Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: අතීතයෙන් කතාවක්... Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: අතීතයෙන් කතාවක්... Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review sha733Super Senior MemberPosts:7332 24 Mar 2016 02:01 AM කවුරැත් වගේ මමත් අහල නැහැ මේ කථාවනං තැන්ක් යූ අක්කේ hasithadSuper Senior MemberPosts:5795 21 Mar 2016 08:27 AM අහපු නැති එකක් නේන්නම්..... indika76Most Senior MemberPosts:10449 19 Mar 2016 09:11 PM Posted By Rosi on 19 Mar 2016 06:08 PM “ටොකු ඇන්න උන් ලවා මං පුත් කුමාරයාට වන්දවනවා“ සෙනරත් රජු කන්ද උඩරට රජ කළේය. (ක්‍රි.ව. 1604 - 1635). මාතලේ රාජ්‍යය මෙකල පාලනය කළේ විජයපාල කුමරුය. මාතලේ කඩඉම්පොතේ සඳහන් වන අන්දමට විජයපාලකුමරු මාතලේ රාජ්‍ය පාලනය කළේ මහනුවර සිටය. එතුමා පසුකලෙක මාතලේ ගොඩපොල සිය රාජධානිය ගොඩනඟා ගත්තේය. සොයුරන් අතර අසමගිය මෙම තත්ත්වය ඇතිවීමට හේතු පාදක විය. අපේ අනෙකුත් රජවරුන් මෙන් විජයපාල රජතුමා ද සිතට අඩුවක්, සාංකාවක් නොදැනෙන්නට අතිශයින් සාර්ථක වූ අන්තඃපුරයක් පවත්වාගෙන ගියේය. එතුමා එහෙත් එම අන්තඃපුරයෙන් ද සෑහීමකට පත්වූයේ නැත. රජවරුන්ගේ රන්දෝලි, රිදීදෝලි, යකඩදෝලි ලෙසින් හැඳින් වූ බිසවුන් ගැන ඉතින් අහලා නැතුවායැ නේද? විජයපාල රජතුමා යකඩදෝලි පහසට ද ඇලුම් කළේ ය. විශේෂයෙන් ප්‍රියකළේ පිටිසරබද යකඩදෝලීන්ටය. ඔවුන්ගේ ගෙල්වල ද එතුමා රහසිගතව රැය පහන් කළේය. වේරගම පිහිටියේ මාතලේ ගොඩපොල රාජධානියට ආසන්නවය. වේරගම සුරූපී යෞවනියකගේ ලස්සන දෑස විජයපාල රජතුමාගේ සරාගී දෑසේ ගැටුණේ අහම්බෙනි. එකෙණෙහිම රජතුමා ඇය ගැන සොයන ලෙස අදිකාරම්ට නියෝග කළේය. අදිකාරම් ඔහුගේ රාජකාරිය අකුරටම ඉටු කළේය. රජතුමා අදිකාරම්ගේ සාර්ථක මෙහෙවර අගය කළේ තෑගි බෝග ප්රදානය කරමිනි. වේරගම කෙල්ල ගැන තම සිත තුළ පැළපදියම් වූ ආශාව ගැන ඇගේ මවුපියන් දැනුම්වත් කරන ලෙස රජතුමා අදිකාරම්ට නියෝග කළේය. “හැබැයි... අදිකාරම්... මේක රහසක් විදියට රැක ගන්නත් ඕනෑ...’’ විජයපාල රජු අදිකාරම්ට උපදෙස් දුන්නේය. බුදුරජාණන් වහන්සේ ද දේශනා කොට වදාළේ ලෝකයේ රහසක් කියා දෙයක් නැති බවය. වේරගම යකඩදෝලි දැන් ගැබිනියක්ය. ඇගේ පැටික්කාගේ හෝ පැටික්කිගේ පිතෘත්වය විජයපාල රජතුමාගේය. වේරගම යකඩදෝලි කාලය ගත කළේ ලොකු සතුටකින්ය. ආඩම්බරයකින්ය. උජාරුවකින්ය. යකඩදෝලිට ලැබුණේ පුත්කුමරෙකි. ඉන්පසු රජතුමා යකඩදෝලි බලන්න ආවේ නැත. එතුමා වේරගම යකඩදෝලි මගහැරියා නොවේ. ඇය බලන්න නාවේ මේ වකවානුව වනවිට එතුමා සොයුරන් සමඟ ඇතිකරගෙන තිබූ ආරවුල් උග්‍රවී තිබූ නිසා ය. එතුමාගේ ජීවිතයට පවා ඒ කාලයේ තර්ජන එල්ල වී තිබිණ. රජපැටියා දැන් පසුවන්නේ සත්වැනිවියෙහිය. වැලිබත් උයනා සමවයසේ කොල්ලන් කෙල්ලන් සමඟ ගහබැණගන්නා, ටොකු ඇනගන්නා කන් මිරිකාගන්නා නළියන, දඟලන වයසේ ය. මේ අතර අවජාතක කතාව ද ඉස්මතු විය. එය නාන ළිං, ඇළ දොළ ළඟ නිරන්තරයෙන් කතාවූ රසබර මාතෘකාවක් විය. යකඩදෝලිගේ පියා මෙම සියලු තත්ත්වයන් විජයපාල රජතුමාගේ මුහුන්දිරම් ට දැන්වීය. එම තත්ත්වය ඇසූ රජතුමාට හොඳට ම කේන්ති ගියේයෙ. මගේ පුත් කුමාරයාට අපහාස කළ ටොකු ඇන්න එවුන් ලව්වා මං මගේ පුත් කුමාරයාට වන්දවනවා. මුහන්දිරම් ඒ වගකීම බාරගන්න ඕනෑ. බොහොම ඉක්මනට පුත් කුමාරයාව මහණ කරවන්න ඕනැ. “එහෙමයි... දේවයන්වන්ස... රජතුමා පැවරූ වගකීම මුහන්දිරම් බාරගත්තේය. ඒ අනුව රජපැටියා, මහණ කළේ මකුලේතැන්න පන්සලේ ය. රජතුමා ද බොහොම ගරුසර ඇතිව පුංචි හාමුදුරුවන්ට වැන්දේය. මකුලේ තැන්න පන්සලට රජතුමා ගොඩමඩ ඉඩම් මෙන් ම වස්තුව ද පූජා කළේ ය. පුංචි හාමුදුරුවන් පසුකලෙක නාහිමි නමක් විය. උන්වහන්සේ ඉදිරියේ වැඩියෙන් ම වැඳ වැටුණේ උන්වහන්සේට ටොකු ඇන්න අයය. රජතුමාට දැනුණේ ලොකු සතුටකි. මේ කතාව මම අහලා නෑ. ස්තූතියි මේ කථාවට.. RosiSuper Senior MemberPosts:5335 19 Mar 2016 06:08 PM “ටොකු ඇන්න උන් ලවා මං පුත් කුමාරයාට වන්දවනවා“ සෙනරත් රජු කන්ද උඩරට රජ කළේය. (ක්‍රි.ව. 1604 - 1635). මාතලේ රාජ්‍යය මෙකල පාලනය කළේ විජයපාල කුමරුය. මාතලේ කඩඉම්පොතේ සඳහන් වන අන්දමට විජයපාලකුමරු මාතලේ රාජ්‍ය පාලනය කළේ මහනුවර සිටය. එතුමා පසුකලෙක මාතලේ ගොඩපොල සිය රාජධානිය ගොඩනඟා ගත්තේය. සොයුරන් අතර අසමගිය මෙම තත්ත්වය ඇතිවීමට හේතු පාදක විය. අපේ අනෙකුත් රජවරුන් මෙන් විජයපාල රජතුමා ද සිතට අඩුවක්, සාංකාවක් නොදැනෙන්නට අතිශයින් සාර්ථක වූ අන්තඃපුරයක් පවත්වාගෙන ගියේය. එතුමා එහෙත් එම අන්තඃපුරයෙන් ද සෑහීමකට පත්වූයේ නැත. රජවරුන්ගේ රන්දෝලි, රිදීදෝලි, යකඩදෝලි ලෙසින් හැඳින් වූ බිසවුන් ගැන ඉතින් අහලා නැතුවායැ නේද? විජයපාල රජතුමා යකඩදෝලි පහසට ද ඇලුම් කළේ ය. විශේෂයෙන් ප්‍රියකළේ පිටිසරබද යකඩදෝලීන්ටය. ඔවුන්ගේ ගෙල්වල ද එතුමා රහසිගතව රැය පහන් කළේය. වේරගම පිහිටියේ මාතලේ ගොඩපොල රාජධානියට ආසන්නවය. වේරගම සුරූපී යෞවනියකගේ ලස්සන දෑස විජයපාල රජතුමාගේ සරාගී දෑසේ ගැටුණේ අහම්බෙනි. එකෙණෙහිම රජතුමා ඇය ගැන සොයන ලෙස අදිකාරම්ට නියෝග කළේය. අදිකාරම් ඔහුගේ රාජකාරිය අකුරටම ඉටු කළේය. රජතුමා අදිකාරම්ගේ සාර්ථක මෙහෙවර අගය කළේ තෑගි බෝග ප්රදානය කරමිනි. වේරගම කෙල්ල ගැන තම සිත තුළ පැළපදියම් වූ ආශාව ගැන ඇගේ මවුපියන් දැනුම්වත් කරන ලෙස රජතුමා අදිකාරම්ට නියෝග කළේය. “හැබැයි... අදිකාරම්... මේක රහසක් විදියට රැක ගන්නත් ඕනෑ...’’ විජයපාල රජු අදිකාරම්ට උපදෙස් දුන්නේය. බුදුරජාණන් වහන්සේ ද දේශනා කොට වදාළේ ලෝකයේ රහසක් කියා දෙයක් නැති බවය. වේරගම යකඩදෝලි දැන් ගැබිනියක්ය. ඇගේ පැටික්කාගේ හෝ පැටික්කිගේ පිතෘත්වය විජයපාල රජතුමාගේය. වේරගම යකඩදෝලි කාලය ගත කළේ ලොකු සතුටකින්ය. ආඩම්බරයකින්ය. උජාරුවකින්ය. යකඩදෝලිට ලැබුණේ පුත්කුමරෙකි. ඉන්පසු රජතුමා යකඩදෝලි බලන්න ආවේ නැත. එතුමා වේරගම යකඩදෝලි මගහැරියා නොවේ. ඇය බලන්න නාවේ මේ වකවානුව වනවිට එතුමා සොයුරන් සමඟ ඇතිකරගෙන තිබූ ආරවුල් උග්‍රවී තිබූ නිසා ය. එතුමාගේ ජීවිතයට පවා ඒ කාලයේ තර්ජන එල්ල වී තිබිණ. රජපැටියා දැන් පසුවන්නේ සත්වැනිවියෙහිය. වැලිබත් උයනා සමවයසේ කොල්ලන් කෙල්ලන් සමඟ ගහබැණගන්නා, ටොකු ඇනගන්නා කන් මිරිකාගන්නා නළියන, දඟලන වයසේ ය. මේ අතර අවජාතක කතාව ද ඉස්මතු විය. එය නාන ළිං, ඇළ දොළ ළඟ නිරන්තරයෙන් කතාවූ රසබර මාතෘකාවක් විය. යකඩදෝලිගේ පියා මෙම සියලු තත්ත්වයන් විජයපාල රජතුමාගේ මුහුන්දිරම් ට දැන්වීය. එම තත්ත්වය ඇසූ රජතුමාට හොඳට ම කේන්ති ගියේයෙ. මගේ පුත් කුමාරයාට අපහාස කළ ටොකු ඇන්න එවුන් ලව්වා මං මගේ පුත් කුමාරයාට වන්දවනවා. මුහන්දිරම් ඒ වගකීම බාරගන්න ඕනෑ. බොහොම ඉක්මනට පුත් කුමාරයාව මහණ කරවන්න ඕනැ. “එහෙමයි... දේවයන්වන්ස... රජතුමා පැවරූ වගකීම මුහන්දිරම් බාරගත්තේය. ඒ අනුව රජපැටියා, මහණ කළේ මකුලේතැන්න පන්සලේ ය. රජතුමා ද බොහොම ගරුසර ඇතිව පුංචි හාමුදුරුවන්ට වැන්දේය. මකුලේ තැන්න පන්සලට රජතුමා ගොඩමඩ ඉඩම් මෙන් ම වස්තුව ද පූජා කළේ ය. පුංචි හාමුදුරුවන් පසුකලෙක නාහිමි නමක් විය. උන්වහන්සේ ඉදිරියේ වැඩියෙන් ම වැඳ වැටුණේ උන්වහන්සේට ටොකු ඇන්න අයය. රජතුමාට දැනුණේ ලොකු සතුටකි. sha733Super Senior MemberPosts:7332 06 Mar 2016 07:14 AM ඔන්න කෝටිටේ ගැන කියනවා මෙලෝම දෙයක් නැහැ කියල දැන් ඔහොම වෙනවා කියන්නේ ඉස්සරහට මේවටත් වෙයිද කියල සැකයි RosiSuper Senior MemberPosts:5335 06 Mar 2016 06:14 AM මේවා මෙහම හරි දකින්න අපි පින් කරලා තිබ්බා ..එත් ඉදිරි පරම්පරාවට දකින්න දෙයක් ඉතුරු වෙයිද මන්දා sha733Super Senior MemberPosts:7332 06 Mar 2016 02:24 AM ඔව් අයියේ නටඹුන් තියෙනවා පැරණිම සුසාන භුමියක් වෙන ඉබ්බන්කටුව සොහෙන තියෙන්නෙත් අපේ ගෙවල් ලගමයි samanthaMost Senior MemberPosts:13190 01 Mar 2016 02:17 AM අපේ ෂා මල්ලී ඉන්න පැත්තේ නම් ගොඩක් නටඹුන් තියෙනවානේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! sha733Super Senior MemberPosts:7332 01 Mar 2016 02:09 AM කොන්ක්‍රීටි මාලිගා ඉදිවෙනකොට මේව ඉස්සරහට මෙහෙම නෙවෙයි නැත්තටම නැතිවෙයි samanthaMost Senior MemberPosts:13190 29 Feb 2016 09:18 AM අහිමිවෙන රාජධානිය බත්තරමුල්ල පිටකෝට්ටේ කෝට්ටේ කියන්නේ අද අතිශය ජනාකීර්ණ තැන්. තට්ටු ගනන් උස ගොඩනැගිලි, උද්‍යාන,සුපිරි නිවාස, ජාත්‍යන්තර පාසැල්, අවන්හල් මේ හැම දෙයකින්ම පිරුණු මේ පැත්ත අතීත රාජධානියක් කියලා කවුරුත් දන්නවා. මේ නිසා විවේකි ඉරිදා දවසක මේ රාජධානියේ නටඹුන් හොයාගෙන අපි ගියා. යන්න කලින් මේ රාජධානියේ ඉතිහාසය ගැන ටිකක් හොයලා බැලුවොත් මේ රාජධානිය 1415-1565 කාලයේ හයවන පරාක්‍රම බාහු රාජතුමා විසින් පිහිටුවා ගෙන තියෙනවා. හැබැයි ඊටත් කළින් විර නිශ්ශංක මල්ල අලකේෂ්වර විසින් කෝට්ටේ ආරක්ෂිතව බලකොටුවක් ඉදිකරගෙන හිටියා කියලා කියනවා. විශේෂයෙන් දිය අගල් සහිතව මේ බලකොටුව හදාගෙන තියෙන්නේ පර සතුරු උවදුරු වලින් ආරක්ෂා වෙන්න කියලයි කියන්නේ. දියවන්නාව ආශ්‍රිතව දිය අගල සකස් කරගත්ත ඔහු මේ දිය අගලට ආසන්නයෙන්ම කබොක් ගල් වලින් විශාල ප්‍රකාරයක් ඉදිකරනවා. ඒ ප්රාකාරාය පාමුල දිගටම විශ සහිත සර්පයෝ යොදවලා හිටියා කියලා තමයි කියන්නේ. මේ කොටුව තුළ මාළිගය හදාගෙන ඔහු ජීවත් වෙලා තියෙනවා. අද අපි ඇතුළු කෝට්ටේ සහ පිට කෝට්ටේ කියන්නේ මේ කියන කොටුවෙන් පිට සහ ඇතුළේ ප්‍රදේශය වෙන්න පුළුවන්. අර අපි හැමොම දන්න කථාවක් තියෙනවානේ “ පරංගියා කෝට්ටේ ගියා වගේ “ කියලා. ඒක වෙලා තියෙන්නෙත් කෝට්ටේ රාජධානි කාලේ. ඒ කාලේ ලංකාවට සේන්දු වුන පෘතුගීසින් රටේ රජතුමා හමුවෙන්න අවශ්‍ය බව කියලා තියෙනවා. ඊට පස්සේ වරාය ළග ඉදලා කෝට්ටෙ ට වරුවක ගමනක් වුනාට ශ්‍රිලාංකිකයෝ කරලා තියෙන්නේ දවස් ගාණක් මේ පෘතුගිසී කට්ටිය ටික වටේ ඇවිද්දවලා තමයි අවසානේ කෝට්ටේ රජතුමා ලගට ගෙනියලා තියෙන්නේ. මේ අතරේ කෝට්ටේ රජතුමා තවදුරටත් ආරක්ෂාව තහවුරු කරගත්තාලු. ඒ ගැන කියන්න ගියොත් එක එක ජාතියේ විස්තර තියෙනවා. ඒත් අද අපි කියන්න හදන්නේ ඔය 14 වන සියවසේ විතර හැදුවා කියන ආරක්ෂිත කොට්ටේ බලකොටුවේ සමහර නටඹුන් තවමත් හොයාගන්න පුළුවන් කියලා.මේ අතරින් වැදගත්ම එකක් තමයි බලකොටුවේ ආරක්ෂිත බැම්ම. මේක කබොක් ගල් වලින් හදලා තියෙන්නේ. ඉස්සර අඩි ගාණක් පළලට උසට මේ බැම්ම හදලා තිබුනට අද වෙනකොට සියල්ල වෙනස් වෙලා. අද තැනින් තැන මේ කබොක් ගල් බැම්ම හොයාගන්න පුළුවන්. හැම තැනකම වගේ ඉදිකිරීම් කරලා කොටුබැම්ම මැද ගෙවල් හදලා තියෙන්නේ. ඒත් මේ ගැන දැනගන්න කැමති කෙනෙකුට බලන්න තරම් සාක්ෂි තියෙනවා. තැන් තැන් වල තියෙන ඉදිකිරීම් අතරින් අදටත් කොටු බැම්ම ශක්තිමත්ව තියෙනවා. සමහර මිනිස්සු මේ කොටු බැම්මේ කබොක් ගල් ගලවලා ගෘහ අලංකරණ වලට විකුණලා පවා තියෙනවා. කොහොම වුනත් මේ කොටු බැම්ම ආරක්ෂා කරන්න අරං තියෙන පියවර නම් මදි කියලයි හිතෙන්නේ.කෝට්ටේ රාජධානියේ මාලිගයක නටබුන් තාම මේ වෙනකන් හමුවෙලා නෑ. අද අපි මාලිගාවත්ත කියලා හඳුනාගන්න ප්‍රදේශයේ මාලිගාව තිබ්බයි කියලා මතයක් නං තියෙනවා. ඒත් ඒකටත් සාක්ෂි නෑ.. හරියටම රාජගිරියේ ඉඳලා පිටකොට්ටේ පැත්තට යනකොට ඇතුල්කෝට්ටේ හරියේ තියෙනවා කොටුබැම්ම පාර කියලා එකක්. ඒ පාරේ ටික දුරක් යද්දි පුරා විද්‍යා එතෙන් බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒ පැත්තට ටික දුරක් ගියාම කොටු බැම්ම පළමු පටුමග තියෙනවා එතනින් ගියොත් දිය අගලේ නටඹුන් බලාගන්න පුළුවන්.ඒකෙන් හැරෙන්නේ නැතුව කොටු බැම්ම දෙවන පටුමඟට ගියාම මේ කොට බැම්ම හරියට බලාගන්න පුළුවන්. එතකොට කෝට්ටේ කොටු බැම්ම විතරද බලන්න තියෙන්නේ? නෑ එහෙම නෑ තව බලන්න නටඹුන් සහ විශේෂ තැන් ගොඩාක් තියෙනවා.අලකේෂ්වර මාළිගයේ නටඹුන්, වෙහෙරකන්ද විහාරය, කෝට්ටේ ඉඳලා කොළඹට එන්න කපලා තිබුන කියන රහස් උමඟ මේ හැම එකක් ගැනම විස්තර තියෙනවා. අලකේෂ්වර මාළිගය කෝට්ටේ රාජධානිය සයවැනි පාරාක්රමබාහු රජු විසින් අල්ලාගන්න කලින් වීර අලකේශවර විසින් තමයි පාලනය කළේ. ඒ වීර අලකේශ්වර හිටියා කියල සැලකෙන මාළිගයේ නටඹුන් අදටත් දකින්න පුළුවන් ඇතුල් කෝට්ටේ අලකේශ්වර පාරේ කෙළවරට ගියාම.ගඩොල් වලින් කරපු පාදමක් විතරක් වල් බිහිවෙලා තියෙනවා. මෙන්න google map එකෙන් එතන්ට යන පාර වෙහෙරකන්ද නටඹුන් අලකේෂ්වර මාලිගයේ ඉඳලා විනාඩි 5ක විතර වෙලාවකින් මෙතන්ට යන්න පුළුවන්. ඒ කියන්නේ බැද්දගාන පැත්තට ගියාම මේ පුරණ විහාරය කියලා හිතන්න පුළුවන් තැන හම්බ වෙනවා.මෙතන්ට ගියාම නිකං අනුරාධපුර පොලොන්නරුව ගියා වගේ දැනෙන්නේ.එහා පැත්තේ දියවන්නාව. මෙතන තියෙන්නේ කබොක් ගල් වලින් කරපු පරණ චෛත්‍යයක නටඹුන්. කෝට්ටේ රාජධානි කාලේ මෙතෙන විහාරයක් කරවලා තියෙන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන් වුනත් මහචාර්ය සෙනෙරත් පරණවිතාන ශූරීන් කියලා තියෙන්නේ මේක හයවන පරාක්‍රමබාහු රජතුමාගේ සහ බිසව වුන රං මැණිකාගේ සොහොන් වෙන්න පුළුවන් කියලා.මෙන්න google map එකෙන් එතන්ට යන පාර උමං දොරටුව කෝට්ටේ කාලේ මේ රාජධානියේ ඉඳලා සුවිශේෂි උමඟක් තිබිලා තියෙනවා සතුරු ආක්‍රමණ වලින් බේරිලා යන්න එන්න. එහෙම උමඟක් කෝට්ටේ ඉඳලා කොළඹ කොටුවට තිබුනා කියලා විශ්වාසයක් තියෙනවා.අද වෙනකොට ආනන්ද ශාස්ත්රාලයට අයිති ඉඩමේ මේ උමං දොරටුව කියලා විශාවාස කරන්න පුළුවන් තැනක් තියෙනවා. සුවිශාල කබොක් ගලක් අස්සෙන් නිකං දොරටුවක් වගේ එකක් තියෙනවා. මේක අර කියන අතීත උමගේ කට කියලා කියන්න තමයි විශ්වාස කරන්නේ. තව තියෙනවා කෝට්ටේ කෟතුකාගාරය බලන්න.ඒ ගැන විස්තර වෙනම ලියන්න ඕන. මොකද ඉපැරණි ඇඳුම් පැළඳුම්, ආයුධ, උපකරණ වගේ ගොඩාක් දේවල් මේකේ තියෙනවා.ඒ ගැන විස්තර පස්සේ . අලකේශ්වර මාලිගයේ නටබුන් ටිකයි වෙහෙරකන්ද නටබුන් ටිකයි උමං දොරටුවයි බැලුවට පස්සේ තව බලනවා ගල් අම්බලම බලන්න පුළුවන්. ඒක නම් කෝට්ටේ යුගයේ හදපු එකක් නෙවෙයි.හැබැයි අද වගේ ටැක්සි, බස්, නැති කාලේ මිනිස්සු පයින් යනකොට ගිමන් නිවපු තැනක්. මේක ගල් කණුඋඩ හදලා තියෙන්නේ වහල පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව හදලා තියෙන්නේ. හැබැයි මේකත් සංරක්ෂණයට අරං තියෙන පියවර ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ. මොකද අද වෙනකොට යාචකයින්ගේ නවාතැන් පලක් වෙලා මෙතන. අත ළගම මෙච්චර රාජධානියක නටඹුන් තියෙනවා කියලා ගොඩක් අය දැනගන්න පළවෙනි අවස්ථාව මේක වෙන්න පුළුවන් සමහර විට. ඒ නිසා නිවාඩු දවසක ටිකක් එළියට බැහැලා ඇවිදලා බලන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! samanthaMost Senior MemberPosts:13190 29 Feb 2016 09:16 AM කෝට්ටේ රාජධානියේ ජීවමාන නටබුන් කෝට්ටේ යුගයේ ලියවුණු සංදේශ කාව්‍ය වලින් ද අතීතයේ දී මෙම නගරය අතිශය අලංකාරව තිබූ බව සැළලිහිණි සංදේශයේ දැක්වේ. කෝට්ටේ රාජධානිය ආරම්භ වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ ගම්පල ආර්ය චක්‍රවර්තී ආක්රමණයයි. රයිගම ප්‍රදේශය දක්වා පෘතුගීසින්ගේ ආක්‍රමණයක් සිදුවූ නිසා ඒ ප්‍රදේශයේ බදු එකතු කිරීමේ කටයුතු සිදු කළ ආරිය චක්රවර්තීට වීර අලකේෂ්වර විසින් දියවන්නා ඔයේ මඩ වගුරක බළකොටුවක් ඉදි කරවා දීම කෝට්ටේ රාජධානියේ ආරම්භය ලෙස දැක්විය හැකිය. එම යුගයේ ඓතිහාසික කරුණු පිළිබඳවත් පුරා විද්‍යාත්මක කරුණු පිළිබඳවත් වෙනත් ඓතිහාසික ස්ථාන හා සැසඳීමේදීත් උගතුන්ගේ අවධානය යොමුව ඇත්තේ අල්ප ප්රමාණයකි. ක්‍රි.ව. 1415 දී 6 වැනි පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම බලකොටුව තිබූ ස්ථානයේ මාළිගාවක් සාදා තමාගේ පරිපාලනය ආරම්භ කරනු ලබයි. ඉන්පසු ඒ රාජ්‍යය 1521 විජයබා කොල්ලය දක්වා පවතී. පසුව එම රාජ්‍ය සම්පූර්ණයෙන්ම කොටස් 03 කට බෙදී යයි. 1550 දී 7 වැනි බුවනෙකබාහු රජුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමග මෙම රාජ්‍ය අවසන් වූවා යැයි සඳහන් වේ. ඉන් වැඩි දුරටත් යාමට පෙරාතුව දොන් ජුවන් ධර්මපාල කොළඹ කොටුව රාජ්‍යය රැුගෙන යයි. දොන් ජුවන් ධර්මපාල පෘතුගීසින්ගේ රූකඩ පාලකයකු ලෙස කටයුතු කළ අයෙකි. සීතාවකෙන් එල්ල වූ තර්ජනවලට බියෙන් කෝට්ටේ බලකොටුවෙහි වාසය නොකොට පෘතුගීසීන් විසින් ඉදි කරන ලද කොළඹ බලකොටුවට රැුකවරණය කරා යාමෙන් පසුව කෝට්ටේ නගරය මෙසේ අභාවයට පත්ව ඇත. වරින් වර සීතාවකින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් කෝට්ටේ නගරයේ ගොඩනැගිලිද විනාශ වූ අතර සීතාවක රාජසිංහගේ මරණයෙන් පසුව පෘතුගීසීන් රිසි සේ කෝට්ටේ නගරයේ තිබූ ආගමික ගොඩනැගිලි සහ අනිකුත් ඉදිකිරීම් කඩා බිඳ දමා කොළඹ නගරයේ නව ඉදිකිරීම් සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය පැහැර ගෙන ගොස් ඇත. මෙසේ බරපතළ ලෙස කෝට්ටේ ඓතිහාසික ස්මාරක ස්ථාන විනාශ වී යමින් තිබිය දී ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කළ විශේෂ පුද්ගලයන් දෙදෙනෙකු මෙහිදී සිහිපත් කළ යුතු වේ. මින් ප්‍රධාන පුද්ගලයා කෝට්ටේ ප්‍රදේශයේ ජීවත් වූ ප්රභූවරයෙකු වු කෝට්ටේ සිංහයා යන විරුදාවලිය ලත් ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතාය. අනෙක් පුද්ගලයා වන්නේ ඩග්ලස් ඞී. රණසිංහ මහතාය. අතීතයේ කෝට්ටේ පැවැති අසිරිමත්භාවය හා පෞඪත්වය අධ්‍යයනය කිරීම සඳහා මහා වංශය, රාජවලිය වැනි වංශකතා සාධක ද සීතාවක හටන, පැරකුම්බා සිරිත, වැනි කාව්‍ය ග්රන්ථ කෝකිල, පරෙවි, මයුර, තිසර, ගිරා, සැළලිහිණි යන සංදේශ කාව්‍ය ග්රන්ථ මෙන්ම කුතෝ, ක්වේරෝස් වැනි විදේශිකයන්ගේ ලිපි ලේඛන ද උපයෝගී කොට ගත හැකිය. කෝට්ටේ රජ මහා විහාරය අලකේශ්වර මාලිගය කෝට්ටේ ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකම් සම්බන්ධයෙන් සැලකීමේදී ප්රාග් ඓතිහාසික අනුරාධපුර, පොළොන්නරු හෝ දඹදෙණි වැනි යුගවලට අදාළ කිසිදු පුරා විද්‍යාත්මක සාධකයක් හමු නොවේ. එහෙත් වංශ කතා වලින් සුළු සාධක හමුවේ. වංශ කතා වල දැක්වෙන පරිදි -කැලණි පුරයට දකුණු පසින් බෞද්ධ ජනයා වාසය කරන ලද ස්ථානයෙහි අලගක්කෝනාර විසින් දරමාගම සමීපයෙහි වූ මහ විලෙහි මහ පවුරු වළල්ලෙන් හා දොර කොටු ආදියෙන් හෙබියා වූ ජයවර්ධනපුර කෝට්ටේ නමින් ප්‍රසිද්ධ නුවර ඉදි කළේය. යනුවෙන් සඳහන් කර තිබීමෙන් මෙම ප්‍රදේශය අතීතයේ සිට ජනතාව ජීවත් වූ ප්‍රදේශයක් බව පැහැදිලිය. එසේම භික්ෂූන් පවා මෙහි වැඩ විසූ බවට ඉඟි මහා වංශයේ සඳහන් වේ. ආරිය චක්රවර්තීන්ගේ හමුදාව මෙම ප්‍රදේශයේ ජනතාවගෙන් බදු එකතු කරමින් සිටියදී නිශ්ශංක අලකේශ්වර කෝට්ටේ බලකොටුව බැන්ද වූ බව කීමෙන් පැහැදිලි වන්නේ ද පෙර ජනාවාස පැවැති බවය. කෝට්ටේ නගරයට කි.මි. 20 පමණ දුරින් ක්‍රි.පූ. 1 වැනි, 2 වැනි සියවසට අයත් ලෙන් ලිපි සහිත විහාරස්ථානයක් කොරතොට පිහිටා තිබීම ද වැදගත් කරුණකි. එක් අතකින් මෙම කාලයේදී කෝට්ටේ ප්‍රදේශය මඩවගුරු ස්වාභාවයක් ඉසිලූ හෙයින් ඒ යුගයෙහි මානව ජනාවාස බහුල නොවුනා විය හැක. එහෙත් කෝට්ටේ රජ මහා විහාරයෙහි නා බෝධිය අසල බෝ කොටුව තුළ අනුරාධපුර යුගයට අයත් එක් නාගරජ මුරගලක් දක්නට ඇත. කෝට්ටේ සමයේදී ඉදි කරන ලද කිසිදු වාස්තු විද්‍යාත්මක ඉදි කිරීමක සැලකිය යුතු මට්ටමෙන් සාධක ඉතිරි වී නොමැත. යම් තරමක් හෝ ශේෂ සාධක දැක ගත හැක්කේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් සංරක්ෂණය කළ අලකේශ්වර මාලිගය, කොටු බැම්මෙහි සුළු සාධක බැද්දගාන කොටවෙහෙර දාගැබ් දෙක හා පිටකෝට්ටේ හන්දියෙහි ඇති ගල් අම්බලම ආදිය පමණි. රාජාවලිය හා මහා වංශය සඳහන් කරන පරිදි කෝට්ටේ වඩාත් ක්රමානුකූල වාස්තු විද්‍යාත්මක ඉදි කිරීම 6 වැනි පරාක්‍රමබාහු රජතුමා විසින් කරන ලද බව කියවේ. කෝට්ටේ සමයට අයත් වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඒවා වර්ග 03 කට බෙදා අධ්‍යනය කළ හැක. ඒවා නම් රාජකීය ආගමික සහ වෙනත් වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් යනුවෙනි. රාජකීය වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් යටතේ බලකොටුව රජ මාලිගය, අලකේශ්වර වාසල ආදිය අධ්‍යයනය කළ හැක. බලකොටුවක් යනු කිසියම් පාලක පැලැන්තියක් ආරක්ෂිතව වාසය කිරීම සඳහා ගොඩ නගා ගනු ලබන ආරක්ෂිත කලාපයයි. එබඳු කලාපයන් රටක හෝ ප්‍රදේශයක පාලන මධ්‍යස්ථානය වීමටද පුළුවන. ලංකාවේ කි‍්‍ර.පූ. 5 වැනි සියවසේ පමණ සිට මෙබඳු බලකොටු ගොඩ නගා තිබුණු බව මහා වංශයෙන් පැහැදිලි වේ. කෝට්ටේ බළකොටුවේ විශේෂත්වයක් වන්නේ එය ගොහොරු සහිත ප්‍රදේශයක ඉදි කිරීමයි. නිශ්ශංක අලකේශ්වර ප්‍රභූ රාජයා විසින් දරමගම සමීපයෙහි මහා විලෙහි මහ පවුරු වළල්ලෙන් හා දොරකොටු ආදියෙන් යුක්තව ජයවර්ධනපුරය ගොඩ නැගූ බව මහා වංශයේ සඳහන් වේ. කෝට්ටේ බලකොටුව අතීතයේ දී ශක්තිමත් ලෙසත් ක්රමානුකූල ලෙස මෙන්ම විසිතුරු ලෙසත් ගොඩ නගා තිබූ බව පැහැදිලිවේ. වර්ග සැතපුමකට නොඅඩු භූමි කලාපයක් වටකොට මෙම බලකොටුව ඉදි කොට තිබූ බව බලකොටුව වටා ගොඩ නගා තිබූ ආරක්ෂක පවුරු හා දිය අගල් සාධකවලින් පැහැදිලිය. ඇතුල් පවුර හා පිට පවුර වශයෙන් ප්‍රාකාර දෙකකුත් ඒවා හා සම්බන්ධ අගල් දෙකකුත් තිබූ බව පෙනී යයි. මෙම අගල් ජලයෙන් පිරී තිබුණි. පිට පවුර හා දිය අගලට වඩා ඇතුල් පවුරේ හා දිය අගලේ සාධක යම් ප්‍රමාණයක් ඉතිරි වී තිබේ. මෙම පවුරු සම්පූර්ණයෙන්ම සකසා තිබෙන්නේ කබොක් ගල් උපයෝගී කොට ගැනීමෙනි. ඒවා බැඳීම සඳහා හුණු මිශ්‍ර බදාමයක් භාවිත කොට ගෙන ඇත. වැඩි වශයෙන් මෙම ඉදිකිරීම් සඳහා කබොක් ගල් වර්ග දෙකක් උපයෝගී කොටගෙන ඇත. එක් වර්ගයක් විශාලය. ඒවායේ දිග සෙ.මි. 60 ක් වන අතර පළල සෙ.මි. 40 ක් හා ගණකම සෙමි. 18 කි. අනෙක් කබොක් ගලක දිග සෙ.මි. 45 කද පළල සෙ.මි. 30 හා ගණකම සෙ.මි. 18 කි. කෝට්ටේ කොටු බැම්ම ප්‍රාකාර බැම්ම අඩි 30 පමණ පළලකින් යුක්ත වන අතර උස අඩි 8 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ. ඇතුල් කෝට්ටේ පැරකුම්බා පිරිවෙන් භූමිය කොටුබැම්ම පාරේ සහ අංගම්පිටිය ප්‍රදේශයෙහි පවුරු කොටස් යම් තරමකින් ඉතිරි වී තිබෙන අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට තිබේ. කෝට්ටේ බලකොටුව තුළ ගොඩනගා තිබූ රජ මාළිගය පිහිටි ස්ථානය පිළිබඳව හෝ එහි වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් සාධක පිළිබඳව පුරාවිද්‍යාත්මක සාධක හමුනොවෙතත් ගුත්තිල කාව්‍යයේ එන තොරතුරු මෙන්ම සංදේශ සාහිත්‍යයේ එන තොරතුරු පිළිබඳව සිත් යොමු කිරීමේ දී ඉතා විසිතුරු රජ මාලිගාවක් කෝට්ටේ ඉදිව තිබූ බව සිතිය හැක. කෝට්ටේ සමයේදී නිකුත් කළ සන්නස් අතරින් 6 වැනි පරාක්‍රමබාහු රජතුමාගේ මහ සමන් දේවාල සන්නසෙහිත් 8 වැනි පරාක්‍රමබාහු රජුගේ කුඩුමිරිස්ස සෙල් ලිපියෙහිත් රජ මාලිගය වර්ණනා කොට ඇත්තේ -ජයවර්ධනපුර පුරවරයෙහි සුමංගල ප්රාසාදිමුඛ චිත්‍ර මණ්ඩපයෙහි සිංහාසනයෙහි සිරි නිවාස සහ වොටුනු සිව්සැට බරණින් සැදී යුවරජ ඇමැති ගණා පිරිවරා දේවේන්ද්‍ර ලීලාවෙන් වැඩහිඳ” යනුවෙනි. කෝට්ටේ නගරය තුළ කවර ස්ථානයක රජ මාලිගාව පිහිටා තිබුණේ දැයි කිව නොහැකි වුවත් දැනට ඇතුල් කෝට්ටේ පැරකුම්බා පිරිවෙනට නුදුරින් වූ ඇතුල්කෝට්ටේ සුසාන භූමිය යාබදව මාලිගාව තිබූ බව අනුමානාත්මකව හඳුනාගෙන ඇත. එය වර්තමානයේ මාලිගාවත්ත යනුවෙන් හඳුන්වනු ලැබේ. එහෙත් මාලිගාවට අයත් කිසිදු පුරා විද්‍යාත්මක සාධකයක් මෙම භූමියෙහි ඉතිරි වී නැත. මෙම භූමියෙන් සොයා ගත් වස්තු ගණනාවක් කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. ඒවා අතර අඩිතාලම් ගලක්, ජනෙල් පඩි කඳක්, හුණු ගලින් කළ කණුවක්, කැටයම් කළ දොර උලූවසු කොටසක් හුණුගල් ජනෙල් පඩියක්, ශෛලමය මකර හිසක්, ඍජුකෝණාශ්‍ර ගල් කුළුණක් හා උළු කැට ආදිය වේ. කෝට්ටේ පැරණි බලකොටුව තුළ මෙන්ම ඉන් පිටත පිහිටි ආගමික ගොඩනැගිලි අතර දළදා මාළිගය, කෝට්ටේ රජ මහා විහාරය විජයාරාම විහාරය සුනේත්රාදේවී පිරිවෙන ආදිය හඳුන්වා දිය හැකිය. කෝට්ටේ දළදා මැදුර පිහිටියේ යැයි ප්‍රදේශවාසීන් කල්පනා කරනුයේ වර්තමාන ඇතුල් කෝට්ටේ සුසාන භූමිය පිහිටි භූමියෙහිය. නමුත් දැනට එහි එක් ගල් කණුවක් හැර දළදා මාළිගය තිබූ බවට වෙනත් කිසිදු සාධකයක් ඉතිරිව නැත. මීට ප්‍රධාන වශයෙන් බලපාන්නට ඇත්තේ 1909 පුරාවිද්‍යා පාලන වාර්තාවේ සඳහන් මුහන්දිරම් ජේ. පොන්සේකාගේ විනාශ කිරීම වීමට පුළුවන. පෙර සඳහන් කළ පරිදි එම පුද්ගලයා දළදා මාලිගයට අයත් යැයි අනුමාන කෙරෙන මෙහි තිබූ ගොඩනැගිල්ලෙහි අත්තිවාරම් ගල් පවා ගලවා එම ස්ථානයෙන් ඉවත් කොට ඇත. සැළලිහිණියේ එන ආකාරයට කෝට්ටේ යුගයේ දී දළදා මැදුර මහල් තුනකින් යුතුව තිබූ බව පැහැදිලි වේ. මෙම සමය වන විට දළදා වහන්සේට රජවරුන් තුළ විශේෂ ගෞරවයක් තිබූ බැව් සංදේශ කාව්‍යවලින් පැහැදිලි වේ. මහා වංශයෙහි ද දළදා මාලිගාව පිළිබඳව තොරතුරු පහත අයුරින් ඉදිරිපත් කොට ඇත. -ඒ මිහිපති තෙම මුනීන්ද්රයන් වහන්සේගේ දළදාව උදෙසා තුන් මහල් මනරම් වු රුචිර දර්ශන ඇති ප්‍රාසාදයක් කරවා නවරත්නයෙන් මනාකොට බඳනා ලද රන් කරඬුවක්ද හෙද ඇතුල් කොට රන් කරඬුවක්ද කළේය. අතුල්‍ය වූ මහත් උතුම් කරඬුවක් ද කොට උතුම් කාන්තිමත් ස්වර්ණයෙන් ලේප කොට භව සුව හා නිවන් සුව පතන්නා වූ ඒ රජ තෙමේ ඒ උතුම් කරඬු සතරෙහි දළදාව වැඩුයේය” බැද්දගාන වෙහෙර කන්ද පිහිටියේ පැරණි කෝට්ටේ බලකොටු සීමාවෙන් මදක් බැහැරිනි. වර්තමානයේ ඊට අක්කර 2 යි රූඞ් 2 ක පමණ භූමියක් වෙන්ව ඇත. මෙම භූමිය 1948x12x19 දින පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගෙන ඇත. 1949 වර්ෂයේදී සෙනරත් පරණවිතාන මහතා විසින් මෙම ස්ථානය කැණීමට බඳුන් කරන ලද අතර එහිදී ඔහුට කුඩා ප්‍රමාණයේ පැරණි දාගැබ් දෙකක සාධක අනාවරණය කර ගැනීමට හැකි විය. කෝට්ටේ රජ මහා විහාරය වර්තමාන පිටකෝට්ටේ මං සන්ධියට නුදුරින් පිහිටා ඇත. එසේම එය පැරණි බලකොටු සීමාවට පිටතින් වූයේය. 18 වැනි සියවසේ ලියන ලද නම්පොතෙහි ජයවර්ධනපුර කෝට්ටේ ෂන්මුඛ දේවාලය හා ඔත් පිළිමගෙය යනුවෙන් සඳහන්ව ඇත්තේ මෙම විහාරය යැයි විශ්වාස කෙරේ. ඒ අනුව 18 වැනි සියවස පමණ වන විටත් මෙම විහාරය බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පත්ව තිබී ඇත. බොහෝ උගතුන්ගේ විශ්වාසය වන්නේ මෙය 6 වැනි පරාක්‍රමබාහු විසින් කරවන ලද්දක් බවය. ෂන්මුඛ දේවාලය පිහිටි ස්ථානය යැයි අනුමාන කරන ඉදිකිරීමක් කෝට්ටේ රජමහා විහාරයෙහි බුද්ධ ප්‍රතිමා ගෘහයේ ඉදිරිපස පවතී. ඊට අයත් බව සිතන ගල් කණු කිහිපයක්ද එම භූමියෙහිම තිබේ. මේ විහාර භූමිය අද කුඩා බිම් කොටසකට සීමා වී තිබුණ ද අතීතයේදී එය විශාල ප්‍රදේශයක පැතිර තිබූ බවට සාක්ෂි ඇත. මෙම විහාරස්ථානයේ පැවැති පැරණි දාගැබ 1909 වර්ෂය වන විටත් බලවත් ලෙස විනාශයට ගොස් තිබූ බව එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ එච්.සී.පී. බෙල්ගේ පාලන වාර්තාවෙන් පැහැදිලි වේ. දැනට විහාරස්ථානයේ ඇති බුද්ධ ප්‍රතිමා ගෘහය විහාර භූමියේ ඇති උසස්ම පූජනීය හා කලාත්මක වාස්තු විද්‍යාත්මක අංගයයි. මෙය පිලානේ බුද්ධරක්ඛිත තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය මලිගස්පේ මංගල ස්වාමීන් වහන්සේ විසින් ගොඩනගන ලද්දකි. විහාර ගෘහයේ වැඩ අවසන් කළ බව විශ්වාස කරනුයේ 1880 දී පමණය. 18 වැනි සියවසේ පහතරට විහාරස්ථානවල අඳින ලද සිතුවම් අතර ඉතා උසස් මට්ටමේ සිතුවම් මෙම විහාර ගෘහයෙහි දැකගත හැකිය. දේවධර්ම ජාතකය, මණිචෝර, චුල්ලපදුම, ක්ෂාන්තිවාදී, චදිරංගාර, කට්ඨාරි, සාම, සිවි, සීලවනාග ආදී ජාතක කතා කිපයකට අයත් සිතුවම් අන්තරාලය කොටසෙහි චිත්රණය කොට ඇත. මෙම විහාරස්ථානයේ ඇති නා බෝධිය ද ප්‍රදේශයේ ජනතාවගේ මහත් ගෞරවාදරයට ලක්වූ එකකි. විහාරස්ථානයකට අයත් බෝධිය ප්‍රධාන ප්‍රවේශ දොරටුවට මීටර් 200 පමණ දුරින් හුදකලාව පිහිටා ඇත. විහාරස්ථානයට නුදුරින් පිහිටා ඇති ආනන්ද ශාස්ත්‍රාලය භූමියෙහිද කෝට්ටේ සමයේ ඉදි කළ ගොඩනැගිලිවල සාධක සුළු වශයෙන් දැකගත හැකිය. මෙම පාසලෙහි ප්‍රධාන ප්‍රවේශ දොරටුවට වම් පසින් කබොක් ගලින් බඳින ලද පැරණි ගොඩනැගිලි පාදමක් දක්නට ඇත. මෙය කෝට්ටේ සමයෙහි භික්ෂූන් වහන්සේලා පොහෝ පවුරුණු කිරීම සඳහා භාවිත පොහොය ගෙය යයි අනුමානයක් පවතී. මෙය ඉතා අලංකාර ලෙස එකල ඉදි කොට තිබූ බව සංදේශ කාව්‍ය වල එන කවි වලින් පැහැදිලිවේ. බැද්දගාන වෙහෙරකඩ ස්ථූප විජයරාම විහාරස්ථානය කෝට්ටේ පැරණි බලකොටුව මදක් බැහැරින් ඊට දකුණු දිශාවෙන් පිහිටියේය. කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ නුගේගොඩ හා මහරගම නගර අතර විජයාරාම හන්දියෙන් මීටර් 200 පමණ උඩහමුල්ල මාර්ගය පසෙක මෙම විහාරය පිහිටා ඇත. අක්කර 8 ක භූමි ප්‍රදේශයක් වර්තමානයෙහි මෙම විහාරස්ථානයට අයත් වේ. ජන ව්‍යවහාරයෙහි සඳහන් වන පරිදි විජයාරාම විහාරය කෝට්ටේ රජ කළ 7 වැනි විජයබාහු රජු විසින් ගොඩ නගන ලද්දකි. එහි කැටයම් සහිත පැරණි ගල් උළුවස්සේ කොටසත්, ගල් කණු කබොක් ගල් නිර්මාණ ආදී බොහෝමයක් එම යුගයට අයත් වේ. මෙම උලූවස්සේ දැනට ඉතිරිව ඇත්තේ උඩ බාල්ක කඳ පමණි. ග්‍රැනයිට් ගලින් නිමි මෙය අඩි 4 යි අඟල් 8 ක් දිග වන අතර උලූවසු කඳේ ගණකම අඩි 1 යි අඟල් 4 කි. මෙහි පිටදාරය වටා අලංකාර පළාපෙති මෝස්තරයකි. උඩලිපතේ හරි මැදින් අලංකාර කිහිඹි මුහුණකි. එම මුඛය තුළින් දෙපසට විහිදෙන මකරුන් දෙදෙනෙකි. උන්ගේ මුඛවලින්ද දෙපසට අලංකාර ලියවැල බැගින් විහිදේ. මකරුන් දෙදෙනාට මැදිව පෙති 8 කින් යුතු නෙලූම් මලකි. මෙම නිර්මාණ කෝට්ටේ යුගය නියෝජනය කරන දුර්ලභ වුත් අතිශය කලාත්මක වූත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකිය. මෙය ආරක්ෂා කර ගැනීම අපගේ කාලීන වගකීමක් වන බව සඳහන් කළ යුතුය. මෙම විහාරය කෝට්ටේ රාජධානිය සිංහල පාලනයෙන් ගිලිහීයාමත් සමග පෘතුගීසි හා ලන්දේසීන්ගේ කොල්ලකෑමට හා විනාශ කිරීම් වලට ලක්වන්නට ඇත. පැපිළියාන සුනේත්රාදේවී රජමහා විහාර භූමියෙහි හා සුනේත්රාදේවී පිරිවෙන් භූමියෙහි කෝට්ටේ සමයට අයත් වන ගල් කණු උළුවහු කඳන් වෙනත් ගල් කුට්ටි සහ කබොක් ගල් තැන් තැන්වල විසිර පවතින අතර මේවා අතීතයේදී ගොඩනැගිලි ඉදි කිරීම සඳහා භාවිතා කරන ලද ඒවා වේ. කෝට්ටේ අවසාන සමයෙහි ඇතිවු පෘතුගීසි ලන්දේසි ප්‍රහාර වලින් මේවා විනාශ විය. සුනේත්රාදේවී රජ මහා විහාර භූමියෙහි ඇති 19 වැනි සියවසෙහි ඉදි කරන ලද විහාර ගෘහයේ ප්‍රතිමා මෙන්ම චිත්‍ර උසස් කලාත්මක අගයකින් යුක්තය. එහි ඇති සැතපෙන බුද්ධ ප්‍රතිමාව මෙම ප්‍රදේශයේ ඇති විශාලතම සැතපෙන පිළිමය ලෙස සැලකිය හැක. සුභද්‍රාරාම අතුල රජ මහා විහාරය අවිස්සාවේල්ල මාර්ගයෙහි නුගේගොඩ හා දෙල්කඳ අතර ගම්සභා හන්දියට මීටර් 200 පමණ නුදුරින් පිහිටියේය. 18 වැනි සියවසේදී ලියැවුණු නම්පොතෙහි මෙය සුභද්‍රාරාමය යනුවෙන් හඳුන්වා ඇත. මෙම විහාරයේ ආරම්භය පිළිබඳව පැහැදිලි සාධක නැතත් ජනප්‍රවාදවලට අනුව 6 වැනි පරාක්‍රමබාහු රජුගේ සුභද්‍රා නම් බිසවකගේ නමින් කරවා ඇත. මෙම විහාරස්ථානයෙහි කෝට්ටේ හෝ මහනුවර යුගවල ඉදි කළ වාස්තු විද්‍යාත්මක ඉදිකිරීමක පැහැදිලි සාක්ෂි හමු නොවේ. මෙහි වර්තමාන විහාර භික්ෂු පරපුර 1840 දී පමණ ආරම්භ වූ බවට සාධක ඇත. වෙනත් වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් යටතේ ආගමික නොවන කෝට්ටේ සමයේ දී ඉදි කළා යැයි විශ්වාස කෙරෙන උමග, ගල් අම්බලම සහ මෑත කාලයේ ඉදි කළ ජුබිලි කණුව ආදිය දැක්විය හැක. ආනන්ද ශාස්ත්‍රාලය භූමියෙහි ප්‍රධාන ප්‍රවේශ දොරටුවට දකුණු පසින් පිහිටි කබොක් ගලක් පොළව මට්ටමේ සිට මැදින් කුට්ටියක් ඉතිරි වන සේ ඒ වටා අඩි 6 පමණ යටට කපා එහි නැගෙනහිර මුහුණත අඩි 3 ක් පමණ උස හා එපමණම පළල විවරයක් වන සේ පොළව යටට ගිලෙන උමගක ද්වාරය සකසා තිබේ. විවරයේ ඉහළ කෙළවර අර්ධ කවාකාර වන අතර එම විවරයට ඉහළින් වූ කබොක් ගල් කොටසෙහි සරල මකර තොරණක් කැටයම් කොට ඇත. එහෙත් දැන් මෙම මකර තොරණේ මූලික හැඩය මිස එහි සම්පූර්ණ ලක්ෂණ ඉතිරිවී නැත. ජනප්‍රවාදවලට අනුව මෙය අතීතයේදී කෝට්ටේ රජමාලිගය දක්වා පොළොව යටින් විහිදි තිබී ඇත. මෙසේ සැලකිය යුතු ප්‍රමාණයක් කෝට්ටෙ ප්‍රදේශයේ පෞරාණික ස්මාරක තිබෙන අතර කෝට්ටේ සමය පිළිබඳ අධ්‍යනයේ දී කොළඹ සහ කෝට්ටේ කෞතුකාගාගාරවල ඇති පුරාවස්තු ද ඉතා වැදගත් වේ. කොළඹ කෞතුකාගාරයේ ගලින් කළ නිර්මාණ ගණනාවක්ම ඇත. එම කෞතුකාගාරයේ ඇති කෝට්ටේ හා තදාශ්රිත ප්‍රදේශ වලින් හමුවූ පුරාවස්තු පිළිබඳ වාර්තාවක් ඩග්ලස් රණසිංහ මහතා විසින් ඒ අසිරිමත් කෝට්ටේ නම් ග්රන්ථයෙහි ඉදිරිපත් කොට ඇත. මේ හැර කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය ඉතා වැදගත් තැනක් ගනී. මෙම කෞතුකාගාරය පිටකෝට්ටේ හා ඇතුල්කෝට්ටේ නගර අතර පිහිටුවා ඇත. 18, 19 සියවස්වල දී භාවිත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අයත් වස්ත්‍ර මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. මේ හැර කෝට්ටේ සොහොන්වල තිබී හමු වූයේ යැයි කියන පෘතුගීසීන්ගේ රන්වන් කැරළි සහිත කෙස් වැටි කිහිපයක්ද වේ. මේ හැර කෝට්ටේ පැරකුම්භා පිරිවෙන් භූමියෙහිද කෝට්ටේ සමයට අයත් ශිලාමය නිර්මාණ කීපයක්ද දැකගත හැකිය. ජුබිලි කණුව නුගේගොඩ කෝට්ටේ සහ මිරිහාන යන මාර්ග එකිනෙකට සම්බන්ධ වන තුන්මං හන්දියක පිහිටා ඇත. වර්තමානයේ මෙම මංසන්ධිය ජුබිලි කණුව හන්දිය නමින් ප්‍රසිද්ධව ඇත. 1837 සිට බි්රතාන්යයේ මහ රැුජින ලෙස කටයුතු කළ වික්ටෝරියා රාජිණියගේ රාජ්‍ය පාද ප්‍රාප්තිය සිදුවී වසර 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 1887 දී ලංකාවෙහි විවිධ ප්‍රදේශවල උත්සව පවත්වා ඇත. එම ජුබිලිය සමරණ විශේෂ උත්සවයක් මෙම ස්ථානයෙහිද තිබී ඇති අතර එය සිහිකරනු පිණිස අඩි 5 ක් පමණ උස ගල් කණුවක් එහි සිටුවා ඇත. මෙම ගල් කණුවේ ඉංග්‍රීසි සහ සිංහල භාෂාවෙන් එම තොරතුරු වාර්තා කොට තිබෙන අතර එම සමරු ස්ථම්භය පිහිටුවීම සඳහා මූලිකත්වය ගත්තවුන්ගේ නම් පෙළක්ද සඳහන්වේ. ඒ අතර ඉංග්‍රීසි සහ සිංහල ජාතිකයන්ගේ නම් වෙයි. මෙම ගල් කුළුණ දැනට එම මංසන්ධියෙහි ආරක්ෂිතව පවතී. මෙම තොරතුරු සපයා දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ආචාර්ය බණ්ඩාරගම සුනන්ද එරංග මහතාට විශේෂ ස්තුතිය. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 28 Feb 2016 01:53 AM Posted By sha733 on 27 Feb 2016 08:51 PM ස්ටන් එක මට විශ්වකෝෂය අතට ලැබුණා වගේ නැති දෙයක් නැහැ නොවැ මේ වැදගත් ලිපියත් ගෙන ආවට බොහොමත්ම ස්තූතියි අක්කේ විශ්වකෝෂය නෙවෙයි මලෝ. ඊට වඩා වස්තු සම්භාරයක් අතට ලැබුණත් ඒකෙ අගය නොදන්නා කෙනා හරියට පාවිච්චි කරන්නේ නැත්නම් වැඩක් නැහැ. මේ වගේ තැනක් නිවැරදිව පාවිච්චි කරන කෙනාට ලද හැකි දේ බොහෝයි. මේ පළවන ලිපි හැමෝම කියවනවද කියලත් මට නම් සැකයි. කොමෙන්ටුවක් වත් වැටෙන්නේ නැහැ කොච්චර වැදගත් දෙයක් තිබුණත්. අඩුම තරමේ එහෙම දෙයක් පලකරන කෙනා දිරිමත් කිරීම හරි අපේ යුතුකමක්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sha733Super Senior MemberPosts:7332 27 Feb 2016 08:51 PM ස්ටන් එක මට විශ්වකෝෂය අතට ලැබුණා වගේ නැති දෙයක් නැහැ නොවැ මේ වැදගත් ලිපියත් ගෙන ආවට බොහොමත්ම ස්තූතියි අක්කේ isurusamSuper Senior MemberPosts:7342 27 Feb 2016 05:32 PM තැන්ක්ස් මේ තොරතුරු අපිත් එක්ක බෙදා හදා ගන්නවට රෝසි අක්කේ RosiSuper Senior MemberPosts:5335 27 Feb 2016 11:57 AM කෝට්ටේ රජමැඳුරේ අපූරු සත්‍ය ප්‍රේම කතාවක් කෝට්ටේ රාජධානිය පිහිටු වූ සවැනි පරාක්‍රමබාහු රජු (1412 – 1467) කෝට්ටේ මෙන් ම ශ්‍රී ලංකාවේද රජ කළ ශ්‍රේෂ්ඨ ම රජවරුන් කීපදෙනාගෙන් එක් අයෙකි. අවසාන වරට මුළු ශ්‍රී ලංකාව ම එක්සේසත් කළේ මේ රජතුමා ය. මුළු ලංකාව ම එක්සත් කර පිටරටවල් සමඟ යුද්ධ තුනක් කර ජය ලබා අවුරුදු 55 දිගු කාලයක් ඔහු රටේ සාමයෙන් රජ කළේ ය. එමෙන් ම ඔහු කළ රටේ විශාල ආගමික සංස්කෘතික සාහිත්‍ය ප්රබෝධයක් මතු විය. පැරැණි ශිලා ලිපි අතර කුඩා අකුරින් ලියා තිබී මහාචාර්ය පරණවිතාන කියවූ සවැනි පරාක්‍රමබාහු රජුගේ වංශාවලි සටහන්වලින් හය වැනි පරාක්‍රමබාහු රජු හා ඒ පරපුරේ යටගියාව ගැන වංශකතාවල නොඑන වටිනා සත්‍ය තොරතුරු එළිවෙයි. මේ ඒ තොරතුරුවලින් හෙළිවෙන හය වැනි පරාක්‍රමබාහු රජු - රජුගේ එක ම දියණිය වූ ලෝක නාථා හා බෑනා වූ සුන්දර පාණ්ඩ්‍ය කුමරු ගැන එක් අනුවේදනීය කතාවකි. ඒ වනවිට අද මැලේසියාව ලෙස මුස්ලිම් බලය පැතිර ඇති රට එදා බෞද්ධ බලය වූ සිංහල රජ පරපුරුවලට නෑදෑකම් ඇති මලය රාජ්‍යය නමින් ප්‍රකට විය. තරුණ වයස වනවිට සවැනි පරාක්‍රමබාහු කුමරු හැඳුණේ වැඩුණේ ඈත පෙරදිග මලය රාජ්‍යයේ දී ය. 1410 චීන ආධාර ඇතිව ලංකාවට අවුත් ඔහු රජ විය. ඒ වනවිට රට මැද තිබූ දැදිගම රාජ්‍යයේ ඪකුර රජුගේ දූ වූ ස්වර්ණමාණික්ය හෙවත් රන්මැණිකා කුමරිය සවැනි පැරකුම්බා රජුගේ අගබිසව විය. ‘රාජාවලිය’ වංශකතාවේ කීරවැල්ලේ කුමරිය ලෙස හඳුන්වන්නේ මේ ස්වර්ණමාණික්‍යා බිසවයි. සවැනි පරාක්‍රමබාහු රජුට දාව ස්වර්ණමාණික්‍යා බිසවට පළමුව ලැබුණේ ‘පුරන්දර’ නම් පුත් කුමරෙකි. එහෙත් පුරන්දර කුමරු කුඩා කලම අකාලයේ මළේ ය. ස්වර්ණමාණිඛ්යාට දෙවනුව ලැබුණේ දූ කුමරියකි. අපේ වංශ කථා හා සාහිත්‍ය ග්‍රන්ථවල මේ කුමරිය නම් තුනකින් හඳුන්වයි. (ශ්‍රී රාහුල හිමි ලියූ සැළලිහිණි සංදේශයේ ඇය ‘උලකුඩය) දේවිය ලෙස දක්වයි. සීතාවක කල ලියවුණු ‘අලකේශ්වර යුද්ධය’ වංශකතාවේ ඈ ලෝකනාථා හා උලකුඩය දේවී යන නම් දෙකින් ම දක්වයි) රජගේ මේ එක ම දූ කුමරිය චන්ද්‍රාවතී - ලෝකනාථා - උලකුඩය දේවී යන නම් තුනෙන් ම හඳුන්වා ඇත. මේ කුමරිය තැරුණ වියට පත් කල විවාහ කරදීමට සුදුසු කුමරෙකු සොයා ගැනීම අතිශය දුෂ්කර කරුණක් විය. හේතුව මේ වනවිට ලංකාවේ රජකම සඳහා පාණ්ඩ්‍ය හා සවුළු (මැලේ හෙවත් ජා) රජ පරපුරු අතර පැවති උග්‍ර ගැටුමයි. එක් පරපුරක කුමරෙකුට ඈ පාවා දුන්නොත් අනෙක් පරපුර හා ඔවුන්ගේ විශාල අනුගාමික පිරිස එයට විරුද්ධ වන බැවිනි. මේ අනුව හයවැනි පරාක්‍රමබාහු රජු පාණ්ඩ්‍ය හා සවුළු යන රාජ පාරම්පරා දෙකටම අයිති රජකුමරෙකු තම දියණිය පාවාදීමට සෙවීමට විය. ඒ මඟින් පාණ්ඩ්‍ය හා සවුළු යන රජ පරම්පරා දෙකේ ගැටුම නතර වන බව රජු කල්පනා කළේ ය. කලක් යනවිට පැරකුම්බා රජුට රජ පරම්පරා දෙකට ම සම්බන්ධ රජකුමරෙකු ගැන තොරතුරු හමු විය. ඒ අම්බලන්තොට රාජධානියේ සුන්දර පාණ්ඩ්‍ය කුමරු ය. (සැළලිහිණි සන්දේශයේ තන්නුර් තුනයාර් ලෙස දක්වනුයේ ඔහු ය) හයවැනි පැරකුම්බා රජුගේ දූ වූ චන්ද්‍රාවතී කුමරු දුටු සුන්දර පාණ්ඩ්‍ය කුමරු චන්ද්‍රාවතී සමඟ ප්‍රේමයෙන් බැඳී විවාහ තීන්දුවට ආවේ ය. මේ අතරතුර හදිසියේ ඔහුට ඈත පෙරදිග මලය රාජ්‍යයට යෑමට සිදු විය. හේතුව ලංකාව හා මලය රාජ්‍යය රජ පරපුරු අතර නිරන්තර සම්බන්ධතා තිබීමයි. සුන්දර පාණ්ඩ්‍ය කුමරු මලය රටට ගොස් කලක් ගත වනවිට මලය රාජ්‍යයේ රජුගේ දුව වූ සුන්දරී කුමරිය ඔහුට හමු විය. සුන්දර පාණ්ඩ්‍ය කුමරුට ලංකාවේ චන්ද්‍රාවතී කුමරිය අමතක විය. ඔහු මලය රට රජුගේ දූ වූ සුන්දරි කුමරිය සමඟ ප්‍රේමයෙන් වෙලී එහි ජීවත්විය. කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජුට මේ සිද්ධිය සැලවී බෙහෙවින් කලබල විය. සුන්දර පාණ්ඩ්‍ය කුමරු වහාම ලංකාවට එවන ලෙස සවැනි පරාක්‍රමබාහු රජු මලය රජුට හසුනක් යැවීය. එහෙත් සුන්දර පාණ්ඩ්‍ය කුමරු ලංකාවට ආවේ නැත. ඉන්පසු කෝට්ටේ රජු අම්බලන්තොට විසූ සුන්දර පාණ්ඩ්‍ය කුමරුගේ පියා වූ මහින්ද කුමරුට හසුනක් යැවීය. එය ද නිෂ්ඵල විය. දැන් චන්ද්‍රාවතී කුමරිය වියෝගයෙන් තැවෙයි. ලංකාවේ රාජ පරම්පරා දෙකටම සම්බන්ධ චන්ද්‍රාවතී කුමරියට විවාහ පොරොන්දු දී ඒ අමතක කර මලය රටට වී තම අණට අකීකරුව මලය රටේ රජුගේ දූ හා ප්‍රේමයෙන් වෙලී සිටීම නිසා කෝට්ටේ රජුට සුන්දර පාණ්ඩ්‍යගේ ක්‍රියා කලාපය මදි පුංචි කමක් විය. සවැනි පරාක්‍රමබාහු රජු මලය රටට යෑමට හමුදාවක් හා නැව් සමූහයක් සූදානම් කළේ ය. නාවුක හමුදාව සමඟ හයවැනි පරාක්‍රමබාහු රජු තම එක ම දූ කුමරිය ද කැටුව මලය රටට යෑමට සූදානම් විය. සැතපුම් දහස් ගණනක් ඈත සැඬ කුණාටු සහිත දරුණු මුහුදේ දිගු කලක් නැව් හමුදාවක් සමඟ යෑම ඉතා අන්තරාදායක කාර්යයක් විය. රජු සමඟ සියුමැලි රාජකුමරිය ද රැගෙන යෑමට ඔහුට අවශ්‍ය විය. (මෙහිදී සවැනි පැරකුම්බා රජු ළඟ කුඩා කල සිට ම පුතෙකු ලෙස හැදුණු වැඩුණු මේ වනවිට තොටගමුවේ ශ්‍රී රාහුල නමින් පැවිදි ව සිටි හිමි පැරකුම්බා රජු හා දූ කුමරිය යන දීර්ඝ මුහුදු ගමනේදී මුහුදට අධිපති උපුල්වන් හෙවත් වරුණ දෙවිඳුගේ පිහිට පතා පරෙවි සන්දේශය ලිවීය. චන්ද්‍රාවතී කුමරියට සුදුසු සැමියෙකු සොයාදෙන ලෙස පරෙවියා උපුල්වන් දෙවිඳුගෙන් අයදියි) නැව් හමුදාව සමඟ මලය රටට ගිය කෝට්ටේ සවැනි පරාක්‍රමබාහු රජු සටන් වැද මලය රට රජු පරාජය කර ජයග්‍රාහීව රටට ඇතුළු විය. එහිදී චන්ද්‍රාවතී කුමරිය දුටු සුන්දර පාණ්ඩ්‍ය කුමරු යළිත් ඇය හා ආදරයෙන් බැඳුණේ ය. මේ අතරතුර මලය රට රජුගේ දූ වූ සුන්දරී එරට වෙනත් රජ කුමරෙකුට විවාහ කර දෙන ලදී. මලය රට විජයග්‍රහණය කළ කෝට්ටේ සවැනි පරාක්‍රමබාහු රජු චන්ද්‍රාවතී කුමරිය හා සුන්දර පාණ්ඩ්‍ය කුමරු නාවුක හමුදාව කැටුව ලංකාව බලා පිටත් විය. විජයග්‍රාහීව ආපසු ලංකාවට ආ කෝට්ටේ සවැනි පරාක්‍රමබාහු රජු මහත් උත්සවයක් මැද ඉතා ශුභ හෝරාවකින් ක්‍රි.ව. 1448 අප්‍රේල් 10 බදාදා උදෑසන 6.45 ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේ දී සුන්දර පාණ්ඩ්‍ය කුමරු හා ලෝකනාථා කුමරිය අතර විවාහය සිදු කළ බව ශිලා ලිපි පාඨ වල එයි. වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්.කේ. ජයවර්ධන indika76Most Senior MemberPosts:10449 24 Jan 2016 06:41 PM Posted By Rosi on 23 Jan 2016 01:18 PM මානය නිසා මඩ ගොහොරුවේ ගිලී මිය යයි දැනට අවුරුදු තුන්සීයකට පමණ පෙර අප ගම් ප්‍රදේශයේ සිදු වූ සත්‍ය සිද්ධියක් මේ කතාවට පසුබිම් වෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර පිහිටි මේ ගම අදට වඩා බෙහෙවින් සිසිල් හා ජල දහරාවන්ගෙන් වර්ෂාවෙන් පෝෂණීය විය. ගම මැද තැනින් තැන තිබුණු කුඹුරු එදා නිතර ජලයෙන් පිරී තෙතබරි විය. ජලය බහුල ඇතැම් කුඹුරුවල කිසිදා ජලය බැස යෑමක් සිදු වූයේ නැත. තෙත් කිරිමැටි මිශ්‍ර ජලය පිරුණු ඇතැම් කුඹුරු කොටස් පල්කඩ හෙවත් එරුම්කඩ ලෙස ගැමි ව්‍යවහාරයේ භාවිත විය. මේ පල්කඩ නැත්නම් එරුන්කඩවලට සී සෑමට මී හරක් යෙදුවේ නැත. උන් ගොඩගත නොහැකි බැවිනි. ගොයම් කැපීමට - නෙළීමට කාන්තාවන් - ගොවීන් බැස්සේ ද නැත. නියරවල් හරහා ලෑලි යොදා ඒ මත සිට ගොයම් සිටුවීම - කැපීම සිදු විය. හේතුව මඩකඩිති බෙහෙවින් ගැඹුරු බැවිනි. පල්කඩේ යන වාසගම රැගත් ගෙවල් හා පෙළපත් අදත් ඇත. එදා එක් රදළ පවුලක තරුණ කාන්තාවක් කුඹුරේ ගොයම් නෙළමින් සිටියාය. නියර පුරා පිරී ගිය වතුරට බැස ගොයම් සිටු වූ ඇය ටිකෙන් ටික ජලය වැඩි මඩ ගොඩ දෙසට ඇදුණාය. ගැඹුරු මඩකඩිති පැතිරී ගොස් කුඹුර වසාගෙන පැතිර තිබුණු බව ඇය නොදැක සිටියාය. දණිහ තෙක් ජලයේ එරෙන විට හාත්පස බලා ඈ ශබ්ද නඟා කෑගසන්නට වූවාය. ඇගේ කෑගැසීම කුඹුරු යාය මත්තේ දෝංකාර දුන්නේය. ඒ කිට්ටු වෙල් යායක ගමේ ම මැදිවියේ අයෙක් කුඹුර කොටමින් සිටියේය. ඔහු ගමේ පහත් යැයි සැලකූ කුලයකට අයිති විය. තරුණියගේ කෑගැසීමේ හඬ අසා ඔහු දුවවිත් උදවු ඉල්ලා කෑගසමින් උකුළ තෙක් ඒ වන විට දියේ මඩේ ගිලිමින් සිටි තරුණිය දෙසට අසල වූ ලී කොටයක් මඩට දමා බේරා ගන්නට සූදානම් විය. කුල මානයෙන් ඉදිමී ගිය ඇය තමා දෙසට ළං නොවන ලෙස උදවුවට ආ මැදිවියේ මිනිසාට කෑගසමින් කීවාය. ඔහු දෙඅත් හිස මත තබාගෙන යළිත් උදවු ඉල්ලා ගමේ අයට ඇසෙන සේ හූ හඬ නඟන්නට විය. ඔහුගේ හූ හඬ ඇසී ගම්මුන් කීපදෙනෙකු එරුම්කඩය දෙසට එන විට ඇය මුළුමනින් මඩ වගුරේ ගිලී අතුරුදන්ව සිටියාය. ඇය ගිළුණු ස්ථානය හඳුනා ගැනීමට නොහැකි තරම් වේගයෙන් කුඹුරේ පිරී තිබුණු ජලය තැනින් තැන බුබුළු දමමින් මඩ ගොහොරුව වසාගෙන පැතිර ගියේය. වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්. කේ. ජයවර්ධන දැනටත් අපේ ගම්වල වයසට උදවිය ලග මේ ගතිය තියෙනවා... තරුණ උදවිය නම් කුල මල භේද එතරම් සලකන්නේ නැහැ.. ChandimaAdvanced MemberPosts:509 24 Jan 2016 06:39 PM thanks for shairing PoddiVeteran MemberPosts:2100 24 Jan 2016 03:42 AM Posted By Rosi on 23 Jan 2016 01:18 PM නොඉවසිලිවන්ත මේසන් බාස් වයඹ පළාතේ බිංගිරියට ආසන්න ගමක විසූ නිමල් බාස් උන්නැහේ ප්‍රදේශයේ නමගිය මේසන් බාස් කෙනෙකි. සහජයෙන් ම බොහෝ කලබලකාරී ගතිපැවතුම් වලින් හෙබි ඔහු යම් තැනක වැඩක් පටන් ගතහොත් නොඉවසිල්ලෙන් ඉතා ඉක්මනට කරගෙන යෑම ස්වභාවය විය. ඒ ඊළඟ වැඩය අල්ලාගැනීම සඳහාය. ඔහුගේ මෙම ඉක්මන්කම නිසා බොහෝ තැන්වලදී එම වැඩය නිසි පරිදි ඉටුනොවේ. ලඹ කැටය හෝ මට්ටම්ලෑල්ල භාවිතා නොකර බිත්ති බැඳීමෙන් බිත්ති ඇදවී සමහර අවස්ථාවල ඒවා කඩා නැවත බැඳීමට ද සිදුවිය. මේ නිසා ඔහුට වැඩ බාරදීම ද බොහෝ දෙනා අත්හැරියහ. මේ අතර මේ කිසිවක් නොදත් පුද්ගලයෙක් ඔහුගේ නිවෙසේ වැසිකිළිය සෑදීමට ඔහුට බාර දුන්නේය. අත් උදවුකරුවන් ලවා වලද ගෙපළ ද කප්පවා ගත් නිමල් බාස් ඔවුන් ළවාම බදාම ද සකස්කරගෙන ගඩොළු හා කළුගල් ද තමා ළඟට ගෙන්වා ගත්තේ වැසිකිළිය කඩිනමින් සෑදීම සඳහාය. ඔහු වැසිකිළියේ අත්තිවාරම කළු ගලෙන් දමා බිත්ති බැඳගෙන ගියේ නොඉවසිල්ලෙනි. ලඹ කැට හෝ මට්ටම් ලෑලි කිසිවක් භාවිතයට නොගෙන කඩිනමින් වැසිකිළියේ හතරවටේ බිත්ති බැඳගෙන ගියද වැසිකිළියට යෑමට දොරක් තැබීමට ඔහුට අමතක වූයේ හදිස්සිය නිසාය. ගෙහිමියා ඇවිත් බලන කල වැසිකිළියට ඇතුළුවීමට දොරක් නොමැති බව දුටුවේය. “ඈ බාස් උන්නැහේ, වැසිකිළියට ඇතුල් වන්නේ කොහෙන්දැයි” විමසද්දී නිමල් බාස්ට හීන් දහඩිය දැම්මේ තමාගේ හදිස්සිය නිසා එයත් අමතක වූ බැව් ඒත්තු යෑමෙනි. වහාම එක් පැත්තකින් බැඳ තිබූ බිත්ති කැඩූ නිමල් බාස් වැසිකිළි දොර නැවත සකස් කළේ අන්‍යයන්ගේ සමච්චල් සිනහ හඬ මධ්‍යයේය. ඡන්දෙ දුන්නෙ පුටුවට මෙය එක්දහස් නවසිය පනස් දෙකේ වර්ෂයේ ලංකාවේ පැවැති දෙවැනි මහා මැතිවරණයේදී බිංගිරිය ප්‍රදේශයේ උඩවෙල රජයේ මිශ්‍ර පාඨශාලාවේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිදුවූ සිද්ධියකි. මෙම මැතිවරණයේදී බිංගිරිය ආසනය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින් අපේක්ෂකයෝ දෙදෙනෙක් ඉදිරිපත් වූහ. එක් අපේක්ෂකයෙකුගේ ඡන්ද සලකුණ 'අලියා' වූ අතර පක්ෂයේ පාට කොළ පාටය. අනෙක් අපේක්ෂකයාගේ ඡන්ද සලකුණ 'පුටුව' වූ අතර එම පක්ෂයේ පාට රතුපාට විය. මැතිවරණ දිනයේදී මෙම අපේක්ෂකයන් දෙදෙනාට ඡන්දය දැමීමට මහජනතාව උදේ සිටම වැලනොකැඩී පාසල වෙත ඇදී ආහ. පාසලේ ප්‍රධාන ශාලාවේ ඡන්දය දැමීම සිදුවූ අතර ඡන්ද පෙට්ටිය තබා තිබුණේ කුඩා මේසයක් මතය. ඒ අසලම පුටුවක් ද විය. ඡන්ද නිලධාරීහු සියල්ලෝ ම ලහි ලහියේ තම තමන්ගේ රාජකාරි කටයුතුවල නිරතව සිටියහ. ගැහැනු, පිරිමි දෙපිරිසම පෝලිමේ විත් තමන් කැමැති අපේක්ෂකයා ඉදිරියේ ඇති කොටුවෙහි කතිරය ගසා කාඩ්පත පෙට්ටියට දමා යන්නට ගියහ. එදා රතු බළකොටුවක්ව පැවති බිංගිරිය ආසනයට තරග වැදුණු 'පුටුව' සලකුණ හිමි අපේක්ෂකයා මුළු ප්‍රදේශයේ ම ජනතාව පිළිගත් සමාජ සේවකයෙකි. ජනතාව තම ඡන්දය දමන අතරතුර හැරමිටි වාරුවෙන් ඉතා අපහසුවෙන් ඡන්දය දැමීමට ආ මහලු කාන්තාවකට ඡන්ද නිලධාරීහු ඡන්ද කාඩ්පත දුන්හ. ඇය එහි කිසිවක් සලකුණු නොකර එය ඡන්ද පෙට්ටිය අසල තිබූ 'පුටුව' මත තබා යෑමට සැරසුණාය. ඡන්ද කාඩ්පතේ ඡන්දය සලකුණු කොට එය ඡන්ද පෙට්ටියට දමන ලෙස නිලධාරින් ඇයට කෙතෙක් ඇවටිලි කළද 'මම මහත්තයො, ඡන්දෙ දෙන්නෙ පුටුවට' යැයි පවසමින් ඇය කාඩ්පත පෙට්ටියට නොදමන ලෙස තරයේ පවසමින් 'මගෙ ඡන්දෙ පුටුවට' යැයි කිහිපවරක් ම පවසා ඡන්ද කාඩ්පත අසල තිබූ 'පුටුව' උඩ තබා යන්නට ගියාය. (මෙය සත්‍ය සිදුවීමකි.) විශ්‍රාමලත් ආචාර්ය ඩී.එන්. දිසානායක කොස්වත්ත - බිංගිරිය මානය නිසා මඩ ගොහොරුවේ ගිලී මිය යයි දැනට අවුරුදු තුන්සීයකට පමණ පෙර අප ගම් ප්‍රදේශයේ සිදු වූ සත්‍ය සිද්ධියක් මේ කතාවට පසුබිම් වෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර පිහිටි මේ ගම අදට වඩා බෙහෙවින් සිසිල් හා ජල දහරාවන්ගෙන් වර්ෂාවෙන් පෝෂණීය විය. ගම මැද තැනින් තැන තිබුණු කුඹුරු එදා නිතර ජලයෙන් පිරී තෙතබරි විය. ජලය බහුල ඇතැම් කුඹුරුවල කිසිදා ජලය බැස යෑමක් සිදු වූයේ නැත. තෙත් කිරිමැටි මිශ්‍ර ජලය පිරුණු ඇතැම් කුඹුරු කොටස් පල්කඩ හෙවත් එරුම්කඩ ලෙස ගැමි ව්‍යවහාරයේ භාවිත විය. මේ පල්කඩ නැත්නම් එරුන්කඩවලට සී සෑමට මී හරක් යෙදුවේ නැත. උන් ගොඩගත නොහැකි බැවිනි. ගොයම් කැපීමට - නෙළීමට කාන්තාවන් - ගොවීන් බැස්සේ ද නැත. නියරවල් හරහා ලෑලි යොදා ඒ මත සිට ගොයම් සිටුවීම - කැපීම සිදු විය. හේතුව මඩකඩිති බෙහෙවින් ගැඹුරු බැවිනි. පල්කඩේ යන වාසගම රැගත් ගෙවල් හා පෙළපත් අදත් ඇත. එදා එක් රදළ පවුලක තරුණ කාන්තාවක් කුඹුරේ ගොයම් නෙළමින් සිටියාය. නියර පුරා පිරී ගිය වතුරට බැස ගොයම් සිටු වූ ඇය ටිකෙන් ටික ජලය වැඩි මඩ ගොඩ දෙසට ඇදුණාය. ගැඹුරු මඩකඩිති පැතිරී ගොස් කුඹුර වසාගෙන පැතිර තිබුණු බව ඇය නොදැක සිටියාය. දණිහ තෙක් ජලයේ එරෙන විට හාත්පස බලා ඈ ශබ්ද නඟා කෑගසන්නට වූවාය. ඇගේ කෑගැසීම කුඹුරු යාය මත්තේ දෝංකාර දුන්නේය. ඒ කිට්ටු වෙල් යායක ගමේ ම මැදිවියේ අයෙක් කුඹුර කොටමින් සිටියේය. ඔහු ගමේ පහත් යැයි සැලකූ කුලයකට අයිති විය. තරුණියගේ කෑගැසීමේ හඬ අසා ඔහු දුවවිත් උදවු ඉල්ලා කෑගසමින් උකුළ තෙක් ඒ වන විට දියේ මඩේ ගිලිමින් සිටි තරුණිය දෙසට අසල වූ ලී කොටයක් මඩට දමා බේරා ගන්නට සූදානම් විය. කුල මානයෙන් ඉදිමී ගිය ඇය තමා දෙසට ළං නොවන ලෙස උදවුවට ආ මැදිවියේ මිනිසාට කෑගසමින් කීවාය. ඔහු දෙඅත් හිස මත තබාගෙන යළිත් උදවු ඉල්ලා ගමේ අයට ඇසෙන සේ හූ හඬ නඟන්නට විය. ඔහුගේ හූ හඬ ඇසී ගම්මුන් කීපදෙනෙකු එරුම්කඩය දෙසට එන විට ඇය මුළුමනින් මඩ වගුරේ ගිලී අතුරුදන්ව සිටියාය. ඇය ගිළුණු ස්ථානය හඳුනා ගැනීමට නොහැකි තරම් වේගයෙන් කුඹුරේ පිරී තිබුණු ජලය තැනින් තැන බුබුළු දමමින් මඩ ගොහොරුව වසාගෙන පැතිර ගියේය. වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්. කේ. ජයවර්ධන maru katha tika akkiyee.. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 24 Jan 2016 01:26 AM ඇත්තටම චන්දෙ අලියට උනානං අලියගෙ පිටේ තියන්න වෙනවනේ කොලේ අර කිවුව බාස්ගේ කථාවනං මීට ඉස්සර අහල තිබුණා maduranga001Most Senior MemberPosts:14118 23 Jan 2016 06:13 PM ඡන්දෙ දුන්නෙ පුටුවට හොඳ වෙලාවට ඡන්දෙ අලියට නොවුනෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ maduranga001Most Senior MemberPosts:14118 23 Jan 2016 06:12 PM මානය නිසා මඩ ගොහොරුවේ ගිලී මිය යයි මෙහෙම එවුන් ජිවත් නොවී ඉන්න එකම තමයි හොඳ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 23 Jan 2016 01:18 PM නොඉවසිලිවන්ත මේසන් බාස් වයඹ පළාතේ බිංගිරියට ආසන්න ගමක විසූ නිමල් බාස් උන්නැහේ ප්‍රදේශයේ නමගිය මේසන් බාස් කෙනෙකි. සහජයෙන් ම බොහෝ කලබලකාරී ගතිපැවතුම් වලින් හෙබි ඔහු යම් තැනක වැඩක් පටන් ගතහොත් නොඉවසිල්ලෙන් ඉතා ඉක්මනට කරගෙන යෑම ස්වභාවය විය. ඒ ඊළඟ වැඩය අල්ලාගැනීම සඳහාය. ඔහුගේ මෙම ඉක්මන්කම නිසා බොහෝ තැන්වලදී එම වැඩය නිසි පරිදි ඉටුනොවේ. ලඹ කැටය හෝ මට්ටම්ලෑල්ල භාවිතා නොකර බිත්ති බැඳීමෙන් බිත්ති ඇදවී සමහර අවස්ථාවල ඒවා කඩා නැවත බැඳීමට ද සිදුවිය. මේ නිසා ඔහුට වැඩ බාරදීම ද බොහෝ දෙනා අත්හැරියහ. මේ අතර මේ කිසිවක් නොදත් පුද්ගලයෙක් ඔහුගේ නිවෙසේ වැසිකිළිය සෑදීමට ඔහුට බාර දුන්නේය. අත් උදවුකරුවන් ලවා වලද ගෙපළ ද කප්පවා ගත් නිමල් බාස් ඔවුන් ළවාම බදාම ද සකස්කරගෙන ගඩොළු හා කළුගල් ද තමා ළඟට ගෙන්වා ගත්තේ වැසිකිළිය කඩිනමින් සෑදීම සඳහාය. ඔහු වැසිකිළියේ අත්තිවාරම කළු ගලෙන් දමා බිත්ති බැඳගෙන ගියේ නොඉවසිල්ලෙනි. ලඹ කැට හෝ මට්ටම් ලෑලි කිසිවක් භාවිතයට නොගෙන කඩිනමින් වැසිකිළියේ හතරවටේ බිත්ති බැඳගෙන ගියද වැසිකිළියට යෑමට දොරක් තැබීමට ඔහුට අමතක වූයේ හදිස්සිය නිසාය. ගෙහිමියා ඇවිත් බලන කල වැසිකිළියට ඇතුළුවීමට දොරක් නොමැති බව දුටුවේය. “ඈ බාස් උන්නැහේ, වැසිකිළියට ඇතුල් වන්නේ කොහෙන්දැයි” විමසද්දී නිමල් බාස්ට හීන් දහඩිය දැම්මේ තමාගේ හදිස්සිය නිසා එයත් අමතක වූ බැව් ඒත්තු යෑමෙනි. වහාම එක් පැත්තකින් බැඳ තිබූ බිත්ති කැඩූ නිමල් බාස් වැසිකිළි දොර නැවත සකස් කළේ අන්‍යයන්ගේ සමච්චල් සිනහ හඬ මධ්‍යයේය. ඡන්දෙ දුන්නෙ පුටුවට මෙය එක්දහස් නවසිය පනස් දෙකේ වර්ෂයේ ලංකාවේ පැවැති දෙවැනි මහා මැතිවරණයේදී බිංගිරිය ප්‍රදේශයේ උඩවෙල රජයේ මිශ්‍ර පාඨශාලාවේ ඡන්ද මධ්‍යස්ථානයේදී සිදුවූ සිද්ධියකි. මෙම මැතිවරණයේදී බිංගිරිය ආසනය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින් අපේක්ෂකයෝ දෙදෙනෙක් ඉදිරිපත් වූහ. එක් අපේක්ෂකයෙකුගේ ඡන්ද සලකුණ 'අලියා' වූ අතර පක්ෂයේ පාට කොළ පාටය. අනෙක් අපේක්ෂකයාගේ ඡන්ද සලකුණ 'පුටුව' වූ අතර එම පක්ෂයේ පාට රතුපාට විය. මැතිවරණ දිනයේදී මෙම අපේක්ෂකයන් දෙදෙනාට ඡන්දය දැමීමට මහජනතාව උදේ සිටම වැලනොකැඩී පාසල වෙත ඇදී ආහ. පාසලේ ප්‍රධාන ශාලාවේ ඡන්දය දැමීම සිදුවූ අතර ඡන්ද පෙට්ටිය තබා තිබුණේ කුඩා මේසයක් මතය. ඒ අසලම පුටුවක් ද විය. ඡන්ද නිලධාරීහු සියල්ලෝ ම ලහි ලහියේ තම තමන්ගේ රාජකාරි කටයුතුවල නිරතව සිටියහ. ගැහැනු, පිරිමි දෙපිරිසම පෝලිමේ විත් තමන් කැමැති අපේක්ෂකයා ඉදිරියේ ඇති කොටුවෙහි කතිරය ගසා කාඩ්පත පෙට්ටියට දමා යන්නට ගියහ. එදා රතු බළකොටුවක්ව පැවති බිංගිරිය ආසනයට තරග වැදුණු 'පුටුව' සලකුණ හිමි අපේක්ෂකයා මුළු ප්‍රදේශයේ ම ජනතාව පිළිගත් සමාජ සේවකයෙකි. ජනතාව තම ඡන්දය දමන අතරතුර හැරමිටි වාරුවෙන් ඉතා අපහසුවෙන් ඡන්දය දැමීමට ආ මහලු කාන්තාවකට ඡන්ද නිලධාරීහු ඡන්ද කාඩ්පත දුන්හ. ඇය එහි කිසිවක් සලකුණු නොකර එය ඡන්ද පෙට්ටිය අසල තිබූ 'පුටුව' මත තබා යෑමට සැරසුණාය. ඡන්ද කාඩ්පතේ ඡන්දය සලකුණු කොට එය ඡන්ද පෙට්ටියට දමන ලෙස නිලධාරින් ඇයට කෙතෙක් ඇවටිලි කළද 'මම මහත්තයො, ඡන්දෙ දෙන්නෙ පුටුවට' යැයි පවසමින් ඇය කාඩ්පත පෙට්ටියට නොදමන ලෙස තරයේ පවසමින් 'මගෙ ඡන්දෙ පුටුවට' යැයි කිහිපවරක් ම පවසා ඡන්ද කාඩ්පත අසල තිබූ 'පුටුව' උඩ තබා යන්නට ගියාය. (මෙය සත්‍ය සිදුවීමකි.) විශ්‍රාමලත් ආචාර්ය ඩී.එන්. දිසානායක කොස්වත්ත - බිංගිරිය මානය නිසා මඩ ගොහොරුවේ ගිලී මිය යයි දැනට අවුරුදු තුන්සීයකට පමණ පෙර අප ගම් ප්‍රදේශයේ සිදු වූ සත්‍ය සිද්ධියක් මේ කතාවට පසුබිම් වෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර පිහිටි මේ ගම අදට වඩා බෙහෙවින් සිසිල් හා ජල දහරාවන්ගෙන් වර්ෂාවෙන් පෝෂණීය විය. ගම මැද තැනින් තැන තිබුණු කුඹුරු එදා නිතර ජලයෙන් පිරී තෙතබරි විය. ජලය බහුල ඇතැම් කුඹුරුවල කිසිදා ජලය බැස යෑමක් සිදු වූයේ නැත. තෙත් කිරිමැටි මිශ්‍ර ජලය පිරුණු ඇතැම් කුඹුරු කොටස් පල්කඩ හෙවත් එරුම්කඩ ලෙස ගැමි ව්‍යවහාරයේ භාවිත විය. මේ පල්කඩ නැත්නම් එරුන්කඩවලට සී සෑමට මී හරක් යෙදුවේ නැත. උන් ගොඩගත නොහැකි බැවිනි. ගොයම් කැපීමට - නෙළීමට කාන්තාවන් - ගොවීන් බැස්සේ ද නැත. නියරවල් හරහා ලෑලි යොදා ඒ මත සිට ගොයම් සිටුවීම - කැපීම සිදු විය. හේතුව මඩකඩිති බෙහෙවින් ගැඹුරු බැවිනි. පල්කඩේ යන වාසගම රැගත් ගෙවල් හා පෙළපත් අදත් ඇත. එදා එක් රදළ පවුලක තරුණ කාන්තාවක් කුඹුරේ ගොයම් නෙළමින් සිටියාය. නියර පුරා පිරී ගිය වතුරට බැස ගොයම් සිටු වූ ඇය ටිකෙන් ටික ජලය වැඩි මඩ ගොඩ දෙසට ඇදුණාය. ගැඹුරු මඩකඩිති පැතිරී ගොස් කුඹුර වසාගෙන පැතිර තිබුණු බව ඇය නොදැක සිටියාය. දණිහ තෙක් ජලයේ එරෙන විට හාත්පස බලා ඈ ශබ්ද නඟා කෑගසන්නට වූවාය. ඇගේ කෑගැසීම කුඹුරු යාය මත්තේ දෝංකාර දුන්නේය. ඒ කිට්ටු වෙල් යායක ගමේ ම මැදිවියේ අයෙක් කුඹුර කොටමින් සිටියේය. ඔහු ගමේ පහත් යැයි සැලකූ කුලයකට අයිති විය. තරුණියගේ කෑගැසීමේ හඬ අසා ඔහු දුවවිත් උදවු ඉල්ලා කෑගසමින් උකුළ තෙක් ඒ වන විට දියේ මඩේ ගිලිමින් සිටි තරුණිය දෙසට අසල වූ ලී කොටයක් මඩට දමා බේරා ගන්නට සූදානම් විය. කුල මානයෙන් ඉදිමී ගිය ඇය තමා දෙසට ළං නොවන ලෙස උදවුවට ආ මැදිවියේ මිනිසාට කෑගසමින් කීවාය. ඔහු දෙඅත් හිස මත තබාගෙන යළිත් උදවු ඉල්ලා ගමේ අයට ඇසෙන සේ හූ හඬ නඟන්නට විය. ඔහුගේ හූ හඬ ඇසී ගම්මුන් කීපදෙනෙකු එරුම්කඩය දෙසට එන විට ඇය මුළුමනින් මඩ වගුරේ ගිලී අතුරුදන්ව සිටියාය. ඇය ගිළුණු ස්ථානය හඳුනා ගැනීමට නොහැකි තරම් වේගයෙන් කුඹුරේ පිරී තිබුණු ජලය තැනින් තැන බුබුළු දමමින් මඩ ගොහොරුව වසාගෙන පැතිර ගියේය. වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්. කේ. ජයවර්ධන sha733Super Senior MemberPosts:7332 20 Jan 2016 12:17 AM අපේ පැත්තෙත් තියෙනවා කලුදිය පොකුණක් ඒකේ කථාවත් මෙහෙමද දන්නේ නැහැ ගෙතිලා තියෙන්නේ maduranga001Most Senior MemberPosts:14118 19 Jan 2016 02:53 AM මම නම් පොකුණ එතන තියලා ගලවාගෙන එනව අර කළුනික පඳුර පාර්ලිමන්ට් ජෝකර්ස් ල එතැනට සෙට් වෙන්න කළින්.. ඇත්තටම එකෙක් එහෙම කරලද දන්නෙ නැහැ ඔය පඳුර එතන නැත්තෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ samanthaMost Senior MemberPosts:13190 18 Jan 2016 08:53 PM Posted By indika76 on 18 Jan 2016 08:11 PM වෙලාවට දැන් මේ පොකුණ නැත්තේ... නැත්නම් අපේ කට්ටිය පෝලිම් හැදිලා ඕකෙන් නාන්න යාවි.. ලොකු ලොක්කෝ නම් පොකුණු ගලවාගෙනම යාවි... කථාව ඇත්ත මල්ලී. දැන් කාලේ ඔය පොකුණ තිබුණා නම් කාටවත් බලන්න හම්බවෙන එකක් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න තරුණ මන්ත්රීවරියන්ටවත් ඉන්න දෙන්නේ නැති එකේ කට්ටිය ඔතෙන්ටම වෙලා නනා ඉඳියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 18 Jan 2016 08:11 PM වෙලාවට දැන් මේ පොකුණ නැත්තේ... නැත්නම් අපේ කට්ටිය පෝලිම් හැදිලා ඕකෙන් නාන්න යාවි.. ලොකු ලොක්කෝ නම් පොකුණු ගලවාගෙනම යාවි... RosiSuper Senior MemberPosts:5335 18 Jan 2016 07:33 PM මහලු අය තිරිහන් කළ කළුදිය පොකුණ නකල්ස් වැටියෙන් හුෙදකලාව පිහිටි හුන්නස්ගිරි කන්ද මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වෙන් කරන මායිමේ පිහිටා ඇත. මහඔය - රවන් ඔය ආදී ජලධාරා ගණනාවක් මේ කන්දෙන් ඇරඹී මහවැලි ගඟ පෝෂණය කරයි. දූවිලි ඇල්ල වවුළු ඇල්ල - රාජඇල්ල - මේ ඔයවල් ආශ්රයෙන් වැටෙන දිය ඇලිය හුන්නස්ගිරි කන්ද වටා අද්භූත ජනකතා ගණනාවකි. මලියදේව හිමිට උපස්ථාන කළ මේඝවර්ණදෙවි මෙම කන්ද ඉහළ ගල්ලෙනක මලියදේව හිමිට උවටැන් කරමින් කලක් සිටි බව ‘පාලි රසවාහිනීී’ ග්‍රන්ථයේ එයි. පසුව මේඝවර්ණදේවි මලියදේව රජු හිමි සමඟ කොත්මෙල් පුසුල්පිටියට ගොස් ඇත. හුන්නස්ගිරි කඳුමුදුනේ ම රවන්ඔයෙන් වැටෙන දූවිලි ඇල්ල අසළ කළුම කළුපාට දියපිරි කළුදිය පොකුණ ඇත. හුන්නස්ගිරි කන්ද පුරා කැලෑවල දඩයමේ ගොස් පළපුරුදුකම් ඇති අන්දිරිස් බාප්පා දිනක් මා සමඟ කතාවට වැටුණේ ය. “ඔය පොකුණට ‘කළුදිය පොකුණ’ යන නම ලැබුණේ කොහොමද?” මම ඔහුගෙන් විමසුවෙමි. ඔහු ඒ කතාවට මුල පිරුවේ ය. “ඉස්සර හුන්නස්ගිරිය මහපාළු රූස්ස ඝන කැලේ සත්තු පිරිලා. මහ දවල් සත්තු ගැවසෙනවා. කැලේ යනකොට පාරවල් නෑ. හොඳ සිහිකල්පනාවෙන් ඇවිද්දේ වතුර අයිස් වගේ සීතලයි. කුඹුරු වැඩ ඉවර වුණාම අවට ගම්වල මිනිස්සු හරක් රංචු අරන් ගිහින් මේ කැලේට දක්කනවා. ඒ රංචු පැටව් හැදිලා මාස ගණන් මේ කැලේ ම ලඟිනවා. ආයේ ඊළඟ සැරේ කුඹුරු වැඩටයි, හරක් රංචුව හොයාගෙන යන්නේ. ඔය කාලේ හිටියා පුංචි රාල කියලා මනුස්සයෙක්. එයා කුඹුරේ හීය ළං වෙලා හරක් රංචුව හොයාගෙන කැලේට රිංගුවා. පැය ගණනක් හෙව්වා. හරක් රංචුව දැක්කේ නෑ. රෑට කොහේ හරි නතරවෙලා පහුවෙනිදාත් හරක් රංචුව හොයන්ට කන්ද මුදුනට ළංවනකොට ඉහෙන් කනින් ඩහදිය බේරෙනවා. ටිකක් වටපිට බලන කොට කන්ද මුදුනේ රවන් ඔයෙන් වැටෙන දූවිලි ඇල්ලේ වතුර වැටෙන ශබ්දය ඇසුණා. කැලේ මැදින් ඇල්ල මුලට යනකොට ඒ කිට්ටුව වතුර කටගහලා පිරුණු කළුපාට වතුර උතුරන පොකුණක් දැක්කා. මේ පොකුණෙන් නාලා ගොඩ වෙනකොට පුංචිරාලට අමුත්තක් දැනුණා. පහුවෙනිදා එයාට දැනුණා. ඇගේ ලොකු වෙනසක්. මුළු ඇඟම තිරිහන් වෙලා. තරුණ වෙලා හරක් රංචුවක් හොයාගෙන පුංචිරාල ගමට යනකොට බිරියට එයා අඳුනගන්නත් බෑ. ඒ තරමට ඇඟ තිරිහන්වෙලා. පුංචිරාල වෙච්ච සිද්ධිය බිරියට කිව්වා. දැන් බිරියගේ පොරේ එයාටත් කළුදිය පොකුණෙන් නාන්න. බිරියගේ පෙරැත්ත උඩ පුංචිරාල බිරියත් එක්ක පොකුණ හොයාගෙන ඇවිද්දා. කන්ද මුදුනේ කන්ද කිට්ටුව දියඇල්ල හැමතැනම හෙව්වත් පොකුණ හොයාගන්න බැරිවුණා. අන්තිමේ එයා බිරියත් එක්ක ගෙදර ආවා. ඒ පොකුණේ මහලු අය තිරිහන් කරන රහසක් තිබුණාලු. බොහොම බලගතු කළුනික පඳුරක් පොකුණ අද්දර වැවිලා තිබුණාලු. ඒ කොළ පොකුණට වැටිලා කළුදිය පොකුණේ මහලු අය තිරිහන් කරන බලය තිබුණා කියා කියනවා. අද කළුනික පඳුරක් එතැන නෑ. ඒ වුණාට කළුදිය පොකුණත් තාම තියෙනවා.” අන්දිරිස් බාප්පා කතාව අවසන් කළේ ය. වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්.කේ. ජයවර්ධන indika76Most Senior MemberPosts:10449 05 Jan 2016 10:16 PM Posted By samantha on 05 Jan 2016 10:09 PM අපිත් ඒකාලේ මේ පාඨශාලා පරීක්ෂක වරු එන දවසට හරි බයෙන් තමයි පාසැලට ගියේ. තවමත් ඒ සොඳුරු අතීතය මතක් වෙනවා. බොහොමත්ම ස්තූතියි ඒ අතීතයට නැවත ගෙනගියාට. අපි නම් හරිම ආසයි. ඒ දවස්වලට ගුරුවරු අපිට හරි ආදරෙයි.. samanthaMost Senior MemberPosts:13190 05 Jan 2016 10:09 PM අපිත් ඒකාලේ මේ පාඨශාලා පරීක්ෂක වරු එන දවසට හරි බයෙන් තමයි පාසැලට ගියේ. තවමත් ඒ සොඳුරු අතීතය මතක් වෙනවා. බොහොමත්ම ස්තූතියි ඒ අතීතයට නැවත ගෙනගියාට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 05 Jan 2016 08:21 PM රසවත් කතා ටිකක්.. අර පරීක්ෂක තුමාගේ කතාවත් මරු.. බොහොම ස්තුතියි සිනා කතා ටිකට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 05 Jan 2016 02:52 PM ගුරු සේවයේ රසකතා පරීක්ෂකතුමා ගැන වාක්‍ය රචනයක් වයඹ පළාතේ වැල්ලවට නුදුරු පාසලක වසර තිස්ගණනකට පෙර සිදුවීමකි. ඒ කාලයේ පාසලට පරීක්ෂක මහතා පැමිණෙනවා යැයි කීවොත් කවුරුත් හෙල්ලිලාය. ගුරු සිසු දෙපසම එතුමාට දැක්වූයේ බිය රැඳි ගෞරවයකි. දවසක් මේ කියන පාසලට පරීක්ෂක මහතා පැමිණි අතර සුපුරුදු පරිදි හත්වන පන්තියට ගියේය. “මේ වෙලාවෙ ගුරුවරයා උගන්වමින් සිටියේ සිංහල භාෂාව පාඩමය. මේ ගුරුතුමා මේ ළමයින්ට සිංහල භාෂාව උගන්වන නිසා දැන් හොඳට රචනා ලියන්න දන්නව ඇතිනෙ?” “ඔව් ඉස්පෙක්ටර් මහත්තයා අපිට හොඳට ලියන්න පුළුවන්.” පන්තියේ සිසුහු එක්වරම පැවසූහ. පරීක්ෂක මහතා මඳක් කල්පනා කර බලා දරුවන්ට රචනයක් ලිවීමට පැවරුවේය. “හොඳයි දරුවනේ, මං ගැන රචනයක් ලියන්න. මගේ සේවය, තරාතිරම දන්නව ඇතිනේ.” සිසු පිරිස නිහඬව රචනය ලිවීම ඇරැඹූහ. පරීක්ෂකතුමා අඩහෝරාවක් පමණ ගිය පසු එක් පිරිමි ළමයකුට අණකළේ තමා ලියූ රචනය කියවන ලෙසයි. පුටුවෙන් නැගී සිටි සිසුවා “අපේ පරීක්ෂක මහත්තයා මාසයකට වරක් විතර ඇවිත් පන්තිවල වැඩ බලයි. වැරදි තැන් පෙන්වාදී ගුරුවරුන්ට ද අවවාද දෙන මෙතුමා වෙලාවකට යක්ෂයෙක් වගෙයි. අනෙක් වෙලාවට මීයෙක් ගානයි. ආපහු යනකොට ඉස්කෝල වත්තෙ එළවළු පොල් ඔක්කොම කාර් එකේ පටවගෙන යනවා. අපේ සර් නිතර ම බණිනව ඒකට. මොනව කරන්නද බලපුළුවන්කාරකමනෙ කියල....” දරුවා කියවාගෙන ගියේය. “ඇති ඇති නවත්තනව තමුසෙගෙ මලඉලව්ව. මොනවද මේ අප්‍රභංස? මෙහෙමද උගන්වලා තියෙන්නෙ?” “අපේ සර් කියල තියෙන්නෙ නැති දේවල් ලියනවට වැඩිය මාතෘකාවේදි අපි දකින දේවල් ලියන්න කියල තමයි”. ඔළුව කසමින් ඔහු බියමුසු බැල්මක් පරීක්ෂක මහතා වෙත හෙළමින් පැවසීය. පරීක්ෂක මහතා ද ගුරුතුමා වෙත හෙළුවේ තමාගේ වෛරක්කාරයෙකුට යොදන බැල්මකි. ඔහු ඉන්පසු මේ පාසලට පැමිණියත් හත්වන පන්තියට නොයන්නට වගබලා ගත්තේය. කරුණාදාස සපුතන්ත්‍රී නිකදළුපොත පඩික්කම්වල ගෙනා පරිප්පු මහියංගණයෙන් එහා අති දුෂ්කර පාසලකට නව පත්වීම් ලැබ ගිය තරුණ ගුරු මහත්වරු දෙපළක්, විදුහලේ තත්ත්වය වෙනස් කිරීමට ලොකු උත්සාහයක් දැරූහ. විදුහලේ ආරක්ෂිත වැටේ කණු ගැලවී බිම වැටී තිබුණු අතර හා, මීමිනි, ඉත්තෑ හා හෝතඹුවෝ ද ඉඳහිට අලි ද, පාසල් වත්තට අනවසරයෙන් ඇතුළු වූහ. හත් අවුරුද්දකින්වත් සමර හෝ හුණු බිඳක් ආලේප කර නොතිබුණු විදුහලේ ගොඩනැඟිලිවල බිත්ති, තැනින් තැන පුපුරා, ඉරිතළා තිබුණි. ගරා වැටී තිබූ වැසිකිළි, කැසිකිළි වටා ඉහටත් උඩින් වල් පඳුරු වැවී තිබුණු අතර පාසල් භූමියේ වැවී තිබුණේ මල් නොව වල් පඳුරුය. විදුහලේ වෙනසක් ඇති කළ යුත්තේ ආරක්ෂිත වැට සකස් කිරීමෙන් බව තීරණය කළ මේ තරුණ ගුරු මහත්වරු ඒ බව විදුහල්පතිතුමාට දැනුම් දුන්හ. දෙමවුපියන් පාසලට කැඳවා ශ්‍රමදානයක් මඟින් පාසලේ ආරක්ෂිත වැට සැකසීමට තීරණය කෙරිණ. එළඹෙන සෙනසුරාදා දිනය මේ සඳහා යොදා ගත් අතර, ශ්‍රමදානයට සහභාගි වන්නන් සඳහා උදේ ආහාරය සැපයීමට ද කීප දෙනෙක් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූශ. සෙනසුරාදා උදෑසන සිට ශ්‍රමදානය ඉතා හොඳින් සිදුකෙරුණු අතර, දහවල් එකොළහට පමණ, කෙටි විවේකයක් ලබා දෙන ලද්දේ උදේ ආහාරය සඳහාය. සැවොම කුඹුක් ගස් සෙවණේ වාඩි වූහ. පිඟන්වලට රතු කැකුළු බත්, පොල් සම්බලය සමඟ බෙදන ලදී. ඊළඟට කොළ මැල්ලුමද, හතු මාළුවද බෙදන ලද අතර, අවසානයට ගෙන ආ පරිප්පු වෑංජනය දුටු සැවොම පිළිකුළෙන් මෙන් පිඟන් අහකට ගත්හ. ඉතාමත් ළෙන්ගතුව, කරුණාවෙන් බෙදන්නට හැදූ පරිප්පු වෑංජනය හැම දෙනාම ප්‍රතික්ෂේප කළේ ඇයි? පරිප්පු වෑංජනය ගෙනැවිත් තිබුණේ අලුත් ම සුදුපාට පඩික්කම්වලය! ආනන්ද සරත් ගුණසේන කන්දෙගෙදර හාලිඇල හරහා අපේ නමට ඉස්සර වෙලා සර්ගෙ නම කියන්න මා අසූවේ දශකයේ දී දකුණු පළාත් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘතියක පුහුණුකරුවකු වශයෙන් සේවය කරන කල සිදුවීමකි මේ. එදා මාත් සමඟ ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශකවරයකු පන්ති කාමරයට ගියේ ගුරුවරයකු ඒ වෙලාවේ නොසිටි බැවිනි. 'ගුඩ් මෝනිං' 'ගුඩ් මෝනිං' 'දැන් මොනවද තියෙන්නෙ' ගුරු උපදේශක ඇසීය. 'ඉංග්‍රීසි' 'කෝ මිස්' 'තව ටිකකින් ඒවි' එතෙක් ගුරු උපදේශක එක් එක් ළමයාගෙන් 'වට් ඉස් යුවර් නේම්' යයි ඇසීය. ළමයි උත්තර නොදෙති. මේ අතර ගුරුවරිය ද පන්ති කාමරයට ආවාය. 'එස්කියුස් මී, මං අපේ ඩිපියුටි ප්‍රින්සිපල් හම්බවෙන්න ගියා රාජකාරියකට.' 'කමක් නෑ මිස්; මිස්ද ඉංග්‍රීසි උගනවන්නෙ' 'මං දැන් තව පාරක් ප්‍රශ්නයක් අහනවා.' නැවතත් ඒ ප්‍රශ්නයම ඇසුණ නමුත් උත්තර නැත. එක් ළමයෙක් වහාම නැගිට්ටේය. 'සර්..... එක්ස්කියුස් මී, සර් අපේ නම අහන්න කලින් සර්ගෙ නම කියල ඉන්න ඕනේ.' 'හා එහෙනම් මගේ නම...................' 'දැන් හරි, අපේ මිස් උගන්නල තියෙන්නෙ ඒ විදියට තමයි. පොතේ තියෙන්නෙත් එහෙම තමයි.' 'හා බොහොම හොඳයි.' 'සර්.... ඒවට කියන්නෙ මැනර්ස් කියල. වැඩි දුරටත් ඔහු කීවේය. ගුරු උපදේශකගේ වාර්තාවේ ඉංග්‍රීසි ගුරුවරියට මහත් සේ ප්‍රශංසා කර තිබිණි. ඩී.සී. ද සිල්වා කැස්බෑව පිළියන්දල samanthaMost Senior MemberPosts:13190 17 Dec 2015 06:49 AM මෙහෙත් ඉන්නවද අපේ එකෙක්.. නියම කථා ටික.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 17 Dec 2015 05:54 AM ගුරු සේවයේ රසකතා සරම නැතිව ආ විදුහල්පති ලග්ගල ප්‍රදේශය අදත් නොදියුණුය. දුෂ්කරය. අතීතයේ තත්ත්වය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. ලග්ගල විදුහල්පතිතුමෙකු බිරිය සමඟ පදිංචි වී සිටියේ ගුරු නිවෙසේමය. පෙර දින රෑ ප්‍රදේශයට ඇද හැළුණේ අනෝරා වැස්සක්ය. ප්‍රබෝධවත් කුරුලු කූජනය ද ඒ නිසාමය. විදුහල්පතිතුමාගේ ගතට සිතට දැනුණේ ද ලොකු ප්රබෝධයක්ය. එතුමාට එතුමාගේ බඩඉරිඟු හේන සිහි විය. “බඩඉරිඟු පැළවලට පස් ඩිංගක් කිට්ටු කරගන්න ඇත්නම් කොච්චර හොඳ ද?” එතුමා සිතුවේය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් පන්තිවල නඟන හඬ මැද්දේ විදුහල්පතිතුමා ගුරු නිෙවසට ගියේය. අමුඩ කෙටිය ගහගත්තේය. උදළු කෙටිය කරට ගත් විදුහල්පතිතුමා හේනට ගොස් බඩඉරිඟු පැළවලට පස් කිට්ටු කළේය. පැයක් හමාරක් ගත විය. විදුහල්පතිතුමාගේ බිරිය හේනට දුවගෙන ආවේ හති හරිමින්ය. “නුවර අධ්‍යාපන කන්තෝරුවෙ ලොකු මහත්තුරු වගයක් ඇවිත්... ඔයා කොයි කියලා ඇහුවා. මං කීවා ඔයාගේ අම්මට හදිසියේ අසනීප වුණා කියල පණිවිඩයක් ඇවිත්... ඉක්මනට අම්මව බලල එන්නම් කියලා ගියා කියලා...” “දෙය්යො... සාක්කි... දැං... මොකෑ... කොරන්නේ” කියමින් විදුහල්පතිතුමා දිව්වේය. ගුරු නිවෙසේ පිටුපස දොරින් ඇතුළු වූ විදුහල්පතිතුමා ඉක්මනින්ම ජාතික බැනියම ඇදගෙන ලොකු මහත්වරුන් ළඟට දිව්වේය. “විදුහල්පතිතුමා... මේ මොකද?” නිලධාරියෙක් ඇසුවේය. “මොකුත් නෑ... අයිබොවං...” කියමින් බය පක්ෂපාතීකම පෙන්වා විදුහල්පතිතුමා හිස කැසුවේය. සියල්ලෝම සිනාසෙති. විදුහල්පතිතුමා කලබලේට ජාතික බැනියම ඇඳ තිබුණේ සරමක් නැතිවය. මෙත්සිරි බී. හේරත් - මාතලේ අතිරේක එයත් අපේ එකෙක්! මේ සිදුවීම මීට වසර විසිපහකට පමණ පෙර සිදු වූවකි. වෙරළබඩ පාසල්වල ළමයි ඉතාම නිරෝගීය. ඔවුහු තම ශක්තිය වැය කරගැනීමට පොර කෑම ගහගැනීම හා සණ්ඩු සරුවල් කිරීම විනෝදාංශයක් ලෙස සලකා කරති. මෙය ළමයින්ගේ චර්යාවේ ඇති විවිධ වෙනස්කම් නිසා නිතර ඔළු පළාගෙන තුවාල සිදු කර ගැනීම සාමාන්‍ය දෙයකි. මෙසේ තුවාල සිදුකළ ශිෂ්‍යයකුට දිනක් විදුහල්පතිවරයා වේවැලින් පාර කීපයකින් දඬුවම් කළේ දරුවාගේ දඩබ්බරකමට ප්‍රතිකර්මයක් වශයෙනි. දඬුවමින් සිත රිදුණු ශිෂ්‍යයා කෙළින්ම පාසලින් පැන ගියේ තම නිෙවසටය. සිදුවීම දරුවා මවට කීවේය. මවගේ ඉහමොළ රත් විය. ඇඳිවතට උඩින් තවත් රෙද්දක් බාගෙට ඇඳ ඇඳම පාරට පැන්නාය. “අද මම ප්රින්සිපලයාට හොඳ පාඩමක් උගන්වනවා” කියා තිත්ත කුණු හරුපයෙන් බැණ වදිමින් පාසලට ළඟා වූයේ නාලාගිරි ඇතා වගේය. ශබ්දය සමඟ ගෝරනාඩුවට සවන් දුන් විදුහල්පතිවරයා කාමරයේ මුල්ලේ තිබුණු වේවැලත් රැගෙන මේ බැණ වදිමින් ඉදිරියට එන කාන්තාව ඉදිරියට ගියේය. “දුවපිය යන්න” කියා හොඳ තිත්ත කුණු හරුප දෙකක් කියමින් වේවැල උස්සත්ම කාන්තාව ආවට වඩා වේගයෙන් ආපසු දිව්වාය. විදුහල්පතිවරයා සිනාමුසු මුහුණින් ජයග්‍රාහී ලීලාවෙන් කාර්යාලයට ගොඩ වැදුණේය. ටික දිනකට පසු එම කාන්තාව තමාට වූ ලැජ්ජාව වසා ගැනීමට කළේ “එයත් අපේ එකෙක්” කියා විදුහල්පතිවරයාවත් තමන්ගේ ගොඩට දමා ගැනීමය. ඩබ්ලිව්. එල්. බැසිල් ප්‍රනාන්දු වේවැල් කසාය මගේ මතකයේ හැටියට ඒ එක්දහස් නවසිය පනස් එකේ වර්ෂයයි. එවකට මම අවුරුදු දොළහක පමණ පාසල් සිසුවෙක්මි. මා ඉගෙන ගත්තේ හලා/ බණ්ඩිරිප්පුව රෝමානු කතෝලික පිරිමි ප්‍රාථමික පාසලේය. මේ සිද්ධිය වන විට මා ඉගෙනුම ලැබුවේ පස්වැනි පන්තියේය. මේ කතාවට සම්බන්ධ පාත්‍ර ජනයා දැනට මිය ගොස් ඇති නිසා සිද්ධියට සම්බන්ධ නම් ගම් එලෙසම සඳහන් කරමි. මේ පාසලේ මුල් ගුරු මහතා වූයේ එවකට අංක ගණිත විශේෂඥ ගුරු පියකු වූ පී. ජේ. මාස්ටර්ය. දුඹුරු පාට ටුවිඩ් රෙද්ද ඇඳ, ඊට උඩින් සුදු කබායක් හැඳි එතුමා අඩි පහමාරක් පමණ උස මහත දෙහෙත පෞද්ගලයෙකි. හිස කෙස් රහිත රවුම් හිස සහ පුළුල් නළල් තලය මට අදටත් මැවී පෙනේ. දහවල් විවේකයෙන් පසු සෑම සිකුරාදාවකම දහවල් දොළහට සියලුම ළමයින් මුල් ගුරුතුමාගේ මේසය වටේ වාඩි විය යුතුය. නඩු අසන්නේ ඉන් පසුවය. එදා නඩු කීපයක් අසා වරදකරුවනට දඬුවම් කළ මුල් ගුරුතුමා ඊළඟ නඩුව කැඳවීය. විත්තිකාරයා වූයේ අපේ පන්තියේ රිචඩ් හෙවත් රිචාය. රිචාගේ හැසිරීම පාසලටම හිරිහැරයක් බව ගුරු මණ්ඩලයේ ද අදහස විය. පැමිණිල්ල වූයේ තුනේ පන්තියේ ළමයකුට ගසා ඔහු ළඟ තිබූ දිවුල් ගෙඩියක් උදුරා ගැනීමය. මේ වගේ දේවල් රිචාට අලුත් දෙයක් නූණත් ලොකු මහතාගේ වේවැලට නම් ඔහු දක්වන්නේ පුදුම බයකි. අඩි තුනක් පමණ දිග මාපට ඇඟිල්ල තරම් මහත වේවැල දකින හැම ළමයකුටම ඇත්තේ මහත් බියකි. සාක්කි විභාගයේදී රිචා වරදකරු විය. ලොකු මහත්තයා වේවැලත් ගෙන නැගිට රිචා ළඟට ගොස් ඔහුගේ අතකින් අල්ලාගෙන පස්ස පැත්තට පහරක් ගැසීය. එහෙත් රිචා අනෙක් පැත්තට පැන්නෙත් ඒ පාර වැදුණේ මුල් ගුරුතුමාගේ ටුවිඩ් රෙද්දටය. එහෙත් දෙවන වේවැල් පහර නම් දැඟලීම නිසා රිවාගේ පිටකොන්ද හරහා වැදුණි. ඒ සමඟම අමු තිත්ත කුණු හරුපයක් කියා ලොකු මහතාගේ අත සපා කා එළියට පැන්න රිචා තවත් කුණු හරුප වැලක් කියමින් අඬ අඬා පැන දිව්වේය. එහෙත් කිසිවෙක් ඔහු හඹා නොගියේ ඔහුගේ හැටි දන්නා නිසාය. නඩු විභාගය එතෙකින් අවසන් විය. ඒ වගේම රිචඩ්ගේ අධ්‍යාපනය ද එතෙකින් අවසන් විය. මේ මුල් ගුරුතුමාණෝ සුප්‍රසිද්ධ කතෝලික පියනමක් වූ අර්නස්ට් පෝරුතොට පියතුමාගේ පියාණෝය. ඊ. එෆ්. කෲස් විශ්‍රාමලත් විදුහල්පති කුමාර කට්ටුව Ind007kaMost Senior MemberPosts:12931 29 Nov 2015 11:57 PM බුදු අම්මො ගගෙන් එහා පැත්තෙ එවද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 29 Nov 2015 09:41 PM අද මේ සාස්තරයක්ම මුදලට යටවෙලා වවාගෙන කන්න තමයි බලන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 29 Nov 2015 07:15 PM දකුණේ මිනිස්සු, මාතර මිනිස්සු ලග තමයි ඔය නක්ෂත්රය වගේම හැදී හූනියම් වස් කවි සෙත් කවි වැඩට හපන්නු හිය කියල කියන්නෙ.. අද ඒවා ක්‍රමයෙන් නැති වෙලා අඩුවෙලා ගිහින්. මේ සාස්තර හොදින්ම දන්නා ය නැතුව වගෙයි අද. අංශු මාත්‍රයක් දන්නා කෙනත් එක මාකටින් කරගෙන වානිජකරණය වෙලා මුදල් ගරන ජාවාරම් කරගෙන. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 29 Nov 2015 12:42 PM සාදා රිටින් ඇන රිට්ටා ඇති තැන රජුට පෙන්වයි ඒ උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ රජු රජ කරන අවදියයි. කාලයක් ම උඩරට පුරා බුදුදහම - බුද්ධ ශාසනය - උපසම්පදාව - පිරිවෙන් අධ්‍යාපනය - බෞද්ධ සංස්කෘතිය යටපත් වී සිඳී ගොස් තිබූ යුගය හමාර කරමින් සියම් උපසම්පදාව ලබාගෙන වැලිවිට සරණංකර සඟරජුගේ උපදෙස් අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය ඉහළ ම තලයට නංවාලුවේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුය. ඒ සඳහා සරණංකර සඟරජු නිතර අර්ථයෙන් ධර්මයෙන් රජුට මඟ පෙන්වූයේය. උඩරට පුරා විසිර තිබු නටබුන් පැරණි වෙහෙර විහාර රැසක් ප්‍රතිසංස්කරණය කර වූ රජු අලුතින් වෙහෙර විහාර - පිරිවෙන් රැසක් ආරම්භ කළේය. සියම් උපසම්පදාව රැගෙන ආ උපාලි හිමි ඇතුළු සියම් භික්ෂුන්ට රජුගේ ම රාජකීය මල්වත්තේ මල්වතු විහාරය කරවා පූජා කළේ රජුය. කීර්ති ශ්‍රී රජු කළ සියම් උපසම්පදාව රැගෙන වරින්වර සියම් භික්ෂු දූත කණ්ඩායම් තුනක් පැමිණ ඇත. උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ රජු රජ කරන විට පහතරට පැතිර තිබුණේ ඕලන්ද බලයයි. කපටි ශූර වෙළෙඳ ඉවක් තිබු ලන්දේසිහු උඩරට රජු සමඟ කපටි උපායෙන් රජුගේ හොඳහිත දිනාගෙන උඩරට සමඟ වෙළෙඳ ගනුදෙනු කිරීමට හා උඩරට තිබු කුළුබඩු ලබා ගැනීමට කටයුතු යෙදූහ. වෑන්ඊක් යටතේ 1765 ඕලන්දවරු උඩරට වටලා සටන් වැදීම කළ එක ම අවස්ථාව හැර උඩරට සමඟ මිත්‍ර ප්‍රතිපත්තිය රැක ගැනීමට කටයුතු කළහ. මෙකල පහතරට ප්රභූන්ගේ ආධාර උදවු ඇතිව ඇතිවූ සංස්කෘතික ප්රබෝධය “මාතර යුගය” ලෙසින් සාහිත්‍ය ඉතිහාසයේ දී දැක්වේ. මාතර යුගයේ සංස්කෘතික ප්රබෝධයේ බලකණු වූයේ කටුවානේ දිසානායක - ගජමන් නෝනා - බරණ ගණිතයා - රංචාගොඩ ළමයා - අන්දරේ ආදීන්ය. මාතර සාහිත්‍යයේ ප්‍රකට ම කවියෙකු වූ බරණ ගණිතයා හෙවත් සාදා ප්‍රකට නක්ෂත්‍රකරුවෙකි. වස්කවි - සෙත්කවි සෑදීමේ උපන් හපන්කම් විය. “නීල කොබෝ සන්දේශය” - “වායස නිමිත්ත” හෙවත් “කපුටු ශාස්ත්‍රය” කවි පොත් ලීවේ බරණයාය. මාතර ඉපිද මාතර කවිය පෝෂණය කළ ඔහු උඩරටට පැමිණ උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ රජු කළ උඩරට නැවතී තම නක්ෂත්ර දැනුම වැඩිදියුණු කරගෙන ඇත. නක්ෂත්රයේ පරතෙර දැනුමට ගිය සාදා හෙවත් බරණ ගණිතයා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ සභාවේ සේවය සඳහා රජු හමු වී බැගෑපත් ඉල්ලීමක් රජු හමුවේ දණින් වැටී ඉදිරිපත් කළේය. ඔහු දෙස හොඳින් බලා සිටි රජු ඔහුගේ නක්ෂත්ර දැනුම උරගා බලන්නට උපායක් කල්පනා කළේය. “තොපගේ නක්ෂත්ර දැනුම පරීක්ෂා කර බැලීමට මහවාසල එකඟයි. අද රිට්ටා ඇති තැන තොපට පෙන්විය හැකි ද?” “එහෙමයි, දේවයන් වහන්ස, පෙන්විය හැකියි.” “ඒ සඳහා තොපට අවශ්‍ය දේ කවරේ ද?” “උස් මේසයක් - දිග රිටක් තිබුණොත් හොඳටම ඇති.” මොහොතක් ගත විය. රාජ සේවකයෝ උස් මේසයක් හා රිටක් රජු ඉදිරියට රැගෙන ආහ. හෙවණැල්ල පාගා පියවර මැන වේලාව සාදාගත් සාදා ගල් පිළිමයක් මෙන් මොහොතක් නොසැලී දෑස් පියාගෙන කල්පනා කරන්නට විය. ඉන්පසු රජු ළඟට ගිය සාදා රජුගේ පාමුල වැඳ වැටී රජුගේ අවසරය ලබා ගත්තේය. “තව සුළු මොහොතකින් ඔබ වහන්සේට රිට්ටා ඇති ස්ථානය දැකගත හැකි වනු ඇත.” “හොඳමයි. තොපට ඒ සඳහා අවසරයි.” රජු හා ඇමැතිවරු රාජ සභාව දෑස් නොසොල්වා බලා සිටිද්දී සාදා නියමිත නැකැත් මොහොතේ අසල වූ මේසය මත නැඟ දිග රිටක් ගෙන හිස් අහසට දිගු කරන්නට විය. ගතවූයේ තත්පර කීපයකි. සාදා දිගු කළ හිස් රිට කෙළවර මහා ගින්නක් රාජ සභාවට ඉහළින් හිස් අහසේ ඉබේ දැල්වෙන්නට විය. “තොපගේ හපන්කම් ඉතා ඉහළයි. රාජ සභාවේ නැකැත්තෙකු ලෙස සේවයට තොප ඉතාම සුදුසුයි.” කීර්ති ශ්‍රී රාජසිංහ රජුගෙන් ගම්වරයක් හා පටබැඳි නමක් සාදා ගත් සාදා සෙන්කඩගල නුවර කිට්ටුව නැවතී රජ වාසලට තම නක්ෂත්ර දැනුම ලබා දීමට මුල පිරුවේය. වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්යක්ෂ එස්. කේ. ජයවර්ධන RosiSuper Senior MemberPosts:5335 29 Nov 2015 12:40 PM මට නම් හොයා ගන්න බැරි වුනා මදුරංග ,,බලමු තව කවුරු හරි හොයා ගනීද කියලා නේද . maduranga001Most Senior MemberPosts:14118 28 Nov 2015 09:20 PM පුළුවන් කමක් තියෙනවා නම් සහ සොයා ගන්න පුළුවන් නම් මේ ගාථාවේ සිංහල තේරුම දන්නා කෙනෙක් කියනවද..? අනිවාර්යයෙන්ම හොඳ අදහසක් ඇති ගාථාවක් විය යුතුයි. පොඩි හාමුදුරුවොත් හොඳ බුද්ධිමත් හාමුදුරු නමක් විය යුතුයි.. නැත්නම් ගාථාවකින් කියූ පමණින් ඒක වටහා ගන්න තරම් බුද්ධියක් තියෙන්න විදියක් නැහැ. ස්තුතියි මේ කතාවට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ ImalkaVeteran MemberPosts:4533 26 Nov 2015 06:34 AM ස්තූතියි මේ ලිපියට.....මේ කොටස අද කාලේ බොහෝ ලොකු පොඩි හාමුදුරු ඇත්තන්ට වැදගත් වෙයි...... samanthaMost Senior MemberPosts:13190 26 Nov 2015 06:33 AM පොඩි හාමුදුරුවෝ තමන් වහන්සේගේ අදහස දායක මහත්තයට කියපු නිසා හොඳට ගියා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! RosiSuper Senior MemberPosts:5335 26 Nov 2015 06:30 AM අතිපූජ්‍ය රත්මලාලේ ශ්‍රී ධර්මාරාම හිමි අපේ උගත් පඬි හිමිවරුන් අතර වැඩ විසූ තවත් ශ්‍රේෂ්ඨ හිමිනමකි. උන්වහන්සේගේ ගෝළහිමිවරු සංඝ - සෝභන ගුණයෙන් යුතු වූහ. සසුනට රටට වැඩදායක වූහ. ගුරු හාමුදුරුවන්ගේ සිත් දිනාගෙන සිටි එක් ශිෂ්‍ය හිමිනමක් තමන්වහන්සේ මුණගැසෙන ලෙස දන්වා පන්සල සමඟ සමීප සබඳතා පවත්වන උපාසක මහත්මයෙකුට පණිවුඩයක් යැවූහ. ඔහු පොඩි හාමුදුරුවන් මුණගැසුණේය. “දායක මහත්මයෝ මං එන්ඩ කිව්වේ වැදගත් කාරණාවක් ගැන කතාකරන්ඩ...” “අපෙ පොඩි හාමුදුරුවනේ... කිව්ව නම් බලන්ඩ...” “මං ඉක්මනටම සිවුරු අරිනවා... දායක මහත්තයෝ...” “මොනවා... පොඩි හාමුදුරුවනේ...” උපාසක මහත්මයා කලබල විය. “ඔව්.. දායක මහත්තයෝ... ඒක ස්ථිරයි...” “එහෙම කරන්ඩ එපා... අපෙ පුංචි හාමුදුරුවනේ...” “නෑ... මං ඉන්නෙ මං ගත්ත තීරණයේමයි... ඒක වෙනස් කරන්නෙ නෑ... උපාසක මහත්මයාගෙන් මට පුංචි උපකාරයක් ඕනෑ...” “මගෙන් මොනවද? කෙරෙන්න ඕනැ.. අපෙ හාමුදුරුවනේ...” “මං සිවුරු අරිනවා.. කියලා අපෙ නායක හාමුදුරුවන්ගේ මූණ බලාගෙන කියන්න තරම් ආත්ම ශක්තියක් මට නෑ... දායක මහත්තයෝ. සිවුර කටු අකුලක එල්ලලා හොරෙන් යන්නත් මං කැමති නෑ. නායක හාමුදුරුවන්ට කියන්න මං සිවුරු අරින්නෙ මං යාළුවෙලා ඉන්න කෙල්ල කසාද බැඳ ගන්ඩ ඕනෑ හින්දයි කියලා...” දායක මහත්මයා කී දේ අසා නායක හාමුදුරුවන් කලබල වූයේ නැත. කොළයක් අතට ගත් උන්වහන්සේ මේ ගාථාව එහි සටහන් කළහ. Óලෝල බාලිස රෝම රංජිත සිප්පියානන සන්නිහං සෝනිතාකුල පූතිගන්ධිය ඌරුමන්තර සන්ටිතං ඊදිසාසුචි මාර මන්දිර සේවනාලය මානසං කාමතෝජන සාධු වණ්නිත ශාසනාවාචරෝ භව.... “දායක මහත්මයෝ... මේං මේ කොළේ පොඩිනමට ගිහින් දෙනවා හොඳයි... මං දුන්නා කියලා...” එම ගාථාව පොඩි හාමුදුරුවෝ කියවා බැලූහ. “දායක මහත්මයෝ... මං කවමදාකවත් සිවුරු අරින්නේ නෑ. මං අපවත් වෙන්නෙත් සිවුර පෙරවගෙන...” පොඩි හාමුදුරුවන් පැවසුවාලු. (සිරුරෙහි ඇති අප්‍රසන්නතාවය මෙම ගාථාවෙන් පැහැදිලිවම විවරණය කෙරේ.) (මාතලේ අතිරේක - මෙත්සිරි බී. හේරත්) maduranga001Most Senior MemberPosts:14118 25 Nov 2015 02:01 AM මැරුණු බබෙක්ව ඔය වගේ අරගෙන බස් එකේ ආපු අපේ ගමේ හිටපු කාන්තාවක් ගැන අපේ අම්මත් සත්‍ය කතාවක් මට කියල තියෙනවා.. බොහොම ස්තුතියි රෝසි අලුත් නුලකින් අතීත කතා ගොන්නක් එකතු කිරීමට එකතු උනාට.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ indika76Most Senior MemberPosts:10449 24 Nov 2015 07:14 PM මල මිණියක් වාහනයක රැගෙන ගියා කියා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැ... සිත තමයි හැමදේටම බලපාන්නේ.. රසවත් කතා ටිකක් .. එක හුස්මට කියවූවා.. ChandimaAdvanced MemberPosts:509 24 Nov 2015 06:23 PM share kara gattata thanks isurusamSuper Senior MemberPosts:7342 24 Nov 2015 05:49 PM තැන්ක්ස් රෝසි අක්කේ අපිත් එක්ක මේ දේවල් බෙදා හදා ගන්නවට . RosiSuper Senior MemberPosts:5335 24 Nov 2015 03:34 PM මළ දරුවකු සමඟ ත්‍රිරෝද රථ ගමනක් රන්ගිරි දඹුල්ලේ ගොමංහන්දිය තිබූ අවදියේ මේ නගරය නොනිදන නගරයක් බවට පත්වේවි යැයි නොසිතූහ. නොනිදන නගරය ලෙසින් නම් ලද දඹුල්ලේ ත්‍රිරෝද රථ රියැදුරෙක් සමඟ මා කතා කර කර ගියේ අලුයම එකට පමණ ය. අමතක නොවන ත්‍රීවීල් අත්දැකීමක් වේ නම් පවසන ලෙස මා ඔහුගෙන් ඉල්ලා සිටියේ නිදිමත යෑමටත් සමඟ ය. “කතා නම් අනන්තයි. මං මැරෙන තුරු අමතක වෙන්නෙ නැති කතාවකුත් ඒ අතරෙ තියෙනවා මතක් වෙනකොටත් ඇගේ හිරිගඩු පිපෙනවා.” “ඉස්සර වෙලා ඒක කියන්න කො...” “එදා... වෙලාව ඇති දවල් දෙකට විතර... මං හන්දියේ ඉන්නකොට මිනිහෙක් මං ළඟට දුවගෙන ආවා. මිනිහා කතා කළේ හති ඇර... ඇර...” “ඉස්පිරිතාලෙ ගේට්ටුව ඉස්සරහ ඉන්නවා පුංචි බබෙක් තුරුලු කරගත්ත අම්මා කෙනෙක්. වැඩි වයසකුත් නෑ. ඇත්තෙන් ම පුතා... මං ඒ ගෑනු ළමයා අඳුරන්නෙ නෑ... මමත් මේ ඉස්පිරිතාලෙන් බේත් අරගෙන යන ගමන්... දරුවත් වඩාගෙන ටවුමට එන්න අමාරු නිසයි ඒ ගෑනු ළමයා මට කීවේ වීල් එකක් එවන්න කියලා... පව් නේද”? කියලත් මිනිහා මගෙන් ඇහුවා. මමත් ඉතින් ඉක්මනට ම ඉස්පිරිතාලෙ ළඟට ගියා. ලොකු තුවායක් පෙරවගත්ත දරුවෙක් තුරුල් කරගෙන ඉන්න ගෑනු කෙනෙක් මං ඈත තියාම දැක්කා. “වයස කීයක් විතර ඇද්ද?” “අවුරුදු විස්සක් ඇති. එක පාරක් බැලුවොත් තව පාරක් බලන්න හිතෙනවා. හරි ම ලස්සනයි. එයා දරුව තුරුල් කරගෙන ම වීල් එකට නැග්ගා. “ඔයා නම් අනේ... මනුස්සකම් තියෙන මනුස්සයෙක්... ඔයා නාව නම් ඉතින් මේ ගිනි කූටක අව්වේ මේ දරුවත් තුරුල් කරගෙන මං හන්දියට පයින් යන්න එපායැ... ” කියලා එයා මාව අගය කළා. “මේක ඉතින් ඒ තරම් ලොකු උදව්වක් යැ මිස් අනිත් එක මේක මගෙ රස්සාවනෙ. ඇයි? බබාට මොකද? ” කියල මං ඇහුවා. “බබාට හොඳටම උණ. එක්කගෙන එන්න කවුරුත් හිටියෙත් නෑ. ඉතින් මං තනියම ආවා...” “ඩොක්ටර්... මොකද කීවේ... “පරෙස්සම් කරගන්න කීවා... වසංගතයක් වගේ හැම තැනම මැලේරියාවනෙ... අයියෙ...” කියලා එයා කීවා. අපි ගියෙ කණ්ඩලම පාරේ. පාරේ වළවල් පිරිලා. වීල් එක බෝට්ටුවක් වගේ පැද්දෙනවා. ලෙඩින් ඉන්න බබා ගැන හිතලා මං පුළුවන් තරම් වළවල් බේරුවා. ඒ කාලෙ කණ්ඩලම හෝටලයට මුල්ගලවත් තියලා නෑ එදා කණ්ඩලම පාරෙ අද වගේ ඉගිල්ලෙන්න බෑ. අය්යේ අර කළුපාට ගේට්ටුව ඉස්සරහින් නවත්තන්න ” කීවම මං නැවැත්තුවා. කීයක් ඕනි ද කියලා එයා ඇහුවා. අපි ආවේ දුර ගමනක් ඒ කාලේ විදියට මං රුපියල් තුන් සීයක් ගත්තා. මං වීල් එක හරවගනිද්දී එයා... මහ හයියෙන් විලාප තියාගෙන ගේට්ටුවෙන් ඇතුළට දිව්වා. “අනේ...? මගෙ රත්... ත.. ර... න් පැටියෝ ඔයාට මේ මොකද? වුණේ....” කියලා එයා කෑගැහුවා. ඒත් එක්කම ගෙදර අයත් විලාප තියන්න ගත්තා. මං දැනගත්තා මෙතැන මොකක් හරි පලහිලව්වක් වෙලා තියෙනවා... කියලා. මේ පරිප්පුවම නැතත් වෙන වෙන පරිප්පු මං කාල තියෙනවනේ. මට නම් හිතුණෙ නඩුකාර හාමුදුරුවන් ඉස්සරහට යන්න වෙයි කියලා. දවාලක හින්ද හොඳයි. රෑක නම් මං බයවෙනවා. පුංචි එකෙකුගෙ වුණත් මළ මිනියක්නෙ මං පටවගෙන ඇවිත් තියෙන්නෙ. මළ මිනි ගේන්න වෙනම වාහන තියනවනේ. නැත්නම් පාරෙ යන බස් වලත් මිනිස්සු මිනී පටවාගෙන යයිනෙ නේද? “හරි වැඩක්නේ... ඔයා හිතන්නෙ ඒ ගෑනු ළමයා ඇයි? එහෙම කළේ...” “මෙන්න මෙහෙමයි වැඩේ වෙන්න ඇත්තේ... ඉස්පිරිතාලයට යන්න ඉස්සර වෙලා... අම්මාගෙ අතේම දරුවගෙ පණ ගියා. මැරිච්ච දරුවත් අරගෙන ඉස්පිරිතාලයට ගියා නම් මිනිය කෙළින් ම ‘මෝචරිය’ ට දානවා. ඊළඟට මූණ දෙන්න වෙන ප්‍රශ්න මං අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මං රුපියල් තුන් සීයට මිනිය පටවාගෙන ආවට මිනී ගේන වාහනයක ගෙනාවා නම් කීයක් ගනීවිද? මේ සේරම කල්පනා කරල තමයි ඒ ගෑනු ළමයා බොහොම දක්ෂ විදියට මේ රඟපෑම කළේ. බැරි වෙලාවත්... එයා... වීල් එක ඇතුළෙ විලාප තිබ්බ නම්... බය වැඩිකමට මගෙ අතින් වීල් එක පෙරළෙනවා...” ඔහු පැවසුවේ නිදිබර සහ විඩාබර දෑසින් පසුපසට හැරී මදෙස බලමිනි. මෙත්සිරි බී. හේරත් RosiSuper Senior MemberPosts:5335 24 Nov 2015 03:34 PM උළුවහු තබන නැකතට කොණ්ඩය කපා වූ හදිය “මන්තර බලෙන් බස් රිය නැවැත්වූ ගල් දෙවටේ හිමියෝ...” “මුට්ටියේ තියෙන දේ අපිත් වළඳනවා” යනුවෙන් පසුගිය අතීතයෙන් කතාවක් ලිපියේ සඳහන් වුණු ගල්දෙවටේ හිමි පිළිබඳ තවත් කතාවකි මේ. පූජ්‍ය ගල්දෙවටේ හිමියන් විසින් තනා දුන් බලගතු නැකතක් නිසා මුළු ජීවිතයම අඳුරෙනුත් අඳුරට වැටුණු යෞවනියක ගැන කියන්නයි මේ සූදානම. ඇය හරිම ලස්සනයි කියලා නොකීවොත් ඒ ඇයට කරන ලොකු අසාධාරණයකි. මෙහිදී කිව යුතු තවත් විශේෂ යමක් ද වෙයි. ඇගේ ජීවිතය අඳුරු වූයේ ගල්දෙවටේ හාමුදුරුවන්ගේ වරදින්වත්, උන්වහන්සේ තනා දුන් බලගතු නැකතේ වරදින්වත් නොවේ. ඇගේ ජීවිතය අද අන්ධකාරයෙන් අන්ධකාරය දක්වා ගමන් කිරීමෙන් පිළිබිඹු වන්නේත් ගල් දෙවටේ හාමුදුරුවන්ගේ නැකැත් ශාස්ත්රයේ ඇති අසමසම ප්රබලත්වයමයි. ගම්වැසියන් නැකත අකුරටම පිළිපඳින ජීවිතයේ සෑම කඩඉමක් ම නැකතක් හා සම්බන්ධ ය. ජීවිතය අද අඳුරට පත්ව ඇති අපේ තරුණ කථානායිකාව එදා කටේ කිරි පුසුඹ තැවරුණ, කිරි කැටික්කියකි. වසර තුන ඉක්ම යන්නට පෙර නැකතට කොණ්ඩය කැපිය යුතු ය. ඇගේ කොණ්ඩය කැපීමට නැකතක් සාදවා ගැනීමට ඇගේ පියා ගල්දෙවටේ හිමියන් බැහැ දැකීමට යෑමට සූදානම් විය. ඒ දවස්වල එම නිවසේ අලුත්වැඩියා කටයුත්තක් ද සිදුවෙමින් පැවතිණි.“ඈ... මහත්තයෝ... කුස්සියෙ දොර උළුවහු තියන්නත් නැකතක් අදම බලවාගෙන ආවොත් ලේසියි නේද?...” දැරියගේ මව ඇසුවා ය. “ලේසියි නේන්නම්... ලේසියි නේන්නම්... ගමන් දෙකක් යන්න ඕනෑ... නැහැනේ... යැයි කියූ ඔහු ගල්දෙවටේ හාමුදුරුවන් බැහැ දැක නැකැත් දෙක ම පිළියෙල කරගෙන ආවේ ය. දැරියගේ මවටත් පියාටත් යළි නිවැරැදි කළ නොහැකි බරපතළ වරදක් සිදුවිය. කැවුම්, කිරිබත් පිළියෙල කර දැරියගේ කොණ්ඩය කපා තිබුණේ දොර උළුවහු තබන නැකතට ය.උළුවහු තබනවා කියන්නේ හොඳට සිරකිරීමකි. එම නැකතින් කළේ දැරියගේ ද කතාව සිරකිරීම ය. ඇය අදත් ගොළු ය.