Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: ......මගේ හිතට කථා කරන අකුරු .... Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: ......මගේ හිතට කථා කරන අකුරු .... Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review PoddiVeteran MemberPosts:2100 29 Dec 2021 12:52 PM Posted By Imalka on 24 Nov 2021 10:24 AM පොඩි නගා දැන් බිසී සීන් එකේ ඉන්නේ....මම කෝල් එකෙක් දාල බැලුවා. වැඩ කටයුතු අඩු වෙලාවට ආයේත් එයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 29 Dec 2021 12:48 PM Posted By maduranga001 on 11 Sep 2021 12:46 PM පොඩ්ඩියේ... කතාවක් අරං වරෝ... කතාවක් ලියපු කාලයක් මතක නැහැ මධූ අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 29 Dec 2021 12:46 PM Posted By sha733 on 14 Aug 2021 03:12 PM මොන විදියෙන් මේ විදියේ අකුරු කථා කරනවද මන්ද කියවන අපිත් බය වෙනවා සාත්තුවක් කරන්න වෙයිද ඔයාටත් කළු අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* Ind007kaMost Senior MemberPosts:12931 24 Nov 2021 01:55 PM හ්ම්ම්ම් ඔව්නේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... ImalkaVeteran MemberPosts:4533 24 Nov 2021 10:24 AM පොඩි නගා දැන් බිසී සීන් එකේ ඉන්නේ....මම කෝල් එකෙක් දාල බැලුවා. වැඩ කටයුතු අඩු වෙලාවට ආයේත් එයි indika76Most Senior MemberPosts:10449 21 Nov 2021 12:02 PM දැන් පොඩ්ඩි කාර්ය බහුල වෙලානේ මල්ලී... maduranga001Most Senior MemberPosts:14118 11 Sep 2021 12:46 PM පොඩ්ඩියේ... කතාවක් අරං වරෝ... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ indika76Most Senior MemberPosts:10449 25 Aug 2021 11:41 AM පොඩ්ඩි ගොඩ කාලයකින් කතාවක් දැම්මෙත් නෑ.. sha733Super Senior MemberPosts:7332 14 Aug 2021 03:12 PM මොන විදියෙන් මේ විදියේ අකුරු කථා කරනවද මන්ද කියවන අපිත් බය වෙනවා SamAdvanced MemberPosts:712 27 Apr 2021 10:10 AM දිග කතාවක්. අද නම් වෙලාවක් නෑ. පස්සේ කියවන්නම් kingDVeteran MemberPosts:3309 27 Apr 2021 09:56 AM ඒක මරු.. වෙනස්ම එකක්.. Business, you know, may bring money, But friendship hardly ever does. indika76Most Senior MemberPosts:10449 24 Apr 2021 12:42 PM එක හුස්මට කියවන් ගියා. හොද වෙලාවට දවල් කියවූයේ. රෑක නම් බයවෙනවා... PoddiVeteran MemberPosts:2100 24 Apr 2021 12:29 PM - ආත්ම - පා`ඵවට ගිය ඝණ මූකලාන මැඳින් සුපුරුදු වූ අඳුර ගලාගෙන ආවත් ඒ තුළ වෙනදා තිබුන අඳුරටත් වඩා වැඩි අඳුරු බවක් තිබුණු බව මට නොසිතුනා නොවේ. ඉර එගොඩ කන්දට මුවාවෙමින් මිටියාවත පුරාවටම මලානික හිරු රැස් ඇතිරුවේ ඕනෑවට එපාවට මෙන්ය. එහි වෙනදා තිබූ චමත්කාරය දැක ගැනීමට නොහැකි වූයේ හතර වටින්ම වට කරගත් වැහි බීරම නිසා ය. කෝමලව හැමූ සුළඟ මු`ඵ පරිසරය පුරාම චංචල බව වැඩිකරවමින් නොසිතුවම ලෙස මහා කුණාටුවක් බවට පත් වූයේ නිමේෂයෙනි. අතොරක් නොමැතිව හඬ දෙන උළෙලේණියෙකුගේ හඬ අතරෙන් ගේ මැද සාලේ එල්ලා තිබූ ඔරලෝසුවේ 12 කණිසම ටික් ටික් හඬ නැගුවේ වලව්වේ වූ දැඩි පාළුව මකන්නට මෙනි. මේ සා විශාල පාළුවක් දැනෙන්නට වූයේ මා නැවතී සිටි වලව්වේ අයිතිකාරයින් වන මැදි වියේ පසු වූ යුවළක් වන රිද්ම හා විහඟි ද හඟුරන්කෙත ඔවුන්ගේ ළඟම ඥාතියකුගේ අවමගුල් උත්සවයේ අවසන් කටයුතු සිදු කෙරෙන තෙවෙනි දවස සඳහා සහභාගිවීමට ගොසින් සිටිය නිසාම විය හැකිය. එපිටින් වූ කනත්ත දෙසින් ආගන්තුක හඬක් මට ඇසුණත් තවත් මොහොතක් සවන් යොමාගෙන සිටියේ කවුරුන් දැයි හරියටම අවබෝධ කරගැනීමට ය. එහෙත් එසේ හඳුනා ගත නොහැකි වූ හෙයින් මා ඉහළ මාලයට නිදිමරගාතෙම ගාටන්නට වූයේ ඒ ආගන්තුක හඬ එන්න එන්නම වැඩි වූ නිසාවෙනි. විටෙක කෙඳිරිලි හඬක් ද, විටෙක ඉකිබිඳුමක් ද, තවත් මොහොතකින් ඒ ඉකිබිඳුම මහත් වූ අඳෝනාවක් තරමටම ක්‍රමක් ක්‍රමයෙන් වැඩිවන්නට ද විය. තරමක රළු පිරිමි කටහඬක් වුවත්, ඔහු අදෝනා දී පවසන දේ කුමක්දැයි වටහා ගැනීමට තරම් මම සමතෙක් නොවිමි. එකවරම පහළ මාළයෙන් බළලෙකු හෝ බැළලියක කෑගසන හඬක් ඇසුණි. මා සිටිනා නිවසේ කිසිම සුරතල් සතෙකු හෝ ඇති කරනු නොලබන අතර හූ හඬවල් තුන හතරක් වෙනතුරුම කිසිදු නිවසක් හෝ අහල පහළට වන්නට නොතිබෙනා බැවින් කැලෑ බළලෙකු වෙන්නට ඇතැයි මගේ සිතට නැඟුණු පැනයට මා විසින්ම පිළිතුරු ලබා දී විදුලි පනත අතැතිව මිදුලට බැස්සේ ඇසෙනා මිනිසාගේ ශබ්දය නෑසෙන සේ සිටිය හැකි වුවත් කවුරුන් හෝ උදව්වක් ඉල්ලනවා විය යුතු යැයි සිතාගෙනය. මා මිදුලට බැස්ස ද නිවසේ දොර වැසීමට අමතක වූ නිසාවෙන් දොර වැසීමට ආපස්සට අඩියක් ගන්නටත් මත්තෙන් ඉතා විශාල ශබ්දයක් ද සමගින් දොර වැසුණේ නිතැතින්මය. පෙර කෑ ගැසූ බළලා යැයි සිතිය හැකි ක`ඵම ක`ඵ බළලෙකු ද වලව්ව ඇතුළේ සිට බාගෙට වසා තිබුනු ජනේලයෙන් එළියට පැන ළිඳ දිසාවට ගොස් අතුරුදහන් වී ගියේ ක්ෂණයකිනි. ඒ වන විටත් දැඩි සුළඟක් ද හමන්නට පටන් අරගෙන ය. මම නැවතත් මිනිසාගේ හඬ නැගෙන දිශාවට වේගයෙන් අඩි තබන්නට වීමි. පැමිණි සුළඟත් සමග යන්තමට කුඩු පොද වැස්සක් වැටුණ ද එය තද වැස්සක් නොවී දැඩි සුළඟ සමඟ පහව ගියද ආකාශය ගිගුම් දෙමින් විටින් විට අකුණු එළි ද මාවත ආලෝක කරන්නට වූයේ මට ඉදිරියට යන්නට මඟ පෙන්වා දෙන්නට මෙනි. මිනිසාගේ හඬ හැරුණු කොට ඉඳහිටක කෑගසන රැහැයියන්ගේ හඬ පමණක් ඇසෙන ඝණ අඳුර වෙලාගත් කනත්තට මා පැමිණියේ සොල්දාදුවකු මහත් වූ විජයග්රහණයක් ලැබුවාක් මෙන් ජයග්‍රාහී විලාශයකිනි. ක්ෂණයෙන් ඇදී ආපසු ගිය විදුලි කෙටුමකින් වූ එළියෙන් සුදු හැඳගත් මිනිසකුගේ සේයාවක් දුටුවෙමි. “කවුද... ඔතන ඉන්නෙ... කවුද... කියන්න මට...” මගේ හිතේ තරම තිගැස්සුණු ස්වභාවයක් තිබුණද ඒ බවක් නොපෙන්වා විදුලි පන්දම ද ඒ දෙසට එල්ල කරන අතරතුර හඬ අවදි කෙරුවමි. ඔහුට මගේ හඬ ඇසෙන්නට වූ නිසාවෙන් ඔහුගේ අදෝනාව ක්‍රමයෙන් අඩු වූවා විය හැකි ය. නමුදු කිසිදු පිළිතුරක් නොවූයෙන් නැවත වරක් උගුර පාදා තරමක් උස් වූ හඬින් ඔහු ඇමතුවෙමි. “කවුද... ඔතන ඉන්නෙ... කියන්න උදව් කරන්නම් මම...” පෙර පරිදිම කෙඳිරිලි හඬක් ද, විටෙක ඉකි බිඳුමක් ද , තවත් මොහොතකින් ඒ ඉකිබිඳුම මහත් වූ අඳෝනාවක් තරමටම ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට විය. වයස අවුරුදු 70 ක්, 75 ක් පමණ පෙනුමැති කෘෂව ගිය ශරීරයකින් හෙබි උවන පුරා පැතිරී ගිය සුදු පැහැව ගිය රැවුලක් ද හිමි වූ ඔහු, පවසන දේවල් වලින් මට හැඟී ගියේ කවුරුන් හෝ ඔවුන් විසින් මොහු අතරමඟ දමා ගොස් ඇති බවක්ය. “පුතේ මට ගමනක් යන්න තියෙනවා එකේ යන්න එන්න පුලුවන්ද?” ඔහු බැගෑපත් ස්වරයකින් මා ඇමතුවේය. මම ඔහුට ඇහුම්කන් දෙමින්, “කියන්න සිහියේ කොහෙටද යන්න ඕනෙ...,” මම ඔහුට ළං වෙමින් ඇසූවෙමි. ඔහුගේ දෙනෙත් ගොරකා මද මෙන් තද රතු පැහැ ගැන්වී තිබුණි. “අර ඈතටම වෙන්න තියෙන සොහොනේ මගේ හාමිනේ ඉන්නේ,.. ” දිගු සුසුමක් පිට කර ඔහු දෙකම්මුලෙන් ගලා ආ කඳු`ඵ කැට කිහිපය ද පිහ දමමින් යළිත් හඬ අවධි කළේ ය. “එයා කවදාකවත් නොඑන ගමනක් ගිහින්... මාව එතනට එක්ක යන්න පුතේ” ඔහු යළි යළිත් අවසිහියෙන් මෙන් එයම පුන පුනා කියවන්නට වූයෙන් මම ඔහුට දෑත දිගුකොට ඔසවා උරයට වත්තම් කර ගත්තෙමි. ඔහුගේ දෙකම්මුලෙන් ගලා ආ කඳුළු කැට වැඩි වී එක දිගට රූරා වැටෙන්නට විය. ඔහුගේ අත් පා වෙව්ලමින් පැවති අතර ගත ඉතාමත් සීතලකින් යුක්ත වී තිබුණි. ඔහු ගැන විස්තර දැන ගැනීමට අවැසි වුවත් දුකින් ඉන්නා නිසා, හිත පාරවා වැඩි යමක් විමසන්නට හැකියාවක් කිසිසේත් ම මට නොවිණි. ඔහු මා හා වාරු වී ටික දුරක් ගොස් බිම පතිත වී යළි අඬන්නට විය. “මගේ මැණිකේ... හා... මිනේ....” ඔහු සිහිසුන්ව ඇද වැටුණි. මම ඔහුව දෝතට රැගෙන කනත්තේ කොණට වෙන්නට තිබූ කුඩා ශාලාව වෙත රැගෙන ගොස් තබා ඔහු හැඳ සිටි සුදු කමිසය ගලවා එයින් පවන් ගසන්නට වීමි. “සීයේ... සීයේ... කෝ මෙහෙ බලන්න. ඇස් අරින්න. මන් දිහා බලන්න... සීයේ... කතා කරන්න.” බොහෝ වේලාවක දැඩි පරික්ෂමයකින් අනතුරුව ඔහුට යළිත් සිහි එලවා ගන්නට මා හට හැකි වුණි. ඔහුගේ දෙතොල් වියළී ගොසිනි. මුහුණ සුදුමැලි වී මලානික ස්වරූපයක් ගෙන තිබුණි. අසරණ වූ ඔහුව තනිකර දමා මට ආපසු යාමට ද නොහැකි ය. “පුතේ මට වතුර ටිකක්” ඔහු අමාරුවෙන් වචන ගලපා ගත්තේය. අහල පහළ වෙන්නට ළිඳකුත් නැත. කනත්ත පල්ලෙහාට වෙන්නට ඇත්තේ වෙල් යායක් සමග දොළක් බව දිනක් මා නැවතී සිටි වලව්වේ රිද්ම තරුණයා කියූ බව මතක ය.මම විදුළි ප න්දම ද පෙරටු කොටගෙන වෙල් යාය දෙසට පය ඉක්මන් කළෙමි. ගල් තලයක වැදෙමින් පෙණ බුබු`ඵ නංවමින් ඇදී යන දිය පහර ආසන්නයට ගොස් ජලය ගැනීමට පහත් වුවද මා ලිස්සා ගල් තලය දෙසට විසි වී ගියෙමි. ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ මා එක විට තිගැස්සී ගියේ එයා අද්භූත වූ දෝංකාරය නිසාවෙනි. මු`ඵ ගතම දහඩියෙන් වෙලී ගොසිනි. හිරු කිරණ මෝදුවෙමින් මගේ දෙඇස් මත දැවටෙනා වග දැනුණු නිසා දෑස් විවර කර බැලුවෙමි. තදබල පීඩාවකින් මා සිරුර වෙලා ගත්ත ද මා විශ්මිත වූයේ ඉන්නේ කොහේදැයි දෑස් අදහාගත නොහැකි වූ බැවිණි. පෙරදින රාත්‍රියේ කනත්තට ගිය නමුත් එම රාත්‍රිය කෙසේ නිමා වූයේ ද යන වග මා නොදනිමි. අන්තිමට මහ`ඵ මිනිසාට ජලය රැගෙන ඒමට යාමේ දී ගල්තලය මත ඇද වැටුණු බව පමණක් මතක ය. කුඩා කාලයේ එක් දිනක් මවත්, පියත් එක පාපැදියක ද, මා වෙනම පාපැදියක නැගී පියාගේ ඥාතියෙකුගේ අවමඟුලකට සහභාගිවීමට ගිය අතර, එම නිවස පිහිටා තිබුණේ ද මෙවැනිම වූ ඝන කැලෑවක් අතට පිහිටි කනත්තක් ද මතින් වැටී ඇති වැලි පාරක් අතතරින් ටික දුරක් යන තැන ය. අවමඟුල් ගෙදරට සහභාගී වී ආපසු පැමිණෙන විට කනත්තේ මැද හරියේදී මම බයිසිකල් පැටලී වැරෙන් පෑගුවද පිටි පස්සට ඇදෙන බවක් විතරක්ම දැනුණු අතර මොහොතකින් මම බයිසිකලයක් සමගම ඇද වැටුණි. එදා සිදුවීමේ අවසනදී මට සිහි නැතිවී ගොසිනි. මා දෙනෙත් හරින විට සිටියේ වෙද මාමලාගේ ගෙදර ය. “කොලුවාට සිහිය ඇවිත් තියෙන්නෙ... දැන් මෙන්න මේ ඖෂධ උගුර පොවල හිටිය නම් හොඳයි.” වෙදමාමා විසින් පිළියෙල කරන ලද ඖෂධයක් අම්මා අත තැබුවේ මගේ නළලතට ද ඔහු පිටි අත්ල තබන ගමන්ම ය. එහි කල් කදුරු වැනි වූ තිත්ත රසය අදටත් මට බෙහෙත් එපා කරවීමට තරම් විය. “කොහොමද?... දැන් ඉස්කෝලේ මහත්තයෝ... ඔයාට” හැඩිදැඩි නමුදු කරුණාවන්ත පුද්ගලයෙක් මා අසලටවිත් මගේ නමින් ම මා අමතා සුවදුක් විමසුවේ ය. මා කිසිවක් නොපවසා සිනහවක් පමණක් ඔහු වෙතට පා සිදුවී ඇති දේ දැන ගැනීමට මෙන් ඔහුගේ දෑස් දිහා බැලුවෙමි. “අද හැන්දෑ දොහේ ඔයාට වලව්වට යන්න පුළුවන්... රිද්ම පුතයි එයාගෙ නෝනයි එන්නම් කියලා ගියේ...” ඔහුත් වෙදැදුරෙකි. පෙර දින රාත්‍රියේ සිදුවූ සියල්ල වෙදැදුරු විසින් මගෙන් විමසන ලද අතර, සිදු වූ සියල්ල ඔහුට ම’ විසින් එකින් එක කියන්නට වීමි. දෙවියනේ මට අදහාගත නොහැකි විය. රාත්‍රියේ මා හට හමුවූ එම පුද්ගලයා මියගොස් සත් දවසකුත් ගෙවී ගොස්ය. ඒ රිද්මගේ ඥාතියෙකු වූ ලොකු සීයා ය. ඔවුන් පෙරදා සහභාගි වූයේ ඔහුගේ අවමඟුල් උත්සවය සඳහා ය. මරු වැළඳගත් ඔහුගේ බිරිඳ හා ඔහු අවුරුදු ගණනක් පුරා පදිංචිව සිට ඇත්තේ මා දැනට නැවතී සිටින වලව්වේ ය. ඔවුන්ට දාව එකදු දරුවකු වත් නොවූ අතර සිය බිරිඳ මීට අවුරුදු කිහිපයකට කලින් එම වලව්වේ දී ම මියගොස් තිබුණේ අභිරහස් ලෙස ය. තවමත් ඒ මරණය අභිරහසක් ම විනා මරණය සිදුවූ ආකාරය කිසිවකුත් නොදන්නා බවත් වෙදැදුරා විසින් මා සග පවසන ලදී. දේපල වලට අධික තණ්හාවෙන් සිටි තැනැත්තියක් වූ ඇය තම ස්වාමියා සමග නිතර අඩදබර වන අතර ඒ හැම විටෙකම ස්වාමියා වචනයකින් විනා ඇයගේ හිතට දුකක් දී නැත. බැල්ලියක ලෙසින් කාලයක සිට ඇයගේ ආත්මය එම වලව්වේ සැරිසරන බවත් ලොකු සීයා විසින් රටේ හතර දිග් භාගයෙන්ම නොයෙකුත් වෙදැඳුරන් හා යකැඳුරන් වලව්වට ගෙන නොකළ බලි තොවිලයක් හෝ ශාන්තිකර්මක් නොමැති බවත් හා සීය අසනීප තත්ත්වයට පත්වූ පසුව වලව්වේ උරුමය රිද්මට පවරා හඟුරන්කෙත ප්‍රදේශයේ සිය නැන්දණියගේ නිවසක වාසයට ගිය බවත් වෙදැඳුරා විසින් මා සමග පවසන ලදී. ෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆෆ “ගුරුන් වහන්සේ අවශ්‍ය කර සියලු දේවල් ඔක්කොම ලෑස්ති කරලම තමයි ආවේ අපි. පරක්කුත් ඇති. ” “හා ඒකට කාරි නෑ හොඳයි. අපි එහෙනම් පරක්කු නොකර යමු නේද වලව්වට ? පහුවදා උදේ ම කනත්තට යන්නත් එපැයි ළමයිනේ” එහෙමයි වෙද මහත්තයෝ.. ඕන කරන අඩුම කුඩුම ටික හරි විදිහට එකලාසයක් කරගන්න තියෙනවනේ... කෝ පසන් මහත්තයා” රිද්ම ඔහුගේ බිරිඳ සමඟ පැමිණියේ මාව ද විමසමින්ම ය. වැඩි වේලාවක් එහි නොසිට මාත් වෙද මහතා කැටුව ආපසු ගමනට පිටත් වුවද කිසිවෙකුගේවත් වැඩි කතාබහක් නොවිය වෙද මහතාගේ නිවස පිහිටා තිබුණේ වලව්වේ සිට කිලෝමීටර් දාහතක් පමණ දුරකිනි. ඇඳිරි වැටෙන්නට ආසන්න වූ මොහොත වන විට වලව්වට ළඟාවීමට හැකි විය. පසු දින උදයේ මට අද්භූත වූ දෝංකාරය නැවතත් මට ඇසුණු බව පමණක් මතකය මා යළි පියවි සිහියට එන විට සිටියේ කනත්ත එපිටින් පාළුවට ගොස් තිබූ කුඩා ශාලාවේ කොණක එල්ලා තිබූ පැදුරක් මත ය. පහන් පත්තු කර තිබූ අතර, පෙරදින රාත්‍රියේ ලොකු සීයා නැමැති පුද්ගලයා විසින් පෙන්නූ සොහොන් කොත වටේට වන්නට විලක්කු හතරක් දැල්වෙණ අයුරු මට දිස්විණි. “එයා මැරුණේ ... එයා... එයා... මැරුණෙ මගේ අතින්... මට සමාව දෙනවා ද මැණිකේ. මට සමාව දෙන්න බැරි ද කියන්න ... මගේ හාමිනෙ...” අවසිහියෙන් මෙන් මා එලෙස පවසමින් ඒ සොහොන දෙසට ඇදී යන බවක් මතකය. රිද්මත්, ඔහුගේ බිරිඳත් මාව දැඩි ග්‍රහණයට නතු කර ගන්නට වූයේ මාව පාලනය කර ගැනීමට විය යුතු බව පමණක් මට මතක ය. ඒ අභිරහස් මරණය එසේ සිදුවී ඇත. මං ගතට පිවිසි ලොකු සීයගෙ ආත්මය විසින් මීට වසර ගණනකට ඉහතදී සිදුවූ සියල්ල පාපොච්චාරණය කර ආපසු මියගිය ආත්මයට සැනසීම දී ඔහුගේ ආත්මයට ද සැනසීම ලබාගැනීම පිණිස අතුරුදහන් ගොස් ඇත. කිසිවකුත් නොසිතූ ලෙස ගුරුන් වහන්සේ විසින් එම සාත්තුව නිමාකර පසුව වලව්වට පැමිණෙන විට එදින මධ්‍යම රාත්‍රිය ද උදා වී තිබුණු අතර වලව්වට පැමිණි අපට දැකගත හැකි වූයේ මියගිය කළු බැළලියකුගේ සිරුර ගේට්ටුව අසල තිබෙන අයුරු ය. “ඔන්න එහෙනම් ඒ ආත්මයත් අවසානයි.” එලෙස පැවසු ගුරුන්වහන්සේ මියගොස් සිටි කළු බැළලිය දෙස බලමින් දිගු සුසුමක් පිට කළේය. අපි තිදෙනාත් ගුරුන්වහන්සේ අනුව දිගු සුසුමන් හෙලා විඩාබර වූ සිත් නිවා ගත්තෙමු. - අවසානයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 09 Nov 2018 01:31 PM Posted By Udari on 08 Nov 2018 09:48 PM පොඩ්ඩි අක්කි ඔක්කොම කොටස් ටික එකතු කරල දැම්ම නම් අපිටත් රස විඳින්න පුලාන් තාම ඒක කරගන්න බැරි උනානේ. දැනට ත්‍රෙඩ් එකෙන් ඔක්කොම කියවන්නකෝ නංගි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* UdariSuper Senior MemberPosts:5555 08 Nov 2018 09:48 PM පොඩ්ඩි අක්කි ඔක්කොම කොටස් ටික එකතු කරල දැම්ම නම් අපිටත් රස විඳින්න පුලාන් PoddiVeteran MemberPosts:2100 08 Nov 2018 09:59 AM මගේ කතාව මමම පොඩ්ඩක් කියවලා බැලුවා ආයෙත් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 05 Oct 2016 02:11 AM අපරාදේ දඩු කදේ අත්දැකීම විද ගන්න තිබුණු අවස්තාවක්නේ මම මගහැරගෙන තියෙන්නේ ... හිහි ස්තුතියි අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* kingDVeteran MemberPosts:3309 05 Oct 2016 01:35 AM හොද වෙලාවට පොඩ්ඩි මන් හිතපු විදිහටම කතාව නිමා කරලා තියෙන්නෙ ..නැත්නම් ඉතින් බලා ගන්න තිබුන හොදේ ... ස්තූතියි පොඩ්ඩි නංගි අපිට මේවගේ ලස්සන කථාවක් බලන්න සැලස්සුවට Business, you know, may bring money, But friendship hardly ever does. PoddiVeteran MemberPosts:2100 02 Oct 2016 10:31 PM Posted By DanuLiyanage on 02 Oct 2016 02:07 PM thnksss poddi ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* DanuLiyanageVeteran MemberPosts:3457 02 Oct 2016 02:07 PM thnksss poddi මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න PoddiVeteran MemberPosts:2100 02 Oct 2016 08:54 AM ඔක්කොම බැලුවද රෝසි අක්කියෝ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* RosiSuper Senior MemberPosts:5335 02 Oct 2016 08:14 AM ගොඩක් ස්තුති නගෝ ලස්සනම කතාවක් අපිට දුන්නට . PoddiVeteran MemberPosts:2100 02 Oct 2016 05:40 AM Posted By ගීත් on 01 Oct 2016 07:18 PM පොඩ්ඩි අක්කෙ කතාව ලස්සනයි Pdf එක දාපුවම ලික්ක් එක එවන්න හලිද . අමතක කලන්න එහෙම එපා හලි චුට්ට දවසක් දෙන්නකෝ. ඉක්මනින් දෙන්න බලන්නම්.... ස්තුතියි මල්ලියෝ් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 02 Oct 2016 05:40 AM Posted By ගීත් on 01 Oct 2016 07:18 PM පොඩ්ඩි අක්කෙ කතාව ලස්සනයි Pdf එක දාපුවම ලික්ක් එක එවන්න හලිද . අමතක කලන්න එහෙම එපා හලි චුට්ට දවසක් දෙන්නකෝ. ඉක්මනින් දෙන්න බලන්නම්.... ස්තුතියි මල්ලියෝ් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* සඳුනිVeteran MemberPosts:2462 02 Oct 2016 01:08 AM හි හි......... දිනයක වැටහේවී........... ගීත්New MemberPosts:55 01 Oct 2016 07:18 PM පොඩ්ඩි අක්කෙ කතාව ලස්සනයි Pdf එක දාපුවම ලික්ක් එක එවන්න හලිද . අමතක කලන්න එහෙම එපා හලි PoddiVeteran MemberPosts:2100 01 Oct 2016 07:00 PM ස්තුතියි නගෝ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* සඳුනිVeteran MemberPosts:2462 01 Oct 2016 04:58 PM පොඩ්ඩී අක්කේ අදයි මම ඔයාගේ කතාව කියවලා ඉවර කලේ. කතාව ලස්සනයි අක්කේ. කියවලා ඉවර කරලා මිසක් නිදා ගන්න හිතුනේ නෑ. ගොඩක් ස්තූතියි . දිනයක වැටහේවී........... PoddiVeteran MemberPosts:2100 30 Sep 2016 10:15 PM thank u aiye ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* indika76Most Senior MemberPosts:10449 30 Sep 2016 08:17 AM ඊට පස්සේ ඒකට ලොග් වුනාම මේ වගේ පෙන්වාවි.. indika76Most Senior MemberPosts:10449 30 Sep 2016 08:13 AM ඒකට නංගී Mediafire වගේ එකවුන්ට් එකක් හදාගන්න වෙනවා.. එ් සඳහා එම වෙබ් අඩවියට ගොස් Signup වලින් ඔයාගේ තොරතුරු ලබාදී ඊමේල් ලිපිනයක් හා මුරපයක් යොදා එකවුන්ට් එකක් සාදා ගන්න.. PoddiVeteran MemberPosts:2100 30 Sep 2016 05:52 AM dan mata kiyala denna ''PDF FILE '' ekak site ekata upload karana widihath ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 30 Sep 2016 05:51 AM thank u Indika aiye ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* indika76Most Senior MemberPosts:10449 30 Sep 2016 05:33 AM Microsoft වෙබ් එකේ මේ ලින්ක් එකේ තියෙන සොෆ්ට්වෙයා් එක ඩවුන්ලෝඩ් කරගන්න.. https://www.microsoft.com/en-us/dow....aspx?id=7 ඒක ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ Saveas යනකොට pdf පෙන්නනවා... (මම දන්න ක්‍රමය මේක. වෙන ලේසි ක්‍රමයක් තියෙනවානම් කවුරුහරි කියන්න) PoddiVeteran MemberPosts:2100 30 Sep 2016 05:27 AM Posted By indika76 on 30 Sep 2016 05:09 AM සුදු මහත්තයා කවුද කියලා නම් අහන්නේ නෑ... ඔයාට පුළුවන් නම් තව දෙයක් කරන්න.. මේ කතාවේ කොටස් ටික කියවූයේ අපි කාර්ය බහුල අවස්ථාවල ඉන්නකොට නේ.. ඒක නිසා මේකේ නියම රසය විදින්න බැරිවුනා.. සම්පූර්ණ කතාවම Pdf එකක් විදියට අපට ලබාදෙන්නකෝ... ඒ වගේම ඔයාට ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා... බොහොමත්ම ස්තුතියි අයියේ ... උත්සාහ කරන්නම් . මගේ computer එකේ pdf විදිහට save කරන්න බෑ . ඒක හදා ගන්න ඕනි කොහොමද ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* indika76Most Senior MemberPosts:10449 30 Sep 2016 05:09 AM සුදු මහත්තයා කවුද කියලා නම් අහන්නේ නෑ... ඔයාට පුළුවන් නම් තව දෙයක් කරන්න.. මේ කතාවේ කොටස් ටික කියවූයේ අපි කාර්ය බහුල අවස්ථාවල ඉන්නකොට නේ.. ඒක නිසා මේකේ නියම රසය විදින්න බැරිවුනා.. සම්පූර්ණ කතාවම Pdf එකක් විදියට අපට ලබාදෙන්නකෝ... ඒ වගේම ඔයාට ජයෙන් ජය වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා... PoddiVeteran MemberPosts:2100 30 Sep 2016 04:30 AM මම පුංචි පුංචි කෙටි කතා ලීවට මේ විදිහට ටිකක් දිග කතාවක් ලියපු පලමුවෙනිම වතාව මේක නිසා මගේ කතාව කියවලා රස විදපු ඔයාගෙන් මම ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා කතාවේ හොද ,නරක,වගේම වැරදි අඩුපාඩුත් දක්වලා පුංචි හෝ අදහසක් මාත් එක්ක බෙදා ගන්න කියලා .. ඒක මට ගොඩක් ලොකු ශක්තියක් වේවි.. ගොඩක් ලොකු වටිනාකමක් දැනේවි... ගොඩක්ම ගොඩක් ස්තුතියි .. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 30 Sep 2016 04:21 AM තත්සර ප්‍රේමය <3 32 කොටස අවසාන කොටස **** උදා වුණු ඒ අලුත් දවස ගැන මම සතුටු වෙන්නද ?.. දුකින් ඉන්නද ? මම අද මනාලියක් ..ගැහැණු ළමයෙක්ගේ ජිවිතේ ලස්සනම දවස .හීන සැබෑවෙන දවස . අම්මා , තාත්තා , ලොක්කෙ අයියගේ පැතුම් ඉටු වෙන දවස අද .... සිතුවිලි සමුදායක් අතර මම අතරමන් වුණි දෝ....ණි අනේ මගේ කෙල්ලගේ ලස්සන ..'' මම දෙදණ නවා අම්මගේ දෙපා සිප වැන්දෙමි . '' මගේ කෙල්ලට තුනුරුවනෙම සරණයි...'' කියමින් අම්මා ඇගේ ඔසරිපොටේ කොනක් ගෙන රූරා වැටෙමින් තිබු කදුළු පිසදාලමින් මව ඇගේ පපුවට තුරුළු කර ගත්තාය . තාත්තත් මගේ ළගට විත් මාව සිප වැළද ගත්තේය . '' සතුටින් ඉන්න මගේ දුවේ හැමදාමත් ... මහත් වූ සෙනෙහසකින් තාත්තාත් මට ආශීර්වාද කළේ ය . තත්සර අයියගේ බෑන්ඩ් එක ..... ඒ සංගීතේ මගේ හද පසාරු කරගෙන යන්න වගෙයි... ''දෝණි ඇවිත් කිරිබත් කෑල්ලක් කන්න ..'' '' මට කන්න බෑ අම්මේ .... කෝ අම්මේ දිනු .... '' ''කැම කාලා එන්න කියලා ගියා '' රතිඤඤා හඩ අතරින් අම්මා කාමරයට පැමිණ කීවේ ''කට්ටිය ඇවි....ත් ... ..දෝණි ... මොකුත් අඩුපාඩු එහෙම නෑ නේද ....?'' මගේ පපුව ඩිග් ඩිග් හඩින් ගැහෙන්නට විය . '' ලොක්කෙ අයියා විසින්ම අරලියා මල් වලින් ලස්සනම ලස්සනට සරසන ලද මල් මල් පොකුරක් ගෙනවිත් මා ඇත තැබුවේ ය . '' මොක...ද මුණ මැලි කරගෙන . කෝ හිනා වෙන්නකෝ සුද්දී .. ඔයාගේ හීන මම බින්දේ නෑ මගේ නංගියෝ ..'' කියමින් ලොක්කෙ අයියා මාව අතින් අල්ලාගෙන දෙකම්බුල් ලෙන්ගතුව සිප ගත්තේය ... '' ඔයා.....ගේ ආදරේ අද ඔයාගෙම වෙයි...'' මගේ නංගියේ කියමින් ආකාශ් වෙනුවට පැමිණි තත්සර අයියාගේ දෙඅත් ගෙන මගේ දෙඅත් මත තැබීය .. '' අනේ රත්තරන් අයියේ මේ හීනයක්ද ......?....'' ''නෑ මගේ සුද්දි...යෝ... '' කියමින් ලොක්කෙ අයියා තත්සර අයියාටත් මටත් ඉඩ දී එතනින් ඉවත්ව ගියේ ය . මගේ පියවි ඇස් අදහා ගත නොහැකි විය... ලස්සනම ලස්සන හීනයක් හැබෑවක් වෙන දවසක් .... '' සුදු මැණික ...'' තත්සර අයියා හිමින් කොදුලේ ය .... '' ඇත්තටම මම ගොඩක් ආසාවෙන් හිටියේ මේ දවස එනකම්.... ගොඩක් දේවල් සිද්ද වුණා සුදු මැණිකේට නොකීවට ..'' '' දන්නවද ආකාශ් ....'' තත්සර අයියා ආකාශ් අයියා ගැන කියන්නට ගියත් සිදු වී ඇති දේ වටහා ගන්නට හැකි වුයේ ගැබිණි කාන්තාවක් ද සමගින් පැමිණි ආකාශ් අයියා දුටු විටයි... '' මට සමාව දෙන්න තරු .....'' කියමින් ආකාශ් අයියා මගේ ළග හඩා වැටුණේ ය... '' එත් සුදු අයියේ කවුද ඒ ආකාශ් අයියා එක්ක ආවේ ...'' ''..ඒ ප්‍රාර්ථනා ..... .එක දිග කතාවක් මැට්ටි ...එක හිමිට කියන්නම් .... දැන් අපේ කථාව පටන් ගමු ...'' ''පෝරුවේ වැඩ පටන් ගන්න තියෙන්නේ 10. 42 ට ... ඔය දෙන්නා ගිහින් හැමෝටම කතා කරන්න .. මාත් දිනු එක්ක එන්නම් ..'' ලොක්කෙ අයියගේ උපදෙස් පරිදි පැමිණි සිටි නෑදෑ හිතවතුන් සියල්ලටම පිළිවෙලින් කථා කොට යන අතරතුර ආකාශ් අයියා ඒ අසලින් හිද '' මට ටිකක් කථා කරන්න ඕනේ තරු ..'' කියමින් බැගෑපත් විය .. '' තත්සර අයියගේ ඇස් ලොකු වුණා .. ''. please ආකාශ් තරුට මොකුත් අහන්න ඕනේ නෑ ..'' තත්සර අයියා ටිකක් සැර වුණාවත්ද මන්දා එත් තත්සර අයියගේ වදන් නොඅසාම ආකාශ් කෙටියෙන් නමුත් සිදු වුණු සියල්ල මට කිවේ කදුළු පිරුණු මුහුණින් සමාවත් අයදිමිනි... '' මගෙන් සමාව ගන්න ඕනේ නෑ .. මේ අහිංසක කෙල්ලගෙන් සමාව ගන්න අයියේ ...'' කියමින් ආකාශ් අයියගේ දෙඅත් ගෙන ප්‍රාර්ථනා නම් වූ ඇයගේ හිස මතින් තැබුවෙමි . ඇය ආකාශ් අයියව බදාගෙන ඉකිලන්නට විය .. එත් සමගින් අපට පිටු පසින් පැමිණ ලොක්කෙ අයියත් ,දිනුත් ඔවුන්ව අස්වසාලීමට තැත් දැරිය . ''ඔය දෙන්නා ගිහින් යාලුවන්ට එහෙම කතා කරන්න '' ලොක්කෙ අයියා එතනින් අපට යන්නට අණ කළේ ය . ''ප්‍රර්ථනා කියන කෙනා එක්ක ආකාශ්ගේ ගොඩක් කල් ඉදන් සම්බන්ධයක් තිබිලා.. ගෙවල් වලින්වත් දැනගෙන ඉදලා නෑ . අහිංසක දුප්පත් කෙල්ලෙක් ... එදා තත්සර අයියගේ බෑන්ඩ් එක හොයන්න කියලා ලොක්කෙ අයියයි ,ආකාශ් අයියයි යන අතරතුරේදී තමා ප්රර්තනාට අහම්බෙන් වගේ හම්බෙලා තියෙන්නේ .... ආකාශ් මේ කෙල්ලව දරුවෙකුත් බඩට දීලා අනාථ කරලයි මග හැරලා තියෙන්නේ ... එත් කෙල්ලගේ වාසනාවට එදා ලොක්කෙ අයියත් ඉන්න තැනම හම්බෙලා තියෙන්නේ .. මේ හැම දෙයක්ම ලොක්කෙ අයියා දිනුට කියලා .. ඊට පස්සෙයි දිනු අපි දෙන්නා ගැන ලොක්කෙට කියලා තියෙන්නේ ... පස්සේ මම ඔයා ගැන අපේ අම්මටත් කිවා . අම්මට ඔයාව බලන්න ඕනේ හින්දා ලොක්කෙ අයියා කිවා එදා එන්න කියාලා ... ... ඉතින් එදා ඉදන් මම හිටියේ ගොඩක් සතුටින් .... ඔයාව පුදුම කරවන්න ඕනි හින්දයි මේ කිසිම දෙයක් දිනුවත් ,ලොක්කෙවත් , මමවත් ඔයාට නොකීවේ... කෙටියෙන් නමුත් සිදු වෙච්ච හැමදේම තත්සර අයියා මට ගලපා දුන්නේය '' අනේ මගේ සුදු අයියේ ....'' '' හ්ම්ම්ම්..ම්ම් ඔව් මගේ රත්තරන් ....'' ''එන්නකෝ මගේ යාලුවන්ව අදුන්නලා දෙන්න '' කියමින් බෑන්ඩ් එක අසලට තත්සර අයියා මාව රැගෙන ගියේය .. පිලිවෙලින් ඔහුගේ යාලුවන්ව හදුන්වා දුන්නේ ය . '' මේ නම් අකලංක .. මෙයාව දන්නවනේ ඉතින් ...'' තත්සර අයියා අකලංක අයියව බදා ගනිමින් කිවේ ය . ''හා හා මම අකලංක තමයි... මාරු වෙන්න දෙන්න බෑ සින්දුවක් නොකියා නම් ..'' ගිටාර් එක අකලංක අයියා විසින් තත්සර අයියගේ අතට දෙමින් කිවේ ය . '' මගේ සුදු මැණිකේ වෙනුවෙන් සින්දුවක් නෙවේ සින්දු කෝටියක් වුණත් කියනවා කියමින් මගේ නළලතට හාදුවක් ද එක් කළේ ය . නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී, යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බඳුනේ... දිවියේ අශා, ගැඹුරින් ගැඹුරේ, ළයගින් සනහා, අපමයි තැවුනේ ජන්මෙන් ජන්ම රැව්දීලා, ඔබ මා නෙතඟේ රැඳුනා... ඉර හඳ සේ මා, පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියැකීලා, සටනින්, අද මා දිනුවා... නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී, යුගයෙන් බැඳි යුගයේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ... පෝරුවේ වැඩ කටයුතු වලටත් ආසන්නව තිබු හෙයින් යොදාගෙන ගත් සුබ මොහොතින් මගෙත් තත්සර අයියගෙත් ....., දිනුගේත් ලොක්කෙ අයියගේත් විවාහ ගිවිස ගැනීම සිදු විය ... මගේ දෙකම්බුලෙන් කදුළු වැගිරෙන්නට විය ... '' අඩන්න එපා මගේ සුදු මැණිකේ ..මම කැමති නෑනේ ඔයාගේ කදුළු වලට ..'' '' දුකට නෙවේනේ කදුළු ආවේ සුදු අයියේ සතුටට ..'' '' හා හා දැන් මම ඔයාගේ සුදු අයියා නෙවේ ... සුදු මහත්තයා ...'' '' ...හ්ම්ම්ම්ම්...ම්ම්ම්ම්ම් හැමදාමත් ඔයා මගේ සුදු මහත්තයා තමයි...'' කියමින් තත්සර අයියගේ බෙල්ල බදාගෙන ලෝභ කමකින් තොරව දෙකම්මුල් හාදු වලින් පිරෙවුවෙමි ... '' තත්සර අයියගෙත් , මගෙත් දෙමාපියන්ගේ හා පැමිණ සිටි නෑදෑ හිත මිතුරු මිතුරියන්ගේත් ආශීර්වාදය මැද්දේ පෝරුවේ වැඩ කටයුතු නිමා කරමින් තත්සර අයියගෙත් මගෙත් අහිංසක හීනය සැබෑවක් කර ගත්තෙමු. සියුම් තත් සෙමින් පිරි මැද ලෙන්ගතු හද තුල පෙමින් වැයෙන සුමිහිරි ගීතය තත්සර ( මගේ සුදු මහතාගේත් ), තරු ( සුදු මැණිකේ ) වන මගෙත් ජිවිත වල හැමදාටමත් හරි ලස්සන තාලෙන් මිහිරියාවක් ගෙන දෙමින් සදහටම වැයේවි .... ( වචනයෙන් ආදරෙයි නොකීවත් හැමදාටමත්කිසිම අඩුවක් නොවී මහ ගොඩක් ආදරේ මගේ සුදු මහත්තයා වෙනුවෙන් මගේ හිතේ පිරිලා තියේවි... මගේ මුළු ජීවිතේම දිනුවේ ඔයාගේ ආදරේ අවංක හින්දා .... ) -නිමි - ................................................................................................................................ කතාවත් එක්ක රැදුණු අයියලා ,අක්කලා ,නංගිලා , මල්ලිලා ඇතුළු මගේ යාළුවො ඔක්කොටම තුති... මේ ගමන මෙහෙම නිමාවක් දකින්න මගේ කාතාව කියවපු, කමෙන්ට් ,කරපු වගේම .. කතාව පරක්කු වුනාම චැට් එකෙන් ඇවිත් කියලා හරි මාව දිරිමත් කරපු යාලුවන්ට වගේම , අඩුපාඩු තැන් පෙන්නලා වචනයකින් හරි මාව දිරිමත් කරපු මගේ යාලුවනේ ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතියි මේ කතාව ලියන්න මට ශක්තියක් වුණු මගේ සුදු මහත්තයට විශේෂ ස්තුතිය ... ( සුදු මහත්තයා කවුද කියලා නම් අහන්න එපා ඔන්න හි හි ) ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 30 Sep 2016 03:43 AM තත්සර ප්‍රේමය 31 කොටස ලොක්කෙ අයියා phone එක හදලා ගෙනත් දුන්න හින්දා පුළුවන් වෙලාවට තත්සර අයියා මට කෝල් කළේ ය. ආකාශ් අයියගෙත් ,මගෙත් වෙඩින් එකට ඇත්තේ තවත් දවස් කිහිපයක් පමණයි. මම නම් හිටියේ ගොඩක් දුකින් ... තත්සර අයියාත් දුකින් ඉන්න ඇති .. ඒත් ඒ දුක මට නොපෙන්නුවේ මගේ හිත හදන්න ඕනේ හින්දා වෙන්න ඇති ... ''සුදු මැණික සතුටු හිතෙන ආරංචියක් කියන්නද ? ලබන මාසේ උපාධි ප්රදානොත්සවෙට මට ලියුමක් ඇවිත් ...'' ''මේක හීනයක්ද ? ''නෑ ඇත්තමයි සුදු මැණික ...ගොඩක් ප්‍රශ්න මැද්දෙයි මම මේ උපාධිය complete කර ගත්තේ මගේ සුදු මැණිකේ . අම්මගේ වගේම තාත්තගෙත් ලොකු හීනයක් තිබුණා මම උපාධිය ගන්න එක ගැන .. එත් මගේ අවසානාවට ඒ හීනේ හැබෑ කර ගනිද්දී තාත්තා මම ළග නෑ. තාත්තගේ මරණෙන් පස්සේ උපාධිය කරන්න මට ලොකු ආසාවක් තිබ්බෙත් නෑ . එත් මොනවා වුණත් අම්මගේ බල කිරීමටයි උනන්දුව වුවමනාව වැඩි වුණේ . කොහොම වුණත් මම දිනුම් මගේ සුදු මැණිකේ .... ... මගේ එක හීනයක් නම් හැබෑ වුණා. තව එකම එක හිනයි මට තියෙන්නේ ...'' ''ආයෙත් කියන්නකෝ ..'' මටත් අදහාගත නොහැකි සතුටක් දැනුණි ... '' ඔව් සුදු මැණිකේ ඔව් මම දිනුම් ....'' '' කොච්චර දෙයක්ද මගේ සුදු අයියේ ...'' '' තව දවස් දෙකයි වෙඩින් එකට .....'' '' මම දන්නවා සුදු මැණිකේ ... ඔයා දුකින් ඉන්න එපා .... මමත් එනවනේ එදාට ....'' එත් කොහොමද තත්සර අයියා මෙච්චරටම හිත හදාගෙන මාව වෙන කෙනෙකුගේ වෙනවා දකින්නේ ... ''හ්ම්ම්ම්..ම්ම්ම්ම් ...'' මම මොකුත් නොකියා සැනසුම් සුසුමක් හෙලුවෙමි . '' සුදු මැණිකෙගේ නළලට හාදුවක් දෙන්න ඕනි මට ... හැබැයි ඒ බ්‍රහස්පතින්දට හැමෝම ඉස්සරහදි. . හි හි ....'' '' අනේ සුදු අයියේ ඔයාට නම් හිනා ... මම කොහොමද වෙන කෙනෙක්ගේ වෙන්නේ .අපේ සමු ගැන්ම මෙච්චර ඉක්මනට .. මම හිත හදා ගන්නේ කොහොමද මගේ අයියේ ..'' '' ඔයා දුකින් ඉන්න එපා රත්තරන් ... පතාගෙන ආපු කෙනාව තමයි ලැබෙන්නේ ..ඔයාට මාව විශ්වාසයි නේද ..?'' '' හ්ම්...ම් .. '' '' මම ටිකක් busy මැණික මේ දවස් දෙකේ .පරිස්සමින් සතුටින් ඉන්න .. පොරොන්දු වෙන්න දුකින් ඉන්නේ නෑ කියලා ...'' '' හ්ම්ම්ම්...ම්ම්ම් හා ... ඔයත් සතුටින් ඉන්නවා නම් විතරක් හැබැයි ...'' '' මම සතුටින් පැටියෝ .. ඇත්තමයි මහා ගොඩාරියක් සතුටින් ..'' දුරකථනය විසන්ධි කරමින් තත්සර අයියා මගෙන් සමු ගත්තේය .. එත් ලොකු වෙනසක් තත්සර අයියගෙනුත් මට දැනුණි . තරමක් දහවල් වන විට තාත්තලාගේ පවුලේ අයයි , ගමේ අපේ අම්මගේ පවුලේ අයයි අපේ ගෙදරට පැමිණියේ අනිද්දා පවතින විවාහ මංගලෝත්සවය හේතුවෙනි . දිනුකිත් හවස අපේ ගෙදර ආවේ අඩු පාඩු මොකුත් තියේදැයි බලා මට උදවු කිරීමටයි. දිනුකි යහළු මනාලියටත් , ලොක්කෙ අයියා යහළු මනාලයටත් ඉන්නට සිතුවේ ඔවුන්ගේ නම් register කිරීමත් එදිනටම යොදා තිබුන නිසයි ... පහුවදා දින ඉසුරි අක්කාත් පැමිණිය ද ආකාශ් අයියා පැමිණියේ නැත . '' කෝ දරුවෝ ආකාශ් ...'' '' අම්මේ මල්....ලි .....'' ඉසුරි අක්කා පිළිතුරු දෙන්න හැදුවත් ලොක්කෙ අයියා ඉස්සර විය . '' අම්මේ ආකාශ් යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ... හදිස්සිම වැඩකට.. හෙට එයා වෙලාවට එයි .... එන්නකෝ මම අම්මට විස්තරේ කියන්නම්...'' කියමින් ලොක්කෙ අයියා අම්මා කැටුව තරමක් දුරට ගියේ ය . ගෙදර එකම එක කඩිමුඩියකි. තාත්තත් ,පල්ලෙහා ගෙදර මාමත්, ලොකු තාත්තත් එකතු වෙලා පෝරුවේ වැඩ කටයුතු නිම කරන්නට වෙහෙස දරයි... මට මේ දේවල් බලාගෙන ඉන්න බැරිම තැන කාමරයට ගොස් දොර අඩවල් කර ගත්තෙමි .. '' සුද්......දී ... අනේ මගේ කෙල්....ල ...'' අම්මා එහෙම කියද්දී ... '' එපා අම්මේ සුද්දී ඔහොම ඉදපුදෙන් ... කෙල්ල දුකින් ඇත්තේ .... අද විතරයි එයාට දුක .. හෙටින් පස්සේ එයා ගොඩක් සතුටින් ඉදිවී ....'' ලොක්කෙ අයියා අම්මා නවතාලමින් එසේ කියනු මට ඇසිනි .... - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 30 Sep 2016 03:30 AM තත්සර ප්‍රේමය 30 කොටස *** දවස් ගණන් ගෙවිලා ගියත් ආකාශ් අයියා වෙනදා වගේ ආවේ ගියේ නෑ . ලොක්කෙ අයියාවත් අඩුම තරමේ ආකාශ් අයියගේ නමවත් කියනවාවත් බැරි වෙලාකවත් මට ඇහුනේ නෑ . ''අම්මේ අද මම අදුරන කොල්ලෙක් එනවා කිවා එයාගේ අම්මත් එක්ක .. එයාලා ටිකක් දුර ඉදන් එන්නේ . මාලිගාවට යමින් ගමන් මෙහෙත් ඇවිත් යන්න එනවා කිවා.. දවල්ට කෑම ටිකක් වැඩිපුර හදන්න එයාලටත් එක්කම..'' '' හා දරුවෝ.. ඒක මහ ලොකු වැඩක් නෙවේනේ .... සුද්දීත් ගෙදර ඉන්න හින්දා වෙනදට වඩා මගේ අත ලේසි... '' '' හා අම්මේ ... මම පොඩි වැඩ වගයකට යනවා ... ටිකක් වෙලා යයි .. ඒ ගමන්ම දිනුකිව හම්බවෙන්න office එකටත් යනවා ...'' '' හා කොහේ ගියත් පරිස්සමින් ඉක්මනට වරෙන් ... එනවා කියපු අය එන්න කලින් ''. .................................. අම්මත් එක්ක එකතු වෙලා දවල්ට කෑමත් හැදුවා ලොක්කෙ අයියා එනවා කියලා කියපු කට්ටියටත් එක්කම . වීල් එකක් ඇවිත් ගේ ඉදිරිපස නැවැත්තුව සද්දේ ඇහිලා තාත්තා ඉස්සරහට ගිහින් බැලුවා . ඒ ලොක්කෙ අයියා එනවා කියපු අය වෙන්න ඇති ... '' අනේ මේ ළමයනේ ?'' '' කෝ අම්මා එහෙම ඉන්නවද ...'' '' ඔව් පුතේ එන්න ගෙට යමු .අම්මටත් එන්න කියන්න ... ලොක්කෙ කිවා ගොඩක් විස්තර .අපි බලමුකෝ හොද විදිහක් ..'' '' හොදයි තාත්තේ ...'' එළියෙන් ඇහුනේ හදවතට ගොඩක් සමීප සුපුරුදු ලෙන්ගතු වූ කටහඩකි . අනේ දෙයියනේ ඇත්තටම ඒ හඩ නම් .. ඒ හඩ අහන්න , ඒ රුව දකින්න මන් කොච්චර ආසවෙන්ද ඉන්නේ . '' ලොක්කෙ පොඩි වැඩ වගයක් කරගෙන එන්න කියලා ගියා . දැන් එයි මයේ හිතේ ...'' අම්මා එහෙම කියලා කට ගන්න වුනේ නෑ ඒත් සමගම ලොක්කෙ අයියත් ආවේය ..... '' අයියෝ ඇයි මේ හිටගෙනම .... යමු යමු වාඩි වෙන්න .'' ලොක්කෙ අයියා පැමිණි අයව පිළි ගත්තේය. '' මම අපේ අම්මට නම් තාම හරියට විස්තරයක් කිවේ නෑ . තාත්තට විතරයි කිවේ ...'' '' එහෙමද පුතේ ... හිමිට ඒ ගැන කතා කරමුකෝ අපි...දුව කෝ පුතේ....'' මොකක් නමුත් ලොකු රහසක් පැමිණ සිටි අය හා අපේ ගෙදර අය අතරේ ඇති බව ඔවුන්ගේ කතාවෙන් මට දැනිණි ... ආවේ කවුද කියලා ඉස්සරහට ගිහින් බලන්න හිතුනත් එත් එහෙම යන්නත් බෑනේ '' ගෙයි හිටියා දුව ..ඉන්නකෝ මම කතා කරන්නම් ...'' '' ...දෝ....ණි '' කියමින් අම්මා මට අඩ ගැසුවා ය .. '' අම්මේ එහෙනම් කෑම ලෑස්ති කරන්නකෝ බඩගිනිත් ඇතිනේ ...'' . ලොක්කෙ අයියා එසේ කී නිසාවෙන් මට අම්මත් සමග කෑම මේසය පිළියෙල කිරීමට සිදු වුණා විනා ඒ ඇවිත් සිටියේ කවුරුදැයි දැන ගැනීමට නොහැකි විය . '' සුද්දී වතුර එක ගිහින් අල්ලනකො ආපු දෙන්නට .... '' අයියෝ මට බෑ ලොක්කෙ අයියේ ... ඔයාගේ යාළුවට ඔයා වතුර අල්ලන්න ,,,'' ''අදුරනවා ඔයා .. ගිහින් බලන්නකෝ ඒ කවුද කියලා ...'' ලොක්කෙ අයියගේ පෙරැත්තය නිසාම මට වතුර සහිත බන්දේසියත් රැගෙන පැමිණ සිටි දෙදෙනා වෙතට යන්නට සිදු විනි .. මගේ ඇස් පුදුමෙනුත් පුදුමයට පත් විය .. දෙයියනේ මගේ සුදු අයියා .. මගේ ඇස් ඉස්සරහා .... ඒ අහිංසක නෙත් වලින් ඉගි කලේ ඔහු වෙතට එන ලෙසයි... අම්මත් ඇවිත් .... ''මෙයාද දුව ....'' වාඩිව සිටි තත්සර අයියගේ අම්මා නැගිටමින් මගේ හිස පිරිමදිමින් ඇසුවාය . '' ඔව් මලක් වගේ රැක ගත්තු කෙල්ල ..'' තාත්තා පිළිතුරු දුන්නේ ය . '' යමු කෑමට ...'' තාත්තා තත්සර අයියාවත් , අම්මත් කැටුව කෑමට ගියහ . '' කට්ටියම එකට කෑම කමු.දැන් ගොඩක් පරක්කු වෙලානේ ... උදේ 10.00 තිබුණු බුද්ධ පුජාවට තමා අපිට කිරිහාර පුජා කරන්න වුණේ. එකයි මෙච්චර ප්‍රමාද වුනේ ...'' '' කොහොමත් මාලිගාවේ උදේ 6.00 පුජාවට සෙනග වැඩි .. ඒ වෙලාවට නෑවිත් ඔය වෙලාවටම ආපු එක හොදයි..'' අපේ අම්මා කිවේ ඔවුන් ඇවිත් තියෙන්නේ හරි වෙලාවට බව පැවසීමටයි . සියලු දෙනාම තත්සර අයියගේ අම්මගේ යෝජනාව නිසාම එක්ව ආහාර ගත්තෙමු . ආහාර ගැනීමෙන් පසු ටික වෙලාවක් රැදී සිට ඔවුන් ආපසු ගියේ රෑ වෙන්න කලින් ගෙදර යා යුතු නිසාත් තත්සර අයියට රෑ show එකක් තියෙන නිසාත්ය . තත්සර අයියා නම් හිටියේ ගොඩක් සතුටින් ... තව පුංචි වෙලාවක් හෝ ඉදලා ගියා නම් කියලා මට හිතුන වාර අනන්තයි . '' සු...ද්දී ආ මෙන්න ඔයාගේ phone එක හදාගෙන ආවා ..'' ඔවුන් ගිය පසු ලොක්කෙ අයියා මගේ පෝන් එක මා අත තැබීය . '' වෙනදා වගේ තරහා බැල්මක් ලොක්කෙ අයියගේ ඇස්වල දකින්නට නොවිණි . එදා හවසම ආකාශ් අයියා අපේ ගෙදර ආවේය . '' සුද්දී උබ පලයන් ගෙට ....'' මහත් වූ පුදුමයකි .. කවදාවත් එලෙස නොකියූ ලොක්කෙ අයියා එදා ආකාශ් අයියට මාත් එක්ක වචනයක්වත් කතා කරන්නට ඉඩ නොදුන්නේ ය . ඒ මොනා වුනත් එකනම් හොදයි.. මගේ හිතින් මම සතුටු වුනෙමි . ''කෝ ප්‍රාර්ථනා ...'' ''එයා බෝඩිමේ හිටියේ අද වෙනකම් .. මම එයාට ගෙදර යන්න කිවා .. සලිත් දීලා ආවා .මේ සතියේ සදුදා මම එහෙ යනවා ලොක්කෙ . . මට සමාවෙයන් .'' ආකාශ් අයියා බිදුණු ස්වරයෙන් ලොක්කෙගෙන් අයැද සිටියේ ය . '' උඹ කොච්චර ලොකු බොරුවක්ද අපිට කලේ .එකටම ඉදලා... හොද පෙන්නගෙන ... හොද වෙලාවට හැමදේම දැන ගත්තේ ..'' ලොක්කෙගේ නම් හිත ගලක්ද මන්ද ... ඇයි මේ ආකාශ් ට මෙහෙම බනින්නේ,,, '' ලබන බ්‍රහස්පතින්දා දවස මතකනේ ...තරුගේ වෙඩින් එක ... එදාට වරෙන් .... '' '' ඒ..ත් ලොක්කෙ .....'' ''තරුට කියන්න මම ගියා කියලා .. මම යනවා ලොක්කෙ ...'' '' හ්ම්....ම් දැන්වත් හොද එකෙක් වෙන්න බලපන් ...'' ලොක්කෙ අයියාත් , ආකාශ් අයියත් කතා කරන දේවල් හොරෙන් මම කන් දීගෙන සිටියෙමි. එත් කිසි දෙයක් මට වැටහුණේ නැත . වෙනදා වගේ අම්මා තේ හදාගෙන ඇවිත් ආකාශ් අයියට පිලි ගන්නුවෙත් නැත .. උදේ ඉදන් හවස් වෙනකන්ම ඒ ගෙවුණු දවස නම් ලිහා ගන්න බැරි වුණු ප්‍රෙහෙලිකාවක් වගෙයි . තත්සර අයියව දැක ගන්න ලැබුණු නිසා මොනවා වුණත් මගේ හිත ගොඩක් පිරිලයි තිබුණේ . <3 <3 - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 30 Sep 2016 03:19 AM තත්සර ප්‍රේමය 29 කොටස ***** හදවත කොනක රදවා ගත්තු ආදරණිය මතකයනුත් එක්ක තත්සර අයියා මුණ ගැසුණු පළමු දින ඔහු විසින් මට තිලිණ කරන ලද මල් වාස් එක මගේ පපුවට තුරුල් කර ගත්තෙමි. ඒ සුපුරුදු සුවද මට ආයෙත් ලං වුණා වගෙයි . අපි ගොඩක් ආදරය කළා . හිත්වල පිරිලා තිබුන දුක ,සතුට බෙදා ගත්තා. නෙත්වල පිරුණු කදුළු ඒ ගොඩක් ආදරේ හින්දම වෙන්න ඇති. නෑ මම අඩන්නේ නෑ කවදාවත් .. මගේ වෙන්නේ තත්සර අයියා විතරමයි... නැවතත් මම නෙත්වල පිරිලා තිබුණ කදුළු පිහදාගෙන හිත හයිය කර ගත්තේ තත්සර අයියා එදා කියපු දේ මතක් වෙලයි... '' පතාගෙන ආපු කෙනයි ලැබන්නේ ...'' හ්ම්ම්ම් ඇත්තමයි ... ඒ ඔයාම විතරයි මගේ සුදු අයියේ .. දන්නවද ....මගේ අහිංසක පැතුම ඔයා .... ''සුද්...දී ...'' ලොක්කෙ අයියා නොසන්සුන් බවකින් යුතුව මට කතා කළේ ය . '' ඇ...යි ලොක්කෙ අයි....යේ මේ අවුලකින් ව...ගේ ...'' '' කෝ.... අම්...මා ...'' මම ඇසු දේට පිළිතුරු නොදීම ලොක්කෙ අයියා අම්මා කොහෙදැයි විමසුවේය .. '' අම්මා ගියා හේනේ ගෙදර නැන්දලාගේ දිහා ....'' '' ඒ ඇයි සුද්දී ....'' ''..wedding එක දවසට ගන්න ආස්මි ටිකක් හදා ගන්න එන්න පුළුවන්ද කියලා අහන්න ගියේ ..'' '' වෙඩින් ,....?...'' ''හ්ම්....ම්'' ලොක්කෙ අයියා හිටියේ නම් ලොකු හිතේ කලබලයකින් ... ''ඇයි ලොක්කෙ අයියේ ඔහොම ... මොකද ගිය වැඩේ හරිද ..?..'' '' අහ් ඒ වැඩේ නම් හරි ... band එක එදාට දෙන්න පුළුවන් කිවා අපි advance එකක් ගෙවලම ආවා .. සුද්දිට මතකද එදා අනුරාධපුරේ යද්දී හම්බුණේ .... අපේ වෑන් එකේම ආවේ ...'' '' ඔ..ව් ඔ...ව් ලොක්කෙ අයියේ මතකයි ..'' ''අන්න එයාලගේ බෑන්ඩ් එක තමයි බලන්න ගියේ ...'' එහෙනම් එදා දිනුකි කියපු කතාව හරි... ආකාශ් අයියා තත්සර අයියට කෝල් කරලා තියෙන්නේ බෑන්ඩ් එක ගන්න . දෙයියනේ මගේ පපුව ඩිග් ඩිග් හඩින් ගැහෙන්නට විය .වෙන කෙනෙක්ගේ අතිනත පටලවා ගන්න වෙන්නේ තත්සර අයියගේ ඉස්සරහදීමද ..? '' සුද්දී අම්මට කියන්න මම ඇවිත් ආපහු දිනුකිලාගේ දිහා ගියා කියලා ... මම ඉක්මනින් එන්නම් ආපහු ..'' '' එත් ඇයි මේ හදිසියේම දිනුකිගේ ගෙදර යන්නේ ....'' '' හරි හරි මට එහෙ යන්න හොද නැද්ද ...'' ලොක්කෙ අයියා තරහෙන් එලෙස ඇසු නිසා මම තවත් මොකුත් නොකියා නිහඩ වුයෙමි . බයික් එකට නැගුණු ලොක්කෙ අයියා කවදාවත් නැති වේගයකින් ඉගිල යනු මම මිදුලේ සිට බලා සිටියෙමි . ලොක්කෙ අයියා නිවසින් පිටව ගොස් හෝරා කිහිපයක් ගත වීමෙන් අනතුරුව ගෙදර පොන් එකට කෝල් එකක් ආ බැවින් අම්මා නොමැති නිසාවෙන් මම රිසිවරය කන තබා ගත්තෙමි . ඒ කට හඩ බිදුණු කට හඩකි ... '' අනේ තරු .....'' '' ඇයි දිනු මේ ...'' ''ලොක්කෙ අයියා අපේ ගෙදර ආවා .. ආකාශ් එක්ක රණ්ඩු වෙලා හොදටම තුවාල කරගෙනයි හිටියේ ...ආකාශ්ට බැන බැන ගොඩක් ඇඩුවා .. එත් මට කිසිම හේතුවක් කිවේ නෑ .'' දිනුකි ඉකිබිදිමින් හඩන්නට විය . දවසක් මම හීනෙන් බය වුණේ ලොක්කෙ අයියට කවුදෝ ගහනවා දැකලා .. එත් ඒ හීනේ ....ඇත්තක් නොවෙන්නයි මම පැතුවේ ? '' අනේ දිනු .. '' මගේ හිතටත් ලොකු බයක් දැනුණි . එත් මමත් අඩන්න ගත්තොත් දිනුකිගේ හිත හදන්නේ කොහොමද ..? '' අඩන්න එපා දිනූ .. කවදාවත්ම ලොක්කෙ අයියයි , ආකාශ් අයියයි රණ්ඩු නෑ . එක ඔයත් දන්නවනේ දිනු.. ස්කොලේ හිටියත් එකටමනේ හිටියේ.. මොකක් හරි පොඩි දෙයක් වෙන්න ඇති ..'' ''හ්ම්ම්..ම්ම්ම් ඒක මම දන්න හින්දා තමා මෙච්චර දෙයක් උනේ කොහොමද කියලා බයෙන් ඉන්නේ . අනේ තරු... අයියා ගෙදර ආවම මට කියන්න ... '' '' හා දිනු මම කියන්නම් ...'' මහ රෑ වෙනතුරුත් ලොක්කෙ අයියා ගෙදර නො ආපු නිසා අපේ ගෙදර හැමෝම හිටියේ ගොඩක් කලබලයෙන් . ලොක්කෙ අයියගේ පොන් එකක් off වෙලා . ආකාශ් අයියට ගත්තට එයාගේ පොන් එකත් වැඩ නෑ ... ආකාශ් අයියලාගේ ගෙදර පොන් එකට ගත්තත් එත් කිසිම පිළිතුරක් නොවිණි . මුළු ගෙදර පුරාම පැතිරී තිබුණේ දැඩි නිහඩ බවකි ... මහත් වූ නිහඩතාවය බිදිමින් අදුර දෙබෑකරගෙන ලොක්කෙ අයියා වේගයෙන්විත් ගෙමිදුල දොරකඩ නතර කළේය . අප කාගේත් අගට ලේ බිදුවක් ඉනුවේ .එවිටයි.. ''කොහෙ...ද දරු..වෝ... මේ රෑ වෙනකම් හිටි....යේ ...'' '' ඇ..යි සුද්දී කිවේ නැද්ද අම්මට මම කොහෙද ගියේ කියලා .. මම කිවනේ කියන්න කියලා ..'' '' කිවා ළමයෝ කිවා .. ඒ..ත් මේ මහ රැ වෙනකම් ...'' '' ආහ්හ් අම්මේ මේ .. මේ මම ආකාශ් එක්ක ගමනක් ගියා ..'' ''හ්ම්ම්ම් ...ම්ම් .. ඇග පත හෝදගෙන ඇවිත් බත් කන්න. බෙදලා වහලා තියෙන්නේ ...'' අම්මා ලොක්කෙ අයියගේ හිස ගොඩක් ආදරයෙන් අත ගෑවාය . '' ඌ..යි .. ඌ...යි ..... '' ලොක්කෙ අයියා කෙදිරි ගෑවේය .. '' ඇයි ලොක්කෙ ..'' '' නෑ . මො ..කුත් නෑ අම්..මේ ... බයික් එක පෙරළුනා.... ඔළුව වැදුනා පොඩ්ඩක් .. එතන ටිකක් .කැක්කුමයි ..'' '' හා කාලා එන්නකෝ ... මම ඔතනට තෙල් ටිකක් රත් කරලා දාලා තවන්නම් ...'' කියමින් අම්මා ලොක්කෙ අයියගේ මුණ සිප ගත්තේ මහත් වූ දරු සෙනෙහසකිනි. ලොක්කෙ අයියා අම්මව බදාගෙන ටික මොහොතක් හිටගත්වනම සිටියේය. '' හා හා ඔය මදැයි .. අම්මගෙයි පුතාගෙයි හුරතල් ..කෑම සිතල වෙලා ඇති දැනටමත් ....'' කිසිත් නොකියා නිහඩවම සිටි තාත්තා සරදම් ලෙස කිවේ ය . මම ගොඩක් නිදිමතෙන් හිටපු නිසා නිදා ගන්නට කියලයි කාමරේට ගියේ... නොදැනීම ඇහැ පියිවිගෙනයි මම ඉන්නට ඇත්තේ ... '' ඒ මගුල කරන්න වෙන එකක් නෙවෙයි අම්..මා .ආකාශයා කියන්නේ බොරුකාරයෙක්.අපේ එකිගේ ජිවිතේ තව ටිකෙන් විනාශ වෙලා යනවා.'' ලොක්කෙ අයියගේ ඒ වචන ටික මට හීනෙන් මෙන් ඇසුණි .. ඇත්තටම එය හීනෙන් ඇසුණු දෙයක් නොවේවායි...!!! මම අඩනින්දෙන්ම පැතුවෙමි. - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 30 Sep 2016 03:08 AM තත්සර ප්‍රේමය - 28 කොටස - අවුරුදු ගානකට පස්සේ වුණත් දිනුකිව දැක්ක වෙලාවෙම අපේ ලොක්කෙ අයියාට එයා ගැන ආදරයක් ඇති වෙලා . එදා හවස ලොක්කෙ මාව එක්කගෙන යන්න ආපු වෙලාවේ දිනුකි එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා . දිනුකිගෙත් අකමැත්තක් නම් නෑ වගෙයි මට හිතුණ විදිහට.. කාලය හිතනවටත් වඩා බොහොමත්ම ඉක්මනට ගෙවිලා ගිහිල්ලා. '' සුද්දී දැන් ඇති ඔයා රස්සා කළා . ආකාශ් ට පුළුවන් උඹව හොදට බලා ගන්න '' ලොක්කෙ අයියා මට රස්සාවෙන් නවතින්න කියලා නිතරම කියපු නිසා මට ඉල්ලා අස්වීමේ ලිපිය දුකින් වුණත් දවස් කීපයක් ඇතුලත භාර දෙන්න සිදු වුණා . දිනුකි කිවා වගේ හැමදේම වෙන්නේ හොදටනේ කියලා හිත හදා ගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද මම ? මගේ phone එකත් කැඩුන හින්දා අඩුම තරමේ තත්සර අයියට msg 1ක් වත් යවන්නවත් වුනේ නෑ යලිත් සුපුරුදු තනිකම දාරාගෙන ගෙදරට වෙලා ඉන්න සිදු වුණේ මම කිසි දිනකවත් නොහිතපු විදිහටයි . ඉඩක් ලැබුණු විටෙක දිනුකි අපේ ගෙදර ආවා ගියා . '' තරු අද ආකාශ් තත්සර අයියට කෝල් කරලා ...'' මගේ පපුව ඒ ඇසුණු වදනින් හෝස් ගාලා පත්තු වෙලා ගියා .. ''ඒ ඇයි කිවේ නැද්ද බන් '' '' මොකක්ද වැඩක් කර ගන්න තියෙනවා කියලා කිවලු .. එත් හරියටම වැඩේ ගැන නම් කිවේ නෑලු. එයාව හම්බ වෙන්න එන්නම් කිවලු ආකාශ් '' '' හ්ම්.....ම් ඒ ....කත් එහෙමද ? .ම...ට නම් බයේ බෑ දිනු මොනවත් ප්‍රශ්නයක්වත් ඇති වෙයි කියලා..'' '' අනේ මන්දා බන් .මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවත් නම් කරන්න වෙන්නේ නෑ තරු අපිට ..'' මම දිග සුසුමක් හෙලමින් හිත සැහැල්ලු කර ගන්නට වෙර දැරුවෙමි .. කයා ගන්න බැරි තරමේ මොකක්දෝ ලොකු දුකකින් පිරිලයි තිබුනේ ... දිනුකි පුළුවන් විදිහට තත්සර අයියගේ පණිවිඩ මට ගෙනත් දුන්නා. ඒත් ඒ ටික කාලයයි ... දිනුකිට කැමතියි කියන එක ගැන අපේ ලොක්කෙ අයියා අම්මලාට කියලා තිබුණා. අපේ අම්මලා දිනුකිගේ ගෙදරිනුත් අහලා එයාලගෙත් අකමැත්තක් නැති හින්දා ඒ දෙන්නගේ විවාහයත් නොසිතපු තරම් ඉක්මනට සිදු කරන්න තීරණය කරලයි තිබුණේ .. ඒ හින්දා ඒ දෙන්නගේ විවාහය කෙරෙනකම් අපේ දිහා එන්න අවස්ථාව දිනුකිට නැතුව ගියා . ගොඩක් වෙලාවට ආකාශ් අයියා අපේ ගෙදර ඇවිත් ගියේ අපේ විවාහ උත්සවයට ඒ හැටි දවසක් නොවූ නිසාමයි. හැමදේම ආකාශ් අයියගේ හා ලොක්කෙ අයියගේ වුමනාවෙන් , කැපවීමෙන් පිළියෙල වුණි . මගෙන් නම් වචනයකින්වත් උදවුවක් නොවිණි . '' තරු ... ඔයා වෙනදටත් වඩා මගෙන් ඈත් වෙලානේ .. පොඩි කාලේ කොච්චර සතුටින්ද අපි හිටියේ... ඔයාට මතකද අපි ස්කොලේ යන දවස් ... එතකොට ඔයා ගොඩක් පුංචියි. .. කොච්චර හුරතල්ද ... ගිරවියෙක් වගෙයි කථාව .. කෝ ඉස්සර හිටපු මගේ හුරතලී ...'' ආකාශ් අයියගේ කියවිල්ල නම් මට එපා වෙලයි තිබුනේ ... ඔහුට ඕනේ දෙයක් කියන්නට ඉඩ තියලා ඒ හැම දෙයක්ම අහගෙන ඉන්නවා විනා මම කිසිත් නොකියා සිටියෙමි . ''අයියේ මම ඔයාට තේ එකක් හදාගෙන එන්නම් ...'' මට ඔහුගේ කියවිල්ල ඉවසා ගන්න බැරිම තැන එසේ කිව්වෙමි . '' හා හදාගෙන එන්නකෝ පැටියෝ තේ එකක් .. මාත් ඉක්මනට යන්න ඕනේ.. wending එක දවසට ගෙන්නන බෑන්ඩ් එකේ කොල්ලෙක්ව හම්බ වෙන්න යන්න තියෙනවා ... හරියට තාම විස්තරයක් කතා කර ගත්තේ නෑ . එයාලා වෙන වැඩක් එහෙම බාර ගත්තොත් නැත්නම් .. ඒ හින්දා ගිහින් හම්බෙලා එක ok කර ගන්න ඕනි හරියටම ...'' '' හා.... එහෙනම් අයියේ මම ඉක්මනට හදාගෙන එන්නම්කෝ ..'' කියමින් මම ඔහු වෙතින් නැගිට යන්නට හැදූ නමුත් මගේ සුරතින් අදිමින් මාව ඔහු තුරුලට ගන්නට විය ... '' අ....නේ ආකශ් අයියේ මා...ව අත අරින්නකෝ '' ''කෙල්ල කැමති නේද මම ඉක්මනින් මෙහෙන් යනවට..කපටි කෙල්ල ..'' '' නෑ.... එහෙම දෙයක් නෑ අයියේ .. ඔයාට කොහෙද යන්න තියෙනවා කිවනේ.. පරක්කු වෙන නිසයි එහෙම කිවේ ..'' '' ඉති....න් ඔ...යා මගෙනේ පැටියෝ ..'' ඒ වුණාට මම ඔයාගෙ වෙලා නෑ තාම ... එහෙම හිතන්නවත් එපා ..'' මම තේ එකක් හදන්නට යන විටත් අම්මා අපි හැමෝටම තේ හදලයි තිබුනේ ... '' දරුවෝ මේ තේ එක බොන්න ...;;'' කියමින් අම්මාම තේ එක ආකාශ් ට පිළී ගන්වන්නට විය . '' හරි එහෙනම් අම්මේ මම ගිහින් එන්නම් .. ''ලොක්කෙ හරිද බන් ලෑස්ති වෙනවද තාම ..'' '' හරි හරි මස්සිනේ .. තව විනාඩි 2ක් දියන්....කෝ ..'' ලොක්කෙ අයියාත් , ආකාශ් අයියා සමගම ගියේ ඒ කියපු වැඩේටම වෙන්න ඇති. ලොක්කෙ අයියත් ගෙදර නැති නිසා මම තරුට ගෙදර phone එකෙන් කෝල් එකක් ගත්තේ මගේ පාළුව තනිකම ටිකක් හෝ අඩු කර ගන්නට සිතාගෙනයි ... බොහෝ වෙලාවක් යනතුරු office එකේ විස්තරයි , තත්සර අයියා ගැනයි , ලොක්කෙ අයියා ගැනයි අපි කතා කෙරුවෙමු .. එත් හැබැයි ගොඩක්ම දිනු කතා කලේ නම් අපේ ලොක්කෙ අයියා ගැන තමයි... එයාටත් දැන් ලොක්කෙ අයියගෙන් එහා ලෝකයක් නැති තරම් වගෙයි... ආදරේ කරන දෙන්නෙක්ට මියෙනතුරා මුළු ජිවිත කාලය පුරාවටම එකට ඉන්න ලැබෙනවා නම් ඒක කොයි තරම් වාසනාවක්ද? එත් ඒ වාසනාව හැමෝටම හිමි වෙන්නෙත් නෑනේ .. තත්සර අයියව මගේ කර ගන්න මට වාසනාවක් තියෙයිද .. ? මම ඒ සිතුවිල්ලත් හිතේ තද කරගෙනම දිනුකිට සමු දී දුරකථනය විසන්දි කෙරුවෙමි . - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 29 Sep 2016 11:20 AM Posted By Dushan on 28 Sep 2016 12:50 PM ස්තුති මාත් කියෙව්වා මේ වෙනකන් නිමි නැති නිසා ඉතුරු කොටසත් දාන්න එහෙනම් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 29 Sep 2016 11:19 AM Posted By Dushan on 28 Sep 2016 12:50 PM ස්තුති මාත් කියෙව්වා මේ වෙනකන් නිමි නැති නිසා ඉතුරු කොටසත් දාන්න එහෙනම් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 29 Sep 2016 10:40 AM රජාගෙන් අණක් ලැබුණා කලු අයියේ.. හී ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 29 Sep 2016 06:47 AM පොඩ්ඩිත් වැඩේට බැහැල නේද RosiSuper Senior MemberPosts:5335 28 Sep 2016 04:30 PM නිමි ................... අහ් නැ ලු ,,හි හි නාගත් බය කරනවා නේද අපිව PoddiVeteran MemberPosts:2100 28 Sep 2016 01:07 PM Posted By Dushan on 28 Sep 2016 12:50 PM ස්තුති මාත් කියෙව්වා මේ වෙනකන් නිමි නැති නිසා ඉතුරු කොටසත් දාන්න එහෙනම් හා දාන්නම් .... ස්තූතියි දූෂාන් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 28 Sep 2016 01:07 PM Posted By Dushan on 28 Sep 2016 12:50 PM ස්තුති මාත් කියෙව්වා මේ වෙනකන් නිමි නැති නිසා ඉතුරු කොටසත් දාන්න එහෙනම් හා දාන්නම් .... ස්තූතියි දූෂාන් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* DushanVeteran MemberPosts:2536 28 Sep 2016 12:50 PM ස්තුති මාත් කියෙව්වා මේ වෙනකන් නිමි නැති නිසා ඉතුරු කොටසත් දාන්න එහෙනම් PoddiVeteran MemberPosts:2100 28 Sep 2016 05:08 AM Posted By kingD on 28 Sep 2016 04:55 AM මමත් හොල්මන් උනා නිමි කියල දැක්කහම ..... හිහි කියෙව්වද ඔක්කොම ටික ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* kingDVeteran MemberPosts:3309 28 Sep 2016 04:55 AM මමත් හොල්මන් උනා නිමි කියල දැක්කහම ..... Business, you know, may bring money, But friendship hardly ever does. PoddiVeteran MemberPosts:2100 28 Sep 2016 04:32 AM -තත්සර ප්‍රේමය - 27 කොටස ************ එළැඹි ඒ ඉරිදා දිනය ගෙවා ගත්තේ බොහොමත් අමාරුවෙන් ... තත්සර අයියා එක්ක හරියට කතා කරන්නවත් පුළුවන් වුණේ නෑ ලොක්කෙ අයියා ගෙදර හිටපු හින්දා ... ලොක්කෙ අයියා මගෙත් එක්ක ගොඩක් තරහෙන් හිටිය හින්දමද මන්දා කවදාවත් නැතිව එයා රේඩියෝ එක හයියෙන්ම දාලා. .. දුක හිතෙන සින්දුවක් . ඒ සින්දුවත් හරියටම මටයි ,තත්සර අයියටයි වගේමයි... ''ලියූ කවි පද දහක් අතරේ ලියා ගන්නට බැරිව ලතැවුන එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං... තවම ලියනවා මං... නුඹෙ සුවඳ රැදි පපුව ගැඹුරේ කියා ගන්නට බැරිව සැනහුනු එකම එක දිග පුංචි පැතුමක් තවම පතනවා මං... තවම පතනවා මං... උණුසුමක් රැදි පළල් උරයක වෙලී සැතපී නිදන යුගයක නුඹෙ සුසුමක් සමග මියැදී යන්න තිබුනා නම්.. මගෙ දෙනෙත්පෙති තෙමා රිදවන කදුළු නෑ එහෙනම්... සදවතක රැඳි සදළු තලයක තරු කැටක් වී රැදුනු දවසක ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ රැඳී නොතිබුනි නම්.. මගෙ දරදඩු පිරිමි සිත යට කඳුළු නැ එහෙනම්...'' '' දුකයි මගේ සුදු අයියේ ඔයාගේ ඇස්වලට කදුළු දෙන්න මම... ඔයාව මතක් වෙන හැම මොහොතක් ගානෙම මම හිතින් විදවනවා ... බලාපොරොත්තු තියාගෙන එකම හිතින් ඔයාට ආදරේ කරන්නේ මම .. ඔයා මගේ වෙන් නෑ කියලා හිතන්න අමාරුයි මට කවදාවත්.... පසු දින උදෑසනින්ම අවදි වී ගෙදර වැඩත් ඔක්කොම ඉවර කරන්න අම්මටත් උදවු වෙලා වෙනදටත් වඩා කලියෙන්ම වැඩට යන්න ලෑස්ති වුණේ ලොක්කෙ අයියගේ මුණවත් බලන්න නොහැකි වූ නිසාමයි .. ඔහුගේ රැවුම් ගෙරවුම්වල සීමාවක් නම් දකින්නට නොහැකි විය .. ''අම්මේ මම යනවා .....'' කියමින් මම අම්මගේ දෙපතුල් සිඹ වැද තාත්තාටත් දෙදණ නවා වැද පිටත් වීමට සූදානම් වූයෙමි. ''හා...... ම...ගේ කෙල්ලට තුනුරුව...නේ සරණයි.පරිස්සමින් ගිහින් එන්.....න ..'' අම්මගෙත් ,තාත්තගෙත් හිත්වල වුයේ එකම එක ආශීර්වාදයකි . ''මම යනවා ලොක්කෙ අයි.....යේ '' කොපමණ රැවුම් ගෙරවුම් කලත් මට ලොක්කෙ අයියා ළගින් ඉවත බලාගෙන යා නොහැකි නිසා හිමින් තොල් මිමිණුවෙමි. '' ඔ....හොම ඉන්න සුද්.....දී ... මම ගිහින් දාන්නම් office එකට ...'' '' මොකද අද කවදාවත් නැතිව සුද්දිව ගිහින් දාන්න හදන්.....නේ වැඩට .'' අම්මගෙන් කෘතුහලය සහිත වූ ප්‍රශ්නාර්ථයකි . මගේ හිතත් හරි ගොඩක් බයෙන් ගැහුණා . ලොක්කෙ අයියා මගෙයි .තත්සර අයියගෙයි ගැනවත් අම්මලට කියයිද කියලා ... '' නෑ ... අම්....මේ.... මම පොඩි වැඩකට ටවුමට යන්නත් තියෙන...වා .. සුද්දීවත් ගිහින් දාගෙනම යන්නම් මම කොහොමත් යන එකනේ ..'' '' ඉතින් දරුවෝ මේ උදේම ටවුන් එකේ කඩත් වහල...නේ ...'' '' සුද්දීලගේ office එක ලග ඉදලා යන්නම් ටිකක් වෙලා ... සුද්දිගේ යාලුවාවත් දැක්කේ නෑනේ ආවත් හරිම ... කෙල්ල දැන් වෙනදාටත් වඩා හැඩයිද කියලා බලන්නත් එක්කම යන්නේ ..'' ඇහුනද ලොක්කගේ කතාව .. අනේ වාසනාවන් එහෙමවත් කෙල්ලෙක් හොයා ගන්න හිතුනා නම්.. අයියගෙයි , නංගිගෙයි මගුල එකම දවසෙම අහවරක් කරන්න තිබුණා ....'' අම්මා ලොක්කෙ අයියට සරදම් කරන්නට වුයෙන් මටත් ඒකට හිනා ගියා ය . එත් මගේ පපුව ඩිග් ඩිග් හඩින් ගැහුණේ කවදාවත් නැතිව ලොක්කෙ අයියා මාව ගිහින් දාන්න යන හින්දයි . '' හරි හරි අම්මට මම හොද ලේලි පොඩ්ඩියක් හොයලා ගෙනත් දෙන්නම්කො ... කලබල නොවී ඉන්න......කෝ .. ඉස්සර වෙලාම අපේ සුද්දිගේ කටයුතු ලස්සනට පිළිවෙලකට කරමුකෝ .. තව ඒ හැටි කාලෙකුත් නෑ....නේ .... අපි ගිහින් එන්නම් අම්මේ ...'' කියමින් ලොක්කෙ අයියත් දණ ගහලම අම්මටයි තාත්තටයි වැන්දේ ය . ''ඔය නහර අඩු කරගෙන පරිස්සමින් ,හිමින් ගිහින් වරෙන් බයික් එකෙන් වැඩ කිඩ දාන්නේ නැතුව ....'' ''හරි හරි තාත්තේ ඔන්න අපි ගියා ...'' බොහෝ දුරක් යනතුරු ලොක්කෙ අයියත් මමත් අතර දැඩි නිහඩතාවයක් පැවතිණි .. ''සුද්....දී ....'' ''හ්ම්....ම්ම් ...'' '' තරහද මගෙත් එක්ක මගේ නංගියා '' '' නෑ ලොක්කෙ අයි....යේ ... ඒ...ත් ..'' '' ඒ.. ත් කිවේ ඇයි ... ඔයා මැරි කරන්නේ ආකාශ්ව හොදද .. වෙන කතා නම් බෑ .....සුද්....දී '' යලිදු මට කියන්නට කිසිදු දෙයක් නොවූ නිසා මුනිවත රැක්කෙමි. අයි පොඩ්ඩක්වත් ලොක්කෙ අයියට මන් කියන දේ අහන්න බැරි .. මම හිතින් ලතවුණෙමි . '' බහින්න සුද්.......දී ...'' . office එක ලගට එනකන්ම මට දැනුණේ නැ ඒ වගක් .. මගේ ඇස් කදුලින් පිරි ඉතිරෙන්නට ඔන්න මෙන්නය ... මම සමාව අයදින බැල්මකින් ලොක්කෙ අයියා දෙස අසරණව බලා සිටියෙමි ... ලොක්කෙ අයියා ඉවත බලා ගත්තේය . ''කෝ .. යාළුවා එන්න පරක්කු වෙයිද ....'' '' හ්ම්ම්....ම්ම්ම් ...'' ''එහෙනම් මම යනවා සුද්....දී .... හවස off වෙලා මට කෝල් එකක් දෙන්න ... බස් එකේ එන්න එපා .. මම එන්නම් එක්ක යන්න .. දිනුකිව දකින්නත් ආසයි ... මම මතක් කළා කියන්න....කෝ '' '' හ්ම්ම්ම් ..ම්ම්ම් .. හා ලො...කු ..මම කියන්න...ම් .'' '' හි...නා වෙලා ඉන්න...කෝ මගේ හොද නංගි වගේ ...'' '' මම පුංචි සිනාවකින් මුව සරසා ගත්තේ කාත් කවුරුවත් නැති මට ලොක්කෙ අයියා එක කුස උපන් මගේ ම මගේ සහෝදරයා ලෙස මට ලෙන්ගතුව සිටි නිසයි . එයාගේ හිත රිද්දුවොත් එකත් ලොකු පවක්නේ ... දිනුකි එන තෙක් බලාගෙන ඉදලා මගෙත් ඇසුත් රිදෙන තරම් .. හැමදේම දිනුකිට කියලා මගේ හිත චුට්ටක් හරි සැහැල්ලු කර ගන්නයි මට ඕනේ උනේ . ඈත සිට චුටි අයියත් එක්ක එන දිනුක මගේ නෙත ගැටුණු නිසාවෙන් තරමක හෝ අස්වැසිල්ලක් මගේ සිතට දැනුණි .. '' තරු .. ඔ...යා ... මොකෝ බන් අද කවදාවත් නැතිව කුකුලත් කරේ තියාගෙනම ආවද ...? හැමදාම මට කලින් office එකට එන්නේ දිනුකි නිසාවෙන් ඇය මට විහිලු කළා ය . මට දිනුකි බදාගෙන අඩන්න තරම් සිතුනි :'( .... මොකද බන් මේ උදේම මුණ එල්ලගෙන ... '' සිදු වූ සියල්ල මම දිනුකිට එක හුස්මට කියාගෙන ගියේ කුමන හෝ විසදුමක් ඇයගෙන් හෝ ලැබෙනු ඇතැයි සිතාගෙනයි .. එත් මේ ප්‍රශ්නෙට දිනුකි ලගත් හරි විසදුමක් නොවීම නිසා මගේ දුක තවත් වැඩි වෙන්නට හේතු විය... ''මො..න දේ..... වුණත් මේ අපේ දෛවය නම් ඒකටත් අපිට මුහුණ දෙන්න වෙනවා ත...රු .මොන දේ වුණත් පතාගෙන ආව කෙනා තමයි කෙල්ලේ අපිට ලැබෙන්නේ .. ඒක වෙනස් කරන්න කාටවත් බෑ... ..'' දිනුකි එසේ කියමින් මගේ දුක යම් තරමකට හෝ තුනී කරන්නට වෙර දැරුවා ය. මම තත්සර අයියට අඩ අඩාම කෝල් එකක් ගත්තෙමි . '' ම....ගේ සුදු අයි....යේ මට ඔයාව නැති වෙ..යි ...'' ''දවසක ඔයා....ව මගේම කර ගන්න බැරි වුණත් හැමදාම ම...ගේ <3 ආදරේ ඔයාම විතරයි වස්....තු ..'' '' මා...ව දාලා යන්න එ...පා මගේ සුදු අයි...යේ .., ඔයා නැතිව මට ජිවිතයක් නෑ...තවත් ..'' ;'' සුදු මැණි...ක මට ගොඩක් දුක...යි ඔ...යා .. ඔහොම කියද්..දී.... මාව තේරුම් ගන්නකො ඔයාට තරම්ම මටත් දුකයි . මාත් ගොඩක් ආදරෙයිනෙ මගේ රත්තරන් ...හැම මොහොතේම පතන්නේ ඔයාව මගේම වෙන්න කියලා විතරයි ....'' '' හ්ම්ම්ම්...ම්ම් මාත් හැමදාමත් හැම මොහෙතෙමත් පතන්නේ එහෙම තමයි මගේ රත්තරන් අයි...යේ ...'' '' මගේ මැණික කෑවෙ නෑ නේද ... කෑම කමු අපි දෙන්නම එකට හොදද .. මොන දේ වුනත් ඔයා සතුටින් ඉන්න ඕනි මගේ පණ .. ඔයාගේ සතුට තමයි වටින්නේ .මොන දේ කරලා හරි ඔයාව මගේ කර ගන්න මාත් උත්සහ කරනවා මගේ මැණික .'' බොහෝ වෙලා දුක කියලා අඩන්න තරම් මගේ හිත කියන්න බැරි තරම් දුකින් පිරිලා තිබුනේ ... ආදරයක විරහව මෙතරම් වේදනාකාරී බව මෙතරම් යැයි කියලා කියන්න බැරි තරම්. ඒ දුක දන්නේ ඒ දුක විදපු කෙනෙක් ... ඒ දුක දරපු කෙනෙක්ම විතරයි ... තවත් පෙම්වතෙක් ,පෙම්වතියකට ඒ දුක නොවේවායි මම ඉතා සිතින් පැතුවෙමි .. '' උදේ කෑම එකත් අරන් දිනුකිත් එක්ක කන්න ගියත් මට බඩගින්නක් නොවිණි.. මගේ හිත වේදනාවෙන් බොහෝ සෙයින් හෙම්බත් වී තිබිණි... කෑම එක කුණු බාල්දියට විසි කර වතුර ටිකක් ගාගෙන සැනසුම් සුසුමක් හෙළුවේ දිනුකි මගේ හිත තව තවත් හදන්නට උත්සාහ දැරූ නිසයි...'' :'( ( ඔයා මගේ වුණත් නැතත් මුළු ලෝකෙටත් වඩා මම ඔයාට හැමදාමත් ආදරෙයි මගේ රත්තරන් සුදු අයියේ .....) - නිමි ....... :'( ' ' ' ' ' ' '' ' ' ' ' ' ; ; ; ' නෑ - මතු සම්බන්ධයි - හි හි අඩපු අය හිනා වෙන්න ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 28 Sep 2016 04:29 AM 26 කොටස ''ලස්සන...ම ලස්සන... සාරියක් ... මේ...ක නම් තරු නංගිට නියමෙටම ගැලපෙනවා ..'' ඉසුරි අක්කා අතට ගත් තද ක්‍රීම් පාට සාරියක් පෙන්නමින් කීවාය ... '' මගේ කෙල්ලට හැම පාටක්ම ලස්සනයිනේ අක්කේ කොහොමත් ...'' ආකාශ් අයියා කිවේ මහත් වූ ආඩම්බරයකිනි . '' ඔව් එක නම් ඇත්ත මල්ලි ...'' අවුරුදුත් ලග එන නිසාවෙන් අතුරු සිදුරු නැතිව කඩ සාප්පු බොහෝ පිරිසකගෙන් පිරි තිබුණි. ඉසුරි අක්කා විසින් තෝරා දුන් සාරියට ආකාශ් අයියගේ හිතත් ගිය නිසාවෙන් ඔහු ඒ සාරිය මිලදී ගත්තේය . අම්මා , තාත්තා හා ලොක්කෙ අයියගේ දහසක් වූ හීන හැබෑවක් කරවන්නට මගෙත් තත්සර අයියගෙත් ආදරය පුද කල යුතුමද ? එකට වෙන එකම එක විසදුමක්වත් නැතිද ? '' මොකද ම...ගේ රත්තර....න් දුකින් වගේ .. ඒ සාරිය හොද නැද්ද ..?'' මම එක පාරටම තිගැස්සී පියවි ලොවට ආවේ ආකාශ් අයියගේ හඩත් සමගින්ය .. '' නෑ.... නරක නෑ.. අයි...යේ .. හොදයි ... '' මම ඉවත බලාගෙනම කීවෙමි . '' මගේ පිස්සු කෙල්ල ... '' කියමින් ආකාශ් අයියා මගේ හිස දැඩි ලෙන්ගතුකමකින් යුතුව පිරිමදින්නට විය .. '' අ..පි යමු නේ..ද එහෙනම් මල්ලි ... ආයෙත් ලොකු වැහි කලුවකුත් තියෙනවා.. වහිවී වගේ හයියෙන්ම ...'' ඉසුරි අක්කා එසේ කියූ නිසාවෙන් අපි ආපසු පිටත් වූයෙමු.... ගෙදරට යන විටත් හවස් වී තිබු නිසා ඉසුරි අක්කාටත්, ආක්ශ් අයියටත් රාත්‍රී කෑමටත් ඉදලම යන්න කියලා අම්මගෙන් ඇරයුම් ලැබුණි. ආකාශ් අයියා නම් හිටියේ ගොඩක් සතුටින්,එයාගේ මුණේ හිනාව දොරේ ගලනවා... '' හා අම්...මේ ....'' කියමින් අකාෂ් අයියා රාත්‍රී කෑමට ඉදලම යන්න තීරණය කලත් ඉසුරි අක්කා නම් ඉක්මනට යන්නයි හැදුවේ.... ''රෑ වෙනවනේ .. පොඩි එකා අම්මට වද දෙනවා ඇති හොදටම නංගි මෙලහකටත් ...'' ''හරි හරි දුවේ ඉක්මනට හාල් ටිකක් ලිපට කරන්නම් ..ඒ හැටි වෙලාවක් යන එකක් නෑ '' අම්මගේ බලවත් ඉල්ලීම මත ඔවුන් රෑ කෑමට නැවතී ඔවුන් ආපු යන විට රාත්‍රී 9.00 පමණ විය... ඔවුන් ගිය පසු අම්මා නොයිවසිල්ලෙන් ගෙනාපු සාරියේ හැඩ බැලුවේ තමන්ගේ ඇස් දෙක වගේම රැක ගත්තු දියණිය හැමෝගෙම ආදරය ගෞරවය ලබමින් එළඹෙන හෙට දිනයේ ලස්සන මනාලියක් වෙලා යනවා දකින්නට සිහින මවමිනුයි. මගේ හිතට බොහෝ ලෙසින් වද දෙන සිතිවිලි අතරේ ඈත අදුරු වූ හිස් අහස දෙස බලාගෙනම සිටියෙමි . '' මොකද දුවේ ඔතෙන්ට වෙලා කල්පනාව .. මහන්සිත් ඇතිනේ උදේ ගිය ගමන්නේ ..කෑම කාලා නිදා ගන්න යන්න දු...වේ... '' '' හා තාත්තේ මම තව ටිකකින් කන්නම් ...'' දුරකතනයට කෝල් එකක් ආ නිසාවෙන් මම කාමරයට ගියේ ඒ කවුරුදැයි බැලීමටයි... ''හෙලෝ තරු අපි ගෙදර ආවා ..අම්මට කියන්න වෙනදාටත් වඩා අද කෑම රසයි කියලා හොදද? '' ''හ්ම් ..ම්..ම්.. ඇයි මෙච්චර පරක්කු වූනේ අයියේ ..'' '' මග accident එකක් වෙලා තිබුණා . ඉතින් traffic එකට අහු වුණා ...'' ''මෙන්න අම්මා ඉල්ලනවා අයියේ කතා කරන්න .. '' හා බබී එහෙනම් අම්මට දෙන්නකෝ ... '' මම අම්මට දුරකථනය දී බඩගින්නක් ද නොවූ නිසාවෙන් මම නිදා ගැනීමට ගිය නමුදු නින්ද අහලකටවත් ආවේ නැති නිසාම ඇදේ එහෙට මෙහෙට පෙරළෙමින් සිටියෙමි . ''සුද්......දී .... .. සුද්දී ..නැගිටිනවා සුද්...දී . කවුද මේ සුදු අයියා කියන්නේ ..'' මම තිගැස්සී ගියෙමි ... සිදු වී ඇති දෙය වටහාගෙන ඊළගට කුමක් සිදු වේ දැයි දැඩි චකිතයකින් පසු .වුනෙමි. '' මොකද උඹ ගොළු වෙලාද ... '' '' අ....නේ ලොක්කෙ අයි.....යේ .... ඒ ...'' ''වහගනි...න් කට . මට ඕකා මොකා වුණත් කමක් නෑ... අපේ මුණේ දැලි ගාන්න නම් ලෑස්ති වෙන්න එ...පා....එහෙම වුණොත් එදාට උඹට ගොඩක් අඩන්න වෙයි. ඔන්න මම නොකීවයි කියන්න එපා... උඹ හදන්නේ මේ ලොක්කේ අයියව නරක මිනිහෙක් කර ගන්න .'' ''..මට ආකාශ් අයියා එපා අයි...යේ '' මම ලොක්කෙ අයියව බදාගෙන හඩන්නට වීමි .. '' සුද්දී මොන පිස්සුවක්ද මේ ...උඹ බදින්න ඕනේ ආකාශ්ව...උ....ඹේ ඔය ඇඩිල්ල නවත්ත ගනි....න් දැන්. අම්මලට ඇහෙ..යි .විලි ලැජ්ජා..වේ බෑ ...'' '' අම්මලාවත් දැන ගන්න ඕනි නෑ මේවා ... ගිහින් නිදා ගනි.....න් ...උඹ වැඩට යන්න ඕනෙත් නෑ මේ මාසෙන් පස්සේ '' ලොක්කෙ අයියා අත තිබු මගේ දුරකථනය වැරෙන් මිරිකමින් මා හට දැඩි කෝපයෙන් කෑ ගැහුවේ ය .ලොක්කේ අයියාගේ මුහුණ රත් වූ ගිණි පුපුරක් මෙන් විය. ලොක්කෙ අයියා අත තිබු දුරකථනය මා ගන්නට උත්සාහ දැරුවද සැනෙන් එය ලොක්කෙ අයියා විසින් බිම පතිත කරවමින් ලොක්කෙ අයියා කාමරෙන් පිටත් වී ගියේ ය . අම්මට ආකාශ් අයියත් එක්ක කතා කරන්න phone එක දීලා ආපහු ගන්න බැරි වුණු නිසා සියල්ලම කන පිට පෙරලුනි . මගේ හිත බොහෝ බයෙන් ගැහුනි .. විසිරි තිබුණු දුරකතනයේ කැළි ටික එකතු කරමින් නැවත සකසාගෙන තත්සර අයියා විසින් එවලා තිබුණු msg එකක් නෑරම කියෙවුවෙමි... '' අනේ මට සමා වෙන්න මගේ සුදු අයියේ .. උදේ ඉදන් ඔයාට msg එකක්වත් එවන්න බැරි වුනාට ... මේකට කෝල් ගන්න එපා මම ඔයාට ගන්නකම් ...සමහරවිට මගේ phone එක ලොක්කෙ අයියා ගනීවි...'' මම කෙටියෙන් msg එකක් යැවුවේ වෙවුලන දෑතිනි . '' ඇයි සුදු මැණික මොකද වුණේ .. ඔයා අද සාරි ගන්න යනවා කිව නිසයි උදේ ඉදන් කෝල් නොකළේ.. එක ඔයාට හරි නෑනේ ..ඒ..ත් ඔයාගෙන් එකම එක msg එකක්වත් නැතිම හින්දයි මම කෝල් ගත්තේ මගේ මැණික .. මට ඔයාගේ කටහඩ අහන නැතිව එක දවසක්වත් ඉන්න බෑ මගේ රත්තරන් ...'' ''. ඔයා කෝල් කරද්දී ලොක්කෙ අයියා phone එක බලලා තියෙන්නේ .. ඔයා එවපු msg ලොක්කෙ අයියා දැකලා ..'' '' අනේ මගේ මණික මන් හින්දා ඔයා බැනුම් අහන්න ඇති ..'' '' නෑ මගේ සුදු අයියේ මට බැන්නේ නෑ ,... එත් මන් ගන්නකම් කෝල් කරන්න එපා ..'' ''මට ඔයාව තේරෙනවා මගේ මැණික .. ඔයාගෙන් කෝල් එකක් එනකම් මම බලන් ඉන්නවා ..'' '' දොයිය ගන්න මගේ පැටියෝ .. මොන දේ වුනත් මේ අයියා ඔයත් එක්ක ඉන්නවා.. එත් එක පොරොන්ස්දුවත් .. කවදාවත් ඔයාගේ අම්මා තාත්තගේ ,ලොක්කෙ අයියගේ හිත රිදෙන විදිහේ තීරණයක් නම් ගන්න හදන්න එපා... ආදරේ කියන්නේ කසාද දින එකම නෙවෙයි මැණික .. ඔයා කා ලග හිටියත් මගේ ආදරේ වෙනස් වෙන් නෑ . ඔයාව දාලා යන්න හදනවා නෙවෙයි... මෙහෙම කියන්නේ මන් ඔයාට ගොඩක් ආදරේ නිසා .. ඔයාව මගේම වෙනවා කියලා මගේ හිත දන්නා නිසා ...'' '' හ්ම්..ම් මගේ සුදු අයියේ ...'' '' කෝල් ගන්න බැරි වුණත් පුළුවන් වෙලාවට msg එකක් හරි දාන්න .. බුදු සරණයි රත්තරනේ ..පරිස්සමින් ඉන්න '' '' බුදු සරණයි .. මගේ සුදු අයියත් පරිස්සමින් ඉන්න ..'' කියමින් අන්තිම msg එකත් යවා දුරකථනය ක්‍රියා විරහිත කෙරු නමුත් සිදු වෙන්න තිබුණු දේවල් සිදු වී අහවර වූ නිසාවෙන් මගේ හිත දැඩි කනස්සල්ලකට පත් විය . රෑ එළිවෙනතුරු නින්දක් මගේ නෙතට නොආවේය . ලොක්කෙ අයියගේ මුහුණ බලන්නවත් මට නොහැකි බව දැනුනු විට මට මහත් වූ දුකක් දැනුනි.. මොන දේ වෙන්න හරි කියලා තත්සර අයියා ගැන කලින්ම ගෙදරට කිවා නම් කියලත් මිට වඩා සුබ දෙයක් වෙන්නට හෝ තිබුණි . නමුත් වෙන්න තිබුණු දේ වෙලා ඉවරයි... ඔක්කොම වෙන්නේ හොදටය කියනවනේ .. ඒ ...ත් මේ මොන හොදක්ද ... මොහොතින් මොහොත තත්සර අයියව මගෙන් ඈත් වෙනවම මිසක ඔහු මගේම වෙන දවසක් නම් නොපෙනෙන දුරකය . අදුර පහ කරමින් මද එළියක් වැටි තිබුන ද , සිතල පිණී තණපත් වෙලාගෙන තිබුන ද, සේපාලිකා ගහේ මල් දසත සුවද හමමින් පිපි තිබුන ද උදා වූ ඒ ඉරිදා දින උදෑසන මට නම් මිහිරියාවක් නොවිණි .. ............................................................... - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 28 Sep 2016 04:26 AM තත්සර ප්‍රේමය - 25 කොටස - ************ '' දවස් ගෙවිලා යන්නේ අපි හිතනවටත් වඩා හරි ඉක්මනට. ඔයා නම් කිවේ හැම ප්‍රශ්නයක්ම කාලය විසින් විසදලා දෙයි, බය නැතිව ඉන්න කියලයි .... එත් මගේ සුදු අයියේ ඔයා මට නැති වෙයි කියලා හිතෙන හැම මොහොතකම මගේ පපුව පිච්චි පිච්චි මන් සිය දහස් වාරයක් මැරී මැරී ඉපදෙනවා. අපි දෙන්නා ගොඩක්ම ගොඩක් ආදරෙන් එකතු වෙලා හරි ලස්සනට මවපු පාට පාට හීන ලෝකේ සිත්තමක් නොකර , ඒ හීන හැබෑවක් කර නොගෙන අතරමගදී නොහිතපු විදිහට හීන බොද කරලා ඒ හීන වලින් දුරස් වෙන්න නම් මට බෑ ..ඉක්මනට මාව ඔයා ළගට ගන්නකො මගේ සුදු අයියේ '' '' මම එක දන්නවා මගේ මැණික .. එත් ඔයාව මෙහෙම හරි හදිස්සියේ මගේ ළගට ගන්න බෑනේ . තාම ගේ වැඩත් ඉවර නෑ . අම්මත් ඉන්නේ මේ දවස්වල අසනීපෙන් ... මම හොයන හැම දේම ගෙදර වියදටම ගන්නේ මගේ මැණිකේ. තාත්තගේ pension එක මදි හැමදේම කර ගන්න. ... ඔයාව එක පාරටම මගේ ලගට අරන් දුකින් තියන්නේ කොහොමද මම , ඔයාට හැම සැප සම්පතක්ම මට දෙන්න විදිහක් නෑනෙ.. පුංචිම පුංචි කාලයක් දෙන්න මට ... '' ''එ.....ත් අයියේ ...එකම එක දෙයක් අපි අපේ ගෙවල්වලට අපි ගැන කියමු '' '' හ්...ම්ම්..ම් කියන්න නම් මාත් කැමති . ඒ ...ත් මගේ සුදු මැණිකට බැන්නොත් අම්මලා .. මම වගේ කෙනෙක්ට කැමති වෙයිද ..? ආකාශ් කියන්නේ සල්ලි තියෙන අය . අනික එයා ලොක්කෙ අයියගේ හොදම යාළුවා . එහෙම කෙනෙක්ට ඔයාව දෙන්න තීරණය කරලා තියෙද්......දී ...ත් '' '' අනේ plea...se .... මගේ සුදු අයියේ ... මම ඔයාගෙම විතරයි ...'' ආකාශ් අයියගෙත් මගෙත් විවාහය තීන්දු වුණු දවසේ ඉදන් ගෙවුණු හැම දවසක්ම මගේ හිත බයෙන් ගැහුනේ තත්සර අයියගෙන් එහා වූ තවත් ලෝකයක් මට කිසිම දිනක නැති බැවිනි . ''දෝ......ණි ... මල් පැලවලට වතුර දාලා ඉවරද ... අද හෙටම නම් වහිවී වගෙයි. පෝයත් ලගයිනේ....'' මම එළියේ බංකුව මත වාඩි තත්සර අයියත් සමග කතා කරනවා අම්මට අහුනවත්ද ..? ''ඔ...ව් අම්මේ ..වතුර දාලයි ඉවරයි ... තාත්තත් බුලත් පාත්තියට වතුර දාන්න යනවා කියලා ගියා ..'' තත්සර අයියගෙන් සමු ගැන්මක්වත් නොගෙනම දුරකථනය විසන්ඳි කරමින් අම්මාට පිළිතුරු දුන්නෙමි... වාඩි වී සිටි බැංකුව මතින් නැගිට ගෙවත්තේ පහල කෙලවර දෙසට හිමින් හිමින් පිය පැන්නේ දුක රැදී මා දෑස අගට කදුළු ද තුරුළු කර ගනිමිනි. පහල වැව දෙසින් හමා සිතල සුළග මා ගත වෙලා ගනිද්දී නැගුනු පාළුව තවත් වැඩි වුණා මිසක අඩුවක් නම් වුයේ නැත . එලැබෙන හෙට දිනයේ ආකාශ් අයියාත් සමගින් මංගල උත්සවයට අවශ්‍ය දෑ ගැනීමට යාමට මම හිත හදා ගන්නේ කෙලෙසකින්ද ?' වැව් ඉහත්තාව දෙසින් මළහිරු අහස් ගැබ තුලට කිදා බැස්සේ මගේ හිත රැදී සියලු බලාපොරොත්තු සුන් කරමින්නට මෙනි... තවත් ඒ දසුන දෙස බලා සිටීමට නොහැකි වූ බැවින් යලි නිවස දෙසට ගියෙමි .. අම්මාත්, තාත්තත් ආලින්දයේ වූ පුටු පේලිය මත කෙළවරක වාඩි කුමන හෝ කතා බහක නිරත වී සිටිනු මට පෙනෙන්නට විය . '' මේ. ගොම්මන් වෙන වෙලාවේ කොහෙද දරු...වෝ... ඇවිදින්න ගියේ....'' තාත්තා කියන්නට වුයේ මම වැව දෙස සිට හෙමින් හෙමින් පියවර පැටලවූ නිසා ය . මම කිසිවක් නොකියාම මුනිවත රකිමින් මගේ කාමරය දෙසට යන්නට වීමි . සාලයේ සිවිලිම මතින් එල්ලෙන විදුලි පංකාවේ ටක ටක හඩත් නැගුනේ හරියට මටම ඔච්චම් කරන්න වගෙයි .... '' සුද්...දී .. මෙහෙට එන්න......කෝ .. මේ බලන්නකෝ රුබියගේ දැගලිල්ල .. හි... හී .....'' සාලයේ සැටිය මත වාඩි වී සිටි ලොක්කෙ අයියා මට අඩ ගැසුවේ හුරතල් කරමින් සිටි බලු පැටියාගේ සෙල්ලම් මටත් පෙන්වීමටයි... රුබියාගේ හුරතල් බලමින් සාලය පුරා ඌ පසු දිව ඇදෙමින් ටික වෙලාවක් ලොක්කෙ අයියාත් මමත් කාලය ගෙවුවෙමි.. '' දැන් ඇති ළමයි.....නේ ඔය දැගලුවා ... තුවාලයක් හරි කර ගන්න තමයි හදන්නනේ ඉතින් ...'' ''ඒ...ක නෙ...වේ.... සුද්දී .... කොහොමද ඔයාගේ සිහින කුමාරයා එහෙම ...'' '' අපෝ ලොක්කෙ අයියේ වෙන දෙයක් කතා කරන්න ඇත්තෙම නැද්ද ..?'' මම තරහින් කියමින් එතනින් ඉවත්ව ගියෙමි. '' ආව් ආව් කෙල්ලගේ තියෙන ආඩම්බරේ '' ලොක්කෙ අයියාට තත්සර අයියා ගැන කියන්නත් හිතෙනවා වෙන දෙයක් වෙන්න කියලා .. එත් අපේ සම්බන්දෙට අකමැති වුනොත් මට තත්සර අයියා ගාවට යන්න විදිහකුත් නෑනේ එයා ප්‍රශ්න ගොඩක ඉන්න හින්දා ඉතින් ... . මම නැවතත් මගේ සිතුවිලි ගොනු කරගෙන මේසය මත වූ පෑන අතට ගෙන නිසදැසක් කුරුටු ගාන්නට වීමි . ''සුදු පාට පිනි බින්දු සීතලට තවරාන නෙතු දෑල අග පිපුණු සුපෙම්බර පින්න මල නුඹ... සවනත ළග රැදී ගී සින්දු මුමුණාපු මියුරු හඩ රිසි සපිරි සැලමල් ලිහිණි කුමරු නුඹ... සංසාරගත හුරු පුරුදු සිත් අරණේ ලැගුම් ගත් සොදුරුතම පදවැලේ ජිවිතේ අමුණාපු ගීතයයි නුඹ...'' ................................................................................. ආකාශ් අයියා ඉසුරි අක්කාත් සමගින් එළැඹි සෙනසුරාදා දින උදෑසනින්ම නිවසට පැමිණියේ මාත් සමග ගොස් වෙඩින් එකට අවශ්‍ය දේවල් සුදානම් කර ගන්නයි. ආකාශ් අයියට ඕනි වුණේ ඉක්මනින්ම මාව එයාගේ කරගෙන වෙඩින් එකෙන් පස්සේ එයත් රට යන්නයි .මාස පහක් වැනි පුංචිම පුංචි කාලයක් වෙඩින් එකට තිබුණේ . ඒ හැටි කාලයක් නොතිබුණු බැවින් හැම දේම පිළිවෙලක් කර ගන්න ඉසුරි අක්කා ආකාශ් අයියට උදවු විණි. අකමැත්තෙන් නමුත් මම ඒ ගමන ගියේ අම්මා ,තාත්තගෙවත් , ලොක්කෙ අයියගෙවත් හිත රිදවන්නට පුළුවන් කමක් මට නොවූ නිසාවෙනි . අම්මා ආකාශ් අයියලත් එන හින්දා හැලප හදලා තිබුනා එයාලට තේ දෙන්න. ''හරිම රසයි අම්මේ හැලප නම් ...'' ආකාශ් අයියා හැලප කන අතරතුර අම්මාට කිවේය . ''බය වෙන්න එ...පා... මල්ලි තරු නංගිටත් හැලප හදන්න පුළුවන් ඇති රසට ..'' ඉසුරි අක්කා මා දෙසට හැරී ඇසක් ද ඉගි මරමින් කිවේ සිනහවක්ද පාමින්මය තේ බීමෙන් පසු ටික වෙලාවක් රැදී සිට ආකාශ් අයියාහා ඉසුරු අක්කා මාත් සමග පිටත්ව ගියේ ඒ වන විටත් බොහෝ ප්‍රමාද වී තිබු නිසයි . ''පරිස්සමින් ගිහින් එන්න දරුවනේ ..'' අම්මාගේ හදවතින් නැගුණු ආශිර්වාදයයි ඒ .. ''හා හොදයි අම්මේ...අපිට කෑම එහෙම හදන්න ඔට්ටු වෙන්න එපා අම්මේ ...කියා වෙයිද දැන් නෑනේ අපි එද්දී. පරක්කු වූනොත් කඩේකින් කෑම කන්නම් ...'' නුවර කඩ සාප්පු කිහිපයකටම ගියද ආකාෂ් අයියගේ හිතට හරියන සාරියක් නම් සොයා ගන්නට අසීරු විය ... මට නම් ඒ ගමන එපාම විය ... මම ඉසුරි අක්කා සමගින්ම ඉන්න හැදුවත් ඉසුරි අක්කා ආකාශ් අයියාටටත් මටත් තනි වෙන්නට ඉඩ දෙමින් බොහෝ විට මග හැරියාය . අහසත් වැහි කලුවකින් වෙලා ගත්තේ නොසිතුවම මොහොතකයි ... ''නංගි අද නම් සාරි ගන්නවා බොරු තමයි.. ඉන්න මම වෑන් එකේ තියෙන ලොකු කුඩේවත් අරන් එන්නම්... එතකම් ඔය දෙන්නා අර උඩහා complex එකේ සාරි බලන්න යන්නකෝ . එකේ නම් හොද ඒවා තියෙයි ..'' කියමින් ඉසුරි අක්කා වෑන් රථය නවතා තිබු දෙසට ගියාය . '' යමු තරු අපි ...'' යැයි කියමින් ආකාශ් අයියා මගේ බද වට ඇත යැවුවද මම සැනෙකින් ඔහුගේ ඇත ඉවත් කලෙමි .... '' තාමත් ඔයා මට ආදරේ නෑ නේද නංගී .. මොකක්ද මම ඔයාට කරපු වරද .. මේ තරම් මාව රිදවන්න ..'' මුදුන් වූ වැහි කලුවත් සමගින් වැහි පොද එකින් එක වැටෙමින් එය මහා වැස්සක් බවට පත් වීමට ගියේ නිමේෂයකි. වැස්සෙන් මාව බේරා ගැනීමට ආකාශ් අයියා මාව ඔහුගේ පපු මත්තට හොවා ගත්තේ එක සැරයක්වත් නොහිතාමය ... ඔහුගේ ග්රහණයෙන් මා මිදීමට උත්සාහ දැරුව ද එය පලක් නොවිණි . '' ඔහොම ඉන්න ළමයෝ ,,,ඔයාව තෙමෙනවනේ ...'' '' අපි අර coffee shop එකටවත් යමුද අයියේ .'' . පාරෙන් එහා පස කෙළවරක වූ shop එකක් පෙන්වමින් මම කිවේ මට වෙනත් කරන්නට කිසිවක් නොවූ නිසයි... '' හා පැටියෝ එහෙනම් යමු ... මෙතන හිටියොත් හොදටම නා ගන්න වෙන්නේ ..'' coffee shop එකට මාත් කැටුව ගිය ආකාශ් අයියා කෙලවරකම වූ මේසයක් අසල වුනේය . එත් සමගම ඉසුරි අක්කාගෙන් කෝල් එකක් ආවේ වැස්ස ටිකක් පායපුවහම complex එකට එන්නම් කියලයි... '' නෑ අක්කේ අපිත් තාම ගියේ නෑ . වැස්සට මදි වුණා .. පාරෙන් එහා පැත්තේ coffee ෂොප් එකේ ඉන්නේ ... අක්කත් ටිකක් වැස්ස පායපුවම එතනට එන්න . මොනවා හරි කාලම යමු... '' කියමින් ම ආකාශ් අයියා කෑමට යමක් ඇනවුම් කිරීමට සැරසුණි. මගේ නළලතේ රැදී තිබුණු වතුර බින්දු ආකාශ් අයියා පිසලමින් මගේ නළලත ඔහුගේ මුවගට ලං කරගන්නට සැරසුනද කෑම ඇනවුම රැගෙන එහි සේවකයෙකු පැමිණි නිසාවෙන් එය මග හැරුණි .. මගේ මුළු ඇගම හිතලෙන් වෙවුලමින් හිරිගඩුත් පිපි තිබුණී . '' කෙල්ල හොදටම වෙවුලනවනේ නේද ..? ඉන්න මන් coffee එකක් ගේන්නම් ඔක්කොටම කලින් '' ටික වෙලාවකින් වැස්ස තුරන් වූ අතර ඉසුරි අක්කාත් පැමිණි නිසාවෙන් coffee shop එකේ ටික වෙලාවක් රැදී සිට නැවතත් අවශ්‍ය දේවල් ගැනීමට සීතල හිරිකඩත් නොතකාම ගියෙමු... - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 28 Sep 2016 04:02 AM 24 ta wenakam withalayi neda ? ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* kingDVeteran MemberPosts:3309 28 Sep 2016 03:38 AM පොඩ්ඩි යේ ඔන්න කොටස් 24 ම එක දිගට කියෙව්වා... දැන් තමයි කතාවෙ නියම හරිය... ඔන්න ඉක්මනට දාන්න එහෙනම් ... Business, you know, may bring money, But friendship hardly ever does. PoddiVeteran MemberPosts:2100 11 May 2016 11:49 PM sthuthiyi hamotama ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* RosiSuper Senior MemberPosts:5335 11 May 2016 10:20 AM ස්තුති පොඩ්ඩි නගෝ ....ඔයාගේ මේ හැකියාව නම් ඇත්තටම හරිම අගේයි . hasithadSuper Senior MemberPosts:5795 11 May 2016 08:31 AM තවත් කොටසක්.මම මේකට අතරමැදින් එකතු වුනේ.මුල ඉදලා බලන්න ඕනෙ මේක. PoddiVeteran MemberPosts:2100 10 May 2016 11:57 PM තත්සර ප්‍රේමය 24 කොටස ** කාලය දවසින් දවස හිතනවාටත් වඩා ඉක්මනට ගෙවිලා යනවා . ඒත් ඔයා වෙනුවෙන් මගේ හිතේ තියෙන ආදරේ නම් චුට්ටක්වත් අඩු වෙලා නෑ. ඒ ආදරේ තව වැඩි වුණාම මිසක්. මම දන්නවා ඔයාටත් එහෙමයි කියලා මගේ රත්තරන් අයියේ . එත් හිතා ගන්නවත් බැරි විහිදටයි ඔයාගෙයි මගෙයි ආදරේ අතරට තවත් කෙනෙක් ඇවිල්ලා හරස් වුණේ. ආකාශ් අයියා ගැන කියලා හිත රිද්දන්න බැරි වුණත් මට ඒ දේ නොකියා ඉන්නත් බැරි වුණා. ඒකයි මගේ හිතට ආපු දූකත් තද කරගෙනම ඔයාට ඒ හැම දෙයක්ම කීවේ මගේ සුදූ අයියේ.... ''මගෙයි ආකාශ් අයියගෙයි වෙඩින් එකට හැම දෙයක්ම ලෑස්ති වෙනවා .. එත් මට ඔයා කියනවා ඔයා ගැන කියන්න එපාලු ගෙදරට .. අම්මලාගේ හිත රිද්දන්න එපාලු ... මට නම් ඔයා නැතිව එක මොහොතක්වත් ඉන්න හිත හදා ගන්න පුලුවන්ද මගේ අයියේ ..'' ඒත් ඔයා අද.... මගේ හිත හදන්න හදනවා. මගේ අම්මගෙයි ,තාත්තාගෙයි ,ලොක්කෙ අයියගෙයි, සතුට වෙනුවෙන් අපේ ආදරේ පරිත්‍යාග කරන්න හදනවා...'' '' සුදු මැණික චුට්ටක් තේරුම් ගන්නකො ..'' ''එත් මොනවද මම තේරුම් ගන්නේ අයියේ .. ඔයාගෙන් ඈත් වෙලා මට එක තත්පරයක්වත් ඉන්න පුළුවන් කියලා ඔයා හිතනවද ... ඔයාට ඔයාගේ සුදු මැණික නැතිව ඉන්න පුලුවන්ද ?'' මම තරහින් කියපු හින්දම ද මන්ද තත්සර අයියගේ මුහුණ අදුරු වලාකුලක් වෙලාගත්තාක් මෙන් දුකින් පිරුණි .. ඔහු මොකුත් නොකියම මාව ඔහුගේ පපු මත්තට තුරුල් කරන් ගොඩක් ආදරෙන් මගේ හිස පිරිමැද්දේය. '' මගේ රත්තරන් ..'' ''හ්ම්ම් මගේ අයියේ ..'' බොහෝ වෙලාවක් ගත වනතුරු තත්සර අයියගේ තුරුල්ලට වී මගේ දුක ඉවසාගත නොහැකිව කදුළු වලට පෙරලුවෙමි ... '' කෝ දැන් මගේ මුණ දිහා බලලා එක පාරක් හිනා වෙන්න මගේ රත්තරන් ...මටත් දුකයි තමයි... එත් මම දන්නවා මොන දේ සිද්ද වුනත් ඔයා මගේම විතරයි කියලා ... මෙච්චර ආදරෙන් ඉන්න අපි දෙන්නව කොහොමටවත් වෙන් කරවන් නෑ දෙවියෝ මගේ මැණිකේ ... මේක අපි පතාගෙන ආපු බැදීමක්...'' '' තරු අපි යමුද බන් ...'' දැන් office ඇරෙන time එකත් පහු වෙලානේ ...'' එදා office ගියත් මගේ හිත එක විදිහකට තියාගෙන ඉන්න බැරි හින්දම දිනුකිටත් කියලා , leave එකක් දාලා තත්සර අයියට හදිසියේම එන්න කිවේ තත්සර අයියත් එක්ක ඒ ආදරෙත් එක්ක හුගක් වෙලා තුරුළු වෙලා ඉන්නයි.. එත් ඒ ගෙවුණු හෝරාව මට නම් තත්පරයක් තරම් වුනෙත් නෑ වගෙයි . මොනවා කරන්නද වෙනදා වෙලාවට ගෙදර ගියෙත් නැත්නම් එකත් ප්‍රශ්නයක්නේ . අකමැත්තෙන් නමුත් මම තත්සර අයියාට සමු දී දිනුකිත් සමග ආපසු හැරුනේ නිවෙස් වෙත යාමටයි . '' පරිස්සමින් යන්න මගේ මැණික ..'' '' මගේ අයියත් පරිස්සමින් යන්න . ගොඩක් ආදරෙයි මම ..'' '' මම දන්නවා මගේ පැටියෝ .. ඒ ඔයාගේ ආදරේට මමත් ගොඩක් ආදරෙයි ...'' තත්සර අයියා මුණ ගැහිලා දුක ටිකක් හරි තුනී කර ගන්න හැදුවත් ඒ දුක තවත් වැඩි වුනා මිසක් බිදක්වත් අඩු වුනේ නම් නෑ . ගෙදරට යන විට වෙනදා වෙලාවට වඩා තරමක් ප්‍රමාද වී තිබුණි. '' මොකද දෝණි අද පරක්කු වු....නේ .. '' ''අද බ..ස් අඩු..යි අම්...මේ ..'' මම වචන ගැලපුවේ නොසිතාමය . ''බස් එක තිබුනේ නැතිනම් කෝල් එකක් හරි දෙන්න තිබුනනේ ... අයියව එවනවනේ හන්දියටවත් ..'' '' ඉතින් අමෙ දිනුකිත් හිටියනේ ..'' '' හා හා ..ඉතින් .. ආයේ රෑ වෙනකම් ඉන්න එපා බස් නොතිබුනොත් .. හෙට අනිද්දට දීගෙක යන්නනේ ඉන්නේ ...'' ''දරුවෝ රෑ වෙනවනේ ගිහින් මුණ ඇග පත හෝදගෙන එන්න .....'' තාත්තා කිවේ අම්මගේ කෑ ගැහිල්ල ඇහිලමද කොහෙද . '' හා තාත්තේ මම යන්නම් .. ලොක්කෙ අයියා නානවද කොහෙද .. එයා ආවහම යන්නම් ... '' හා හොදා එහෙනම් .. කාරණාවකුත් කියන්න තියෙනවා.. තේ කහට එකක් එහෙම බීලම වරෙන්කො ..'' තාත්තා එසේ කියමින් සාලය දෙසට ගියේ අම්මා සාදා දුන් තේ කහට කෝප්පය ද අතැතිවමය . මම නාගෙන එන විටත් අම්මා රෑ කෑම පිළියෙළ කරලයි තිබුණේ . '' ෂා මරුනේ ඉදිආප්ප ... '' කියමින් ලොක්කෙ අයියා කාටත් කලින්ම කෑම මේසය මත වාඩි වුයේ ඉදිආප්පවලට ලොක්කෙ අයියා කුඩා කල සිටම ප්‍රියතාවයක් දක්වපු හින්දයි.. මට මතකයි චුටි කාලේ නම් ඉදිආප්ප හදද්දී ඉතුරු වෙන පිටි ටිකට සීනියි පොලුයි අනලා අම්මා පොඩියට පැණි රොටි හදලා දෙනවා.. ඒවා කන්න ලොක්කෙ අයියයි මමයි රණ්ඩුත් වෙලා තියෙනවා . '' කෝ අම්මේ පැණි රොටි නැද්ද .. සුද්දී කන්න කලින් මට දෙන්න .... '' මගේ හිතින් කුඩා කල සිතුවිලි මුදවාලන්නටත් පෙර ලොක්කෙ අයියා සුපුරුදු වූ රණ්ඩුවට මාව පටලවා ගන්නටයි හැදුවේ.. එත් මගේ හිත කියා ගන්න බැරි ලොකු පාරකින් පිරිලයි තිබුනේ. බඩගින්නක් දැනුනත් කන්න තරම් ප්‍රියතාවක් මට නොවුනි . '' ඇයි සුද්දී කන්නේ නැද්ද ... මොකෝ කෙල්ල දාහට අරන් සියට දීලා වගේ කල්පනාව ..'' '' නෑ ... නෑ ලොක්කෙ අයියේ මොකුත් නෑ ... මට බඩගිනි නෑ ..පස්සේ කන්නම්කො ...'' ''අහ් එක නෙවෙයි ලොක්කි.. අද ආකාශ් ඇවිත් ගියා මෙහෙ .. වෙඩින් සාරි එහෙම ගන්න බලන්න යන්න ලබන සෙනසුරාද ලෑස්ති වෙන්න කිවා .. එයාගේ ඉසුරි අක්කත් එන්නම් කිවලු ..'' ''මමත් ඔය කාරණාව තාම දුවට කියන්න හිටියේ ..'' ලොක්කෙ අයියා එසේ කියද්දී තාත්තාත් කතාවට හවුල් විනි.. 'අම්මේ මගේ හිස කකියනවා. ටිකක් හාන්සි වෙන්න යනවා මම ...'' ලොක්කෙ අයියාත් ,තාත්තත් කි දේ නොඅසාම මම මම කාමරයට යන්නට හැදුවේ ''ආකාශ්'' කියන නම මගේ කනටවත් අහන්නට අකමැති හින්දයි .. '' මොනවා හරි ඩිංගක් කාලා යන්න දෝනි අන්න හවස ගත්තු රෝස් පාන් වගයකුත් තිබුණා .. එක්කෝ පරිප්පු හොදි දින්ගකුත් දාගෙන පාන්වත් කන්න .'' අම්මා ඇවිටිලි කළා ය .. ඒ කිසිත් නොඅසා මම කාමරයට ගොස් දොර ද වසා ගත්තේ ටික මොහොතකට හෝ තනි වී මගෙයි , තත්සර අයියාගෙයි ලෝකෙටම වී සිටින්නටයි. - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 10 May 2016 11:38 PM ඉතුරු කොටස් ටිකත් දෙන්නකො එහෙනම්. පොත් ප්‍රකාශකයෙක් දෙන්නෙක් දන්නා හඳුනන කෙනෙක් මාර්ගයෙන් කතා කල නම් ඒ හීනය අපහසු වෙන එකක් නැහැ පොඩ්ඩි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ PoddiVeteran MemberPosts:2100 06 May 2016 08:44 PM Posted By hasithad on 06 May 2016 07:46 AM මේ සේරම එකතු කරලා පොතක් හදන්න නංගි. මට උදවු කරන්නකෝ ඒ හීනේ හැබෑ කර ගන්න ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* DushanVeteran MemberPosts:2536 06 May 2016 08:12 AM Posted By hasithad on 06 May 2016 07:46 AM මේ සේරම එකතු කරලා පොතක් හදන්න නංගි. ඔව් ඒක නම් හොද අදහස තමයි hasithadSuper Senior MemberPosts:5795 06 May 2016 07:46 AM මේ සේරම එකතු කරලා පොතක් හදන්න නංගි. DushanVeteran MemberPosts:2536 06 May 2016 06:43 AM මාත් කියෙව්වා ලස්සනයි කතාව නම් ඊලග කොටසත් ඉක්මනටම දෙනකන් මග බලන් ඉන්නවා PoddiVeteran MemberPosts:2100 05 May 2016 09:43 PM Posted By Ind007ka on 05 May 2016 09:37 PM හරිම ලස්සන නිර්මාන කියවන්නේ නැතිව බොරු කියන්න එපා අයියේ . හෙහෙ .. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* samanthaMost Senior MemberPosts:13190 05 May 2016 09:42 PM එක දිගටම කියවා ගෙන යන්න තියෙනවා නම් කියලා හිතෙනවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! Ind007kaMost Senior MemberPosts:12931 05 May 2016 09:37 PM හරිම ලස්සන නිර්මාන First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... PoddiVeteran MemberPosts:2100 05 May 2016 09:35 PM ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 05 May 2016 09:29 PM තත්සර ප්‍රේමය 23 කොටස හිරු කිරණත් එක්ක උදා වුණු අලුත් දවසක් .. එත් වෙනදට වඩා පුංචි අමුත්තක් දැනෙනවා... සීතලත් එක්ක හිරිගඩුත් පිපුණු ඒ උදෑසන තවත් ටිකක් ගුලී වී නිදා ගන්නට සිතුනේ එදින ඉරිදා දිනයක් ද වූ නිසාවෙනි. '' සුද්දී මොකද තාම නිදිද ?.. අමතක වෙලාද අද දවස ...'' ''අහ් අද ඉරිදනේ .. ලොක්කෙ අයියේ ඉතින් තව ටිකන් නිදාගන්න දෙන්නකෝ...'' '' වැඩ තියෙනවා .. නැගිටින්න සුද්දී . අද මගේ යාලුවෙක් එනවා මෙහෙ ...'' මම ඒ වග නෑසුනා මෙන් හිටියේ නැගිටින්න කම්මැලිකමින් වූ නිසාමයි .. '' මොකද මේ මුණ බේරි කරගෙන උදේම .. හරි හරි මෙන්න මම නැගිට්ටා ..'' මම එසේ පැවසුවේ ලොක්කෙ අයියාගේ දුක්බර මුහුණ දැකපු නිසයි ... ඇග මැලිත් කඩමින්ම මම කුස්සියට ගියේ ඒ වන විටත් අම්මා නැගිට කුස්සියේ සිටින ශබ්දය ඇසුණි නිසාවෙනි.. ''ලොකු.. පු...තා..... කෙසෙල් අග්ගිස්සන් කපාගෙන ආවා නම් හොද..යි ...'' අම්මා ලොක්කෙ අයියාට අද ගසමින් කිවා ය ... ''ඇයි අම්මේ මේ .. අද විශේෂයක් ..'' ''නෑ ..... දරුවෝ මේ.... විශේෂයක්මත් නෙවේ .... ලොක්කෙගේ කවුද එනවලුනේ මෙහෙ අද ....'' අම්මා මගෙන් කිසියම් දෙයක් සගවන්නට උත්සාහ දරන බව ඇගේ වචන ගැලපුමෙන්ම මට වැටහුණි . එයට හේතුව කුමක්දැයි වටහා ගැනීමට මම අපොහොසත්වීමි ... '' මෙන්න මේ පොල් ටික මිරිකලා දෙන්නකෝ දෝණි... බත ඉදෙන්නත් ලගයි .... කිරි ටික දා ගන්න ඕනේ ..'' '' හා අම්මේ ...'' මම නිහඩවම අම්මා විසින් ඉතා සිහින්ව ගා තිබු පොල් ටික මිරිකා මැටි කෝප්පයකට දැමුවෙමි . ඒ වන විටත් ලොක්කෙ අයියා කෙසෙල් කොලද කපා ගෙනවුත් තබා තිබුණි. ම්ම් තත්සර අයියා තාම නිදි ඇති ... තාම කෝල් එකක්වත් ,,msg එකක්වත් නෑනේ .. මගේ හිතට මහත් වූ පාළුවක් දැනුණි , ''කෝ පොල්කිරි ටික මෙහාට දෙන්න ළමයෝ .. මොන ලෝකෙක ඉන්නවාද මන්දා ..'' අම්මගේ වදනිනුයි මම තත්සර අයියාගේ ලෝකයෙන් මිදීලා පියවි සිහියට ආවේ ... ටික වෙලාවකට පසු අම්මා විසින් සීරුවට කිරිබත් කැට හදන ලදී . මම මිදුල් අතු ගාලා මුහුණ හොදන් එනවිටත් තේ මේසය කැවිලි වලින් පුරවලා අලංකාරවත්ව සාදා තිබුණි .. තත්සර අයියගෙන් msg එකක් .. ලස්සන පද පෙළක් ''එන බාධක බිද හැම බැදී පෙම් දම සුරකිමු වෙන්ව නොයා හිද කිසිදා .... වෙන්ව නොයා හිද කිසිදා ....//'' ''ආදරෙයි මගේ සුදු මැණිකට මහා ගොඩක් මම ...'' ''සෙනෙහසින් අද දෙදෙනා එක්ව තැනු අපේ පෙම් ලොව සත්තමයි ජය ගනී කොතෙක් බාධක ආවත් ඉතින් ...'' මමත් ආදරෙයි මගේ සුදු අයියට ගොඩක්ම ගොඩක් .. මමත් පදවැල් කිහිපයක් අමුණා පිළිතුරු යැවුවෙමි . '' සුදු මැණික මට අද class එකක් තියෙනවා .. එකට යන්න ඕනි .. ඔයා මොකද කරන්නේ ...'' ''මම අද ගෙදර සුදු අයියේ .. අපේ ලොක්කෙ අයියාගේ යාලුවෙකුත් එනවලුනේ ..'' මම තත්සර අයියා විසින් ඒවා තිබුණු msg එකට සැනෙන් පිළිතුරු යැවුවෙමි . '' ලොකු ළමයෝ දැන් නංගිට ලැස්ති වෙන්න කිවා නම් .. අර ළමයි මෙලහකටත් මග එනවත් ඇති ..'' තාත්තා සාලයේ සිට අයියාට කියනු මට ඇසිනි .... '' සුද්...දී ....'' ලොක්කෙ අයියා මට අඩ ගැසුවද මම නෑසුනා මෙන් සිටියේ තවත් වරක් ලොක්කෙ අයියා මට කතා කරනා තෙක්ය .... ඔහු තවත් වරක් මට කතා කරනු වෙනුවට මගේ කාමරයටම පැමිණියේය .. '' මගේ සුද්දි.....යෝ .... අර මහගෙන ආපු සාරිය ඇද ගන්නකො .. අද මගේ නංගි ගොඩක් ලස්සනට ඉන්න ඕනි ''. ''ඒ...ත් ..... ඇ..යි මේ .... ලොක්කෙ අයි..යේ ..?'' '' හා... හා ප්‍රශ්න තහනම් .. තව ටිකක් ඉවසන් ඉන්නකෝ ....'' ''බෑ .. බෑ .. මට කියනකම් මම ලෑස්ති වෙන්නේ නෑ...නෑ .. නෑ .... මයි ...'' එත් සමගම අම්මා කාමරයට ආ නිසාවෙන් මම හොර පුසියක මෙන් කිසිවක් නොකියා සිටියෙමි ... '' අම්මේ නංගිව ඉක්මනට ලෑස්ති කරවන්න..... මම පටස් ගාලා කඩේට ගිහින් එන්නම් ..'' කියමින් ලොක්කෙ ඓයා කාමරයෙන් පිට වී ගියේ ය . '' අනේ අම්මේ ඇයි මේ ..'' මම ඇසු දේ නෑසුනා සේ එයට පිළිතුරු නොදීම අම්මා අලුත් සාරිය අතට ගෙන පොට නමන්නට විය ... මා හට සාරිය අම්මා විසින්ම අන්දවා, හිසත් පිරා ඇගේ තුරුලට තුරුළු කරගෙන මගේ මුව සිප ගන්නට විය ... අම්මාගේ දෙකොපුලින් කදුළු ගලන උණුසුම මට දැනුනි . ''අනේ අම්මේ .. '' මගේ ඇසිනුත් කදුළු නැගුණි ..... ''අම්මේ අර කට්ටිය දැන් මේ ලග ඉන්නේ කිවා .. ඔක්කොම හරි නේද ? මොකුත් අඩු පාඩු නෑනේ .. මෙන්න බුලත් ටික අම්මේ ..'' කියමින් කඩෙන් ගෙනත් තිබු බුලත් ටික ද අම්මා අත තබමින් ලොක්කෙ අයියා පැවසිය. එත් සමගම වාහනයක් ගෙමිදුලට කරනු මට ඇසිනි .. ''නෝනෝ මෙහාට ආවා නම් ..'' තාත්තා උගුර පාදමින්ම කියා සිටි නිසාවෙන් අම්මා අවුල් වී තිබී ඇගේ හිසකෙස් කන්නාඩිය මත වූ මගේ පනාවෙන් සකසාගෙන ලහි ලහියේ සාලය දෙසට ඇදුනේ මට කාමරයේම සිටින ලෙස පවසමිනි . ''..පරක්කු වුනාද මන්දා අපි ..'' ඒ නුපුරුදු වූ ගෑහැනු කටහඩක් ය. ''අනේ නෑ නංගියේ ... අපිත් මේ වැඩපල ටික අහවර කළා විතරයි තවම ...'' ටික වේලාවක් යනතුරු ඔවුන් ආගිය තොරතුරු කතා කරමින් සිටි නමුත් ඒ කවුරුන්ද යන වග තවමත් මට වටහාගත නොහැකි විය . ඒ අතරතුර මට තත්සර අයියාගෙන් කොල් එකක්ද පැමිණියේ ය . '' හෙලෝ මගේ සුදු අයියේ .... '' '' මගේ මැණික කැවද . දැන් class එකේ ළමයින්ට පොඩි interval එකක් දීලා මමත් tea එකක් බොන්න කියලා හදන්නේ ...'' ''නෑ තාම අයියේ ..අපේ ගෙදරට අර එනවා කිව අයත් ඇවිත් .. ඔයා tea බොන්නකෝ ..'' '' ඒක නෙවේ පැටියෝ ..මගේ යාලුවෙක් එනවා .. මම එයත් එක්ක ටිකක් කතා කරලා ඇවිත් ගන්නම් ඔයාට හොදද... මගේ පැටියා පරිස්සමින් ඉන්න ..'' '' හ්ම්ම් ,,, මගේ අයියත් පරිස්සමින් ඉන්න .. කියමින් මම අපහසුවෙන් වචන ටික ගොනු කර ගත්තේ ඒ වන විටත් මේ දෙසට කිසිවකු හෝ පැමිණෙන හඩක් ද ඇසුණු නිසාවෙනි . '' මගේ දෝ....ණි , කෝ..... මෙහා...ට එන්න...කෝ ...'' අම්මා ඉතාමත් ආදරයෙන් මාව කැදවුයේ අම්මාගේ අතේ වූ බුලත් හෙප්පුවක් ද මා දෑත මත තබමිනි. මම පුදුම වී බලන් හිටියෙමි ... ''ඇ....යි මට මේ කිසිවක් කලින් නොකීවේ අම්මේ ..'' අම්මා කිසිවක් නොකියා සිටීම මට දරා ගත නොහැකි විය. මම අම්මාව තදින් බදාගෙන අඩන්නට වුණෙමි. '' කෝ අපේ මනමාලි ...'' පෙර නුපුරුදු ගැහැණු කටහඩ මගේ සවනත ගිගුම් දෙන්නට විය . '' කෝ දැන් ඔය ඇඩිල්ල නවත්ත ගන්නකෝ මගේ හොද දරුවා වගේ . කෝ.. බලන්න ..මේ ... මුණත් එක්ක ඉදිමිලා .'' කියමින් අම්මා මගේ දෙකම්මුලේ වූ කදුළු හිමින් සීරුවේ පිස දැමුවේ ය. එවිට තාත්තාත් එතනට පැමිණියේ ය . '' කෝ එන්න යමු හොද දෝණි වගේ ...'' තාත්තා මගේ සුරතින් ද අල්ලා ගනිමින් කීවේ ය . නමුත් මම අඩියක්වත් නොසලවා එලෙසම සිටියෙමි. '' කෝ දරුවෝ හිතුවක්කාර වෙන්න එපා .. අර මනුස්සයෝ බලාගෙන ඉන්නවනේ ...'' තාත්තා ටිකක් සැර වූ නිසාම වෙන කරන්නට දෙයක් නොතිබූ නිසාමත් අකමැත්තෙන් නමුත් පියවර තැබුවෙමි.. තවමත් මගේ සුරත තාත්තාගේ දැවටී තිබුණි .. '' කෝ ඕක පිළිගන්වලා කතා කරන්න ආකාශ් ට ..'' තාත්තා මගේ අත හිමින් සීරුවේ අත හරිමින් කනට කොදුලේ ය . මට පොලව පලාගෙන යන්න තරම් සිතුනි . දෙයියනේ ඒ පැමිණ සිටියේ වෙන කවුරුවත් ම නොව ආකාශ් අයියා ය . ආකාශ් අයියාගේ මුහුණ දෙසවත් නොබලාම මා අත රැදී බුලත් හෙප්පුව ආකාශ් අයියාට පිලිගැන්විමි . ආකාශ් අයියා මගේ අතේ අගිලිත් ස්පර්ශ වන සේම බුලත් හෙප්පුව අල්ලා ඔහුගේ ඇත රැදී තිබුණු තුටු පඩුරක් බුලත් හෙප්පුවෙන් තැබිය . ''දුවේ මේ පුංචි අම්මටයි , තාත්තටත් කතා කරන්න ...'' අම්මාගේ වදන් අනුව මම පැමිණ සිටි ඒ කාන්තාවටත් , ආකාශ් අයියගේ තාත්තටත් දෙදන නමා වැන්දෙමි. ටික වෙලාවක් කතා කර සිට පසුව තේ පැන් සංග්‍රහයක් ද දී ඉන් අනතුරුව ආකාශ් අයියාත් මාත් තනි කර අනිත් සියල්ලම ඉවත්ව ගියේ ය . ''දෙන්නත් එක්ක ටිකක් කතා කරන්නකෝ.. නාදුනන දෙන්නෙක් නෙවේනේ .. කියමින් තාත්තා පැවසිය . ''තරු ..'' භාවනාවක දී සිටියාක් මෙන් මෙතෙක් වේලාවක් නිහඩව සිටි ආකාශ් අයියා සියලු දෙනා ඉවත්ව යන තෙක් හිද මට කතා කලේ ය . '' ම්ම්ම්ම් ..'' මම කිසිවක් නොකියා දිග සුසුමක්ද හෙලුවෙමි . ''බස්සි වගේ ම්ම්...ම්... කියන්නේ අදත් මට උත්තරයක් නොදී ඉන්න ද කල්පනාව ..'' ''මම අද එනවා කියලා දැනගෙන හිටියේ නෑ නේද ..?..මමයි කිවේ ඔයාලගේ අයියට මම අද එනවා කියලා කියන්න එපා කියලා .. ඒ දේ ඔයා දන්නවා නම් ඉතින් මාව කලින්ම මග ඇරලා යයි නේද ..?.. මම ඔයාගේ මුණ දැක ගන්නකම් ඉවසිල්ලක් නැතිව හිටියේ තරු ..'' ආකාශ් අයියා අතොරක් නැතිව කියාගෙන ගියේ ය .. මට එය මහත් වූ හිසරදයක් විය. ආත්ම ගාණකවන් වූ මගෙත් තත්සර අයියාගේත් බැදීමෙන් එහා ගිය දෙයක් හීනෙන් වත් හිතන්නේ කොහොමද ..?... ඒ තරමට මම තත්සර අයියාගේ සෙනෙහසට බොහෝ ලබැදි වී සිටියෙමි.. ඔහුගෙන් තොර වූ තවත් ජිවිතයක් මම කිසි විටෙකත් නොපතුවෙමි ... ''ඒ ....ත්... ආකා..ශ් අයි...යේ .මම ....'' මම කියන්නට ගිය දේ වලකමින් නැවතත් ඔහු කියවන්නට පටන් ගත්තේ ය . '' ඔයා මගෙමයි තරු නංගි .. ඇයි මාව පොඩ්ඩක්වත් තේරුම් ගන්නේ නැත්තේ .ඔයා දන්නවනේ පොඩි කාලේ ඉදන්ම මමයි, ඔයාගේ අයියයි හොදම යාළුවෝ .''. ''ගොඩක් කල් ඉදන්මයි මම ඔයා ගැන හීන මැවුවේ .. එත් මම මොකුත් නොකියා හිටියේ ඔයා ඉගෙන ගන්ත නිසා ඒ දවස්වල. ලොක්කෙ අයියා marry කරන්නේ ඔයාගේ බර නිදහස් වුණාට පස්සෙයි කියපු නිසයි මම කෙලින්ම ලොක්කෙට මේ ගැන කිවේ,,. ඉතින් බලන්නකෝ නංගි ගෙවල් වලිනුත් කැමතියි. ඒ ....ත් ඔයා.........'' '' අරෙහෙට යමුද ...? .... ආකාශ් අයියා සේපාලිකා මල් ගහ අද්දර වූ බැංකුව දෙසට දෙනෙත් යොමමින් නැගී සිටියේ ය . මමත් කිසිත් නොකියා අතරම්ව පාර සොයා නන්නාදුන පුද්ගලයෙක් සමග යන සමනලියක් සේ ආකාශ් අයියා පසු පසම අකමැත්තෙන් නමුත් ඇදුණේ වෙන කිසිත් කරන්නට නොවූ නිසා ය . ඔහු බැංකුව මතින් වාඩි වුව ද මම සිටගෙන සිටියෙමි... '' කෝ වෙනදා හිටපු දගකාර කටකාර කෙල්ල ...'' කියමින් තත්සර අයියා මගේ දෑතින් ඇද බැංකුව මත ඔහුගේ අසලින්ම මා හිදුවා ගත්තේ ය .. මම හිමින් සීරුවේ ටිකක් ඔහුගෙන් ඇත් වුනෙමි .. ඒ බව ඔහුට දැනුන නිසාමද මන්දා .... '' ඇයි ඔයා .. මේ මට ආදරේ නැද්ද තරු .. මව එපා ද ... මම කිසිත් නොකියා හිස වැනුවෙමි.. '' අනේ මගේ පිස්සු කෙල්ල .. මම නම් ආදරෙයි ගොඩක්..ඔයා ආදරේ නැතිවට ඉතින් .. කවදම හරි දවසක ඔයා මගේම විතරයි තරු... මගේ බලාපොරොත්තුව ඔයා .. ඒ බලපොරොත්තු එක්කම මගේ හීන ගොඩක් තියෙනවා .. කවදාවත් ඒවා මගෙන් උදුරා ගන්න එපා නංගි ..'' කියමින් සේපාලිකා ගහෙන් ඔහුගේ අගට වැටුණු සේපාලිකා මලක් ගෙන මගේ හිසකේ අතර රැන්ද වුයේ ය . '' මගේ මල් කුමාරි හි හි ...'' කියමින් ඔහු අහිංසක ලෙස මගේ හැඩ බලමින් සිනාසුණේය .. ''ඔයා මට මගේ සහෝදරයෙක් වගේ ....විතරයි අයියේ ...'' මම තවත් යමක් කීමට පෙර මගේ මුව ඔහුගේ දෑතින් වලකාලීය ... ''please .. තරු ආයෙත් ඔය කතාව මට ඇහෙන්න කියන්න එපා ... ..'' ඔව් මම ඔයාගේ සහෝදරයෙක් වගේ තමයි ඒ සහෝදරකමත් ඔයාට දෙන්නම් .,.. එත් දවසක මම ඔයාගේ මහත්තයා ...'' කියමින් ඔහු මගේ හිස පිරිමදින්නට විය .. මම ඔහුගේ ඇත ක්ෂණයෙන් ඉවත් කර හැරියෙමි . ''හ්ම්ම්ම් කමක් නෑ ... තව හිතලා බලලා හරි මට ඔයා හොද උත්තරයක් දෙන්න .ආදරේ නැතත් ත්කමක් නෑ එක පාරක් ඔය පුංචි කටින් මට ආදරෙයි කියල කියන්න ,,එකම එක පාරක් .'' මම නිහඩවම ඉවත බලාගෙන සිටියෙමි.. ''පුතාට ගෙදර යන්න නම් ගානක් නෑ වගෙයි ...'' කියමින් පුංචි අම්මා සේපාලිකා ගස දෙසට පැමිණුනාය . මම මද සිනහවකින් ඇය වෙත සංග්‍රහ කලෙමි ... ''කෝ පුංචි අම්මේ තාත්තා .?.'' '' අන්න මේ දුවගේ තාත්තත් එක්ක බර කතාවක.. '' ආකාශ් අයියා නැගිට මටත් එන ලෙස ඉගි කොට පුංචි අම්මාත් සමගින් ගිය නිසාවෙන් මමත් ඔවුන් පසු පසින් ඇදුනෙමි . '' එහෙනම් දෙන්නගේ හදහන් බලලා හොද දිනයක් යොදාගෙන මේ කටයුතු ඉක්මන් කරමු....'' ආකාශ් අයියගේ තාත්ත එලෙස පවසනු ඇසීමෙන් මට පොලව පලාගෙන යන්න ඇත්නම් යැයි සිතිනි .... ''ඔව් ඔව් එක හොදයි ..'' අපේ තාත්තත් එය අනුමත කලේ ය . ''දුවේ මේ අය යන්නනේ හදන්නේ .. කතා කරන්න ..'' මම ආකාශ් අයියාගේ තාත්තටත් ,පුංචි අම්මාටත් දෙදන නමා වැන්දෙමි...' '' දෙයියන්ගේ පිහිටයි දුවේ..'' කියමින් ඔවුන් දෙදෙන විසින් මට ආශීර්වාද කරන්නට විය ... ''අපි ගිහින් එන්නම් නංගි '' ආකාශ් අයියා අකමැත්තෙන් නමුදු මට සමු දුන් බව ඔහුගේගේ මුහුණෙන් හොදටම පෙනුනි . මම වහා කාමරයට දුවගෙන ගොස් කොට්ටය මත්තේ හිස ගසාගෙන හඩන්නට වුයෙමි.. දරා ගන්න බැරි තරම් වූ හිස රදයකින් හා දුකකින් මා වෙලා ගත්තේය ... .. මුළු කාමරයම අන්දකාරයකින් වැසී ගත්තක් මෙන් මට දැනුනි . මම ඒ අන්දකරයේම අත පත ගා පැනඩෝල් පෙති දෙකක් ද මේසය උඩ වූ වතුර වීදුරුත් සමගින් බි තදින් දෑස පියා ගත්තේ ඒ වේදනාව උහුලාගනු බැරී තැනමය . - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 05 May 2016 09:25 PM තත්සර ප්‍රේමය 22 කොටස ****** එළැඹි සතියත් හිතුවටත් වඩා ඉක්මනින්ම ගෙවිලා ගිහිල්ලා .. ඒ සතියේ සෙනසුරාදා දිනය මට නිවාඩු වූ නිසාවෙන් තත්සර අයියා මාව මුණ ගැහෙන්න නුවර එන බව පෙර දින දැන්වීය. ඒ නිසාවෙන් මම එදින ඉතාමත් සතුටින් තත්සර අයියා මුණ ගැසීමට ගියෙමි . නුවර ටවුමට ගොස් ටික වෙලාවක් මම තත්සර අයියා එන තෙක් රැදී සිටියෙමි .තත්සර අයියාගෙන් දුරකථන ඇමතුමක් ආ නිසාවෙන් වාහන ශබ්දය මග හැරීමට සිතා මම ටිකක් එහාට වී තත්සර අයියාට ඇමතුවෙමි. ''සුදු මැණිකේ තව ටිකක් වෙලා යයි වගේ .. traffic එක හොදටම ..'' ''දැන් කොයි හරියෙද සුදු අයියේ.....'' '' කටුගස්තොට පහු කරලා දැන් නම් ..' '' මගේ සුදු අයියා පරිස්සමින් එන්නකෝ.. එතකම් සුදු මැණිකේ ගොඩක් ආදරෙන් බලාගෙන ඉන්නම් '' '' ම්ම්ම්... එහෙනම් මම තියන්නම් සුදු මැණිකේ ..'' '' බුදු සරණයි අයියේ '' මම දෙනෙත් අයාගෙන නොයිවසිල්ලෙන් බල බලා හිටියේ තත්සර අයියා එනකම් .. ටික වෙලාවක් ගිය පසු ඈතින් දඹුල්ල නුවර බස් එකක් එනු දුටු මම ඒ බස් එක නතර කරන ඉසවුව දෙසට සීරුවෙන් පිය මැන්නෙමි ..තත්සර අයියා බසයෙන් බසිනු මම ඈත තියාම දුටුවෙමි . .රෝස පාට ලස්සන ටී එකක් සහ කළු පාට ඩෙනිමක් ඇද සිටි තත්සර අයියාගෙන් හැදී දැඩි වූ පෙනුමක් දිස් විය. ''මගේ සුදු මැණික කොහොමද ?'' '' හොදින් මම මගේ සුදු අයියේ ..'' යන්නේ කොහෙදවත් නොදැන තත්සර අයියා සමග ඔහුගේ දෑතේ එල්ලී ටික දුරක් මාවත දිගේ ඉදිරියටම ඇදුණේ හිත පුරා වූ මහත් සතුටකිනි . '' මගේ සුදු මැණික ඔයා මොකුත් කෑවෙත් නෑ නේද ?... මටත් නම් දැන් ගොඩක් බඩගිනි ...'' එලෙසින් ටික දුරක් ඇවිද ගිය අපි බඩගිනි වූ නිසාවෙන් nescafe හලකට ගොඩ වුණෙමු. කෙලවරකම වූ මේසයක් වෙත අපි දෙදෙනාම ඇදුනෙමු . ටික මොහොතක් ගිය පසු තත්සර අයියා විසින් ඇණවුම් කරන ලද nescafe හා ෂෝර්ට්-ඊට්ස් සහිත බන්දේසියක් සේවකයෙකු විසින් මේසය මත ගෙනත් තබන ලදී . ''සුදු මැණික ඔයා මොනවද කන්න කැමති '' මේසය මත වූ බන්දේසිය පෙන්වමින් තත්සර අයියා මගේ කනට ලං වී හිමින් කොදුළේය ... '' මගේ අයියා කන්න කැමති ඕනෑම දෙයක් ..'' මම හුරතල් වෙමින් තත්සර අයියාගේ දෑත මත මගේ දෙඅත තබමින් කීවෙමි.. '' කපටි කෙල්ල මගේ .හැමදාමත් ඔයා මගේම විතරයි රත්තරන් ..'' කියමින් මගේ දෙඅත හිමින් සීරුවේ ඔහුගේ දෑගිලි තුලින් හිමින් පිරිමදින්නට විය. ඇතුවටත් වඩා මහා ගොඩක් ආදරේ කරන තත්සර අයියා වගේ කෙනෙක් මට හමු වුණේ මගේ පෙර පිනකටයි. නිහතමානී ගති පැවතුම් වලට මම ගොඩක්ම ගොඩක් ආදරෙයි... එත් මට එකවිටම මතක් වුයේ ආකාශ් අයියවයි. මට මගේ තත්සර අයියව නොලැබුණොත් ... ''මොකද සුදු මැණික මුණ රතු කරගෙන ...'' මම එක විටම තිගැස්සුණේ තත්සර අයියාගේ වචන ටික හින්දයි... '' නෑ මොකුත් නෑ සුදු අයියේ .. තාම දවල් වෙලත් නෑ .එත් අද හරිම රස්නෙයිනේ ,,ඒ නිසා වෙන්න ඇති ...'' '' හ්ම්ම් ..'' කියමින් තත්සර අයියා බන්දේසිය මත වූ nescafe එක අතට ගෙන මගේ මුවගට ලං කළේය .. මම එයින් උගුරු කිහිපයක් පානය කිරීමෙන් අනතුරුව තත්සර අයියා විසින් ඉතිරි වූ ටික පානය කරන ලදී.. ඔහුගේ දාස දෙස බලන විට ආදරේ ගොඩක් පිරිලා ඉතිරිලා ගිහින් තියෙන විදිහත්, තත්සර අයියා ගොඩක් සතුටින් ඉන්න විදිහත් මනාවට දිස්විණි. ඒ දෙඇස් දෙස බලන් උන්නු මට ආකාශ් අයියා තත්සර අයියාව මගෙන් ඈත් කරාවිදෝ සිති මගේ දෙඇසින් කදුළු කැට කඩන් හැලුනා. '' ඇයි මේ මගේ මැණික ...'' තත්සර අයියා ගොඩක් ආදරෙන් මගෙන් විමසුවා... එත් මම කොහොමද මගේ රත්තරන් අයියට ආකාශ් අයියා ගැන කියන්නේ .. මට සමා වෙන්න මගේ සුදු අයියේ .. මම හිතින් හිතුවෙමි ... '' ගොඩක් ආදරෙයි මගේ සුදු අයියේ මම ...'' ''එක මම දන්නවා මගේ පැටියෝ . ඉක්මනටම මගේ මැණික මගේ කර ගන්න ඇත්නම් .'' යැයි කියමින් දිගු සුසුමක් ද හෙලා තවත් මට ලං වී හිමි හිමිහිට මගේ හිස පිරිමදින්නට විය . ටික වෙලාවක් පසු අපි පේරාදෙණියට ගොස් මල්වත්තේ කාලය ගත කෙරුවෙමු .මල් ගොමු අතරින් එහි සුන්දරත්වයද විදිමින් තවත් දොඩමළු වෙන්නට නම් බොහෝ දේ තිබුණි. එත් ගෙවෙන කාලය ඊට හරස් විණි . '' මම ගෙදරට කියලා ආවේ මහන්න දුන්නු සාරිය අරන් එන්න යනවා කියලයි. ගොඩක් පරක්කු උනොත් අම්මා බය වෙයි ....'' දුකින් නමුත් මම එසේ කීවෙමි. ''ම්ම්ම් මැණික මමත් යන්න ඕනි පුළුවන් තරම් ඉක්මනට .. පෙරේදා ගත්තු reports වගයක් පෙන්නලා අම්මට හවස බේත් ගන්න තියෙනවා ...'' තත්සර අයියාගේ අම්මත් ටිකක් අසනීපයෙන් හිටියේ. ඇයට එකම පිළිසරණ වුයේ තම එකම පුතු වූ තත්සර අයියා පමණි . '' ඔයා ලගට වෙලා මුළු දවසම හිටියත් මට ඇති වෙන්නේ නම් නෑ මගේ මැණික. ඒ.....ත් ඉතින් දැන් යන්න වෙනවනේ.'' තත්සර අයියා හුල්ලමින් කිවේය . '' ම්ම්... මට තමයි පාලු ගොඩක් එතකොට මගේ අයියේ ..'' '' ම්ම්.....ම්... මම ඔයාව දාලා යනවා නෙවේනේ පැටියෝ ..'' මගේ නළලත මගේ ඔහුගේ උණුසුම් දෙතොල් රදවමින් පැවසිය . යලිත් මගේ ඇස වල කදුළු පිරුණි .. ''ඇස් වල කදුළු පුරවා ගන්න එපා... මගේ ර...ත්තරන් .... ඒකට මම අකමැතියි .. ඔයාට කදුළු දෙන්න කවදා...වත් මම කැමති නෑනේ .ජිවිත කාලෙම ඔයාව මගේ ලගින්ම තියා ගන්නවා පැටියෝ ..ඉවසන් ඉන්නකෝ තව ටික කාලයක් .'' තත්සර අයියා මගේ දෙකොපුල ඔහුගේ දෑතින් අල්ලාගෙන කිවේය .. ඉතාමත් කෙටි කාලයක් තුල ආත්මගත බැදීමක් ලෙසින් තත්සර අයියා මට ලෙන්ගතු සෙනෙහසක් දුන් නිසාවෙන් ඔහුගෙන් මොහොතකට හෝ මිදීම මට ගොඩක් ලොකු දුකක් උනත් එදින ඔහුට සමු දෙන්නට වුයේ තවත් දවසක මුණ ගැසෙන බලාපොරොත්තුවෙනි .හෝරා කිහිපයක් ඔහුත් සමගින් ගත කලත් පුංචිම පුංචි තත්පර කිහිපයක් ලෙසිනුයි මට නම් දැනුණේ . ''එහෙනම් මම යනවා මගේ පැටියෝ .. ඔයා පරිස්සමින් ගෙදර යන්න .. ගියා කියලා මට msg එකකුත් එවන්න .'' '' හොදයි මගේ සුදු අයියේ.. ඔයත් පරිස්සමින් යන්න ..බුදු සරණයි දළදා සමිදු පිහිටයි '' තත්සර අයියාගේ දෙඅතින් අල්ලාගෙන කිවෙමි ... ' බුදු සරණයි පැටියෝ ඔයාටත්..'' මගේ ජිවිතේ ගොඩක් ලොකු බලාපොරොත්තු හීන නොතිබුනත් තත්සර අයියා ඇවිත් මගේ ජීවිතේට එබිකම් කරපු දවසේ ඉදන් එකම එක හීනයක් හිතේ රැදෙන්නට විය. ඒ මම තත්සර අයියගේම වෙන හීනයයි. පේරාදෙණියේ සිට නැවත නුවර බස් නැවතුම්පල වෙත පැමිණ තත්සර අයියා බසයට ගොඩවෙන තෙක් හිද මම නැවත පිටත් වුයේ මහන්න දුන්නු සාරියත් අරගෙනම ඉතාමත් ඉක්මනින් නිවසට යාමටයි . '' කෝ බලන්න මහගෙන ආපු සාරිය .. හොදට මහලද දෝනි ..'' ගෙට ගොඩවෙනවාත් සමගම සාලයේ සිටි අම්මා මා අතේ වූ ඉටි බෑගය වෙත දෑත දිගු කරමින්ම අසා සිටියේ ය , '' ඔව් හොදයි අම්මා හොදට මහලා තියෙනවා .. මේ සැරේ ටිකක් ගැනත් ගැනත් අඩු කරලා ගත්තේ .. හැමදාම මම ශිරෝමා අක්කගෙන්ම සාරි මහගන්න යන හින්දා ..'' '' හ්ම් ... ඒ දැරිවි හරි අහිංසකයි.... පොඩි කාලේ ඉදන් ඒ ළමය එහෙම තමයි ...'' ''ඔව් අම්මේ ඇත්තටම ශිරෝමා අක්කා ගොඩක් හොදයි ...'' '' මුණ කට හොදගෙන එන්න ළමයෝ ගිහින් ...'' අම්මා එසේ කියමින් මහගෙන ආපු සාරිය ඒ මේ අත හරවමින් බලන්නාව වුවාය . '' මොකෝ සුද්දී තනියම හිනා වෙන්නේ ...'' නව කතා පොතක් අතට ගෙන මම සාලයේ පුටුවේ හිද ගත්තත් එහි පෙරලී තිබුනේ පිටු දෙක තුනක් පමණි ... ලොක්කෙ අයියා ලගට එනතුරුවත් මට නිනවුවක් නොමැති වී තිබුණි . '' හැමදාම සතුටින් ඉන්න මගේ සුද්දී නංගියෝ ..'' ලොක්කෙ අයියාත් ඇවිත් පුටු සැටියේ මා අසලින්ම වාඩි වෙමින් පැවසීය. මේ කෙසෙල් ඇවරිය පොඩි නොකර කෑම මේසෙන් ගිහින් තියන්නකෝ සුද්දී...ඔන්න කන්න එහෙම එපා ... හෙට මගේ වැඩේට ගන්න ඕනි ...'' ලොක්කෙ අයියා ඔහුගේ අතෙහි වූ කෝලිකුට්ටු කෙසෙල් ඇවරිය මා වෙත දිගු කරමින් කිවේය . ඔහු තවමත් ආඩම්බරෙන් හංගන රහස කුමක්ද? මම හිතින් හිතුවෙමි. ඒ වැඩය දන ගැනීමට මගේ හිත තුල මහත් වූ කුකුසක් ඇතිව තිබු නමුත් ඉතිරිව ඇති එක දවසත් ඉවසගෙනම ඉන්න බව මම ලොක්කෙ අයියාට හැගෙවුවෙමි.. ''මොකක්ද මේ වැඩේ .. ම්ම්ම් ආයෙත් අහන්නේ නෑ මම.. තව දවසනෙ... එකත් ඉවසගෙනම ඉන්නවා ... හෙටම බලාගමුකෝ ලොක්කෙ අයියගේ වැඩේ මොකක්ද කියලා ..'' '' හරි හරි පිස්සියේ ... මගේ වැඩේ කීවට.. මගේම නෙවේ .. ඔයාගේ ... '' කියමින් ලොක්කෙ අයියා මගේ කොන්ඩෙනුත් අදිමින්ම කාමරය වෙත දිව ගියේය. එහෙම ලොක්කෙ අයියා කියද්දී නම් මගේ හිත තරමක් බයෙන් ගැස්සුනා . ''ම්ම්ම් මොකක්ද කියලා හෙටම මම බලාගන්නම්කො .. මටම හම්බුනානේ මේ වගේ පණ්ඩිත පිස්සු අයියෙක් ...'' '' අපි වගේ අයියාලා ලබන්න ගොඩක් පින් කරන්න ඕනේ හොදද ... ඔන්න මේ ඇත්තේ අයියට බැන්නොත් ලබන අත්මෙනම් අයියව ඔයාගේ වෙන එකක් නෑ සුද්දී .. සොරිම තමා ...'' '' පටන් ගත්තද අයෙත් දෙන්නගේ ගෝරනාඩු ..'' අම්මා ටිකක් සැර වූ නිසාවෙන් මමත් හිමිට මාරු වී ගොස් මිදුල අතු ගන්නට වුයෙමි සෙනසුරාදා දවස නම් හරියට හීනයක් වගෙයි .. හරි ඉක්මනට ගෙවිලා ගියා .. එදින මිහිරි මතක සිහි කරමින් මම ගොඩක් සතුටු වුයෙමි - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 05 May 2016 09:12 PM තත්සර ප්‍රේමය 21 කොටස එදින අගහරුවාදා දිනයක් විය .. මම වැඩ ඇරී ගෙදර එන විට ගේ ඉදිරිපිට ලොරියක් නවතා තිබුණි. ''අද නම් ඔන්න දෝණිට ගොඩක් වාසියි.. '' ලොරිය අසල සිටි තාත්තා කිවේ ගොඩක් ලොකු සතුටකිනි ... ''ඔව් ඔව් රට ඉදන් එද්දී අයියට මතක් වෙලා තියෙන්නේ වැඩියෙන්ම නංගිව විතරයි .. '' ලොරියේ රියදුරු මහතා ද තාත්තාගේ කතාවට හවුල් විය ... '' ඔව් ඔව් ඉතින් මගේ නංගිව දීගෙක දෙන්නත් වෙනවනේ ලගදීම .. දෑවැද්ද මම ගානේ තමයි..'' මුව පුර සිනහවක්ද රදවාගෙන ලොක්කෙ අයියා කිවේය . ලොක්කෙ අයියා රට ඉදන් එවපු ගොඩක් දේවල් මන් වෙනුවෙන් ගත්තු දේවල් . එක කුස නුපන් අයියා වුණත් , එක කුස උපන් සහෝදරයෙක්ටත් වඩා වූ සෙනෙහසක් ,ආදරයක් මට ලොක්කෙ අයියාගෙන් කුඩා කල සිටම ලැබුණි . එය තවමත් එලෙසමයි .කිසිම දිනෙක මගේ ඇස්වල කදුළු දකින්නට ලොක්කෙ අයියා අකමැති විය . ඒ වගේම තමයි අම්මයි තාත්තත් (නැන්දයි,මාමයි ), ඇයගේ කුසින් නුපදුනත්, ඔහුගේ රුහිරු මා ගත නොදිවුවත් එයාලගේම දරුවෙක් වගෙයි මාව හදා වඩා ගත්තේ ,,,, කොපමණ වූ ආදරයක්,සෙනෙහසක් ඒ හැමොගෙන්ම ලැබුණත් .., අනේ මගේ අම්මයි තාත්තත් මගේ ළග හිටියා නම්.. යැයි සිතුණු වාර නම් අනන්තයි. '' මේක තමයි මගේ නංගීට විශේෂම තෑග්ග ...'' කියමින් ලස්සනම ලස්සනට pack කරලා තිබුණු පුංචි පාර්සලයක් ලොක්කෙ අයියා විසින් මා ඇත තබන ලදී . මා එම පාර්සලයත් අතැතිවම ගෙතුලට ගියේ එහි වුයේ කුමක්දැයි දැන ගන්නාතුරු නොයිසිලිමත්කම නිසාමය . මා පාර්සලය හිමින් සීරුවේ දිග හැර බැලුවෙමි .. ලස්සනම ලස්සන සාරියක් .. එත් එක්කම ලොක්කෙ අයියා ගෙතුලට පැමිණියේ ලොරියේ රියදුරාට තේ සාදාගෙන එන ලෙස මට කීමටය . මා තේ හදන්න කුස්සියට ගිය නිසාවෙන් ලොක්කෙ අයියාද මා පසුපස පැමිණියේ ය . '' කොහොමද සුද්දී සාරිය .. ලස්සනයි නේද මේ අයියගේ තේරීම ..'' '' හ්ම්ම් ගොඩක්ම ගොඩක් ලස්සනයි ලොක්කෙ අයියේ .. . මටවත් බෑ මේ තරම් ලස්සනට සාරි තෝරන්න .'' '' එකනේ එකනේ ... කොහොමද අයියගේ වැඩනේ ඉතින් ....'' ටික වෙලාවක් නිහඩව සිටි ලොක්කෙ අයියා තවත් වැදගත් වූ කාරණාවක් මතක් වූවා සේ ... ''මේ...... ඒක නෙවෙයි.සුද්දී ..., ඔය සාරිය ඉක්මනට මහගන්න හොදද .. අර මන් කිවනේ ඉරිදට වැඩක් තියෙනවා කියලා ..... එදාට ඔයා ඔය සාරිය අදින්න ඕනේ හොදද සුද්දී ....'' '' ලොක්කෙ අයියා මොන වැඩක් ගැන කතා කරනවද මන්දා .. හ්ම් හ්ම් මම මහගන්නම්කො ඉතින් ඉරිදට කලින් සාරිය . .. ඇයි මනමාලියක්වත් බලන්න යන්නද මාවත් එක්කගෙනම ...'' '' හා හා ඒවා රහස් .... එහෙම කියන්න බෑනේ රහස් නේද ?...'' ලොක්කෙ අයියා එළැබෙන ඉරිදා දිනය කුමක් වෙනුවෙන් වෙන් කර ගත්තේදැයි තවමත් රහසකි. සියල්ලන්ටම තේ හදාගෙන මමත් ලොක්කෙ අයියාත් විසින් ගෙන යන විටත් ලොරියේ රියදුරු මහතා සමග තාත්තා හරි හරියට කතාවට වැටී සිටියේ ය . දේශපාලනේ ගැන තමයි හැබැයි කතා කලේ ...මම නම් ආසම නැති මාර්තෘකාවක් තමයි දේශපාලනය .. මම දන්නවා ඒ වගේම තාත්තත් දේශපාලන පිළිබදව දැක්වුයේ දැඩි අකමැත්තක් ... ලොක්කෙ අයියා ඒ නිසාමද මන්දා .හිනා වේමින් .මා දෙසට හරි ඇස් කොනකින් ඉගියක් කලේ .... ''එහෙනම් මම ගිහින් එන්නම් ..'' ''හා හොදයි එහෙනම් uncle .... ගොඩක් ස්තුතියි .... '' කියමින් රියදුරු මහතාට ලොක්කෙ අයියා තුති පල කල සිටියේ ය . අහස වෙනදාටත් වඩා අදුරු කරගෙන වැහි වළාවක් ද තුරුළු කරගත් බැවින් ලොරියේ රියදුරු මහතා තේ බි අවසානයේ බුලත් විටක්ද හපමින් යන්නට ගියේ ය . . කළු කර තිබු අහස මොර සුරන වැස්සක් බවට පත් වීමට ගත වුයේ නිමේෂයකි .. සුළගත් හරි තදේටම හැමුවා. සුළු වෙලාවකින් විදුලියද විසඳි වූ නිසාවෙන් අදුරේම අත පත ගාගෙන ගොස් අම්මා ඉටිපන්දම් 2,3 ක් දල්වා සාලයට ගෙන ආවාය . '' ලොකු පුතේ ..හැමදාම ඔහොම තනියම ඉන්නද කල්පනාව ...'' අම්මා ලොක්කෙ අයියාගෙන් විමසුවේ ලොක්කෙ අයියා අකමැතිම වූ ප්රශ්නයකි . '' හරි හරි අම්මේ පොඩ්ඩක් ඉවසන් ඉන්නකෝ ... සුද්දී පිළිවෙලක් වුනු ගමන්ම මම ඒ ගැන හිතන්නම් ...'' ඊට පස්සේ ලොක්කෙ අයියා පටන් ගන්න හැදුවේ මම අකමැතිම කතාව ... ඒ ආකාශ් අයියා ගැනයි . වැස්සත් සමගින් මුළු රැයම වෙළාගත් ඝන අන්ධකාරයට මම බොහෝ බිය වුයෙමි. මගේ තත්සර අයියව මට මගේම කර ගන්න බැරි වේවිද ?... තව දුරටත් අම්මා ,තාත්තා හා ලොක්කෙ අයියාගේ කතා වලට සවන් දීමට අකමැති වූ මම හිමින් සීරුවේ කාමරය වෙත ඇදුනෙමි. කොහොමද මම තත්සර අයියා ගැන ගෙදරට කියන්නේ . පණටත් වඩා මට ආදරය කරන ලොක්කෙ අයියාගේ හිතේ තියෙන බලාපොරොත්තු මම ඉෂ්ට කරන්නේ කෙසේද ? තත්සර අයියා මට ලං වෙලා තියෙද්දිත් මගේ හිතේ ආදරයක් හෝ කිසිම හැගීමක් නැති ආකාශ් අයියව මගේ කර ගන්නේ කොහොමද මම. හැම පැත්තෙන්ම මම ගොඩක් අසරණයි. '' සුදු බබා .. දැනුයි මම calls එක ඉවර කලේ .. ඔයා මොකද කරන්නේ ...'' ''මොනවත් නෑ මගේ සුදු අයියේ .. මෙහෙ හොදටම වහිනවා ...'' තත්සර අයියාගෙන් ලැබුණු කෙටි පණිවිඩය ,මම පිළිතුරු යැවුවෙමි, අපැහැදිලි නමුත් එකතරා සිදුවීමක් . මට මුල,මැද , අග පැහැදිලි කර ගැනීමටවත් මට නොහැකිවිණි. මගේ ඇස් වලින් කදුළු ගලා හැලුනි . ලොක්කෙ අයියා හිටියේ ගොඩක් තරහින් .. මදක් පමණ වන්නට වවා තිබු ඔහුගේ කෙහෙරැල් ද බොහෝ සෙයින් අවුල් වී තිබුණි. තවත් කුමන හෝ කෙනෙක් විසින් ලොක්කෙ අයියාගේ හිසට වැරෙන් පහරක් එල්ල කරන ලදී. එත් සමගම ඔහු ඇදගෙන බිම වැටුණි . ''ලොක්..කෙ.... අයි.....යා .............'' '' අනේ .. ඒ.... පා .. එපා .......'' මට එක පාරටම කෑ ගැසුණි . '' මොකද මොකද දරුවෝ .මේ ..'' තාත්තාගේ කට හඩත් සමග මම තිගැස්සී අවදි වුනෙමි .ඇදේ හාන්සි වී සිටි මට නොදැනුවත්ම නින්ද ගිහින් තිබු බව වැටහුනේ එවිටයි . '' නෑ ...තාත්තේ......මේ , ම...ම ...'' මම වචන ගලපා ගන්නට හැදුවත් නොහැකිවිණි . එත් සමග අම්මා වතුර එකක්ද රැගෙන පැමිණියේ ය. ''කෝ නැගිටින්න දැන් ... බත් ටිකක් කාලා නිදා ගන්න ,,කාවෙත් නැනේ තවම .... කාලා බුදුන් වැදලා නිදා ගන්න ..'' අම්මා මට බත් කන්නට ඇවිටිලි කලද මම තවමත් සිටියේ තිගැස්සුණු හිතකින් යුතුවය .. '' හා අම්මේ මම තව ටිකකින් කන්නම් ...'' .''ඇයි අම්මේ සුද්දී ..'' ලොක්කෙ අයියා අම්මගෙන් අසනු මට ඇසිනි , ''නෑ මේ ලොකු පුතා .. සුද්දී හීනයක් දැකලද කොහෙද ,,හොදටම බය වෙලා .... '' ටික මොහොතකින් මා අසලට පැමිණි ලොක්කෙ අයියා හිනාවෙමින් මට සරදම් කරන්නට විය ... '' ලොකු ලොකු හීන බලලා බය වෙන්න තාම රෑ වෙලා නෑ කෙල්ල ...'' ලොක්කෙඅයියාගේත් මගේත් නිසාවෙන් .. දෙන්නම ඔය කෑ ගැහිල්ල නවත්තලා කෑම කන්න එනවද ? ඉටිපන්දම් ටිකත් දැන් නිවෙන්න ලගයි'' අම්මා කි නිසා තාත්තාද එය අනුමත කළේය . ''අද නම් කරන්ට් එක නේන හැඩයි .... ඇවිත් කෑම කන්න දෙන්නත් එක්ක ..'' 'රාත්‍රී ආහාරයෙන් පසු නැවතත් ගොස් ඇදේ හාන්සි වුයේ ලොකු පාලුවක්ද දැනුණු නිසාවෙනි .. '' සුදු මැණික අපේ යාලුවෙක්ගෙ කිරි අම්මා නැති වෙලා .... දැන් එහෙ යන්න වෙනවා. ..'' '' හ්ම්ම් ගොඩක් පරිස්සමින් ගිහින් එන්න මගේ සුදු අයියේ ...'' '' තත්සර අයියාත් නිවසට පැමිණ යලිත් ආපසු යාලුවෙක් එක්ක මල ගෙදරක යන බව දන්වා මට කෙටි පණිවිඩයක් ඒවා තිබුණි.. පාළුවත් තනිකමත් තුරුල් කර ගත්තු මම එහෙමම තදින් දෑස් පියා ගත්තේ හෙට දින ගැන මාත් ,තත්සර අයියාත් වෙනුවෙන් දහසකුත් වූ පැතුමන් හිතෙහි රදවාගෙනය . - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 05 May 2016 09:11 PM මේ තව දෙකක් දාල තියෙන්නෙ. ස්තූතියි පොඩ්ඩියේ . ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ PoddiVeteran MemberPosts:2100 05 May 2016 09:09 PM තත්සර ප්‍රේමය 20 කොටස අනුරාධපුරේ ගමනින් පසු වුවද තත්සර අයියාගේ හමු වීම පිළිබද වූ සිතුවිලි නිසාවෙන් මගේ හිත ගොඩක් පිරිලා ගිහිල්ලයි තිබුණේ .. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියා සේම තත්සර අයියාත් මමත් අතර වූ ලෙන්ගතුකම තව තවත් වැඩි වුණා මිස ඉන් බිදක් හෝ අඩු වුයේ නම් නැත .. හැම මොහොතේම තත්සර අයියාගේ ගැන හිතමින්ම කාලය ගෙවිණි. ආකාශ් අයියාත් මගේ ගැන බලාපොරොත්තුවෙන් පසු වූ නිසා මගේ හිත දෙගිඩියාවකින් පසු වුයේ මගේ තත්සර අයියාව මට අහිමි වේද ?... යන බියෙනි ... ''දෝණි ..'' හොදටම ඇදිරි වැටිලා ...නේද ..? කළුවරේම එළියට වෙලා මොනවා කරනවාද මන්දා ...'' . අඳුරින් ගැවසී තිබු ආලින්දයේ විදුලි පහන් දල්වමින් අම්මා කෑ ගෑවාය. අම්මාගේ කට හඩට තිගැස්සුණු මම නිහඩවම ගොස් අසල වූ වතුසුදු ගහෙන් මල් මිටක්ද කඩා ගෙනවුත් පහන දල්වා බුදුන් වැන්දෙමි .දැල්වෙන පහන් ආලෝකය දෙස ටික වෙලාවක් යනතුරු බලා සිට අම්මා රාත්‍රී ආහාරය පිසිමින් සිටි නිසාවෙන් මම ද ගොස් ඇයට උදවු කළෙමි . '' ළමයෝ අයියාට දැන්ම කටයුත්තක් කරන්න බෑ කියනවා නංගි කසාද බදිනකම් ඉන්න ඕනිලු ....'' ..ඉතින් මම මේ කල්පනා කළේ ....'' කියා අම්මා යමක් කියන්නට ගියද ඒ කතාව නැවැත්තුවේ ආකාශ් අයියලාගේ ගෙදර ගොස් පැමිණි ලොක්කෙ අයියා මුළුතැන්ගේ දෙසට ආව නිසයි .. '' සුද්දී හොදට කහට දාලා තේ එකක් හදලා දෙන්නකෝ..ලොකු තිබහක් තියෙන්නේ . '' ලොක්කෙ අයියා මට කි නිසාවෙන් ලිප කොනක රත් වී තිබු වතුර කේතලය හරි පරිස්සමට ගෙන ලොක්කෙ අයියාගේ කෝප්පය පිරෙන්නම තේ එකක් සාදා දුන්නෙමි . තේ එක බොමින්ම ලොක්කෙ අයියා මොකුත් නොකියාම සාලය දෙසට ගියේය . අම්මා කහට කෝප්පයක් සාදා සාලයේ සිටි තාත්තාටද ගෙන ගොස් දුන්නේය . ඒ වන විටත් රාත්‍රී ආහාරය පිස අවසන් වූ නිසාවෙන් මමත් කාමරය දෙසට ඇදුණේ රුපවාහිනිය බැලීමට තරමක් මැලි වු නිසාවෙනි.... ''සුද්දී ලබන ඉරිදා කොහෙවත් යන්නේ එහෙම නෑ නේද .? පොඩි වැඩක් තියෙනවා මට ...එකට help එකක් ඕනි හොදද .?.'' ''හා හා ලොක්කෙ අයියේ .. එදාට මට වෙන මොනවත් වැඩක් නම් නෑ ..'' ලොක්කෙ අයියා කි දේට මම පිළිතුරු දුන්නෙමි .. එවිට වෙලාව රාත්‍රී 7 පමණ වූ නිසාවෙන් මම තත්සර අයියාට කෝල් එකක් ගත්තේ ඒ වන විටත් ඔහු විසින් කරනු ලබන class එක නිම වී තිබිය යුතු නිසාවෙනි .. ''.. හෙලෝ මගේ මැණික ..'' සුපුරුදු වූ ඒ ආදරණිය හඩ මගේ දෙසවන මත රැදුනි ... '' ම්ම්ම් මගේ සුදු අයියේ ..'' '' මාත් මේ phone එක අතට ගත්තා විතරයි කෝල් එකක් දෙන්න මගේ මැණිකට.'' '' ම්ම් මට ගොඩක් මතක් වෙනවා මගේ අයියේ ඔයාව ..'' '' පුළුවන් ඉක්මනට මගේ මැණිකව මගේ ළගට ගන්නවා මම ..තව ටිකක් කල් ඉවසන්නකෝ හොදද පැටියෝ... '' '' හැබැයි එක දෙයක් පොරොන්දු වෙනවද මගේ සුදු අයියේ ..'' මම කතාව වෙනතකට හැරවුයේ ආකාශ් අයියා මම ගැන යෝජනා කර තිබු නිසාවෙනි ... ''.... ඔව් කියන්න මගේ සුදු මැණික ..'' '' කවදාවත් මොන දේ වුනත් , මොන ප්‍රශ්න ආවත් මව තනි කරන්න එපා මගේ සුදු අයියේ ,...'' ''පිස්සු කෙල්ල ... ........ අඩන්න තහනම් කියන එක අමතක කරන්න එපා ''. ඒ පොරොන්දුව මම ඔයාට ගොඩක් කලින්නේ දීලා තියෙන්නේ .. සුදු ඔයාගේ හිතේ මොකක් හරි ලොකු දුකක් හංගගෙන ඉන්නවා නේද?'' ?.. .. ....තනියම හිතින් දුක් විදින්න එපා මගේ මැණිකේ .. . මොන දේ වුනත් මම ඔයත් එක්ක ඉන්නවනේ ... කියන්නකෝ ඇයි ඔය තරම්ම දුකින් ඉන්නේ'' මම තරමක් ඉකි බිදිණු හඩ ඇසුණු නිසාමදෝ මන්දා තත්සර අයියා මට ටිකක් සැරෙන් කතා කළේය .. ඔහු කිසි විටෙකත් මා දෑසින් කදුලක් හෝ දැකීමට අකමැති විය ... එත් දෙයියනේ ආකාශ් අයියව මට ගෙදරින් යෝජනා කරලා තියෙන්නේ කියලා කොහොමද කියන්නේ .... '' මම දුකින් නෙවේ ..එහෙම මොකුත් නෑ මගේ සුදු අයියේ ... එත් මට බයයි ...'' '' ඇයි ඔයා බය වෙන්නේ .. මගේ ආදරේ විශ්වාස කරන්න පැටියෝ ..'' '' මට සමා වෙන්න මගේ සුදු අයියේ ..'' ආයෙත් මගේ ඇස් වලට කදුළු ගන්නේ නෑ .. මටත් වඩා මගේ සුදු අයියව ගොඩක්ම ගොඩක් විශ්වාසයි ..'' '' හරි හරි දැන් සේරම හරි ... හොද බබා වගේ දැන් අඩන එක නවත්තන්න .. මම ඔයාව මොන දේ වුණත් තනි කරන්නේ නෑ මගේ මැණික ... පොරොන්දු වුණානේ මගේ කෙල්ල ආයෙත් අඩන්නේ නෑ කියලා නේද ..? ගොඩක් ලෙන්ගතුකමින් යුතුව තත්සර අයියා මගේ හිතේ වූ දුක අස්වැසිය. හරි බබෝ එහෙනම් මම දැන් වොෂ් එකක් දාගෙන එන්නම් .. ඔයා තාම කෑම කාලත් නෑ නේද ? '' ම්ම්ම් මගේ සුදු අයියත් කෑම කනකොටම මමත් කෑම කන්නම්කෝ ...'' '' හා එහෙනම් මම ඉක්මනින්ම එන්නම්කෝ .. මගේ පිස්සු කෙල්ල . බුදු සරණයි පැටියෝ .'' ''බුදු සරණයි මගේ සුදු අයියටත් .., පරිස්සමින් ..'' ''ම්ම් මගේ සුදුත් පරිස්සමින් ඉන්න ..'' =මතු සම්බන්ධයි = ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* samanthaMost Senior MemberPosts:13190 05 May 2016 08:58 PM කොටස් 2ක්ම දීලා.. බොහොමත්ම ස්තූතියි පොඩ්ඩියේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! PoddiVeteran MemberPosts:2100 05 May 2016 08:51 PM තත්සර ප්‍රේමය 19 කොටස ඉසුරි අක්කා පුතාව වඩාගෙන අප දෙසට පැමිණියේ පුතු පසු පස පන්නා ඉතාමත් වෙහෙස වූ ලෙසිනි. ඇගේ මුහුණ දෙස බැලු විට ඒ බව මනාවට දිස් විණි . '' අනේ .. දරුවෝ තාමත් ඔය මල් ටික අතේ නේ... ? පුජා කරලා නැනේ තාම ..'' බුදුන් වැද අවසන් වූ අම්මා අප සිටින ඉසව්වට පැමිණෙමින් කිවේ ඉසුරි අක්කා හා මා අත තවමත් වූ මල් ටික දැකීම නිසා ය. '' කොහෙ පුජා කරන්නද ඇන්ටි මේ ඉදුවරත් එක්ක ... එයා පස්සේ දුවනවා ඇරෙන්න නිදහසේ මලක්වත් පුජා කර ගන්න බෑ ඉතිං ..'' ''කෝ ඔය දරුවා මට දීලා මල් පුජා කරලා එන්න ගිහින් ..'' එසේ කියමින් ආකාශ් අයියාගේ ලොකු අම්මා තම එකම මුණුබුරා වූ ඉදුවර පුතාව වඩා ගනිමින් හුරතල් කලා ය . ''මල්ලි ඔයා මල් පුජා කලාද ....? '' ඉසුරි අක්කා තත්සර අයියගෙන් විමසු විට තත්සර අයියා එක පාරටම තිගැස්සුනේ ඔහු ලොකු කල්පනාවක වැටි සිටි නිසාමදෝ මන්දා .... ඔහු තවමත් කල්පනා කරමින් සිටින්නේ ඉසුරි අක්කාගේ මා ඇගේ නෑනා කරගන්නවා යැයි පැවසු කතාවම විය යුතු ය. '' ම්ම්ම් ...ආහ් ... නෑ .. නෑ අක්කේ....... මේ මාත් ආවා විතරයි තවම ...'' ඔහු වචන ගැලපුවේ පැටලිලි සහිතවය. ''අනේ මේ දරුවා නේද ..? මම දැන්නේ හරියට අදුර ගත්තේ ...'' ආකාශ් අයියාගේ ලොකු අම්මා එසේ පැවසුයේ තත්සර අයියාව දැක පුදුමයට පත් වූ බැවිණි . ''ඔව් ඇන්ටි .... මම මේ වැඩකට යන ගමන් ඇවිත් යන්න ආවේ පන්සලට ...'' '' හා එහෙනම් දරුවෝ......, ඔයාලා ගිහින් මල් පුජා කරලා එන්නකෝ ....'' '' හොදයි ඇන්ටි ...'' කියමින් ආකාශ් අයියා තම කරේ එල්ලාගෙන සිටි බෑගය විවර කරමින් එහි වූ සිලි බෑගයක පිළිවෙලට දමා තිබු තවමත් නොපුබුදුවන ලද සුදු නෙළුම් මල් පොකුරක් හිමිහිට එළියට ගත්තේය. '' හරිම අපුරුයි මල්ලි ... මේ සල්ලි වලට ගත්තු මල් නෙවෙයි නේද ..? '' ''නෑ අක්කේ..... අපේ ගෙවල් පල්ලෙහාට වෙන්න වැවක් තියෙනවා .. එකෙන් උදේ කඩා ගත්තේ ..'' තත්සර අයියාට පින් දෙමින් අප ඔහු විසින් ගෙනෙන ලද සුදු නෙළුම් මල් පුබුදුවා පුජා කළෙමු ... '' මගේ සුදු කෙල්ල මොනවද මල් පුජා කරලා ප්‍රාර්ථනා කළේ .? .'' මල් පුජා කිරීමෙන් පසු අප පහළට යන අතරතුර තත්සර අයියා මට ලං වී කනට කොදුරා ඇසුවේය ... '' ගොඩාරියක් දේවල් ප්‍රාර්ථනා කළා මගේ සුදු අයියේ අයියේ ... '' ''ඔය ඇස් .මගේම විතරයි...,මගේ මැණික'' කියමින් තත්සර අයියා ගොඩාක් ආදරෙන් මගේ දෑස් දෙස බලමින් කිවේ ය . '' ම්ම්ම් ....... ම් හැමදාමත් .....'' කියමින් මම ඉතිරි වචන ටික ගිල ගත්තේ අම්මාට ඇසේවී යැයි සිතාය. ''කොල්ලෝ දෙන්නා කොහේ ගියාද මන්දා......'' කියමින් ආකාශ් අයියාගේ තාත්තා අපේ තාත්තා සමග පැමිණියේ ය ... '' දැන් ඉතින් ආපහු පිටත් වෙන්න පටන් ගත්තොත් හොදයි ..'' කියමින් ආකාශ් අයියාගේ තාත්තා දුරින් සිටි ලොක්කෙ අයියාට හා අපේ අයියාටද කතා කළේය . '' හරි uncle අපි ready ..'' එසේ පවසමින් ලොක්කෙ අයියා ආකාශ් අයියාත් සමගින් පැමිණියේ ය ... ''හෙලෝ මචන් ...'' කොහෙන් හරි අපි හම්බෙනවා නේද ..?'' ආකාශ් අයියා තත්සර අයියාව දැක ඔහුගේ පිටට ද තට්ටුවක් දමමින් එසේ කිවුවේ ය . '' මියුසික් කරනවද මචන් .... '' ලොක්කෙ අයියා තත්සර අයියා අත වූ ගිටාරය තමා වෙත ඉල්ලා ගනිමින්ම ඇසුවේ ය . ''ඔව් අයියේ..... මම band එකක play කරනවා .. ඒ ගමන්ම තව ළමයින්ට class එකකුත් කරනවා ...'' ''නියමයි ... මාත් හරි ආසයි music වලට ...'' .''..මේ... මගේ නංගී .. එයාටත් හොදට sing කරන්න පුළුවන් .....'' කියමින් ලොක්කෙ අයියා මාවද තත්සර අයියාට පෙන්නුවේය ... කතාවෙන් කතාවෙන් අපි වෑන් රිය අසලටත් ලගා වී තිබුණි . ''යාළුවා ඔයා දැන් කොහෙටද යන්නේ ..'' එසේ විමසුවේ ආකාශ් අයියයි ... '' මම දැන් නාවුලට යන්න ඕනේ අයියේ .. '' ''ආහ් .... එහෙනම් අපිත් එක්කම යන්න පුළුවන් පුතේ ...'' ආකාශ් අයියාගේ තාත්තා තත්සර අයියාටද අප සමග නාවුල දක්වා යාමට හැකි බව පැවසීම නිසාවෙන් මට පුදුමාකාර වූ ප්‍රීතියක් දැනුණි .. .අයියාලා තුන් දෙනාම පිටු පස අසුනට ගිය අතර ඉසුරි අක්කත් , ඉදුවර පුතාත් මමත් ඊට පසු පස අසුනෙන් වාඩි වූ අතර ,ඉදිරිපස අසුනේ අපේ අම්මාත් ,ලොකු අම්මාත් වැඩි විය . ''uncle නාවුලට යනකම් හිමින් යමු හොදද ...?...'' එසේ කිවේ ලොක්කෙ අයියා guitar එකට දැක්වූ දැඩි ප්‍රිය මනාපය නිසාමය .. නාවුල දක්වා යන තෙක් අපි සින්දු කියමින් විනෝද වෙමින් ගියෙමු.. ''...uncle මාව ඔය ඉස්සරහ පලතුරු කඩේ පහුවෙනවත් එක්කම තියෙන ගේ ළගින් දාන්න ..'' කියමින් තත්සර අයියා පිටු පස අසුනේ සිට මාත් ඉසුරි අක්කාත් සිටි අසුනට පැමිණියේ ය .. මොහොතක් හෝ මගේ සුදු අයියා ළගින් අද වාඩි වෙලා යන්නට තරම් මම පිනැත්තියෙක් වීමි ... ''... හෝ හෝ මචන් ... number එක දෙන්න .. තව ටිකෙන් එකත් අමතක වෙනවා ..... අපිටත් ඉස්සරහට වැඩ තියෙයි... එතකොට අනිවා කොල්ලව තමා සෙට් කර ගන්නේ ...'' අහිංසක ලෙස මද සිනහවක් පාමින් තත්සර අයියා ඔහුගේ card එකක් කලිසම් සාක්කුවෙන් ගෙන ආකාශ් අයියා වෙත පෑවේය .. පලතුරු කඩය පාස් වීමෙන් අනතුරුව හමු වූ නිවස ලගින් වෑන් රිය නතර කරන ලද්දේ තත්සර අයියාට සමු දීමටය .. ''එළකිරි මචන් ... එහෙනම් දවසක ආයෙත් මුණ ගැහෙමු හොදද ...? '' අනිවා අනිවා අයියේ ..'' '' මට කෝල් එකක් දෙන්නකෝ.. ඔන්න මම රින් කළා ඔයාගේ phone එකට ...'' ''හ..රි හරි... අයියේ ...'' ''මම යන්නම් අක්කේ,,, මම යනවා නංගී ...'' කියමින් ඔහු මටත් ඉසුරි අක්කාටත් සමු දුන්නේ ය .. අපේ අම්මාටත් ,ලොකු අම්මාටත් තාත්තාටත් කථා කොට ''ගොඩක් පින් uncle මාව එක්කගෙන ආවට ..'' කියමින් පැවසු ඔහු තාත්තලා දෙන්නාටත් සමු දෙන්නට විය .. තත්සර අයියා ඇසකින් ඉගි කර පාරෙන් එහා පැත්තේ සිටි තත්සර අයියාගේ යහළුවන්ව මට පෙන්වන ලදී ,.. හොදට දැකලා හුරු මුණක් ද ඒ අතර තිබුණි .. දෙයියනේ අකලංක අයියා නේද..? මම ඔහු හදුනාගැනීමෙන් අනතුරුව ඔහු මා දකීවි යැයි සිතා ඒ පැත්තෙන් ඇස් ඉවතට ගත්තෙමි ... තත්සර අයියාටත් තනියම හිනා ගියේ ඒ නිසාමද මන්දා ... දුකින් නමුත් තත්සර අයියාට සමු දී නැවත ගමන ආරම්භ කළෙමු... ''පව් අහිංසක කොල්ලෙක් .... '' එසේ කිවේ ලොකු අම්මාය . ටික දුරක් යන තෙක් ඉසුරි අක්කා හා සියල්ලම තත්සර අයියා ගැන කතා කරමින් ආහ .. තත්සර අයියා නැති නිසාවෙන් මගේ හිතට ලොකු තනිකමක් ,පාළුවක් දැනුණි... ""... I love you ..මගේ සුදු අයියා ..... "". ....තත්සර අයියා ගැන සිත්මින්ම මම ජනේලයට හේත්තු වී තදින් දෑස් පියා ගත්තෙමි ... - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 05 May 2016 08:47 PM තත්සර ප්‍රේමය [ 18 කොටස පසුදා පාන්දරින්ම අපි ආපසු නුවර බලා යාමට පිටත් වුණෙමු. මා ඒ පිළිබදව දන්වා තත්සර අයියාටත් sms පණිවිඩයක් යැවුවෙමි. තාමත් තත්සර අයියාගෙන් sms එකක් නෑනේ .. අනේ දැන් නැගිටින්නකෝ.මගේ හිතින් ඔහුට ආයාචනා කළේ sms පණිවිඩයක් ලැබෙනා තෙක් නොයිවසිල්ලෙන් වූ නිසාවෙනි . sms පණිවිඩයක් ආපු නිසාවෙන් මම සතුටින් sms පණිවිඩය බැලීමට ගත්තෙමි .. එත් ඒ දිනුකි එවපු sms එකක්. මම දුකින් යුතුව නැවතත් sms එකක් යැවුවෙමි .. '' අනේ මගේ සුදු අයියේ දැන් ගොඩක් එලි වෙලා නැගිටින්නකෝ ..'' ටික වේලාවක් ගිය පසු තත්සර අයියගෙන් sms එකක් ලැබුණි .. ''sorry බබෝ.ගොඩක් වෙලා හොදටම නින්ද ගියා. ඔයාලා දැන් එන ගමන් නේද?. '' ඔව් මගේ සුදු අයියේ අපි දැන් ගොඩක් දුර ඇවිත් ඉන්නේ. පාන්දරින්මනේ එහෙන් පිටත් වුණේ .'' ''. පරිස්සමින් එන්න .. මාත් තව ටිකක් වෙලා ඉදලා දඹුල්ල පන්සලට එන්නම් මගේ මැණිකේ. අද අපිට party එකක play කරන්නත් යන්න තියෙනවා.. '' '' හා සුදු අයියේ ..ඔයත් ගොඩක් පරිස්සමින් එන්න .'' අපි දඹුල්ලට ළගා වන විට උදෑසන 10.30 ත් පසු වී තිබුණේ එන ගමන් අපි මිහින්තලේ පුදබිමද වැද පුදා ගැනීමට ගිය නිසාවෙනි. වාහනය පාරෙන් එහා පැත්තේ රථ ගාලේ දමා අපි සියලු දෙනාම එකට එකතුව ගියේ පෝයදාට පුසු දින වූ නිසාවෙන් තරමක වූ බැතිමතුන් පිරිසක් එදිනත් දඹුල්ලට විහාරයට පැමිණෙමින් සිටි නිසාය ... සෙනග අතරින් මගේ නෙත් පීරා හෙවුවේ තත්සර අයියාගේ රුවය. අම්මා හා ආකාශ් අයියලාගේ ලොකු අම්මාත් , ඉසුරි අක්කාත් පුජා කිරීම සදහා මල් මිලදී ගැනීමට තරමක් එහාට යන්නට වූ නිසාවෙන් බැරිම තැන මම තත්සර අයියාට කෝල් එකක් ගත්තෙමි. '' හෙලෝ මගේ මැණික ...මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා. ඉක්මනට එන්නකෝ මගේ කෙල්ලේ ..'' '' ඔයා කොහෙද කියන්නකෝ මගේ අයියේ ඉන්නේ. අපි තාම පාරෙන් එහා පැත්තේ ඉන්නේ..'' '' ආහ්හ් ... අද නම් මම ඉන්න තැන කියන්නේ නෑ .. සුවද හොයාගෙන එන්න පුලුවන්ද බලමු මැණිකට මගේ ළගට ..'' '' හරි ඔට්ටුයි .. මම හොයාගන්නම්කො .... මගේ සුදු අයියාව මම ... හි..හි ..'' තත්සර අයියා ඉන්න තැන නොකියා මට ඔහුව හොයා ගන්නයි කළ අභියෝගය මම බාර ගනිමින් දුරකථනය විසන්දි කළෙමි . අම්මලාත් මල් අරගෙන පැමිණි නිසාවෙන් අපි සියළු දෙනා පාර මාරු වී විහාර භුමිය වෙත ඇතුළු වුණෙමු . විහාරයට ඇතුළු වන විටම පෙන්නේ ඉතා සුවිශාල ලෙස රත්තරන් පාටින් ඔප වැඩුණු බුදු පිළිම වහන්සේයි .. මගේ සුදු අයියා කොහෙදැයි සිතා ගත නොහැකිව තවමත් මම ඒ මේ අත සෙවුවේ ඔහු දැක ගන්නා තෙක් මගේ හදට ඉවසුමක් නැති නිසාමය. තව දුරටත් විමසිල්ලෙන් බලාගෙන ගියේ ඉක්මනින්ම තත්සර අයියව දකින බලාපොරොත්තුවෙනි. විහාර භුමියේ කොනක විශාල වූ කෞතුකාගාරයක්ද දක්නට ලැබුණී. කුඩා කළ මා මෙහි ඇවිත් තිබුණද හරි හැටි මතකයක් නොතිබුණේ ඒ මීට බොහෝ වසරකට පෙර වූ නිසා ය. ''වරෙන්කො මචන් ටිකක් අරහෙට යන්න'' '' කොහෙද ඉතින් මේ වගේ යාලුවෙක් එක්ක නිදහසේ මලක්වත් පුජා කරගන්න තියෙනවායැ.'' ආකාශ් අයියා මා අසලින් පිය නගන්නට කමැති වුවත් ලොක්කෙ අයියාගේ බල කිරීම නිසාම ලොක්කෙ අයියාව අනුගමනය කර ඔහු පසුපස ඇදෙන්නට විය . ලොක්කෙ අයියා ආකාශ් අයියාවත් ඇදගෙන වෙනතකට ගියේ ය. ඔක්කොම වෙන්නේ හොදටයි .. මම තනියම සිතුවෙමි .. නැතිනම් ඉතිං තත්සර අයියව දැක්කත් මට එයත් එක්ක කතා කරන්නට චුටි හෝ ඉඩක්වත් නෑනේ. ගල්පර අතරින් හිනිවට ගලා හැලෙන දියදහරක් සමගින් වූ පියගැට පෙළ නගිමින් අපි උඩ මළුව දක්වා ඇදුණෙමු . ඒ යන අතරතුර ඉදුවර පුතා දිය දහරෙහි එහා මෙහා පිනමින් දගවෙන සුරතල් මසුන් බලන්නට ඉසුරි අක්කාත් සමගින් නැවතුණි. මම ඉසුරි අක්කාවත් මග හැර ටිකක් ඉදිරියට ඇදුනෙමි. උඩ මළුවේ එහාම කොනට වී මගේ සුදු අයියා මම එන මග බලාගෙන වුන්නේය . මා දුටු ඔහු ඒ දෙසට එන ලෙස අතින් ඉගි කළේය . මම එක පාරටම තිගැස්සී පිටුපස හැරුණේ කවුරුන් හෝ මගේ අතේ එල්ලුණු නිසාවෙනි . '' අනේ මේ ඉදුවර පුතානේ .. මම හොදටම බය වුණා අක්කේ පුතා ඇවිත් අතේ එල්ලෙද්දී එක පාරටම ..'' මට තත්සර අයියාගේ දෑස් මගහරින්නට සිදු වුයේ ඉසුරි අක්කා මා අසලින් රැදී නිසාවෙනි .. '' තරු නංගී හරිම පුදුමයි .. පොඩ්ඩක් මෙහෙට වෙන්නකෝ ,, පොඩි දෙයක් පෙන්නන්න .. '' ඉසුරි අක්කා කුමන හෝ දෙයක් දැක පුදුමයෙන් මෙන් පැවසිය . ඇය නෙත් යෝමාන වුන්නේ තත්සර අයියා දෙසටය .. ඉසුරි අක්කා තත්සර අයියව දුටුවා නිසාදෝ ඒ බව දන ගත තත්සර අයියා අත වනමින් ඒ දෙසට එන ලෙස ඇරයුම් කළේය . '' මල්ලි ඔයා ..'' ''ම්ම් .. අක්කේ ..මතකයි නේද මාව '' '' මොකට අමතක වෙන්නද මල්ලි ඔයාව ..'' '' නංගී අනුරාධපුරේ ගිහින් මටත් එක්ක මල් පුජා කෙරුවා නේද ? '' තත්සර අයියා මා දෙසට හැරී මගේ නිහැඩියාව බිදින්නට එසේ අසා සිටියේ ය . '' හ්ම්ම් .. පහනුත් පුජා කළා නේද ඉසුරි අක්කේ ...?? '' මම හිමින් තෙපලුවේ ඉසුරි අක්කාට ද පැනයක් යොමු කරමින්මය . ''ම්ම් .. ඔව් ඔව් .. මල්ලි ..'' '' මේ අක්කගේම නංගි නම් වෙන්න බෑ නේද ? මම හරි නේද අක්කේ ? '' වෙන අසන්නට දෙයක් නොවූ නිසාමද මන්දා තත්සර අයියා ඉසුරි අක්කාගෙන් විමසා සිටියේ ය . ''අනේ නෑ මල්ලි .. එත් දවසක මගේ නෑනන්ඩිය කර ගන්න නම් පුළුවන් වෙයි .. මොකද මට ඉන්නේ මල්ලි කෙනෙක්නෙ'' තත්සර අයියාගේ මුහුණ එකවර අදුරු වළාවක් වසා ගත්තාක් මෙන් විය . ''මල්ලි පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ පුතා කොහෙට ගියාද මන්දා .'' ''ගුටියක් දීලම ඇදගෙන එන්න වෙයි අක්කේ,,.'' තත්සර අයියා සිනාසෙමින්ම එසේ පැවසිය .. ඉසුරි අක්කාත් ඒ කතාවට සිනාසෙමින්ම පුතා දුවන දෙස ටික වෙලාවක් බලා සිටියාය . මගේ අතේ එල්ලී සිටි ඉදුවර පුතා මා අතැර යලිත් එහෙ මෙහෙ දුවන්නට පටන් ගත නිසාවෙන් ඉසුරි අක්කා පුතා පසු පස ඇදෙන්නට විය .... මගේ දෙඇස් ද කදුලින් තෙත් වී තිබුණි .. වට පිට බැලූ තත්සර අයියා නිමේෂයකින් මගේ අතින් අල්ලා ඔහුගේ තුරුලට කැටි කොට දෙකොපුලින් ගලා හැලුණු කදුළු සිමින් අතින් පිරිමැද පිස දැමුවේය . ''බයද මගේ මැණිකට ඔයාව ඉසුරි අක්කගේ නෑනා කර ගනී කියලා ..'' ''ම්ම්ම් ..'' කියමින් මම ලොකු සුසුමක් පිට කළෙමි .. ''කවදාවත් මගේ මැණික කාටවත්ම දෙන්නේ නෑ.. මගේ ආදරේ විශ්වාස කරන්න මගේ රත්තරන් '' කියමින් හිමිට හිමිට මගේ හිස පිරි මදින්නට විය මම වට පිට බැලුවේ අම්මලා කොහේදැයි දන ගැනීමටයි .. අම්මලයි , තාත්තලයි උඩමළුවේ වාඩි වී බුදුන් නමදිමින් සිටියහ . ''මගේ මැණිකගේ ඇස් වල කදුළු දකින්න කැමති නැනේ... ඔයාගේ මේ සුදු අයියා ,, තේරුනාද... මගේ පැටියෝ '' කියමින් ඔහු නැවතත් වට පිට බලා ඔහුගේ දෙතොල් මගේ නළලත මත රැදවීය. - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* DushanVeteran MemberPosts:2536 05 May 2016 07:43 AM ස්තුති 17 වන කොටසටත් ඉතිරි කොටසත් එනකන් බලන් ඉන්නෝ එහෙනම් maduranga001Most Senior MemberPosts:14118 05 May 2016 02:03 AM ඉතිං බැන්දහම ආදරේ කරන්න බැරිද? ස්තූතියි පොඩ්ඩිගේ අලුත් කොටස් ටිකටත්. එක හුස්මට බලන්න පුළුවන් දැන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ hasithadSuper Senior MemberPosts:5795 03 May 2016 08:05 AM Posted By Poddi on 02 May 2016 07:41 PM Posted By hasithad on 02 May 2016 06:30 AM මේවා ඉතින් තනිකඩව ඉන්න අයට නං හොදයි. ඇයි එහෙම කිවේ අයියේ ඕකෙ වැඩිපුර අගය තියෙන්නේ ආදරය කරන අයටනෙ... samanthaMost Senior MemberPosts:13190 02 May 2016 10:38 PM බොහොමත්ම ස්තූතියි පොඩ්ඩී සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! PoddiVeteran MemberPosts:2100 02 May 2016 07:41 PM Posted By hasithad on 02 May 2016 06:30 AM මේවා ඉතින් තනිකඩව ඉන්න අයට නං හොදයි. ඇයි එහෙම කිවේ අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* hasithadSuper Senior MemberPosts:5795 02 May 2016 06:30 AM මේවා ඉතින් තනිකඩව ඉන්න අයට නං හොදයි. PoddiVeteran MemberPosts:2100 02 May 2016 03:22 AM තත්සර ප්‍රේමය 17 කොටස එදින රාත්‍රී ආහාරයෙන් පසු ටික වෙලාවක් කතා බහ කරමින් හිද අපි නින්දට ගියේ පසුදා උදසනින්ම ආපසු නුවර බලා පිටත්ව යාමට යෝජනා වී තිබු නිසාය .. තත්සර අයියාගෙන් කෝල් එකක් . මම අන් අයට නොදැනෙන සේ හිමිට නැගිට විශ්‍රාම ශාලාවේ ආලින්දය දෙසට පිය නගමින්ම දුරකථනය answer කළෙමි. .'' හෙලෝ මගේ අයියේ ..'' '' කොහොමද මැට්ටි ..'' ''හොදින් මගේ අයියේ මම ..'' '' හෙට ඔයාලා ආපහු නුවර යනවා නේද ?.. අනේ හෙටත් මගේ කෙල්ලගේ මුණ බලා ගන්න පුළුවන් වෙයිද දන් නෑ ..හිහි ..'' තත්සර අයියා එසේ කියමින් සිනාසුණේ ගොඩක් අහිංසක විදිහටයි..'' '' මොකද මගේ මැණික කතා නැත්තේ ..?'' මම කිසිවක් නොපැවසූ හෙයින් තත්සර අයියා ඒ නිහැඩියාව යළිත් බිද දමන ලදී .. '' රහසක් කියන්නද මගේ අයියට මම ..'' '' හ්ම්ම් කියන්න බලන්න මගේ පැටියෝ ..'' ''ගොඩක් ගොඩක් ගොඩාක්ම ආදරෙයි මගේ සුදු අයියේ ඔයාට මම ...'' '' ඒක ඔයා කීවත් නැතත් මට දැනෙනවා මගේ රත්තරන් .. මගේ මුළු ජීවිතේම ඔයා වෙලා ඉවරයි මගේ සුදු මැණිකේ '' '' ම්ම්ම් මගේ අයියේ .. ඔයාත් මගේ ජීවිතේම .. මේ ආදරේ කවදාවත් අඩු කරන්න එපා මගේ අයියේ.'' '' ආහ් ඒක නෙවෙයි අයියේ .., ආකාශ් අයියලාගේ තාත්තා කිවා යන ගමන් රංගිරි දඹුලු විහාරෙත් වදින්න යනවා කියලා.'' '' ශා නියමයිනි මැට්ටි .. හෙටත් මගේ මැට්ටිව බලන්න මම එනවා ..'' '' ඔව් හෙට පාන්දරින්ම මෙහෙන් පිටත් වෙනවා කිවා ..'' '' මැට්ටි පාන්දරින්ම නැගිටින්නත් එපැයි . ගමන් මහන්සිත් ඇති නේද ගොඩක් .. එනම් දොයියන්න දැන්.. හෙට උදේම ඔයා නැගිටිනකොට මටත් කතා කරන්න ..'' මම දුරකථනය විසන්දි කිරීමට ආදී මදි කිරීම තේරුණු නිසාදෝ තත්සර අයියා තවත් වෙලාවක් මාත් සමග බොහෝ දෑ කතා කරමින් සිටියේ ය . '' මගේ මැණික මට නම් දැන් දොඉ මතයි ගොඩක් .. දොයියමුද ?'' '' ම්ම්ම් ...'' මම දුකින් කියා සිටි වග දැනුණු නිසාදෝ ... '' දුකින් ඉන්න එපා මගේ කෙල්ලේ .. ඔයාට චුටිම දුකක්වත් දෙන්න නෙවෙයිනි මම ඔයාව මගේ කර ගත්තේ .. තේරුනාද මගේ මැණික ..'' ''ඔව් මගේ අයියේ .. ඒක මම දන්නවා ..... ඒත්...... '' කියමින් නතර වුයේ ආකාශ් අයියා ගැන තත්සර අයියාට කිවොත් දුක හිතෙන හින්දයි ..'' '' මොකද එත්...... කියන්නේ ,,මගේ පිස්සු කෙල්ල .දෙනවා ගුටියක් ළග හිටියනම් .'' '' හැමදාම මම ඔයාගේ ,, මාව විශ්වාසයි නේද මගේ මැණිකට .. හා දැන් ගිහින් දොයියාගන්න හොද ළමයා වගේ..'' ''ම්ම් අයියේ බුදු සරණයි .. සුබ රැයක් ..'' ''මගේ මැණිකටත් බුදු සරණයි ,,සුබ රැයක් .. පරිස්සමින් ඉන්න ..'' ''මගේ අයියත් පරිස්සමින් ඉන්න ..'' තත්සර අයියා එසේ කියමින් දුරකථනය විසන්දී කළද මගේ නෙතු මතට නිදිමතක් නොදැනුණු නිසාවෙන් තවත් බොහෝ වෙලාවක් ආලින්දයට වී ගොඩක් දේවල් කල්පනා කළෙමි. මගෙයි තත්සර අයියගෙයි අතරට ආකාශ් අයියේ ඔයා නෑවිත් ඉන්න .. මම එසේ සිතමින් සුපුන් සද පායා තිබු අහස දෙස බැලුවේ එහි කොතරම් වූ සුන්දරත්වයක් මවන්නේද? ජිවිතේ හැමදේම පුන් පෝදා අහස මෙන්ම සුන්දර වන්නේ නම් කෙතරම් අගනේද මගේ හිතට එවෙලේ දැනුණු පුංචි සිතුවිලි ටිකක් වචන වලට කැටි කර තත්සර අයියාට sms කළෙමි ..'' ''නුඹ ළග රැදෙන එක මොහොතත් දැනෙනවා කප් සුවහස් කාලයක් හිත රැදූණු නුඹ ගැන ප්‍රේමයක් නැහැ වෙනස් වෙන්නේ සදා මියැදුණත් මා මියැදුණත් නම් ....'' '' හරිම ලස්සනයි පද ටික .. මගේ හොර කෙල්ල දොයි නෑ නේද ? මටත් නින්ද යන්නේ නෑ දොයියමු කීවාට ඉතින් .....'' ''හිහි එකනේ මගේ අයියා මැට්ටෝ ..'' ''දෑසට නිදිමත නොඑන හැඩයි ..හිහි හරි සුදු මැණික කියන දේ අහලා දොයියගන්න දැන් .. '' ''ම්ම් අයියේ කියමින් මම තත්සර අයියාට සමු දී දුරකනය විසන්දි කර අම්මා ලගට ගොස් තදින්ම දෑස පියා ගත්තේ තත්සර අයියාගේ රුවද හදවතේ රදවාගෙනමය. - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 01 May 2016 01:10 AM හී හී ගගා ඉන්නෙ නැතුව නිමි වෙන්නම දාන්න RosiSuper Senior MemberPosts:5335 29 Apr 2016 05:06 AM ස්තුති නංගියෝ ...ඔයාගේ ආදරණිය කතාව අපිට රසවිදින්න දුන්නට PoddiVeteran MemberPosts:2100 29 Apr 2016 03:27 AM heee ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 28 Apr 2016 05:16 AM ඔය දැන් පාගලම යන්නේ PoddiVeteran MemberPosts:2100 28 Apr 2016 12:34 AM Posted By samantha on 28 Apr 2016 12:10 AM කෝ එතකොට 14-15 කොටස් .. 13 - 15 ekata thiyenne.. eke podi mistake ekak una e dawaswala ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* samanthaMost Senior MemberPosts:13190 28 Apr 2016 12:10 AM කෝ එතකොට 14-15 කොටස් .. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! PoddiVeteran MemberPosts:2100 27 Apr 2016 11:13 PM තත්සර ප්‍රේමය 16 කොටස රුවන්වැලි මහා සෑ රදුන් අභියස පහන් පුජාව සිදු කිරීමෙන් අනතුරුව බොහෝ වෙලාවක් අපි එහි රැදී සිට පසුව නැවතත් විශ්‍රාම ශාලාව වෙත ඇදුණෙමු. තත්සර අයියාගෙන් sms එකකි. ''සුදු මැණික දැන් කොහෙද ඉන්නේ '' ''පහන් පුජා කරලා ඉවර වෙලා විශ්‍රාම ශාලාවට යන ගමන් දැන් සුදු අයියේ ..'' ''ම්ම්ම් මාවත් මතක් කරලා පහනක් පුජා කළාද මගේ සුදු මැණික ..'' '' ම්ම්ම්ම් ඔව්. ඇත්තටම හැම මොහොතකම ගොඩක් මතක් වෙනවා මගේ රත්තරන් අයියේ ..'' ''සුද්දී උබ හැම වෙලේම කාටද බන් sms කරන්නේ'' ලොක්කේ අයියා එසේ ඇසුවේ මම ෆොන් එක අතේම තියාගෙන සිටි නිසාවෙනි . ''යාළුවෙක්ට ලොක්කෙ අයියේ '' මම ඔහුගේ මුහුණ දෙසවත් නොබලාම කීවෙමි. ''හා එහෙනම් කමක් නෑ .. මම හිතුවා මේ කොල්ලෙක්වත් සෙට් කරගෙනද කියලා ..'' ලොක්කෙ අයියා ඒසේ කියමින් ආකාශ් අයියාගේ පිටට ද තට්ටු කරනු මම දුටුවෙමි ..'' ''මේ අපි වගේ හොද කොල්ලෝ ඉද්දි වෙන කොල්ලෝ නම් සෙට් කර ගන්න ඕනි නෑ තරු නගෝ ..'' ආකාශ් අයියාත් ඒ උදා අවස්ථාවෙන් කෙසේ හෝ වචන කිහිපයක් ගලපාගෙන දිග හැරියේ ඔහු මා පිලිබදව සිතන බව හැගවිමට බව මට තවත් නොරහසක් විය. ආකාශ් අයියා මගේ අසලට පැමිණ මා පාද ලෙසම සම සමව ඔහුගේ පාද ද තබන්නට විය . මම තරමක් ඔහු මග හැරීමට උත්සාහ කල නිසාදෝ ''තරු නංගී මම ඔයාට ළන් වෙන්න හදන හැම වෙලවකට ම ගව් ගානක් දුරට මාව ඈත් කරලා යන්න හදන්න එපා එපා please ..'' ඔහු මගෙන් අයැද සිටියේ ය . ''මම ගැන හීන මවන්නවත් . මට ලං වෙන්න හදන්නවත් එපා ආකාශ් අයියේ ... ඔයත් මට මගේම සහෝදරයෙක් වගේ විතරයි. ඊට එහා බැදීමක් ගැන මට හීනෙන්වත් හිතන්න බෑ ආකාශ් අයියේ ... '' මම එක දිගටම කියාගෙන ගියෙමි .. '' හරි බබෝ මාව ටිකක් තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ ... ඔයා ඕන තරම් කාලයක් ගන්න ... මට පුළුවන් බලන් ඉන්න මගේ පැටියෝ ගොඩාක් කාලයක් වුනත් ..'' කියා ඔහු කතාව නතර කලේ ඔහුගේ ලොකු අම්මා ආකාශ් අයියාට කතා කල නිසාවෙනි , සිහින් වූ සිතල හිරිකඩක් සමගින් මල් වැස්සක් අද හැලෙන්නට වුයෙන් අපි තරමක් පය ඉක්මන් කලේ නොතෙමි විශ්‍රාම ශාලාව වෙත යාමටය. ''මේ වැහිපොදක් විතරයි දරුවෝ .. පෝය නිසා හයියෙන් වහින එකක් නෑ කොහොමටවත් '' අපේ තාත්තා පවසන්නට වුයේ ය . ''සුද්දී එනාවකෝ ටිකක් මෙහාට '' .. විශ්‍රාම ශාලාවට පැමිණි පසු ලොක්කෙ අයියා මා හට කතා කර විශ්‍රාම ශාලාවේ ආලින්දය දෙසට කැදවාගෙන ගියේ ය . ආලින්දයේ තබා තිබු පුටු පේලියේ කොනේම වූ පුටුවක හිදගෙන ආකාශ් අයියා කල්පනා කරමින් සිටින අයුරු මට දැක ගන්නට ලැබුණි. ලොක්කෙ අයියා ඒ දෙසට මාව ගෙන යන නිසාවෙන් එයින් මිදීමට මම උත්සාහ දැරුවෙමි . ''කොහෙද ලොක්කෙ අයියේ මේ මාවත් ඇදගෙන යන්නේ.. කෑම බෙදන්නත් කිවා අම්මා.. හවස උයපුවනේ අනික..'' ''හරි හරි බන් .. පොඩි ප්‍රශ්නයක් තියෙනවා . ඒක විසදගෙන ඉක්මනට යන්න දෙන්නම් ආපහු .'' ලොක්කෙ අයියා ටිකක් මට සැරෙන් කතා කරන්නට වූ නිසාදෝ මගේ දෑස් කදුලින් පිරිණි. '' සුද්දී ඉස්සර ඉදන්ම පොඩි දේටත් ඔයාගේ ඇස් වල කදුළු පිරෙනවා .. කෝ කදුළු පිහදගන්න ..පොඩි ළමයි නෙවේනේ නේද දැන් ?'' ලොක්කෙ අයියා මගේ හිස අතගාමින් මාව අස්වසන්නට කියා සිටියේ ය ... ''හ්ම් ලොක්කෙ අයියා '' මම කදුළු පිරුණූ දෑසින් ඔහු දෙස බලාගෙනම හිස සැලුවෙමි .. '' හරි හරි මගේ සුද්දී ගිහින් කෑම බෙදන්නකෝ අම්මලත් එක්ක එකතු වෙලා ... ආකාශයා,මායි ගිහින් පොඩි රවුමක් ගහලා එන්නම්... මම මිටින් හල කිරිල්ලියක මෙන් එතනින් ඉවත්ව ගියේ ලොක්කෙ අයියාගෙන් බේරීමට හැකි වීම නිසාවෙනි. -මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* samanthaMost Senior MemberPosts:13190 27 Apr 2016 10:50 PM කෝ 14 වෙනි කොටස.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! sha733Super Senior MemberPosts:7332 27 Apr 2016 05:18 AM එහෙනං මේකටත් දිග ඇරල දාන්නකෝ එක පාරම සට පටාස් ගාල DushanVeteran MemberPosts:2536 26 Apr 2016 08:05 AM කතාව නම් නියමයි ඉතුරු කොටසත් එනකන් මග බලාගෙන ඉන්නවා එහෙනම් ස්තුති මේ 13 වෙනි කොටසටත් Ind007kaMost Senior MemberPosts:12931 26 Apr 2016 12:58 AM තත්සර ප්‍රෙමය නැගලා යනවා ....... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 26 Apr 2016 12:06 AM බොහොමත්ම ස්තූතියි පොඩ්ඩී 13 වෙනි කොටසට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 25 Apr 2016 11:41 PM තවත් කොටසක් දාලා නේද.. ස්තූතියි නංගී.. PoddiVeteran MemberPosts:2100 25 Apr 2016 11:22 PM තත්සර ප්‍රේමය 13 - 15 කොටස තත්සර අයියගෙන් සමු අරන් අනුරාධපුරේ ගමන නැවතත් ඇරඹීමට වේලාව පැමිණි නිසා මාත් අක්කාත් තත්සර අයියාට සමු දෙන්නට සැදූ නමුත්, ''ඉන්න අක්කේ. මම වතුර කෑන් එක වාහනේ ළගට ගිහින් දෙන්නම් '' ''මල්ලිට අපි කරදර කරනවා නේද ?'' අක්කා එසේ කී හෙයින් ''අයියෝ මොන කරදයක්ද මේක ...ලොකු පිනක්නේ අක්කේ . අක්කලා අනුරාධපුරේ උඩමළුවට ගියාම මාවත් මතක් කරලම මල් පුජා කරලා පින් අනුමෝදන් කරන්නකෝ ..'' '' අනිවාර්යයෙන්ම මල්ලියෝ .. ඇත්තටම ඔයාව මතක් වෙයි .ගොඩක් ස්තුතියි මල්ලි අපිට කරපු උදවුවට '' ඉඳුවර පුතා බඩඉරිගු කරලක්ද කමින් දිවවිත් ඉසුරි අක්කාගේ ඇගේ එල්ලෙන්නට විය. තත්සර අයියා ඉදුවර පුතාගේ ඔලුව අතගාමින් '' හරි චන්ඩියෙක් වගේ නේද අක්කේ පුතා ..'' '' අපොයි ඔවු මල්ලි ..එක නම් කියලා වැඩක් නෑ ...'' අක්කා ඉදුවරත් සමග වෑන් රියට නගින ගමන්ම පැවසුවේය . ආකාශ් අයියත් , ලොක්කෙ අයියත් තම්බපු බඩඉරිගු මල්ලක්ද අතැතිව පැමිණි නිසාවෙන් ඔවුන් වෑන් රියට නගිනා තුරු මම පහලට වී සිටියෙමි ... තත්සර අයියා මා දෙස බලා සිටි නමුත් කිසිවක් මා සමග කථා කර ගැනීමට නොහැකිව අසරණව සිටියේය . ''සුද්දී යන්න කල්පනාවක් නැද්ද ?'' ලොක්කෙ අයියාගේ හඩ ඇසී මම තිගස්සුණි. තත්සර අයියගේ මුහුණේ සිහින් සිනා රැල්ලක් නැගුණේ ලොක්කෙ අයියා පැවසු දේ නිසාම විය හැක. '' අපි ගිහින් එන්නම් අයියේ ..'' හිමිට මම දෙතොල් මැතුරුවද ආකාශ් අයියාටත් එය ඇසුණේ ආකාශ් අයියා මගේ දෙසම බලාගෙන සිටි නිසාවෙනි . '' හොදයි නංගි පරිස්සමින් ගිහින් එන්න ඔයාලා ... '' ආහ් ඒක නෙවෙයි අමතක නොකර මාවත් මතක් කරලා මල් පුජා කරන්න හොදද නංගි ..'' ආපසු යන්නට සැරසී තත්සර අයියා මට කිවේය .. මම සිනහවක් පා තත්සර අයියාට සමු දුන්නෙමි ... ''කවුද බන් ඒ dial එක ...'' ආකාශ් අයියා එසේ ඇසුවේ ඔහුට මාත් ,තත්සර අයියාත් පිළිබදව යම්කිසි සැකයක් මතු වූ නිසාමදෝ මන්දා .. ''කෑන් එකට වතුර එකක් පුරවලාම ගෙනත් දුන්නා ඒ ළමයා අපිට '' ඉසුරි අක්කා එවිට කටහඩ අවදි කරමින් කියා සිටියා ය. ''අහ් එක මිසක් .. මම හිතුවේ ඉසුරිගේ යාළුවෙක්වත්ද කියලා ..'' ආකාශ් අයියගෙන් ම වෙත වූ සරදමේ සීමාවක් නම් නොවුණී. ''එහෙනම් අපි යමු නේද ළමයිනේ ...'' කියමින් ආකාශ් අයියගේ තාත්තා නැවතත් ගමන ආරම්භ කරන්නට විය. මදක් ඈතට වී ආකාශ් අයියා අපි පිටත් වී යනතුරු බලා සිටියේ ය . '' මේකි කොඉ ලෝකේ ඉන්නවද මන්දා .. එපාද බඩඉරිගු ... '' මා වෙතට බඩඉරිගු කරලක් දික් කරගෙන ලොක්කෙ අයියා කෑ ගසන්නට විය. මම සිටියේ ආකාශ් අයියා ගැන සිතමිණි ''ඕනේ ඕනේ මටත් ලොකු '' කියමින් ඔහුට කිසිවක් නොහැගෙන්නට මම කියා සිටියෙමි . ලොක්කෙ අයියා ගෙනා බඩඉරිගු හැමෝටම බෙදමින්ම ... ''සුද්දී දැන් ඔයාගේ වාරේ .. කෝ සිංදු කියන්න පටන් ගමු එහෙනම් ...'' ''ඔව් ඔව් තරු නැන්දා දැන් සිංදු කියන්න ඕනි .. අපි ගොඩක් කීවානේ සින්දු '' කියමින් ඉදුවර පුතාද කියන්නට විය. ''මචන් නංගි සින්දු කිවොත් අපිට බැහැලා දුවන්න වෙයිද දන්නේ නෑ ..'' නැවතත් ආකාශ් අයියගෙන් මට සරදමකි. කෙසේ නමුත් සියලු දෙනාම එක්කව සින්දු කියමින් සතුටු වුණෙමු. අපිට පෙ.ව . 10.30 පමණ වන විට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට හැකි විය .. ඒ වන විටත් දහවල බුද්ධ පුජාව ආරම්භ වී තිබිණි ... මම දෙඅත් එක්කර වැදගෙන ජය ශ්‍රී මහා බෝ සමිදුන් දෙස ටික වෙලාවක් බලාගෙන වුන්නෙමි. . ''නංගි අපිට වතුර පුරවලා දුන්න මල්ලිටත් එක්ක මල් පුජා කරන්න අමතක කරන්න එපා හොදද ? ''මා අසලට ලං වූණු ඉසුරි අක්කා පැවසීය .. ''ම්ම්ම් අක්කේ '' කියමින් මම ඇය කියූ දෙය අනුමත කළේ, කවදාවත් මගේ රත්තරන් අයියව අමතක නොකරන බව මම හොදින් දන්නා නිසාමය. ඉදුවර පුතා ඒ මේ අත දිවයන්නට වුයෙන් ඉසුරි අක්කා පුතා පසු පසින් යන්නට වුවාය .. මම තනියම සිටිනු දුටු ආකාශ් අයියා මා වෙතට ලං වුයේ කිසියම් දෙයක් ඇසීමට වුවද; '' තරු '' කී ඔහු නිහඩ වී කියන්නට ආ දේ නැවතත් ගිල ගත්තේය . ''ළමයිනේ අපි තව ටිකකින් විශ්‍රාම ශාලාව ගාවට යන්න පිටත් වුණොත් හොදයි. නැත්නම් හවස පහන් පුජාවට පරක්කු වෙනවනේ '' එසේ කිවේ අපේ තාත්තාය .. ''ඔව් මල්ලි අපිට දවල් කෑම හදා ගන්නත් එපැයි පුළුවන් තරම් ඉක්මනට '' කියමින් ආකාශ් අයියගේ තාත්තාද එය අනුමත කළේය. ටික වෙලාවක් ශ්‍රී මහා බෝධිය අසල රැදී සිටි අප ඉන් අනතුරුව විශ්‍රාම ශාලාව වෙත පිය මැන්නෙමු . එහි ගොස් අවශ්‍ය බඩු බාහිරාදිය වන රියෙන් බා ගත් පසු සෙවන ඇති ස්ථානයකට වෑන් රිය ගෙන ගොස් නතර කරන ලද්දේ ආකාශ් අයියා විසිනි .. අප සියලු දෙනාම එකතුව රෑටත් එක්කම අවශ්‍ය කෑම පිළියෙළ කර තිසා වැවට ගොස් නාගෙන විත් කෑම කද්දී වෙලාව හවස 3.30 පමණ විය .. කෑම ගැනීමෙන් අනතුරුව ටික වෙලාවක් විවේකිව සිටි අපි රුවන්වැලි සෑය අභියස ආකාශ් අයියගේ අම්මා වෙනුවෙන් පින් අනුමෝදන් කොට පැවැත්වීමට නියමිතව තිබු පහන් පුජාවට යාමට ලෑස්ති වුණෙමු . ''නංගි මේ පහන් ටික ඔයා ගන්නකෝ ගෙනියන්න '' ගොඩක් ආදරණියම ලෙස ආකාශ් අයියා මා අත පහන් තැටිලි සහිත වූ බෑගය තබන ලදී . මට ඔහුගේ දෑස් දෙස එක එල්ලේ බැලීමට තරම් ශක්තියක් නොවුණේ ලොක්කෙ අයියා වෙත මා පිළිබදව යෝජනාවක් කර තිබු නිසාවෙනි . ආකාශ් අයියා අහිංසක වුවත් ඔහු විටෙක හිතුවක්කාර වූ පුද්ගලයෙකි . එත් ආකාශ් අයියේ මගේ හිතේ ඔයා වෙනුවෙන් සහෝදරකමට එහායින් බැදීමක් නෑ . බැදීමක් ඇති කර ගන්නත් බෑ කවමදාකවත් .. එසේ සිතමින් පහන් තැටිලි ටිකත් අතැතිව මම අම්මා ඉන්න දෙසට ගියේ ආකාශ් අයියාගෙන් දෑස් මග හැරීමටයි - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 25 Apr 2016 01:28 AM Posted By sha733 on 25 Apr 2016 01:23 AM මේක සම්පූර්ණයෙන් ෆේස්බුක් එකේ තියෙනවද ඔවු කළු අයියේ . කතාව ඉවර කළා මම . ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 25 Apr 2016 01:23 AM මේක සම්පූර්ණයෙන් ෆේස්බුක් එකේ තියෙනවද PoddiVeteran MemberPosts:2100 25 Apr 2016 01:10 AM තත්සර ප්‍රේමය 12 කොටස ම්ම්ම් දැන් දඹුල්ල ටවුන් එකට කිට්ටුයි වගේ. ජනෙල් පියන අතරින් මා පිටතට නෙත් යොමු කළේ මගේ තත්සර අයියව දැක ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය. සිහින් සුළං සැරත් සමගින් මගේ කෙහෙරැළි එහෙ මෙහෙ යන්නට විය. ''මොකද තරු අහක බලාගෙන යන්නේ.. '' ආකාශ් අයියා එසේ අසන්නට වුයෙන් ලොක්කෙ අයියාද මට සරදම් කරන්නට විය . '' ඔව් කෙල්ල අද නම් වෙන mood එකක ඉන්නේ .. නැත්නම් මෙලහකට ගිරවී වගේ කච කචේමයි .'' ''ඉතිං ඔයාලත් සද්දයක්වත් නැනේ ..'' මම ඔවුන්ගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම පිළිතුරු දුන්නෙමි . ටික මොහොතකින් දඹුල්ල කැකිරාව පාරට වාහනය හරවන්නට විය. ''සින්දුවක්වත් කියනවකෝ සුද්දී ... '' ලොක්කෙ අයියා ඉල්ලා සිටියේ ය . ''හා මම සින්දුවක් කියන්නම් ... හැබැයි එකටම ඔයාලා දෙන්න කියන්න ඕනි සින්දු ගොඩක් '' ''කපටිම කපටි කෙල්ලක් ඔයා නම් තරු . හා කමක් නෑ අපිම පටන් ගමු බන් සින්දුවක් ...'' ආකාශ් අයියා එසේ කියමින් ම සින්දුවක් කියන්නට පටන් ගත්තේ ය .. ඒ අනුව යමින් ලොක්කෙ අයියාද ඉදුවර පුතා ද සින්දු කියන්නට පටන් ගත්හ ... මම තත්සර අයියගේ phone එකට ring කර msg එකක්ද තැබුවේ අපි දැන් කැකිරාව පාරේ ඉන්නා බව දැන්වීමටය . ''හරි තරු පාලම පහු වෙනවත් එක්කම වම් පැත්තේ තියෙන තුන්වෙනි ගේ ළග මම ඉන්නේ ඔයා මොන පැත්තේද වාඩි වෙලා ඉන්නේ තරු '' තත්සර අයියගෙන් පිළිතුරු ලැබිණි . ''මම වම් පැත්තේ ඉන්නේ මගේ සුදු අයියේ ..'' මම හනික පිළිතුරු යැවුවෙමි... මම පාලම පහු වෙනවත් සමගම දෑස් නොහෙලම පිටත බලන් උන්නේ මගේ සුදු අයියාව දකින්නටය ... ටික දුරක් එහායින් තත්සර අයියත් ඔහුගේ යහළුවන් දෙදෙනෙකුද පාර අයියේ සිටින අයුරු මට දක්නට ලැබිණි .. අප දෙදෙනාගේ ඇස් එකිනෙකා අතර රැදුණි ... එත් ඔයාගේ ළගට එන්න විදිහක් නැනේ මගේ අයියේ .. මම එසේ සිතුවෙමි ... තත්සර අයියා මට යමක් කීවද මට කිසිත් පැහැදිලි නොවුණි. ''ඔයා කියපු කිසි දෙයක් මට අහුනේ නෑ” මම ඔහුට ඉගි කරමින් සුසුම් ලෑවෙමි. '' චුටි මාමේ මට බඩඉරිගු අරන් දෙන්නකෝ .. '' දෙපස දිගට තිබු බඩඉරිගු තම්බා විකුණන වෙළදසැල් දැක ඉදුවර ආකාශ් අයියාට ඉල්ලීම් කළේය ... ඉදුවර පුතාගේ ඉල්ලීම නිසාම වෑන් රිය තරමක් ඉදිරියට ගොස නතර කරන්නට වුයේ ය .. අපේ අයියාත් ආකාශ් අයියාත් ඉදුවර පුතා සමග බැස යන්නට වුයේ බඩඉරිඟු ගැනීමටය ... ''වතුර උණු වතුර වගේ වෙලා අක්කේ..'' ආකාශ් අයියගේ පියා එසේ කි හෙයින් ... ''අංකල් අර ගෙදර නම් ළිදක් පාර අයිනටම වෙන්න පෙන්න තියෙනවා ...'' ''එක නේන්නම් දුවේ මාත් මේ බැලුවේ ..'' 'ඉන්න තාත්තේ මම තරු නංගිත් එක්ක ගිහින් ඒ ගෙදරින් අහලා ළිදෙන් වතුර එකක් කෑන් එකට පුරවාගෙන එන්නම් ..'' ''හා යමු අක්කේ '' මාත් එක පයින් කැමති වුයේ තත්සර අයියාද හිමින් හිමින් මේ පැත්තට ආ නිසාවෙනි ... මාත් අක්කත් වතුර කෑන් එකත් රැගෙන වෑන් රියෙන් බැස ඒ ගේ දෙසට යන්නට වුයේ වතුර පුරවා ගැනීමටයි .. අක්කා නිවසේ ගේට්ටුව අසලට ගොස් ඒ මේ අත විමසිලිමත් වුයෙන් ඒ අසලට පැමිණි තත්සර අයියා, ''ආහ් ඇයි අක්කේ '' ''නෑ මල්ලි මේ අපි වතුර එකක් පුරවාගන්න ගන්න කියලා බැලුවේ .. එත් මේ ගෙදර කවුරුත් පේන්න නෑ වගෙයි ..'' ''අයියෝ එන්න අක්කේ .. මම පුරවලා දෙන්නම් වතුර එකක් .'' තත්සර අයියා ඒ නිවසෙහි ගේට්ටුව විවර කරමින්ම පැවසුවේය .. ඔහු පිටු පසින් අක්කාත් මමත් අදුනෙමි .. ''මේ මල්ලිලාගේ ගෙදරද ? '' අක්කා තත්සර සමග කථාවට වැටුණි .. ''නෑ අක්කේ ... එත් මේ මගේ යාලුවෙක්ගේ ගෙදරක් . මගේ ගෙදරක් වගේ තමයි''. මම ගොළු වී සිටියෙමි ... තත්සර අයියා වතුර පුරවන ගමන්ම අක්කා සමග තව තවත් කතාවට පැටලුණේය .. ''අක්කලා මේ කොහේ යන ගමන්ද ?'' ''මල්ලි අපි අනුරාධපුරේ යන ගමන් ..'' වට පිට සෝදිසියෙන් විමසු අක්කා මගේ කනට කර පැවසුවේ ..'' නංගි අතන toilet එකක් තියෙනවා .. මම ගිහින් එන්නම් ඉක්මනට .. පොඩ්ඩක් මේ ඔරලෝසුව අල්ල ගන්නකෝ ,... ඕකට වතුර ගිය ගමන් ලොකු ලෙඩේ'' කියමින් ඇය ඇත බැදි ඔරලෝසුවද මා වෙත තැබුවේ එයට දොස් ද පවරමිනි .. ''පිස්සි මෙහෙට එනවා ටිකක් ..'' මෙතෙක් වෙලා මා සමග වචනයකුදු කථා නොකළ ඔහු මගේ අතින් අල්ලලා මාව ඔහු වෙතට ඇද ගන්නට විය ... මටත් ඔහුටත් හයියෙන්ම හිනා ගියහ .. ''මැට්ටියේ සු සු '' කියමින් ඔහුගේ දෑත ගෙන මගේ දෙතොල් අතර රැන්දුවේ අක්කාට ඇසෙයි කියාය .. අනේ මේ වෙලාව හිමිට හිමිට යනවා නම් කොච්චර හොදද ... ම්ම්ම් ඒ වුනාට හයියෙන් හයියෙන් ඔරලෝසුවේ කටු දුවනවනේ. අම්මා,අයියා,තාත්තා, මේ කොයි කවුරු මගේ ළගින් හිටියත් මට ලොකුම ලොකු දුකක් දැනුණේ තත්සර අයියා මේ ගමනට එක්කගෙන යන්න බැරි නිසාවෙනි . - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 24 Apr 2016 04:21 AM Posted By isurusam on 24 Apr 2016 03:22 AM තැන්ක්ස් පොඩ්ඩි මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට.ගොඩක් ලස්සන නිර්මාණයක් . ඉතුරු ටික අයියේ ඔයා දාන්නකෝ මගේ facebook එකෙන් අරන් . ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* isurusamSuper Senior MemberPosts:7342 24 Apr 2016 03:22 AM තැන්ක්ස් පොඩ්ඩි මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට.ගොඩක් ලස්සන නිර්මාණයක් . PoddiVeteran MemberPosts:2100 24 Apr 2016 02:03 AM තත්සර ප්‍රේමය 11 කොටස සිහින් පිණි පොදේ හඩත් සමගින් අවදි වූ මම තත්සර අයියට අනුරාධපුරේ ගමන ගැන කියල msg එකක් දැම්මෙමි. ''හ්ම් පැටියෝ පරිස්සමින් ගිහින් එන්න හොදද ? මම දවල් වෙලා කෝල් එකක් දෙන්නම්. මම දැන් ටිකක් නිදා ගන්නවා හොදටම මහන්සි..පාන්දර වුණා practice ඉවර වෙලා ගෙදර එද්දී '' තත්සර අයියගේ ආදරෙත් හදවතේ තුරුළු කරගෙන දහසක් පැතුම් හිතේ රදවාගෙන නැගිට්ටෙමි ... '' මොකද කෙල්ල තනියම හිනා වෙන්නේ ... '' ''ලොක්කෙ අයියට පිස්සු '' මම ලැජ්ජාවෙන් එසේ කියමින් බිම බලා ගත්තෙමි. ලොක්කෙ අයියත්, මමත් , අම්මාත් එකතු වී සියළු දෙනාටම උදේට හා දවල්ට අවශ්‍ය කෑම පිළියෙළ කර අවසන් වී කඩිනමින් ලෑස්ති වුයේ ඒ වන විටත් ආකාශ් අයියලා නිවසින් පිටත් වී ඇති බව දන්වා තිබු නිසාවෙනි... අනුරාධපුර ගමන සදහා ආකාශ් අයියලාගේ තාත්තාත් , ලොකු අම්මාත් , ඉසුරි අක්කාත් ඇයගේ පුතත් පැමිණ සිටියහ .ආකාශ් අයියගේ අම්මා නැති වී මේ වන විට අවුරුදු 4ක් වන නිසාවෙන් මිය ගිය ඇය වෙනුවෙන් පින් අනුමෝදන් කර පහන් පුජාවක් පැවැත්වීම ද අනුරාධපුර ගමනේ එක අරමුණක් වී ඇති බව ආකාශ් අයියගේ තාත්තා අපේ තාත්තත් එක්ක පවසනු මට ඇසිනි. ආකාශ් අයියත් ,අපේ අයියත් වෑන් එකේ පිටුපසම අසුනේ හිද ගන්නට වූ අතර ආකාශ් අයියගේඅක්කගේ පුතා වූ ඉදුවරත් '' චුටි මාමේ මාත් ඔයා ගාවට එනවා '' කියමින් පිටුපස අසුනට ගියේය , මමත් අම්මාත් ඉසුරි අක්කත් මැද අසුනේ අසුන් ගත අතර පුජා භාණ්ඩ ආදිය ඉදිරිපෙළම අසුනේ තබන ලදී . ආකාශ් අයියගේ තාත්තා වාහනය පැදවූ අතර අපේ තාත්තාත් ඉස්සරහ හිද ගත්තේය . ආකාශ් අයියගේ තාත්තා අපේ තාත්තාගේ හොදම යාළුවෙක් දන ගන්නට ලැබුණේ ගමන අතරතුරදී දෙදෙනා පාසල් කාලය ගැන හිනාවෙමින් සිහි ගන්වද්දිය . ' ' තරු නංගි මොකෝ කථා නැත්තේ .. පේනවනේ තාත්තලා දෙන්නගේ හිනාව ...'' ආකාශ් අයියා සිනහාවක් අතරින්ම කටහඩ අවදි කරන්නට වුයේ ය . ඒ කථාව , ඒ හිනාව මගේ හිතට දැනෙන්නට වුයේ වේගයෙන් වෙරලළ තිරය දෙසට හමාගෙන විත් ගල්පරයක් මත වදින අකීකරු වූ මුහුදු රළක් ලෙසිනි . ''ඉතින් අයියල දෙන්නා ලොකු කතාවක්නේ හිටියේ .. එකයි අපි සද්ද නොකර හිටියේ'' යැයි මම පැවසුවේ ඊළගට ආකාශ් අයියා කුමක් මට කියයිදැයි හිතේ පුංචි චකිතයකින් යුතුවමය . ''කෙල්ල දැන් වෙනදා වගේ නෙවේ හරි වෙනස් .. ඉස්සර නම් ගිරවී වගේ කියවනවා..'' ආකාශ් අයියා මට සරදම් කරන්නට වුයේ නැවතත් මා නිහඩවම පසු වූ හින්දමද කොහෙද වෙන්න ඇති .. '' දෙයියනේ තත්සර අයියගෙන් කෝල් එකක් ... answer කරලත් බෑ.. නොකරත් බෑ .. ''මල්ලි අපි මේ හරියෙන් නවත්තලා උදේ කෑම කාලා යමු... '' වැවක් අසලින් යන විට ලොකු අම්මා ආකාශ් අයියගේ තාත්තාට කියූ නිසාවෙන් වාහනය නතර කරන්නට වුයේ ය . සියලු දෙනාම වාහනයෙන් බැස මුහුණ කට සෝදා ගන්නට වැව දෙසට ගිය නිසාවෙන් මම ටිකක් එහාට ගොස් ආකාශ් අයියට දුරකථන ඇමතුමක් ගත්තෙමි .. '' හෙලෝ මගේ පැටියෝ දැන් ඔයාලා කොහෙද ඉන්නේ .. '' මම ඔහුට ඉන්න තැන ගැන විස්තර සදහන් කළ විට '' අහ් දැන් ඔයාලා දඹුල්ලටත් කිට්ටු කරලයි ඉන්නේ .. '' ''දඹුල්ලට ඇවිත් කැකිරාව පාරට හරවපුවම මට ring කරන්නකෝ මම පාරට එන්නම්. එතන ඉදන් 2 km විතර එහායින් යාලුවෙක්ගෙ ගෙදරක් තියෙනවා.. දැන් මම එහේ යන ගමන්..මගේ සුදු මැණිකට අද මාවත් බලාගෙනම යන්න පුළුවන් .. '' තත්සර අයියා එසේ කියූ නිසාවෙන් පුංචි සතුටක්ද දැනුණේය .. '' හා මගේ සුදු අයියේ ..' මම කීවෙමි . ''එහෙනම් මම තියන්නම් ... ඔයා කෑම කන්නකෝ ගිහින් දැන් .. අම්මා බැන්නොත් එම මගේ කෙල්ලට පව්නි .. හි හි '' සිනහවක්ද සමගින් ඔහු කියන්නට විය .. ''හා අයියේ ... බුදු සරණයි .'' ''බුදු සරණයි සුදු මැණික ..'' ''වැටෙයි ළමයෝ ..'' අම්මා කෑ ගසන්නට වුයෙන් මම ටිකක් පය ඉක්මන් කර ඒ දෙසට ගියේ සිදු වෙන්නට යන්නේ කුමක්දැයි බැලීමටයි . ''... හි හි .. '' මට හිනා ගියා ය .. '' මොකද පිස්සි හිනා වෙන්නේ ,, ඉන්නවකෝ.. අල්ල ගන්න ...'' කියමින් ලොක්කෙ අයියා වතුර අහුරක්ද මා වෙතට විසි කරමින් දිව ආවේය .. ආකාශ් අයියාද ලොක්කෙ අයියාට උල්පන්දම් දෙමින් .. '' අන්න හරි බන් .. තරුව නාවපන් ..'' කියමින් කෑ ගැසුවේ ය .... මම දිවවිත් වෑන් රියට ගොඩ වූ නමුත් ඒ වන විටත් මගේ ඇදුම වතුර බේරෙමින් පැවතුණි ... ලොක්කෙ අයියා මම ලගට අව නිසාවෙන් මම ඔහුගේ අත හයියෙන් අල්ලාගෙන කරකවන්නට උත්සහ දැරුවෙමි .. ''මගේ අත අතහරින්න සුද්දී ..'' කියමින් ඔහු මා හා ඔට්ටු විය . '' අතහරින්නෙම නෑ අත .. '' මම තවත් තද කර අත අල්ලා ගත් නමුත් අම්මා පැමිණි නිසාවෙන් අත ඉවතට ගත්තෙමි .. '' මොකද ළමයෝ මේ පොඩි ළමයි වගේ '' අම්මා සැර වන්නට වුයෙන් ලොක්කෙ අයියා හිමින් සැරේ මාරු වන්නට විය..'' උදේ ආහාරය ගැනීමෙන් පසු නැවතත් අපි ගමන ආරම්භ කෙරුවෙමු . - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* DushanVeteran MemberPosts:2536 23 Apr 2016 11:18 PM ෂා නියම කතාව ගොඩක් ස්තුති අනිත් කොටසත් එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා එහෙනම් ඔන්න sha733Super Senior MemberPosts:7332 23 Apr 2016 10:26 PM මේක update කරල දවස් දෙකයි ඔහොම කරදර කරන්නත් එපා අයියේ මොකද හදිස්සියට ලස්සන ලස්සන දේවල් මග ඇරෙන්න පුලුවන් samanthaMost Senior MemberPosts:13190 23 Apr 2016 09:05 PM කෝ මේක update කරන්නේ නැතිද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! PoddiVeteran MemberPosts:2100 22 Apr 2016 11:56 PM Posted By maduranga001 on 22 Apr 2016 11:12 PM පොඩ්ඩි 10 කොටස දාල. දැනුයි දැක්කෙ. ස්තූතියි නංගි. දිගටම ලියන්න. ම්ම්ම් අයියේ ... ලියන්නම් ...ස්තුතියි අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 22 Apr 2016 11:55 PM Posted By sha733 on 22 Apr 2016 10:51 PM හරි ෂෝක් 10ත් දාල. දැන් කාලෙට ඔබින්න ලස්සනටම තියෙනවා දිගටම ලියමු බලන්නෝ බලාගෙන ඉන්නවා ස්තුතියි අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 22 Apr 2016 11:12 PM පොඩ්ඩි 10 කොටස දාල. දැනුයි දැක්කෙ. ස්තූතියි නංගි. දිගටම ලියන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sha733Super Senior MemberPosts:7332 22 Apr 2016 10:51 PM හරි ෂෝක් 10ත් දාල. දැන් කාලෙට ඔබින්න ලස්සනටම තියෙනවා දිගටම ලියමු බලන්නෝ බලාගෙන ඉන්නවා PoddiVeteran MemberPosts:2100 22 Apr 2016 10:31 PM තත්සර ප්‍රේමය 10 කොටස දවස් කිහිපයකින් පසු තත්සර අයියාට සුව වී රෝහලෙන් පිටත් වී ගියේ ය . තත්සර අයියාට සුව වීම තරම් මට තවත් සතුටක් නම් නැත. ෆෝන් එකේ missed call ගොඩයි .... දෙයියනේ තත්සර අයියා ... දිවා විවේකය ලැබුණු වහාම තත්සර අයියාට දුරකථන ඇමතුමක් ගත්තෙමි . ටික වෙලාවක් රින්ස් ගිය අතර සුපුරුදු වූ ලෙන්ගතු හඩින් '' මගේ සුදු මැණික අද ගොඩක් වැඩද .. අයියව අමතක වුණාද නැත්නම් මැට්ටිට '' '' අනේ නෑ මගේ සුදු අයියේ .. මට මව අමතක වුණත් මගේ අයියව නම් කවදාවත් අමතක වෙන් නෑ '' '' පණ්ඩිත කෙල්ල .. ගිරවී වගේ කියවගෙන යනවා . හි හි ... කෝ ඉතින් කියන්නකෝ අද මොනාද උයාගෙන ආවේ '' තත්සර අයියා ඇහුවේ ඇත්තටම ගොඩාක් ආදරෙන්.. ම්ම්ම් .. අද නම් ගෝවයි තෙල් දාලා ,හතු උයලා , පරිප්පුයි , ... මම කීවෙමි .. ''ශා හතු ටිකක් එක්ක මටත් හබුන් කටක් කවන්නකෝ ඔයා කද්දී සුදු මැණික ...'' යැයි ඔහු කිවේ හතු කෑමට ඉතාමත් ප්‍රියතාවයක් දක්වන නිසාමය... ''අයියේ ඔයත් කෑම කමු දැන් ....''මම කිවේ, මගේ lunch time එක එනකම් ඔහු කෑම නොකා සිටින නිසාවෙනි .. '' හරි සුදු මැණික ඔයත් දැන් කන්න .. මමත් කාලා යන්න ඕනි .. show එකක් තියෙනවා අනිද්දා එකට අද හවස practice එකක් තියෙනවා. එද්දී ටිකක් රෑ වෙයි අදත් ...'' ''ම්ම්ම් මගේ අයියා පරිස්සමින් ගිහින් එන්න හොදද ? '' ''ගොඩක් ආදරෙයි නේද මගේ අයියා මට ?'' මම හෙමින් ඇසුවෙමි .. "ඇයි ඔයාට මාව විශ්වාස නැද්ද..?" "අනේ නෑ මට ඔයාව මටත් වඩා විශ්වාසයි මගේ අයියේ .. එත් බයයි මගේ සුදු අයියව මට නැති වෙයි කියලා '' මම එසේ කිවේ මොකක්දෝ ලොකු අමුත්තක් මගේ හිතට දැනුණ නිසාවෙනි '' '' කවදාවත්ම එහෙම වෙන එකක් නෑ මගේ රත්තරන් හැමදාටම මේ පිස්සු කෙල්ලගෙම විතරයි මම .. ..'' හරි මගේ පැටියෝ .. එහෙනම් මම තියන්නම් . බුදු සරණයි .. පරිස්සමින් ඉන්න '' ''හා මගේ අයියත් පරිස්සමින් ඉන්න .බුදු සරණයි ..'' කියමින් මම දුරකථනය විසන්දී කෙරුවෙමි '' ''මොකෝ බන් දුකෙන් වගේ '' දිනුකි එසේ ඇසුවේ මම මුණ එල්ලගෙන සිටි නිසාවෙනි ... ''මට බයයි බන් තත්සර අයියව මට නැති වෙයි කියලා '' ''ඇයි තරු එහෙම කියන්නේ ... ඇයි මොනවත් ප්‍රශ්නයක්ද ? කියමින් දිනුකි මගේ අතින් අල්ලගනිමින්ම ඇසුවාය .. ''නෑ බන් එත් ... '' මම යමක් කියන්නට ගොස් නැවතත් මුව ගොළු කර ගත බැවින් දිනුකි නැවතත් .. '' ඉතින් කියපන්කො..'' ලොක්කෙ අයියට marry කරන්න කෙනෙක් හොයන්න කපු මහත්තයෙකුට කියලා '' ''ඉතින් සතුටු වෙයන්කෝ බන් .. '' ''අයියා වුණත් ඒ උබේ මස්සිනනේ ... උබම බදින්න ඕනි කිව නම් එහෙම .. දැන් එහෙම දෙයක් වෙලා නැනේ .'' ''හරි හරි බන් එත් ලොක්කෙ අයියා කියනවා මම marry කලාට පස්සෙලු එයා marry කරන්නේ .. ඒ හින්දා ඉස්සෙර වෙලාම මට marry කරන්න කෙනෙක් හොයලා දෙන්න කිවා අම්මලාට ..'' ''ඉතින් බන් එහෙම කීවට තාම කෙනෙක්ව හොයලා නෑනේ .. අඩන් නැතිව ඉදපන් බොරුවට.. ''ගොඩක්ම ලොක්කෙ අයියා අම්මලාට එහෙම කියලා තියෙන්නේ ආකාශ් අයියා අපේ අයියට කියලා මන් ගැන එයාගේ හිතේ අදහසක් තියෙනවා කියලා '' '' උබ තත්සර අයියට ඒ ගැන කීවද ? '' ''නෑ දිනුකි මම තත්සර අයියට කිවේ නෑ මොකුත් .. එයා චුට්ටක්වත් දුකින් ඉන්නවා දකින්න මම කැමති නෑ '' ''හරි තරු ටිකක් කලබල නොවී ඉමුකෝ ..'' .................................................................... ළා අදුර ගලමින් සන්ධ්‍යාව උදා විණි . මම බුදුන් නැමද ගේ ඉස්සරහා පේර ගස අසල වූ බැංකුව මත හිද ගත්තේ හිතේ පුංචි දුකකුත් කැටි කරගෙනමය... ටික වෙලාවකින් පසුව තත්සර අයියා ආවේ ආකාශ් අයියලාගේ ගෙදර ගොස් සිටය .. ''මොකෝ බන් මේ දාහට දීලා සියට අරන් වගේ ...'' '' පාළු හින්දා ලොක්කේ අයියේ ටිකක් එළියට වෙලා හිටියා මම ..'' ''සුද්දී හෙට අපි අනුරාධපුරේ යනවා ... දවස් 3 ක් ම නිවාඩු තියෙන එකේ ගිහින් එමු නේද වන්දනාවේ .... '' ''හ්ම්ම් ලොක්කෙ අයියේ '' මම එසේ පිළිතුරු දුන්නේ මම අනුරාධපුරේ යාමට අකමැති වුයේ නම් ලොක්කෙ අයියා මගෙත් එක්ක තරහා වන නිසයි .. පසු දින සිකුරාදා දිනයක් වූ අතර පෝය දිනයක් ද විය.. සෙනසුරාදා හා ඉරිදා ද නිවාඩු දිනයක් නිසාවෙන් ආකාශ් අයිය මේ ගමන යෝජනා කරන්නට ඇති බව ලොක්කෙ අයියගේ කතාවෙන් පැහැදිලි විය ... ලොක්කෙ අයියා විසින් අම්මා හා තාත්තාවද ගමන යාම සදහා කැමති කරවා ගන්න ලදී . රාත්‍රියේ ගමනට අවශ්‍ය සියළු ඇදුම් පැළදුම් සකසා නිදි යහනේ ඇලව දුරකථනය අතට ගෙන තත්සර අයියගෙන් දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් බොහෝ වෙලා යනතුරුම නොවූ නිසාවෙන් මම කෙටි පණිවිඩයක් ඔහු වෙත තැබුවෙමි.. අයියේ තම practice ද ? '' සුදු මැණික ඔයා කාලා නිදා ගන්න . මම පාන්දර වෙයි අද නම් ගෙදර එද්දී ....'' කියමින් බොහෝ වෙලාවකට පසු මම යැවූ කෙටි පණිවිඩයට තත්සර අයියගෙන් පිළිතුරු ලැබුණි . රාත්‍රී අහාරයවත් නොගෙන ඇදේ හාන්සි වී සිටි මට එලෙසෙම නින්ද ගිය බව වැටහුණේ තාත්තා මට කෑම කන්නට කථා කරන විටයි .. ''දෝණි කෑම කලා කල් ඇතිව නිදා ගන්න ..හෙට පාන්දරම ගමන පිටත් වෙන්නත් තියෙනවනේ ...'' ''හා තාත්තේ මම එන්නම් '' කියමින් මම ගියද කෑම ගැනීමට තරම් හිතේ සතුටක් මට නොවිණි. බත් කටක් දෙකක් කා පසුව කුස්සිය අස් පස් කර නින්දට ගියේ හෙට දින කුමක් සිදු වේද යන චකිතයෙනි .. - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* samanthaMost Senior MemberPosts:13190 22 Apr 2016 10:27 PM බොහොමත්ම ස්තූතියි පොඩ්ඩියේ 9වෙනි කොටසට . සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! sha733Super Senior MemberPosts:7332 03 Apr 2016 12:53 AM පොඩ්ඩි අවුරැද්දක විතර විභාගයක්ද ලියන්නේ වැඩිය පේන්න නැහැ. නමුත් ත්‍රෙඩ් එක ගොඩ දාල යිනව නේද අගෙයි පොඩ්ඩී දිලටම යමු ජය RosiSuper Senior MemberPosts:5335 02 Apr 2016 04:53 AM ස්තුති පොඩ්ඩි නංගියෝ මේ කොටස් වලට ත් .... දිගටම දෙන්න හොදේ ... samanthaMost Senior MemberPosts:13190 01 Apr 2016 09:54 PM බොහොමත්ම ස්තූතියි පොඩ්ඩී .. කථාව අප්ඩේට් කලාට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! PoddiVeteran MemberPosts:2100 01 Apr 2016 08:28 PM තත්සර ප්‍රේමය - 9 කොටස - මුළු දවසම මට මහත් වූ විඩාපත් බවක් මට දැනුණි. අහස තද රත් පැහැගෙන කෙමෙන් අන්දකාරය සහිත හැන්දෑව පැමිණියේ මගේ හිතේ පාළුව තනිකම තව තවත් වැඩි කරන්නට මෙනි. රැය පහන් වෙනතුරු මම නින්දත් නොනිදත් අතර සටනක යෙදුණේ තත්සර අයියට පුංචිම පුංචි වේදනාවක්වත් නොවේවායි පතමිනි. වෙනදාට නම් උදේ ඉදන් මේ වන විටත් තත්සර අයියා මාත් සමග කී වතාවක් කථා කරලද ? එත් අද ... ........................................................... පාන්දරින්ම අවදි වූ මම දිනුකිට දුරකථන ඇමතුමක් ගෙන .. '' දිනුකි ඔයා එනවා නේද ?'' ''ඔව් බන් මම එනවා''... අපේ චුටි අයියා කිවා එයත් එන්නම් කියලා.. තනියම අපි දෙන්නට දුර යන්න එපාලු '' '' අනේ ගොඩක් හොදයි දිනුකියෝ...'' දැන් බයක් නැතිව අපිට යන්න පුලුවන්නේ ... මම තාම අම්මට කිවුවෙත් නෑ කුරුණෑගල යනවා කියලා .. බනියි කියලා බයයි .'' ''හරි හරි බන් යාළුවෙක් හොස්පිටල් ඉන්නවා, ..බලන්න යනවා කියපන් හිමිට...'' ''හරි දිනුකි එහෙනම් මම තියන්නම්..'' ok තරු ... මම චුටි අයියත් එක්ක 9.00 ට ටවුන් එකටම එන්නම් එහෙනම් '' කියමින් ඇය දුරකථනය විසන්දි කළාය . ..................................................... මම අවදිව කුස්සියට ගොස් සුපුරුදු පරිදි කේතලය ලිප තැබුවෙමි... අම්මාත් ටික මොහොතකට පසු පැමිණියේ කෑම පිළියෙළ කිරීමටය .. අම්මේ ... මම අද නිවාඩුවක් දැම්මා .. ඒ මොකද දෝණි ? මගේ යාළුවෙක් හොස්පිටල් එකේ අම්මේ. එයාව බලන්න යනවා දිනුකිත් එක්ක..'' යැයි මම අම්මාට හිමින් සීරුවේ වචන ගැලපුවේ හිත අස්සේ තෙරපුණු වේදනාවත් සමගින්ම ය. අම්මාගෙන් අවසර ලත් මා කඩිමුඩියේ සුදානම් වුයේ පෙ.ව 9.00 වන විට නුවර ටවුන් එකට යා යුතු නිසාවෙනි. අම්මාගේත් , තාත්තාගේත් දෙපා නැමද ගෙමිදුල ඉදිරිපිට වූ සේපාලිකා ගහේ පිරි තිබුණු මල් වලින් මල් වට්ටියත් සරසාගෙන දළදා සමිඳුන් අබියසට ගොස් මල් පුදා බුදුන් නැමද මොහොතක් කල්පනා කළේ තෙරුවන් ගුණ බෙලෙන් තත්සර අයියාට ඉක්මන් සුවය ලැබෙන ලෙසයි.. ඒ වන විටත් වෙලාව 8.15 පමණ වී තිබුණි. කියපු වෙලාවටම දිනුකිත් , අයියාත් පැමිණ සිටිය නිසාවෙන් අපි තිදෙනාම උදැසන 9.20 ට පමණ නුවරින් පිටත්වෙන කුරුණෑගල බසයකට ගොඩ වුණෙමු . විසිරිලා තිබුණු මගේ හිතේ සිතුවිලි අතරින් තත්සර අයියගේ රුව මට මැවුනේය . ''තරු '' .. මම තිගස්සුනෙමි ... ''ගොඩක් කල්පනා කරන්න එපා තරුවෝ . තත්සර අයියට ඉක්මනට සනීප වෙයි '' දිනුකි මගේ හිත හදන්නට වෙර දරමින් කෙදිරුවාය . පුංචිම පුංචි මොහොතකටවත් තත්සර අයියාට මගේ ජිවිතයෙන් ඈත් වෙලා ඉන්න දෙන්නේ කොහොමද ? මම ඇස් කදුළු වලින් බර කර ගත්තෙමි . අපිට 11.40 පමණ වන විට කුරුණෑගල රෝහල වෙත ලගාවීමට හැකි විණි . මම තත්සර අයියගේ දුරකථනයට ඇමතුමක් ගත්තෙමි .. ''හෙලෝ තරුෂි නංගි ඔයාලා දැන් කොහෙද ? '' ඔහුගේ යාළුවා දුරකථනය ඇමතුවේය . අයියේ අපි දැන් ඉස්සරහා gate එක ලග ඉන්නේ .. හරි නංගි ඔයාලා ඔහොමම ඉන්න .. මම ඔතනට එන්නම් .. කියූ පරිද තත්සර අයියගේ යාළුවා ටික වෙලාවකින් එතනට පැමිණියේ ය .. ඔහු නමින් අකලංක ... තත්සර අයියගේ හොදම යාළුවා ... වේලාව 12.00 වූ නිසාවෙන් රෝගීන් බැලීමට යාම සදහා ගේට්ටුව විවර විණි .. අපි සිවු දෙනාම කතා බහකින් තොරව ඉදිරියට පිය මැන්නෙමු. මද වෙලාවකින් පසුව අපි තත්සර අයියා සිටි වාට්ටුව වෙත ළගා වූයෙමු.. කොනකම වූ ඇද වෙත අකලංක අයියා අපව රැගෙන ගියේ ය . ඒ වෙලාවේ තත්සර අයියාට හොදටම නින්ද ගිහිල්ලයි හිටියේ .. දෙයියනේ පව් මගේ රත්තරන් අයියා . ඔහුට සේලයින් ලබා දී තිබුණු අතර හිසට වෙළුම් පටි යොදා තිබුණි . හිමින් සීරුවේ ලගට ලංවී ටික වෙලාවක් යනතුරු බෙහෙත් විද තිබු අත මම සෙමින් පිරි මැද්දෙමි. '' මගේ සුදු මැණික ඔයා ..????'' තත්සර අයියා පුදුම වූ දෑසින් මදෙස බලන්නට විය .ඔහුගේ දෙනෙත් තද රත් පැහැයට හැර වී තිබුණි. ඔහුගේ වේදනාව ඒ දෑස් මත ලියවී තිබුණි ඒ දෙනෙත් දෙසම බලාගෙන '' ඔව් මගේ රත්තරන් අයියේ ඔයාගේ සුදු මැණික තමයි'' මම දෙතොල් මිමිණුවෙමි...ඔහුගේ අතින් මාව තරමක් ඔහු දෙසට පහත් කරවමින් මගේ දෙකොපුලෙන් ගලා හැලෙන කදුළු පිසදමන්ට විය . දිනුකිත් , අකලංක අයියාත් , චුටි අයියාත් ටිකක් එහාට වන්නට වූ ඇදක සිටි රෝගියෙක් සමග කථා කරමින් සිටියේ මටත් , තත්සර අයියාටත් මොහොතකට හෝ තනිවෙන්නට ඉඩ දෙමින් විය යුතුය. තත්සර අයියා මාව ඔහුගේ මුව වෙතට ලං කර ගනිමින් මා නළලත සෙමින් සිප ගත්තේ ය . '' මගේ රත්තරන් අයියේ ඔයාට දළදා සමිදුගේ පිහිටෙන් ඉක්මනින් සනීප වෙයි '' '' මම දන්නවා මගේ සුදු මැණිකගේ ආදරේ තියෙනතාක් කවමදාකවත් මට මොකුත්ම වෙන්නේ නෑ ...'' තත්සර අයියාගේ තුරුලෙන් මොහොතකට මිදෙන්නට වුයේ ඔහුගේ නෑදෑ හිතවතුන් පිරිසක් පැමිණීම නිසාවෙනි... ඔවුන් සියල්ම විසින් තත්සර අයියගේ ඇද වටකොටගෙන තිබුණහ ... මට,මගේ රත්තරන් අයියගේ දෑස් දෙස හෝ බලා හිදින්නට අවස්ථාවක් එමගින් උදා නොවුණි ... .. ටික වෙලාවකට පසු රෝහලේ කාර්යය මණ්ඩලයේ කෙනෙක් පැමිණ..'' ලෙඩ්ඩු බලන්න ආපු කට්ටිය දැන් යන්න ..වෙලාව ඉවරයි '' කියමින් කෑ ගසනු ඇසිණි .. බිදුවක් හෝ සැනසිල්ලක් ලද මගේ හිතට නැවතත් දුකක් තනිකමක් දැනෙන්නට වුයේ තවත් සුළු මොහොතකින් තත්සර අයියව මේ බිත්ති හතරකට හිර වූණු රෝහල් වාට්ටුවේ තනිකර දමා යාමට සිදුවන බැවිණි. තත්සර අයියා බැලීමට පැමිණී සිටි සියලු පිරිස තත්සර අයියට සමු දීමෙන් අනතුරුව තත්සර අයියා වෙතට ලං වූ මම ටික වෙලාවක් ඔහුගේ හිස අත ගා පසුව ඔහුගේ දෑස ද කදුලින් තෙත් වී තිබුණි.. මම ඔහුගේ නළලත මත හාදුවක් තැබුවෙමි .. '' පරිස්සමින් ඉන්න මගේ අයියේ , ඉක්මනින් සනීප වෙයි .. බුදු සරණයි '' '' මගේ සුදු මැණිකත් පරිස්සමින් යන්න.. බුදු සරණයි '' කියා අනතුරුව දිනුකි හා චුටි අයියා දෙසට දෑස් යොමු කරමින් '' දිනුකි නංගි ඔයාලා මාව බලන්න ආවට ගොඩක් ස්තුතියි '' කියමින් ඔවුනගේ පැමිණීමට තුති පුද කර සිටියේය ... ............................................................ අපි ආපසු නුවරට ළගා වන විට 4.30 පමණ විය .. දිනුකිටත් චුටි අයියාටත් ස්තුතිවන්ත වෙමින් ඔවුනට සමු දුන් මම ගෙදර යාමට බසයට ගොඩ වී ගෙදර ගියෙමි .. අපේ ගෙදර අසල වාහනයක් නවතා තිබුණි .ගෙදර ඇතුලේ උස් හඩින් කතා කරන කීප දෙනෙකුගේ කට හඩක් ද ඇසුණි . . මගේ ඇස් අදහා ගන්නටවත් නොහැකි වූ පුදුමයකි ... අනේ දෙයියනේ වෙන්න බැරි දෙයක්නි මේක .... - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* samanthaMost Senior MemberPosts:13190 01 Apr 2016 08:07 AM ඇති යාන්තම් තව කොටසක් ලියලා. පොඩ්ඩී කථාව තුල අපිව අතරමන් කරනවා.. අපි කථාව දිගටම කියවන්න ආසාවෙන් ඉන්නෙ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! PoddiVeteran MemberPosts:2100 01 Apr 2016 05:13 AM තත්සර ප්‍රේමය - 8 කොටස - #දුරට_නොයා #ළගම_රැදෙනු #මා_සුහද, #මියදේවි #සිය_දහස්_වාරයක් #නුඹ_ළගින්_නැති #එක_මොහොතටත්..... මම එදින රැකියාවට ගියත් මගේ හිත තිබුණේ ගොඩක් නොසන්සුන් වෙලයි . දහවල් වනතුරුම තත්සර අයියගේ දුරකථනය ක්‍රියා විරහිතව පැවතුණි . ''මොකද බන් උඹට වෙලා තියෙන්නේ . උදේ ඉදන් මුණ එල්ලගෙන..ඇස් දෙකත් හොදටම රතු වෙලා .. .'' ... දිනුකි විමසුවේ මම අද උදේ ඉදන්ම නිහැඩියාවෙන් පසු වූ නිසා ය . '' අනේ දිනුකි '' යයි පවසා යළිත් නිහඩ වුයෙමි '' '' මොකද බන් කියපන්කෝ '' දිනුකි ප්‍රශ්නාත්මකව යළිත් මදෙසට නෙත් යොමු කළාය ... ''තත්සර අයියගෙන් කෝල් එකක්වත් නෑ . phone එක වැඩත් නෑ . කවදාවත් එයා එහෙම ඉදලා නෑ . ඊයේ හවස show එකකට යනවා කියලා ගියේ. එත් තාමත් එයා මට කෝල් එකක්වත් ගත්තේ නෑ දිනුකි '' ''අයියෝ එකටද මේ .. ඉතින් බන් phone එක off වෙලා ඇති '' දිනුකි මගේ හිත අස්වසන්නට මෙන් කියා සිටියේ ය .. මම තව පාරක් තත්සර අයියගේ දුරකථනයට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට උත්සහ කළෙමි. ''ඈතින් පායා ඈතින් බැස යන ඔබ සුවදයි ඔබේ සිත සුවදයි ආදර දේදුණූ පායන මොහොතේ මම ඉන්නම් ඔබ සිටිනවානම් // කුළුඳුල් ප්‍රේමයේ ආදර ගීයක් ගැයෙනා රාත්‍රියේ ඔබ තුරුලේ රහසක් කියපන් සිත සනසාලා // ආදරේ දෝ මට ආදරේ දෝ........'' දුරකථනය රින්ස් ගිය නමුත් තත්සර අයියා කථා නොකළේය . මම තව වරක් උත්සාහ කර බැලුවෙමි .. '' hello ...'' phone එක answer කල ද මට ඇසුණේ නුපුරුදු වූ කට හඩක්ය . ''හෙලෝ, තත්සර අයියා ඉන්නවාද ? ''නංගි මම තත්සරගේ යාලුවෙක් .. මම මෙහෙම කීවට නංගි කලබල වෙන්න එපා ,,'' '' අනේ මොකද වුණේ මගේ තත්සර අයියට '' '' ඊයේ show එකේදී පොඩි කරදරයක් වුණා .කොල්ලෝ සෙට් එකක් බීගෙන ඇවිත් හොදටම රන්ඩු වුණා.''වෙන කෙනෙක්ට ගහපු එකක් අපේ එකාට වැදුණා. තත්සරට ටිකක් තුවාලයි නංගි .. මාතලේ හොස්පිටල් එකට ඇඩ්මිඩ් කළත් එවෙලේම කුරුණෑගල හොස්පිටල් එකට යැවුවා .. අපි තාම කුරුණැගල ඉන්නේ .. ''' එකදිගටම ඔහු කියාගෙන ගොස් මම ඉකිබිදින හඩ ඇසී මොහොතක් නිහඩ වී ඔහු , '' නංගි බය වෙන්න එපා .. තත්සරයට මොනවත්ම වෙන්නේ නෑ .. ...උදේ පොඩි operation එකකට ගත්තා .. දවල් වෙනකනුත් word එකට දාලා තිබුනේ නෑ . අපි හවසටත් බලන්න ඉන්නවා නංගි ...'' මම ඔහුගෙන් කුරුණෑගල රෝහලට යන විදිහ හා තත්සර අයියා ඉන්න වාට්ටුව අසා ගත්තෙමි. '' ගොඩක් ස්තුතියි අයියේ පණිවිඩේ කීවට. තත්සර අයියා ගැන බලන්න අයියේ..එයාගෙන් එහා ලෝකයක් මට නෑ අයියේ '' '' හරි නංගියෝ .. ඔයා කල්පනා කරන්න එපා වැඩියේ .. තත්සරයට ඉක්මනට සනීප වෙයි ...පුලුවන්නම් විතරක් hospital එන්න නංගී , ඔයා ගැණු ළමයෙක්නි.තනියම දුර එන්න එපා ... '' ''නෑ අයියේ මගේ යාළුවත් එක්ක එනවා මන්, මට මගේ රත්තරන් අයියව නොබලා ඉන්න බෑ ..'' ;'''හරි නංගී එහෙනම් මම තියන්නම් .. bye නංගී '' ''bye අයියේ ''.... දිනුකිත් සිදු වී ඇති දේ වටහාගෙන . '' බය වෙන්න එපා බන් .. හැමදේම හොදින් වෙයි.. අපි හෙට නිවාඩුවක් ඉල්ලගෙන තත්සර අයියව බලන්න යමු ... මම දිනුකිට පැවසුවෙමි... - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* kingDVeteran MemberPosts:3309 01 Apr 2016 05:00 AM ඉදල හිටලා මේ පැත්තෙ ආපු වෙලාවක හරි මේ කතාව ලියන්න.. අපි මේ මග බලාගෙන ඉන්නෙ අසාවෙන් මේක බලන්න Business, you know, may bring money, But friendship hardly ever does. sha733Super Senior MemberPosts:7332 13 Mar 2016 04:45 AM නංගියෝ අර ෂෝ එක තියෙන දිනේ මාතලේනේ තියෙන්නෙ ඔලුව දාලා එන්න කියල බැලුවේ ලග හින්ද කථාව පට්ට.......................... samanthaMost Senior MemberPosts:13190 12 Mar 2016 09:39 PM අහ්.. මෙන්න 7 වෙනි කොටස ඇවිත්.. බොහොමත්ම ස්තූතියි පොඩ්ඩියේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! PoddiVeteran MemberPosts:2100 12 Mar 2016 08:24 PM තත්සර ප්‍රේමය 7 කොටස සංගීතය කියන්නේ තත්සර අයියගේ ජීවිතේම කොටසක් වගෙයි .ඔහු තමන් පවත්වා ගෙන යන guitar පන්තිය ගැන පවා කතා කලේ මහත් වූ ආඩම්බරයකින් යුතුවය .තම ජීවිතයත්, සංගීතයත් සමග ආදරයත් මුසු කර ගත් තත්සර අයියා වෙනදාටත් වඩා ගොඩක් සතුටින් ඉන්නා බව ඔහුගේ හැම වචනයක් පාසාම මට දැනුණේය .අපි හිතන පතන හැම දේම ඒ විදිහටම ඉෂ්ට වෙනවා නම් මේ ලෝකය කෙතරම් සුන්දර ද ? තත්සර අයියගෙන් දුරකථන ඇමතුමකි . ''හෙලෝ අයියේ '' '' මගේ සුදු මැණික මොකද කරන්නේ ? කෑවද ඔයා ..'' තාම නෑ මගේ අයියේ ... ඔයා කාලත් නෑ නේද ? ''නෑ මැණික මාත් දැන් කන්න කියලා තමා .. දැන් කමු එහෙනම් '' ''අද හවසට මට musical show එකක් තියෙනවා මාතලේ ... ඒ හින්දා අද ගොඩක් රෑ වෙයි ගෙදර එනකොට .'' ''ම්ම්ම් පරිස්සමින් මගේ සුදු අයියේ'' '' හා මගේ මැණිකෝ .. හිහි ''තත්සර අයියා හිනා වෙමින් පැවසුවේය ... '' එහෙනම් මම තියන්නම් .. මගේ මැණිකත් පරිස්සමින් ගෙදර යන්න වැඩ ඉවර වෙලා හොදද ? .. මම show එකට යන්න කලින් කෝල් එකක් ගන්නම්කො ''. ''. බුදු සරණයි '' ''බුදු සරණයි මගේ අයියටත් '' මම වැඩ ඉවර වී ගෙදරට පැමිණීමට බසයට නැගුණෙමි . තත්සර අයියගෙන් sms එකක් පැමිණ තිබුණි . ''කෝල් ගන්න විදිහක් වුණේ නෑ මැණික . කොල්ලෝ සෙට් එකම කලින් ඇවිත් ,, අපි දැන් යන ගමන් show එකට .. ටිකක් දුර යන්නත් එපැයි . '' හා අයියේ පරිස්සමින් ගිහින් එන්න . බුදු සරණයි .'' මම පිළිතුරු යැව්වෙමි . .................................................................... අද නම් හරිම පාලුයි. මම රාත්‍රී ආහාරයෙන් ටික වෙලාවකට පසුව ගොඩක් පාලු දැනුණ නිසාම tv නැරඹීමට ගියෙමි .. අම්මාත් තාත්තත් සිටියේ tv නරඹමිනි. ''මොකද tv බලන් නැති කෙනා අද මේ පැත්තේ ?'' ''අම්මගෙන් පැනයකි '' ''නිදි මතක් නෑ අම්මේ '' මම හිමින් කියා සිටියෙමි .. බොහෝ රෑ වෙනතුරුත් තත්සර අයියා ගෙදර නොපැමිණියේය... නින්දත් නොනිනද්ත් අතර පසු වූ මම තත්සර අයියා ගෙදර එනතුරු බලා සිටියෙමි . පහුවදා වනතුරුත් දුරකථන ඇමතුමක් හෝ sms එකක්වත් නොවිණි .. මම කෝල් ගත්තද ඔහුගෙන් ඊටද පිළිතුරක් නොවිණි . ටික වෙලාවකට පසුව ඔහුගේ දුරකථනය ද ක්‍රියා විරහිත වී තිබුණි. කිසි දිනකවත් ඔහු දුරකථනය මෙලෙස off කර තබා හෝ නැත .... මම ඉමහත් වූ දෙගිඩියාවකින් පසු වුණෙමි , කුමක් සිදු වන්නට ඇතිද ?මා එදින අවදි වුයේ ද ඉතාමත් කම්පනයකින්ද යුතුවමය .. හැමදාම උදේට තේ සාදන්නේ මම විසිනි .. මම කේතලය ලිප මත තබා කුස්සියේ උළුවස්සට හේත්තු වී ගත්තෙමි ... ''මොකෝ දෝණි මේ මුනත් එක්ක ඉදිමිලා'' ''නෑ අම්මා මගේ හිස ටිකක් කකියනවා වගේ . එකයි .'' ම්ම්ම් ඉන්න මම තේ හදන්නම් .. දෝණි ටිකක් ඔහොම ඉන්නකෝ .. අම්මා පැවසිය .. ''හා අම්මේ '' මම මොහොතක් එලෙසම උළුවස්සට හේත්තු විගෙනම එළිය දිහා නෙත් යොමාගෙන උන්නෙමි.. අහසම වැහි අදුරකින් වෙලාගෙන තිබුණි ,, මම එළිය දෙසට ඇවිදගෙන ගොස් පේර ගස අසල තාත්තා විසින් නිමවා තිබු ලෑලි බැංකුව මත හිදගෙන තත්සර අයියා ගැන කල්පනා කරන්නට වුණෙමි .. කුමක් සිදු වෙන්නට ඇතිද ? '' දෝණි මේ තේ එක බොන්න ඇවිත් .. අම්මගේ කඩ හඩත් සමග මම නැවතත් කුස්සිය දෙසට ඇදුනෙමි . - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* hasithadSuper Senior MemberPosts:5795 10 Mar 2016 06:24 AM නියමයි..... sha733Super Senior MemberPosts:7332 10 Mar 2016 02:45 AM ඔව් අපි හැමෝම බලාගෙන ඉන්නේ කථාව දෙනකන් තමා රසිකයන්ව මුලා කරල මග දාල යන්න එපා samanthaMost Senior MemberPosts:13190 09 Mar 2016 10:25 PM පොඩ්ඩියේ කෝ මේ කථාවේ ඉතිරි ටික. කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! samanthaMost Senior MemberPosts:13190 28 Feb 2016 09:06 PM කෝ මේ කථාවේ ඉතිරි කොටස් කියවන්න තවම පොඩ්ඩී ආවේ නැහැනේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! sha733Super Senior MemberPosts:7332 27 Feb 2016 10:03 PM කෝ මේ පොඩ්ඩී MaduNew MemberPosts:57 26 Feb 2016 03:27 AM matath asawak athi una meka kiyawanna lassanai wage kathawa DushanVeteran MemberPosts:2536 26 Feb 2016 02:28 AM ලස්සන කතාවක් මාත් කියෙව්වා ස්තුති ඊලග කොටස එනකන් මාත් බලන් ඉන්නවා ඔන්න එහෙනම් samanthaMost Senior MemberPosts:13190 24 Feb 2016 10:09 PM පොඩ්ඩීට මොකද වුණේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 24 Feb 2016 06:41 PM ඊළග කොටස එනතුරු අපි මග බලා සිටිනවා.. කෝ මේ පොඩ්ඩි... RosiSuper Senior MemberPosts:5335 22 Feb 2016 12:49 PM 6වන කොටසත් ආදරනියයි ... ස්තුති නගෝ .... samanthaMost Senior MemberPosts:13190 22 Feb 2016 08:32 AM කෝ පොඩ්ඩිගේ කථාව.. අපි බලාගෙන ඉන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 11 Feb 2016 04:55 AM හයවන කොටසත් කියෙව්වා. බොහොම ස්තූතියි ඔබේ වෑයමට. තවත් රසවත් කොටසක් අරගෙන ඉක්මනට එන්නකො. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sha733Super Senior MemberPosts:7332 11 Feb 2016 03:55 AM ආව දුන්න ගියා කියවලාම බලමු. Ind007kaMost Senior MemberPosts:12931 10 Feb 2016 08:32 PM එහෙනම් හයවන කොටසත් ආවා ........ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... PoddiVeteran MemberPosts:2100 10 Feb 2016 07:48 PM - තත්සර ප්‍රේමය - 6 කොටස ඒ රැය ගොඩාක් දිගු රැයක්. කොහොම නම් ඒ දවස අමතක කරන්නද ?.. ගොඩාරියක් ආදරේ පිරුණු දවසක්.. තත්සර අයියගෙන් දුරකථන ඇමතුමකි . ' තරු '' ''ම්ම්ම් තත්සර අයියේ ...'' ''මගේ සුදු මැණික නේද ?'' ''ඔව් හැමදාටමත් මගේ අයියේ '' '' මං දුන්න තෑග්ග බැලුවද ?'' ''ඔව් මගේ අයියේ, ඒක මගේ මෙසේ උඩින් තියා ගත්තා . ගොඩක් ලස්සනයි '' ''හි හි එනම් දැන් හැමදාටම මාව මතක් වෙයි'' '' මාත් ඔයා මට දුන්න තෑග්ග මගේ කාමරෙන්ම එල්ලා ගත්තා '' ''කවදාවත් මාව දාලා යන්නේ නෑ නේද මගේ සුදු මැණික '' මම මොහොතක් නිහඩව සිතුවිලි අතර පැටලී සිටියෙමි .ඔරලෝසුවේ වේලාව රාත්‍රී 10.00 වැදුණි . ''මොකෝ මැට්ටි කථා නැත්තේ ? දොයි මතද ?'' තත්සර අයියා නැවතත් කටහඩ අවදි කළේය .. '' ඉන්නකෝ මම guitar එක play කරන්න .. මගේ මැට්ටි අහගෙන ඉන්නකෝ '' '' නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබ මා නෙතගේ රැඳුනා ඉර හද සේ මා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියැකීලා සටනින් අද මා දිනුවා '' '' ඇත්තටම හරිම ලස්සනයි අයියේ '' '' හි හි තෑන්ක් යු මැට්ටි . දැන් දොයියමු .ඔයා හෙට වැඩට යන්නත් එපැයි . මටත් හෙට ක්ලාස් එකක් තියෙනවා '' කතා කරන්නට බොහෝ දේ ඇතත් මට වචනවලට පෙරලා ගන්නට නොහැකි විණි . නුහුරු වූ ආදරේට තත්සර අයියා මාව ලං කර ගත්තේ ආත්ම ගානක් තිස්සේ පෙරුම් පුරාගෙන ආ ලෙසටය . '' මොනවද මගේ මැණික කල්පනා කරන්නේ '' '' මොනවත් නෑ මගේ අයියේ .. එත් මේ මම දකින හීනයක්ද ? මට තාමත් හිතා ගන්න බෑ අයියේ .. ඔයා මගේ , මම ඔයාගේ .. මේ හීනේ කවදාවත් මාව තනිකරලා යන්න එපා මගේ අයියේ ..'' '' නැ කවදාවත්ම නෑ මගේ රත්තරන් ...'' සත්තයි '' තත්සර අයියා දිවුරමින් පොරොන්දු වුයේ කවදාවත්ම මේ හීනය බොද වෙන්නට නොදෙන බවය . '' මම ඔයාව විස්වාස කරන්නම් මගේ අයියේ '' '' අපි දැන් නිදා ගමු මගේ මැණික '' බුදු සරණයි . ගූඩ් නයිට් ..පරිස්සමින් ඉන්න මගේ මැණික '' ''ගූඩ් නයිට් .. බුදු සරණයි මගේ අයියටත් '' මම දුරකථනය විසන්දි කළද බොහෝ වෙලාවක් යනතුරු මගේ නෙතට නිදි නොපැමිණියේය .. නින්දත් නොනින්දත් අතර පසු වූ මා තත්සර අයියා ගැනම සිතන්නට වුණෙමි ... - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 05 Feb 2016 10:32 PM හරිම ලස්සනයි පොඩ්ඩි කථාව මෙහෙම ගොතන ඔයාට අපේ නාටකේ කජ්ජක්ද indika76Most Senior MemberPosts:10449 03 Feb 2016 04:47 AM පොඩ්ඩි තව කොටසක් දාලා.. මම දැක්කෙත් නෑ.. ස්තූතියි පොඩිඩි... ඊළග කොටසස් ඉක්මනින් බලාපොරොත්තුවෙනවා.. RosiSuper Senior MemberPosts:5335 02 Feb 2016 07:05 PM Posted By maduranga001 on 02 Feb 2016 05:13 PM Posted By Rosi on 02 Feb 2016 02:08 PM කොටස් දෙකම කියෙවුවා නගෝ..ගොඩක් ස්තුති ඔයාට ලස්සන කතාවක් ගෙනාවට .... මන් ආසම වචන පේලියක් තිබ්බා එක කොටසක '' මගේ සුදු මැණික .. ගොඩක් ගොඩක්ම ආදරෙයි ඔයාට මම ''. ඒව රෝසිගේ හබිස් ගෙත් වචන වෙන්ටෝනෑ.. හ්ම්ම්ම්ම්ම් Ind007kaMost Senior MemberPosts:12931 02 Feb 2016 05:15 PM අනිවා.... අනිවා.. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... maduranga001Most Senior MemberPosts:14118 02 Feb 2016 05:13 PM Posted By Rosi on 02 Feb 2016 02:08 PM කොටස් දෙකම කියෙවුවා නගෝ..ගොඩක් ස්තුති ඔයාට ලස්සන කතාවක් ගෙනාවට .... මන් ආසම වචන පේලියක් තිබ්බා එක කොටසක '' මගේ සුදු මැණික .. ගොඩක් ගොඩක්ම ආදරෙයි ඔයාට මම ''. ඒව රෝසිගේ හබිස් ගෙත් වචන වෙන්ටෝනෑ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ RosiSuper Senior MemberPosts:5335 02 Feb 2016 02:08 PM කොටස් දෙකම කියෙවුවා නගෝ..ගොඩක් ස්තුති ඔයාට ලස්සන කතාවක් ගෙනාවට .... මන් ආසම වචන පේලියක් තිබ්බා එක කොටසක '' මගේ සුදු මැණික .. ගොඩක් ගොඩක්ම ආදරෙයි ඔයාට මම ''. maduranga001Most Senior MemberPosts:14118 02 Feb 2016 10:28 AM බොහොම ස්තූතියි තවත් කොටසකින් ත්‍රෙඩ් එක රස ගැන්වුවාට නංගි. ඉඩ ලැබුනහම ඊලග කොටසකුත් ලියන්නකෝ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ PoddiVeteran MemberPosts:2100 02 Feb 2016 04:04 AM .............තත්සර ප්‍රේමය ..................... 5 කොටස. ප්‍රදර්ශනයේ වැඩ කටයුතු නිම වීමෙන් අනතුරුව මම ගෙදර ගොස් නොයිසිලිමත්ව මා ඇත වූ පාර්සලය දිග හැර බැලුවේ තත්සර අයියා විසින් මට තෑගී කළේ කුමක්දැයි යන්න දන ගැනීමටයි. ලස්සනම ලස්සන රෝස මල් වලින් පිරුණු විදුරු මල් වාස් එකක් .ඒ අතරේ පොඩි කොළයක් විණි . මම එය දිග හැර බැලුවෙමි . '' මගේ සුදු මැණික .. ගොඩක් ගොඩක්ම ආදරෙයි ඔයාට මම ''. මට මහත් වු සතුටක් දැනුණි. තත්සර අයියා මිට පෙර එකම එකදු දවසකවත් ඔහු මට ආදරය කරන බවක් නිකමටවත් පවසා නොමැත. එත් ඇත්තටම තත්සර අයියගේ හිත මේ මට ගොඩක් ආදරේද ? මගේ දුරකථනය නාද විය .. දුරකථන ඇමතුම තත්සර අයියගෙනි. '' මැට්ටි මම දැන් ගෙදර ආවේ . ඔයා කෑම කැවද ?..'' '' නෑ අයියේ මමත් මේ දැන් ටිකකට කලින් අවේ. අද ඉතින් වැඩ ගොඩයිනි . එතන වැඩ ටික ඉවර වෙන්න ටිකක් පරක්කු වුණා .'' '' හරි තරු ,එහෙනම් මම පස්සේ කෝල් එකක් ගන්නම්, මට හෙට ක්ලාස් එකේ වැඩ වගයකුත් තියෙනවා .'' ''හා අයියේ . බුදු සරණයි ..!! '' බුදු සරණයි '' මැට්ටිටත් '' කියමින් තත්සර අයියා විසින්ම දුරකථන ඇමතුම විසන්ධි කෙරිණි. මම මොහොතක් ඇදේ හාන්සි වීගෙන කල්පනා කළේ තත්සර අයියා ගැනය .. '' දෝණි මොකද ? අද මහන්සිද ගොඩක් ... තව රෑ වෙන්න කලින් නාගෙන එන්න ගිහින් '' ඒ අම්මාගේ හඩය .. '' හා අම්මේ '' මම පිළිතුරු දුනිමි ... - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 30 Jan 2016 10:42 AM තවත් කොටසක් නේද..? රස වින්දා කොටසත්. බොහොම ස්තුතියි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ isurusamSuper Senior MemberPosts:7342 30 Jan 2016 10:09 AM සුන්දරව ගලාගෙන යනවා කථාව පොඩ්ඩි. .... indika76Most Senior MemberPosts:10449 30 Jan 2016 04:08 AM එන්න එන්නම කතාව සුන්දට වෙනවා ... ස්තූතියි මැට්ටි සොරි සොරි පොඩ්ඩි.. PoddiVeteran MemberPosts:2100 30 Jan 2016 02:57 AM 4 කොටස කාලය මෙලෙස ගෙවී ගියේ ය . තත්සර අයියා ඕනෑවටත් වඩා මම ගැන සිතන බවක් මට හැගුණි . දිනපතාම ඔහුගෙන් කෝල් එකක් අනිවාර්යයෙන්ම මට ලැබුණි . මා හට වෙනදා තිබුණි පාළු තනිකම් නොදැනුණේ තත්සර අයියා නිසාවෙනි . මම වැඩට ගියාද ? කෑම කෑවාද ? මොකද කරන්නේ මේ හැමදේම නිරතුරුවම ඔහු විසින් සොයා බලන්නට විය. අපේ කම්පැනි එකෙන් සංවිධානය කරනු ලබන අත්කම් හා චිත්‍ර ප්‍රදර්ශනය ලබන මාසේ පැවැත්විමට යොදාගෙන තිබුණි. තත්සර අයියටත් මම ඒ ගැන පවසා තිබුණි. ''මැට්ටි මම ලබන මාසේ නුවර එනවා පොඩි වැඩ වගයකට .ඒ ගමන්ම මම එන්නම්කෝ ප්‍රදර්ශනයත් බලලා මැට්ටිවත් බලලම යන්න .'' හා නේද ? හා අයියේ එන්නකෝ .. කොච්චර හොදද?... ................................................... මම ඇගිලි ගනිමින් සිටි දින උදා විණි.තත්සර අයියා උදෑසනම මට sms පණිවිඩයක් එවා තිබුණි . ''මැට්ටි මම දැන් දඹුල්ල ටවුන් එකේ ඉන්නේ. මම නුවරට ඇවිත් කෝල් එකක් දෙන්නම්කෝ ...'' ''හා අයියේ පරිස්සමින් එන්න ...'' නැවතත් ඔහුගෙන් sms එකකි . ''ඔයාගේ අතින් උයාගෙන කෑම එකක් ගෙන්න මටත් එක්ක මගේ මැට්ටියේ ..'' මම හා නැන්දා (අම්මා) ඒ වන විටත් කෑම පිලියල කර අවසන් වී තිබුණි. මම උදේට නොකා කෑම පාර්සල් 2 ක් ද පිළියෙළ කරගෙන වෙනදාටත් වඩා වේලාසනින් පිටත් වුයේ ප්‍රදර්ශනයේ වැඩ කටයුතු අධික වූ නිසාවෙන් එදින කාර්යබහුල දිනයක් වූ නිසාවෙනි . 10 ට පමණ තත්සර අයියගෙන් දුරකථන පණිවිඩයක් ලැබුණි . මැට්ටි මම දැන් නුවර ටවුන් එකේ ඉන්නේ.. ,, කොතනද කියන්නකෝ කම්පැනි එක තියෙන්නේ . කොයි බස් එකේද මන් එන්න ඕනි. මම ඔහුට එන්න ඕනි විදිහ පවසා දුරකථනය විසන්දී කළේ තරමක් ගැහෙන හදින් යුතුවමය. ටික වෙලාවකින් පසුව ඔහු පැමිණ ඔහුගේ විමසිලිමත් දෙනෙත් මාව හොයන සැටි දැක මම ඔහු වෙත ගියෙමි. ඔහු මාව කිසිදිනක ඡයාරුපයකින්වත් නොදැක තිබු අතර මට ඔහුව දුටු විගසම හදුනාගන්නට හැකිවිණි . '' එන්න තත්සර අයියේ ...'' '' තරු " ''අර කටකාර කෙල්ල තරුෂි විහංගනා ඔයාද ?'' කියමින් ඔහු මාගේ දෑස් ළග මොහොතක් නතර විණි. මම ලැජ්ජාවෙන් අහක බලා ගත් හින්දමද මන්දා ... ''ආඩම්බර කෙල්ල '' කියමින් ඔහු මුමුණන්ට විය .. ''මැට්ටි මේ මම පොඩි තෑග්ගක් ගෙනාවා මාව හැමදාටම මතක් වෙන්න .. '' කියමින් ඔහු අත වු පාර්සලයක් මා වෙත පෑවේය .. මම ඔහුට ස්තුතිය පල කරමින් එය අතට ගනිමින්ම .. ''යමු තත්සර අයියේ එන්නකෝ . ඔයා කාලා අවේ නැනි ගිහින් කෑම කාලම එමු.. .'' ''හා යමු මැට්ටි '' මගේ මිතුරියක වු දිනුකිට ද තත්සර අයියාව හදුන්වා දෙමින් තිදෙනාම එක්ව කෑම සදහා ගියෙමු. '' මැට්ටිට රසට උයන්න පුළුවන් නේද ? '' මම මොකුත් නොකියාම ඔහුට සිනහවකින් පිළිතුරු දුන්නෙමි .. තත්සර අයියා මන් හිතුවටත් වඩා ගොඩක් හොද නිහතමානී කෙනෙක් බව ඔහුගේ දෑස් දුටු විටම මට හැගුණි .. '' මේ අහිංසක නිහතමානී ඇස් මගේම කර ගන්නට ඇත්නම් ...'' මගේ සිතුවිලි අතර මම මොහොතක් අතරමං වුණෙමි ... '' තරු ඔයා කාලා ඉවරද ?'' දිනුකි විමසන්නට වුයෙන් .. '' ඔව්'' කියමින් පිළිතුරු දෙමින් නැගිට්ටේ අත සෝදා ගැනීමට යාමටයි .. එත් සමගම මගේ සාරිය පුටුවක් සමග පැටලවි වැටෙන්නට ගොස් තත්සර අයියා මා අල්ලා ගත්තේය. '' මේ කෙල්ලට කෑම කෑවම තියෙන ශක්තිය නහි වෙනවද මන්ද '' කියමින් ඔහු සිනාසුණි .. දිනුකිද ඔහු හා සමගින් සිනාසෙන්නට විය . '' කෙනෙක්ට කරදරයක් වුණාම ඉතින් යාළුවෝ හිනා වෙනවද ඔහොමත් '' කියමින් අත සෝදාගෙන ආවේ ප්‍රදර්ශනය නැරඹීමට තත්සර අයියාත් සමග යාමට ය. යමු තත්සර අයියේ එන්න .. දිනුකි අපි යමු එන්නකෝ .. '' හරි බන් යමු. මේකිට තියෙන හදිස්සියක් '' ඇය නොරිස්සුම් සහගතව පැවසුවාය . කාලය ඉතාමත් ඉක්මනින් ගෙවී ගොසිනි . සිත්තම් කර තිබු සිතුවම් නරඹමින් යන අතරමග දිනුකි මා විසින් සිත්තම් කර තිබු සිතුවම් කිහිපයක් ළග නතර වෙමින් .. '' මේක තරු ඇදපු ඒවා අයියේ ..'' තත්සර අයියාට පැවසිය ... ''ෂා නියමයිනේ මැට්ටි ..'' ''කවිකාරිට ලස්සනට චිත්‍රත් අදින්න පුලුවන්නි. ඇත්තටම ගොඩක් ලස්සනයි.'' ' ස්තුති අයියේ '' මම ඔහුට නිහතමානිව ස්තුතිය පුද කර සිටියෙමි . ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව ටික වේලාවක් අප සමග රැදී සිටි තත්සර අයියා වෙන්නව යන්නට සැරසුණේ ඒ වන විටත් හැන්දෑව උදා වෙමින් පැවතුණු නිසාවෙනි. ඔහුට සමු දෙන්නට මත්තෙන් මා විසින් සිත්තම් කර තිබු සිත්තමක් තත්සර අයියගේ දෑත් මත තැබුවෙමි.... '' ගොඩක් ස්තුති මැට්ටි '' ''ඔයාව මතක් වෙන්න මම මේක මගේ කාමරේන්ම එල්ල ගන්නම්කො .'' ''දිනුකි නගෝ මම යනවා '' ''එහෙනම් මම යනවා මැට්ටියේ '' හා පරිස්සමින් යන්න තත්සර අයියේ . ''බුදු සරණයි '' '' බුදු සරණයි තරු .. මම ගිහින් කෝල් එකක් දෙන්නම් මැට්ටිට '' පරිස්සමින් ගෙදර යන්න රැ වෙනකන්ම ඉන්න එපා මගේ මැට්ටිත් '' කියමින් ඔහු අපට සමු දෙන්නට විය . ඔහු බොහෝ දුරක් යනතුරු මම බලා සිටියෙමි .... - මතු සම්බන්ධයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 29 Jan 2016 02:49 AM හැදුන පිස්සුව තව ටිකක් මෝරන්නත් එක්ක තව හිතට කථා කරන අකුරැ ටිකක් දාන්නකෝ PoddiVeteran MemberPosts:2100 27 Jan 2016 10:57 PM Posted By isurusam on 27 Jan 2016 09:02 PM නියමයි පොඩ්ඩි කථාව ............ ස්තුති අයියේ.. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 27 Jan 2016 10:54 PM Posted By kingD on 27 Jan 2016 10:15 PM කොටස් 3 නම බැලුවා ..ගොඩක් ලස්සනයි... 4 වෙනි කොටස එනකම් බලා සිටිමි ස්තුති අයියේ.. ඊලග කොටස ලගදීම . හි හි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 27 Jan 2016 10:53 PM Posted By Rosi on 27 Jan 2016 08:53 AM පොඩ්ඩි නාග මොකෝ මේ අපේ ශා මල්ලිට පිස්සු හැදුවේ ..පවුනේ කොල්ලා මේ කොටසත් කියෙවුවා ... ඊලග කොටස එනකම් ඉන්නේ නගෝ එක තමයි අක්කි .. ඔන්න ඕවට මම නම් වග කියන්නේ නෑ හැබැයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* kingDVeteran MemberPosts:3309 27 Jan 2016 10:15 PM කොටස් 3 නම බැලුවා ..ගොඩක් ලස්සනයි... 4 වෙනි කොටස එනකම් බලා සිටිමි Business, you know, may bring money, But friendship hardly ever does. PoddiVeteran MemberPosts:2100 27 Jan 2016 09:19 PM Posted By isurusam on 27 Jan 2016 09:02 PM නියමයි පොඩ්ඩි කථාව ............ ස්තුති අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 27 Jan 2016 09:15 PM Posted By sha733 on 27 Jan 2016 04:31 AM මට නිකන් පිස්සු වගේ............. ඇයි කළු අයියේ පිස්සු වගේ හි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* isurusamSuper Senior MemberPosts:7342 27 Jan 2016 09:02 PM නියමයි පොඩ්ඩි කථාව ............ RosiSuper Senior MemberPosts:5335 27 Jan 2016 08:53 AM පොඩ්ඩි නාග මොකෝ මේ අපේ ශා මල්ලිට පිස්සු හැදුවේ ..පවුනේ කොල්ලා මේ කොටසත් කියෙවුවා ... ඊලග කොටස එනකම් ඉන්නේ නගෝ sha733Super Senior MemberPosts:7332 27 Jan 2016 04:31 AM මට නිකන් පිස්සු වගේ............. PoddiVeteran MemberPosts:2100 27 Jan 2016 01:20 AM Posted By Ind007ka on 27 Jan 2016 12:12 AM "good night ... budu saranayi . Tc..!!" මෙ ටික තමයි මම නම් ආසම ටික hee e moko aiye ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 27 Jan 2016 12:27 AM Posted By Ind007ka on 27 Jan 2016 12:12 AM "good night ... budu saranayi . Tc..!!" මෙ ටික තමයි මම නම් ආසම ටික ඔය කෑල්ල විතරක් තිබුනත් ඇති වගේද ඔයා ඔහොම චැට් කළා නම්. පොඩ්ඩි නංගිගේ කතාවේ තෙවෙනි කොටසට ස්තූතියි. බලමුකෝ හතරවෙනි කොටස ආවහම. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Ind007kaMost Senior MemberPosts:12931 27 Jan 2016 12:12 AM "good night ... budu saranayi . Tc..!!" මෙ ටික තමයි මම නම් ආසම ටික First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... PoddiVeteran MemberPosts:2100 26 Jan 2016 08:41 PM තත්සර ප්‍රේමය - 3 කොටස ... බටහිර අහස තද රත් පැහැයක් ගනිමින් හැන්දෑව උදා වුණු හැටි වෙනදාටත් වඩා හරිම අපුරු යැයි මට දැනුණි .. මගේ හිතට ගොඩක් නිදහස් බවක් දැනුණි . රෑ කෑම පිසින්නට අම්මාට (නැන්දා) උදවු වී පසුව මම ආලින්දය වෙත ඇදුණේ බුදුන් වැදීමටයි. බුදුන් වැද තාත්තා (මාමා) රුපවාහිණිය නරඹමින් සිටි දිශාවට යොමු වූයේ ඒ වන විටත් රාත්‍රී පුවත් විකාශනය වෙමින් තිබු නිසාවෙනි .. ඒ අතරතුර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සදහා වූ වෙළද දැන්වීම් රාශියකි . '' දෝණි '' .... ඒ ලෙන්ගතු වු හඩ තාත්තාගේය ... මගේම මවත් පියත් අහිමි වුණු දා සිට කිසිදු අඩුවක්වත් නොකර පුරා අවුරුදු 20 ක පමණ කාලයක් මා රැක බලා ගත්තේ ඔහුය ... මගේ මවත් පියත් මා මෙලොව තනිකර දමා යනවිට මම බහ තෝරන වියේ පසු වුයෙමි . එවිට මට අවුරුදු 3ක් පමණ විය . ''ඇයි තාත්තේ ? ...'' තාත්තා කුමක් පවසන්නේ දැයි මම විමසුවෙමි .. ''අද දවල් ලොක්කෙ අයියා කථා කළා... මිනිහටත් දැන් ඒ රටේ ඉදලා එපා වෙලාද කොහෙද ? ... ලබන අවුරුද්ද දිහා ලංකාවට එන කථාවක් කීවා . '' ''ඔව් තාත්තේ මටත් ඊයේ අයියා call කළා ... එන කතාවක් නම් කිවේ නෑ .. එත් එහෙ එපා වෙලා කියල නම් කිවා '' එත් සමගම නැන්දා පැමිණියේ රාත්‍රී කෑම බෙදාගෙන මාමාට පිළිගැන්වීමටය ... '' ළගදීම එනවා නම් කොච්චර හොදද ? කොලු පැටියා ළග නැතිව කොච්චර වේදනාවෙන්ද ඉන්නේ ? ඇහැට දැක ගන්නකන් ඉස්පාසුවක් නෑ '' නැන්දා සෝ සුසුම් පෑවේ තම එකම පුතු තමාගෙන් දුරක සිටින නිසාවෙනි. ''ලංකාවට ආවහම මිනිහගේ කටයුතුත් පිළියෙලක් කරලා දාන්න ඕනි '' මාමාත් නැන්දාත් ලොක්කෙ අයියා ගැන ලොකු කථාවකය .. දෝණි කෑම කන්න යමු '' ''අම්මේ දැන්ම කන්න තරම් බඩගින්නක් නෑ .... අම්මා කන්නකෝ ...'' ''හා එහෙනම් මම කන්න යනවා .දෝණි කාලා ඉවර වෙලා ඉතුරු බත් වලට වතුර දාන්න '' නැන්දා එසේ පැවසුවේ තාත්තා ට උදේට දිය බත් සාදා දීමටය. තාත්තාට ඉද හිට gastric හැදෙන නිසාවෙනි ,, මගේ දුරකථනය නාද වූ නිසාවෙන් මම කාමරය වෙත ගියෙමි .. 1 missed call ... ඒ තත්සර අයියාගෙනි ... මම ඇදේ හාන්සිවීගෙනම fb log වුණෙමි . මැට්ටි හොරෙන්ම fb ඇවිත් නේද? මට msg එකක්වත් එවුවේ නෑ ගෙදර ගියා කියලවත් .. තත්සර අයියා chat කරන්නට පටන් ගත්තේය . අයියෝ අම්මා කෑම කන්න කථා කරනවා නගෝ මට ... මම - monawada kanna thiyenne ඔහු - bath ekka monavada danne na.oyatath kavannada මම - ha . badagini .he ඔහු - ehemada.ehenam bath ekak evannada? මම - haaaaaaaaaa ඔහු - ennako ape gedara avoth kavannam මම - aiyo ඔහු - ehenam adress eka denna post karanna මම - heee ඔහු - ela ela.mama kala ennam nangi. මම - හා .බුදු සරණයි අයියේ ඔහු - බුදු සරණයි නංගි . මන් කාලා ඇවිත් phone ekata msg එකක් දාන්නම්කො . මම - ok අයියා . මමත් කෑම කාලා එන්නම්කෝ . ටික වෙලාවකට පසුව ඔහුගෙන් msg එකක් ලැබුණි .. ''මම කෑවා ..මැට්ටි කෑවද ?'' ''හ්ම්ම් ..මම කෑවා .. අයියා මොනවද කෑවේ ?'' ''හැමදාම කන පරිප්පු තමයි . heee '' දිගින් දිගටම ඔහු msg එවන්නට විය . ඔහු ගැන සියලු විස්තර මා සමග පැවසීය . ඔහු බාහිර උපාධි කරන්නට ගොස් ඇති අතර ඒ exam එක කාලයේදීම ඔහුගේ පියා ඔහුව තනිකොට දමා යන්නට ගිය නිසාවෙන් ඔහුට exam එක හරි හැටි කර ගන්න නොහැකිව තිබුණි. ඔහුගේ පියා රණවිරුවෙකි... පවුලේ බර ඔහු ට තනිව දරන්නට සිදුව ඇත .. මම මගේ විස්තරත් ඔහු සමග කීවෙමි .. ඔහු - fb eken godak yaluvo set venava.samahara aya harima hoda aya neda nangi .. hariyata oyayi maayi wage .. මම -Ow Aiye.eke Anith Peththa Wedi Hebei.hoda Aya Ekai.naraka Aya 1000k. ඔහු -ekanam aththa.mama 1000n ekkenekda මම - Eka Nam Dan Ne Aiya ඔහු -ai hitha ganna barida.he heee tika dawasak asuru karala kiyanna Amarui.hee ඔහු -aniva.minissu jeevitha kalema laga hitiyath samahara velavata therum ganna ba neda? මම - Ow Aiye.sinahawen Ho Kathawen Be.godakma Wala Kapanne Lagin Inna Ayamai. ඔහු - eka aththa. mama photo ekak damma fb ekata heta balanna මම - Ha Aiye Heta Blnnamko ඔහු - මැට්ටි මටත් photo එකක් එවනවා නේද ? මම - හී ,, නෑ . ජිවිතේ ගැන ගොඩාරියක් දේවල් ගැන msg පාන්දර 1, 2 වෙනකන්ම ... අයියේ මට නම් දැන් දොයිමතයි .. හලි හලි දොයියමු මැට්ටි ... good night ... budu saranayi ....!!!! ok aiyaaa good night ... budu saranayi . tc..!! - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 26 Jan 2016 03:50 AM කතා එකින් එක දාන එක තමයි හොඳ. නැත්නම් සුරුස් ගාල ත්‍රෙඩ් එක එහෙ මෙහෙ වේවි. කියව ගන්නත් වෙලාව මදි වෙනවනේ. අදයි දෙවෙනි කොටස කියවන්න වෙලාව ලැබුනේ. අපූරු කතාව. තුන් වෙනි කොටසත් එක්ක ඉක්මනින්ම එන්නකෝ එහෙනම්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Ind007kaMost Senior MemberPosts:12931 25 Jan 2016 05:15 PM Posted By Poddi on 25 Jan 2016 02:23 AM Posted By isurusam on 25 Jan 2016 02:16 AM පොඩ්ඩි කථා ටික ඔක්කොම දාමු කට්ටියට බලන්නත් එක්ක ....... adata me tika athi aiyeee ඔව් ඔව් නගො හෙමිහිට කල් අරන් දාන්න ..කස්ටියට කියවලා රස විදින්නත් කාලයක් දෙන්න First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 25 Jan 2016 07:34 AM Onna sudu aiyyagei tharu nangi ge me kotasath kiyeuwa.... niyamai poddi naga ge weda nam . PoddiVeteran MemberPosts:2100 25 Jan 2016 02:23 AM Posted By isurusam on 25 Jan 2016 02:16 AM පොඩ්ඩි කථා ටික ඔක්කොම දාමු කට්ටියට බලන්නත් එක්ක ....... adata me tika athi aiyeee ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* isurusamSuper Senior MemberPosts:7342 25 Jan 2016 02:16 AM පොඩ්ඩි කථා ටික ඔක්කොම දාමු කට්ටියට බලන්නත් එක්ක ....... PoddiVeteran MemberPosts:2100 25 Jan 2016 02:04 AM තත්සර ප්‍රේමය - 2 කොටස මම රැකියාව කළේ පෞද්ගලික ආයතනයක වන අතර මගේ මවත් පියාත් දෙදෙනාම මා මෙලොව තනිකර දමා ගොස් ඇත්තේ මම පුංචි කාලයේදීමය. මම හැදුනේ වැඩුණේ මගේ පියාගේ නැගණිය වන චුටි නැන්දා ළගය . කුඩා කල පටන් මගේ අම්මා ඇය වූ නිසාවෙන් ඇයට මා අමතන්නේ නැන්දා ලෙස නොව අම්මා කියාමය. ඇය වචනයකින්වත් මට කිසිදු අඩු පාඩුවක් නොකළාය . බෙහෙවින් කරුණාවන්ත විය .. ඇයට සිටියේ එකම පුතෙකු වන අතර ඔහු මේ වන විට පිටරට රැකියාවකට ගොස් අවුරුදු 2 කටත් ආසන්න කාලයක් වන්නේ ය .. දවස් ගණනින් කාලය ගෙවිණි ... ඔහු තත්සර අයියා තාමත් මගේ මිතුරෙකි ... මගේ සිතේ ඔහු ගැන කිසිම වැරදි වැටහීමක් ඇති නොවිණි .. ඔහු දිගින් දිගටම මගෙන් photo එකක් ඉල්ලු නමුත්, මම photo එකක් යැවීමට අකමැති වීමි . ඔහු - ඇත්තටම ඔයා මොන වගේද කියන්නකෝ මම - මම වසයි . හී හරිම නපුරුයි . ඔහු - එහෙනම් මම වගේම තමයි .. photo එකක් එවන්නකෝ අගේ කරන නැතිව . මම - අනේ ..ම්ම්ම් .. හරි මම කෙල්ලෙක් නෙවේ කියලා හිතෙනවා නම් call එකක් ගන්නකෝ . ඔහු - දැන් call කලාට කමක් නැතිද ? මම - හ්ම්ම් ඔහු - ඇත්තට ඔයාගේ නම මොකක්ද ? ඔහු මගෙන් ඇත්තම නම ඇහුවේ මගේ fb එකේ තිබුණේ '' තරු විහගී '' ලෙස තිබු නිසා වෙන්නට ඇති ... මම - මගේ නම call ගත්තම කියන්නම්කෝ ... මගේ දුරකථනය නාද විය .. ඔහු - hello තරු .. මම - hello sir හි හි ඔහු - කෝ ඉතින් නම කියන්නකෝ මම - තරුෂි විහංගනා . ඔහු - හරි ඔයා ගැණු ළමයෙක් තමයි හිහී , නම වගේම ඔයාගේ කට හඩත් හරිම ලස්සනයි නංගෝ ... මම - හිහි .. එකනේ. සින්දු කියන්න උගන්නන්නකෝ අයියේ . එක නෙවේ අයියේ මට උදවුවක් කරන්න පුලුවන්ද ? ඔහු - මොකක්ද නගෝ මම - මම හදපු song එකක් තියෙනවා .. ඉන්නකෝ මන් ඔයාට fb එකෙන් එක මම එවන්නම් .. ඔහු - හා නංගි .. මගේ phone එකේ සල්ලි ඉවර වෙන්නත් ලගයි .. මම හවසට call එකක් දෙන්නම්කෝ . ඔයා කීයටද වැඩ ඉවර වෙන්නේ නංගි ? මම - 4.30 ට විතර මං off අයියේ .. ඔහු - හරි නංගි බුදු සරණයි ඔයාට ... bye . මම - බුදු සරණයි අයියේ ඔයාටත් ... මම දුරකථනය computer table එක මත තබා මොහොතක් තත්සර අයියා ගැන සිතන්නට වීමි . කට හඩින් නම් ඔහු ඉතා කරුණාවන්ත පුද්ගලයෙකු යැයි මට හැගුණි. නැවත්තත් මම දුරකථනය අතට ගත්තේ ෆ්බ් msg එකක් ආ නිසාවෙනි .එය තත්සර අයියාගෙනි. ඔහු - කෝ මැට්ටි song එක . මම - ඉන්න මන් එවන්නම් ''සුළගේ පාවෙන අදුරු වළා කැටි අතරින් ලොවට පහළ වී උතුම් සුපුන් සදක් විලසින් කියාදුනි මැරෙන ඉපදෙනා ජීවිතයේ අනියත බුදු පියාණනි තුන් ලොවක් එකලු කර සතොසින් ... බියගුළු වූ මේ සසරේ - තණ්හා ආශා හැර දමලා මෙත් කරුණා මුදිතා ගුණ - සැමටම පතුරාලා සිටියෝතින්යහපත් වූ ගුණදම් නීති පුරලා භවකතරින් මිදෙනා මග වැඩි ඈතක නොවෙනා ... මෙත් බුදු හිමියනි පා මුල වැතිරී පිච්ච මලින් පුදලා රාග ද්වේශ මෝහ අන්ධකාරයෙන් මිදිලා පව් අරවා මතු මත්තේ නිවනේ සැනසෙන්නට පැතුමන් පුරනෙමි මේ භවයේ දුක් කෙලවර කරලා ...'' ඔහු - හරිම ලස්සනයි මැට්ටි .. කවිකාරියක් නේද ? අපි මේ song එක කරමු . ඔයාද sing කරන්නේ ? මම - ඔයා sing කරන්න . නැතිනම් යාලුවෙක්ට හරි දෙන්න . මම sing කරන්න දැන් නෑ අයියේ . ඔහු - ඉගෙන ගමු sing කරන්න . අනිවාර්යයෙන් අපි මේක කරමු . මම - හා . ස්තුතියි අයියේ .. ඔහු - හ්ම්ම් පස්සේ ඔයාගේ photo එකක් දාන්න .කටහඩ වගේම ඔයත් ගොඩක් ලස්සනයි නේද ? එකනේ photo එකක් දන්නේ නැත්තේ . මම - අපොයි . ඔහු - කොහොම වුනත් කමක් නෑ . මට photo එකක් එවන්න . බලන්න ආසයි ඔයාව . මම - අනේ ඔහු - අනේ .. please .. plz plzzz . ඔන්න මම තරහා වෙනවා. මම - තරහා වුණාට කමක් නෑ මම නම් එවන්නේ නෑ ෆොටෝ එකක් .. ඔහු - ok ok.sorry nangi.oya mava hariyata danneth nane.eka hoda tiranayak.mama oyata call karata kamak na neda? මම - oya kiwe fb eke boruwata aya innawa kiyala man kellek kiyala oppu karanna no eka dunne cl 1k ganna. ඔහු - ela ela.havasa oya free velavaka msg ekak danna mage no ekata.mama call ekak gannam. මම - හ්ම්ම් අයියලාගේ ගෙදර කවුද ඉන්නේ ? ඔහු - මමයි අම්මයි විතරයි .. මම - සහෝදර සහෝදරියොත් නැතිද ? marry කරලත් නැතිද ? ඔහු - kauruth na.thama kellekuth na.kohomath mata kauruth adare karanneth na. මම - ඒ ඇයි ?? ඔහු - ane danne na.mama katha nisa venna athi. මම - ඇයි එහෙම කියන්නේ . අයියේ ඔයා කැත නෑනේ . ඔහු - e unata adarayak labanna wasanavath onane.mata e wasanava na.oyatanam dan marry karanna kenek ehema athi neda? මම - අපොයි අපි තාම පොඩි ළමයි .. අයියට නම් දැන් වයස හරි නේද ? ඔහු - he heee.danma hoyagena thiya ganna.naththan apita vage vayasata giyama kauruth kamathi venne na. මම - අයියෝ ඔහු - ai aiyoo kiyanne මම -hmmm ,, nikan . hambeyida dan ne mata kollek ඔහු - හ්ම්ම් කියන්නේ බස්සියෝ නේද ? හිහි මම - hee ඔහු - ada mama hariyata kiuva neda sathage nama? මම - hmm ane yanna ,modaya , bassi thama ithin mama . ඔහු - he heeee.oyanam bassi newei hansi vage athi. මම - හිහි , හ්ම්හ්ම් ඔහු - kellage adambare. මම - එහෙම නෑ frown emoticon ඔහු - vihiluvak kare.tharahada ?? oyalage gedara kauda inne.sahodarayo akkala nangila innavada? මම - අයියෙක් ඉන්නවා , එයා රට .. ඔයා එනවද අපේ ගෙදර . ඔහු - matath nangila nane.oya enna mehe.ape gedara මම - අම්මෝ බෑ , ඔයා එන්න මෙහේ . ඔහු - kohomath oya balanna enna ona.habai oyage boy mata gahaida danne na.oyalage gedarinuth guti kanna thama venne. මම - boy කෙනෙක් නෑ මට අයියෝ . husband කෙනෙක් ඉන්නේ , හිහි . ඔහු - ammoooo ehenam hodatama kanna venne. මම - එහෙම නෑ එයා හරි හොදයි ... ඔහු - ehemada ehenam aulak na.podi aya innavada? මම - neee . oya awama daru kamata hada gannawa hee ,.moda aiyaa ඔහු -හා . හිහි .... ehemada.matanam dan hodatama badagini nanga.oya kavada? මම - එහෙනම් කෑම කන්න අයියේ .. මාත් දැන් ගෙදර යන්න ඕනි .. ඔහු - hodai madam.oya gedara gihin msg ekak danna mage phone ekata harida. මම - බලමු අයියේ පුළුවන් උනොත් දාන්නම්කෝ msg එකක් . ඔහු - ela ela.msg ekak dannawath salli viyadam karanna kamathi na neda.apooo hari lobai neda? මම - හී ඔහු - he heee.nangi mama kala ennam.paressamin gedara yanna. මම - ok . bs . tc ayiye . - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* Ind007kaMost Senior MemberPosts:12931 24 Jan 2016 07:39 PM ඔහ්හ් ඔන්න පොඩ්ඩිගෙන් අලුත් වැඩක් ...එල එල..ඔයාට තමයි පුලුවන් මෙවා ලස්සනට ලියන්න First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... PoddiVeteran MemberPosts:2100 24 Jan 2016 07:26 PM Posted By Rosi on 24 Jan 2016 10:57 AM ම්ම්ම්ම්ම්ම් අපේ ශා මල්ලිව ත් ද මේ .. ලස්සනයි නගෝ ...ආසාවෙන් ඉන්නේ ඉතුරු ටික බලන්න ශා අහියා කලුයිනි. මේ සුදු අයියෙක් ගැන. හි හි,,, ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* RosiSuper Senior MemberPosts:5335 24 Jan 2016 10:57 AM ම්ම්ම්ම්ම්ම් අපේ ශා මල්ලිව ත් ද මේ .. ලස්සනයි නගෝ ...ආසාවෙන් ඉන්නේ ඉතුරු ටික බලන්න samanthaMost Senior MemberPosts:13190 24 Jan 2016 07:08 AM මේ ෂා මලයා ගැනවත්ද? හිකිස්.. හොඳ කථාවක් වගේ.. දිගටම ලියන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 24 Jan 2016 06:06 AM දඹුල්ලේ කොල්ලෙක් නම් මේ අපේ සයිට් එකෙත් ඉන්නෙ.. එල.. එල නංගි.. යොවුන් ආදර නව කතාවක් වගේ. බොහොම ස්තුතියි. කියන්නකො එහෙනම් මේ කතාවේ ඉස්සරහට මොකද වෙන්නෙ කියල ඊලග කොටසින්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ PoddiVeteran MemberPosts:2100 24 Jan 2016 03:34 AM Posted By sha733 on 24 Jan 2016 03:20 AM හැබැවටම මාතෘකාව ගැලපෙනවා මේ දාන නිර්මාණ වලට hariyatama oyage nama wagema ,,hihi neda aiyee kalu... ..sthuthi aiye oyata godak. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 24 Jan 2016 03:31 AM <3 තත්සර ප්‍රේමය <3 - 1 කොටස මේ කතාව කොතනින් කොහොම පටන් ගන්නද , එයාගේ නම සිතුම් තත්සර ... ම්ම් ඉස්සර වෙලාම මම කියන්නම්කො එයාව මට හම්බුණු පළවෙනිම දවස .. පුළුවන් හැම දවසකම වගේ මම මුහුණු පොතට මොහොතක් හරි ගොඩ වෙලා මගේ පාළු මකා ගන්නවා .. එදත් ඒ වගේ දවසක් ... මට msg 1ක් ආවා ...'' hi ''කියලා ... මාත් පිළිතුරු යැවුවා ...'' hi '' ඔහු - kohomada ? මම - hodin .. oyaata ?... nama ,gama ,wayasa ,kiyannakoo මම ඔහු ඇසු එක පැනයකට පිළිතුරු දෙමින් ඔහුගෙන් එකවර ප්‍රsශ්න ගොඩක් ඇහුවේ මේ කවුද කියලා දැන ගැනීමේ කෘතුහලයෙනි . ඔහු සිනහවක්ද සමගින් මට පිළිතුරු දුන්නේය . '' mama naki manussayek , he he , gama Dambulla ....'' නැවතත් මට ඔහුගේ වයස දන ගැනීමට අවශ්‍යa වූ නිසාවෙන් ""kiyannako wayasa maamiyo "" ඔහු - "halo mokada wayasaka ayath ekka chat karanne nathida ???" ඔහු ටිකක් සැර වුණාද මන්දා .... මම -'' ehema na ane '' ඔහු -'' ela ela oyage gama koheda ? job ekak karanawada ?'' ම්ම්ම මම ගොඩාරියක්ම එයා ගැන නොදන්නා නිසා පිළීතුරු නොදීම නැවතුණා . පස්සේ බලනකොට එයා online හිටියෙත් නෑ .. මම එයාගේ fb profile එකට ගිහින් එයාගේ wall eke හැම photo එකක්ම බැලුවා. profile picture එකට දාලා තිබුණේ guitar එකක් play කරමින් ඉන්න ලස්සන photo එකක් . cover page එකට දාලා තිබුණේ එයාගේ යාළුවොත් එක්ක ගත්ත group photo එකක් . ම්ම්ම් මෙයා music band ekaka guitar play කරන කෙනෙක් ... නාකි මනුස්සයෙක් කියලා කීවට නම් එයා නාකි කෙනෙක් නෙවෙයි හොදද ?? ටික දවසක් එයා fb ආවේ නෑ එදායින් පස්සේ . ඔන්න ආයෙත් දවසක් එයා online ආවා . මට ලස්සන image එකක් එවලා ,, මල් පොකුරක් අතින් ගත්තු එකක් .. .ඔහු - කොහොමද ? මම - good and you ? ඔහු - හොදයි , මොකෝ කරන්නේ අද වැඩද ? මම - hmm ඔහු - කොහෙද ඔයා වැඩ කරන්නේ . මම -nuwara . ඔයා ගෙවල් කොහෙද අයියේ .. දඹුල්ලේමද ඔහු - නෑ ටවුන් එකේම නෙවේ .. සිගිරි පාරේ . මම - school giye koheda ? ඔහු - දඹුල්ල central එකට ... ඉතිං ඔයාගේ විස්තර මොනවද ? මම ගැන වැඩි විස්තර නොකියන්න අකමැති නිසාවෙන් මම ඔහුට picture msg යවන්න පටන් ගත්තෙමි. මම එක දිගටම picture msg යවපු නිසාදෝ ඔහුට එපා වෙන්නට ඇත ... මම - smile emoticon frown emoticon smile emoticon ඔහු - චැට් කරන්න එපා කියලද කියන්නේ ?? මම - hehe nikan ane ඔහු - මේ මගේ නම්බර් එක msg එකක්වත් දාන්න . මම - hehe මට බැලියෝ ... ඔහු - හි හි ok ok මම - අයියා මොකද කරන්නේ ? ඔහු - මම කලින් studio එකක වැඩ කළේ . දැන් music class කරනවා . මම - shooi මටත් කියලා දෙන්නකෝ music ඔහු - හා අනිවා කියලා දෙන්නම් . මම - හා , let's start ,, A - Z ඔහු - හැබැයි මෙහෙම බෑ , class ekata enna වෙනවා . මම - අනේ , කීයද ගාණ ... frown emoticon ඔහු - මාසෙට 2000 ක් .. එනවද ? මම - ගෙදර ඇවිත් කියලා දෙන්නකෝ ඔහු - ok මම එන්නම් , හැබැයි ගාණ වැඩියෙන් ගන්න වෙනවා . නුවරට මම එන්නත් ඕනනේ . මම - අනේ අඩු කරන්නකෝ ඔහු - හි හි ok මම - ගාණ කියද ? ඔහු එයට පිළිතුරක් නොදීම මගේ profile එකේ photos බලන්නට විය . notifications ගොඩයි .. ඔහු - ඔයාගේ ෆොටෝ නැණි .. ඇයි කට්ටියගේ ඇස් වහ වදියි කියලද ??? මම - හි ඔහු -හි කියන්නේ photo එකක් දාන්න අපිටත් බලන්න ඔයාගේ ලස්සන . මම - tongue emoticon ඔහු - මේ මොකක්ද මගේ phone එකෙන් පෙන්නේ නෑ මම - හ්ම් ඔහු - hmm කියන්නේ බකමුණෝ මම - හි නෑ .. බස්සියෝ .. ඔහු - අනිවා බස්සියෝ තමයි . මම - hmmm ඔහු - ඉතින් ඉතින් කියන්නකෝ මොනවා හරි .. මේ විදිහට ටික වෙලාවක් අපි chat කළෙමු. ඔහු නොකියාම offline ගියේ මමත් මොකුත් නොකු නිසාම විය හැකිය . ආයෙත් දවසක් ... ඔහු - hi මම - hi ඔහු - අද නිවාඩු ද ? මම - නැහැ වැඩ මම අද . ඔහු - එහෙමද ? මම නම් නිවාඩුවක් දාලා ගෙදර ආවා . මට සනීප නෑ . මම - ඒ ඇයි ?? බේත් ගත්තද ? ඔහු - නැ පොඩ්ඩක් සෙම වැඩි වෙලා. ටිකක් rest කළාම අඩු වෙයි . මම - අයියෝ බෙහෙත් ටිකක් ගන්න . ඔහු - අයියෝ බෙහෙත් බොන්න එපා වෙනවනේ . මම - අනේ එහෙනම් දෙහි, ඉගුරු ,සිනි එකට දාලා කන්න . හුමාලේ අල්ලන්න .. ඔහු - හරි හරි doctor ඔහු එහෙම කිවේ මට සරදමක් ලෙස වෙන්න ඇති,, මම - doctor නෙවෙයි මම ... උණු වතුර බොන්න ඔහු - ok මැඩම් . ඉතින් කොහොමද ඔයාට ? මොනවද විස්තර . මම - හොදින් ඔහු - ela ela .. එත් ඔයාලා යාළුවෝ වුණාට call එකක්වත් දෙන් නැනේ .. frown emoticon මම - හරි ඉතින් ඔයා මට ගන්න call .. ඔහු - number එක නැනේ . අපි නරක අය කියලා බයයිනි number එක දෙන්න . මම - tongue emoticon ඔහු - tongue emoticon .හි හි .. මම - කෑවද ? ඔහු - නෑ තාම.. ඔයා ?? මම - කෑවා .. පොලොස් තිබුණේ . ඔහු - නියමයිනේ . මම - එකනේ ඔහු - ඔයා වැඩ නම් වෙන්න බෑ . වැඩ නම් ඔහොම fb ඉන්න පුළුවන්ද ? මම - හි හි ඔහු - හරි නේද ? මම - වැඩ ඔහු - කොහෙද fb එකේද ? මම - yes boss , අනේ ගොඩක් හොදයි නේද ? ඔහු - ela ela මරු job එකනේ . මම - හි ඔහු - ඇයි ඔයාගේ photo නැත්තේ ?? මම - ලස්සන නෑනේ අපි . ඔහු - ithin math lassana nane.eth photo danne api boru karanne na kiyala yaluwanta pennanna.samahara aya boruvata ganu lamai vage boru account hadagena innava මම - hm ඔහු - oya aththatama koi vage kenekda kiyala danaganna asai. - මතු සම්බන්ධයි .. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* sha733Super Senior MemberPosts:7332 24 Jan 2016 03:20 AM හැබැවටම මාතෘකාව ගැලපෙනවා මේ දාන නිර්මාණ වලට PoddiVeteran MemberPosts:2100 24 Jan 2016 12:45 AM Posted By indika76 on 22 Jan 2016 07:11 PM අපිට තවත් නිර්මාණයක් ඕනේ... කෝ පොඩ්ඩි... අනිවාර්යයෙන්ම දෙන්නම් අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* indika76Most Senior MemberPosts:10449 22 Jan 2016 07:11 PM අපිට තවත් නිර්මාණයක් ඕනේ... කෝ පොඩ්ඩි... RosiSuper Senior MemberPosts:5335 21 Jan 2016 06:47 AM Apurui poddi .....oya lassanata wachana amunala...amma kenek ge kotasa wagema piya ge kotasath lassanata kiyala ... hariyatama hari ... eka husma ta kiyeuwa man . sha733Super Senior MemberPosts:7332 21 Jan 2016 05:59 AM තාත්තා නම් වැඩියෙන්ම කැමති වුණේ අහිංසක සමනලියක් වගේ දුවෙක්ට .. හීනේ ඉෂ්ඨ වෙලා හමාරයි PoddiVeteran MemberPosts:2100 20 Jan 2016 12:16 AM Posted By maduranga001 on 20 Jan 2016 12:05 AM පොඩ්ඩි නංගි.. මේ දේවල් දැන් නම් අපේ අත්දැකීම් වෙලා හමාරයි... ඒ වගේම අපේ දෙමව්පියනුත් නිසැකයෙන්ම මේ වගේ හැඟීම් වලින් යුක්ත කාලයක් ගෙවන්න ඇති.. මේ වගේ දුක් කම් කටොලු වලින් පිරි ඉන්න ඇති.. නමුත් හැම දෙයක්ම සතුටෙන් විඳ දරා ගන්න ඇති. අපේ අත්දැකීම් වගේම අපේ දෙමව්පියන් ගැනත් ඉතා සංවේදී විදියට ඔයා මෙහි මතක් කරලා දෙන්න සමත් වෙලා තියෙනවා... මම දෙසැරයක් කියවල බැලුවා.. බොහොම සාර්ථක නිර්මාණයක්.. මේ කතාව අනුව දෙන්නම බොහොම සතුටට පත් වෙන විදියටයි කියවිලා තියෙන්නේ.. දෙන්නම බලාපොරොත්තු වුනු විදියේ පැටව් දෙන්නෙක්.. ස්තුතියි පොඩ්ඩි නගාට. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* maduranga001Most Senior MemberPosts:14118 20 Jan 2016 12:05 AM පොඩ්ඩි නංගි.. මේ දේවල් දැන් නම් අපේ අත්දැකීම් වෙලා හමාරයි... ඒ වගේම අපේ දෙමව්පියනුත් නිසැකයෙන්ම මේ වගේ හැඟීම් වලින් යුක්ත කාලයක් ගෙවන්න ඇති.. මේ වගේ දුක් කම් කටොලු වලින් පිරි ඉන්න ඇති.. නමුත් හැම දෙයක්ම සතුටෙන් විඳ දරා ගන්න ඇති. අපේ අත්දැකීම් වගේම අපේ දෙමව්පියන් ගැනත් ඉතා සංවේදී විදියට ඔයා මෙහි මතක් කරලා දෙන්න සමත් වෙලා තියෙනවා... මම දෙසැරයක් කියවල බැලුවා.. බොහොම සාර්ථක නිර්මාණයක්.. මේ කතාව අනුව දෙන්නම බොහොම සතුටට පත් වෙන විදියටයි කියවිලා තියෙන්නේ.. දෙන්නම බලාපොරොත්තු වුනු විදියේ පැටව් දෙන්නෙක්.. ස්තුතියි පොඩ්ඩි නගාට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ PoddiVeteran MemberPosts:2100 19 Jan 2016 11:53 PM Posted By isurusam on 19 Jan 2016 11:20 PM ගොඩක් ලස්සනයි පොඩ්ඩි .දිගටම ඔබේ හැකියාවන් අපිත් එක්ක බෙදා හදා ගන්න ස්තුතියි අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* isurusamSuper Senior MemberPosts:7342 19 Jan 2016 11:20 PM ගොඩක් ලස්සනයි පොඩ්ඩි .දිගටම ඔබේ හැකියාවන් අපිත් එක්ක බෙදා හදා ගන්න PoddiVeteran MemberPosts:2100 19 Jan 2016 11:12 PM Posted By samantha on 19 Jan 2016 09:30 PM බුදු පදවියට දෙවෙනි ලොව උත්තරීතර පදවියක් තියෙනවා නම් ඒ මවු පදවිය හා පිය පදවියයි ... බොහොමත්ම ස්තූතියි.. ඔව් අයියේ .. ස්තුති ඔයාට ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 19 Jan 2016 11:08 PM Posted By samantha on 19 Jan 2016 09:30 PM බුදු පදවියට දෙවෙනි ලොව උත්තරීතර පදවියක් තියෙනවා නම් ඒ මවු පදවිය හා පිය පදවියයි ... බොහොමත්ම ස්තූතියි.. ස්තුති අයියේ ඔයාටත් අදහස්වලට ... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* PoddiVeteran MemberPosts:2100 19 Jan 2016 11:07 PM Posted By indika76 on 19 Jan 2016 09:16 PM ඉතාමත් අනර්ඝයි නංගී.. මට මගේ දරුවන් ලැබෙද්දී දැනුනු අවස්ථාව මෙන්ම මා ලැබෙන්න සිටිද්දී මගේ දෙමව්පියන් ලද අවස්ථාව සිහියට නැගුනා.. ස්තූතියි නංගී... ස්තුති අයියේ ඔයාටත් අදහස්වලට ... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* samanthaMost Senior MemberPosts:13190 19 Jan 2016 09:30 PM බුදු පදවියට දෙවෙනි ලොව උත්තරීතර පදවියක් තියෙනවා නම් ඒ මවු පදවිය හා පිය පදවියයි ... බොහොමත්ම ස්තූතියි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! indika76Most Senior MemberPosts:10449 19 Jan 2016 09:16 PM ඉතාමත් අනර්ඝයි නංගී.. මට මගේ දරුවන් ලැබෙද්දී දැනුනු අවස්ථාව මෙන්ම මා ලැබෙන්න සිටිද්දී මගේ දෙමව්පියන් ලද අවස්ථාව සිහියට නැගුනා.. ස්තූතියි නංගී... PoddiVeteran MemberPosts:2100 19 Jan 2016 09:09 PM - දෝණිටයි , පුතාටයි සෙනෙහසින් ලියමි - එකම එක පුංචිම පුංචි හීනයක් තිබුණා හිතේ ලස්සනම ලස්සන ඇස් දෙකක් රෝස පාට සිනිදු පුංචි දෙතොල් රෝසම රෝස පාට දු පැටික්කියෙක් .............. එහෙමත් නැතිනම්, දගකාර ඇස් වලින් දගකම් පාන ගොඩක් හුරතල් වගේම කටකාර චණ්ඩි පුතු පැටියෙක් ..................... අම්මා නම් වැඩියෙන්ම කැමති වුණේ හුරතල් චන්ඩි පුතෙක්ට ... එත් ඔයාගේ තාත්තා නම් වැඩියෙන්ම කැමති වුණේ අහිංසක සමනලියක් වගේ දුවෙක්ට .. ඔයාගේ අම්මා උතුම් වූ මවු පදවිය ලබමින් ගැබ් ගන්නවා ... එත් එක්කම ඔයාගේ තාත්තා පිය පදවියක් ලබන්න හීන මවනවා. ඔයාගේ අම්මා ගැබ්බර වුණ දවසේ අතොරක් නැතිව වමනය කරනවා.. ගොඩක් වේදනාවෙන් ඇය . ඇස් දෙකත් එක්ක හොදටම රතු කරගෙන. කිසිම දෙයක් කන්න පිරියකුත් නෑ කියනවා . එතකොට ඔයාගේ තාත්තා අම්මා කන්න පුළුවන් කැමති කැමති දේවල් හොයාගෙන එනවා . ඒවා ගෙන්න උදේ ඉදන් රෑ වෙනතුරම දහදිය කදුළු හෙලමින් මහා පොළවත් එක්ක හැප්පිලා සල්ලි හොයනවා ... එත් තාත්තාගේ හිත හැම මොහොතකම තියෙන්නේ අම්මා ගාව .. කුසේ ඉන්න දරුවා ළග .. ඔයාගේ අම්මා උණු වතුර ටිකක්වත් බීවේ නෑ කුසේ ඉන්න දරු පැටියට රස්නේ දැනෙයි කියලා .. . ඔයාගේ තාත්තා අම්මව තනි කරලා එක රැයක්වත් නිවසින් පිට හිටියේ නෑ .. පුංචිම පුංචි බර වැඩක්වත් අම්මට කරන්න දුන්නේ නෑ . වතුර ගෙනාවේ , දර හෙව්වේ ඔයාගේ තාත්තා ... හයියෙන් අඩියක්වත් තියලා අම්මා ගියේ නෑ ,, ඒ ඔයාට රිදෙයි කියලා ...වෙනදා උස් මිරිවැඩි පළදින අම්මා බාටා කැලි 2ක් දාගෙන තමයි අම්මා කොහේ ගියත් ගියේ .. ඒ පය පැටලිලා වැටිලා ඔයාට රිදෙයි කියලා .. අඩුම තරමේ tv එකේ දුක හිතෙන කථාවක් , බය හිතෙන කතාවක් වත් අම්මා බැලුවේ නෑ . ඒ කුසේ ඉන්න ඔයා බය වෙයි කියලා .. . කුසේ ඉන්න ඔයා වෙනුවෙන් සෙත් පතලා නොයෙක් වූ පිංකම් කටයුතු කළා ... සෙත් පිරිත් කිවා .. ආශීර්වාද පුජා තිබ්බා ... තත්පරෙන් තත්පරේ , දවසින් දවස , සතියෙන් සතිය , මාසෙන් මාසේ අම්මයි තාත්තයි දින ගනිනවා ... කුසයේ ඔයාව දරගෙනම ටිකෙන් ටික ඔයාගේ අම්මා වැඩ කරනවා.උකුලේ වතුර කලයක් තියාගෙන හරි පරිස්සමින් එනවා ඉවුම් පිහුම් කරනවා ,,, ..ඒ ඔයාව මේ ලෝකෙට බිහි කරන්න ටිකක් හෝ පහසු වෙන්න ... සිනිදු සේද රෙදි වලින් හැඩ වැඩ දාලා රෝස පාට , නිල පාට ලස්සනම ලස්සන ගවුම් පොඩි කලිසම් පොඩි මහනවා ...වුල් වලින් ලස්සන චුටි තොප්පි, සපත්තු මහනවා ... . දුවෙක් වූණත් පුතෙක් වුණත් සතුටින් බාර ගන්න ඇය සැදී පැහැදී දින ගනිනවා ... යහපත් වූ සිතුවිලි වලින් ඔයාගේ අම්මයි තාත්තයි හැමවෙලේම කල් ගෙවනවා ... පුංචිම පුංචි ප්‍රශ්නයක් ආවත් අම්මා ගොඩක් හිත ශක්තිමත් කරගෙන හිටියේ ඔයා වෙනුවෙන් ...අම්ම වගේම තාත්තා ද දැහැමි සිතිවිලි ඇතිකරගෙන දිවි පෙවෙත ගෙවුවේ .. ඔයාව ලැබෙන්න ඉද්දි අම්මට ඇතැම් විට අසනිපත් වුණා ගර්භ විස රෝගය, අධික රුධිර පීඩනය ආදිය. ඒවා ඇතිවන්නේ රුධිර වාහිනීවල හීන් වීම නිසාය. හැම හැමදේදීම අම්මා ශක්තිමත් වෙලා හිටියේ ඒ දුක් උහුලාගෙන හිටියේ ඒ ඔයා වෙනුවෙන්මයි .. ටිකෙන් ටික ඔයා මෙලොවට එන්න දින ලං වෙනවා .. දරා ගන්නවත් බැරි අපරිමිත වූ ඒ දුක දරමින් රත්තරන් ඔයාව අම්මා මේ ලෝකෙට ගෙන්න දගලනවා .. ඔයාගේ තාත්තත් ඇස වල සතුටු කදුළු පුරෝගෙන පොඩ්ඩක්වත් නොසෙල්වී ඇසිපිය නොගසම බලන් ඉන්නවා.. ඒ එකම එක පුංචිම පුංචි හීනය අතේ දුරින් ඇති නිසාම .. ලස්සනම ලස්සන ඇස් දෙකක් රෝස පාට සිනිදු පුංචි දෙතොල් රෝසම රෝස පාට දු පැටික්කියෙක් .............. දගකාර ඇස් වලින් දගකම් පාන ගොඩක් හුරතල් වගේම කටකාර චණ්ඩි පුතු පැටියෙක් ..................... කෙතරම් මන් වාසනාවක්ද ? දුවයි , පුතයි ....දෙන්නෙක් .. සතුට ඉතිරිලා ගිහිල්ලා .. ලේ දහර අතරින් පියාගේ දෑතට කැටි කර ගත්තු ඔයාලා දෙන්නව අම්මගේ තුරුලට ගොඩක් සෙනෙහසින් පිළි ගැන්නුවේ ජිවිතේ වටිනාම වස්තුව හිමි කර ගත්තු ආඩම්බරකාර තාත්තා කෙනෙක් වශයෙනි ... අම්මා දුක උහුලන් සතුටු කදුළු පිරුණු දෑතින් පියයුරුවන් ඔයාලා දෙන්නගේ මුව මතට ගෙනාවේ රන්කිරි දෙතොළග තවරමිනි.. අම්මා ගතින් සිතින් කප්පරක් වූ අනන්ත දුක් වේදනා ඉහිලූවද දරු සෙනෙහස නිසාම අම්මාට ඒවා තරම් දැනුණේ නැත . එතැන් පටන් ඔයාලා දෙන්නව උස් මහත් කරන්න අම්මයි මායි විදපු දුක් කන්ද ... සමහර දවස්වලට රෑ එලි වෙනකම් නිදි නෑ .. සමහර දවස්වලට වතුර පොදක්වත් නොබී ඔයාලා දෙන්නා වෙනුවෙන්ම වෙහෙසුණා. පාසල් යවලා ඔයාලා දෙන්නට අකුරු කරවලා , හොදම හොද ගුරුවරුන්ගෙන් අමතර ඉගැන්වීම් කරලා අද ඉන්න තත්වෙට ගෙනාවේ පුංචිම පුංචි කිසිම දෙයක්වත් බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි.. අපි දෙන්නම දැන් වැරහැලි වෙලා ... අද ඔයාලා ඉන්න තත්වය ගැන හදපු වදාපු තාත්තයි ...අම්මයි හැටියට ගොඩක් ආඩම්බරයි.. මහලු මඩමේ ඉදන් මේ පුංචි ලිපිය ලිවේ ගොඩක් සෙනෙහසින් ... රිදවන්න නම් නෙවෙයි මගේ පුතේ දුවේ ,, පුංචිම පුංචි තරහක්වත් නෑ අද මගේ පුතේ ,දුවේ ඔයා වෙනුවෙන්, හැමදාටමත් අපේ දුවටයි , පුතාටයි ජයෙන් ජයම වේවා ..!!!!! - මගේ රත්තරන් දුවටයි පුතාටයි තෙරුවන් සරණයි ..!!!!! ....කිසිදා නොවෙනස් වෙන සෙනෙහෙන් ආදරණිය අම්මයි තාත්තයි .... .......................................................................................... බුදු පදවියට දෙවෙනි ලොව උත්තරීතර පදවියක් තියෙනවා නම් ඒ මවු පදවිය හා පිය පදවියයි ... මෙත්තා ,කරුණා, මුදිතා ,. උපේක්ෂා යන සතර විහරණයන්ගෙන් යුතුව දුව පුතා කියා , ලොකු දුව, ලොකු පුතා , පොඩි පුතා, පොඩි දුව , කියා කිසිදු වෙනසකින් තොරව තම දරුවන් දෙස මැදහත් සිතින් තම දරුවන් දෙස දෙමාපියන් බලයි, ඔවුන්ගේ හැම තත්පරයක්ම සතුට , සැපත වෙනුවෙන් මියෙන තුරාවටම කැප කරයි . ඒ උතුම් සෙනෙහස දුන්නු දෙමාපියන් දරු බැදීමකින් වෙන් කරන්න නම් කවදාවත් බෑ .. මහ මගක හිටියත්, මහලු නිවසක හිටියත් තුන් තිස් පැයේම ඒ ආදරණිය හිත ඔයාලා ගාවමයි ... කිසිදු ලාබ අපේක්ෂාවක් කිසිවිටෙකත් රත්තරන් අම්මයි තාත්තයි දරුවන්ගෙන් පතන්නේ නෑ .. දුවෙක් ,පුතෙක් අම්මෙක් තාත්තෙක්ට සැරෙන් කතා කලත් ,රැවුවත් බැන්නත් කිසිම විටෙක දරුවන්ව නිවසින් එලව ගත්තේ නෑ , කෑම බිම නොදී ඉන්නෙත් නෑ ,,, ඔයාලට කතා නොකර ඉන්නෙත් නෑ ,, ඔලුව අත ගාලා, සිප වැළදගෙන සැනසුවා. වරදකදී සැර වැර වුණත් ඒ යහපතට මිසක් තරහකට නම් නෙවෙයි. ඒ තමයි උත්තරීතර මවු පදවියයි ,පිය පදවියයි ...... සාගරයටත් වඩා කදුළු දරලා නුඹේ සතුට පැතුවා ජීවිතයත් දෙවෙනි කරන් හැම විට නුඹවම රැක්කා කප්පරකට පැතුම් පතලා ලොකු මිනිසෙකු කෙරුවා උරුම මහලු මඩමද ඔවුනගේ සිත් හැඩුවා ... රිදවන්නට එපා ඔවුනගේ සිත් යන්නට සසරේ තැනක් තැතිවා නුඹත් දරාවි දවසක මවු පදවිය පිය පදවිය හඩාවි සිත් එදිනට නුඹ බොහෝ පමා වැඩියි සිතෙනෙ තරම් ඔට්ටුයි බොරැ නැතිවා... පා සෙනෙහෙන් අතගා සිපලා දිවා රෑයේ මල් තියලාවැන්දත් මදි අම්මා තාත්තාට ඔබත් මමත් වෙනුවෙන්ම දිවි කැප කළ තරම් කියා කෙලෙසින් නිම කරන්නද ? - dileeka madushani - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* indika76Most Senior MemberPosts:10449 19 Jan 2016 07:52 PM තවත් නිර්මාණයක් එළි දක්වන තුරු අපි මග බලා සිටිනවා... PoddiVeteran MemberPosts:2100 10 Jan 2016 11:52 PM ස්තුතියි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* kingDVeteran MemberPosts:3309 10 Jan 2016 09:38 PM කියවද්දි දිගටම කියවන්න හිතෙනවා..අපුරු නිර්මාණයක් Business, you know, may bring money, But friendship hardly ever does. ImalkaVeteran MemberPosts:4533 10 Jan 2016 09:29 PM පොද්දීගේ නිර්මාණ හැකියාවල් නම් පොඩි නැහැ වගේ, සුපිරියි ආ.. Ind007kaMost Senior MemberPosts:12931 10 Jan 2016 08:38 PM හොද හැකියාවක් ..ඔහොම යමු පොඩ්ඩියො First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... RosiSuper Senior MemberPosts:5335 09 Jan 2016 06:45 PM පොඩ්ඩි ගෙන් ලස්සන කතා පොඩිත්තක් .... ස්තුති නගෝ samanthaMost Senior MemberPosts:13190 09 Jan 2016 08:07 AM ෂා .. අපිට හොඳ නිර්මාණ හැකියාවක් තියෙන හොඳ පොඩ්ඩියෙක් ඇවිත් ඉන්නේ.. නියමයි. දිගටම කරගෙන යන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! sha733Super Senior MemberPosts:7332 09 Jan 2016 06:21 AM පොඩ්ඩි උනාට කථා ගොතන්න පොඩි නෑ වගේ අගෙයි අගෙයි ඉස්සරහට ගංගාවක් වගේ ගලන්න අවස්ථාව ලැබේවා............. indika76Most Senior MemberPosts:10449 09 Jan 2016 05:09 AM ඉතාමත් අලංකාර නිර්මාණයක්.. ස්තූතියි පොඩ්ඩී.. maduranga001Most Senior MemberPosts:14118 09 Jan 2016 04:41 AM මේ නංගිගේ ම නිර්මාණයක් ද..? බොහොම අපූරුයි ඔයාගේ නිර්මාණ හැකියාව නම්... හොඳට කතා ගොතන්නත් පුළුවන් වගෙයි.. තවත් රසවත් කතා පෙළක් මේ ත්‍රෙඩ් එක හරහා බලාපොරොත්තු වෙනවා.. කියවල රසවිඳින්න පුළුවන් අය ගොඩක් මෙතන ඉන්නවා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ isurusamSuper Senior MemberPosts:7342 09 Jan 2016 04:29 AM දුක්බර කතාවක් .............................. PoddiVeteran MemberPosts:2100 09 Jan 2016 03:57 AM -හිමි අහිමි බව - කාලය තත්පර , මිනිත්තු, පැය පුරා ගෙවෙන ඉක්මන සිතා ගැනීමටත් නොහැකි තරම්ය. කාලය සමග කෙතරම් හිමි වීම් සහ අහිමි වීම් මට සිදුවීද ? ඇයත් මාත් මුණ ගැසී අදට වසර තුනක පමණ කාලයක් ගත වී ගොස් ඇත .. ගිටාරයද අතැතිව මම එලියට ගොස් දෑස් පියාගෙන මොහොතක් අතීතය ළග නතර වීමට තැත් දැරුවේ හිතට ලොකු පාළුවක් තනිකමක් දැනුණ නිසාමය ... උසස් පෙළ සදහා මා කලා අංශය තෝරා ගත්තේ මගේ තාත්තාත් සංගීත ගුරුවරයෙක් වශයෙන් සේවය කරන නිසාත් මම සංගීතය සදහා යම්තාක් දුරකට ඇලුම් කළ නිසා ත් ය . උසස් පෙළ සංගීතය විෂය සදහා මාගේ පියා විසින් කණ්ඩායම් පන්තියක් පැවැත්වු අතර ඒ පන්තිය සදහා මාත් සහභාගී වුයේ විශේෂ හේතුවක් නිසාමය . නැතහොත් පියා විවේකි වෙලාවට විෂය කරුණු ලබා දීමට උත්සහ නොගත් අවස්ථා නොමැති තරම්ය. ''ළමයෝ ඔයාගේ උනන්දුව නම් හරිම අඩුයි'' .. ''මිට වඩා මහන්සි වෙන්න වෙයි හොද ප්‍රතිපලයක් ගන්න නම්'' නිතරම වගේ තාත්තා පැවසු වදන් පෙළකි ...එහෙත් මගේ හිත වෙනම තැනක ලැගුම් ගෙනය . ඇගේ දිගු වරලස,අහිංසක ඇස් දෙක,ඇස් පියන් වසා හුරතල් ලෙස පාන හිනාව,මිහිරි වු කටහඩ මේ හැමදේටම මම ගොඩක් ආදරේ කළෙමි . සංගීත පන්තියට ආ අලුත නම් ඇය මා සමග වැඩි කතාවක් බහක් නොවිය. .. ටික කාලයකදී මටත් , ඇයටත් .. අපි අපටම නොමැතිව මොහොතක් ගෙවීමට පවා අසීරු විය . ඇය පවුලේ එකම දියණිය හින්දම තාත්තගෙයි , අම්මගෙයි ආදරය රැකවරණය ඕනෑවටත් වඩා වැඩියෙනුත් ලැබුණි . උසස් පෙළ විභාගයට ඇත්තේ තවත් සීමිත වූ කාලයකි ..කාලය මෙසේ ගත වී ගියද ඇගෙත් , මාගෙත් පෙමේ කිසිදු වෙනසක් නොවිය . එදින ඉරිදා දිනයක් වුයෙන් සිංහල පන්ති අවසන් වී අප ටික වෙලාවක් දොඩමලු වූයෙමු .වෙන්වීමට කාලය වුයෙන් ඇයත් මමත් දුකින් වුවද නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් වෙන් වුයෙමි .අප හමු වී වෙන් වෙන මොහොතේ නැවත හමුවන්නේ කෙලෙසදැයි මම මෙන්ම ඇයද සිතන බව මා හොදින්ම දන්නා කරුණකි . සුපුරුදු පරිදි ඇය යනතෙක් බලා හිද මමත් ටවුම වෙත ඇදුනෙමි වර්ෂාවක ලකුණු පහල වෙමින් මුළු අහසම ක්ෂණයකින් අදුරු වලාවකින් වැසී ගත්තේය . මා අතැතිව කුඩයක් හෝ නොමැති බැවින් මම පය ඉක්මන් කෙරුවෙමි. බසයට ගොඩ වන විටම එය ගමන ආරම්භ කළේ එවිටත් 5.30 වී තිබුණ නිසාය ... වටපිට බැලු මා හට ඉඩ ගැනීමට එක අසුනක් ඉදිරිපසම තිබුණි . 5.30 ට ටවුමෙන් පිටත් වෙන බස් රියෙන් 6.00 පමණ වන විට නිවසට ලගා වීමට හැකිය. ටික දුරක් ගොස් මම ජංගම දුරකථනය අතට ගත්තේ සකුණි ට දුරකථන ඇමතුමක් ගැනීමටය. ... '' හෙලෝ නවෝද් ... '' සකුණි මිහිරි හඩින් මා ඇමතීය . ''සකුණි දැන් කොයි හරියේද ඔයා ඉන්නේ ?'' මම ඇයගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුයෙමි ... බසය ටවුමෙන් ටික දුරක් පසු කල මොහොතේ පටන් වේගය ක්‍රමයෙන් වැඩි කලේ ය .බසය වේගයෙන් ගමන් කල නිසාදෝ සියල්ලෝම තරමක් විමසිල්ලෙන් අල්ලාගෙන සිටියේය .. මට එහා පැත්තෙන් අසුන් ගෙන සිටි තරමක් මැදි වයසේ වූ පුද්දලයාගේ මුහුණේ නම් අමනාප බවක් තතිබුනේ බසය වේගයෙන් යන නිසාමය ... '' පුදුම හදිස්සියක් තමයි තියෙන්නේ '' ඔහු මා දෙස බලා දෙතොල් කෙදිරුවේය .. ගැහී මා ඔහුට මද සිනාවකින් එයට පිළිතුරු සැපයේ මා සකුණි සමග දුරකථන ඇමතුමේ සිටි නිසාය . '' එසේ ටික දුරක් බසය ගමන් ගන්නට වුවා පමණි . විශාල ශබ්ධයක් සමගින් බසය නතර වුවා පමණක් මට මතකය ,,, එතනින් එහාට සිදු වුයේ කුමක්දැයි මට දැන ගන්නට නොහැකි වුයේ මා දෙනෙත් හරින විටත් සිටියේ රෝහලේ නිසාය . ඇගපත තරමක් කකියන්නට විය .. මා අසලින් අම්මා සිටියේ ය .. අම්මගේ දෑස් විඩාපත් බවකින් යුක්ත වී තිබුණි . මගේ පාදයේ පහළින්ම කොටසක්ම තිබුණේ නැති අතර තුවාලයට බෙහෙත් දමා වෙළුම් පටි යොදා තිබුණේය. එය දැකුමෙන් මගේ හදවත කීරි ගැහී පුදුමාකාර වූ කම්පනයක් ඇති වුයේ මේ තරමටම දෙයක් සිදු වන්නට මම කල පාපය නම් කුමක්දැයි නොදත් නිසාමය . මට සකුනිට දුකක් ද නොහැකියි . එත් සකුනිගේ ආදරයේ කිසිදු වෙනසක් නොවිය .. එදාටත් වඩා වැඩියෙන් ඇය මට ආදරය කරන්නීය ... ''අයියේ අම්මා තේ හදලා ,'' ''ඔයාට එන්න කිවා '' මම නතර වී සිටි අතීතයෙන් මෙලොවට පැමිණියේ අපේ පොඩි නංගිගේ කට හඩත් සමගිනි .. ''හා මම එන්නම් හිමිට පොඩ්ඩි '' ''ඔයා යන්නකෝ. ගිහින් තේ බොන්න අයියා එනකම් '' මම කිහිලි කරුවට වාරු දී හිමින් හිමින් නැගිට්ටේ මෙවැනි දුකක්,අසරණ බවක් කාටවත්ම නොවේවායි පතමිනි . - ඩිලීකා මදුෂානි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********