Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: වසන්තය නුඹම විය Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: වසන්තය නුඹම විය Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review indika76Most Senior MemberPosts:10449 11 May 2018 10:03 AM තව කොටස් ටිකක් දාමු නේද නංගී.. kingDVeteran MemberPosts:3309 09 May 2018 07:56 AM මදූෂිකා නoගි බිසී වෙලා වගේ 🙉🙉 Business, you know, may bring money, But friendship hardly ever does. chamaramindMost Senior MemberPosts:13471 08 May 2018 10:05 AM හිමිහිට කියවන්න ඕන.. ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... kingDVeteran MemberPosts:3309 07 May 2018 04:39 AM කොටස් 20 ම කියෙව්වා ..ඔන්න ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න නoගි 🙂 Business, you know, may bring money, But friendship hardly ever does. kingDVeteran MemberPosts:3309 06 May 2018 08:11 AM කොටස් 9 ක් කියෙව්වා ඔන්න...🙂 අනෙක් කොටස් ටිකත් අදම කියවන්න ඔනේ..දැන් දැන් ආස හිතෙනව එක දිගටම බලන්න Business, you know, may bring money, But friendship hardly ever does. indika76Most Senior MemberPosts:10449 05 May 2018 07:35 PM අද තමයි 15 වන කොටස කියවන්න පටන් ගත්තේ.. හරිම සුන්දර කතාවක් නංගී.. chamaramindMost Senior MemberPosts:13471 02 May 2018 07:07 PM කතාව හිමිහිට කියවන්නම ඕන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... MadudNew MemberPosts:54 02 May 2018 05:04 PM වසන්තය නුඹම විය........20 කොටස මම වැඩට ගියේ හිත හොදකින් නෙමේ.සම්මානෙ ගන්න යන්නෙ අද...ඉතිං මගේ හිත ඇතුලෙ තරහව පුපුරු ගහනවා.නිවාඩුව ගන්න හැදුවට ඊයේ මේ මනුස්සයා මට නිවාඩුව ගන්න දුන්නෙත් නෑනේ....ඒකෙන් උනේ මගේ තරහා වැඩි වෙච්ච එක. මම දවසෙම කලේ ඒ මූණ ඉස්සරහා ඉන්නකොට රවාගෙන හිටපු එකමයි.ඒ උනාට එයාට නම් ගානක්වත් නෑ වගේ. " මන්දාරී...... මගේ ලුක් එක හොදයි නේද......" යෂ් ඔෆිස් එකේ ඉදන්මයි සම්මාන උත්සවයට යන්න ලෑස්ති උනේ. සම්පූර්ණ කෝට් ෂූට් එකට එයා ඇත්තටම ලස්සනයි.ඒත් ඉතිං මම ඉන්නෙ තරහින් නිසා ඒක වර්ණනා කරන්න තරම් මගේ හිත් පිරිසිදු නෑ. " කොහොමත් සර්ගෙ තියෙන් ලුක් එකම තම තියෙන්නෙ....ඇදුම වෙනස් උනාට උපන් කැත අරින්න බෑනේ සර්......." මගේ හිතේ තියෙන කුහක කමට මම කැතක් කුණක් නැතුවම ඒ ටික ඒ මූණටම කියලා දැන්මා. තරහා යනවා වෙනුවට් ඒ මූණට ආවෙ නම් හිනාවක්... " කෝ මට සුභපතන්නෙ නැද්ද ඔයා......." " ඒ මොකටද........." මම මූණ පුලුටු කරගෙනමයි ඇහුවේ. " අවෝඩ් එක ගන්න......." එයා මගේ ඇස් ඉස්සරහටම ආවා...ඒක අහන කැත විතරක්.බොරුවට මාව නවත්තලා එයාට ඕනි කෙල්ලොන්ව අරගෙන යනවා මදිවට මම තව සුභපතන්නත් ඕනිද. " මොකට සුබ පතන්නද.....අවෝඩ් එක ලැබිලා ඉවරනෙ........දැන් තියෙන්නෙ ඒක ගිහින් අත් දෙකටම අරගන්නනේ.....සර් පැරලයිස් වෙලා නෑනේ....අමුතුවෙන් සුභ පතන්න ඕනි නෑ........" මගේ හිතේ තරහක් නෙමේ තියෙන්නෙ දුකක්....මේ ඒ දුකට කියවෙන වචන. " ආපෝ.....තියෙන දුෂ්ට කම.......හැපින්නක් වගේ........මම යනවා.......හැබැයි කිව්වා වගේ ඔය කටින් පිට කරපු වචන ටිකට මට වස් වදියිද දන්නෙ නෑ....අවෝඩ් එක ලැබෙනකොටම මම පැරලයිස් වෙයිද දන්නෙ නෑ......." යෂ් හිනාවෙලා එහෙම කියනකොටනම් මට බය හිතුනා. " මොනාද සර් ඔය කියවන්නේ.......කට වහගෙන හිත සතුටින් යන්න බැයිද......" මගේ හිතේ දුකටත් වචන පිටවෙන්නේ සද්දෙට. " හිත සතුටින් යන්නෙ කොහොමද ඔය අනිත් පැත්තට ලියපු ජපන් අකුරුවගේ තියෙන මූණ දැක්කම........." යෂ් මූණ නරක්කරගෙන. " මගේ මූණෙ හැඩ බලන්නෙ නැතුව් යන්න සර්........" ඉස්සල්ලා තරම් සද්දෙට නොවුනට මගේ වචනවල කිසි තෙතමනයක් තිබ්බෙ නෑ..... " ඔය තරම් හිතුවක්කාර වෙන්න එපා නෙතූ.....මම ඔයාට කිව්වනෙ ඔයාව තියලා යන්න හේතුව........" යෂ් විහිලු නැවැත්තුවා කියලා මට තේරුනා. " අනේ....ඇති සර් ...... තවත් මට හේතු ඕනි නෑ.....සර්ගෙ හේතුව මොකක්ද කියල මම දන්නවා.....ඒ නිසා දැන් පරක්කු නොවී යන්න......." මම ඒ ටික කියලා එයාගෙ කාමරෙන් යන්න හැදුවෙ.... " ඉරිසියාකාරී............." පිටුපාලා යන මගේ කන් දෙකට ඒ වචනය හොදට ඇහුනා.මම ආපහු හැරිලා බැලුවෙ මූණ තවත් කලු කරගෙන. " ගෑනුන්ගෙ ඉරිසියාවත් හරි ලස්සනයි කියලා මම ඉගෙනගත්තේ ඔයාගෙන් තමයි.. ...." මගේ ඔලුවට තට්ටුවක් දාගෙනම යෂ් මාව පහු කරගෙන යන්න ගියා.අනේ මන්දා යෂ් ඔයා මට මේ මොකක්ද කරන්නේ..... යෂ් කාර්යලයේ න් එලියට කකුල තිබ්බ වෙලාවෙ ඉදලා මගේ හිතට නිවනක් නෑ...ඇග මෙතන තිබ්බට මගේ හිත එයත් එක්ක ගිහින්.එයා දැන් කාර් එකේ යනවා ඇති . කොහේ හරි ගෙයක් ලගින් නවත්තලා ලස්සන ගෑනු ළමයෙක්ව කාර් එකට නග්ග ගන්නවා ඇති.ඒ දෙන්නා හිනා වෙවී යනවා ඇති.දෙන්නත් එක්ක මටත් හිනාවෙනවා ඇති. එක ලග පුටුවල වාඩි වෙලා ඉන්නවා ඇති...... ඔන්න ඕවා තමයි මගේ ඔලුවෙ පිරිලා තිබ්බේ . ගෙදර ගියත් ගෙදර මිනිස්සු එක්ක කතා කරන්නවත් මට ඕනා නෑ...මමත් සම්මාන උත්සවේට ගිහින් වගේ තමයි. මට මේ ගෑනු ළමයා ගැන දැනගන්නකං සිහියක් නෑ.ලැජ්ජාව පැත්තක තියලා මම එයාට කෝල් එකක් ගත්තා. " ඇයි ....මන්දාරී......." රිංග්ස් දෙක තුනක් යනකොටම යෂ් කෝල් එකට ආන්සර් කලා.ඒත් ඉතිං ඒ කටහඩ ඇහුනම නම් මගේ හිතේ ශක්තිය බිංදුවටම වැටුනා. " තනුජ් .....අයියේ.......මට කම්මැලියි......." මම බොරු හුරතලයක් මවාගත්තේ මට කෝල් එක වැරදිලා තනුජ් වෙනුවට එයාට ගිය ගානට. " මන්දාරී ......මේ ..මම....." ටිකක් සැරෙන් විතර ඒ වචන පිට වුනේ. " හරි ...... හරි........ මම දන්නවා....." " මන්දාරී ......මම යෂ්........තමුන් දැන් හෙට ට්‍රිප් එක යන්න උදෙන්ම නැගිටින්න ඕනි නේද....මහ රෑ ඇහැරිලා කෝල් වල එල්ලිලා ඉදලා හරියනවද.......තමුන් හෙට පරක්කු උනොත් මම බලාගන්නම්කෝ........" යෂ් ඒ පාර කේන්තියෙන් කෑ ගහනවා. " අපෝ.....සර්ටද මම කෝල් එක අරන් තියෙන්නේ......සොරි සොරි.......ඒත් .... මම පරක්කු උනොත් මම එන්නෙ නෑ.....ඔය ට්‍රිප් එක යනවට වඩා මට කරන්න වැඩ තියෙනවා......." මටත් ඕනි එල්ලි එල්ලි යන්නමනෙ. " තමුසෙ ආවෙ නැත්තම් ඇදගෙන හරි යන හැටි මම දන්නවා....." යෂ් එහෙම කියලා කෝල් එක කට් කලා....එයාගෙ සැර....මට නම් ගානක්වත් නෑ....ඒත් ඉතිං අර ගිය ගෑනු ළමයගෙ කටහඩවත් මට ඇහුනෙ නෑනේ....... (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 02 May 2018 05:04 PM වසන්තයම නුඹම විය...........19 කොටස පසුවදාම ලොකු සර් මා ඔහුගේ කාර්යාලයට කැදවීය....අමුතුවෙන් කියන්නට උවමනා නැත. ඔය ලැබෙන සම්මානය ගැන කතා කරන්නටය. " ගුඩ් මෝනිං සර්........" මම හිනාවීගෙනම ඇතුල් වුනෙමි. " වෙරි ගුඩ් මෝනිං මන්දාරී.....එන්න ඇවිත් වාඩි වෙන්න........" ලොකු සර් ඉන්නෙ නම් ගොඩාක් සතුටින් . පසෙකට වී සිටින යෂ් දෙස ඇස් කොනකින් බලාගෙනම ලොකු සර්ගෙ මේසේ ඉස්සරහා වූ පුටුවේ වාඩි උනෙමි. " මන්දාරී.....අපිට අවෝඩ් එකක් ලැබෙන්න යන්නේ.........ඒකේ ඉතින් ලොකුම ගෞරවය ලැබෙන්න ඕනි ඔයාට......" සර් ලෝබ නැතුව එහෙම කියනකොටනම් මගේ හිත සතුටින්පිරිලා ගියා. " මට විතරක් නෙමේ සර්......කම්පැණි එකේ හැමෝටම ඒ ගෞරවය ලැබෙන්න ඕනි......" ඒ මගේ හැටි...ප්රසංසාව මට විතරක් ලබාගෙන සතුටු වෙන කුහක සිතක් මට නෑ. " මම දන්නවා ඉතිං ඔයා එහෙම කියනවා කියලා.......මන්දාරී ..... අන්න ඒ නිසයි ඔයා පුංචි ජොබ් එකේ ඉදන් මේ තත්වයට හරි ඉක්මනට ආවේ......හැම කෙනෙක්ටම බෑ මන්දාරී තමන්ගේ ආයතනික ප්‍රධානියවයි තමන්ට පහල සේවකයින්වයි දෙගොල්ලොම එක සමානව සතුටින් තියන්න.....ඔයාට ඉතිං චුට්ටක් විතර පිස්සු උනාට....ඒකෙන් මුලු ඔෆිස් එකම සතුටින් ඉන්නවනේ .....නේද......" ලොකු සරුත් කපටි නෑ....මගේ ඔලුව අත ගාලා ගාලා හීනියට ටොක්කකුත් ඇන්නා.මගේ ඇස් අනවසරයෙන්ම යොමු උනේ යෂ් දිහාවට...ලොකූවට ඇහුම්කන් දෙන්නෙ නෑ වගේ හිටියට ඒ මූණෙත් පුංචි හිනාවක්...ඔය මටනෙ ඉතිං හිනා වෙන්නෙ. " තෑන්ක් සර්........" " අවෝඩ් සෙරමිනි එකට ඔයාවයි ඔයාගෙ සර්වයි තමයි මම යවන්න හිතාගෙන ඉන්නේ........" මේස උඩ තිබ්බ ලිපිගොනුවක් පෙරලන ගමන් සර් එහෙම කියනකොටම මගේ ඇස් හරි ඉක්මනට ආයෙත් යෂ් දිහාවට යොමු උනා.ඒ පාරනම් ඒ ඇස් කෙලින්ම මගේ දිහාවට යොමු වෙලා. ඒ ඇස් කෙලින්ම කිව්වේ යන්න බෑ කියලා කියන්න කියලා.කොහොමත් එයා එහෙම කියන්නෙ මගේ ගෞරවය ගැන හිතලා.ඒක මම දන්නවා.ඒ නිසාමයි මගේ හිතේ මේ තරම් උණුසුම් හැගීමක් එයා වෙනුවෙක් උපදින්නේ.එයා නියම පිරිමියෙක් විදියට මගේ ඇස් වලට පේන්නේ.මම කොහොමත් ඒ වචනෙට පිටින් යන්නෙ නෑ .ඒත් එයාව ටිකක් අවුස්සගන්න මට ඕනි උනේ.මම මහ දඩබ්බර හිනාවක් මූණට ගත්තා.ඒ මූණට ආවෙ තරවටු බැල්මක්. " සර්......." මම ලොකු සර් දිහාවට හැරුනෙ මම යන්නෙ නෑ කියලා කියන්න. " අප්පා....... මන්දාරිට යන්න වෙන්නෙ නෑ කියලා මට කිව්වා......." මට කලින් පැනලා උත්තරේ දුන්නේ යෂ්..එයා බයවෙන්න ඇති මම යන්න කැමැත්ත දුන්නොත් එයාට මාව දාලා යන්න බැරි වෙන්වනෙ. " ඒ මොකද......" ලොකු සර් මගේ දිහාවට හැරිලා. " රෑ වෙලා ගමන් යනවට අපේ ගෙදරින් කැමති නෑ සර්......." මම ඉතිං දෙන්න තියෙන හොදම උත්තරේ දුන්නා.යෂ්ගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදිලා. " ඒකත් එහෙමද.....එහෙනම් ඉතිං අපිට බෑනේ ඔයාට බල කරන්න....පුතා ඔයා එහෙනම් ෂාමි එක්ක යන්න........" ලොකු සර්ගෙ ඒ වචන වලට මගේ හිත ගැස්සුනා. " හරි...අප්පා....මම එයා එක්ක යන්නම්......." යෂ් එහෙන උත්තර දුන්නම මට තවත් බය හිතුනා......ෂාමී ..... ඒ කවුද...... නමේ හැටියට නම් එයා ගෑනු කෙනෙක්....යෂ් හොද ගෑනු ළමයින්ව අරගෙන යන්නෙ නෑ කිව්වනේ.එහෙනම් එයා නරක ගෑනු කෙනෙක්ද....ඒත් ඉතිං නරක කෙනෙක් නම් ලොකු සර් එයාගෙ පුතා එක්ක නරක ගෑනු කෙනෙක්ට යන්න දෙන්නෙ නෑනේ. ෂාමී.....ඒ කවුද.....හදිස්සියේවත් ඒ.....යෂ්ගෙ ගෑනු ළමයද.....එහෙම හිතෙනකොටත් මගේ හිත පිච්චෙනවා. " සර්...... මම යන්නද....." මගේ හිතේ ඇතිවෙන හැගීම් මූණෙන් පෙනෙයි කියලා මටම බය හිතුනා.යෂ් ඉන්නෙ මන් දිහා බලාගෙන.ඒත් මගේ හිත තරහෙනුත් පිරිලා.මෙයා බොරුවට මාව මුරුංගා අත්තේ තියලා ගෙනියන්න බෑ කිව්වෙ ඒකටද.......එයාට ඒ ගෑනු ළමයත් එක්කද යන්න ඕනි උනේ....අනේ මන්දාරී.... හිත බොලද කරගෙන පිරිමියෙක්ට රැවටුනාද.... " හරි.... ඔයා යන්න....." ලොකු සර්ගෙ අවසරය ලැබිච්ච ගමන් මම පුටුවෙන් නැගිට්ටා.මගේ මූණ දිහා බලාගෙන ඉන්න යෂ්ටත් රවාගෙනම මම එලියට ආවේ හිත ගොඩාක් කැළබිලා නිසා. මට දැනෙන වේදනාව අහිමි වීමද.....තාමත් හරියටම ඒ කියපු කෙනා ගෑනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියලා මම දන්නෙත් නෑ.ගෑනු ළමයෙක් උනත් ඒ යෂ්ගෙ නංගි කෙනෙක්ද අක්කා කෙනෙක්ද නැන්දා කෙනෙක්ද එහෙමත් නැත්තම් ගෑනු ළමයමද කියලා මම දන්නෙ නෑ...ඒත් මට දැනෙන්නෙ ඇස් පනාපිටම දිනුම් කනුව තියෙද්දි මගේ පිටිපස්සෙ හිටපු කෙනා මාව ඉස්සරකරගෙන ගිහින් රේස් එකෙන් මම පරාද උනා වගේ හැගීමක්. කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ...ඔලුවත් කැක්කුමයි.ලොකු සර් ඔෆිස් එකෙන් යනකන් මම බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා. ලොකු සර් ගිය ගමන්ම නිවාඩු කොලයක් පිරෙව්වෙ වරුවක නිවාඩුවක් අරගෙන ගෙදර ගිහින් නිදාගන්න හිතාගෙන.මොකද සාමාන්‍යයෙන් නින්දකින් ඇහැරුනාට පස්සෙ මට ප්‍රශ්න අමතක වෙලා හිතේ දුකත් අඩු වෙනවා. " මේ....මොකක්ද......" මම දික් කරපු නිවාඩු කොලය යෂ් අතට ගත්තෙ පුදුම වෙලා. ඇස් පේන්නෙ නැද්ද කියලා අහන්න හිතුනත් මම කට වහගත්තා. " ඇයි මේ හදිස්සියේ නිවාඩුවක්......." මගෙන් උත්තරයක් නැති පාර එයා ආපහුඅහනවා. " පොඩි වැඩක්........" මම උත්තර දුන්නෙ ඕනාවට එපාවට. " ඉතිං වැඩේ මොකක්ද කියලා තමයි මම ඇහුවේ......." එයා ආයෙත් අහනවා.ඒක ආයතන ප්‍රධානියෙක් ඇසිය යුතු දෙයක් නෙමෙයි. " ඒක මගේ පෞද්ගලික දෙයක්.සර්ට තේරුම්ගන්න පුලුවන් විදියට මම ඉංගිලිෂ් වලින් ඒක ලියලා තියෙනවනේ ......"මම හිතේ තියෙන තරහව හංගන්නෙ නැතුවම ඒක කියලා දැන්මා . " ඒ උනාට ඔයාට උදේ එහෙම හදිස්සියක් තිබ්බෙ නෑනේ........" එයත් මූණ නපුරු කරගෙන. " මගේ බෝයිෆ්‍රෙන්ඩ් අසනීපෙන්ලු.....මම එයාව බෙහෙත් ගේන්න එක්කගෙන යන්න ඕනී........." එයා ලග ගැහුනු ගැහැනු හිත ගැන ලැජ්ජ වෙච්ච නිසා මම් තරහටම එහෙම කිව්වා.මගේ කටේ සද්දෙටද මන්දා ඒ මූණට ආවෙ පුපුරු ගහන තරහවක්. " හරි යන්න....මට අර නිර්මල ෆුඩ් සිටි එක එක්ක සයින් කරන ඇග්රිමන්ට් එක හදලා දීලා ඉවර වෙලා යන්න........" මගේ නිවාඩු කොලේට අත්සන ගහන ගමන් එයා එහෙම කියන්නෙ මූණවත් නොබලා.ඒ කියන්නෙ අද උදේ මට බාරදීපු වැඩක් ගැන.මෙච්චර ඉක්මනට කොහොමද ඒක කර්න්නෙ. " සර්..... මම දැන් යන්න ඕනී......." මම මගේ තරහව පාලනය කරගත්තා. " හරි ඉතිං ඒක ඉවර කරල් යන්න......." මට තේරෙනවා.එය කතා කරන්නෙ මවාගත්තු සංසුන් කමකින්. " ඒක හදිස්සි නෑනෙ සර්......මම් හෙට් කරන්නම්........" මම ඒ වචන ගනන් ගන්නෙ නැති තාලෙට ඒක කිව්වෙ.අතේ තිබ්බ පෑනත් මේසේ උඩට විසි කරලා යෂ් නැගිට්ටෙ හොදටම කේන්තියෙන්. " මන්දාරී......තමුසෙද මෙතන ලොක්කා....මමද ලොක්කා......අනික තමුසෙගෙ මිනිහ අබ්බගාතයෙක්ද.....තනියෙන් බෙහෙත් ගන්න බැරි...." හිතේ තිබ්බ හරිම තරහව යෂ්ගෙ කටින් පිටවුනේ දැන් තමයි.ඒක ඉරිසියාවනම් මට ස්තුටු වෙන්න තිබ්බ.ඒත් ඉක්මනට හිත බොලදකරගන්න තරමටම රැවටෙන්න වෙන්නෙත් මටමනෙ. " හරි...සර් ..හරි .....ඒ අහිංසක් මනුස්සයට ඔය තරම් කැත කතා කියන්න එප්......මම සර්ගෙ වැඩේ කරලා දීලා යන්නම්......" කොහොමටත් කවුරු උනත් මට මේ විදියට කතා කරන එක මට ඉවසන්න බෑ. " ෆයිල් එක අරගෙන මගේ රූම් එකට එනව......." ඒක අණක්. " මට බෑ....සර්......ඔයාට ඕනි ඩොකියුමන්ට් ටිකනෙ ඒක මම හදලා ගෙනත් දෙන්නම්......." තරහෙන්ම එහෙම කියලා මම එතනින් ආවෙ පුපුර පුපුර.... (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 02 May 2018 05:03 PM වසන්තය නුඹම විය..........18 කොටස " මන්දූ....... මේ පාර ට්‍රිප් එක යන්න උඹ කාවහරි එක්කගෙන එනවද........." ආයතනයේ ප්‍රධාන මාර්තුකාව.. එක්දින චාරිකාව.නදී ඒ ගැන කතා කරන්න ගත්තෙ දවල් කෑම වෙලාවෙදි.හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් ආයතනයෙ සේවකටන්ටයි.පවුලෙ එක්කෙනෙකුටයි චාරිකාවට එක්වෙන්න පුලුවන්.මෙච්චර කාලෙකට මම මගේ පවුලෙ කිසිම කෙනෙක්ව එක්කගෙන ගියේ නෑ.ඒ එහෙම එක්කගෙන යන්න පුලුවන් තරම් මට හිතවත් කෙනෙක් පවුලෙ හිටියෙ නෑ කියලා මම හිතාගෙන හිටපු නිසා..ඒත් තත්වය දැන් වෙනස්.ගෙදර හැමෝම දැන් වෙස් පෙරලුනා වගේ මට ආදරෙයි.ඒත් මම කාව එක්කගෙන යන්නද...තාත්තා නැතුව අම්මාවත් අම්ම නැතුව තාත්තාවත් තනියෙන් ගමන් යන්නෙ නෑ.මල්ලි දැන් කසාද බැදලා හින්දා මල්ලිව විතරක් ගෙනියන්නත් බෑනේ.... " වෙනදා වගේම තමා....මම තනියෙන්....." මම හිනා මූණක් මවාගෙන සැහැල්ලු හුස්මක් පිටකලා. " මේ.....එහෙනම්....පොඩි වැඩක් කරමුද......." කවදාවත් නැති උනන්දුවකින් නදී මගෙන් එහෙම අහනකොට මට පුදුමත් හිතුනා. "මොකක්ද......." " මේ පාර වරුණ අයියා එන්නෙ මගෙත් එක්ක යන්න.අම්මලා එයත් එක්ක යන්න අවසර දුන්නා. ........." නදී ඇදලා පැදලා කියන්න හදන්නේ මොකක්ද කියලා මට පොල්ලෙන් ගැහුවා වගේ තේරුනා. " ඉතිං. ....." මම මුකුත් නොතේරුන තාලෙට මූණ පුලුටු කරගත්තා. " ඉතිං ... කියන්නේ.......අපි තනුජ්ට එන්න් කියමු........" නදීගේ යෝජනාව මා අනුමාන කල දේමය.....ඉතිං තිගැස්මක් නැතත් හිතේ වූයේ නොපහන් හැගීමකි. " බොට....පිස්සුද නදී......." හිතේ වූ නොරිස්සුම අංශුවක් නෑරම වචන වලට කාවද්දා මම නදීට ගසා දැමුවෙමි. " මොකක්ද....පිස්සුද කියලා අහන්නේ......ආ....." නදී මූණ පුලුටු කරගත්තාය. " මම කොල්ලෙක්ව ගෙන්නුවොත් කට්ටිය මොනා හිතයිද......" හිතේ වූ ඇත්තම අකමැත්ත එය නොවූවත් මම හඩ බාල කර ඒ වචන පිට කලෙමි. " මොනා....හිතන්නද.....උඹ කසාද බදින වයසෙ ඉන්නේ.....ඇහුවොත් කියහන් ඒ බදින්න ඉන්න කෙනා කියලා....මාත් කියන්නෙ එහෙමනෙ....අනික මේක ඉස්කෝලයක් නෙමේනේ.බදින්න ඉන්න කෙනා එක්ක ආවට ප්‍රශ්නයක් නෑ.ඒක නිසා කවුරුත් මුකුත් කියන්නෙ නෑ........" නදී තරහෙනි. " ඒ උනාට බොරු කරන්න මම කැමති නෑ......." මගේ අකමැත්තට හේතුව කෙලින්ම කියන්නට බැරි එකකි. " මොකක්ද බොරුව......." නදී අසන්නේ මගේ බෙල්ලෙන්ම අල්ලාගන්නටය. " තනුජ් අයියා එක්ක මම හරියට කතා කරලවත් නෑ.. ...... ඉතිං කොහොමද මම ඒ බදින්න ඉන්න කෙනා කියලා කියන්නේ......." " ඉතිං.....ඒක තමයි එයාට එන්න කියන්න කිව්වෙ.....කිහොමත් උඹ එයාව තනියෙන් හම්බවෙන්න කැමතිත් නෑ....ඉතිං එහෙන ආවම ප්‍රශ්නයක් නෑනේ.....උඹට ඌ මුකුත් කරන්නෙ නෑනේ......." මට තනුජ්ව මගහැරීමට හේතුවක් හොයාගත නොහැකිවන ලෙසටම නදී තර්ක ඉදිරිපත් කරයි. " අනේ.... මන්දා නදී.....ඒත් මම කැමති නෑ......." ඔය කාරනය සම්බන්දයෙන් ඇය සමග තර්ක කිරීමට මම බයය.එයින් සිදුවන්නේ....අවසානයේදී කොහෙන් හෝ ඒ කතාව මැද්දට යෂ්ව ඇදී ඇවිත් නිකරුණේ ඔහු බැනුම් ඇසීමය. ************* මගේ හිත අහේතුකව බර වී තිබුනි . ආයතනයේ චාරිකාවට මුලු රාමචන්ද්‍රම් පවුලම එක්වේ.ඉතිං ඔවුන් ඉදිරියට මා තනුජ්ගේ පෙම්වතිය ලෙස යාමට මගේ හිත කැමති නැත.ඇගිලි ගැන ගැන බලා හිටි චාරිකාව ඒ හේතුව නිසාම මට එපා වී ඇත.ඉතිං මට ගත හැකි එකම විසදුම ලෙස මම තීරණයක් ගතිමි.මෙවර ඔය චාරිකාවට මම සහබාගී වන්නේ නැත... නදී මා සමග අමනාපයෙනි.එහෙත් ඇය කොච්චර ඇවිටිලි කලත් මගේ හිත වෙනස් වෙන්නේ නැත. " මන්දාරී ....... පොඩ්ඩක් රූම් එකට එන්න......." යෂ් මා ඇමතුවේ රාජකාරී අවසන් වෙන වේලාවට ඔන්න මෙන්න තියාය . " ඇයි සර්. ........." මම මවාගත් සිනාහවකින් යුතුව ඔහු අභියසට ගියෙමි. " මන්දාරී.......අසනීපෙන්ද ඉන්නේ........." ඒ ඇස් මගේ මුහුණ මත්තේය.හිත ගැස්සිනි....ඇයි එහෙම අහන්නේ...... " න්...නෑ....සර්......" " මූණත්....එක්ක මැලවිලා ...ඒකයි ඇහුවේ......." යෂ් ඇහි පිල්ලමකුදු නොගහයි.ඉතිං ඔහුට මගේ වන සුලු වෙනස්කමත් පේනවාද..... " අද වැඩ වැඩියි සර් . .... ඒකයි......" " හ්ම්.......ඇයි ට්‍රිප් එක යන්නෙ නැත්තේ......." ඔහු ඒ අතෙහි වූ ලියවිල්ලක් දෙසට ඇස් යොමු කරමින් අසයි..ඉතිං ඒ චාරිකාවට සහභාගී වන්නන්ගේ නාම ලේකනයයි....ඔය කොලේ නම් අතරෙ මගේ නම නැති බව එයා දකින්න ඇති. " මට කම්මැලි සර්......." මට දෙන්නට උත්තරයක් නැති තැන කටට ආ ලේසිම උත්තරය මම කියා දැමූවෙමි . " ඔයාට කම්මැලි උනාට කමක් නැ.....ඔයා නැති උනාම අනිත් අයට පාලු හිතෙයි.ඒ නිසා යමු ........" නම නැති කොලයට මගේ නම ඇතුලත් කරමින් ඔහු කියවයි.නදීගේ ඇවිටිලි දහසකට යටත් නොවූ මගේ සිත ඒ වචන ටිකට අංසබාග රෝගියෙකු ගානටම ඇද වැටිනි.මගේ උත්තරය නොලබාම මගේ නමත් කොලයේ ලියා අවසන් වූවාට පසු මම බැහැයි කියන්නෙ කොහොමද....... " යනවා නේද......." ඔහු ඇස් උස්සා බලන්නේ මගේ අර දිග නම සම්පූර්ණයෙන්ම කොලේ ලියා අවසන් වූවාටත් පසුවය. " යනවද කියලා අහන්නේ. ... මගේ නම ලියලා ඉවර උනාටත් පස්සෙද සර්........" මම බොරුවට තරහ මූණක් මවාගතිමි. " ගෙදර යන්න හදිස්සිද..........." මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට ඔහු වෙන ප්‍රශ්නයක් ඇසීය. " නෑ....සර්....ඇයි......." " පොඩි වැඩ වගයක් තියෙනවා......පැය බාගයක් ඉදලා මට ඒ ටික කරලා දීලා යනවද.........." ඒක පොඩි එකෙකුගෙ අහිංසක ඉල්ලීමක් වගෙයි මට ඇහුනේ....මගේ කන් දෙකේ ලොකු අවුලක්. " කෝ දෙන්න සර්........" ඒ මේසෙ ඉස්සරහ තිබ්බ පුටුවෙන් මම වාඩි උනා.....හරියට ඉබ්බා දියට දාන්නද ඇහුවා වගේ . මටත් ඒ ඇස් ඉස්සරහා රැදෙන්න තමයි ඉතිං ඕනී. යෂ්...අතේ තිබ්බ ලියුමක් මට දික් කලා.....ඒක ලංකාවෙ ප්‍රදාන පෙලේ සම්මාන ලබා දෙන ආයතනයකින් ආපු එකක්. " මේ මොකක්ද සර්........." හිතේ මෝදු වෙන සතුටකුත් එක්ක මම ඇහුවෙ. " අපේ අලුත් ප්‍රඩක්ට් එකට අවෝඩ් එකක් හම්බවෙනවා.ඔය තියෙන්නේ අවෝඩ් සෙරමිනි එකේ ඉන්විටේෂන් එක....." යෂ් කියපු ඒ ආරංචියට මට කොච්චර සතුටු හිතුනද කියන්වනම් මට එයාව බදාගන්න හිතුනා. " අනේ......ෂෝක් සර්....කවද්ද සෙරමිනි එක......." හිතේ සතුට මට පාලනය කරගන්න බෑ.....මම හිනාව්න්න පුලුවන් හැම තැනකින්ම හිනාවුනා. " නෙක්ස්ට් වීකෙන්ඩ් එකේ.....අප්පා ඔයාවයි මාවයි සෙරමිනි එකට යවන්න ඉන්නෙ......." කලින් ආර්ංචියට වඩා ඒ ආරංචිය නම් ගොඩාක් හොදයි.... " අනේ.....යමු යමු සර්......." " ඒක...තියෙන්නෙ....රෑට......" ඒ ඇස් කෙලින්ම මගේ මූණට වැටිලා. " ඉතිං.... කමක් නෑ...සර්.....මම් කලුවරට බය නෑ......සර් බයද........" සතුට වැඩි කමට ආයෙත් මගේ අර පිස්සු හිත ඇහැරිලා. " ඔව්...ඔව්...මම බයයි කලුවරට ....වැඩිපුරම බය ඔයත් එක්ක යන නිසා.....ඒක නිස....අප්ප ඇහුවම යන්න පුලුවන්ද කියලා ඔයා බෑ කියන්න ඕනී........" මූණ නපුරු කරගෙන ඒ කියන විකාරෙ මොකක්ද.... " හරි....හරි සර්.....මම සර්ට මුකුත් කරන්නෙ නෑ ......... " ඉතිං මම යශ්ව විහිලුවට ගන්න හැදුවෙ. " විහිලු නෙමේ....ඔයා යන්නෙ නෑ මා එක්ක......එච්චරයි......." ඒක අවසාන නිවේදනයක් වගේ . . " ඔච්චරටම මාව අප්පිරියද සර්......." හැට හතර මායමෙන් එකක් දාල් මම් අස් වලට කදූලු පුරෝගත්තා. " තේරුම්ගන්න මන්දරී........ඔයා ගෑනු ළමයෙක්.....පිරිමියෙක් එක්ක රෑවල් තිස්සෙ ගමන් යන්න එපා......" ඉතිං මම දන්නෙ නෑ.....මගේ පපුව ඇතුලාන්තයෙන්ම රිදෙන්න ගත්තා..මේ මගේ ජීවිතේට ඒ වගේ අවවාදයක් හම්බවෙච්ච මුල්ම පාර. " සර්..... හිතන්නේ.....මම නරක කෙල්ලෙක් කියලද.........." මගේ හිත බය වෙලා.ඇත්තටම යෂ් එහෙම හිතනවනම්. " නරක කෙල්ලෙක් කියලා හිතනවනම්....තියලා යන්නෙ නෑ....අරගෙන යනවා මිසක්...... " මූණට මහ අමුතු පෙනුමක් අරගෙන ඒ කියපු දේට නම් මට කේන්ති ගියා. " මොකක්ද ...කිව්වෙ.....ආයෙ කියන්වා....." හිතේ ආපු ආවේගය මට පාලනය කරගන්න බෑ.මම පුටුවෙන් නැගිටලා කෙලින්ම එයා ලගට ගියේ. " ඇයි......." ඒ ඇස් දිලිසෙනවා... " නරක ගෑනු අරන්ද හතර වටේ යන්න ඉන්නේ.........ආ......" මට තේරෙන්නෙ නෑ....ඇයි ඒ වචන වලට මට මෙච්චර තරහා. " මම මොන ගෑනු අරගෙන ගියත් ඔයාට මොකද......" ඒ ප්‍රශ්නෙට දෙන්න ඕනි හොදම උත්තරේ මගේ ලග තියෙනවා.ඒත් කොහොමද ඒ ඇස් දිහා බලාගෙන කියන්නේ...... " ඕන දෙයක් කරගන්නවා......." නොසංසුන් වෙන හිත හංගගෙනම මම එහෙම කියලා ගස්සගෙනම එතනින් ආවා. (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 02 May 2018 05:02 PM වසන්තය නුඹම විය........17 කොටස යෂ් හා මා අතර පැහැදිය නොහැකි බැදීමක් ඇතිවෙමින් තිබේ...එය නමක් දෙන්නට බැරි තරම් සංකීර්ණය .මට යෂ්ව හිතින් කොතරම් ඈත් කිරීමට උවමනා උවත් හැම පුංචි බැල්මකින්ම ඔහු මගේ හිත ඇතුලට රිංගන්නේ අනවසරයෙනි......ඉතිං වචනයකින් වත් බලාපොරොත්තුවක් නොදෙන යශ් වෙනුවෙන් මගේ හිතේ මේ පිරෙන්නේ ආදරයද.....එහෙත් එයට ඒ නම දෙන්නට මම බයය.කිසිදාක නොලැබෙන ප්‍රේමයක් උදෙසා පෙරුම් පුරා මගේ හිත රිදවාගන්නට මම කැමති නැත්.යෂ් යනු මගේ ආයතන ප්‍රදානියා පමණි.ඔහු වෙනුවෙන් මා පමණක් නොව මෙහි අනිත් යුවතියන්ද සිහින දකිනවා ඇත.ඉතිං මේ සාමාන්‍ය හැගීමක් පමණක් යයි සිතා හිත හදා ගැනීමට මම උත්සහ කරමි.එහෙත් .... මන්දාරී යනු...පිරිමියෙක් උදෙසා අන් යුවතියන් මෙන් සාමාන්‍ය හැගීම් පුරවාගත් යුවතියක් නොවෙයි.....ඇහි පිහාටුවක චලනයෙන් පවා මන්දාරිගේ හිතේ ආදරය ප්‍රේමය සෙනෙහස අනුරාගය අශාව එකට කැලතූ හැගීම පුබුදන්නට සමත්වූ එකම පිරිමියා යශ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් පමණි.....ඔහු වෙනුවෙන් හිතේ ඇතිවෙන හැගීමට නමක් දෙන්නට බැරි ඒකය.ඔහු වෙනුවෙන් හිතට ඇතිවෙන හැගීම සෙනෙහසක් නම්.......මා මගේ මිතුරන් හැමටම දක්වන සෙනෙහසට එය සමාන කර හිත හදාගනිමි.එහෙත් නැත.....අනෙක් අතට එය ප්‍රේමය පමණක්මද නොවෙයි.....දෙවියන් වහන්සේ අසල්වාසියාටත් ප්‍රේම කරන්නට වදාලේ ප්‍රේමය යනු පාරිශුද්ධ බැදීමක් නිසාය. එහෙත් ඒ තුල අනුරාගය නොතිබිය යුතුය......ඉතින් යෂ් වෙනුවෙන් පිඹිදෙන හැගීම තුල ප්‍රේමය වූ ශුද්ධ හැගීමත් ඔහුගේ ඇස් බැල්මෙනුත් උද්දීපනය වෙන අනුරාගී හැගීමත් කැලතී ඇත.....ඉතිං මේ බැදීම කුමක්ද.....මට ඔහු තුලින් පියාත් සහෝදරයාත් මිතුරාත් ආදරවන්තයාත් සැමියාත් පුතාත් එක්වර දැකිය යුතුය....ඉතිං මෙතරම් කාලයක් බාගෙට උමතුවෙන් හිටි මා සම්පූර්ණයෙන්ම උමතු වී වත්ද...... " මන්දාරී.........පාර්සල් එකක් ඇති රූම් එකේ......." සත්සර මහ හයියෙන් කෑ ගැසුවේ මා කාර්යාලයට ඇතුල් වූ විගසමය. " මොනාද........." මම කාමරය ඇතුලට යන එක පසෙක තබා ආපසු හැරුනි. " නිකං හමබ්වෙන අශ්වයගෙ දත් ගනින්නෙ නැතුව ගිහින් බලනවා........" සත්සර කෝපයක් මවාගත්තේය. " එහෙම කොහොමද......මාව මරන්න බෝම්බයක් එවලද දන්නෙ නෑනේ........" මමත් ඉතිං එකට එක කීවෙමි. " එපානම්.... නිකා ඉන්නවා....මම ගන්නම්......" ඒ පාර සත්සර නැගිට්ටේය. " හරි හරි....... මම එපා කිව්වේ නෑනේ......." මම නෝක්කාඩු මූණක් මවාගෙන මගේ කාමරයට ඇතුල් උනෙමි. මොනවා හෝ පුරවා ඇති කලුපාට ෂොපිං බෑග් එක මගේ මේසය උඩය.සත්සරවනම් සත පහකට විස්වාස නැත.කලොත් කරන්නේ මට නොදෙවිනි මගෝඩි වැඩකි. මම ෂොපිං උරයට පිටින් හෙමි හෙමින් ඇතුලත වූ දෙය අතගා බැලිමි....කරල් කරල් මෙන් අහු උනත් ඒ මොනවාදැයි මට සිතාගත නොහැකි විනි. " කමක් නෑ.....ඔන්න ඔහේ ඇරලා බලනවා......." හිතේ තියෙන සැකය මදකට අත් හැර මම ෂොපිං උරය යානතමට ලිහා තනි ඇහෙන් ඒ දෙස බැලිමි. රස නහර පිනා ගියේ ක්ෂණිකව මය....දෙවියනේ....සියඹලා.....මෙච්චර ගොඩාක්........ " සත්සර.........තැන්ක් යූ....වස්තුවේ........" කාමරයේ දොරෙන් ඔලුව එලියට දමා කෑ ගැසුවේ සතුට වැඩි කමටමය.සියඹලා බෑග් එක මගේ තුරුල්ලේය.සත්සර කුමක්දෝ කියන්නට කට හැර නැවතත් කට වසාගත්තේය....ඒ ඇයි......මට ඉතින් ඒ ඇයි කියලා ඉක්මනටම තේරුනා...යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් මා පසුකර ඔහුගේ කාර්යාලයට ගියේ මට රවාගෙනමය.ඉතින් වහ කනවා මීට හොදය....ඉබ්බා කටුව ඇතුලට රිංගනවා මෙන් මම හිමීට කාමරයට ඇදුනි. විනාඩි දෙකක් යන්නට මත්තෙන් මගේ කාමරයේ නිහඩතාවය බිදගෙන ද්‍රකතනය නාද වෙන්නට ගත්තේය...අනුමානයක අවශ්‍යතාවයක් ඇත්තේම නැත....ඔය කතා කරන්නේ යෂ් ය...ඒ කතා කරන්නේත් මට බනින්නටය. " ගුඩ් මෝනිං සර්.........සර්ට නම් ගුඩ් මෝනිං කියන්න හිතෙන්නෙත් නෑ.....අපායට ගහපු කැලැන්ඩරේ පාරෙ ඇවිදිනවා වගේ උදේ පාන්දර ඔෆිස් එන්න එපා සර්......දවසම මූසල වෙනවා......" වැරැද්ද මගේ අතේ උනත් එයා මට බනින්න කලින් මම එයාට බැනගෙන බැනගෙන ගියා. වීදුරු දොරෙන් එයා මගේ දිහා බලාගෙන.ඇත්තටම මට එක වෙලාවකට පුදුමයි.....මගේ මේ කටේ හැටියට.....ආයතන ප්‍රදානියා මෙහෙම ඉවසයිද...... " මන්දාරී....... එනවා...මගේ කාමරේට........" යෂ් මට බනිනවා වෙනුවට කලේ අණදීමකි.ඉතිං එය ඊටත් වඩා බයානකය . මම සියඹලා බෑග් එකත් තුරුලු කරගෙනම කාමරයෙන් එළියට ආවෙමි. " මන්දාරී....... ඕක අරගෙන කොහෙද යන්නේ........" යෂ්ගේ කාමරය දෙසට පය එසවූ මා නැවතත් සත්සරගේ හඩට නතර විනි. " මම සියඹලා කරලක් සර්ටත් දීලා එන්නම්......" බැනුම් අහන්න යන බව කටක් ඇරලා කියන්න බෑනේ. " පිස්සු නැතුව ඔන්න ඕක තියලා යන්න......" සත්සර කලබලයෙනි. " ඒ මොකද......අපි කනවනම් සරුත් කන්න ඕනී......." මම විහිලුවට එසේ කියා බොරුවට ගස්සාගෙනම යෂ්ගේ කාමරය දෙසට පා එසෙව්වෙමි. මගේ මුහුණ දෙසම බලාගෙන රවාගෙන ඉන්න ඒ මූණ මට උස් වීදුරු අතරින් පෙනේ. ඉතිං තට්ටු නොකරම මම කාමරයට ඇතුල් උනේ සිනාසීගෙනමය.... මම එනකම්ම මගේ මූණෙ ඇස් තියාගෙන හිටපු මිනිහා මම දොර අරින ටිකට මූණත් මේසෙට ඔබාගෙන බරටම වැඩය....අනේ...මෙහෙමත් රගපෑම්.... " සර්.... මම ආවා......." වගේ වගක් නැතුව එයා කොලයක් අරගෙන දෙමලින්ම මොනවදෝ කුරුටු ගානවා. " ආ.....ආවද...... මම මේ දෙයක් අහන්න කතා කලේ........" යෂ් ඔලුව උස්සන්නෙවත් නෑ.... " අනේ....ඕනි දෙයක් අහන්න සර්......" අහන්නෙ මොකක්ද කියලා දන්නවා උනත් මම නොදන්න තාලෙට කතා කලා. " කවුද...මන්දාරී ඔෆිස් එකේ ඉන්න වස්තුව........මම දන්නෙ නෑනේ එහෙම කෙනෙක්........." අම්මේ.... ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට.ඕක...ඉරිසියාවද සර්....අනේ එහෙම වෙනවනම් කොච්චර හොදද..... " ආ......ඒ මම සත්සරට ආදරේට කියන නමනෙ සර්........" මම ඉතිං පදුරට එක ඊතලයක් විදලා බැලුවා.හාවො හිටියොත් එලියට පනින්නෙ නැතැයි.... " මොකක්ද.........." අම්මේ.....යෂ් ඇස් උස්සලා බැලුවෙ එහෙම අහගෙනමයි....හරියට නාගීනා එකේ හැපින්න බැලුවා වගෙයි.මට බයත් හිතුනා. "මුකුත් නෑ.......සර්...." මම බිම බලාගත්තා. " ඔය මොනාද......." යෂ් ඇගිල්ල දික් කලේ මම තුරුලු කරගෙන හිටපු සියඹලා බෑග් එකට... " ආ.... මේ සියඹලානේ........සර්ටත් දෙන්න ගෙනාවේ ආ......" මම බෑග් එකට අත දාලා සියඹල කරලක් ගත්තේ ඒ ඇස්දෙක දිහා බලාගෙනමයි.....ඒයා සියඹලා කරල දිහා බලලා මගේ දිහා බැලුවෙ ඇස්වලින් ලාවට හිනාවෙන ගමන්.මට නම් වෙන මුකුත් පෙනුනෙ නෑ...මුලු වටේම තිබ්බ ඔක්කෝම අන්තරස්තාන වෙලා ඒ ඇස් දෙක විතරක් ඉතුරු උනා වගේ.යෂ් නැගිටලා මේසෙ වටෙන් ගිහින් මගේ ලගට ආවා....ඒ පාර මොකද...... " මට මොකටද මන්දාරී සියඹලා......" මෙච්චරවෙලා තිබ්බ දැඩි හඩ වෙනස්වෙලා ඒ වෙනුවට ඒ කටහඩේ සම්පූර්ණයෙන්ම ආදරණීය බවක් ගැබ් වෙලා.මේක නම් පුදුමයක්....මූඩ් ෆික්ස් කරන්න මරු ඉගුරු කිව්වට .. මම මේ දැක්කමයි සියඹලා වලටත් ඒ දේ කරන්න පුලුවන් කියලා. " නෑ.....සර්...... මේකයි........ සියඹලා කාලා උණු වතුර බිව්වම ඒක බඩ විරේකයක් වෙනවා.....ඉතිං ඒක ඔය සර්ගෙ ලෙඩේට හොදයි........" මම නිකං එහෙන් මෙහෙන් වචන ඇහිද ඇහිද ඒ ටික අම්මරුවෙන් කියලා දැන්මා. " ලෙඩේ....... මොකක්ද මට තියෙන ලෙඩේ........." යෂ් කෙලින්ම මගේ ඇස්වලට එබිල තමයි එහෙම ඇහුවෙ.වචනත් අමතක වෙනවා ඒ බලන විදියට. " මේ..... මේ.....ආ...අර්ශස් අමාරුව.....ඒකට තමා ඔහොම ඉක්මනට කේන්ති යන්නෙ........" දෙයියනේ කියලා මොන වචන අමතක උනත් ඒ ටික කියාගන්න නම් මගේ ලග වචන තිබ්බා. " එහෙමද........එහෙනෙම් දෙන්නකෝ......" එයා එහෙම කියලා මගේ අතේ තිබ්බ සියඹලා කරල හිමීට අතට ගත්තා....මට නම් පුදුමයි...මේ තරම් දෙයක් කිව්වට පස්සෙත් මෙය මෙච්චර සංසුන් උනේ කොහොමද.... " ඒත් මන්දාරී මම දැනගෙන හිටියෙ නෑනේ.....සියබලා මෙච්චර දිගට පෙනේකුත් එක්ක එනවා කියලා......." යෂ් සගවගත්තු හිනාවක් මැද්දෙන් එහෙම කියලා මගේ ඇස් ඉස්සරහට දික් කරපු දේ දැකලා මට උන්හිටිතැන් අමතක උනා.. " අනේ.....සර්......අනේ.....ඕකව විසි කරන්න.........." සියඹලා බෑග් එක විසි කරලා මම අත් දෙකෙන් මූණ වසාගත්තා. "අම්මේ.....ඔයා මේකට බයද......දැනගත්තු එක හොදයි........." යෂ් හිනාවෙනවා.....මම මෙහේ හොදටම බය වෙලා....මෙයාට තව හිනාවෙන්නත් පුලුවන්ද....සර්.....අනේ....සොරී.......මම විහිලුවට හිතුවෙ සර් බලන්නෙ හරියට නාගිනා එකේ හැපින්න වගේ ගියලා.....එහෙම හිතුවා කියලා මෙතනට නයි ගෙන්නන එක නරකයිනේ......." මන්දාරී ල්රෙසියෙන් අඩන්නෙ නැති උනාට බය වෙච්ච වෙලාවටනම් ඇස්වල මහ ගොඩාක් කදුලු පිරිනවා. " මොකක්......ඔයා එහෙමත් හිතුවද......." යෂ් නයා අතේ තියාගෙනම මගේ ඇස්වලට එබෙනවා. " සර්...... එන්න එපා මගේ ලගටවත් ....මම අඩනවා හොදේ......." මම අඩියක් පස්සට තියලා තර්ජනය කලා. " අයියෝ...... මන්දාරී...... මේ රබර් නයෙක්........" ඒ පාර යෂ් හිනා වෙනවා... " මොනා... වලින් හැදුවත් නයා නයාමයි.....මට නම් ඕකව පේන්නවත් තියන්න එපා........සර්.....සර්....ඇත්තටම මනුශ්‍ය වේසෙන් ඉන්න නයෙක්ද.........." ඇස්වලින් කදුලු බේරෙනවා. " මොකක්......ඒ පාර විකාර කියවන්න පටන් ගත්තද.....නැත්තම් ඕක ලෙඩක්ද....." යෂ් මූණ පුලුටු කරගෙන මට බනිනවා.... " නැත්තම් කොහොමද....මෙච්චර වෙලා මගේ අතේ තිබ්බ සියඹලා කරල සර්ගෙ අතට ගිය ගමන් නයෙක් උනේ......." මම ඉන්නෙ ඇත්තටම බය වෙලා....හරි වැරැද්දවත් මට තේරෙන්නෙ නෑ. " ඔව්...ඔව්.....ඔයාගෙ අතේ තිබ්බ සියඹලා කරල මගේ අතට ආපු ගමන් නයෙක් උනා........කවුද ..... ඔයාගෙ වස්තුවද .....සියඹලා ගෙනත් දුන්නේ.....ගිහින් අහනවා එයාගෙන් සියඹලා කොහොමද නයි වෙන්නෙ කියලා......." යෂ් ආයෙත් මට බනිනවා.....ඇත්ත.... මම මෙයාට බැන්නට සත්සර තමයි මේ වැඩේ කරන්න ඇත්තේ....එයා ඕක හැම තිස්සෙම කරනවා...මමත් දැන දැනම එයාට අහු වෙනවා.....අනික සර් කලා වෙන්න බෑනේ.....එයා දන්නේ නෑනේ මම රබර් නයින්ට බයයි කියලා..... " මේ.....සත්සර නම්......මම තියන්නෙ නෑ අද........." මම පුපුරා හැලෙන තරහව් පිටවෙනකම් සත්සරට බනින්න හිතාගෙන එලියට යන්න හැදුවෙ. " මෙන්න මෙහෙ එනවා.......මහ ලොකු චන්ඩියා.....ඒ උනාට රබර් නයාට බයයි......" යශ්....මගේ අතින් අල්ලගෙන. " සර්....... මාව අතාරින්න.....මම එයාට බනින්න දෙන්න........" මම නපුරු මූණක් මවාගෙන එයා දිහා බැලුවෙ. " අතාරිනවා.....හැබැයි ඔයා රණ්ඩු කලොත් මම සත්සරව ජොබ් ඒකෙන් එලවනවා...කමක් නැද්ද........" ඒ හඩ නම් සම්පූර්ණයෙන්ම ආයතන ප්‍රධානියගෙ.ඉතිං කොහොමද රණ්ඩු කරන්නේ....ස් " අතාරින්න සර්.......මම රණ්ඩු කරන්නෙ නෑ........" මම ඉතිං බිම බලාගෙන්ම පරාජය බාරගත්තා........ " නෑ..... මට ඔයාව් ෂුවර් නෑ....ඒ නිසා මම යන්න කියනකන් අර පුටුවෙන් වාඩි වෙලා ඉන්න....." යෂ් මට පෙන්නුවෙ එයාගෙ මේසේ ඉස්සරහ තිබ්බ පුටුව....මේ මොන විකාරයක්ද......හරියට පොඩි ළමයි මට්ටු කරනවා වගේ. " සර්...... මට වැඩ තියෙනවා.........." මම කිව්වෙ දැඩි හඩකින්. " දැන් ...සියඹලා උස්සගෙන හතරවටේ යනකොට ඔය වැඩ මතක් උනාද.....මගේ තරහ අවුස්සගන්නෙ නැතුව ගිහින් වාඩි වෙනවා......." මම දන්නෙ නෑ.....යෂ් එක වෙලාවකට නෙමේ හැම වෙලාවෙම මාව පාලනය කරනවා..ඒ වචන වලට මම අවනත වෙන්නේ මටත් නොදැනිමයි.මම සද්ද නැතුව ගිහින් එයා පෙන්නපු පුටුවෙන් වාඩි උනා. " කරන්න වැඩක්නෙ ඕනී....මෙන්න මේක චෙක් කරනවා......" එයා ලග තිබ්බ ෆයිල් එකක් එයා මගේ ලගට දැන්මා..කමක් නෑ....ඒ මූණ ඉස්සරහ නිකං ඉන්නවට වැඩිය හොදයිනෙ මොකක් හරි කරන එක.මම ඉතිං මූණ පුම්බගෙනම ලියවිලි ටික පෙරලන්න ගත්තා. යෂ් කරන වැඩකුත් නෑ....එයාගෙ වැඩ ටිකත් මට පවරලා එයා නිවී සැනසිල්ලේ පෝන් එක ඔබ ඔබ ඉන්නවා.ඒත් මූණ උස්සල මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ.එල්ලි එල්ලි රණ්ඩු වලට යන වෙලාවල් වලට වඩා මේ විදියට නිහඩව ඉන්නකොට ඒ මූණ දිහා බලන්න මම බයයි. " හරි........හුරතල් නේද........" දිග නිහැඩියාවක් බිදිමින් යෂ්ගෙ මුවෙන් පිටවෙච්ච ඒ වචන වලට මාව ගැස්සුනා. " ම්.....මොකක්ද සර්........" මම ගැස්සිච්ච ඇහි පිහාටු දිගැරියෙ බය වෙලාමයි. " නෑ...... මම කිව්වෙ....මේ රබර් නයා හරි හුරතල් නේද........" යෂ් මෙච්චරවෙලා අතේ ගුලිකරගෙන හිටපු රබර් නයාව මගේ ඔඩොක්කුවට දැන්මා..... " මොන සමයමක් කරනවද සර්......" බයවෙච්ච පාර මම නැගිට්ටෙ පුටුත් පෙරලගෙන.ඒ මදිවට මගේ අත වැදිලා වතුර වීදුරුව කෙලින්ම විසී උනේ යෂ්ගෙ ඇගට.......මට ඇඩුනෙ මහ හයියෙන්.....මේ විදියට මගේ දුර්වල කම් වලින් මට විහිලු කරනවට මම කැමති නෑ.....ඒ වගේම මම නිසා යෂ් නාලා ඉන්න හැටි දැක්කම මට තවත් දුක හිතුනා. " මන්දාරී.....සොරි සොරී.....අනේ...අඩන්න...එපා........ මිනිස්සු හිතයි මම ඔයාට කරදර කරනවා කියලා......." යෂ් බයවෙලා. " ඉතිං.....සර්...මට කරදර කරනවා තමයි......මම බයයි කියලා දැන දැනම් රබර් නයාව මගේ ඇගට දැන්මේ ඇයි.....රබර් නයා හුරතල් නම් ලග තියාගෙන් හුරතල් කරන්න එපැයි.ඇයි මගේ ඇගට දැන්මේ........" මම අඩ අඩම කියෙව්වෙ....ඇයි දෙයියනේ......මහ මොකෙක්ද මන්දා..... " හරි හරී.....ආයෙ එහෙම කරන්නෙ නෑ.....අඩන්න එපා........" " ඕන නෑ......සර් නම් නයෙක්ම තමා.ඒකනෙ නයින්ව හුරතල් විදියට පේන්නේ.......හැපින්නක් හොයාගෙන හුරතල් කරන්නකො අපිට වද දෙන්නෙ නැතුව........" මගේ කට කියවන එක නවතින්නෙ නෑ... " මන්දාරී.....ෂටප් .......අප්පා එනවා........." යෂ් වීදුරු දොරෙන් එහා බලන් කියද්දි මට උන්හිටිතැනුත් අමතක උනා. " අනේ....සර්....දැන් මොකද කරන්නේ........" මට ඔක්කොම අමතක වෙලා.මෙච්චර වෙලා යෂ්ට බැන්නා කියලත් අමතකයි.ලොකු සර් මේ විදියට අපිව දැක්කොත් විනාසයි....මම අඩනව....යෂ් උඩ ඉදන් පහලටම වතුර නාලා..ඒ මදිවත බිම වීදුරුවක් කුඩු වෙල්....ඇස්වල තිබ්බ කදුලු පිහදගන්න හැදුවත් මට ඒක කරගන්නත් බෑ.. " යෂ්....... මේ මොකද......" ලොකු සර් මගේ දිහායි යෂ්ගෙ දිහායි මාරුවෙන් මාරුවට බලනවා... " අප්පා..... මේ මේ......" යශ් ගොතගහනවා.ඉතිං එයා නම් ලොකු සර් ඉස්සරහ කොහොමත් ගොත ගහනවා කියලා මම දන්නවා. " සර්...... අනේ සොරි සර්......මගෙයි වැරැද්ද........." මම ලොකු සර් දිහාට හැරිලා එහෙම.කරනකොට යෂ් ඇස් පුංචි කරලයි මගේ දිහා බැලුවෙ. " මොකක්ද මන්දාරී මෙතන වෙලා තියෙන්නේ....හරියට ඌරො නටලා වගේ....." ලොකු සර්ගෙ හිත නම් හොද නෑ වගේ. " අනේ..... මම හිතලා කලේ නෑ සර්......මම ඩොකුමන්ට් වගයක් චෙක් කර කර හිටියේ....එක පාරටම සතෙක් මගේ ඇගට පැන්නා....මම බයවෙලා නැගිට්ට පාර අත වතුර වීදුරුවෙ වැදිලා පොඩි සර්ව නෑවුනා.....අනේ....සොරි සර්......." මම ඉතිං කිව්වෙ බොරුවක් නෙමේ...ඒකනෙ ඇත්තටම උනේ. " සතෙක්......දැන් මේක ඇතුලෙ සත්තුත් ඉන්නවද......මොකාද ඇගට පැන්න සත......" ලොකු සර් එහෙම අහගෙනම ගිහින් පුටුවෙන් වාඩිනුනේ මගේ දිහා බලාගෙනමයි. දැන් මොකද කරන්නේ.....රබර් නයෙකුට බය වුනා කියන්නද.....එහෙම උනොත් සර් තවත් බනියි....රබර් නයෙකුට බයවෙන වයසක්ද මේ... " සර්......මේ.....කුරුමිනියෙක් ......" මගේ කටය මුලින්ම් ආපු සතාගෙ නම මම කියලා දැන්මා. " මන්දාරිට කුරුමිණියන්ගෙන් හරි කරදරයි වගේ. ....... යෂ්..... පුලුවන් ඉක්මනට ඔය කුරුමිණි වසංගතේ නැති කරන්න වෙයි.....දැන් මේ ළමයව දෙපාරක්ම ඔය කුරුමිණියෝ ඇඩෙව්වනේ......." සර්.... මට අනුකම්පාවට වගේ එහෙම කිව්වට ඒ ඇතුලෙ තිබ්බ යටිඅරුත මටතේරුනා. එන පොටනම් හොදනෑ මන්දාරී..... " හරි හරි..... ඔය ළමයා....දැන් යන්න...ගිහින් සුනිල්ට එන්න කියන්න මේ ටික අස් කරන්න......" ලොකු සර්ගෙ ඒ වචන ටික මට නිකං සුරංගනා ලොවෙන් ඇහිච්ච කතාවක් වගේ..... මම හැරෙන පරක්කුවට ඒ කාමරෙන් එලියට පැනගත්තා. " මන්දාරී....අනේ..සොරී.......ඔයාව බය කරන්න හිතං දැන්මට ඔච්චර දෙයක් වෙයි කියලා මම හිතුවෙ නෑ......." මගේ ගමන් මග හරස්කරගෙන හිටියේ සත්සර...කොහොමත් වෙච්ච හැම දෙයක්ම හැමෝටම ඇහෙන්න ඇතිනේ... මම රවාගෙන ආවා මිසක් වෙන මුකුත් කිව්වෙ නෑ.මම මොනා හරි කියන්න කට ඇරියොත් ආයෙ නවත්තගන්න බැරි වෙනවා.. ( මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 02 May 2018 05:01 PM වසන්තය නුඹම විය............16 ගැහැණියක ජීවිතේ දුක් විදිය යුතුමද.....හැම දේම දරාගත යුතුමද.....මම දන්නෙ නෑ....ඒත් එක ප්‍රශ්නයක් පිටිපස්සෙ තව ප්‍රශ්නයක් මගේ ජීවිතයට එන බව නම් මම දනිමි. මා අවුරුදු විසි ගනනක් තිස්සේ මගේ නිවැසියන් මා නොසලකා ඇතැයි සිතා කලකිරී උන්නෙමි.එහෙත් එය මගේ වරදක්ද ඔවුන්න්ගේ වරදක්ද කියා මටම නොවැටහේ....මල්ලිගේ විවාහයෙන් පසුව හැම දේම කනපිට පෙරලුනා වැනිය.ගෙදර මූලික තැන ලැබුනේ මටයි.අම්මා තරමටම තාත්තා මා සමග කතා නොකලත් ඔහු වෙනදා මෙන් මා නොසලකා හරින්නෙර් නැති බව මට වැටහේ.....මල්ලී බීම අත් හැර තිබුනි....හැමදේකටම වඩා මට සැනසිල්ලක්වූයේ එයයි.මතක ඇති කාලයක එක මේසේ කෑම නොකෑ අපි සිනහමුසුව කෑම මෙසෙට වාඩි වීමට හුරුව උන්නෙමු. ඉතිං මේ වාසනාව අප නිවසට ගෙනාවේ ඇයයි...මගේ මල්ලීගේ බිරිද.....ඇයව සොයා පොලීසියෙන් ඒවි යයි සිතුවාට එය එසේ නොවීය....ඇයව එම පවුලෙන් අතැර දමා ඇත.එහෙත් ඇගේ මුහුණෙන් ඒ පිළිබදව දුකක් හෝ කණගාටුවක් මම නොදකිමි.හැම විටම සිනාමුසුව සිටිනා ඇය මටත් වඩා අපේ නිවසට සිරියාවක් ගෙනත් ඇත. ඉතිං හිතේ මෙතරම් කලක් පිරී තිබූ දුක කෙමෙන් කෙමෙන් පහව යද්දී තවත් පැත්තකින් මගේ හිත බරව තිබුනි. තනූජ්.....හා යෂ්.... තනූජ්ගේ හිතේ මා වෙනුවෙන් මහා ආදරයක් පිරී ඇති බව මට නොරහසකි. ඒ ආදරයත් මා පතන්නාවූ සුපිරිසිදු ආදරයමයි.මගේ හිත වටකොට තියෙන තද බැමි ටිකෙන් ටික එකෙන් එක බිද දමමින් ඔහු ඇතුලට එන්න දගලයි. එහෙත් යෂ්......ඔහුට ඒ බැමි බාධක අදාල වූයේම නැත.කවදාක කොතන කොහොම වුනාදැයි නොදනිතත් ඔහු මගේ හිත ඇතුලටම රිංගාගෙන ඇත.හරියට අර බැමි වලට උඩින් හෙලිකොප්ටරයකින් නැගී ආවා මෙනි. තනුජ්....ආදරය යන වචනය සිය දහස් වරක් දුරකතනය ඔස්සේ ප්‍රකාශ කලත් ඒ එක වචනයකටවත් තිගැස්සෙන්නෙ නැති මගේ හිත යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් ගේ එක බැල්මකින් පවා තිගැස්සේ.....තනුජ් වචන දහසකින් නවත්තන්නට වෙර දරන මගේ සමහර මුරණ්ඩු කම් යෂ් එක රවා බැල්මකින් නවත්තයි....එහෙත් යෂ්ට ජාතියෙන් ආගමෙන් සමාජ මට්ටමෙන් කවදාවත් මට ලංවිය නොහැකි උනත් තනිජ්ට ඒ හැම දේකිම්ම මට ලංවිය හැකිය.ඉතිං මගේ හිත දෙපැත්තට වැනෙන ඉන්න සේ වැනෙන එකා අසාදාරණද...... යෂ් පස්සේ දුවන හිත නිසා තනූජ් වෙනුවෙන් හිත නොදී හිටියත් වචනයකින් වත් ආදරය නොපවසන යෂ් මිරිගුවක් නොවේද ..... ඔහු නිසා මට තනූජ්වත් නැති වෙයිද.......එහෙත් තනුජ්ට හිතේ ආදරයක් නැතුව කැමැත්ත දුන් පසු යෂ් මට ආදරේ කලොත් මම මොකක්ද කරන්නේ....හිත කොහොමත් ඔහු වෙනුවෙන් ආදරය පුරනවා නොඅනුමානය .ඉතිං එවිට තනූජ්ට කුමක් වේවිද......එක අතකට මේ සියල්ලන්ගෙන්ම ඈත් වී තනියම සිටින්නට සිතේ....... " ගුඩ් මෝනිං.........." යෂ්ගේ කටහඩ මගේ කාර්යලයේ දොර දෙසින් ඇසේ.අලුතෙන් අත්සන් කරන්නට යන ගිවිසුමක් පෙරලගෙන ඇස් ඒ මත්තේ තියාගෙන මම හිටියේ මගේම මනෝ ලෝකයේ තර්කවලට මැදි වීය.ඉතිං ඒ කටහඩට මගේ පියවි සිහිය ආවත් මම ඒ මුහුණ දෙස බැලීමට නොගියෙමි.මේ මොහොතේ ඒ ඇස් දෙස බැලුවොත් හිතේ වු තර්ක සියල්ල සුනු විසුනු වී ඒ ඇස් මත්තේ නැහෙන මගේ බොලද සිත පිබිදෙනවා නොඅනුමානය.ඒ නිසා ඒ වචන ඇහුනත් නොඇහුන ගානට මම ගිවිසුමට අවදානය දීගෙන සිටියෙමි. යෂ් බර අඩි තියා යන්නට ගියේය.සුසුමක් හෙලුනේ ඉබේටමයි.ඉතිං දැන් ඉදන් මම උත්සහ කරමි.දෙදෙනාගෙන්ම ඈත් වන්නට....ඒත් ඒ ඈත් වීමත් දරාගෙන මා වෙතටම රැදෙන පිරිමියා මගේ මුලු ජීවිතය කරගැනීමට මම මටම පොරොන්දු වෙමි. ********* " මිස්....... මෙන්න කෝපි......" උදෑස්න තේ වෙලාවත් ඇවුදින් බව මතක් උනේ තේ බන්දේසියත් රැගෙන සුනිල් මා අසලටම ආ පසුය. " මේසේ උඩින් තියන්න සුනිල්......" මම හිස නොඋස්සාම පිළිතුරු දුන්නෙමි.මම හිස එසෙව්වානම් මගේ දෑසට කෙලින්ම උස් වීදුරු දොරෙන් යෂ්ගේ රුව අසුවෙනවා නොඅනුමානය. " මිස්....අසනීපෙන්ද........" සුනිල්ගෙන් නැවතත් පැනයකි. " අනේ..... නෑ සුනිල්.....ඇයි ඒ........" " නෑ....ඉතින් වෙනදනම් මිස් ඔෆිස් එක දෙවනත් වෙන්න එක්කෝ කෑ ගහනවා නැත්තම් හිනාවෙනවනේ.....අද සද්දයක්වත් නෑ...ඒකයි......." සුනිල්ගෙ වදන් වලට මට සිනහ නැගිනි.ඇත්තෙන්ම මේ මිනිස්සුන්ට මගේ නිහඩතාවයත් ප්‍රශ්නයක් වෙන තරමටම මම කියවනවාද ...... " මිස්......රෝල්ස් තියෙන්වා....." කෝපි එකත් එක්කම සුනිල් මගේ මේසෙ උඩින් ටිෂූ එකක ඔතපු රෝල්ස් එකක් තිබ්බා. තවත් නම් මට ඔලුව උස්සන්නෙ නැතුව ඉන්න බෑ. " කොහෙන්ද ...මේවා...." මගේ හිත නම් මහ පුදුමාකාර එකක්.කොයිතරම් බැරෑරුම් අවස්ථාවකදි උනත් කෑම දැක්කොත් නම් හරියට උසේන් බෝල්ට් වගේ තමා...දෙවියනේ කියලා ප්‍රශ්න ඔක්කොම අතෑරලා කෑම පස්සෙ දුවනවා. " පොඩි සර්.....ගෙනාවේ......මුලු ඔෆිස් එකටම......." සුනිල් හඩ අඩුකරලා කියද්දී මට ඉබේම ඒ රූපය දිහාට ඇස් ඇදුනා.හිතට නිකං අයිස් කැටයක් දැන්මා වගේ ....ඒ ඇස් කෙලින්ම එල්ලවෙලා තියෙන්නේ මගේ දිහාවට.මම ඒ ක්ෂණිකයෙන්ම ආයෙත් සුනිල් දිහා බැලුවා. " සුනිල්.....ඔයා පොඩි සර්ව හොදටම දැක්කා නේද........අං ආපු පාටක් තාම නෑනේ........." මම රෝල්ස් එක අතට ගත්තේ එහෙම කියාගෙනමයි. " චුට්ටක් විතර ඇවිත්......ඒත් මිස්ගෙ තරම් නෑ......." සුනිල් එහෙම කියලා යන්න ගියා.....මට කෝපි එකත් හිර උනා....බලාපල්ලකො මේ මනුස්සයා....ඒක කියපු කැත විතරක්.... මගේ මොලෙත් එක්ක දැවිල්ලයි....රෝල්සුයි කෝපියි මොලේ ඇතුලටම ගිහින්ද කොහේ...කොහොමත් ඕක ඇතුලෙ වැඩි දෙයක් නැති එකේ කෑම ටිකක් තැන්පත් උනාට කමක් නෑ.....ඒත් මේ ඇස්වලින් කදුලු බේරි බේරී පිටවෙන කැස්ස නවතින්නෙ නැති එක තමා අවුල. " කෑම කද්දිවත් සිහියෙන් ඉන්න බෑද.........." ඒ ඇහිච්ච සද්දෙට මම ගැස්සිලා බැලුවෙ..... යෂ්......එයා කොහොමද......එයා මගේ කාමරේට ඇවිත්... "ස්.....සර්......" මට කතාකරගන්නත් බෑ..එයාව දැකලා තවත් කැස්ස වැඩිවෙලා. "ආ..... මේ...වතුර එක බොනවා......." මගේ මේසේ එහාට වෙන්න තිබ්බ වතුර වීදුරුව අරගෙන යෂ් ඒක මගේ අතට දුන්නා. අනේ ඇත්තට....මමත් කැහැ කැහැ හිටිය මිසක් අත ලග තිබ්බ වතුර එක බොන්නත් එයා එනකම්ම හිටියනේ.... " සිහි කල්පනාවෙන්....ඉන්න නෙතූ......." හිස මුදුනෙ ඉදන් ඒ අතක් මගේ පිට මැද්දට ගියේ ඒ වචන ටිකත් එක්කයි.මාව සීතල උනා. මෙයා මොනාද මේ කරන්නේ....මට වටපිට බැලවුනේ ඉබේටමයි.හොද වෙලාවට කවුරුත් මේ දේ දැක්කෙ නෑ...... " සර්....මේ මොනාද කරන්නේ......." මගේ පිට මැද්දෙ තිබ්බ ඒ අත මම ගසලා දැන්මා. " සොරී..... මම ඒක හිතලා කලේ නෑ......" ඒ ඇස් කැලඹිලා....ඇත්තටම මට ඕනි උනේ.....මන්දාරි ..ඔයා එහෙම අමාරුවෙන් ඉන්න එක මට බලන් ඉන්න බැරිනිසයි එහෙම කලේ ..... කියනව වචන ටික ඒ කටින් පිටවෙනවා අහන්නයි.ඒත් ඒක නෙමෙයි එයා කිව්වේ....ඉතිං ... මම නම් කොහොමත් දුවන්නේ මිරිගුවක් පස්සේ....ඒත් එහෙමයි කියලා ආදරයක් නැති පිරිමියෙක්ට මගේ ඇගට අත තියන්න මම ඉඩදෙන්නෙ නෑ....ගෑනුන්ට වරදින තැනක් ඒක.....තමන් හිතිං ආදරේ කරපු පලියට ඒ පිරිමියා කියන කරන හැම දේම ආදරය කියලා වරදවා වටහා ගැනීම ....ඊට පස්සෙ ජීවිතේ වැරදුනාම .. ඉතුරු වෙලා තියෙන එකම විසදුම මරණය කියලා හිතාගෙන සියදිවි නසාගැනීම....... නෑ... මම එහෙම දුර්වල කෙනෙක් නෙමේ......ඒ වගේම යෂ්ට ආදරය කල පමණින්ම එයාව මම විස්වාස කරන්නෙත් නෑ. " මට කලින්....සර් සිහියෙන් ඉන්න බලන්න......." ඒ ඇස් ඉස්සරහ හිත දුර්වල වෙයි කියන බයටම මම එහෙම කියලා මගේ කාමරයෙන් එලියට ආවා. ************ ඉතිං දවසේම ඒ ඇස් ඉස්සරහට නොයා ඉන්නට මම පරිස්සං උනෙමි.අඩුම තරමේ ඒ රූපෙ දිහාවත් නොබලා ඉන්නට මම පරිස්සං උනෙමි. ඔලුව මේසෙට ඔබාගෙනම වැඩ කලේ ඒ ඇස්වල මගේ ඇස් පැටලේ යයි හිතට නැගුනු බය නිසාමය.මහ සද්දෙට නාදවෙන කාර්යාල දුරකතනය මගේ සිතුවිලි දැහැන බිද දැමීය. " හෙලෝ........" මම ඇමතුමට සම්බන්ද උනේ ඕනාවට එපාවට. " මන්දාරී......අලුත් ඇග්රිමන්ට් එකේ ඩොකියුමන්ට් හරිද........" දුරකතනය දිගේ ඇදී ආවේ යෂ්ගෙ කටහඩ.ඉතිං තවත් සංවර නැති ඇස් ඒ රුව දෙසට යොමු උනා.ඒ ඇස් මගේ ඇස්වල.පැටලෙන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ. ඩොකුමන්ට් ටික විතරද ඕනි සර්......" මම් වෙනදා නැති සංවරකමක් මවාගත්තේ ඒ රුව මත්තෙ කැල්ඹෙන හිත හංගගන්න . " නැතුව....තමන්ගෙ අත පයත් මට ඕනි කියලා හිතුවද....." ඔහු කෝපයෙනි.ඒ ඇයි දැයි මට නොතේරේ. " හරි සර්......." මම එපමණක් කියා ඇමතුම විසන්දි කලෙමි.ඒ ක්ෂණිකයෙන්ම මම කුමුදුමාලාට ඇමතුමක් ගෙන ඇයව මගේ කාර්යාලයට ගෙන්වා ගතිමි. " කුමුදු.....මේ ඩොකියුමන්ට් ටික සර්ට ගිහින් දෙන්න......." මගේ ලග හිටගෙන ඉන්න ඇය අත මම අවශ්‍ය ලියකියවිලි තැබුවෙමි. " හරි මිස්........" ඇය ලියවිලි ටික අරගෙන යන්නට ගියාය.මම නිහඩවම ඒ දෙස බලා සිටියෙමි. යෂ් එකදු බැල්මක් නොහෙලා ලියවිලි අතට ගෙන පෙරලයි...යම් යම් ප්‍රශ්න කුමුදුගෙන් අසයි.ඇය ඇඹරි ඇඹරි පිළිතුරු දෙන ආකාරයට මට තේරෙන්නේ ඇයට අසන ප්‍රශ්න වලට හරි උත්තර දීගත නොහැකි බවයි. යෂ් ෆයිල් කවරය වසා දැන්මේ කෝපයෙනි.ඒත් එක්කම දුරකතනය අතට ගත්තේය.ඉතිං ආයෙ හිතන්න දෙයක් නෑ.ඔය ඇමතුම මටය.මම නාදවෙන්නට ගත් දුරකතනය කනට තබාගතිමි. " මන්දාරී......වගකීමක් ගන්න හැටි තේරෙන්නෙ නැද්ද......ආ.....මේ ඇග්රිමන්ට් එක ගැන කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ව මගේ ලගට එව්වම හරියනවද......." ඔහු කුමුදු ඉදිරියේම මට බැන වදියි.මම ඇමතුම විසන්දි කර ඒ කාමරයට පා තැබූයෙමි. මා නිසාවෙන් බැනුම් අසා ගැහි ගැහී හිදිනා කුමුදු ගැන මට දුක හිතුනි. " කුමුදු....ඔයා යන්න....මම බලාගන්නම්....." මම යෂ්ගේ මුහුණවත් නොබලා කුමුදුට අවසරය දී ඇයව පිටත්කලාය. හිතට දැනෙන්නේ මාහා නොසංසුන්තාවයකි. ඔහු මෙතරම් තරහෙන් හිදින්නේ ඇයිදැයි මම හිදාකාරවම දනිමි. පැයක් තිස්සේම යෂ් කලේ අලුත් ඇග්රිමන්ට් එක ගැන එකම ප්රශ්නය වෙනස් කර කර මගෙන් ඇසීමය...එහෙත් මම වෙනදා මෙන් තරහ ගැනීමවත් ඔහුව විහිලුවට ගැනීමටවත් නොගියෙමි.සමහර විට මා ඉක්මන් වූවා වැඩි වෙන්නට ඇත.මා ඔහුට පෙරදී එවන් ප්‍රකාශයක් නොකරන්නට තිබුනි.ඔහු මෙතරම් තරහෙන් පිපිරි පිපිරි පලිදරන්නේ එයටය. " සර්......සොරි....." මම ඉතිං සමාව ගතිමි.යෂ් ඇස් උස්සා මදෙස බැලීය. " මොකටද......." ඒ වදන් නපුරු වී ඇත. " ඉස්සෙල්ලා....මම සර්ට කතා කරපු විදිය වැරදියි........" මම බිම බලාගතිමි. " මන්දාරී....... මම අද කිව්වා කියලා මතක තියාගන්න.....මම ගෑනියෙක්ගෙ ඇග අතගාලා සතුටක් ලබන්න තරම් පහත් ආශාවන් තියෙන මනුස්සයෙක් නෙමෙයි...." ඒ මුවෙන් පිටවෙන වචන මගේ හිත පතුලේම තැන්පත් විනි. " මම මතක තියාගන්නම් සර්......." " හ්ම්....දැන් පහයි වෙලාව.....ඕෆ් වෙලා ගෙදර යන්න.....රෑ වෙනකන් ඉන්න එපා....." යෂ් ...ඇත්තටම කුකුල් කේන්තිකාරයෙක් බව මට වැටහුනි.ඔහුගේ තරහව මගේ එක සමාව ගැනීමකින් නැති උනාද.....මම යාන්තමට හිනා වී නැගිට මගේ කාමරයට ආවෙමී. වෙනදා වගේ ගෙදර යාමට අකමැත්තක් නැති නිසාම මම අත් බෑගයත් ගෙන එලියට බැස්සෙමි . " අද නම් වහිනවා....මෙන්න මෙයා වේලාසනින් ගෙදර යනවා....." නදී සිනාමූසුව විහිලුවකුත් කරගෙනම මගේ ලගට විය. " මේ දවස්වල පායනවා වැඩියි....ඉතිං මම මෙහෙම දෙයක්වත් කරලා වස්සවන්න බැලුවෙ......" බුම්මාගෙන ඉදීම මගේ ස්වරූපය නොවුනු නිසාම මම ඇගේ විහිලුවට පිළිතුරු විහිකුවක් කලෙමි. ඇය තව මොනවදෝ කිය කිය ආවත් මගේ හිතේ ඒවා නොරැදුනේ මම යෂ් ගැන සිහියෙන් හිටි නිසාය.ඇත්තටම මගේ පුංචි වචනෙකට එයා එච්චර කේන්ති ගත්තෙ ඇයි. " අම්මේ.....කෙල්ල වේලාසන ඔෆිස් එකෙන් එලියට බැස්සෙ මොකද කියලා මට දැන්නේ තේරෙන්නේ...." නදීගේ උද්යෝගිමත් හඩ මගේ සිතිවිලි නැවතත් ගස්සා දැමීය.මම ඇය දෙස බැලුවේ පුදුම කරගත් දෙනිතිනි. ඇය ඇස් වලින් යමක් ඉගි කරයි....මම ඒ ඕසේ ඇස් දියෙව්වෙමි. දෙවියනේ .....තනුජ්......එයා ඇයි මෙතන....ඒ හිනාවෙන ඇස්වල ඇත්තේ දගකාරකමක් කල පොඩි එකෙකුගේ බැල්මකි. " තනුජ් අයියා එනවා කියලා මෙයා මට නිකමටවත් කිව්වෙ නෑනේ......" මට කලියෙන් නදී තනුජ් ඉදිරියේ වචන මුදා හැරීය. " කියන්න....ඉතිං එයත් දැනගන්න එපැයි...එයාට මම එනවා කියලා කිව්වනම් මෙලහකට දවල්ම ඕෆ් වෙලා ගිහින්......මෙයා හිතන් ඉන්නෙ මම් එයාව ගිලින්න ඉන්න යකෙක් කියලා......" තනුජ් ඔය කියන්නේ ලොකූ නෝක්කාඩුවකි.ඔහු මා හමුවීමට අවශ්‍ය යයි කියූ හැමවිටම මම ඔහුව මගහැරීය. " ආ....ඔයා එහෙම කියන්න එපා මගේ යාලුවට.....එයා වගේ කෙල්ලෙක්ව ලේසියෙන් හම්බවෙන්නෙ නෑ....මොනා නැතත් මට එක දෙයක් කියන්න පුලුවන්....ඔයාට මේ ලැබෙන්න යන්නෙ මැස්සෙක්වත් වහපු නැති කෙල්ලෙක්ව.එක ගැන නම් මට ඕනි ඔට්ටුවක් අල්ලන්න පුලුවන්....." නදී මා වෙනුවට උත්තර බදී.ඇය කියන්නේ ඇත්තය...තනුජ්ගේ මුහුනේ ඇදී ඇත්තේ ආඩම්බරය මුසු හිනාවකි.එහෙත් මගේ සිහියට නැගුනු රුව යශ්ගේය.හිසේ පටන් පිට මැද්දට දැනුනු ඒ අතේ පහස මට දැනුදු නැගුනි. " නදී..වෙලාව තියේනම්...අපි එක්ක ගිහින් මොනව හරි බොමුද....."එක පෙලට වැටී ගමන්ගන්නා අතරේ තනුජ් ඉල්ලීම කලේ නදීගෙනි. " මම මොකටද .... ඔය දෙන්නා යන්න....." " අපෝ....බෑ....ඔයාගෙ යාලුවා තනියෙන්නම්...මා එක්ක එන්නෙ නෑ.....එයා හිතන් ඉන්නේ...මම එයාව එක්ක්ගෙන් ගිහින් බොන එකට මොනාහරි දාලා එයාට කරදරයක් කරයි කියලා......" තනුජ් මගේ හිතේ වූ ඇත්තම සිතිවිල්ල අමු අමුවේම එළියට දැමීය.ඔහු ඇත්තටම මා තේරුම්ගෙන ඇත.මුවගට හිනාවක් නැගිනි.යෂ්ගේ කාරය අප පසුකට ගියේ ඒ මොහොතේමය. " ඇත්තටම අයියේ....ඔයා මෙයාව හරියටම තේරුම් අරගෙනනෙ.....නියමයි හොදේ....." ඇත්තටම මෙතන දගකාරිය මාය...නදීගේ ස්වරූපය නිහඩ තැන්පත්කමයි....ඒත් දැන් තත්වය වෙනස් වී ඇත.මම ගොලු වී හිදිද්දී නදී කියවයි. " එයාව තේරුම් ගන්න එක මට නම් ජපන් තේරුම්ගන්නවා වගේ....ලේසි නෑ....." තනූජ් මා දෙස බලා කියන්නේ හිනාවීගෙනමය. යෂ්ගේ වාහනය නැවතත් කාර්යාලය දෙසට ගියේ වේගයෙනි....ඒ ඇය්.... මා නිහඩවම සිටියදී තනුජ් හා නදී හරි හරියට කියවයි.ඒත් මගේ හිතට ඒවා වැටෙන්නේ නැත....මා ඉන්නේ වෙනමම සිහියකිනි......ඇයි යෂ් ආපහු ඔෆිස් ගියේ. මගේ දුරකතනය නාදවෙන්නට ගත්තේය...තිරයේ වැටෙන්නේ යෂ්ගේ නමයි.මා මෙන්ම නදීත් ඒය දැක්කාය.ඇගේමුහුණ ඇදවිනි. " හෙලෝ සර්......." නදීගේ රැවිල්ල ගනන් නොගෙනම මම ඇමතුමට සම්බන්ද වූයෙමි. " මන්දාරී .....ඇග්රිමන්ට් එක ටිකක් වෙනස් කරන්න වෙළා....පොඩ්ඩක් ආයේ ඔෆිස් එකට එන්න පුලුවන්ද......මට මේවා තේරෙන්නෙ නෑ......." යෂ්ගේ හඩෙහි ඇත්තේ වෙහෙසකර ගතියකි.ඉතිං ලගභිදින තනුජ්ට වඩා මගේ හිත ඒ වචනවලට අවනතය. " හරි සර්.... මම එන්නම්......" මම එසේ කියා ඇමතුම විසන්දි කලෙමි. " ඇයි......" නදී හිනා මූණෙන් ඇසුවත් ඒ ඇස්වල නලියන්නේ කෝපයයි. " නදී හෙට උදේ සයින් කරන්න තියෙන ඇග්රිමන්ට් එකේ අවුලක්ලු.ඒක හදන්න යන්න වෙනවා....ඔයා දන්නවනේ ඒක කොච්චර වැදගත්ද කියලා....." මම ඇගෙන් සමාව ඉල්ලන හඩින් උත්තර බැන්දෙමි. " ඉතිං ...." " මම ආයෙත් ඔෆිස් එකට යනවා නදී......අයියේ සොරී......මම ඔයා එක්ක එන්න බය නෑ....ආයෙ දවසක මම ඔයාව තනියෙන හම්බවෙන්නම්...." මම එසේ කියා ඔවුන්ගේ උත්තර නොලබාම ආපසු හැරිනි.ඉතිං මා තනුජ්ට එසේ කල එක වැරදි බව මගෙව් මොලය සිය දහස්වරක් මට මතක් කලේය.එහෙත් කවදාවත් නැතුව මම මගේ හදවතට යටත්ව උන්නෙමි. ************ කාර්යාලයට ආ මොහොතේම යෂ් මට කීවේ ගෙදරට කතා කොට පරක්කු වෙන බව කියන ලෙසය.ඉතිං කරන්නත ඇත්තේ පුංචි දෙයක් නොවේයයි හිතා මම පරක්කු වෙන් බව ගෙදරට කතා කොට කීවෙමි.එහෙත් හිතට බයක් ඇත.මේ රෑ මේ කාර්යලයේ ඔහුත් මාත් පමණි. යෂ් .... ඔහු මාගේ හිත තේරුම් ගත්තා වැනිය.ආයතනයේ ආරක්ශක අංශයට කතා කොට ඔහු පැය තුනකට ආරක්ෂක නිළදාරිනියක ගෙන්වා අප දෙදෙනා පේන දුරින් හිදින ලෙස අණ කලේය.ඇත්තෙන්ම මට ඔහු ගැන දැනුනේ කියාගත නොහැකි ගෞරවයකි. එහෙත් ඔහු පැයක්ම සාකච්ච කොට ගිවිසුමෙන් වෙනස් කලේ වචන දෙක්ක් පමණි.එය වෙනස් කරන්නට මාවත් ඕනිම උනාදැයි කියා අසන්නට හිතුනත් උදේ ඉදන් වෙච්ච සිද්දි මතක් වෙලා මතක් වෙලා මම කට වහගත්තා. වෙනස්කරපු ගිවිසුම ඔහු ආයෙත් කියවනවා.....මගේ ඇස් සැරෙන් සැරේ බොදවෙන්නෙ නිදිමතට....අන්තිමට ඉවසන්න බැරිම පාර මම මේසෙට ඔලුව ගහගත්තා. මම හීනයක් දකිනවා.....ඒ හීනෙ පුරාවටම ඉන්නෙ යෂ්.....ඒ තද කලුපාට ඇස්....හිනාවෙනකොට වල ගැහෙන කම්මුල්......යෂ් ......මගේ හීනවලට එන්න තරම්ම මගේ හිතේ පැලපදියම් වෙලාද. " මම ආදරෙයි මන්දාරී........" හීනෙන්ම යෂ් මගේ ලගට ඇවිත්....ඒ වචන ඇහුනෙ මගේ කන් පෙත්තක් ලගින්.මුලු හිතම හිරිවැටුනා.ඊලගට නළලට දැනෙන ඒ උණුසුම් දෙතොල් පහස්.......දෙවියනේ .... මේ හීනයක්ද ඇත්තක්ද.........මට ඇස් අරන්න බයයි..... ඒක ඇත්තක් උනොත් මම කොහොමද හැසිරෙන්න ඕනී.නෑ මම ඇස් අරින්නෙ නෑ.......... " මිස්..... නැගිටින්න............සර් කිව්වා මිස්ව නැගිට්ටවලා ගෙදරට ඇරලවන්න කියලා........."ඒ පාරනම් ආරක්ෂක නිළදාරිනියගෙ කටහඩ ඇත්තටම ඇහුනා.මම ඇස් ඇරියෙ ගැස්සිලා... යෂ් කියන්නෙ ඇත්තටම හිද මනුස්සයෙක්.එයා දන්නවා ගැහැනියෙක්ගෙ ගෞරවය ආරක්ශා කරන විදිය....එයා එයාගෙම් වාහනේ ඩ්‍රයිවර් එක්කම මග ගෙදර යන්න දුන්නා.ඒ විතරක් නෙමෙයි.ආරක්ෂක නිළදාරිණියටත් මා ඒක්ක යන්න කිව්වේ.මගේ ආරක්ෂාවට.... (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 02 May 2018 04:59 PM වසන්තය නුඹම විය .............15 වෙනදාට කලියෙන් ආහැරුනත් මගේ ඇඟේ වූයේ විඩාවකි.කලින් දිනයේ වූ සිදුවීම නිසාවෙන් රාත්‍රීයට ආහාර ගත්තේත් නැත.කුසගින්න තදටම දැනෙ. අවදි වූ විගස මා මුලුතැන්ගෙට ගියෙමි. මගේ කරුමයටද වාසනාවටද මන්දා දුක කියන දේ හිතේ ගල් වෙනවා මිසක පැහැවන්නේ නැත . " අම්මේ.... මොනවද කන්න තියෙන්නේ....? " මා මුලුතැන්ගෙට ගියේ එසේ අසාගෙනමය. ඉතිං මට උවමනා දිගට දිගට රන්ඩු ඇදගෙන යාම නොවෙයි. ඒ දේ ඒ වෙලාවට පමණක් සීමා කරන්නටය... " මුලින්ම මේ කිරි එක බීල හිටපන්... උබ ඊයෙ රෑට කෑවෙත් නෑ... " අම්මා මට දික් කලේ කිරි වීදුරුවකි. ඇත්තෙන්ම අමුත්තක් දැනුනි.මම කිරි වීදුරුව අතට අරගෙන එතනම තිබූ පුටුවක වාඩි උනෙමි. "ලොක්කියේ... උබ අපිට වෛර කරනවද මයෙ අම්මා ...." අම්මා ගේ දෑසෙහි කඳුලුය.ඊට වඩා මගේ හිත බර විය. මේ අම්මා මට ඔය විදියට ආදරයෙන් කතා කරනවාමය. " මම නෙමෙයි අම්මේ .... ඔයාලයි මට වෛර කරන්නේ...." මගේ මුවින් පිටවූයේ විඩාබර හඬකි. " උබ ඇයි එහෙම හිත්න්නේ දුවේ...? අපි උබට කොයි තරම් ආදරේද... උබයි අපෙන් ඈත් උනේ...පුංචි කාලෙ ඉදන් උබ අපෙන් ඈත් උනා.උබ නපුරු උනා. මල්ලී එක්ක රන්ඩුවටමයි.... අපි කොච්චර ලං වෙන්න හැදුවත් උබනෙ රත්තරනේ අපෙන් ඈත් උනේ.." හදවත ඉකි ගසයි.මම ... මම එහෙම කලා....ඒත් ඒ මට වඩා මල්ලී ට ආදරෙයි කියලා හිතුන නිසා.... "මම එහෙම කලේ ඔයාලා මටවඩා මල්ලී ට ආදරේ කරපු නිසා.ඔයාලා පුංචි කාලේ ඉඳලා මල්ලී ව මගෙන් ඈත් කලා.... අඩුම තරමෙ මල්ලිව මට අල්ලන්නවත් දුන්නේ නෑ.... එදා ඉදලයි මට ඔයාලගෙන් ඈත් වෙන්න ඕනි උනේ...." මේ ප්‍රශ්න දැන්වත් විසදාගත යුතුය.හැමදාම මම දුක් විදිමි.ඒකේ පලක් නැත. පොඩි කාලේ ඉදලා හිතේ නැගුන ඒ නෝක්කාඩු ව නේද මේ තරම් කලකිරීමක් බවට පත් උනේ.. " අපිට වෛර කරන්න එපා මගේ දුවේ...ආයේ කවදාවත් තාත්තා ඉස්සරහ අර වගේ කතාවක් කියන්නත් එපා... උබ පවු පුරවගන්න එපා... දවසක උබ තේරුම් ගනීවි... ඒ හැමදේම එහෙම වුනේ ඇයි කියලා..." අම්මා මගේ ඔලුව අතගෑවේ සුසුම් හෙලමිනි. මගේ හිත අහේතුකව ගැස්සිනි. කවදා හෝ කොතනකදී හෝ මට මොනවාහරි දෙයක් වැරදුනාද? "අම්මේ .... "මල්ලි ඇවිදින්ය... ඔහු පිටුපසින් ඇවිද ආ ඒ රුව දෙස හොඳින් බැලුවෙමි. ඉතිං මේ ඇයයි. ඇය ලස්සන ය. අවුරුදු 18 ක් පමන වන්නට ඇත. ඉතිං මේ අඩු වයසේ විවාහයකට ඇතුල් වී ඇය ඇගේම ජීවිතය කූඩු කරගෙනය.ඇය ගැන හිතට ඇති වන්නේ දුකකි. "අම්මේ.... මම වැඩට යන්න ලෑස්ති වෙන්නම්..." මම මල්ලී ව මගහැර මුලුතැන්ගෙයින් පිටවන්නට සූදානම් වුනෙමි. "අක්කේ ... මට සමාව දෙනවා... මට ඊයේ ටිකක් තරහා ගියා..." මල්ලී ... අවුරුදු ගනනාවකට පසු මා එක්ක හොඳින් කතා කලාමද මන්දා...ඇත්තටම හොඳින් හිටියනම් ඔහුත් මාත් අතරේ මොන තරම් සොඳුරු බැඳීමක් තියෙන්නට තිබුනද....? "මගේ හිතේ ඔය දේවල් මම තියාගෙන නෑ ...මම සල්ලි ටිකක් දෙන්නම්... මේ ලමයා එක්කගෙන ගිහින් කසාද බඳිනවා ...පුලුවන්නම් දැන්වත් හැදෙනව...." ගැහැනු ලමයා ටත් හිනාවකින් සංග්‍රහ කර එතනින් ආවෙමි... * * * * * * * * * * දිනපතාම එකම බසයක රැකියාවට යාමට මම පුරුදු වී සිටිය්යේ කාලයක සිටය.ඒ අන් කිසිවක් නිසා නොවෙයි.උදේ කාලයේ පෞද්ගලික බසයක යාම යනු සසර කලකිරෙන්නකි.එක පොදියට වැටී පනුවන් රොතතක් මෙන් දගල දගල තෙරපි තෙරපි ගොස් බහිද්දී ඇඳුම් අයන් කලේ අපරාදේ යැයි සිතේ. ඉතිං මා එකම බස් රතයේ යන්නේ එබැවිනි .මෙහිදී කෙලෙසින් හෝ වාඩි වීමට ශීට් එකක් ලබාගැනීම අපහසු නැත. "ගුඩ් මෝනින්..." මට කවුරුත් එක සමානය.මනුස්සකම ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ රැකියාව මට අදාල නැත .ඉතිං මම බස් එකට නැග්ගේ රියදුරාට සුභපතාගෙනය.එහෙත් ඔහු අහක බලා ගන්නේ මා සතපහකට ගනන් නොගන්නා තාලෙටය. "ඒකගෙ තියෙන ගෑස්... හිතාගෙන ඉන්නවා ඇත්තේ එයා මේ ඩ්‍රයිව් කරන්නේ ප්ලේන් එකක් කියලා වෙන්න ඇති...." හිත ඇතුලෙන්ම කීවේ ඔය ටික ඒ මූන ඉස්සරහ ට ගිහින් කියන්න ට කියාය. ඒත් ඉතිං මගේ එක්ක එන තරහට මේකා බස් එක ගහකවත් ගැහුවොත්... ඒ නිසා මම ඉවසුවෙමි. මද දුරක් යනවිට සුපුරුදු පරිදි මට අසුනක් ලැබුනි. ඉතිං වාඩි වී ඔහේ ටික වෙලාවක් බලා ගෙන හිටියත් එය මට කම්මැලි දෙයකි.මෙතෙක් වේලා විසන්ධි කර තිබූ ජංගම දුරකතනය මම නැවතත් පන ගැන්වූයෙමි.එක දිගට ආ කෙටි පනිවිඩ දෙස බලාගෙන හිටියේ පුදුමයෙනි.ඒ සියල්ලම යශ් මා.. අමතා ඇති බවට වූ කෙටි පනිවිඩය.ඇයි එයා මට ගන්නේ... රෑ අටේ ඉඳන් මහ පාන්දරත් ඔහු මට අමතා ඇත .අවසාන ඇමතුම දැනට විනාඩි පහකට පෙරය. හිත කැලබී ගියේය.මේ සිදුවන දේවල් හොඳද නරකද කියාවත් මම නොදනිමි... මට මොකද්ද වෙන්නේ මේ..... මා දැන් බසයෙන් බහින්නට ඕනය.බ්රේක් පාරවල් වලට විසි වෙවී මම බොහොම අමාරුවෙන් ඉදිරිපස දොරටුව වෙත ගියෙමි.ඉදිරිපස දොරටුවේ එල්ලී හිඳිනා කොන්දොස්තර මා දැක ඩ්‍රයිවර්ට කුමක්දෝ කියා අහක බලාගෙන හිනා වෙයි. මොවුන් මේ හිනා වෙන්නේ මට ද. ? කමක් නෑ බලමුකෝ..... ම බසිනා නැවතුම්පොල පසුවිනි.දින ගනනාවක්ම ඔවුන් මේ දේ කලේය.මම ඩ්‍රයිවර් දෙස බලා රැවූයෙමි.එහෙත් ඔහු එය නොදැක්කා සේ අහක බලා ගත්තෙය. බස් හෝල්ට් එක පසුකර මීටර් ගනනාවක් ගොස් බසය නැවැත්වූයේ වාහන නැවැත්වීමට තහනම් තැනකය. "මේ හැදිච්ච කුලප්පුව මොකද්ද ....මාව හෝල්ට් එකෙන් බස්සන්න බැරිද..." මගේ කටතවත් නම් මට සංවර කරගත නොහැකිය . " පේන්නේ නැද්ද මිස් බස් දෙකක් රේස් යනවා..." ඩ්‍රයිවර් ගනනකට නැතුව කියන්නේ මගේ තරහ අවුස්සමිනි.ඉතිං බසයේ තවත් සෙනග ඉන්නා බව මට අමතක විය. " ආ.... ඇත්තද.... මාව දැක්කම වෙන්න ඇති රේස් යන්න මතක් උනේ...හෙට එනකොට මම වතුර බාස්කට් එකක් ගේන්නම්.රේස් යනකොට වතුර ගහන්නත් ඕනිනේ..." මම තරහින්ම කෑ ගැසුවෙමි.ඒ කට කොනකට නැග ඇත්තේ හිනාවකි. " මිස් බහින්න ... බහින්න... ඉක්මනට බැහැගන්න.මෙතන නවත්වන්න බෑ.. ඉක්මනට ඉක්මනට....."කොන්දොස්තරවරයා පා පුවරුවේ හිටගෙනම බෙරිහන් දෙයි.දැන් නම මම ඉන්නේ තරහවේ උපරිම සීමාවේය.ඉතිං මේ ඔවුන් දෙදෙනා මා විහිලුවට ගෙනය.මට එන තරහවෙ හැටියට මොවුන් දෙදෙනාගේම බෙලි මිරිකා දැමීමට හිතේ.මම වෙනදාටත් වඩා හිමින් බසයෙන් බැස්සෙමි. " ඉක්මනට බහින්න මිස්....අපිට මෙතන නවත්තගෙන ඉන්න බෑ....පොලීසියෙන් ලියනවා....." රියදුරා ආයෙත් කෑ ගසයි...මේකා කෑ ගහන්නේ මම බස් එකේ නිකන් යනවා වගේනේ. " මේ හලෝ.....මම බහිනවා තමයි......" පා පුවරුවේ අන්තිම පඩියෙදි මගේ කටේ ඉවසීමේ සීමාව ඉක්මවීය. රියදුරුත් කොන්දොස්තරත් මූණට මූණ බලගත්තේ කට කොනකින් සිනාසෙමිනි.ඉතිං මට තවත් තරහය. " තමුසේලා හිතාගෙන ඉන්නේ මම ඕකට නැග්ගේ ඕකේ නවතින්න හිතාගෙන කියලද.......ඇයි ඕක එන්ගලන්තෙ මාලිගාවද...." මම බසයෙන් බැස බැනගෙන බැනගෙන ගියෙමි....බසය මා පසුකර බොහෝ දුරක් ගොස් අවසන් ය. " හරියට මම නිකන් යනවා වගේනේ කතාව...... බස් එකට නග්ග ගත්තනම් පරිස්සමින් බස්සන්න දන්නෙ නැද්ද... මූණෙ ලේ පොදක් නෑ....හෝ හපුටො දෙන්නෙක් වගේ කෑ ගහන්නේ ..ඒ උනාට හිතාගෙන ඉන්නේ විලියම් කුමාරයයි හැරී කුමාරයයි කියලද දන්නෙ නෑ....... අනේ දෙවියනේ....බස් එක ට්රැප්ක් එකක තියෙද්දි ඔය ඩ්‍රයිවර්ට බඩේ අමාරුවක් හදවන්න........" බස් එක මගේ ඇස්වලට තිතක් වී ඇතත්.මගේ කට නවතින්නේ නැත.ඊයේ රෑ තිබ්බ දුකයි කලකිරීමයි වෙනුවට මගේ හිත සම්පූර්ණයෙන්ම තරහෙන් පිරී ඇත. " අනේ මට ගඩොල් බාගයක් නෑනේ...ඔය බස් එක...කුඩු....." මගේ නවතින්නේ නැති කට හොල්ලගන්නවත් බැරි තරමට දඩු අතකින් වැහුනි....ඒ පාර මොකාද.... මම ඇස් ඔසවා පිටුපස බැලුවේ බයෙනි. දෙවියනේ .....යෂ්....එයා කොහොමද මෙතන...... " නවත්තගන්නවා කට.......පොල් ආච්චී වගේ කියවන්නේ........" යෂ් වටපිට බල බල නපුරු මූණකින් කියවනවා. "ස්.....ම්ම්......කො.....ස්ස්....ම්ම්මා...." මට අහන්න ඕනී උනේ සර් කොයි වෙලාවෙද ආවේ කියලා...ඒත් ඉතින් තදකරගෙන ඉන්න කටින් වචන පිටවුනේ ඒ විදියට. " මොකක්......." යෂ් මගේ මූණට එබුනෙ එහෙම අහගෙන....අනේ මේ වගේ සමයමක්....මම ඒ අත බොහොම අමාරුවෙන් අටින් අයින් කලා. " මගේ කට තදකරගෙන හිටියම මම කතා කරන්නෙ කොහොමද........සර්ටයි අර ඩ්‍රයිවර් ටයි දෙන්නටම තියෙන්නේ හූණූ බිත්තර වගේ මොල දෙකක්......." අනේ මන්දා මගේ කටට මේ වචන එන්නෙ කොහෙන්ද.....අහල පහල ඉන්න මිනිස්සුයි ත්‍රීවිල් එලවන අයයි මගේ දිහා බලන්නෙ නිකන් සතෙක් දිහා බලන ගානට. " ඒ පාර......ආයෙත් පටන් ගත්තා....මෙන්න මෙහේ එනවා යන්න...මිනිස්සු හිනස්සන්නේ නැතුව......" යෂ් බයවෙලා වගේ වටපිට බල බල මගේ අතින් අල්ලගත්තා. " පොඩ්ඩක් ඉන්න මම තාම අර මිනිහට බැනලා ඉවර නෑ......." දැන් පලාතකවත් නැති බස් එකේ ඩ්‍රයිවර්ව මට ආයෙත් මතක් උනා. යෂ්ට කේන්ති ගියාද මන්දා...... " මල්ලී..... මෙහෙට එන්න....." යෂ් කතා කලේ ත්‍රීවිල් පාක් එකේ හිටපු ඩ්‍රයිවර් කෙනෙක්ට....ඒ මනුස්සයත් මෙච්චරවෙලා මේ නොමිලේ පෙන්නපු චිත්‍රපට දර්ශනයට බලාගෙන රගපාන්න හමබ්වෙච්ච ආදුනික නලුවෙක් වගේ කතා කරපු තප්පරෙන් අපේ ලග. " මම ඔයා ඉල්ලන ගානක් දෙන්නම්.....මේ මිස් බැස්ස බස් එක හොයාගෙන ඔයා මෙයාවත් අරගෙන යන්න.......ගිහින් ඒ ඩ්‍රයිවර්ට හිතේ හැටියට මෙයාට බනින්න කියලා.....බැනලා ඉවර උනාම ආයෙත් අරගෙන එන්න......." යෂ් එහෙම කියනකොට අර පිරිමි ළමයත් හිනා වෙනවා. " සර්......සර්ට පිස්සුද ........." මම ඇස්දෙකත් ලොකු කරගෙන ඒ මූණ දිහා බැලුවා. " ඇයි........" " ත්‍රීවිල් එකක ගිහින් බනින්නෙ මොකටද........" " නැතුව ඉතිං ...මෙතන ඉදන් බැන්නම ඒ මනුස්සයට ඇහෙනවද........." " සර්ට....නම්...පිස්සු......." වැරැද්ද මගේ උනත් මම එහෙම කියලා පැත්තකින් නවත්තලා තිබ්බ සර්ගෙ වාහනේට ඇවිත් නැග්ගා.....සර් අර මනුස්සයට මොකක් හරි කියලා හිනාවෙලා පිටට තට්ටුවකුත් දැන්මා....මොකක්ද දන්නෙ නෑ ඒ කිව්වේ..... " කවුද ඔයාට කිව්වෙ මගේ කාර් එකෙන් වාඩි වෙන්න කියලා......." යෂ් වාහනයට නැග්ගෙ එහෙම කියාගෙන. " එපාද නගින්න.......මම බහින්නද........" තරහටත් වඩා ඔහු ලග දගකම් කරන මගේ හිත මටම පාලනය කරගන්නට බැරිය.යෂ් වමතින් මගේ අතක් අල්ලාගෙන වාහනය පණ ගැන්වීය.. " හරි දැන් බහිනවා........" වාහනය ගමන් කරන අතරේම මගේ අත ඔහු අතැරියේ එහෙම කියාගෙනමය. ඉතිං මම සංවර විමි. " සර්.....කවදාවත් නැතුව සර් මොකද අදම එතන හිටියේ........." ඇත්තටම මට එය ප්‍රෙහෙලිකාවකි. " මම ගිය ආත්මෙ මනුස්සයෙක්ක්ව පාර මැද්දේ ලැජ්ජ කරලා ලොකු පවක් කලා....ඒ කරුමේ පඩිසන් දෙන්න්න ඕනීනේ.....ඒකයි අදම මම එතන හිටියේ....." යෂ් මගේ මූණවත් නොබලා කියවයි. " ඉතිං මොකද හිටියේ......මාව දැක්ක ගමන් යන්න එපැයි ........" මම නෝක්කාඩුවට කතා කලෙමි....ඒත් එයට පිළිතුරක් නැත. " නෙතූ.......ඇයි ඊයේ මට කතා කරලා කට් කලේ........." ඉතිං මම ගැස්සුනෙමි.ඔය පැනය කොයිම මොහොතක හෝ ඔය කටින් පිටවෙන බව මම දැන උන්නෙමි...ඊටත් වඩා ඒ මුවෙන් මගේ නම නෙතු ලෙස පිටවන පිටවන වාරයක් පාසා මගේ හිතට අමුතුම බරක් දැනේ. " ඒ වැරදීමක්......" මම මගේ විහිලුකාර ස්වරූපය අතෑර අහක බලාගෙනම කීමී. " ඉතිං....මම ආයෙ කතා කලාම...එක පාරක් ආන්සර් කරලා ඒක වැරදීමක් කියලා කියන්න බැරි උනාද.....ඊට පස්සෙ පෝන් එකත් ඕෆ්......ඇත්තටම මම බය උනා......මහ රෑ නින්දක් නෑ........" ඒ හැගීම්බර වචන මගේ හිත ඇතුලට කිදා බහී.ඒත් මට කරදරයක් නම් එයාට නින්ද නොයන හේතුව අහන්න මගේ හිතට බයය.......ඉතිං මේ ඇතිවෙන්නට යන හැගීම් වලට මම බයය... (මතු සම්බන්දයි ) Udeshika HerathVeteran MemberPosts:3955 02 May 2018 02:05 AM මම තවම මඟ. බලනව කතාව. Udeshika Herath indika76Most Senior MemberPosts:10449 01 May 2018 08:03 AM Posted By Madud on 30 Apr 2018 11:56 PM වසන්තය නුඹම විය.......10 " නෙතූ..........ඉන්ජෙක්ෂන් වලට ඔච්චරම බය නම් කියන්න එපැයි......." යෂ් වාහනය පදවන ගමන් අහනවා.මම හිටියෙ මූනත් පුම්බගෙන ඉස්සරහ බලාගෙන.ඇයි දෙවියෙනේ වෙච්ච ලැජ්ජාව සුලු පටුද. " නෙතු.....අහගෙනද ඉන්නේ......" මගෙන් උත්තරයක් නැති පාර ආයෙත් ප්‍රශ්නයක්. " මම ඉන්ජෙක්ෂන් වලට බය නෑ....." වෙච්ච ලැජ්ජාවෙන් පොඩ්ඩක් හරි ගැලවෙන්න එපැයි.ඒකයි මම එහෙම කිව්වේ. " එහෙනම්....කලන්තෙ දැන්මේ......." "මට බඩගිනි වෙලා හිටියෙ. ඒකයි ... බෙහෙත් ගදට කලන්තෙ දැම්මේ.. " මම ඉතින් එහෙම කිවුවේ ඒක බොරුවක් නෙමෙයි නිසා.ඇත්තටම මම ඒ වෙලේ හිටියෙ බඩගින්නෙ. "ඉතින් බඩගිනි නම් කියන්න එපැයි..." කිසිම කැතක් කුනක් නැතුව මෙයා මේක කියපු කැත විතරක්. "ඒක ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෙද? ... මනුස්සයෙක් නේද ඔයා... මනුස්සයෙක් උනාම දවසට අඩුම තරමෙ තුන් වේලක්වත් කන්න ඕනි කියලා දන්නෙ නැද්ද?..." ආයෙ හිත හිත ඉන්න ගියේ නෑ. මම ඒ ටික කියලම දැම්මා .ඇයි දෙයියනේ.... මම කිවුවේ බොරුවක් නෙමෙයි නේ.මට බඩගිනි කියලා මම කියන්න ඕනෙද .උදේ ඉදන් එයා එක්ක හිටපු කෙනා බඩගින්නෙ කියලා තේරෙන්නේ නැද්ද.. මේ මොන සමයමක්ද?.... මම කෑගැහුවා. මම කලන්තෙ දාපු ලැජ්ජාවත් එයාගෙ පිටම වැරැද්ද දාලා වහගන්නයි මට ඕනි උනේ. "හරි හරි.... කටවහගන්නවා.... මට ඒක අමතක උනා... "ඒ පාර එයාට තරහ ගිහින්ද?... ඒත් ඒක මහ පුදුම කතාවක්න. "අමතක උනා.... බඩක් නෙමෙයිද ඔයාට තියෙන්නේ.... ඔය බඩටවත් තේරුනේ නැද්ද කන්න ඕනෙ කියලා...." උදේ බල්ලා එලවපු එකටයි කලන්තෙ දාපු එකයි ඔක්කොම මගේ මොලේ ඇතුලේ එකතු වෙලා මට පිස්සු හැදිලද කොහෙද? .... යශ් මට උත්තර බඳින එක නැවැත්තුවා.මූන කලු කරගත්ත හැටි දැක්කමනම් මටත් බය හිතුනා.ඒ නිසා මමත් කට වහගත්තා. දැන් හතරත් පහු වෙලා.කලන්තෙ දාපු වෙලාවෙ මට සේලයින් දීපු නිසාද කොහෙද එච්චර ඇඟට අමරුවක් නම් නෑ.ඒත් එහෙමයි කියලා නොකා ඉන්නත් බෑනේ.. යශ් වාහනය නැවැත්තුවේ ඉන්දියන් අවන්හලක් ඉස්සරහා .ඔන්න එතකොටයි මගේ මූනට හිනාවක් ආවේ... "සර් අපි කන්නද ආවේ?... " මෙච්චරයි වෙලා මම එයාට බැන්නයි කියලා මටම අමතක උනා.... මම හිනා පිරිච්ච මූනෙන් එහෙම අහද්දී යක්ශ බැල්මකින් තමයි මට උත්තර ලැබුනේ..... "අනේ .... කියන්නකො සර් ... අපි මේ කන්නද ආවේ...." මට ඕනි උනේ එයාව තව ටිකක් තරහ ගස්සන්න.... අනේ මන්දා මං හිතන්නේ මට පිස්සු .... " කන්න.... නෙමේ....නාන්න ආවේ....එනවා....." මගේ කන්කරච්චලේ ඉවසගන්න බැරුවද කොහෙද යෂ් එහෙම කියලා වාහනෙන් බැස්සා. " නාන්න..... මෙහෙම.....මම ඇදුම් ගෙනාවෙත් නෑ......." අනේ මන්ද මට මේ මානසික ලෙඩක්ද කියලා.මගේ විහිලු වලට තරහ ගන්න කෙනෙක් හිටියොත් එයාව මට තව තවත් තරහ ගස්සන්නමයි හිතෙන්නෙ.අනික කොයි තරම් බැරෑරුම් අවස්ථාවක්දි උනත් මට හරි ඉක්මනට මගේ මූඩ් එක වෙනස් කරගන්න පුලුවන් විශ්මිත හැකියාවක් තියෙනවා. "නෑ.... නෑ .... කන්න ඕනි නෑ.තමුන්ට කන්න නෙමෙයි විහිළු කර කරනෙ ඉන්න ඕනි ."යශ් ඇවිත් ආපහු වාහනෙන් වාඩි උනා.එනපොට හොඳ නෑ කියලා මටම තේරුනා.ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නෑ ... තියරිය මට ඉක්මනට මතක් උනා. "සර්ට කන්න බැරිනම් මට සල්ලි දෙන්න මම කාලා එන්නම්...." ඒ නපුරු මූණ දිහා බලාගෙන මේ විදියට කියවන්න මගේ කටට බයක් කියලා නාමයක් ගෑවිලාවත් නෑ.ඒත් යශ් නෙමේ වචනයක් වත් කතා කලේ.අත් දෙකත් පපුව මැද්දෙන් බැඳගෙන සීරුවෙන් හිටගෙන අවන්හලේ නාම පුවරුව දිහා බලාගෙන පුපුර පුපුර ඉන්නවා ... " හරි හරි සර් ... විහිලුවක් කලේ...යමුකො කන්න..."අනවසර හැඟීමක් ද , අනවසර බැඳීමක් ද .... මම දන්නේ නෑ... ඒත් මටත් නොදැනී මගේ අත් ඒ අත් වල පැටලුනා.. යශ් මගේ දිහා බැලුවේ බය වෙලා.... මම කරපු වැරැද්ද මට තේරුනා....මන්දාරී ..ඔයා නෙමෙයි මෙ...ඇයි මෙහම සීමා මායිම් නැති නැහැදිච්ච කෙල්ලෙක් විදිහට හැසිරෙන්නෙ......මගේ හිත මටම බැන වැදුනා.සර් මගේ දිහා බලාගෙන ඉන්නෙ ඒ බැල්මෙන් නේද?. මම මගේ ඇස් ඒ ඇස් වලින් මුදවා ගත්තෙ විදුලි වේගයෙන්.පිරිමින්ගේ බැල්ම පවා අවිස්වාස කරන මන්දාරී...ඇයි මේ.. මොකද වේලා තියෙන්නෙ..ඔව්.. මන්දාරී කොල්ලෙක්ගෙ හුලගවත් වැදිච්ච නැති පවිත්‍රත්වයේ සන්කේතයක් නෙමෙයි.අනන්තවත් පිරිමි මිතුරන්ගේ බාහු වල එල්ලී සිනාසුනු වාර අනන්තයි.ඒත් .. ඒ මිතුරන් .. මිතුරන් ඇරෙන්න වෙන පිරිමින්ගෙ ඇගේ වැදිලා එන හුලගත් මන්දාරීට අප්පිරියයි..එහෙනම් ඇයි මේ...යෂ් ප්‍රේම් කුමර් රාමචන්ද්‍රම් ඔෆිස් එකට ඇවිදින් තාම මාසයයි.අඩුම තරමෙ මුනට මුන කත කරලා තියෙන්නෙ අතේ ඇගිලි ගානට..ඉතින් එයා මගේ යාලුවෙකුත් නෙමෙයිනෙ.එහෙනම් ඇයි මම එයාගේ පස්සෙන් මෙහම යන්නෙ..... "සර් කන්න ඕනි නෑ .. අපි යමු..." හිතේ තිබ්බ කැලබීම පාලනය කරගෙන මම අහක බලාගෙන වචන පිට කලා. මට උත්තරයක් ලැබුනේ නෑ.... නිහඬවම යශ් මගේ දිහා බලාගෙනම ඉන්නවා කියලා මට තේරෙනවා.මට නොපෙන්නුනාට ඒ ඇස් බැල්ම වැටිලා ඇත්තේත් මගේ මූණට... " සර් , මගේ මූනේ පෙරහැරක් යනවද?..."මගේ හිත කොයිතරම් බරපතළ විදියට හිතන්න හැදුවත් සමහර වෙලාවට මගේ කට මට ඕනි විදියට පාලනය වෙන්නේ නෑ.... "මට බඩගිනි .... යමු ..." ගොඩාක් නිවිච්ච කටහඬක් මට ඇහුනා...මම සර්ගෙ මූණ බැලුවේ මේ කතා කලේ සර්මද කියලා මටම හිතාගන්න බැරි නිසා...ඒත් එයා මගේ බැල්ම මගඇරලා වාහනෙන් බැස්සා.... දැන්නම් මටම හිතාගන්න බෑ...මටද පිස්සු ... නැත්නම් සර් ටද පිස්සු ....මට පිටුපාල යන ඒ රූපෙ දිහා මම බලාගෙන හිටියේ කැලබිච්ච හිතෙන්....අඩි දහයක් විතර අවන්හල දිහාට ඇවිදගෙන ගිහින් එයා ආපහු හැරිලා වාහනේ දිහාට ආවා.... "දැන්නම් මන්දාරි.... කාර් එකෙන් බැහැලා මගෙත් එක්ක ආවේ නැත්නම් ....කෑම එකක් ගෙනල්ලා මම ඔලුවෙ හලනවා..."යශ් කියවගෙන කියවගෙන ගියා...ඒ මොකද වුනේ.... " කන ඇහෙන්නේ නැද්ද...."පලවෙනි ප්‍රකාශයට මගෙන් ප්‍රතිචාර නැති නිසා දෙවෙනි ප්‍රකාශය ටිකක් සැරෙන් පිට වුනා... "ආ.... සර්..... හරි..... හරි..... ඇහුනා... මම .... එනවා...." නිකන් නින්දෙන් නැගිට්ටා වගේ දඩ බඩ ගාලා කාර් එකෙන් බැස්සා ....හිතුවට වඩා මෙයා හරි සැරයිනේ... මගේ මූණවත් බලන්නේ නැතුව මෙයා ඇතුලට යනවා...අම්මෝ.... මෙයාගෙ තියෙන ඝනකම...මමත් මොන්ටිසෝරි ළමයව ඉස්කෝලෙ අරගෙන යනවා වගේ කට වහගෙනම එයාගෙ පස්සෙන් ගියා... වැඩිය සෙනග නම් නෑ....ඒක හොඳයි. එන සුවඳට මගේ රස නහර ඉලිප්පි ඉලිප්පි එනවා... " නෙතූ මොනවද කන්නේ?..." අවන්හලේ සේවකයා ඇනවුම බාරගන්න අපි ලඟ.මම මගේ අතේ තිබ්බ ආහාර වට්ටෝරුව බැලුවා.... ගොඩක් කෑම ජාති තියෙනවා...ඒත් කොහේ ගියත් මගේ ඇහැ නවතින්නේ එකම කෑමක් ලඟ.... "මට තෝසෙ ඕනි" මම හිනාවෙලාම උත්තර දුන්නා... "චිකන් කනවනේ?...." එයත් වට්ටෝරුව දිහා ඇස් කරකවන ගමන් මගෙන් අහනවා.ඒත් තෝසෙයි මසුයි අතර තියෙන ගැලපීම මොකද්ද කියල අහන්න හිතුනත් ආයෙ එයාව තරහ ගස්සන්න ඕනෙ නැති නිසා මම "ඔව්" කියලා උත්තර දීලා සංවර විදියට හිටියා... "වේටර් අපිට වෙජිටේරියන් නෝමල් රයිස් එකයි... චිකන් රයිස් එකයි ගේන්න..." මගේ මූණවත් බලන්නේ නැතුව එයා ඇනවුම කියාගෙන ගියා... එතකොට කෝ තෝසෙ .... මේක පිටතැනක් නිසා රන්ඩු කරන්නත් බෑ.... " සර් කැත වැඩ කරන්න එපා..." වේටර්වරයා ගිය ගමන් මගේ කට ඇතුලේ හිරවෙලා තිබ්බ වචන පිට වුනා.... " ඇයි මොකද???? " කිසිම වැරැද්දක් නොවුන ගානට එයා නිකං දැන් මේ ලෝකෙට පාත් වුනා වගේ පුදුම වෙලා මගෙන් අහනවා.... " කෝ මට කෑම " මම මූන රකුසු කරන් ඇහුවා.... "ඔයාටත් එක්ක තමා ඕඩර් කලේ" එයා ආයෙත් ඇස් දෙක ආහාර වට්ටෝරුවටම යොමු කලා.... " මට මොනාද ඕඩර් කලේ.මම ඉල්ලුව්වෙ තෝසෙනෙ......." මට ඉතිං කේන්තියි.හොදටෝම බඩගිනි වෙලා ඉන්න වෙලාවක තරහා යනවා කියන්නෙ ඉතිං මරණෙකට මුල තමා. නෑ....තෝසෙ නෙමෙයි....ඔයා කන්නෙ බත්......." තනිකරම විදායක බලතල අතට අරගෙන එයා කතාව. " ඒ....මොන විකාරයක්ද.....මම කන්නෙ මට ඕනි දේ.....මට ඕනි තෝසෙ මිසක් බත් නෙමේ......." මගේ හිතේ පුපුරු ගහන තෝසෙ නැති වීමේ වේදනාව සුලුපටු නෑ. " උදේ ඉදන් මුකුත් කාලා නෑ......ඒ මදිවට කලන්තෙ දැන්මා....එහෙම තියාගෙන තෝසෙ කාලා හරියනවද.....තමුන් කන්න ඕනී බත්.......හරිද......" ඒ ඇස් ආයෙ පාරක් නපුරු වෙලා.මේ මොන කරුමයක්ද..... " මට බෑ........." මමත් හිතුවක්කාරයි. " මගේ යකා අවුස්සගන්න එපා......කඩ කෑම කාලා කාලම තමුන් ලෙඩක් හදාගන්නවා......." ඇහෙන නෑහෙන සද්දෙට මෙයා මට බනිනවා.මන්දාරී.....කොහොමද ඔයා පිරිමියෙක් මෙහෙම බනිනකොට ඉවසන්නේ.හරිනම් ඔයා මේ වෙනකොට මෙතන යකා නටනවා. " මට එපා කිව්වනේ........" මගේ හඩ දුර්වල වෙලා.මට මේ වෙලාවෙ දැනෙන්නෙ අහිමි වීමේ වේදනාව. වෙන දෙයක්නම් කමක් නෑ....තෝසේනේ.....ඉතිං ඉවසන්නෙ කොහොමද. අවන්හල් සේවකයා අපේ ඇනවුම ගෙනත් තිබ්බා.එළවලු කෑම එයාට මස් කෑම එක මට.......මට නම් එපා.... " කන්න......" සම්පූර්ණ බලතල එයා අතට අරගෙන එහෙම කියලා සත පහකට මාව මායිම් නොකර එයා කනවා. මම අත්දෙකත් බැදගෙන එයා දිහා බලාගෙන හිටියෙ පුලුවන්නම් එයාව කන කේන්තියෙන්. " හිතන තරම් ලේසියෙන් මාව් කන්න බෑ.ඒ නිසා ඔය කෑම එක කනවා......" මාව ගැස්සුනා.මගේ මූන දිහාවත් බලන්නෙ නැතුව එයා මගේ හිතේ තියන දේ කියන්නෙ කොහොමද . එයා කෑම එක රස කර කර කනවා.ඒක දකිද්දි මගේ බඩගින්න වැඩි වෙනවා.ඒත් මට ඕනි තෝසෙමයි. " දැන් ඔය කෑම එක කන්නෙ නැද්ද......" මම ඉන්නවා කියලා වගේ වගක් නැතුව කන මනුස්සයා මගෙන් ඒ විදියට අහන්නෙ මූණ උස්සලා නිකමටවත් මන් දිහා නොබලමයි.සද්දයක් නැතුව හිටියා මිසක් මම වචනයක්වත් කතා කලේ නෑ. " මන්දාරී....... මම හොදින් කියන්නෙ.....තව විනාඩි දෙකයි බලන්නෙ ..කෑවෙ නැත්තන් මම දෙපාරක් හිතන්නෙ නෑ ඕක ඔලුවෙ හලන්න........" කිසිම අනුකම්පාවක් නැති මනුස්සයෙක් තමයි......ඒ වගේම මම තව දෙයක් මේ වෙනකොට දැනගෙන හිටියා.ඒ තමයි එයා මට නෙතූ කියන්නේ සාමාන්‍ය වෙලාවට. එයා මට මන්දාරී කියලා කියන්වනම්....එයා ඉන්නෙ මාත් එක්ක තරහින්. ඉතිං මම දැනගත්තා දැන් මම මේක නොකෑවොත් ඇත්තටම මෙයා මේක මගේ ඔලුවෙ හලනවා සිකුරුයි.මොනා කරන්නද ..... මම පරාජය බාරගත්තා .... " නෙතූ......... මොනාද බොන්නේ......" බත් එකෙන් බාගයක් විතර කාලා ඉවරවෙනකොට මෙච්චරවෙලා සද්ද නැතුව හිටපු මනුස්සයා ආයෙත් අහනවා. සතුටු ඇති එයාට .මම් පරාජෙ බාරගත්තනෙ. " කොකා කෝලා........" මම තරහෙන් පුපුර පුපුර උත්තර දුන්නා. " ඒවා මෙහේ නෑ........." " එහෙනම්...පෙප්සි......." මම ආයෙත් උත්තර දුන්නා. " මන්දාරී..... මොන ජරාවද ඔය බොන්න පුරුදු වෙලා තියෙන්නේ......දවසක කොකා කෝලා වීදුරුවකට පනුවෙක් දාලා බලනවා මොකද වෙන්නෙ කියල...." ආයෙත් තරහෙන්.මට ඊට වඩා තරහයි.මෙයා හදන්නෙ මම කැමති බීමත් අරගෙන නොදී ඉන්නනේ. " මොනා වෙන්නද පනුවා මැරෙයි....." හිතේ තියෙන තරහව කොච්චර උනත් මම සංසුන් උනා. " ඒක දැන දැනද ඔය බොන්නෙ......." මගේ මූණ දිහා එයා කන එකත් නවත්තගෙන බලාගෙන අහනවා. " ඔව්.....මට පණු අමාරුවනේ.....ඒකට හොදයි කොකාකෝලා......" මම ඉතින් වටපිට බලන්නෙ නැතුවම ටිකක් හයියෙන් කියලා දැන්මා.වටෙන් පිටෙන් අමුතු අමුතු හිනා සද්ද එනකොටයි මම වටපිට බැලුවෙ .... විලි ලැජ්ජාවයි....වටේ හැමෝම අපේ කතාව අහගෙන ඉදලද.... " ඇත්ත පිළිගත්තු එක හොදයි.....ඔයාට පණු අමාරුව කියලා දකින හැමෝටම පේනවා...." යෂ් මූනට එන්න හදන හිනාව ව්ලක්වගෙන නපුරු මූනක් මවාගන්න උපරිම උත්සහය ගන්නවා. " විහිලු නැතුව කියන්න මොනාද බොන්නේ........" කියන දේ තේරෙන්නෙ නැති හැටි.මේ මනුස්සය හදන්නෙම මාව අවුස්සන්න. " මට මුකුත් එපා....මම වතුර බොන්නම්........" තරහ වැඩි කමටමයි මම එහෙම කිව්වේ. " එහෙනම් ඩෙසට් එකට මොනාද ඕනී......." ලැජ්ජ නැති කමක හැටි.ආයෙත් අහනවනේ. " අයිස්ක්‍රීම් එක්ක උණු උණු කෝපි ඕනි....." " මොකක්.........." යෂ්ට කෑමත් හිරවුනා. " ඔව්...නැත්තම්...ඔයා කියයි...අයිස්ක්‍රීම් සීතලයි ඒ නිසා එපා....කෝපි උෂ්නයි ඒ නිසා එපා කියලා....ඒ නිසා මට ඒ දෙකම ඕනි.එතකොට හරිනේ........" ඇයි වදේ.....මොන විකාරයක් එක්කද මම මේ කන්න ඇවිත් තියෙන්නෙ. " වේටර්.......අපිට ෆෘට් සැලඩ් එක්ක අයිස්ක්‍රීම් ගේන්න........." දෙවියනේ කියලා ඒ පාරනම් යෂ් මම කැමති දෙයක් ගෙන්නනවා.ඒත් මම ඒකට කැමතියි කියලා පෙන්නන්න ගියේ නෑ.එහෙම උනොත් මේ මනුස්සයා ඒකත් ගේන්න එපා කියයි. (මතු සම්බන්දයි ) 10 කොටසත් කියවූවා.. කතාව ඉදිරිය මොනව වේදැයි හිතාගන්න බැහැ... MadudNew MemberPosts:54 01 May 2018 12:03 AM වසන්තය නුඹම විය 14 මා රස්සාවෙන් අස්වීමට ගිය බව ලොකු සර් ට රහසක් විනි.එය යශ් වත් ආයතනයේ වූ වෙන කිසිවෙකුත් ලොකු සර් ට කීමට තරම් උනන්දු නොවූයේ මගේ පිස්සු වැඩ ගැන ඔවුන් දන්නා නිසාමය .ඔවුන් කිසිවෙකු මා රැකියාව අත් හැරියේ ඇත්තටම යැයි නොසිතන්නට ඇත. එහෙත් යශ් සමග වූ මගේ තරහේ අඩුවක් නැත.රාජකාරි මට්ටමින් කතා කලා විනා මම ඔහු සමග හිනාවත් නොවීමි.මෙලෙස බොලද ලෙස පලිදරනා වයසක මම නොසිටියත් මටත් නොදැන මගේ සිත යශ් ලඟ නෝක්කාඩු ගෙන ඇත . * * * * * * * * රාත්‍රී කලුවර හාත්පස වෙලාගෙනය.රාත්‍රී හතහමාරත් පසුවී ඇත. එහෙත් මේ පාලු පාරේ මගේ කකුල් දෙකට ඕනා නිසාම ඇවිද යනවා මිසක මා එනතුරු මග බලාගෙන පරක්කු වුනාට බනින්නට කෙනෙකු නැති නිසා මගේම ගෙදරට යන්නට මට වුවමනාවක් නැත . මට මගේ ඉසුරුමත් දිවිය සිහියට නැගුනි.ඒ මට අවුරුදු තුනත් පහත් අතර කාලය විය යුතුය.අක්කර ගනනක් ඈතට විහිදුන පොල් වත්තක් මැද්දෙන් පිහිටලා තිබුන ලස්සන වලව්ව ...... අදටත් ඉසුරුමත් බවේ සංකේත ගැන සිතද්දී මගේ සිහියට මුලින්ම එන්නේ ඒ වලව්ව ය. එහෙත් ඒ ඉසුරුමත් බව පොල් ගස් සේම බිමට සමතලා වී කට්ටි කැඩී වෙන්දේසි වූයේ මගේ ඇස් ඉදිරිපිටදීමය.එහෙත් අදටත් අම්මා ටවත් තාත්තා ටවත් ඒ ගැන දුකක් වත් කනගාටුවක්වත් නැත.මට ලැබෙන මුදලට පිංසිද්ද වෙන්න මෙලෙසින් හෝ කුලී නිවසක වැටී යාන්තමට කුස පුරවාගෙන ජීවත් විය හැක. එහෙත් එයින් ඉදිරිය ගැන සිතන්නටවත් නොහැකි ය. වත්තට ඇතුල් වද්දීම මට බර හුස්මක් පිටවිය. අඩ අඳුරේම ගෙයින් දොට්ට බැස්ස මල්ලී මා පසුකර ගියේ මගේ දෙස එක් වරක් හිස ඔසවා බලා නැවත් බිම බලාගනිමිනි. පුදුමයක් ඇත . ඔහු අද හොඳ සිහියෙනි. මා පිටුපස හැරී නැවතත් ඔහු දෙස බැලුවෙමි . ඔහු අඩ් අඳුරේම නොපෙනී යයි. වෙනදා මේ වෙලාවට ඉස්තෝප්පුවට වී පත්තරය බලනා තාත්තාත් නැත .කුමක් හෝ වෙනසක් සිදු වී ඇත. "ලොකු දුවේ..."මගේ සපත්තු අඩි සද්දෙට කවදාවත් නැතුව අම්මා එලියට ආවාය . " මොකද අම්මේ අද කට්ටියටම බෙහෙත් වැරදිලාද? නැත්නම් මට අමුතු කෑමක් කැවිලද.... මට හැමදේම පේන්නේ වැරදි විදියටනේ...." ගෙදරදි විහිළු කරන පුරුද්දක් මට නැතත් ... ඔවුන් මට කොයි ලෙසට සැලකුවත් ඔවුන්ගේ සිත් රිද්දන්නට මට නොහැකිය. " මට දෙයක් කියන්න ඕනි... " අම්මා මා පසෙකට කැඳවාගෙන ගියාය. "පුතේ.... මල්ලී ගෑනු ලමයෙක්ව අරගෙන ඇවිත්...." අම්මා ගේ ඒ ප්‍රකාශයට මගේ ඇඟ සීතල වුනි. ගෑනු ලමයෙක් ... මල්ලී ට තාම අවුරුදු විස්සක් පිරුනා පමනි. ගෑනු ලමයෙක්ව අරගෙන එන වයසක් ද... හිතට නැගුනේ කෝපයකි. "ඒකට පිස්සුද අම්මේ.... ගෑනු අරන් එන්න කලින් රස්සාවක් කරන්න කියන්න... බිබී ඇවිද ඇවිද ඉන්නවා මිසක් රස්සාවක් කරන්න ඕනා කමක් නෑ.... මේකා එක්ක එන ගෑනුත් ඉන්නවද ...? " මගේ කෝපය මටම පාලනය කරගැනීමට නොහැක. ඉතිං ඊට ත් වඩා හිත කලබලෙනි. මේ ගෑනු ලමයා හොරෙන් පැන ආ කෙනෙක් නම් පොලීසියේන් අප සොයා එනවා නොඅනුමානය . යාන්තමින් හොඳ රැකියාවක් කර සමාජය තුල හිස ඔසවන්නට හැදුවා පමනි. "අනේ.... කෑ ගහන්න එපා බන් ... කෙලි පොඩ්ඩ බය වෙයි...."අම්මාගේ වචන මට තවත් විශ්මයකි. තම පුතා කෙල්ලෙකු උස්සාගෙන ආ පසු මෙලෙස හැසිරෙන ගැහැනියක මා දුටුවාමය... " දැන් කොහේ කෙල්ලෙක්වද ඔය අරගෙන ඇවිත් තියෙන්නේ..." " ඔයාට මතකද අර විජේනායක අන්කල්ව.... අර අපේ වලව්වට එහා වලව්වක් තිබ්බේ...ඒ මිනිස්සුත් දැන් කොලබට ඇවිත්නේ...ටිකක් යමක් කමක් තියෙන පවුල්... ඒ ගෙදර පොඩිම දුව... මොනා නැත්ත අපේ පරන්පරාවට ගැලපෙවනේ....." අම්මගෙ ඇස් දිලිසෙයි.ඉතිං කාරනය ඒකය.ඔවුන් අපේ පරම්පරාවට ගැලපෙයි. " අම්මට මොලයක් නැද්ද ? ඒ මිනිස්සුන්ට එච්චර සල්ලි තියෙනවනම් මේ වගේ බේබද්දෙක්ට දුව දෙයිද...? අනික නිකමෙක්..." මගේ හිතේ නැගි කෝපයට වචන උස්ව නැගින..... "මොක්ද්ද උබ කිවුවේ.... නිකමා... උඹ උබේ සහෝදරයට කතා කරන්නේ එහෙමද ? උබ නටන සෙල්ලම් මම දන්නේ නෑ කියලද හිතේ... අනිත් උන් ඉස්සරහ දාන චන්ඩි පාට් උබ මගේ ඉස්සරහානම් දාන්න එපා අක්කේ... " කොහේදෝ හිද කඩා පත් වූ මල්ලී මගේ කොන්ඩෙන් අල්ල ගත්තේය .ඉතිං මේ මගේ සහෝදරයා ය. මට වඩා අවුරුදු අටකින් බාල, ඉපදුන දවසේ ඉදලා මොන කෙනෙහිලිකම කලත් මම ආදරය කල මගේ මල්ලීය.... සහෝදරයා ම මෙලෙස වෙද්දී අන් පිරිමි ගැන හොඳක් කියන්නේ කෙලෙසද.. " නිකමට ... නිකම කියන්නේ නැතුව බෑනේ....උබ රස්සාවක් කරපං... එතකොට මම නිකම නොකියා ඉන්නම්..." හිතේ තියෙන දුකට මගේ කටිනුත් පිටවෙන්නේ ඇවිලෙන ගින්නන්ට පිදුරු දානවා වැනි වචන ය. "ඇයි රස්සාවක් නොකලොත් මොනා කරන්නද..? " මල්ලී රකුසෙකු මෙනි. "මට බෑ උබටයි උබේ ගෑනිටයි දෙන්නටම කන්න දෙන්න..." මම ඇත්තෙන්ම එසේ නොකරමි. කෙතරම් කෑ ගැහුවත් මගේ හිත උනු වෙයි. "උබ දෙන්න ඕනෙ නෑ.මට මගේ අම්මයි තාත්තා යි කන්න දෙයි.. " අපි දෙදෙනා මෙලෙස රන්ඩු වෙද්දීත් අම්මා නිහඬය . තාත්තා පෙනෙන්නටවත් නැත . ඉතිං මගේ කෝපය ටවත් වැඩි වේ. "ඔව්... මොනා විකුනලද දන්නේ අම්මල උබලට කන්න දෙන්නේ.... තිබ්බ සේසතම ඉවරයි.. දැන් ඉතුරු මං විතරයි .... මාව හරි විකුනලා කන්න දෙන්න කියපං...එතකොට හරි..." ජීවිතයේ කිසිමදාක පිට නොකරන්නට හිටි වචන මගේ මුවින් පිට වූයේ මම ගැනම උපන් ආත්මානුකම්පාව නිසාය. මල්ලී මා තල්ලු කර දැමීය. ඒ වේගයේ සැරට මා ගොස බිත්තියේ හැපුනත් එයින් නැගි වේදනාව මගේ හිතින් නැගි වේදන්නවට වඩා අඩුය. "මොකද්ද උබ කිවුවේ ලොකු දුවේ... " මෙතෙක් වේලා පේන්නවත් නොසිටි තාත්තා මා ඉදිරියේය. මම නිහඬව හිඳිමි. " උබ ඔය තරම් කුල කියන්නේ අපි උබෙන් කාලා ඇඳලා ඉන්න නිසාද? උබ ඒවා කරන්න ඕනි යුතුකම් ... උබව බඩේදිම මරන්නේ නැතුව ජාතක කලාට උබ අපිට සලකන්න ඕනි ...." ඒ වචන වලට මගේ හිත ඉරි යයි... ඔහු මගේ තාත්තා මද...මෙතරම් මා මේ ගෙදරට ආදරය කරද්දත් ඔවුන් මා නොසලකා හරින්නේ ඇයි.... මම ගස්සාගෙනම කාමරයට ආවෙමි.ඉතිං ඔවුන් ඒ කියනා ලෙස මා ජාතක කලේ මගෙන් යුතුකම් ඉෂ්ට කරගන්නටම පමණද..... මේ දුක කාට හෝ කියා සිත සනසාගත හැකිනම්..... මා නදීට ඇමතුමක් ගතිමි.මගේ දිවිය ගැන දන්නේ ඇය පමණි.මට දුක කිව හැක්කේත් ඇයටම පමණි. එහෙත් නදීගේ දුරකතනය කාර්යබහුලය.. ඉතිං කාට කතා කරන්නද දුරකතන නාමාවලිය දිගේ ඇස් දුවන අතරේ එක නමක් ලග මගේ හිත නැවතුනි.මොලයට වඩ හදවත ඉස්සර වුනි.ඒ අංකයට ඇමතුම සම්බන්ද කර දුරකතනය කනට තබාගත්තේ මැලැවුනු සිතිනි. " හලෝ........." එහා කොනෙන් ඇහෙන යෂ්ගේ කටහඩට මගේ හිත පිබිදුනි....එහෙත්...... " නෙතූ....... ඇයි....." ඇත්තටම ප්‍රදානියාගෙන් වෙනස්වූ කටහඩක් දයාවක් මට ඇසේ....ඒත් මේ කරන්නේ වැරැද්දකි.දුක කියා අඩන්නට තරම් ඔහු මට සමීප නැත.මම ඇමතුම විසංදි කලෙමි. ඉතිං....තව කවුද.....තනුජ්.....ඔහු මගේ දුක අසාවිද.....ඇත්තෙන්ම ඔහු මට ආදරය කරනවා විය යුතුය.ඉතිං අපේ දුරස්බව දුරලන්නට නම් ඔහු මගේ දුක ඇසිය යුතුය. " හලෝ.... මන්දූ......" මා ලබාගත් ඇමතුමට ඔහු සම්බන්ද වූයේ පමාවීය. " අයියේ.....ඔයා වැඩකද........" මගේ කටහඩ මලානිකව ඇත. " ම්....කියන්නකෝ....හදිස්සියක්ද......" " මට ඔයාට දෙයක් කියන්න තියෙනවා......." " මොකෝ.......මට සතුටු දායක ආරංචියක්ද.....ඔයා මට ආදරේයි කියන්නද හදන්නේ........" ඒ හඩ සතුටින් පිරී ඇත.මගේ හිත තවත් දුකින් පිරිනි.එක අතකින් බලනකොට ඔහුත් පව් ය. ඒත් තවමත් ආදරය කියන මාර්තුකාවට තනුජ්ව ඈදාගැනීමට මගේ හිත ඉඩ නොදෙයි. " ඔයා වැඩක නේද ඉන්නේ........" මම මාර්තුකාව වෙනස් කලෙමි. " ම්ම්ම්ම් පොඩි වැඩක නම් තමා......කමක් නෑ...මේ වෙලාවෙ සතුටු හිතෙන දෙයක් අහන්න බැරි කමකුත් නෑ........" ඉතිං කොහොමද එහෙම කිව්වම මගේ දුක කියන්නෙ. " කමක් නෑ.....ඒක මෙහෙම හදිස්සියෙ කියන්න බැරි දෙයක්.......ඔයා ෆ්‍රී උනාම කියන්නම්..........." මම එපමනක් කියා ඒ ඇමත්මත් විසන්දි කලෙමි. දැන් තවත් කවුරුත් නැත. (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 01 May 2018 12:02 AM වසන්තය නුඹම විය.........13 මම නම් වචනයෙ පරිසමාප්තයෙන්ම ...ගොනෙකි............මෝඩයෙකි......බූරුවෙකි.......පිස්සෙකි.......මම ඒ මොකක්ද කලේ....මගේ මොලේට මොකද වෙලා තියෙන්නෙ ........හිතේ සැනසිල්ලට තිබ්බ එකම දේ මගේ රස්සාව.මම ඒකත් නැති කරගත්තා නේද......ඇයි මම එච්චර බොළද විදියට කේන්ති ගත්තෙ.එක තප්පරයක්වත් ගෙදර ඉන්න බැරි මම දැන් කොහෙද යන්නේ. අනික යෂ් කියන්නෙ මගෙ ප්‍රධානියා ...ලොකු සර් මට කොයි තරම් බැනලා තියෙනවද....ඒත් මම කවදාවත් මේ වගේ මෝඩ වැඩ කරන්නෙ නෑනේ... දැන් මොකද කරන්නේ....එක්කෝ කොහොමත් මට පිස්සු කියලා ඔෆිස් එකේ අය දන්න එකේ ආයෙම ගිහින් සමාව ඉල්ලලා වැඩ කරන්නද..... ඒත් බෑ..... බෑ.....එතකොට මගේ ආත්මාභිමානයට මොකද වෙන්නේ....බෑ....බෑ....යෂ් ඉස්සරහනම් මම ආයෙ පල් වෙන්නෙ නෑ . කමක් නෑ....වෙන රස්සාවක් හොයාගමුකො..... මට ලොකු හුස්මක් පිටවුනා....අවු කාස්ටකේට දිලිසෙන කර්මාන්තපුරයෙ ප්‍රදාන මාර්ගය පාලුම පාලුයි.බෑග් එකේ කුඩයක් තිබ්බත් ඒක එලියට ගන්නවත් මට හිතුනෙ නෑ....ජීවිතේම එක වෙලාවකට මහ විහිලුවක්.අවුවට පිච්චි පිච්චි මම ඔහේ පාරදිගේ ඇවිදගෙන ගියේ නිකං පාවෙනවා වගේ. වෙච්ච දේට කාට දොස් කියන්නද....මට මීට වඩා ඉවසන්න තිබ්බා.මොකට කෑ ගහන්න ගියාද මන්දා ..... " ක්රාස්.........." මාව පහු කරගෙන ගියපු යෂ්ගෙ වාහනය පාර මැද්දෙ එක පාරටම නැවැත්තුවා.....ඒ පාර මොකද.... මම ගියාට දුක්වෙලා මාව අරගෙන යන්න ඇවිත්ද..... නෑ....නෑ.....එහෙමනම් වෙන්න බෑ.එහෙනම්.....මම මගේ මොනාහරි දාලා ඇවිද්ද....මෙයා ඒකත් දීලා යන්නද දන්නෙ නෑ ආවෙ. කරපු දේට හිත පසුතැවිලි උනත් මෙයා ඉස්සරහනම් නෝන්ඩි වෙන්න බෑ.යක්ස පැටියා ඔය එන්නෙ කාර් එකෙන් බැහැලා....මම මූණ පුම්බගත්තා. " මන්දාරී....... මොනාද මේ කරන පිස්සු වැඩ......." දත්මිටි කාගෙන මූණට එබිලා බලනකොට බයත් හිතුනා.ඒත් ඉතිං මම බය පෙන්නන්න ගියෙ නෑ. " කුඩයක් නෑනේ මිස්ට රාමචන්ද්‍රම් .....ඒකයි අවුවේ පිච්චී පිච්චි පාරේ යන්නේ.ඒක පිස්සුවක් නෙමේනේ.. " හරිනම් මේ වෙලාවෙ මම කරන්න ඕනි යටහත් පහත්ව කතාකරලා ආයෙ මගේ ජොබ් එක ගන්න එක.ඒත් මගේ කට තාම ඒකට ලෑස්ති නෑනේ. " මොකක්ද කිව්වේ.....මිස්ට රාමචන්ද්‍රම් ......ඇයි දැන් සර් කියලා නම්බු දීලා කතා කරන්නත් බැරිද....." " මම ඒ කම්පැනි එකෙන් අස් උනානේ....දැන් ඔයා මගේ සර් නෙමේ........" මම පුම්බගත්තු මූණ චුට්ටක්වත් වෙනස් කලේ නෑ. " ඔව්....ඒකට මම මේ තමුන්ට නඩුවක් දාන්න යන ගමන්........." තරහව නලියන ඒ මූණ දිහා මම බැලුවෙ පුදුම වෙලා.යකෝ...ඒක මහ සමයං කතාවක්නෙ....මට මොකට නඩු දාන්නද... " බොරු කියලද හිතන්නේ......එනවා.පෙන්නන්න......" අවසරයක් නැතුවම එයා මගේ අතින් අල්ලගත්තා...හිත පුරා ආයෙත් අර අමුතු උණුසුම....නෑ...නෑ.... එහෙම වෙන්න ඕනි නෑ... " මිස්ට රාමචන්ද්‍රම් .....මගේ අතපය තාම හොදට තියෙනවා....කවුරුත් අල්ලගන්න ඕනි නෑ....." මම ඒහෙම කියලා අත ගසා දැන්මේ තරහටත් වඩා හිතේ තිබ්බේ ඒ අමුතු හැගීමට බය වෙච්ච නිසා. ආයෙමත් ඒ මූනෙ පිරිලා ඉතිරිලා ගියේ අර රකුසු පෙනුම. " මොකද් රවන්නේ.......මම බයවෙයි කියලා හිතුවද....." මම කොහොමත් ඒ රැවිල්ලට ඇත්තම කිව්වොත් හොදටම බයයි.ඒත් ඉතිං ඒක පෙන්නන්න බෑනේ. " ආ මේක....කියවනවා......" කාර් එක ඇතුලට අත දාලා එයා එලියට ගත්තෙ ෆයිල් කවරයක්. " මේ මොකක්ද......." එයා දෙන්නත් කලින් මම ෆයිල් එක උදුරලා වගේ අතට ගත්තා. ඒකේ උඩින්ම දෙයියනේ කියලා අර මගේ මාගල වගේ දිග නම ලස්සනට ලියලා. " මගේ ෆයිල් එක දෙන්නද ආවෙ....තැන්ක් යූ......" මම ෆයිල් එක තුරුලු කරගත්තා. " දීලා යන්න නෙමේ ...ඕක මම උසාවියට ගෙනියනවා...මතක ඇතිනෙ එක්සෙකිටිව් වෙනකොට සයින් කරපු ඇග්රිමන්ට් එක ගැන..." කට කොනකට ගත්තු හිනාවත් එක්ක එයා එහෙම කියනකොට තමයි මාව රත් උනේ.....එතකොට මේ මනුස්සයා මට ආදරෙන් කතා කරලා ආයෙ කම්පැනි එකට එන්න කියලා කියනවා වෙනුවට මාව බය කරලා අඩගහගෙන යන්නයි මේ ඇවිත් තියෙන්නෙ. " මතකද........" එයා ආයෙත් අහනවා....මොනා කරන්නද....දැන් ඉතිං පරාජය බාරගනින් මන්දාරී....ඇග්රිමන්ට් එකේ හැටියට ඔයාට මේ විදියට ජොබ් එක දමා ගහලා යන්න බෑ.එහෙම උනොත් මේකට ලොකු වන්දියක් ගෙවන්න ඕනී. " අනේ...සර්....." ගෑනු මායම් හැට හතරෙන් එකක් දාන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. " මොකද.....මම ඕවට රැවටෙන්නෙ නෑ....ජොබ් එක එපා නිසානෙ යන්නේ....තමුන් ගියාට මට පාඩු නෑ.....මම නඩු දානවා......" මෙයා බලාපල්ලකෝ.....මම මෙච්චර හුරතල් විදියට කතා කරලත් ඒකට උත්තරේ දීපු හැටි. " ඉතිං....සර් මට ගැහුවෙ මොකද....මම උසාවියේදී ඒක කියනවා....මේ කම්පැනියෙ ඇතුලේ සේවකයින්ට ශාරීරික වද හිංසා දෙනවා.ඒකයි මම යන්නෙ කියලා......" මෙයත් එක්ක ප්‍රශ්න හොදින් විසදගන්න බෑනේ.මමත් ඉතින් ආයෙත් නපුරු පාට් එක ගත්තා. " මම ඒ වෙළාවේ ඔයාට ගැහුවෙ නැත්තම් ඔයා ගුටිකන්නෙ අර මිනිහගෙන්......ඒක තේරුම්ගන්න මොලයක් නැද්ද.....එහෙම උනා නම් මම ඒ මනුස්සයව යහතිං තියනවද.....ඔයාට ඕනි උනේ මම මිනීමරුවෙක් වෙනවා දකින්නද........" ඒ පාර මේ මොකද.........මෙච්චරවෙලා රාජකාරි මට්ටමෙන් කතා කරලා එක පාරටම ඔයා මෙයා ගාන්නේ.....කාලගුනේවත් වෙනස් උනාද .....ටික දවසක් ඉදන් මට මනෝවිකාරත් පේන්න අරගෙන තියෙන්නෙ.ඇත්තටම මේ අවුවට මගේ ඔලුව කර වෙච්ච පාරට මට මේ මනෝවිකාර පේනවද....ඇයි දෙවියනේ එක පාරටම හොලිවුඩ් ක්‍රියාදාමය චිත්‍රපටියක ඉදලා හොලිවුඩ් ප්රේම්ණීය චිත්‍රපටියක රගපාන නලුවෙක් වගේ මෙයා ජවනිකාව වෙනස් කලානෙ. " සර්...... මේ ඔයාමද......" දබර ඇගිල්ල ඒ කම්මුලක තියලා තදකරේ ඇත්තටම මම හීනයක් දකිනවද කියලා මටම හිතාගන්න බැරි නිසා. " ඒ පාර මොකද........" මගේ ඒ ක්‍රියාවට නම් එයත් බය උනා. " සර් මේ...මම හීනයක්ද දකින්නෙ කියලා මම බැලුවෙ......" මම හරිම අහිංසක විදියට ඒක කිව්වෙ.ඒ කම්මුලක අග දගලන හිනාව මට නොපෙනෙනවා නෙමේ. " එහෙම බැලුවට මදිනෙ මන්දාරී.......ඔහොම නෙමේ හීනයක් බලනවද කියලා බලන්නේ...මෙන්න මෙහෙම......" හිනාවෙන ඇස්වලිනුයි බොරුවට නපුරු කරගත්තු මූනකුයි අරගෙන මගේ ලගට ආපු යෂ් අල්ලගත්තේ මගේ කණ් පෙත්තකින්.හිතේ තියෙන තරහටද මන්දා මට තරු පේන්නම ඒ ඇගිලිවලට මගේ කන පොඩි උනා. " ආයි....ආයි......තේරුනා තේරුනා සර්......මම හීනයක් නෙමේ දකින්නේ.....මගේ කන අතාරින්න.......ප්ලීස්......" මහ හයියෙන් කෑ ගහන්නත් බෑ පාර නිසා.ඒත් කෑ නොගහත් බෑ.....ඒ මදිවට ඒ හිනාවෙන ඇස් දෙක කඩිමුඩියේම මගේ හිත අස්සට රිංගන්නත් හදනවා. " නෑ.... මම අතාරින්නේ නෑ......." ඒ වචන ටිකනම් ආයතන අයිතිකරුවෙක්ගෙ නෙමෙයි...අවුරුදු දහ අටේ පිරිමි ළමයෙක්ගෙ වගේ. ඒ ඇස්වලය පැටලිලා තිබ්බ මගේ ඇස්වලට අහම්බෙන් වගේ ඈතින් එන ලොකු සර්ගෙ වාහනේ අහු උනා.මේ ඉන්න විදිය දැක්කොත්නම් වන්දිත් එපා කියලයි මාව කම්පැනියෙන් එළවන්නෙ. " සර්.....සර්.......ලොකු සර් එනවා......" මගේ කනේ පැටලිලා තියෙන ඒ අත මගේ අත් දෙකෙන්ම අල්ලගන්න ගමන් මම එහෙම කිව්වෙ ඇත්තටම බය වෙලා. " ඔය බොරු වලට මම අහුවෙච්ච කාලෙ ගියා......" මේ මනුස්සයා ඇත්තටම.......කියන දේ තේරුම්ගන්නෙ නැති හැටි.දැන් ඉතිං කරන්න දෙයක් නෑ.....ලොකු සර් වාහනෙන් බැහැලා අපි ළගට එනවා..මම මගේ ජොබ් එක ගැන හිතේ තිබ්බ ඔක්කොම බලාපොරොත්තු හිතින් අයින් කරගත්තා.යෂ්ට පේන්නෙත් නෑ ලොකු සර් එක එක.මම කිව්වට විස්වාස කරන්නෙත් නෑනේ.....එයා නම් පුතා .... පුතාට නම් කොහොමත් සමාව දෙයිනෙ.ඒත් මට...... " යශ්.........." ලොකු සර්ගෙන් පිටවෙන ඒ වචනය මම බලාපොරොත්තුවෙන් හිටපු නිසා මට එච්චර ගානක් උනේ නෑ....ඒත් ඉතින් මම කියන දේ සත පහකට මායිම් නොකර හිටපු යෂ්වනම් ගැස්සුනා හොදටම..... " ආ......අප්පා....." මගේ කණ අතෑරලා යෂ් ලොකු සර් දිහා බැලුවා. " මොනාද කරන්නේ.....මේ පාර මැද්දේ මේ ළමයගේ කනින් අල්ලගෙන........" ලොකු සර් අහන්නේ එච්චර හිත හොදකින් නෙමේ. අඩන්න ඕනි වෙළාවට ලේසියෙන් මගේ ඇස්වලට කදුලු එන්නෙ නැති උනාට දෙවියනේ කියලා බොරුවට අඩන්න නම් ඕනි තරම් මගේ ඇස්වල කදුලු පොකුරු පොකුරු තියෙන්නේ.මම මූණත් බෙරි කරගෙන අඩන්න ගත්තා.කොහොමත් මේ බුරු වහන්සෙට මාව තියා එයාවවත් බේරගන්න බෑ.ඒ නිසා කරන දෙයක් කරන්න වෙන්නෙ මටම තමා. හින්දි චිත්‍රපටියක වීරයයි දුශ්ටයයි වගේ මූනට මූණ බලාගෙන හිටපු දෙන්නා මගේ මේ ඇඩිලලට මගේ දිහා බැලුවා. " අනේ......සර්.....මගේ කණ ගොඩාක් රිදෙනවා..........." මගේ කම්මුල් දිගේ කදුලු බිංදු ගලාගෙන යනවා. යශ්නම් ඉන්නෙ බයවෙල...අනිවාර්යයෙන් එයා හිතනවා ඇති මම මේ එයා කණ මිරිකපු කේලම ලොකු සර්ට කියන්න හදනවා කියලා. " ඇයි.... මන්දාරී........" ලොකු සර් ටිකක් බය වෙලා. " අප්පා....... මන්දාරිගෙ කනට සතෙක් ගිහින්....." මම ඇත්ත කියයි කියලා බය වෙලාද කොහෙද යෂ් මට කලින් උත්තර දුන්නා.ක්ෂණිකව නැගුනු හිනාව මම කොහොම හරි හංග ගත්තා . " ඒ කොහෙදිද......." " අපි සේල්ස් විසිට් එකකට එලියට යන්න හැදුවේ.කාර් එක ඇත්ලෙදි සතා ගිහින් තියෙන්නේ......." අම්මේ...මෙයා මෙහෙමත් බොරු කියන්න දන්නවද....කමක් නෑ....මාත් කියන්න හැදුවෙ ඔය බොරුවමනෙ.මම ඉතිං එයාට සහයෝගයට දිගටම ඇඩුවා. " මොකෙක්ද ගිහින් තියෙන්නේ...." අනේ මන්දා ලොකු සර්....ලෙඩාව මෙතන තියාගෙන සතාගෙ මරණ පරීක්ෂණය කරනවනේ....ඒ ප්‍රශ්නෙට උත්තරය මම දුන්නනම් අනිවාර්යයෙන් කියන්නෙ " කොකෙක් " කියලා. " කුරුමිනියෙක් ....අප්ප....." යශ් එහෙම කියනකොට මම ඒ මූණ බැලුවෙ බය වෙලා....කුරුමිනියෙක් ......ඊට වඩා චූටි සතෙක් හිටියෙම නැද්ද මෙයාට කියන්න.ඇයි දෙයියනේ තේරෙන්නෙ නැද්ද .... බොරුවක් උනත් තාත්වික වෙන්න ඕනි.කුරුමිණියෙක් කණට ගියානම් මම මෙතන පස් කයි.ඒක තේරෙන්නෙ නැද්ද. " ඔයාගෙ කාර් එකේ කොහෙද කුරුමිණියෝ........" හැබයි ඉතිං අප්පගෙයි පුතාගෙයි කිසි වෙනසක් නෑ. දෙන්නම එකයි. " මම දන්නෙ කොහොමද අප්පා......" යෂ් පොඩ්ඩක් කේන්තියෙන් කෑ ගැහුවෙ ලොකු සර් ප්‍රශ්න කරන එක නවත්තන්නෙ නැති නිසාමද කොහෙද. " හා...හා....යමු මෙයාව හොස්පිට්ල් ගෙනියමු.කණ රතුත් වෙලා......" ලොකු සර් මගේ කන යාන්තමය අත ගෑවා.අඩන අස්සෙ මම යෂ් දිහා බැලුවෙ රවාගෙන.කණ රතුවෙන්නම් මේ මනුස්සයා මගේ කණ මිරිකලනෙ...... ඊටත් වඩා ප්‍රශ්නෙ.....හොස්පිට්ල් ගියොත් නම් ඔක්කොම විනාසයි.බොරුව අතේ මාට්ටු.... " අප්පා.......අප්පා යන්න ඔෆිස් එකට .මම මෙයා හොස්පිට්ල් ගෙනියන්නම්......" වැඩේ වරදින්න යන්නෙ කියලා තේරුන නිසාද කොහෙද යශ් නිකන් මද්දුමබණ්ඩාර වගේ මාව ඉස්පිරිතාලෙ ගෙනියන්න ඉදිරිපත් උනා. " නෑ....නෑ...යමු මාත් එනවා......" ලොකු සර් නවතින්නෙ නැති පාටයි.එයා ඩ්‍රයිවර් අතේ කාර් එක ඔෆිස් එකට යවලා යශ්ගෙ කාර් එකට නැග්ගා. මට දැන් බොරුවට අඩලා මහන්සිත් එක්ක.ඒත් අඩන එක නවත්තන්නත් බෑ....ඉස්සරහ කණ්නාඩියෙන් යෂ් සැරෙන් සැරේ මගේ දිහා බලනවා.මම රවාගෙනම හිටියා.දැන් ඉතිං ඊලගට කියන බොරුව මොකක්ද.....ඩොක්ට බලපු ගමන් කියයිනෙ සතෙක් නෑ කියලා. මරන්න ගෙනියන හරකෙක් ගානට තමයි මම ඩොක්ට ලගට ගියේ.දැන් නම් හිතේ තියෙන බයට බොරුවට නෙමේ ඇත්තටම ඇඩෙනවා. ඩොක්ට වදෙන් පොරෙන් කනට මොකක්ද මන්දා දාලා ඇහැ කරකව කව බලනවා.මම හිටියෙ හීතල වෙලා. " ම්......සතෙක් ඉන්නවා....ඒක මෙතන ගන්න බෑ.ඔයාව වෝඩ් එකට ඇතුල් කරනවා.එහෙන් සතාව අරගෙන කන වොශ් කරයි...." ඩොක්ට ඒ කියපු කතාවට මට උතුර දකුණ මාරු උනා.ඒ මොකද උනේ....නැති සතෙක් කොහොමද කණට ආවේ.මට අර ඩොක්ට කණට දාපු මැෂින් එක අරගෙන බලන්නත් හිතුනා.ඒකේ ඇතුලෙද දන්නෙ නෑ සතා ඉන්නේ.... මම යෂ් දිහා බැලුවා.ඒ මූණත් බය වෙලා. පහත් තැනින් යයි ගලා ජලේ වගේ ඔක්කොම වෙන්නෙ මටමයි.මාව වාට්ටුවටත් ඇතුල් කරලා ලොකු ඩොක්ට එනකන් පැයකුත් ඉන්න උනා.නිකන් නම් කමක් නෑ....බොරුවට අඩ අඩ.... ඒත් ඉතිං ලස්සනම වැඩේ....ලොකු ඩොක්ට බලපු ගමන් කිව්වා කනේ කලාදුරු ඇරෙන්න වෙන් මුකුත් නෑ කියලා.ඉතිං ඒකනෙ ඇත්ත.... " මට හිතාගන්න බැරි....ඊටීයූ එකේ ඉදලා වෝඩ් එකට යන ඩිංගත මන්දාරිගෙ කණේ හිටිය සතාට මොකද උනේ කියලා යෂ්......" ලොකු සර්ට ලොකුම ප්‍රශ්නෙ ඒක.ඒත් ඉතිං මටනම් තිබ්බෙ වෙන ප්‍රශ්නයක්...කණ අහලකවත් හිටපු නැති සතෙක් ඊටීයූ එකේදි කණට ඇවිත් වොඩ් එකේදි අතුරුදහන් උනේ කොහොමද ..... " කුරුමිනියෙක් නෙ අප්පා......පියාබලා ගියාද දන්නෙ නෑනේ......" ඔන්න යෂ් ඉතිං ලස්සන ගැලපෙන උත්තරයක් දුන්න. " ඔව්....නේද......." අනෙද කියන්නේ....ඒ පුතාගෙම අප්පනේ......ලොකු සරුත් ඒ කතාව විස්වාස කරනවනෙ. මේ රාමචන්ද්‍රම් ව්‍යාපාරයේ අයිතිකාරයයි වෙන්න ඉන්න අයිතිකාරයයි නේද දෙවියනේ....... (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 01 May 2018 12:01 AM වසන්තය නුඹම විය........12 කොටස මා සිටියේ හොදටෝම ගැහෙමිනි.වීදුරු දොරෙන් මගේ කාර්යලයේ සිදුවන දේවල් පෙනුනත් එහි වන කතාබහ මට නොඇසේ.යශ්ගේ කඩාහැලෙන පිරිමි පෞරුෂයෙන් තරහව උතුරා යමින් ඇත. " නදී.......අනේ..... මට සර් බනියිද........" මා කිසිදාක පිට නොකරන බොළඳ වදන් පවා මගේ මුවෙන් පිටවෙ.නදී මා දෙස බලා සිටියේ මා දවා අලුකරනා බැල්මකිනි. " අනේ....මම කරපු වැරැද්ද මොකක්ද නදී....ඇයි එයා මට ඒ විදියට ගැහුවෙ......." දෑසෙන් එළියට පනින්නට කදුලු මම ආයාසයෙකින් නතර කර ගතිමි.ඇත්තටම මට නොතේරේ....ඇයි යෂ් අර මිනිහට ගහනවා වෙනුවට මට ගැහුවෙ... " වැරැද්ද මොකක්ද කියලා මගෙන් අහන්න එපා.උඹේ සීමාව ඉක්මවා යන වැඩ මට අල්ලන්නෙත් නෑ.උඹ ඒ මිනිහත් එක්ක කියවගෙන් ගියේ තමන්ගෙ නම්බුව ගැන හිතලද.......ආ.....ඊටත් වඩා මට තේරෙන්නෙ නැත්තේ......කිසි කෙනෙකුට බය නැති උඹ යෂ්ට මේ තරම් බය මොකද කියලයි.උඹ නටන්න හදන්නෙ හොද නාඩගමක් නම් නෙමේ මන්දූ......උඹ ඔය හදන්නේ අර අහිංසකයගෙ හිත රිද්දන්න නම් .... දෙවියනේ කියලා ඌව අතෑරපං......."නදී කවදාවත් නැතුව මා සමග කෝපයෙනි.ඒ වචන වලට පිළිතුරු බදින්නට මට තේරෙන්නේ නැත. අර මිනිසා මහ හයියෙන් අත පය විසි කර කර මොනවදෝ කියා යන්නට ගියේය.මා නැවතත් සීතල විමි.ඊලගට මගේ වාරයයි.පිරිමියෙකුගෙන් බැනුම් අසන්නට මා කිසි විටක සූදානම් වූයේ නැත.බැනුම් ඇසුවාත් ඒ කනින් අසා මේ කනින් පිටකරන්නට තරම් මගේ හිත ගලක් වී තිබුනි.එහෙත් අද ඒ හැම දේම වෙනස්වී ඇත.මම යෂ්ගේ බැනුම් ඇසීමට සූදානම් වූවා මෙන්ම තවමත් නොඇසුනු ඒ දෝසාරෝපණයට දැන්මම හිත රිදවාගෙන හිදිමි. මහා හඩක් නංවාගෙන දොරත් ඇරගෙන යෂ් කාමරයට ඇතුල් වූයේ මා තිගස්සවමිනි. ඒ ඇස් බැල්ම කෙලින්ම නතර වී තිබුනේ මගේ වතෙහිය. ඉතිං මම ඇතුලාන්තයෙන්ම පිච්චී ගියෙමි. " නදී ඔයා යන්න......." ඒ හඩ සංසුන් ය. පුපුරන්නට ලග ගිනි කන්දක් මෙනි.යන්නට එපා යයි කියා ආයාචනාත්මකව නදී දෙස බැලුවත් ඇය යන්නට ගියේ මට රවාගෙනමය. යෂ් පුටුවෙන් වාඩි වූයේ මා වතෙහි අලවාගෙන උන් දෑස් තප්පරයකටවත් වෙනටකට යොමු නොකරමය.ඒ ගිනි පිටවෙන පිරිමි ඇස් ලග ජීවිතේ පළවෙනි වතාවට මන්දාරී වදන් සොයාගත නොහැකිව ගොලුව උන්නාය. ඔහු තරහගැනීම සාදාරණය.මිනිසෙකු පැමිණ ප්‍රශ්න ඇති කරන්නට සූදානම් වූයේ ඔහුගේ ආයතනයටයි.එහෙත් මා සමග කෝප ගෙන ඇත්තේ ඇයි.මා කලේ ආයතනය බේරාගැනීමට සටන් කිරීමයි. " මන්දාරී........ තමුන් කවුරු කියලද හිතාගෙන ඉන්නේ......." කිසිම තෙතමනයක් නැති වචන පිටවෙන ඒ මුව දෙස මම දෑස් දල්ව බිය වී බලා හිටියෙමි. " ම...ම...මම හිතාගෙන ඉන්නේ...... ම..මම මන්දාරී කියලා........" සත්තකින්ම විහිලු කිරීමටවත් ඔහුව විහිලුවට ගැනීමටවත් මගේ තුන්හිතක අහලකවත් අදහසක් නොතිබිනි.එහෙත් හැමදාම කොටියා එනවා කිය කියා බොරුවට කෑ ගැසු මිනිසාට වූ දේම මට වුනි .තුන් හිතකවත් නොතිබි වචන ඉබේම පිටවූයේ එබැවිනි. යෂ් නැවත පුටුවෙන් නැගිටිද්දී පාලනයක් නැතුව වචන පිටකරන මගේ කට මගේ අත්වලින්ම මම වසා ගත්තෙමි. " තමුසෙට හැම දේම විහිලුද....ආ......." මම ගල් ගැසිනි......මගේ කටේ වචන නැති විනි.මට කතා කරගන්න බැරි ඒ දඩු ඇගිලිවලට තද වුනු මගේ කට නිසා නෙමෙයි.ඒ මගේ ඇස්වලට වැටිච්ච ඒ නපුරු බැල්ම නිසා. " අනේ.....සර්....." මට වටපිට බැලුවෙමි.ආයතනයේ සියල්ලන්ගේම ඇස් අප දෙදෙනා ලග බව නොරහසකි. ඔවුන්ට මෙය රස කතාවක් වනු ඇත.විශේෂයෙන්ම මන්දාරි නම් වූ පිරිමින් ලග දන නොගැසූ මා මෙලෙස යෂ්ට බිය වීම ගැන නම් ආයතනය තුල රස කතා මැවීමට ප්‍රභලම කාරණයක් වෙනු ඇත.එහෙත් පිරිමියෙකු අලලා කතාවක් සාදා ගැනීමට පෙරදී බිය නොවූ මා දැන් හොදටම බිය වී හිදිමි. " තමුසෙට ලැජ්ජාවක් නැද්ද.....මොනාද අර මිනිහා එක්ක කියෙව්වේ........ආ...." යෂ් අසන්නේ පුදුමාකාර පැනයකි.මා සිතුවේ ආයතනයට වන්නට යන ලැජ්ජාවෙන් ආයතනය බේරා ගැනීමට තැත් කිරීමයි.එයට මට ප්‍රසංසා කරනු වෙනුවට මෙලෙස බැනවදින්නේ ඇයි. " සර්.....මම වැරැද්දක් කලේ නෑ......ඒක මගේ ජොබ් එකේ කොටසක්.....නායකයෙක් විදියට මම දුර්වල වෙලා බෑ......." ඔහු ඉදිරියේ බොලද වෙන් හිත පැත්තකින් තියලා මාත් කතා කලා. " මම කතා කරන්නෙ සමයං ජොබ් එකක් ගැන නෙමේ......ගෑනියෙක් විදියට ඒ කියවන්න ඕනි දේවල්ද ඒ කියෙව්වේ.....ඒ මිනිහා එච්චර අපහාස කරද්දිත් එල්ලි එල්ලි ගියේ මොකද.........ජොබ් එක නිසානම් එහෙම කියෙව්වෙ මම තමුසෙගෙ ජොබ් එක ආයෙ ඇසිස්ටන් සේල්ස් ඔෆිසර් විදියට පහලට දානවා.එතකොට නායකයෙක් නොවී ගෑනියෙක් විදියට කටවහගෙන ඉන්න පුලුවන්නේ..." මගේ කට අතෑර දබර ඇගිල්ල දික් කර කර ඒ කියන වචනයක් පාසා මා තිගැස්සිනි.කොතරම් පිරිමි මිතුරන් ඇසුරු කලත් ඔවුන් මගේ කටකාරකමට හිනාවුනා මිසක.කිසිම දිනක මට ගැහැණියක ලෙස හැසිරෙන්නටයයි අණ කලේ නැත. " සර්....මට කියන්නේ....අපහාස විදගෙන කට වහගෙන ඉන්න කියලද.........." හිත පුරවාගෙන එන උණුසුම් හැගීම මැඩගෙන මම දැඩි හඩින් කතා කලෙමි. " දරාගන්න බැරිනම්....අඩනවා......ගෑනියෙක් වගේ......මතක තියාගන්නවා.....ගෑනියෙක්ගෙ කටට කරන්න බැරි ගොඩාක් දේවල් කදුලු වලට කරන්න පුලුවන්......" ඉතිං මේ කේන්තියෙන් දගලන පිරිමියා නොදනියි මා කදුලු ගල් කල කෙනෙකු බව.මට ලේසියෙන් අඩන්නට බැරි බව. " සර්....... මට කියන්න....සර්...මේ කේන්තියෙන් ඉන්නේ....මම ලැජ්ජ වින්ද නිසාද....නැත්තම්....මගේ කෑ ගැහිල්ල නිසා කම්පැනියට ලැජ්ජාවක් උන නිසාද......"හිත ඇතුලෙ ප්‍රශ්න තියාගෙන විදවන එක මට හුරු නැත.ඔහු මෙතරම් කේන්තිගෙන ඇති හේතුව මට දැනගැනීමට උවමනාය. මගේ ඒ පැනයට ඒ ඇස් ගැස්සුන බව මම පැහැදිලිවම දැක්කෙමි. " ඒක තේරෙන්නෙත් නැද්ද.....මේක ආයතනයක්.........ලොක්කො කරන දේවල් පොඩි එවුනුත් කරනව......" ඉතිං මට අවැසි වූයේ එපමනකි.ඔහු මා පිළිබද උණුසුම් හැගීම් හිත දරා ඇතැයි සිතා මම රැවටී ඇත. ඔහු සිටන්නේ ආයතනය ගැන මිසක් මා ගැන නෙවෙයි.ඇත්තෙන්ම මට මා ගැනම ලැජ්ජා සිතුනි.ආයතනික ප්රදානියාට සිත් බදින්නට තරම් මා බොළඳ වූයේ කෙසේද.....පිරිමියෙකු ලග දුර්වල නොවූ හැගීම් ඔහු ඉදිරියේ දියාරු කරන්න තරම් මා මෝඩ වූයේ ඇයි. " සොරි සර්.........වැරැද්දක් උනානම් සොරී......ආයෙ මේ ආයතනයේ ඒ වගේ දේවල් වෙන්නෙ නෑ......." හිත දැඩි වී ගල්වී ඇත.මම තද තීරණ ගනිද්දී දෙවරක් නොසිතන කෙනෙකි.ඉතිං එපමනක් කියා තවත් එතන නොරැදී මම මගේ කාමරය වෙත ආවෙමි. ඉතිං මගේ තීරණ දැඩිය.පණ දී ආරක්ශා කරන්නට හදන ආයතනයේම ප්‍රදානීන් අප වැරදිකරුවන් කරනවානම් තවත් එතන රැදී සිටීමේ පළක් නැත. මම මගේ අස්වීමේ ලිපිය ලියූවෙමි.ප්‍රදානී කාර්යලයේ හිදින ඔහුගේ බැල්ම සැරෙන් සැරේ මා වෙතට යොමු වූවත් එය නොදැක්කා සේ මම හිදියෙමි.සියල්ල එක්ලස් කොට මට අයත් දේ පමණක් අත්බෑගයට දමාගෙන ලොකූ හුස්මක් පිට කර මම කාර්යාලයෙන් එළියට ආවේමි. හිතට ශක්තිය අරගෙන මම ඒ දොර ඇරගෙන ඇතුලට ගියෙමි.ඉතිං යෂ්...ඔය නපුරු බැල්මට මින් ඉදිරියේදී මම රැවටෙන්නේවත් බය වෙන්නෙවත් නැත.අතේ වූ ලියුම ඒ මේසය මතට තැබුවේ හිතේ සැහැල්ලුවෙනි. " මොකක්ද මේ......." ඇහැ කොනෙන් වත් ලියුම දෙස නොබලා මගේ මුහුනේම ඇස් රදවාගෙන ඔහු විමසයි. " ආයේ මේ කම්පැනි එකට මගෙන් කරදරයක් නෑ සර්.......මම යනවා....ඔය මගේ රිසිග්නේෂ්න් එක......." වචනයකුදු බයක් නොපෙන්වා ඒ මුහුණ දෙසම බලාගෙන මම කියාගෙන ගියෙමි. " හිතුවක්කාර කම අතාරින්නෙම නෑ නේ......" ඒ බැල්මේ අර්ථය කුමක්දැයි මට තේරුමගන්නටම බැරිය. " සර්.....ඕනි විදියකට හිතාගන්න....." ඒ ටික කියා මම තවත් එතන නොරැදුනෙමි. " මන්දාරී.........." ඒ ඔහුගේ හඩය....ඒත් හැරී බලන්නටවත් මට උවමනා නැත. " මන්දූ......කොහෙද යන්නේ......" නදී බියවී ඇත. " මම අයින් උනා.මම වගේ එවුන් මේ කම්පැනි එකට ඕනි නෑලුනේ......" ඉතිං ඒ නම් පිටවුනේ ලොකු නෝක්කාඩුවකි. " බොට පිස්සුද මන්දූ.......මොකද මේ පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ ....."එවර නදීත් මා හා කෝප ගෙනය. " ඔයාටත් කියන්න තියෙන්නෙ අරයට කියපු එකම තමයි.ඕනි දෙයක් හිතාගන්න....මම යනවා......." හිතේ තියෙන ආවේගෙට මට නදීව පේන්නෙත් හතුරෙක් මෙනි.ඇයටත් රවාගෙන මූණට අහුවෙන හැමෝටම රවාගෙන මම ආයතනයෙන් එළියට බැස්සෙමි. ( මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 30 Apr 2018 11:57 PM වසන්තය නුඹම විය........11 කොටස අපේ නව නිශ්පාදනය අපේක්ශිත ආදායම ඉක්මවා අලෙවි වෙමින් තිබුනි. රැකියාව බාරගැනීමෙන් පසු මේ යශ් බාරගත් මුල්ම වගකීම මෙන්ම මා විධායක ශ්‍රේණියට උසස් වූ පසු මාද බාරගත් මුල්ම වගකීම යි. ඉතිං ඒ වගකීම අවශ්‍ය ප්‍රමාණය ටත් වඩා අපි හොඳින් ඉශ්ට කර තිබුනි. ඉතිං හිත සතුටිනි... මේ කාලය තුලදී තනූජ් ගැන මගේ හිතේ වූ පැහැදීම වැඩි වී තිබුනි. එහෙත් එය ආදරය නම් වූ ගැබුරු උනුසුම් හැඟීම නොවීය. ඔහු හා කතා කිරීමේ උවමනාව දැනුනත් ඔහු මුනගැසීමට ඔහුගේ උනුසුමේ රැඳීමට මට වුවමනා නොවීය... එහෙත්...... ..... මා බිය වූ කාරනාවක් ඇත .යශ් ප්‍රේමකුමාර් රාමචන්ද්‍රන් ....දිනකට එක් වරක් හෝ නොදැක්කොත් මගේ හිත ආයේම දුකිනි. ඒත් ඇයි ඒ... කොහොම උනත් මේ හැඟීම් දැනීම් සියල්ලම මටම ආවේනික වූ මටම රහසක් වූ හැඟීම් ය.හොඳම මිතුරිය වුවත් නදී ටවත් මේ දේවල් කීමට මම පසුබට උනෙමි..... මා ඇය මෙන් වූවා නම් .... පිරිමින් මෙතරම් අවිශ්වාස නොකලානම් ... පිරිමින් මෙතරම් පිලිකුල් නොකලානම් ... යශ් වෙනුවෙන් හිත ට කාවදින හැඟීමට ලෙහෙසියෙන් ම දොරගුලු දමන්නට තිබුනි... යශ් වෙනුවෙන් හිත ඇතුලේ පිබිදෙන සිතුවිලි උපන් ගෙයි ම මරා දමන්නට මට හේතු සාදක ඕනි තරම් ඇත... ඔහුත් මාත් ... ආගමෙන් ජාතියෙන් මෙන්ම සමාජ මට්ටමින් ද කොහෙත්ම නොගැලපෙයි ...බහුතරයක් ගැහැනු සොයන්නේ තමන්ගේ ආගමට ජාතියට වගේම සමාජ මට්ටමට ගැලපෙන පිරිමියෙක් ....එහෙත් මා එම බහුතර ගැහැනු කුලකයේ නොවෙමි .පිරිමියෙකු ලඟ මගේ හිත සතුටු වෙනවා නම්.... මගේ හිත සැනසෙනවා නම් මගේ හිත හුරතල් වෙනවා නම්.... මගේ දුක තුනී කර හැඬිය හැකි නම් ඔහු තමයි මා පතන පිරිමියා...එයට ජාති කුල අදාල නැත.... පිරිමියෙකුගෙ සිතේ මං ගැන ඇතිවෙන ප්‍රතිරූපය ගැන වෙනදා මම තඹ දොයිතුවකට මායිම් නොකලෙමි.එහෙත් මගේ මේ පමන ඉක්මවා කරනා සමහර විහිළු නිසා යශ් මා නිහොබිනා කෙනෙකු සේ සිතාවියයි මගේ සිත දැන් දැන් බිය වීමටද පටන් ගෙන තිබේ... මා මැදිවන්නට යන්නේ ලෙහෙසි පහසු ගැටලුවකට නොවන බව මට ඉවෙන් මෙන් දැනේ...එක් අතකින් මගේ හිතේ බැඳීමක් නැතත් තනූජ් මා ඔහුගේ පෙම්වතිය ලෙස සිතාගෙන ඉඳී...අනිත් අතට මගේ හිත එහෙම ආදරයක් ලැබෙන තනූජ් ව අතහැර යශ් ප්‍රේම්කුමාර් රාමචන්ද්‍රන් ගේ එක දසුනකින් පවා පිබිදෙන්නට පටන් ගෙන තිබේ....කවදා කොහොම කුමක් වුවත් අවසානයේ මා සමාජය ට වැරැදි කාරියක වන බව නොඅනුමානය .... මේ ගැටලුව දැන්මම විසදා නොගතහොත් සිදුවන්නේ විනාශයකි.... ඉතිං මා තීරණය කල යුතුය ... මම හිතින් පමනක් බැඳී අනිත් හැමදේම නොගැලපෙන යශ් ප්‍රේම්කුමාර් රාමචන්ද්‍රන් පසුපස දුවන හිත දැන්මම නවතා ගත යුතුය. එහෙත් ඒ ගැන හිතද්දී පවා මගේ සිත මෙතරම් මූසල පාලු හැඟීමකින් පිරිලා යන්නේ ඇයි ?... අනෙක් අතට අතරම් මා ගැන බලාපොරොත්තුවෙන් හිඳිනා තනූජ් ට මම කරන්නේ පව් වැඩක් නෙමෙයිද? මම මෙතෙක් කලක් ඇදහූ දෙයක් ඇත.එනම් ගැහැනියක තමන්ට සමීප කරගත යුත්තේ තමන් ආදරේ කරන පිරිමියාව නොවෙයි.තමාට ආදරේ කරන පිරිමියවයි.ගැහැනියක් ආදරය පුදන විට එය පිං ලිදක් මෙනි.ලබාගන්නා කොතරම් පරිබෝජනය කලත් ඇය සතුටින් එය විඳ දරා ගන්නවා මිස දුක් නොවෙයි.එහෙත් බහුතරය කරන්නේ තමන්ගේ පිපාසය සන්සිදුවාගෙන ලිදත් විනාස කර යාමයි. එහෙත් ගැහැනියට ආදරය ලැබෙන විටඑය පෞද්ගලික ලිදක් මෙනි.ඔහු තමා සන්තකම දෙය ආරක්ශා කොට නියමිත මොහොතේ පමණක් විනාශයක් නොවන පරිදි පරිබෝජනය කිරීමට දනී.... ඉතිං නිවැරදිව සිතා බැලුවොත් මා ලංකරගත යුත්තේ තනූජ් ව මිස යශ් ව නොවේ. " මිස්..." කුමුදුමාලා මගේ කාමරයට ආවාය. ඒ මුහුනෙහි ඇත්තේ කැලබීම යි. "ඇයි කුමූ??..." " අනේ මිස් .... කවුද මනුස්සයෙක් ඇවිත් අපේ අලුත් බිස්කට් එකක් ඇතුලේ පනුවො හිටියයි කියලා කියනවා.එයාලා ඒක කම්ප්ලේන් කරන්නලු යන්නේ..." ඇගේ බියමුසු ප්‍රකාශයට ඇත්තටම මමත් බිය වුනෙමි.එහෙත් මම දෙයක් ඉගෙන ගෙන ඇත. මෙය තරගකාරී සමාජයකි.අපගේ නව නිශ්පාදනය ඉතා සීග්‍රයෙන් මිනිසුන් අතර ප්‍රසිද්ධ විය . ඉතින් තරගකාරී අනෙක් බිස්කට් සමාගම් මෙම නිශ්පාදනය අසාර්ථක කිරීම සඳහා ඕනෑම දෙයක් කරනු ඇත. " කුමුදු ගිහින් බිස්කට් එක අරගෙන එන්න." මගේ උපදෙස් අරගෙන ඇය යන්නට ගියාය. පලමු තොගයේවත් තවම දින අවසන් වී නැත.ඉතිං වැරදිලාවත් අප නිශ්පාදනයට පනුවො ගසන්නට ඉඩක් නැත. මේ නම් කුමක් හෝ උගුලකි... කුමුදුමාලා බිස්කට් පැකට් එකත් රැගෙන තත්පර ඇතුලත නැවතත් මගේ කාර්යාලයට ආවාය.ඇය මේසය උඩින් තැබූ බිස්කට් පැකට්ටුව දෙස මම පරීක්ෂාකාරීව බැලුවෙමි.බිස්කට් කවරයේ කිසිදු වෙනසක් නැත. "කුමුදු.... මම ඔයාට උගන්වලා තියෙනවා නේද මේ වගේ වෙලාවල් වලට කරන්න ඕනි දේ.." මම හඬ අවදි කලේ බිස්කට් කවරය දෙස බලාගෙනමයි.... " ඔව් මිස්..." " මොකද්ද මම ඔයාට කියලා දීලා තියෙන්නේ...?" " මේක අනුකරණයක් ද කියලා බලන්න ඕනි....." " ඉතිං ඔයා බැලුවද...." මම ඇය දෙසට නෙත් පා කලෙමි. " ඔව් මිස් පැකට් එකේ තියෙන ඔක්කොම සලකුනු අපේ ඒවට සමානයි.... අනේ මිස් අපි දැන් මොකද කරන්නේ ..... " කුමුදුමාලා බිය වී ඇත . " කුමුදු අද මම ඔයාට තව දෙයක් උගන්නන්නම්.... කවදාවත් ඇහෙන් පේන දේ විතරක් විශ්වාස කරන්න එපා...." " මිස්......." ඇය මා දෙස බැලුවෙ පුදුමයෙනි. " අර කබඩ් එකේ ඇති අත් කාචයක්.ඒක අරගෙන එන්න......" මේසයෙන් එපිටට වෙන්නට තිබූ මගේ ලිපිද්‍රව්‍ය ඇතුලත් කබඩය වෙත් නෙත් යොමු කරමින් මම කීමි. මා දන්නා එක දෙයක් ඇත.රාමචන්ද්‍රම් යනු තමන් අදහන දෙවියන්ට අප්‍රමානව ගෞරවය දක්වන මිනිසෙකි.ඒ නිසාම තමන්ගේ ඉශ්ට දෙවියන්ගේ නම තම නිශ්පාදන වල සියුම්ව සදහන් කිරීමට ඔහු තීරණය කර තිබ්බේ මේ ආයතනය ආරම්භයේ දීමය.ඉතිං ඉන්දියාවේ දී නිපදවන බිස්කට් නිශ්පාදන යන්ත්‍ර තුල ඒ ලාංචනය පිටතට නොපෙනෙන පරිදි සදහන් කර ඇත.පියවි ඇසට නොපෙනෙන් පරිදි සෑම බිස්කට් එකක් තුලම ඒ ලාංචනය සදහන් වේ. ඉතිං මේ අපේ නිශ්පාදනයක් නිවන බවට ඔප්පු කල හැකි එකම සාදකය එයයි... " ආ ... මිස් ... " කුමුදු මට අත් කාචය දික් කලා.... මම ඒ හැම බිස්කට් එකකම සෙන්ටිමීටරෙන් මීටරය පර්ක්ශා කලා ...හිතට දැනුනෙ ලොකු සැනසිල්ලක් .මේ එකකවත් අපේ ලාංචනය නෑ... " "කුමුදු මේ අපේ ඒවා නෙමෙයි ...බලන්න මේ බිස්කට් එකකවත් අපේ ලාංචනය නෑ." මම අත් කාචය කුමුදුට දික් කලේ එහෙම කියාගෙනමයි.කුමුදු බිස්කට් එක පරීක්ශා කලේ දිලිසෙන ඇස් වලින්. " අනේ ඔව්නෙ මිස්..." ඒ මූන හිනාවකින් පිරිලා... " මේ බිස්කට් එක ඒ මනුස්සයට දීලා කියන්න මේවා අපේ නෙමෙයි කියලා. එයා අනුකරණය කට රැවටිලා කියන්න..." මම සැහැල්ලු හුස්මක් පිටකරනගමන් බිස්කට් එක එයාට දික් කලා... කුමුදු බිස්කට් එකත් රැගෙන නැවතත් ගියාය. යශ්ගේ කාර්යාල කාමරය තවමත් හිස් ය. උදෑසන දහයත් පසු වී ගියත් ඔහු තවම නැත .හිත ඇතුලේ වූයේ නොරිස්සුමකි.නොරිස්සුම ඔහු සමගද ... මා සමගමද කියා මට නොතේරේ.. " කවුද තමුන්ද මෙතන ලොක්කා.??.. " කියා අවසරයකින් තොරව උස මහත මිනිසෙකු කාමරයට කඩා පාත් විනි. ඊට පිටුපසින් නදීත්, කුමුදුමාලා ත්, සත්සරත් සුනිලුත් දුව එයි. " ඔව්..... ඇයි???? " හිත බිය වී ඇතත් මම ශක්තිමත් හඩකින් කතා කලෙමි. " තමුන්ලා මිනිස්සුන් ට කන්න දෙන්නේ මේවද?.... ඒවා ගැන කම්ප්ලේන් කරන්න ආවම තමුන්ලගෙ නෙමෙයි කියලා මිනිස්සු රවට්ටනවද? ආ....." ඔහු ඇගට කඩා පනින්නේ යක්ශයෙකු පරිද්දෙනි... " දැන් මිස්ටට වෙන්න ඕනි මොකද්ද කියන්න ...." මම මුහුනට සිනාවක් නගා ගතිමි. " මේ වෙච්චි දේට මට වන්දියක් ඕනේ... නැත්නම් මම කම්පැනියට විරුද්ධව නඩු දානවා... එහෙම නැත්නම් මේක මීඩියා වලට දෙනවා... " ඔහු හැසිරෙන්නේ .... අනෙක් සෑම වංචාකාර මිනිසුන් හැසිරෙන පරිද්දෙනි.මගේ හිත යටට දැනුනේ හිනාවකි. " කීයක් විතර ඕනිද? ...." මම යන්තමින් බියගත් මුහුනක් මවා ගතිමි. " මට ලක්ශ පහක් ඕනි..." මේ මිනිසා කිසිම කැතක් හිරිකිතයක් නැතුව ඒ ටික කීය. "දුන්නේ නැති උනොත්?...." " දුන්නෙ නැති උනොත් මම මේක මීඩියා වලට දීලා කම්පැනියට නඩු දානවා ....." මේ මිනිසා මෙසේ කියවන්නේ මා කෙල්ලෙකු වූ නිසා විය යුතුය.එහෙත් ඔහු දන්නේ නැති දෙයක් ඇත .මා අන් කෙල්ලන් මෙන් පුංචි දේටත් බය වෙන කෙනෙකු නොවෙයි. " හරි මිස්ට ඔයාට පුලුවන් දේ කරන්න...අපි අපිට පුලුවන් දේ කරනවා...හැබැයි උසාවියේදී ඔප්පු උනොත් මේ අපේ බිස්කට් නෙමෙයි කියලා , මම ඔයාට ආයෙත් නඩුවක් දානවා කම්පැනියට අපහාස කිරීම සම්බන්ධයෙන් .ඉල්ලම වන්දිය කෝටි දෙකක්.... දරා ගන්න පුලුවන් ද?.... " මම බියක් සැකක් නැතුව පුටුවෙන් නැගිට ඔහු අසලටම ගොස් කීවෙමි. මෙවන් ගැටලු මා අනන්තවත් විසදා ඇත .මේ අවස්තාවල හැසිරිය යුතු ආකාරය හොදින් දන්නා නිසාම නදීලා සත්සරලා පසුපසට වී බලා හිදී. " මොකද්ද බැල්ලී තෝ කිවුවේ..." මෙතෙක් වේලා අප ඉදිරියේ රඟ පෑ මිනිසාට මා බය කරගත් නොහැකි තැන තරහයන්නට ඇත .එහෙත් පිරිමියෙකුගේ වදන් වලට බය නැති මා .... ඔහුගේ වදන් වලට බය වෙනවා වෙනුවට තරහ ගත්තේය... " කවුද මිනිහො බැල්ලී.... ආ... හොඳින් කතා කරලා යන්න කිවුවම යන්නේ නැතුව රන්ඩු වට ආවේ තමුසෙ නේද ...."ඉතිං මගේ ඉවසීමේ සීමාවන් ඉක්මවා ගොස් තිබුනි. " "මන්දාරී නවත්තගන්න ඔය ඇති..." සත්සර මගේ ආරක්ශාවට මා අසලට එන්නට සූදානම් විය. " සත්සර ඉන්න.... මේක මගේ සෙක්ශන් එකේ ප්‍රශ්නයක් ... ඒක මටම විසඳගන්න ඕනෙ... ඔයාලා මේවට අත දාන්න එපා... " මම සත්සරටත් කෑ ගැසුවෙමි....මගේ හැටි දන්නා නිසාම ඔහු නිහඩ විය. " ආ .... තමුන් චන්ඩියෙක්ද?.... " අර මිනිසා මුවගට නගා ගත්තේ සමච්චල් සහගත හිනාවකි.. " මම චන්ඩියෙක්ද නැද්ද කියන එක ඔහේට අදාල නෑ....කරුනාකරලා දැන් යනවා මෙතනින්... තමුසෙලා වගේ මිනිස්සුන් ව මම බලාපොරොත්තුවෙන් තමයි හිටියේ.තමුසෙව මෙහෙට එවුවෙ මොකා උනත් ඒකට ගිහින් කියනවා ඔය වගේ මෝඩ ප්ලෑන් වලින් මේ කම්පැනි එක වට්ටන්න මම ඉන්නකන් බෑ කියලා...." මගේ පුපුරන කෝපය නතරවන්නේ නැත.... " ආ එහෙම ද මැඩම්ගෙ කතාව.... ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින් තමුසෙලා වගේ ගෑනු මේ වගේ ලොකු පුටු වලට එන්නේ මොන දක්ශතාවය පෙන්නලද කියලා අපි දන්නවා...එහෙම උන්ට ඔය වගේ කටවල් පිහිටන එක පුදුමයක් නෙමෙයි .... " මේ මිනිහා කියන්නේ කෙල්ලෙක්ට දරාගන්න බැරි වචනය.එහෙත් ඔවැනි දේවල් වලට සැලෙන සිතක් මය නැත. " මම මොන දක්ශතාවය පෙන්නලා ...." කියාගෙන ආපු දෙය මට අවසන් කිරීමට නොලැබිනි කන පුපුරන්නට වැදුනු පහරට මට උන් හිටි තැන් අමතක විය. " මන්දූ..." කකුල් පන නැතුව වැටෙන්නට ගිය මාව අල්ලා ගත්තේ නදීය.... "එස් .... ඕ..... " බිල්ඩිම දෙදරන්න කෑ ගැසුවේ යශ් ... ප්‍රේම්කුමාර් රාමචන්ද්‍රන් ... මම සීතල වූ බැල්මකින් ඒ මුහුන දෙස බැලුවෙමි.... ඒ වතෙහි වූ ගිනි පිටවන චලනයන් මා ඇත්තෙන්ම බිය වැද්දිය.... "ස්... සර් ....." ආරක්ෂක නිලධාරයා දුවගෙන ආවේ බියමුසුව. " තමුසෙට අපි සල්ලි ගෙවන්නේ මොකටද ...ආ...ඇතුලේ මෙච්චර ලොකු රන්ඩුවක්.... මෙතන මිනිහෙක් මැරුනත් තමුසෙ දන්නේ නෑ...." යශ් ගේ කඩා හැලෙන කෝපය මන් මේ දකින පලවෙනි වාරය.ඉතිං ඔහු මෙතරම් දරුනු යැයි මම නොදැන සිටියෙමි.... එහෙත් ඇයිද මන්දා ... ඒ දරුනු කමටත් මගේ හිත බැදේ... " ස් ...සොරි සර් ... ආරක්ෂක නිලධාරියා ගැහෙයි.... "කතා කරනවා පොලීසියට දැන්මම... " පිලිකුල් සහගත බැල්මකින් අර මිනිසා දෙස බලාගෙන ඔහු ඒ නපුරු වදන් පිට කලේය. " එතකොට මේ කම්පැනියේ වෙන පිරිමි නැද්ද.... කොහෙද ඉඳන් ඇවිත් මෙත්න මිනිහෙක් කෑ ගහනවා.... ඒකට කතා කරන්න තරම් කොන්ද මිනිහෙක් මෙතන නැද්ද.... මීට පස්සේ මතක තියාගන්නවා මෙහෙම මිනිහෙක් ඇවිත් කෑ ගැහුවොත් බය නැතුව අත පය කැඩෙනකන් ගහනවා...තමුසෙලා හිරේ ගියොත් මම බලාගන්නම්... " පිරිමියෙකු ගේ තිබිය යුතු බිය නැති ශක්තිමත් බව මම යශ් ගෙන් දකිමි.ඉතිං ඔහු වෙත් ඇදෙන හිත නවත්තගන්නේ කොහොමද.... ඒ මොනා උනත් සත්සරත් සුනිලුත් නිකරුනේ මෙලෙස බැනුම් අසන්නේ මම නිසාය. " සර් එයාලට මමයි .... " මම ලෑස්ති උනේ නිකරුනේ වරදක් නැතුවම බැනුම් අහන සත්සරලා බේරාගැනීමටයි...එහෙත් මා වෙත හෙලූ ඒ නපුරු බැල්මට මම සීතලව ගොලුව ගියෙමි. "තමුසෙ කට වහ ගන්නවා ..... නදී මෙයාව මගේ රූම් එකට දාලා ලොක් කරන්න... එයත් එක්කත් මට වෙනමම බේරගන්න දෙයක් තියෙනවා...." ඉතිං කිසිවෙකු මේ වන තෙක් මා මෙලෙස බිය වද්දා නැත.කිසිම කෙනෙකුට මා බිය උනේද නැත.... ඔවුන් සියලල්ම එතන සිටියදී නදී මා ඇදගෙන විත් සර් ගෙ රූම් එකට දමා දොර වසා ගත්තාය.... (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 30 Apr 2018 11:56 PM වසන්තය නුඹම විය.......10 " නෙතූ..........ඉන්ජෙක්ෂන් වලට ඔච්චරම බය නම් කියන්න එපැයි......." යෂ් වාහනය පදවන ගමන් අහනවා.මම හිටියෙ මූනත් පුම්බගෙන ඉස්සරහ බලාගෙන.ඇයි දෙවියෙනේ වෙච්ච ලැජ්ජාව සුලු පටුද. " නෙතු.....අහගෙනද ඉන්නේ......" මගෙන් උත්තරයක් නැති පාර ආයෙත් ප්‍රශ්නයක්. " මම ඉන්ජෙක්ෂන් වලට බය නෑ....." වෙච්ච ලැජ්ජාවෙන් පොඩ්ඩක් හරි ගැලවෙන්න එපැයි.ඒකයි මම එහෙම කිව්වේ. " එහෙනම්....කලන්තෙ දැන්මේ......." "මට බඩගිනි වෙලා හිටියෙ. ඒකයි ... බෙහෙත් ගදට කලන්තෙ දැම්මේ.. " මම ඉතින් එහෙම කිවුවේ ඒක බොරුවක් නෙමෙයි නිසා.ඇත්තටම මම ඒ වෙලේ හිටියෙ බඩගින්නෙ. "ඉතින් බඩගිනි නම් කියන්න එපැයි..." කිසිම කැතක් කුනක් නැතුව මෙයා මේක කියපු කැත විතරක්. "ඒක ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනෙද? ... මනුස්සයෙක් නේද ඔයා... මනුස්සයෙක් උනාම දවසට අඩුම තරමෙ තුන් වේලක්වත් කන්න ඕනි කියලා දන්නෙ නැද්ද?..." ආයෙ හිත හිත ඉන්න ගියේ නෑ. මම ඒ ටික කියලම දැම්මා .ඇයි දෙයියනේ.... මම කිවුවේ බොරුවක් නෙමෙයි නේ.මට බඩගිනි කියලා මම කියන්න ඕනෙද .උදේ ඉදන් එයා එක්ක හිටපු කෙනා බඩගින්නෙ කියලා තේරෙන්නේ නැද්ද.. මේ මොන සමයමක්ද?.... මම කෑගැහුවා. මම කලන්තෙ දාපු ලැජ්ජාවත් එයාගෙ පිටම වැරැද්ද දාලා වහගන්නයි මට ඕනි උනේ. "හරි හරි.... කටවහගන්නවා.... මට ඒක අමතක උනා... "ඒ පාර එයාට තරහ ගිහින්ද?... ඒත් ඒක මහ පුදුම කතාවක්න. "අමතක උනා.... බඩක් නෙමෙයිද ඔයාට තියෙන්නේ.... ඔය බඩටවත් තේරුනේ නැද්ද කන්න ඕනෙ කියලා...." උදේ බල්ලා එලවපු එකටයි කලන්තෙ දාපු එකයි ඔක්කොම මගේ මොලේ ඇතුලේ එකතු වෙලා මට පිස්සු හැදිලද කොහෙද? .... යශ් මට උත්තර බඳින එක නැවැත්තුවා.මූන කලු කරගත්ත හැටි දැක්කමනම් මටත් බය හිතුනා.ඒ නිසා මමත් කට වහගත්තා. දැන් හතරත් පහු වෙලා.කලන්තෙ දාපු වෙලාවෙ මට සේලයින් දීපු නිසාද කොහෙද එච්චර ඇඟට අමරුවක් නම් නෑ.ඒත් එහෙමයි කියලා නොකා ඉන්නත් බෑනේ.. යශ් වාහනය නැවැත්තුවේ ඉන්දියන් අවන්හලක් ඉස්සරහා .ඔන්න එතකොටයි මගේ මූනට හිනාවක් ආවේ... "සර් අපි කන්නද ආවේ?... " මෙච්චරයි වෙලා මම එයාට බැන්නයි කියලා මටම අමතක උනා.... මම හිනා පිරිච්ච මූනෙන් එහෙම අහද්දී යක්ශ බැල්මකින් තමයි මට උත්තර ලැබුනේ..... "අනේ .... කියන්නකො සර් ... අපි මේ කන්නද ආවේ...." මට ඕනි උනේ එයාව තව ටිකක් තරහ ගස්සන්න.... අනේ මන්දා මං හිතන්නේ මට පිස්සු .... " කන්න.... නෙමේ....නාන්න ආවේ....එනවා....." මගේ කන්කරච්චලේ ඉවසගන්න බැරුවද කොහෙද යෂ් එහෙම කියලා වාහනෙන් බැස්සා. " නාන්න..... මෙහෙම.....මම ඇදුම් ගෙනාවෙත් නෑ......." අනේ මන්ද මට මේ මානසික ලෙඩක්ද කියලා.මගේ විහිලු වලට තරහ ගන්න කෙනෙක් හිටියොත් එයාව මට තව තවත් තරහ ගස්සන්නමයි හිතෙන්නෙ.අනික කොයි තරම් බැරෑරුම් අවස්ථාවක්දි උනත් මට හරි ඉක්මනට මගේ මූඩ් එක වෙනස් කරගන්න පුලුවන් විශ්මිත හැකියාවක් තියෙනවා. "නෑ.... නෑ .... කන්න ඕනි නෑ.තමුන්ට කන්න නෙමෙයි විහිළු කර කරනෙ ඉන්න ඕනි ."යශ් ඇවිත් ආපහු වාහනෙන් වාඩි උනා.එනපොට හොඳ නෑ කියලා මටම තේරුනා.ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නෑ ... තියරිය මට ඉක්මනට මතක් උනා. "සර්ට කන්න බැරිනම් මට සල්ලි දෙන්න මම කාලා එන්නම්...." ඒ නපුරු මූණ දිහා බලාගෙන මේ විදියට කියවන්න මගේ කටට බයක් කියලා නාමයක් ගෑවිලාවත් නෑ.ඒත් යශ් නෙමේ වචනයක් වත් කතා කලේ.අත් දෙකත් පපුව මැද්දෙන් බැඳගෙන සීරුවෙන් හිටගෙන අවන්හලේ නාම පුවරුව දිහා බලාගෙන පුපුර පුපුර ඉන්නවා ... " හරි හරි සර් ... විහිලුවක් කලේ...යමුකො කන්න..."අනවසර හැඟීමක් ද , අනවසර බැඳීමක් ද .... මම දන්නේ නෑ... ඒත් මටත් නොදැනී මගේ අත් ඒ අත් වල පැටලුනා.. යශ් මගේ දිහා බැලුවේ බය වෙලා.... මම කරපු වැරැද්ද මට තේරුනා....මන්දාරී ..ඔයා නෙමෙයි මෙ...ඇයි මෙහම සීමා මායිම් නැති නැහැදිච්ච කෙල්ලෙක් විදිහට හැසිරෙන්නෙ......මගේ හිත මටම බැන වැදුනා.සර් මගේ දිහා බලාගෙන ඉන්නෙ ඒ බැල්මෙන් නේද?. මම මගේ ඇස් ඒ ඇස් වලින් මුදවා ගත්තෙ විදුලි වේගයෙන්.පිරිමින්ගේ බැල්ම පවා අවිස්වාස කරන මන්දාරී...ඇයි මේ.. මොකද වේලා තියෙන්නෙ..ඔව්.. මන්දාරී කොල්ලෙක්ගෙ හුලගවත් වැදිච්ච නැති පවිත්‍රත්වයේ සන්කේතයක් නෙමෙයි.අනන්තවත් පිරිමි මිතුරන්ගේ බාහු වල එල්ලී සිනාසුනු වාර අනන්තයි.ඒත් .. ඒ මිතුරන් .. මිතුරන් ඇරෙන්න වෙන පිරිමින්ගෙ ඇගේ වැදිලා එන හුලගත් මන්දාරීට අප්පිරියයි..එහෙනම් ඇයි මේ...යෂ් ප්‍රේම් කුමර් රාමචන්ද්‍රම් ඔෆිස් එකට ඇවිදින් තාම මාසයයි.අඩුම තරමෙ මුනට මුන කත කරලා තියෙන්නෙ අතේ ඇගිලි ගානට..ඉතින් එයා මගේ යාලුවෙකුත් නෙමෙයිනෙ.එහෙනම් ඇයි මම එයාගේ පස්සෙන් මෙහම යන්නෙ..... "සර් කන්න ඕනි නෑ .. අපි යමු..." හිතේ තිබ්බ කැලබීම පාලනය කරගෙන මම අහක බලාගෙන වචන පිට කලා. මට උත්තරයක් ලැබුනේ නෑ.... නිහඬවම යශ් මගේ දිහා බලාගෙනම ඉන්නවා කියලා මට තේරෙනවා.මට නොපෙන්නුනාට ඒ ඇස් බැල්ම වැටිලා ඇත්තේත් මගේ මූණට... " සර් , මගේ මූනේ පෙරහැරක් යනවද?..."මගේ හිත කොයිතරම් බරපතළ විදියට හිතන්න හැදුවත් සමහර වෙලාවට මගේ කට මට ඕනි විදියට පාලනය වෙන්නේ නෑ.... "මට බඩගිනි .... යමු ..." ගොඩාක් නිවිච්ච කටහඬක් මට ඇහුනා...මම සර්ගෙ මූණ බැලුවේ මේ කතා කලේ සර්මද කියලා මටම හිතාගන්න බැරි නිසා...ඒත් එයා මගේ බැල්ම මගඇරලා වාහනෙන් බැස්සා.... දැන්නම් මටම හිතාගන්න බෑ...මටද පිස්සු ... නැත්නම් සර් ටද පිස්සු ....මට පිටුපාල යන ඒ රූපෙ දිහා මම බලාගෙන හිටියේ කැලබිච්ච හිතෙන්....අඩි දහයක් විතර අවන්හල දිහාට ඇවිදගෙන ගිහින් එයා ආපහු හැරිලා වාහනේ දිහාට ආවා.... "දැන්නම් මන්දාරි.... කාර් එකෙන් බැහැලා මගෙත් එක්ක ආවේ නැත්නම් ....කෑම එකක් ගෙනල්ලා මම ඔලුවෙ හලනවා..."යශ් කියවගෙන කියවගෙන ගියා...ඒ මොකද වුනේ.... " කන ඇහෙන්නේ නැද්ද...."පලවෙනි ප්‍රකාශයට මගෙන් ප්‍රතිචාර නැති නිසා දෙවෙනි ප්‍රකාශය ටිකක් සැරෙන් පිට වුනා... "ආ.... සර්..... හරි..... හරි..... ඇහුනා... මම .... එනවා...." නිකන් නින්දෙන් නැගිට්ටා වගේ දඩ බඩ ගාලා කාර් එකෙන් බැස්සා ....හිතුවට වඩා මෙයා හරි සැරයිනේ... මගේ මූණවත් බලන්නේ නැතුව මෙයා ඇතුලට යනවා...අම්මෝ.... මෙයාගෙ තියෙන ඝනකම...මමත් මොන්ටිසෝරි ළමයව ඉස්කෝලෙ අරගෙන යනවා වගේ කට වහගෙනම එයාගෙ පස්සෙන් ගියා... වැඩිය සෙනග නම් නෑ....ඒක හොඳයි. එන සුවඳට මගේ රස නහර ඉලිප්පි ඉලිප්පි එනවා... " නෙතූ මොනවද කන්නේ?..." අවන්හලේ සේවකයා ඇනවුම බාරගන්න අපි ලඟ.මම මගේ අතේ තිබ්බ ආහාර වට්ටෝරුව බැලුවා.... ගොඩක් කෑම ජාති තියෙනවා...ඒත් කොහේ ගියත් මගේ ඇහැ නවතින්නේ එකම කෑමක් ලඟ.... "මට තෝසෙ ඕනි" මම හිනාවෙලාම උත්තර දුන්නා... "චිකන් කනවනේ?...." එයත් වට්ටෝරුව දිහා ඇස් කරකවන ගමන් මගෙන් අහනවා.ඒත් තෝසෙයි මසුයි අතර තියෙන ගැලපීම මොකද්ද කියල අහන්න හිතුනත් ආයෙ එයාව තරහ ගස්සන්න ඕනෙ නැති නිසා මම "ඔව්" කියලා උත්තර දීලා සංවර විදියට හිටියා... "වේටර් අපිට වෙජිටේරියන් නෝමල් රයිස් එකයි... චිකන් රයිස් එකයි ගේන්න..." මගේ මූණවත් බලන්නේ නැතුව එයා ඇනවුම කියාගෙන ගියා... එතකොට කෝ තෝසෙ .... මේක පිටතැනක් නිසා රන්ඩු කරන්නත් බෑ.... " සර් කැත වැඩ කරන්න එපා..." වේටර්වරයා ගිය ගමන් මගේ කට ඇතුලේ හිරවෙලා තිබ්බ වචන පිට වුනා.... " ඇයි මොකද???? " කිසිම වැරැද්දක් නොවුන ගානට එයා නිකං දැන් මේ ලෝකෙට පාත් වුනා වගේ පුදුම වෙලා මගෙන් අහනවා.... " කෝ මට කෑම " මම මූන රකුසු කරන් ඇහුවා.... "ඔයාටත් එක්ක තමා ඕඩර් කලේ" එයා ආයෙත් ඇස් දෙක ආහාර වට්ටෝරුවටම යොමු කලා.... " මට මොනාද ඕඩර් කලේ.මම ඉල්ලුව්වෙ තෝසෙනෙ......." මට ඉතිං කේන්තියි.හොදටෝම බඩගිනි වෙලා ඉන්න වෙලාවක තරහා යනවා කියන්නෙ ඉතිං මරණෙකට මුල තමා. නෑ....තෝසෙ නෙමෙයි....ඔයා කන්නෙ බත්......." තනිකරම විදායක බලතල අතට අරගෙන එයා කතාව. " ඒ....මොන විකාරයක්ද.....මම කන්නෙ මට ඕනි දේ.....මට ඕනි තෝසෙ මිසක් බත් නෙමේ......." මගේ හිතේ පුපුරු ගහන තෝසෙ නැති වීමේ වේදනාව සුලුපටු නෑ. " උදේ ඉදන් මුකුත් කාලා නෑ......ඒ මදිවට කලන්තෙ දැන්මා....එහෙම තියාගෙන තෝසෙ කාලා හරියනවද.....තමුන් කන්න ඕනී බත්.......හරිද......" ඒ ඇස් ආයෙ පාරක් නපුරු වෙලා.මේ මොන කරුමයක්ද..... " මට බෑ........." මමත් හිතුවක්කාරයි. " මගේ යකා අවුස්සගන්න එපා......කඩ කෑම කාලා කාලම තමුන් ලෙඩක් හදාගන්නවා......." ඇහෙන නෑහෙන සද්දෙට මෙයා මට බනිනවා.මන්දාරී.....කොහොමද ඔයා පිරිමියෙක් මෙහෙම බනිනකොට ඉවසන්නේ.හරිනම් ඔයා මේ වෙනකොට මෙතන යකා නටනවා. " මට එපා කිව්වනේ........" මගේ හඩ දුර්වල වෙලා.මට මේ වෙලාවෙ දැනෙන්නෙ අහිමි වීමේ වේදනාව. වෙන දෙයක්නම් කමක් නෑ....තෝසේනේ.....ඉතිං ඉවසන්නෙ කොහොමද. අවන්හල් සේවකයා අපේ ඇනවුම ගෙනත් තිබ්බා.එළවලු කෑම එයාට මස් කෑම එක මට.......මට නම් එපා.... " කන්න......" සම්පූර්ණ බලතල එයා අතට අරගෙන එහෙම කියලා සත පහකට මාව මායිම් නොකර එයා කනවා. මම අත්දෙකත් බැදගෙන එයා දිහා බලාගෙන හිටියෙ පුලුවන්නම් එයාව කන කේන්තියෙන්. " හිතන තරම් ලේසියෙන් මාව් කන්න බෑ.ඒ නිසා ඔය කෑම එක කනවා......" මාව ගැස්සුනා.මගේ මූන දිහාවත් බලන්නෙ නැතුව එයා මගේ හිතේ තියන දේ කියන්නෙ කොහොමද . එයා කෑම එක රස කර කර කනවා.ඒක දකිද්දි මගේ බඩගින්න වැඩි වෙනවා.ඒත් මට ඕනි තෝසෙමයි. " දැන් ඔය කෑම එක කන්නෙ නැද්ද......" මම ඉන්නවා කියලා වගේ වගක් නැතුව කන මනුස්සයා මගෙන් ඒ විදියට අහන්නෙ මූණ උස්සලා නිකමටවත් මන් දිහා නොබලමයි.සද්දයක් නැතුව හිටියා මිසක් මම වචනයක්වත් කතා කලේ නෑ. " මන්දාරී....... මම හොදින් කියන්නෙ.....තව විනාඩි දෙකයි බලන්නෙ ..කෑවෙ නැත්තන් මම දෙපාරක් හිතන්නෙ නෑ ඕක ඔලුවෙ හලන්න........" කිසිම අනුකම්පාවක් නැති මනුස්සයෙක් තමයි......ඒ වගේම මම තව දෙයක් මේ වෙනකොට දැනගෙන හිටියා.ඒ තමයි එයා මට නෙතූ කියන්නේ සාමාන්‍ය වෙලාවට. එයා මට මන්දාරී කියලා කියන්වනම්....එයා ඉන්නෙ මාත් එක්ක තරහින්. ඉතිං මම දැනගත්තා දැන් මම මේක නොකෑවොත් ඇත්තටම මෙයා මේක මගේ ඔලුවෙ හලනවා සිකුරුයි.මොනා කරන්නද ..... මම පරාජය බාරගත්තා .... " නෙතූ......... මොනාද බොන්නේ......" බත් එකෙන් බාගයක් විතර කාලා ඉවරවෙනකොට මෙච්චරවෙලා සද්ද නැතුව හිටපු මනුස්සයා ආයෙත් අහනවා. සතුටු ඇති එයාට .මම් පරාජෙ බාරගත්තනෙ. " කොකා කෝලා........" මම තරහෙන් පුපුර පුපුර උත්තර දුන්නා. " ඒවා මෙහේ නෑ........." " එහෙනම්...පෙප්සි......." මම ආයෙත් උත්තර දුන්නා. " මන්දාරී..... මොන ජරාවද ඔය බොන්න පුරුදු වෙලා තියෙන්නේ......දවසක කොකා කෝලා වීදුරුවකට පනුවෙක් දාලා බලනවා මොකද වෙන්නෙ කියල...." ආයෙත් තරහෙන්.මට ඊට වඩා තරහයි.මෙයා හදන්නෙ මම කැමති බීමත් අරගෙන නොදී ඉන්නනේ. " මොනා වෙන්නද පනුවා මැරෙයි....." හිතේ තියෙන තරහව කොච්චර උනත් මම සංසුන් උනා. " ඒක දැන දැනද ඔය බොන්නෙ......." මගේ මූණ දිහා එයා කන එකත් නවත්තගෙන බලාගෙන අහනවා. " ඔව්.....මට පණු අමාරුවනේ.....ඒකට හොදයි කොකාකෝලා......" මම ඉතින් වටපිට බලන්නෙ නැතුවම ටිකක් හයියෙන් කියලා දැන්මා.වටෙන් පිටෙන් අමුතු අමුතු හිනා සද්ද එනකොටයි මම වටපිට බැලුවෙ .... විලි ලැජ්ජාවයි....වටේ හැමෝම අපේ කතාව අහගෙන ඉදලද.... " ඇත්ත පිළිගත්තු එක හොදයි.....ඔයාට පණු අමාරුව කියලා දකින හැමෝටම පේනවා...." යෂ් මූනට එන්න හදන හිනාව ව්ලක්වගෙන නපුරු මූනක් මවාගන්න උපරිම උත්සහය ගන්නවා. " විහිලු නැතුව කියන්න මොනාද බොන්නේ........" කියන දේ තේරෙන්නෙ නැති හැටි.මේ මනුස්සය හදන්නෙම මාව අවුස්සන්න. " මට මුකුත් එපා....මම වතුර බොන්නම්........" තරහ වැඩි කමටමයි මම එහෙම කිව්වේ. " එහෙනම් ඩෙසට් එකට මොනාද ඕනී......." ලැජ්ජ නැති කමක හැටි.ආයෙත් අහනවනේ. " අයිස්ක්‍රීම් එක්ක උණු උණු කෝපි ඕනි....." " මොකක්.........." යෂ්ට කෑමත් හිරවුනා. " ඔව්...නැත්තම්...ඔයා කියයි...අයිස්ක්‍රීම් සීතලයි ඒ නිසා එපා....කෝපි උෂ්නයි ඒ නිසා එපා කියලා....ඒ නිසා මට ඒ දෙකම ඕනි.එතකොට හරිනේ........" ඇයි වදේ.....මොන විකාරයක් එක්කද මම මේ කන්න ඇවිත් තියෙන්නෙ. " වේටර්.......අපිට ෆෘට් සැලඩ් එක්ක අයිස්ක්‍රීම් ගේන්න........." දෙවියනේ කියලා ඒ පාරනම් යෂ් මම කැමති දෙයක් ගෙන්නනවා.ඒත් මම ඒකට කැමතියි කියලා පෙන්නන්න ගියේ නෑ.එහෙම උනොත් මේ මනුස්සයා ඒකත් ගේන්න එපා කියයි. (මතු සම්බන්දයි ) indika76Most Senior MemberPosts:10449 29 Apr 2018 09:01 PM Posted By Madud on 27 Apr 2018 08:03 PM වසන්තය නුඹම විය........08 බැන බැනම එදා ලොකු සර් මටයි පොඩි සර්ටයි බාර දුන්නෙ ලේසි පාසු වැඩක් නෙමෙයි. මෙම ආයතනය මධ්‍යම මට්ටමේ බිස්කට් නිශ්පාද ආයතනයකි.ලග එන උත්සව සමයට වෙළදපොලට දැමීමට නවතම නිශ්පාදනයක් නිපදවීමට ලොකු සර්ට උවමනා වී ඇත.ඉතිං වගකීම සුලු පටු නොවීය .පවතින වෙළදපොළ තත්වය හොදින් නිරීක්ෂණය කර වෙළදපොළට අවශ්‍ය ලෙස නව නිශ්පාදනය සිදු කල යුතුය. පාරිබෝගිකයාගේ අතෙහි මුදල් ගැවසෙන ප්‍රමාණය ගැන හොද දැනුමක් තිබිය යුතුය.අපේ ඉලක්කය වූයේ මධ්‍යම හා පහළ වෙළදපොල ඇල්ලීමයි.කොහොමටත් පොහොසත් යයි සම්මත සමාජය තෑගි දීමට හෝ තම පරිබෝජනයට දේශිය බිස්කට් වර්ග ගැනීම දුර්ලබ දෙයකි.ඉතිං නව නිශ්පාදනය මිළ අදික නොවිය යුතුය.එමෙන්ම පිරිවැය අවම විය යුතුය. සියල්ලම ගැන සිතීමේදී මේ කාලය මා අධික ලෙස කාර්යබහුල වන කාලයකි. කොතරම් විනෝදකාමී ලෙස සිටියත් මේ කාලය මගේ මොලේ වෙහෙසීම වැඩිවන නිසාමදෝ කට ඉබේම වැසී යයි.මගේ මේ හැසිරීම් ගැන දන්නා නිසාමදෝ මේ කාලය තුල කිසිවෙකු මට විහිලු කිරීම වත් මගෙන් විහිලු බලපොරිත්තු වීමව සිදු වන්නේ නැත.ඇත්තෙන්ම මුලු ඔෆිස් එකම නිස්කලංක වන්නේ මගේ කට වැහුනු පසු බව මටම තේරෙන්නෙත් මේ කාලදීය. මගේ මේ වෙනස්වීම දන්නා නිසාම නදී තනූජ්ව ඒ ගැන දැනුවත් කර තිබුනි.දවසට තුන් වරක් කතා කර මගේ හිත අස්සට රිංගන්න හදන ඔහු එය එක්වරකට සීමා කර තිබුනි.ඉතිං මට ඔහු ගැන යම් පැහැදිමක් ඇතිවුනි.නදී කියනා ලෙස කිසිම ගැහැනියකට තමන් පතනා මිනිසාම නොලැබෙයි.අඩුම තරමේ ගැහැනියක් තේරුම් ගැනීමට ,හැකි පිරිමියෙකු ලැබීමත් වාසනාවකි. යෂ්.....මේ කාලය තුල කාර්යලයේ නොසිටි තරම් ය. ඔහු වැඩි හරියක් ගත කලේ බිස්කට් නිශ්පාදිතාගාරයේය.අලුත් නිශ්පාදිතය සදහා ආහාරයට සුදුයැයි අනුමත ආහාර පාලන අධිකාරියේ අනුමැතිය ගැනිමට ඔහු වැඩි හරියක් වෙහෙසිනි.ඇත්තෙන්ම ඔහු කාර්යලයේ නොමැති එකටනම් මම් සතුටු උනෙමි.කොතරම් කාර්යබහුල උනත් ඔහුව දකිද්දී මොකක් හෝ මගෝඩි වැඩක් කර ඔහුව තරහා ගැස්සීමට සූදානම්වන මගේ සිත මටම පාලනය කරගත නොහැකි තැනට මම දැන් අසරණ වී හිදියෙමි.ඉතිං ඔහු නැති වීමම හොදය.එසේම අලුත් නිශ්පාදනය සදහා හදුන්වදීමේ ප්රචාරක වැඩපිළිවෙළද කෙරීගෙන යයි. ඇත්තෙන්ම එයින් අපට ලැබුනේත් හිතුවටත් වඩා හොද ප්‍රතිපලයකි.හිත සතුටින් පිරී ඇතත් පළමු නිශ්පාදන තොගය වෙළදපොලට මුදාහැර එය අපේක්ෂිත ආදායම සපුරාලනතුරු මගේ සිත නිදහස් නැත. " නෙතු........" අපේක්ෂා නොකල මොහොතක කාමරයට අපේ අලුත් සර් ය. පහදා කිව නොහැක. ඒත් ඒ රූපය දකිද්දී හදවත ඇතුලාන්තයෙන්ම සිසිල් වුනි. " සර්........" ඔහුව විහිලුවට ගැනීමේ සිතක් මේ මොහොතේ මට නැත . ඒත් මුව පුරා මම සිනාසුනෙමි. " අද ලොකූ වැඩක් නැත්තම් මාත් එක්ක පොඩි ගමනක් යමුද........" මට පුදුම හිතුනි.ඔය සර් මගෙන් එහෙම ඉල්ලීමක් කලාමය. මා ගැහැණියක වූ නිසාම මට සමාජය තුල දහසක්වූ නීතීන් පිළිපැදීමට සිදුව ඇත.එහෙත් හොදකට හෝ නරකකට මා පිළිපදින්නේ එයින් අඩක් පමණි.මට හිතුන විටක මා සම්පූර්ණයෙන්ම ඇග වැසෙන්නට ඇදුම් අදිනවා මෙන්ම ඇග අනවශ්‍ය ලෙස නිරාවරනය නොවන පරිදි කොට ඇදුම් ඇදීමටත් මම පසුබට නොවෙමි. පිරිමින් ගැන අධික කලකිරීමක් සිතේ තිබුනත් ලෝකයේ සිටින සියලුම පිරිමි ගැහැනිය දූෂනය කිරීමට බලා සිටින සත්ව කොට්ටාසයක් යන පුහු මතයද මට නැත . ඉතිං පිරිමියෙකු සමග වාහනයක නැගී ගමනක් බිමනක් යාමට මම කිසි විටක බිය නොවූයෙමි .මා අසල සිටින පිරිමියාට වඩා මා මගේ හිත විස්වාස කරමි.ගැහැනිය තමන්ගේ සීමාවේ සිටින තුරු පිරිමින් ගැහැණිය දෙස වැරදි බැල්මක් පවා හෙලීමට බිය වන බව මා ඉගෙනගත්තේ මගේම මිතුරන්ගෙනි.සම්බන්දතා වලදී මා හැමවිටම පිරිමියා මායිම් නොකලත් පිරිමියෙකුගේ මිතුරුකම පිය සෙනෙහස තරම් පිරිසිදු බැදීමක් බව මා තදින්ම විස්වාස කරමි.....ඔව්.....මා මාගේම පියා ගැන උනත් ඉන්නෙ කලකිරීමෙන්....ඒත් තම පියා අතින්ම දියණිය අපයෝජනය වන කාලෙක මගේ පියා ඇත්තෙන්ම උතුම් ය. ඔහුට ඇත්තේ තමන්ගේ පරම්පරාව ගැන ඇති අධික මාන්නයත් වැඩක් පලක් නොකර තියෙන දේ විනස කිරීමත් පමණි.මා ඔහු ගැන කලකිරී ඇත්තේ එබැවිනි.අනෙක් අතට ඔහු මට සෙනෙහස නොපෙන්නුවාට මට වෙනස්කමක් කලේත් නැත.මා නොසලකා හැරීමට ඇති එකම හේතුව මා පුතෙකු නොවී දියණියක වීමයි.ඉතිං මා කොතරම් කලකිරී ඇතත් ඔහුට වෛර නොකරන්නේ එබැවිනි.මා නොසලකා හරින්නේ ඔහුගේම මෝඩකමට කියා සිතා මම හිත සනසාගන්නට වෙහෙසෙන්නේත් එබැවිනි. " මොනවද කල්පනා කරන්නේ......ඔයාට වැඩ නම් කමක් නෑ........" යෂ් ආපසු හැරිනි.හිත ගැස්සිනි. " සර්......කොහෙද යන්නේ....." කලබලේට මගේ වචන පිටවිනි. " අපේ ප්‍රඩක්ට් එකේ තර්ඩ් ඇඩ් එක ෂූට් කරන්න හදන්නේ.මට ඒකේ ස්ක්‍රිප්ට් එක හම්බුනා.ඒත් මට ඒක සැටිස් නෑ නෙතු......මට මෙහේ මාකට් එක ගැන ලොකු තේරුමකුත් නෑ.ඔයාට පුලුවන්නම් මා එක්ක ගිහින් ඩිරෙක්ට එක්ක ඒ ගැන කතා කරමුද......" එය ඇත්තෙන්ම මගේ ප්‍රදානියාගේ නොව මට පහල නිළදාරියෙකුගේ ඉල්ලීමක් වැනිය.ඇත්තෙන්ම මට දුක හිතුනි.ලංකාවට පය තබා ආයතනය පැමිණ දින දෙකක් යන්නටත් කලියෙන් ලොකු සර් මේ පොඩි සර්ට දිලා තියෙන වගකීම බර වැඩි බව මට මුල් වරට සිතුනි.ඒ මුහුණෙයි ඇත්තේ තද විඩාබර පෙනුමකි. " යමු සර්......." මම පුටුවෙන් නැගිට්ටේ හෑන්ඩ් බෑග් එකත් අතට ගනිමිනි.කරන්නට දහසකුත් රාජකාරීන් තිබුනත් යෂ් මේ කල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මට හිත දුන්නේම නැත. සිනහවකින්වත් පිළිතුරක් නොදී යෂ් ඉස්සර විනි.ඉතිං මා මුලින්ම නදී සොයා ගියෙමි.ඇයට මා පිටට යන බව පැවසිය යුතුය. " සර් එක්ක....තනියමද උඹ යන්නේ....." මා පිටට යන බව කියූ ගමන් නදි ඇස්දෙක නළලටම ගත්තාය. හිටට නැගුනේ නොරිස්සුම්සහගත තරහවකි. " මොකෝ බං....උඹ නිකං බය වෙලා තියෙන්නේ සර් මාව මරන්න ගෙනියනවා වගේනේ....අනික මම තනියෙම වෙනදා පිරිම් එක්ක එලියට ගියේ නැද්ද....." වැඩ අස්සෙ මගේ හිත හෙම්බත්ව ඇති මොහොතක.යෂ් සමග මෙසේ හො එළියට යෑමට ලැබීම නිසා හේතුවක් නැතුවම මම සත්ටු වී සිටියෙමි.ඒ එකම සතුටටත් නදි මෙසේ අකුල් හෙලද්දී මගේ හිත තරහෙන් පිරී ගියේ මටත් වලක්වාගත නොහැකි ලෙසිනි. " මන්දු..... මම මේ දේවල් කියන්නෙ උඹේ හොදට......එදා උඹ උඹට ඕනි දේවල් කලාට දැන් එහෙන බෑනේ.....තනූජ් මොනා නොහිතයිද උඹ ඔහොම එක එකා එක්ක යද්දී ......." නදී නොරිස්සුම්සහගත වී ඇත. ඉතිං මට සියල්ල වැටහිනි.මා තනූජ් ගැන යම්තාක් දුරට පැහැදී ඇති බව සත්‍යයක් උවත් තාමත් එය ආදරය නොවීය.මෙලෙස මගේ හිතට තනූජ්ව බලෙන් රිංගවීමට නම් හදන්නේ.එයින් වෙන්නේ තනුජ් වෙනුවෙන් යන්තම් පැහැදීගෙන එන සිත උපන් ගෙයිම මිය යාමයි. මම නදීට උත්තර නොබැදම ආපසු හැරිනි. " මම දන්නෙ නෑ.....උඹ යන දිහාවක් ගැන තනූජ් ට කියලා පළයන්........" නදීගේ කෝප සහගත ඒ වචන වලට මම ආයෙත් නැවතුනෙමි. " නදී......තනූජ් ගැන හිතේ පැහැදීමක් තියෙන බව ඇත්ත.ඒත් යන යන හැම තැනම එයාට වාර්තා කරන්න තරම් එයා තාමටත් මගේ කවුරුවත් නෙමෙයි.අනික මම යන්නෙ වැඩකට...නැතුව හොර ගමනක් නෙමේනේ......." මගේ කෝපය පුපුරා ගියේ මටත් නොදැනිමය.ඉතිං තවත් කතා කොට පලක් නැති බව තේරුම් ගත් නිසාදෝ නදී කට වහගත්තාය. මා එලියට එන විට යෂ් වාහනය පනගන්වා තිබුනි.මම වාහනයට නැගුනේත් පහව නොගිය කේන්තියකිනි. මා හරිද වැරදිද කියන්නට මම නොදනිමි.එහෙත් මෙතුවක් කලක් මා වැරදි දේ නොකලෙමි.නව බැදීමක් හිතට සහනයක් නොවී වදයක් වනවාට මා කැමති නැත. මා තුල වැරදි අඩුපාඩු ඇත . ඒවා පිරිමින්ට නොගැලපෙන බවද මම දනිමි.එහෙත් මේ දරදඩු හැගීම් හැසිරීම් සියල්ලම නැතිවී දිනෙක මා ආදරය කරන පිරිමියා ඉදිරියේ පමණක් මගේ බොලදත්වය නිරූපනය විය යුතුය.හැම පිරිමියාටම ලෙහෙසි ගැහැණියක වීමට මම සූදානම් නැත.මා මා ගැනම බිය වී උන්නෙමි.අන් ගැහැනුන්ගේ මෙන් මගේ හිතත් රබර් වගේ උනානම් කොයිතරම් දුරකට ඇදීගොස් අතෑරුනත් නැවතත් යතා තත්වෙට පත්වෙන්නට තිබුනි.එහෙත් නැත.මගේ හිත ටිකෙන් ටික ගල්වී ඇති රත්තරං ගුලියක් මෙනි.කොයි තරම් දිලිසුනත් ශක්තිමත් උනත්.තද කුලුගෙඩි පහරකින් නැවතත් කිසි දිනෙක යතා තත්වයට පත්විය නොහැකි ලෙස කුඩු වීයනු ඇත. මා සොයන්නේ ඒ රත්තරං ගුලිය උණුකරන හැඩයක් ලබාදිය හැකි පිරිමියෙකු මිස ටිකෙන් ටික පීඩනයට ලක්කොට මා කුඩුකර දමන්නෙකු නොවෙයි. " නෙතූ....... උදේට කාලාද ඉන්නේ......" යෂ් බොහෝදුර විත් හඩ අවදි කලේය. " නෑ....සර්......" වැඩිදුර නොහිතා මම මගේ කටට ආ පිළිතුර පිටකලෙමි.ඉතිං යෂ් නැවතත් නිහඩ විය.මා ගිලී උන් කල්පනා සයුර කලඹවමින් මගේ දුරකතනය නාදවෙන්නට ගත්තේය.තිරයේ වැටෙන්නේ තනුජ්ගේ නමයි.හිතේ තිබු කේන්තියට ඇනතුම විසන්දිකරන්නට හිතුනත් අනෙක් අතට තනුජ් පවු කියා සිතුනි.නදී මට බැන්නාට තනුජ් මා තේරුම්ගනු ඇත . " හෙලෝ........." මම ඇමතුමට සම්බන්දවුනෙමි. " මන්දාරී....... බිසීද......කතා කරන්න පුලුවන්ද........." ඒ හඩ සංසුන් ය. ඉතිං හිතට ටිකක් හරි සහනයක් දැනුනි. " නෑ.....අයියේ....කියන්න......මම මේ ඔෆිස් එකෙන් එලියට යන ගමන්......." යම්තාක් දුරට සැහැල්ලු වූ සිතකින්ම මම ඔහුට උත්තර බැන්දෙමි.කොහොමටත් නදී දැනටමත් කේලම කියන්නට ඇත. " හ්ම්.....පරිස්සමින් යන්න.....ගිහින් ඇවිත් මට කෝල් එකක් දෙන්න... උදේට කාලද ඉන්නේ...... " ඉතිං නදී කියනා ලෙස තනූජ් මන් ගැන වැරදියට හිතුවේ නැත.අඩුම තරමේ යන්නේ කා සමගින්දැය් කියාවත් ඔහු ඇසුවෙ නැත.. " තාම කෑවේ නෑ අයියේ......." " ඉතිං ඒකනේ ළමයෝ.....දැන් වෙළාව කීයද බලන්න.....ඔයා ඔහොම ගිහින් ලෙඩක් හදාගන්නවා....... " තනූජ් හොද පිරිමියෙකි.එහෙත් ඇයිදැයි නොතේරේ මගේ අයිතිකාරයා ඔහු බව තවමත් මගේ හිතට දැනෙන්නේ නැත. " මන්දාරී...... බහින්න......" යෂ් වාහනය නවතා ඇත.මා වටපිට බැලුවේ එවිටයි.මේ කොහෙද මේ.......හිත ගැස්සිනි.මේ වෙළද දැන්වීම් ආයතනය නොවෙයි.උස් තාප්පයකින් වටවූ මේ සිව්මහල් ප්‍රාසාදය කුමක්ද...යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් නැමැති මේ පුද්ගලයාව විස්වාස කිරීමට මා ඉක්මන් වූවා වැඩිද ..... " අයියේ..... මම ඔයාට පස්සෙ කෝල් කරන්නම්......" මම එසෙ කියා තනුජ්ගේ ඇමතුම විසංදි කලෙමි. " සර්...... මේ කොහෙද මේ......." සහජයෙන් උරුම ගෑනු ගතිය ඉස්සරවී මම බය වී උන්නෙමි.යෂ් විවර කල දොරෙන් ඇතුල් වී වටපිට බලමින් හිදියි. " ස.....ර්......" පළමු පැනය නෑසූකන්ව හිදින මේ මනුස්සයා ගැන මට ආවේ තරහකි. " කෑ ගහන්න එපා මන්දාරී......මේ මගේ ගේ....." යෂ් මට දඩුවම් බැල්මක් හෙලීය. " සර්ගෙ ගේ නම් සර් මොකටද හොරෙක් වගේ ඉන්නේ ඇතුලට යන්නෙ නැතුව.බොරු කියන්න එපා........" මගේ හිතට නැගුනු සාදාරණ සැකය මම පිටකලේ ටිකක් සද්දෙට. " කෑ.....ගහන්න එපා මෝඩයෝ...... මම මේ බලන්නේ ඩේමියන් එලියෙද කියලා....." රහස් කියන සද්දෙන් සර් කතා කරද්දි මම තවත් බය උනා. " ඩේමියන් හරි මොකා හරි......මාව ලේසියකට ගත්තද සර්......." මම බිය වී ඇති මගේ හිත සගවගෙන කෑ ගැසූවෙමි. " ගර්ර්............" පසෙකින් නැගුනු හඩට මගේ කට වැසි ගියේ ඉබේමය.බියමුසු බැල්ම විදුලි වේගෙන් ඒ ශබ්දය ආ දෙසට යොමු විනි.දත් විලිස්සාගෙන ගොදුරට මාන බලන සිංහයා මෙන් මා දෙස රවාගෙන බලා සිටින බලු තඩියා දුටු විට මට ඉහෙන් කනෙන් දාඩිය දමන්නට ගත්තේය. " අනේ.....සර්......" බියවූ බැල්ම බල්ලාගේ ඇස්වලම රදවාගෙන මම කෙදිරිගෑවෙමි. " කිව්වා....කෑ ගහන්න එපා කියලා......." සර් මා ඉදිරියට විත් මා ආවරනය වන පරිදි හිටගත්තේ බලු තඩියාට මා නොපෙනෙන්නට විය යුතුය. " සර්..... කියන්න එපැයි ඩේමියන් කියන්නෙ බල්ලෙක් කියලා....මම දන්නෙ කොහොමද......" මගේ වචන ආයෙත් සද්දෙන් පිටවිනි. " මන්දාරී.........." යෂ් කෑ ගැසුවේ කේන්තියෙනි. " බව්ව්ව්ව්.........." බලු තඩියාත් ඇගටම කඩා පැන්නේය.ඉතිං මට උන්හිටි තැන් අමතක විනි. " සර්......බල්ලා.....සර්.....බල්ලා.....සර්.........බල්ලා......" මම හතර වටේ දුවන්න ගත්තේ කෑ ගසමිනි. " බ්ව්.....ගර්ර්........" බල්ලාත් මා පසුපසය. " ඩේමියන්....වේට්....වේට් ......." සරුත් බල්ලා පසුපසය.....මේ මොන විකාරයක්ද......මටම සිතේ....ඒත් නැවතුනොත් වෙන්නේ මගේ කෑලිත් නැතිවෙන එකය.... හිස හැරුනු හැරුනු අත මම පණ එපා කියා දුවයි.සරුත් බල්ලාත් මා පසුපසිනි.අන්තිමට දුවාගන්න පණ නැතිවූ මොහොතේ මා සර්ගෙ අත්දෙකට මැදි වුනි. මේ මොකද....බල්ලව අල්ලගන්නවා වෙනුවට මෙයා ඇයි මාව අල්ලගත්තේ.....මෙයා මටද බල්ලටද උදව් කරන්නේ..... " සර්.....ඇයි මාව අල්ලගත්තේ......ඔයා මාව මෙහෙට ගෙනාවෙ බල්ලට කන්න දෙන්නද........." මගේ කට පාලනය වෙන්නේම නැත.බල්ලා ඇවිස්සෙන්නේ මගේ කටේ සද්දෙට කියා දනිමි.ඒත් මට කට නවත්තා ගැනීමට නොහැක. " මන්දාරී .....ෂටප්......" බැරිම තැනදො සර් බැන වදිමින් මගේ කට මිරිකාගත්තේය. " බව්ව්ව්ව්ව්......."බල්ලා මා පසුපසිනි.... " ම්ම්ම්ම්ම්ම්......ස්......." කට මිරිකාගෙන ඇති නිසා කෑ ගසන්නට නොහැකිය....බේරෙන්නට ක්‍රමයක් නැති පාර මම ඒ ඇගේම එල්ලිනි. " ඩේමියන්......ෂටප්.........ප්ලීස්......ගෝ......" යකො...මේ සර්.....මම මෙච්චර බයවෙලා ඒ ශරීරෙ බදාගෙන ඉන්නවා.මාව සනසනවා වෙනුවට මේ මනුස්සයා බල්ලව හුරතල් කරනවා...... " බව්ව්ව්ව්ව්....." මේකත් මහ නහයට අහන්නෙ නැති බල්ලෙක්ද කොහේ.එල්ලෙන්නෙම මගේ ඇගේ. " රාජූ.........." ඒ පාර මේ කාටද කතා කරන්නෙ.තවත් බල්ලෙක්ද......මේයා මාව බල්ලන්ට කියලා කවලා මරන්නද හදන්නේ....කට තද කරගෙන ඉන්න නිසා කෑ ගහන්නත් බෑ..... " පොඩි මාතියා.........එයි එයි......" අම්මෝ ඇති යන්තම් ....රාජු බල්ලෙක් නෙමේ. " මම කියලා තියෙනවනේ රාජ්......ඩේමියන්ව දවල්ට ලිහන්න එපා කියලා.......ඇයි ලිහුවේ......." මාත් එක්ක තියෙන තරහටද මන්දා යෂ් කෑ ගැහුවෙත් රාජුට. " පොඩි මාතියා.....ඩේමියන් අද නෑවා තමා.......යිතිං චුට්ටක් ලිහුවා. අව්වෙ ඉන්න......." " අරගෙන යන්න.....අරගෙන යන්න....එයාව.මෙයාව කෑවොත් එයාටත් පිස්සු බෝ වෙයි......" අනේ ඇත්තට මේ මනුස්සයනම්..මේ මිනිහව බදාගෙන ඉන්න මටත් පිස්සු නේන්නම්.මීට හොදයි බල්ලා කන එක.මම ඔහුව අතහැරියේ බල්ලා කෑවාට කමක් නෑ කියා සිතාය.ඒත් කොහෙද එක අතකින් මගේ කට තද කරගෙන අනිත් අත මගේ බෙල්ල වටේ ඔතාගෙන.ඒ පාර මගෙ හුස්ම ල් මරන්න හදනවද...... " යෂ්.........."" ඒ ආපු සද්දෙට අපි දෙන්නම ගල් ගැහුනා. දෙවියනේ...ලොකු මැඩම්....යෂ්ගෙ අම්මා......දැන් මොකද කරන්නේ.....මේ ඉන්න හැටි දැක්කම එයා මොනවා හිතයිද......දැන් ඉතිං කරන්න තියෙන්නෙ එකම දෙයයි.රගපෑමේ උච්චම අවස්ථාව. " අනේ......සර්.....බල්ලා......." මම මහහයියෙන් හඩන්නට පටන් ගතිමි. එක්වරම වූ විපර්යාසය ට මුලින් යෂ් කලබල උනත් පසුව ඔහුත් මා කරනා දෙය තේරුම් ගති. " හරි ... හරි....මිස්... දැන් බයවෙන්න එපා....බල්ලා ගියා......." යකෝ.....මේකා මට වඩා හොදට රගපානවනේ.මට මිස්ලු...... " අනේ......අනේ......." එකපාරටම අඩන එක නවත්තන්නත් බෑනේ....මම මගේ ඇඩිල්ල වැඩිකලා. '" මොකෝ.....පුතා......" ලොකු මැඩම් අපි ලගට ආවෙ බයවෙලා. " බලන්න අම්මා.....ඩේමියන් මේ ළමයව කන්න පැන්නනෙ........" මම හිතාගෙන හිටියේ මේ විදියට රගපාන්න පුලුවන් මට විතරයි කියලා.බලන් යනකොට මෙයා මට වඩා හොදට රගපානවනෙ... " ඒ මොකද .....ඩේමියන් එහෙම මිනිස්සුන්ව කන්නෙ නෑනේ........" ලොකු මැඩම් මගේ ලග.යෂ් හිමීට මාව අතෑරියා. " ඩේමියන්....කැමති නෑ අම්මා ගෑනු ළමයි මගේ ලග ඉන්නවට....එයාට ඉරිසියයි......" " ඒ මොන විකාර කතාවක්ද........සතෙක් මොකටද ඉරිසියා කරන්නෙ...." මගේ හිතේ වූ පැනය ලොකු මැඩම් එලියට දැම්මාය. " සත්තුත් අපි වගේ තමා අම්මා.......තමන්ව හදන්නෙ පිරිමියෙක් නම් ගෑනු සත්තු කැමති නෑ තවත් කෙල්ලෙක් ඒ පිරිමියා ලගට එනවට.ඒක එයාලගේ ආදරේ......." යෂ්ගෙ හේතුපැහැදිලි කිරීමට බොරු ඇඩිල්ල මැද්දෙන් පිට පනින්නට හැදූ හිනාව මම ආයාසයෙන් නතර කරගතිමි.ඉතිං ඔය කියනා තර්කය පිළිගන්නට තිබුනි ඩේමියන් ගෑනු සතෙක්නම්.....ඒත් පිරිමි සතෙක් මෙයාට මේ තරම් ආදරේ මොකද.... " ඩේමියන් කියන්නෙ ගෑනු සතෙක්........" මගේ හිතෙහි නැගි සියලුම සිතිවිලි යෂ් හදුනගෙන ඇත.දැඩි බැල්මක් මවෙතට හෙලාගෙනම එයා ඒ විදියට කිව්වෙ ඒ නිසා වන්නට ඇත.ඒත් පැනයක් ඇත. " එයා ගෑනු සතෙක්නම් මොකටද ඩේමියන් කියලා නම දැන්මේ......." කට පරිස්සම් නැති නිසාම මගේ ඇඩිල්ල මැද්දෙන්ම වචන පිටවිනි. " එයත් හිතාගෙන ඉන්නෙ තමුන් හිතාගෙන ඉන්නවා වගේම එයත් පිරිමි සතෙක් කියලා......ඒ නිසයි පිරිමි නමක් දැන්මේ......." ඉතිං මා කට වසා ගත යුතුය.නැත්නම් ලොකු මැඩම් ඉදිරියේ මගේ චරිතාපදානේ මේ මනුස්සයා දිග හරිනු ඇත... " අපි යමු දරුවි ඇතුලට..........." ලොකු මැඩම් මා වත්තම් කරගත්තාය.ඉතිං තාමත් මගේ ඇඩිල්ලනම් නැවතී නැත.කිසි දිනෙක පා තබා නැති මේ ප්‍රාසාදය හොදින් මනසට හසු කර ගැනීමට හැකි පරිදි මම දෑස් හතර අතේ ඇඩිල්ල මැද්දෙන්ම කරකැව්වෙමි. " ඔයා මෙතනින් වාඩි වෙන්න......" ලොකු මැඩම් මා සුවපහසු සෝෆාවක වාඩි කරලීය.මා හොදටෝම බය වූයේ ඊට පසුවය.....බොරු ඇඩිල්ල ඇත්ත ඇඩිල්ලකට පෙරලෙන්නට මහ වෙලාවක් ගියේ නැත. ලේ...ලේ ...මගේ අත ලේ වලින් පෙගුනේ කෙසේද.....අර බලු තඩියා මාව කාලද.... " අනේ.....අනේ......" මගේ ඇඩිල්ල වේගවත් උනි.මා මේ අඩන්නේ බල්ලා කෑ වේදනාවට නෙවෙයි....දැන් මට බල්ලා කෑවට බෙහෙත් විදිනු ඇත......එකක් නෙමේ.....විසි හතරක්ම...... " මොකද මොකද ළමයො........" මගේ වැඩිවූ ඇඩිල්ලට මැඩමුත් බයවෙලාය. " අනේ.... මැඩම්.....අර ඩේමියා මාව කාලා........." මා ඇයට අත පෙන්නා හැඩුවෙමි.එහෙත් මටම පුදුමය මගේ අත කෑමට තරම් ඩේමියන් උස නැත..... " දෙබියනේ........පුතා....." පඩිපෙළ නගිමින් සිටි යෂ් ඒ අඩට හැරී බැලීය. " මේ ළමයව ඩේමියන් කාලා පුතා......බෙහෙත් විදින්න වෙයි..........." " හොද වැඩේ.... .....ඩේමියන් ඇති ඒ නිසා කට වහගෙන ඉන්න කිව්වට පොඩ්ඩක්වත් ඇහුවෙ නෑ.... " මේ මනුස්සයටනම් කිසිම හිතක් පපුවක් නැත.අඩුම තරමෙ අනුකම්පාවක්වත් නැත. " මම දන්නෙ කොහොමද සර් ඩේමියන් කියන්නෙ බල්ලෙක් කියලා.සර් බල්ලට දාන්න් ඕනි නම වැඩකාරයට දාලා වැඩකාරයට දාන්න ඕනි නම බල්ලට දාලා.....ඉතිං ඩේමියං ඩේමියං කිව්වම මම හිතුවෙ මනුස්සයෙක් කියලා......" මැඩම් මගේ ඉදිරියේ බව අමතකව මට කෑ ගැස්සුනි.සර් අත්දෙකත් පපුව මැද්දෙන් පටලවගෙන මගේ දිහා හිනාවක් නැති මූනෙන් බලා හිදියි. " ඉන්න .... මම බෙහෙත් අරගෙන එන්නම්....." මැඩම් අප දෙදෙනාව දමා ඇත්ලට ගියාය. දැන් මට තවත් බයය.මෙයා බල්න ඉන්න විදිය මට අල්ලන්නේම නැත.ඉතිං මම තවත් ඇඩිල්ල්ද් වැඩි කලෙමි. " ,දැන් ඔච්චර අඩන්න තරම් බල්ලා කාපු තැන රිදෙනවද...." හිනාවක් නැති මූනෙන් ඒ අහපු ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් මට නැත.ඇත්තටම බල්ලා කාලා තියෙන්නෙ කොහෙද . මට රිදෙන්නේ නෑනේ....ඒත් ඉතිං ඒක කොහොමද මෙයාට කියන්නේ. " බල්ලා කාපු තැන හිරිවැටිලා සර්......ඒ නිසා මට රිදෙන්නෙ නෑ......." මගේ හිතට ආ මුල්ම උත්තරේ මම කියා දැන්මෙමි. සර් සාක්කුවෙව් තිබ්බ ලේන්සුව එලියට ගත්ත.ඒ පාර මොකද...... "අත දෙනවා මෙහාට......" "මට බෑ......" හිත මුරණ්ඩුය.මගේ වචනය සතපහකට ගනන් නොගෙන ඔහු මගේ අත රැගෙන ලේ පිස දැමීය " දැන් පෙන්නනවා තුවාලේ ....." ඒක අනකි.ඉතින් අත වටේටම ඇස් ඇරියත් මට සොයාන්නට තරම් තුවාලයක් නෑනේ..... " ෂා....සර්ගෙ ලේන්සුව හොදයිනෙ.......තුවාලෙ සනීප වෙලා......" මගේ කටට වචන එන්නේ කොහෙන්ද කියාවත් මම නොදනිමි.ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ල්ව්නවා.මට කියන්න තියෙන්නෙ එච්චරයි. " බල්ලෙක් කෑවේ තමුන්ව නෙවෙයි.මාව...මේ......" සර් පෙන්නුවේ ඇද සිටි කමිසයේ පිටුපසයි.සුදු කමිසයේ පදාසයක්ම ලෙයින් තෙත්ව ඇත. " ස....ර්....." මම බිය උනෙමි.... " වහාම....ඔය යක්ස නියපිතු ටික කපලා දානවා.....මිනිස්ස්න්ව හිල් කරන්නෙ නැතුව......" එය තර්ජනයකි .ඉතින් මට සියල්ලම වැටහුනි.බල්ලාට බය වී ඔහුව බදාගත් මොහිතේ මගේ නියපොතුවලට ඔහු හීරෙන්නට ඇත. " ඇහුනද මම කියපු දේ......." " ඔව් සර්......." වචනයෙන් පමනක් නොව මම ඔලුවත් වනා එය පිළිගතිමි.ඔහු සුසුමක් හෙලා ආයෙත් පඩිපෙල වෙතට පියමැන්නේය. " සර් ......." මම හඩ අවදි කලෙමි " ඇයි......" ඔහු පඩිපෙල පාමුල සිටම මට උත්තර බැන්දේය. " අනේ.....මම ඒක ඕන කමින්කලේ නෑ සර්......ඒත් නියපොතු විසයි සර්.....ඒ නිස පිටගැස්මට බෙහෙතක් විදගන්න....." මේ පාර නම් මම කලේ විහිලුවක් නෙමේ.මා නිසා ඔහු තුවාල වූ එකට මට ඇත්තටන දුක හිතුනි. " ඔව්.....පිටගැස්මට විතරක් නෙමේ...මම ජලබීතිකාවටත් විදගන්නවා....." යෂ් එහෙම කියලා පඩිපෙල නැගලා යන්න ගියා.මගේ මුවගට නැගුනෙ හිනාවක්.ඒ ඇයි.....මට තේරෙන්නෙ නෑ.... (මතු සම්බන්දයි ) 8 වන කොටසත් කියවූවා. මේ ටික කියවන විටන නම් සිතට සිනහවක් නැගෙනවා.. indika76Most Senior MemberPosts:10449 29 Apr 2018 08:45 PM දැන් හත්වන කොටස කියවන ගමන්.. මේ කරුණට මම ගොඩක් ආසයි... ඇත්තෙන්ම ගැහැණු හිත විසිරුණු පබලු ඇට වගේය.උඩ විසිකොට අත් හැරියොත් දස අතේ විසිරෙන්නේ නැවතත් සොයාගත නොහැකි විලසිනි .එකක් අල්ලාගන්නා විට සියයක් නැති වේ.පිරිමි සිත නූලක් වැනිය.පබලු එකින් එක අමුනා එක්තැන් කරගත හැක්කේ ඒ නූළට පමනි.ගැහැනු සිතුවිලි නියම ආකාරයට පෙලගස්සවා විසිරිය නොහැකි ලෙස තමා වටා බැද ගැනීමට පිරිමි සිත පෞෂයකින් පිරි ශක්තිමත් විය යුතුය. chamaramindMost Senior MemberPosts:13471 29 Apr 2018 06:23 PM මමත් හිමිහිට කියවන ගමන්... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... indika76Most Senior MemberPosts:10449 27 Apr 2018 10:13 PM Posted By Madud on 27 Apr 2018 07:59 PM වසන්තය නුඹම විය........04 කොටස වෙලාව රාත්‍රී නමයත් පසුවී ඇත.මා වෙනදා නිවසට පැමිණෙන වෙලාව පසුවී පැය දෙකක් ඉක්ම ගොසිනි. වෙන පවුලක උනානම්.මේ විදියට කෝල් එකක්වත් නැතුව දුවෙක් පැය දෙකක් මහ රෑක ගෙදර එන්නෙ නැති උනාම කොයි තරම් කලබල වෙනවද.එහෙම උනානම් මේ වෙනකොට පොලීසියට ත් ගිහින්. ඒත්.... ..මටම මන් ගැන අනුකම්පාවක් දැනුනා. මම එනවා දැකලා අප්පච්චි මාව මගෑරලා ගේ ඇතුලට ගියා.රත්නායක මුදියන්සේලාගේ දොන් නිහල් වසන්ත රත්නායක......ඒ මගේ අප්පච්චී.....නම්බුකාර ඉහල පරම්පරාවකටයි කියාගන්න බැරි තරම් දිග වාසගමකටයි උරුමකම් කියන කෙනෙක්.අප්පච්චි ලස්සනයි.කිසිම සැකයක් නෑ.මටයි අයියටයි ලැබිලා තියෙන්නෙ අප්පච්චිගෙ ලස්සන . ඒත් ඉතිං අප්පච්චිට තියෙන්නෙ එච්චරම තමයි.මගේ හිත පිරිමියෙකුට වඩා ගල් උනේ අප්පච්චි නිසා.එයා මට ආදරේද....මම අදටත් දන්නෙ නැති දේ තමයි ඒ.මම හොදටමද දන්න දේ තමයි එයා මල්ලිට කරපු ආදරේ මට කරපු ආදරේට වඩා වැඩියි කියන එක.දුවෙක් ආස අප්පච්චිගෙ හුරතලී වෙන්න. ඒත් මට ඒ හැගීම විදගන්න කවදාවත් ලැබිලා නෑ.අත්‍යවශ්‍යය දේකට ඇරෙන්න මා එක්ක වචන දහයක්වත් කතා නොකරන අප්පච්චි එක්ක කොහොමද මම හුරතල් වෙන්නේ.පිරිමියට වඩා ගැහැනිය උසස් කියන මාන්නය මගේ හිතට ආවේ අප්පච්චී නිසා.මම දැකලා නෑ අප්පච්චි කිසිම දවසක රස්සාවක් කරන්වා.කසාද බදින කාලෙදි උනත් අප්පච්චිට ඉතිරිවෙලා තිබිලා තියෙන්නෙ ඔය නම්බුකාර වාසගම විතරයි.මගේ අම්මගෙ අප්පච්චී එයාගෙ එකම දූව රස්සාවක් නොකරන මනුස්සයෙකුට ලොකු වස්තු සම්බාරයක් එක්ක කසාද බන්දලා දීලා තියෙන්නෙත් අන්න ඒ උසස් කියන කුල පරම්පරාව නිසාම විතරයි.මෝඩ මිනිස්සු.අදටත් අපි දුක් විදින්නෙ ඒ මෝඩකම් නිසා.තාත්තා තරම්ම ලස්සන නොවුනට මගේ අම්මට නම්බුකාර කම පැත්තක තිබ්බනම් අප්පච්චි වගේ කිසිම රස්සවක් නොකර රස්තියාදු ගගහා හිටපු මනුස්සයෙක්ව කසාද බදින්නෙ නැතුව තමන්ට ආදරේ කරන හොද මනුස්සයෙක්ව බැදගන්න තිබ්බා.ඒත් ගිය මෝඩකම් ඇත්තු ලවා අද්දන්නද. තිබ්බ සේසතම විකුන විකුන කෑවා මිසක් ආදායම් උපදවා ගැනීමක් අම්මටයි අප්පචිටයි දෙන්නටම ඕනි උනේ නෑ.සේසතම සතේට හිදිලත් අදටත් වංශෙ කබල් ගානවා මිසක් මාන්නය අඩු කරන්නත් එයාලා කැමති නෑ. " ආ.... ඔයා දැන්ද ආවෙ....." අම්මා රෙදි කෑලකින් අත් පිහද පිහද එලියට ආවෙ ඒ විදියට කියාගෙන.අම්ම හරිනම් අහන්න ඕනි ඇයි ඔයා පරක්කු කියලා..... ඒත් මේ ගෙදරදි කවුරුත් මගෙන් ඕක අහන්නෙ නෑ .මේ ගෙදරට ඉපදිච්ච නිසා හදපු කෙනෙක් මිසක් ආදරයෙන් හදපු දරුවෙක් නෙමේ මම.හැබැයි මම පිරිමියෙක් උනානම් මෙයාලා මට දේවත්වයෙන් සලකයි. මොකද එයාලගෙ පරම්පරාව ගෙනියන කෙනා මම නිසා. " චූටී.... පුතේ.....එන්න කෑම කන්න....." අම්මා මාව පහුකරගෙන ගිහින් මල්ලිට අඩගහනවා.මේ අම්මගෙ මෝඩකමද නැත්තම් මාව ඇත්තටම නොසලකා ඇරලද..... අඩුම තරමෙ කන්න එන්න කියන්නවත් උවමනාවක් නැද්ද.ගෙදරට හම්බකරලා සල්ලි ගේන එකම කෙනා කියලා හිතලවත්. ........ මල්ලි වැනි වැනී ඇවිත් දොර රෙද්ද ඈත් කරලා ඔලුව ඇතුලට දැන්මා.මේකා අදත් බීලා.අප්පච්චී මොන නාස්තිකාර වැඩේ කලත් බිව්වෙ නෑ. ඒ අඩුව පිරිමහන්නද කොහෙද මගේ මල්ලි කියන මේ මනුස්සයා කනමදයා වගේ බොනවා.අවුරුදු විසි පහක් වෙච්ච ඒ තැම්බිච්ච මූණ මට ගෙනාවෙ අපුලක්.ලෝකේ ඉන්න හැම පිරිමියා ගැනම මට එන්නෙ තරහක්.මම ඒ මූණ දිහා රවලා බලලා කාමරේට ආවා. " දුවේ........... ඔයා තව ටිකකින් කනවද......" අම්මා මගේ පස්සෙන්ම ඇවිත් .. " ඒ ඇයි......" මම ඇහුවෙ තරහින්. " උඹ ඉන්නවනම් මල්ලිට කන්න බෑලු. පව් බන්....උදේ ඉදන් කෑවෙ නෑ.කොල්ලා රෑටත් නොකා යයි........" අම්මගෙ මේ වචන වලට මට අඩන්නද කෑ ගහන්නද කියලා මටම තේරෙන්නෙ නෑ.මට මේ විදියට සලකන්නෙ මාව මේ ගෙදරට හදාගන්න ගත්තු කෙනෙක් නිසාද කියලා අනන්තවත් අහන්න හිතුනත් මම ඒ ප්‍රශ්නෙ අහන්න බෑ.අප්පච්චිට තියෙන නිල්පාට ඇස් දෙකම තමයි මට තියෙන්නෙත් ඉතිං මාව හදාගත්තා වෙන්න බෑනේ. " මම කන්නෙ නෑ............" කොච්චර බඩගින්නෙ හිටියත් මම තරහටම එහෙම කියලා දොර වහගත්තා.කොහොමත් මම එහෙම කිව්වට පස්සෙ අම්මා ආයෙ මට කන්න එන්න කියන්නෙ නෑ කියලා මම දන්නවා. සාමාන්‍ය මිනිස්සු ගැහැනු.රාජකාරි නිම කරලා ගෙදර එන්නෙ.සැනසිල්ලෙ ඉන්න බලාගෙන.තමන්ගෙ අම්මගෙන් තාත්තගෙන් සහෝදරයන්න්ගෙන් සැමියගෙන් බිරිදගෙන් එක ආදරණීය සිනහවක් ආදරණීය වචනයක් ලග සිත සනසාගන්නටය. ඉතිං නැත....එවන් සැනසීමක් මට නැත. ඇදුම්වත් මාරු නොකර මම විඩාබර සිතින් ඇදට වැටුනෙමි.අඩනවානම් මට කොට්ට මෙට්ට තෙත් වෙනතුරු අඩන්නට පුලුවනි .ඒ මම අඩන්නෙ නැත.ඒ දුකත් ගල් කර කර හිත ඇතුලේ තැන්පත් කරගන්නවා මිසක මම අඩන්නේ නැත. ***************** " මන්දු......... උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕනී....." උදෑසනින්ම නදී කාමරයට එබුනි.තාමත් මුලු ඔෆිස් එකටම සිටින්නේ අප දෙදෙනා පමණි.මම පුටුවෙන් නැගිට මගේ කාමරයෙන් එලියට විත් ඇය අසලට ගියෙමි. " අපොයිමන්ට් එකක් දැන්මද......." ඇයව විහිලුවට ගැනීමට සිතා ඒ වචන පිටකලෙමි. " ඔව්....ඔව්....දැන් හැමදේම විහිලුවට අරගෙන දවස තිස්සෙම හිනාවෙයං........ඊට පස්සේ........" ඇයට මා කල විහිලුවට තරහ ගොස් ඇත.ඒත් මගේ හිත රිදේවියැයි බයට ඉතිරිය නොකියා ගිල ගත්තාය. " ඊට පස්සෙ රෑට ගෙදර ගිහිං අඩපං... නේ....." ඇගේ වචන සම්පූර්ණ කර මම සිනාසුනෙමි " විහිලු නෙමේ මන්දු........" " බය වෙන්න එප නදී...... මම දැන් අඩන්නේ නෑ..... මගේ කදුලු උල්පත් හිදිලා......." මම සුසුමක් පිට කලෙමි. " තනූජ..... උඹ ගැන අදත් අහලා........" නදී මගේ ඇස් දිහා බලාගෙනම කීවාය. තනූජ්.....නදීගේ පෙම්වතා වරුණගේ මිතුරාය.ඔහු මගෙන් ආදරය ඉල්ලා පසුපස එන්නේ බොහෝ කාලෙක සිටය. " තාමත් තනූජ ඔය පිස්සුව අතෑරලා නැද්ද බන්......" නොරිස්සුම්සහගත වචන මගේ මුවෙන් පිටවිනි. " පිස්සු නේමේ......ඇයි කියපං උඹ ඌට අකමැති......." " නදී....... උඹ දන්නවා.මගේ හිත පිරිමි වෙනුවෙන් නැමෙන්නෙ නෑ ලේසියෙන්......" " හරි...... එහෙම කියලා උඹ ජීවිතේම තනියෙන් ඉන්නද කල්පනාව.ලෝකෙ ඉන්න හැම පිරිමියම එකම මිම්මෙන් හිතන්න එපා.හැමො ලගම හොද වගේම නරකත් තියෙනවා......" නදී මගේ හිත වෙනස් කරන්න හදනවා. " නදී...... මම පිරිමියෙක්ව දකින්නෙ ඔයා දකින විදියට නෙමේ.මම මුලින්ම බලන්නෙ පිරිමියගෙ ඇග නෙමේ. ඒ පිරිමියා ඒක්ක මට ඉන්න පුලුවන්ද කියන එක.ඒ පිරිමියා මගේ ඇගට අත තියද්දී ඒ හැගීම පිළිකුලකින් තොරව මට විදගන්න පුලුවන්ද කියන එක.එහෙම පුකුවන්නම් අන්න ඒ පිරිමියා මට ලස්සනයි නදී.......තේරුම්ගන්න....මගේ හිත ගල් වෙලා.....මට අඩන්න ඕනි...ඒත් මට ඇඩෙන්නෙ නෑ......නදී....දවසක පිරිමියෙක්ගෙ පපුවට ඔලුව තියාගෙන මට මේ කදුලු ඔක්කොම හලන්න පුලුවන් උනොත් . දැනගනින් අන්න එයයි මම ආදරේ කරන පිරිමියා........" මගේ හිතේ ගැඹුරට වෙන්න තියෙන හැගීම් වලින් කොටසක් මම එලියට දැන්මා.නදී හිතයි මට පිස්සු කියලා.ඒත් කමක් නෑ. " කවදාවත් ඔය සුදුසුකම් වලට ලං වෙච්ච එක පිරිමියෙක්වත් නැද්ද මංදු......." නදී ඇහි පිල්ලමක්වත් නොගහා මම දිහා බලාගෙන ඉන්නවා. නෑ.....කියලා උත්තර දෙන්නයි මම ලෑස්ති උනේ. වීදුරු දොරත් ඇරගෙන ඇතුලට එන අපේ අලුත් සර්....යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් ව දැකලා මගේ වචන ගොලු උනා.සුදු වේට්ටිය වෙනුවට ඩෙනිම් කලිසම ඇදලා සුදු ෂර්ට් එක යට කරලා. ඇත්තටම නලුවෙක් වගේ.මගේ මුල්ම සුදුසුකම සර්ට සම්පූර්ණ කරන්න පුලුවන්ද............එයාගෙ ස්පර්ශය මට අප්පිරියාවක් නොවේද... " ගුඩ් මෝනිං සර්........." නදීගෙ සද්දෙට මාව ගැස්සුනා.මම මේ මොනාද හිතන්නෙ.හිතට ඇතිවුනේ ලොකු ලැජ්ජාවක්. " මෝනිං ........" අපිව සත පහකට ගනන් ගන්නෙ නැති ගානට සර් යන්න හැදුවේ. " සර්........ ගුඩ් මෝනිං කිව්වම ගුඩ් මෝනිං කියන්න ඕනී........නිකං නලුවෙක් වගේ ඇපෙන් බේරෙන්න මෝනිං කියලා වැඩක් නෑ......." හිතේ ඇතිවෙලා තිබ්බ ලැජ්ජාවෙන් බේරෙන්නත් එක්ක මම කියලා දැන්මා. " මන්දූ......." නදී ඇහැන නෑහෙන සද්දෙට එහෙම කියන ගමන් මගේ අතක් කෙනෙත්තුවා.මම බලාගෙන හිටියෙ අපිව පාස් කරලා ගිහින් නැවතිලා මන් දිහා බලාගෙන ඉන්න සර් දිහා.ඒ මූණෙ හැගීම නම් මට තේරෙන්නෙ නෑ. " මන්දාරී.........තියෙන ලට්ට ලොට්ට ටික අරගෙන මගේ රූම් එකට එනවා........" සර් ඒ ටික කියලා යන්න ගියා.කියපු දේ තේරුනේ නෑ මට. " නදී ..... මොකක්ද ඒ කිව්වෙ........" මම නදීගෙ දිහාට හැරුනේ එයාටවත් කියපු දේ තේරුනාද බලන්න. " උඹට ස්ථාන මාරුවක් වගේ. දැන් ඉතින් කියවිල්ල නවත්තන්න වෙයි........" නදී මහ අමුතු විදියට හිනාවෙලා මගේ දිහා බැලුවා. " නදී........ මම එයාට වැඩිය තරහ යන දෙයක් කලේ නෑ නේද......... අනේ මේ.....මම ඕක ඇතුලට ගියාට පස්සෙ මේ මිනිහා මාව කෝටුමස් කරයිද දන්නේ නෑ.හොද අවදානෙන් හිටපං. මම යන්තම් හරි කෑ ගැහ්වොත්.උසේන් බෝල්ට් වගේ ඇවිත් දොර ඇරපං හොදේ....... " අවස්ථාවේ බෑරෑරුම් කම අඩු කරන්න හිතාගෙන මම එහෙම කිව්වා. " බොට නම් පිස්සු මන්දු..........." නදී එහෙම කියාගෙනම යන්න ගියා. මම ලොකු හුස්මක් පිට කරලා සර්ගෙ රූම් එක දිහා බැලුවා.මොකටද මට ඒ කාමරේට එන්න කිව්වෙ. (මත් සම්බන්දයි ) මේ ටික කියවන විට නම් මන්දාරි පිළිබඳ දුකක් දැනුනා... MadudNew MemberPosts:54 27 Apr 2018 10:04 PM Thank you indika76Most Senior MemberPosts:10449 27 Apr 2018 09:33 PM Posted By Madud on 27 Apr 2018 07:58 PM වසන්තය නුඹම විය.......... 03 පස්සෙ එන්නම් යයි කීවාට ආයෙත් ඒ රූම් එකට යන්න මගේ හිත දුන්නේ නැත .ඔහු නැවත මට එන්නට කියා පණිවිඩයක් එව්වේත් නැත.එය ඇත්තටම සහනයකි. " මන්දූ........ගෙදර යන්නෙ නැද්ද......" වෙලාව පහ මාරටත් කිට්ටුය.නදී ගෙදර යන්නට ලෑස්ති වී මගේ කාමරයට ඔලුව දැම්මාය .පුරුද්දට අසනවා මිසක ඇය මා දෙන උත්තරය නොදන්නවා නෙමෙයි. " උඹ පලයං නදී...... මම මේ වැඩ ටික ඉවර වෙලා යන්නම්......" ඇති වැඩක් නැතත් මම බොරුවට විකුණුම් සටහන් වගයක් පෙරල ගතිමි. " බලාගෙන.......උඹ ඔය කරන කැපවීම දැකලා.....අපේ ලොකු සර් මේ කම්පැනි එක උඹේ නමට ලියලා දෙයි......." නදී ඒ ඇනුම්පදය කීවේ මා එක වූ තරහකට නොවන බව මම දනිමි.මා මෙසේ පමා වන හේතුව දන්නේත් ඇයම පමණි. මගෙන් උත්තරයක් නැති පාර නදී සුසුමක් හෙලා යන්නට ගියාය. ඉතිං මට දුකය.....දවසේම හිනාවෙලා හිටියත් ඉර එලිය නැති වෙලා රෑ කලුවර එනවා වගේ රාත්‍රිය මට මූසල හැගීමකි.උවමනාවක් නැතත් කරන්නට වැඩක් උවමනා නිසා මම නිශ්පාදනය අවසන් වු නිශ්පාදිත යන්ගේ තත්ව පරික්ෂා සටහන් පිරික්සන්නට විමි. සටහන් අතරේ ඇස් එහේ මෙහේ වෙද්දී කාලය යනු තේරුනේම නැත . " මිස් .... ගෙදර යන්නෙ නැද්ද.. ....." ආරක්ෂක නිළදාරියා මා ඉදිරියේ පෙනී සිටීය.අතේ ගැටගසා සිටි ඔර්ලෝසුව දෙසට මගේ ඇස් ඇදුනි... දෙවියනේ.......රෑ හතත් වෙලා.කවදාවත් මම මෙච්චර පරක්කු වෙලා නෑ.දැන් මොකද කරන්නෙ.මම දඩි බිඩි ගාලා හෑන්ඩ් බෑග් එකත් අරගෙන පුටුවෙන් නැගිට්ටා. " එස් ඕ.....මගේ රූම් එකේ යතුර මෙන්න........හොදට චෙක් කරලා මුලු ඔෆිස් එකේම තියෙන දොරවල් වහන්න.අද මට ඒවා බලන්න වෙලාඅක් නෑ......." මම ආරක්ෂක නිළදාරියා අතට යතුරු දුන්නා. " මිස්...... මගේ දරුවෙක් කියලා හිතලයි මේ කියන්නේ......මේ විදියට රෑ වෙනකන් මේවයෙ ඉන්න එපා . මිස්ලගෙ දෙමව්පියො උනත් බය වෙලා ඇත්තෙ...." ආරක්ෂක නිළදාරියා දුන්නු ඒ අවවාදයට මට මන් ගැනම ඉපදුනේ ආත්මානුකම්පාවක්....මගේ දෙමව්පියෝ........ " එස් . ඕ. ඇයි තාම සර්ගෙ රූම් එකේ ලයිට් දාලා......" ආරක්ෂක නිළදාරියගෙ ප්‍රශ්නයට උත්තර නොදී යන්න හදනකොටම මගේ ඇස්වලට අහම්බෙන් වගේ සර්ගෙ කාමරය ඇහැ ගැටුනෙ. " පොඩි සර් තාම ගියේ නෑ ......." ආරක්ෂක නිළදාරියගෙ ඒ පිළිතුරට මට පුදුම හිතුනා.ආයතනයට ආපු මුල්ම දවසෙ එයාට මෙච්චර රෑ වෙනකන් කරන්න තියෙන වැඩේ මොකක්ද. ආරක්ෂක නිළදාරියා එතනම ඉද්දි මම සර්ගෙ කාමරය දිහාට ගියා.දැනටමත් හදාගෙන තියෙන ප්රතිරූපෙ හොද එකක් නෙමේ නිසා.කඩාගෙන බිදගෙන ඇතුලට යන්නෙ නැතුව මම දොරට තට්ටු කලා. ඒත් නෑ....ඇතුලින් කිසි සද්දයක් නෑ.ඇතුලට යනවද නැද්ද කියලා මම තුන් හතර පාරක්ම කල්පනා කලා.කතා නොකර එක පාරටම ඇතුලට යන එකත් හරි නෑ.ඒත් කමක් නෑ.මම කොහොමත් පිස්සු චරිතයක් කියලා සර් දන්නවනෙ. ආයෙත් හිත එහෙ මෙහෙ යන්න කලින් මම දොර ඇරියා.හිතේ බයකුත් තිබ්බා .මෙච්චර තට්ටු කරලත් මෙයා දොර ඇරියෙ නැත්තෙ ඇතුලෙ කලන්තෙවත් දාලද...... ඒත් ඉතිං දැක්ක දේට මටම හිනා.හරි ශෝක් අලුත් සර්......මෙයා මෙහෙම ඉන්නව අනිත් කට්ටියත් දකින්න තිබ්බෙ.අනිවාර්යයෙන් ආදර්ශෙට ගන්නවා.ඇයි දෙවියනේ මේසේ බදාගෙන මෙහෙමත් නිදාගන්නවද.. ... සාමාන්‍යයෙන් හවස හයෙන් පස්සෙ මට හිනා වෙන එක අමතක වෙනවා.ඒත් ඉතිං මේ ඉන්න හැටි දැක්කම කාටද හිනා යන්නෙ නැත්තේ.හිනාව මැද්දෙන්ම මම ඒ රූපෙ දිහා බලාගෙන හිටියා.කලින් සමාන කම නොදැක්කට දැන් ලොකු සර්ගෙ යි මෙයාගෙයි සමානකම් මට හොදට පේනවා.වෙනසකට තියෙන්නෙ ලොකු සර් කලුයි.මෙයා සුදුයි.ඒකට ඉතිං එකම හේතුව මෙයාගෙ අම්මා. ලොකු සර්ගෙ වයිෆ් දෙමළ උනාට ඉංදියානු ජාතිකයෙක්.කාලෙකට කලින් එයා ෆිල්ම් දෙක තුනක රගපාපු දෙමළ නිළියක්.එහෙව අම්මගෙම පුතානෙ මේ. මම පිරිමියෙක්ගෙ ලස්සන ඇස්වලින් මනින්නෙ නෑ.ඒත් සර් ලස්සනයි.ගැහැනුන් වශී වෙන උස් කඩවසම් සිරුරක් එයාට තියෙනවා.ඒත් ඒ ලස්සන ඉස්සරහවත් මගේ හිත ගැස්සෙන්නෙ නෑ...පිරිමි ගැන මගේ හිතේ මේ තරම් ඇල්මැරුනු හැගීම් ඇතිවුනේ කවද ඉදන්ද ....... මම දන්නෙ නෑ.... මම මට මතක ඇති කාලෙක ඉදන් මෙහෙමයි. පිරිමියෙක්ව සත පහකට විස්වාස නොකරන.පිරිනියෙක් ලග හුරතල් නොවන පිරිමි මායිම් නොකරන දැඩි චරිතයක් මට තියෙන්නේ....ඒක එක අතකට අවාසනාවක්......ආදරය කියන දේ මට උරුම නොවුනෙ ඒ නිසා.පිරිමි මගේ මේ දැඩි පෞරුෂය ට බයයි....... ඒත් දැන් මට මේකෙන් මිදෙන්න බෑ.කවදහරිම දවසක මගේ ඇතුල් හිත පිරිමදින්න පුලුවන් පිරිමියෙක් හම්බු උනොත් මම වෙනස් වෙයිද...... සුසුමක් හෙලුනෙ ඉබේමයි.. සර්ට ඒ සද්දෙ ඇහිලද මන්දා ....... නින්දෙන් නැගිටින්නද හදන්නේ.....එහෙම උනොත් නම් විනාසයක්.උදේ ඉදන් හදාගෙන තියන නරක නාමෙට තවත් පෝර වැටෙනවා.මොන නරක නාමේ හදාගත්තත් මේ විදියට පිරිමියෙක් දිහා බලාගෙන ඉදලා කැත නමක් නම් මට හදාගන්න බෑ.කොහොමටවත් මෙයා දිහා මේ විදියට බලාගෙන ඉදලනම් මට අහුවෙන්නම බෑ..... මගේ අතට අහු උනේ සර්ට බොන්න ගෙනල්ලා තිබ්බ වතුර වීදූරුව.ආයේ දෙපාරක් හිත හිත ඉන්න බෑ.ඉන්න වෙලාවකුත් නෑ.වෙන දෙයක් වෙද්දෙන් කියලා මම වතුර වීදුරුවෙන් වතුර අරගෙන බාගෙට ඇස් අරන්න ලෑස්තිවෙලා හිටපු අලුත් සර්ගෙ මූණට ඉහගෙන ඉහගෙන ගියා. " ම්....මො........අහ්..............." ඇතිවෙන ප්‍රතිඵලය භයානක වෙයිද මන්දා .සර් මට සිංහලෙනුයි දෙමලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවමේ බැන බැන දඩ බඩ ගාලා නැගිට්ටා. " හම්මේ......ඇති යංතන්......" මම පපුවට අත තියාගත්තෙ හුස්මක් ලොකූවට පිටකරලා.සාමාන්‍යයෙන් මේ වෙලාවට මට විහිලු මතක් වෙන්නෙත් නෑ.මේ වෙලාවෙත් එහෙම තමයි.ඒත් දැන් බේරෙන්නත් එපැයි . " ම්....මේ....මොකක්ද තමුසේ කලේ........" සර් රතුවෙලා.තරහා පොඩ්ඩක් නෙමේ ගොඩක් තරහ ගිහින් .ඇයි දෙවියනේ නිදාගෙන ඉන්න මිනිස්සුන්ට වතුර ගහන සිරිතක් තියෙනවද.... " අනේ.....සර්.....දැන් සර්ට හොදද......." මටත් ඉතිං කම්මලේ බල්ලට වගේ ඔය බනින ඒවනම් අදාලම නෑ " මට මොනාවත් වෙල් නෑ හලෝ..... " සර් ඉන්නෙ මාව කන්න තරම් කේන්තියෙන්. " එහෙනම් කලන්තෙ දලා හිටියේ........" මමත් කිසි දෙයක් දන්නෙ නැති ගානට කියලා දැන්මා. " " මොන කලන්තයක්ද.....හලෝ..... මම නිදාගෙන හිටියේ......." සර් තෙත් වෙච්ච කමිසය අතින් පිහද පිහද කියවනව.මටත් ඕනි උනේ ඒ කටින්ම ඒක අහගන්න තමයි. " මේ....සර්.මේක නිදාගන්න තැනක්ද.....හරි ශෝක්නෙ සේවකයින්ට ලොක්කො දෙන ආදර්ශෙ......." ඒ පාරනම් මම බැන්නෙ ඇත්තටමයි.ලොක්කො අපිට දෙන්න ඕනි අවවාද අපිට ලොක්කන්ට දෙන්න වෙලානේ.සර්ගෙ කටත් වැහුනා.මොනා කියන්නද .... මම බොරුවක් නෙමෙයිනෙ කිව්වේ. තවත් ඉතින් මම එතන හිටියෙ නෑ.මේ මනුස්සයා නිදි මරගාතේ මට මොකකින් හරි දමලා ගැහුවොත්. ආරක්ෂක නිළදාරියගෙ පැමිණීම් පොතේ අත්සන් කරලා මම පාරට බැස්සා.දෙවියනේ .... හොදටම කලුවර වෙලා.කොහොමද මේ පාරෙ තනියම යන්නේ........ මම කොච්චර බය නැති කෙනෙක් උනත් කලුවරට බයයිනේ .....දැන් මොකද කරන්නේ.....මම ආපහු හැරුනෙ ආරක්ෂක කුටියට යන්න හිතාගෙන.ඒත් දුරින් එන සර්ගෙ වාහනේ දැකලා මම ආයෙත් නැවතුනා.දැන් මොකද කරන්නේ . සරුත් යනවනම් මම විතරක් තනියම මෙතන ඉන්නත් බෑ. ආයෙ හිතන්න දෙයක් නෑ.ඉස්සරහට එන වාහනේට මම පාර මැද්දටම කරලා අත දැන්මා.සර් කොහොමත් තරහින්.දැන් තවත් තරහා යයි.කමක් නෑ.මිනිස්සුන්ගෙ තරහා ඉවසලා මට පුරුදුයි. " ඒ පාර මැරෙන්න හදනවද........." සර් වීදුරුවෙන් ඔලුව එලියට දාලා කෑ ගහනවා. ඕනම ගෑනු ළමයෙකුට ලැජ්ජ බය කියන දේ සහජයෙන්ම උරුමයි.මටත් එහෙම්මමයි.ඒත් ඒ දේවල් මම හිත යට තද කරගෙන ඉන්නේ.ජීවත් වෙන ඒ තප්පරේදි ගන්න පුලුවන් හොදම තීරනේ තමයි මම ගන්නේ.නවත්තපු වාහනේට මම අවසරයක් නැතුවම නැග්ගා. ඒ මූනෙ තියෙන හැගීම අදුනගන්නනම් මට ඕනි උනේ නෑ. "සර් ..... මේ පාරෙ ගෑනු ළමයින්ට තනියම යන්න හොද නෑ.සර් පාරටනෙ යන්නෙ.මාවත් හෝල්ට් එකකින් බස්සගෙන යන්න......" සර්ට ඒ දේ බෑ කියන්න බැරි වෙන්නම මම උත්තරෙත් කටටම දුන්නා.සර් මගේ දිහා බලාගෙන.එයා පුදුම වෙළාද ...... නැත්තම් බයවෙලාද .....සාමාන්‍යයෙන් වෙන්නෙ මේ වගේ වෙලාවක ආයතන හිමි කාරයා ගෑනු ළමයට කාර් එකට නගින්න ආරාධනා කිරීමයි ගෑනු ළමයා ඒක ප්‍රතික්ෂේප කිරීමයි.ඒත් ඉතිං මම අසාමාන්‍ය යි.ඒකයි මගේ ඇත්ත. සර් එක වචනයක්වත් කියන්නෙ නැතුව කාර් එක ස්ටාට් කලා. දිගටම කවුලුවෙන් පිට බලාගෙන ගියා මිසක් මමත් කතා කරන්න ගියේ නෑ.පාලු පාර ඉවර වෙලා ප්‍රදාන පාරට ආවා.හිතට සැනසිල්ලක් දැනුනෙ එතකොටයි. " සර් ...... ඉස්සරහා තියෙන හෝල්ට් එකකින් මාව දාලා යන්න......." හෑන්ඩ් බෑග් එකත් අතේ පටලවගෙන බහින්න ලෑස්තිපිටම මම පාර දිහා බලාගෙනම ඒ ටික කිව්වා. ගෙවල් කොහෙද ......." මම කියපු එක ඇහුනෙ නෑ වගේ සර් අහනවා. " කමක් නෑ.....සර්.... මාව මෙතනින් බස්සන්න......" මම හිතුවෙ සර් හදන්නෙ මාව ගිහින් බස්සන්න කියලා.ඒක නිසා මම එහෙම කියලා දැන්මා. " නෙතු......." සර්ගෙ කටින් ඒ අකුරු දෙක පිටවෙනකොට මාව ගැස්සුනා.නිල්නෙතු......ඒ මගේ නමේ මම ආසම කොටස.....ඒකෙනුත් ..නෙතූ නමින් මාව ආමන්ත්‍රණය කරනවට මම කොච්චර කැමතිද..... " මොකද....ගැස්සුනේ......අර මන්තරයක් වගේ දිග නමින් මට මතක එච්චරයි........" මගේ බයවෙච්ච මූණ දැකලද කොහෙද සර් ආයෙම කිව්වා. " හා සර්....." මම කිව්වා නෙමේ.මට කියවුනා. " මම යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් ...... මම අකමැතිම දේ තමයි මම අහන ප්‍රශ්නෙට උත්තර නොදී විකාර කියවන එක .හරිද......." මෙයා නම් අර නිළි අම්මගෙ පුතාම තමයි.ඒක නිකං චිත්‍රපට දෙබසක් කිව්වා වගේ කිව්වෙ. ඕකට තව අන්තිමට .....හහ්....හහ්....හා.....කියලත් කිව්වනම. ඇරපු අතක් නෑ ..දෙමළ ෆිල්ම් එකක දුශ්ටයම තමයි.ඕවා ඉතිං මම කියන්න ගියේ නෑ. " කියන්න ......ගෙවල් කොහෙද....." මම දිගටම නිශ්ෂබ්දව ඉන්න නිසාද කොහෙද ආයෙත් එහා අහනවා. " අපේ...... ගමේ සර්......." අනේ ඉතිං මේ නම් මගේ වැරැද්ද නෙමේ.මගේ කටේ වැරැද්ද....පොඩි කාලෙ කවුරුහරි ඇහුවම ගෙදර තියෙන්නෙ කොහෙද කියලා.ඒක විහිලුවට අරගෙන ගෙදර තියෙන්නෙ අපේ ගමේ කියලා කියපු පුරුද්දට සර් ඉස්සරහත් එහෙන්නම කියවුනා. " නෙතූ............" ඒ පාර නම් හොදටම තරහ ගියාද කොහෙද. "සොරි සර්......." හිත ඇතුලෙන්ම පළවෙනි පාරට කොල්ලෙක්ගෙන් මම සමාව ඉල්ලුවා. " දෙවියන්ගෙ නාමෙන් කියනවා.බස් එකේ ගියාම ගෙවල් ලගින්ම බහින්න පුලුවන්ද කියලා......." සර් කේන්තිය වැඩි කමටද කොහෙද කාර් එක නවත්තලම මගේ දිහා බැලුවා. " ඔ...ඔව්....සර්.......අනේ ඒත් ඔය චිත්‍රපට දෙබස් විදියට ප්‍රශ්න අහන එක නවත්තන්නකෝ........" හිතේ කිසිම දෙයක් තියාගන්න බැරි මගේම කරුමෙටද කොහේ. සර් ඒත් ඒකට නුකුත්ම කිව්වෙ නෑ. " හරි බහින්න......." දන්නෙම නැතුව හෝල්ට් එකකින් කාර් එක නවත්තලා. " මේ නම් විහිලුවක් නෙමේ සර්.......උදේ ඉදන් මගෙන් වෙච්ච වැරදි වලට මට සමවෙන්න......." වැරැද්දක් කලානම් ඒක පිළිගන්නම ඕනි.නැත්තම් ඒක කැත ගතිගුනයක්. " ඕකේ....ඕකේ....." ඒ මුවගට ආවේ සැහැල්ලු මදහසක්.ඒක දැකලා මගේ හිතත් සැහැල්ලු උනා. මම බැහැලා හෝල්ට් එකට ආවා . හෝල්ට් එකට ආවට පස්සෙයි දැක්කෙ.සරුත් පස්සෙන් ඇවිත්. " ඇයි සර්......." " නෑ.....ඔයා බස් එකට නගිනකම් මම ඉන්නම්......." සර් එහෙම කියලා එතන තිබ්බ යකඩ බංකුවෙන් වාඩි උනා.මම පිරිමින්ගෙ හොදක් ලේසියෙන් දකින්නෙ නෑ ..... ඒත් හිතට එකගව දෙයක් මට කියන්න පුලුවන් ... යෂ් ප්‍රෙම් කුමාර් රාමචන්ද්‍රම් .... ඇත්තෙන්ම මහත්මයෙක්. ඒත් ඉතිං ඒයා හිටපු එකෙන් උනේ ගෙදර යන එක තවත් පරක්කු වෙච්ච එකයි.ආපු ආපු හැම බස් එකේම සෙනග අඩුයි කියලා මෙයා මට යන්න දෙන්නෙ නෑ.කොහොමහරි පැය බාගෙකට පස්සෙ තමයි එයාට හිතට හරියන විදියෙ සෙනග පිරුනු බස් එකක් ආවේ.බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා මදිවට බ්බස් එකෙත් හිටගෙනමයි.කොහෙද ඉතිං ඉපදෙච්ච දවසෙ ඉදං කාර් වල යන මිනිස්සු දන්නවද බස් වලබ්තියෙන දුක.... (මතු සම්බන්දයි ) තුන්වන කොටස කියවූවා.. විශිෂ්ඨයි නංගී.. මම කියවන ලද සමහර නවකතා වලටත් වැඩිය හොදයි නංගී... indika76Most Senior MemberPosts:10449 27 Apr 2018 09:25 PM 03 සිට 09 දක්වා කොටස් ටිකම නංගී දාලා නේද? දැන්නම් කියවන්න වෙලාවක් නැහැ නංගියෝ.. අද රෑට මේක කියවලා අදහස් දෙන්නම්... MadudNew MemberPosts:54 27 Apr 2018 08:04 PM වසන්තය නුඹම විය......09 කොටස කොහොමෙන් කොහොම හරි සර්ගෙ ගෙදරින් උදේටත් කාලා අපි දෙන්නා වෙළද දැන්වීම් ආයතනයට ආවා.බල්ලා නිසා වෙච්ච විනාසෙන් පස්සේ සර් මාත් එක්ක කතා කලේ නැති තරම්මයි. ඇත්තම කිව්වොත් මට බය හිතුනා.කාගෙ උනත් නියපොතු හරි විසයි.සර්ට උණ ගනියිද මන්දා. " මන්දාරී......මේ ස්ක්‍රිප්ට් එක බලන්න......බලලා ඉවර වෙලා අපි මිස්ට දිසානායක එක්ක කතා කරමු....." යෂ් මගේ අතට දුන්නෙ ෆයිල් එකක්....මම මගේ හිතේ තිබ්බ ඔක්කොම කුනු කන්දල් අයින් කරලා ඒක කියවන්න ගත්තා. අපේ ප්රචාරක දැන්වීම්වල තේමාව උනේ මිත්‍රත්වය . පොහොසත් පවුලක හා දුප්පත් පවුලක ළමයි දෙන්නෙක් අතරෙ ගොඩනැගෙන අපූරු මිතුරුකමක්... තාමත් අපේ අලුත් ප්‍රඩක්ට් එක ගැන ප්‍රචාරය වූ දැන්වීම් දෙකටම ඇතුලත් වුනේ නෑ. මේ අන්තිම දැන්වීමෙන් තමයි නිශ්පාදනය ගැන හැඳින්වීම කරන්නේ... ඒත් යශ් කිවුවා වගේම මගෙ හිතටත් ඒ ස්ක්‍රිප්ට් එකේ තේමාව හරිගියේ නෑ. අපේ මාකට් එක මධයම හා පහල ආර්ථිකය. ඒත් මේකෙ අන්තිමට පෙන්නන්නේ පොහොසත් ළමයා දුප්පත් ළමයට බිස්කට් එක අරගෙන දෙනවා.ඒක ඒ විදියට උනොත් අපේ මූලික පරමාර්ථය ඉශ්ට වෙන්නේ නෑ.මේකෙ මිල දුප්පත් මිනිසෙකුට දරන්න බෑ කියන මතය තමයි මේ ඇඩ් එකෙන් සමාජගත වෙන්නේ. ඒක අපේ විකිණුම් පරමාර්ථයට සම්පූර්ණ පටහැනි දෙයක්. "මොකද ඔයාට හිතෙන්නේ..." යශ් මගේ කල්පනාවෙන් බරවෙච්ච මූණ දිහා බලාගෙන අහනවා. "මේකෙ ස්ක්‍රිප්ට් එක දැන් වෙනස් කරන්න බෑ සර්... මොකද කලින් ඇඩ් දෙකට මේක සම්බන්ධ වෙන්න ඕනි.මෙතන තියෙන්නෙ පුන්චි ප්‍රශ්නයක් ... ඇත්තෙන්ම ස්ක්‍රිප්ට් එකේ වරදක් නෑ. මම එහෙම කිවුවේ ඒකයි. "මොකද්ද? " " මේකෙ මිල ගැන ඇඩ් එකෙන් එළියට යන්නේ වැරදි අදහසක් ඒකයි ප්‍රශ්නේ...." මම මගේ හිතේ වූ අදහස එලියට දැම්මා. " හරි ... අපි එහෙනම් මිස්ටර් දිසනායක එක්ක මේ ගැන කතා කරමු.මට ස්ක්‍රිප්ට් එක අවුල් කියලා තේරුනාට ඒ ඇයි කියලා තේරුනේ නෑ.ඔයාට හිතෙනවනම් ඒකයි ප්‍රශ්නේ කියලා අපි ඒ ගැන කියමු..." යශ් මගේ අදහසට එකඟ වුනා.උදේ වුන දේට පස්සේ සර් මේ තරම් වචන ගොඩක් එකපාර මා එක්ක කතා කරාමයි. බලාගෙන යනකොට යශ් ට තියෙන්නේ මගේ ගතිගුණමද කොහෙද? විහිළු කරන වෙලාවට වගේම වැඩ කරන වෙලාවත් එයා හොඳට දන්නවා. * * * * * * * * * * අපිට අවශ්‍ය දේ මම පැහැදිලි කලාට පස්සේ අධ්‍යක්ෂකවරයා පිටපත් රචකයා එක්ක කතා කරලා පිටපත වෙනස් කලා.අන්තිමට දුප්පත් ළමයයි පොහොසත් ළමයට අපේ නිශ්පාදනය අරගෙන දෙන්නේ.ඒකෙන් අපේ ප්‍රශ්නේ විසඳුනා. කොහොමහරි වෙළෙඳ දැන්වීම් ආයතනයෙන් එලියට එනකොට දවල් තුනත් පහු වෙලා.මම හිටියේ හොදටම බඩගිනි වෙලා.ඒත් ඉතිං ඒක කටක් ඇරලා කියන්න බයයි.සර් ඉන්නේ එච්චර හිත හොඳකින නෙමෙයි වගේ.... නියපොතු සැරට උණ ගන්නවද දන්නේ නෑ.මට ආයෙත් බය හිතුනා. " සර් ..." මම ඒ මූන දිහා බලාගෙනම කටහඬ අවදි කලා. "හ්ම් ...." මගේ මූණවත් නොබලා එයා උත්තර දෙනවා. " පිටගැස්මට බෙහෙත් එකක් විදගමු සර් .." මේ නම් විහිලුවක් නෙමෙයි . මට ඇත්තටම බය හිතුනා සර් අසනීප වෙයි කියලා. " කාටද? ..." යශ් මගේ ගැන ලොකු අවදානයක් නැති විදියට අහනවා. "විහිලුවක් නෙමෙයි සර් ... මිනිස්සුන්ගේ නියපොතු හරි විසයි. සර් අසනීප වෙයි කියලා මට බයයි..." ඉතිං මම දන්නේ නෑ ... පිරිමියෙක් වෙනුවෙන් මගේ කටින් ඒ වගේ වචනයක් කවදාවත් පිටවෙලත් නෑ.... යශ් මගේ දිහා බැලුවේ මට තේරුම්ගන්න බැරි බැල්මකින්... ඇත්තෙන්ම මම බය වුනා.පිරිමියෙක් ඉස්සරහා මෙහෙම හැසිරීම මගේ ප්‍රතිරූපය නෙමෙයි. නදී කියනවා වගේ මම මගේ සීමාව ඉක්මවනවද?... මම කියපු දේට උත්තරයක් නොදුන්නට යශ් වාහනය පෞද්ගලික රෝහලකට ඇතුල් කලා.හිත යටට ආවේ සතුට මුසු වෙච්ච දුකක්... ඒ කියන්නේ යශ් මම කියන දේ අහනවා.ඒත් මට දුකයි...එයා නොපෙන්නුවට ඉන්නවා ඇත්තේ වේදනාවෙන්. වාහනය නවත්තලා ඒකෙන් බහින ගමන් යශ් බැලුවේ මගේ දිහා.ඒ බැල්මේ අර්ථය නොතේරුනත් මගේ හිත මට අණ කලා එයත් එක්ක ඇතුලට යන්න කියලා. "සර් ... මාත් එන්නද?..." ඉල්ලීමක්වත් අවසරයක්වත් නැතුව මට එයා එක්ක යන්න බෑ... ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒකයි මම මුලින්ම අවසරය ඉල්ලුවේ. " හ්ම්. ...." තනි වචනයෙන් මට ඒ අවසරය ලැබුනා.ඉතිං ආයෙත් හිත හිත ඉන්න දෙයක් නෑ.මමත් වාහනයෙන් බැස්සා. * * * * * * * * වැරැද්ද මගේ.මම මගේ කට පරිස්සම්කරගෙන බල්ලව අවුස්සගන්නෙ නැතුව හිටියනම් මේ මුකුත් නෑනේ.මගෙත් කිසි පරිස්සමක් නෑ. " සර්..... මම එලියෙන් ඉන්නම්....සර් බෙහෙත් අරගෙන එන්න......" එයත් එක්ක ඇතුලට යන එක හොද නෑ කියලා හිතුන නිසා මම වෛද්‍යවරයාගේ කාමරය ඉස්සරහ නැවතුනා . " එනවා ඇතුලට ඩොක්ට දැනගන්න ඕනි මේ විනාසෙ කරපු සතා මොකාද කියලා........" මේ තරම් සීරියස් විදියට මම ඉන්න හැදුවම මෙයා කර්න්නෙම මාව අවුස්සන වැඩමයි.මම මූණ නරක් කරගත්තා. " එනවා එනවා........" ආයෙ කිසිම අනුකම්පාවක් නැතුව එහෙම කියාගෙන එයා ඇතුලට ගියා.ඉතිං වෙන මොනා කරන්නද....එයා එන්න කියලා කිව්වනෙ.මට නොයා බෑනේ....මාත් ඉතිං රජ්ජුරුවෝ පස්සෙන් යන පුරෝහිතය වගේ එයා පිටිපස්සෙන් ඇතුලට ගියා. " මොකක්ද ලෙඩේ............" එතන හිටියෙ තරුණ පිරිමි ඩොක්ට කෙනෙක් . ඒත් ඉතිං ලෙඩාව පැත්තක තියලා ඩොක්ට ප්‍රශ්න අහන්නෙත් මගෙන්.නදී හිටියනම් අනිවාර්යයෙන් කියනවා දකින ඕනම මිනිහෙට එක පාරින්ම තේරෙනවා කියලා මට ලෙඩක් තියෙනවා කියලා. " මේකයි ඩොක්ට ......." යෂ් ලෙඩේ විස්තර කරන්න හැදුවේ.ඒත් ඉතින් වැරැද්ද කලේ මමනේ. " මේකයි ඩොක්ට උනේ......" යෂ්ට කලින් මම ඉස්සරවෙලා සිද්දවෙච්චදේ පැහැදිලි කරන්න හැදුවෙ.මම කතාකරන්න ගත්තු නිසා එයා කට වහගත්තා.ඩොක්ටත් ආයෙ මගේ දිහා බලාගෙන. "ඩොක්ට.....මම හිටියෙ ඔෆිස් එකේ.......මේයා මට ගමනක් යන්න කියලා කතා කලා......මාත් ගියා.......ඊට පස්සෙ මෙයා ගෙයක් ලග නතර කරලා හොරෙක් වගේ ඇතු......" " ඩොක්ට අපේ ගෙදර බල්ලා මෙයාව කන්න පැන්නා.ඒකට බයවෙලා මෙයා මගේ ඇගේ එල්ලුන පාර එයාගෙ නියපොතු වලට මාව හීරුනා....." මම ඉතිං විස්තරාත්මකව කියන්න හදපු දේ යෂ් මැද්දට පැනලා කෙටියෙන් කියාගෙන ගියේ මට රවාගෙනමයි.ඉතිං මම කට වහගත්තා. " අප්පා....එහෙමද......එහෙනම් පිටගැස්මට බෙහෙත් විදින්න වෙයි.....ඊට කලින් තුවාල බලමුද........" ඩොක්ට මගේ පුම්බගත්තු මූණ බලලා හිනාවෙලා එහෙම කිව්වා. " ඕකේ....ඩොක්ට......" යෂ් ඇදගෙන ඉන්න ෂර්ට් එකේ බොත්තම් ගලවනවා....මට දැනුනේ අපහසුවක්.... " සර්....මේ.....මම ...එළියට යන්නද......" ඩොක්ට උනත් මොනා හිතයිද දන්නෙ නෑ....ඒක නිසා මම එහෙම ඇහුවා.ඒත් මට පිළිතුරු විදියට ලැබුනේ දඩුවම් බැල්මක්.දැන් මොකද කරන්නේ.....එයා ඩොක්ටට තුවාල පෙන්නනකන් මම අහක බලාගත්තා. " මිස්ටගෙ වයිෆ්ගෙ නියපොතුනම් බොහොම සැර පාටයි.ඇගිලි දහයම ලස්සනට වැදිලා පිටේ......." අහක බලාගෙන හිටියට මට ඒ කියන දේවල් ඇහෙනවා. මොකක්....කාගෙ වයිෆ් ගැනද මේ කියවන්නෙ ....මම හැරෙන තැපෑලෙන් ඩොක්ට දිහා බැලුවේ. " ඩොක්ට.....වයිෆ්ගෙ නෙමේ.....මගේ නියපොතුයි වැදුනෙ....." මම සර් දිහා වැරදිලාවත් බලන්නෙ නැතුව ඩොක්ටට කිව්වා.කාට උනත් වැරදි වැටහීම් තියෙන එක හොද නෑනේ.. " ඒකත් එහෙමද.........ඒකෙන් කමක් නෑ......අපි මුලින්ම තුවාලවලට බෙහෙත් දාමූ.....ඕකට විසබීජ් යන්න හොද නෑ......." ඒ පාර ඩොක්ටත් සත පහකටවත් මම කියපු දේ ගනන් ගත්තෙ නෑ.මම ආයෙත් අහක බලාගත්තා. " ඕකේ ඩොක්ට......" " එන්න.....අර බෙඩ් එකෙන් වාඩි වෙන්න......." ඩොක්ට එහෙම කියලා නැගිට්ටා.යෂ් පුටුවෙන් නැගිටිනවා ඇහුනත් මම ඒ දිහා බැලුවෙ නෑ. " මේක පොඩ්ඩ්ක් අල්ලගන්නවා......" යෂ් මගේ ලගටම ඇවිත්.බලෙන්ම ගලවල තිබ්න ෂර්ට් එක මගේ අතට දුන්නා.ඉතිං තවත් අහක බලාගෙන ඉන්න බෑනෙ.මට ඒ මූණ දිහා බැලුනෙ ඉබේමයි. ඉතිං අනන්තවත් මගේ මිතුරන් උඩුකය නිරුවත්ව හිදිනු මා දැක ඇත.එහෙත් යෂ් ප්‍රෙම් කුමාර් රාමචන්ද්රම්ව එලෙසින් දකිද්දී මගේ හිතේ මේ ඇතිවෙන විපර්යාසය ඒ කිසිදු පිරිමියෙකු ලගදී මට දැනී නැත.හිත ඇතුලේ කැකෑරෙන්නේ මහා නොසංසුන්තාවයකි.ඔහුගෙන් ඇස් ඉවත්කරගන්නට මෙන්ම ඔහුවෙත ඇස් රදවාගැනීමටත් මට එකවර උවමනා විය. මට පිටුපා යන ඔහුගේ පිටේ ඇත්තම පේන්නටම මගේ ඇගිලිවල නියපොතු පාරවල් පේන්නට ඇත.ඉතිං හිත දුකින් පිරුනි.ඇත්තෙන්ම මට මේ මොනා වෙලාද.....බෙහෙත් දමා අවසානයේ වෛද්‍යවරයා අතට ගත්තේ එන්නතකි.මගේ ඇග බියටම හිරිවැටුනි. "සර්...... මම එලියට යන්නද......" එන්නත්වලට ඇතු අසීමිත බිය ගැන දන්නේ මා පමණකි. " පොඩ්ඩක්....එක තැනක ඉන්න බැරිද......ආ...." වෛද්‍යවරයා සිටින බවද අමතක කර යෂ් මට බැන වැදිනි. " එහෙනම් සර්..... මම සර්ගෙ අතිං අල්ලගන්නද......." එන්නත් කටු දකිද්දී බියවෙන මගේ හිත පාලනය කර ගැනීමට මට කාගේ හෝ සහයෝගයක් අවශ්‍යය. " මිස්....බය වෙන්න එපා....මම එයාට රිදෙන්න විදින්නෙ නෑ....." ඒ පාර ඩොක්ට....මේ මොන සමයමක්ද කියවන්නෙ.මම මේ බයේ ඉන්නවා.එයා විකාර කියවනවා.ඒත් ඉතිං කටක් ඇරලා කියන්නෙ කොහොමද .....පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ වයසට ඔන්න මෙන්න ඉන්න මම එන්නත්වලට බයයු කියලා. " ඒ උනාට......මට ඩොක්ටව ෂුවර් නෑ.....මම සර්ව අල්ලගන්නම්......." තැනට සුදුසු විදියට වචනයක් දෙකක් එහෙන් මෙහෙන් දාලා අවසරය ලැබෙන්නත් කලින්ම මම ඒ අතක එල්ලුනා. ඩොක්ට හිනාවෙල එහෙම එන්නත අතට ගත්තා.නොබලනවා කියලම හිතාගෙන හිටියත් මගේ ඇස් කෙලින්ම එල්ලවෙලා තිබ්බෙ එන්නත දිහාවට.බයටම මන්දා මාව සීතල වී ඇත.ඒ කටුව ටිකින් ටික මස් ඉරාගෙන ඇතුලට යද්දී මගේ ඇග හිරිවැටිනි.මට හිතුනේම මේ දේ හීනලෝකෙ වෙන දෙයක් වගෙ....හාත්පස අදුරු වී ඇත. "මන්දාරී.......මන්දාරී......" අදුර මැද්දෙන් මට ඇහුනේ යෂ් ගෙ කටහඩ.ඒත් ඊටපස්සෙ ඒකත් ඇහෙන්නෙ නැතුව ගියා.... (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 27 Apr 2018 08:03 PM වසන්තය නුඹම විය........08 බැන බැනම එදා ලොකු සර් මටයි පොඩි සර්ටයි බාර දුන්නෙ ලේසි පාසු වැඩක් නෙමෙයි. මෙම ආයතනය මධ්‍යම මට්ටමේ බිස්කට් නිශ්පාද ආයතනයකි.ලග එන උත්සව සමයට වෙළදපොලට දැමීමට නවතම නිශ්පාදනයක් නිපදවීමට ලොකු සර්ට උවමනා වී ඇත.ඉතිං වගකීම සුලු පටු නොවීය .පවතින වෙළදපොළ තත්වය හොදින් නිරීක්ෂණය කර වෙළදපොළට අවශ්‍ය ලෙස නව නිශ්පාදනය සිදු කල යුතුය. පාරිබෝගිකයාගේ අතෙහි මුදල් ගැවසෙන ප්‍රමාණය ගැන හොද දැනුමක් තිබිය යුතුය.අපේ ඉලක්කය වූයේ මධ්‍යම හා පහළ වෙළදපොල ඇල්ලීමයි.කොහොමටත් පොහොසත් යයි සම්මත සමාජය තෑගි දීමට හෝ තම පරිබෝජනයට දේශිය බිස්කට් වර්ග ගැනීම දුර්ලබ දෙයකි.ඉතිං නව නිශ්පාදනය මිළ අදික නොවිය යුතුය.එමෙන්ම පිරිවැය අවම විය යුතුය. සියල්ලම ගැන සිතීමේදී මේ කාලය මා අධික ලෙස කාර්යබහුල වන කාලයකි. කොතරම් විනෝදකාමී ලෙස සිටියත් මේ කාලය මගේ මොලේ වෙහෙසීම වැඩිවන නිසාමදෝ කට ඉබේම වැසී යයි.මගේ මේ හැසිරීම් ගැන දන්නා නිසාමදෝ මේ කාලය තුල කිසිවෙකු මට විහිලු කිරීම වත් මගෙන් විහිලු බලපොරිත්තු වීමව සිදු වන්නේ නැත.ඇත්තෙන්ම මුලු ඔෆිස් එකම නිස්කලංක වන්නේ මගේ කට වැහුනු පසු බව මටම තේරෙන්නෙත් මේ කාලදීය. මගේ මේ වෙනස්වීම දන්නා නිසාම නදී තනූජ්ව ඒ ගැන දැනුවත් කර තිබුනි.දවසට තුන් වරක් කතා කර මගේ හිත අස්සට රිංගන්න හදන ඔහු එය එක්වරකට සීමා කර තිබුනි.ඉතිං මට ඔහු ගැන යම් පැහැදිමක් ඇතිවුනි.නදී කියනා ලෙස කිසිම ගැහැනියකට තමන් පතනා මිනිසාම නොලැබෙයි.අඩුම තරමේ ගැහැනියක් තේරුම් ගැනීමට ,හැකි පිරිමියෙකු ලැබීමත් වාසනාවකි. යෂ්.....මේ කාලය තුල කාර්යලයේ නොසිටි තරම් ය. ඔහු වැඩි හරියක් ගත කලේ බිස්කට් නිශ්පාදිතාගාරයේය.අලුත් නිශ්පාදිතය සදහා ආහාරයට සුදුයැයි අනුමත ආහාර පාලන අධිකාරියේ අනුමැතිය ගැනිමට ඔහු වැඩි හරියක් වෙහෙසිනි.ඇත්තෙන්ම ඔහු කාර්යලයේ නොමැති එකටනම් මම් සතුටු උනෙමි.කොතරම් කාර්යබහුල උනත් ඔහුව දකිද්දී මොකක් හෝ මගෝඩි වැඩක් කර ඔහුව තරහා ගැස්සීමට සූදානම්වන මගේ සිත මටම පාලනය කරගත නොහැකි තැනට මම දැන් අසරණ වී හිදියෙමි.ඉතිං ඔහු නැති වීමම හොදය.එසේම අලුත් නිශ්පාදනය සදහා හදුන්වදීමේ ප්රචාරක වැඩපිළිවෙළද කෙරීගෙන යයි. ඇත්තෙන්ම එයින් අපට ලැබුනේත් හිතුවටත් වඩා හොද ප්‍රතිපලයකි.හිත සතුටින් පිරී ඇතත් පළමු නිශ්පාදන තොගය වෙළදපොලට මුදාහැර එය අපේක්ෂිත ආදායම සපුරාලනතුරු මගේ සිත නිදහස් නැත. " නෙතු........" අපේක්ෂා නොකල මොහොතක කාමරයට අපේ අලුත් සර් ය. පහදා කිව නොහැක. ඒත් ඒ රූපය දකිද්දී හදවත ඇතුලාන්තයෙන්ම සිසිල් වුනි. " සර්........" ඔහුව විහිලුවට ගැනීමේ සිතක් මේ මොහොතේ මට නැත . ඒත් මුව පුරා මම සිනාසුනෙමි. " අද ලොකූ වැඩක් නැත්තම් මාත් එක්ක පොඩි ගමනක් යමුද........" මට පුදුම හිතුනි.ඔය සර් මගෙන් එහෙම ඉල්ලීමක් කලාමය. මා ගැහැණියක වූ නිසාම මට සමාජය තුල දහසක්වූ නීතීන් පිළිපැදීමට සිදුව ඇත.එහෙත් හොදකට හෝ නරකකට මා පිළිපදින්නේ එයින් අඩක් පමණි.මට හිතුන විටක මා සම්පූර්ණයෙන්ම ඇග වැසෙන්නට ඇදුම් අදිනවා මෙන්ම ඇග අනවශ්‍ය ලෙස නිරාවරනය නොවන පරිදි කොට ඇදුම් ඇදීමටත් මම පසුබට නොවෙමි. පිරිමින් ගැන අධික කලකිරීමක් සිතේ තිබුනත් ලෝකයේ සිටින සියලුම පිරිමි ගැහැනිය දූෂනය කිරීමට බලා සිටින සත්ව කොට්ටාසයක් යන පුහු මතයද මට නැත . ඉතිං පිරිමියෙකු සමග වාහනයක නැගී ගමනක් බිමනක් යාමට මම කිසි විටක බිය නොවූයෙමි .මා අසල සිටින පිරිමියාට වඩා මා මගේ හිත විස්වාස කරමි.ගැහැනිය තමන්ගේ සීමාවේ සිටින තුරු පිරිමින් ගැහැණිය දෙස වැරදි බැල්මක් පවා හෙලීමට බිය වන බව මා ඉගෙනගත්තේ මගේම මිතුරන්ගෙනි.සම්බන්දතා වලදී මා හැමවිටම පිරිමියා මායිම් නොකලත් පිරිමියෙකුගේ මිතුරුකම පිය සෙනෙහස තරම් පිරිසිදු බැදීමක් බව මා තදින්ම විස්වාස කරමි.....ඔව්.....මා මාගේම පියා ගැන උනත් ඉන්නෙ කලකිරීමෙන්....ඒත් තම පියා අතින්ම දියණිය අපයෝජනය වන කාලෙක මගේ පියා ඇත්තෙන්ම උතුම් ය. ඔහුට ඇත්තේ තමන්ගේ පරම්පරාව ගැන ඇති අධික මාන්නයත් වැඩක් පලක් නොකර තියෙන දේ විනස කිරීමත් පමණි.මා ඔහු ගැන කලකිරී ඇත්තේ එබැවිනි.අනෙක් අතට ඔහු මට සෙනෙහස නොපෙන්නුවාට මට වෙනස්කමක් කලේත් නැත.මා නොසලකා හැරීමට ඇති එකම හේතුව මා පුතෙකු නොවී දියණියක වීමයි.ඉතිං මා කොතරම් කලකිරී ඇතත් ඔහුට වෛර නොකරන්නේ එබැවිනි.මා නොසලකා හරින්නේ ඔහුගේම මෝඩකමට කියා සිතා මම හිත සනසාගන්නට වෙහෙසෙන්නේත් එබැවිනි. " මොනවද කල්පනා කරන්නේ......ඔයාට වැඩ නම් කමක් නෑ........" යෂ් ආපසු හැරිනි.හිත ගැස්සිනි. " සර්......කොහෙද යන්නේ....." කලබලේට මගේ වචන පිටවිනි. " අපේ ප්‍රඩක්ට් එකේ තර්ඩ් ඇඩ් එක ෂූට් කරන්න හදන්නේ.මට ඒකේ ස්ක්‍රිප්ට් එක හම්බුනා.ඒත් මට ඒක සැටිස් නෑ නෙතු......මට මෙහේ මාකට් එක ගැන ලොකු තේරුමකුත් නෑ.ඔයාට පුලුවන්නම් මා එක්ක ගිහින් ඩිරෙක්ට එක්ක ඒ ගැන කතා කරමුද......" එය ඇත්තෙන්ම මගේ ප්‍රදානියාගේ නොව මට පහල නිළදාරියෙකුගේ ඉල්ලීමක් වැනිය.ඇත්තෙන්ම මට දුක හිතුනි.ලංකාවට පය තබා ආයතනය පැමිණ දින දෙකක් යන්නටත් කලියෙන් ලොකු සර් මේ පොඩි සර්ට දිලා තියෙන වගකීම බර වැඩි බව මට මුල් වරට සිතුනි.ඒ මුහුණෙයි ඇත්තේ තද විඩාබර පෙනුමකි. " යමු සර්......." මම පුටුවෙන් නැගිට්ටේ හෑන්ඩ් බෑග් එකත් අතට ගනිමිනි.කරන්නට දහසකුත් රාජකාරීන් තිබුනත් යෂ් මේ කල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මට හිත දුන්නේම නැත. සිනහවකින්වත් පිළිතුරක් නොදී යෂ් ඉස්සර විනි.ඉතිං මා මුලින්ම නදී සොයා ගියෙමි.ඇයට මා පිටට යන බව පැවසිය යුතුය. " සර් එක්ක....තනියමද උඹ යන්නේ....." මා පිටට යන බව කියූ ගමන් නදි ඇස්දෙක නළලටම ගත්තාය. හිටට නැගුනේ නොරිස්සුම්සහගත තරහවකි. " මොකෝ බං....උඹ නිකං බය වෙලා තියෙන්නේ සර් මාව මරන්න ගෙනියනවා වගේනේ....අනික මම තනියෙම වෙනදා පිරිම් එක්ක එලියට ගියේ නැද්ද....." වැඩ අස්සෙ මගේ හිත හෙම්බත්ව ඇති මොහොතක.යෂ් සමග මෙසේ හො එළියට යෑමට ලැබීම නිසා හේතුවක් නැතුවම මම සත්ටු වී සිටියෙමි.ඒ එකම සතුටටත් නදි මෙසේ අකුල් හෙලද්දී මගේ හිත තරහෙන් පිරී ගියේ මටත් වලක්වාගත නොහැකි ලෙසිනි. " මන්දු..... මම මේ දේවල් කියන්නෙ උඹේ හොදට......එදා උඹ උඹට ඕනි දේවල් කලාට දැන් එහෙන බෑනේ.....තනූජ් මොනා නොහිතයිද උඹ ඔහොම එක එකා එක්ක යද්දී ......." නදී නොරිස්සුම්සහගත වී ඇත. ඉතිං මට සියල්ල වැටහිනි.මා තනූජ් ගැන යම්තාක් දුරට පැහැදී ඇති බව සත්‍යයක් උවත් තාමත් එය ආදරය නොවීය.මෙලෙස මගේ හිතට තනූජ්ව බලෙන් රිංගවීමට නම් හදන්නේ.එයින් වෙන්නේ තනුජ් වෙනුවෙන් යන්තම් පැහැදීගෙන එන සිත උපන් ගෙයිම මිය යාමයි. මම නදීට උත්තර නොබැදම ආපසු හැරිනි. " මම දන්නෙ නෑ.....උඹ යන දිහාවක් ගැන තනූජ් ට කියලා පළයන්........" නදීගේ කෝප සහගත ඒ වචන වලට මම ආයෙත් නැවතුනෙමි. " නදී......තනූජ් ගැන හිතේ පැහැදීමක් තියෙන බව ඇත්ත.ඒත් යන යන හැම තැනම එයාට වාර්තා කරන්න තරම් එයා තාමටත් මගේ කවුරුවත් නෙමෙයි.අනික මම යන්නෙ වැඩකට...නැතුව හොර ගමනක් නෙමේනේ......." මගේ කෝපය පුපුරා ගියේ මටත් නොදැනිමය.ඉතිං තවත් කතා කොට පලක් නැති බව තේරුම් ගත් නිසාදෝ නදී කට වහගත්තාය. මා එලියට එන විට යෂ් වාහනය පනගන්වා තිබුනි.මම වාහනයට නැගුනේත් පහව නොගිය කේන්තියකිනි. මා හරිද වැරදිද කියන්නට මම නොදනිමි.එහෙත් මෙතුවක් කලක් මා වැරදි දේ නොකලෙමි.නව බැදීමක් හිතට සහනයක් නොවී වදයක් වනවාට මා කැමති නැත. මා තුල වැරදි අඩුපාඩු ඇත . ඒවා පිරිමින්ට නොගැලපෙන බවද මම දනිමි.එහෙත් මේ දරදඩු හැගීම් හැසිරීම් සියල්ලම නැතිවී දිනෙක මා ආදරය කරන පිරිමියා ඉදිරියේ පමණක් මගේ බොලදත්වය නිරූපනය විය යුතුය.හැම පිරිමියාටම ලෙහෙසි ගැහැණියක වීමට මම සූදානම් නැත.මා මා ගැනම බිය වී උන්නෙමි.අන් ගැහැනුන්ගේ මෙන් මගේ හිතත් රබර් වගේ උනානම් කොයිතරම් දුරකට ඇදීගොස් අතෑරුනත් නැවතත් යතා තත්වෙට පත්වෙන්නට තිබුනි.එහෙත් නැත.මගේ හිත ටිකෙන් ටික ගල්වී ඇති රත්තරං ගුලියක් මෙනි.කොයි තරම් දිලිසුනත් ශක්තිමත් උනත්.තද කුලුගෙඩි පහරකින් නැවතත් කිසි දිනෙක යතා තත්වයට පත්විය නොහැකි ලෙස කුඩු වීයනු ඇත. මා සොයන්නේ ඒ රත්තරං ගුලිය උණුකරන හැඩයක් ලබාදිය හැකි පිරිමියෙකු මිස ටිකෙන් ටික පීඩනයට ලක්කොට මා කුඩුකර දමන්නෙකු නොවෙයි. " නෙතූ....... උදේට කාලාද ඉන්නේ......" යෂ් බොහෝදුර විත් හඩ අවදි කලේය. " නෑ....සර්......" වැඩිදුර නොහිතා මම මගේ කටට ආ පිළිතුර පිටකලෙමි.ඉතිං යෂ් නැවතත් නිහඩ විය.මා ගිලී උන් කල්පනා සයුර කලඹවමින් මගේ දුරකතනය නාදවෙන්නට ගත්තේය.තිරයේ වැටෙන්නේ තනුජ්ගේ නමයි.හිතේ තිබු කේන්තියට ඇනතුම විසන්දිකරන්නට හිතුනත් අනෙක් අතට තනුජ් පවු කියා සිතුනි.නදී මට බැන්නාට තනුජ් මා තේරුම්ගනු ඇත . " හෙලෝ........." මම ඇමතුමට සම්බන්දවුනෙමි. " මන්දාරී....... බිසීද......කතා කරන්න පුලුවන්ද........." ඒ හඩ සංසුන් ය. ඉතිං හිතට ටිකක් හරි සහනයක් දැනුනි. " නෑ.....අයියේ....කියන්න......මම මේ ඔෆිස් එකෙන් එලියට යන ගමන්......." යම්තාක් දුරට සැහැල්ලු වූ සිතකින්ම මම ඔහුට උත්තර බැන්දෙමි.කොහොමටත් නදී දැනටමත් කේලම කියන්නට ඇත. " හ්ම්.....පරිස්සමින් යන්න.....ගිහින් ඇවිත් මට කෝල් එකක් දෙන්න... උදේට කාලද ඉන්නේ...... " ඉතිං නදී කියනා ලෙස තනූජ් මන් ගැන වැරදියට හිතුවේ නැත.අඩුම තරමේ යන්නේ කා සමගින්දැය් කියාවත් ඔහු ඇසුවෙ නැත.. " තාම කෑවේ නෑ අයියේ......." " ඉතිං ඒකනේ ළමයෝ.....දැන් වෙළාව කීයද බලන්න.....ඔයා ඔහොම ගිහින් ලෙඩක් හදාගන්නවා....... " තනූජ් හොද පිරිමියෙකි.එහෙත් ඇයිදැයි නොතේරේ මගේ අයිතිකාරයා ඔහු බව තවමත් මගේ හිතට දැනෙන්නේ නැත. " මන්දාරී...... බහින්න......" යෂ් වාහනය නවතා ඇත.මා වටපිට බැලුවේ එවිටයි.මේ කොහෙද මේ.......හිත ගැස්සිනි.මේ වෙළද දැන්වීම් ආයතනය නොවෙයි.උස් තාප්පයකින් වටවූ මේ සිව්මහල් ප්‍රාසාදය කුමක්ද...යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් නැමැති මේ පුද්ගලයාව විස්වාස කිරීමට මා ඉක්මන් වූවා වැඩිද ..... " අයියේ..... මම ඔයාට පස්සෙ කෝල් කරන්නම්......" මම එසෙ කියා තනුජ්ගේ ඇමතුම විසංදි කලෙමි. " සර්...... මේ කොහෙද මේ......." සහජයෙන් උරුම ගෑනු ගතිය ඉස්සරවී මම බය වී උන්නෙමි.යෂ් විවර කල දොරෙන් ඇතුල් වී වටපිට බලමින් හිදියි. " ස.....ර්......" පළමු පැනය නෑසූකන්ව හිදින මේ මනුස්සයා ගැන මට ආවේ තරහකි. " කෑ ගහන්න එපා මන්දාරී......මේ මගේ ගේ....." යෂ් මට දඩුවම් බැල්මක් හෙලීය. " සර්ගෙ ගේ නම් සර් මොකටද හොරෙක් වගේ ඉන්නේ ඇතුලට යන්නෙ නැතුව.බොරු කියන්න එපා........" මගේ හිතට නැගුනු සාදාරණ සැකය මම පිටකලේ ටිකක් සද්දෙට. " කෑ.....ගහන්න එපා මෝඩයෝ...... මම මේ බලන්නේ ඩේමියන් එලියෙද කියලා....." රහස් කියන සද්දෙන් සර් කතා කරද්දි මම තවත් බය උනා. " ඩේමියන් හරි මොකා හරි......මාව ලේසියකට ගත්තද සර්......." මම බිය වී ඇති මගේ හිත සගවගෙන කෑ ගැසූවෙමි. " ගර්ර්............" පසෙකින් නැගුනු හඩට මගේ කට වැසි ගියේ ඉබේමය.බියමුසු බැල්ම විදුලි වේගෙන් ඒ ශබ්දය ආ දෙසට යොමු විනි.දත් විලිස්සාගෙන ගොදුරට මාන බලන සිංහයා මෙන් මා දෙස රවාගෙන බලා සිටින බලු තඩියා දුටු විට මට ඉහෙන් කනෙන් දාඩිය දමන්නට ගත්තේය. " අනේ.....සර්......" බියවූ බැල්ම බල්ලාගේ ඇස්වලම රදවාගෙන මම කෙදිරිගෑවෙමි. " කිව්වා....කෑ ගහන්න එපා කියලා......." සර් මා ඉදිරියට විත් මා ආවරනය වන පරිදි හිටගත්තේ බලු තඩියාට මා නොපෙනෙන්නට විය යුතුය. " සර්..... කියන්න එපැයි ඩේමියන් කියන්නෙ බල්ලෙක් කියලා....මම දන්නෙ කොහොමද......" මගේ වචන ආයෙත් සද්දෙන් පිටවිනි. " මන්දාරී.........." යෂ් කෑ ගැසුවේ කේන්තියෙනි. " බව්ව්ව්ව්.........." බලු තඩියාත් ඇගටම කඩා පැන්නේය.ඉතිං මට උන්හිටි තැන් අමතක විනි. " සර්......බල්ලා.....සර්.....බල්ලා.....සර්.........බල්ලා......" මම හතර වටේ දුවන්න ගත්තේ කෑ ගසමිනි. " බ්ව්.....ගර්ර්........" බල්ලාත් මා පසුපසය. " ඩේමියන්....වේට්....වේට් ......." සරුත් බල්ලා පසුපසය.....මේ මොන විකාරයක්ද......මටම සිතේ....ඒත් නැවතුනොත් වෙන්නේ මගේ කෑලිත් නැතිවෙන එකය.... හිස හැරුනු හැරුනු අත මම පණ එපා කියා දුවයි.සරුත් බල්ලාත් මා පසුපසිනි.අන්තිමට දුවාගන්න පණ නැතිවූ මොහොතේ මා සර්ගෙ අත්දෙකට මැදි වුනි. මේ මොකද....බල්ලව අල්ලගන්නවා වෙනුවට මෙයා ඇයි මාව අල්ලගත්තේ.....මෙයා මටද බල්ලටද උදව් කරන්නේ..... " සර්.....ඇයි මාව අල්ලගත්තේ......ඔයා මාව මෙහෙට ගෙනාවෙ බල්ලට කන්න දෙන්නද........." මගේ කට පාලනය වෙන්නේම නැත.බල්ලා ඇවිස්සෙන්නේ මගේ කටේ සද්දෙට කියා දනිමි.ඒත් මට කට නවත්තා ගැනීමට නොහැක. " මන්දාරී .....ෂටප්......" බැරිම තැනදො සර් බැන වදිමින් මගේ කට මිරිකාගත්තේය. " බව්ව්ව්ව්ව්......."බල්ලා මා පසුපසිනි.... " ම්ම්ම්ම්ම්ම්......ස්......." කට මිරිකාගෙන ඇති නිසා කෑ ගසන්නට නොහැකිය....බේරෙන්නට ක්‍රමයක් නැති පාර මම ඒ ඇගේම එල්ලිනි. " ඩේමියන්......ෂටප්.........ප්ලීස්......ගෝ......" යකො...මේ සර්.....මම මෙච්චර බයවෙලා ඒ ශරීරෙ බදාගෙන ඉන්නවා.මාව සනසනවා වෙනුවට මේ මනුස්සයා බල්ලව හුරතල් කරනවා...... " බව්ව්ව්ව්ව්....." මේකත් මහ නහයට අහන්නෙ නැති බල්ලෙක්ද කොහේ.එල්ලෙන්නෙම මගේ ඇගේ. " රාජූ.........." ඒ පාර මේ කාටද කතා කරන්නෙ.තවත් බල්ලෙක්ද......මේයා මාව බල්ලන්ට කියලා කවලා මරන්නද හදන්නේ....කට තද කරගෙන ඉන්න නිසා කෑ ගහන්නත් බෑ..... " පොඩි මාතියා.........එයි එයි......" අම්මෝ ඇති යන්තම් ....රාජු බල්ලෙක් නෙමේ. " මම කියලා තියෙනවනේ රාජ්......ඩේමියන්ව දවල්ට ලිහන්න එපා කියලා.......ඇයි ලිහුවේ......." මාත් එක්ක තියෙන තරහටද මන්දා යෂ් කෑ ගැහුවෙත් රාජුට. " පොඩි මාතියා.....ඩේමියන් අද නෑවා තමා.......යිතිං චුට්ටක් ලිහුවා. අව්වෙ ඉන්න......." " අරගෙන යන්න.....අරගෙන යන්න....එයාව.මෙයාව කෑවොත් එයාටත් පිස්සු බෝ වෙයි......" අනේ ඇත්තට මේ මනුස්සයනම්..මේ මිනිහව බදාගෙන ඉන්න මටත් පිස්සු නේන්නම්.මීට හොදයි බල්ලා කන එක.මම ඔහුව අතහැරියේ බල්ලා කෑවාට කමක් නෑ කියා සිතාය.ඒත් කොහෙද එක අතකින් මගේ කට තද කරගෙන අනිත් අත මගේ බෙල්ල වටේ ඔතාගෙන.ඒ පාර මගෙ හුස්ම ල් මරන්න හදනවද...... " යෂ්.........."" ඒ ආපු සද්දෙට අපි දෙන්නම ගල් ගැහුනා. දෙවියනේ...ලොකු මැඩම්....යෂ්ගෙ අම්මා......දැන් මොකද කරන්නේ.....මේ ඉන්න හැටි දැක්කම එයා මොනවා හිතයිද......දැන් ඉතිං කරන්න තියෙන්නෙ එකම දෙයයි.රගපෑමේ උච්චම අවස්ථාව. " අනේ......සර්.....බල්ලා......." මම මහහයියෙන් හඩන්නට පටන් ගතිමි. එක්වරම වූ විපර්යාසය ට මුලින් යෂ් කලබල උනත් පසුව ඔහුත් මා කරනා දෙය තේරුම් ගති. " හරි ... හරි....මිස්... දැන් බයවෙන්න එපා....බල්ලා ගියා......." යකෝ.....මේකා මට වඩා හොදට රගපානවනේ.මට මිස්ලු...... " අනේ......අනේ......." එකපාරටම අඩන එක නවත්තන්නත් බෑනේ....මම මගේ ඇඩිල්ල වැඩිකලා. '" මොකෝ.....පුතා......" ලොකු මැඩම් අපි ලගට ආවෙ බයවෙලා. " බලන්න අම්මා.....ඩේමියන් මේ ළමයව කන්න පැන්නනෙ........" මම හිතාගෙන හිටියේ මේ විදියට රගපාන්න පුලුවන් මට විතරයි කියලා.බලන් යනකොට මෙයා මට වඩා හොදට රගපානවනෙ... " ඒ මොකද .....ඩේමියන් එහෙම මිනිස්සුන්ව කන්නෙ නෑනේ........" ලොකු මැඩම් මගේ ලග.යෂ් හිමීට මාව අතෑරියා. " ඩේමියන්....කැමති නෑ අම්මා ගෑනු ළමයි මගේ ලග ඉන්නවට....එයාට ඉරිසියයි......" " ඒ මොන විකාර කතාවක්ද........සතෙක් මොකටද ඉරිසියා කරන්නෙ...." මගේ හිතේ වූ පැනය ලොකු මැඩම් එලියට දැම්මාය. " සත්තුත් අපි වගේ තමා අම්මා.......තමන්ව හදන්නෙ පිරිමියෙක් නම් ගෑනු සත්තු කැමති නෑ තවත් කෙල්ලෙක් ඒ පිරිමියා ලගට එනවට.ඒක එයාලගේ ආදරේ......." යෂ්ගෙ හේතුපැහැදිලි කිරීමට බොරු ඇඩිල්ල මැද්දෙන් පිට පනින්නට හැදූ හිනාව මම ආයාසයෙන් නතර කරගතිමි.ඉතිං ඔය කියනා තර්කය පිළිගන්නට තිබුනි ඩේමියන් ගෑනු සතෙක්නම්.....ඒත් පිරිමි සතෙක් මෙයාට මේ තරම් ආදරේ මොකද.... " ඩේමියන් කියන්නෙ ගෑනු සතෙක්........" මගේ හිතෙහි නැගි සියලුම සිතිවිලි යෂ් හදුනගෙන ඇත.දැඩි බැල්මක් මවෙතට හෙලාගෙනම එයා ඒ විදියට කිව්වෙ ඒ නිසා වන්නට ඇත.ඒත් පැනයක් ඇත. " එයා ගෑනු සතෙක්නම් මොකටද ඩේමියන් කියලා නම දැන්මේ......." කට පරිස්සම් නැති නිසාම මගේ ඇඩිල්ල මැද්දෙන්ම වචන පිටවිනි. " එයත් හිතාගෙන ඉන්නෙ තමුන් හිතාගෙන ඉන්නවා වගේම එයත් පිරිමි සතෙක් කියලා......ඒ නිසයි පිරිමි නමක් දැන්මේ......." ඉතිං මා කට වසා ගත යුතුය.නැත්නම් ලොකු මැඩම් ඉදිරියේ මගේ චරිතාපදානේ මේ මනුස්සයා දිග හරිනු ඇත... " අපි යමු දරුවි ඇතුලට..........." ලොකු මැඩම් මා වත්තම් කරගත්තාය.ඉතිං තාමත් මගේ ඇඩිල්ලනම් නැවතී නැත.කිසි දිනෙක පා තබා නැති මේ ප්‍රාසාදය හොදින් මනසට හසු කර ගැනීමට හැකි පරිදි මම දෑස් හතර අතේ ඇඩිල්ල මැද්දෙන්ම කරකැව්වෙමි. " ඔයා මෙතනින් වාඩි වෙන්න......" ලොකු මැඩම් මා සුවපහසු සෝෆාවක වාඩි කරලීය.මා හොදටෝම බය වූයේ ඊට පසුවය.....බොරු ඇඩිල්ල ඇත්ත ඇඩිල්ලකට පෙරලෙන්නට මහ වෙලාවක් ගියේ නැත. ලේ...ලේ ...මගේ අත ලේ වලින් පෙගුනේ කෙසේද.....අර බලු තඩියා මාව කාලද.... " අනේ.....අනේ......" මගේ ඇඩිල්ල වේගවත් උනි.මා මේ අඩන්නේ බල්ලා කෑ වේදනාවට නෙවෙයි....දැන් මට බල්ලා කෑවට බෙහෙත් විදිනු ඇත......එකක් නෙමේ.....විසි හතරක්ම...... " මොකද මොකද ළමයො........" මගේ වැඩිවූ ඇඩිල්ලට මැඩමුත් බයවෙලාය. " අනේ.... මැඩම්.....අර ඩේමියා මාව කාලා........." මා ඇයට අත පෙන්නා හැඩුවෙමි.එහෙත් මටම පුදුමය මගේ අත කෑමට තරම් ඩේමියන් උස නැත..... " දෙබියනේ........පුතා....." පඩිපෙළ නගිමින් සිටි යෂ් ඒ අඩට හැරී බැලීය. " මේ ළමයව ඩේමියන් කාලා පුතා......බෙහෙත් විදින්න වෙයි..........." " හොද වැඩේ.... .....ඩේමියන් ඇති ඒ නිසා කට වහගෙන ඉන්න කිව්වට පොඩ්ඩක්වත් ඇහුවෙ නෑ.... " මේ මනුස්සයටනම් කිසිම හිතක් පපුවක් නැත.අඩුම තරමෙ අනුකම්පාවක්වත් නැත. " මම දන්නෙ කොහොමද සර් ඩේමියන් කියන්නෙ බල්ලෙක් කියලා.සර් බල්ලට දාන්න් ඕනි නම වැඩකාරයට දාලා වැඩකාරයට දාන්න ඕනි නම බල්ලට දාලා.....ඉතිං ඩේමියං ඩේමියං කිව්වම මම හිතුවෙ මනුස්සයෙක් කියලා......" මැඩම් මගේ ඉදිරියේ බව අමතකව මට කෑ ගැස්සුනි.සර් අත්දෙකත් පපුව මැද්දෙන් පටලවගෙන මගේ දිහා හිනාවක් නැති මූනෙන් බලා හිදියි. " ඉන්න .... මම බෙහෙත් අරගෙන එන්නම්....." මැඩම් අප දෙදෙනාව දමා ඇත්ලට ගියාය. දැන් මට තවත් බයය.මෙයා බල්න ඉන්න විදිය මට අල්ලන්නේම නැත.ඉතිං මම තවත් ඇඩිල්ල්ද් වැඩි කලෙමි. " ,දැන් ඔච්චර අඩන්න තරම් බල්ලා කාපු තැන රිදෙනවද...." හිනාවක් නැති මූනෙන් ඒ අහපු ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් මට නැත.ඇත්තටම බල්ලා කාලා තියෙන්නෙ කොහෙද . මට රිදෙන්නේ නෑනේ....ඒත් ඉතිං ඒක කොහොමද මෙයාට කියන්නේ. " බල්ලා කාපු තැන හිරිවැටිලා සර්......ඒ නිසා මට රිදෙන්නෙ නෑ......." මගේ හිතට ආ මුල්ම උත්තරේ මම කියා දැන්මෙමි. සර් සාක්කුවෙව් තිබ්බ ලේන්සුව එලියට ගත්ත.ඒ පාර මොකද...... "අත දෙනවා මෙහාට......" "මට බෑ......" හිත මුරණ්ඩුය.මගේ වචනය සතපහකට ගනන් නොගෙන ඔහු මගේ අත රැගෙන ලේ පිස දැමීය " දැන් පෙන්නනවා තුවාලේ ....." ඒක අනකි.ඉතින් අත වටේටම ඇස් ඇරියත් මට සොයාන්නට තරම් තුවාලයක් නෑනේ..... " ෂා....සර්ගෙ ලේන්සුව හොදයිනෙ.......තුවාලෙ සනීප වෙලා......" මගේ කටට වචන එන්නේ කොහෙන්ද කියාවත් මම නොදනිමි.ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ල්ව්නවා.මට කියන්න තියෙන්නෙ එච්චරයි. " බල්ලෙක් කෑවේ තමුන්ව නෙවෙයි.මාව...මේ......" සර් පෙන්නුවේ ඇද සිටි කමිසයේ පිටුපසයි.සුදු කමිසයේ පදාසයක්ම ලෙයින් තෙත්ව ඇත. " ස....ර්....." මම බිය උනෙමි.... " වහාම....ඔය යක්ස නියපිතු ටික කපලා දානවා.....මිනිස්ස්න්ව හිල් කරන්නෙ නැතුව......" එය තර්ජනයකි .ඉතින් මට සියල්ලම වැටහුනි.බල්ලාට බය වී ඔහුව බදාගත් මොහිතේ මගේ නියපොතුවලට ඔහු හීරෙන්නට ඇත. " ඇහුනද මම කියපු දේ......." " ඔව් සර්......." වචනයෙන් පමනක් නොව මම ඔලුවත් වනා එය පිළිගතිමි.ඔහු සුසුමක් හෙලා ආයෙත් පඩිපෙල වෙතට පියමැන්නේය. " සර් ......." මම හඩ අවදි කලෙමි " ඇයි......" ඔහු පඩිපෙල පාමුල සිටම මට උත්තර බැන්දේය. " අනේ.....මම ඒක ඕන කමින්කලේ නෑ සර්......ඒත් නියපොතු විසයි සර්.....ඒ නිස පිටගැස්මට බෙහෙතක් විදගන්න....." මේ පාර නම් මම කලේ විහිලුවක් නෙමේ.මා නිසා ඔහු තුවාල වූ එකට මට ඇත්තටන දුක හිතුනි. " ඔව්.....පිටගැස්මට විතරක් නෙමේ...මම ජලබීතිකාවටත් විදගන්නවා....." යෂ් එහෙම කියලා පඩිපෙල නැගලා යන්න ගියා.මගේ මුවගට නැගුනෙ හිනාවක්.ඒ ඇයි.....මට තේරෙන්නෙ නෑ.... (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 27 Apr 2018 08:02 PM වසන්තය නුඹම විය......07 සර් ගියා ගියාමය .තාමත් නැවත ආවේ නැත.හිතේ වූයේ පසුතැවීමකි.ඇත්තටම මම හැසිරෙන්නෙ පොඩි ලමයෙක් විලසින්ද.........නෑ....ඒ මගේ හැටිනෙ.කවුරුවත් ඒකට මේ වෙනකන් මුකුත් කිව්වෙ නෑනේ.නදීට පිස්සු ....මම ලය පුරවාගත් හුස්මක් පිට කලේ මහ සද්දෙනි . නදී කියනා මනස්ගාත මගේ ඔලුවට ගත යුතු නැත.මම නැවතත් විකුණුම් වාර්තා පෙරලා ගතිමි. වෙනදා තරම් රාජකාරිය ඔස්සෙ හිත යොදවන්නට අද මට නොහැකිය.ඒ ඇයි.හිතේ වූයේ නොරිස්සුමකි.රාජකාරී වේලාව තුල හෝ සතුටින් සිටීමට පෙරුම් පුරන මට මෙලෙස හිත නොසංසුන් වෙද්දී තරහය. නිහැඩියාවෙන් පිරී ගිය කාමරය තුල මගේ දුරකතනය නාද වෙන්නට ගත්තේ මා තිගස්සමිනි.දෙපාරක් සිතිය යුතු නැත තිරයේ වැටෙන නම නොදත් අංකය තනූජගේ විය යුතුය.නොරිස්සුම තරහව පිටම හිතට නැගුනේ කියාගත නොහැකි විඩාබර ගතියකි.ඇමතුමට සම්බන්ද නොවීමට අනේක වාරයක් සිතුනත් එය මා නදීට කරනා මදිපුංචිකමක් වනු ඇත.කෙලෙසටවත් මට මගේ යාලුවාගේ හිත රිදවිය නොහැක.අනෙක් අතට ආදරය විවාහය සම්බන්දයෙන් මා පිරිමින් විස්වාස නොකලාට නදී කියනා විලස මට ජීවිත කාලෙම තනියෙන් සිටීමටද නොහැකිය.ඉතිං ඇය මෙතරම් වර්ණනා කරන තනූජ මා අපේක්ෂා කරන පිරිමියාමනම්........... " හෙලෝ........" මගේ දැඩිබව පසෙකලා මම ඇමතුමට සම්බන්ද උනෙමි. " ආ.....ආඩම්බරකාරී...... කොහොමද ඉතිං........." එහා ඉමෙන් ඇසෙනා තනූජගෙ යයි සිතෙනා හඩ මගේ සිතට අපහ්සුවක් වූයේ නැත.සමහර පිරිමින්ගේ කටහඩ පවා මට රුස්සන්නේ නැත. " තනූජ අයියා නේද.........." පිටතින් පොරවාගෙන සිටින පිරිමින් ඉදිරියේ දැඩි බවක් මවාගත් බොරු සිංහ හම ගලවා මා තුල සිරව සිටිනා මුවැත්තිය නදී මෙතරම් වර්ණනා කරනා පිරිමියා ඉදිරියේ නිරාවරණය කිරීමේ සිතුවිල්ලක් ක්ෂණිකව හිතට නැගුනි. " හ්ම්........අදුනගත්තා නේ.......ඉතිං කොහොමද මන්දාරී........." තනූජ මා ඉදිරියේ සැහැල්ලුවෙනි. " හොදයි.........." මිතුරියන්ට වඩා මිතුරන් පිරිවරා සිටිනා මා කොල්ලෙකු සමග කතා කිරීමට කිසි දිනෙක පසු නොබායි.ඒත් යම් යම් අවස්ථාවලදී එයම මගේ හැදියාවක් නැති කම ලෙස මිනිසුන් වටහා ගනියි.තනූජ් මගේන් බලාපිරොත්තු වෙන්නේ මිතුරු කම නොවෙයි.ඉතිං මිතුරන් ඉදිරියේ මෙන් ඔහු ඉදිරියේ විවුර්තව කතා කිරීමට මට නොහැකිය. " ඔයා.....පුදුම ආඩම්බර කාරියෙක්නෙ......මම අන්න ඒකට ගොඩාක් ආසයි.කෙල්ලෙක් උනාම අන්න ඒ විදියට ඉන්න ඕනි......." තනූජ මා වර්ණනා කරනවාද නැත්තම් මුරුංගා අත්තේ තබනවාදැයි මම නොදනිමි.ඒත් මම ඒ දෙයට කැමතිය.මා මේ ඉන්නා ආකාරයට කැමති මිනිසුන් අකමැතිය . " මන්දාරී ........ අහගෙනද ඉන්නේ..........." මගෙන් උත්තරයක් නොලද තැන ඔහු නැවතත් කතා කරයි. " ඔව්........" " දැන්වත් ඔය හිත මන් වෙනුවෙන් පොඩි හරි කැමැත්තක් තියෙනවද........" ඔය අසන්නේ මා නිරුත්තර කරන පැනයයි.තමන්ගේ ජීවිත කාලෙම ලගින් ඉන්න පිරිමියව එච්චර ලේසියෙන් ගැහැනියකට තෝරාගත හැකිද. " ඇයි...... ඔයා මට කැමති........." මා පෙරලා පැනයක් විමසුවෙමි. " කැමතිද....... ඒක කොහොමද විස්තර කරන්නේ......ඔයාගෙ ඔය දගකාර කමට පිස්සෙක් වගේ කියවන එකට මම ගොඩාක් කැමතියි........" ඒ පිළිතුර මගේ දැඩි හැගීම් උණු කිරීමට නොහැකි වූ පිළිතුරකි. ඇත්තෙන්ම ගැහැණු හිත විසිරුණු පබලු ඇට වගේය.උඩ විසිකොට අත් හැරියොත් දස අතේ විසිරෙන්නේ නැවතත් සොයාගත නොහැකි විලසිනි .එකක් අල්ලාගන්නා විට සියයක් නැති වේ.පිරිමි සිත නූලක් වැනිය.පබලු එකින් එක අමුනා එක්තැන් කරගත හැක්කේ ඒ නූළට පමනි.ගැහැනු සිතුවිලි නියම ආකාරයට පෙලගස්සවා විසිරිය නොහැකි ලෙස තමා වටා බැද ගැනීමට පිරිමි සිත පෞෂයකින් පිරි ශක්තිමත් විය යුතුය. අනෙක් අතට ගැහැණියක් හැම විටම ඕනෑම දෙයක් තමන්ගේ සිතින් අල්ලා නොගන්නා තාක් එය ප්‍රතික්ෂේප කිරීමට දහසක් හේතූන් සොයනා සත්වයෙකි. මමද එවන් ගැහැනුන් කුලකයේම එකියකි.මෙතෙක් කලක් පිරිමින් ප්‍රතික්ෂේප කිරීමට මට හේතූන් තිබුනි.මා තරම් උගත් නැති වීම.මගේ රැකියාටව වඩා පහල මට්ටමේ රැකියාවක නිරත වීම . මට වඩා නිවුනු චරිතයක් වීම.එහෙම නැත්තම් මට වඩා සෙල්ලක්කාර චරිතයක් වීම.....ඔය හේතූන්ගෙන් අල්පයකි....එහෙත් ප්‍රභලම හේතුව වන්නේ මාගේ මේ මවාගත් අසමාන්‍ය දගකාරකමට අකමැති වීමයි. එහෙත් තනූජ් ඒ සියල්ලම සපුරන්නෙකි.ඔහු මට වඩා උගත් මෙන්ම ඔහුගේ රැකියාවද මට වඩා උසස් ය. ලොකුම හේතුව වූ මගේ දගකාරකමටද ඔහු කැමතිය.ඉතිං හරිනම් මා සතුටු විය යුතුය..... ඒත් මගේ සිත මෙතරම් පසුබාන්නේ ඇයි..... " මිස්......." සුනිල් මගේ කාමරයට එබුනි. " ඇයි සුනිල්......." " පොඩි සර් .... මිස්ට එන්නලු......." ඒ පණිවිඩයට මගේ මැලවී තිබූ හිත එක්වර පණ ගසා නැගිට්ටේය. " සර්.......ආවාද...... කොයි වෙලාවෙද......." මගේ හිතේ තිබූ උද්යෝගයට මට තනූජ් තාමත් දුරකතනයේ රැදී සිටින බව අමතක වුනි. " දැන් ටිකක් වෙලා ඇවිත්..... මිස්ගෙ කෝල් එක ඉවරනම් එන්න කියන්න කිව්වා......." ඒ කියන්නෙ සර් දැකලා මම කෝල් එකක ඉන්නවා කියලා. " තනූජ අයියේ....... මම ඔයාට පස්සෙ කෝල් කරන්නම්......." මම දෙපාරක් නොසිතා ඔහුගෙන් පිලිතුරක් ලැබෙන්නට පෙරම දුරකතන ඇමතුම විසන්දි කලෙමි. ඉතිං හේතුව මම නොදනී.....මගේ සිත එක්වර බියකින් හා සතුටකින් පිරී ඇත. " සර්.......... " මම තට්ටු නොකරම දොර බාගෙට ඇරගෙන ඔලුව ඇතුලට දැමා කතා කලෙමි. ඒ මූණ තාමත් කලුය.තාමත් තරහා නිවී නැතිපාටය. " සර්..... මම ඇතුලට එන්නද......." මට ලැජ්ජාවක් කියන නාමයක් ගැවී නැත.මේ පැය දෙකකය කලින් සුදු වූ දෙයෙහි අංශු මාත්‍රයක් වත් මතක නැති විදියට මම ආයෙත් පුරුදු ප්‍රශ්නයම ඇසුවෙමි.නැත එක එල්ලේ මා දිහා බලා ඉන්නවා මිසක ඒ රකුස් මුවෙන් වචනයක්වත් පිටවෙන්නේ නැත. " ආ.....සර්මනෙ මට එන්න කියලා පණිවිඩේ එව්වේ......ආයෙ මොකටද අහන්නෙ නේද....." පරාජය පිළිගෙන මම ඇතුලට ගියෙමි.නැත ඒ ශරීරය මදක්වත් නොසෙල්වේ...... " සර්...... මම කොතනින්ද වාඩි වෙන්න ඕනී........" තරහගොස් සිටිනා කෙනෙකු තවත් තරහා ගැස්සීමට නම් ඇත්තෙන්ම මම බයය.නිසල ගිනි කදු වාගෙ හිද එක්වරම පුපුරා ගියහොත් මට වෙන්නේ පණ එපා කියා දුවන්නටය.මේ මනුස්සයා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේත් නැත. " හරි හරි සර්.......මට මතකයි.අතනින් නේද........" මම කලින් වාඩි වී සිටි පුටුව පෙන්නුවෙමි.ඒත් නැත ..... පොල් උලක් ගිල්ලාක් සේ කෙලින් වී මා දිහාම බලා සිටිනවා විනා අංශුවක සෙලවීමක් නැත. මහසෝනා වැහිලද... මම මටම කුටු කුටු ගගා කියාගනිමින් පුටුවෙන් ගොස් වාඩි උනෙමි.ෂිට්.... මේ මොකද මේ මට වෙලා තියෙන්නේ.....මම මෙච්චර මෙයා ලග දුර්වල වෙලා තියෙන්නෙ මෙයා මගේ බොස් නිසාද.....මම ඒ මූණ බැලුවේ මටම බැනගනිමිනි.දැන්නම් වෙනසක් ඇත කට කොනකට පෙනෙන නොපෙනන තරමට සිනහවක් නැගී ඇත. ඒ කියන්නේ.... මෙයා මේ මාව විහිලුවට අරගෙනද......හිටපංකෝ.......මම මගේ පුටුවෙන් නැගිට මේසේ වටේ ගොස් ඒ පුටුව ලගින් හිටගත්තෙ ඇසිල්ලක වේගයෙන්.සැකයක් නෑ.ඒ පාරනම් මෙයා බය උනා මරාගෙන මැරෙන බෝම්බ කාරියෙක්ව දැක්කා වගේ...... මමත් ඉතින් ආයේ හිත හිත හිටියෙ නෑ.....කෙලින්ම අත්දෙකින් ඒ උරහිස් දෙක අල්ලගත්තා. " සර්.....සර්.....සර්ර්ර්......." කරන්න පුලුවන් දෙයක් නෙමේ....ඒත් මම කෑ ගගහා ඒ උරහිස් වලින් අල්ලගෙන හොල්ලගෙන හොල්ලගෙන ගියෙමි. " අප්පා........." සර්......කෑ ගහන්න ගත්තේ මටත් වඩා සද්දෙනි......ඒ මොකද උනේ......සර්ව හොල්ලන එක පැත්තක තියලා මම උඩ බිම බැලුවෙ සිද්දවෙන දේ හිතාගන්න බැරුව. " මන්දාරී...... මොකද මේ......" ඇතුලෙ තියෙන බාත් රූම් එකේ දොරත් ඇරගෙන ලොකු සර් බයවෙලා වගේ මගෙන් අහනකොට මට හීන් දාඩියයි මහ දාඩියයි දෙකම දැන්මා...... " ම්.....ම්......මුකුත් නෑ........" මගේ වචනත් ගොත ගැහෙන්නට ගති.චික්......මේ තරම් ලැජ්ජාවක් කවදාවත් වෙලා නෑ..... " එහෙනම් ....ඔය මොකක්ද කරන්නේ........" ලොකු සර් මගේ අත්දෙක දිහායි බැලුවෙ . මාව සීතල උනා.තාමත් මගේ අත්දෙක සර්ගෙ කර උඩ.දැන් මොකද කරන්නේ...... මෙය මේ සිල්ගත්තු බළලා වගේ හිටියෙ ලොකු සරුත් ඇතුලෙ නිසාද ....ඇයි මට ඒක හිතුනෙ නැත්තේ.අඩුම ගානෙ සුනිල්වත් කිව්වෙ නෑනේ ලොකු සර් ආවා කියලා.දැන් මට වෙලා තියෙන්නෙ අර ගලේ පහරපු බලලට වෙච්ච දේමයි.පොඩි සර්ගෙ මූණෙ තියෙන්නෙ මහ නසරානි හිනාවක්. " දැන්වත් අත්දෙක ගන්න මිස්........" ලොකු සර්ට නෑහෙන ගානට පොඩි සර් පිට කරපු ඒ වචන ටිකට මට තවත් තරහ ගියා.මේකටනම් පුතේ පලි ගන්නකම්ම මට සැනසිල්ලක් නෑ..... " ලොකු සර්.......සර්ගෙ පුතා ඩ්‍රග්ස් ගන්නවද ..........." මම ඒ උරහිස් වලින් අත් අරගෙන ලොකු සර් දිහාට හැරුනා.ඒ පාර ලොකු සර්ගෙ මූණත් කලු උනා. " මන්දාරී...... මොනාද මේ කියවන්නේ........." ම් " නෑ.....සර්..... මම එනකොට සර්ගෙ පුතා හෙල්ලෙන්නෙවත් නැතුව මාව කන්න වගේ බලාගෙන ඉන්නවා.මට හිතුනෙම ඩ්‍රග්ස් අරන් කියලා.ආයෙ පස්සෙ හිතුනා ලෙඩක්ද දන්නෙ නෑ කියලා.ඒකයි මම ටිකක් හොල්ලලා බැලුවෙ......" ලොකු සර්ට තරහ ගියත් මට කරන්න දෙයක් නෑ.මගේ හිත නිදහස් වෙන්න නම් ඔය වගේ දෙයක් කරන්නම ඕනි. ලොකු සර් පොඩි සර් දිහා බැලුවෙ හොද බැල්මකින්නම් නෙමෙයි. " අප්පා........... මෙයා ඔය බොරු කියන්නේ..........." යකො.....මේකා කැත නැතුව ඒක කියපු හැටි. " නවත්තගන්නවා දෙන්නම...........මේ ඔෆිස් එක ඇතුලෙ ඔයා මගේ සේල්ස් මැනේජර් මිසක් පුතා නෙමෙයි යෂ්.......අනික මන්දාරී ..... මේ ඔයාගෙ සර් මිසක් මගේ පුතා නෙමෙයි.....ඒක දෙන්නම මතකතියාගන්නවා.. " ලොකු සර් කේන්තියෙන් . මම නම් අනන්තවත් ඔය විදියට බැනුම් අහන නිසා මට නම් ඕවා ගානක් වත් නෑ.ඒත් ඉතින් මේ යෂ් නම් මගේ දිහා බලාගෙන ඉන්නෙ මාව කන්න පුලුවන්නම් කන කේන්තියෙන් . හොද වැඩේ .ආවා මෙතන මාව මඩවන්න..... (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 27 Apr 2018 08:01 PM වසන්තය නුඹම විය...........06 සර් එක්ක තරහට කතා නොකරනවා යයි සිතුවාට ඇත්තෙන්ම වැඩ කරන්නට පටන් ගත් පසු මට කොහොමටත් කා එක්කවත් කතා කිරීමට උවමනා නැත.අලුතින් ලැබී ඇති ඇනවුම් සදහා ලබා දිය යුතු මිල ගනන් අතරේ මගේ හිත වෙහෙසුනේ කාමරයේ සර් ඉන්න බව සම්පුර්ණයෙන්ම අමතක කරවමිනි. " මිස්..... මෙන්න තේ....." කාර්යාල සහයකයාගේ හඩින් මගේ සිතිවිලි දැහැන බිදිනි. "අයියෝ.....සුනිල්.....තේද හැදුවෙ.ඔයා දන්නවනෙ මම තේ බොන්නෙ නෑ කියලා...."මම මූණ ඇඹුල් කර ගතිමි.හිතට නැගුනෙ නොරිස්සුමකි.මේ වෙලාවට මේ ලැබෙන පානය මට දිව්‍ය පානයක් වගෙයි.ඒත් ඒකට මම අකමැතිම දේ හැදුවම තරහ යන්නෙ නැද්ද. " අම්මෝ..... ඕකට ඔච්චර මූණ නරක් කරගන්න එපා මිස්.......කට වැරදිලා කියවුනාට මිස්ට හැදුවෙ කෝපි......" අම්මෝ....සුනිල් එහෙම කියද්දි මගේ මූණට ආවෙ මල් මල් හිනාවක්.කෝපී........කල්දේරමක් තිබ්බත් මම එක දිගට බොනවා.අතුරු ප්‍රතිඵලය ගැන පස්සෙ හිතන්න බැරියෑ. " අනේ.......තැන්ක් සුනිල්......." මම මුව පුරා සිනහවකින් යුතුව සුනිල්ට ස්තූති කලා.සුනිල් ඒ හිනාවට පිළිතුරු සිනාහවක් දීලා කාමරෙන් එළියට යන්න හැදුවෙ. " සුනීල්......." මම ආයෙ කතා කලා. " ඇයි මිස්......" " කන්න මුකුත් නැද්ද........." කොහොමත් පුරුද්දට වගේ ඔය ප්‍රශ්නෙ මම අහනවා.ඒත් අද නම් මම ඉන්නෙ හොදටම බඩගින්නෙ. " මිස්....උදේට කෑවේ නෑ නේද....මම දැක්කා කෑම එක තාම ලන්ච් රූම් එකේ තියෙනවා......" සුනිල් දඩුවම් බැල්මක් මට හෙලුවා. " අමතක උනා අනේ......" මම ඉතිං බෙල්ල ඇල කරලා එහෙම හිනා උනා. " විහිලු නෙමේ මිස්.....ලෙඩක් හදාගන්නවා ඔහොම ගිහින්.හැමදාම උදේ කෑම එක අහක දානවා.ඊට පස්සෙ මට කියලා කඩ කෑන ගෙන්නගෙන කනවා.මම නම් ආයෙ ගෙනත් දෙන්නෙ නෑ ඔය ජහ ජරාව.මිස්ට ඕනි නම අර බත් එක කන්න......." සුනිල් මට බැන බැනම යන්න ගියා.ඔය බනින්නෙ තරහට නෙමේ.ගෙදර ඉන්න පිරිමි දෙන්නා ඇරුනම ලෝකේ ඉන්න අනිත් හැම පිරිමියම මට ආදරෙයි.මූණත් පුලුටු කරගෙන මම බිම බලාගත්තා.එතකොටයි මතක් උනේ මම ඉන්නෙ සර්ගෙ කාමරේනේ. " සර්........" මම හිනාවීගෙනම ඒ පැත්ත බැලුවා.හොර වැඩක් කර කර හිටියා වගේ සර්ගෙ මූණ එක පාරටම ගැස්සුනා. " මොකද......." වෙච්ච අපහසුව මගෑරගන්නද කොහෙද සර් වචන පිට කලේ තරහින්. " අපි සල්ලි දාලා මොනා හරි ගෙනත් කමු........" මගේ යෝජනාවට නපුරු පාටට තිබ්බ මූණට ආවේ හිනාවක්. " තමුන්ටනම් ඇත්තටම පිස්සු මන්දාරී...... සේල්ස් එක්සෙකිටිව් උනේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ......." බඩගින්නෙ ඉන්න මට ඒ සමච්චල්සහගත හිනාවටයි කතාවටයි ඇත්තටම තරහ ගියා.එලියෙ කට්ටිය මේ වෙලාවට මොනාමහරි කනවා කියලා මම දන්නවා.මම ඇතුලෙ ඉන්න නිසා එයාල මට මුකුත් දෙන්නෙත් නෑ.මට ඒ දේ නැති උනෙත් මේ විකාරෙ නිසා.මම පුටුවෙන් නැගිට්ටා. " කොහෙද යන්න හදන්නේ........." සර් බයවෙලා. " මෙතන හිටියයි කියලා වැඩක් නෑනේ සර්.කරන වැඩකුට් නෑ.බොරුවට මට මෙතනට එන්න කියලා . ඔයා ඔයාගෙ වැඩ මම මගේ වැඩ.සර්ට මගේ මූණ බලාගෙන වැඩ කරන්න ආස උනාට මට ඔය හපුටු මූණ බලාගෙන වැඩ කරන්න බෑ.අඩුම තරමෙ තේ බොන්න බිස්කට් එකක් හරි ගෙනද්දෙනවනම් ඉන්න තිබ්බා.ඒකටත් ලෝබයි.මම යනවා යන්න මගේ රූම් එකට......" මම බැරි මරගතේ එක අතකින් කෝපි එකයි අනිත් අතෙන් ෆයි ටිකයි අරගෙන නැගිට්ටා. " කොහේවත් යන්නෙ නෑ.....ඉන්නවා මගේ රූම් එකේම......." ඒක අණක්ද .....මම නම් බයවෙයි. මම සර්ව සත පහකට ගනන් ගන්නෙ නැතුව දොර දිහාට ඇවිදගෙන ගියා. " යන්න එපා කිව්වා නේද මම........" සර් පිටිපස්සෙන් ඇවිත් මගේ කොන්ඩෙන් අල්ලගෙන.මේ මොන විකාරයක්ද. " සර්.... මට කේන්ති යනවා.....මගේ කොන්ඩෙන් අතාරින්න......." අත්දෙකේම බඩු නිසා මට මුකුත් කරගන්නත් බෑ.එහෙන් බඩගිනි.මගේ තරහා තවත් වැඩි උනා. "අතාරින්නම්.....ගිහින් වාඩි වෙනවා....." සර් කිසිම කලබලයක් නැත්ව කියනවා. " මට බෑ කිව්වනේ....." " පොඩි එකෙක් වගේ හැසිරෙන එක නවත්තනවා මන්දාරී .... මේක ඔෆිස් එකක්........" සර්ගෙ ඒ කතාවට මට දුක හිතුනා.මම මෙහෙම හැසිරෙන්නෙ මගේ හිතේ දුක නැති කරගන්න කියලා දන්නෙ මම විතරයි.මගේ ඇස්වල කදුලු පිරීගෙන ආවා.බෑ.... බෑ.... මට අඩන්න බෑ. " නදී......නදී...... "දෙපාරක් හිතන්නෙ නැතුව මම බෙරිහන් දුන්නා........ දෙයියනේ.....කියලා හැරෙන තැපෑලෙන් නදී අපි ඉස්සරහා.සර් මගේ කොන්ඩේ අතෑරියෙ කරන්ට් එකක් වැදුනා වගේ. " මන්දූ....... අනේ ඇයි මේ අඩන්නේ......." නදී බය වෙලා.මම....අඩනවද...... අඩන්න දහසක් හේතු තිබ්බත් කදුලු එන්නෙ නැති මගේ ඇස්වලට කදුලු එන්න තරම් මොකද උනේ.නදී මගේ දිහායි සර් දිහායි මාරුවෙන් මාරුවට බලනවා. " නදී මේ ටික මගේ රූම් එකෙන් ගිහින් තියන්න........" අතේ තිබ්බ කෝපි එකයි ෆයිල් ටිකයි මම නදී අතට දුන්නා. " ෂිට්........." සර් එහෙම කියාගෙන මගේ ඇගෙත් හැපීගෙනම මාව පහු කරගෙන එළියට ගියා. " මොකෝ..... බන් උනේ.......ඇයි සර් යකා ආවේස වෙලා වගේ යන්නේ......ඊට කලින් කියපං ඇයි උඹ අඩන්නේ........" නදීට ප්‍රශ්න කෝටියයි. " සර් මට බැන්නා පොඩි එකෙක් වගේ හැසිරෙන එක නවත්තන්න කියලා........." මගේ කටින් නොදැනම ඒ වචන ටික පිටවුනා. " ඉතිං ඕක හැමෝම උඹට කියන දෙයක්නේ.අමුතු දෙයක් නෙමේනේ.......ඕක අඩන්න තරම් දෙයක්ද.........." නදී මාව විනිවිද හරින බැල්මක් හෙලුවා.ඒ බැල්මට මාව ගැස්සුනා. " මම දන්නෙ නෑ නදී....මට දුක හිතුනා......" මගේ ඇත්තම හැගීම් හැමදාම කියන්න පුලුවන් නදී එක්ක විතරයි.ගල් වෙලා තිබ්බ කදුලු දිය වෙන්නෙ ඇයි කියලා මටම තේරෙන්නෙ නෑ. " මන්දූ...... මට ගොඩාක් බය හිතෙනවා.......උඹේ අර සුදුසුකම් සම්පූර්ණ කරන පිරිමියා සර් නෙමේ නේද........මට උඹේ කදුලු දැක්කම බය හිතෙනවා.වදින්නම් මන්දු.........සිංහල හිගන්නෙක් බැදගනිං.....ඒත් දෙමළ කොල්ලෙක් නම් එපා........." නදීගෙ වචන ඉස්සරහා මගේ හිත මොකක්දෝ විපර්යාසයක් වෙනවා.සර් මගේ හිතේ ඉන්න පිරිමියට සමානද.....නෑ එහෙම වෙන්නෙ නෑ.....සර්ව දැකලා තවම දවස් දෙකයි.මම අවුරුදු ගානක් ආශ්‍රය කලත් කොල්ලෙක් විස්වාස කරන්නෙ නැති කොල්ලෙක් ගැන හැගීමක් හිතට ගන්නෙ නැති කෙනෙක් . " මෝඩ කතා කියන්න එපා නදී....... පිරිමි කියන්නෙ දවස් දෙකෙන් විස්වාස කරන්න පුලුවන් ජාතියක්ද.....දවස් දෙකෙන් පිරිමියෙක්ට නැමෙන හිතක් මට නෑ.....විකාර කියවන්න එපා......" මම නදීට බැන්නා.මම ගැන හොදටම දැනගෙනත් මේ කියවන විකාර මොනාද.ඇස්වල කදුලු බිංදුවක් තිබ්බ පලියට මගේ හිත බොලද වෙනවද... " මම කියන්නෙ ඇත්ත මන්දු ......උඹ ගැන සර් දන්නෙ නෑ.උඹ ඔය හැසිරෙන විදියට සර් උනත් හිතයි උඹ සර්ව දැලේ දාගන්න හදනවා කියලා........." නදී ඒ පාර දෙපැත්තටම සාධාරණ විදියට කතා කරනවා. " මොන විකාරයක්ද......" " විකාර නෙමේ.....උඹ ලස්සනයි......ඒත් උඹට කොල්ලෙක් නෑ.......කැත කෙල්ලෙක් එහෙම ඉන්නකොට බලන විදියට නෙමේ සමාජය ලස්සන කෙල්ලෙක් එහෙම ඉන්නකොට බලන්නේ...... උඹේ හිතේ තියෙන දේවල් කවුරුත් දන්නෙ නෑ........ ඒ නිසා දෙවියන්ගෙ නාමෙන් දැන්වත් කොල්ලෙක් එක්ක යාලු වෙයන්.එතකොට උඹේ හිතේ තියෙන ප්‍රශ්න හැම එකකටම උත්තර ලැබෙයි...... මට බෑ උඹ අමාරුවෙ වැටෙනවා බලන්න.මම උඹේ නම්බර් එක තනූජට දෙනවා.ඌ හොද එකෙක්.මට ආදරයක් තියෙනවනම් .මට ගරු කරනවනම් .ඌ එක්ක ටිකක් කතා කරපං........." නදී ඒ කිව්වෙ දැඩි හඩකින්. " අනේ..... නදී......" " අනේ..... නෙමෙයි.......මම මේකෙන් තමයි දැනගන්නෙ මගේ යාලුකම උඹට කොච්චර වටිනවද කියලා....." නදී එහෙම කියලා ෆයිල් ටිකත් උස්සගෙන යන්න ගියා.ඉතිං දැන් මම ඉන්නෙ ලොකු ප්‍රශ්නෙක.මට නදීව නැති කරගන්න බෑ.නදී කියන්නෙ මට තියෙන එකම සැනසීම.මගේ හැම දුකම අහන මගේ හිත සනසන්න ඉන්න එකම කෙනා.... කමක් නෑ.....මම තනූජ එක්ක කතා කරනවා. මමහිත සැහැල්ලු කරගන්න ලොකු හුස්මක් පිටකලා. මේ සර් කොහෙද ගියේ.......ඒත් එයා ගිය තැන මට මොකටද..... (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 27 Apr 2018 08:00 PM වසන්තය නුඹම විය..........05 මොනා උනත් කමක් නෑ කියලා හෑන්ඩ් බෑග් එකයි අත්‍යවශ්‍යය ලියවිලි ටිකයි අරගෙන මම සර්ගෙ කාමරේට එබුනා.එයා කර බාගෙන ලොකු වැඩක්. " සර්...... මම එන්නද......" එක පාරටම යන එක හරි නැති නිසා මම ඉතිං වැදගත් විදියට දොර ලග ඉදගෙන ඇහුවා. " මම එන්න කියලා එලියෙදිම කියලනෙ ආවේ......ආයෙත් කියන්න ඕනිද......" නිකමටවත් මූණ උස්සලා බලන්නෙ නැතුවම මේ අහංකාර සර් කියනවා . මමත් ඉතිං මොකක්ද එකා මොහොකටද රිංගනවා වගේ හිමීට කාමරේට ගියා.එන්න කිව්වෙ මොකටද කියලා දන්නෙ නැති නිසා වාඩිවෙන්නත් බෑ.මම මේසේ ඉස්සරහට වෙලා හිටගෙන හිටියා. " පිස්සුද......." විනාඩි දහයකට විතර පස්සෙ සර් මගේ දිහා බැලුවෙ එහෙම අහගෙනමයි. " නෑ.....සර්....." උත්තරයක් නොදී හිටියොත් හොද නෑනේ " එහෙනම් ..... මගේ ඉස්සරහට වෙලා හිටගෙන ඉන්නේ...... ". " සර්..... ඉතිං මට වාඩිවෙන්න කිව්වෙත් නෑනේ.වාඩි වෙන්න නොකියා එහෙම වාඩි වෙන එක කැතයිනේ......." මම ඉතිං ගොඩාක් තැන්පත් චරිතයක් වගේ උත්තර බැන්දා. " ඒ වගේ..... මැනර්ස් එහෙනම් දන්නවා...... පුදුමයි......" සර් මහ නෝන්ඩි විදියට මගේ දිහා බැලුවේ.එහෙම කියලා ආයෙත් එයා මේසෙට මූණ ඔබාගෙන එයාගෙ වැඩේ කරනවා. " සර්..... මම වාඩිවෙන්නද......." ඒ පාරනම් මම ඇහුවෙ එයාව ටිකක් තරහා ගස්සන්න හිතාගෙන. " මන්දාරී.........." හරි .... හිතුවා වගේම තරහ ගිහින්.... " අනේ........සර්......." ඒ තරහ මූණ දිහා බලාගෙන මම බෙල්ල ඇල කරලා චුට්ටක් විතර හුරතල් මූණක් මවාගත්තා. " ඒ පාර මොකද........." " සර්..... මට මන්දාරී කියන්නෙ නැතුව ඊයෙ වගේ නෙතූ කියන්නකෝ......" මට මේ මොනා වෙලාද....ඇයි මම මෙයා ඉස්සරහා මෙහෙම හැසිරෙන්නේ. " සමයංද......." ඒ පාර ලාවට වගේ හිනාවෙලා එහෙම කියලා සර් ආයෙ එයාගෙ වැඩේ පටං ගත්තා. " එහෙනම් වාඩි උනාට කමක් නෑනේ සර්........." මම ඉතිං තව ටිකක් තරහා ගස්සන්න හිතාගෙන ආයෙමත් කිව්වා. " මන්දාරී......... මම මේ ලොකු වැඩක ඉන්නේ.......මගේ යකා අවුස්සගන්නෙ නැතුව පැත්තකින් වාඩි වෙලා තමන්ගෙ වැඩක් කරන්වා......" සර්ගෙ මූණ තරහා වැඩි කමට රතු වෙලා. " මගේ වැඩක් මගේ පාඩුවේ මගේ රූම් එකටම වෙලා කරගන්න තිබ්බනෙ.මොන එහෙකටද මේක ඇතුලට එන්න කිව්වෙ.මෙයා හිතනවද දන්නෙ නෑ මේ හපුටු මූණ බලාගෙන වැඩ කරන්නලැබෙන එකට මම මාර ආසයි කියලා......." මම ඉතිං ඔය ටික කියන්න ගියේ නෑ.හිතුවා විතරයි. " මොකක්ද කිව්වේ........." මෙන්න මෙයා ඒ පාර ආයෙත් මගේ මුණ දිහා බලාගෙන. " මම.....මුකුත් කිව්වෙ නෑ......" " එහෙනම් මට හපුටු මූණා කිව්වේ......" අප්පා......මම හිත ඇතුලෙන් හිතපු දේ එච්චර සද්දෙන් ඇහිලද. " ස...ර්.......අනිත් අයගෙ හිත් කියවන්නත් පුලුවන්ද.........." මම ඇස් ගෙඩි දෙක නළලටම අරගෙන ඒ මූණ දිහා බැලුවා. " මොකක්........" ඒ පාර එයා හොල්මනක් දැකලා වගේ බය වෙලා. " නෑ....... මම හිතපු දේ .....සර් කොහොමද හරියටම දන්නේ.... . " මමත් හිටියෙ හරි පුදුම වෙලා.ඇයි අප්පා....ඒක වෙන්න පුකුවන් දෙයක් යෑ.. " ආ......ඒ හිතුවද..... එච්චර සද්දෙන් ....... මීට පස්සේ.....හිතනකොට ටිකක් හිමින් හිතනවා....නැත්තම් කටට කියනවා හිතන හැමදේම කියන්න යන්න එපා කියලා......" සරුත් මා එක්ක පැටලෙන්නමනෙ හදන්නේ.ඒත් ඉතිං මම හිතපු දේ එච්චර සද්දෙන් ඇහුනද..... " සර්....ඇත්තටම මම හිතපු දේ....එච්චර සද්දෙන් ඇහුනද........" මම ආයෙත් ඒ මූණට ලංවෙලාම ඇහුවා. " අයියෝ........ අම්මා.......මම මේ මොන කරදරේකද වැටුනේ......." ඒ පාර සර් අත්දෙකෙන්ම ඔලුව අල්ලගෙන අම්මට අඩගහනවා.මම මේසේ උඩ තිබ්බ වතුර එක අතට ගත්තා. සර් මගේ දිහා බැලුවෙ හොදටොඉම බය වෙලා. " ඒ.....පාර මොකද කරන්න හදන්නේ.....ආයෙ මට වතුර එකෙන් ගහන්නද හදන්නේ......." අප්පේ....මෙයාට ඊයෙ සිද්දියද මතක් වෙලා තියෙන්නේ. " පිස්සුද සර්........ මම හිතුවා සර්ට අසනීපයක්ද කියලා මම බැලුවෙ.මම මේක සර්ට දෙන්න ලෑස්ති උනේ....." මම වතුර වීදුරුව ඒ මූණ ලගටම දික් කලා. " මට ඕන නැති වතුර එකක් නෑ........" පව් දෙවියනේ .... මගේ කංකරච්චලේ ඉවසගන්න බැරුවද කොහේ සර්ගෙ මූණ පුපුරන්න ලග රබර් ඇටයක් වගේ කලුවෙලා දිලිසෙනවා. " ආ.....සර්ට එපාද.....එහෙනම් මම බොන්නද......" මම ඉතිං එහෙම අහලා උත්තරයක් ලැබෙන්නත් කලින් වතුර එක බීගෙන බීගෙන ගියා. ආයේ දෙකක් නෑ.සර් මගේ දිහා බලාගෙන ඉන්නෙ ලෝකෙ ඉන්න කැතම සතා දිහා බලාගෙන ඉන්න විදියට.මම වතුර එක බීලා ඉවර වෙනවත් එක්කම එයා පුටුවෙන් නැගිට්ටා.ඒ පාර මේකා මොකාටද එන්න හදන්නේ. කිසිම සද්දයක් නැතිව ඇවිත් එයා මගේ අතින් අල්ලගත්තා.මම ඒ මූණ දිහා බැලුවෙ හරිම හැගීම්බර විදියට. මට මැවිලා පෙනුනෙ.මගේ ආසම ටැමිල් නලුවා ආර්යන් රගපාන චිත්‍රපටියක අවස්තාවක්.ඒකේ කෙල්ලව මැරයො වගයක් පැහැරගෙන යනවා.කොල්ලා ගිහින් මැරයො කට්ටියට හොදටෝම ගහලා කෙල්ලව අතින් අල්ලගෙන එක්කගෙන යනවා.......අනේ....හරියට සර් මේ මගේ අතින් අල්ලගෙන යන විදියටම.......හම්මේ.... " මෙන්න....පුටුව.......මෙන්න මේසේ......මම ඔය තොල් දෙක අල්ලලා ස්ටේපර් කරන්න කලින් දෙයියනේ කියලා කන ලග කුරුමිනියා කුරු කුරු ගානවා වගේ කියවන්නෙ නැතුව මම ආයෙ කතා කරනකම් තමුන්ගෙ වැඩක් කරනවා....." සර් මට මේසේ පෙන්නලා එහෙම කියද්දී මගේ චිත්‍රපට ජවනිකාව සුනු විසුනු වෙලා ගියා.යකෝ ... මේකව කාවොම කන්න ඕනී...... මට එයාගෙ කාමරේට එන්න කිව්වෙ වැඩකට කියලයි මම හිතුවෙ.මේකා බලාපල්ලකො තියෙන ගෑස්....අපරාදෙ මගේ ආසම නලුවට උපමා කලේ.......හිටපංකො...... මම ආයෙ කතා කරන්නෙ නෑ එක වචනයක්වත් .... මම රවාගෙනම ගිහින් පුලුවෙන් වාඩි වෙලා ෆයිල් එකක් පෙරලගත්තා. (මතු සම්බන්දයි ) MadudNew MemberPosts:54 27 Apr 2018 07:59 PM වසන්තය නුඹම විය........04 කොටස වෙලාව රාත්‍රී නමයත් පසුවී ඇත.මා වෙනදා නිවසට පැමිණෙන වෙලාව පසුවී පැය දෙකක් ඉක්ම ගොසිනි. වෙන පවුලක උනානම්.මේ විදියට කෝල් එකක්වත් නැතුව දුවෙක් පැය දෙකක් මහ රෑක ගෙදර එන්නෙ නැති උනාම කොයි තරම් කලබල වෙනවද.එහෙම උනානම් මේ වෙනකොට පොලීසියට ත් ගිහින්. ඒත්.... ..මටම මන් ගැන අනුකම්පාවක් දැනුනා. මම එනවා දැකලා අප්පච්චි මාව මගෑරලා ගේ ඇතුලට ගියා.රත්නායක මුදියන්සේලාගේ දොන් නිහල් වසන්ත රත්නායක......ඒ මගේ අප්පච්චී.....නම්බුකාර ඉහල පරම්පරාවකටයි කියාගන්න බැරි තරම් දිග වාසගමකටයි උරුමකම් කියන කෙනෙක්.අප්පච්චි ලස්සනයි.කිසිම සැකයක් නෑ.මටයි අයියටයි ලැබිලා තියෙන්නෙ අප්පච්චිගෙ ලස්සන . ඒත් ඉතිං අප්පච්චිට තියෙන්නෙ එච්චරම තමයි.මගේ හිත පිරිමියෙකුට වඩා ගල් උනේ අප්පච්චි නිසා.එයා මට ආදරේද....මම අදටත් දන්නෙ නැති දේ තමයි ඒ.මම හොදටමද දන්න දේ තමයි එයා මල්ලිට කරපු ආදරේ මට කරපු ආදරේට වඩා වැඩියි කියන එක.දුවෙක් ආස අප්පච්චිගෙ හුරතලී වෙන්න. ඒත් මට ඒ හැගීම විදගන්න කවදාවත් ලැබිලා නෑ.අත්‍යවශ්‍යය දේකට ඇරෙන්න මා එක්ක වචන දහයක්වත් කතා නොකරන අප්පච්චි එක්ක කොහොමද මම හුරතල් වෙන්නේ.පිරිමියට වඩා ගැහැනිය උසස් කියන මාන්නය මගේ හිතට ආවේ අප්පච්චී නිසා.මම දැකලා නෑ අප්පච්චි කිසිම දවසක රස්සාවක් කරන්වා.කසාද බදින කාලෙදි උනත් අප්පච්චිට ඉතිරිවෙලා තිබිලා තියෙන්නෙ ඔය නම්බුකාර වාසගම විතරයි.මගේ අම්මගෙ අප්පච්චී එයාගෙ එකම දූව රස්සාවක් නොකරන මනුස්සයෙකුට ලොකු වස්තු සම්බාරයක් එක්ක කසාද බන්දලා දීලා තියෙන්නෙත් අන්න ඒ උසස් කියන කුල පරම්පරාව නිසාම විතරයි.මෝඩ මිනිස්සු.අදටත් අපි දුක් විදින්නෙ ඒ මෝඩකම් නිසා.තාත්තා තරම්ම ලස්සන නොවුනට මගේ අම්මට නම්බුකාර කම පැත්තක තිබ්බනම් අප්පච්චි වගේ කිසිම රස්සවක් නොකර රස්තියාදු ගගහා හිටපු මනුස්සයෙක්ව කසාද බදින්නෙ නැතුව තමන්ට ආදරේ කරන හොද මනුස්සයෙක්ව බැදගන්න තිබ්බා.ඒත් ගිය මෝඩකම් ඇත්තු ලවා අද්දන්නද. තිබ්බ සේසතම විකුන විකුන කෑවා මිසක් ආදායම් උපදවා ගැනීමක් අම්මටයි අප්පචිටයි දෙන්නටම ඕනි උනේ නෑ.සේසතම සතේට හිදිලත් අදටත් වංශෙ කබල් ගානවා මිසක් මාන්නය අඩු කරන්නත් එයාලා කැමති නෑ. " ආ.... ඔයා දැන්ද ආවෙ....." අම්මා රෙදි කෑලකින් අත් පිහද පිහද එලියට ආවෙ ඒ විදියට කියාගෙන.අම්ම හරිනම් අහන්න ඕනි ඇයි ඔයා පරක්කු කියලා..... ඒත් මේ ගෙදරදි කවුරුත් මගෙන් ඕක අහන්නෙ නෑ .මේ ගෙදරට ඉපදිච්ච නිසා හදපු කෙනෙක් මිසක් ආදරයෙන් හදපු දරුවෙක් නෙමේ මම.හැබැයි මම පිරිමියෙක් උනානම් මෙයාලා මට දේවත්වයෙන් සලකයි. මොකද එයාලගෙ පරම්පරාව ගෙනියන කෙනා මම නිසා. " චූටී.... පුතේ.....එන්න කෑම කන්න....." අම්මා මාව පහුකරගෙන ගිහින් මල්ලිට අඩගහනවා.මේ අම්මගෙ මෝඩකමද නැත්තම් මාව ඇත්තටම නොසලකා ඇරලද..... අඩුම තරමෙ කන්න එන්න කියන්නවත් උවමනාවක් නැද්ද.ගෙදරට හම්බකරලා සල්ලි ගේන එකම කෙනා කියලා හිතලවත්. ........ මල්ලි වැනි වැනී ඇවිත් දොර රෙද්ද ඈත් කරලා ඔලුව ඇතුලට දැන්මා.මේකා අදත් බීලා.අප්පච්චී මොන නාස්තිකාර වැඩේ කලත් බිව්වෙ නෑ. ඒ අඩුව පිරිමහන්නද කොහෙද මගේ මල්ලි කියන මේ මනුස්සයා කනමදයා වගේ බොනවා.අවුරුදු විසි පහක් වෙච්ච ඒ තැම්බිච්ච මූණ මට ගෙනාවෙ අපුලක්.ලෝකේ ඉන්න හැම පිරිමියා ගැනම මට එන්නෙ තරහක්.මම ඒ මූණ දිහා රවලා බලලා කාමරේට ආවා. " දුවේ........... ඔයා තව ටිකකින් කනවද......" අම්මා මගේ පස්සෙන්ම ඇවිත් .. " ඒ ඇයි......" මම ඇහුවෙ තරහින්. " උඹ ඉන්නවනම් මල්ලිට කන්න බෑලු. පව් බන්....උදේ ඉදන් කෑවෙ නෑ.කොල්ලා රෑටත් නොකා යයි........" අම්මගෙ මේ වචන වලට මට අඩන්නද කෑ ගහන්නද කියලා මටම තේරෙන්නෙ නෑ.මට මේ විදියට සලකන්නෙ මාව මේ ගෙදරට හදාගන්න ගත්තු කෙනෙක් නිසාද කියලා අනන්තවත් අහන්න හිතුනත් මම ඒ ප්‍රශ්නෙ අහන්න බෑ.අප්පච්චිට තියෙන නිල්පාට ඇස් දෙකම තමයි මට තියෙන්නෙත් ඉතිං මාව හදාගත්තා වෙන්න බෑනේ. " මම කන්නෙ නෑ............" කොච්චර බඩගින්නෙ හිටියත් මම තරහටම එහෙම කියලා දොර වහගත්තා.කොහොමත් මම එහෙම කිව්වට පස්සෙ අම්මා ආයෙ මට කන්න එන්න කියන්නෙ නෑ කියලා මම දන්නවා. සාමාන්‍ය මිනිස්සු ගැහැනු.රාජකාරි නිම කරලා ගෙදර එන්නෙ.සැනසිල්ලෙ ඉන්න බලාගෙන.තමන්ගෙ අම්මගෙන් තාත්තගෙන් සහෝදරයන්න්ගෙන් සැමියගෙන් බිරිදගෙන් එක ආදරණීය සිනහවක් ආදරණීය වචනයක් ලග සිත සනසාගන්නටය. ඉතිං නැත....එවන් සැනසීමක් මට නැත. ඇදුම්වත් මාරු නොකර මම විඩාබර සිතින් ඇදට වැටුනෙමි.අඩනවානම් මට කොට්ට මෙට්ට තෙත් වෙනතුරු අඩන්නට පුලුවනි .ඒ මම අඩන්නෙ නැත.ඒ දුකත් ගල් කර කර හිත ඇතුලේ තැන්පත් කරගන්නවා මිසක මම අඩන්නේ නැත. ***************** " මන්දු......... උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕනී....." උදෑසනින්ම නදී කාමරයට එබුනි.තාමත් මුලු ඔෆිස් එකටම සිටින්නේ අප දෙදෙනා පමණි.මම පුටුවෙන් නැගිට මගේ කාමරයෙන් එලියට විත් ඇය අසලට ගියෙමි. " අපොයිමන්ට් එකක් දැන්මද......." ඇයව විහිලුවට ගැනීමට සිතා ඒ වචන පිටකලෙමි. " ඔව්....ඔව්....දැන් හැමදේම විහිලුවට අරගෙන දවස තිස්සෙම හිනාවෙයං........ඊට පස්සේ........" ඇයට මා කල විහිලුවට තරහ ගොස් ඇත.ඒත් මගේ හිත රිදේවියැයි බයට ඉතිරිය නොකියා ගිල ගත්තාය. " ඊට පස්සෙ රෑට ගෙදර ගිහිං අඩපං... නේ....." ඇගේ වචන සම්පූර්ණ කර මම සිනාසුනෙමි " විහිලු නෙමේ මන්දු........" " බය වෙන්න එප නදී...... මම දැන් අඩන්නේ නෑ..... මගේ කදුලු උල්පත් හිදිලා......." මම සුසුමක් පිට කලෙමි. " තනූජ..... උඹ ගැන අදත් අහලා........" නදී මගේ ඇස් දිහා බලාගෙනම කීවාය. තනූජ්.....නදීගේ පෙම්වතා වරුණගේ මිතුරාය.ඔහු මගෙන් ආදරය ඉල්ලා පසුපස එන්නේ බොහෝ කාලෙක සිටය. " තාමත් තනූජ ඔය පිස්සුව අතෑරලා නැද්ද බන්......" නොරිස්සුම්සහගත වචන මගේ මුවෙන් පිටවිනි. " පිස්සු නේමේ......ඇයි කියපං උඹ ඌට අකමැති......." " නදී....... උඹ දන්නවා.මගේ හිත පිරිමි වෙනුවෙන් නැමෙන්නෙ නෑ ලේසියෙන්......" " හරි...... එහෙම කියලා උඹ ජීවිතේම තනියෙන් ඉන්නද කල්පනාව.ලෝකෙ ඉන්න හැම පිරිමියම එකම මිම්මෙන් හිතන්න එපා.හැමො ලගම හොද වගේම නරකත් තියෙනවා......" නදී මගේ හිත වෙනස් කරන්න හදනවා. " නදී...... මම පිරිමියෙක්ව දකින්නෙ ඔයා දකින විදියට නෙමේ.මම මුලින්ම බලන්නෙ පිරිමියගෙ ඇග නෙමේ. ඒ පිරිමියා ඒක්ක මට ඉන්න පුලුවන්ද කියන එක.ඒ පිරිමියා මගේ ඇගට අත තියද්දී ඒ හැගීම පිළිකුලකින් තොරව මට විදගන්න පුලුවන්ද කියන එක.එහෙම පුකුවන්නම් අන්න ඒ පිරිමියා මට ලස්සනයි නදී.......තේරුම්ගන්න....මගේ හිත ගල් වෙලා.....මට අඩන්න ඕනි...ඒත් මට ඇඩෙන්නෙ නෑ......නදී....දවසක පිරිමියෙක්ගෙ පපුවට ඔලුව තියාගෙන මට මේ කදුලු ඔක්කොම හලන්න පුලුවන් උනොත් . දැනගනින් අන්න එයයි මම ආදරේ කරන පිරිමියා........" මගේ හිතේ ගැඹුරට වෙන්න තියෙන හැගීම් වලින් කොටසක් මම එලියට දැන්මා.නදී හිතයි මට පිස්සු කියලා.ඒත් කමක් නෑ. " කවදාවත් ඔය සුදුසුකම් වලට ලං වෙච්ච එක පිරිමියෙක්වත් නැද්ද මංදු......." නදී ඇහි පිල්ලමක්වත් නොගහා මම දිහා බලාගෙන ඉන්නවා. නෑ.....කියලා උත්තර දෙන්නයි මම ලෑස්ති උනේ. වීදුරු දොරත් ඇරගෙන ඇතුලට එන අපේ අලුත් සර්....යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් ව දැකලා මගේ වචන ගොලු උනා.සුදු වේට්ටිය වෙනුවට ඩෙනිම් කලිසම ඇදලා සුදු ෂර්ට් එක යට කරලා. ඇත්තටම නලුවෙක් වගේ.මගේ මුල්ම සුදුසුකම සර්ට සම්පූර්ණ කරන්න පුලුවන්ද............එයාගෙ ස්පර්ශය මට අප්පිරියාවක් නොවේද... " ගුඩ් මෝනිං සර්........." නදීගෙ සද්දෙට මාව ගැස්සුනා.මම මේ මොනාද හිතන්නෙ.හිතට ඇතිවුනේ ලොකු ලැජ්ජාවක්. " මෝනිං ........" අපිව සත පහකට ගනන් ගන්නෙ නැති ගානට සර් යන්න හැදුවේ. " සර්........ ගුඩ් මෝනිං කිව්වම ගුඩ් මෝනිං කියන්න ඕනී........නිකං නලුවෙක් වගේ ඇපෙන් බේරෙන්න මෝනිං කියලා වැඩක් නෑ......." හිතේ ඇතිවෙලා තිබ්බ ලැජ්ජාවෙන් බේරෙන්නත් එක්ක මම කියලා දැන්මා. " මන්දූ......." නදී ඇහැන නෑහෙන සද්දෙට එහෙම කියන ගමන් මගේ අතක් කෙනෙත්තුවා.මම බලාගෙන හිටියෙ අපිව පාස් කරලා ගිහින් නැවතිලා මන් දිහා බලාගෙන ඉන්න සර් දිහා.ඒ මූණෙ හැගීම නම් මට තේරෙන්නෙ නෑ. " මන්දාරී.........තියෙන ලට්ට ලොට්ට ටික අරගෙන මගේ රූම් එකට එනවා........" සර් ඒ ටික කියලා යන්න ගියා.කියපු දේ තේරුනේ නෑ මට. " නදී ..... මොකක්ද ඒ කිව්වෙ........" මම නදීගෙ දිහාට හැරුනේ එයාටවත් කියපු දේ තේරුනාද බලන්න. " උඹට ස්ථාන මාරුවක් වගේ. දැන් ඉතින් කියවිල්ල නවත්තන්න වෙයි........" නදී මහ අමුතු විදියට හිනාවෙලා මගේ දිහා බැලුවා. " නදී........ මම එයාට වැඩිය තරහ යන දෙයක් කලේ නෑ නේද......... අනේ මේ.....මම ඕක ඇතුලට ගියාට පස්සෙ මේ මිනිහා මාව කෝටුමස් කරයිද දන්නේ නෑ.හොද අවදානෙන් හිටපං. මම යන්තම් හරි කෑ ගැහ්වොත්.උසේන් බෝල්ට් වගේ ඇවිත් දොර ඇරපං හොදේ....... " අවස්ථාවේ බෑරෑරුම් කම අඩු කරන්න හිතාගෙන මම එහෙම කිව්වා. " බොට නම් පිස්සු මන්දු..........." නදී එහෙම කියාගෙනම යන්න ගියා. මම ලොකු හුස්මක් පිට කරලා සර්ගෙ රූම් එක දිහා බැලුවා.මොකටද මට ඒ කාමරේට එන්න කිව්වෙ. (මත් සම්බන්දයි ) MadudNew MemberPosts:54 27 Apr 2018 07:58 PM වසන්තය නුඹම විය.......... 03 පස්සෙ එන්නම් යයි කීවාට ආයෙත් ඒ රූම් එකට යන්න මගේ හිත දුන්නේ නැත .ඔහු නැවත මට එන්නට කියා පණිවිඩයක් එව්වේත් නැත.එය ඇත්තටම සහනයකි. " මන්දූ........ගෙදර යන්නෙ නැද්ද......" වෙලාව පහ මාරටත් කිට්ටුය.නදී ගෙදර යන්නට ලෑස්ති වී මගේ කාමරයට ඔලුව දැම්මාය .පුරුද්දට අසනවා මිසක ඇය මා දෙන උත්තරය නොදන්නවා නෙමෙයි. " උඹ පලයං නදී...... මම මේ වැඩ ටික ඉවර වෙලා යන්නම්......" ඇති වැඩක් නැතත් මම බොරුවට විකුණුම් සටහන් වගයක් පෙරල ගතිමි. " බලාගෙන.......උඹ ඔය කරන කැපවීම දැකලා.....අපේ ලොකු සර් මේ කම්පැනි එක උඹේ නමට ලියලා දෙයි......." නදී ඒ ඇනුම්පදය කීවේ මා එක වූ තරහකට නොවන බව මම දනිමි.මා මෙසේ පමා වන හේතුව දන්නේත් ඇයම පමණි. මගෙන් උත්තරයක් නැති පාර නදී සුසුමක් හෙලා යන්නට ගියාය. ඉතිං මට දුකය.....දවසේම හිනාවෙලා හිටියත් ඉර එලිය නැති වෙලා රෑ කලුවර එනවා වගේ රාත්‍රිය මට මූසල හැගීමකි.උවමනාවක් නැතත් කරන්නට වැඩක් උවමනා නිසා මම නිශ්පාදනය අවසන් වු නිශ්පාදිත යන්ගේ තත්ව පරික්ෂා සටහන් පිරික්සන්නට විමි. සටහන් අතරේ ඇස් එහේ මෙහේ වෙද්දී කාලය යනු තේරුනේම නැත . " මිස් .... ගෙදර යන්නෙ නැද්ද.. ....." ආරක්ෂක නිළදාරියා මා ඉදිරියේ පෙනී සිටීය.අතේ ගැටගසා සිටි ඔර්ලෝසුව දෙසට මගේ ඇස් ඇදුනි... දෙවියනේ.......රෑ හතත් වෙලා.කවදාවත් මම මෙච්චර පරක්කු වෙලා නෑ.දැන් මොකද කරන්නෙ.මම දඩි බිඩි ගාලා හෑන්ඩ් බෑග් එකත් අරගෙන පුටුවෙන් නැගිට්ටා. " එස් ඕ.....මගේ රූම් එකේ යතුර මෙන්න........හොදට චෙක් කරලා මුලු ඔෆිස් එකේම තියෙන දොරවල් වහන්න.අද මට ඒවා බලන්න වෙලාඅක් නෑ......." මම ආරක්ෂක නිළදාරියා අතට යතුරු දුන්නා. " මිස්...... මගේ දරුවෙක් කියලා හිතලයි මේ කියන්නේ......මේ විදියට රෑ වෙනකන් මේවයෙ ඉන්න එපා . මිස්ලගෙ දෙමව්පියො උනත් බය වෙලා ඇත්තෙ...." ආරක්ෂක නිළදාරියා දුන්නු ඒ අවවාදයට මට මන් ගැනම ඉපදුනේ ආත්මානුකම්පාවක්....මගේ දෙමව්පියෝ........ " එස් . ඕ. ඇයි තාම සර්ගෙ රූම් එකේ ලයිට් දාලා......" ආරක්ෂක නිළදාරියගෙ ප්‍රශ්නයට උත්තර නොදී යන්න හදනකොටම මගේ ඇස්වලට අහම්බෙන් වගේ සර්ගෙ කාමරය ඇහැ ගැටුනෙ. " පොඩි සර් තාම ගියේ නෑ ......." ආරක්ෂක නිළදාරියගෙ ඒ පිළිතුරට මට පුදුම හිතුනා.ආයතනයට ආපු මුල්ම දවසෙ එයාට මෙච්චර රෑ වෙනකන් කරන්න තියෙන වැඩේ මොකක්ද. ආරක්ෂක නිළදාරියා එතනම ඉද්දි මම සර්ගෙ කාමරය දිහාට ගියා.දැනටමත් හදාගෙන තියෙන ප්රතිරූපෙ හොද එකක් නෙමේ නිසා.කඩාගෙන බිදගෙන ඇතුලට යන්නෙ නැතුව මම දොරට තට්ටු කලා. ඒත් නෑ....ඇතුලින් කිසි සද්දයක් නෑ.ඇතුලට යනවද නැද්ද කියලා මම තුන් හතර පාරක්ම කල්පනා කලා.කතා නොකර එක පාරටම ඇතුලට යන එකත් හරි නෑ.ඒත් කමක් නෑ.මම කොහොමත් පිස්සු චරිතයක් කියලා සර් දන්නවනෙ. ආයෙත් හිත එහෙ මෙහෙ යන්න කලින් මම දොර ඇරියා.හිතේ බයකුත් තිබ්බා .මෙච්චර තට්ටු කරලත් මෙයා දොර ඇරියෙ නැත්තෙ ඇතුලෙ කලන්තෙවත් දාලද...... ඒත් ඉතිං දැක්ක දේට මටම හිනා.හරි ශෝක් අලුත් සර්......මෙයා මෙහෙම ඉන්නව අනිත් කට්ටියත් දකින්න තිබ්බෙ.අනිවාර්යයෙන් ආදර්ශෙට ගන්නවා.ඇයි දෙවියනේ මේසේ බදාගෙන මෙහෙමත් නිදාගන්නවද.. ... සාමාන්‍යයෙන් හවස හයෙන් පස්සෙ මට හිනා වෙන එක අමතක වෙනවා.ඒත් ඉතිං මේ ඉන්න හැටි දැක්කම කාටද හිනා යන්නෙ නැත්තේ.හිනාව මැද්දෙන්ම මම ඒ රූපෙ දිහා බලාගෙන හිටියා.කලින් සමාන කම නොදැක්කට දැන් ලොකු සර්ගෙ යි මෙයාගෙයි සමානකම් මට හොදට පේනවා.වෙනසකට තියෙන්නෙ ලොකු සර් කලුයි.මෙයා සුදුයි.ඒකට ඉතිං එකම හේතුව මෙයාගෙ අම්මා. ලොකු සර්ගෙ වයිෆ් දෙමළ උනාට ඉංදියානු ජාතිකයෙක්.කාලෙකට කලින් එයා ෆිල්ම් දෙක තුනක රගපාපු දෙමළ නිළියක්.එහෙව අම්මගෙම පුතානෙ මේ. මම පිරිමියෙක්ගෙ ලස්සන ඇස්වලින් මනින්නෙ නෑ.ඒත් සර් ලස්සනයි.ගැහැනුන් වශී වෙන උස් කඩවසම් සිරුරක් එයාට තියෙනවා.ඒත් ඒ ලස්සන ඉස්සරහවත් මගේ හිත ගැස්සෙන්නෙ නෑ...පිරිමි ගැන මගේ හිතේ මේ තරම් ඇල්මැරුනු හැගීම් ඇතිවුනේ කවද ඉදන්ද ....... මම දන්නෙ නෑ.... මම මට මතක ඇති කාලෙක ඉදන් මෙහෙමයි. පිරිමියෙක්ව සත පහකට විස්වාස නොකරන.පිරිනියෙක් ලග හුරතල් නොවන පිරිමි මායිම් නොකරන දැඩි චරිතයක් මට තියෙන්නේ....ඒක එක අතකට අවාසනාවක්......ආදරය කියන දේ මට උරුම නොවුනෙ ඒ නිසා.පිරිමි මගේ මේ දැඩි පෞරුෂය ට බයයි....... ඒත් දැන් මට මේකෙන් මිදෙන්න බෑ.කවදහරිම දවසක මගේ ඇතුල් හිත පිරිමදින්න පුලුවන් පිරිමියෙක් හම්බු උනොත් මම වෙනස් වෙයිද...... සුසුමක් හෙලුනෙ ඉබේමයි.. සර්ට ඒ සද්දෙ ඇහිලද මන්දා ....... නින්දෙන් නැගිටින්නද හදන්නේ.....එහෙම උනොත් නම් විනාසයක්.උදේ ඉදන් හදාගෙන තියන නරක නාමෙට තවත් පෝර වැටෙනවා.මොන නරක නාමේ හදාගත්තත් මේ විදියට පිරිමියෙක් දිහා බලාගෙන ඉදලා කැත නමක් නම් මට හදාගන්න බෑ.කොහොමටවත් මෙයා දිහා මේ විදියට බලාගෙන ඉදලනම් මට අහුවෙන්නම බෑ..... මගේ අතට අහු උනේ සර්ට බොන්න ගෙනල්ලා තිබ්බ වතුර වීදූරුව.ආයේ දෙපාරක් හිත හිත ඉන්න බෑ.ඉන්න වෙලාවකුත් නෑ.වෙන දෙයක් වෙද්දෙන් කියලා මම වතුර වීදුරුවෙන් වතුර අරගෙන බාගෙට ඇස් අරන්න ලෑස්තිවෙලා හිටපු අලුත් සර්ගෙ මූණට ඉහගෙන ඉහගෙන ගියා. " ම්....මො........අහ්..............." ඇතිවෙන ප්‍රතිඵලය භයානක වෙයිද මන්දා .සර් මට සිංහලෙනුයි දෙමලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවමේ බැන බැන දඩ බඩ ගාලා නැගිට්ටා. " හම්මේ......ඇති යංතන්......" මම පපුවට අත තියාගත්තෙ හුස්මක් ලොකූවට පිටකරලා.සාමාන්‍යයෙන් මේ වෙලාවට මට විහිලු මතක් වෙන්නෙත් නෑ.මේ වෙලාවෙත් එහෙම තමයි.ඒත් දැන් බේරෙන්නත් එපැයි . " ම්....මේ....මොකක්ද තමුසේ කලේ........" සර් රතුවෙලා.තරහා පොඩ්ඩක් නෙමේ ගොඩක් තරහ ගිහින් .ඇයි දෙවියනේ නිදාගෙන ඉන්න මිනිස්සුන්ට වතුර ගහන සිරිතක් තියෙනවද.... " අනේ.....සර්.....දැන් සර්ට හොදද......." මටත් ඉතිං කම්මලේ බල්ලට වගේ ඔය බනින ඒවනම් අදාලම නෑ " මට මොනාවත් වෙල් නෑ හලෝ..... " සර් ඉන්නෙ මාව කන්න තරම් කේන්තියෙන්. " එහෙනම් කලන්තෙ දලා හිටියේ........" මමත් කිසි දෙයක් දන්නෙ නැති ගානට කියලා දැන්මා. " " මොන කලන්තයක්ද.....හලෝ..... මම නිදාගෙන හිටියේ......." සර් තෙත් වෙච්ච කමිසය අතින් පිහද පිහද කියවනව.මටත් ඕනි උනේ ඒ කටින්ම ඒක අහගන්න තමයි. " මේ....සර්.මේක නිදාගන්න තැනක්ද.....හරි ශෝක්නෙ සේවකයින්ට ලොක්කො දෙන ආදර්ශෙ......." ඒ පාරනම් මම බැන්නෙ ඇත්තටමයි.ලොක්කො අපිට දෙන්න ඕනි අවවාද අපිට ලොක්කන්ට දෙන්න වෙලානේ.සර්ගෙ කටත් වැහුනා.මොනා කියන්නද .... මම බොරුවක් නෙමෙයිනෙ කිව්වේ. තවත් ඉතින් මම එතන හිටියෙ නෑ.මේ මනුස්සයා නිදි මරගාතේ මට මොකකින් හරි දමලා ගැහුවොත්. ආරක්ෂක නිළදාරියගෙ පැමිණීම් පොතේ අත්සන් කරලා මම පාරට බැස්සා.දෙවියනේ .... හොදටම කලුවර වෙලා.කොහොමද මේ පාරෙ තනියම යන්නේ........ මම කොච්චර බය නැති කෙනෙක් උනත් කලුවරට බයයිනේ .....දැන් මොකද කරන්නේ.....මම ආපහු හැරුනෙ ආරක්ෂක කුටියට යන්න හිතාගෙන.ඒත් දුරින් එන සර්ගෙ වාහනේ දැකලා මම ආයෙත් නැවතුනා.දැන් මොකද කරන්නේ . සරුත් යනවනම් මම විතරක් තනියම මෙතන ඉන්නත් බෑ. ආයෙ හිතන්න දෙයක් නෑ.ඉස්සරහට එන වාහනේට මම පාර මැද්දටම කරලා අත දැන්මා.සර් කොහොමත් තරහින්.දැන් තවත් තරහා යයි.කමක් නෑ.මිනිස්සුන්ගෙ තරහා ඉවසලා මට පුරුදුයි. " ඒ පාර මැරෙන්න හදනවද........." සර් වීදුරුවෙන් ඔලුව එලියට දාලා කෑ ගහනවා. ඕනම ගෑනු ළමයෙකුට ලැජ්ජ බය කියන දේ සහජයෙන්ම උරුමයි.මටත් එහෙම්මමයි.ඒත් ඒ දේවල් මම හිත යට තද කරගෙන ඉන්නේ.ජීවත් වෙන ඒ තප්පරේදි ගන්න පුලුවන් හොදම තීරනේ තමයි මම ගන්නේ.නවත්තපු වාහනේට මම අවසරයක් නැතුවම නැග්ගා. ඒ මූනෙ තියෙන හැගීම අදුනගන්නනම් මට ඕනි උනේ නෑ. "සර් ..... මේ පාරෙ ගෑනු ළමයින්ට තනියම යන්න හොද නෑ.සර් පාරටනෙ යන්නෙ.මාවත් හෝල්ට් එකකින් බස්සගෙන යන්න......" සර්ට ඒ දේ බෑ කියන්න බැරි වෙන්නම මම උත්තරෙත් කටටම දුන්නා.සර් මගේ දිහා බලාගෙන.එයා පුදුම වෙළාද ...... නැත්තම් බයවෙලාද .....සාමාන්‍යයෙන් වෙන්නෙ මේ වගේ වෙලාවක ආයතන හිමි කාරයා ගෑනු ළමයට කාර් එකට නගින්න ආරාධනා කිරීමයි ගෑනු ළමයා ඒක ප්‍රතික්ෂේප කිරීමයි.ඒත් ඉතිං මම අසාමාන්‍ය යි.ඒකයි මගේ ඇත්ත. සර් එක වචනයක්වත් කියන්නෙ නැතුව කාර් එක ස්ටාට් කලා. දිගටම කවුලුවෙන් පිට බලාගෙන ගියා මිසක් මමත් කතා කරන්න ගියේ නෑ.පාලු පාර ඉවර වෙලා ප්‍රදාන පාරට ආවා.හිතට සැනසිල්ලක් දැනුනෙ එතකොටයි. " සර් ...... ඉස්සරහා තියෙන හෝල්ට් එකකින් මාව දාලා යන්න......." හෑන්ඩ් බෑග් එකත් අතේ පටලවගෙන බහින්න ලෑස්තිපිටම මම පාර දිහා බලාගෙනම ඒ ටික කිව්වා. ගෙවල් කොහෙද ......." මම කියපු එක ඇහුනෙ නෑ වගේ සර් අහනවා. " කමක් නෑ.....සර්.... මාව මෙතනින් බස්සන්න......" මම හිතුවෙ සර් හදන්නෙ මාව ගිහින් බස්සන්න කියලා.ඒක නිසා මම එහෙම කියලා දැන්මා. " නෙතු......." සර්ගෙ කටින් ඒ අකුරු දෙක පිටවෙනකොට මාව ගැස්සුනා.නිල්නෙතු......ඒ මගේ නමේ මම ආසම කොටස.....ඒකෙනුත් ..නෙතූ නමින් මාව ආමන්ත්‍රණය කරනවට මම කොච්චර කැමතිද..... " මොකද....ගැස්සුනේ......අර මන්තරයක් වගේ දිග නමින් මට මතක එච්චරයි........" මගේ බයවෙච්ච මූණ දැකලද කොහෙද සර් ආයෙම කිව්වා. " හා සර්....." මම කිව්වා නෙමේ.මට කියවුනා. " මම යෂ් ප්‍රේම් කුමාර් රාමචන්ද්‍රම් ...... මම අකමැතිම දේ තමයි මම අහන ප්‍රශ්නෙට උත්තර නොදී විකාර කියවන එක .හරිද......." මෙයා නම් අර නිළි අම්මගෙ පුතාම තමයි.ඒක නිකං චිත්‍රපට දෙබසක් කිව්වා වගේ කිව්වෙ. ඕකට තව අන්තිමට .....හහ්....හහ්....හා.....කියලත් කිව්වනම. ඇරපු අතක් නෑ ..දෙමළ ෆිල්ම් එකක දුශ්ටයම තමයි.ඕවා ඉතිං මම කියන්න ගියේ නෑ. " කියන්න ......ගෙවල් කොහෙද....." මම දිගටම නිශ්ෂබ්දව ඉන්න නිසාද කොහෙද ආයෙත් එහා අහනවා. " අපේ...... ගමේ සර්......." අනේ ඉතිං මේ නම් මගේ වැරැද්ද නෙමේ.මගේ කටේ වැරැද්ද....පොඩි කාලෙ කවුරුහරි ඇහුවම ගෙදර තියෙන්නෙ කොහෙද කියලා.ඒක විහිලුවට අරගෙන ගෙදර තියෙන්නෙ අපේ ගමේ කියලා කියපු පුරුද්දට සර් ඉස්සරහත් එහෙන්නම කියවුනා. " නෙතූ............" ඒ පාර නම් හොදටම තරහ ගියාද කොහෙද. "සොරි සර්......." හිත ඇතුලෙන්ම පළවෙනි පාරට කොල්ලෙක්ගෙන් මම සමාව ඉල්ලුවා. " දෙවියන්ගෙ නාමෙන් කියනවා.බස් එකේ ගියාම ගෙවල් ලගින්ම බහින්න පුලුවන්ද කියලා......." සර් කේන්තිය වැඩි කමටද කොහෙද කාර් එක නවත්තලම මගේ දිහා බැලුවා. " ඔ...ඔව්....සර්.......අනේ ඒත් ඔය චිත්‍රපට දෙබස් විදියට ප්‍රශ්න අහන එක නවත්තන්නකෝ........" හිතේ කිසිම දෙයක් තියාගන්න බැරි මගේම කරුමෙටද කොහේ. සර් ඒත් ඒකට නුකුත්ම කිව්වෙ නෑ. " හරි බහින්න......." දන්නෙම නැතුව හෝල්ට් එකකින් කාර් එක නවත්තලා. " මේ නම් විහිලුවක් නෙමේ සර්.......උදේ ඉදන් මගෙන් වෙච්ච වැරදි වලට මට සමවෙන්න......." වැරැද්දක් කලානම් ඒක පිළිගන්නම ඕනි.නැත්තම් ඒක කැත ගතිගුනයක්. " ඕකේ....ඕකේ....." ඒ මුවගට ආවේ සැහැල්ලු මදහසක්.ඒක දැකලා මගේ හිතත් සැහැල්ලු උනා. මම බැහැලා හෝල්ට් එකට ආවා . හෝල්ට් එකට ආවට පස්සෙයි දැක්කෙ.සරුත් පස්සෙන් ඇවිත්. " ඇයි සර්......." " නෑ.....ඔයා බස් එකට නගිනකම් මම ඉන්නම්......." සර් එහෙම කියලා එතන තිබ්බ යකඩ බංකුවෙන් වාඩි උනා.මම පිරිමින්ගෙ හොදක් ලේසියෙන් දකින්නෙ නෑ ..... ඒත් හිතට එකගව දෙයක් මට කියන්න පුලුවන් ... යෂ් ප්‍රෙම් කුමාර් රාමචන්ද්‍රම් .... ඇත්තෙන්ම මහත්මයෙක්. ඒත් ඉතිං ඒයා හිටපු එකෙන් උනේ ගෙදර යන එක තවත් පරක්කු වෙච්ච එකයි.ආපු ආපු හැම බස් එකේම සෙනග අඩුයි කියලා මෙයා මට යන්න දෙන්නෙ නෑ.කොහොමහරි පැය බාගෙකට පස්සෙ තමයි එයාට හිතට හරියන විදියෙ සෙනග පිරුනු බස් එකක් ආවේ.බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා මදිවට බ්බස් එකෙත් හිටගෙනමයි.කොහෙද ඉතිං ඉපදෙච්ච දවසෙ ඉදං කාර් වල යන මිනිස්සු දන්නවද බස් වලබ්තියෙන දුක.... (මතු සම්බන්දයි ) kingDVeteran MemberPosts:3309 27 Apr 2018 07:38 AM Posted By Madud on 25 Apr 2018 07:34 PM වසන්තය නුඹම විය....01 තද දම් පාටින් විශාල වැහි වලාකුලක් අහස වසාගත්තේය.ඉතිං අදත් හරිය.නොයෙක් නොයෙක් විශාල කාර්මාන්තශාලා වලටම මෙන් වු මේ කර්මාන්ත පුරයේ වැස්සකට නවතින්න හවු හරනක් ඇත්තේම නැත.අනික එහෙම තිබ්බත් වැස්සකට උනත් නොදන්න තැනක කෙල්ලෙක්ට නවතින්න තරම් දැන් සමාජෙ ආරක්ශා කාරී තැන් නැත.ඔක්කොම කලත්තා මට ගත හැකි එකම නිගමනය.මා මේ වැස්සට තෙමිය යුතුය.ඉතිං තව අතුරු ප්‍රශ්නයක් ඉතිරිවී ඇත . ඇයි කුඩේට මොකද උනේ. ඒකට වෙච්ච දේ හිතනවට වඩා එක්කො වැස්සට තෙමෙන එක හොදය.බල්ලො උනත් ඔයිට වඩා මානුශීය වෙන්න ඕනි.ඇයි දෙවියනේ දුක හිතෙන්නෙ නැද්ද තනියම යන කෙල්ලෙකුට බුරන්න . අන්තිමට උනේ මගේ අහිංසක කුඩේ මට නැති වෙච්ච එක විතරයි. වැහි බිංදුවක් මගේ නිරුවත් අත් ගොබේකට වැටුනා.ලොකුම ලොකු වැහි බිංදුවක්.ඒ කියන්නෙ පස්සෙන් ඉතුරු සේනාවත් එනවා කියන එකනෙ.මම කෝකටත් කියලා උසට උසේ දාගෙන හිටපු උස සපත්තු දෙක ගලවලා අතට ගත්තා.දුවන්න උනත් ලෑස්ති පිට ඉන්න එපැයි.මේවා දාගෙන දුවන්න ගිහින් නිකන් කොන්ද කඩාගන්නෙ මොකටද..... කිසිම අනුකම්පාවක් නැති විදියට වැහි බිංදු එක පාරටම කඩාගෙන වැටුනා.මම අහස දිහා බැලුවෙ ඔරවගෙනමයි.ඇයි අප්පා තව විනාඩි පහක් ඉවසන්න බැරි උනාද....දැන් ඉතිං දුවන්න එපැයි. මඩ වලින් පිරිච්ච මහ හිරිකිත පාරක මම කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නැතුව හති දාගෙන දුවනවා.වැස්සත් නිකං මගෙත් එක්ක තරහට වගේ හරහටමයි වහින්නෙ.ඇදගෙන හිටපු ඩෙනිම් කලිසම ඇගටම හිර වෙලා.දුවාගන්නත් බෑ. ක්..රා ....ස්....... මාව පහු කරගෙන ගිය කලු පාට කාර් එක නැවැත්තුවා.අම්මේ......දෙවියො දැක්කා වගේ.... " ස....ර්....." කාර් එකේ වීදුරු පාත් කරනකොටම මම කාර් එකට ඔලුව දැන්මේ හිනාවීගෙනමයි.මට විස්වාසයි .මම ඒ කරපු දේ නිසා මගේ සර්.....ඒ කියන්නෙ....රවිකුමාර් රාමචන්ද්‍රම්.....හොදටෝම බය උනා.ඒත් මගේ මොලේ මේ වෙලාවෙ තෙමිලා නිසා එයා ඉවසයි . " මන්දාරී........ මොකෝ ළමයො මේ....." සර් මගේ විහිලුකාර ස්වරූපෙ හරියටම දැක්කෙ දැන්ද කොහේ. " හරි වැඩේනෙ සර් උනේ........" වෙලාවෙ හැටියට කොහොමත් එකයි කියලා මම බලෙන්ම වගේ කාර් එකට නැග්ගා.සර් කාර් එක නවත්තන්න ඇත්තෙ මාවත් අරගෙන යන්නනේ.ඉතිං මොකටද එලියට වෙලා තවත් තෙමෙන්නෙ. " හෝව්....හෝව් ....වාඩි වෙන්න කලින් මේක දාගෙන වාඩි වෙන්න........" රියදුරු අසුනෙ හිටපු කෙනා මට ඉටිකොලයක් දික් කලා . එතකොටයි මම දැක්කෙ.සර් ඩ්‍රයිවර්ව මාරු කරලද......මේ කවුද මේ.හරියට මේකගෙ කාර් එක වගේනේ......හහ් " මොකො .... මන්දාරි ..... කෝ කුඩේ........" සර් ආයෙත් අහනවා.එතකොටනෙ මට මතක් උනේ .මම කාර් එකට නැග්ගෙ සර්ට විස්තරේ කියන්නනේ. " පව්.....සර්.......බල්ලෙක් පාරෙ තෙමි තෙමි ගියා.....මම කුඩේ බල්ලට දුන්නා....." සර් දන්නවා ඉතිං මම කලොත් කරන්නෙ විහිලුවක්.කිව්වොත් කියන්නෙ පිස්සු කතාවක් කියලා.කොහොමත් මේ වෙලාවෙ මෙහෙම විහිලු කතාවක් කියලා හරි සර්ව ෂේප් කරගන්න ඕනි.අද මම පැය බාගයක් පරක්කුයි.රවි කුමාර් රාමචන්ද්‍රම් කොයි තරම් හොද කෙනෙක් උනත් වෙලාවට වැඩ . පරක්කු වීම සම්බන්දව ඔය කම්පැනි එකේ මම තරම් එයාගෙන් බැනුම් අහන කෙනෙක් නැතුව ඇති. " එතකොට මේ සපත්තු අතේ තියාගෙන පණ කඩාගෙන දුවන්නේ ..... ආ ඒ බල්ලා ආයේ කුඩේ දෙන්න පස්සෙන් එනව ඇති නේ........" සර් එහෙම කියලා මහ හයියෙන් හිනා වෙනවා.....අනේ අනේ රවිකුමාර්.......වයසෙ හැටියට නෙමේ විහිලු කරන්නේ.. " නෑ ..... සර්.....අපේ අම්ම කිව්වා.මේ වගේ වහින වෙලාවක් සෙරෙප්පු නැතුව පාරෙ දිව්වම වැඩ කරන තැන සර් ඒ කෙනා ගැන පැහැදෙනවා කියලා........" මමත් ඉතිං ඇස් කොනකින් බලලා එහෙම කියලා දැන්මා. " පැහැදෙනවා .....පැහැදෙනවා......අද පැය බාගයක් පරක්කුයිනේ......එන්නකො අත්සන් කරන පොතත් අරගෙනම මගේ ලගට......" අපෝ.....මේ රවි කුමාර් නම්.....මෙච්චර හොදින් කතා කරලත් කිසි අනුකම්පාවක් නෑනෙ " මම විතරක් යෑ......සරුත් පරක්කුනෙ....." මම ඒ ටිකනම් කිව්වෙ සර්ට ඇහෙන්න නෙමේ.මටම ඇහෙන්න. " මොකක්ද කිව්වෙ......" " නෑ.....සර් ....මම කිව්වෙ ....සර් ඩ්‍රයිවර්ව මාරු කලේ ඇයි දන්නෙ නෑ කියලා....." මම වාඩි වෙන්න කලින් ඉටිකොලයක් දීපු එක ගැනනම් මම හිටියෙ තරහින්. " මම ඩ්‍රයිවර්ව මාරු කලේ නෑ....." සර් පුදුම වෙලා.එතකොට මේ ඉන්නෙ මොකාද. " එතකොට මේ....." " ඩ්‍රයිවර්ව වගේද පේන්නෙ......." සර් ආයෙත් අහනවා. " ඔව්....සර්....." මම ඉතිං හිතේ කැතක් කුනක් නැතුව කියලා දැන්මා. " හහ් ....හහ්....හා......" සරූත් අනේ....මන්දා .අර දෙමළ ෆිල්ම් වල ඉන්න දුෂ්ටයා වගේ තඩි බඩත් හොල්ල හොල්ල හිනා වෙනවා.කැතේ බෑ....අර කොල්ලා පිටිපස්ස බලන කණ්නාඩියෙන් මට් හැටට හැටේ ඔරවනවා.අනේ මගේ ඇගේ වැදෙයි. " බහින්න මන්දාරී.....අපි ඔෆිස් එකට ඇවිත්........" සර් එහෙම කියලා කාර් එකේ දොර අරිනකොටයි මතක් උනේ වාහනේ තිය්‍ර්න්නෙ නවත්තලා කියලා.මමත් දඩි බිඩි ගාලා දොර ඇරියා. " ෂිට්......කාර් එක හොදටම තෙමිලා....." අලුත් ඩ්‍රයිවර් කුනු කුනු ගගා මට බනිනවද කොහේ. " මේ.. .. අයියේ....මට ගලවලා දෙනවද...." මම ආපහු හැරිලා ඒ මූණ දිහා බැලුවා. " ම්.....මොකක්ද......" පව් දෙවියනේ......මේ ළමයා දන්නෙ නෑනේ.මට තියෙන්නෙ කයිමන් දොරකඩ වගේ කටක් කියලා. " වාහනේ ෂීට් එක......මම හෝදලා වේලලා හවසට ගෙනත් දෙන්නම්....." මූණට හිනාවකුත් අරගෙන මම නක්කලේට කියලා දැන්මා. " පිස්සුද ....." ඒ පාරනම් තරහා ගියාද කොහේ.මූණත් රතු උනා. " ඔව්.ටිකක් විතර පිස්සු....හැබැයි කාටවත් බෝ වෙන්නෙ නෑ....." මම එහෙම කියලා එතනින් එන්න ආවා.තවත් පරක්කු උනොත් සර් හොදටම බනියි. " ආ තව එකක්......ෂීට් එකේ වාඩි උනා කියලා කාටවත් පිස්සු බෝ වෙන්නෙත් නෑ......." මම හදිස්සියේ මතක් උනා වගේ ආපහු හැරිලා කිව්වා.කියන දේ ඇහුනෙ නැති උනාට කුනු කුනු ගගා එයත් මට බනිනවද කොහෙද.මම ඒවා ගනන් ගන්නෙ නැත්ව ඔෆිස් එකට ආවා. ඒත් ඉතිං වැඩි දුරක් යන්න හම්බුනෙ නෑ.....අපේ ඔෆිස් එකේ කට්ටිය ප්‍රින්සිපල්ට අහු වෙච්ච සෙට් එකක් වගේ ඔෆිස් එක ඉස්සරහ පෙළගැහිලා ඉන්න හැට් දැකලා මගේ ගමන ඉබේම නැවතුනා. (මතු සම්බන්දයි ) පලවෙනි කොටසින් මට නැගුනු ප්රශ්නය ඩ්‍රයිවර් කවුද කියන එකයි...මොනව උනත් ලස්සන කොල්ලෙක් වෙන්න ඕනේ Business, you know, may bring money, But friendship hardly ever does. MadudNew MemberPosts:54 26 Apr 2018 10:05 PM ස්තූතියි indika76Most Senior MemberPosts:10449 26 Apr 2018 07:28 PM එක හුස්මට කියවගෙන ගියා.. හරිම සුන්දර කතාවක් වගේ.. ගොඩක් ස්තූතියි... MadudNew MemberPosts:54 26 Apr 2018 07:12 PM වසන්තය නුඹම විය.......02 එක දිගට පෙළ ගැහිලා කට්ටියම පෝළිමට....... හරියට ඉස්කෝලේ රැස්වීමට ඉන්නවා වගේ. මාව දැක්කා විතරයි කට්ටිය එකා වගේ හිනාවෙනවා. සාමාන්යෙන් මම මේ ඉන්න විදියට..... ඒ කියන්නේ හොදටම තෙමිලා සපත්තු දෙකත් අත් දෙකට අරගෙන, කොන්ඩෙත් අවුල් කරගෙන.......... මේ විදියට දැක්කම කට්ටිය හරිනම් හිනාවෙන්න ඕනි දෙකට තුනට නැමිලා බඩත් අල්ලගෙන බිම පෙරලි පෙරලි.... එත් මෙයාලා හිනා වෙන්නේ එහෙම නෙමෙයි.... හරිම සාන්ත විදියට ගොඩක් තැන්පත් විදියට..... නෑ...... නෑ..... මේක වෙන්න බෑ...... මේ..... මම ඉන්නේ අපේ ඔෆිස් එක ඉස්සරහ නෙමේයි.... කෝකටත් කියලා මම හිමින් සීරුවේ නේම් බෝඩ් එක දිහා බැලුවා. ඒත් ඒකේ තියෙන්නේ රාමචන්ද්‍රම් ගෘප් ඔෆ් කම්පැනි කියලානේ........... එහෙනම් මේ කට්ටියට මොකද මේ වෙලා තියෙන්නේ. ඇයි කට්ටියට මොකද සංවරව මා එක්ක හිනාවෙන්නේ......... මම හිමීහිට ඔළුව අතගාලා බැලුවා..... නෑ........ මම අං ඇවිල්ලත් නෑ....... තවත් ටිකක් ලං වුනාමයි දැක්කේ කුමුදුමාලිගේ අතේ මල් බොකි එකක්. සත්සරගේ අතේ මල් මාලයක්...... වැරදිලාවත් මම පාර දිගේ දුවපු සිද්ධිය ආරංචිවෙලාවත්ද? අප්පා...... ඒක තමයි වෙලා ඇත්තේ...... මුන් කට්ටිය මාව මේ රැග් කරන්නයි ලෑස්තිය. කමක් නෑ...... මොනා කරන්නද? මමත් මූණට ලොකු හිනාවක් අරගෙන ඉස්සරහට ගියේ ඔළුවත් ටිකක් පාත් කරගෙනමයි. එතකොට මල් මාලේ දාන්න ලේසියිනේ.......... "පිස්සුද බන්........" සත්සර මූණේ හිනාව දශමයක්වත් අඩු නොකර කුණු කුණු ගගා මට බනිනවා...... එහෙනම් මට නෙමෙයිද මල් මාලේ...... මම සත්සරගෙන් ඇයි කියලා ඇස් දෙකෙන්ම ඇහුවා. සත්සර දඩුවම් බැල්මෙන් හෙලන ගමන් පිටිපස්සට ඇස් ඇරියා... මොකක් හරි වැරැද්දක්. මම හිමීට හැරිලා බැලුවා..... මේ කවුද මේ එන්නෙ අපේ සර් එක්ක..... සුදු වේට්ටියට අත්කොට සුදු කමිසෙ.......අයියෝ.....මම ඉවරයි.....හිමීට නදීකගෙ පිටිපස්සට ගිහිං මම හැංගුනා. " මන්දූ.....හැම දේකටම ඉස්සරහට පනින උඹ මොකෝ මේ හැංගෙන්නේ......" ඇහෙන නෑහෙන සද්දෙට නදීකා මගෙන් අහනවා. " කවුද නදී මේ......." මමත් සද්දෙ බාල කරලා ඇහුවා. " ඇයි බන් ...උඹ දැන් සර්ගෙ කා එකේ නේද ආවේ.......උඹට සර් කිව්වෙ නැද්ද....මේ සර්ගෙ පුතානේ....." නදීකා යාන්තමට මගේ පැත්තට හැරිලා ඇහුවා. " මලා......." මටත් නොදැනි මගෙ අත්ල නළලට ගියා. " මන්දූ ...... මට උඹේ අංග ලක්ශණ කොහෙත්ම අල්ලන්නෙ නෑ.......උඹ සර්ගෙ පුතාට මොන නාඩගමද පෙන්නුවේ......" මගේ ජීවිතේ හැම අස්සක් මුල්ලක්ම දන්න මගේ මිතුරිය.ආයේ කිසි අවිස්වාසයක් නැතුව මගෙන් ප්‍රශ්න කලා. දැන් සර්ලා ලගටම ඇවිත්.සත්සර මල් මාලෙ දානවා. " නදී....... මම හිතුවෙ අලුත් ඩ්‍රයිවර් කියලා.....මම ඉතිං ටිකක් විතර........" මම ඇදලා පැදලා විස්තරේ කියන්න හැදුවෙ. " ඇති....ඇති.....නවත්තපං.....මට හිතාගන්න පුලුවන්.......ඇයි මෝඩියේ.....ටිකක්වත් හිතන්න තිබ්බා නේද......මොලයක් නැද්ද........" ඒ පාර නදී මට බනිනවා. " ටිකක් හරි හිතන්න තිබ්බා බන්....ඇදන් ඉන්නෙ සරමක් කියලා දැක්කනම්......." මූණත් ඇඹුල් කරගෙන මම එහෙම කියද්දි නදීට බක්ස් ගාලා හිනා ගියා.හරියටම සරුයි සර්ගෙ පුතයි අපිට එහා පැත්තෙ හිටපු කුමුදුමාලාට අතට අත දෙන්න හැදුවා විතරයි.හිනා උනේ නදී උනාට සර්ගෙ පුතා අතට අත දීපූ එක පැත්තක තියලා මගේ දිහා බැලුවෙ.මමත් ඉතිං කැතක් කුනක් නැතුව කට පුරෝලා හිනා වුනා . " මොකෝ නදී........." සර් නදීගෙන් ඇහුවෙ මගේ දිහාත් හොදට බලලා.නදී රතු වෙලා හොදටම. " න්...නෑ.....සර්.....මුකුත් නෑ......" නදී බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන උත්තරේ දීහගත්තා. ඊට පස්සෙ ඉතිං මගේ වාරේ...සපත්තු දෙක බිමින් තියලා එහෙම මම අත් දෙකත් ඩෙනිම් කලිසමෙන්ම පිහදගෙන.අත දික්කලා. " මන්දාරා......මේ අලුත් ඩ්‍රයිවර් නෙමේ....ඔයාගෙ ලොක්කා.මගේ පුතා....අලුත් සේල්ස් මැනේජර්......" සර් මට පුතාව අදුන්නලා දුන්නෙත් පුතා මගේ අත අල්ලගත්තෙත් එකටමයි. " මොකක්......." අතට අත දෙන එක අමතක වෙලා මට ඉබේටම ටිකක් විතර සද්දෙන් කෑ ගැහුනා . " ඇයි........" සර් මගේ දිහා බැලුවෙ පුදුමෙන්. " සර්ට දුක නැද්ද.....පුතාව ඒ තරම් අමාරුවෙ දාන්න.... පුතා ගැන හිතලා හරි වෙන සෙක්ෂන් එකකට දාන්න සර්........" කියන්න හිතෙන දෙයක් තියෙනවනම් මට ආයෙ තැනක් නොතැනක් නෑ.කවුරු හිටියත් කමක් නෑ.....සර්නම් මගේ කතාව සත පහකට ගනන් ගන්නෙ නෑ කියල නම් මම දන්නවා. " දැන් ඔයා ඔය විදියටමද ඉන්න හදන්නේ..........." ලොකු සර් මගේ තෙත ඇදුම දිහා හොදට බලලා ඇහුවා. " නෑ......සර්......මම දැන් ගිහින් ෆෑන් එකක් යටට වෙලා ඉන්නවා...එතකොට වේලෙයි......." " ඊට වඩා නරකද අව්වෙ හිටගෙන හිටියොත් එතකොට ඔය මොලෙත් වේලෙයිනේ.........."ලොකු සර් එහෙම කියලා යන්න ගියා.එතකොටයි මතක් උනේ.සර්ගෙ පුතා මගේ අත තාම අල්ලගෙන....මූන දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. " සර්......මේ.....මගේ අත........" නිදහස් අතින් මම අනිත් අත පෙන්නුවා.අනිත් අය හිචි හිචි ගගා හිමීට හිනා වෙනවා.පව් අහිංසකයගෙ මූණ රතුත් උනාද මන්දා.ඒ උනාට එයා මගේ අත රිදෙන්නම මිරිකලා තමයි අත අතෑරියේ. " ආපෝ.....හරි කැතයි සර්.......ගෑනු ළමයින්ගෙ අත් එහෙම මිරිකන්න හොද නෑ........" ආයෙ මොනාද....අත මිරිකපු එක වෙන කෙල්ලෙක් නම් හිතේ තියාගෙන රස විදියි.මට ඉතිං ඔය කුණුකන්දල් ඔලුවෙ තියාගෙන ඉන්න බෑනෙ.මම ඔන්න ඔහේ ඒකත් ප්‍රසිද්දියේම කියලා දැන්මා. අලුත් සර් ලැජ්ජාවටමද මන්දා කාගෙවත් මූණු දිහා බලන්නෙ නැතුව යන්න ගියා. " මොනාද මිස් ඔය කියවන්නේ......" කුමුදුමාලා ඒ කියන්නෙ මගේ සහයිකාව.නදී එක්කම මගේ ලග. " අනේ....ඔව්...බන්....ඔය කට සංවර කරගනින්කෝ......බලපං උඹ නිසා මම මුල් දවසෙම නෝන්ඩි උනා......." නදීකත් මට බනිනවා. "ඔව් නදී මිස් .......බලන්න ඒ අත අල්ලන්න තිබ්බ මගේ චාන්ස් එකත් මිස් උනා......" අප්පේ......මෙයාට මේ අමාරු ඒ අත අල්ලගන්න බැරි උන නිසාද..... " වැඩක් නෑ කුමුදු........ඒ අත මෙලෝ රහක් නෑ........නේද නදී......" එහෙම කියාගෙනම මම මගේ රූම් එක පැත්තට ආවා. " මම දන්නෙ නෑ......උඹ කාලා බැලුවට මම කාලා බැලුවෙ නෑ අත රහද බලන්න........" නදී ටිකක් සද්දෙට එහෙම කිව්වෙ පිටුපාල යන මටත් ඇහෙන්නමයි......ඉතිං මෙහෙමවත් මම සතුටින් හිදින්නෙ ඔවුන් නිසාවෙනි. මම සුසුමක් හෙලාගෙනම පුටුවෙන් වාඩි උනා.අද වැඩ ගොඩාක් තියෙනවා.අලුත් සේල්ස් ඕඩර් චෙක් කරන්නත් ඕනි.මොන තරම් විහිලු කලත් මේ පුටුව්ව් වාඩි උනාට පස්සෙනම්.මම මේ වැඩ ටික අකුරටම කරනවා. පැය කීයක් මම එක දිගට වැඩ කලාද කියලා දන්නේ නෑ. බෙල්ලත් ටිකක් උළුක් වෙලා වගේ. "මන්දාරී...... " මම ඔළුව උස්සලා බැළුවේ ඒ සද්දෙට. ලොකු සර් මගේ ලගට ඇවිත්. "සර්......" මේ වෙලාවේදී මම විහිළු කරන්නේ නෑ. "මන්දාරී........ අළුත් සර්ව හොදට බලාගන්න. එයා රට රටවල්වල ඉගෙනගෙන ආවාට තාමත් ලංකාවේ මාකට් එක ගැන දන්නේ නැනේ ඒ නිසා දරුවෝ..... ඔයාගේ සර් උනාට කමක් නෑ ඔයා එයාට කියලා දෙන්න............" සර් දන්නවා මම මොනතරම් විහිළු කළත් මගේ රාජකාරිය අකුරටම කරනවා කියලා... ඒ නිසා තමයි අවුරුදු පහක් පුරාවට මම මේ ආයතනයේ රැදිලා ඉන්නේ.... පුංචිම ජොබ් එකකට ඇවිත් අද ආයතනයේ විධායක් පුටුවක වැඩ කරන්නේ. "සර් බයවෙන්නෙපා සර්........ මම ඉන්නවනේ......" මම සරල මෘදු හිනාවක් මුණට නගාගත්තා..... "ඔව් දරුවෝ......... ඒ නිසා තමයි බය නැතුව මගේ පුතාව ඔයාගේ සෙක්ෂන් එකට දැම්මේ..... එහෙනම් පරිස්සමෙන් ඉන්න. මම යනවා......." ලොකු සර් එහෙම කියලා මගේ ඔළුවත අතගාලා යන්න ගියා.... මට සුසුමන් හෙලුනේ ඉබේමයි..... ඉතිං මන්දාරි........ තේරුම් අරගෙන ඉන්න එක දෙයක් තියෙනවා........ කැලෑවට වැවෙන සමහර මල් කැලෑවේ ඉන්න මිනිස්සුන්ට වටින්නේ නැති උනාට වටිනාකම දන්න මිනිස්සු ඒ මල්ම විශාල මුදලක් වැය කරලා තමන්ගේ ගෙවත්ත සරසන්න පැළකරගන්නවා............ ඒත් ඒවා ගැන හිතන්න බෑ..... මම කැමති නෑ මගේ හිත වැටෙනවට........ ලොකු සර් ගියාට පස්සේ මම මේසෙට ඔළුව තියාගත්තේ ටිකක් සැහැල්ලු වෙන්න හිතාගෙන... "මිස්........" කුමුදුමාලාගේ කටහඩින් මම ආයේ ඔළුව ඉස්සුවා.... " ඇයි කුමුදු......" මම විහිලු කරන වෙලාව වගේම මම වැඩ කරන වෙලාව ගැනත් කුමුදුට හොද වැටහීමක් තිබ්බා. " මිස්ට සනීප නැද්ද........" කුමුදු එහෙම අහන්න ඇත්තෙ මම මේසෙට ඔලුව ගහගෙන හිටපු නිසා වෙන්න ඇති. " පොඩි සර් මට රූම් එකට එන්න කියලා.....මම යන්නද මිස්......" කුමුදුමාලා මගේ සහයිකාව.කරන්න ඕනි දේ වගේම නොකරන්න ඕනි දේත් එයා මගෙන් අහනවා. " ඇයි දන්නෙ නෑ ඔයාට එන්න කිව්වේ......" මට ඒක පුදුමයක් උනා.විකුණුම් විදායක මම .ඉතිං ඇයි එයා අහන්න තියෙන දෙයක් මගෙන් අහන්නෙ නැතුව මගේ සහයිකාවට එන්න කියන්නෙ. " නෑ....මිස් විස්තර කතා කරන්න.සර් හැමෝවම තනි තනියෙන් ගෙන්නලා කතා කරන්වා.අනිත් සර්ලා මිස්ලා ඔකම ගියානෙ.ඇයි මිස් ගියේ නැද්ද......." කුමුදුමාලාගෙ ඒ ප්රකාශයටනම් මට දුක හිතුනා.මේ මනුස්සයා ඕන කමින්ම වෙන්න ඇති මාව අමතක කරන්න ඇත්තේ. " මම ලොකු සර් එක්ක කතා කර කර හිටියෙ කුමුදු.මම පස්සෙ යන්නම්.ඔයා දැන් යන්නකෝ........" මම කොහොමටවත් කැමති නෑ මගේ දුර්වල රිදෙන හිත කාටවත් පේනවට මම කැමති නෑ.කුමුදුමාලා යන්න ගියා.මම එයා යන දිහා බලාගෙන හිටියේ. ඇත්තටම එයාට මාව අමතක උනාද.නැත්තම් ඕන කමින් එහෙම කලාද. මට වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. එකා පිටිපස්සෙ එකා ගානේ මුලු ඔෆිස් එකම යනවා.අන්තිමට පියන් වැඩේ කරන කෙනත් ගියා.ඒත් මට එන්න කියලා පණිවිඩේ නෑ.හිත රිදෙනවා හොදටම.ඒත් මම හෙව්වෙ හිත රිද්දගන්නෙ නැතුව ඉන්න හේතු. " මිස්....... මිස්ට අලුත් සර් එන්න කිව්වා......" අන්තිමට මට පණිවිඩය ආවා පියන් අතේ. ඒත් තියෙන උද්දච්ච කමට එන්න කියපු ගමන් මට යන්න හිතෙන්නෙත් නෑ.ඒ නිසා තවත් විනාඩි දහයක් විතර රූම් එකට වෙලා ඉදලා තමයි මම ඇතුලට අගියේ. මම යනකොට අපේ අලුත් සර් දොරදිහා බලාගෙනම තේ බොනවා...එයා බලාගෙන ඉන්න ඇත්තෙ මම එනකන්. ඒ බැල්ම ඉස්සරහ හිත ගැස්සුනේ නෑ කිව්වොත් බොරු. ඒත් පිරිමියෙක්ගෙ බැල්ම ලග නම් මගේ හිත දුර්වල වෙන්න දෙන්නෙ නෑ මම. " සර් මට එන්න කිව්වද..............." එයා කතා කරන පාටක් නැති නිසා මමම කතා කලා. " එහා රූම් එකේ ඉදන් මෙහා රූම් එකටඑන්න විනාඩි දහයක යනවා නේ......" කිසිම හිනාවක් නැති මූණකින් එයා ප්‍රශ්නයක් ඇහුවා.මම ඒකට උත්තර දුන්නෙ නෑ. " මොකක්ද නම කිව්වෙ......" ආයෙත් ප්‍රශ්නයක්. " මන්දාරා........" මම කෙටි උත්තරයක් දුන්නා. " සම්පූර්ණ නම..........." උදේ විහිලු කලා මෙයා මගෙන් පලි ගන්නවද කොහෙද. " සර් තේ බීලා ඉවර උනාම කියන්නද......" මමත් නිකන් හරහට වගේ ඇහුවෙ පොඩ්ඩක් විතර තරහා ගිය නිසා. " නෑ...කමක් නෑ කියන්න......" " ඒ උනාට සර්ට තේරෙන එකක් නෑ....." මම කිව්වෙ බොරුවට නෙමේ.කොහොමත් මනුස්සයෙක් කන බොන වෙලාවට මගේ සම්පූර්ණ නම අහන එක එච්චර හොද දෙයක් නෙමේ. " ඒ පාර ආයෙත් මාව විහිලුවට ගන්නද හදන්නේ......." දන්නවා.....හම්බවෙච්ච මුල්ම මොහොතෙ මම මෙයා ඉස්සරහා හදාගත්තු ප්‍රතිරූපය හොද නෑ.ඒත් ඉතින් දැන් නම් මම මේ විහිලු නෙමේ කරන්නේ. " මම කෙටි කරලා කියන්නම්....." " කොහොමහරි කමක් නෑ.....මගේ වෙලාව කන්නෙ නැතුව කියනවා......" ඒ පාරනම් ඇත්තටම තරහ ගිහින්ද කොහෙද. " ආර්.එම්.ඩී.එම්.එන්.ඩී රත්නායක......." කියන දේ පිළිගන්නෙ නෑනේ..මමත් ඉතිං කියලා දැන්මා.ඕකේ අතුරු ප්‍රතිඵලය මම දන්නවා. " ම්....මෝ.....මොකක්.....අහ්....." අලුත් සර් තේ එකත් පිටිඋගුරෙ යවාගෙන කැහැ කැහැ අහනවා.කෝ කිව්වට ඇහුවෙ නෑනේ. " ඒකනේ සර් කිව්වෙ .තේ බීලා ඉවර උනාම කියන්නම් කියලා......." මම ගිහින් අනවසරෙන්ම ඒ පිට අතගෑවා.මේ මනුස්සයා මෙහෙම කැස්සොත් මුලු ඔෆිස් එකම මෙතනට එයි මම අතවරයක් කරල කියලා හිතලා. " ඒ මොන වගේ සමයං නමක්ද......." අලුත් සර් අමාරුවෙන් ඒ වචන ටික ගැටගහගත්තා.දෙමළ උනාට හොදට සිංහල වචන දන්නවනෙ මෙයා. " රත්නායක මුදියන්සේලාගේ දෝන මන්දාරී නිල්නෙතු දහම්සත් රත්නායක....." මම ඉතින් මූණ ඇබුල් කරගෙනම මගේ සම්පූර්ණ නම කියලා දැන්මා. " වා......ව්....." අලුත් සරූත් අනිත් හැමෝම වගේ නෝන්ඩියට එහෙම කියලාහිනාවෙන්න ගත්තා.මෙන්න මේ වෙලාවට තමයි මට මගේ පරම්පරාවටම බනින්න හිතෙන්නෙ.ඇයි දෙවියනේ කොට නමක් තිබ්බෙම නැද්ද මට දාන්න. " සර් ..... හිනාවෙලා ඉවර උනාම කියන්න.....මම ආයෙ එන්න......" හිතේ තිබ්බ තරහට උත්තරයක් ලැබෙනකම් ඉන්නෙත් නැතුව මම එහෙම කියලා දොරත් මහ හයියෙන් වහගෙන එලියට ආවා. අනේ ඇත්තට.... මගේ නම නම්... (මතු සම්බන්දයි.....) maduranga001Most Senior MemberPosts:14118 25 Apr 2018 08:23 PM Posted By Madud on 25 Apr 2018 08:02 PM car ekata balenne nagge නැවැත්තුව නිසා නේ නැග්ගේ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ MadudNew MemberPosts:54 25 Apr 2018 08:02 PM car ekata balenne nagge MadudNew MemberPosts:54 25 Apr 2018 08:00 PM Sthuuthi maduranga001Most Senior MemberPosts:14118 25 Apr 2018 07:55 PM වැස්සේ තෙමෙන ගැහැණු ළමයි කාර් වල කාර් දාගෙන යන එක හරිද? හේ.. හේ.. ඩ්‍රයිවර් කවුද කියල මන් මේ බැලුවෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ indika76Most Senior MemberPosts:10449 25 Apr 2018 07:54 PM තවත් සුන්දර කතාවක ආරම්භයක් වගේ... ඊළග කොටස එනකං බලාගෙන ඉන්නවා... isurusamSuper Senior MemberPosts:7342 25 Apr 2018 07:45 PM කතාව ලස්සනයි..දිගටම ලියමු . MadudNew MemberPosts:54 25 Apr 2018 07:34 PM වසන්තය නුඹම විය....01 තද දම් පාටින් විශාල වැහි වලාකුලක් අහස වසාගත්තේය.ඉතිං අදත් හරිය.නොයෙක් නොයෙක් විශාල කාර්මාන්තශාලා වලටම මෙන් වු මේ කර්මාන්ත පුරයේ වැස්සකට නවතින්න හවු හරනක් ඇත්තේම නැත.අනික එහෙම තිබ්බත් වැස්සකට උනත් නොදන්න තැනක කෙල්ලෙක්ට නවතින්න තරම් දැන් සමාජෙ ආරක්ශා කාරී තැන් නැත.ඔක්කොම කලත්තා මට ගත හැකි එකම නිගමනය.මා මේ වැස්සට තෙමිය යුතුය.ඉතිං තව අතුරු ප්‍රශ්නයක් ඉතිරිවී ඇත . ඇයි කුඩේට මොකද උනේ. ඒකට වෙච්ච දේ හිතනවට වඩා එක්කො වැස්සට තෙමෙන එක හොදය.බල්ලො උනත් ඔයිට වඩා මානුශීය වෙන්න ඕනි.ඇයි දෙවියනේ දුක හිතෙන්නෙ නැද්ද තනියම යන කෙල්ලෙකුට බුරන්න . අන්තිමට උනේ මගේ අහිංසක කුඩේ මට නැති වෙච්ච එක විතරයි. වැහි බිංදුවක් මගේ නිරුවත් අත් ගොබේකට වැටුනා.ලොකුම ලොකු වැහි බිංදුවක්.ඒ කියන්නෙ පස්සෙන් ඉතුරු සේනාවත් එනවා කියන එකනෙ.මම කෝකටත් කියලා උසට උසේ දාගෙන හිටපු උස සපත්තු දෙක ගලවලා අතට ගත්තා.දුවන්න උනත් ලෑස්ති පිට ඉන්න එපැයි.මේවා දාගෙන දුවන්න ගිහින් නිකන් කොන්ද කඩාගන්නෙ මොකටද..... කිසිම අනුකම්පාවක් නැති විදියට වැහි බිංදු එක පාරටම කඩාගෙන වැටුනා.මම අහස දිහා බැලුවෙ ඔරවගෙනමයි.ඇයි අප්පා තව විනාඩි පහක් ඉවසන්න බැරි උනාද....දැන් ඉතිං දුවන්න එපැයි. මඩ වලින් පිරිච්ච මහ හිරිකිත පාරක මම කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නැතුව හති දාගෙන දුවනවා.වැස්සත් නිකං මගෙත් එක්ක තරහට වගේ හරහටමයි වහින්නෙ.ඇදගෙන හිටපු ඩෙනිම් කලිසම ඇගටම හිර වෙලා.දුවාගන්නත් බෑ. ක්..රා ....ස්....... මාව පහු කරගෙන ගිය කලු පාට කාර් එක නැවැත්තුවා.අම්මේ......දෙවියො දැක්කා වගේ.... " ස....ර්....." කාර් එකේ වීදුරු පාත් කරනකොටම මම කාර් එකට ඔලුව දැන්මේ හිනාවීගෙනමයි.මට විස්වාසයි .මම ඒ කරපු දේ නිසා මගේ සර්.....ඒ කියන්නෙ....රවිකුමාර් රාමචන්ද්‍රම්.....හොදටෝම බය උනා.ඒත් මගේ මොලේ මේ වෙලාවෙ තෙමිලා නිසා එයා ඉවසයි . " මන්දාරී........ මොකෝ ළමයො මේ....." සර් මගේ විහිලුකාර ස්වරූපෙ හරියටම දැක්කෙ දැන්ද කොහේ. " හරි වැඩේනෙ සර් උනේ........" වෙලාවෙ හැටියට කොහොමත් එකයි කියලා මම බලෙන්ම වගේ කාර් එකට නැග්ගා.සර් කාර් එක නවත්තන්න ඇත්තෙ මාවත් අරගෙන යන්නනේ.ඉතිං මොකටද එලියට වෙලා තවත් තෙමෙන්නෙ. " හෝව්....හෝව් ....වාඩි වෙන්න කලින් මේක දාගෙන වාඩි වෙන්න........" රියදුරු අසුනෙ හිටපු කෙනා මට ඉටිකොලයක් දික් කලා . එතකොටයි මම දැක්කෙ.සර් ඩ්‍රයිවර්ව මාරු කරලද......මේ කවුද මේ.හරියට මේකගෙ කාර් එක වගේනේ......හහ් " මොකො .... මන්දාරි ..... කෝ කුඩේ........" සර් ආයෙත් අහනවා.එතකොටනෙ මට මතක් උනේ .මම කාර් එකට නැග්ගෙ සර්ට විස්තරේ කියන්නනේ. " පව්.....සර්.......බල්ලෙක් පාරෙ තෙමි තෙමි ගියා.....මම කුඩේ බල්ලට දුන්නා....." සර් දන්නවා ඉතිං මම කලොත් කරන්නෙ විහිලුවක්.කිව්වොත් කියන්නෙ පිස්සු කතාවක් කියලා.කොහොමත් මේ වෙලාවෙ මෙහෙම විහිලු කතාවක් කියලා හරි සර්ව ෂේප් කරගන්න ඕනි.අද මම පැය බාගයක් පරක්කුයි.රවි කුමාර් රාමචන්ද්‍රම් කොයි තරම් හොද කෙනෙක් උනත් වෙලාවට වැඩ . පරක්කු වීම සම්බන්දව ඔය කම්පැනි එකේ මම තරම් එයාගෙන් බැනුම් අහන කෙනෙක් නැතුව ඇති. " එතකොට මේ සපත්තු අතේ තියාගෙන පණ කඩාගෙන දුවන්නේ ..... ආ ඒ බල්ලා ආයේ කුඩේ දෙන්න පස්සෙන් එනව ඇති නේ........" සර් එහෙම කියලා මහ හයියෙන් හිනා වෙනවා.....අනේ අනේ රවිකුමාර්.......වයසෙ හැටියට නෙමේ විහිලු කරන්නේ.. " නෑ ..... සර්.....අපේ අම්ම කිව්වා.මේ වගේ වහින වෙලාවක් සෙරෙප්පු නැතුව පාරෙ දිව්වම වැඩ කරන තැන සර් ඒ කෙනා ගැන පැහැදෙනවා කියලා........" මමත් ඉතිං ඇස් කොනකින් බලලා එහෙම කියලා දැන්මා. " පැහැදෙනවා .....පැහැදෙනවා......අද පැය බාගයක් පරක්කුයිනේ......එන්නකො අත්සන් කරන පොතත් අරගෙනම මගේ ලගට......" අපෝ.....මේ රවි කුමාර් නම්.....මෙච්චර හොදින් කතා කරලත් කිසි අනුකම්පාවක් නෑනෙ " මම විතරක් යෑ......සරුත් පරක්කුනෙ....." මම ඒ ටිකනම් කිව්වෙ සර්ට ඇහෙන්න නෙමේ.මටම ඇහෙන්න. " මොකක්ද කිව්වෙ......" " නෑ.....සර් ....මම කිව්වෙ ....සර් ඩ්‍රයිවර්ව මාරු කලේ ඇයි දන්නෙ නෑ කියලා....." මම වාඩි වෙන්න කලින් ඉටිකොලයක් දීපු එක ගැනනම් මම හිටියෙ තරහින්. " මම ඩ්‍රයිවර්ව මාරු කලේ නෑ....." සර් පුදුම වෙලා.එතකොට මේ ඉන්නෙ මොකාද. " එතකොට මේ....." " ඩ්‍රයිවර්ව වගේද පේන්නෙ......." සර් ආයෙත් අහනවා. " ඔව්....සර්....." මම ඉතිං හිතේ කැතක් කුනක් නැතුව කියලා දැන්මා. " හහ් ....හහ්....හා......" සරූත් අනේ....මන්දා .අර දෙමළ ෆිල්ම් වල ඉන්න දුෂ්ටයා වගේ තඩි බඩත් හොල්ල හොල්ල හිනා වෙනවා.කැතේ බෑ....අර කොල්ලා පිටිපස්ස බලන කණ්නාඩියෙන් මට් හැටට හැටේ ඔරවනවා.අනේ මගේ ඇගේ වැදෙයි. " බහින්න මන්දාරී.....අපි ඔෆිස් එකට ඇවිත්........" සර් එහෙම කියලා කාර් එකේ දොර අරිනකොටයි මතක් උනේ වාහනේ තිය්‍ර්න්නෙ නවත්තලා කියලා.මමත් දඩි බිඩි ගාලා දොර ඇරියා. " ෂිට්......කාර් එක හොදටම තෙමිලා....." අලුත් ඩ්‍රයිවර් කුනු කුනු ගගා මට බනිනවද කොහේ. " මේ.. .. අයියේ....මට ගලවලා දෙනවද...." මම ආපහු හැරිලා ඒ මූණ දිහා බැලුවා. " ම්.....මොකක්ද......" පව් දෙවියනේ......මේ ළමයා දන්නෙ නෑනේ.මට තියෙන්නෙ කයිමන් දොරකඩ වගේ කටක් කියලා. " වාහනේ ෂීට් එක......මම හෝදලා වේලලා හවසට ගෙනත් දෙන්නම්....." මූණට හිනාවකුත් අරගෙන මම නක්කලේට කියලා දැන්මා. " පිස්සුද ....." ඒ පාරනම් තරහා ගියාද කොහේ.මූණත් රතු උනා. " ඔව්.ටිකක් විතර පිස්සු....හැබැයි කාටවත් බෝ වෙන්නෙ නෑ....." මම එහෙම කියලා එතනින් එන්න ආවා.තවත් පරක්කු උනොත් සර් හොදටම බනියි. " ආ තව එකක්......ෂීට් එකේ වාඩි උනා කියලා කාටවත් පිස්සු බෝ වෙන්නෙත් නෑ......." මම හදිස්සියේ මතක් උනා වගේ ආපහු හැරිලා කිව්වා.කියන දේ ඇහුනෙ නැති උනාට කුනු කුනු ගගා එයත් මට බනිනවද කොහෙද.මම ඒවා ගනන් ගන්නෙ නැත්ව ඔෆිස් එකට ආවා. ඒත් ඉතිං වැඩි දුරක් යන්න හම්බුනෙ නෑ.....අපේ ඔෆිස් එකේ කට්ටිය ප්‍රින්සිපල්ට අහු වෙච්ච සෙට් එකක් වගේ ඔෆිස් එක ඉස්සරහ පෙළගැහිලා ඉන්න හැට් දැකලා මගේ ගමන ඉබේම නැවතුනා. (මතු සම්බන්දයි )