Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ආදරණීය නේරංජනා Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ආදරණීය නේරංජනා Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review ReggieBasic MemberPosts:227 20 Sep 2021 09:25 AM Cover version https://www.youtube.com/watch?v=x7yIMVrfBi0 Ind007kaMost Senior MemberPosts:12931 17 Sep 2021 03:54 PM පට්ටම සින්දුව First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... indika76Most Senior MemberPosts:10449 17 Sep 2021 11:03 AM මේ කතාව නම් මම දැනගෙන හිටියේ නෑ.. ස්තූතියි මිත්‍රයා... maduranga001Most Senior MemberPosts:14118 11 Sep 2021 12:59 PM තවත් මෙවැනි සුන්දර ගීත ගැන සත්‍ය කතා දැනගන්නට කැමතියි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sha733Super Senior MemberPosts:7332 14 Aug 2021 03:00 PM Posted By Gayan Vidyarathna on 27 Apr 2021 08:04 PM ආදරණීය නේරංජනා මම ආසම ගීතයක්.මුල්ම රේකොඩින් එක හම්බ උනා.ඔරිගීනල් CD රිප් එකක් දන්න යද්දී යුටියුබ් සෙට් උනා. අහල බලන්න කොච්චර ලස්සනද , ඒ වගේම රුප රචනයක් නැතුව අහද්දී සිතේ කෙතරම් ලස්සනට චිත්ත රුප මැවෙනවද කියල.... ප්‍රේමකීර්ති ද අල්විස් ගේ මැජික් එකක් https://www.youtube.com/watch?v=P941IJ90GUk ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ඔබ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැදුණු දින රඟ ශාලාවේ තුන් හිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ අප හමු වූ ගෙවුයන් සීමාවේ එක මොහොතක් පමණකි තනි වූයේ මටම ම පුදුමයි අදහන්නට බෑ මම ම නොවේ යළි ඉන් පිට වූයේ කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුනා ආදරණීය නේරංජනා // පසුබිම් කතාව සෙනසුරාදා දවසක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ ප්‍රියා සූරියසේන මහතා කොල්ලුපිටියේ මුහුදු වෙරළට වෙලා කාලය ගත කරමින් ඉන්නවා. මුහුද දෙස බලා සිටි ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට ගීතයක් ලියන්න ඕනේ කියා අදහසක් එනවා. "මොකක් හරි තනුවක් කියපන්" කියූ විට ප්‍රියා සූරියසේනයන්, මේ ගීතයේ අද අපි අහන විදියට ම එවේලේ හිතට නැගුණ තනුව ලා..ලලලා...ලා....ලා...... වශයෙන් මුමුණනවා. ඒ තනුවට සාවධානව කන් දුන් ප්‍රේමකීර්ති මහතා "හෝව්! හෝව්!! හිටහං!!! හිටහං!!! මං ලියන්නං" කියා "ආදරණීය නේරංජනා.." යනුවෙන් ක්ෂණිකව කඩදාසි කැබැල්ලක ලියනවා. "ඔව් අපි දැන්ම මේක ගෙනිහින් Record කරමු". "අනේ ප්‍රේමකීර්ති අයියේ? අද සෙනසුරාදානේ. අද වාදක මණ්ඩලයෙත් ගොඩක් අය නෑනේ." "ආ ඒ ඕන නෑ මට මොකක් හරි එක භාණ්ඩයක් තිබුණොත් හොඳටම ඇති." එසේ කියූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, ප්‍රියා සූරියසේනවත් ඇදගෙන මොරිස් මයිනර් ටැක්සියක නැගී කොල්ලුපිටියේ සිට ටොරින්ටන් හි පිහිටි ගුවන්විදුලි සංස්ථාවට එනවා. ඒ කාලයේ ඒ දුරට ටැක්සි මීටර ගාස්තුව රුපියල් 25/- ක් පමණයි. ගුවන් විදුලි සංස්ථාවට යනවිට ඔවුන් දෙදෙනාට හමුවෙනවා, අද අපි අතර නැති සැක්සෆෝන් සහ බොක්ස් ගිටාර් වාදක රංජිත් පෙරේරා මහතා. "රංජි අයියා, මේ පොඩී ගීතයක් තියෙනවා. බැරිද ගිටාර් එක පොඩ්ඩක් ගහන්න එන්න?" යැයි ප්‍රේමකීර්ති මහතා අසනවා. මේ අතරේම එවකට ගුවන් විදුලියේ, ශබ්ද පරිපාලකයෙක් ලෙස කටයුතු කල, ප්‍රවීණ නළු යූ. ආරියවිමල් මහතාත් 12:30 ට 1:00 ට වැඩ අවසන් කරලා යන්න හදන්න ඉන්නේ. "විමල්, පොඩි ගීතයක් තියෙනවා Record කරගන්න බැරිද?" කියලා ඔහුගෙනුත් ප්‍රේමකීර්ති මහතා අහනවා. "හරි හරි, අපි කරමු." කොහෙන්දෝ පොඩි ටේප් කැබැල්ලක් අරගෙන විත් දැන් පටිගත කරන්නට සූදානම් වුණා. "ප්‍රියා, හරි දැන් උඹ අර තනුව කියපන්" කිව්වාම, ප්‍රියා සූරියසේන මහතාත් මුමුණනවා. රංජිත් පෙරේරා මහතාත් බොක්ස් ගිටාරයෙන් වයනවා. ඒ අතරේ ප්‍රේමකීර්ති මහතාත් ඉතිරි පද වැල සම්පූර්ණ කරනවා. "හරි! හරි!! උඹ ආදරණීය නේරංජනා කියන එක හතර පස් සැරයක් කියපන්" ඉතින් ඒ වචන ටික එහෙම්ම Chorus එක බවට පත්වුණා. ඒ අතරේම අනික් පද ටිකත් ලියවුණා. යූ. ආරියවිමල් මහතාත් මේ අතරේ පටිගත කරගත්තා. ප්‍රේමකීර්ති මහතාත් ගිහින් අහලා බැලුවාම අපූරුවට ගීතය පටිගත වෙලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රේමකීර්ති අයියේ, දැන් පරීක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා නෑනේ මේ ගීතය? කොහොමද ප්රචාරයට දාන්නේ?" යනුවෙන් ප්‍රියා සූරියසේනයන් අසනවා. "හරි හරි ප්‍රශ්නයක් නෑ. අපි සංගීත පාලකතුමාට මේක දාලා බලමු. අපි කියමු මේක අවසරයෙන් තොර එකක්. මේ නිකං පටිගත කරා විතරයි කියලා කියමු." එවකට ගුවන් විදුලියේ සංගීත පාලකව සිටියේ, පී. ඩන්ස්ටන් ද සිල්වා මහතායි. එතුමාගේ අවසරය නැතිව එකල ගීතයක් ගුවන්විදුලියේ ප්‍රචාරය කරන්න බෑ. වහා දිවගොස් එතුමාට මේ බව සැලකරන ප්‍රේමකීර්ති මහතා, ගීත පටිගත කර ඇති පටිගබඩාවට එතුමාව කැඳවාගෙන එනවා. "සර් මේක පොඩ්ඩක් අහලා බලන්න." "හ්ම්!!! දාන්න බලන්න". ගීතය ඇසූ එතුමා "හරි හරි මේක වාදනය කරන්න" කියා අනුමැතිය දෙනවා. දින 4ක් විතර මේ ගීතය ප්‍රචාරය වෙනවා. අවසානයේ අදටත් ඉල්ලුමක් ඇති අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබෙනවා. (Copied මාධව විජේසේකර) මේ අන්තර්ගතය මම කලින් අහල තිබුනා බෙදා ගැනීම පිලිබද ස්තූතියි dosthi83Veteran MemberPosts:1540 02 May 2021 06:08 AM ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා බුදු සරණයි isurusamSuper Senior MemberPosts:7342 01 May 2021 07:21 PM මෙතුමාගේ මමත් ආස ගීතයක් .. maduranga001Most Senior MemberPosts:14118 30 Apr 2021 10:59 PM ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා මේ ගීතය මෙතුමාගේ මමත් ආසම කරන ගීතයක්....! ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ lilmanNew MemberPosts:46 27 Apr 2021 08:04 PM ආදරණීය නේරංජනා මම ආසම ගීතයක්.මුල්ම රේකොඩින් එක හම්බ උනා.ඔරිගීනල් CD රිප් එකක් දන්න යද්දී යුටියුබ් සෙට් උනා. අහල බලන්න කොච්චර ලස්සනද , ඒ වගේම රුප රචනයක් නැතුව අහද්දී සිතේ කෙතරම් ලස්සනට චිත්ත රුප මැවෙනවද කියල.... ප්‍රේමකීර්ති ද අල්විස් ගේ මැජික් එකක් https://www.youtube.com/watch?v=P941IJ90GUk ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා ඔබ මුදු මදහස් රැළි මාලාවේ වෙලී බැදුණු දින රඟ ශාලාවේ තුන් හිතකින්වත් නොසිතූ විලසින් යළි ඔබ දැකුමට ආ වේලාවේ අප හමු වූ ගෙවුයන් සීමාවේ එක මොහොතක් පමණකි තනි වූයේ මටම ම පුදුමයි අදහන්නට බෑ මම ම නොවේ යළි ඉන් පිට වූයේ කවුදෝ මා පසු පස එනු දැනුණා පාළු වීදියේ තනිකම මැකුණා ජීවමාන කිසිවකු සිටියේ නෑ එනමුදු කවුදෝ ඇති බව වැකුණා නිදියහනේ මා නින්දට වැටුණා ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ මගේ සිතම මට මුමුණනු ඇසුනා ආදරණීය නේරංජනා // පසුබිම් කතාව සෙනසුරාදා දවසක ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සහ ප්‍රියා සූරියසේන මහතා කොල්ලුපිටියේ මුහුදු වෙරළට වෙලා කාලය ගත කරමින් ඉන්නවා. මුහුද දෙස බලා සිටි ප්‍රේමකීර්ති ද අල්විස් මහතාට ගීතයක් ලියන්න ඕනේ කියා අදහසක් එනවා. "මොකක් හරි තනුවක් කියපන්" කියූ විට ප්‍රියා සූරියසේනයන්, මේ ගීතයේ අද අපි අහන විදියට ම එවේලේ හිතට නැගුණ තනුව ලා..ලලලා...ලා....ලා...... වශයෙන් මුමුණනවා. ඒ තනුවට සාවධානව කන් දුන් ප්‍රේමකීර්ති මහතා "හෝව්! හෝව්!! හිටහං!!! හිටහං!!! මං ලියන්නං" කියා "ආදරණීය නේරංජනා.." යනුවෙන් ක්ෂණිකව කඩදාසි කැබැල්ලක ලියනවා. "ඔව් අපි දැන්ම මේක ගෙනිහින් Record කරමු". "අනේ ප්‍රේමකීර්ති අයියේ? අද සෙනසුරාදානේ. අද වාදක මණ්ඩලයෙත් ගොඩක් අය නෑනේ." "ආ ඒ ඕන නෑ මට මොකක් හරි එක භාණ්ඩයක් තිබුණොත් හොඳටම ඇති." එසේ කියූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, ප්‍රියා සූරියසේනවත් ඇදගෙන මොරිස් මයිනර් ටැක්සියක නැගී කොල්ලුපිටියේ සිට ටොරින්ටන් හි පිහිටි ගුවන්විදුලි සංස්ථාවට එනවා. ඒ කාලයේ ඒ දුරට ටැක්සි මීටර ගාස්තුව රුපියල් 25/- ක් පමණයි. ගුවන් විදුලි සංස්ථාවට යනවිට ඔවුන් දෙදෙනාට හමුවෙනවා, අද අපි අතර නැති සැක්සෆෝන් සහ බොක්ස් ගිටාර් වාදක රංජිත් පෙරේරා මහතා. "රංජි අයියා, මේ පොඩී ගීතයක් තියෙනවා. බැරිද ගිටාර් එක පොඩ්ඩක් ගහන්න එන්න?" යැයි ප්‍රේමකීර්ති මහතා අසනවා. මේ අතරේම එවකට ගුවන් විදුලියේ, ශබ්ද පරිපාලකයෙක් ලෙස කටයුතු කල, ප්‍රවීණ නළු යූ. ආරියවිමල් මහතාත් 12:30 ට 1:00 ට වැඩ අවසන් කරලා යන්න හදන්න ඉන්නේ. "විමල්, පොඩි ගීතයක් තියෙනවා Record කරගන්න බැරිද?" කියලා ඔහුගෙනුත් ප්‍රේමකීර්ති මහතා අහනවා. "හරි හරි, අපි කරමු." කොහෙන්දෝ පොඩි ටේප් කැබැල්ලක් අරගෙන විත් දැන් පටිගත කරන්නට සූදානම් වුණා. "ප්‍රියා, හරි දැන් උඹ අර තනුව කියපන්" කිව්වාම, ප්‍රියා සූරියසේන මහතාත් මුමුණනවා. රංජිත් පෙරේරා මහතාත් බොක්ස් ගිටාරයෙන් වයනවා. ඒ අතරේ ප්‍රේමකීර්ති මහතාත් ඉතිරි පද වැල සම්පූර්ණ කරනවා. "හරි! හරි!! උඹ ආදරණීය නේරංජනා කියන එක හතර පස් සැරයක් කියපන්" ඉතින් ඒ වචන ටික එහෙම්ම Chorus එක බවට පත්වුණා. ඒ අතරේම අනික් පද ටිකත් ලියවුණා. යූ. ආරියවිමල් මහතාත් මේ අතරේ පටිගත කරගත්තා. ප්‍රේමකීර්ති මහතාත් ගිහින් අහලා බැලුවාම අපූරුවට ගීතය පටිගත වෙලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රේමකීර්ති අයියේ, දැන් පරීක්ෂක මණ්ඩලයෙන් අනුමත කරලා නෑනේ මේ ගීතය? කොහොමද ප්රචාරයට දාන්නේ?" යනුවෙන් ප්‍රියා සූරියසේනයන් අසනවා. "හරි හරි ප්‍රශ්නයක් නෑ. අපි සංගීත පාලකතුමාට මේක දාලා බලමු. අපි කියමු මේක අවසරයෙන් තොර එකක්. මේ නිකං පටිගත කරා විතරයි කියලා කියමු." එවකට ගුවන් විදුලියේ සංගීත පාලකව සිටියේ, පී. ඩන්ස්ටන් ද සිල්වා මහතායි. එතුමාගේ අවසරය නැතිව එකල ගීතයක් ගුවන්විදුලියේ ප්‍රචාරය කරන්න බෑ. වහා දිවගොස් එතුමාට මේ බව සැලකරන ප්‍රේමකීර්ති මහතා, ගීත පටිගත කර ඇති පටිගබඩාවට එතුමාව කැඳවාගෙන එනවා. "සර් මේක පොඩ්ඩක් අහලා බලන්න." "හ්ම්!!! දාන්න බලන්න". ගීතය ඇසූ එතුමා "හරි හරි මේක වාදනය කරන්න" කියා අනුමැතිය දෙනවා. දින 4ක් විතර මේ ගීතය ප්‍රචාරය වෙනවා. අවසානයේ අදටත් ඉල්ලුමක් ඇති අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වී තිබෙනවා. (Copied මාධව විජේසේකර)