Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: මෙන්න පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුවගේ විත්තිය - අලුත් සිංදුවක් Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: මෙන්න පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුවගේ විත්තිය - අලුත් සිංදුවක් Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Ind007kaMost Senior MemberPosts:12931 10 Sep 2016 12:55 AM Posted By isurusam on 10 Sep 2016 12:14 AM කථාවක් වගේ ......... උබ ඔය බාප්පල්ගෙ කෙල්ලො ගැනැ කතා අහන්නෙ නැතුව හිටපන් මල්ලි Ind007kaMost Senior MemberPosts:12931 10 Sep 2016 12:54 AM Posted By සඳුනි on 10 Sep 2016 12:09 AM Posted By Ind007ka on 17 Jul 2016 06:27 PM මමත් මෙක නම් බැලුවා ...කියන තරම් රහක් මට නම් ආවෙ නැහැ ...නිකන් කතාවක් කියවනවා වගෙයි ..විඩෙඔ නැතුව අහල බලන්න කතාවත් අහන් හිටියා වගේ නේද අලුත් සිංදු අැහුවම. මාත් ඒකගයි. සිරාවටම නගො මට නම් මෙලො රහක් නැහැ ....අම්මපා මෙවා සල්ලි දීල අහන එවුනුත් ඉන්නවනෙ isurusamSuper Senior MemberPosts:7342 10 Sep 2016 12:14 AM කථාවක් වගේ ......... සඳුනිVeteran MemberPosts:2462 10 Sep 2016 12:09 AM Posted By Ind007ka on 17 Jul 2016 06:27 PM මමත් මෙක නම් බැලුවා ...කියන තරම් රහක් මට නම් ආවෙ නැහැ ...නිකන් කතාවක් කියවනවා වගෙයි ..විඩෙඔ නැතුව අහල බලන්න කතාවත් අහන් හිටියා වගේ නේද අලුත් සිංදු අැහුවම. මාත් ඒකගයි. smt90Veteran MemberPosts:1736 09 Sep 2016 10:38 PM වෙනස් විදිහේ සින්දුවක් නරකම නැ sha733Super Senior MemberPosts:7332 21 Jul 2016 01:29 AM දැන් කාලෙ සින්දු තියන්නේ ඒහෙම ඒවටනේ ගනන් ගන්න එපා Ind007kaMost Senior MemberPosts:12931 17 Jul 2016 06:27 PM මමත් මෙක නම් බැලුවා ...කියන තරම් රහක් මට නම් ආවෙ නැහැ ...නිකන් කතාවක් කියවනවා වගෙයි ..විඩෙඔ නැතුව අහල බලන්න hasithadSuper Senior MemberPosts:5795 16 Jul 2016 06:44 AM maduranga001Most Senior MemberPosts:14123 15 Jul 2016 11:00 PM අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව.. අපෙ පුංචි බැදපු - බාප්පාගේ අක්කගේ දුව.. අපි චූටි කාලේ එකට සෙල්ලම් බත් ඉව්ව කුමරිය.. ලොකු වෙන්න වෙන්න අපි දුරස්වුනා නේද සොඳුරිය.. මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ පෙම් කෙරූලඳ.. ඇගෙ තාත්තාගේ රැවිලි අතරෙ මට ඉඟිබිඟි පාපු සොඳුරිය.. හරි ලස්සන පොඩි කෙල්ල හින්ද ආදරේට කිව්ව නම මල.. මට විසිහයයි ඇයට විසිතුනයි.. අපෙ තරුණ කාලේ එන්න එන්න ගෙවිල යයි.. මගෙ හදහන කුජ හතයි - යෝජන කෝටියයි.. ඒත් අම්මා මාව බන්ඳවන්නෙ ගලපලයි.. මට හොරා මගෙ සිත නුඹ ගැන විපරමයි.. මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි.. මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව.. මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය... නුඹ ලස්සනයි කට හරි සැරයි.. නපුරු කමත් ඒ හා සමානමයි.. නුඹෙ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි.. ලස්සන නොවෙ මම බලන්නෙ ගති ගුණයි.. නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි.. මෙන්න වැන්ද ඉන්න කෙල්ල මට හොදයි... මගෙ පුංචි බැදපු බාප්පාගේ අක්කගේ දුව.. මං චූටිකාලේ එකට සෙල්ලම්බත් ඉව්ව කුමරිය... ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුනා නේද සොඳුරිය.. මම පාන්දරට කෝල් කරන විට වේටින් ඇයිද සොඳුරිය ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන් යාළුවො ටික බිව්වා සොඳුරිය.. නුඹට කොල් කරල කෝල කරල බිල දහඅට දාහයි සොඳුරිය.. මගේ කපපු ෆෝන් බිල ගෙවන් මේ සිංදුව හිට් වෙයිද..... සොදුරිය......... ගායනය : Civil Voice පද රචනය : Civil Voice සංගීතය : Civil Voice & Pasan Liyanage maduranga001Most Senior MemberPosts:14123 13 Jul 2016 10:33 PM රූ.com කියන ප්‍රෝග්‍රෑම් එකේ මම මේ සින්දුව දැක්ක. ආයෙත් හොයල බලන්න හිතාගෙන හිටියට මොකෝ ඒ සිංදුව හොයන්න කාලයක් තිබ්බේ නැහැ. ෆයිඩ් හොඳයි ඒක මෙතන දාපු එක. අලුත් සින්දුවක්. උන් මේකට සෑහෙන මහන්සි උනා කියල කිව්ව. පොඩි කාලයක් ඇතුළත සැහෙන ප්‍රමාණයක් බලපු සින්දුවක් කියලයි එතන කියවුනේ. මම කැමති අර "මම පාන්දරට කෝල් කරන විට වේටින් ඇයිද සොඳුරිය" කියල ඇඩෙන කොටසට. (03.07 min) DanuLiyanageVeteran MemberPosts:3457 13 Jul 2016 09:54 PM mata nam vediyowa nathth kamak nha duwa denawa nam FIDEBasic MemberPosts:238 13 Jul 2016 09:51 PM එපා කියන්න එපා, ඕක you tube එකට ගිහින් බලපන් Ind007kaMost Senior MemberPosts:12931 13 Jul 2016 09:47 PM අනේ එහෙනම් එපා අය්යො ........ samanthaMost Senior MemberPosts:13194 13 Jul 2016 09:21 PM Posted By Ind007ka on 13 Jul 2016 09:16 PM අනේ මට බලන්න බැහැනෙ ඒ ඔයාට බලන්න හොඳ නැති නිසා වෙන්න ඇති. ඔතන තියෙන්නේ පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුවගේ විත්තිය. වැඩිය හිතන්න යන්න එපා. පොඩි ලමයින්ට බලන්න හොඳ නැහැ. Ind007kaMost Senior MemberPosts:12931 13 Jul 2016 09:16 PM අනේ මට බලන්න බැහැනෙ hasithadSuper Senior MemberPosts:5795 13 Jul 2016 08:26 AM මම මේක අහලා නෑ chamaramindMost Senior MemberPosts:13471 13 Jul 2016 06:59 AM මරු මෙහෙම බැන්දොත්. samanthaMost Senior MemberPosts:13194 13 Jul 2016 06:59 AM මරු සිංදුව. බොහොම ස්තූතියි. sha733Super Senior MemberPosts:7332 13 Jul 2016 05:48 AM මේක ඇවිත් ගොඩක් කල්ද ඇහුවේ අදනේ පට්ට සින්දුව FIDEBasic MemberPosts:238 13 Jul 2016 05:01 AM FIDEBasic MemberPosts:238 13 Jul 2016 04:59 AM මෙන්න පුංචි බැඳපු බාප්පාගේ අක්කාගේ දුවගේ විත්තිය අපෙ පුංචි බැඳපු බාප්පාගේ අක්කගේ දුව මං චූටි කාලෙ සෙල්ලම් බත් උයපු කුමරිය ලොකු වෙන්න වෙන්න අපි දුරස් වුණා නේද සොඳුරිය මීට අවුරුද්දයි මාස හයක් මූණුපොතේ පෙම් කෙරුව ළඳ ඇගෙ තාත්තාගේ රැවිලි අතරේ මට ඉඟි බිඟි පෑව සොඳුරිය හරි ලස්සන පොඩි කෙල්ල හින්දා ආදරේට කිව්ව නම මල මට විසි හයයි ඇයට විසි තුනයි අපෙ තරුණ කලෙ එන්න එන්න ගෙවිලා යයි මගෙ හඳහන කුජ හතයි යෝජනා කෝටියයි ඒත් අම්මා මාව බන්ද වන්නේ ගළපලමයි මට හොරා මගෙ හිත නුඹ ගැන විපරමයි මට මගේ නොවන ආදරයක් ඇති හැඩයි නුඹ ලස්සනයි කට හරි සැරයි නපුරුකමත් ඒ හා සමානමයි නුඹ බොරුව අතරේ මට සිටි තරුණිය හොඳයි ලස්සන නොව මං බලන්නෙ ගතිගුණයි නුඹව බැන්දොතින් කුස්සියෙ වැඩ මටයි මෙන්න වැන්දා ඉන්න කෙල්ල මට හොඳයි අපෙ පුංචි බැඳපු... මම පාන්දරට කෝල් කරන විට වේටිං ඇයිද සොඳුරිය ඒ දුක කියද්දි මගෙ සල්ලි අරන් යාළුවො ටික බිව්වා සොඳුරිය නුඹට කෝල් කරලා කෝල් කරලා බිල දහ අට දාහයි සොඳුරිය මගෙ කපපු ෆෝන් බිල ගෙවන්න මේ සිංදුව හිට් වෙයිද සොඳුරිය අම්මා කිව්වා ඉතුරු කෑල්ල කියන්නෙපා කියලා... මේ ගීතය ගයන්නේ සිවිල් වොයිස් නම් වූ සංගීත කණ්ඩායමක්. මේ වන විට මේ දිනවල අන්තර්ජාලයේ වැඩි දෙනෙකු නරඹා ඇති මෙය වෙනස්ම තේමාවක් ඔස්සේ රචනා වූවක්. අඬන ගීත අතරේ මෙම ගීතය ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණෙත් ඒ වෙනස නිසා වෙන්න ඇති. බාප්පාගේ අක්කගෙ දුව යනුවෙන් නම් කොට ඇති මෙය සිවිල් වොයිල්ස්ලාගේ පළමුවැනි ගීතය. එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නනේ සචින්ත පුලස්ති. ඔහු තමයි මෙම ගීතය ලියලා සංගීතවත් කළේ. මේ වගේ ගීතයක් කරන්න ඕනෑ කියලා අයිඩියා එකක් මගේ ඔළුවෙ තිබුණේ නැහැ. දිනක් මං ගිටාර් එක අරගෙන එය වාදනය කරමින් සිටින කොට මේ තනුව මගේ ඔළුවට ආවා. වචන ටිකත් එකට සෙට් කළා. හරි අපූරු ගීතයක් නිර්මාණය වුණා. මෙහිදී කියන්න ඕනෑ මෙම ගීතයේ අවසාන පේළි කිහිපය සකසා දුන් විකුම් ලක්ෂිත ගැන. ඔහු මේ වන විට අප අතරින් සදහටම සමු අරගෙන ඉන්නේ. මගේ ගම කළුබෝවිල. ඉගෙන ගත්තේ කොළඹ ඉසිපතන විදුහලෙන්. ඉස්කෝලේ යන කාලේ ඉඳලා බෑන්ඩ්වල හිටියා. මේ ළඟදී දවසක තමයි සිවිල් වොයිස් නමින් අපි එළියට ආවේ. ඒකාකාරී රාමුවෙන් මිදිලා ගීතයක් කරන්නට ලොකු වුවමනාවක් තිබුණා. අපි ඒ අභියෝගය ජය ගත්තා. මෙහි වීඩියෝව කළේ චමත් අසංක. යුරේනි නොෂිකා සමඟ මම සහ අපේ බෑන්ඩ් එකේ ලසිත ගුණවර්ධන, චතුල ඉන්ද්‍රචාප යන අය රඟපෑවා. ගාල්ල කොටුව ඇතුළෙයි ෂූට් කළේ. වීඩියෝවේ තියෙනවා මං ගිටාර් එක කරකවන දර්ශනයක්. මං ඒක හරි බයෙන් කළේ. කලින් වතාවේ ඔය වගේ වැඩක් කරලා ගිටාර් එකේ කෑලි ටික තමයි එකතු කර ගත්තේ. ඒත් වාසනාවට මෙවර එහෙම වුණේ නැහැ. ඉදිරියේදී හොඳ නිර්මාණ ඔස්සේ සිවිල් වොයිස් සංගීත ලෝලින් හමුවන්නට හිතාගෙන ඉන්නවා. sha733Super Senior MemberPosts:7332 13 Jul 2016 04:53 AM එහෙම අහන්න පුලුවන් එකක් ආවත් ඒ ආපු අලුත විතරයි හරියට සෝඩ බෝතලේ කැඩුව වගේ ඒත් මේ සින්දු අපි තවත් ආදරෙන් අහනවා RosiSuper Senior MemberPosts:5335 12 Jul 2016 07:15 PM හිතට දැනෙන හිත සුවපත් කරන සින්දු මේවා ,,ඇත්තටම සින්දුවේ රූපේ හිතේ මැවෙනවා මේවා අහද්දී . Ind007kaMost Senior MemberPosts:12931 10 Jul 2016 07:41 PM කතාව සහතික ඇත්ත ................මෙ සින්දු ගැන නම් කියන්න වචන නැහැ hasithadSuper Senior MemberPosts:5795 10 Jul 2016 08:16 AM ඔන්න අහනවානං සින්දු.චොකා බයිලා වගේද මේවා. isurusamSuper Senior MemberPosts:7342 10 Jul 2016 07:49 AM මේවා අහද්දී දැන් අහන්න තියන සින්දු මොනවද indika76Most Senior MemberPosts:10457 10 Jul 2016 06:09 AM මේ ගීතය ඇස් දෙක පියාන සවන් දෙන විට අමුතු හැගිමක් සිතට දැනෙනවා.. ඒ වගේම මෙහි සංගීතයෙන් රාත්‍රිය මනා ලෙස පිළිබිඹු කරනවා.. විශේෂත්වය වන්නේ මෙහි සංගීත නිර්මාණයත් නන්දා මාලිනියන්ගේ.. මෙතරම් අලංකාර තනු නිර්මානය කල හැකි අැය ගායනයට පමණක් කොටුවෙලා සිටින එකත් අපරාදයක්.. samanthaMost Senior MemberPosts:13194 09 Jul 2016 11:42 PM මේ ගීත අපිට ඇහෙනකොට ඉබේටම රූපරචනා හිතේ මැවෙනවා.. දැන් තියෙන ගීත වලට රූප රචනා තියා තේරුම මොකක්ද කියලා හිතා ගන්නවත් බැහැ. DanuLiyanageVeteran MemberPosts:3457 09 Jul 2016 11:23 PM maduranga ayiyage kathawa hariyatama hari maduranga001Most Senior MemberPosts:14123 09 Jul 2016 10:31 PM දැන් ඇහෙන්නේ මොනවද කියල හිතෙනවා මේවා අහද්දී. සිංදු දාහකින් එකක් විතර තමයි හරි හමන් සින්දුවක් තියෙන්නෙ. මම ඊයේ ටික වෙලාවක් චැනල් සී කියන ගීත විතරක් විකාශනය වෙන ඩයලොග් ටීවී චැනලය බලාගෙනා හිටියා. ටික වෙලාවක් යනකොට මගේ තනි ඇහැට ඇඩෙන්න ගත්තා. මොකද එකම සින්දුවකවත් හරි හමන් තාලයක් හිතට වදින අදහසක් නැහැ. ගොඩක් ඒවා එකවගේ. චැනල් පිටින් තිබුණත් එවාට් දාන්න හොඳ සින්දු හොයා ගන්න බැරි හැටි. අලුත් පරපුරට දොස් තබනවා නොවෙයි. ඔවුන් රසංඥතාවය මොටවන සුළු නිර්මාණ පසු පස යන හැටි දැක්කහම අපට අපේ සංගීතය ගැන වගේම අපි ගැනම දුක හිතෙනව. ඉහත සඳහන් නන්දා මාලනියන්ගේ ගීතය අපි ඇහුවේ රූප රචනා නැතුව. ඒ එහි පදවැල් වල බලය. නමුත් ඒ හැම දෙයක්ම අපේ හිතේ අඳුනා. ඒ වගේම හිතට දැනෙන යමක් තිබුණා. ඒ ඊට යොදා ගත් සංගීතයේ අනුහස. ගීතය අහද්දී හදවත මුසපත් කළා. ඒ මලනියන්ගේ සුමධුර කටහඬ. මෙවන් ගීත නැවතත් ඉදිරියට ගෙන රසවින්දනය යනු කුමක්දැයි පසක් කිරීමට ෆයිඩ් සහෝදරයා ගත් මේ වෑයම ඉතා අගේ කොට සළකමි. මගේ ඉල්ලීම නම් මේ ත්‍රෙඩ් එක මෙවන් ගීත සමගින් යහපත් විවරණයක් ද සහිතව ඔබට ඉඩ පහසු වෙලාවක ඉදිරියට ගෙන යන්න කියායි. මේ ත්‍රෙඩ් එකේ ගීත ඉදිරිපත් කිරීමට ඔහුටම භාර දීම සුදුසුය. එවිට වඩාත් වැදගත් යමක් ඔහුගේ විචක්ෂණයට අනුව අපට ලබා ගත හැකිය. ඔබේ දායකත්වය අපට දැඩි ශක්තියක් බව එදා මෙන්ම අද ද සඳහන් කරනු කැමැත්තෙමි. samanthaMost Senior MemberPosts:13194 09 Jul 2016 10:02 PM සැදෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සද මගෙ සරා සද තනිවෙලා මා තනිවෙලා...ආ... වළාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාළු වී ඇත කදුල පමණක් රජවෙලා...ආ... සැදෑ කළුවර...// ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි ගව්ගණන් දුර ජීවිතේ බර මගේ හිස මත බරවෙලා...ආ.... සැදෑ කළුවර...// ගායනය - විශාරද නන්දා මාලිනී පද රචනය - මඩවල එස්. රත්නායක සංගීතය - විශාරද නන්දා මාලිනී FIDEBasic MemberPosts:238 09 Jul 2016 09:47 PM ඔන්න සින්දුව අහන්න, පරණ සිංදුනම් ඉතින් කොච්චර ඇහුවත් මදි තමයි FIDEBasic MemberPosts:238 09 Jul 2016 08:36 PM සැඳෑ කළුවර කුර ගගා විත්... සෙමෙන් සෙමෙන් කුර ගාමින් සැඳෑ කළුවර පැමිණෙයි. අන්ධකාරය කෙමෙන් දැඩි වෙයි. ඒ අඳුර තුළ ඔහු වෙසෙන පැල්පත සපුරාම මැකී යයි. එසඳ ඇගේ දසුනින් මැකී යෙන්නේ ඒ පැල්පත පමණක්ම නොවෙයි. ඇයගේ සරා සඳ හෙවත් සරත් චන්ද්‍රයා වන ඔහුගේ දසුනද ඈත් වී යයි. ඒ සරා සඳ ඈත් වත්ම, ඇයට දැනෙන්නේ තනිකමකි. දැරිය නොහෙන පාළුවකි. එය සඳ නැති රැයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවෙයි. එකම එක වලාකුළකුදු අහස් කුස නොදිස් වෙයි. ඇගේ සිතිවිලි ගල් ගැසී ඇත. ඇගේ මුළු සන්තානයම පාළුවට ගොසින්ය. ඒ හුෙදකලා පාළු රාත්‍රියෙහි රජ වී ඇත්තේ අඳුර ම පමණි. අන්ධකාරය කොතරම් නම් දැඩි වුවත්, කොතරම් නම් බියකරු වුවත්, ඔහුත් ඇයත් අතර ඇත්තේ එකම එක රැයක දුර පමණය. එතෙකුදු, ඇයගේ හිස මත මහා බරකි. හිස මත ඇය දරාගෙන සිටින්නේ, ගව් ගණන් දුර වූ ජීවිතේ බරය. “සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින් ඈත් වූ සඳ මගෙ සරා සඳ තනි වෙලා, මා තනි වෙලා” නන්දා මාලිනිය “කන හෙව... මියුරු කොට” ගයන ඒ ගීයේ - ඒ ප්රේමාලාපයේ - පද පෙළ මඩවල රත්නායක කවියාගේය. ඉකුත් සියවසේ හැත්තෑ ගණන්වල බිහි වුණු මෙම අපූරු ගීතය මේ වන විට ගෙවමින් සිටින්නේ ස්වකීය පස්වැනි දශකය හෙවත් “පඤ්ඤා” දශකයයි. එදවස, තමාගේම නව තනුවකට අනුව, තමාගේම සංගීතය යොදා ගනිමින් එම පද පෙළ මනහරව මොනවට ගායනය කෙළේ විශාරද නන්දා මාලිනිය බැව් මෙදවස සිහි කරන ශ්‍රාවක සහෘදය ගණ ඉතා දුලබය. හෘදය සංවේදී නිර්ව්‍යාජ ප්‍රේමය ද, එකී ප්‍රේමයෙන්ම ජනිත ශෝකය ද සමෝසමව එකට කලතා ගෙන අතිශයින්ම සුමධුර වූ කර්ණ රසාලිප්ත සංයත සෞම්‍ය ස්වරයෙන් කරන ලද ඒ ගායනය සහෘදය හද වෙණ නින ද කළ අපූරුව අරුමයක්මැයි. අපගේ ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයට අයත් වන මේ ගීතයේ ගායන ලීලාව තරමටම, පද ලීලාව ද අපූර්වයකි. මඩවල රත්නායක නමැති ප්‍රතිභාමත් කවියා, ස්වකීය කාව්‍ය රචනය අතික්‍රමණය කරමින්, වචනයේ මුළු අරුතින්ම ගේයපද රචකයකු බවට පරිවර්තනය වුණු ආකාරය පිළිබඳ නිසැක නිදර්ශනයක් වැන්න, මේ ගීතයේ පද රචනය. කිසියම් ගීත රචනයක් සරුසාර වන්නේත්, පොහොසත් වන්නේත් කවිතා ගුණයත්, ගේයතා ගුණයත් සමෝසමව සුසංයෝග වූ කල්හිය. මේ නම්, ඒ පිළිබඳ ආදර්ශයක් වැන්න. පළමු කොට, මේ රචනයෙහි වන කවිය - කවි ගුණය - විමසා බැලුව මැනවි. සැඳෑ කළුවර එන්නේ කුර ගගාය. කළුවර කුර ගාමින් එතැයි පැවසිය හැක්කේ කවියකුටම පමණි. හරියට අලස ගවයකු සන්ධ්‍යාවෙහි සිය ගාලට කුරා ගගා එන්නාක් මෙනි. කුර ගාන සැඳෑ කළුවරට මුවා වී සිටින්නේ කවියෙකි; ප්‍රතිභා නැණින් යුතු මහරු කවියෙකි. අවසාන ගී අඩෙහි කවි රූප ද විමසා බැලුව මැනවි. ඇගේ ලෝකයත්, ඔහුගේ ලෝකයත් අතර ඇත්තේ රැයක් පමණය. එහෙත්, ධම්පියාවෙහි ‘දීඝා ජාගරතෝ රත්තී’ යයි කීවාක් මෙන්, ඒ රාත්‍රිය දිගය; ඉතා දිගය. එකම රැයක දිග වුණත් ඇයගේ ප්‍රේමයට කල්පයක් සේ දැනෙයි. ඒ නිසාම ඇගේ හිස ද බර වෙලාය. කුමකින් ද? ගව් ගණන් දුර ජීවිතයේ බරිනි, ඇයගේ හිස මත ඇති ඒ බර, ප්‍රේමයේම බර බැව්, මෙතැන්හිදී කවරකුවත් අපට කියා දිය යුතු නැත. මෙම රචනයේ කවිතා ගුණය එසේ දත යුත්තේය. ගේයතා ගුණය ද මඳක් විමසා බලමු. “ඈත් වූ සඳ - මගෙ සරා සඳ” “තනි වෙලා - මා තනි වෙලා” “මගේ ලෝකය - ඔබේ ලෝකය” මේ තන්හි අනායාසයෙන් එන පුනරුක්තියෙන් - අනුප්‍රාසයෙන් උත්කර්ෂයට නැඟෙන්නේ රචනයේ ගේයතා ගුණයයි. නවකතාව, කෙටිකතාව, කවිය හා ගීතය යන සාහිත්‍යාංගයන්හි මහත් පෙළහර පෑ මඩවල රත්නායකයෝ පුවත්පත් කලාවේදය මෙන් ම ගුවන් විදුලිය සන්නිවේදනය යන අංගයන්හිද ප්‍රවීණව සිටියාහුය. ඊට ද අමතරව, ඕමාර් ඛයියාම් කවියාගේ ‘රූබයියාට්’ කාව්‍යය සිවුපද කවියට නඟමින් අපූරු ගතක් ද කළහ. වැඩසටහන් සම්පාදකයකු වශයෙන් ඔහු අපේ ගුවන් විදුලියේ ගත කළ කාලය, සිංහල ගීත නිර්මාණයෙහි විශේෂ අවධියක් විය. පණ්ඩිත් අමරදේවත් සමඟ එක්ව ඔහු නිර්මාණය කළ ගීත සම්භාරය අතර, විශේෂයෙන් ම කැපී පෙනුණේ අපගේ ජන ගීතයෙන් හා ජන කවියෙන් නොමඳ ආභාසය ලබා නිමවන ලද රචනාවන්ය. ‘බමරකු ආවයි නිරිත දිගේයා’ වැනි ප්‍රබන්ධ මහත් සංඛ්‍යාවක්, ඒ පිළිබඳ නිදසුන් කොට දැක්විය හැකි වෙයි. පසුගිය තීරුවෙහිදී මඩවල ලියූ ‘ගී සින්දු සාහිත්‍යය’ යන කෘතිය ගැන මඳ සඳහනක් කෙළෙමි. ඒ මහරු ගත නිමා කරමින් ‘ඔහු ලියූ මෙවදන්, මේ තීරුව අවසන් කරන්නට ද සුදුසුතම වන්නේ නොවේද? “ප්‍රේම යාදිනි, ප්‍රේම අඳෝනා කරමින් යෞවන හදවත් කුරෝලු කර ඇතත්, ගුවන් විදුලි ජනාධිපති සම්මාන උලෙළ වෙනුවෙන් පැවැති ජනප්‍රිය ගායකයාත්, ගායිකාවත් තේරීමේ තරගයෙන් ජයග්‍රහණ කර ඇත්තේ අමරදේව, නන්දා මාලිනි යන දෙදෙනාය. ජනතාව තවමත් රැවටී නැති බව මෙයින් ඔප්පු වේ. ‘කැලෑ කොටා, ගිනිලා, දඬුවැට දමා, නවදැලි හේනේ කටුසර බෝග වපුරා තිබේ. මේ අතරින් මතුවන “පොඩිසිංඤෝ මරං” පැළ අවදියේම විනාශ නොකොළොත්, ඒවා ලොකු වී, මල් පිපී, ඇට සෑදී, සුළඟේ විසිරී ගිය විට, ලාංකික ජනතාවගේ ප්‍රයෝජනයට ගත හැකි කොස්, දෙල්, පොල්, පුවක්, වගා කළ නොහැකි අන්දමට පොළොව නිසරු වෙයි. කුරක්කන්, අමු, මෙනේරි, ඇල් වී වැපිරිය යුතු මේ බිමේ තිරිඟු වැපිරීමට ද නුපුළුවන.” (- ගී සින්දු සාහිත්‍යය -, 1996 -, ගොඩගේ)