 Feb 2015 10:54 PM අපේ උනුත් ගියා බඩඑලිය වගේ ඒ මදිවට ඇෆ්ගන් උන්ගේ සද්දේ මම නම් හොදටම බයවී උන්නේ දින්නම තමයි හුස්ම ටික ගත්තේ maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 10:18 PM මා මෙහි ඉන්නෙ වාගෙයි හොදටම තනිවී ඇයි හැම දෙනා සේ අඳ හොළු බිහිරන් වී නැද්ද සිතෙන්නේ දෙන්නට ඔබේ කවී ඉන්නට වේද එනතුරු "සඳු" අද රෑ වී ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 09:10 PM දෙනු මැන ඔබේ අගනා පදවැල් සප්ලයි කරලා ඔබේ ඔය හැකියාවන් ඇප්ලයි අඩවිය අපේ වෙබ් ඉන් වැඩිවී ඔප්ලයි හරිනුය මුදා පමණක් මෙහි කවි රිප්ලයි [ඔප්ලයි - ඔප් + ලයි = ඔපය වැටෙනවා] ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 08:17 PM නැමැද දෙපා සරසවි හිමි වරන් අරන් නැහැ අඩු පාඩු කවි මඩුවට ඕන් ලයින් සතර දෙසින් කවි කිවිදියො පැමිණි බැවින් මේ ඇරයුමයි සැම වෙත ඔබ එස් එල් ස්ටන් ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 21 Feb 2015 07:29 PM හිටිවන කවි මඩුව ඇරඹේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~