Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: මිය යන බවට නිශ්චිතව තහවුරු වූ රෝගීන්ගේ අවයව නිරපරාදේ පොළොව යට සඟවනවාද Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: මිය යන බවට නිශ්චිතව තහවුරු වූ රෝගීන්ගේ අවයව නිරපරාදේ පොළොව යට සඟවනවාද Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 17 Jul 2015 03:37 AM ඒක ජීවිතයේ කරන්න පුලුවන්නං මතු ආත්ම ගානකට ලැබෙන පිනක් කොහෙම උනත් මේ දරැවන්ගෙත් මොනතරම් ධෛර්යයක් තියෙන්න ඹ්නෙද මේ වගේ තීරණයක් දෙන්න gaminiVeteran MemberPosts:4475 17 Jul 2015 02:47 AM මියගිය අයකුට දිවිගෙවන දෙදෙනකු සුවපත් කළ හැකියි....... ජීවිතය හැරයන පුද්ගලයකුට තවත් ජීවිත දෙකකට පණ දිය හැකිනම් විස්මයක් නොවේද? එවන් විස්මයජනක ශල්‍යකර්මයක් පසුගිය දිනෙක මහනුවර ශික්ෂණ මහ රෝහලේ වකුගඩු ඒකක ශල්‍යාගාරයේදී සිදු කෙරිණි. එහිදී සිදුවූයේ මොළය මිය ගොස් කෘත්‍රිම ශ්වසන උපකරණයට සවිකොට සිටි මවකගේ වකුගඩු දෙක, වකුගඩු අකර්මණ්‍ය වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි දෙදෙනෙකුට බද්ධ කිරීමයි. එකී කර්තව්‍යයට මොළය මියගොස් සිටි කතගේ පුතුන් සිව්දෙනා කැමැත්ත ප්‍රකාශ කළහ. අපේ අම්මාට කාලයක ඉඳන් පපුවේ අමාරුවක් තිබුණා. පසුගිය සතියේ හිටිහැටියේ සිහි නැති වුණා. ආයේ සාමාන්‍ය තත්ත්වයට ආවා. අපි දඹුල්ල රෝහලට අරන් ගිහින් ප්‍රතිකාර කළා. දඹුල්ලෙන් කුරුණෑගලට යැව්වා. මොළයේ රෝගී තත්ත්වයක් කියලා මහනුවරට රැගෙන යන්න කියලා වෛද්‍යවරු කිව්වා. නුවරට ගෙනැවිත් පරීක්ෂා කරද්දී මොළයේ ගෙඩියක් තිබිලා පුපුරලා. අම්මා හිටියේ නුවර ස්නායු හදිසි ප්‍රතිකාර ඒකකයේ. එයාගේ මොළය මැරිලා කියලා එහි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා අපට කිව්ව. ඒත් ශ්වසනය පහසු කරන යන්ත්‍රයට සවිකරලා නිසා හෘදය වැඩ කළා. ඒ එක්කම වකුගඩු ඒකකයේ වෛද්‍යවරයෙක් ඇවිත් අම්මාෙග් වකුගඩු දෙක වකුගඩු බද්ධකරන්න බලාගෙන ඉන්න දෙදෙනෙකුට දෙන්න කැමතිද කියලා අපෙන් ඇහුවා. අම්මාගේ රෝග තත්ත්වය නිසා ඒවෙලාවේ අපි මානසිකව ෙහාඳටම අසරණ වෙලා හිටියේ. අපි වකුගඩු රෝග ගැන අහලා තිබුණත් රෝගීන් දැකලා තිබුණේ නැහැ. අරුණ අබේසිංහ කියන වෛද්‍යවරයා අපි හතර දෙනාවත් අම්මාගේ සහෝදරියන්වත් වකුගඩු රෝගී වාට්ටුවට එක්ක ගියා. මේ තරම් දුක්විඳින වකුගඩු රෝගීන් මේ ලංකාවේ ඉන්නවාද කියා අපට හිතාගන්න බැහැ. ඒ අයට තිබහ තිබුණාට වතුර බොන්න බෑ. දෙයක් කරන්න පිරියක් නැහැ. සමහර ලෙඩ්ඩු නිසා පවුලම කඩා වැටිලා. මේවා දැකලා අපි තීරණය කළා අපේ අම්මාගේ වකුගඩු දෙක දෙන්න කැමැති වෙමු කියලා. මොකද මැෂින් එකෙන් අයින් කරපු ගමන් කොහොමත් අම්මා නැතිවෙයි කියලා දොස්තර මහත්තුරු කියලා තිබුණේ. “මීට අවුරුදු විසිපහකට කලින් අම්මට පපුවෙ අමාරුව හැදුණු වෙලාවේ තාත්තා දාලා ගියා. එදා ඉඳලා අපි හතර දෙනා මත්තෙම වැටිලා අපිව ලොකු මහත් කළා. එහෙම දුකක් විඳපු අම්මාට මහා පිනක් අත්පත් වෙන්න කියලා පින් සිතින්ම අපි අම්මාගේ ඇස්දෙකත් වකුගඩු දෙකත් දන් දුන්නා.” එලෙස අදහස් දැක්වූයේ මියගිය මවගේ පුතුන් වන ඉන්ද්රතුෂාන්, අමිත් සහන් සහ අසිත මධුරංගය. ඇයගේ වකුගඩු ලබා ගැනීමේ භාග්‍යවන්තයින් වූයේ වයස අවුරුදු 48 ක් වන පොළොන්නරුව කවුඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු සහ කොහිලාවෙල මැද අලපොල ගිරිඋල්ලේ පදිංචි වයස අවුරුදු තිස් පහක පුද්ගලයෙකි. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කළේ වකුගඩු පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාරිත ප්‍රනාන්දු මහතා විසිනි. මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේදී මියගිය පුද්ගලයකුගේ වකුගඩු බද්ධ කිරීමේ ප්‍රථම ශල්‍යකර්මය සිදුකරනු ලැබුයේ 2004 වසරේ දෙසැම්බර් 07 වැනිදිනය. එසේ බද්ධ කෙරුණේ හදිසි අනතුරකින් මොළය මියගිය තැනැත්තකුගේ වකුගඩුය. ඒ වකුගඩුවලින් යළි ජීවයක් ලැබුවේ එම්. ඩබ්ලිව්. ලෙස්ලි පෙරේරාත් එම්. ජී. නිමාලි නිරංජලා යන දෙදෙනාය. ප්‍රථම ශල්‍යකර්මය (cadarver Transplant) සිදු කරනු ලැබූයේ මහනුවර රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂ ශල්‍ය වෛද්‍ය පී. ෙක්. හරිස්චන්ද්‍ර මහතාය. 2004 වසරේ සිට මේ දක්වා විවිධ බාධක සහ දුෂ්කරතා මැද එම ශල්‍යකර්මය මහනුවර කොළඹ කරාපිටිය ඇතුළු රෝහල් රැසකදීම ඒ ඒ රෝහල්වල වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය සහ දායකත්වය මත මොළය මියගිය තැනැත්තන්ගේ වකුගඩු රෝගීන්ට බද්ධකිරීම වැඩසටහනක් ලෙස කිරීමට උපදෙස් ලැබී තිබේ. Deceased doner kidny Transplant Programme ලෙස නම් කර සුවිශේෂ සම්බන්ධීකරණ කමිටුවක් ස්ථාපිත කර සියලුම රෝහල් ඒකාබද්ධව මෙම ක්‍රියාදාමය දියත් කිරීමට සූදානම් බව ඉකුත්දා ප්‍රකාශයට පත්කළේ මහනුවර රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය නිශ්ශංක විජේවර්ධන මහතාය. “ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන්ගෙන් වකුගඩුවක් බද්ධ කළ යුතුම මට්ටමේ රෝගීන් තුන්දහසක් හාරදහසක් අතර සංඛ්‍යාවක් ඉන්නවා. දැනට ප්‍රතිකාර ලබන රෝගීන් අතරින් දොළොස් දාහකට විතර තව මාස දෙක තුනකින් වකුගඩු බද්ධ කිරීමට සිද්ධ වෙනවා. වකුගඩුවක් බද්ධ කිරීමෙන් පසුව ඔවුන්ට නීරෝගී සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුළුවනි. ඒත් ඒ සඳහා බද්ධ කරන්න වකුගඩුවක් අවශ්‍යයි. ඊට පහසුම ක්‍රමය විධියට සෞඛ්‍ය අංශ දකින්නේ මොළය මිය ගිය පුද්ගලයෙකුගෙන් වකුගඩු දෙකක් අරන් පුද්ගලයින් දෙදෙනෙකුට බද්ධ කිරීම.” රෝගියෙකුගේ මොළය මිය ගිය බව තහවුරු කරනුයේ, එම ඒකකයන් භාර නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාය. මහනුවර රෝහලේ එකී කාර්යය භාරව සිටින ස්නායු ප්‍රතිකාර ඒකකයේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය චන්දන නවරත්න මහතා දැක්වූ අදහස් මෙසේය. “හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳක සිටින රෝගියෙකුට දිනකට රුපියල් හැත්තෑදහසක මුදලක් වැයවෙනවා. මොළය මිය ගිය රෝගියෙකු පිළිබඳව වෛද්‍ය කණ්ඩායම ඉක්මන් තීරණ ගන්නේ නැහැ. අප හැකි පමණ උත්සාහ කෙරන්නෙ මෙම රෝගියා යථා තත්ත්වයකට පත්කර ගැනීමයි. එම උත්සාහයත් ව්‍යර්ථ වුණොත් රෝගියාගේ මොළය මිය යාම ස්ථිරව සනාථ කරන්න ස්වයං ශ්වසන පරීක්ෂණ සංවේදන පරීක්ෂණ, අක්ෂි සංවේදන පරීක්ෂණ, ස්නායු පරීක්ෂණ, සෛල ක්‍රියාකාරිත්ව පරීක්ෂණ ය, හෘද ක්‍රියාකාරිත්ව පරීක්ෂණය, කාබන්ඩයොක්සයිඩ් නිපදවීම පිළිබඳ පරීක්ෂණ, ඇතුළු පරීක්ෂණ රැසක් කළ යුතුයි. එම පරීක්ෂණ සියල්ලම අවසන් කිරීමෙන් පසුව මොළය මිය ගොස් ඇති බව තීරණය කර රෝගියා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයට සවිකොට තබනවා. නමුත් මෙම යන්ත්‍රයෙන් රෝගියා ඉවත් කළ විගස රෝගියා මිය යනවා. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයේදී අවශ්‍ය වන්නේ ජීවය සහිත වකුගඩුවක්. එසේ නම් හෘදය ක්‍රියාකාරිත්වය පවතින විට වකුගඩු ලබා ගත යුතුයි. ඒ සඳහා සුදුසු වන්නේ, මොළය මිය යාම තහවුරු කළ කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයට සවිකළ රෝගීන්. මේ තත්ත්වය රෝගීන්ගේ ළඟම ඥාතීන් අවබෝධ කර ගත යුතුයි. තවත් ජීවිත දෙකක් යළි ජීවත් කරවීමේ වගකීම සම්පූර්ණයෙන්ම ඇත්තේ රෝගියා පිළිබඳ තීරණ ගන්නා පවුලේ උදවිය අතේ.” ඒ අනුව වකුගඩු රෝගීන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ජනතාවට දැන් අවස්ථාවක් ලැබී තිබේ. ඒ සඳහා ජනතාවත් රෝගීන් සහ වෛද්‍ය කණ්ඩායම් සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යනු ලබන්නේ සම්බන්ධීකරණ කණ්ඩායම විසිනි. මහනුවර රෝහලෙහි මොළය මියගිය රෝගීන් ගේ වකුගඩු ලබා ගැනීම හා බද්ධ කිරීමේ කමිටුවේප්රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අරුණ අබේසිංහ මහතාය. සහකාර සම්බන්ධීකරණ නිලධාරීන් වශයෙන් හෙද නිලධාරීන් අනුර රත්නායක සහ ආර්. එම්. ජයවර්ධ යන මහත්වරු කටයුතු කරති. වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් වන ඒ. ඩබ්ලිව්. එම්. වසීල් සහ නිශාන්ත නානායක්කාර මහත්වරුන්ද වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන පී. කේ. හරිස්චන්ද්‍ර සහ චාරිත ප්‍රනාන්දු මහත්වරු සම්බන්ධීකරණය කරමින් දිවයින පුරා රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක සමඟ සම්බන්ධතාවය පවත්වාගනු ලබන්නේ මෙම කමිටුව විසිනි. එහි වෛද්‍ය නිලධාරි අරුණ අබේසිංහ මහතා දැක්වූ අදහස් මෙසේය. “පොලිස් රථවාහන ඒකකයේ දත්ත අනුව වාර්ෂිකව අනතුරුවලින් මියයන සංඛ්‍යාව දෙදහස් හාරසියයක්. එයින් සියයට හැටක් එම ස්ථානයේදීම මිය යනවා. සෙසු සියයට හතළිහ හදිසි අනතුරු ඒකකවලදී මිය යනවා. මේ තත්ත්වයන් අනුව සාමාන්‍ය ජනතාව ඉතා හොඳ දැනුවත් වීමකින් සිටිය යුතුයි. තමන්ගේ ඥාතියා හදිසි අනතුරකින් හෝ වෙනත් හේතුවකින් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළුකොට ප්‍රතිකාර ලබන විට, මනැස නිරවුල් තබා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ සිටින වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සඳහා නිර්දේශ කළ රෝගීන් සියලු දෙනාම වකුගඩුවක් සොයා ගැනීමේ දැඩි පීඩාවක පසුවෙනවා. ඔවුන් තමන්ගේ විසඳුම් සොයා යද්දී අනේක වාරයක් වංචාකාරයින්ගේ උගුල්වලට හසු වෙනවා. පවුලේ තමන්ගේ සාමාන්‍ය කටයුතු සියල්ල අඩපණ වෙනවා. හාරදහසක් පමණ වන මේ රෝගීන් වකුගඩුවක් බද්ධ කරන තුරු මේ රුධිර කාන්දුකරන යන්ත්‍රයට සවිකොට රුධිරය පිරිසිදු කළ යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් යන්ත්‍ර ලංකාවේ රෝහල්වල නැහැ. මහනුවර රෝහලේ රුධිර කාන්දුකරණ රෝගීන් තුන්සිය පනහකට වැඩි පිරිසක් වෙනුවෙන් තියෙන්නේ යන්ත්‍ර තිස්හතරයි. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට වකුගඩු දායකයකු ඉදිරිපත් වුණොත් ඒ සඳහා කරන පරීක්ෂණ ඖෂධ සහ ශල්‍යකර්මයන් දෙක සඳහා රුපියල් මිලියන 1.2 ක වියදමක් රජයේ රෝහලක් විසින් දරනු ලබනවා. වකුගඩු දායකයකු සඳහා පමණක් රුපියල් ලක්ෂ හතරකට වැඩි මුදලක් වැය කරනවා. ශල්‍යකර්මයක් සිදු කිරීමට අවස්ථාව නැතුව සිටින රෝගියෙක් නඩත්තු කරන්න වාර්ෂිකව රුපියල් මිලියන 16කට වැඩි මුදලක් වැය වෙනවා. නමුත් යම් හෙයකින් මොළය මිය ගිය රෝගියෙකුගෙන් වකුගඩු දෙකක් ලබා ගතහොත් රෝගීන් දෙදෙනෙකුගේ ගැටලු නිරාකරණය වෙනවා. විශාල මුදලක් ඉතිරි වෙනවා. වකුගඩු ප්රදානය කරන මිය ගිය පුද්ගලයාගේ දේහය එම්බාම් කිරීම සහ මෘත දේහය සඳහා බහාලුම් පෙට්ටි ලබාදී දේහය නිවසට රැගෙන යාම සෞඛ්‍ය අමාත්‍යංශයේ දායකත්වය මත සිදුකර දීමට අවසර ලැබී තිබෙනවා.” මිය යන බවට නිශ්චිතව තහවුරු වූ රෝගීන්ගේ අවයව නිරපරාදේ පොළොව යට සඟවනවාද නැතිනම් ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් සිටින වකුගඩු රෝගියෙකුට එම අවයව පරිත්‍යාග කොට ජීවිතදානයක් සිදුකරනවාද යන්න තීරණය කිරීම ඔබ සතුය. සිතන්න. ආදරයේ උල්පත අම්මා ......................