Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: .... කදුලත් සැනසුමක්.... Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: .... කදුලත් සැනසුමක්.... Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review maduranga001Most Senior MemberPosts:14118 22 Apr 2023 12:28 PM මේ ඉන්නෝ... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ තිලොත්තිමාPosts: 10 Apr 2023 09:47 PM කලාද කියලවත් අහන්න කවුරුත් නෙහ් සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 11:19 AM Posted By sha733 on 13 Oct 2016 06:40 AM Posted By සඳුනි on 11 Oct 2016 03:25 PM ශානුවයි ශදීවයි අදුරනවා වගේනේ කතාව. ලියමු. ලියමු දැන් ලියන කතා දෙක ඉවර වුන දවසට. ආය ඕකෙ වෙනම අදුන ගන්න දෙයක් තියෙවයැ හා හා. ඔයා ඉතිං හැමොම අදුරනවනේ. ගොඩක් ස්තූතියි ශා අයියේ මගේ කතාව ඒක්ක දිගටම හිටියට. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 13 Oct 2016 11:17 AM Posted By kingD on 13 Oct 2016 06:19 AM කතාවෙ අවසානය හොදට කරලා තියෙනවා... සතුටු වෙන්න පුළුවන් විදිහට අවසන් කරල තියෙනව ... ස්තූතියි අපිට මේවගේ ලස්සන කතාවක් බලන්න,රසවිදින්න සැලස්සුවට ... රජ තුමා බොහොම ස්තූතියි. මගේ කතාව දිගටම කියෙව්වට. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 13 Oct 2016 06:40 AM Posted By සඳුනි on 11 Oct 2016 03:25 PM ශානුවයි ශදීවයි අදුරනවා වගේනේ කතාව. ලියමු. ලියමු දැන් ලියන කතා දෙක ඉවර වුන දවසට. ආය ඕකෙ වෙනම අදුන ගන්න දෙයක් තියෙවයැ kingDVeteran MemberPosts:3309 13 Oct 2016 06:19 AM කතාවෙ අවසානය හොදට කරලා තියෙනවා... සතුටු වෙන්න පුළුවන් විදිහට අවසන් කරල තියෙනව ... ස්තූතියි අපිට මේවගේ ලස්සන කතාවක් බලන්න,රසවිදින්න සැලස්සුවට ... Business, you know, may bring money, But friendship hardly ever does. සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 05:50 PM Posted By DanuLiyanage on 12 Oct 2016 06:31 AM ඔයා කතාව ලස්සනට් ඉවර කරල තියෙනව. අඩු පාඩු තියෙන්න පුලුවන් ඒත් ඔයා ගොඩාක් දක්ශයි ගොඩාක් ස්තූතියී ධනු අයියේ.... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 12 Oct 2016 05:49 PM Posted By Dushan on 12 Oct 2016 05:05 AM හිතුවටත් වඩා කතාව ලස්සනට නිමා වෙලා තියනවා බොහොම ස්තුති මේ හැම කොටසක්ම කියවන්නට ඉඩ ලබා දුන්නට ඒ වගේම අලුත් කතාව මියදෙන තුරා කියවන්නත් බලන් ඉන්නවා එහෙනම් ඔන්න ගොඩාක් ස්තූතියි දුෂාන් අයියේ. දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 12 Oct 2016 06:31 AM ඔයා කතාව ලස්සනට් ඉවර කරල තියෙනව. අඩු පාඩු තියෙන්න පුලුවන් ඒත් ඔයා ගොඩාක් දක්ශයි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න DushanVeteran MemberPosts:2536 12 Oct 2016 05:05 AM හිතුවටත් වඩා කතාව ලස්සනට නිමා වෙලා තියනවා බොහොම ස්තුති මේ හැම කොටසක්ම කියවන්නට ඉඩ ලබා දුන්නට ඒ වගේම අලුත් කතාව මියදෙන තුරා කියවන්නත් බලන් ඉන්නවා එහෙනම් ඔන්න සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 03:41 PM ඉතින් යාලුවනේ මගේ ..... කදුලත් සැනසුමක්.... කතා මාලාව නිමා වුනා. මගේ අලුත්ම නිර්මාණය තමයි මියදෙන තුරා මා ඔෙබ්. මම ඔයාලට අැරයුම් කරනවා මගේ අලුත් නිර්මානයත් රසවිදින්න.. විශේෂ ස්තූතිය. මුල්ම ස්තූතිය ගයාන් ධනු මල්ලිට(මගේ ගුරු). ධනු මල්ලී තමා මගේ හැකියාවන් හදුනාගෙන මාව කතා නිර්මානයට යොමු කලේ. දැනුම් සම්බාරයක් සමග උපදෙස් රාශියක් ලබා දුන් ඔබට මගේ හද පිරි ස්තූතිය. ඊ ළගට ස්තූතියිවන්ත වෙනවා ඉසුරු අයියේ ඔයාට. ඉසුරු අයියා නිසයි මට මේ ස්ටන් පවුලට ඒකට ඒකතුවෙන්න ලැබුනේ. කතා මාලාවේ අවසාන කොටස දක්වා අදහස් දක්වමින්, දිරී ගන්වමින් මාත් ඒක්ක රැදුනු ඔයාලා හැමෝටම මාගේ විශේෂ ප්‍රණාමය. ඔයාලා තමා මගේ ගමනේ සාර්තකත්වය. ( නම් නොකිව්වා කියලා තරහා වෙන්න ඒහෙම බෑ. ශා අයියයි, දූෂාන් අයියයි, ධනු අයියයි, අපේ රජතුමගෙයි හදිස්සී කිරීම නිසා තමා කතාව මේතරම් ඉක්මනට ඉවර වුනේ.) ඒ වගේම මට ලියන්න සහය වුන තවත් විශේෂ කෙනෙක් ඉන්නවා. ඒ තමා *ශදීගේ දිවිය වු ශානූ වගේ, සදුගේ දිවිය වූ සමී*. තව අම්මා අැතුලු පවුලේ සියලු දෙනාමත් අාදරෙන් මතක් කරනවා. මගේ කතා මාලාවේ පලමු කොටසේ ඉදන් අවසාන කොටස දක්වාම කෙමෙන්ට් ,ලයික් කරපු යාලුවෝ ගොඩක් හිටියා. ඒ වගේම නිහඩව මගේ කතාව කියවපු යාලුවෝ හුගක් හිටි බව මම දන්නවා. සියලු දෙනාටම මගේ හද පිරි ස්තූතිය. මට නන් අයුරුන් උදව් කල මම සදහන් කල, නොකල සියලු දෙනාටම නැවතත් ස්තූතියී. යාලුවනේ මම කතා ලොකයට අලුත්, මගෙ අඩුපාඩු හාදා ගන්නට උදව් කරන්න. අලුත් කතාව සමග ඒක වෙන්න මියදෙන තුරා මා ඔෙබ්. සියලු දෙනාටම තෙරුවන් සරණයි!!! දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 03:25 PM ශානුවයි ශදීවයි අදුරනවා වගේනේ කතාව. ලියමු. ලියමු දැන් ලියන කතා දෙක ඉවර වුන දවසට. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 11 Oct 2016 08:34 AM අපි දන්නවා ඒ ආදරේ කොහොමත් ඔහොම තමයි. අවසර ලැබුණා කියල හිතාගෙන පටන් ගන්නකෝ . එයා මොකුත් නොකියයි සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 07:57 AM මම මුලින්ම කිව්වනේ මේක අැත්ත කතාවක් කියලා. ශදී ශානුයි හුගක් සතුටින් අාදරෙන් ජීවත් වෙනවා. කිව්ව විදියටම මහ ගෙදර ඉන්න ලැබෙනවා. නමුත් ඒතනටත් අාච්චී අම්මා ගේ පැමිනිම නිසා අවුල් සහගත තත්වයක් අැති වෙනවා. අායෙත් ඒයාලට ශානුලගේ අම්මලා ළගට යන්න වෙනවා. නොයක් ප්‍රශ්න , අාර්ථික ප්‍රශ්න, ගෙදර අාරවුල්, සේන බාප්පගේ බලපෑම්, සියල්ල මැද ඔවුන් දෙදෙනා අෑත් වෙන්න හිතන්නේ වත් නෑ. ඒ දෙන්නා තවමත් ඒදා වගේ මයි. දෙන්නගෙන් ඒක්කෙනෙකුටවත් අනිත් කෙනා නැතුව ඉන්න බැහැ. ජීවිතේ නොයෙක් අත්දැකීම් විදලා තියෙන් ඔවුන් දෙදෙනා. සිය උත්සහයෙන් පුංචී කැදැල්ලක් හදාන සතුටින් ජීවත් වෙනවා. ජීවිතය සර්වසම්පූර්ණ නැතත් ඔවුන් ඒ ගැන මොහොතකටවත් දුක් වෙනවා අැති කියලා මම හිතන්නේ නෑ. මොකද ජීවිතේ ඔවුන් පතපු ඒකම දේ ඔවුන්ට ලැබුනා. ජීවිතය මරණයෙන් කෙළවර වෙනකන් ඒකටම ඉන්න. මේ කතාවේ හිමිකරුවන්ගේ කැමැත්ත ලැබුනෝත් ..... කදුලත් සැනසුමක්.... කතාවේ දෙවනි කොටස ලියන්න බලාපොරොත්තුවක් තියෙනවා. ....අාදරය මල්දමකි..... නමින් . ඒකෙන් සවිස්තරව කතාව දැන ගන්න ලැබෙයි. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 11 Oct 2016 06:50 AM ලස්සනට ඔය සිද්ධ වෙලා තියෙන්නේ වත්මන් ජීවිතේ ගැනත් දාන්න බලන්න පොඩ්ඩක් සඳුනිVeteran MemberPosts:2462 11 Oct 2016 01:30 AM ....කදුලත් සැනසුමක්.... 50. වන කොටස. ( අවසන් කොටස) ගෙදර අයගේ වෙස් වීම ශානු අයියාට දරා ගන්න බැරි වුනා. හැමදාමත් ශානු අයියා ගැන බැලුවේ ඒයාගේ මාමා නිසා මේ ගැන මාමා ඒක්ක කතා කරන්න ශානු අයියා තීරනය කලා. මාමා අම්මලාගේ හිත වෙනස් කරන්න පොරොන්දු වෙලා තිබුනා. අම්මයි, චූටී මාමායි විවාහා මංගල්‍ය පොඩියට කරන්න තීරනය කරලා තිබුනා. මමත් ඒකට කැමති වුනේ බොරු වියදම් වලට අකමැති නිසා. අම්මා අපේ හදහන් ගැලපෙනවද බලලා තිබුනේ ශානු අයියාලාගේ ගෙදරින් ඒ ගැන හුගක හිතන නිසා. ශානු අයියා ඔවා බලන්න ඔනේ නැහැ කියලා අම්මලාට දොස් කිව්වා. ඒත් අපේ හදහන් හොදට ගැලපිලා තිබුනා. පුතේ අපිටත් වෙන තැනකින් හදහන් බලවන්න ඔනේ. දැන් ඒක පාරක් බැලුවා මදිද. අම්මලා අායෙත් හදහන් බලන්න ඉල්ලනකොට ශානු අයියාට හොදටම කේන්ති ගියා. ඒහෙම කියලා බෑ පුතේ අපිත් බලන්න ඔනේ. ඔය විකාර වැඩ දැන් නවත් වන්න අම්මේ . මම දැන් ඒක පාරක් කිව්වනේ. ශානු අයියා අකමැති වුනත් මම අමමාගෙන් හදහන් ඉල්ලා ශානු අයියලාගේ අම්මට දුන්නා. චූටි මාමලාගේ ගෙදර තමා මගේ විවාහා උත්සවය ගන්න තීරනය කරන් තිබුනේ. සියලු වියදම් චූටී මාමා දරන්න පොරොනදු වෙලා තිබුනා.ශානු අයියලාගේ පැත්තේ කිසි උනන්දුවක් නැති නිසා උත්සවය ඒක දවසින් ඉවර කරන්න ශානු අයියා තීරණය කලා. ඒ නිසා වියදම් වලට යොදා ගන්න කියලා ශානු අයියා චූටී මාමාට සල්ලී දුන්නා. විවාහයට මාසයක් තියා මම චූටී මාමාලාගේ ගෙදර අාවේ අම්මාගේ අැවිටිල්ල නිසාමයි. ඒ අාවම තමා තේරුනේ චූටී මාමා විවාහට මොන තරම් මහන්සි වෙලාද කියලා. ඒයා විවහයේ අැදුම් ගැන පවා හිතලා තිබුනා. සියලු කටයුතු සාර්තකව සිදු වුනත් , තවම ශානු අයියලාගේ ගෙදරින් චූටී මාමා හම්බෙන්න නාවට මම දුක් වුනා. චූටී මාමාත් ඒ ගැන හිටියේ හරිම කේන්තියෙන්. මම නිතරම අයියාට කියලා කරදර කලේ , මේ වැඩෙන් චූටි මාමාට ශානු අයියාවත් ඒපා වෙයි කියලා බයට. විවාහා උත්සවයට ඒන්න ඒන්නම දින ලං වුනා. ශානු අයියාගේ තාත්තා නම් උත්සවයට ඒන්නේ වත් නැහැ කිව්වා කියලා ශානු අයියා මට කව්වා. මගේ හිතට සැනසීමක තිබුනේ චූටී මාමා ශානු අයියාව විස්වාස කරපු ඒක. හෙලොව් සුදු මැණික. මම අඩ නින්දෙන් පෝන් ඒක කනේ තීයා ගත්තම මට අහන්න ලැබුනේ ශානු අයියාගේ කටහඩ. මට හොදටම දවල් වෙනකන් නින්ද ගිහින්. කියන්න ශානු අයියේ. ඔයා දැන්ද අැහැරියේ. ශානු අයියා මගේ කටහඩින් අදුර ගන්න අැති. මම කමැලිකමින් අැදේ වාඩි වුනා. චුටී මාමාලාගේ ගෙදර කවුරුත්ම හිටියේ නැහැ. මදූ මල්ලී , නංගී ඉස්කෝලේ ගිහින්ලා. චූටී මාමායි නැන්දයීත් වැඩට ගිල්ලා. නින්ද ගිහින්නේ.... අනේ අනේ කම්මැලියා... අනේ ඉතින්... මට අැහැරවන්නේ නැතුව සේරමලා ගිහින්නේ... ඔයා පවු නිසා කට්ටිය අැහැරවන්න නැතුව අැති. ශානු අයියා හිනා වෙමින් කියද්දී , මොකක් ගැනද කියන්නේ කියලා මට තේරුනා. අැයි දන්නෑ පව්... මාසයක් මාව දාලා ඔහේ හිටපුවාගේ .අැරියස් තියෙනවනේ නිදි මරාගෙන ගෙවන්න ඒකයි. අා... ඒහෙමද? බලමුකෝ නේ.... පාලු නැද්ද ළමයෝ මං නැතුව. අනේ හුගක් පාලුයි ශානු අයියේ.. තව දවස් හතරනේ මගේ සුදු මැණික. ඊට පස්සේ සදහටම මගේ ළග. ඒතකොට කාටවත්ම බෑ ඔයාව මගෙන් අෑත් කරන්න. හැමදේම හීනක් වගේ නේද. ශානු අයියේ.. මගේ හිත ඉබේටම අපේ පාසල් සමයට පිවිසුනා. හැමදාමත් ශානු අයියගේ දිලිසෙන අාදරබර අැස් දෙක ඒයාලාගේ පංතියේ ඉදන් මගේ දිහා බලන් හිටපු හැටි මට අායී මැවිලා පෙනුනා . මම ඒ කාලයට හුගාක් අාදරය කලා. ඔව් මගේ රත්තරණේ.... හැදේම හීනයක් වගේ... අපේ හීනේ හැබෑ වුනා නේද ඒහෙනම්. සුභ අාරංචියක් කියන්න ගත්තේ. මොකක්ද අයියේ.. හෙට අපේ ගෙදර කට්ටිය චූටි මාමා හම්බෙන්න ඒනවා කිව්වා. අැති යාන්තම්... මාමාගේ කටේ බලේට කැමති වුනේ. කොහොම හරි ඒනවා නම් අැති . නැත්තම් ඔයාටයි හරි නැත්තේ. ශානු අයියා කියපු විදියටම අමිමායි ,තාත්තයි , මාමායි චූටී මාමා හම්බෙන්න අාවා . ඒකෙන් මගේ හිතට .ලොකු සැනසිල්ලක් දැනුනා. *********************** මට නින්ද යන්නෙම නෑ. චූටී මාමාලාගේ ගෙදර සෙනග පිරිලා. ගේ සරසනවා, හඩ් ගහනවා, කළබලයට වැඩ හැමෝම. මම හෙට අපි දෙන්නටම ඉදගන්න තිබුන සෙටියේ තනියෙම ඉදන් ඉද්දී මදූ මල්ලි මට විහිලු කලා. අා.... මනමාලී නම් දැන් මම සෙටිය අල්ගෙන... ඒක අැහිලා හැමෝටම හිනා. මගේ මල්ලිලා දෙන්නයි , මදූ මල්ලී , නංගී, තව අහල පහල නංගිලා කීහිපදෙනෙකුයි මගෙ ලගම ගැවෙසෙමින් හිටියා. සුදු දූ මට ඔයා ඒක්ක දෙයක් කතා කරන්න ඔනේ. අම්මා චූටී මල්ලිව උකුලට අරන් සෙටියෙ කොනක ඉදගනිමින් කිව්වා. අම්මා අාවම මදූ මල්ලිලා ඒතනින පිට වෙලා ගියා. කියන්න අම්මේ... ඔයා මට කිව්වනේ ඔයාගේ වෙඩින් ඒකට සේනව ගෙන්නන් ඒපා කියලා. ඒත් මට ඒක ඉෂ්ඨ කරන්න බැරි වෙනවා සුදු දූ.... අැයි ඒ.. මගේ හිත පිච්චිලා ගියා. මෙහෙ කවුරුත් ඒ කතා දන්නේ නැති නිසා චූටී මාමා ඒන්න කියන්න කිවුවා. චාරිත්‍ර වලට ඔනේ නිසා. ඒත් මට චාරිත්‍ර වලට ඒයා ඒපා. ඒවා චූටි මාමාට කරන්න කියන්න. ඔය ඉතින් කලබල වෙනවනේ. ඒකමයි මම කලින් කිව්වේ. ඒත් අම්මේ... මට සමා වෙන්න සුදු දු.. අද වගේ දවසක වත් ඔයාගේ සතුට වෙනුවෙන් මොකුත්ම කර ගන්න බැරි පව්කාර අම්මෙක් මං. අම්මා අැස් අගට අා.. කදුල දෑතින් පිසදාමා ගනිද්දී, මගේ හිත අම්මා ගැන හුගක් දුක් වුනා. ඒහෙම කියන්න ඒපා අම්මේ.... අම්මා දුක් වෙන්න ඒපා. අාපුදෙන්. මම හිතා හදා ගන්න උත්සහ කරමින් කිව්වා. ඒකාට අායි සුදු දූගේ ජීවිතේට ලං වෙන්න ඉඩ දැන්නේ නැහැ මම. මගේ දූ ඒ ගැන දුක් වෙන්න ඒපා. ශානු පුතාත් මගේ දූ හොදින් බලා ගන්න බව මම දන්නවා. අම්මා මාව තුරුලු කර ගනිමින් කිව්වා. මම අම්මාගේ උණුහුමට තුරුලු වුනේ හරිම අාසාවෙන්. සුදු දු .. සුදු දූ.. අැහැරෙන්න. අන්දන කෙනත් අැවිල්ලා. මම පාන්දර අැහැරුනේ අම්මාගේ කට හඩින්. මට පාන්දර වෙද්දී පැයක් දෙකක් නින්ද ගිහින් තිබුනා. මම ඉක්මනින් අැදෙන් බැහැලා මුන සෝදන් කාමරයට අාවා. පැය කීපයක් අැතුලත අන්දන්න අාපු අක්කා මාව මනාලියක් ලෙස හැඩ ගැන්නුවා. මුලින්ම මාව දැක ගන්න අාවේ චූටී මාමා, ඒයා තමා මගේ ජීවිතේ නිහඩ සෙවනැල්ල. ලස්සන සිනහාවක් මුහුනේ මාවාගෙන මගේ දිහා නිහඩව බලාන ඉදලා ඒතනින් පිට වෙලා ගියා. කාර් ඒක ඒන හඩින් මම තේරුම් ගත්තා ශානු අයියා අාව බව. මට ඉවසිල්ලක් නෑ ශානු අයියා දකින කන්. මට ඒළියෙන් අැහුනා පිලිගැනීමෙ ගීතයෙන් ශානු අයියා අැතුලු පිරිස පිගන්න හඩ. කාමරයේ මම විතරක් හිටි නිසා මම දොර රෙද්ද අතරින් ශානු අයියා දිහා බැලුවා. ශානු අයියා අද ලස්සන මනමාළයෙක්, ලස්සන සිනහාවකින් මුව සරසාගෙන පිලි ගැනීමේ ගීතයට සවන් යොමාගෙන හිටියා. ඒත් මම දන්නවා ඒ අැස් දෙකත් හොයන්නේ මාව කියලා. අපි දෙතැනක සිටි මාසය කල්පයක් වගේ අපිට දැනුනේ. විවාහය ලියාපදිංචි කිරිෙමන් පසු සියලු චාරිත්‍ර නිසි අයුරින් සිදු වුනා. සියලු නෑදෑ පිරිවර, අසල්වාසීන්ගෙන් ගෙන් නිවස පිරී තිබුනා. මගේ යාලුවෝ විමූ, නයනී , ගීත්මා, වගේම අයියගේ යාලුෙවා් හුග දෙනෙක් අපිට සුභ පතන්න අැවිත් හිටියා. කෙමෙන් පිට වන මොහොත උදා වුනා. සුභ නැකතින් ශානු අයියයි මමයි දෑත් පටලන් නිවසින් පිට වීමට දොරටුව අභියසට පැමිනියා. අම්මා සුදු මල් දැමූ වතුරු වීදුරුවක් රැගෙන ඉදිරියට අාවා. අපි දෙමාපියන්ගේ දෙපා වැද අාශිර්වාද ලබා ගත්තා. අම්මායී අාච්චී අම්මායි අපි දෙන්නව තුරුලු කරන් අැඩුවා මටත් ඉබේටම අැඩුම් අාවා. ශානු අයියලාගේ අම්මයි තාත්තායිත් අපිව තුරුලු කරන් සතුටු කදුලු හෙලුවා. සියලු දෙනාගේ සුභාශිංෂන මැද ශානු අයියයි මමයි අපගේ ලෝකය සොයා නික්මී ගියා.... . .. . . ... . . . . . සමාප්තයි! දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 10 Oct 2016 11:21 PM තව ටිකක් ඉවසපුදෙන් රෝසී අක්කේ හී දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 10 Oct 2016 08:05 PM මෙයාලට ඉවසුමක් නැ නේ ,,ඔන්න ඕකත් දාන්න නංගි DanuLiyanageVeteran MemberPosts:3457 10 Oct 2016 01:58 PM ikmanin ekath damma nam niyamayi ne මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 10 Oct 2016 08:33 AM හාකෝ හාකෝ දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 10 Oct 2016 04:53 AM ස්තුති මේ කොටස් ටිකට අවසන් කොටස කියවන්න බලාගෙන ඉන්නවා එහෙනම් සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 03:18 PM .... කදුලත් සැනසුමක් .... 49. වන කොටස. ****************************** ශානු අයියේ හෙට මට විභාගය පටන් ගන්නවා .මෙහෙ ඉදන් යන එක දුර වැඩි නිසා මම ගිත්මලගේ ගෙදර යන්න හිතුවා . හ්ම්ම්ම් . අද හවස යනවද හෙට උදේ යනවද? අද හවස යමු නේද අයියේ. නැත්තම් හෙට ඇදුනුත් උස්සගෙන විභාගෙට යන්න වෙනවනේ . මම එදා හවස ශානු අයියත් එක්ක ගීත්මලගේ ගෙදර ගියේ, ශානු අයියලාගේ ගෙදර ඉදන් විභාග ශාලාව තියෙන ස්කෝලෙට දුර නිසා. සති දෙකක් විතර එක දිගටම මම ගිත්මලගේ ගෙදර හිටියා . මට ඉතින් මේ ගෙවල් ඉදලා පුරුදු තැන්නේ . මට ගෙදර වගේම පුරුදුයි. ගිත්මා මට විභාගයේදී අනිවාරෙන් ප්‍රශ්න එන පාඩම් ගැන කිව්වා . සමහර පාඩම් මට හම්බෙලවත් තිබුනේ නැහැ . ගිත්මා මට ඒ පාඩම් ටික ටික කියල දුන්නා කෙටියෙන්. මට විභාගේ අමාරුද ලේසිද කියල වත් තේරුම් ගන්න බෑ . මොකද සමහර ප්‍රශ්න මම අහලවත් නැහැ . විභාගය් ඉවර වෙලා මම ගෙදර ආවේ හරිම සැහැල්ලුවකින් ." අම්මො දැන් ඒ කරදරයත් ඉවරයිනේ" කියලා . විභාගේ කිට්ටු වුන නිසා මම හදුන්කුරු හදන එකත් නවත්තලා දාපු නිසා , ගෙදර වැඩ ඇරෙන්න කරන්න කිසිම දෙයක් තිබුනේ නැ. සුදු දූ දැන් වත් ගෙදර යමුද? විභාගෙන් පස්සේ දවසක් අම්මා ශානු අයියලාගේ ගෙදර මාව බලන්න අපු වෙලාවක ඇහුවා. මට බැ අම්මේ .. මම දිගටම මෙහෙ ඉන්නවා. අම්මා කෝච්චර කිව්වත් මම ගෙදර යන්න කැමති වුනේ නැ. අම්මා ශානු අයියලාගේ අම්මතේ එක්ක අපේ විවාහය ගැන කතා කලේ විභාගේ ඉවර නිසා. හැමෝම අපේ විවාහය කල් දාලා තිබුනේ මම විභාගේ ඉවර වෙනකන් . විවාහා නොවුන ගැහැණු ළමෙක් පිරිමි ළමෙක්ගේ ගෙදර ඉන්න එක තරම් දුකද්ද කියලා මට දැනුනේ එදා . විවාහය ගැන ඇහුවම ශානු අයියගේ අම්මා දුන්නේ පුදුම උත්තරයක් . " ළමයින්ගේ තාත්තා මොනවා කියයිද දන්නේ නැ. එයා නම් කිව්වේ කොල්ලා ගෙයක් හදනකන් ඔය කසාදෙ කරන්න දෙන්නේ නැ කියලා" . අම්මට ඒ කතාවට හුගක් දුක හිතිලා තිබුනා . මට හොදටම දොස් කිව්වා. පේනවා නේද සුදු දූ ඔයාගේ මෝඩ වැඩ වලින් වෙන දේවල්. කමක් නැ අම්මේ මගේ කකුල හරි හොද වුනානේ .. කසාදා නොබද දිගටම මෙහෙ ඉන්නද කල්පනාව. කොහොම හරි කමක් නැ. මම මෙහෙන් යන්නේ නැ . මම හරිම මුරණ්ඩුයි කියලා අම්ම තවත් දොස් කිව්වා . අම්මා දුක් වුනේ ශානු අයියලාගේ අම්මාලා දැන් විවාහය ඉක්මන් වෙනවට අකමැති එක . සති කිපයක් කම්මැලි කමින් ගෙවා දැමුවා. දවසක් පත්තරය බලනකොට මම දැන්වීමක් දැක්කා , එක දැක්කම මට අලුත් බලාපොරොත්තුවක් ඇති වුනා. මම හොද වෙලාවක් බලලා ශානු අයියට මගේ අදහස කිව්වා . ශානු අයියේ මට තව කොර්ස් එකක් කරන්න ඕනේ . ඒක හොදයි මොකක්ද්ද කොර්ස් එක මම ඉගෙන ගන්න ආසම දෙයක් , ජොබ් එකක් කරන්නත් ඒක හොදයි. අනික එකේ තියේ වැඩි ලකුණු ගන්න අයට එතැනින්ම ජොබ් දෙනවා කියලා. මට හිතා ගන්න පුළුවන් මෙයා කියන කොර්ස් එක . හා කියන්න බලන්න .. මම ශානු අයියා දිහා බලාන හිනා වෙමින් කිවුවා. ගැෆික් ඩිසයින් වෙන්න ඔනී. ශානු අයියා මගේ හිතේ තියෙන දේ හරියටම කිව්වා . නිතරම මම ඒ ගැන කියවන නිසා එයා ඒක දැනන් හිටියා. ශානු අයියා මට කොර්ස් එක කරන්න අවසර දුන්නා. මුළු සතියම එක දිගට පංති පැවත්තුන නිසා මට විවේකයක් තිබුනෙම නැ . ශානු අයියා උදේට වැඩට යන ගමන් මාව ටවුන් එකට දාන් ගියා, හවස් වැඩ ඇරිලා එද්දී මාව ගෙදර එක්කගෙන ආවා. ඒ ආපු වෙලේ ඉදන්ම මම දවසේ ඉගෙන ගත්තු ඒවා ආයෙත් කරලා බැලුවා. ශානු අයියලාගේ අම්මා නම් මේ වැඩේට පොඩ්ඩක් වත් කැමති වුනී නෑ. මට ගෙදර වැඩ කරන්න වෙලාවක් නැති නිසා. සමහර දවස් වලට මන් එනකලුත් උයන්නේ නැතුව ඉන්නවා . කීපදවසක් මම මහන්සි නොබලා ඉව්වා . පස්සේ මම ශානු අයියට කිව්වා, ශානු අයියේ මට මේ කොර්ස් එක හොදට කර ගන්න ඕනේ , එක නිසා මට උයන්න වෙලාව නාස්ති කරන්න බැ කියලා. ශානු අයියා අම්මලට මොනවා හරි කියලද මන්ද ඊට පස්සේ ඉදන් හවස් වෙන්න කලින් උයලා තිබුනා. මම කොර්ස් එක සාර්ථකව නිම කළා . එත් දැන්විමේ තිබුන විදිහට රැකියාවක් නම් දුන්නේ නැහැ . මම ආයෙත් රැකියා හොයන්න පටන් ගත්තා. අම්මා ඒ අතරේ චුටි මාමා එක්ක අපේ විවාහය ගැන කතා කරලා තිබුනා. චුටි මාමා ශානු අයියට හම්බෙන්න එන්න කියලා තිබුනා. නිවාඩු දවසක ශානු අයියා පිටත වුනා චූටි මාමා හම්බවෙන්න. මම ටීචර් කෙනෙක්ගේ ගෙදර නතර වෙලා ඉන්නේ කියලා අාච්චි අම්මලා හැමෝටම කියලා තිබුන නිසා ශානු අයියා මාව ඒක්කගෙන ගියෙ නැහැ. චුටී මාමා ශානු අයියට කියලා තිබුනේ * මම කිසි දෙයක් හොයන්නේ බලන්නේ නෑ . වෙන දේවල් මොකුත්ම දන්නේ නෑ කියලා හිතන්න ඒපා. මම සේරම දේවල් දිහා හොදට බලන් හිටියේ. ඉක්මනටම මේ කසාදේ කෙරෙන්න ඔනේ. ගෙදර අය ඒක්ක කතා කරලා කොහොමද කෙරෙනනේ කියලා මට කියන්න. මේ පැත්තෙන් වෙන්න ඔනෙ ඒවා සේරම මගේ අතින් සිද්ද වෙනවා* කියලා. ශානු අයියා අම්මයි , තාත්තායි දෙන්නම ඉන්න වෙලාවක් බලලා ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. මම අහගෙන චූටී මාමා කිහපු හැමදේම ශනු අයියා අම්මලා ඒකක් කියනවා. මම හොදට කන්දිහාගෙන හිටියේ ශානු අයියගේ තාත්තා මේ ගැන මොකද තියන්නේ කියලා අහගන්න. ඒයා ඒහෙම කිව්වට අපට ඔවට කැමති වෙන්න බෑ. ඒහෙම කියලා බෑනේ තාත්තේ. අපි මේ ගැන ඉක්මනට තීරනයක් ගන්න වෙනවා. මම නම් කැමති නෑ ඉඩමක් අරන් ගෙයක් හදනකන් ඔය කසාදේ කෙරෙනවට. අනික කොහේ තියෙන සල්ලියක්ද. පොඩ්ඩක් ඉවසලා ඉන්නවා. මට පුදුමත් හිතුනා ශානු අයියලාගේ තාත්තාගේ කතාව අැහුනම. ඒදා ශානු අයියගෙයි මගෙයි සම්බන්දේ දුර දිග ගිහින් කියලා දැන ගත්ත දවසේ නම් හැසිරුනේ පහුවදාම කසාද බන්දන්න වගේ. ඒත් අද වෙද්දී ශානු අයියලගේ තාත්තාත් හුගක් වෙනස් වෙලා තිබුනා. ශානු අයියලාගේ ගෙදර අයගේ අකමැත්ත නිසාම ඒ කතාව ටිකක් යට ගියා. මම රැකියාවක් හෙව්වත් ඒකක් වත් හරි ගියේ නැහැ. මට හරියන ඒවා ශානු අයියාගේ හිතට අැල්ලුවේ නැහැ, ඒයාට හරියන ඒවා මගේ හිතට අැල්ලුවේ නැහැ. දින ,සති, මාස වෙලා හරිම වේගෙන් ගෙවිලා ගියා.මම සුපුරුදු විදිහට ගෙදර වැඩ කරගෙන ගෙදරට වෙලා හිටියා. දවසක් කම්මැලි කම නිිසාම තනියෙම කාමරයට වෙලා කල්පනා කරමින් හිටියා. මගෙ පොන් ඒක රින්ග් වෙනවා අැහිලා මම පොන් ඒක අතට අරන් බැලුවා. කෝල් ඒක අම්මගෙන් කියලා දැක්කම හරිම සතුටි කතා කරන්න පටන් ගත්තා. අම්මේ.... සුදු දූ .. කොහොමද. හොදින් ඉන්නවා අම්මේ.. ඒත් හරිම කම්මැලීයි.. මට ඉබේටම වගේ කිය වුනා. මම අම්මට කියලා තිබුනේ නෑ මේ ගෙදර තත්වය,මට ගෙදර යන්න කියන නිසා, හැමදේම ඉවසුවා. අැයි ගෙදර කවුරුත් නැද්ද. ඉන්නවා අනේ ඒත් කම්මැලී. අැත්තටම ඒවෙලාවේ ගෙදර කවුරුත් හිටියේ නෑ .ශානු අයියාගේ අම්මායි ,නංගී ටවුන් ගිහිල්ලා. කොහොමත් නිතරම මම ගෙදර හිටියේ තනියම. චූටී මාමා පණිවිඩයක් කියන්න කිව්වා. ඒකයි මම මේ ගත්තේ. මොකක්ද අම්මේ.. ශානු ළමයට කියන්න කිව්වා ගමේ ඉඩමේ මට අයිති කොටස ඔයාලට දෙනවා කියලා, වෙඩින් ඒක ගැන තීරනයක් ගන්න කියලා. හා අම්මේ මම කියන්නම්... කට්ටියට තිහෙන ලොකු ප්රශ්නය ඉඩමනේ . ඔන් ඒ ප්‍රශ්නයත් ඉවරයි. ගෙයක් හදා ගන්නකම් මහා ගෙදර ඉන්න පුලුවන් කිව්වා. සුදු අම්මාත් දැන් චුටී මාමාලාගේ ගෙදරලු ඉන්නේ ,චූටී නැන්දා වැඩට යන නිසා. ඒහෙනම් හොදයි. ශානු ළමයට කියන්න, අම්මටයි තාත්තායි චූටී මාමා හම්බෙන්න ඒන්න කිව්වා කියලා . මගේ හිතට දැනුනේ පුදුම සැනසීමක්. මම ශානු අයියා ඒනකන් මග බලන් ඉදලා පණිවිඩය කිව්වා . ශානු අයියත් හුගක් සතුටු වුනා. මේ පනිවිඩියි ශානු අයියලාගේ ගෙදර අයට කිව්වාම ලැබුනේ අපි හිනෙකින්වත් හිතපු නැති උත්තරයක්. *කවුරු මොනවා දෙනවා කිව්වත්, මේ වෙලාවේ ඔය කසාදෙට වියදම් කරන්න සල්ලී නෑ* ඊ ළග කොටසින් හමු වෙමූ...... අවසන් කොටස සමග ඒක වන්න.. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 04:20 AM 48. වන කොටස. ….කදුලත් සැ නසුමක් …. කෝ ඉන්නකෝ මං ඕවා කියන්නෙ නෑ. අනේ මොකුත් අහන්නවත් කියන්නවත් යන්න එපා ශානු අයියේ. එත් සුදු මැණික ඔයා පව්නේ .. කමක් නෑ ශානු අයියේ මට ඕවා පුරුදුයිනේ . මට ඔයා ඉන්න තැනක ඉන්න ලැබෙනවනේ ඒ ඇති. අනේ මන්ද ඉතින් .... මම ශානු අයියට අම්මලා එක්ක ඒ ගැන කතා කරන්න දුන්නේ නැහැ . එත් අම්මලා මොනදේ කිව්වත් මට වචනයක්වත් කිව්වේ නැහැ . මම සුපුරුදු විදිහටම ගෙදර වැඩ කරන් හිටියා . අම්මයි , නංගියි මාව මාගරින බව මට හොදටම තේරුනා . මම එයාලා ඉද්දි කුස්සියට ගියොත් එයා වචනයක් දෙකක් කතා කරලා කාමරයට ගියා .ඒක නිසා මම එයාලට බාදා කරන්න ගියේ නැ. වැඩ නැති හැම වෙලාවකම කාමරයට වෙලා පොත් පත් වල වැඩක් කර ගත්තා. ශානූ අයියලාගේ අම්මා හිතන්නේ කාමරයට වෙලා මම නිදා ගන්නවා කියලා. පාළුව වැඩි කමට සමහර වෙලාවට මට නින්ද ගියා . නංගිට මාව ඕනි වුනේ ඉස්කොලේ වැඩක් කරගන්න ඕනේ වුනහම තමයි. ඒ වෙලාවට අක්කි මේක කියලා දෙන්නකෝ කියලා මගේ ලගට ආවා. අනිත් වෙලාවට මාව මතක නැහැ, අම්මා පොලේ ගිහින් ආපු ගමන් ගීන සේරම කාමරයට අරන් ගිහින් තනියම කැවා. මට ඒවා ගැන දුක් වුනේ නැහැ. ඒවා එයාට අයිති දේවල් කියලා මම හිතා ගත්තා. මම ඒ වෙලාවට කාමරයෙන් එලියට වත් ගියේ නැහැ. මම ඒ දේවල් හිතුවේ නෑ. ඒත් දුක හිතුන වෙලාවට හැමදේම කල්පනා වුනා. අම්මා නැති අඩුව හොදටම දැනුනා. සමහර විට ශානු අයියලාගේ අම්මලා මට වරදක් කරනවා නෙමෙයි වෙන්න පුළුවන් , එත් මට අම්මා ළග එහෙම ඉදලා නැත නිසා ඊර්ෂියා හිතනවා වෙන්නත් පුළුවන් කියලා ,වෙලාවකට මම හිතුවා. ඉස්කෝලෙත් නොයන නිසා මට මොකක් හරි රැකියාවක් කලොත් හොදයි කියලා හිතුනා. මම පත්තර වලින් රැකියාවක් හොයන්න උත්සහ කළා. දවල් දවසම මට වචනයක් කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ. මම නිහඩවම ඉදලා පුරුදු වෙලා , මට කතා කරන එක අමතකම වෙලාද කොහෙද ශානු අයියා එක්කත් කතා කලේ ඕනිම දෙයක් විතරයි. ශානු අයියේ .. ම්ම්ම්ම්ම් ... මට ජොබ් එකක් කරන්න ඕනි. ශානු අයියා පුදුමයෙන් මන් දිහා බැලුවා . පිස්සුද ළමයෝ .. කම්මැලි අයියේ ගේ අස්සට වෙලා ඉදලම . එත් විභාගේ කරන්නේ නැද්ද එතකොට . කරනවා ශානු අයියේ.. හා කරලා ඉන්නකෝ ජොබ් කරන්න . මං පත්තරෙන් එකක් හෙව්වා . ආ සේරම කරලයි මට කියන්නේ . එක ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එකක්. එහෙමද මොකද්ද කරන්න තියෙන්නේ. දන්නේ නෑ . ගිහින්ම බලන්න ඔනී. හා ගිහින් බලමුකෝ . හැබැයි ඔයා ඕවා කරන්න ඕනි නෑ . ඉස්සරලා පුළුවන් විදිහට විභාගය ලියලා ඉන්න. අනික ජොබ් කරන්න ඕනිත් නෑ. කම්මැලි නිසානේ . හා ගිහින් බලමු කො ගෙන්න බලන්න පත්තරේ . මම කියන පරක්කුවෙන් පත්තරය ගෙනත් දුන්නා. ශානු අයියයි මමයි එතනට ගියා . ස්වයං රැකියා ගොඩක් තිබුනා . ගොඩක් ඒවාට මුලින් ලොකු වියදමක් ගියා අවශ්‍ය අමු ද්‍රව්‍ය ගන්න. එක නිසා මම හදුන් කුරු හදන්න තිරණය කළා. සල්ලි දීලා අමුද්‍රව්‍ය අරන් අපිට හදලා විකුණ ගන්න කියලා එයාලා කිවුවා. රැකියා කරන්න උත්සහ කරපු එකෙන් මට එක හොදක් වුනා. ඒ ආයතනය මගින් විවිධ පඨමාලා කරගෙන ගියා. මමත් ඔපිස් කොර්ස් එකක් කරන්න තිරණය කළා. ඉස්කූලෙත් නොයන එකේ මම කොර්ස් එකයි, රැකියාවයි කරගෙන ගියා . දවසේ වැඩ ප්‍රමානය වැඩි වුන නිසා, මට කල්පනා කරන්න දුක් වෙන්න තිබුන වෙලාව අඩු වුනා.ඒ නිසා මම හොද තීරණයක් ගත්තේ කියලා හිත හදා ගත්තා. කොර්ස් එකේ විභාගයයි , උසස් පෙළ විභාගයයි ළග ළගම වැටිලා තිබුනා. මුලින් තිබුනේ කොර්ස් එකේ විභාගය . එකේ ප්‍රතිඵල එදාම ලැබුනා . මම ගෙදර ආවේ සතුටින්. ශානු අයියා එනකන් බලන් හිටියේ ප්‍රතිඵල කියන්න. මොකද අද මගේ සුදු මැණික සතුටින් .. ශානු අයියා එනකන් පෙර මග බලන් ඉන්නවා දැකලා ශානු අයියා මගෙන් ඇහුවා . අද විභාගයනේ ක්ලාස් එකේ. ආ .. ලේසි වගේ . කවදද රිසාල්ට් එන්නේ . අද දුන්නා. කියන්නකෝ ඉතිං .. ශානු අයියා තවත් මගේ ලගට වෙමින් කිව්වා . මම කොර්ස් එකේ ළමයින්ගෙන් දෙවෙනියා. නියමයි.. ශානු අයියා මාව සතුටින් තුරුල් කර ගත්තා. අපි හිටියේ ඉස්සරහා දොර ගාව නිසා මම පිට බැලුවේ ඉබේටමයි . අනේ ශානු අයියේ කවුරු හරි එයි. ශානු අයියා මගේ අතින් ඇදගෙන කාමරයට ගියා. ඊ ළග කොටසින් හමු වෙමු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 04:01 AM බලමුකෝ මේ අනාවැකි කාරයොත් ඒක්ක මොකුත් කරන්න බෑ දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 09 Oct 2016 02:36 AM අන්තිමට තියෙන්නේ වෙනම පදිංචියකට ගිහින් සතුටින් දෙදෙනා ජීවිතය ගත කරමින් සිටී කියල වෙන්න ඇති සඳුනිVeteran MemberPosts:2462 09 Oct 2016 02:10 AM මාර වැඩේ කියන්නේ පුළුවන් වුනානේ.......... දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 09 Oct 2016 01:27 AM ඉවර කරන්න පුලුව් වෙයිද ඔය ඉතුරැ කොටස් තුනෙන් DanuLiyanageVeteran MemberPosts:3457 09 Oct 2016 12:25 AM thawa tikayi thawa tikayi මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 08 Oct 2016 03:19 PM ….. කදුලත් සැනසුමක්….. 47. වන කොටස. මම ශානූ අයියගෙ බෙල්ල බදාගෙන කෑගැහුවා. මට හොදටම දාඩිය දාලා. මට කොහොමවත් තව ඉන්න බෑ. ශානූ අයියා මට බෝඩ් එකකින් පවන් ගැහුවා. ඒත් මගෙ දාඩියත්, වේදනාවත් එන්න එන්නම වැඩි වුනා. කාලය ඉවර වුනාම පත්තුව ලිහා දැමුවා. මුලු කකුලම හිරි වැටිලා කැට , පතුරු වල අහු වුන තැන් ඇතුලට එබිලා රතුවෙලා, තිබුනා . දැන් වෙදමහත්තයා ළගට යන්න. එහෙම කියපූ පත්තූ බදින පුද්ගලයා එතනින් නික්මිලා ගියා. හිරිය අඩුවෙන තුරු හිටියත්, අඩු නොවුන නිසා ශානූ අයියගෙ වාරුවෙන් වෙදමහත්තයා ළගට ගියා. දැං කොහොමද ඔය ළමයට. බලන්න කකුල බිම තියලා ඇවිදින්න. ඇවිදින්න. මම පුදුමයෙන් වෙදමහතා දෙස බලමින් කිව්වා. ඔව් බය නැතුව කකුල බිම තියන්න තියලා ඇවිදින්න. මම කකුල බිමින් තියලා බර දුන්නා. කලින් තරම් වේදනා නැහැ. මම පියවර කිහිපයක් තෑබුවා. එක පාරටම වේදනාවක් ආ නිසා මම වෙදමහතාට ඒ බව කිව්වා. හොදයී තව එක පාරක් එන්න වේවී. දනිස්සෙ ඇටේ සැරින් සැරේ පනින්න පුලුවන් ආයිත් එක පාරක් එන්න. හොදයී වෙද මහත්තයෝ. දැන් ඔය ළමයට ආවාට වඩා හොදයිනේ නේද. ඇවිදින්නවත් බැරුවනේ ආවේ. එහෙමයී වෙදමහත්තයෝ. ගෙදරදී සති තුනක් බැදීමට බෙහෙත් වට්ටෝරූ සමග තෙල් බෝතලයක් ලබා දුන්නා. හොදයී එහෙනම් , ඔය බෙහෙත් ඉවර වුනාම හොද නොවුනොත් එන්න. ඒ බෙහෙත් වලින් මට ඇවිදීමට හැකියාව ලැබුනත් සැරින් සැරේ වේදනා ඇති වුනා. ඒක නිසා සති තුනකින් නැවතත්. මරදංකඩවල වෙදගෙදරට යන්න තීරනය කලා. ඒ වතාවේදීත් පැයක තෙල් පත්තුවක් නියම වුනා. පෙර මෙන්ම නිවෙසේදී බැදීමට බහෙත් වට්ටෝරු ලබා දුන්නා. දිගින් දිගටම ප්‍රතිකාර කරගෙන ගියා. අවසානයේ මාස හතර හමාරක් අවසානයේ දෙපයින් ඇවිදීමේ හැකියාව ලැබුවා. මාස පහකට කිට්ටු කාලයක් මම ඉස්කෝලේ ගිහින් නැති නිසා, පාසල් යාම අතහරින්නට පවා සිත් වුනා. එත් කොහොම හරී උසස් පෙල විභාගයට පෙනීසිටීමට මට ඕනී වුනා. මාස ගනනාවකට පසූ මම පංති යාමට සූදානම් වුනා. ශානූ අයියා මාව පංතියට ඇලලා ආවා. මගෙ යාලුවෝ හුගක් සතුටු වුනා මම නැවත පංතී එන්න පටන් ගත්තට. හුග කාලෙකට පස්සෙ මගෙ යහලුවන් එක්ක පැය පහක් පමන ගත කලා. පංති අවසානයේ මට ගෙදර එන්නට සිදු වුනේ පාරේ බස් එකේ. මම බස් එකට නැගීමට යනවිට දනහිසේ වේදනාව නැවත ඇති වුනා. තවමත් කකුල නිට්ටාවටම සුව වී නැත් බව තේරුනා. මම නිවසට පැමිනී වහාම ශානූ අයියා සමග විස්තරය කිව්වා. මොකද දැන් කරන්නෙ. මට එන්නත් බෑ ඔයාව හැමදාම ඇරලන්න. ඒකනේ. බස් එකේ යන්න බයයී ශානූ අයියේ. පඩිපෙල් නගිද්දී ඒ කකුලට බර වැටෙනවා වැඩීනේ. හ්ම්ම් තව බෙහෙත් ඉතුරු තියෙයී නේද. මට බෙහෙත් කියන කොටත් වේදනා ඇති වුනා. දනහිස බෙත් බැදලම දියපට්ට දාලා ,හම ගිහින් තිබුන නිසා, බෙහෙත් බැදන් ඉදීම මට අසීරූ කාර්යයක් වුනා. ඔව් . ඒ ටිකත් බදිමූ. අඩු වෙයී අනේ .පංතී ඉස්කෝලෙයි යන එක තමා අවුල. ඉස්කෝලෙට ගිහින් කතා කරන්න වෙයී ශානූ අයියේ. මාස ගනක් ඉස්කෝලේ ගියෙ නැහැනේ. සීයට ගාන නැත්තම් ඉස්කෝලෙන් විභාගෙය යන්න දෙන්නෙ නැහැනේ. එහෙම වුනොත් මොකද කරන්නෙ. අනේ මංදා ශානූ අයියේ. මම ඒ ගැන කල්පනා කරමින් නිහඩ වුනා. මේ… සුභ ආරංචියක් තියේ කියන්න. ශානූ අයියා මගෙ මුහුනට එබෙමින් කිව්වා. ඒ මොකද්ද ශානූ අයියේ. මම අර ගියෙ ඉන්ටවීව් එකෙන් කෝල් කලානේ. තේරිලාද. මම එහෙම ඇහුවේ හරිම හදිස්සියෙන්. ශානූ අයියගෙ ඇස් දෙකෙන්ම තේරුනා රැකියාව හරි ගිහින් බව. පත්තරේ දැන්වීමකට ගිය සතියේ සම්මුක පරීක්ෂනට ගිහින්,ඒකෙන් කොල් කරනකන් ශානූ අයියා බලන් හිටියේ. ඔව් මගෙ සුදු මැනික. ශානූ අයියා මාව තුරුලූ කරගෙන සිප ගනිමින් කිව්වා. නියමයිනේ. මොකද්ද ශානූ අයියේ එලවන්න තියෙන්නෙ. සර්ගේ කාර් එක. ළමයින්ව ස්කෝලේ දාන්නයී ගේන්නයි, සර්ට ඕනී ගමන් යන්නයී. ශානූ අයියා ලොකු විස්තරයක් කියාන ගියෙ හරිම ආසාවෙන්. මම කතාවට බාධා නොකර අහගෙන හිටියා. හොදයී නේද. හොදයී ශානූ අයියේ. ශානූ අයියා වැඩට යන්න පටන් ගත්තා. බස් වල යන්න අමාරූ නිසා මං ඉස්කෝලෙවත් ,පංතිවත් යන්න වුනේ නැහැ. මම රණසිංහ සර්ගෙට කෝල් කරලා විස්තර අහ ගත්තා. සර් කිව්වේ. ඉස්කෝලෙන් ලියන්න හදලා දෙන්න අමාරුයී. බාහිර අයදුම් කරුවෙක් විදිහට විභාගයට ඉදිරිපත් වෙමු කියලා. වෙන විදිහක් නැති නිසා මම ඒ ක්‍රමයට කැනති වුනා. අම්මා මට නිතරම කතා කරලා දැන් ආපහු ගෙදර යන්න කිව්වා. ශානූ අයියා මං යනවට පොඩ්ඩක් වත් කැමති වුනේ නැහැ. මගෙ හිතෙත්, බැරි කාලෙ මාව අතෑරලා දාපූ මිනිස්සු ළගට යන්න හිත දුන්නෙ නැහැ. මම හේතූ කියමින් ගෙදර යන එක මග හැරියා. මට දැන් විභාගය ගැන ලොකු බලාපොරොත්තුවක් නැහැ. විභාගේ ලියන්න විතරයී ඕනේ වුනේ. මොකද දැන් මට හුගක් පාඩම් මග හැරිලා මට ඒවා අල්ල ගන්න අමාරුයී. ශානු ආයියා දිගටම නයනිගෙන් ටිවුට් ඉල්ලලා දුන්නා.විෂයන් වලට අදාළ පොත් අරන් දුන්නා. මම ගෙදට වෙලා ඒවා බලා ගත්තා. ඒත් නොතේරෙන තැන් හුගක් තිබුනා. මගේ අතින් තමයී ගෙදර වැඩ සේරම සිද්ද වෙන්නෙ. ශානූ අයියලගෙ අම්මත් පාන්දර කිරි කපන්න යනවා. නංගි ඉස්කෝලේ යනවා. තාත්තා එන්නෙත් සති කිපයකට වතාවයී. ශානූ අයියත් වැඩට ගියාම ගෙදර ඉතුරු වෙන්නෙ මම විතරයී. ඒක නිසාම සේරම ගෙදර වැඩ කෙරුනේ මගෙ අතින් . පාන්දර ඇහැරලා උයන්න, මිදුල් අතු ගන්න, ගෙවල් අතුගාන්න අස් කරන්න, ගැබුරු ලිදෙන් ගෙදර වැඩ වලට වතුර අදින්න සීද්ද වුනා. මම ඒවා කරදරක් විදිහට හිතුවේ නැහැ. ඊට වඩා හුගක් දේවල් මේ ගෙදර මිනිස්සු මට කරලා දීලා තිබුනා. ඒත් අමාරුම වැඩේ වුනේ අර ලිදෙන් වතුර අදින එක. ඒ සේරම වැඩ වලින් පස්සෙ මං පොත් පත් වල වැඩ කලා. නංගිට ඉස්කෝලේ වැඩ කරන්න උදව් කලා. කාලයක් ගෙවීගෙන ගියා මගෙ කකුල දැන් සූවයී. විභාගය අත හැරලා තුබු නිසා මම පංති යන්න උත්සහ කලේ නෑ. ශානූ අයියා නිතරම මට ආයෙත් පංතිවත් යන්න කිව්වා. ඒත් දැන් බොරුවට සල්ලි වියදම් කරන එකේ තේරුමක් නැහැ කියලයී මම හිතුවේ. ශානූ අයියගෙ අම්මා දවසක් වැස්සෙත් නැතුව කිරි කපන්න නොයා හිටියා. අම්මේ ඇයී අද කිරී කපන්න නොගියේ. මම ශානූ අයියලගේ අම්මගෙ කාමරයට හිස පොවමින් ඇසුවා. අම්මා හිටියේ නිදාගෙන. ඔලුව උස්සලා මගෙ දිහා බලපූ අම්මා. මගෙ අතක් ඉදිමිලා දුවේ. රිදෙනවා බෙහෙත් ගන්න වෙයි වගේ. මොනවා වෙලාද අම්මෙ. කොහො හරි වැදුනද. නෑ. නිකන්මයී. නංගී ආවම ටවුන් ගිහින් බෙහෙත් අරන් එනවා. හා අම්මෙ එහෙනම් .උයලා තියෙන්නෙ කාලා ඉන්න. මම ඒක නිසා ගෙදර සේරම වැඩ හොයලා බලලා කෙරුවා. දවස් ගනනාවක් ගෙවුනත් අම්මගේ අතේ සුවයක් තිබුනේ නැහැ. නංගී ගෙදර වැඩ වලට හරිම කම්මැලී, කිසිම වැඩක් කෙරුවේ නෑ, සේරම වැඩ මගේ කරපිට වැටුනා. මම ඒ ගැන කල්පනා නොකලත් ,දවසින් දවස අමුතු දේවල් සිද්ද වුනා. මම ගෙදර වැඩ සේරමත් කරලා අම්මට නාන්නත් වතුර ඇදලා තිබ්බා. හවස අම්මා නංගිත් එක්ක නාන්න ලිද ලගට ගියා. මම ටිකකින් එලියට ගිහින් බලනකොට. නංගී එක්ක කතාකරමින් , අම්මා නංගිගේයී එයාගෙයී රෙදී හෝදනවා. නංගී ලින් බැම්මට හේත්තූ වෙලා අම්මා එක්ක හුරතල් වෙමින් හිටියා. මට කේන්ති ගියේ, අත අමාරුයී කියලා ඉද්දී, රෙදී හෝදව ගන්න නිසා. අම්මා නංගිට නාන්න වතුරත් බාලා දෙනවා මම දැක්කා. මට තේරුම් ගියා අතේ අමාරුව බොරුවක් කියලා. මට පුදුම දුකක් ආවේ මේ දේවල් දැක්කම. ඒත් මං දුක් වුනේ නැහැ. මට පුලුවන් විදිහට සේරම වැඩ කලා. දවසින් දවස ගෙව්නා, ශානූ අයියලගේ අම්මා අයියට මං ගැන නොයෙක් දේවල් කියන්න ගත්තා. ඒත් මගෙ මූනට මොකුත්ම කිව්වෙ නෑ දුවේ කියලා කට පුරා කිව්වා. මම හැමදේම ඉවසුවේ ශානූ අයියා වෙනුවෙන්. අම්මා කියපූ විදිහටම මේ ගෙදර තත්වය වෙනස් වුනා. අම්මේ.. ආ පුතේ ඔයා ආවාද? කෝ අම්මේ ශදී නංගී. නිදී ඇති පුතේ දවසම නිදියනවනේ. අම්මා කතා කලේ නැද්ද. නෑ. මම හිටියේ කාමරේ ඇතුලේ පොත් වල වැඩ කරමින්. මට ලොකු වේදනාවක් ආවා අම්මා කියපූ දේට. දවසම හොදට නිදා ගන්නෙ ඒ දෙන්නා. දැං මම නිදිලූ. මගෙ ඇස් වලින් කදුලූ කඩන් වැටුනා. මූනට දෙයක් නොකිව්වත්, මට ශානූ අයියලගෙ අම්මලා එක්ක ඉන්න ආසාවක් තිබුනේ නැහැ. ඒක නිසා වැඩ නැති හැම වෙලේකම තනියෙම කාමරයට වෙලා හිටියා. ඒක නිසා මාත් නිදා ගන්නවා ඇති කියලා අම්මා හිතනවා ඇති කියලා මං හිතුවා. සුදු මැනික.. අම්මා කිව්වෙ ඔයා නිදි කියලා. ඇයි රත්තරං අඩන්නේ. මොකුත් නෑ ශානූ අයියේ… මං කදුලූ පිස දමමින් කිව්වා. නෑ නෑ මොකක් හරි වෙලා තියෙනවා. කියන්නකෝ. මම ශානූ අයියට සේරම විස්තරය කිව්වා. එයාටත් හුගක් දුක හිතිලා අම්මලගෙන් අහන්න යන්න හැදුවා. ඉන්නකෝ මං අම්මගෙන් අහන්න . අනේ එපා ශානූ අයියේ. මම ශානූ අයියගේ අතේ එල්ලුනා. ඊ ළග කොටසින් හමු වෙමූ දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 02:09 PM ….කදුලත් සැනසුමක්….. 46. වන කොටස අනේ ඇයි අඩන්නේ මගේ රත්තරනේ.. අනේ.. මාව…… එක්කන් ….යන්න ……මගෙ ශානූ ..අයියේ. හරි රත්තරනේ එක්ක යන්නම්. අම්මාගෙන් ඇහුවද? ඇහුවා . එයා ….කැමති නෑ…. ශානූ අයියේ… මම කෑගසමින් ඇඩුවා. මට ඒ ගෙදර ඉදීම එපාම වෙලා තිබුනේ. ආච්චි අම්මා දොස් කිව්වත් මං ඇඩීම නැවැත්තුවේ නෑ. මගෙ හිත කරන්න ඉල්ලන්නෙ වැරදී වැඩක් කියලා මම දන්නවා. ඒත් මට තවත් දුක් ඉවසන්න බෑ. ඉස්සරහට මොනවා වුනත් කමක් නෑ කියලයි හිත කියන්නෙ. කොහොම හරි මගෙ කකුල හොද කර ගන්න ඕනේ.. අම්මට කීප සැරයක්ම කෝල් කරලා , යන්න ඇහුවා එයා කැමති නෑ.එයා තීරනය වෙනස් කරන්නෙම නැහැ. මාත් තීරනය වෙනස් කරන්නෙම නෑ , කෑගහලා ඇඩුවා . වස් වෙද්දි ශානු අයියා බලෙන්ම වගේ මාව අරන් ගියා. මේ දවස් වල වියදම් වල හැටියට ත්‍රීවීල් වල යන්න සල්ලි නෑ ,බයික් එකේ කොහොම හරි යමුද ඇහුවා. මාත් හා කිව්වා. අනිත් කකුලට බර දිලා මම බයික් එකට නැග්ගා. කොහොමත් මට දැන් ඒ කකුල ඕනේ දේකට හුරුයී.අන්තිමේදී මං ශානූ අයියලාගෙ ගෙදර ගියා. ආච්චි අම්මා, අම්මට කියලා නෑ හවස මාව ශානූ අයියා එක්කන් ගිය බව. පහුවදා උදේ දැනගෙන අම්මා මට කතා කරලා හොදටම දොස් කිව්වා. ශානූ අයියා පාන්දරින්ම මාමලාගේ ගෙදර ගියා. මම ශානූ අයියගෙ අම්මත් එක්ක එකතු වෙලා බේත් කෙටුවා. පස්සේ ශානූ අයියලාගෙ අම්මා බේත් බැන්දා.ශානූ අයියා දොළහා වෙද්දි එනවා. මගෙ අනිත් වැඩ සේරම වුනේ ශානූ අයියගෙ අතින්. කැව්වේ, පෙව්වේ, නෑව්වේ, රෙදි හේදුවේ මේ හැමදේම කලේ ශානූ අයියා. තව බේත් හෙව්වෙ බේත් කෙටුවෙ, බේත් බැන්දේ පුලුවන් හැම වෙලාවකම ශානූ අයියා. මාස තුනක්ම ගෙවිලා ගියා පාසල් නොයා. මට දැන් මගෙ ඉස්කෝල ගමනත් හිතින් අත්අරින්න වෙනවා. මාස තුනක් ගෙවිලත් කකුල තවම බිම තියන්න වත් බෑ. හය වෙනි වතාවටත් බෙහෙත් අහන්න වෙදගෙදර ගියා. එහෙන් කිව්වෙ කරන්න පුලුඑවන් හැමදේම කලා, තවත් මේ කකුලට දෙන්න බෙහෙත් නැහැ, තේරෙන්නෙ නෑ මේ බේත් වලට ඇයි හොද නොවුනේ “ කියලා. ඒ කියන්නෙ මට ආයී කවදාවත් මේ කකුල බිම තියලා ඇවිදින්න වෙන්නෙ නැහැ. වෙදගෙදරින් ශානූ අයියලාගෙර් ගෙදර ආපූ වෙලාවෙ ඉදන් මම ඇඩුවා. අනේ… ශානූ.. අයියේ… මට ඇවිදින්න බැරී වෙයි නේද කවදාවත්ම. පිස්සු කියන්නෙ නැතුව ඉන්න සුදු මැනික. වෙන බෙහෙත් නෑ කිව්වනෙ. වෙන තැනකින් ගමූ. ඒත් මේ වෙදගෙදර මේ පැත්තට තියෙන හොදම තැනනේ ශානූ අයියේ. උයිට වඩා හොද තැන් තියේ . ලොකේ කොහෙ හරි ගිනිහින් මං ඔයාව හොද කරනවා රත්තරං. ඔයා බය වෙන්න එපා. මම එහෙන්මම ශානූ අයියගෙ උරහිසට ඔලුව තියාගෙන ඉකි බින්දා. ශානූ අයියා ටිකකින් ගෙදරින් පිට වෙලා ගියේ, හොද වෙද ගෙදරක් ගැන තොරතුරක් හොයා ගන්න. හවස හය පහු වුනත් ශානූ අයියා ගෙදර ආවේ නැහැ. මට බයකුත් හිතුනා, පරක්කු වෙනකොට, ශානූ අයියලාගෙ අම්ම කිව්වෙ වෙනදටත් යාලුවෝ හම්බෙන්න ගියාම රෑ වෙනවා කියලා. යන්තම් රැ අට පහු වීගෙන එද්දි ශානූ අයියා ගෙදර ආවා. මම හිටියේ සාලයේ ශානූ අයියගෙ තාත්තාගේ ඇදේ වාඩී ගෙන ටීවී බලමින්. ශානූ අයියා හිනා මුසු මුහුනින් ඇවිත් මගෙ ලගින් ඉද ගත්තා. සුදු මැනික බෙහෙත් කරන්න තැනක් හම්බුනා. අනේ කොහොද ශානූ අයියේ. හොදයිලුද එතන. මම ඇහුවේ හරිම හදිස්සියෙන්. හොදයී කියන්නෙ හොදම හොදයී. අහලා තියෙද. “මරදංකඩවල යකඩයා” . අන්න ඒ වෙදමහත්තයාගෙන්. මං අහලා තියේ අයියේ. හුගක් රිදෙනවලුනේ. එයා ඇට උනූ වෙලා හයි වෙන්න තෙලක් බදිනවලූ නේද? ඔව් රිදෙනවා නම් තමා රත්තරං .ඒත් මගෙ යාලුවෙක් එහෙ ගිහින් එක දවසින් හොද වෙලා. රිදුනට කමක් නැ අයියේ හොද වෙනවා නම්. ත්‍රීවීල් එකක් කතා කරං යමූ, සල්ලි ටිකක් හොයාන. මගෙ අතේ සල්ලි නෑ සුදු මැනික මේ ටිකේ. බයික් එකේ යමූ අයියේ. පැය හත අටක ගමනක්, කකුලත් බැරුව ඉදන් ඒ තරම් දුර බයික් එකේ යන්න පුලුවන්ද?. කොහොම හරී යමූ ශානූ අයියේ. බොරුවට වියදම් කරන්න ඕනී නෑ. ශානු අයියා බයික් එකේ එක්ක යන්න නම් කොහොම වත් කැමති වුනේ නෑ. දවස් කීපයක්ම ගෙවිලා ගියත් සල්ලි හොයා ගන්න බැරි වුනා.අන්තිමේදී බයික් එකේ මරදංකඩවල යන්න ශානූ අයියා කැමති වුනා. අම්මටත් විස්තරෙ කිව්වා. එයා කිව්වෙ පුලුවන් විදිහක් කරන්න කියලා. චූටී මාමා නම් මං ගැන හොයන එක නවත්තලම දාලා තිබුනා. ආච්චි අම්මා චූටී මාමාට කියලා තිබුනේ මම ටීචර් කෙනෙක්ගේ ගෙදර නතර වෙලා ඉන්නෙ කියලා. ආච්චි අම්මා පුංචිලාගෙ ගෙදර ගිහින් තිබුනා, ලොකු අම්මත් පුතාගෙ ගෙදරට ගිහින් තිබුනා . අපි අටට විතර රෑ කෑමත් කාලා.මරදංකඩාවල යන්න පිටත් වුනා. මම තව නොන්ඩියෙන් පැන පැන යන්නෙ. ඒත් අනිත් කකුලේ වාරුවෙන් මම බයික් එකට නැග්ගා. වැඩි දුරක් යන්න කලින්ම. දනිස්ස නමාගෙනම ඉදලා, ඇදුම් කන්න පටන් ගත්තා.රෑ සීතලත් , නිදි මතත්, වේදනාවත් මැදින් අපි නිහඩව ගමන් කලා. පැය තුනක් ගත වෙත්ම මට වේදනාව තවත් ඉවසන්න බැරි වුනා. ශානූ අයියේ. ටිකක් ඉදලා යමුද? ඇයී. දනිස්ස රිදෙනවා අයියේ නමන් ඉදලම. පස්සත් පිච්චෙනවා වගේ. ඒකනී ළමයො මං කිව්වෙ, බයික් එකේ යන්න බෑ කියලා. යන්න බෑ කිව්වෙ නෑනේ .පොඩ්ඩක් ඉදලා යමුනේ කිව්වෙ. තව පැය තුනයී ආවේ, තව පැය පහක විතර දුරක් යන්න තියේ. අනේ ඉතිං. හරි ස්ටෑන්ඩ් එකක නවත්තන්නම්. මේ පාලූ හරියේ නවත්වන්න බෑ . අපි තැනින් තැන නතර වෙමින්, විඩා නිවමින් දිගටම ගියා. මම පාර හරියට දන්නෙ නෑ සුදු මැනික පාර වැරදිලා වගේ කාගෙන් හරී අහමුද? කවුරුත්ම පාරේ නෑ නේ ශානූ අයියේ. රෑ දොලහත් පහු වෙලා තිබුන නිසා පාරේ කවුරුත්ම හිටියේ නැහැ. ටික දුරක් යද්දි පොඩි රෑ කඩයක් හම්බුනා. අපි ඒකෙන් පාර ඇහුවා. අයියෝ පුතේ ඔයාලා පාර වරද්දගෙනනේ. මේ පාරෙනුත් ගියහැකී ඒත් දුරයි. දැං ඉතිං අහපහු ගියොත් ඊටත් වඩා දුරයී මේ පාරෙම යන්න හැබැයි එළිය වැටෙයී එහෙට යද්දී. ගොඩක් ස්තූතියී මාමේ. පාර හරියට නොදැන ආවේ. තවත් මොහොතක් කතා කරමින් සිටි අපි නැවතත් ගමන ආරම්භ කලා. පාන්දර පහ කිට්ටු වන විට අපි වෙද ගෙදරට ළගා වුනා. ඒ වෙනකොටත් වෙදගෙදර සෙනග පිරිලා. ඒ තරම් පාන්දර ගියත් අපිට ලැබුන අංකය පනස් දෙක. එතරම් ප්‍රසිද්ධ නොවන බව බැලු බැල්මට පෙනුනත්, රෝගීන්ගෙන් අඩුවක් තිබුනේ නැහැ. නාම පුවරුවක් වත් ගසා නොතිබුන වෙදගෙදර කුඩා නිවසක පැවැත්තුනා. හිත හයිය කරන් හිටියත් රෝගීන් එක්කෙනා දෙන්නට ප්‍රතිකාර කරද්දී මගෙ හිත් බයෙන් හිරි වැටුනා. බෙහෙත් බදින ස්ථානයෙන් ඇහුනේ විශාල අදෝනාවල්, හැඩුම්, කැගැසුම්. ප්‍රතිකාර නොගත් රෝගීන්ට ඒ පැත්තට යාම තහනම් වුනේ තද බදය වැඩු වන නිසා. ඒ තරමටම කුඩා නිවසකයී වෙදගෙදර පවත්වාගෙන ගියේ. වරකට රෝගීන් දහයක් පමන ඇතුලට ගෙන ප්‍රතිකාර අවසන් වූ විට තවත් දහ දෙනෙකු පමන ප්‍රතිකාර සදහා ගනු ලැබුවා. කෙතරම් වේදනාවෙන් කෑ ගැසුවත් කිහිලිකරුවෙන් ඇතුලට ගිය රෝගියෙක් නම් පය බුරුලින් හෝ තබා ඇවිදීමට හැකියාව ලබා තිබුනා. කෙමෙන් මගේ වාරය ආසන්න වුනා. ශානූ අයියේ මට බයයී. මටත් බයයී සුදු මැනික. කට්ටිය කැ ගහන තාලෙට. මටත් රිදෙයි නේද. මෙච්චර දුරක් ආපු එකේ ඉවසමු. මගේ වාරය එළඹුනා. මගේ දනහිස පරික්ෂා කර බැලූ වෙදමහතා, පැය එක හමාරක් තෙල් පත්තුව බැද ගන්න.කියලා, පත්තුව බදින ස්ථානයට පිටත් කලා. එම ස්තානයේ රෝගීන් බිම පෙරලෙමින් කෑ මොර දෙනවා. කොන්දෙ ,උකුලේ කැඩුම් බිදුම් රෝගීන් කුඩා බංකු වලට තබා ගැට ගසලා. මගෙ ගත අප්‍රාණික වෙමින් තිබුනා. ශානූ අයියගේ වාරුවෙන් ඇවිද්ද නිසා, ශානූ අයියා මාව අල්ලගෙන හිටියේ. ඔය අලුත් ළමයව පැදුලක් එළලා නිදි කරන්න. බෙහෙත් බදින පුද්ගලයා ශානූ අයියට කියා සිටියා. ශානූ අයියා පැදුරක් ගෙනත් එළලා මට ඇලවෙන්න කිව්වා. සුලු මොහොතකින් තෙල් පෙගවූ රෙදි කැබැල්ලක් දීසියකට දමාගෙන විත් දන හිසේ ආලේප කරනූ ලැබුවා. ඊට උඩින් පොලිතීන් කොලයකින් ආවරනය කර පොල් පිති පතුරු හා කැට වේදනා ඇති තැන් වලට තබා හැකි තාක් තද කර ගැට ගැසුවා. පැය භාගයක් යද්දි ලොකු කැක්කුමක් ආවේ නැත්තම් කියන්න ,ආයෙත් තද කරන්න. එහෙම කියලා, පත්තු බදින පුද්ගලයා වෙනත් රෝගියෙකු වෙල ගියා. මගෙ වටේටම ඉන්න රෝගීන් කෑ ගහනවා.මම බිත්තියට හේත්තු වෙලා ඉද ගෙන අනිත් අය දිහා බැලුවා.තව ටිකකින් මාත් මේ වගෙ කෑ ගහයි. තවත් හිර කරන්න කතා කරනවා. කැටයි පතුරුයි තද වෙලා රිදිම් දෙනවා. මොන තරම් තදට ගැස ගද කිව්වොත් කකුල නෑ වගේ හිරි විටිලා තිබුනා. වේදනාව ආවත් මම කෑ ගහන්නෙ නැතුව ඉවසගෙන හිටියා. ඔය.. ළමයා ඔහොම ඉන්නකෝ. තව ටිකකින් අපි වගේ කෑ මොන දෙයි. වේදනාවෙන් කෑ ගසමින් සිටි නැන්දා කෙනෙක් මා දෙස බලා කිව්වා. ඔය ළමය රිදෙන්නෙ නැද්ද ඉන්න තව හිර කරන්න. පත්තු බදින පුද්ගලයා තවත් පත්තුව හිර කලා. පොල් පිති කැට ඇතුලටම ගිලා බැහලා. තවත් නම් ඉවසන්න බෑ. ශානූ අයියා මගෙ ළගින් ඉදගෙන මං දිහා බලාගෙන ඉන්නවා. අවසන් පැය භාගය එළබුනා. අනේ ශානූ… අයියේ… තවත්… ඉවසන්න බෑ… තව පැය භාගයනේ ඉමූ. අනේ …අර මාමාට… එන්න කියන්න.. තව පොඩ්ඩක් ඉවසමු. තව …ඉවසන්න … බෑ… මගෙ… ශානූ .. අයියේ.. ලිහන්න කියන්නකෝ.. ඊ ළග කොටසින් හමු වෙමු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 01:50 PM අනා වැකි කියන්න දන්නවද? පේන බලන්න දන්නවද? දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 12:47 PM mama nam kathawe idiriya dannawa ithin මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 07:11 AM හී අනේ ඒක වචනයට ඔය තරම් දුර හිතන්න ඒපා. ශානුට ශදීගෙන් තොර ලොකයක් නෑ. ශදී මරිලා ගියත් සේන ඉන්න තැනකට නම් යන්නේ නෑ. තව කොටස් 5නේ කතාව ඉවර වෙන්න. ශදීගේ ජීවිතේ වෙස් වෙයි හුගක්. බලමුකෝ......... දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 07 Oct 2016 05:47 AM Posted By සඳුනි on 07 Oct 2016 05:36 AM ඔව් ශදී පව් නේද ශා අයියා. සේනයා ඉස්සරහට ඒයි පොඩ්ඩක් ඉවසන්න දුෂාන් අයියා. සේනය මැදට පනිනවානං ඉස්සරහට කථාව හිතා ගන්න පුලුවන් ශාදි යනව අම්ම ලගට සේන ආයෙත් කරදර කරනවා ශානුගේ ඔලුවට ආයෙත් විෂ පොවනවා. ශානු ශාදි ගැන සැක කරනවා ආයෙ ඔප්පු කරන්න විදියකුත් නැහැ ශානු වෙනස් වෙනවා ශාදි වෙන කෙනෙක්ව බදිනවා එහෙම නේද සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 05:38 AM Posted By Ind007ka on 07 Oct 2016 03:58 AM සේනයා කොටියා කොටියා නෙමේ ත්රස්තවාදියා..... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 05:36 AM ඔව් ශදී පව් නේද ශා අයියා. සේනයා ඉස්සරහට ඒයි පොඩ්ඩක් ඉවසන්න දුෂාන් අයියා. දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 07 Oct 2016 04:27 AM ආච්චි එන පොට නම් හොද නෑ සේනයගේ කොටසකුත් තිබ්බා නම් මරු හැබැයි තවත් Ind007kaMost Senior MemberPosts:12931 07 Oct 2016 03:58 AM සේනයා කොටියා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... sha733Super Senior MemberPosts:7332 07 Oct 2016 03:45 AM කෙල්ලත් වැඩ කාරයෙක් කියල කවුරැත් දැක්කෙ නැද්ද. සේනයාගෙන් පරිස්සම් වෙලා පරිස්සම් කර ගත්ත එකම මදෑ............. සඳුනිVeteran MemberPosts:2462 07 Oct 2016 02:50 AM ඔව් ඔව් කොල්ලෝ වැඩ කාරයෝ තමා හ්ම් දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 07 Oct 2016 01:10 AM ඉවරයි විනාසයි. කොල්ලා වැඩකාරයා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 06:13 PM …..කදුලත් සැනසුමක්….. 45. වන කොටස. මම කේන්තියට වේගෙන් පැනගෙන යන්න ගිහින් වැටුනා. බේරෙන්න ලෙඩ කකුල තිබ්බත්. ඒ කකුල යට වෙන්න මම බිම පෙරලිලා වැටුනා. ඔය කර ගත්තේ. මම අමාරුවෙන් නැගිටින්න උත්සහා කලත් ආච්චි අම්මා දොර ළගින් හෙල්ලුනේ නෑ . මම අත් දෙකේ වාරුවෙන් තනි කකුලෙන් හිට ගත්තා. දනිස්ස පෑරිලාද කොහෙද ආයෙත් ඇදුම් කන්න ගත්තා. අනේ සුදු අම්මෙ ඔය කියවිල්ල නවත්තලා මට උදව් කරන්නකෝ. මට බැන බැනම සේරම කලා. මගෙ කකුල ආයිත් රිදෙනවා. ඒත් මට ශානු අයියට මේක කියන්න බෑ , කේන්ති යාවී. එතකොටම මට ශානූ අයියගෙන් කෝල් එකක් ආවා. මම හිටියේ කාමරේ මගෙ ඇදේ වැතිරිලා. හෙලොව් ශානූ අයියේ. කොහොමද මගෙ සුදු මැනික. බෙහෙත් බැන්දා නේද? ඔව් ශානූ අයියේ. ඔයා දුකකින්ද ඉන්නෙ. ඇයි අවුලක් වුනාද? ශානූ අයියට මගෙ පොඩි වෙනසත් තේරුනා. ඒක නිසාම මම දුකින් බව එයාට තේරුනා. නෑ.. නෑ ශානූ අයියේ. මොකුත් ප්‍රශ්නයක් නෑ. බොරු කියන්න එපා රත්තරං. ශානූ අයියට විස්තරය නොකියා බේරුනේ අමාරුවෙ . කකුල ආයිත් රිදෙනවා ඒත් හේතුව කියන්න බැරි නිසා ශානූ අයියට කියන්න බෑ. හතරවෙනි වතාවටත් වෙදගෙදර ගියත් කකුලේ කිසි සුවයක් තිබුනේ නෑ. එදා මම වැටුන නිසා කකුලේ අමාරුව තවත් ඇවිස්සිලා තිබුනේ. මට දැන් ගමේ ගෙදර ඉන්න එපා වෙලා. ආච්චි අම්මගෙ වෙනස් කම් නිසා මම හිටියේ දුකින් .අම්මට කතා කරන හැම පාරම මම දුක කියලා ඇඩුවා. එයා කියන්නෙ “ කරන්න දෙයක් නෑ ඉවසන්න කියලා. දැන් දැන් ආච්ච් අම්මා ශානූ අයියට මූනටම දොස් කියන්න පටන් අරන්. මම කාමරේ කල්පනා කරමින් හිටියා.ආච්චි අම්මට කෝල් එකක් ආවේ පුංචි අම්මාගෙන්, බබා ලැබෙන්න ළගයි කියලා එහෙ එන්න කිව්වා. ආච්චි අම්මා චුටී අම්මට කිව්වෙ “මට එන්න වුවමනාව තියේ ඒත් එන්න විදිහක් නෑ කියලා. කෝල් එකෙන් පස්සෙ ආච්චි අම්මා මගෙ කාමරයට ආවා. සුදු දූ.. මට පුංචි අම්මා එන්නලූ. ඉතිං සුදු අම්මා යනවද? නෑ මං යන්නෙ කොහොමද? මෙතනත් කරදරයක්නේ. ඒකනි සුදු අම්මෙ. එයාලා පොඩ්ඩක් තේරුම් ගන්න එපෑ. චූටී පුංචි කියනවා. මම හැමදාම බලන්නෙ ඔයාට විතරලූ. එයාගෙ ළමයි මගෙ මුනුපුරෝ මිනිබිරියෝ නෙමෙයිද අහනවා. එවන හැම සතේම වියදම් කරන්නෙත් ඔයාටලූ. මට විතරනේ ඉන්න ගෙයක් නැත්තේ . අම්මා තාත්තාගේ ආරක්ෂාවක් නැත්තේ. මගේ ඇස්වලින් කදුලූ කඩා වැටුනේ මටත් නොදැනිමයී. ඇවිද ගන්න බැරි නිසානේ මේ සේරම කියලා මට හිතුනා. අම්මට භාර දෙන්න කිව්වෙ. ආච්චි අම්මා ආයෙත් කිව්වා. හොදට තියෙයි දැන් එහෙ යැව්වොත්, හොදට හිටි කාලේ අච්චර හරියක් කරන්න ආපූ මිනිහා, ඇවිදින්න බැරි මට මොනවා කරයිද. ඇත්තටම චූටී පුංචිගේ මොලේ හොද නැද්ද. එහෙමත් බැරි නම් කකුල කඩපු යාලුවාගෙ ගෙදර යවන්නලූ බලා ගන්න. ඒ ළමයා මගෙ කකුල හිතලා කැඩුවේ නෑ. මෙච්චර කල් මං ඒ ගෙවල් වලනේ හිටියේ. ඒ මිනිස්සු මට කරලා තියෙන ඒවායේ හැටියට. මගෙ නෑදෑයො මට මොනවද කරලා තියෙන්නෙ. බොරුවට උපදෙස් දෙනවා විතරයී. මංදා ඔය කියන්නෙ. ඒත් ඒ යාලුවා බලන්නවත් ආවේ නැනේ. ඒකට කමක් නෑ මට පොත් ටිවුට් සේරම එවනවනේ. අනික එයා මගෙ කකුල කැඩුවේ නැහැ. මගෙ අවාසනාවට මේක වුනේ. අනික සති ගනන් ආච්චි අම්මා පුංචිලාගෙ ගෙදර ගිහින් ඉද්දී, මං හිටියෙ..ඒ යාලුවන්ගෙ ගෙවල් වල නෙමේද? අනේ මංදා සුදු දූ. මං නෙමේනේ ඕවා කියන්නෙ. අනේ… ඔයා..ලා සේරම… එකයී… සුදු.. අම්මටත් …ඔනී මගෙන්… නිදහස්.. වෙන්න… මම කෑගලා අඩමින් කිව්වා. අනේ එහෙම නෙමෙයි සුදු දු… ඔයාත්… එයා ළගටම… යන්න . සුදු අම්මෙ…. මං .. යනවා . ශානූ අයියලාගේ ගෙදර.. පිස්සුද සුදු දූ… ඔව් ..මෙහෙම හිටියොත්… මට කොහොමත්… පිස්සු හැදෙනවා.. කාටවත් ඕනී නෑ මගෙ කකුල.. හොද කරන්න… අයියට විතරනී. ඕනී. බේහෙත් කොළයක් හොයලා දෙන්නත් ඔයාලට බැරි වුනානේ. මම සේරටම දොස් කියම්න් පැය ගනනාවක් ඇඩුවා. මොන විදිහකින් හරි ශානූ අයියලාගෙ ගෙදරට යනවා කියලා මං හිතා ගත්තා. මේ ගෙදර වෙන දෙවල් නිසා, මීට කලින් සිය දහස් වතාවක් ශානූ අයියලාගෙ ගෙදර යන්න මගෙ හිත ඉල්ලුවා. මම අම්මගෙනුත් යන්න ඇහුවා. එයා දොස් කියන නිසා මම ශානු අයියට මොකුත්ම කිව්වෙ නෑ. ඒත් මට තවත් ඉවසන්න බෑ. ශානූ අයියට මොන තරම් වියදමක් යන්න ඇතිද දවස ගානේ මෙහෙ එන්න බයිසිකලයට තෙල් ගහන්නම. මම ශානූ අයියලාගෙ ගෙදර ගියානම් මේ සේරම ප්‍රශ්න ඉවරයි. මෙහෙ හිටියත් මගෙ සේරම දේවල් කරන්නේ ඒ මිනිස්සුනේ. මම ශානූ අයියට කෝල් කරලා සේරම විස්තරය කිව්වා. ශානූ අයියත් මට හොදටම දොස් කිව්වා මම මෙච්චර කල් ඒවා නොකිව්වට. කලින් කිව්වා නම් මීට කලින් බලෙන් හරි අරන් යනවනේ කිව්වා . අන්තිම වතාවට අම්මගෙ එහෙ යන්න අහන්න කිව්වා. ඒක නිසා මම අම්මට කෝල් එකක් අරන් සේරම විස්තර කිව්වේ අඩමින්. අනේ අම්මේ….. මට.. තවත්… මෙහෙ… ඉන්න බෑ… අයියලාගේ … ගෙදර… යන්න .. දෙන්න… ඔයාට පිස්සූ හැදිලද සුදු දූ. බදින්න කලින් කොල්ලන්ගෙ ගෙවල් වල නවතින්න. මෙහෙම ගියොත් තමා අම්මෙ මට පිස්සු හැදෙන්නෙ. මට යන්න… දෙන්න… තවත්.. මේ .. කතා.. අහන්න..බෑ..මට. නෑ . නෑ ඔයා ඔහෙ ඉන්න. මම අම්මට කතා කරන්නම්. වැඩක් වෙන්නෙ නෑ …තවත්.. මං.. මෙහෙ ..ඉන්නෙ .. නෑ. සුදු දු මුරංඩු වෙන්න..එපා… ඇයි යන්න.. එපා ..කියන්නෙ… මං එහෙ ගියාම මොකද .. වෙන්නෙ. දවසක රෙද්දක් ඇදන් දීග දෙන්නෙ කොහොමද? ඕවා හිතන්න තිබුනේ හුගක් කලින් අම්මෙ.. ඒ මොකක්ද්ද ඒ කතාව. ඔහෙ ඉන්න කාලේ ඕවා හිතන්න තිබුනනේ. මං කවදා හරී දීග දෙන්න ඕනී කියලා. මං පරිස්සම් වුනේ මගෙ උවමනාවට . ඔයා නිකමටවත් මං කියන දේ පිලිගත්තද නෑනේ. දැන් බොරුවට මාව පරිස්සම් කරන්න හදන්න එපා . මට දුකත් එක්කම හොදටම කේන්ති ගිහින් නිසා මං අම්මට දොස් කිව්වා. හරී මොකුත් වුනේ නැහැනේ ඉතිං. ඔව් මොකුත් වෙලා තිබුනේ නෑ. ඒ…. කිව්වේ… අම්මගේ කට හඩේ තිබුනේ බියක්. වෙන්න ඕනී හැම දේම වෙලා ඉවරයි. මම ශානූ අයියට හැම දේම දුන්නා. මොනවා…. අම්මා ටික වෙලාවක් නිහඩව හිටියා. ඊට පස්සෙ මට පුලිවන් තරම් දොස් කියමින් ඇඩුවා. මම සේන බාප්පා මට කරන්න ගිය දේ එයාට විස්තර ඇතුව කිව්වා. ඊට පස්සේ ක්‍රිස්ටි මාමා ලව්ව ශානු අයියලාගේ ගෙදරට කේලම් කියවපු එක ගැනත් කිව්වා. අම්මා අද තමා මං කියන දේ පිලි ගත්ත මුල්ම දවස. ඒත් දැන් පිලි අරන් වැඩක් නෑ. මගේ ජීවිතේට වෙන්න ඕනී සේරම වෙලා ඉවරයි. මම නම් ආයී ඕකා එක්ක පවුල් කන්නෙ නෑ . මං ඕකගෙන් අද ඉදන් පලි ගන්නවා. අම්මා අඩමින් කිව්වා. දැන් වැඩක් නෑ. අම්මේ. ඔයාලා හොදින් ඉන්න. මට දැන් වත් ශානූ අයියා ළගට යන්න ඉඩ දෙන්න. එපා සුදු දූ ඔයා එහෙ යන්න එපා. ඇයී එහෙම කියන්නෙ. ඒ මිනිස්සු මට ආදරෙයී. අනික හැම දේම එයාලත් දන්නවා. දැන් මොකුත් නොකිව්වට. දවසක ඔයාගෙන් ඕවට පලි ගනීවී සුදු දූ. එහෙම වෙන්නේ නැ අම්මේ… ඔයාට තේරෙන්නෙ නැහැ ළමයො. දවසක ඔයාට බනී. බදින්නත් කලින් පුදුම විසයක් නේ ඕකිට තිබුනේ කියලා. දැන් ඔයා වෙනුවෙන් කරන ඒවටත් බනි. බදින්න කලිනුත් මෙහෙනේ හිටියේ කියයී. ඔහේ ඕනී දෙයක් වෙච්චදෙන් ඒක එදාට බලමූ . මට යන්න දෙන්න අම්මේ. අඩු ගනේ ශානූ අයියගෙ වියදම් වත් අඩු වෙයී කිව්වහම අහන්න ළමයො යන්න එපා. අම්මා මම යනවට පොඩ්ඩක් වත් කැමතී නෑ. මට ඒත් තවත් මෙහෙ ඉන්න බෑ. මම රෑ එළි වෙනකන්ම ඇඩුවා. උදේ වෙනකොට මගෙ මූන සේරම තඩිස්සි වෙලා. ඇස් රතු වෙලා. ආච්චි අම්මා ඇයි අහන්නවත් ආවේ නැහැ. මම රෑ කිප වතාවක්ම තනියෙම දොර ඇරන් , නොන්ඩියෙන් ගියා. ඒත් කවුරුත්ම බැලුවේ නැහැ. එයාලට ඕනී මගෙන් නිදහස් වෙන්න. පහුවදා එළි වෙද්දී ශානූ අයියා මාව බලන්න ආවා. මට ශානූ අයියා දැකපු ගමන් ඇඩුම් ආවා . මගෙ මුහුන දැක්කම මුලු රැම අඩලා කියලා එයාට තේරෙන්න ඇති. මම ඇදේ ඉදගෙන හිටියේ, ශානු අයියා මගෙ ලගින් ඉදගෙන මගෙ මූන එයාගෙ පපුවට තුරුලු කර ගත්තා. ඊ ළග කොටසින් හමු වෙමු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 11:20 AM ඒක කොහොමද කරන්නේ ශා අයියේ. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 06 Oct 2016 09:34 AM ඔච්චර හොදට හිටපු ආච්චි අම්මට මොකද උනේ හැබෑට. ආච්චිව සීයත් එක්ක බට් කරමුද DushanVeteran MemberPosts:2536 06 Oct 2016 05:08 AM Posted By සඳුනි on 06 Oct 2016 05:00 AM Posted By Dushan on 06 Oct 2016 04:23 AM ඒ සැරේ ආච්චිට සේන බාප්පව වැහිලද කොහෙද ඊලග කොටසත් දාන්නෝ එහෙනම් මැරෙන්නත් කලින් වැහිලා.... මම පොතක් කියෙව්වා ඒකෙත් ඒම කතාවක් තිබුනා වෙන්න පුලුවන්.. අපරාදේ ඒ පොතේ නම මතක නෑ.... ඔව් ඔව් ඒ වගේ තමයි අපරාදේ එහෙනම් සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 05:00 AM Posted By Dushan on 06 Oct 2016 04:23 AM ඒ සැරේ ආච්චිට සේන බාප්පව වැහිලද කොහෙද ඊලග කොටසත් දාන්නෝ එහෙනම් මැරෙන්නත් කලින් වැහිලා.... මම පොතක් කියෙව්වා ඒකෙත් ඒම කතාවක් තිබුනා වෙන්න පුලුවන්.. අපරාදේ ඒ පොතේ නම මතක නෑ.... දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 06 Oct 2016 04:23 AM ඒ සැරේ ආච්චිට සේන බාප්පව වැහිලද කොහෙද ඊලග කොටසත් දාන්නෝ එහෙනම් සඳුනිVeteran MemberPosts:2462 06 Oct 2016 03:06 AM ඒක තමයි ශා අයියේ ඔහොම අය හැබෑටම ඉන්නවා දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 05 Oct 2016 06:08 PM මේ ආච්චිගේ ගෙම්බර් බලකෝ සඳුනිVeteran MemberPosts:2462 05 Oct 2016 04:12 PM ….. කදුලත් සැනසුමක්…. 44. වන කොටස. තිවංක අයියා කතා කලාම, මට එක පාරටම ශානු අයියා දිහා බැලුනා. ගොඩ හිටියට මං ඉන්නෙ අමාරුවෙන් මගෙ හිතත් නාන්නමයි. මංදා ඔයාට අමාරු නැත්තම් එන්න. ශානූ අයියා උරහිස් හකුලමින් කිව්වා. මට නාන්න ඕනිම කියලා හිතුනා. එහෙනම් මම එන්නද. හා එන්න.. ශානූ අයියා මාව ගන්න ගොඩට ආවා. මමත් අමාරුව පැත්කින් තියලා ඇලට පැන්නා. පීනමින් නාන කොට රිදුනත් මම ගනන් ගත්තෙ නෑ. නාලා එහෙම ගෙදර ආවා. නාලාම ඇසුත් රතු වෙලා. මං නෑවා කියලා ආච්චි අම්මා හොදටම දොස් කිව්වා. මම ඉතිං මගෙ වැරැද්ද නිසා අහගෙන හිටියා.හැමෝම දවල් කෑම වෙලත් අරගත්තා. දැන් ඉතින් ගෙවල්වලට යන වෙලාවත් හරි. ශදී නංගියෝ ටිකක් ඇවිදින්න උත්සහ කරන්නකො. මට හිත හදන් ගෙදර යන්න. අනේ ඔව් ශදියෝ. ශානු අයියගෙයි ,ගීත්මගෙයි ඇවිටිල්ල නිසාම මම ඇවිදින්න උත්සහ කලා. ඒත් කකුල පුදුම බරක් තියෙන්නෙ උස්සන්න බැ. මම ඒ කකුලට බර දීලා බැලුවා. එක් එක්කම දනිස්ස පන නැතුව ගිහින් මම වැටෙන්න ගියා. ශනූ අයියා පැනලා මාව අල්ල ගත්තා. ඒත් මගෙ දනිස්සෙ ලොකු වේදනවක් පටන් ගත්තා. හරි අල්ලගෙන ඇවිදිමු. ශානූ අයියා මගෙ අතක් එයාගෙ කර වටේ දාගෙන ඇවිද්දන්න උත්සහ කලා. ඇවිදින්න තියා දැන් නිකන් ඉන්නත් බෑ වේදනයි. වේදනාව ඉවස ගන්නම බැරි තැන “මට ඇවිදින්න බෑ” කියලා කෑ ගහලා ඇඩුවා. මටම පුදුමයි මම එහෙම කෑගහලා අඩනවා. කොච්චර රිදුනත් මම කෑ ගහලා අඩන කෙනෙක් නෙමෙයි. කට්ටිය හොදටම බය වෙලා, ගීත්මත් අඩනවා. සොරි බං මම නිසානේ මේ සේරම. ශානූ අයියා මාව එයාලගෙ ගෙදර එක්ක යන්න ලැහැත්ති වුනා. ආච්චි අම්මා දන්නෙ නැහැනෙ මම එහෙ යන බව, එයා යවන්න බෑ කිව්වා. තිවංක අයියත් ශානූ අයියලාගෙ ගේ ළග නිසා, එහෙ එක්ක යන්නෙ කියලා ශානූ අයියා මාව එයාලගෙ ගෙදර එක්කන් ආවා. ආච්චි අම්මා අම්මට කෝල් කරලා, අම්මා මගදි මට කෝල් එකක් ගත්තා. අම්මා ශානු අයියලාගෙ ගෙදර යන්න එපා කියලා බැන්නා. බැරි තැන ඇඩුවා. ඒත් මට ගෙදර බේත් කරන්න කෙනෙක් නැහැ. අම්මට එන්නත් බැහැනේ. මම ශානූ අයියලාගෙ ගෙදර ගියා. අපි එහෙට යද්දි ශානු අයියලාගෙ තාත්තාත් ගෙදර හිටියා. ශානූ අයියා විස්තරය කිව්වම, එවෙලෙම සිංහල බෙහෙත් කරන තැනකට එක්ක ගෙන යමු කියලා. ශානු අයියලාගෙ තාත්තාත් ත්‍රීවිල් එකට නැග්ගා. රෑ බෙහෙත් කරන්නෙත් නැති තැනකින්, වෙදමහත්තයා ඇහැරවගෙන බෙහෙත් අහ ගත්තා. දනිස්සට බෙහෙත් බැදලා, ගෙදරදි බදින්න බෙහෙත් වට්ටෝරුවක් ලියලා දුන්නා. පහු වෙනිදා උදේ මම ඇහැරෙද්දිත් ශානූ අයියයි තාත්තයි බෙහෙත් කොළ පොතු හොයන්න ගිහින් තිබුනා. දනිස්ස දැන් හුගක් වේදනයි. මම ශානු අයියගෙ තාත්තගේ ඇදේ වැතිරිගෙන හිටියා. උදේ දහය විතර වෙනකොට මගෙ අම්මා ශානූ අයියලාගේ ගෙදර ආවා. ඇවිත් ත්‍රීවීල් එකක් කතා කරලා මාව ගමේ ගෙදරට යවන්න කටයුතු සූදානම් කලා. වෙදගෙදරින් බැදපු බෙහෙත ලිහලා, අලුත් මැල්ලුම බදින්න තිබුනේ පහුවදා උදේට. ඒක නිසා මාව ගෙදර ඇරවලා ශානූ අයියා හවසම ගෙදර ගියා. පහු වෙනිදා උදේ හත වෙනකොට ශානූ අයියා මං බලන්න ආවා. වෙද ගෙදරින් මට කකුල බිම තියන්නවත් එපා කිව්වෙ, කකුලෙ ඇදයක් දිගටම හිටිවී කියලා. ශානූ අයියා අලුත් මැල්ලුමයි තැව්ම් පොට්ටනී ගෙදරින්ම හදාගෙන ඇවිත් තිබුනා. පරන බෙහෙත් එක ලිහලා දාලා. තැව්ම් පොට්ටනි වලින් තවලා ,තෙල් ගාලා, අලුත් මැල්ලුම තියලා වෙලුවා. මේ සියලූදේ සිදු වුනේ ශානූ අයියගෙ අතින් . මට කකුල බිමතියන්න එපා කිව් නිසා ඇදෙන් බහින්නවත් ඉඩක් ලැබුනේ නෑ. වැසිකිලි යන්න පවා සිද්ද වුනේ කාමරය ඇතුලේ. මම කාමරෙන් එළියටවත් ගියෙ නැහැ. ශානූ අයියා දවස ගානෙම බෙහෙත් කොටාගෙන සේරම කරගෙන මම බලන්න ආවා. හැමදාම බෙහෙත් බැන්දෙ ශානු අයියගෙ අතින්. චූටී මාමාත් ඇවිත් බලලා ගියා. ලොකු අම්මත් උදව්වට ඇවිත් තිබුනා. සති දෙකක් ගෙවිලා ගියා . දනහිසේ පොඩි සුවයක් වත් දැනුනේ නැහැ. ආයෙත් දෙවෙනි වතාවටත් වෙද ගෙදර එක්ක ගියා. ආයෙමත් අලුත් බෙහෙත් තුන්ඩුවක් ලියලා දුන්නා. එහෙන් කියනකන්ම මට ඇවිදින්න එපා කිව්වා. ශානු අයියා පුරුදු විදිහටම අලුත් බෙහෙතත් කොටාන මම බලන්න ආවා. සමහර බෙහෙත් වර්ග ආච්චි අම්මලාට හොයලා දෙන්න කිව්වත් එයාලට හොයන්න තැනක් නෑ කිව්වා. පිටිසර ගමක ජීවත් වෙන අපිට බෙහෙත් වර්ග සොයා ගන්න නැ කිව්වම ශානූ අයියා පුදුම වුනා. සති තුනක් ගෙවීගෙන යනකොට ගෙදර තත්වය හුගක් වෙනස් වුනා. ආච්චි අම්මලට ,මගෙ නෑදෑයින්ට මාව වදයක් වෙලා තිබුනේ. වචනයෙන් නොකිව්වත් මට ඒ දේවල් තේරුම් ගියා. ශානු අයියට ඕනී වුනේ මම ඉක්මනට සුව කර ගැනීම විතරයි. කවුරු හොයලා නොබැලුවත් ශානූ අයියා මම වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කලා. තුන්වෙනි වතාවට ත් අපි වෙදගෙදර ගියා. මේ හැම වියදමක්ම දැරුවෙත් ශානූ අයියා. ඒක තමා මට තිබුන ලොකුම දුක. ඉස්කෝලේ යන්න වියදම් කරමින් හිටිය ශානූ අයියාට, දැන් එකතැන් වුන මාව නඩත්තු කරන්න සිද්ද වෙලා. දැනට මාසයක් මට ඉගෙනීම් කටයුතු මගහැරිලා තිබුනා. මගෙ යාලුවෝ ඇවිත් මාව බලලා ගියා. කාමරයටම වෙලා ඉදීම මට අප්‍රිය ජනක කටයුත්තක් වෙලා තිබුනේ. මම යාලුවන්ට කියලා ටිවුට් ගෙන්න ගෙන ඒවා බලා ගත්තා. ඒත් කවදා හොද වෙයිද ,කවදාවත්ම හොද නොවෙයිද ,කියලා වත් හිතා ගන්න බැරුව මම හිටියේ. දවසක් උදේ මම ඇදේ වැතිරිලා කල්පනා කරමින් හිටියා. එදා ශානූ අයියා එන්න ටිකක් පරක්කූ වෙලා තිබුනා. කෝ සුදු දූ ශානූ ළමයා. දැන් එවී සුදු අම්මේ. මේ ළමයා දැන් එන්නත් පරක්කු වෙන්න පටන් අරන්නේ. ඇයි සුදු අම්මෙ එහෙම කියන්නෙ අද විතරයිනේ පරක්කු වුනේ. ඔහොම තමා එන එක නතර වෙන්නෙ. මොනවද අනේ ඔය කියවන්නෙ. මෙච්චර කල් සේරම බෙහෙත් හැදුවේ එයානේ. ඒකම මදිද. එයාට ඔහොම කියන්න එපා සුදු අම්මෙ. කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් කරන්න ඔනී දේවල් නෙමේ එයා මං වෙනුවෙන් කරලා තියෙන්නෙ. ඊට වඩා හුගක් දේවල් මං වෙනුවෙන් කරලා තියෙනවනේ. ආච්චි අම්මා නිහඩ වුනේ, ශානූ අයියගෙ බයිසිකලේ සද්දය ඇහිලා. ඔය එන්නෙ මනමාල කුරුල්ලා. ආච්චි අම්මා කතා කලේ හරිම කේන්තියෙන් , මට හිතා ගන්න බෑ ඇයි එක පාරටම ආච්චි අම්මා වෙනස් වුනේ කියලා. ශානූ අයියා ගෙට ආවෙ හිනා වෙමින්. ආච්චි අම්මේ…ඔයාලා කාලද කෑවේ නෑ. ඇයි කෑවේ නැත්තේ. කන්න පුලිවන් වෑ ගේ ඇතුලේ වැසිකිලියක් තියාගෙන. ඉතිං එයාට එළියට එන්න බෑනේ. හොද වෙන්නෙත් නැහැනේ. මුලු ගේම ගදේ බෑ . කන්නෙ කොහොමද. කෝ කාමරේ එහෙම ගදක් නෑනේ. ඔය හොදට තියෙන්නෙ. ශානූ අයියා කාමරයට හිස පොවමින් කිව්වා. ඔය ළමයගෙ නහය නැතුව ඇති. මට මේ කතාව නිසා හුගක් දුක හිතුනා. ඇවිදින්න බැරුව ඉන්න කෙනෙකුට මේ මිනිස්සු මෙහෙම කියන්නෙ ඇයි. ඇත්තටම මුලු දවසම කාමරයෙ ඉන්න මට නම් කිසිම ගදක් ආවේ නැහැ. හරි හරි සුදු අම්මෙ හෙට ඉදන් මේ පුටුව ටොයිලට් එකෙන් තියලා දෙන්නකෝ. පිස්සුද ළමයෝ ඔයා කොහොමද එහෙට යන්නෙ. කොහොම හරි යනවා. අනිත් මිනිස්සුන්ට කන්න බැරි වෙනවානේ. මෙහෙම ඉන්න ගියාම. ශානූ අයියා නිහඩම මගෙ වෙලුම ලිහන්න ගත්තා. ශානූ අයියට මේ වුන සිද්දිය හිතට ඇල්ලුවේ නෑ. එයාගෙ මුහුනේ ලොකු දුකක් ලියවිලා තිබුනා. ඔයිට කලිනුත් ආච්චි අම්මා මට හිත රිදෙන දේවල් කිව්වා, ඒත් ඒවා මං ශානූ අයියට නොකිව්වෙ දුක හිතෙයි කියලා. ශානූ අයියා වෙලුම ලිහලා පරන මැල්ලුම සිලි කවරයකට එකතු කලා. ශානූ අයියා ඊළග බෙහෙත බදින්න වෙලුම් පට් ටික ආයිත් ඔතමින් සිටියා. අප්පො මේ බෙහෙත් වල ගද. ළමයෝ ඔය සේරම ඒවා ඈතකට විසික් කරලා දාන්න හරිද. හරි ආච්චි අම්මෙ. ශානූ අයියගෙ මූන තවත් ඇබුල් වුනා. පුදුම ගදක්නේ මේ තෙල් වල තියෙන්නේ. ශානූ අයියා මගෙ දිහා බැලුවේ පුදුමෙන් , ආච්චි අම්මා එහෙ මෙහෙ වෙනකන් බලන් හිටපු ශානූ අයියා. ආච්චි අම්මට මොකක් වෙලාද? නිකන් වෙන්න ඇති ශානූ අයියේ. වෙනදටත් ඔයාට මෙහෙම කියනවද? ශානූ අයියට ගෙදර තත්වය ඉවෙන් වගෙ තේරිලා තිබුනා. මට ශානූ අයියා දුක් වෙන එක බලන් ඉන්න බෑ. අපෝ නෑ. මේ තෙල් ඒක ගදයි තමයිනේ. මම හිනාවෙමින් කිව්වා. කාමරේ ඉදීම ඇති වෙලා නිසා මම ශානූ අයියගෙ වාරුවෙන් එළියට යන්න පටන් ගත්තා. ආච්චි අම්මා මට ළග ගෙදරකින් කිහිලි කරුවක් ගෙනත් දුන්නා . මට ඒකෙන් ඇවිදින්න තේරෙන්නෙ නැහැ. ඔයාට ඕකෙන් යන්න බෑ. තවත් අත පය කඩා ගන්නෙ නැතුව ඉන්න ළමයෝ. ශානූ අයියා මට ඒකෙන් යන එක තහනම් කලා. ඊට පස්සෙ මම තනිකකුලෙන් පැන පැන ගිහින් මගෙ වැඩ කර ගත්තා. මොකද ශානූ අයියා නැති වෙලාවට වතුර ටිකක් ඉල්ලුවත් ආච්චි අම්මා ඒක කලේ දොස් කියමින්. “මේ කරදරේ කවදා ඉවර වෙයිද මන්දා “කියලා. ඔය වගෙ හේතු නිසා මම මට ඕනි දේවල් තනියම කරගන්න උත්සහ කලා. මාස දෙකක්ම ගෙවිලා. ඔය මුලු කාලයටම එක දවසක් ශානූ අයියට එන්න වෙන්නෙ නෑ කියලා, පහුවදා බදින්න තියෙන මැල්ලුමේ කොළ පොතු ටික ආච්චි අම්ම්ලට ගෙනත් දුන්නා. ආච්චි අම්මට පානදර ඇහැරලා පුරුද්දක් නැහැනේ. එදා උදේ හයට විතර ඇහැරගෙන බේත් කොටනවා.. මොන කරදරයක්ද මංදා. මගෙ කොන්දත් රිදෙනවා . අද විතරනේ සුදු අම්මෙ. මම නොඩියෙන් කුස්සියට ඇවිත් පුටුවක වාඩී වෙමින් කිව්වා. හ්ම්ම්ම්. දැන් ඉතිං කරන බව දැන ගත්තම දිගට දීලා නිකන් ඉදි. ශානූ අයියා එහෙම කරන්නෙ නෑ සුදු අම්මෙ. අද ඔය නොගිහින්ම බැරි ගමනක් නිසා ගියේ. මේ ජරාව කොටලා .මේ වංගෙඩියෙ වෙන මොකවත් කොටලා කන්න බැරි වෙයි. අනේ මංදා සුදු අම්මෙ. වංගෙඩිය ලගට කරලා දෙන්න මං හිමින් කොටන්නම්. කියන පරක්කුවට ආච්චි අම්මා වංගෙඩිය මගෙ ළගට කලා. මම පුටුවේ වාඩි ගෙනම කොටන්න පටන් ගත්තා.මේ සිද්දිය නිසා මට දැනුනේ ලොකු දුකක් ශානූ අයියට එන්න බැරි වුන එක දවසට මේ තරම් වෙනසක්. මම අම්මට කතා කරන වෙලාවට මේ හැසීරීම් ගැන කිව්වත් එයා කිව්වේ. “ කොහොම හරි ඉවසන් ඉන්න සුදු දූ. ආච්චි අම්මා ඉස්සරත් ඔහොම තමා. හැම දේටම කියවනවා. ඔයාගේ තාත්තාටත් මාව එපා වුනේ, එයාගෙ කියවිල්ල නිසා තමා” කියලා. එදා බෙහෙත් බැන්දේ. ආච්චි අම්මා. බෙහෙත් බදිනකන්ම මට, අම්මාට, ශානූ අයියට, මගෙ යාලුවන්ට හැමෝටම දොස් කිව්වා. මම කියලා තේරුමක් නැති නිසා නිහඩව හිටියා. මට වැසිකිලියට යන්න උවමනාවක් තිබුනත් මට එයාට අඩ ගහන්න හිතුනේ නැහැ. මම තනියෙම නොන්ඩියෙන් පැන පැන ගියා . ඒ යද්දිත් ආච්චි අම්මා , මට බැන බැන දොර ළගට වෙලා බලාගෙන ඉන්නවා. ඊ ළග කොටසි හමුවෙමු... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 05 Oct 2016 01:23 PM මට නම් පේන්නේ නරක පැත්තට යනවා කියලා. දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 05 Oct 2016 12:00 PM කතාව නම් හොදට යනවා වගෙයි දැන් සඳුනිVeteran MemberPosts:2462 05 Oct 2016 08:13 AM Posted By kingD on 04 Oct 2016 11:38 PM අනේ පව් කෙල්ලගෙ කකුල...මොකක්ද මේ එක පාරටම කෙල්ලගෙ කකුලට කලේ ... මම කලේ නෑ අනේ....... හර්ෂ අයියා තමා වග කියන්න ඔනේ. රජතුමනි රාජ දන්ඩනයක් ලබා දෙනු මැනවි. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 05 Oct 2016 08:09 AM ශා අයියේ........ මොකද ඒක පාරට සතුටක් අැවිත්..... දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 05 Oct 2016 07:37 AM හරි සන්තෝසයි නියමයි ආ කථාව කෙල්ලේ...................................... kingDVeteran MemberPosts:3309 04 Oct 2016 11:38 PM අනේ පව් කෙල්ලගෙ කකුල...මොකක්ද මේ එක පාරටම කෙල්ලගෙ කකුලට කලේ ... Business, you know, may bring money, But friendship hardly ever does. සඳුනිVeteran MemberPosts:2462 04 Oct 2016 09:26 PM …..කදුලත් සැනසුමක්…. 43. වන කොටස. මම ඔයාට ආදරෙයි රත්තරනේ. බය වෙන්න එපා මං ඔයාව කවදාවත් තනි කරන්නෙ නැ. ශානූ අයියා මාව තුරුල් කර ගනිමින් කිව්වා. මම ඒක දන්නවා මගෙ ශානූ අයියේ. මාත් ඔයාට ආදරෙයි. අපි වැඩිය දවල් වෙන්න කලින් ගෙදර එන්න පිටත් වුනා. ශානූ අයියලාගෙ අම්මාලා එද්දි අපි එහෙ හිටියොත් සැක හිතෙන නිසා. ශානූ අයියා මව ගෙදරට ඇරලලා ගියේ හිතකින් නෙමෙයී. එක රැයක් ආදරෙන් තුරුලු වෙලා හිටිය අපි දෙන්නා, පහු වෙනිදා ඉදන් දෙතැනක ජීවත් වුනා. අපි අපහසවෙන් සතියක් ගෙවා දැමුවා. මගෙ සුදු මැනික. අද නම් ඔයා අපේ ගෙදර එන්නම ඕනී. ඔයාලගෙ ගෙදර… ඇයී. එනවා නේද? . හැබැයි එදා සෙල්ලම් බෑ හොදේ. මට ඔහෙ එන්නත් නැති වෙන වැඩක් ඕක. අපිට එහෙම නොකර ඉන්න තිබුනේ සුදු මැනික. මට දැන් මෙහෙ තනියෙන් ඉන්න හිතෙන්නෙ නෑ. එහෙම කියලා බෑනේ. ශානූ අයියෙ. අම්මලා දැන ගත්තොත් මව ගහලා පන්නයි. මාව එදා හවස එක්කන් යන්න ශානූ අයියා ආවා. ගෙදරට ගිය වෙලාවෙ ඉදන් ශානූ අයියා මගෙ ළගින් හෙල්ලුනේවත් නෑ. රැ දහයත් පහුවීගෙන ආවා අපි තවම රූපවාහිනිය ළග ඉදගෙන. පුතේ අද නිදා ගන්නෙ නැද්ද? . ඔය දුවට නිදි මත ඇති. ශානූ අයියලාගෙ අම්මා බලාන ඉදාලා එපාම වෙලාද කොහෙද ඇහුවා. මම ශානූ අයියලාගෙ ගෙදර ඉන්න දෙවෙනි දවස, ශානූ අයියගෙ අම්මා දන්නෙ නෑ ගිය සතියෙ සෙනසුරාදා රෑත් මම මෙහෙ හිටිබව. අම්මා මං නිදියන්න එක්කන් යන්න බලාගෙන හිටියා. මං යන්න හැදුවත් ශානූ අයියා මට යන්න දුන්නෙ නැහැ. අම්මා නිදා ගන්න. ඉතිං අපි නිදා ගන්නම්. මං මේ දුව එනකන් ඉන්නෙ. එයා මගෙ කාමරේ හිටපුදෙන්. ශානු අයියා ගානක්වත් නැතුව එහෙම කියද්දී, අම්මගෙ ඇස් දෙක උඩ ගියා. පිස්සුද පුතේ.. මං කිව්වනෙ අම්මෙ. ඕනී මගුලක් කර ගන්න එකයී. ශානූ අයියලාගෙ අම්මා , ශානූ අයියට බැන බැන යන්න ගියා. ශානු අයියා කිවොත් කිව්වා කියලා ගෙදර හැමෝම දැනගෙන හිටියා. එයාගෙ වචනය වෙනස් කරන්න කවුරුත් උත්සහ කලේ නැහැ. මගෙ හිතට නම් හරි නැහැ මේ වුන දේ. මම කොහොමට හෙට මේ මුනිස්සුන්ට මූන දෙන්නෙ. මට බයක් වගේම දුකක් ඇති වුනා . ටික වෙලාවකට පස්සෙ ශානු අයියා මාව එයාගෙ කාමරයට එක්ක ගියා. මම හිටියෙ හෙට දවස ගැන කල්පනා කරමින්, ශානූ අයියා මගෙ තුරුලේ දැවටුනත් මන් ඒවට ප්‍රතිචාර දැක්වුවෙ නැහැ. මගෙ හිත ඇතුලින් හඩා වැටුනා.” මමත් අම්මෙක් තාත්තෙක්ගෙ රැකවරනය මැද හැදුනා නම් මේ වගෙ ප්‍රශ්න වලට මූන දෙන්න වෙන්නෙ නෑනේ “කියලා . මොනවද රත්තරනේ ඔය හැටි කල්පනා කරන්නෙ. ශානු අයියා රහසින් මගෙන් එහෙම අහන කොට ,මට ඇඩුම් ආවා. හිත ඇතුලේ හැගිලා තිබුන බය, දුක වගේ හැගීම් කදුලු වෙලා පිටට ආවා. ඔයා අඩනවා නේද සුදු මැනික. අනේ.. ශානූ අයියේ…. මොකද දෙවියනේ අඩන්නෙ.. මං.. කොහොමද… හෙට… ඔයාලගෙ …අම්මට ….මූන දෙන්නේ… කිසි අවුලක් වෙන්නෙ නෑ රත්තරං මම ඉන්නවනේ. ඔයාට… තේරෙන්නෙ නෑ අයියේ. මම මූන ශානු අයියගෙ පපුවේ හොවාගෙන ඇඩුවා. මගෙ කදුලු ශානු අයියේ පපුව මත ගලාන ගියා. ඔයාගේ ඕනී දේකට මම ඉන්නවා. වුන දේවල් සේරම වැරදි බව මට තේරෙනවා . ඒත් දැන් හැම දේම වෙලා ඉවරයී. එන දේකට මූන දෙමු. මගෙ උණුහුම විදිමින් ශානු අයියා සුව නින්දක සිටියත් ,මගෙ ඇස් දෙකට නින්දක් ආවේ නෑ. රෑ වෙද්දි මට නින්ද ගිහින් තිබුනා. මම උදෙන්ම ඇහැරුනත් කාමරෙන් එළියට නම් ආවේ නෑ. මට ශානූ අයියගෙ අම්මාව දකින්නත් බයයී . මම නිහඩවම කාමරයට වෙලා හිටියා. පස්සෙ ශානූ අයියා ඇහැරිලා එළියට යමු කිව්වත් මම ගියෙ නැහැ. අන්තිමේ ශානු අයියගෙ පෙරත්තය නිසාම මම එළියට ගියා. දෙවියනේ අයියලාගෙ තාත්තා සාලේ ඉදගෙන ඉන්නවා. මම හිතුවෙ එතනම සිහි නැතුව ඇදන් වැටෙයි කියලා. ආ … දෙන්නා එළියට එනකන් තමා මං බලාන හිටියේ. අම්මා අපි ගැන සේරම කියලා තිබුනා. මම දවාලට මෙහෙ එනබව කොහොමත් ශානූ අයියලාගේ තාත්තා දැනගෙන හිටියා. ඊයේ රෑ සිද්ද වුන දේ ගැන ශානූ අයියලගේ තාත්තාට කේන්ති ගිහින්. මොනවද පුතේ ඔය කරන මෝඩ වැඩ. අයියා නිහඩව අහගෙන හිටියා. මම බයේ වෙව්ලනවා. කසාද බන්දන්නත් බෑ තව ඒ ළමයා ඉස්කෝලේ යනවා නේද? දැ දුවලගෙ ගෙදරින් මේවා දන්නවද? ශානූ අයියලගෙ තාත්තා මගෙ දිහා බලාගෙන ඇහුවා. මම හිස සලලා නෑ කිව්වා. ඔය බලන්නකෝ.. අපේ මෝඩ කොල්ලට නම් පිස්සු. ශානූ අයියලගෙ තාත්තාට වුන දේ ගැන හිතට හරි නැහැ . හුග වෙලාවක් යනකන් ඒ දෙ ගැනම කියෙව්වා. මම පුදුම අසහනයකින් තමා කාලය ගෙවාගත්තේ. ශානූ අයියලාගෙ තාත්තා ශානූ අයියට හොදටම බැන්නා.” මේ ළමයට වැරද්දක් කරලා අහු වුනොත් මගෙ පුතා කියලා නෑ උබවයි මම අල්ල ගන්නෙ තේරුනාද, කලින්ටත් වඩා හොදට මේ ළමයා ගැන බලන්න ඕනී” කිව්වා. ශානූ අයියගෙ අම්මත් කුස්සියට වෙලා මොනවද ශානු අයියට කියවනවා මට යන්නතම් ඇහුනා. අම්මේ ඒක මං දැක්කම ඇති. මමනේ එයා එක්ක පවුල් කන්නෙ. අම්මටත් ඕනි නම් බලන්න. ආන් අල්මාරියෙ බෙඩ් ශීට් එක ඇති. මම කාමරයට වැදුන පාර එලියට ආවේ ගෙදර යන්න. ඒත් මේ සිද්දියෙන් පස්සේ ලොකු වෙනසක් ඇති වුනා. ශානු අයියගෙ තාත්තා නම් එදා ඉදන්ම මට ආදරෙයි. මේ සිද්දියෙන් පස්සේ නිතරම අපි ගැන හොයලා බැලුවා. ඉදලා හිටලා දවසක බීලා ඇවිත් කෑ ගැහුවත්, වැඩිය කරදර කලේ නෑ. ගේන හැම දෙයකින්ම කොටසක් මං වෙනුවෙනුත් ගෙනාවා. මම එහෙ යන දවසක හරී, ශානූ අයියා මං බලන්න එන දවසක හරි, ඒ කොටස මට ලැබෙන්න සැලැස්සුවා. මාව පව්ලෙම කෙනෙක් හැටියට පිළිගත්තා.” මට දැන් පවුලක් තියෙනවා “ කියලා මගෙ හිත නිතරම කිව්වා. අගෝස්තු නිවාඩුවත් ඉවර විගෙන ආවා. අපි කලින් කතා වුන විදිහටම, මගෙ යාලුවෝ අපේ ගෙදර එන දවස උදා වුනා. මම පාන්දරින් ඇහැරලා යාලුවෝ වෙනුවෙන් කෑම හදන්න පටන් ගත්තා. උදෑසන අට පහු වෙද්දි තිවංක අයියා නයනිත් එක්ක ත්‍රීවීල් එකකින් ආවා. ශානු අයියත් නංගිවත් එක්කගෙන ආවා. පොරොන්දු වුන හැමෝම අන්තිමට ගෙදරින් එන්න දෙන්නෙ නෑ කියලා නතර වුන නිසා, තව එන්න හිටියේ ගීත්මයි, හර්ෂ අයියයී විතරයී. ගීත්මලට පාර හොයා ගන්න බෑ කියලා කෝල් කරලා කිව්වා. ඒක නිසා නංගිත් එක්ක මම ප්‍රධාන පාර ගාවට ගියා. වැඩි වෙලාවක් යන්න කලින් ඒ දෙන්නත් ත්‍රීවීල් එකක ආවා. නංගී ,මායිත් ත්‍රීවීල් එකට නැගලා ගෙවල් පැත්තට ආවේ, ආගිය තොරතුරු කතා කරමින්. ඔය ඉස්සරහින් පේන ගේ, අපේ හර්ෂ අයියේ. මම හර්ෂ අයියට ගේ පෙන්වමින් කිව්වා. පාර අයිනෙන් නවත්වන්න අයියෙ. මිදුලට ගන්න බැරි වෙයි. මම එහෙම කිව්වෙ අපේ ගෙදට එන පාර කන්දක් වගෙ නිසා. නෑ නෑ. ඔය කන්ද මොකක්ද. ඕක අද්දනවා. කියාගෙන හර්ෂ අයියා ගේ පැත්තට ත්‍රීවීල් එක හැරෙව්වා. කන්දෙන් භාගයක් යනකොට ත්‍රීවීල් එක අද්දන්නෙ නැතුව ගියා. මම හිටියෙ දොරක් අයින්නෙ නිසා ඉන්න හර්ෂ අයියෙ මම බහින්නම් කියලා, බහින්න කකුලක් එළියෙන් තිබ්බා. ඒත් එක්කම නතර වෙලා තිබුන ත්‍රීවීල් එක ආපස්සට ගියා. ගිහින් නතර වුනා, ඒත් කකුල දනිස්ස ළගින් කැරකුනා. මම ඒ කකුලට බර නොදී පහලට ගියා. හැමෝම වට කරගෙන කකුලට මොකද ඇහුවා. සේරමලගෙ මුහුනු භීතියෙන් පිරිලා. අවුලක් නෑ. කියලා මං කකුල උස්සන්න හැදුවා. උස්සන්න ශක්තියක් නෑ. කකුල සැහෙන්න බරයි වගේ මට දැනුනා. මම ආයෙත් උස්සන්න උත්සහකරද්දි ඔලුව කැරකීගෙන ආවා. මට සිහි නැති වෙලා. සිහිය එද්දි, මම හිටියෙ මගෙ ඇදේ වැතිරිලා, හැමෝම මාව වට කරගෙන පවන් ගහනවා වතුර ගහනවා. ශානූ අයියා මගෙ ළග ඉදගෙන, හොදටම බය වෙලා බලාගෙන ඉන්නවා. මට හැමෝම පෙනුනේ බොද වෙලා. ටිකකින් මම හොද සිහියට ආවා. ඇයි මේ …මට අමාරුවක් නෑ. ඔයාලා තේ බිව්වද. මම ඇදේ ඉද ගන්න ගමන් ඇහුවා. මගෙ කකුල හිරි වැටිලා වගේ තියෙනවද නැද්ද දැනුනේ නෑ. සුදු අම්මේ මෙයාලට තේ හදලා දෙන්නකො. මම ඔයාලට ඉදි ආප්ප හැදුවා කන්නකො ගිහින්. අනේ ශදියෝ. අමාරුවක් නෑ නේද. ගීත්මා ඇහුවෙ අඩන්න වගෙ මූන හදාන. එයා හොදටම බය වෙලා එයාලගෙ ත්‍රීවීල් එකේ එද්දිනේ මේක වුනේ. අනේ නෑ බං .ඔබලා ගිහින් කාපල්ලා. ආච්චි අම්මා තෙල් බෝතලක් ගෙනත් ශානූ අයියගෙ අතට දුන්නා. ශානූ අයියා මගෙ ළගින් හෙල්ලුනේවත් නෑ. තෙල් ගාලා ඉවර වෙලා කකුල් පහලට දාලා මම වාඩී වුනා. යන්තම් කට්ටියගෙ හිත හැදුන නිසා හැමෝම උදේ කෑම ගත්තා. ශානු අයියා මටත් කවමින් මගෙ ළට වෙලා කෑම ගත්තා. ටිකකින් මම ශානු අයියගෙ වාරු ඇතිව කාමරෙන් එළියට ආවා. අඩිය තියද්දි දනිස්ස ලගින් ලොකු වේදනාවක් ආවා. ඒත් සතුටු වෙන්න ආපු යාලුවන්ගෙ සතුට නැති වෙන නිසා ,මම රිදෙන බව කිව්වෙ නැහැ. පුටුවක ඉදගෙන එයාලා එක්ක සතුටු සාමිච්චියෙ යෙදුනා. දවල් කෑමට කලින් කට්ටිය නාන්න යන්න සූදානම් වුනා. නොගිහින් බැරි නිසා මමත් අමාරුවෙන් එයාලා එක්ක ගියා.. ශානු අයියගෙයි නයනිගෙයිවාරුවෙන් පාරට ගිහින් ,ඉතුරු ටික බයික් එකේ ගියා. ගෙට පල්ලෙ දොල ගැබුර නැති නිසා අපි ටිකක් දුර තැනකට නාන්න ගියෙ. එතන හරිම ලස්සනයි මමත් කවදාවත් එතනින් නාලා තිබුනේ නැහැ, හොදයි කියලා අහලා තිබුනට. ඒ දොළට උඩින් ලස්සන පාලමක් වැටිලා තිබුනා. ඒක ගෙදරකට යන්න අදපු පුංචි දිග පාලමක්. දෙපැත්තෙන් අත් වැටවල් දෙකක් ගහලා තිබුන ඒ පාලම , දොළ පාරේ අසිරිය තවත් වැඩි කලා. වටේම තිබුන ගස් නිසා දොළටවත් පාලමටවත් ලොකු හිරු එළියක් වැටුනේ නෑ. එතන දොළ ගෙල දක්වා ගැබුරු වුනා. ශානූ අයියා මාව වාරු කරන් ඇවිත් පාලම උඩ වාඩි කලා. මම අත් වැට අතරින් දොළ දිහා බලාගෙන හිටියා. ශානු අයියත් , පාලමේ අත් වැටට වාරු වෙලා මගෙ ළගට වෙලා ඉන්නවා. ඔයා නාන්නෙ නැද්ද ශනූ අයියේ. ඔයා ඔහොම ඉද්දි මට නාන්න බෑ. මට අමාරු නෑ අයියේ. සුදු අම්මා තෙමා ගන්න එපා කිව්වනෙ නැත්තම් මාත් පහළට එනවා. ඔයා නාන්නකෝ. කට්ටිය පවුනේ. හා එහෙනම් ඔහොම බලං ඉන්න සුදු මැනික. ශානූ අයියත් පහලට ගියා. අද ගීත්මා දොළට බහින්න බෑ කියලා කැ ගහනවා. හර්ෂ අයියා ගීත්මා කෑ ගහද්දි ඇදලා ගත්තා. කට්ටිය දොළ පුරා දගලමින් කෑ ගහනවා. ශදී නංගියෝ ඔයත් එන්නකො. ඊ ළග කොටසින් හමු වෙමු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 04 Oct 2016 09:14 PM මම මොකුත් කියන්නෙම නෑ මයි දිනයක වැටහේවී........... kingDVeteran MemberPosts:3309 04 Oct 2016 03:51 AM අනේ අම්මපා මෙහෙමත් ළමයි... ඉස්කෝලෙ යන කාලෙ සැක හැර ගන්නවද Business, you know, may bring money, But friendship hardly ever does. DushanVeteran MemberPosts:2536 04 Oct 2016 01:27 AM ස්තුති මේ කොටසටත්.. ඉක්මනට ඊලග එකත් දාන්නෝ එහෙනම් sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 02:57 PM ශානු ඕනෙ උනේ සැකේ ඇර ගන්න කොහෙම හරි ඒකෙනුත් ලිස්සල ගියා නේද දැන් හරිනේ ඔක්කොම හරි සඳුනිVeteran MemberPosts:2462 03 Oct 2016 02:29 PM …… කදුලත් සැනසුමක්……. 42. වන කොටස. එහෙ ඕනිවටත් වඩා නිදහස තිබුන නිසා. මම ශානූ අයියට නිතරම විහිලු කලා. “ මාත් අම්මෙක් තාත්තෙක් ළග හොද පවුලක ඉන්න තිබුනේ ඔයා මේ කෝලං කරන්නෙ කොහොමද බලන්න” කියලා. එහෙම වුනත් මං ඔයාව උස්සනවා. ඒක තමා ශානූ අයියගෙ උත්තරය වුනේ. කාලය කෙමෙන් ගිවී ගියා. අම්මා මම බලන්න ගමේ ආවා. දැන් චූටී මල්ලිට මාස අටයි. හරිම හුරුතල් වයස. එයාගෙ හුතලයත් එක්ක දවස් දෙකක් ගෙවිලා ගියා . අම්මලා ගෙදර යන්න සූදානම් වුනා. මට එදා පංති දවසක් නිසා මමත් අම්මාත් එක්කම පිටත් වුනා. මම එදා කලින්ම පංතියට ගියා. ටික වෙලාවක් යද්දි ළමයි දෙතුන් දෙනා එන්න පටන් ගත්තා. නයනි ,ගීත්මයී ඈත තියාම එනවා මම දැක්කා. ශදියෝ.. අද කලින්ම මොකො චුට්ටක් කලින් ආවා බං.. මේ ගීත්මටත් ඔනිලූ ඔබලගෙ දොළෙන් නාන්න. ඉතිං වරෙල්ලකො. සල්ලි ගන්නෙ නෑ මම. එදා නම් මරු නේද බං. මාස ගනකට කලින් නයනී ,තිවංක අයියයි අපේ ගෙදර ඇවිත් ගත කරපු විදිය, නයනි ආසාවෙන් විස්තර කලා. අගෝස්තු නිවාඩුවත් කිට්ටු නිසා ,දවසක අපේ ගෙදර එන්න කට්ටිය තීරනය කලා. අපි හුගක් සතුටු වුනා ඒ දවස මතක් කරලා. එත් පංතිය ඇරෙනකොට මට ලොකු හිසදයකින් පෙලුනා. එක නිසා මම ශානූ අයියට කෝල් කලේ ගෙදර ඇරලන්න පුලුවන්ද කියලා අහන්න. එයා මට කිව්වා එයාලගෙ ගෙදර යමු කියලා. කොහොම හරි දහවල් එක කිට්ටු වෙද්දි අපි ශානූ අයියලාගෙ ගෙදර ගියා. මට ඕනි වුනේ ටිකක් නිදා ගන්න .ඒත් අපි එහෙට යද්දි කවුරුත්ම ගෙදර හිටියෙ නැහැ. ශානු අයියා යතුර හොයාගෙන දොර ඇරියා. කෝ ශානූ අයියේ අම්මලා. ටවුන් ගිහින් ඇති. අද නංගිට පංති දවසක්. ඉක්මනට එයි නේද . මම ගෙට ගිහින් පුටුවකට බර වුනා. ඔලුව හුගක් රිදෙනවා ශානූ අයියේ. අවුව සැර නිසා වෙන්න ඇති. ඉන්නකො පැනඩෝල් දෙකක් දෙන්න. ශානූ අයියා අම්මලගෙ කාමරයට ගිහින් මට පැනඩෝල් හොයන්න සේරම බාස්කට් පෙරලනවා මට ඇහුනා. සාලේ කොනක ශානු අයියලාගෙ තාත්තා නිදා ගන්න වැල් ඇද තිබුනා. මම ඒ ඇදට ගිහින් ටිකක් ඇල වුනා. ටිකකින් ශානූ අයියා මට පැනඩෝල් දෙකකුයි වතුර එකකුයි ගෙනත් දුන්නා. මේ දෙක බීලා ටිකක් නිදා ගන්න. මම පැනඩෝල් දෙක බීලා එහෙන්මම ඇලවුනා. මට හොදටම නින්ද ගිහින්ලා. මම එක පාරටම නින්දෙන් ඇහැනා. මට හොදටම දාඩිය දාලා රස්නයට. ශානූ අයියා මව තුරුලු කරන් හොදටම නිදි. මට එක පාරට හිතා ගන්න බැරි වුනා. ඒත් ඒකෙ මට ලොකු අමුත්තක් දැනුනෙ නෑ. ශානු අයියා කොයි වෙලේද අවස්තාවක් එන්නෙ කියලනෙ ඉන්නෙ ,මාව තුරුලු කර ගන්න. මම හිමි සීරුවෙ ආදරෙන් ශානූ අයියගෙ ඔලුව අත ගෑවා. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්…. ශානු අයියා අඩ නින්දෙන් ඔලුව මගෙ පපුවට තද කර ගත්තා. එතකොට මගෙ මුලු ඇගට මොකක්දෝ දෙයක් සිද්ද වුනා. මට ශානු අයියව ඇහැරවන්න හිතුනෙ නෑ. ඒත් අම්මලා එයි කියලා එකපාරටම මට බයහිතුනා. වෙනදට අපි දෙන්නා තනියෙන් ගෙදර හිටියත් ටීවී බැලුවා නැත්තම් කෑම උයාගෙන කෑවා, ඒත් නැත්තම් තුරුල් වෙලා කතා කර කර හිටියා. මේක මට අලුත් අත්දැකීමක් වුනේ ඒකයී. ශානූ අයියේ.. ශානූ අයියේ…. ඈ…… මම ශානු අයියගෙ මිදිලා ඇදේ වාඩි වුනා. ඇහැරෙන්නකො ළමයො හවස් වෙලා. එන්නකෝ තව ටිකක් නිදා ගන්න. ශානු අයියා මාව ආයෙත් ඇදේ හාන්සි කරන්න හැදුවා. බෑ බෑ අම්මලා එයි කෝ .. මට යන්න දෙන්න. මම ඇදෙන් නැගිට්ටා. ශානු අයියා ඇදේ ඉදගත්තෙ ඇගමැලි කඩමින්. ශානු අයියා නිදා ගන්න කලින් අම්මලට කෝල් කරලා.. අම්මලා මාමලාගෙ ගෙදර ගිහින්ලූ.ඒක නිසා මම ශානු අයියට කිව්වා අපේ ගෙදර යමු කියලා. මොකද සමහර දවස් වලට ශානු අයියා අපේ ගෙදර රෑ ඉන්න එනවා. ලොකු අම්මත් නැති නිසා ලොකු අම්මගෙ කාමරේ නිදා ගන්නවා. ශානු අයියා අද බෑ කිව්වා. රෑ වෙන්න කලින් මාව ගිහින් අරලින්නම්, පුලුවන්නම් කන්න මොනවා හරි උයලා දෙන්න කිව්වා. ඔලුවේ කැක්කුම අඩු නිසා ඇග හෝදන්න ඕනි කියලා මට හිතුනා. ශනු අයියා කම්මැලියා වගේ තාම නිදි කිරනවා. ශානූ අයියේ. ඇග ටිකක් හෝද ගත්තා නම් හොදයී. ඉතින් හෝදමු. හැබැයි මට බලං ඉන්න ඕනී. ආ මේන් කෝලං .ලැජ්ජා නැද්ද කෙල්ලො නාන දිහා බලන් ඉන්න. මගෙ කෙල්ලනේ. මම කුස්සියට ගිහින් ලිප ඇවිලෙව්වේ උයන්න. වතුර කේතලය ලිපෙන් තියලා මම හාල් ටිකක් හෝදලා ලොකු ලිපෙන් තිබ්බා. ශානූ අයියත් අස්සට ඇවිත් මට උයන්න දෙන්නෙ නැහැ. තුරුල් කර ගන්නවා , කොනිත්තනවා ,සිප ගන්නවා, පිස්සු වැඩ හුගයි. හරියට පොඩි ළමෙක් වගේ හුරතල් වෙනවා. අමාරුවෙන් කියලා කියලා ඇගහෝදන්න වතුර බාන්න ලිද ලගට යැව්වා. උයලා ඉවර වෙලා මම දියරෙද්දත් ඇදගෙන තුවාය කරේ දාගෙන ලිද ළගට ගියා. ශානූ අයියට යන්න කිව්වට යන්නෙම නැහැ, ඒක නිසා මම බලන් ඉන්න ඇරලා ඇග හෝදන්න ගත්තා. අද මෙයාව තියා ගත්තනම් හරි. ශානු අයියා දිය බේරෙමින් හිටිය මන් දිහා අමුතු විදිහට බලාගෙන කිව්වා. හොදට තියේවී. ඇයි හොද නැද්ද? මොකටද? සැක ඇරගන්න තිබුනා අපරාදේ.. මගෙ හිත ලැජ්ජාවවෙන් පිරුනා. ඒත් මම ඒක හංගගෙන කතා කලා. හොදට තියෙවී. බදින දවසට පහුවදා නැන්දම්මා මාව ගහලා පන්නයි. ඒවා කොහෙද මාත් එක්ක. ඕවා කවුද නැන්දම්මට පෙන්නන්නෙ. මං විතරයි බලන්නෙ. කතාවෙන් කතාවෙන් මම ඈග හෝදගෙන ඇග පිහදාන්න ගත්තා. ඊට පස්සෙ ශානු අයියත් ඇග හෝදන්න පටන් ගත්තා මම ගෙට ගිහින් ඇදුමක් දා ගත්තා. දැන් හතර වටින් අදුර වැටීගෙන එනවා. ශානු අයියලාගෙ ගේ තිබුනේ අනිකුත් ගෙවල් වලින් හුදකලා වෙලා. වටේ තිබුන රූස්ස ගස් නිසා අනිත් තැන් වලට කලින් ඇදිරි වැටුනා. මම ගෙදර යන්නත් ඕනී නිසා ජනෙල් සේරම වහලා දැම්මා. මම ජනේල පියනක අගුල දමින් ඉන්න කොට ශානූ අයියා පිටි පස්සෙන් ඇවිත් මගෙ බද වටේ අත් දා ගත්තා. සුදු මැනික.. හ්ම්ම්ම්ම්ම්ම්ම් අද ඔයාට කියන්න නිදහසට කරුනු නැද්ද. නෑනේ.. හොද වැඩේ. යමුද දැන් අපි. හදිස්සිද. අද ඉන්නකෝ. පිස්සුද ශානු අයියේ. මම ශානූ අයියගෙ පැත්තට එක පාරටම හැරෙමින් ඇහුවා. ඔයාට මාත් එක්ක ඉන්න බයද. නෑ.. ඒ….. තවත් මට කතා කරන්න ඉඩ ලැබුනේ නැහැ. මගෙ දෙතොලට තවත් සෙලවෙන්න ශානූ අයියා ඉඩ දුන්නෙ නැහැ. මට මොනවා වුනාද හිතා ගන්න බෑ. මට ඒ ග්රහනයෙන් මිදෙන්න ඕනි වුනේත් නැහැ. පසු දින උදා වුනා, මම ශානූ අයියගෙ නිරුවත් පපුව මත හිස හොවාගෙන හිටියා.මම ශානූ අයියා එක්ක මුල් රාත්‍රිය ගෙවලා තිබුනා. එදා රාත්‍රිය මගෙ ජීවිතය වෙනස්ම මාර්ගයකට යොමු කලා. තව දුරටත් මම කන්‍යාවක් නොවන බව මතක් වුනත්, මට ඒ ගැන කිසිම වේදනාවක් තිබුනේ නෑ. මම තවත් ශානු අයියගෙ තුරුලට ගුලි වෙමින් නිදා ගත්තා. මං වැරදී කියලා මට හිතුනා, ඒත් මම ඒක අමතක කරන්න උත්සහ කලා. සුදු මැනික….. හ්ම්ම්ම්ම් දුකයිද රත්තරං. නෑ මගෙ අයියේ . මට සතුටුයි . ඔයාගෙ සැකෙ වත් දුරු වුනානේ. මට ඒ දේ බලන්න ඕනි වුනේ නැ. මං දන්නෙ නෑ මට මොනවා වුනාද කියලා. කොහොම හරි මාව තියා ගත්තා නේද? මම ශානු අයියව තුරුල් කර ගනිමින් කිව්වා. මම නැගිටලා තේ හදන්න කුස්සියට ගියා. ශානු අයියත් මගෙ පසු පසම කුස්සියට ආවා. මම තේ හදන කොට ශානු අයියා මගෙ ළට ඇවිදින් නතර වුනා. ශානු අයියගෙ මූනේ ලොකු දුකක් තිබුනා සුදු මැනික. ඇයි ශානු අයියෙ දුකින්.. ඔයා පව් මගෙ මැනික. මං පව් නෑ අනේ. ඔයා ඉන්නෙ මට. ඊ ළග කොටසින් හමු වෙමු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 03 Oct 2016 01:52 PM හී ඒක තමා දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 03 Oct 2016 01:02 PM Posted By sha733 on 03 Oct 2016 10:14 AM ලව් එක නැගල යන්නෙ චෙක් කොර ගන්නද දන්නෙත් නැහැ ඔව් හැබැයි ඒක කියන්නත් බෑ තමයි sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 10:14 AM ලව් එක නැගල යන්නෙ චෙක් කොර ගන්නද දන්නෙත් නැහැ DushanVeteran MemberPosts:2536 03 Oct 2016 07:15 AM දැන් නම් love එක නගලම යනවා වගේ නෙහ් sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 07:15 AM ශානු අයියගෙ තිබුණ කේන්තිය කොහෙද ගිහින් තියෙන්නේ ඒපාර රණ්ඩු නැතුව ආදරෙන් ඉන්නේ සඳුනිVeteran MemberPosts:2462 03 Oct 2016 06:48 AM … කදුලත් සැනසුමක්…. 41. වන කොටස. කාලය ගෙවිලා ගියත් ප්රශ්නවල අඩු වුනේ නැහැ. නොයෙකුත් හේතු නිසා ශානූ අයියයි මමයි නිතර ගැටුම් ඇති කර ගත්තා. සේරටම හේතුව වුනේ ක්‍රිස්ටි මාමා. මම ශානූ අයියලාගෙ ගෙදර යන එක නතර කරලා දැම්මා. ශානූ අයියාට අම්මලාගෙ අවුල නිසා මං නොඑන්නෙ කියලා තේරුම් අරන්න්ද කොහෙද, මට යමු කියලා බලකලෙත් නෑ. ශානු අයියා දිගටම මට උදව් කලා. මම ශානු අයියලාගෙ ගෙදර නොයා ඉන්න කොට ප්‍රශ්න ටික ටික මග හැරුනා. අම්මාගෙ කරදරය අඩු වෙන්න ඇති ,ඒක නිසා ශානූ අයියාගෙ මගෙන් සේන බාප්පගෙ සිද්දිය ගැන අහන එක නැවතුනා. නයනි තිවංක අයියයි දවසක් අපේ ගෙදර ආවා. ඒදා ශානූ අයියත් ආවානිසා අපි හුගක් විනෝදෙන් කාලය ගත කලා. නයනී මමයී එකතු වෙලා කැම ඉව්වා. ආච්චි අම්මත් අපිට උදව් කලා. ආච්චි අම්මට ඉතිං කයියට අල්ල ගන්න කෙනෙක් ඉන්නවා නම් වෙන මොකුත් ඕනී නෑ. ශානූ අයියයි,තිවංක අයියයි අල්ලගෙන බරටම කතාව. නයනී මමයි දෙන්නට හොද පරිප්පුව කියලා උයන ගමන් කතා වුනා. උයලා ඉවර වුනාම අපි දෙන්නත් කතාවට එකතු වුනා. ශානූ අයියලට විහිලු කරලා හිනා වුනා. දවල් කෑම වෙලාවත් කිට්ටු නිසා මම කැම මේසය සූදානම් කරන්න ගෙට ගියා. මම කෑම මේසය සූදානම් කරමින් ඉන්න වෙලේ ශානූ අයියා කුස්සියට ආවා. ළමයා වැඩ වගේ.. මොකෝ මේ පැත්තෙ. උදව්වක් එහෙම තියෙද බලන්න ආවේ. අප්පේ මෙයාගෙ උදව්. මම අවසාන ව්‍යාන්ජන දිසියත් අරන් කෑම කාමරයට ගියා. ශානු අයියත් මගෙ පසුපසම ඇවිත් බව දැනුනේ එයාගෙ අත් දෙක මගෙ බද වටා යද්දී. ශානූ අයියා ආදරෙන් මාව තුරුලු කර ගත්තා. මොකද මේ …මාලුවත් හැලෙනවා දැන්… මම බොරු තරහක් අරන් කිව්වා. මට මොකද ඉතිං. හැලුනදෙන්… කන්නෙ මොනවද එතකොට. ඔයාව…… ආ ඇත්තද? සුදු අම්මා ආවොත් ඔයාට කොස්සෙන් කන්න වෙයි. එත් කමක් නෑ…. ඒත් එක්කම පොඩි සද්දයක් ඇහුනා කුස්සිය පැත්තෙන්. අතාරින්න …සුදු අම්මා එනවද කොහෙද? මම ශානූ අයියගෙන් මිදිලා කැම මේසෙ පිලිවල සූදානම් කරන්න ගත්තා. පූසෙක් අනේ. ඌටත් ඔයාගෙ කෑම රහ වැටිලද කොහෙද? එහෙම කියාගෙන ශානු අයියා මගෙ ළගට ආවා. මගෙ උරහිස් දෙකට උඩින් බිත්තියට අත් දෙක තියාගෙන ශානු අයියා මාව කොටු කරගෙන. මම අත යටින් රිංගන්න යද්දි ශානූ අයියා මාව ආයෙත් එයාගෙ පපුවට තද කර ගත්තා . රිංගලා බේරෙන්න නේද කල්පනාව.. අනේ ශානු අයියේ… සුදු මැනික…. ම්ම්ම්ම්ම්ම්ම්….. හාද…… මම දන්නවා ශානු අයියා මොනාද කියන්නෙ කියලා .මම ඔලුව උස්සලා ශානූ අයියා දිහා බැලුවා. ශානු අයියා මගෙ දෙකම්බුල් ආදරෙන් සිප ගත්තා. මොහොතින් මගෙ දෙතොල් මත උණුසුමක් දැවටුනා. ශානූ අයියගෙ දෙතොල මගෙ දෙතෙලතර පැටලී තිබුනා. මොහොතින් ඒ පහසින් මා මිදුනත් මම දෙනෙත් හැරියේ නැහැ. ජිවිතේ මුල්ම වතාවට නිසාදෝ මට දෑස් හරින්නට සිත් දුන්නෙ නැහැ.අයිත් ඒ මුහුන බලන්න සිත් දුන් නෑ, ලැජ්ජාවෙන් මුහුන රතු වෙලා. මුහුනට නැගුන සිනගව සගවා ගන්නට උත්සහ කරමින් ,මම ශානු අයියගෙන් මිදෙන්නට උත්සහ කලා. සුදු මැනික.. තරහයිද මට ශානු අයියගෙ මූන දිහා බලන්න බෑ . මම ඔලුව වනලා නෑ කිව්වා. ඔයා අකමැති ඇති කියලයි.. මේ තරම් කල් මම ඉවසුවෙ.. ඇයි.. මගෙ දිහා බලන්නකෝ. තරහින් නේද. පිස්සා….. මම ශානූ අයියව එහාට තල්ලු කරලා, කෙලින්ම නයනිලා ඉන්න පැත්තට ගියා. ලැජ්ජාවෙන් රතු වුන මුහුන සගවා ගන්න උත්සහ කරමින්. යමු කන්න. කෝ ශානුවා. තිවංක අයියා මගෙ දිහා බලලා අදද්දි ,මම ගෙට එන්න ආපහු හැරුනේ ,තිවංක අයියට වෙනසක් දැනෙයි කියලා. එයාට බඩ ගිනිලු . ආන් ඔයාලටත් කලින් කනවා. ශානු අයියා මට නිදහසේ කන්නවත් දුන්නෙ නෑ. මගෙ දිහා බලාන හිනා වෙනවා. ඇස් වලින් ඉගි කරනවා. මම කොහොමද ඉතිං කෑම කන්නෙ. අපි හතර දෙනා හවස දෙකට විතර දොළට නාන්න ගියා. අව් රශ්මිය නිසා දොළ අවට තිබුන ගල් පා තබන්නවත් බැරි තරමට රත් වෙලා තිබුනා. නයනී මමයි දොළට බැස්සෙ ඇදන් හිටි ඇදුම් පිටින්මයී. නයනිට දොළේ නාලා පුරුදු නැහැ. පපුව මට්ටමට වතුර ඇති හරියට මම නයනිව එක්ක යද්දි නයනී හිටියෙ මගෙ අත තදින් අල්ලගෙන ,ගොඩ යමු කියලා කෑ ගහමින්. ශානු අයියටයි තිවංක අයියටයි හොදටම හිනා. මොකුද්ද කනවෝ… නයනි මාවත් අතහැරලා ගොඩට දිව්වෙ දොලේ ඉන්න පුංචි මාලුවෝ කකුලට කොටලා. නයනි පව් මට නම් හිනාව නවත්ත ගන්න බැරි වුනා. නයනී දිය බේරෙමින් ගලක් මත් ඉදගෙන හෝදිසියෙන් දොල දිහා බලනවා. හරිම අමාරු වුනා නයනිව ආයි දොළට ගන්න. තිවංක අයියා අමාරුවෙන් නයනිව නාන්න අඩගහ ගත්තා. ටිකක් වෙලා ඉද්දි නයනි දෝලේ නාන එක විනෝද බව තේරුම් ගත්තා. අපි හතර දෙනා එකිනෙකාට වතුර ගසා ගනිමින් විනෝදෙන් දිය සෙල්ලම් කලා. ශදි නංගියෝ……. ඇයි ශානූ අයියේ… කෝ සබන් පෙට්ටිය.. බාල්දිය ඇතුලේ… නෑනේ….. නැති වෙන්න විදිහක් නෑ .ගෙනාවනේ… එහෙම කියාගෙන මම ශානු අයියා ඉන්න පැත්තට ආවා. අපි අදින්න ගෙනා ඇදුනුයි, බාල්දියි තියලා තිබුනේ කුඹුක් ගහක හෙවන යට. නාන තැනට ටිකක් ඈතින්. කෝ නැද්ද. නෑනේ. මම ඒ හරියට යනකොට ශානු අයියා මහෙ අතින් ඇදලා කුඹුක් ගහට මුවා වුනා. මට එතකොටයි තේරුනේ මේක ශානූ අයියගෙ හොර වැඩක් බව. ශානු අයියේ ඇයි මේ… ලස්සන බලන්න…. එහෙම කියලා ශානු අයියා මං දිහා අමුතු විදිහට බැලුවා. දිය බේරෙමින් තිබු ,මගෙ ඇදුම් ඇගටම ඇලී ගිහින්. තෙත ඇදුමුන් ශරීරය කැපී පෙනුනා. මම ඉක්මනින් තුවායක් අරන් පොරව ගත්තා. මොකද්ද ඒ කලේ.. ඔයා නම් හොදටම නරක් වෙලා ශානූ අයියේ.. මං එහෙම කිව්වෙ බිම බලාගෙන. කවුද දන්නෙ නෑ මාව නරක් කරන්නෙ. තව නරක මොකුත් කලෙ නෑ. ශානූ අයියා මාව එයාගෙ තුරුලට ඇදලා ගත්තා. අනේ.. ශානූ අයියේ තිවංක අයියලා දකී. හැම එකටම නිදහසට කරුනු තියේ නේද? ඔහෙ දැකපුදෙන් ඕනි නිසානෙ බලන්නෙ. අනේ…. ශානූ අයියා මාව තදින් තුරුලු කර ගත්තා. නැවතත් මගෙ දෙතොල් සිප ගත්තා. ශානුවෝ. සබන් හොයන්න කොම්පැනියටම ගියාද? තිවංක අයියා දොලේ ඉදන් කෑ හැහුවා. මම තුරුලෙන් මිදෙන්නට උත්සහ කලත් ශානු අයියා මට යන්න දුන්නෙ නෑ. ඔව් හුගක් දුර ඉන්නෙ තව වෙලා යයී. ශානූ අයියා එහෙම කිව්වෙ මගෙ මුන දිහා බලාගෙන ලෝභ කමින්. මම ශානු අයියගෙන් මිදිලා දොල පැත්තට ගියා. සබන් පෙට්ටිය දාලා ඇවිත්නෙ. මං ගෙදර ගියා ගේන්න. එකෙනුත් හොදක් වුනා නේ.. තිවංක අයියා එහෙම කියද්දි මගෙ මුන රතු වුනා. එයාලටත් තේරිලා. මට ශානු අයියත් එක්ක පොඩි කේන්තියකුත් ආවා. ඔව් ඔව් .. සෑහෙන්න වාසී. මම ශානූ අයියා දිහා රවලා බැලුවා. හවස ශානු අයියලා ගෙවල් වලට යන්න සූදානම් වෙද්දි, චූටී මාමා ආවා. ශානු අයියත් එක්කත් ටිකක් වෙලා කතා කර කර ඉදලා, අපිත් එක්ක තේ එහෙමබීලා යන්න ගියා. දැන් අපේ පවුලේ ශානු අයියා නොදන්න කෙනෙක් නෑ. මට ඉගන ගන්න උදව් කරන්නෙ එයා කියලා හැමෝම දැනගෙන හිටියා. චූටි අම්මලා එහෙම ඒකටත් තරහෙද මංදා එයාට ආයෙත් දරුවෙක් ලැබෙන්න කියලා, ආච්චි අම්මට එහෙ එන්නලු මාව යාලුවෙක්ගෙ ගෙදර ඉන්න කියලා. ලැජ්ජ නැතුව ගෑනු ළමෙක්ට පිට ගෙවල් වල ඉන්න කියනවනේ. ලොකු අම්මවත් එයාගෙ පුතා එක්ක ගිහින් තිබුනා ,අක්කට තනියෙන් දරුවා බලා ගන්න බෑ කියලා. මම පංතිවත් ,ස්කෝලේවත් පාඩු කර ගත්තෙ නැහැ. පුරුදු විදිහටම යාලුවන්ගෙ ගෙවල් වල යමින් ඉගෙනීම් කටයුතු කර ගෙන ගියා. ශානූ අයියගෙයී යාලුවන්ගෙයි උදව් නිසා මම සතුටින් ඉගෙනීම් කටයුතු කලා. දැන් ශානු අයියලාගෙ ගෙදරත් සාමකාමී. මම නිතරම එහෙ ගියා. ශානු අයියා හරි කැමති වුනා මං එහෙ එනවට. ඊ ළග කොටසින් හමු වෙමු දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 03 Oct 2016 06:37 AM Posted By සඳුනි on 03 Oct 2016 06:30 AM හොරෙන් දැම්මේ නෑ අනේ ඔයා ඒකන් බලන් හිටියේ..... හී අද දාන්නම් දුශාන් අයියා 41 ක. හා හොදමයි සඳුනිVeteran MemberPosts:2462 03 Oct 2016 06:30 AM හොරෙන් දැම්මේ නෑ අනේ ඔයා ඒකන් බලන් හිටියේ..... හී අද දාන්නම් දුශාන් අයියා 41 ක. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 05:09 AM මේව මට හොරෙන් කොහොම දානවද මං දන්නෙ නැහැ ඒක වැර කොටස් 4 ක් කියවන්න උනානේ DushanVeteran MemberPosts:2536 03 Oct 2016 04:20 AM 40 වෙනි කොටස මාත් කියෙව්වා ස්තුති සඳුනිVeteran MemberPosts:2462 02 Oct 2016 03:03 PM Posted By DanuLiyanage on 02 Oct 2016 02:37 PM thawa poddayi neda kathawa ඔවු ධනූ අය්යේ තව කොටස් 10 යි තියෙන්නේ.......... දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 02 Oct 2016 02:37 PM thawa poddayi neda kathawa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 01 Oct 2016 01:50 PM .... කදුලත් සැනසුමක්.... 40. වන කොටස. අම්මා වාට්ටුවට ගේනකන් අපිට ඉන්න වුනා. බාබා ළග ඉන්න දුන්නෙ එක්කෙනාට නිසා මට ඉස්සහා බංකුවක ඉදගෙන ඉන්න සිද්ද වුනා. ඒක මට අමුතුම අත්දෑකීමක් වුනා, හිටි ගමන් දරුවන් බිහි කරන අම්මලා මහ හයියෙන් කෑ ගහනවා. ඒ සද්දෙට මගෙ කකුල් දෙකත් එක්ක හිරි වැටිලා ගියා . මගෙ අම්මත් ඊයේ රැ මෙහෙම කෑ ගහන්න ඇති. මම ඉපදදෙනකොටත් මෙහෙම වේදනා විදින්න ඇති. මට අම්මට හුගක් ආදරේ හිතුනා. අම්මා ටොලියක දාලා වාට්ටුවට අරගෙන ආවා. මම ටොලිය පස්සෙන් ඇද ලගට ගියා. අම්මව ටොලියෙ ඉන්නව දැකපු ගමන් ආච්චි අම්මට සිහිය නැතුව ඇදගෙන වැටුනා . කට්ටිය එකතු වෙලා ආච්චි අම්මව පුටුවකට අරන් වතුර ඉස්සා. අම්මා ටොලියෙ ඉදගෙම ඔලුව උස්සලා මට කිව්වෙ. අම්මාව අල්ල ගන්න සුදු දූ කියලා. අන්තිමට අම්මවා උස්සලා ඇදෙන් තියන්න මටත් අඩ ගැහුවා ඉනෙන් පහල තවම හිරි වට්ටලා නිසා. මම අම්මව පැත්තකින් උස්සනකොට අම්මා මගෙ කර ට අතක් දා ගත්තා. ඒ වෙලාවේ මට ආපු හැගීම මට කියන්න තේරෙන්නේ නෑ. මගෙයි අම්මගෙයි අතරේ හුගක් ලග සම්බන්දයක් තිබුනේ නැහැ, ඒ සේන බාප්පා නිසා. මං හැමදාම හිතුවේ අම්මාවත් මට ආදරේ නැ කියලා. ආච්චි අම්මට තුරුල් වෙලා මම නිදා ගත්තත්, කවදාවත් අම්මට තුරුල්වෙලා නිදා ගෙන තියේ කියලා මතකයක් නෑ. අම්මගෙ ටිකට් කපන දවස උදා වුනා එදා මට ඉස්කෝලේ දවසක් මම ඉස්කෝලෙ යන්න යලින් ආච්චි අම්මට කතා කලා. සුදු අම්මෙ.. හ්ම්ම්ම්ම් අද අම්මා ටිකට් කැපුවම කොහෙද යන්නෙ. සුදු අම්මට බැරිද කොහොම හරි සේන බාප්පව කැමති කරන් අම්මා මෙහෙ එක්ක එන්න. මොකක් හරි කරන්න වෙනවා සුදු දූ. අම්මට තුවාල දෙකයිනේ. මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකලුත් අම්මා ගෙදර එක්ක ඇවිත් තිබුනේ නෑ. ත්‍රීවීල් රථයක් ඇවිත් පාර ළග නතර කලා. ඒකෙන් මුලින්ම බැස්සේ සේන බාප්පා. ඊළගට ආච්චි අම්මා චූටි මල්ලිවත් අරගෙන බැස්සා. කාලෙකට පස්සෙ සේන බාප්පව දැක්කත්, ඒ මූන දැක්කම මගෙ හිතේ සැනසිල්ල අතුරුදහන් වුනා. ඒත් අම්මා වෙනුවෙන් ඉවසන්න මම තීරනය කලා. අම්මා අමාරුවෙන් ත්‍රීවීල් එකෙන් බැහැලා ගේ පැත්තට එනවා මං ගිහින් අම්මව අල්ල ගත්තා. අම්මා ඇවිදගෙන ගෙට ආවේ හරිම අමාරුවෙන්. සේන බාප්පා බලෙන්ම වගේ මාත් එක්ක කතා කලා. මං අහන දේවල් වලට විතරක් උත්තර දිලා, පුලුවන් තරම් එයාව මගහැරියා. මොකද මට දැක්කහමත් එන්නෙ පුදුම කේන්තියක්. බොරු ආදර පෙන්නගන අම්මා බාලා ගන්න සුදු දූ කියාගෙන ඔලුව අත ගාන්න ආවා . මං එහාට වුනේ, ඒ හෙවනැල්ලවත් මගෙ ජීවිතේට වැටෙනවට අකමැති නිසා. ඒ වුන සිද්දිය නිසේන සේන බාප්පට කේන්ති ගියා කියලා මට තේරුනා. ඒත් මං ගනන් ගත්තෙ නෑ. ටිකක් වෙලා කියව කියව ඉදලා සේන බාප්පා ආපූ ත්‍රීවීල් එකේම යන්න ගියා. ලොකු මල්ලට ඉස්කෝලේ නිසා නැන්දලාගෙ ගෙදර නවත්වලා තිබුනා. සතියකට පස්සේ ඉස්කෝලේ දෙසැම්බර් නිවාඩුව ලැබුනා. එදා ඉදන් මම වැඩි පුරම හිටියෙ ගෙදර නිසා අම්මගෙ වැඩ වලට උදව් වුනා. ඒ දවස් ටිකට අම්මයි මමයි හුගක් ළං වුනා. මම චූටී මල්ලිව වඩා ගත්තා, කවදාවත් ඒ තරම් චූටි බබෙක් මම වඩාගෙන තිබුනේ නැහැ. ඉස්කෝලේ නිවාඩුවට ලොකු මල්ලිත් ආවා. ඒයා තවම තුන වසරේ, ලොකු මල්ලි කිව්වට ලොකු නෑ. කාලය හරිම වේගයෙන් ගෙවිලා ගියා අපි හිටියේ හුගක් සතුටින්. අම්මයි මල්ලිලා දෙන්නයි එක්ක මට වැඩි කාලයක් නිදහසේ ගත කරන්න ලැබුනා. අම්මා ඉන්න නිසා ඒ දවස් ටිකට මං යාලුවන්ගෙ ගෙදරවත් ශානු අයියලාගෙ ගෙදරවත් ගියෙ නෑ. ක්ලාස් ගියා, අනිත් හැම වෙලාවෙම අම්මාලා එක්ක හිටියා. බබාට තවම මාසයක් වත් නෑ දවසක් හවස සේන බාප්පා ත්‍රීවීල් එකකුත් අරන් ආවේ, අම්මව එක්ක යන්න. මං තව ටිකක් කල් ඉන්න කිව්වත්, සේන බාප්පා නැන්දලා ගෙදර ගිහින් රංඩු කරනවා කියලා, අම්මා මල්ලිලත් එක්ක යන්න ගියා. ******************************* අලුත් අවුරුද්දේ , අලුත් පාසල් වාරය ආරම්භ වුනා. මම ඉස්කෝලේ ගියේ හරිම සතුටින්. මම හිතුවා වගේම රණසිංහ සර් හුගක් හොද කෙනෙක්. එයා පංතියෙ ළමයි එක්ක හැසිරුනේ යාලුවෙක් වගේ. සර් මටත් හුගක් ආදරේ වුනා. මගෙ සියලුම වියදම් දරන්නෙ ශානූ අයියා. රෑවෙලා ක්ලාස් ඇරෙන දාට මාව ගෙදර ගිහින් අරලින්නෙත් ශානූ අයියා. ඉකෝලේ රැස්වීම් වලට එන්නෙ ආච්චි අම්මා නිසා ඉස්කෝලෙට ශානු අයියා ගැන ආරංචි වුනෙත් නැහැ. අර සිද්දියෙන් පස්සෙ මම වැඩිය ශානූ අයියලාගෙ ගෙදර යන්න කැමති නැහැ. ඒක නිසා බොරු හේතු කියලා මම එහෙ යන එක මග හැරියා. මම එහෙ ගියත් අම්මාවත්, නංගිවත් ශනූ අයියා නැති වෙලාවට මාත් එක්ක කතා කරන්නෙ නෑ. අයියා ඉන්නකොට නම් හොදට කතා කරනවා. ඔය දේවල් ශානූ අයිය කියලා බොරුවට කේන්ති අවුස්සන්න බැරි නිසා, මම කියන්න ගියෙ නැ. ශානු අයියට තේරිලා තිබුනා මං එහෙ එන්න අකමැති බව. එයා ඒ ගැන නිතර ඇහුවත් මං හරි උත්තරයක් දුන්නෙ නෑ. මල්ලි හම්බෙලා ගෙදර ආපුවම අම්මා චූටී මාමා එක්ක ශානූ අයියා ගැන කියලා තිබුනා. අම්මා කැමති නිසා චූටි මාමාත්, ශානූ අයියට කැමතිද කොහෙද .එයා මං කරන කිසිම දෙයක් හොයලා බැලුවෙ නෑ.දවසක් මම ගීත්මලගෙ ගෙදර ඉන්න කොට ශානු අයියා කෝල් එකක් ගත්තා . එදා එයාගෙ කතාව හරි අමුතුයි. සුදු මැනික මට බයයි. ඇයි.. ශානු අයියේ එක පාරම එහෙම කියන්නෙ. එකපාරට නෙමේ ළමෙයෝ. මගෙ හිතට අමුත්තක් දැනෙනවා. මොකක් ගැනද. ඔයා මට කිව්වෙ සේන බාප්පගෙ සිද්දිය. මගෙ මුලු ඇගම සීතල වෙලා ගියා. කවදාවත් ශානූ අයියා මගෙන් ඒ ගැන අහලා නෑ. මට අදහා ගන්න බෑ එක පාරටම ඒ ගැන අහන්නෙ ඇයි කියලා. එදා ඔයාට මොකුත් කරදරයක් වුනේ නෑ නේද? ඔයාට මාව සැකයිද ශානු අයියේ. නෑ මට බයයී. ඇයි බය. මට ඒකගෙන් කරදරයක් වෙලා නෑ. වෙන්න ගියා තමයී. අනේ ඒත්. එදා අර ක්‍රිස්ටි මාමාගෙ සිද්දියෙන් පස්සෙ ඔයාට මාව සැකයි නේද. ඒකත් හේතුවක් තමයි. තවත් හේතු තියෙද ශානූ අයියේ. ඔයා එදා ඉදන් මෙහෙ එන්නත් අකමැතිනේ. ඔයාලගෙ අම්මලාට මූන දෙන්න බැරි නිසානේ. ඇයි මූන දෙන්න බැරී. මට හේතුව කියන්න හිත් දුන්නෙ නැ. අම්මලා ශානු අයියා නැතුවම මට වෙනස් කම් කරනවා කියලා කොහොම කියන්නද. එහෙම වුනොත් ආයි මං එහෙ යන්න නෙමේ, ශානූ අයියා ගෙදරම දෙවනක් කරයී. ඒක නිසා මං නිහඩව හිටියා. කියන්නකෝ ඇයි මූන දෙන්න බැරි. එයා අර සිද්දිය ඇත්ත කියලා හිතනවා ඇති. එහෙම නෑනේ අම්මා ඔයා එක්ක හොදට කතා කරන්නෙ. හ්ම්ම්ම්ම්ම්ම්ම් ඔය මට බයයී. ඒනම් ඉතිං එක දෙයයි කරන්න තියෙන්නෙ. ඒ මොකක්ද්ද සැකය ඇර ගන්න. ඒ කිව්වෙ. මං පිරිසිදු කෙල්ලෙද කියලා බලන්න. පිස්සුද? සැකනම් මොකක්ද මං වෙන කරන්නෙ. මට මොකුත් වෙලා නැ. එදා ඒ කතාව එතනින් නතර වුනත් ශානූ අයියා ඒ ගැන නිතරම මගෙන් ඇහුවා. මට හිතෙන්නෙ ශානු අයියලගෙ අම්මා මාව අත් අරින්න කියලා බනිනවා ඇතී. මං හම්බෙන හැම වතාවකදිම ඔය කතාව ඇදිලා ආවා. මට දැන් නෑ ,කියලම එපා වෙලා.මම ඒකට උත්තර නොදී ඉන්න තීරනය කලා. සේන බාප්පා කරපු වැඩ නිසා මට තවමත් සැනසිල්ලක් නෑ. ශානු අයියගෙ බයත් සාධාරන වෙන්න පුලුවන්. ඒත් මම කියලා මොනවා කරන්නද. දැන චූටී මල්ලිට දැන් මාස තුනක් විතර ඇති. ඒත් ඉතින් මල්ලි බලන්න යන්න විදියක් නෑ. සාමාන්‍ය පෙල ලියාලා එහෙන් ආපු දා ඉදන් මං තවම එහෙ ගිහින් නෑ. මං අම්මලාගෙ ගෙදර යනවට ශානු අයියා බයයී. ඒක නිසා මං එහෙ ගියේ නෑ. මාස ගානක්ම ඉවසුවා , අර සිද්දිය නිසා අයියයී මායි අතර දැන් පොඩි රංඩුත් ඇති වෙනවා. ශානු අයියලගෙ අම්මාත් තවම එක එක දේවල් කියන නිසා ශානූ අයියට තවත් සැක ඇති වෙනවා ඇති. ආයෙත් දවසක් ක්‍රිස්ටි මාමා ශානු අයියලාගෙ ගෙදර ඇවිත් තිබුනා. අයියා ඉන්න තැනම මං ගැන නරක දේවල් හුගක් කියලා තිබුනා. ශානු අයියා මට කෝල් කරලා දොස් කිව්වා. මොකද්ද සුදු මැනික මේ කතාවේ තේරුම. ඇයී ශානූ අයියේ. මොකක් හරි හේතුවක් නැතුව ක්‍රිස්ටි මාමා ඔහොම කියයිද . මට මොකක්ද කරන්න කියන්නෙ ශානූ අයියේ. ඒ මිනිහගෙ කට නවත්වන්න බෑ මට. ඔය කතාවේ ඇත්තක් නැත්තම් ඔය තරම් කියවයිද. මටත් දැන් නම් තවත් විශ්වාස කරන්න බෑ. මොන කරුමයක්ද මේක. එහෙනම් ඉතිං මාව අතාරින්න . ඒත් ඔයා මං වෙනුවෙන් කරපුවා. මට අාපහු දෙන්න නම් විදිහක් නෑ. පුලුවන් කාලෙක දෙන්නම්.කියන්න දෙයක් නැති නිසා කිව්වත් ශානු අයියා ඈත් වෙයි කියන බය දැනිලා මං අඩන්න පටන් ගත්තා. මට තේරෙන්නෙ නෑ සුදු මැනික. මුන් මගෙ ඔලුව කන්නවා. මට.... වෙන කියන්න .. දෙයක් නෑ අයියේ... ඔයා මං ගැන කැමතී තීරනයක් ගන්න. ඊ ළග කොටසින් හමු වෙමු දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 01 Oct 2016 02:56 AM මේ කොටසත් කියෙව්වා ඊලග එකත් දාන්න එහෙනම් ස්තුති සඳුනිVeteran MemberPosts:2462 30 Sep 2016 09:14 PM Posted By ගීත් on 30 Sep 2016 08:26 PM වෙලාවක කොටස් ටික ඔක්කොම කියවන්න ඕනෙ හී කියවලා බලන්නකෝ ගීත් අයියන්ඩී දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 30 Sep 2016 09:13 PM Posted By gayya on 30 Sep 2016 05:03 PM සදුනි අක්කි ලියපු කතා කියවන්න ඉන්නේ කෝස් ඒක ඉවර වෙලාම නිදහසේ.. අන්න ඒදාට මම කමෙන්ට් ඒක දෙන්නම් හොදද.. කෝස් ඒකේ ඒග්සැම ඉවරවුනු ගමන් දාගෙන තියන පලවෙන් වැඩේ ඒ්ක.. නියමයි. ඒත් මොනවගේ කෙමෙන්ට් ලැබෙයිද? හී මම මග බලන් ඉන්නවා ගුරු...... ඔයාගේ විභාගේ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. හොදට විභාගෙට මූණදෙන්න. දිනයක වැටහේවී........... ගීත්New MemberPosts:55 30 Sep 2016 08:26 PM වෙලාවක කොටස් ටික ඔක්කොම කියවන්න ඕනෙ හී gayyaBasic MemberPosts:127 30 Sep 2016 05:03 PM සදුනි අක්කි ලියපු කතා කියවන්න ඉන්නේ කෝස් ඒක ඉවර වෙලාම නිදහසේ.. අන්න ඒදාට මම කමෙන්ට් ඒක දෙන්නම් හොදද.. කෝස් ඒකේ ඒග්සැම ඉවරවුනු ගමන් දාගෙන තියන පලවෙන් වැඩේ ඒ්ක.. මේ හුස්මෙන් අවසන් විය හැක.. ඒක් කතාවක්.. DanuLiyanageVeteran MemberPosts:3457 30 Sep 2016 03:35 PM ilanga tikath danna ithin ikmanata මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 30 Sep 2016 01:51 PM ..... කදුලත් සැනසුමක්..... 39. වන කොටස. අපිට හම්බෙන්න ,කතා කරන්න ඕනි තරම් නිදහස තිබුනා. මං කරන්නෙ මොනවද හොයන්න කාටවත් උවමනාව තිබුනෙ නැ. ඒක නිසාම මං ශානූ අයියට හුගක් ළං වුනා. මගෙ ජීවිතේ වුනේ ශානූ අයියා. සමහර දවස් වල ශානු අයියලාගෙ ගෙදර යද්දී ගෙදර කවුරුත්ම හිටියෙ නෑ. අපි දෙන්නා විතරක් ගෙදර හිටියට ශානූ අයියලගෙ අම්මා මොකුත් කිව්වේ නැහැ. ශානූ අයියා ගෙදර අය කියනදේ පොඩ්ඩක් වත් ඇහුවේ නෑ. ශානූ අයියා කරන කිසිම දේකට එපා කිව්වේ නෑ. බැරි වෙලා හරි ශානු අයියගෙ අම්මා, ශානූ අයියට නරකක් කිව්වොත් එයා අම්මට සැරෙන් කතා කලා. මම ශානූ අයියට දොස් කිව්වා , අම්මට එහෙම කතා කරනවට. ඒත් එයා කිව්වේ "ඔයා නොදන්න ඒවට අත නොදා ඉන්න, මට ඉගෙන ගන්නත් නැති වුනේ ඔය මිනිස්සු නිසා තමයී , මාමා විතරයී මං ගැන බැලුවේ. මං අන්තිම කාලේ ක්ලාස් ගියෙම නෑ. අම්මයි නංගී ගිහින් මාමා ගෙන් සල්ලි අරන් ආවට මට දෙන්නෙ නෑ. මං මෙයාලගෙ ළමෙක් නෙවෙද කොහෙද නංගිට විතරයි හැමදේම කරන්නෙ" කියලා.මං අම්මාලා එහෙම නෑ කිව්වත් ශානූ අයියා ඒක පිළිගන්න සූදානම් නැ. ශානූ අයියගෙ අම්මා හරිම හොද කෙනෙක් , මට හිතා ගන්න බැරි ශානූ අයියා ඇයි එහෙම හැසිරෙන්නෙ කියලා. අපි දෙන්නාගේ සම්බන්දය පටන් ගත්ත දවසේ ඉදන්ම ,අපි දෙන්නා තප්පරයකටවත් තරහා වෙලා නෑ. මට කවදාවත් කේන්තියෙන් වචනයක් කතා කරලා නෑ. හැම ප්රශ්නයෙදිම මං වෙනුවෙන් හුගක් ඉවසුවා, ඒත් ඇයි මේ ගෙදර අය එක්ක හැසිරෙන විදිහ. මට තේරුම් ගන්න බෑ. ශානූ අයියලගෙ ගෙදර එන්න ගත්තම තමා ශානූ අයියා ගැන තව නොදන්න හුගක් දේ තියෙන බව තේරුම් ගත්තේ. ************************************ ශානූ අයියගෙ නංගී හරිම කම්මැලි ගණන් හදන්න. ගණන් අමාරුයි කිව් නිසා මං එයාට ගණන් කියලා දුන්නා. ඉස්කෝලේ වැඩ වලට උදව් කලා. මාත් ක්ලාස් එකේ වැඩ කරේ ශානු අයියලාගෙ ගෙදරදී. මොකද මං දැන් හැම නිවාඩු දවසකම හිටියේ ශානූ අයියලාගේ ගෙදර නිසා. නංගියෝ අර එන කෙනාව මං අදුරනවා. එයා අපෙ අම්මලාගෙ ගෙවල් ලග. මම ජනේලයෙන් ඈත් එන පුද්ගලා පෙන්වමින් කිව්වෙ බය මුසු ස්වරයකින්. ආ ඒ ක්‍රිස්ටී මාමානේ. එයා අපේ ඈතින් නෑයෝ වෙනවා අක්කී. මං දැක්කොත් එයා ගෙදරට කියයී මං හැංගෙනවා. මං ශානූ අයියගෙ කාමරයට දුවගෙන ගියා .ශානූ අයියා මෙට්ටය අතුරගෙන හොදටම නිදී. මම ශානූ අයියව ඇහැරවලා පුලුවන් ඉක්මනට විස්තරය කිව්වා. ශානූ අයියත් දොර වහගෙන කාමරයෙන් එළියට ගියේ මොකද වෙන්නෙ බලන්න.ඒ වෙනකොට ක්‍රිස්ටී මාමා ගෙට ඇවිත් අම්මාලා එක්ක කතා කරනවා මට ඇහුනා. අයියත් එතනට ගිහින් ආගිය තොරතුරු කතා කලා. පස්සෙ ශානූ අයියා ශීරාන් අයියලාගේ ගෙදර යනවා කියලා බයික් එකේ නැගලා ගියා. ටික වෙලවකින් මාතෘකාව මගෙ පැත්තට හැරුනා. මට හිතා ගන්න බෑ, ක්‍රිස්ටි මාමා ඇවිත් තියෙන්නෙ මං ගැන කතා කරන්න. ලතා නංගියේ . උබලගෙ ලොකු කොල්ලාගෙ සම්බන්දක් තියේ නේද, අර සේනලගෙ කෙල්ල එක්ක. ඔව් ක්‍රිස්ටි අයියේ... උබලා දන්නවද ඕකිගෙ තාත්තා නෙමෙයි ඔය සේනයා. ඒකිගෙ අම්මගෙ දෙවෙනි කසාදේ. අපි දන්නවා ක්‍රිස්ටි අයියේ ඒක.. එහෙනම් මොකද ඕක නවත්වන්නෙ නැත්තේ... තාත්තා නැතුවට මොකද ඉතිං.. ඇයි උබලා දන්නෙ නැද්ද ඕකී සේනයා අතින් අනාත වෙලා ඉන්නෙ. ඒ වචනය මගෙ හදවත් පසාරු කරගෙන ගියා. මොන ගිනි ගෙඩියක්ද්ද මේ පාත් වෙන්න යන්නෙ. මට එලියට ඇවිත් ක්‍රිස්ටි මාමාගෙ බෙල්ල මිරිකලා තෝ දැක්කද අහන්න හිතුනා. මං අමාරුවෙන් කේන්තිය ඉවසගෙන අහගෙන හිටියා ඒ මොකක්ද්ද අයියේ ඒ කතාව.. ඔය කෙල්ලෙ ලොකු ළමෙක් වෙන්නත් කලින් අනාත වෙලා තියෙන්නේ. ඒකනේ ලොකු ළමෙක් වුනා කියලා කාටවත් කිව්වෙ නෑ .සති දෙකක් විතර ගමේ ගෙනිහින් ඉදලා එක්ක ආවා. මොනවද ක්‍රිස්ටි අයියේ ඔය කියන ජරා කතා. ඔබට මං කියන එක විශ්වාස නෑ. සේනයා මගෙ හොද යාලුවෙක්නේ. සේනයාමයි මට ඕක කිව්වෙ. ඒකිත් කැමතිලූ බං ඕවට. පස්සේ මේ.. ඔබලගෙ කොල්ලා එක්ක පැටලුනාමලූ ඒක නැවතුනේ. මට විශ්වාස නෑ.. සේනයගෙ කටින්ම කියනවා නම් ආයි මොනවද? මං මේක උබලගෙ හොදටයි කිව්වෙ. තවත් ඔය සම්බන්දේ තියෙ නම් කඩලා දාපන්. ඒ කතාවෙන් තේරුනා මේක සේන බාප්පගෙ උප්පරවැට්ටියක් බව. මොන ජරා මිනිහෙක්ද ,මොන විදිහෙන් හරි මාව තනි කරන්නයි සේන බාප්පට ඕනී. කේන්තියට වඩා මට දුකයි. මං කොහොමද මේ මිනිස්සුන්ට මූන දෙන්නෙ. මං කාමරේ මුල්ලක ඉදගෙන අමිහිරි මතකයන් මතක් කරමින් හඩන්න ගත්තා. ක්‍රිස්ටි මාමා තමත් මොනවදො අම්මලා එක්ක කියවලා යන්න ගියා. ඒත් ක්‍රිස්ටි මාමාට සැකයීද කොහෙද මං ගෙයි ඉන්න බව මට රිදෙන්නම ගොඩක් දේවල් කිව්වා. ශානු අයියා තාම ගෙදර ආවේ නෑ . දැන් ශානූ අයියා ආවම අම්මා සේරම කියයී, ශානූ අයියත් මාව සැක කරයිද. ඇයි දෙවියනේ මේ මිනිහා මගෙ පස්සෙම ඇවිත් මගෙ ජීවිතේ විනාස කරන්න හදන්නෙ. ක්‍රිස්ටි මාමා ගියත් අම්මයී නංගී මට කතා කලෙ නැහැ. මූන දෙන්න බය නිසා මාත් කාමරෙන් එළියට ආවේ නෑ. අන්තිමේදී මෙට්ටෙයෙ වැතිරිලා අඩමින් සිටි මට නින්ද ගිහින් තිබුනා. ශදී නංගී ...ශදී නංගි.. ළමයෝ දොර අරින්නකෝ.. ශානු අයියගෙ කටහඩ ඇහෙත්ම මගෙ ඇග රත් වෙලා ගියා. නින්දෙන් අවදි වුන මම මෙට්ට මත් ඉදගෙන නිහඩව අහන් හිටියා. මගෙ කම්බුල් දෙක තවමත් කදුලු වලින් පෙගිලා. මොකද ළමයෝ දොර අරින්න ක්‍රිස්ටි මාමා ගිහින්... ඉන්න... අයියේ.. .මට.. නි..න්ද ගියා. මම වෙව්ලන කටහඩින් කියද්දි ශානූ අයියට මං අඩන බව තේරුනා. මම හෙමින් සැරේ කමරේ දොර ඇරිලා. ඇයි අඩන්නෙ සුදු මැනික.... ශානූ අයියා මගෙ කදුලු පිස දමමින් ඇහුවා. මට තවත් ඇඩුම් ආවා. අඩන්න එපා ළමයෝ.. මට අම්මා සේරම කිව්වා මට ඔයාව සැක නෑ. ඔයා මට බොරු කිව්වෙ නෑනේ. මං.. ඔයාට.. බො..රු කියලා.. නෑ මගෙ.. අයියේ.. හරි දැන් අඩන්න එපා. අම්මලා... මොනවා. හිතනවද .. දන්නේ නෑ... මේ බූරුවා.. මාව මැරුවා නම්...මීට වඩා ... හොදයී... දැන් ඕක ගමේම පැතිරෙයී.. අම්මලා ඕනී එකක් හිතා ගත්තුදෙන්. මට විශ්වාස නම් එච්චනේ. එහෙම කියලා බෑනේ අයියේ. මං මේ ගෙදරත් එන නිසා එයාලා ඔය කතාව විශ්වාස කරනවා ඇති. හොද ගෑනූ ළමයෙක් නම් බදින්න කලින් කොල්ලගෙ ගෙදර එන්නෑනේ. මං දන්නවනේ ඔයා ගැන .ඇයි දුක් වෙන්නෙ. ඔයා කවදා හරි බදින්නෙ මාව. ඔයා මොන වගෙ වුනත් ඒක වැදගත් වෙන්නෙ මට විතරයී. මගෙ ... අම්මයී.. තාත්තා.. හොදින්.. හිටියා නම්.. මට.. මෙහෙම වෙන්නෙ නෑ අයියේ.. ඉගෙන ගන්න කාලෙම ඔයාට මගෙ වියදම් දරන්නවත්, ඔයාලගෙ ගෙදරවත් එන්න වෙන්නෙ නෑ. එහෙම වුනානම් මට මේ කතා අහන්න වෙන්නෙත් නෑ. මම ශානූ අයියගෙ පපුවේ මුහුන හොවාගෙන ඇඩුවා. අම්මා කියපු කතාව ඇත්තද කියලාවත් අහන්න ආවේ නැහැ. ක්රිස්ටියට සැකයි වගේ ඔයා මෙහෙ බව. ආයි එන්න පුලුවන් ලෑස්ති වෙන්න අපි ගෙදර යමු. ටික දවසක් මෙහෙ නෑවිත් ඉන්න වෙනවා. මාත් හිස වනලා ඒකට කැමති වුනා. ඉක්මනට ගෙදර එන්න සූදානම් වුනා. පිටත් වෙන්න ලැහැත්ති වෙලා මම කුස්සියට ගියෙ අම්මට වදින්න. මගෙ හිත බයෙන් පිච්චුනත් මේ වෙලාවෙ මගහැරියොත් මාව සැක කරයි කියලා. අම්මා මගෙ දිහා බැලුවේ වත් නෑ .මම ගිහින් වැන්දා. ඕනිවට එපාවට තෙරුවන් සරනයි කිව්වා. අම්මේ ..මම ගිහින් එන්නම්.. මාව සැක කරන්න එපා අම්මේ. ඕක සේන බාප්පගෙ කපටි වැඩක්. මට ඕවයින් වැඩක් නෑ. අම්මා මං දිහා බලලා එහෙම කිව්වෙ පිහියකින් අනිනවා වගේ. ශදී නංගි මෙහෙ එන්න යන්න. මං කිව්වා නේද එක පාරක්. ශානු අයියා කුස්සියෙ දොර ගාවට ඇවිත් කේන්තියෙක් කිව්වා. ඒත් අයියේ. මං බදින්නෙ මට ඕනී කෙනා . ඔය කවුරුත් මං වෙනුවෙන් මොකුත් කලේ නෑනේ. මගේ දේවල් මංම බලා ගන්නම්. මගෙ වැඩ වලට අත දාන්න එන්න එපා. ආයි ඔව ගැන වචනයක් හරි කතා කරලා තිබුනොත් මං බලා ගන්නම්. ක්රිස්ටියටත් මොකද දන්නෙ නැ එක පාරට නෑ කම් මතක් වුනේ. ශානූ අයියා මෙහෙම හැරිරෙනවා මං කවදාවත් දැකලා නැ. මට හිතා ගන්න බෑ ශානු අයියා මේ තරම් නපුරුයිද කියලා. පුතේ මේ. මේ.. මේ .. අම්මේ ඇති. ශානූ අයියා මගෙ අතින් ඇදගෙන ස්තෝප්පුවට එකන් ආවා. මම ගේ ලගින් බහිනකන්ම වචනයක් වත් කතා කලේ නැ.. ගෙදර ගිහින් අඩන්නවත් කාටවත් ඔය කතාව කියන්න වත් එපා හොදද. ඔයා අපේ ගෙදර යන බව කවුරුත් දන්නෙ නැනේ. හරී ශානූ අයියේ යමු ගෙට . යමු .. මං එන්නම්. මම ගෙට ඇතුල් වෙද්දිම ආච්චි අම්මා ඇයි ඇහුවා. මං ඔලුව රිදෙනවා කියලා එයාව මගහැරියා. ******************************* මම ස්කෝලේ ඇරිලා ගෙදර එනකන් ආච්චි අම්මා මගෙ බලාන ඉන්නවා දැකලා මට පුදුම හිතුනා. මං ඈත ඉදන්ම ඇයි ඇහුවා. අම්මට මල්ලියෙක් ඉපදිලාලූ. දෙවියන්ගෙම පිහිටයී. ඔයා සේනයා ලගට කෙල්ලෙක් නොඑවා කොල්ලෙක්ම එව්වට. මට දැනුනෙ කියා ගන්න බැරි සතුටක්. ආච්චි අම්මා ගියාද බලන්න.. නෑ නෑ .. හෙට යමූ. හා යමු.. මං හෙට ස්කෝලේ යන්නෙත් නෑ චූටි මල්ලි බලන්න යනවා. මට හෙට ටිකක් වෙලා බාබා ළග ඉන්න වෙනවා. ඇයි ඒ. අම්මා එල් ආර් ටී කරනවලූ. හ්ම්ම්ම්. පව්නේ. එකපාර වේදනා දෙකක්. ආයී ගෙදර ආවොත් ළමයි දාලා යන්න වෙන්නෙ නැති නිසා කරනවලූ. මට අම්මා ගැන දුක හිතුනා. රැ පහන් වෙනකන්ම චූටී මල්ලි හම්බවෙන්න වේදනා විදින්න ඇති . ඒ පිටම තව සැත්කමකුත් කර ගන්න හදනවා. පහුවලා අපි ඉස්පිරිතාලෙට ගියා . අපි ඒ යද්දිත් අම්මා සැත්කමට අරන්. මං ගිහින් මගෙ චූටී මල්ලි දිහා බැලුවා . රෝසම රෝස පාට මූන පිණි ජම්බු ගෙඩියක් වගේ. නිල්ම නිල් පාටින් අන්දලා .නිල්පාට මං ගොතලා දුන්න තොප්පියයි මේස් දෙකයී දාලා,චූටි මල්ලි හොදටම නිදි. චූටී රෝස පාර අත් මිටමොලවගෙන චූටි කකුල් දෙකත් උඩ දාගෙන එයා නිදි. මම හිමින් සැරේ එයාගෙ චූටී අත් ස්පර්ශ කලා. එයා එහෙට මෙහෙට මුන හරවමින් කිරි හොයනවා. මම අනිත් ඇදවල් වල ඉන්න බබාලා දිහාත් ඔලුව උස්සලා බැලුවා. එයාලා අපේ මල්ලිට වඩා හුගක් චූටී වගේ. මල්ලි ලොකු නිසා ඉපදෙන්නත් අමාරු වුනා කියලා ,නර්ස් ආච්චි අම්ම්ට කියනවා මම අහගෙන. ඊ ළග කොටසින් හමු වෙමු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 30 Sep 2016 12:45 PM දුශාන් අයියා කතාව මග බලන් ඉන්නේ නේ...... දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 30 Sep 2016 11:32 AM ස්තුති මේ කොටසටත් මාත් කියෙව්වා ඔන්න සඳුනිVeteran MemberPosts:2462 30 Sep 2016 10:35 AM ...... කදුලත් සැනසුමක් ..... 38. වන කොටස... ඕ ඉන්න පුතේ .. මං එනවෝ... ටිකකින් ශානූ අයියනෙ අම්මා ඇවිත් දොරේ අගුල අරින සද්දය ඇහුනා. දොර පියන් දෙක දෙපසට කරමින් අම්මා ඉදිරියට ආවා. අම්මා මං දිහා බැලුවේ පුදුමයෙන් වගේ. දුව..... අම්මේ.. මං අම්මගෙ දෙපා වැදලා ආශිර්වාද ගත්තා. මං හිතුවේ නෑ පුතා කිව්වට. ඇත්තටම එක්කගෙන ඒවී කියලා. මං කිව්වොත් කිව්වනේ. ශානූ අයියා එහෙම කියලා ගෙට ඇතුල් වුනා. යමු දුවේ ගෙට.. චුටී මැනිකේ මේ බලන්න කවුද ඇවිත් ඉන්නෙ කියලා. අනේ. අම්මේ... මට බෑ... අනේ.... එන්නකෝ.. දොයි මතයී.... අම්මගේ කතාවට පිළිතුරු ලැබුනේ ඇතුල් කාමරය පැත්තෙන් . ශානූ අයියට ඉන්නවා නම් කිව්වෙ අවුරුදු පහළවක විතර ලොකු නංගියෙක්, ඒත් හුරතලයට කතා කලේ මොන්ටී සෝරී බබෙක් වගේ. හරිම හුරතලේට හැදුනු පාටයී. එදා අපේ ගෙදර කට්ටියම ආපු වෙලේ නංගිත් ඇවිත් හිටියා,මට රූපේ ටිකක් විතර මතකයී. චූටී මැණික අක්කා ඇවිත්.. අක්කා... කෝ.. නංගි අවුල් වී ගිය කොන්ඩය සකසමින් කාමරයෙන් එළියට ආවා. නංගි දවාලේ හොදටන නිදාගෙන වගේ, මූනේ කොට්ට පාරත් හිටලා. අක්කේ.... ඔයා එනකන් මයි මං බලන් හිටියේ.. නංගි දුවලා ඇවිත් මගෙ අතේ එල්ලිනා . යමූ කාමරට එන්නකෝ. නංගි මාව එයාලගෙ කාමරයට ඇදගෙන ගියා. ඒක තමා ඒ ගෙදර තිබුන ලොකුම කාමරය. ඒත් කිසිම පිලිවෙලක් තිබුනේ නෑ. ලොකු මේසයක්, පෙට්ටගමක්, ඒක උඩ ලට්ට ලොට්ට ගොඩක් පුරවලා තිබුනා. දිග හෝල් එකක් වගෙ කාමරය කොනක වැල් දෙකක් බැදලා ඒවයේ රෙදි පුරවලා. කාමරයේ ඇදක් වත් තිබුනේ නෑ. මෙට්ටයක් බිම අතුරලා තාමා නිදාගෙන තිබුනේ. ජනෙල් හතරක් තිබුනා ජනෙල් හතරම වහලා. වාඩි වෙන්න අක්කි. මම වටපිට විමසිල්ලෙන් බලමින් වාඩී වුනා . නංගි ඉක්මනට ගිහින් ජනෙල් ටික ඇරියා. ටිකක් නින්ද ගියා අක්කි. හ්ම්ම් කොහොමද නංගියෝ. අපිනම් ඔහෙ ඉන්නවා අක්කි. මං ආයෙත් වට පිටාව හෝදිසියෙන් බැලුවා. කාමරය පුරා මකුලු දැල් පිරිලා, දූවිලි පිරිලා. අක්කි කාමරේ හැටිද බැලුවේ. අපෝ ඕවා අස් කරලා වැඩක් නෑ. ඇයී. ඒ අක්කිට තේරෙයි කල් යද්දී. දුව තේ ටිකක් බොමු.. මේ පුතා කිව්වට දූ එයි කියලා මං හිතුවෙම නෑ. කන්න මොකුත් ගෙනාවෙත් නෑ. ගෙනාවට මේ චූටි මැනිකත් එක්ක ඕවා තියා ගන්න බෑ. මම මොකුත් නොකියා හිනා වෙලා තේ එක අතට ගත්තා . මට තේරුම් ගන්න බැරී ඇයී මෙහෙම අපිළිවෙලට ඉන්නෙ කියලා. පැළක් වුනත් පිළිවෙල නම් ලස්සනයිනේ. දැන් අපිට තේ නෑ නේද. අයියට තේ දෙන්න අපා අම්මේ. හ්ම්ම්. ආ දැන් අක්කට විතරද. ඔව්. දෙන්නෑ. ශානූ අයියත් ඒ කාමරයට ඇවිදින් නංගි එක්ක පොඩි රංඩුවක් දා ගත්තා. අම්මා දවල්ට කන්න උයන්න කියලා කුස්සියට ගියා. නංගි මායී කාමරයට වෙලා කතා කර කර හිටියා. නංගිගෙ භාෂාව නම් පොඩි ළයෙක්ගෙ වගේ, හරිම හුරතල්. අපි ටිකකින් කුස්සියට ගියා. දෙවියනේ දුම් ගෙයක් වගේ බිත්ති කලුම කලු පාටයී. ගේ මොන තරම් පරණද කියලා හිතා ගන්න පුලුවන්නෙ. මං කෙලින්ම කුස්සියෙ ජනේලය ළග තිබුන පුටුවේ ඉද ගත්තා. අම්මා ඉදගෙන පොල් ගානවා, නංගි එතන බිම ඉදගෙන් පොල් එකට අත දාලා පොල් කනවා. කැඩිලා බිදිලා ගිය ලිප් දෙකයී, පාවිච්චියට අරන් තිබුනේ කඩෙන් ගෙනත් තියා ගත්තු ලිප් දෙකේ මැටි ලිපක්. මේස වල ඉටිරෙදි දැලි වලින් වැහිලා. මිරිස් ගල උඩ පොල් කොළ මිටියක්,තවත් කොනක වුන මේසෙක පරන බෝතල්, පිගන් කෝප්ප පුරවලා. මගෙ ඔලුව රිදෙනවා වගේ මේවා දැකලා මං කුස්සිය පැත්තෙන් එළියට ගියා. එළිය ඊටත් හපන් මුලු මිදුලම වල්පැලෑටි වලින් වැහිලා ගිහින් සෑහෙන කාලෙකින් මිදුල ඉදලක් දැකලා වත් නෑ. කොනක තිබුනා ලොකූ ලිදක් මං ඒකට එබිලා බැලුවා අඩිය නොපෙනෙන තරමට ගැබුරුයී. ලිදේ පඩිය උඩ හෝදන්න තියෙන වලං ගොඩක් ගොඩ ගහලා. අනිත් පැත්තේ රෙදි බේසමකින් එකක් පුරවලා. මං කල්පනා කරමින් ඇවිත් පුටුවේ ඉද ගත්තා. කවුද යකෝ ගෙදර ඉන්නෙ .. ලතෝ පලයං එළි බැහැලා මෙහෙන්.. එහෙම කෑ ගහගෙන කවුද ඈතින් එනවා. නංගි ඇස් ලොකු කරගෙන මගෙ ළගට දුවගෙන ආවා. අක්කි එන්න එන්න . අනේ.. හැංගෙමු එන්නකෝ. හේතුව නොතේරුනත් මං නංගි එක්ක ගියා . මගෙ කාමරයට යන්න. තාත්තා ඒකට එන්නේ නෑනේ. ශානූ අයියා කලබලෙන් එහෙම කියනකොට තමා තේරුනේ මේ එන්නෙ ශානු අයියලගෙ තාත්තා බව. තාත්තා බොන බව අහලා තිබුනත් බීලා මෙහෙම කෑගහ බව, රංඩු කරන බව මං අහලා තිබුනේ නෑ. මගෙ පපුවත් දැන් ඩග් ඩග් ගාලා ගැහෙනවා. නංගී මායී කාමරයට ගිහින් දොර වහ ගත්තා. අක්කි සද්ද කරන්න එපා. තාත්තා අයියගේ කාමරයට එන්නෙ නේ නෑ. බය වෙන්න එපා. තාත්තා ගේ ඇතුලට ඇවිත්. කෑ ගනවා. කෝ මේ ගෙදර උන් ලතෝ. පලයන් තොගෙ ළමයිනුත් අරන් එළි බැහලා මේකෙන්. මං මේක විකුනලා දානවා පලයව්. මොකද මනුස්සයෝ වෙලා තියෙන්නෙ. මහ දවාලේ බීගෙන. අහල පහල මිනිස්සුත් බය වෙනවා. අනේ තෝ කට වහපිය . පල මෙහෙන් තොරොංචි වෙලා. අම්මට ගහන්න හදන්වද කොහෙද . අම්මා කැ ගැහුවා. මොකද තාත්තේ මේ. ආ ලොකු පුතේ උබත් අද ගෙදරද. ශානූ අයියා දැක්කා විතරයී තාත්තා ටිකක් තැම්පත් වුනා . තාත්තා ට නම් කවදාවත් සිංහල තේරෙන්නෙ නෑ නේද. නෑ නෑ.. ලොකු පුතේ... තාත්තා දැන් පූස් පැටියා වගේ. සාලෙට එන සද්දේ ඇහුනා. තොපි හිටපියව්. මගෙ බඩුත් අරගෙන මං යනවා. තොපි එක්ක ඉන්න බෑ මට . නොයෙක් දේවල් කියමින් මොනවදෝ බඩු වගයක් කවර වලට දානවා ඇහුනා. නංගී තාත්තා හැමදාම ඔහොමද. මම නංගිගෙන් රහසින් ඇහුවා . සමහර දාට ඔහොම තමා අක්කි. ඇයි අයියට තාත්තා බය. ඉස්සර නිතර රංඩු වෙනවා. අපි හැමදාම අම්මා එක්ක කැලේ හිටියේ. නංගි කතාට මුල පිරුවා . අයියගෙ කාමරේ බඩු මොකුත්ම තිබුනේ නෑ, බිම අතුරපු මෙට්ටය විතරයී තිබුනේ . තව සොල්දරයට යන්න තිබුන ඉනිමග සොල්දරේ දොරට හේත්තු කරලා තිබුනා .නංගි මායී හිටියෙ මෙට්ටෙ උඩ ගුලි වෙලා. නංගි මට රහසින් කතාව කියන්න ගත්තා . දවසක් තාත්තා අම්මට පිහියකිනුත් කෙටුවා නලලට . අපි හිතුවේ එදා අම්මා මැරෙයි කියලා අක්කි ලේ හුගක් ගියා . ඊට පස්සෙ.. ඉස්පිරිතාලේ එක්ක ගියා . එදා ඉදන් තාත්තා කෑ ගහද්දී, අයියා ඉවසන් හිටියේ නෑ. දවසක් අම්මට ගහපු නිසා අයියා තාත්තට ගැහුවා. එදා ඉදන් තාත්තා අයියට බයයී. අයියා නැතුවම තමා අපිට සද්ද දාන්නෙ. මට දැන් තේරෙනවා ශානූ අයියා ඇයි ඉගෙන ගන්න අකමැතී කියලා. තාත්තා හම්බ කරන හැම සත්තේම බොන්න වියදම් කරනවලූ. කන්න බොන්නත් සල්ලි හොයා ගන්නේ, අම්මා ළග තිබුන කිරි කට්ටීයක කිරි කපලලූ. තාත්තා හිටි ගමන් ගෙදරට සල්ලි දෙනවලු. වෙරි හිදුන වෙලේ ඉදන් සල්ලි ආපහු ඉන්නනවලූ. මාමාත් ගෙදර වියදමට සල්ලි එවන නිසා අමාරුවෙන් වියදම් ටික දරා ගන්නවලූ. කලින් ලොකු ඉඩමත් එක්ක මේ ගේ තිබිලා තියෙන්නේ. තාත්තා ඉඩම ටිකෙන් ටික විකුනලා දාලා. දැන් ඉතුරු තිබුනේ ගේ තියෙන පොඩ්ඩ විතරයී. නංගී. දොර අරිනවා. නංගි නැගිටලා ගිහින් දොර ඇරියා. මාත් ඒ එක්කම නැගිටලා ආවා. අයියා කාමරේ ඇතුලට එද්දි නංගී කුස්සිය පැත්තට ගියා. ශානූ අයියේ.. සුදු මැනික බය වුනාද ඔයා. මට සමාවෙන්න රත්තරනේ මේවා කලින් නොකිව්වට. ශානූ අයියා මාව තුරුලු කර ගනිමින් කිව්වා. මං කවදාවත් මේ දේවල් ඔයාගෙන් අහලත් නෑනේ ශානූ අයියේ. ඒත් මට කියන්න තිබුනා ඔයාට. පේනවා නේද මං හුගක් දුප්පත් තමා රත්තරං. මම ශානු අයියගෙ පපුවට ඔලුව තියා ගත්තා. මට එයාගේ හදවත ගැහෙන සද්ද ඇහෙන්වා. මං තවත් ඒ පපුවට තුරුල් වුනා. එහෙම කියන්න එපා අයියේ. අපිට ඔය හැම දෙයක්ම හදා ගන්න පුලුවන්. ඔයා ඒවා මොකුත් හිතන්න එපා. නංගි මට හුගක් විස්තර කිව්වා. කමක් නෑ රත්තරං. දැන් ඔයා මගෙ තත්වය දන්නවනේ. මගෙ කිසිම තරහක් නෑ. මගෙ ඈත් වෙලා ඔයාගෙ අම්මලා හොයාලා දෙන කෙනෙක්.... මම ශානු අයියගෙ කට අත්ලෙන් වැහුවා. මගෙ හිතට ආවේ කේන්තියක්. ඇති.. ඇති.. මොනවද කියවන්නෙ. ආයි ඔය ගැන කතා කරන්න වත් එපා. ඒත් මං දුප්පත් නිසානේ ඔයාලගෙ ගෙදරි අකමැති වුනේ. මං නිසා ඔයාට දුක් විදින්න වෙයී. ඔයා දුප්පත් කියන කට්ටිය හරි පොහොසද්ද අයියේ. එයාලට වඩා දුප්පත් ඔයාව මට වටිනවා. දැං එයාලා ඔයාට කැමතීනේ. කිව්වම ඔය කතාව නවත්වන්නකෝ. මං එහෙම කිව්වෙ ශානූ අයියගේ ඇස් දෙක දිහා බලාගෙන . මං හොදටම දැක්කා ශානූ අයියගෙ ඇස් කදුලින් බොද වෙලා. අද වුන දෙයින් එයාගෙ හිත හුගක් අසරන වෙලා. මම ශානූ අයියව ආදරෙන් වැලද ගත්තා. අපි ගෙදර යමු සුදු මැනික... ශානූ අයියා මගෙ කම්බුල ආදරෙන් සිපගෙන්, කාමරෙන් එළියට ආවේ ගෙදර යන්න තාත්තට සාලේ මැද්දේ හොදටම නින්ද ගිහින් ගොරවනවා. අපි කෙලින්ම කුස්සියට ගියා. නංගි අම්මගෙ උකුලේ ඉදගෙන ඉන්නවා, අම්මත් ඈතක නෙත් යොමාගෙන කල්පනා කරමින් ඉන්නවා. අම්මේ මං මෙයව ඇරලවල එන්නම්. මං එනකං තාත්තා ඇහැරෙන එකක් නෑ. හා පුතේ පරිස්සමින් ගිහින් එන්න. අම්මා ඊට වඩා දෙයක් කිව්වෙ නැ. අම්මට මට මූන දෙන්න බෑ වගේ. මම අම්මට වැදලා එන්න ලැහැත්ති වුනා. නංගි මට වැදලා. අක්කි ඔයා ආයී එනවා නේද . තාත්තා නැති දාක ආයී එන්න. හරි නංගියෝ මං එනවා. පරිස්සමින් ඉන්න. අක්කත් පරිස්සමින් ඉන්න. ශානූ අයියා මාව ගෙදරම ගෙනත් ඇරලා එහෙන්මම ආපහු ගියා. අද පංති කලින් ඇරුනද. මම ගෙට එද්දිම ආච්චි අම්මා ප්‍රශ්න කලා. ඔව් සුදු අම්මෙ. ශානූ අයියා ගෙනත් අරලින්න ආව නිසා ඉක්මනටම ආවා. මම ශානූ අයියලාගෙ ගෙදර ගිය බව කාටවත්ම කිව්වෙ නෑ. ශානූ අයියා මාව පොරොන්දු කර ගත්තා කාටවත්ම නොකියන බවට.ශානූ අයිය්ලගේ තාත්තා නිතරම ගෙදර ඉන්න කෙනෙක් නෙමේ. ඈතල ගිහින් බෝඩ් වෙලා වැඩ කලේ. මම නිතරම වගේ ශානූ අයියලාගේ ගෙදර ගියා. ශානු අයියගෙ කාමරෙන් පටන් අරන් දවසින් දවස මුලු ගේම පිලිවලට අස් කලා. ශානූ අයියා නම් කිව්වෙ" බොරුවට මහන්සි නොවී ඉන්න මේක අස්කරන්න පුලුවන් එකක් නෙමෙයි" කියලා. ප්‍රයෝජනයක් නැතී සේරම බඩු ශානූ අයියා ලවා උඩ සොල්දරයට දැම්මා. අම්මා මොකුත් කිව්වෙ නෑ මං කරන දේවල් වලට එයත් මට උදව් කලා. කුස්සියත් සේරම අස් කරලා අලුත් ඉටිරෙදි ගෙන්නලා මේස වලට දැම්මා. ඊට පස්සෙ මිදුලත් සුද්ද කරලා, නංගිට හැමදාන අතුගාන්න කිව්වා. දැන් පරන වුනත් ගේ පිලිවෙලයී ශානූ අයියා මාව අගේ කලා. ඊට පස්සේ මං සතියකට සැරයක් වත් එහෙ යන නිසා. අම්මාත් ගේ පිලිවෙලට තියා ගන්න උත්සහ කලා. මං ඒ ගෙදරට යන බව අපේ ගෙදර කවුරුත්ම දැනන් හිටියෙ නෑ .මම යාලුවන්ගේ ගෙවල්වල යන නිසා ,එයාලට මගෙ ලොකු විශේෂයක් දැනුනේ නැහැ. ඊ ළග කොටසින් හමු වෙමු දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 30 Sep 2016 02:47 AM දූශාන් අයියා ශා අයියා කියවනකන් ඉන්මු නේද... දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 30 Sep 2016 01:24 AM ඊලග කොටසත් දාමුකෝ එහෙනම් දැන් DanuLiyanageVeteran MemberPosts:3457 29 Sep 2016 02:20 PM dan newe heta thama kiyawanna wenne මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 29 Sep 2016 12:40 PM ......කදුලත් සැනසුමක්..... 37. වන කොටස. අම්මා හුගක් වෙලා දුක කියමින් ඇඩුවා. එයාට දුකයී මං ගෙවන ජීවිතය ගැන. මහ පාන්දර නැගිටගෙන උයාගෙන ස්කෝලේ යනවා. පැය ගනනාවක බස් ගමනින් පස්සේ චූටී නින්දක්.පහුවදාත් මේ විදිහමයී. අම්මට ලොකුවට හිත් වේදනවා දැනිලා තිබුනේ . ලොකු මාමා කියපු දේ. එයාලගෙ සල්ලි මං වෙනුවෙන් වියදම් කරනවා කිව්ව එක. සුදු දූ මට සමාවෙන්න.. ඒ ඇයි අම්මේ. අර ශානුක පුතාට බැන්නට. මට තේරෙනවා. මං මොනවා කිව්වත් ඒ ළමයා විතරයී ඔයාට උදව් කරන්න ඉතුරු වුනේ. ඔව් අම්මේ.. ශානූ අයියා හොදයී. අපි ශානුක පුතාට .හිගන්නා කියලා බැන්නා. අපිම නේද දැන් හිගන්නෝ.. අම්මා ශානු අයියගේ නම්බර් එකත් ඉල්ල ගත්තා කතා කරන්න ඕනී කියලා. ශානු අයියටත් කතා කරලා තිබුනා. හුගක් දුක කියලා තිබුනා. ශානූ අයියත් අම්මා ගැන දුක් වුනා. ආච්චි අම්මා ශානූ අයියා මං වෙනුවෙන් කරන දේවල් සේරම අම්මා එක්ක කියලා. ඒක නිසා තමා අම්මට දුක හිතිලා තිබුනේ. දැන් චූටී මාමාත් කැමති වුනානම් සේරම හරී. මං හිතාගෙන හිටියේ අම්මා කවදාවත්ම ශානූ අයියට කැමති වෙන එකක් නෑ කියලා. මොන තරම් රැය ගානක් අඩලා ඇතිද ශානූ අයියා මට නැති වෙයී කියලා. චූටී මාමා අකමැති වුනත් මගෙ පස්සෙන් ඇවිත් හොර අල්ලන්න උත්සහා කරන එක අත් ඇරලා තිබුනා. ඒත් මම බයයී නිහඩව ඉදලා එකපාරට මොනවා වෙවිද දන්නෙ නැහැනේ. ************************************** ලොකු අම්මගෙ ලේලී දරුවා බිහි කරලා මාස තුන හමාරක් වෙද්දී ,ලොකු අම්මා ආයෙත් මහ ගෙදරට ආවා. ලොකු අම්මට මහ ගෙදර විතර කොහෙවත් හරි ගියෙ නැහැ. ලේලී හරිම කපටි නිසා ලොකු අම්මා එහෙ ඉන්නත් කැමති වුනේ නෑ. මහප්පා ලොකු අම්මා ගැන හොයලා බැලුවෙ නෑ. රට ගියාට පස්සෙ එයා ලංකාවට ආවේ නෑ . එහෙ රටේ කෙනෙක් එක්ක විවාහා වෙලා කියලා තමා ආරංචි ආවේ. මාස කීපයකට සැරයක් පුතාගේ නමට සල්ලි එව්වත් ,පුතා සතයක් වත් ලොකු අම්මට දුන්නේ නෑ. මහසියයි ,බස් වියදමයි ගැන හිතලා මං නයනිලාගේ හරි ගීත්මගෙ හරි ගෙදර නවතින්න තීරනය කලා. එතකොටවත් ලොකු මාමාලට සැනසිමක් ලැබෙයිනේ කියලා . අනික දැන් මගෙ සේරම වියදම් දරන්නේ ශානූ අයියා, මට ඒක ඉවසගෙන ඉන්න බෑ. මට ඕනී මගෙ වියදම් අඩු කර ගන්න. ඒක නිසාම මං නයනිලා දිහායී ගීත්මලාගේ ගෙදරයී මාරුවෙන් මාරුවට ගියා. මං ශානූ අයියගෙන් අවසර ගත්තේ පාඩම් කරන්න යනවා කියලා. වියදම අඩු කර ගන්න යනවා කිව්ව නම් යන්න දෙන්නේ නැහැනේ. ශානූ අයියා නයනී, ගීත්මයී දෙන්නවම හොදට අදුනන නිසා මට යන්න ඉඩ දුන්නා. අම්මාට මොකුත්ම කිව්වෙ නෑ, එපා කියලා මං වෙනුවෙන් වියදම් කරන්නත් එයාට නෑනේ. නයනිලාගෙ ගෙදර හිටියේ නයනී අම්මයී තාත්තයී විතරයි. ගීත්මලාගෙ ගෙදර හිටියේ නංගී අම්මයී විතරයී. තාත්තා හිටියා එයා ගෙදර එන්නෙ මාසෙකට වතාවයී. ඒ ගෙවල් මට හුගක් හුරුපුරුදු තැන් බවට පත් වුනා. මම ගෙදර වැඩ කරන්න උදව් වෙන නිසා යාලුවන්ගෙ අම්මලා මට හුගක් ආදරේ වුනා. මම දැන් කලාතුරකින් දවසක් තමා ගෙදර එන්නෙ. මං කොහෙද ඉන්නෙ, කොහෙද යන්නෙ අහන්න කවුරුත්ම ආවේ නෑ. හැමෝටම ඕනී වෙලා තිබුනේ. මගෙ වියදම් වලින් නිදහස් වෙන්න.මාත් ඉතින් අහිකුන්ටකයා වගේ රෙදි බෑග් උස්සගෙන එහෙ මෙහෙ යනවා. වෙලාවකට මට ඒ ජීවිතේ එපා වුනා. ඒත් ඉගෙන ගන්න ඕනී නිසා මං දිගටම යාලුවන්ගෙ ගෙවල් වල ගියා. නාදුනන මිනිස්සු වුනත් ඒ අය මට හුගක් ආදරේ වුනා එයාලගෙ පව්ලේ කෙනෙක්ට වගෙ මට සැලකුවේ. සමහර දවස් වලට මහෙ අතේ වියදමට සල්ලිත් දුන්නා. ඒත් මගෙ හිතට ලොකු වදයක් වුනා, මගෙ යාලුවන්ගෙ ගෙවල් වලට කරදර කරන එක. ඒත් මට වෙන ක්‍රමයක් තිබුනේ නැහැ. ගීත්මා හරිම කැමතී මං එයාගෙ ගෙදරට එනවට. එයාට ගිණුම්කරනය අමාරු නිසා, මං කියලා දෙන ඒවා හොදට තේරෙනවා කියලා. අමාරු පාඩම් මගෙන් අහ ගත්තා. කිසිම දෙයක් පාඩම් කරන පුරුද්දක් මට තිබුනේ නෑ, තර්කානූකූලව මතක තියා ගැනීමේ හැකියාවක් මට තිබුනා. ගීත්මලාගෙ ගෙදරදී නම් හරිම විනෝදයී. සමහර දවස් වලට ගීත්මයී මායී රෑට කෑම ඉව්වා. මහ රෑ වෙනකන් පාඩක් කරනවා කියලා පෝන් වලින් ගේම් ගැහුවා. ගීත්මගේ නංගිත් එක්ක සෙල්ලම් කලා. නයනිගෙයි ,ගිත්මගෙයි ගෙවල් දෙකෙන්ම ශානූ අයියා ගැන ගැන දැනගෙන හිටියා ,ඒක නිසා මට කොහේ ගියත් ශානූ අයියා එක්ක කතා කරන්න නිදහස තිබුනා. ******************************* අපේ ඉස්කෝලේ යාලුවෝ කට්ටිය එකතු වෙලා ට්‍රිප් එකක් යන්න තීරනය කලා. මුලින් හැමෝම එන්නම් කියපු නිසා රෝසා බස් එකක් කතා කර ගත්තා. හැමෝම ගෙවල් වලට කිව්වෙ ඉස්කොලේ ටීචර්ලා සර්ලා යනවා කියලා. මම නම් ට්‍රිප් එකක් යනවා කියලා විතරයී කිව්වේ. ට්‍රිප් එක යන දවස කිට්ටු වෙද්දී සමහර ළමයී එන්නෙ නෑ කිව්වා. ශානූ අයියා කොහොමත් අපිත් එක්ක යන්න පොරොන්දු වෙලා තිබුනේ. නයනි කිව්වා , තව කට්ටිය හොයා ගන්න වෙනවා ශානු අයියගෙ යාලුවෝවත් නැද්ද කියලා. කොහොම හරී ශානූ අයිය එයාගේ යාලුවෝ දහදෙනෙක් විතර ගමනට එකතු කලා , ශිරාන් කියලා යාලුවෙක් හිටියා , එයාට හිටියේ තාත්තා විතරයී . ඒ තාත්තයි පුතයි හරියට යාලුවෝ වගේ. බස් එකට ළමයි ගෙනත් අරලින්න උදේට ගෙදරින් කවුරු හරි එන නිසා පෙන්නන්න සර් කෙනෙක් වත් ඕනී නිසා, අපි සිරාන් අයියගෙ තාත්තවත් අඩ ගහ ගත්තා. ශානූ අයියගෙ තව යාලුවෙක් හිටියා තිවංක කියලා. ඒ අයියා මාව ටිකක් කල් ඉදන් දන්නවා. "ශදී නංගියෝ, මං ට්‍රිප් එක යන්න එන්නම් හැබැයි මට ඔයාගෙ යාලුවෙක් සෙට් කරලා ඕනී "කිව්වා. කොහොම හරී ට්‍රිප් එක යන දවස උදා වුනා. මං හිටියේ නයනිලාගේ ගෙදර. අපි යන්න සූදානම් වෙලා ඉන්නෙ අනුරාධපුරේ, ගිහින් තිබුනත් යාලුවෝ එක්ක යන්න තියෙන ආසාව නිසා මාත් යන්න කැමති වුනේ. කතා වුන විදිහටම සර් හැටියට ශිරාන් අයියගෙ තාත්තාව පෙන්නුවා. අනිත් ටීචර්ලා මගින් නගිනවා කියලා අපි ගමන පිටත් වුනා . අයියාගෙ යාලුවෝ ටික හිතන්නත් කලින් අපේ යාලුවොත් එක්ක මිත්‍ර වුනා. ශිරාන් අයියා කොන්ගෝ එකකුත් ගෙනත් තිබුනා. සිංදු කියමින් නටමින් බස් එක දෙවනක් කරමින් අපි ගමන ආරම්භ කලා. ටික දුරක් යද්දී ,තිවංක අයියා කිව්වා වගෙම නයනි දිහා බලන්න පටන් ගත්තා .ගමනින් බාගය යද්දී දෙන්නා අපිටත් හොරෙන් යාලූ වෙලා. දෙන්නා අපෙන් ඈත් වෙලා තනියෙන් ජේතවනාරාමේය චෛත්‍යය වටේ යනවා. දැන් ඉතින් ගමන තවත් විනෝදයී අපි අලුත් ජෝඩුවට විහිලු කරලා හිනා වුනා . ශානූ අයියයී මමයි හිටියෙත් හුගක් සතුටින් , අපි දෙන්නම මේ තරම් දුර ගමනක් යන මුල්ම වතාව. ඉස්කෝලේ යාලුවෝ හැමෝම ශානු අයිය අදුර ගත්තා. දවල් නුවර වැවෙන් නාලා කෑම කෑවා. පිරිමි ළමයී විතරයී නෑවේ,ගැහැනු ළමයි නාන්න බෑ කිව්වා. ශානූ අයියයී මායී වැව් ඉවුරේ ඉදගෙන කතා කලා. අපේ හිතේ තිබූනේ ලොකු නිදහසක් . අපිට ආපහු ගෙදර නොඑන්න හිතුනා. අනිත් යාලුවටත් ගෙදර එන්න කැමත්තක් නෑ , හැම තැනම බලලා යන්න ඕනී කියලා සදකඩ පහන එහෙම බැලුවේ පෝන් වල එළි ටෝච් පත්තු කරලා. අපි ගමන් නිමා කරද්දී පාන්දර එකත් පහු වෙලා තිබුනා. ශානූ අයියා පොඩි දරුවෙක් වගේ මගෙ උකුලේ ඔලුව තියාගෙන නිදා ගත්තා ,බහින තැනට එනකන්ම. නිදන් ඉන්න විදියට මට ඇහැරවන්න හිතුනෙම නෑ .නයනිලාගෙ ගෙදරට කිව්වු වෙද්දි මම ශානූ අයියව ඇහැරෙව්වා. ඒ ගමනින් පස්සෙ ශානූ අයියයී මමයි හුගක්ම ළං වුනා. දැන් ශානූ අයියා නිවාඩු දාට අපේ මහ ගෙදරත් එනවා. චූටී මාමට ආරංචි වෙන්නෙ නැද්ද , නැත්තම් මං ගැන හොයලා වැඩක් නෑ කියලා හිතලද කොහෙද, එයා ඒ ගැන කතා කලේවත් නෑ. ; ශානූ අයියා මං හවස් වෙලා පංති ඇරෙන දාට බයික් එකෙන් එක්කන් එන්න එන නිසා මං යාලුවන්ගෙ ගෙවල් වල යන එක ටිකක් අඩු කලා. ශානූ අයියා හවස මාව ගෙදර ඇරලලා , ආපහු යන්න ගියා. ඉස්කෝලේ නිවාඩු දවසක ට කලින් දවසේ ශානූ අයියා මට කෝල් කරලා කිව්වා ,හෙට පොඩි ගමනක් යන්න තියෙයී ගෙදරට පංති කියලා එන්න කියලා. මමත් කියපු විදිහටම පහු වෙනිදා ආවා. කොහෙද යන්නෙ ඇහුවට යන තැනක් කිව්වෙම නෑ. " යමුකෝ ගිහින්ම බලමුකෝ" කිව්වා. ශානූ අයියා මාව එක්කගෙන ආවේ එයාලගෙ ගෙදරට. ඒක බොහොම පරණ ගෙයක්, බැලූ බැල්මටම හරිම මූසල ගතියක් මට වෙනුනේ. රූස්ස ගස්වලින් වට වෙලා වට පිටාව හුගක් වදුලයී, ඒ වගෙම ගස්වල සෙවන නිසා හරිම සිසිලයී.උලු හෙවිලි කර වහලය හුගක් පරනයි. කාලෙකින් තීන්ත ආලේප කර නැත් බිත්තී තැනින් තන කැඩී ගිහින්. කුඩු ගල් හා මැටියෙන් නග්ගලා තිබුනු බිත්ති හුගක් ගනකමයි. "බිත්තිය දෙපල ඉදන් කතා කරහම නොඇහෙන තමට". ගරා වැටෙමින් තිබුන ගේ දැක්කම මට තේරුනා ඒක හුගක් පරණ ගෙයක් බව. ඇයි ඔහොම බලන්නෙ..... නිකන් ශානූ අයියේ ... අම්මා දන්නවද මාව එක්කන් එන බව. මට බනීවී. ඔව් ඔව්.. මං එයාට කිව්වා ඔයා එක්කන් එන බව.. යමු ඇතුලට. බයිසිකලය මිදුලෙ නවත්වල සුලු මොහොතක් ගේ දිහා බලාන ඉන්න දීලා ශානූ අයියා මට කිව්වා. ශානූ අයියා යාමු කියලා මගෙ අතින් ඇද්දත් මං එතනම ගල් වෙලා හිටියා . ඇයි සුදු මැනික යමු ගෙට... අම්මට බයේද නැත්තම් ගේ දැක්කම බයේද.... නෑ එහෙම එකක් නෑ . ශානූ අයියේ. ඔයාට හිතෙන දේ මට හිතා ගන්න පුලුවන්.. ඔයා මගෙ ඇත්ත තත්වය කලින්ම තේරුම් කරන්නයි මං ඔයාව මෙහෙට එක්කන් ආවේ. මං ඔයා මොන තත්වේ වුනත් කමක් නෑ ශානූ අයියේ, ඔයා මං වෙනුවෙන් කරන දේවල් දැක්කම. එහෙම් යමුකෝ. මම ශානු අයියලාගෙ ස්තෝප්පුවට ගොඩවුනා. ඇත්තටම ඒ ගේ දැක්කම තිබුන මූසල පාටට හිත පොඩ්ඩක් ගැස්සුනා මිසක්, ශානු අයියා ගැන පසුතැවීමක් ආවේ නෑ. ඒත් ශානූ අයියා හිතුවේ එයාලගෙ ගේ දැක්කම මගෙ හිතේ තිබුන හැගීම වෙනස් වුනා කියලා. මොනදේ වුනත් මං දන්නවා ශානූ අයියා මට මොන තරම් ආදරේද කියලා, ගෙවල් දොරවල් නම් ඕනි තරම් හදා ගන්න පුලුවන්, ඒත් හොද ආදරක් ලබන්න හුගක් පින් කරන්න ඕනී. මොන තරම් පව් කරලා තිබුනත් ,මම ශානූ අයියාගෙ ආදරය ලබන්න පින් කරලා තිබුනා. අම්මේ.. අම්මේ.... අපි ආවා. ශානූ අයියා ඉස්සරහා දොරට තට්ටු කරමින් සතුටින් කෑ ගැහුවා. මම නම් බයෙන් ඉන්නෙ.ශානූ අයියලගෙ අම්මා මාව කොයි විදිහට පිලිගනිවිද. ඊ ළග කොටසින් හමු වෙමූ.. දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 29 Sep 2016 11:44 AM මට පේන්නේ අන්තිමේට සේන බාප්පව බලාගන්න වෙන්නෙත් ශානු අයියට වගෙයි හොද වැඩේ හැබැයි සේනයට ස්තුති අනිත් කොටසත් දාමුකෝ සඳුනිVeteran MemberPosts:2462 29 Sep 2016 10:15 AM Posted By sha733 on 29 Sep 2016 09:44 AM අනේ සාදු සේනයට වෙච්ච දේ මට අහින්සක සතුටක් නෙවෙයි ආවේ. උපරිම සතුටක් හරි දරුණුයි නේද? දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 29 Sep 2016 09:44 AM අනේ සාදු සේනයට වෙච්ච දේ මට අහින්සක සතුටක් නෙවෙයි ආවේ. උපරිම සතුටක් සඳුනිVeteran MemberPosts:2462 29 Sep 2016 07:43 AM ..... කදුලත් සැනසුමක්..... 36. වන කොටස. ඒත් මං උත්සහ කරන්න ඕනී සුදු අම්මේ. මේ ඉස්කෝලෙට ගියොත් ශානූ අයියා මං වෙනුවෙන් කරන වියදම් අපරාදේ වෙනවා, උගන්වන්නෙ නෑනේ. අම්මගෙන් අහලා බලන්න එහෙනම්. මම ආච්චි අම්මගේ පෝන් එක අරන් අම්මට කෝල් එකක් අරන් සේරම විස්තරය කිව්වා. අම්මා කිව්වා " අලුත් ස්කෝලෙට ගියානම් හොදයී තමා, කෝ ඒත් සල්ලී ඇතුල්වීමේ ගාස්තු ගෙවන්න." කියලා. කාගෙන් හරි ඉල්ලගෙන මං යන්නම ඕනී ,චූටී මාමාගෙන් ඉල්ල ගන්නම් කියලා මං බොරුවක් කිව්වා. එහෙනම් සර් කියන්නෙ මොකද කියලා එයාට කියන්න කිව්වා. ඊළග පංති දවසෙදී නයනී සුභ ආරංචියක් අරන් ආවා. සර් මට උදවු කරන්න කැමතී වෙලා තිබුනා. භාරකාරයෙක් එක්ක ඇවිත් ප්‍රින්සිපල් හම්බ වෙන්න කියලා කියලා තිබුනා. ඒ කිව්ව විදිහටම ආච්චි අම්මයී මමයී අලුත් ස්කෝලෙට ගියා. එදා එන බව නයනිට කලින් කියලා තිබුන නිසා නයනී අලුත් ළමෙක් ආවා, කියන ආරංචියට කාර්යාලයට ආවා. අපි හිටියේ කාර්යාලය ඉස්සරහා ඉදගෙන. ශදීයෝ මොකද කිව්වේ. ප්‍රින්සිපල් ලොකු වැඩක්ලූ, ටිකක් ඉන්න කිව්වා. ආහ්.. මේ සර්ගෙ නම කියපන් රණසිංහ සර් කියලා හරිද. එතකොට ප්‍රින්සිපල් සර් දන්නවා. හ්ම්ම් හා. අපි යනවා එහෙනම් . අපිට පංතියෙ උගන්වනවා රණසිංහ සර් මං කියන්නම්කෝ මගෙ යාලුවා ඇවිත් කියලා. නයනී, නයනී එක්ක ආපු යාලුවයී ගොඩනැගිලී දෙකක් අතරින් ඇතුලට ගියා. ටිකකින් අපිට් ප්‍රින්සිපල් සර් එන්න කිව්වා. සහතික එහෙම විමසිල්ලෙන් බැලුවා. ටිකක් වෙලා නිහඩව ඉදලා. සුදුසුකම් නම් ඇති මේ ස්කෝලෙට එන්න ඇයි මුලින්ම ඇප්ලිකේෂන් නොදැන්මේ. මේ ළමයගෙ අම්මා දුර ඒවට දාන්න බෑ කියලා ළග ස්කෝලෙට දැම්මා මහත්තයෝ. ආච්චි අම්මට කතා කරන්න දීලා මං අහගෙන හිටියා. ආ .. මේ කවුද එතකොට. මං ආච්චි අම්මා. මේ මගෙ මිනීපිරී. ආහ්... එහෙමද හරී අපි මේ ළමයව ඉස්කෝලෙට බාර ගන්නවා. අස්වීම අරන් එන්නකෝ. අනේ හුගාක් පිං මහත්තයෝ. හරී හරි අම්මේ. මට පිං දෙන්න එපා. දුවගේ හැකියාව තමයී. අපි යන්න නැගිටිනකොටම සර් කෙනෙක් අපි ළගට ආවා. ඇවිත් මගෙ දිහා විමසිල්ලෙන් බැලුවා. මේ ශදීෂා වෙන්න ඕනී. ඔව් සර් මං පෙරලා පිලිතුරු දුන්නා සර් මේ මං අර කියපු ළමයා. ඒකෙන් මං තේරුම් ගත්තා ,මේ ආවේ රණසිංහ සර් බව. එය උස කෙනෙක් , උසට සරිලන මහත, ඒ වගේ හරිම කරුණාවන්ත මුහුනක් ඒ සර්ට තිබුනේ. කොන්ඩය තැනින් තැන සුදු වෙලා, වයස පනස් ගනනක පමන පෙනුමක් තිබුනා. ඒ මුහුහුනේ නිතරම ලස්සන සිනහවක් ඇදිලා තිබුනා. සර් දැක්ක මොහොතේ ඉදන් මට දැනුනේ සර්ව මං අදුරනවා වගේ. ආ.. එහෙමද? මේ ගොල්ලො ද මට නිකමටවත් කිව්වෙ නෑ. ළමයා හොදයී රණසිංහ සර් අස්වීම අරන් එන්න කිව්වා. රණසිංහ සර්රුත් එක්කම අපි ඔපිස් එකෙන් එළියට ආවා. ශදීෂා ඉක්මනටම අස්වීම අරන්න් එන්න තේරුනාද? හා සර්. හොදයී ඒහෙනම් පරිස්සමින් යන්න. බුදු සරණයී. අපි යනවා සර් සර්ටත් බුදු සරණයී. ආච්චි අම්මයී,මායී ගෙදර ආවේ හුගක් සතුටින්. ආව ගමන් අම්මට කෝල් කරලා විස්තරය කිව්වා. අම්මා ඉක්මනට අස්වීම අරන් දෙන්න පොරොන්දු වුනා. කිව්ව විදිහටම අම්මා ඇවිත් අස්වීම අරන් දුන්නා . ස්කෝලෙන් අස්වීම දෙන්න බැම කිව්වා. බොරු හේතු ගොඩක් කියලා අස්වීම අර ගත්තා. සදුදා ම අලුත් ඉස්කෝලෙට යනවා කියලා හිතාගෙන මන් ඉතිරි දවස් දෙකත් ගෙදර හිටියා. එදත් ක්ලාස් එක ළගට ශානූ අයියා ආවා. අලුත් ඉස්කෝලෙකට යන ආරංචිය නිසා ශානූ අයියා හුගක් සතුටින් හිටියේ.. අලුත් ඉස්කෝලෙට දාන්න වෙලා තිබුනේ සුදු සපත්තු. ඒක නිසා ශානූ අයියා මට සුදු සපත්තු අරන් දුන්නා. ඇතුල්වීමේ ගාස්තු ගෙවන්න සල්ලිත් දුන්නා. සදුදා පාන්දරින් නැගිටලා ලැස්තී වුනේ අලුත් ඉස්කෝලෙට යන්න. පරක්කු වුනාම යන්න බස් නැති වෙන නිසා පාන්දර හය වෙනකොට පාරට ගියා. හරිම සංතෝෂයෙන් පිලිඅරගෙන මාව ඉකෝලෙට භර ගත්තා මට පංතිය තියෙන තැන කියලා පංතියට යැව්වා.අපේ පංතිය තිබුනේ උඩ තට්ටුවක, මම පඩි පෙළ නැගලා පංතිය ළගට ගියා.. නයනි මං දැකලා හිනා වුනා. පංති හිටපු සරුත් මං දිහා හැරිලා බලලා හිනා වුනා. අලුත් ළමයා නේද. ඔව් සර් .. මං බිම බලාගෙන එහෙම කිව්වා. ඇතුලට එන්න ළමයෝ. ළමයි මොයාට වාඩී වෙන්න ඩෙක්ස් එකකුයී පුටුවකුයි දාලා දෙන්න. ඒ හිටියේ පංති බාර සර්. මගෙ නම රෙජිස්ටර් එකට දාලා, සර් පාඩම උගන් වන්න පටන් ගත්තා. මං ඉද ගත්තෙ නයනී ළගමයී. ළමයී සේරම මගෙ දිහා කන්න වගේ බලනවා. ඇත්තටම කිව්වොත් මං හිටියේ බය වෙලා, රැග් දේවී කියලා. නයනී නිසාමද කොහෙද පංතියේ ළමයි ඉක්මනටම මාත් එක්ක එකතු වුනා. රැග් මොකුත් නෑ සහෝදරියක් වගේ ආදරෙන් පිලි ගත්තා. ඒත් දහතුන වසරේ පිරිමි ළමයින්ට මට රැග් කරන්න ඕනී වෙලා තිබුනා. දවසක් මාව පඩි පෙළේදි නතර කරගෙන රෝස මලේ නටුවෙ කටූ ... කවිය කියන්න කිව්වා. කීප සැරයක් කිව්වත් මං සද්ද නැතුව හිටියා. එතකොටම එතනට අාවේ ආපේ අපේ පංතියේ පිරිමි ළමයී. හා හා.. අයියලා අපේ අලුත් යාලුවට රැ කරන්න බෑ. ඇයී ඇයි. එයාට විතරක් අමුත්තක්. හරි එහෙනම් අයියලා රැග් කරන්නකෝ අපි සර්ට කියන්නම්. ඇත්තටම ඒ ස්කෝලේ රැග් දෙන්න තහනම්. මුලින්ම උසස් පෙළ පංතී පටන් ගන්න දා පොදු රැග් එකක් කරන්න විතරයී ඉඩ දීලා තිබුනේ. කොහොම හරී ගොඩක් ළමයී මාව ආදරෙන් පිලිගත්තා. ඒ ඉස්කෝලෙත් මං ආසම තැනක් බවට පත් වුනා. ***************************** දවසක් මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට කරුත්ම ගෙදර නැහැ. පාන්ද හය වෙද්දි ගෙදරි යන මම ගෙදර එනකොට තුන කිට්ටු වෙනවා. ඉස්කෝලෙයි, පංතී දෙකම තියෙන දාට රෑ හත පහු වෙනවා. ඒත් මට කිසිම මහන්සියක් දැනුනෙ නෑ, මං හරිම ආසාවෙන් ඉස්කෝලේ ගියේ. මං අල්ලපු ගෙදර අයට කතා කලා. ආච්චි අම්මා එහෙ ඉදන් ගෙදර ආවා . ලොකු අම්මගෙ ලේලිට බබා හම්බෙලා නිසා එයාව බලා ගන්න, එන්න කියලා තිබුනා. දැන් ආච්චි අම්මයී මායී විතරයී ගෙදර. ආච්චි අම්මා හරිම බයයී තනියම ගෙදර ඉන්න, ඒක නිසා මං නැති වෙලාවට එයා අහල පහල ගෙවල් වලට යනවා. මට පාන්දර තුනට ඇහැරලා උයාගෙන බත් බැදගෙන ඉස්කෝලේ යන්න වුනා. ආච්චි අම්මා වයස නිසා එයා පාන්දර ඇහැරුනේ නැහැ. ලොකු අම්මා ඉන්නකොට ගෙදර සේරම වැඩ කලේ ලොකුඅම්මා නේ. ඒක නිසා ආච්චි අම්මා උයන්න උනන්දුවක් නෑ . සමහර දාට හත පහු වෙලා ගෙදර එද්දිත් උයන්න තියා, ආච්චි අම්මා ගෙදරවත් ඇවිත් නෑ . මං ඇවිත් එක මාලුවක් බතක් උයලා තමා එයාටත් කන්න දුන්නෙ. සමහර දාට අහල පහළ ගේකින් කෑම එවලා තිබුනා. ශානූ අයියා එක්ක කතා කරන්න මට දැන් ගෙදර ඔනී තරම් නිදහස තියේ. චූටී මාමාත් නිතර දෙවේලේ මගෙ පස්සෙන් එන එක නවත්තලා දාලා තිබුනා. දැන් මං දිගටම පංතී, ඉකෝලෙයි දෙකටම යනවා. මගෙ වියදම් සේරම වගේ ශානූ අයියගෙ පිට පැටවිලා තිබුනා. ශානූ අයියා මං ඉල්ලන්නත් කලින් මට ඕනී දේවල් හොයලා බලලා කරලා දුන්නා. සේන බාප්පගෙ ඇග පුරම කසන රෝගයක් හැදිලා වන වෙලා කියලා ආරංචී වුනා. ඒක නිසා අම්ම හම්බකරන සල්ලිත් ගෙදර වියදට යොදවන්න වුන නිසා මට සල්ලි එවන්න අම්මට බැරුව ගියා . මොන දේ වුනත් මහෙ හිතට නම් ඒ ආරංචිය ගෙනාවේ අහිංසක සතුටක්. මට කරපු දේවල් වලට දෙවියෝ සේන බාප්පට දඩුවම් කරන්න පටන් අරන් කියලා මගෙ හිත සතුටු වුනා. දවසක් අම්මා ආච්චි අම්මට කෝල් එකක් ගත්තා. අරගෙන හුගක් වෙලා ආච්චි අම්මා එක්ක කතා කලා. පස්සෙ මගෙත් එක්ක කතා කරන්න ඕනී කියලා අම්මා කියලා තිබුනා. අම්මා මාත් එක්ක කියලා ඇඩුවා. මට දැන් සල්ලි එවන්න විදියක් නෑ කියලා. සේන බාප්පා පලංචියක් පල්ලෙ වැටිලා කකුලකුත් කඩාගෙන නැන්දලා දැන් සේරම බලන්නෙ කියලා අම්මා කිව්වා. දැන් ළමයා ඉපදෙන්නත් ළග නිසා ඊට පස්සෙ එයාට වැඩට යන්න වෙන්නෙත් නැහැ කියලා හුගක් ඇඩුවා. මට ශානූ අයියා ගැන කියන්න හිතුනත්, මට තියෙන නිදහසත් නැති වෙයී කියලා මං නිහඩව අහගෙන හිටියා සුදු දූ .. ඇයී ඔයා සද්ද නැත්තේ. මං දන්නෙ නෑ අම්මේ පුලුවං කල් ඉකෝලේ යනවා . මට යාලුවොත් උදව් කරනවනේ. යාලුවෙක්ගෙ ගෙදර නවතිනවා බස් වියදමවත් ඉතුරු වෙයිනේ. සුදු දූ ඔයාව ඔහෙ යවලා මං කර ගත්තේ ලොකු මෝඩ කමක්. ඇයී අම්මේ.. දැන් ලොකු මාමා සල්ලි එවන්නෙත් නැහැලූ ආච්චි අම්මට ඔයාට වියදම් කරයි කියලා. මගෙ ළමයා කියලා, මගෙන් ගෙදර වියදමුත් ඉල්ල ගන්න කිව්වලූ. පුදුම මිනිස්සුනේ මට එයාලා කවද්ද සල්ලි දුන්නේ. මට දුකයී මගෙ සුදු දුවේ... ඇයි අම්මේ.. මං දන්නවා හැමදේම, ඔයාට වියදම් කරන්නෙ කවුද කියලත් මං දන්නවා. ඒක ඇහෙත්ම මගෙ ඇග ගල් වෙලා ගියා. මං නිහඩවම අහගෙන හිටියා. මගෙ කරුමෙට මේ වගෙ මිනිහෙක් හම්බුනානේ. මං කවදාවත් ඔයාට ඔහොම වෙන්න දෙන්නෙ නැ. දැන් ආදරෙන් හැම දේම කරාවී. ඒත් බැන්ද කාලෙක ඔය සේරටම වාඩු ගනීවී. එහෙම වෙන්නෙ නෑ අම්මේ. ඔයා දන්නේ නෑ සුදු දූ පිරිමි ගැන. මට දුකයී මගෙ දුවේ ඔයා වෙනුවෙන් මට මොකුත් කර ගන්න බෑ. මේ වෙලේම මගෙ බඩටත් දරුවෙක් ආවනේ. අනේ අම්මේ ඕවා හිතන්න එපා. මට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැ. මට තිබුනේ ඔයාව හදාගෙන හැමදාම තනියෙන් ඉන්න . එහෙනම් මේ ප්‍රශ්න මොකුත් නෑ. අඩන්න එපා අම්මේ. හැමදේම විසදේයී. ඊ ළග කොටසින් හමු වෙමු දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 28 Sep 2016 12:33 PM ස්තුති මේ කොටස් දෙකටත් දැන් නම් කතාව නියමයි අනිත් කොටසත් ඉක්මනටම දාන්නකෝ එහෙනම් sha733Super Senior MemberPosts:7332 28 Sep 2016 09:40 AM ඇයි ඇත්තට ශානු අයිය ඉගෙන ගන්න කැමති නැත්තෙ . එහෙම ගියොත් හොද ජොබ් එකක් කරල සුදු මැණිකේ ලගට ගන්නවා බොරැ සඳුනිVeteran MemberPosts:2462 28 Sep 2016 09:03 AM .... කදුලත් සැනසුමක්... 35 . වන කොටස. චූටී මාමාගෙ මූනේ තිබුනේ කේන්තියක් වගේම සැකයක්. මාත් දොර උලුඅස්සට හේත්තු වෙලා වෙන්නෙ මොකක්ද්ද කියලා බලාන හිටියා. ඒ ළමයා ගියා පුතේ.. ඔයා එනකන් බලන් ඉදලා ඉදලා දැන් ගියෙ. මොකද්ද නෑකම කිව්වෙ. ආච්චි අම්මා දිග නෑකම කියාන ගියා . ආච්චි අම්මා කතාව ඉවර කරන්න කලින් චුටී මාමා කතාව මැද්දට පැන්නා. අම්මෙ මේ.. මං එකක් කියන්නම් . අම්මත් ඔනී නැති වැඩ කරලා අහු වෙන්න එපා හරිද. අනේ ඇත්ත චූටී පුතේ කිව්වේ.. සුදු දූ යනවා ගෙට .ගිහින් පොතක් පතක් බලා ගන්නවා. කට දිහා බලන් ඉන්න ආවා මෙතන. මම ඒක ඇහෙත්ම කාරයට විසික් වුනා. චූටී මාමාට අපි කිව්වට හොදටම සැකයී. අම්මෙ මේ ඔය මගුල් වලට අත දාන්න එපා. තේරුනාද . අර කොල්ලා නේද ආවේ . නෑ නෑ .. චූටී පුතේ.. අම්මාත් දන්නවනේ. කෙල්ල ඔවුන් එක්ක ගිහින් දුක් විදිනවට කැමතිද. පොඩි අක්කා කියපුවා මතකනේ.. හරී පුතේ මං පුතා කියන දේට ඉහළින් යන්නෙ නෑ. හා .. අම්මෙ ඇහැ ගහන් ඉන්න තේරුනාද .මට දැන් නිතර එන්න වෙන්නෙත් නෑනේ. පුතේ . සේනයා කියපුවනේ අපේ පොඩ්ඩි අපිට කියන්නෙ. පොඩ්ඩක් ඒ කොල්ලා ගැන හොයලා බලපංකෝ. සේනය කවද්ද ඇත්තක් කිව්වේ. හරි අම්මේ. හොයන්න ඕනි. මං ඔවුන් කියන ඒවා විශ්වාස කරන් එකෙක් නෙමේ. තව පොඩි එකෙක්නේ. ජොබ් එකක් එහෙම කරනකන් ඉම්මුකෝ. රහසෙන් වගේ ආච්චි අම්මයී චූටී මාමායී කතා වුන සේරම මං හොරෙන් අහන් හිටියා. පස්සෙ චූටී මාමා කාමරේට එබිලා බලාලා යන්න ගියා. මට ආච්චි අම්මා පව් කියලත් හිතුනා. ආයි නම් ශානූ අයියව මේ ගෙදරට ගෙන්නන්නේ නෑ කියලා මං හිතා ගත්තා. සුදු දූ.. මොනවද කල්පනා කරන්නෙ.. මොකුත් නෑ සුදු අම්මේ. බය හිතුනා මට. මටත් බය හිතුනා මගදි අර ළමයා අල්ල ගනීද කියලා. කවදාවත් කැමති වෙන එකක් නෑ නේද ,සුදු අම්මේ මේ ගොල්ලො. ඒක තමා සුදු දූ හිතා ගන්න බැ. ඒ ළමයට මං නම් හරි කැමතී. හොද කොල්ලා දැක්කම සිරියාවේ බැ. හිත හයිය ළමෙක්. අනේ මංදා සුදු අම්මේ. කවදාවත් ඔයාලගෙ අම්මා නම් කැමති වෙන්නෙ නෑ සුදු දූ. පුදුම කේන්තියක් තියෙන්නෙ එයාට ඒ ළමයා එක්ක. මට හුගක්ම දුක හිතුනේ කවදාවත් හැමෝගෙම කැමැත්තෙන් ශානූ අයියා ළගට යන්න බැරි වෙන එකට. සෙනසුරාදා දවසම ක්ලාස් දවසක්. මං උදේ පංතියට සහභාගී වුනත් ඊළග පංතියට ඉන්නෙ නැතුව එන්න සූදානම් වුනා. මම ශානූ අයියටත් එන්න කියලා තිබුන නිසා ඉක්මනට පිට වෙන්නයි ඕනී වුනේ. ශදියෝ. වරෙන් බත් කන්න උබ අද කැම කන්නෙ නැද්ද. මං ගෙදර යනවා බං ඔබලා කාපල්ලා. මං එන්න සූදානම් වෙනකොට නයනී මට කතා කලා. නයනී කියන්නෙ මට ක්ලාස් එකේ හම්බුන හොද යාලුවෙක්. තව මට පන වගෙ ආදරේ යාලුවෙක් හිටියා, එයා තමා ගීත්මා. නයනී ගීත්මයී තමා මගෙ හොදම යාලුවෝ . මට එයාලා එක්ක ඉද්දී නිතරම විමූව මතක් වුනා. ඉස්කෝලෙන් අස් වුනාට පස්සෙ මං තාම විමූව දැක්කෙම නැ. පෝන් එකෙන් කතා කරන වචන කීපය විතරයී. ගණන් අසමත් නිසා විමූ උසස් පෙළ අත හැරලා දැම්මා. දැම් එයාලෙගෙ කඩේ වැඩ කරගෙන ඉන්නවලූ. දුලාන් අයියත් ගෙදරින් කැමතිලූ. විමූ සතුටින් ඉන්න එක මටත් සතුටක්. ඇයි ඔබ ගෙදර යන්නෙ. ගීත්මා කෑමත් නවත්තලා මං ළගට ආවේ ගහන්න වගේ. ඔබලා දන්නවනේ බං මොනවද. ඔබ කලින් සති දෙකමත් මේ පංතියට නොයිද ගියා. අම්මා මේ මාසේ සල්ලි එව්වෙ අඩුවෙන්. ඒක නිසා ක්ලාස් දෙකටයී පීස් ගෙව්ව්වෙ. අපරාදෙනේ බං . ශානු අයියට කිව්වෙ නැද්ද. නයනිත් කතාවට හරස් වුනේ මං ගැන දුකින් බව මං දන්නවා. නෑ බං එයා දන්නෙ නැ. මට එයාට ඔය හැටි කරදර කරන්න බෑ. මං වෙනුවෙන් වියදම් කරන තරම හොදටම ඇතී . එයා රස්සවක් කරන්නෙත් නෑ මාමාගෙන්නෙ ගන්නෙ. මට ඔය ණය ගෙවා ගන්න බැරි වෙයි බං. ඒත් බං අපරාදෙනේ. ඔබ ටග් ගාලා හැම පාඩමම අල්ල ගන්නවා. ඔබ ඉගෙන ගනින් කොහොම හරි අපරාදේ යකෝ. කරන්න දෙයක් නෑ බං. මේ මගෙ ලැබීම. බඩකුත් උස්සගෙන අම්ම අරහෙ වැඩට යනවා මට එයාට කරදර කරන්නත් බෑ. දැන් කොහොමද ඉස්කෝලේ තත්වේ. කියලා වැඩක් නෑ. බං මට දැන් ඉස්කෝලේ යාමත් එපා වෙලා. උගන්වන්නෙ නෑ බං අනිත් වුන් නම් ඇවිද ඇවිද ඉන්නවා ජොලියේ. මේ ඔබ අපේ ඉස්කොලෙට වරෙන් අස් වෙලා. දැං ගනී වෑ බං. මං සර් කෙනෙක් ඉන්නවා එයා එක්ක ඔබ ගැන කියන්නම් සර් උදව් කරයී. ඔබ වගෙ ඉගෙන ගන්න එකියෙක්ට ඔහොම වෙනවට මට දුකයි බං. නයනී මගෙ හිතට දාපූ අදහසට මගෙ හිත ඇදිලා ගියා . මටත් ආස හිතුනා නයනි යන ඉකෝලෙට යන්න. ඒත් කෝ ඕවට සල්ලි මං අමාරුවෙන් මේ ඉස්කෝලෙටත් යන්න හදා ගත්තේ. ගේ ළගින්ම බස් එකකුත් තිබුනා ඉස්කෝලේ ළගටම. පැයක දුරක් වුනට, බස් එක අනිවාර්ය නිසා බයක් නෑ. අනික අපේ ගමෙන් ශිෂ්‍යත්වය පාස් වුන ළමයි හුගක් ඒ බස් එකෙන්, මං යන්න හදන ඉස්කෝලෙට ගියා . දැනටත් හයට ඇරෙන ක්ලාස් එක දාට මම ගෙදර ආවේ ඒ බස් එකේ. මම ඒ ගැනම කල්පනා කරමින් බස් ස්ටෑන්ඩ් එක පැත්තට ආවා. ශානූ අයියා කඩයක් ඉස්සරහා බයික් එකේ ඉදගෙන මග බලාන ඉන්නවා. මං කෙලින්ම ශානූ අයියා ගාවට ගියා. මට දැනුනෙත් නෑ , මගෙ යාලුවෝ ටික මගෙ පස්සෙන් ඇවිත්. ඊළග ක්ලාස් එක පටන් ගන්න තව පැය භාගයක් තියේ. වෙනදට අපි ඒ පැය භාගෙම කඩවල් ගානේ යනවා. මොකුත් ගන්නෙ නෑ බලලා බලලා එනවා. රෙදි කඩ වලට දැන් අපිව දැකලම පුරුදු වෙලා. සිකුරුටිලා අපි දැක්කම "ඔය ළමයි නම් බොරුවටනේ එන්නෙ" කියනවා. ගයනි , ගීත්මයී ශානූ අයියව දැන් හොදටම අදුරනවා. නිතරම ශානූ අයියා මං ක්ලාස් ඇරෙන වෙලාවට මං බලන්න එනවනේ. ශානූ අයියා ක්ලාස් එක ළගට එන එක තාම නම් කාටවත් ආරංවි වෙලා තිබුනේ නැහැ. නයනී , ගීත්මයී මං ඉන්න තැනදිම මං සල්ලි නැති නිසා සමහර පංතී පාඩූ කර ගන්න බව කිව්වා. අලුත් ඉස්කොලේ ගැනත් කිව්වා. ශානූ අයියා හරිම සාවධානයෙක් අහන් හිටියා. එයාගේ මූනේ තිබුනේ දුකක් මං බිම බලාගෙන හිටියේ ශානූ අයියට මූන දෙන්න බැරි නිසයී, ගීත්මයි නයනී එක්ක ආපු කේන්තිය නිසයී. හරී නයනි නංගියෝ. ඔයා සර් එක්ක කතා කරන්නකෝ. මං අනිත්වා ගැන බලන්නම් . නයනී, ගීත්මයී. අපිට සමු දීලා ක්ලාස් එක පැත්තට ගියා. මම රහසි වගෙ කිව්වෙ" අහු වෙයව්කෝ තොපි ක්ලාස් එකේදී කියලා" ඒකත් ශානූ අයියට ඇහුනද කොහෙද එයා හිනා වෙවී මං දිහා බලං හිටියා. යාලුවෝ දෙන්නා නොපෙනී ගියා විතරයි ශානූ අයියා මගෙ අතින් ඇදලා ගත්තා. මට තේරුනා එයා කේන්තියෙන් බව. මොකද මැට්ටියේ මට නොකිව්වේ. අනේ ශානූ අයියේ කේන්ති ගන්න එපා. හිතේ තියන් හිටියම මම දැන ගන්නෙ කොහොමද? දැන් සල්ලි දෙන්නම් යනවා ක්ලාස් එකට. අනේ එපා ශානූ අයියේ . අද මේ මාසේ අන්තිම ක්ලාස් දවසනේ . ලබන මාසෙම යනවා . අපරාදේ මාසෙටම ගෙවලා එක දවසක් යන එක. පිස්සූ නැතුව යනවා මැට්ටියේ. පාඩම අපරාදේ. නෑ නෑ මං ටිවුට් ඉල්ලන් ඒවා අල්ල ගන්නම්. ඔයාත් රස්සාවක් කරනවද. පව් මාමා මහසියෙන් හම්බ කරපුවා. අනේ අනේ මැටිටියේ . මං අද ඔයාව ශොපින් එක්ක යන්න ආවේ. මාමාගේ සල්ලිවලට විද්දා නේද. මට එපා ශානූ අයියේ ඔයා ගන්න. මේ මෙහෙ එනවා. පංඩිතකම් නොකියා. අනික මේවා මං හම්බ කරපු සල්ලී. මාමගෙ ඒවා නෙමෙයි. ඔයා හම්බකරපුවා .? ඔව් ඇයී විශ්වාස නැද්ද? ඔයා ජොබ් එකක් කරන්නෙ නෑනේ. ඇයී නැත්තේ ඔයාට නොකිව්වට මං මාමාගෙ උදව්වය ගියා . කිරි කපන්න . ඔව්... සුදු මැනික . යමු අර ශොප් එකට. ශානූ අයියා පොඩි කාලේ ඉදන්ම මාමා ගාව හැදුන නිසා එයාටත් කිරි කපන්න පුලුවන් බව මට කියලා තිබුනා. නිවාඩු දාට මාමාට උදව්ට යන බවත් මට කියලා තිබුනා. ඒත් මං හිතුවේ නෑ ශානූ අයියා ජොබ් එකට කිරි කන්න යායි කියලා. අනේ ශානූ අයියේ . ඕක ජොබ් එකට නම් හරි යන්නෙ නෑ ඕන්. හරි සුදු මැනික. එකක් හරි යනකන් විතරයී මාමාත් පව්නේ. සෑහැල්ලු වාහන ලයිසන් ගන්න දාලා තියෙන්නෙ මම. ඔයා දන්න වනේ මගෙ හීනේ. හ්ම්ම්ම්ම්ම්.... ශානූ අයියගෙ හීනය වුනේ බරවාහන රියදුරු බලපත්‍රය ගන්න එක. එයා කියන්නෙ එතකොට ඕනී තරම් ජොබ් තියේ කියලා. ශානු අයියා ඉගෙන ගන්න පොඩ්ඩක් වත් කැමති නෑ. මට හේතුව තේරුම් ගන්නත් බැහැ. ශානූ අයියා මං එපා කියද්දී මට ඇදුම් අරන් දුන්නා. පොත් වගයකුත් අරන් දුන්නා. එයාටත් මොනවා හරි ගන්න කිව්වම ඇහුවෙම නැහැ. මට ශානූ අයියා ගැන දුකයී, එයා මං වෙනුවෙන් මොනතරම් දේවල් කරනවද. ඒත් මගෙ අම්මට ශානූ අයියගෙ හොදක් පේන්නෙ නැහැනේ. මං ගෙදර ඇවිත් ආච්චි අම්මටයී ලොකු අම්මටයී ඇදුම් පෙන්නුවා. පස්සෙ අලුත් ඉස්කෝලේ කතාවත් මං එයාලට කිව්වා. මං නම් හිතන්නෙ නෑ සුදු දූ අම්මා කැමති වෙයී කියලා. ඊ ළග කොටසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... kingDVeteran MemberPosts:3309 28 Sep 2016 04:11 AM ශානු අයියේ.... ඇයි මගෙ සුදු මැණික .... අයියෝ සදුනි නංගි දාන්නකො ඉක්මනට තව කොටසක් ... Business, you know, may bring money, But friendship hardly ever does. sha733Super Senior MemberPosts:7332 28 Sep 2016 02:25 AM ඇයි කියෙව්වෙ නැද්ද හැංගුනේ නැහැ ගෙදර යන්න ගියා සඳුනිVeteran MemberPosts:2462 28 Sep 2016 02:23 AM Posted By DanuLiyanage on 28 Sep 2016 02:02 AM ඇත්තටම කො මු හැන්ගුනාද ඔ ශදී හැංගුනාලු අයියන්ඩී දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 28 Sep 2016 02:20 AM Posted By sha733 on 28 Sep 2016 01:49 AM වාව් දැන්නං පොඩ්ඩක් හිතට සැනසීමක් ආව. ගෑණූ දෙන්නෙක් නම්ම ගත්ත කියන්නේ අනිත් එක්කෙනා මොකක්ද. අම්ම ටිකක් අවුස්සන්නෙ නැතුව හිටියනං හරි ඔය වගේ චූටි මාමත් කැමති වෙයි දැන් නම් හරි යයි වගේ.. හී දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 28 Sep 2016 02:02 AM ඇත්තටම කො මු හැන්ගුනාද මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න sha733Super Senior MemberPosts:7332 28 Sep 2016 01:49 AM වාව් දැන්නං පොඩ්ඩක් හිතට සැනසීමක් ආව. ගෑණූ දෙන්නෙක් නම්ම ගත්ත කියන්නේ අනිත් එක්කෙනා මොකක්ද. අම්ම ටිකක් අවුස්සන්නෙ නැතුව හිටියනං හරි ඔය වගේ චූටි මාමත් කැමති වෙයි සඳුනිVeteran MemberPosts:2462 27 Sep 2016 09:57 PM .... කදුලත් සැනසුමක්... 34. වන කොටස. මං ගෙදර ආවේ හුගක් හිත් වේදනාවෙන් මං ආපු ගමන් දොල පැත්තට ගියේ ශානූ අයියට දුක කියන්න. මං ශානූ අයියා එක්ක කියලා ඇඩුවා . ශානු අයියා හුගක් දුක් වුනා. අනේ ශානූ අයියේ.. අඩන්න එපා මගෙ සුදු මැනික.. ඔයා බය වෙන්න එපා තව කල් තියෙනවා. ඒ උනාට. ඇයී ඔයා වගේ හොද කෙනෙක්ට එයාලා මෙහෙම කියන්නෙ. ඒකනී. මං චූටී මාමා එක්ක කතා කරන්නම්. එපා එපා. එයත් කැමති වෙන්නෙ නෑ . එයත් අම්මා කිව්ව දේ විශ්වාස කරනවා. ඔයා මුලින් ජොබ් එකක් හොයා ගන්න. හරි හරී මගෙ සුදු මැනික. ඔයාට මාව නැති වෙන්නෙ නෑ. කවුරු අකමැති වුනත් මං ඔයාව මගෙ කර ගන්නවා මයී. ඒත් අපිට පාඩුවෙ ඉන්න දෙන එකක් නැ ශානූ අයියේ . ඔයා දන්නෙ නෑ චූටී මාමාගෙ හැටි. ඔය බය වෙන්න එපා . දහ අට වෙනකන් ඉවසන්නකො . අපි මැරි කලාම කාටවත් මොකුත් කරන්න බෑ. ඊට කලින් ඔයාව බන්දන්නත් බෑනේ එයාලට. අනේ ශානූ අයියේ . මට ඔයාව ඕනී. හරි ළමයෝ . බය නොවී ඉන්න. අපි විභාගේ ඉවර වුනාම මේ සේරම අතෑරලා දාලා ඈතකට යමූ. ශානූ අයියටයි මටයී තේරුම් ගියා කවදාවත්ම අපේ ගෙදරින් කැමැත්ත ලැබෙන්නේ නෑ කියලා. ඒක නිසා හැමෝම අත් අරින්න අපි තීරනය කලා. මට අතාරින්න බැරි කෙනෙක් හිටියේ නෑ. ශානූ අයියගේ ආදරේ තරම් ආදරයක් මට කාගෙන්වත් දැනුනේ නෑ, අම්මාගෙන් වත්. චූටි කාලේ ඉදන් අම්මයි මමයි හුගක් ඈතයී. ඒක නිසාද කොහෙද අම්මගෙ ආදරේ දැනුනේ නෑ. මගෙ මුලූ ජීවිතය වුනේ ශානූ අයියා. ශානූ අයියත් අත් අරින්න බැරි දෙයක් තිබුනේ නෑ. මං හිතන් හිටියටත් වඩා ඒ ගෙදර තත්වයත් හුගක් වෙනස්. ශානූ අයියත් මං වගේමයි පොඩි කාලේ ඉදන්ම හැදිලා තිබුනේ මහ ගෙදර , ආච්චි අම්මයී සීයයී එක්ක. ශානූ අයියා ගෙදර අය කියන කිසිම දෙයක් අහන කෙනෙක් නෙමෙයී. හරිම මුරංඩුයී, ගෙදර අයව බය කරගෙන වගේ හිටියේ. ඒකට ශානූ අයියට හේතු හුගක් තිබුනා. ඒක ශානූ අයියගෙ වරද නෙමෙයී කියලා මං තේරුම් ගත්තා. ටිකක් කල් ක්ලාස් යනකොට මුදල් ප්‍රශ්න එන්න ගත්තා.මට හැම දේකටම ශානු අයියගෙන් සල්ලි ඉල්ලන්න බෑ. අම්මා එවන සල්ලී පංති ගාස්තු ගෙවන්නත් මදී වුනා. නෑදෑයෝ කවුරුත්ම මට සල්ලි වියදම් දුන්නෙත් නෑ. එයාලටත් නැද්ද, නැත්තම් මං ඉගෙන ගන්නවට අකමැතිද කියන්න මං දන්නෙ නෑ. සමහර මාස වල පංති ගාස්තු ගෙවා ගන්න බැරුව මන් සමහර විෂයන් වලට මාසෙම ක්ලාස් ගියේ නෑ. මං ශානූ අයියට කිව්වෙත් නැ, තවත් එයාට කරදර කරන්න බැරි නිසා. අම්මට සමහර මාස වල සල්ලි එවන්න බැරී වුනා. ක්ලාස් එකේ මට හුහක් හොද යාලුවෝ කීපදෙනෙක් හම්බවෙලා හිටියා. මගෙ කතාව ඇහුවම එයාලා හුගක් දුක් වුනා. එයාලා මට ප්‍රී කාඩ් හදලා දෙන්න උත්සහ කලා. ඒත් ඒකටත් අම්මා එන්න ඕනිනේ. සමහර දවස් වලට මගෙ යාලුවෝ මට සල්ලි දුන්නා. ඉස්කෝලෙ තත්වයත් හොද වුනේ නැ, සමහර විෂයන් උගන්වන්න හරියට ගුරුවරු හිටියේ නැ. ඉස්කෝලේ ගියත් බොරුවට දවස ගත් වුනා විතරයී. ක්ලාස් යන්න බැරී වෙන එක මට ලොකු පාඩුවක් වුනේ ඒකයී. ඒ මදිවට ඉකෝලේ යන්න හරියට වාහනය තිබුනෙ නෑ. ත්‍රීවීල් වල යන්න වුනේ. වියදමත් වැඩීනේ. උදේට ස්කෝලේ යන ළමයින්ට වෑන් එකල් තිබුනා. ඒකෙත් යන්නෙ" කොට්ට පොල් වගේ "දොරේ එල්ලිලා, නැත්තම් ඇතුලේ දෙකට නැමීගෙන. හුගක් දාට දොරේ එල්ලිලා වගේ ඉස්කෝලේ ගියේ. කදු පල්ලම් වැඩි පාරේ දොරේ යන එක හරිම බයානකයී. සමහර දාට යන්න වාහනයක් හම්බ වුනේ නෑ. පරක්කු වෙන නිසා ආපහු ගෙදර ආවා. හුගක් දවසට මම ඉස්කෝලේ ගියෙ නෑ. ඒක නිසාම මට ඉස්කෝලේ යාලුවෝ හිටියේ නෑ. මං ශානූ අයියට කෝල් කරන්න දොළ පැත්තට ගියා.ගිහින් කතා කරලා එනකොට ආච්චි අම්මා දොළ ළගම ඇවිත් බලාගෙන ඉන්නවා. එයාගේ මූන තිබුනේ හරිම නපුරු පාටක්. සුදු දූ මොකද්ද ඔයා ඔය කරන්නෙ. ඇයී සුදු අම්මේ. ඇයි ගාන්නෙ මොකද්ද ඔය හංග ගත්තෙ දෙනවා මෙහෙට. මොකද්ද? මේ ළමයෝ මට තවත් බොරු කියන්න එන්න එපා. දෙනවා මෙහාට හංග ගත්තු එක. තව දුරටත් ආච්චි අම්මට බොරු කියලා බේරෙන්න බැරී බව මට තේරුනා. මට පෝන් එක ආච්චි අම්මට දෙන්න වුනා. දැන් ඉතින් චූටී මාමට කියාවී. මං ඉවරයී. ඉන්නවා මං චූටී මාමට කියන්න. අනේ සුදු අම්මේ චූටී මාමාට නම් කියන්න එපා,මං ඔයා කියන ඕනී දෙයක් කරන්නම්. බෑ බෑ කියන්න ඕනී. අහුවුනොත් මං එපෑ වග කියන්න . අනේ අනේ... සුදු අම්මේ..... මං ශානූ අයියා ගැන හැමදේම ආච්චි අම්මා එක්ක කිවවා. එයා මං වෙනුවෙන් වියදම්කරන බවත් කිව්වා. එයා නැත්තම් මං ජීවත් වෙන්නෙත් නෑ කියලත් මං කිව්වා . හරී. ඔය ළමයට මාව හම්බෙන්න එන්න කියන්න පුලුවන්ද? පුලුවන්.. පුලුවන්.. සුදු අම්මේ. අද වුනත් පුලුවන්. ඒත් චූටි මාමට නම් අල්ලලා දෙන්න එපා . එහෙම කරනවද මං ..ආ..... කෝල් එකක් ගන්න. එන්න පුලුවන්න අහලා බලන්න. මං ශානූ අයියට කොල් එකක් අරන් ඔක්කොම විස්තරය කිව්වා. ශානූ අයියා හෙට වුනත් එන්න කැමති වුනා. පෝන් එක ආච්චි අම්මට දෙන්න කියලා. ආච්චි අම්මත් එක්කත් කතා කලා. හෙට ආච්චි හම්බෙන්න එන්න ශානූ අයියා පොරොන්දු වුනා. කතාවෙන් නම් කොල්ලා හොදයි වගේ හෙට බලමුකෝ. එහෙම කියමින් ආච්චි අම්මා මගෙ අතට පෝන් එක දුන්නා. හෙට බලන්නකො සුදු අම්මේ. හ්ම්ම්ම් බලමුකෝ. හෙට කෑම ටිකක් හදන්න වෙයී නේද? සුදු අම්මගෙ කැමැත්තක්. චූටි මාමා බනිවිනේ. එයාට කියන්න ඕනි නෑ . ඈත ඉන්න නෑදෑකෙනෙක්ගේ පුතෙක් ආවා කියමූ. ආච්චි අම්මයී මමයී හෙට උයන්න දේවත් තීරනය කලා. දිග නෑකමක් කිව්වා ශානූ අයියට කියන්න කියලා, මගදී චූටි මාමා හම්බුනොත් කියන්න කියලා. පහු වෙනිද උදේ නවය පහු වෙනකොට ශානු අයියා බයික් එකෙන් මුදුලටම ආවා. කලින් මෙහෙ ආපු බව හංගන්න ඕනී නිසා මග දිගට කෝල් දුන්නා, පාර අහන්න වගේ.ආච්චි අම්මා ශානූ අයියා දැක්ක ගමන් ලස්සන හිනාවක් මවාගෙන ඉස්සරහට ගියා. මම හැංගුනා. එන්න පුතේ ඇතුළට. සුදු දූ එන්න හැංගුනාද? මං එළිය ආවේ නෑ. සුදු දූ එන්න . දැන්ද හැංගෙන්නෙ. මං දොර රෙද්දට මුවා වෙලා බැලුවා . ශානූ අයියගෙ මූනේ තිබුනේ ආදරනීය හිනාවක් . ශදී නංගී සුදු අම්මෙ මං තේ හදන්නද? මට කට්ටිය ඉස්සරහා කතා කරන්න ලැජ්ජයී වගේ. ලොකු අම්මත් මං දිහා බල බලා හිනා වෙනවා. හා හා. තේ හදන්නකෝ. පුතා මෙයාගේ තේ බීලා තියෙද? ඔව් ආච්චි අම්මෙ. මෙයා ඉතින් දවසම ගෘහ විද්යාගරයෙනේ ඉන්නෙ ඉස්සර. අපිත් හොරෙන් ඇවිත් හොරෙන් තේ ඉල්ල ගන්නවා. මං ආච්චි අම්මට ,ශානූ අයියටයී කතා කරන්න ඉඩ දීලා කුස්සියට ගියා. මං තේ හදන්න කේතලය ලිපේ තියලා. ඉකෝලේදී අපි කරපු දේවල් සිහිපත් කරන්න වුනා. ඇත්තටම අද වෙන දේ හීනයක් වගේ ආච්චි අම්මා නම් ශානූ අයියට කැමතී වගේ. සුදු දූ තේ කෝ මේ එනවා සුදු අම්මේ.. මං තේ හදාගෙන. කෙසෙල් ගෙඩී බිස්කට්, කේක් තියපු ට්‍රේ එක අරගෙන සාලයට ආවා. ගන්න ශානූ අයියේ. කෝ ඔයාලා බොන්නෙ නැද්ද? ශානූ අයියා කේක් කෑල්ලක් ගන්න ගමන් ඇහුවා. පුතා බොන්නකෝ.. ඉක්මනට යන්නද ආවේ. කෑම ටිකක් කාලා යමු. සුදු දූ පාන්දර ඉදන් ඉව්වා. නෑ නැ හදිස්සි නෑ ආච්චි අම්මෙ. කතා බහ කරමින් කාලය ගෙවිලා ගියා. ශානූ අයියව ආච්චි අම්මගෙ හිතට නම් හොදටම වැදිලා තිබුනා. ආච්චි අම්මා කිව්වා කෑම ටික මේසෙට අරින්න කියලා. මම මේසය සකස් කරමින් හිටියා. ඒත් එක්කම ආච්චි අම්මගේ පෝන් එක රින්ග් වුනා. චූටී මාමට ආරංචි වෙලා අපේ ගෙදරට කවුරු හරී ඇවිත් කියලා. ආච්චි අම්මගෙන් ප්‍රශ්න කලා. ආච්චි අම්මා කලින් කියන්න හිටපු කතාවම චූටි මාමට කිව්වා. මං එනවා දැන් එනකන් ඉන්න කියන්න කියලා චූටී මාමා කියලා තිබුනා.මගෙ මුලු ඇගම රත්වෙලා ගියා. ඇගත් අප්‍රානික වෙලා වගේ. අනේ සුදු අම්මේ. චූටී මාමට සැක හිතලද? නෑ.. නෑ.. අවුලක් වෙන එකක් නෑ. පුතා කෑම කාමරයට ගිහින් කෑම කන්න. බය වෙන්න එපා. පුතා ගියොත් සැකේ වැඩි වෙනවනේ එනකන් ඉන්න. ආච්චි අම්මා නෑකම ගැන ආයෙත් ශානූ අයියට කියලා දුන්නා. ශානූ අයියා ඇත්තම කියන්නද ඇහුවා. ආච්චි අම්මා ඒකට කැමති වුනේ නෑ. ශානූ අයියා කාමරයට ගිහින් කෑම ගන්න සූදානම් වුනා. මං කෑම එකක් බෙදලා දුන්නා. ශානූ අයියා කෑම කාලා ඉවර වෙලා සාලයට ආවේ නෑ එතනටම වෙලා හිටියා. ලොකු අම්මයී, ආච්චි අම්මයිත් එතන කතා කරමින් හිටියා. ආච්චි අම්මෙ දැං නම් යන්න ඕනී චූටී මාමා නෑනේ තව. පුතා යන්න. ඒක මං බේර ගන්නම්. ආච්චි අම්මා චූටි මාමට කෝල් කරන්න කියලා එළියට ගියා. ශානූ අයියා ගෙදර යන්න කියලා නැගිට්ටා. මං කෑම කාමරෙන් එළියට එන්න හදද්දී ශානු අයියා මගෙ අතින් අල්ලලා ඇදලා ගත්තා. ඇයි මේ.. ඇයී අහන්නෙ. ශානූ අයියා මගෙ කම්බුලක් සිප ගත්තා. ආච්චි අම්මා එයි අනේ. ශානූ අයියා කම්බුල් දෙකයි ,නනයි සිප ගෙන මාවා තුරුලූ කර ගත්තා. අනේ දකී .කෝ යන්න දෙන්න. මම තුරුලෙන් මිදිලා එන්න උත්සහ කලා. තරහයී.. ඇයී.. කෝ මට. මං ශානූ අයියාගේ තුරුලට ගිහින් මූන සිප ගත්තා. දැං වත් යමුද? ශානූ අයියා ඇස් දෙක පියාගෙන . හා යමූ..අම්මේ කාලෙකට ඇති.. ඔයාට පිස්සු.. මම බොරු තරහක් අරන් කෑම කාමරෙන් එළියට පැන ගත්තා. ශානූ අයියා ආච්චි අම්මටයී, ලොකු අම්මටයී වැදලා ආශිර්වාද ගත්තා. හැමෝටම යන්නම් කියලා ශානූ අයියා පිට වෙලා ගියා. ඊට ටික වෙලාවකට පස්සෙ චූටී මාමා ආවා. ඇවිත් ගේ පුරා විමසිල්ලෙන් බැලුවා. කෝ අර ආව කොල්ලා.. ඊ ළග කොයසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 27 Sep 2016 08:36 AM ස්තුති නගෝ අලුත් කොටස් වලටත් DushanVeteran MemberPosts:2536 27 Sep 2016 06:05 AM ඔන්න අන්තිම කොටස් දෙකම කියෙව්වා මාත් ස්තුති දැන් ඉතින් ඊලග කොටස දානකන් ඉන්නේ සඳුනිVeteran MemberPosts:2462 27 Sep 2016 05:02 AM ..... කදුලත් සැනසුමක්..... 33. වන කොටස. මං කෑම එක බාගෙට කෑවේ. ඉතුරු ටික ඩක්ස්පින්ග් එකට දාලා අත හෝද ගත්තා. කෙලින්ම මිදුලේ තිබුන ගල් බංකුවට ගිහින් ඉද ගත්තා. මං මේ සිදුවීම ගැන තනියෙම කල්පනා කලා." අවුරුදු දාහතක ගෑනූ ළමෙක් වුන මං කොහොමද ශානූ අයියට මගෙ අම්මට ආයී බබෙක් ලැබෙන්නෙ කියන්නෙ" . මට මේක ශානූ අයියට කියන්න ඕනී වුනත්, කියන්න බැ කියලා හිත කිව්වා. සුදු දූ මොකද කරන්නෙ තනියෙන්... මොකුත් නැ අම්මේ.. ඒ වෙනකොටත් තෙත් වෙලා තිබුන ඇස් ඇගිලිවලින් පිස දමමින් අම්මා දිහා බැලුවා. අම්මා මං ළගට ඇවිත් ඉද ගත්තා. මං ඈත පරිසරය දිහා නෙත් යොමාගෙන හිටියා. සුදු දූ ඔයා දුකින්ද ඉන්නෙ. නෑ අම්මේ.. නා ගන්න ඕනී මහංසී... හා නා ගන්න එහෙනම්. තවත් එතන ඉන්න ගියොත් හිතෙ දුක එළි පනීයී කියලා මං එතනින් මාරූ වුනා. මං ඇදුම් ටික අස්සෙ පෝන් එක හංගගෙන නාන කාමරයට ගියා. ටැප් එක ඇරලා දාලා ශානූ අයියට කොල් එකක් ගත්තා. මං කතා කෙරුවෙ රහසින්. හෙලෙව් ශානූ අයියේ. සුදු මැනික . අද කොහෙද යනවා කිව්වා නේද? ඔව් ශානූ අයියේ. අපි ලොකු මාමලාගෙ ගෙදර. අම්මයි චූටී මල්ලියිත් ඇවිත්. ඉතින් හොදයිනේ. කෙල්ල අද සතුටින් ඇති. කාලෙකින්නෙ අම්මා දැක්කේ. අනේ මංදා.. ඇයි සුදු මැනික දුකින්.. මං කොහොමද අයියේ ඔයාට ඒක කියන්නේ. ඇයි. ඇයී. ඔයා කවදාවත් මට අයියේ කිව්වෙත් නෑ. ඔයා හුගක් දුකින්.. කියන්න සුදු මැනික.. මට තවත් ඉගෙන ගන්න වෙන්නෙ නෑ අයියේ. ඇයී අයියේ මටම මෙහෙම වෙන්නේ.. ඇයී සුදු මැනික .. අම්මා මොකද කිව්වේ.. ඒවා කියන්න බෑ ශානූ අයියියේ. මට ඉබෙටම ඇඩුනා මං ශානූ අයියා එක්ක දුක කිව්වේ බිත්තියට වාරූ වෙලා. මට කියන්න බැරි ඒවත් තියෙද.. අඩන්න එපා ඔයා දන්නවානේ ඔයාගෙ ඇස් දෙකේ කදුලු දකින්න මම ආස නෑ කියලා. එහෙම නෑ අයියේ අයියේ. මට ඉගෙන ගන්න වෙන්නෙ නැ. හේතුව කියන්න. අම්මාට ආයී බබෙක් හම්බෙන්න. මොනවා. ඉතින් හොදයිනේ ළමයෝ . සතුටු වෙන්න ඕනි වෙලේඇයි අඩන්නේ. එත් දැන් මට ඉගෙන ගන්න උදව් කරන්න අම්මටත් බෑ. මං කිව්වනේ මං ඉන්නවා ඔයාට උදව් කරන්න.. ඒත් ඔයා තාම ඉස්කෝලේ යනවා. ඔයා කොහොමද මට උදව් කරන්නෙ. ජොබ් එකක් කරන්නෙත් නැතුව.ශානූ අයියයී මායී ඒ ගැන හුගක් වෙලා කතා කලා. එයා නම් කිව්වෙ " මොකුත් හිතන්න එපා අලුත් සහෝදරයා ගැන සතුටු වෙන්න කියලා". ඉපදෙන්න ඉන්න නංගි හරී මල්ලි ගැන මට කිසිම තරහක් තිබුනේ නෑ. මට තිබුනේ මගෙ නොලැබිම ගැන දුකක්. සුදු දූ ලෙඩ වෙයි. කොයි වෙලේද ඇතුලට ගියේ. එනවා අම්මේ... නාලා ඉවරයී. ශානූ අයියා එක්ක කතා කරන්න ගියාම වෙලාව යනවා දැනුනේ නෑ. මං ඉක්මනට නාගෙන ඉළියට ආවා. රෑ ලොකු මාමයී ,අම්මයි මං ගැන කතා වෙනවා මට ඇහුනා. අයියේ. කෙල්ලට උගන් වන්නෙ කොහොමද දැන්. ඒක නේන්නම්. මොකද බං ලොකු නංගියෙක්, තව ළමෙක් හදන්න හිතුවේ. හිතුවෙ නෑ අයියේ. අහම්බෙන් වුනේ. මාස හතරක් යනකන් අහු වුනෙත් නෑ. බඩට ආපු එකා මරන්න බෑනේ පන දෙනවා මිසක්. ඒකනේ ලොකු නංගි . ඉස්සරහට මොකද වෙන්න බලමුකෝ. මටත් පොරොන්දු වෙලා උදව්වක් කරන්න නම් බෑ. සේන ගෙදරට සල්ලි දෙන්නෙත් නෑ. අපේ කෙල්ලත් කොල්ලෙක් ලැහැත්ති කර ගත්තනේ , සේරටම කලින්. නැත්තම් අගේට ඉගෙන ගන්නවා. " ඉගෙන ගන්න ඕනී නෑ, මට මේ ජීවිතේ හොදයී, සේනයගේ උදව් මට එපා" මං හිතින් මිමුනුවා.හැමෝම මට හොරෙන් මං ගැන කතා වුනා. අලුත් දරුවා නිසා මට හැමදේම නැති වෙනවා කියලා එයාලා කතා වුනේ. අන්තිමට ඒ වේදනා බර කතාව මට පුරුදු දෙයක් වුනා. මගෙ නූපන් සහොදයට ආදරය කරන්න ගත්තා. අම්මා අපිත් එක්කම ගමේ මහ ගෙදරත් ආවා. මං අම්මා එක්ක චූටි බබා ගැන කතා නොකෙරුවට මං එයා ගැන දන්න බව අම්මා දැනගෙන හිටියා. මම මගෙ අතින් උයලා අම්මට කන්න දුන්නා. උයන්න පුරුදු වුනේ මං හුගක් පොඩි වයසෙ ඉදන් ඒක නිසා මට රසට උයන්න පුලුවන් කියලා හැමෝම කිව්වා. මගෙ සීයා තාමා හුගක්ම ආස වුනේ මගේ අතින් උයන කෑම කන්න. සීයා හීන මවමින් හිටියේ වීභාගෙ ඉවර වෙනකන් මාව ගෙදර එක්ක එන්න. මාත් හීන මවමින් හිටියේ මගෙ අතිං මගෙ සීයට උයලා කවන්න. ඒ හැමදේම දැන් ඉවරයී. අපී සේරම අවුරුද්දට චූටී මාමලාගෙ ගෙදර ගියා. චූටී මාමාට නම් ටිකක් කේන්ති ගියා අලුත් ළමය ගැන අහෙද්දි. අම්මා මට හොරෙන් චූටී මාමට කිව්වේ "කෙල්ල අර හුටපාටේ නවත්තලා නැතුව ඇති මල්ලි, කෙල්ල හොරෙන් ඒකම කරනවා ඇතී , ඒ මිනිස්සු හුගක් දුප්පත් මල්ලියෙ " කියලා. කොහොමින් කොහොම හරී මගෙ හැම දේම නැති කරන්නයී හැමෝටම ඕනී වුනේ. පහුවදා අම්මා යන්න ලැහැත්ති වුනා. මං අම්මගෙ දෙපානැමදලා සමු දුන්නා. සුදු දූ.. පරිස්සමින් ඉන්න. මං දන්නවා ඔයා දුක් වෙන බව අලුත් බබා නිසා ඔයාට ඉගෙන ගන්න වෙන්නෙ නෑ කියලා. එහෙම නෑ අම්මේ.. එහෙම වෙන්න දෙන්නෙ නෑ. මං. අම්මා වාව එයාගේ පපුවට තුරුලූ කරන් ඇඩුවා. මං හිතුවේනෑ අම්මා මං ගැන මෙහෙම හිතනවා ඇතී කියයලා. මට හුගක් දුක හිතුනා .මං අම්මවා සනසන්න උත්සහා කලා. මට තව ඉගෙන ගන්න ඕනී නෑ අම්මේ. ඔයා ඒ ගැන හිතන්න එපා. ඔයා ඉන්නකෝ සුදු දූ.. මං ඒ වෙනුන් මොනවා හරී කරන්නම්. මංකොහොම හරී ඔයාට උගනවනවා. අම්මා වේදනාවෙන් පිට වෙලා ගියා. මාන් අම්මයී චූටී මල්ලී නොපෙනී යනකන් බලාගෙන හිටියා. මං ඉස්කෝලේ යාමේ බලාපොර්ත්තුව නැති කර ගන්න මම හිතින් හුගක් උත්සහ කලා. ඒත් ටීවී එකේ අලුත් ක්ලාස් ගැන වෙළද දැන්වීම් දානකොට මගෙ දුක අායී අලුත් වුනා. කාලය හිත් වේදනා මැදින් ගෙවිලා ගියා. අම්මා දවසක් කෝල් කරලා මට ටවුන් එකට එන්න කිව්වා . ළග ටවුන් එකට නෙමෙයී, ළග ටවුන් එක පොඩී ටවුන් එකක්, අම්මා කිව්ව ටව්න් එකට යන්න බස් දෙකක යන්න වුනා. මේ වෙනකන් ඒ ටවුන් එකට මං තනියෙන් ගිහින් තිබුනේ නැ. චූටී මාමටත් කියලා අම්ම කිව්ව දවසේ මම ඒ ටවුන් එකට ගියා . අම්මා මටත් කලින් ඇවිත් බස් නැවතුමේ බලාගෙන හිටියා. අම්මා මට එන්න කියලා තිබුනේ. උසස් පෙළ අලුත් පංති ගැන කරන සම්මත්රනයකට යන්න. අම්මයි මායී ලොකු හෝල් එකට ඇතුල් වුනා. අම්මලයි ළමයිනුයී හුගක් පිරිලා හිටියා. ඒකට ආපු හැම සර්ම ටීචර්ම කිව්වෙ ළමයින්ට ළමයී කැමතී දේ ඉගෙන ගන්න ඉඩ දෙන්න කියලා. මාත් ආස කොමස් කරන්න. වියදම් දරන්න බෑ කියලා අම්මා මට ආර්ට් කරන්න කිව්වා. හිත හදා ගත්තත් මං පොඩ්ඩක් වත් ආස වුනේ නෑ. සම්මත්රනය අවසානයේ පෝම් එකක් බෙදලා දුන්නා. තෝර ගන්න විෂන්, සහබාගී වෙන ක්ලාස් ගැන විස්තර පුරවන්න. මං කොළය පුරවන්නේ නැතුව කල්පනා කරන්න වුනා. කොමස් කරන්න එහෙනම්, පුරවන්න කොළේ. අම්මා මාව තේරුම් අරන් එහෙම කිව්වා. මගෙ හිත සතුටින් පිරිලා ගියා. පුලුවන් වෙයී නේද අම්මේ. උත්සහා කලොත් පුලුවන්. අපි කොහොම හරී කරමූ. අවසානයේදී මගෙ හීන ඵල දරන්න පටන් ගත්තා. අම්මා මොන්ටි සෝරී යන නිසා මට පංති ගාස්තු එව්වා, ඒත් බස් වියදම් පොත් පත් ගන්න වියදම් කලේ ශානූ අයියා. මට එයාගෙන් සල්ලි ගන්න හිත් නොදුන්නත් මට වෙන කරන්න දෙයක් තිබුනේ නැ. ශානූ අයියගේ මාමා රබර් වත්තක වැඩ කලේ. අවිවාහක මාමා කෙනෙක් වුන එයා , ශානූ අයිය වෙනුවෙන් සේරම වියදමක් දැරුවා. අයියා මම ගැන මාමාට කියලා තිබුනා. දැන් ඒ මාමා තමයී මටත් වියදම් කරන්නෙ. ඒත් කවුරුත්ම ඇහුවේ නෑ මට සල්ලි ලැබෙන්නෙ කොහෙන්ද කියලා. අම්ම හිතුවේ චූටී මාමා දෙනවා කියලා, චූටී මාමා හිතුවේ අම්මා දෙනවා කියලා. උසස් පෙළ පාංතියට ඇතුල් වෙන්න ඉස්කෝල වලට ඉල්ලුම් පත්‍ර දාන්න සිද්ධ වුනා . මං ඉල්ලුම් පත්‍ර දැම්මෙ ලගම තිබුන ඉස්කෝලෙට විතරයී. අන්තිමට මට ඒ ඉස්කෝලෙට ඇතුල් වෙන්න අවස්ථාව උදා වුනා. හිටපු ඉස්කෝලෙන් අස්වීම ගන්න ගියාමා ටීචර්ලා මට හුගක් දොස් කිව්වා. "මගෙ නරක හැසිරීම් නිසා හොද ඉස්කෝලය අත් ඇරලා ගමේ ඉස්කෝලෙකට යන්න වුනා" කියලා. ඒත් ඒ ගැන මට දුකක් තිබුනේ නැහැ. මට හැමදේටම වඩා වැදගත් වුනේ සේන බාප්පා නැති තැනක ජීවත් වෙන එක. අලුත් ඉස්කෝලෙනුත් ඇහුවේ "මෙච්චර හොද හොද ඉස්කෝලයක් දාලා ගමට ආවේ ඇයී" කියලා. අවසානයේ මං ඉස්කෝලේ යන්න පටන් ගත්තා. ශානූ අයියා මාව දකින්න ක්ලාස් එක ළගට ආවා. ඒ ටවුන් එක ඈත් නිසා ද කොහෙද චූටී මාමට ආරංචි වුනේ නැ. දැන් මට කලින්ට වඩා නිදහස තිබුනා. ඒත් අම්මයී ,චුටී මාමයී තවමත් ශානූ අයියගෙයි මගෙයි සම්බන්දයට කැමති වුනේ නැ. නිතරම චූටි මාමා ඇවිත් මට අවවාද කරලා , නියෝග පනවලා ගියා. ශානූ අයියා උසස් පෙල විභාගය ලියන්න පටන් ගත්තා. ශානූ අයියගෙන් මං ලේසීද ඇහුමම එයා කිව්වෙ. අනේ මංදා කියලා විතරයී. ******************************* අගෝස්තු නිවාඩුවට අම්මායී, චූටී මල්ලී ගමේ මහ ගෙදර ආවා. මං ඉගෙනීම් කටයුතු හොදින් කරන් යනවා දැකලා අම්මා සතුටු වුනා. අම්මගෙ උදරය දැන් ඉදරයට නෙරා ඇවිත්. මට අලුත් බබා එනකන් ඉවසීමක් නැති වුනා. මං එයා වෙනුවෙන් තොප්පි ඇදුම් හැමදේම ගෙතුවා. ලස්සන චූටී ගවුම්වලට මල් මහලා හැඩ කලා. මං අම්මාගෙන් ඇහුවෙ නංගියෙක්ද්ද මල්ලියෙක්ද්ද ලැබෙන්නෙ කියලා. අම්මා කිව්වේ කවුද කියලා බැලුවෙ නෑ කියලා .සේන බාප්පා දුවෙක් වෙනවා නම් කැමතී කියලා. ඒ කතාවට නම් මට කේන්තී ගියා. මං සේරම බඩු සේරම සූදානම් කලේ මල්ලියෙකුට. මං හැම වෙලේම ප්‍රාර්ථනා කලා මල්ලි කෙනෙක් ඉපදෙන්න කියලා. මගෙ හිත විශ්වාස කලා මල්ලියෙක් ඉපදෙන්නෙ කියලා. මට සේන බාප්පව පොඩ්ඩක් වත් විශ්වාස නෑ, තමන්ගෙ දරුවා කියලා නැ මහ ජරා මිනිහෙක්. අන්න ඒ හේතුව නිසයී මං දෙවියන්ගෙන් මල්ලියෙක් ඉල්ලන්නෙ. මං විදපු දුක තව කෙනෙක් විදිනවට මං පොඩ්ඩක් වත් කැමති වුනේ නෑ. මගේම සහෝදරියට එහෙම වෙනවට මං කොහොමත් කැමතී වුනේ නෑ. අම්මා ගෙදර යන ගමන් චූටී මාමලාගේ ගෙදර ගියා. අපිත් අම්මා එක්ක එහෙ ගියා. හැමෝම ආගිය තොරතුරු කතා කලේ හුගක් සතුටින්. අම්මා චූටි මාම එක්ක මට හොරෙන් දෙයක් කියන්නන උත්සහා කලා. මන් කොහොම හරී එයාලා කියන දේ අහගෙන හිටියා. මල්ලියේ. දැන් අපේ කෙල්ල පංති යනවනේ අර කොල්ලත් එනවා ඇතී. සද්ද නැතුව ඉන්නෙ කොහොම හරී දෙන්නා හම්බවෙනවා ඇතී. ඒක මං බලා ගන්නම්කෝ. විභාගේ ලිව්ව ගමන් කසාද බන්දලා දෙමු . නැත්තම් නම් ඔය කොල්ලගෙන් ගලව ගන්න ලැබෙන්නෙ නෑ. ඌ කාන්දම් වගේ . හරි පොඩි අක්කෙ මං කොල්ලෙක් හොයන්නම්. ඒක හොදයී. මේ කොල්ලා හුගක් දුප්පත් ඒකයී සේනත් අකමැති වුනේ. හා හා.. මං ඒවා බලා ගන්නම්කෝ. මට ආපූ දුක නම් කියලා වැඩක් නෑ. මං වෙනුවෙන් වියදම් කරන ,මන් වෙනුවෙන් මේ තරම් දේවල් කරන කෙනා, මෙයාලට හිගන්නෙක් වගේ පෙන්නේ. ශානූ අයියා අපි තරම් නම් දුප්පත් නෑ මගෙ හිත රිදුම් දුන්නා. ඊ ළග කොටසින් හමු වෙමු දිනයක වැටහේවී........... kingDVeteran MemberPosts:3309 27 Sep 2016 03:56 AM කෝ කතාව... අද එක කොටසයි ද Business, you know, may bring money, But friendship hardly ever does. සඳුනිVeteran MemberPosts:2462 27 Sep 2016 01:36 AM Posted By kingD on 26 Sep 2016 11:01 PM අනේ පව් සුදු මැණිකේ ... A /L කරන්න බැරි වෙයිද ? අනේ මන්දා... දිනයක වැටහේවී........... kingDVeteran MemberPosts:3309 26 Sep 2016 11:01 PM අනේ පව් සුදු මැණිකේ ... A /L කරන්න බැරි වෙයිද ? Business, you know, may bring money, But friendship hardly ever does. සඳුනිVeteran MemberPosts:2462 26 Sep 2016 03:47 PM ..... කදුලත් සැනසුමක්..... 32. වන කොටස. මම පාත්තිය ළග තිබුන ගලක වාඩී වෙලා ශානූ අයියා දුන්න කවරය පරිස්සමින් දිගහැරියා. මදූ මල්ලි වට පිටාව ගැන විමසිල්ලෙන් හිටියා. ශානූ අයියා හැම වර්ගයෙම සිම් කාඩ් පත් ඒ කවරයට දාලා තිබුනා. " පව් දෙවියනේ හැම ජාතියෙන්ම සිම්.." මගෙ හිත කෑගහලා කිව්වා. මම සිම් කාඩ් පත් එකින් එක දාලා බැලුවා. අපෙ ගම හුගක් පිටිසරයී. බස් එකක් පාරේ යන්නෙ කලාතුරකින් ත්‍රීවීල් වලින් තමා මිනිස්සු සේරම ගමන් ගියේ. තාක්ෂනය කියන එක නම් මේ පැත්තට බිංදුවයී. ගමේ හෑන් පෝන් එකක් තිබුනෙත් කලාතුරකින් ගෙදරක තමයී. එක ම එක සිම් එකකටවත් සිග්නල් තිබුනේ නැහැ. ආච්චි අම්මාගෙ වර්ගයේ සිම් එකට විතරයී සිග්නල් තිබුනේ. මම මදූ මල්ලිට පොඩ්ඩක් බලන්න කියලා දොල පාර පැත්තට ගියේ ශානූ අයියට කතා කරලා බලන්න. හෙලෝව්... හෙලෝව්... ශානු අයියේ. ඔයා කොහෙද? අපි තවම යන ගමං සුදු මැනික. මේ සිම් එකට විතරයී සිග්නල් තිබුනේ අනේ. අපරාදේ ඔයා හුගක් සිම් ගෙනත්නේ. කමක් නෑ දැං එකක් හරි වැඩනේ. අලුතින් සේරම ගත්තේ. කාගෙවත් සිම් ඔයාට දෙන්න බෑනේ. මාත් ඔය ජාතියෙ සිම් එක දාගෙන මිස් එකක් එවන්නම් .ගෙදර ගිහින්. හා ශානු අයියේ. ඔයා පව්.. ඇයී පව් .ඔයානේ පව්. මං නිසා නේ ඔයාට මේ සේරම කරදර. ඔයා වෙනුවෙන් කරදර නොවී කොහොමද? හ්ම්ම්ම්ම්ම්ම්. මේ. මට ඔයාව තුරුලූ කර ගන්න හිතුනා...... ආ ඇත්තද වෙන මොකුත් හිතුන් නෑද දන් නෑ. හිතුනා හිතුනා. මොනවද... ශානූ අයියේ.... මං ඒක කිව්වේ පොඩි කේන්තියක් අරගෙන. උම්මා එකක් දෙන්න හිතුනා.. තව හුගක් කල් යාවී එහෙනම්.. ඔව් නේද. කමක් නෑ ඒකට. පරිස්සමින් ඉන්න පෝන් එක පරිස්සම් කර ගන්න හොදද. හරී ශානූ අයියේ. මං තියන්නම් දැං. සුදු අම්මා අපිව හොයනවා ඇතී. හරී සුදු මැනික . පරිස්සමින්. බුදු සරණයී!. ඔයාට හුගාක් ආදරෙයී. උම්ම්ම්ම්මා. මේ..මේ ලොකු අම්මා නේද පාර කිව්වෙ. මං මතක් කරා කියන්න. හරී.... බුදු සරණයි පරිස්සමින්.. ශානූ අයියටයි මටයී නිතර කතා කරන්න ලැබුනා. අවස්ථාවක් ආපි ගමන් මං දොළ පැත්තට දුවන් ගියා. මං දොළට යන්න හුගක් ආස නිසා ආච්චී අම්මාට කිසිම සැකයක් දැනුනේ නෑ.දොළට තිබුනට ,කාමරයට සිග්නල් තිබුනේ නැහෑ. කොහොම හරී ඇදේ එක තැනක පෝන් එක පැත්තට හරවලා තිබ්බහම එක සිග්නල් කනුවක් ආවා. රෑට පොරවනය ඔලුවේ ඉදන් පොරවගෙන මැසේජ් ගහන්න මං පුරුදු වුනා. මං රෑට කරුවලේ නිදියන්නෙ නැහැ, පොඩි ලයිට් එකක් හරි දාගෙන නිදා ගන්න නිසා පොන් එකේ එළිය කාටවත් පෙනුනේ නෑ. මුල් දවස් ටිකේ ආච්චි අම්මාට ලොකු ප්‍රශ්නයක් වුනා රෙද්ද ඔලුවේ ඉදන් පොරවන එක. ටික දවසකින් ඒක ආච්චි අම්මට පුරුදු දෙයක් වුනා. කාලය හිතේ සැහැල්ලුවෙන් ගෙවිලා ගියා. ලොකු අම්මගෙයී ,මදූ මල්ලිගෙයී උදව් නිසා ශානූ අයියයී මායි දෙන්නම සන්තෝෂෙන් හිටියා. දකින්න නොලැබුනත් සේන බාප්පා නැති තැනක මං ඉන්න එක ශානූ අයියට ලොකු සැනසීමක් වුනා. චූටී මාමා එක්ක ඇවිත් කතා කරන්නද කියලා ශානු අයියා නිතර මගෙන් ඇහුවා. චූටී මාමා කිව්වනේ ඉගෙන ගන්න අරින්න කියලා, මේ තියෙන නිදහසත් නැති වෙයි කියන බයට මං එපා කිව්වා. ************************************* රෑ කරුවලත් ,මීදුමත් පරිසරය වසාගෙන තිබුනා. ලොකු අම්මයී, ආච්චි අම්මයී මමයී ටීවී බලමින් හිටියා. අම්මේ පෝන් එක රින්ග් වෙනවා . ලොකු අම්මා අම්මට කිව්වෙ ඇහුම්කන් දෙමින්. ආච්චි අම්මා කාමරයට ගිහින් පෝන් එක අරන් ආවා. ආ සුදු දූ අම්මා.... ඔයාට කතා කරන්න ඕනිලූ. ආච්චි අම්මා මට පෝන් එක දුන්නා. හෙලෝව් අම්මෙ ඇයී. ආරංචි නැද්ද රිසාල්ට් පිට වෙලාලූ. මගෙ හිතට ආපූ සතුටට මම කෑ ගැහුවා. අම්මේ .. මගෙ රිසාල්ට් බැලුවද? කොහොමද රිසාල්ට් කියන්නකෝ. මගෙ ළග විභාග අංකය නෑ. මතක නම් කියන්න. මං දැන් නැන්දලාගේ ගෙදරින් බලන්නම් .. මං විභාග අංකය කියාගෙන ගියා. අම්මා ආයේ කෝල් එකක් ගන්නෙ කොයි වෙලේද කියලා මම නොඉවසිල්ලෙන් පසු වුනා. පැය කාලකින් විතර පස්සෙ කෝල් එකක් ආවා. ඒ පාර පෝන් ආන්සර් කළේ මම. අම්මා විෂයනුත් එක්ක සම්මාන ටික කියාගෙන ගියා. ඉහලින්ම සමත් නොවුනත් හොද සමාර්ථයක් මම ලබලා තිබුනා. ඉස්කෝලේ ටීචර්ලා ,සර්ලා නම් මගෙන් ඒ සාමාර්ත ගොඩක් බලා පොරොත්තුවෙන් හිටියේ පංතියේ දක්ෂ ළමෙක් නිසා. අන්තිම දවස් වල ගෙදර තත්වයත් එක්කද කොහෙද, මගෙ ලකුනූ අඩු වෙලා තිබුනා. මගෙ ආසම විෂය වුනේ ව්‍යාපාර හා ගිණුම්කරනය. ඒ විෂයට ඒ සාමාර්තයක් තිබුනා. ඒක මට ලොකු සන්තෝෂයක් . මට උසස් පෙළ කරන්න ලැබෙයිද නොලැබෙයිද කියන්න දන්නෙ නැහැ. ඒත් උසස් පෙළ විභාගයට කොමස් විෂයන් ඉගෙන ගන්න එක තමා ලොකුම ආශාව වුනේ. ප්‍රතිඵල ආපූ එකේ සතුටත් එක්කම දුකක් ,බයක් ඇති කලේ, " මට තව දුරටත් ඉගෙන ගන්න කවුරු උදව් කරයිද " කියලා. මං මගේ ප්‍රතිඵල හැමෝටම කිව්වේ හරිම සතුටින්. ශානූ අයියත් හුගක් සතුටු වුනා, "කවුරු නැතත් උසස් පෙළ කරන්න මං උදව් කරන්නම්" කිව්වා. චූටී මාමාත් හුගක් සතුටු වුනා. "දැන් උසස් පෙළ කරන්න අම්මා සල්ලී දේවිද" කියලයී චූටී මාමාත් ඇහුවේ. මම ගමට ඇවිත් ගෙවුන ටික කාලෙට අම්මට මං වෙනුවෙන් කිසිම වියදමක් දරන්න පුලුවන් වුනේ නෑ. මම එහෙන් ආපූ දා ඉදන් සේන බාප්පා වෙනදටත් වඩා මතට ඇබ්බැහී වෙලා තිබුනා. හම්බකරන සල්ලි සත පහක් වත් ගෙදරට දෙන්නෙත් නැතිලූ, මං වෙනුවෙන් වියදම් කරයී කියලා. ඒක නිසාම අම්මා පෙර පාසලක උගන්වන්න යන්න තීරණය කරලා තිබුනා. ආච්චි අම්මලාගේ ගෙදරත් රැකියාවක් කරන කෙනෙක් හිටියේ නෑ. ලොකු මාමා, අම්මගෙ ලොකු අයියා එවන මුදලින් තමා මහ ගෙදර වියදම් දරා ගත්තේ. චූටී මාමට වුනත් ස්ථිර ආදායමක් තිබුනේ නෑ. චූටී මාමාගේ බිරිද ගාර්මෙන් පැට්රියක රැකියාව කරලා උපය ගත්ත මුදලින් ගෙදර වියදම් දරා ගත්තේ.. මේ සියලුම හේතුත් එක්ක බැලුවම මට උසස් පෙළ කරන්න වියදම් කරන්න පුලුවන් කෙනෙක් නැහැ. මං දුකෙන් වුනත් හිත හදා ගත්තා. දවාලක් රැයක් නැතුව අහිමි වෙන්න යන ඉස්කෝලේ ගමන ගැන හිත් වේදනා වින්දා. වෙලාවකට කල්පනා කරමින් ඇඩුවා. ආච්චී අම්මා නම් කිව්වේ." අඩන් නැතුව ඉන්න සුදු දූ ,කල්පනා කරන්න එපා සේරම ප්‍රශ්න හොදින් විසදෙයි" කියලා. සීයා හිටියා නම් මේ කිසි දුකක් නැති බව මට නිතරම මතක් වුනා. ************************************** සිංහල දෙමළ අලුත් අවුරුද්දත් උදා වුනා. සීයා නැතිවලා අවුරුද්දක් වත් නැති නිසා අපි අවුරුදු සැමරුවේ නැහැ. අවුරුදු දවසට පස්සේ දවසේ අපි ලොකු මාමලාගේ ගෙදර ගියා. අහම්බෙන් වගේ අම්මයී, චූටී මල්ලීත් ලොකු මාමලාගේ ගෙදර ඇවිත් තිබුනා. ඒ දෙන්නා දැක්කම මට කියාගන්න බැරි සතුටක් ආවේ. ගමට ආවයින් පස්සෙ මං එයාලා දකින්නෙම අද නිසා. සුදු දූ. ඔයාලා එනවා කිව්ව නිසා අපිත් ආවා ඕන්. අම්මේ. ඔයාලා හොදින් නේද. ඔව් ඔව්.. ඔයා හොදින්ද? අපි ආගිය තොරතුරු කතා කලා. ඒත් මං ආයි ස්කෝලෙ යනවද නැද්ද කියන එක කවුරුත්ම කතා කලේ නැහැ. හැමෝම දවල් කෑම වේල ගන්න සූදානම් වුනා. මමයී, චූටී මල්ලී කැම බෙදාගෙන ටීවී එක ඉස්සරහා වාඩී වුනා. අනිත් අය කෑම මේසෙම ඉදගෙන කෑම ගත්තා. ලොකු නංගී . මොකද මේ. තව කෑම බෙදෙන් කන්නකෝ. අනේ කන්න බෑ අයියේ. ඇයී... අසනීපයක්ද්ද? නෑ නෑ... මට ආයී කන්න බැරී වෙලා. අම්මගෙයී ලොකු මාමගෙයී කතාව මට අහම්බෙන් ඇහුනා. එයාලගේ කතා බහ දිගටම අහන් ඉද්දී මට තේරුම් ගියා, අම්මාට ආයෙත් දරුවෙක් ලැබෙන්න කියලා. " දැන් ඉතිං මට කොහොමත් තව ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ." මගෙ හිත පෙරලී කළා. මට සතුටූ වෙන්නද, දුක් වෙන්නද ඕනේ කියලා හිතා ගන්න බෑ. ඒත් දැන් කෑ ගහලා අඩන්නයී මට ඕනේ. ඊ ළග කොටසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 26 Sep 2016 12:58 PM Posted By සඳුනි on 26 Sep 2016 04:24 AM Posted By Dushan on 26 Sep 2016 04:08 AM 31 වන කොටස දැනුයි මං දැක්කේ මේ දැන් තමයි කියෙව්වේ ලොකු අම්මා හොදයි වගේනේ බලන් ගියාම ස්තුති ඉක්මනටම අනිත් කොටසත් දාමු එහෙනම් ඔයාට හදිස්සි වුනාට අනිත් අය වැඩනේ............ හී හපොයී හරි එහෙනම් දැන් දාන්න බලන්න සඳුනිVeteran MemberPosts:2462 26 Sep 2016 08:25 AM Posted By kingD on 26 Sep 2016 04:41 AM ලොකු අම්ම උදව් කරන්න ඇවිත් වැඩේ දෙයිද දන්නෙ නෑ ලස්සනට... හෙ හේ ....... ඒක නම් මටත් සුවර් නෑ රජෝ........... දිනයක වැටහේවී........... kingDVeteran MemberPosts:3309 26 Sep 2016 04:41 AM ලොකු අම්ම උදව් කරන්න ඇවිත් වැඩේ දෙයිද දන්නෙ නෑ ලස්සනට... හෙ හේ ....... Business, you know, may bring money, But friendship hardly ever does. සඳුනිVeteran MemberPosts:2462 26 Sep 2016 04:24 AM Posted By Dushan on 26 Sep 2016 04:08 AM 31 වන කොටස දැනුයි මං දැක්කේ මේ දැන් තමයි කියෙව්වේ ලොකු අම්මා හොදයි වගේනේ බලන් ගියාම ස්තුති ඉක්මනටම අනිත් කොටසත් දාමු එහෙනම් ඔයාට හදිස්සි වුනාට අනිත් අය වැඩනේ............ හී හපොයී දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 26 Sep 2016 04:08 AM 31 වන කොටස දැනුයි මං දැක්කේ මේ දැන් තමයි කියෙව්වේ ලොකු අම්මා හොදයි වගේනේ බලන් ගියාම ස්තුති ඉක්මනටම අනිත් කොටසත් දාමු එහෙනම් sha733Super Senior MemberPosts:7332 26 Sep 2016 04:04 AM හම් මටනං සැකයි ලොකු අම්මගෙ හැසිරීම. මටනං හිතෙන්නේ ශානුට මොකක් හරි කරදරයක් වෙයි කියල මගදි DushanVeteran MemberPosts:2536 26 Sep 2016 03:56 AM අපොයි අපොයි මට පේන්නේ දැන් සේන බාප්පා වගේම චූටි මාමත් වෙයිද මන්දා phone එක මාට්ටු උන නිසා ලොකු අම්මට ඉක්මනට දාන්නකෝ බලන්න එහෙනම් ඊලග කොටසත් ස්තුති මේ කොටස් ටිකටත් සඳුනිVeteran MemberPosts:2462 26 Sep 2016 03:56 AM Posted By sha733 on 26 Sep 2016 03:41 AM අනේ ඇත්තට මේ කෙල්ලට හැදිල තියෙන පිස්සුව. අර ශානු කොල්ලට පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැනේ ගමේ ගිහින් ඔය හේන කොටාගෙන හිටියනං මොකද වෙන්නෙ ලොකු අම්මට නෙවෙයි ඕක අහුවෙන්න තිබුණේ. චූටි මාමාට එහෙනං අබ සරණයි හපොයි ශා අයියා.... ශාදී පවු නැද්ද? හේනකුත් කොටන්නේ ඔය..... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 26 Sep 2016 03:53 AM ... කදුලත් සැනසුමක්..... 31. වන කොටස. "දෙවියනේ පෝන් එක ලොකු අම්මා ඇහිද ගත්තා, දැන් මොනවායින් මොනවා වේවිද දන්නෙ නෑ, චූටි මාමාටත් කියයී මට කොහෙවත්ම යන්න දෙන එකකුත් නෑ.". මං කල්පනා කරමින් ජනෙල් කවුලුවේ වීදුරුවට ඔලුව තියාගෙන් හිටියා. බස් රථය අවසන් නැවතුම්පලේ නතර කලා, අපි සියල්ලන්ම බැස ගත්තා. ඊ ළග බස් එකේ වැඩිය සෙනග හිටියේ නෑ. මං බයටම ලොකු අම්මට වැඩිය මූහුන දුන්නෙ නෑ. මං බස් එකට නැගලා කවුලුවක් අසලින් ඉද ගත්තා. ලොකු අම්මාත් බලෙන්ම වගෙ මං ලගින් ඉද ගත්තා. දෙන්නම ටික දුරක් නිහඩවම ගියා. සුදු දූ... හ්ම්ම්ම්ම් ... ඔයා බය වෙලාද ඉන්නේ. මං පුදුමයෙන් ලොකු අම්මා දිහා බැලුවා. බය වෙන්න එපා මං කාටවත්ම කියන්නෙ නෑ ආ.... ලොකු අම්මා මට පෝන් එක දුන්නා. ලොකු අම්මේ. ... ඔය ඇත්තමද. ඔව් ඔව් . සුදු දූ. චාජරය මං ලග ඕනී වුනාම කියන්න. ඕක හුගක් පරිස්සමින් තියා ගන්න වෙයී. අහු වුනොත් නම් චූටි මාමාගෙන් බේරුමක් වෙන එකක් නෑ. අනේ ඔව් ලොකු අම්මේ... මට ලොකු අම්මව බදාගෙන් මිරිකන්නට තරම් ආදරේ හිතුනා. මං සියල්ලන්ටම හොරෙන් චූටි පුංචිලාගෙ ගෙදරදි ශානු අයියා එක්ක කතා කලා මැසේජ් කලා. පුංචිලාට තරමක් හොද ආදායම් තත්වයක් තිබුනා. පුංචි වුනත් අංග සම්පූර්න ලස්සන ගෙයක් එයාලට තිබුනා. මම නාන්න පුංචිලාගේ නාන කාමරයට ගියාම වරුවකට එලියට ආවේ නෑ. ටැප් එක ඇරගෙන රහසින් වගේ ශානූ අයියා එක්ක කතා කලා. මං හිටියේ හුගක් සතුටින්. ශානු අයියා දැන් මං ළගමයී වගේ. කොහොම හරි සියල්ලන්ගෙන්ම පෝන් එක සගව ගන්න මං අදිෂ්ඨාන කර ගත්තා. සතුටින් නිදහසේ ගෙවුන දවස් තුනකට පස්සෙ අපි නැවත මහ ගෙදරට එන්න සූදානම් වුනා. සුදු දූ.. මෙහෙ ඉන්නකෝ ඔයා. පුංචි මට කිව්වෙ එන්න ලැහැත්ති වෙලා දෙපා නමදිද්දී, මගෙ ඔලුව අතගාලා උරහිස් දෙකෙන් අල්ලලා ඔසවන ගමන්. ඉන්න නම් තිබුනා . දැං මාව බලා ගන්නෙ චූටී මාමානේ එයාගෙන් අහන්න වෙනවා. ඒ ගෙදර මට තිබුන නිදහස නිසා, එහෙ ඉන්න කැමති වුනත්. එහෙ නාගරික නිසා ලොකු කැමැත්තක් තිබුනෙත් නෑ.බිතියෙන් බිත්තියට ගෙවල් හැදුන ඒ ප්‍රදේශය බොහෝ ජනාකීර්නයී. අපි මහ ගෙදරට එද්දි හුගක් හවස් වෙලා තිබුනේ. අදුරත් මීදුමත් නිවසත් අනිකුත් පරිසරයත් ගිල ගනිමින් තිබුනා. ආපු ගමන් කාමරයට ගිය මම පෝන් එක අතට ගත්තේ අපි ගෙදර ආ බව ශානු අයියට කියන්න. ඒත් මැසේජ් එක ෆේල්ඩ් වුනා. සිග්නල් අඩු ඇතී කියලා හිතලා, මං ටික වෙලාවක් උත්සහ කලා. ඒත් සිග්නල් එන්නෙම නෑ. පෝන් එක ඇදේ මෙට්ටයේ අස්සට දාපු මම මොකුත් නොවුන ගානට ආච්චි අම්මලා එක්ක කාලය ගත කලා. රෑ නින්දට ගියහමත් උත්සහ කරලා බැලුවා. සිග්නල් එන්නෙම නැහැ.. පසුදින සෙනසුරාදාවක් නිසා මදූ මල්ලි අපේ ගෙදර ආවා .මං මදූ මල්ලිට පොන් එක ගැනයි, ලොකු අම්මා කැමති වුන එක ගැනයී කිව්වා. මදූ මල්ලි මට දොස් කිව්වා ලොකු අම්මට ශනූ අයියා ගැන කිව්වට. " අක්කෙ ඔයානම් හරි මෝඩයී අපේ තාත්තා එක්ක සේරම කියායී." කියලා. මල්ලිත් පෝන් එක හැම තැනනට ගෙනිහින් බැලුවා. සිග්නල් ආවේ නෑ. අපි තේරුම් ගත්තා ඒ සිම් වර්ගයට මෙහෙ සිග්නල් නැති බව. දැන් ඉතිං මොනවා කරන්න්ද. හොද අවස්ථාවක් එනකන් බලන් හිටියා ආච්චි අම්මගෙ පෝන් එකෙන් කෝල් එකක් ගන්න. දවස් ගානක් ගෙවිලා ගියා. ශානූ අයියට කෝල් කරන්න විදියක් නෑ. මම ක්ලාස් ගියා දිගටම. මට එහෙදි අලුත් යාලුවො මුන ගැහුනා. මං නිතර හිටියෙ මගෙ ගමේ යාලුවා එක්ක. මං ශානු අයියා ගැන කාටවත්ම කිව්වෙ නෑ ,චූටී මාමට ආරංචි වෙයි කියලා. ටවුන් එකෙත් හැමෝම චූටි මාමාව අදුරන නිසා මං පොන් එක ක්ලස් යද්දි අරන් ගියෙ නැහැ. ටවුන් එකෙදී මට හොද පිලිගැනීමක් තිබුනා චූටී මාමා නිසා." මේ අර සමන්ගේ අක්කගෙ දුවනේ" හැමෝම මාව හැදුන්වුවේ එහෙම. සතියකට විතර පස්සෙ මං ශානු අයියට කතා කන්න අවස්ථාවක් හදා ගත්තා. ශානූ අයියා හුගක් දුක් වුනා දැන් ආයී සිම් එකක් දෙන්නෙ කොහොමද කියලා. පස්සේ ඉරිදා දවසක සිම් අරන් ගමට එන්න ශානූ අයියා තීරනය කලා. චූටී මාමාට ආරංචි වේවි කියලා මං හුගක් බය වුනත්, වෙන විකල්පයක් නැති නිසා කැමති වුනා. අනික මදූ මල්ලිත් ඉන්නවනේ එදාට, ශානු අයියව තාම චූටී මාමාවත් දැකලා තිබුනේ නෑ. ඉරිදා දවස උදා වුනා. මං මදූ මල්ලිට විස්තර කිව්වම එයා සිම් ගන්න මගට යන්නම් කිව්වා. මං උදෙන්ම ආච්චි අම්මගේ පෝන් එක හංගගෙන ටොයිලට් එකට ගිහින් ශානූ අයියට පාර කිව්වා. මදූ මල්ලී මායී මොකද වෙන්නෙ කියලා මග බලන් හිටියා. ලොකු අම්මා අපේ සම්බන්දෙට බාදා නොකෙරුවත් අපි කරන දේවල් ලොකු අම්මට කියන්න අපි මැලි වුනා. අපි නොහිතපු වෙලාවක චූටී මාමා ගෙදරට ආවා. ඇවිත් කේන්තියෙන් වගේ පිටුවකට බර වුනා. අම්මේ අම්මේ... ඇයි පොඩි පුතේ. ආච්චි අම්මා කුස්සියෙ ඉදන් සාලෙට ආවා. මට අම්මගේ පෝන් එක පොඩ්ඩක් දෙනන් ආච්චි අම්මා පෝන් එක ගෙනත් දුන්නා. චූටී මාම පෝන් එකේ නම්බර් සේරම පරික්ෂා කරලා බැලුවා. මං කෝල් ගත්තු නම්බර් සේරම එවලෙම පෝන් එකෙන් ඉවත් කලා. ඒක නිසා මං බය නැතුව හිටියේ හරිම විෂ්වාසයෙන්. චුටී මාමාට මොකුත්ම හෝඩුවක් ලැබුනේ නෑ. අම්මේ ඇහැ ගහන් ඉන්න මෙයා අම්මගෙ කනෙනුත් රිංගයි ඈ. චූටී මාමා එහෙම කියලා පිට වෙලා ගියා. පස්සෙ දැන ගන්න ලැබුනා අම්මා චූටී මාමට කෝල් කරලා පෝන් එක බලන්න කියලා කියලා. දැන් නම් ශානූ අයියා මෙහෙ එනවට හුගක් බයයී. ටිකකින් ආච්චි අම්මගේ පෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා. ලොකු අම්මා පොන් එක ආන්සර් කලා. හෙලෝව්. ආ පුතේ. ඔයා කවුද කියලා මං දන්න්වා . බය වෙන්න එපා මං ඔයාලට උදව් කරන්නම්. හා ඔයා දැන් කොතනද හරී ඔතනින් දකුණට තියෙන පාරේ කෙලින්ම එන්න ඇවිත් පාලමක් හම්බෙයී එතනින් දකුනට ,ඊට පස්සේ හම්බෙන පස් වෙනී ගේ. හරී පරිස්සමින් බුදු සරනයී . කාගෙන් වත් පාර අහන්න එපා. හොයා ගන්න අමාරු වුනොත් මේකට ගන්න. අපීට ඇහුනේ ලොකු අම්මා කියපු දේවල් විතරයී. කොහොම වුනත් ,ඒ කතා කලේ ශානූ අයියා බව මට විශ්වාෂයී. අපිට හිතන්න වෙලාවක් තිබුනේ නෑ, ලොකු අම්මා අපී ඉන්න තැනට ආවා. මදූ මල්ලි මායී හිටියේ ගේ ඉස්සරහා තිබුනේ රූස්ස අබ ගහක සෙවනේ පාර බලමින් හිටියේ. සුදු දූ.... ලොකු අම්මේ... අර ළමයා මේ ළග ඉන්නේ. මං පාර කිව්වා. ආ.. හ..රි මට වෙන කියන්න දෙයක් මතක් වුනේ නෑ. ලොකු අම්මා අපේ කතාව මුල ඉදන්ම අහගෙන ඉදලා තියෙනවා. අපි හංගන නිසා සද්ද නැතුව හිටියත් උදව් කරන්න අවස්ථාක් එනකන් ඉදලා තියෙන්නෙ. මං අම්ම්ව ශේප් කර ගන්නම් පාර පැත්තට යන්න. එහෙම කියලා අපිට හිනාවක් දාලා, ගෙට යන්න හැරුනා. එතකොටම බයික් එකක් හෝන් කරන් වේගයෙන් ඇදිලා ගියා. ඒ ශානූ අයියා තමයී. අන්න ඇවිත් නේද ඔයාලා යන්න. මං අම්ම්ව බලා ගන්නම්. මදූ මල්ලි මායී පාර දිගේ ටිකක් දුර ගියා. ශානූ අයියා ඈතට වෙලා හිටගෙන බලාන ඉන්නේ හෙල්මට් එක පැලදගෙනමයී. අපි එතනට ළං වෙත්ම ශානූ අයියා හෙල්මට් එක ගැලෙව්වා. මට වෙන මොකුත් කල්පනා වුනේ නැ මං ශානූ අයියගෙ ඇස් දිහා බලාගෙන එයා ලගටම ගියා. එදා ඉස්කෝලේ නිවාඩු දුන්න දවසේ හම්බුනාට පස්සෙ, මාස ගානකට පස්සෙ මං ශානූ අයියගෙ සමීපයට යන්නෙ. මදු මල්ලි ටිකක් ඈතින් නතර වෙලා තිබුනා. සුදු මැනික.... ශානූ අයියේ.. මේ ශානුවා ඕක ඉක්මට දීලා නැගපන්. කාටහරි මාට්ටු උනොත් ගුටිත් කාලා තමා යන්න වෙන්නේ... ශානූ අයියගෙ යාලුවා කෑ ගැහුවා. ශානු අයියා පුංචි වෙන්න නමපු කඩදාසී කවරය මට දීලා බයික් එකට නැග්ගා. අපි යන්නම් එහෙනම්. ඔයාලා ගෙදර යන්න. මල්ලි අපි යනවා. අක්කව බලාගන්න. ශානූ අයියා මටයී මල්ලිටයි අත වනලා "කුරුල්ලො වගෙ" වේගයෙන් බයික් එකේ යන්න ගියා. අපි දෙන්නා පෝන් එකත් හංගගෙන වගාව පැත්තට ආවේ සිම් එක දාලා බලන්න. ඊ ළග කොටසින් හමු වෙමූ..... දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 26 Sep 2016 03:41 AM අනේ ඇත්තට මේ කෙල්ලට හැදිල තියෙන පිස්සුව. අර ශානු කොල්ලට පාඩුවේ ඉන්න දෙන්නෙම නැහැනේ ගමේ ගිහින් ඔය හේන කොටාගෙන හිටියනං මොකද වෙන්නෙ ලොකු අම්මට නෙවෙයි ඕක අහුවෙන්න තිබුණේ. චූටි මාමාට එහෙනං අබ සරණයි සඳුනිVeteran MemberPosts:2462 26 Sep 2016 03:34 AM Posted By kingD on 26 Sep 2016 03:20 AM මාට්ටු නේද වැඩේ... ෆෝන් එක මාට්ටු වුණා නේද අයියෝ ..... ඒකනේ හොර වැඩක් වත් කර ගන්න බෑ දිනයක වැටහේවී........... kingDVeteran MemberPosts:3309 26 Sep 2016 03:20 AM මාට්ටු නේද වැඩේ... ෆෝන් එක මාට්ටු වුණා නේද අයියෝ ..... Business, you know, may bring money, But friendship hardly ever does. DanuLiyanageVeteran MemberPosts:3457 25 Sep 2016 09:59 PM tak gala danna ilanga tikath මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 25 Sep 2016 10:33 AM ..... කදුලත් සැනසුමක්... 30. වන කොටස. කාලය තප්පර, විනාඩි, පැය, සති වෙලා ගෙවිලා ගියා. ශානූ අයියගෙ හඩවත් අහන්න නැති මං හිත යටින් හඩා වැටුනා. ආච්චි අම්මා නිතරම ශානූ අයියා ගැන ඇහුවා .ඒත් එයත් කැමැත්තක් නෑ. චූටි මාමාත් නිතර මාව බලලා යන්න ආවා. ඇවිත් අවවාද කරලා ගියා. චූටි මාමා මගෙ තනියට එයාගෙ පුතාව නිතර අපේ මහ ගෙදර එව්වා. මාව ගෙදරින් පිටට නොයැව්වට මං ගැන නිතරම හොයලා බැලුවා. මදූ මල්ලි ඉගෙන ගත්තෙ දහය වසරේ. මං එයා එක්ක ශානු ගැන සේරම විස්තර කිව්වා. මදූ මල්ලි මට උදව් කරන්නම් කිව්වා. ************************************** කාලය ගෙවා ගන්නත් ඕනී නිසා මදූ මල්ලි මායී වගාවක් පටන් ගත්තා. අපේ ගම හරිම ලස්සන තැනක් පොඩි කාලේ ඉදන්ම මං මගෙ ගමට හුගාක් ඇලුම් කලා. මොකද මං අවුරුදු දහයක් වෙනකන් ජීවත් වුනේ එහෙ. ඒ මගෙ ජීවිතේ ලස්සනම ලස්සනම කාලය. ආච්චි අම්මයී, සීයයි එක්ක හුරතලේට ගෙවුන ඒ ජීවිතේට මං හුගක් ආදරය කලා. අපේ මහ ගේ ගාව වත්ත මායිමේ දොල පාරක් තිබුනා. මං යංතම් ඇවිදින වයසෙ ඉදන් ඒ දොළේ කාලය ගත කරන්න පුරුදු වෙලා හිටියේ. නිවාඩුවට ගමේ ආවත් මගෙ වැඩේ දොලට යන එක තමා. මදූ මල්ලි මායී දොළ අයිනේ පාත්තී කීපයක් හැදුවා. ඒ පාත්ති වල මෑ දබල වගෙ දේවල් පැල කලා. උදෙන්ම ගිහින් වැඩ පටන් ගත්තම , දවල්ට දොලේ පැනලා සෙල්ලම් කලා. අවුරුදු දාසයක් වුනත්, ගමට ආදා ඉදන් මං ජීවත් වුනේ පුංචි කිරිල්ලියක් වගේ හරිම සැහැල්ලුවෙන්. මදූ මල්ලි නිතරම මාත් එක්ක හිටියා. හවසට දොලෙන් ඇදලා පැල වලට වතුර දැම්මා. මට නිතර ශානූ අයියව මතක් වුනා. ඒ පාලුව මැකිලා ගියේ දවසම වගාවට කාලය යොදවපු නිසයී,මදූ මල්ලි නිසයී. මං ගමට ඇවිත් මාසෙකටත් වඩා ගෙවිලා. දැන් ශානූ අයියා මොනවා හිතනවා ඇද්ද. චූටි මාමට තිබුන බය නිසා මට මොකුත් කරන්න විදිහක් තිබුනේ නෑ. සේන බාප්පා ගම පැත්ත පලාතටවත් ආවේ නෑ .මං හිතුවේ ගමටත් ඇවිත් කරදර කරවී කියලා. ඒත් සේන බාප්පා චූටි මාමට බයයී. අම්මව බදින්න මහ ගෙදරට එන කාලේ. චූටි මාමා අකැමැති වෙලා තිබුනා. ඒක නිසා චූටී මාමා සේන බාප්පට ගහලත් තිබුනා. අක්කෙ අක්කේ ඇයි මදූ මල්ලි මදු මල්ලි මගෙ ළගට දුවන් ආවේ හදිස්සියෙන්. මං පාත්ති ටික ලග ඉදගෙන කල්පනා කරමින් හිටියේ. මේ ආච්චි අම්මා කඩේ ගියා. ලොකු අම්මත් නිදී. ඉතිං.. ඉතිං කියන්නෙ. පෝන් එක මේසේ උඩ දාලා ගිහින්. අනේ අහුවෙයිද . මං එනවද බලන්නම් ඉක්මනට එනවකෝ.. මං ඉක්මනට කාමරයට ගිහින් පෝන් එක අරන් ශානූ අයියට කෝල් එකක් ගත්තා. බයට මගෙ අතත් වෙව්ලනවා. හදවත ගැහෙන සද්දය මටම ඇහෙනවා. හෙලෝව්... ශානූ අයියගෙ කටහඩ. මට මුලු ලෝකෙම අමතක වුනා. හෙලෝව් කවුද මේ... හෙලෝව් සුදු මැනික.. ශානූ අයියේ ඔයා මාව අදුර ගත්තා නේද? මට ඔයාගෙ කට හඩ අමතක වෙන්නෙ නෑ රත්තරනේ. කොහොමද කෝල් එක ගත්තේ. කාගෙද පෝන් එක. සිතාර අක්කා සේරම විස්තරය කිව්වා. පෝන් එකත් දුන්නා එයා ක්ලාස් යන කොට ඇවිත්. සුදු අම්මගෙ අයියේ. මට බයයි. හොරෙන් ගත්තේ. මං බලන් හිටියේ ඔයා කොයි වෙලේද කතා කරන්නෙ කියලා. චූටී මාමා කිව්වා පෝන් එක අල්ලලා අහු වෙන්න එපා.... අක්කේ අක්කේ.. සුදු අම්මා එනවා. මදූ මල්ලි කැ ගහන් ගෙට එද්දී මං පෝන් එක විසික් කරලා කාමරෙන් එලියට පැන ගත්තා. අපි දෙන්නා ම මගෙ කාමරයට වෙලා පත්තරයක් දිගහැර ගත්තා. සුදු දූ මොකද කරන්නෙ. සුදු අම්මෙ අපි මෙහෙ පත්තරයක් බලනවෝ.. මට බයටම කියවුනා. ශානූ අයියට සේරම විස්තරය කියා ගන්න බැරි වුන නිසා ආයෙත් ඒ නම්බර් එකට කෝල් ගනීවී කියලා මං හොදටම බය වුනා. ඒ එක්කම ආච්චි අම්මගෙ පෝන් එකට කෝල් එකක් ආවා. "දෙවියනේ ශානූ අයියද" මට ඉබේටම කිය වුනා. අපි දෙන්නා හැහුකම් දිගෙන හිටියා. කතා කලේ චූටී මාමා. ඊට පස්සේ සතියකට වතාවක් විතර මං ආමාරුවෙන් වෙලාව හදාගෙන ශානු අයියා එක්ක වචන කීපයක් කතා කලා. හදිස්සියෙම දවසක් අපේ ගෙදරට මගෙ ගමේ ඉස්කෝලේ පහ වසරේ යාලුවෙක් ආවා. විස්තර කතා කරද්දි යාලුවා කිව්වා එයා ඉංග්‍රීසී පාඨමාලාවක් කරනවා කියලා. මටත් ඒ පාඨමාලාව කරන්න කැමැත්තක් ඇති වුනා. යාලුවා ගියාට පස්සෙ මං ආච්චි අම්මට යෝජනාව කියලා බැලුවා. ආච්චී අම්මා කිව්වේ "චූටී මාමාට කියලා බලන්න "කියලා. එදා හවස චූටී මාමා මදූ මල්ලිව එක්ක යන්න ආවා. චූටී පුතේ සුදු දූට මොකක්ද්ද කියන්න තියෙලූ. ආච්චි අම්මා එහෙම කියද්දී චූටී මං දිහා බලුවා. මං හිටියේ කාමරේ උලුඅස්සට වාරූ වෙලා බිම බලාගෙන. මොකද්ද සුදු දූ. මේ... මේ.. අද මගෙ පොඩි කාලේ යාලුවෙක් ආවා. එයා ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවලු. මටත් එකට යන්න හිතුනා . හ්ම්ම්ම්ම් නිකන් ඉන්න එකේ ඒකත් හොදයී. හරි අම්මට කිව්වද. තාම නෑ . අම්මාට කියන්නකෝ. කවුද ඔය යාලුවා. අර සුමනෙගේ දුවද. ඔව් ඔව්. හරි සුදු අම්මා එක්ක ගිහින් විස්තර අහන් එන්නකෝ. මට දිනේ කියන්නකෝ මං එන්නම් පංතියට භාර දෙන්න. මගෙ හිතට ආපු සතුට කියලා නිම කර ගන්න බෑ. චූටී මාමා මන් හිතන් හිටියටත් වඩා හුගක් හොදයී. ඒත් ශානූ අයියට මේ සතුටු ආරංචිය කියන්න අවස්ථාවක් ලැබුනේ නෑ. මගෙ බලාපොරොත්තුව ඉටු කරමින් චූටී මාමා මාව ක්ලාස් එකට භාර දුන්නා.දැන් මට සතියට දෙපාරක් නගරයට යන්න අවස්තාව ලැබුනා. ඒත් මං චූටී මාමාට තිබුන බය නිසාම, අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න ගියේ නෑ. ඔය අතරේ ආච්චී අම්මයී, ලොකු අම්මයී පුංචි අම්මලාගේ ගෙදර යන්න සූදානම් වුනා. චූටී මාමා මටත් ආච්චි අම්මලා එක්ක යන්න ඉඩ දුන්නා. කොහොම හරි ඒ ගමනට කලින් ශානූ අයියට කෝල් එකක් දුන්නා. ශානූ අයියා මාව දකින්න වත් එයාලගෙ ටවුන් එකට එන්න පොරොන්දු වුනා. අපිට චූටී පුංචිලාගේ ගෙදර යන්න වුනේ ඒ ටවුන් එක හරහා. අපි චූටි පුංචිලාගේ ගෙදර ගියේ පාරේ බස් වල. අපි පාන්දරින් සූදානම් වෙලා ගමන ආරම්භ කළා. අපි ශානූ අයියා එනවා කිව්ව ටවුන් එකට යද්දී උදේ අට පසු වෙමින් තිබුනා. ටවුන් එකේදී මං හොදින් වටපිටාව පරික්ෂාවෙන් බැලිවත් ශානූ අයියා ඇස ගැටුනේ නැහැ. ගමන ප්‍රමාද කරන්නත් විදියක් නැති නිසා මම වේදනාවෙන් ඊළග බසයට නැග්ගා. බස් එකේ ජනෙල් කවුලුවෙන් පිටත බලාගෙන කල්පනා කලා. "ශානූ අයියට වෙලාව මගෑරෙන්න ඇතී, පව්". මං නිකමට ස්ටෑන්ඩ් එක දිහා බලනකොට ශානූ අයියා මට අත වනනවා. දෑස් අදහා ගන්න බෑ මං ඇස් දෙක දෑතින් පිසදමලා අායී ශානූ අයියා දිහා බැලුවා. මායී ආච්චී අම්මයී වාඩි ගෙන හිටියේ එකම අසුනේ . අපිට පිටි පස්සෙ අසුනේ ලොකු අම්මා වාඩී ගෙන හිටියා. ශානූ අයියා මට පෝන් එක පෙන්වමින් මොනවදෝ කියන්න උත්සහා ගත්තත් මට තේරුම් ගියෙ නැහැ. බස් රථය පණ ගැන්වුනා. ඒ එක්කම ශානූ අයියා බස් එක පැත්තට දුවගෙන ආවා. ජනෙල් කවුලුවෙන් පෝන් එකයී චාජරයයී බස් එක ඇතුලට දැම්මා. ඒක කෙලින්ම ලොකු අම්මා ගාවට වැටුනා. මං පිටි පස්ස බලද්දී දැක්කා ලොකු අම්මා පෝන් එක ඇහිදිනවා.. ඊ ළග කොටසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 25 Sep 2016 10:11 AM Posted By sha733 on 25 Sep 2016 09:49 AM ඔයානේ කිවුවෙ නගෝ................... හපොයි ............. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 25 Sep 2016 09:49 AM ඔයානේ කිවුවෙ නගෝ......................... සඳුනිVeteran MemberPosts:2462 25 Sep 2016 05:43 AM Posted By sha733 on 25 Sep 2016 03:03 AM ඔන්න කථා ටික කියෙව්වා. මොකුත් නොකියා ඉන්නං වැරදි විදියට හිතුවොත් නේද කවුද වැරදියට හිතන්නේ ......... දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 25 Sep 2016 03:03 AM ඔන්න කථා ටික කියෙව්වා. මොකුත් නොකියා ඉන්නං වැරදි විදියට හිතුවොත් නේද සඳුනිVeteran MemberPosts:2462 25 Sep 2016 01:26 AM .... කදුලත් සැනසුමක්..... 29. වන කොටස. මොනවා කියන්නද? මොනවා කියන්නද? හ්හ්.. මේකි තාම ඒක නවත්තලා නෑ. ඌත් එක්ක මගුලේ වල යනවා. ඔව් නවත්තලා නෑ . නවත්තන්නෙත් නෑ. ඔබට පුලුවන් දෙයක් කරපන්. මොකද්ද හු..... කිව්වේ. සේන බාප්පා පැන්න ගමන් මට ගහගෙන ගහගෙන ගියා. මාන් කට වැහුවෙ නෑ. අම්මත් මැද්දට පැනලා පොරය නවත්වන්න උත්සහා කලා. අම්මටත් පාරවල් කීපයක් වැදුනා. කට්ටියම මැද්දට පැනලා ගහන එක නවත් වන්න උත්සහ කරපු නිසා මට ගහන්න බැරි උන පාරවල් අම්මට වැදුනේ. ගහලා මැරුවත් මං තොට ඕනී ඒවා නම් කරන්නෙ නෑ. මරපිය.... මං නවත්වන්නෙ නෑ.. නෑ... නෑමයී... කට්ටිය සේන බාප්පව තල්ලු කරන් ගිහින් එලියට දාලා දොර වැහුවා. මගෙ තොල පුපුරලා ලේ එනවා. ඇහැකුත් රිදෙනවා. මූන සීරිලාද කොහෙද දනවා. සේන බාප්පා මට බනිමින් ගේ වටේ යනවා. ජනෙල් වලට ගහනවා කාමරේ ජනලයට දුන්න පාරට වීදුරුව බිදිලා සලසලාන් ගාලා බිම වැටුනා. කට්ටියම බය වෙලා. චූටී බාප්පත් මට බනින්න ගත්තා. මේ කාලකණ්ණී කෙල්ලට මගුල් විසේ ගහලා. මෙච්චර රංඩු වෙනවා. පාඩුවෙ ඉන්න බැරි හැටියක්. මේකිට ඕනී අම්මව මරා ගන්නද කොහෙද." ඇටෙන් පොත්තෙන් එළිය එද්දී මිනිස්සු හොයා ගන්නවා". අම්මා වගේ ම නැතෑ දූත්. මං තවත් කතා කලේ නෑ. මට හිතුනේ වරදකාරි මං කියලා මං බිම ඉදගෙන බිත්තියට හේත්තු වෙලා ඇඩුවා. සේන බාප්පා සාමදානෙන් කතා කරලා දොර ඇරවගෙන ආයෙත් ගේ ඇතුලට ආවා. මං බයටම නැගිට්ටේ ඊළගට මොනවා වෙයිද කියලා. තෝ තවත් ජීවත් වෙන්න ඕනී නෑ .තෝව මරනවා මං අද.. . සේන බාප්පා මගෙ ලැගට ආවේ ඉනේ හංග ගත්ත උල් පිහිය එලියට අරන් මට දික් කරගෙන. මට කරන්න ඕනී මොකක්ද්ද මතක් වුනේ නෑ. මරණ බයෙන් ඇග සීතල වෙලා ගියා. එහෙත් මම බිත්තියට හේත්තු වෙලා කෑ ගැහුවා. ආයෙත් කට්ටිය පොර කාලා සේන බාප්පව එළියට දැම්මා. ඕකී ළග පෝන් එකක් ඇති හොදට ඕකිගෙ ඇදුම් අස්සෙ ඉදන් බලපියව්. මහ හු.... තෝ තමා ඕකිව හදා ගන්න දෙන්නෙ නැත්තේ. හදන්න කියලා මරලා හරියනවද සේන... කියන දෙයක් අහනවද ඔය හු..... කියන ඒවට මරන්න තමා වෙන්නෙ. මගෙ කරුමේ....... වෙන මොකක්ද්ද. අම්මා අදොනාව කියවමින් අඩන්න පටන් ගත්තා. සේන බාප්පා එළියට වෙලා අපිට බනිනවා. අම්මයී නැන්දයී හැම තැනම පෝන් එක හොයනවා. කොහෙ හෙව්වත් හම්බ වුනේ නැ. මං හිතුවේ ඒකත් අහු වෙයි කියලා. සිතාරා අක්කා බයටම පෝන් එක දුමේ වලදක් අස්සෙ හංගලා. සේන බාප්පා දැන් සද්ද නෑ. ටික වෙලාවක් නිහඩව ගෙවිලා ගියා. චූටී බාප්පා මං එපා කියද්දි කුස්සිය පැත්තෙන් දොර ඇරියා. අපි සේරම බයට දොර ළග රොක් වෙලා හිටියෙ. දොර අරිනවත් එක්කම සේන බාප්පා පොවක් උස්සගෙන ගෙට පැන්නා. කාටවත් හිතා ගන්න බෑ. කෙලින්ම මට කොටන්න පැන්නේ. මං එහෙට මෙහෙට පැන්නේ බයෙන් වෙව්ලමින්. කට්ටිය ආයෙත් සේන බාප්පා එක්ක පොර කද්දි මං ගෙයින් එළියට පැන්නා. ගේ පිලිකන්නට ගියා. ගේ ඇතුලේ මහ ඝෝසාවයී . වටපිටාවේ කට්ටියත් ඇවිත්. ඒත් කවුරුත් ළගට ආවේ නෑ. ආයෙත් අමාරුවෙන් සේන බාප්පව එලොයට දාලා දොර වහනවා මට ඇහුනා. මාත් දැන් එලියේ. අද නම් මට පොරෝ පාර කාලා මැරෙන්නම වෙනවා. සේන බාප්පා කොහෙන්ද එන්නෙ කියලා දෙපැත්ත බලමින් මං අන්තිම මොහොත කියලා හිතලා ශානු අයියව මතක් කර ගත්තා. ටික වෙලාවක් ගියත් සේන බාප්පා නැති නිසා මං හිමින් හිමින් කුස්සිය පැත්තට ආවා. දොර වහලා. ගැහෙන හදවතින් දොරට ගහමින් කෑ ගහන්න ගත්තා. අනේ අම්මේ.... දොර අරින්න. ඉක්මනට ....නැන්දේ දොර අරින්න.... මාව මරන්න කලින් දොර අරින්න. අනේ එනවා ඉක්මනට අරින්න. සේන බාප්පා මාව දැකලා පොරව උස්සගෙන දුවන් එනවා. මං දොරට ගහමින් කෑ ගැහුවා. එතකොටම දොර ඇරුනා. මං ගෙට ගියා, කට්ටිය අමාරුවෙන් දොර වහ ගත්තේ. සේන බාප්පා දොර වහන්න නොදි ගෙට එන්න උත්සහා කලා. අන්තිමට අමාරුවෙන් එලියට දාලා දොර වහ ගත්තා. එදා එළිවෙනකන් සේරමලා මට වට කරගෙන මට බැන්නා. පහුවදා එළි වෙනකොට අම්මා මගෙ ඇදුමක් මට ගෙනත් දීලා ඇද ගන්න කිව්වා. ඇයී අලුත් එකක්. ගමේ යන්න. ඔබ මෙහෙ හිටියොත් මැරුම් කනවා. මට මිනිහත් නැති වෙනවා. උබත් නැති වෙනවා. සුදු අම්මා ළගටද? එහෙ තියන්න බෑ පිරිමියෙක් නැතුව මල්ලිගෙන් අහලා බලන්න ඕනී . ඕනී තැනක මෙහෙ නැතුව. මං සද්ද නැතුව ඇද ගත්තා. අම්මා රෙදි වගයකුත් බැග් එකට දාන් ඇවිත් තිබුනා. කට්ටිය වැඩි නිසා ශානූ අයියට පණීවිඩය දෙන්න විදිහකුත් නෑ. අපි ගමෙ එන්න පිටත් වුනා. තිබුන බය නිසාම මං පෝන් එක ගත්තේ නෑ . සිතාරා අක්කට කිව්වා පනිවිඩය කියන්න කියලා. අපි කෙලින්ම ආච්චි අම්මලාගේ ගෙදරට ආවා. අම්මා ආච්චි අම්මායී,ලොකු අම්මයී එක්ක සේරම විස්තරය කිව්වා. පැය භාගෙකින් විතර අම්මගෙ මල්ලි චූටී මාමා එහෙට ආවා. මං චූටී මාමාට හුගක් බයයී. මං විතරක් නෙමේ පවුලේ සේරම වගේ බයයී. එයා ගමේ නමක් තියාන ඉන්න කෙනෙක්. කවදාවත් කාගෙන් වත් ගුටි කෑවා කියලා ආරංචි වෙලා නෑ. ඒත් එයාගෙන් කවුරු හරි" අම්බානට කාලා" කියලා ආරංචි වුනොත් මිසක් . අපේ පවුල ගමක සාමාන්‍ය පවුලක්. වැඩි වත්පොහොසත් කම් තිබුනෙ නෑ. අම්මා චූටී මාමත් එක්කත් සේරම විස්තරය කිව්වා. චූටී මාමා මාව භාර ගන්න කැමති වුනා.චූටී මාමාගේ බිරිද වැඩට යන නිසා මාව එයාලහෙ ගෙදර එක්ක යන්න බෑ කිව්වා. ආච්චි අම්මලාගේ ගෙදරම ඉන්න කිව්වා. චූටී මාමලාගේ ගෙවල් තිබුනේ ඒ ගමේමයී. ගෙදරට කවුරු ආවත් චූටී මාමට ආරංචී වුනා. අම්මා චූටි මල්ලි එක්ක හවස් වෙන්න කලින් යන්න ගියා." මේකි සත පහකට විශ්වාස නෑ" කියලා බෑග් එකේ ඇදුම් ටික ඇදේ හලලා චෙක් කරලා බැලුවා. හොද වෙලාවට පෝන් නොගෙනාවේ කියලා මං හිතින් මෙනෙහී කලා. අම්මා ගියාට පස්සෙ චූටී මාමා ආයෙත් ආවා. සුදු දූ පොඩ්ඩක් මෙහෙට එන්න. චූටී මාමා කතා කරද්දී මං ගියෙ බයෙන් බයෙන්. මං තවම චූටී මාමා දිහා බලලා කතා කරලා නෑ. ඒ තරමට මම බයයී. මං චූටී මාමා ඉස්සරහට ඇවිත් " ඉස්කෝලේ ලොකු සර්" ගාව ඉන්නවා වගේ බිං බලාගෙන හිටියා. සුදු දූ. මට ඇත්ත සිද්දිය කියන්න. ඔය සේනයගෙ හැටි මං දන්නවනේ. අම්මා කිව්වා හරී චූටී මාමේ. චූටී මාමාගේ පෙරැත්තය නිසා. මට පුලුවන් හැටියට සේන බාප්පා ගැන කිව්වා. හරී සුදු ඔයාට මෙහෙ ඕනී තරම් ආරක්ෂාව තියෙයී. හැබැයී මං කියන දේ අහන් ඉන්න ඕනී. වැරදී වැඩ එහෙම ,කරලා අහ වෙන්න එපා හැබැයී. මං ඔලුව වනලා හා කිව්වා. දන්නවනේ මගේ හැටි හොදට හොදයී ,නරකට නරකයී. හරී චූටී මාමේ. ඔය කොල්ලා මොන ජාතියෙද කියන්න මං දන්නෙ නෑ. අපි පොහොසත් මිනිස්සු නෙමෙයිනේ. හිගන්නෙක් වුනත් කමක් නෑ. හොද කොන්ද පන ඇති එකෙක් වෙන්න ඕනී. පව්ලක් නඩත්තු කරන්න පුලුවන් වෙන්න ඕනී. තේරුනාද? තාම ඉස්කෝලේ යනවා නේද? ඔව්. එකනේ මුලින් ඌට ඉගෙන ගන්න දීපන් සුදු දූ. මට ඕනී කෙනාවයි උබ බදින්න ඕනී.දැන් උබ ඉන්නෙ මගෙ ලගනේ. ඕනී නැති වැඩ කරාලා අහු වෙන්න එපා. ආයි මට මේ ගැන කතා කරන්න තියන්නත් එපා. හා චුටී මාමේ. චූටී මාමගෙ දෙපා ළග වැද වැටිලා, ශානු අයියගෙ හොද කියලා වැලපෙන්න තරම් දුකක් ආවත් , චූටී මාමට තිබුන බය නිසා මං සද්ධ නැතුව හිටියා. තව සුදු අම්මගෙ පෝන් එක අල්ලලා අහු වෙන්න එපා. අම්මේ..... ඇහැගහන් ඉන්න. මොකක් හරි වුනොත් මට කියන්න ඕනි තේරුනාද. සේරම ප්‍රශ්න කාලය විසදාවී, දැන් නිදහසේ ඉන්නවත් තියෙනේ. සිතාරා අක්කා මං ගමේ ආ බව ශානූ අයියට කියයී. ඒකත් ශානූ අයියට ලොකු සැනසීමක් වෙයිනේ. මං එහෙම හිතලා හිත සනස ගත්තා. ඊ ළග කොටසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 24 Sep 2016 12:36 PM Posted By DanuLiyanage on 24 Sep 2016 11:43 AM බාප්පා චන්ඩියා නේද අපේ බාප්පද? හී චන්ඩී ලග නොන්ඩියා... දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 24 Sep 2016 11:43 AM බාප්පා චන්ඩියා නේද මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 24 Sep 2016 11:36 AM Posted By DanuLiyanage on 24 Sep 2016 10:54 AM ඉයේ කිව්ව වගේ අපි එකතු වෙලා උට ගහමු ඒහෙනම් මේ පැත්තට ඒන්න වෙනවා........... දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 24 Sep 2016 10:54 AM ඉයේ කිව්ව වගේ අපි එකතු වෙලා උට ගහමු මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 24 Sep 2016 06:39 AM Posted By samantha on 24 Sep 2016 01:38 AM සේන බාප්පා හරි දුෂ්ඨයෙක්නේ.. බොහොමත්ම ස්තූතියි මේ කොටසට.. ඒක නේන් නම්........... දිනයක වැටහේවී........... samanthaMost Senior MemberPosts:13190 24 Sep 2016 01:38 AM සේන බාප්පා හරි දුෂ්ඨයෙක්නේ.. බොහොමත්ම ස්තූතියි මේ කොටසට.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! සඳුනිVeteran MemberPosts:2462 24 Sep 2016 01:19 AM .... කදුලත් සැනසුමක්..... 28. වන කොටස. ඔය ළමයී මොකද විභාගේ ඉවර වෙලා ගෙදර නොගියේ. එකොළහා වසරේ සේරම ගෙදර ගිහින්නේ. ඒක තමා සර්.. මේ ගොල්ලෝ ඉස්කොලේ හිටියෙත් නෑ. අර කොල්ලෝ දෙන්නා එක්ක කොහෙ හරි යන්න ඇති. අපිට උත්තර දෙන්න ඉඩ නොදී ලොකු සරුයි ටීචර්ලයී දොස් කියන්න ගත්තා. ඇයි සද්ද නැත්තේ ඔය ළමයී කොහෙද හිටියෙ. සර් අපි නිශාන්ත සර් එක්කනේ හිටියේ. බොරුනම් සර්ගෙන් අහන්නකෝ. මං උත්තර දුන්නෙ නිශාන්ත සර් දිහා බලමින්. මේ ඔය ළමයා තවත් බොරු කියන්න ලැහැත්ති වෙන්න එපා. ලැජ්ජාවක් නෑ ඉස්කෝලේ නමත් කනවා. අපේ පංති භාර ටීචර් මට ඇගිල්ල දික් කරලම කිව්වා. නිශාන්ත සර් සද්ද නෑ ,මොකුත් නොදන්න ගානට ඉන්නවා. ලොකු සර් එක්ක කටගහන් යන්න බැරි නිසා නිහඩව හිටියා. ටීචර්ලා සර්ලා අපිට දොස් කියලා ආයී ඉස්කෝලේ ඒම තහනම් කලා. වට පිටාවේ ළමයිනුයී ,කඩවල් වල ඉන්න සෙනගයි මැජික් වගේ බලන් ඉන්නවා. තව විභාගයට සතියයි නිසා අපි ආයී ඉස්කෝලේ ගියෙ නෑ. ගෙදරට කිව්වා ඉස්කෝලේ එනවා නම් එන්න නැත්තම් ගෙදරට වෙලා පාඩම් කරන්න කිව්වා කියලා. ඒත් පස්සෙ ගෙදරට සිද්දිය ආරංචි වෙලා තිබුනා. අම්මා මට හොදටම බැන්නා"රෙද්දක් ඇදන් ආයී ඉස්කෝලේ යන්න පුලුවන්ද "කියලා . මං කිව්වා " මට කරන්න දෙයක් නෑ අපි කොහොවත් ගියේ නැ නිශාන්ත සර් එක්ක හිටියේ "කියලා. නිශාන්ත සර් එහෙම කලේ ඇයි කියලා අපිට හිතා ගන්න බෑ. එයා ටිකක් අමුතු විදියක් උගන්වන්නෙත් නැ, ඕපදූප හොයනවා විතරයී.ඉස්කෝලේ නිවාඩු දෙන දවසේ අපි දෙන්නම ඉස්කෝලේ ගියා. අපි හිතුවේ ටීචර්ලා අපිට බනිවී කියලා, කට්ටිය මොකුත් නොවුනූ තාලෙට හිටියා. ශානූ අයියා කොහොම හරී මාව හම්බෙන්න අවස්තාවක් හදා ගත්තා. සුදු මැනික . ශානූ අයියේ. අපි අරලිය ගස් පේලිය ළග ඉන්නකොට ශානූ අයියා අපි ළගට ආවා. නිවාඩු දෙන දවස නිසා ළමයි සේරම නිදැල්ලෙ හිටියේ. සමහර පංති වල සාද පැවැතුනා. අපේ පංතියෙත් හවස සාදයක් ලැහැත්ති කරලා තිබුනා. අදින් පස්සෙ අපි ආයී හම්බෙන එකක් නෑ නේද සුදු මැනික. ඔව් මාව ගෙයින් එළියට වත් එවන එකක් නෑ. ඔයා ගමේ යන්න. අනේ මංදා යන්න දෙන එකක් නෑ. යන්න තමා හිතාන ඉන්නේ. මං ඔයාට තෑග්ගක් ගෙනාවා. බර්ද්ඩේ එකත් ලගයිනේ. අපිට එදාට හම්බෙන්න වෙන්නෙත් නෑනේ. මොනාද? පැක් කරලා ගෙනාවෙ නෑ . ඔයාට තියා ගන්නත් අමාරුයිනේ. ඒකට කමක් නෑ. අද බස් එකේ යන්න ඉන්න. බස් එකේදී දෙන්නම් සුදු මැනික. ශානු අයියා ටිකක් වෙලා මං ළගට වෙලා ඉදලා පිට වෙලා ගියා. හවස ළමයි සේරම කැදවලා ලොකු සර් රැස්වීමක් තිබ්බා. රැස්වීම වෙලාවේ කිප වතාවක්ම මං ශානූ අයියා දිහා බැලුවා. එයාගෙ මුහුනේ සිනහව තිබුනත්, ඇස් වල දුක ගැබ් වෙලා තිබුනා. අපි දෙන්නම දන්නෙ නෑ ,අපිට ආයී කවද හම්බෙන්න ලැබෙයිද කියලා. ශානූ අයියා බස් එකේදී සෙනග අතරින් තෙරපොලා ඇවිත් ලේන්සුවක ඔතපු පොඩි තෑග්ග මගෙ අතේ තිබ්බා. "හුගක් පරිස්සමින් තියා ගන්න අපිට වෙන ක්‍රමයක් නෑ " ශානූ අයියා හුගක් දුකින් එහෙම කියලා සෙනග අතරින් ඉස්සරහට ගියා. මං ගෙදර එනකොට කවුරුත්ම හිටියේ නෑ. මං හිමින් සැරේ ලෙන්සුව දිගහැරලා බැලුවා. දෙවියනේ පෝන් එකක්. සතුටට වඩා දැනුනේ බයක් දැන් කොහොමද මේක තියා ගන්නෙ කියලා. මං ඉක්මනටම පෝන් එක බැලුවා. ඒ වෙනකොටත් මැසේජ් එකක් ඇවිත් තිබුනා " සුදු මැනික .. හුගක් පරිස්සමින් තියා ගන්න. ඔයා යන තැනක අරන් යන්න. මං ඔයාට ගොඩාක් ආදරෙයී සුදු මැනික. ඔයත් හුගක් පරිස්සම් වෙන්න. කවුරුත්ම නැති වෙලාවක් බලලා මැසේජ් එකක් දාන්න. මං බලන් ඉන්නවා." මට ශානූ අයියා ගැන හුගක් දුක හිතුනා. මං ඉක්මනටම පෝන් එක මේස ලාච්චුවෙ හැංගුවා. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුනා. විභාගය දවස් ටික නම් සාමදානව ගෙවිලා ගියා. සේන බාප්පා බීලා ඇවිත් පොඩි සද්දයක් දැම්මා. අම්මා බැන්න නිසා සද්ද නැතුව හිටියා. ************************************** සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දවස මං ගෙදර ආවේ හුගක් දුකින්. දැං ඉතිං ගෙටම කොටු වෙලා ඉන්න වෙයිනේ කියලා. ඒත් ශානූ අයියා මට පෝන් එකක් දුන්න නිසා මගෙ හිතට පොඩි සැනසීමක් තිබුනා. විභාගෙත් ඉවර නිසා අම්මයී චූටී මල්ලි එක්ක නැන්දලාගේ ගෙදර ගියා. අද සේරමලා ගෙදර ,චූටී බාප්පත් ගෙදර හිටියා. සිතාරා අක්කා හොරෙන්ම මගෙ පෝන් එක ඉල්ලගෙන කාමරේට ගියා. මං සාලේ සැටියේ ඉදගෙන ටීවී බලමින් හිටියා. හැමෝම මගෙන් විභාගය ගැන ඇහුවා. සේන බාප්පා එතකොටම නැන්දලාගේ ගෙදරට ආවා. ටිකක් වෙලා කැරකී කැරකි ඉදලා එයාගේ පෝන් එකත් අරන් මගෙ ළග තිබුන පුටුවෙන් ඉද ගත්තා. කෝල් එකක් අරන් ස්පීකර දැන්මා. කට්ටියම අහගන්න දෝනීඇන්දගේ වැඩ. සේන බාප්පා එහෙම කියද්දී මගෙ ඇගම පොච්චිලා ගියේ මේ කොල් කරන්නෙ ශානු අයියටද කියලා. සිතාරා අක්කත් එළියට ආවා , චූටී බාප්පත් සෙටියෙ ඉදගෙන හිටියේ. හෙලෝව්.. හෙලෝව්.. කවුද මේ.. අදුරන්න බැයිද බං මං ශානු අයියා. සේන බාප්පා ශානූ අයියා වගෙ මගෙ යාලුවෙක්ට කොල් කරන්නෙ . ආපු කේන්තියට මට බෙල්ල මිරිකන්න හිතුනා. මං අමාරුවෙන් කේන්තිය ඉවසන් හිටියා. අනේ ශානු අයියා කොහෙන්ද ඔයාට අපේ ගෙදර නම්බරේ. ශදීගෙන් ඉල්ල ගත්තේ. මේ ඒක නෙමේ උදව්වක් කරන්න බැයිද? . මොකක්ද්ද ? ඔනී උදව්වක් දෙන්නම් කියන්නකෝ. උබ දන්නවනේ දැන් අපිට හම්බෙන්න විදිහක් නෑ කියලා. දවසක ශදී මායි ඔයාලා ගේ ගෙදර එන්නද. ඔයාලගෙ ගෙදර දවල්ට කවුරුත් නෑනේ. හානේ .. එන්න ඉතිං. හරි තෑන්ක්ස් ඈ උදව්වට. බුදු සරණයී .පස්සේ කතා කරන්නම්කෝ. හරී බුදු සරනයී ශදී මතක් කලා කියන්න.. සේන බාප්පා පෝන් එක සාක්කුවෙ දාගෙන මං දිහා බැලුවා. දැං උබ මොකද කියන්නේ..... ඊ ළග කොටසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 24 Sep 2016 01:09 AM Posted By DanuLiyanage on 23 Sep 2016 02:25 PM ගහන්න බැහැ මරමු අපි සේනයව ධනු අයියා පාතාල නායකයෙක් වගේ........... දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 23 Sep 2016 02:25 PM ගහන්න බැහැ මරමු අපි සේනයව මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 23 Sep 2016 07:59 AM Posted By Dushan on 23 Sep 2016 06:45 AM සේන බාප්පට ගහමුකෝ අල්ලගෙන STUN එකේ කට්ටියම එකතුවෙලා හරි බොහොම ස්තුති ඒ කොටසටත් ඊලග කොටසත් එනකන් බලන් ඉන්නවා හම්මෝ ස්ටන් ඒකේ ඉන්නේ පාතාලේ අයද? දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 23 Sep 2016 07:25 AM තවත් කොටස් කීපයම ඇවිත් ..ස්තුති නංගියෝ . DushanVeteran MemberPosts:2536 23 Sep 2016 06:45 AM සේන බාප්පට ගහමුකෝ අල්ලගෙන STUN එකේ කට්ටියම එකතුවෙලා හරි බොහොම ස්තුති ඒ කොටසටත් ඊලග කොටසත් එනකන් බලන් ඉන්නවා සඳුනිVeteran MemberPosts:2462 23 Sep 2016 06:19 AM ..... කදුලත් සැනසුමක්.... 27. වන කොටස. මං ත්‍රීවීල් එකේ කොනක ඉදගෙන කල්පනා කලේ ඊළගට මොනවගේ දෙයක් සිදු වේවිද කියලා. ශානූ අයියලාගේ අම්මා තාම මාව හරියට දැකලත් නෑ. මේ වෙන්න යන්නෙ හොදක් ද නරකක්ද්ද කියලා මට හිතා ගන්න බෑ. ත්‍රීවීල් එක ශානූ අයියලාගේ ගේ පේන මානෙන් නැවැත්තුවා. මං අද මයී ශානූ අයියලගේ ගෙ තියෙන තැන හරියට දැන ගත්තෙත්.සේන බාප්පයී අම්මයී ත්‍රීවීල් එකෙන් බැස්සා. මට ටිකක් ත්‍රීවීල් එකේ ඉන්න කියලා ,එයාලා ශානූ අයියලාගේ ගෙවල් පැත්තට ගියා.මං චූටී මල්ලිව ඇගට හේත්තූ කරගෙන කල්පනා කරන්න වුනා. උබේ නැන්දම්මා දොර ඇරියෙත් නෑ. ඔබව භාර ගන්න බැරිලූ. සේන බාප්පා කේන්තියෙන් එහෙම කියලා ත්‍රීවීල් එකට නැග්ගා. ත්‍රීවීල් එක පදවන මාමා ඇයී ඇහුවා." මේ රෑ මෙහෙ ආවේ" සේන බාප්පා ඒ මනුස්සයත් එක්ක ඔක්කොම විස්තරය කිව්වා. මං ඉන්න තැන මෙහෙම කියනවා නම් නැති තැන මොනවා කියනවා ඇද්ද. වෙන පවුල් වල ගෑනූ ළමෙක්ගේ මේවගේ සම්බන්දයක් අහු වුනාම කාටත් හොර රහසේ හිමින් ඒක විසද ගන්නේ. ඒකට මෙහෙ" අණ බෙර ගහනවා". සේන බාප්පට ඕනී මාව බේර ගන්න නෙමෙයී. එයා මං ගැන හොයන බව ලෝකෙට කියන්නයී, එයාට අවශ්‍ය දේ කර ගන්නයී විතරයී. දවස් කීපයක් ඉස්කෝලේ ඇරියේ නෑ. අවසාන වාර විභාගය ලග නිසා ටීචර්ලා මල්ලි අතේ ගෙදරට පනිවිඩ එව්වා. පස්සේ ආයෙත් සේන බාප්පා පංති භාර ටීචර්ට සිද්දිය කියලා තිබුනා. ටීචර් පංතියට ආවොත් මට ඇනුම් පද කියන්න තියා ගත්තා . අම්මා මැදිහත් වෙලා පංතී වලටත් එක්කන් ගියා. ඒත් නැන්දලාගේ ගෙදර නම් යන්න දුන්නෙ නෑ. රෑ ඇහැරගෙන පාඩම් කරන්න දුන්නෙත් නෑ. ශානූ අයියා නිසාද කොහෙද මං සේන බාප්පා කියන කිසිම දෙයක් චුට්ටක් වත් මායිම් කලේ නෑ. කියන කියන දේට එකට එක කිව්වා. ඒවෙලාවට අම්මාගෙන් ගුටි ලැබුනා .ඒත් මං කට වහන් හිටියේ නෑ .ගුටි කාගෙන මට ඕනී දේ කියලමයී නතර වුනේ. විභාගය ළග නිසා ඉස්කෝලේ ඇරිලා හය වෙනකන් පාඩම් කරන්න ලමයින්ව තියා ගන්න ඉස්කෝලෙන් සැලසුම් කරලා තිබුනා. හවස් වෙනකන් ඉස්කෝලේ ඉන්න ලැබීමම මට සැනසීමක් වුනා. ගෙදර ආවත් සැනසීමේ පොතක් අල්ලන්න නැති එකේ ,ඒක හොදයී කියලා හිතුවා. දවසින් දවස විෂයන් බෙදලා කාල සටහක් හදලා තිබුනා. දවස ගානේ හවසට ළමයිට තේ දෙන්න අම්මලට බෙදලා දීලත් තිබුනා. මේ පාර සිද්දියෙන් පස්සෙ අපිට කොහොමවත් කතා කරන්න , හම්බෙන්න ,ලැබුනේ නැහැ. ලිව්මක් ලියන එකත් හුගක් අමාරූ වැඩක් වුනා. විමූටයී මටයී එකට ඉන්න නැති නිසා කෝල් එකක් වත් ගන්න ලැබුනේ නෑ. විමූලට නම් ඒ තරම් ලොකු අවුලක් තිබුනේ නෑ එයාලගෙ ගෙදරිනුත් දුලාන් අයියා ගැන දැනන් හිටියා. ඒක අපේ ගෙදරට ආරංචී වුනාම අපේ ගෙදර අය කිව්වේ "ඒකිට නම් හරී ගියා අපේ එකීනේ මේ හිගන්නෙක් අල්ලගෙන තියෙන්නේ" කියලා. ශදී... විමූ එක පාරටම මං ළගට දුවන් ආවේ හදිස්සියක් වගේ. ඇයී බං හදිස්සියක්ද්ද? නෑ නෑ මට හොද අයිඩියා එකක් ආවා . ඒ මොකක්ද්ද. අපිට දැන් ඉස්කෝලේ ඇරිලා පාඩම් කරන්න ඉන්න නිසා ඇරුන ගමන් පැය කාලෙක ඉන්ටවල් එකක් දෙනවනේ ඒකේ හම්බෙමූ. කොහොමද ඒක කරන්නෙ .මට නම් බයයී. ඔබ පලයං. පොඩී පංති පැත්තට යමං. ශානූ අයියලට ඒ පැත්තේන් තියෙන කැලෑ පාරෙන් යන්න පුලුවන් අහු වෙන්නෙ නෑ. හරී එහෙනම් කියලා බලමුකෝ. විමුයී මායී පොඩි කොල කෑල්ලක විස්තරය ලියලා දයාන් අතේ යැව්වා. ශානූ අයියලා ඒක කියවලා, සතුටින් කෑ ගහනවා අපි පංතියේ ඉදන් බලන් හිටියා. මේ ක්‍රමය නිසා අපිට නිතරම මුන ගැහෙන්න අවස්තාව උදා වුනා. සුලු මොහොතක් හරී ශානූ අයියගේ ළගින් ඉන්න එක මට ලොකු සැනසීමක් වුනා. අපි හමු වුන හැම වතාවෙම මං ශානූ අයියගේ උනුහුමට තුරුලූ වුනා. ජීවිතේ උපරිම ආදරෙ ශානූ අයියගෙන් ලැබෙනවා කියලා මට හිතුවා. ************************************* සාමාන්‍ය පෙල විභාගයට තව හරියටම මාසයයී. මං හවස් වරුවක පොත් වල වැඩ වගයක් කරමින් හිටියා. සේන බාප්පා ගෙදර එනවා මට ඇහුනා, අම්මා වතුර ගේන්න ගිහින්. සේන බාප්පා කාමරයට ආවා සුදු දූ.... මං කතා කරන්නෙ නෑ සේන බාප්පා එක්ක, මං ඇහුනේ නෑ වගේ හිටියා. සුදු දූ.. මොකද ළමයෝ ඔහොම ඉන්නේ. මං කියන දේට පොඩ්ඩක් කැමති වුනානම් ඔය කොල්ලව ඔයා ළගටම ගෙනත් දෙනවනේ. ඒ කතාවට නම් මගේ ඇගේ ලේ කුප්ත වුනා. ආ... එහෙමද. වරෙන්කෝ .තෝ නම් මහ ජරා බල්ලෙක්. බල්ලන්ටත් විලිලැජ්ජාවයී. කෑ ගහන්න එපා . සුදු දූ. සේන බාප්පා ඔලුව අත ගාන්න උත්සහ කලා. යනවා යන්න මෙතනින්. පලයං. අනේ අනේ සුදු දූ.. යන්න නේද කිව්වේ. තොගෙ කැමැත්ත මට ඕනී නෑ. මට ඕනී දේ මං කරන්නේ.. ආ... එහෙමද බලමුකෝ කරලා. මොනවා බලන්නද පලයං යන්න දෑහැට නොපෙනී. ඒත් සේන බාප්පා කියවමින් එතනම රැදී සිටියා. මට කේන්තිය උහුල ගන්න බැරි තැන මේස උඩ තිබුන සේරම පොළවෙ ගැහුවා. හවස කඩේ ගිහින් ගෙනාපූ බඩු කවරෙත් පොලවෙ ගැහුවා. කාමරය පුරාම සීනී කවරයක් ඉහිරිලා ගියා. මොකද කෙල්ලේ ඔය කරන්නෙ. අපරාදේ හවස ගෙනාව සීනී ටික. උබේ කේන්තියට සීනී පලි නෑනේ. එහෙම කියාගෙන අම්මා අපි අතරට ආවා. අම්මා අහන් හිටියද මුගෙ බලු කතාව. අම්මත් ඉතිං මුගෙ පැත්තනේ. මට හෙන ගැහුවත් එකෙක්ටවත් ගානක් නෑ. ඒ එක්කම චටාස් ගාලා පාරක් වැදුනා. සේන බාප්පත් මට ගහන්න පැනගෙන ආවා. මාත් ඇරියෙ නෑ මට පුලුවන් උපරිම ශක්තිය දාලා මාත් සේන බාප්පට ගැහුවා. ඔය පොරය අස්සෙ සේන බාප්පගෙ සරම කඩන් වැටුනා, ඉක්මනට සරම උස්සගෙන එලියට දිව්වා. විනාඩි දෙකෙන් සේන බාප්පා ඇතුලට ආවේ කේන්තියෙන් . පලයං යන්න මේ ගෙදරිං .මං කියන දේ නාහන එවුන් මෙහෙ ඉන්න ඕනී නෑ. තෝ කියන්නෙ කරන්න පුලුවන් ඒවද බල්ලෝ. පලයං එලිබැහැලා මගෙන් මැරුම් නොකා. යනවා තමයී යකෝ. මටත් තෝ ඉන්න තැනක ඉන්න කිසි ආසාවක් නෑ. දකිනකොටත් තිත්තයී. සේන බාප්පා මට ගහන්න පැන්නා. මං පාර පැත්තට පැනලා දිව්වා. ගේ ඇතුලේ වලිය ඇහෙනවා. ඒත් මං ගේ පැත්තට ගියෙ නෑ. මගෙන් ගන්න බැරී වාඩුව, සේන බාප්පා ගන්නේ අම්මගෙන්. අම්මට ගහනවා ඇතී හිතුනත්, තවත් පොර කන්න බැරි නිසා මං ගෙදරට එන පාර මැද්දට වෙලා ඉදගෙන හිටියා. කට්ට කරුවලයි, සතෙක් සර්පයෙක් හිටියත් පේන්නෙ නෑ. සේන බාප්පා එහෙ මෙහෙ වෙනකන් ඉදලා ගේ පිලිකන්නට ආවා. මහ රැවෙලා ගෙට ආවේ සේන බාප්පට නින්ද ගියහම. එලිවෙනකන් ඇහැරලා ඉදලා ඇදුම් කීපයකුයී ,සේරම පොතුයී බැග් එකට දාන් මං ගෙදරින් පිට වෙලා ආවා. විමුලගේ ගෙදර යන්න හිතුවත් අම්මා අකමැතී නිසා, නිමේෂලාගේ ගෙදර නතර වුනා. නිමේෂලගෙ අම්මා අපෙ අම්මට කොල් කරලා මං මෙහෙ බව කිව්වා. නිමේෂට හිටියේ නංගිලාම දෙන්නෙක්. ඒ ගෙදර මට කිසිම කරදරයක් නැ.හවස් වෙනකොට අම්මා රෙදී කෑමයී අරන් ආවා. මට ගෙදර එන්න කිව්වේ නෑ. නිමේෂයී මමයී රැ ඇහැරන් පාන්දර වෙනකන් පාඩම් කලා. හුගක් සතුටින් විනෝදයෙන් කාලය ගෙවිලා ගියා. ශානූ අයියා කිව්වේ විභාගේ ඉවර වෙනකන් මෙහෙ ඉදලා, ඊට පස්සෙ ගමේ යන්න කියලා . සති දෙකකට පස්සෙ දවසක් හවස අම්මා මාව එක්කන් යන්න ආවා. මං යන්නම බෑ කිව්වා. " මං අරූගෙන් මැරුම් කනවට කැමති නම් ඉන්නවා. බලනවා මගෙ දත" කියලා අම්මා කට පෙන්නුවා. ඉස්සරහා දතේ කෑල්ලක් කැඩිලා ගිහින්. මම ආයෙත් ගෙදර ආවා. පාඩම් කරන්න විදිහක් නෑ. මං උත්සහ කලෙත් නෑ .හිතේ නිදහසක් නැතුව පාඩම් කරන්නත් බෑනේ.අවසාන වාර විභාගයත් පටන් ගත්තා. නිවාඩුවට කලින් ලකුනූ දෙන්න හැම ටීචර් කෙනෙක්ම උනන්දු වුනා. විභාගේ නිසා අපිට කලින් ගෙදර යන්න වුනා. අපි ගෙදර යන්න එනකොට නිශාන්ත සර් අපිව ප්‍රශ්න කරන්න අල්ල ගත්තා. කොහොම හරී ඉස්කෝලේ ඇරෙන වෙලාව වෙනකන් අපිට යන්න දුන්නෙ නෑ. විමූටයි මටයී බොරු ගොඩක් කියන්නට සිද්ද වුනා සර්ට. ඉස්කෝලේ ඇරිලා, අද බස් එකේ යනවා කියලා මාත් විමූ එක්ක නතර වුනා. ටික වෙලාවකින් ලොකු සර්ගෙ වෑන් එක අපි පහු කරන් ගිහින් ටිකක් එහායින් නතර කලා. නතර කරලා අපිට අතින් අඩ ගැහුවා. විමුයී මායී සර්ගේ වෑන් එක ලගට ගියා. වැන් එකේ ටීචර්ලා පිරිලා. නිශාන්ත සර්රුත් වෑන් එක ඇතුලේ හිටියා. ඊ ළග කොටසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 23 Sep 2016 05:43 AM Posted By sha733 on 23 Sep 2016 05:29 AM කථාව හරිම ෂෝක් . හොදටම නැගල යන වෙලාවෙ කථාව නැවැත්තුවානේ අනේ අනේ ශා අයියේ.... ඔයාට හරි අාසයි වගේ වලි වලට. ශදී පව්... තාත්තෙක් වගේ හිතන්න ඒපා.. කොල්ලෙක් වගේ හිතලා මේ කතාව කියවන්න. නැත්තම් මේ කතාවේ වැරදි අාදරශයක් වගේ පෙනේවි ඉස්සරහට.... දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 23 Sep 2016 05:29 AM කථාව හරිම ෂෝක් . හොදටම නැගල යන වෙලාවෙ කථාව නැවැත්තුවානේ DushanVeteran MemberPosts:2536 23 Sep 2016 05:25 AM Posted By සඳුනි on 23 Sep 2016 04:00 AM Posted By Dushan on 23 Sep 2016 01:12 AM ශානූ අයියාවත් මග තොටේදී සේන බාප්පට දෙක තුනක් ගහනකන් ඉවසිල්ලක් නෑ මට නම් ගොඩක් ස්තුති කතාවට ඊලග කොටසත් ලියමු එහෙනම් ඉක්මනටම කොන්තරාත් ඒක බාර ගන්නවද? දුශාන් අයියා..... ඔව් මේ කොන්ත්‍රාත් එක ලැබෙනකන් හිටියේ මං ඊලග කොටසත් දාන්නකෝ බලන්න එහෙනම් සඳුනිVeteran MemberPosts:2462 23 Sep 2016 04:00 AM Posted By Dushan on 23 Sep 2016 01:12 AM ශානූ අයියාවත් මග තොටේදී සේන බාප්පට දෙක තුනක් ගහනකන් ඉවසිල්ලක් නෑ මට නම් ගොඩක් ස්තුති කතාවට ඊලග කොටසත් ලියමු එහෙනම් ඉක්මනටම කොන්තරාත් ඒක බාර ගන්නවද? දුශාන් අයියා..... දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 23 Sep 2016 01:12 AM ශානූ අයියාවත් මග තොටේදී සේන බාප්පට දෙක තුනක් ගහනකන් ඉවසිල්ලක් නෑ මට නම් ගොඩක් ස්තුති කතාවට ඊලග කොටසත් ලියමු එහෙනම් ඉක්මනටම සඳුනිVeteran MemberPosts:2462 23 Sep 2016 01:03 AM ..... කදුලත් සැනසුමක්.... 26. වන කොටස. ************************************** මම පරන පුරුදූ විදිහටම දැන් ආයී විමූ එක්ක ක්ලාස් යනවා. සේන බාප්පා නම් නිතරම අම්මට බැන්නා මාව තනියෙන් යවන්න එපා කියලා. මම දැන් නිමේෂා එක්ක එකතු නිසා අම්මා බය නැතුව මාව තනියෙන් ක්ලාස් ඇරියා. නිමේෂාලගේ අම්මා අපෙ අම්මගෙ හොද යාලුවෙක්, ඒක නිසා අම්මා ආවේ නිමේෂලගෙ ගෙදරට වෙනකන් විතරයී. ශදී.. ඇයී විමූ. අද දුලාන් අයියා එනවා කිව්වා. ඊයෙද කිව්වේ. නෑ අද . මේ.... විමූ පුංචී පෝන් එකක් මට පෙන්වමින් කිව්වා. දුලාන් අයියා විමූට පෝන් එකක් අරන් දීලා. දුලාන් අයියත් පෝන් එකක් අරන්ලූ. මටත් පෝන් අරන් දෙන්න අහලා තිබුනේ ,ඒත් සේන බාප්පා එක්ක බැරි නිසා මං එපා කිව්ව්වා. මේ ශානූ අයියත් එනවා. උබ එනවා නේද යන්න. මං එන්නෙ නෑ බං . අපිට මේ තියෙන නිදහසත් නැති කර ගන්න බෑ මට. අහු වෙන්නෙ නෑ බං. අර කැඩුනු බස් හදන්න දාලා තියෙන තැනට එන්න කිව්වේ. ශානූ අයියලා ඒකේ අයිතී අයියවත් හොදට දන්නවලූ. මං නම් එන්නෙ නෑ .නිමේෂා ගෙදර ගිහින් මං ගැන මොනවද අපෙ අම්මට කියන්නේ. ක්ලාස් ඇරුන වෙලේ ඉදන් වීමූ මට යමුම කියලා බලකලා. මගෙ හිතට බයයී. ඒක නිසා යන්න හිතුනේ නෑ. බැරි තැන විමූ ශානූ අයියට කෝල් එකක් අරන් දුන්නා. ශානූ අයියා බල කරන නිසා මං යන්න කැමතී වුනා. නිමේෂයී අනිත් යාලූවෙයි අපි වෙනුවෙන් ටිකක් වෙලා ඉන්න කැමති වුනා. අපි දෙන්නා හීන්සැරේ බස් තියෙන තැනට කිට්ටු වුනා. දෙන්නාම ඉන්නවා බස් එකක් ඇතුලේ. වටපිටාවට පේන්නෙත් නැති නිසා අපිත් බස් එක ඇතුලට ගියා . ඒක නිසා මගෙ හිතේ බය ටිකක් අඩු වුනා. උස සීට් නිසා කාටවත් පේන්නෙත් නෑ , එතන වැඩිය සෙනග ගැවසෙන තැනකුත් නෙමෙයී. සුදු මැනික මොනවද කල්පනා කරන්නෙ. ඇයී එන්න බෑ කිව්වේ. ගෙදරට ආරංචී වුනොත් ආයී නම් මාව ඉස්කෝලේවත් එවන එකක් නෑ. ඒකයී. බය වෙන්න එපා මෙතන කාටවත්ම සැක හිතෙන්නේ නෑ. ශානූ අයියා අවසරයක් නැතුවම මගෙ අත් දෙකෙන් අල්ල ගත්තා. එයාගේ පපුවට තියා ගත්තා. සුදු මැනික පොඩ්ඩක් මං දිහාම බලන් ඉන්න පුලුවන්ද? මගෙ ඇස් දෙක දිහාම . කෝ බලන්න . මං මූන උස්සලා ශානූ අයියගෙ ඇස් දිහා බැලුවා. ඉස්කෝලේ හෝල් එකේ ,එහේ කෙල්වරේ ඉදන් මං දිහා බලන ඇස් , මං ළගටම ඇවිත්. මං අමාරුවෙන් ඒ බැල්ම දරාගෙන හිටියා. මගෙ හදවතට දරා ගන්න බැරී සිවුම් වේදනාවක් දැනුනා. ශානූ අයියා මගෙ අත්දෙක මුහුනට ළං කරද්දී මම අහක බලා ගත්තා. මගෙ දෑතටම එයාගේ සුසුම්වල උනුසුම දැනුනා. කිහිප වතාවක්ම ශානූ අයියා මගෙ දෑත් සිප ගත්තා . ශානූ අයියා මගෙ කරවටා අතක් යවලා මං එයාගේ ඇගට ළන් කර ගත්තා. එදා මුල්ම දවසේ එයාගේ උනුසුම දැනුනටත් වඩා උනුසුමක් මට අද එයා ළගින් දැනෙන්නේ. සමු ගන්න මොහොත වෙනකන්ම ශානූ අයියා මාව එයාගේ තුරුලෙන් වත්, ඈතින් වත් මුදෙව්වේ නැහැ. ශානූ අයියේ අපි යන්නම් දැං. නිමේෂලගෙ ගෙදරට වෙලා අම්මා මග බලාගෙන ඇතී. නිමේෂලත් අපි නිසා රස්තියාදූ වෙනවනේ. හා එහෙනම්. හුගක් පරිස්සමින් ඉන්න සුදු මැනික. ඔයත් පරිස්සමින් ඉන්න ශානූ අයියේ. හරී මට ඉතිං කාගෙන් වත් කරදරයක් නෑනේ. යමු නේද විමූ. මං එහෙම කියමින් පස්ස බැලිවා. විමුයී දුලාන් අයියයි හිටියේ අපිට පිටි පස්සේ සීට් එකේ නිසා. එක පාරටම ශානූ අයියගේ දෙතොල මගෙ කම්බුලේ ස්පර්ශ වෙද්දී මං එහෙමම ගල් ගැහුනා. මගෙ හිතේ මේවගේ ලස්සන හීන නොතිබුනා නෙමෙයී,ඒත් එක පාරට වුන දේ හැබෑවක්ද කියලා මට හිතා ගන්න බැරි වුනා. සුදු මැනික ඇයී බය වෙලා වගේ. මං වැරදී දෙයක් කරානම් සොරී . අනේ ඔහොම ඉන්න නම් එපා. ම්ම්ම්ම්ම්ම්ම්ම්.... මොකද ළමොයෝ. බය වෙලාද.? නෑ..නෑ තරහා නෑ නේද.. නැ.. එහෙනම් ශානූ අයියා මගෙ මුහුන කීප පොලක්ම සිප ගත්තා.මගෙ ඇගපුරාම විදිල්ලක් දිව්වා,හරිම අමුතු හැගීමක්. මගෙ ආච්චි අම්මාගෙන් පස්සෙ මාව ආදරෙන් සිප ගත්තේ මගෙ ශානූ අයියා. මට අම්මා එක්ක ඒතරම් ළං වුන සම්බන්ධතාවක් තිබුනේ නැහැ. පොඩි කාලේ ඉදන්ම මට දැනුනේ අම්මා හරිම නපුරු කෙනෙක් කියලා. ඒත් මං එයාට රිද්දන්න හිතුවේ නෑ. අපි.. ය...න්නද? හා යමූ.. ඉතිං යන්න දෙන්නකෝ. ශානූ අයියා සීට් එකෙන් නැගිටිනකන් මට එතනින් එන්න බෑ. ශානූ අයියා නැගිටින්නෙත් නෑ. ඉතිං යන්න නැගිටලා. ඕන් මං යනවා එහෙනම්. මං නැගිටලා එන්න සූදානම් වුනා. ශානූ අයියා මගෙ අතින් ඇද්දා, මං ආයෙත් සීට් එකේ ඉන්ද වුනා. මොකද හදිස්සි .මට දීලා යන්නෙ නැද්ද. මොනාද? මං දීපුවා.. බෑ.... මං මුහුනට ලැජ්ජාව නිසාම සිනහවක් මැවුනා. දෙන්නකෝ... ශානූ අයියා මට මූන පෑවා. මං එයාගේ දකුනු කම්බුල සිප ගෙන සීට් එකෙන් එලියට පැන ගත්තා. පරිස්සමින් යන්න දෙන්නම. ශානූ අයියලා එතන ඉද්දී අපි දෙන්නා මුලින්ම පිට වෙලා ආවා. මං එන ගමන් විමූ අතිං අල්ලලා මිරිකුවා. " මං දැක්කා වුන දේ" විමූගේ කතාවට මගේ මූන තවත් රතු වුනා. ඒ මොහොත මොන තරම් සුන්දර වුනත් මං ගෙදර ආවේ හුගක් බයෙන්. ඒ වෙනකන් නම් ගෙදරට මොකුත් ආරංචී වෙලා තිබුනේ නැහැ. ************************************* සේන බාප්පා ගෙදර එන්නෙ නෑ කියලා පනිවිඩයක් එවලා තිබුනා. ඒක නිසා අම්මා මට ගෙදර ඉන්න කිව්වා. මාත් නිදහසේ ගෙදරට වෙලා පොත්වල වැඩ කර ගත්තා. වීමූත් දැන් ටිකක් ඈත් වෙලා නිසා මට එයාට ලිව්මක් ලියන්න හිතුනා. මං කොළයක් අරන් නිදහසේ ලියන්න පටන් ගත්තා. ඊට කලින් දවසේ ශානූ අයියව අහන්බෙන් මට හම්බුන බව මං ඒකේ ලිව්ව්වා. තව නොයෙක් තොරතුරූ ලියලා පොතක් අස්සට දාලා ,බෑග් එකට දාලා ,මං නිදා ගන්න සූදානම් වුනා. සුද්දී... සේන බාප්පගේ කට හඩ ඇහිලා මං උඩ විසික් වුනා. මට කර ගන්න දෙයක් නෑ. බෑග් ඇද්දොත් සැක හිතෙන නිසා මං මොකුත් නොවුනු ගානට හිටියා. අම්මා ගිහින් දොර ඇරියා. අද එන්නෙ නෑ කිව්වා නේද. ඕ..ව් එන්..නේ නෑ.. කි..ව්වා.. තමා.....; හොදටෝම බීලා. කතා කර ගන්නවත් බෑ. හා හා කැවද එහෙනම් ඔහොම නිදා ගන්නවා. අම්මා සේන බාප්පව වාරු කරන් ඇවිත් ඉස්සරහා ඇදට දැම්මා. කෝ මගේ පොඩී එකා. සේන බාප්පා නැගිටලා කාමරයට ආවා. ඇවිත් කෙලින්ම මගෙ බෑග් එක අදින්න ගත්තා. මොකද ඔය කරන්නේ.... සුද්දී..... ඔබ කට වහන් ඉදපං මොනවද හොයන්නෙ. ඉදහංකෝ අරං පෙන්නන කන්. සේන බාප්පා බොරු වෙරියක් පෙන්නලා තියෙන්නෙ දැන් වෙරි නෑ. මේ තියෙන්නේ බඩූ. තෝ නිදියපිය කට ඇරන්. ඒ එක්කම අම්මගෙන් පිට පිට ගුටි කීපයක් ලැබුනා. සේන බාප්පා කලින් ඇවිත් හොරෙන් බලං ඉදලා තියෙනවා. ලිව්ම දිගෑරගෙන මහ හයියෙන් කියවනවා. අපේ ගෙදර නිතර රන්ඩූ නිසා අහල පහල කවුරුතම සද්දේ ඇහුනට එන්නෙ නෑ. ආ ඔය තියෙන්නේ නවත්තපුවා. ඊයේ හවසත් හම්බ වෙලා තියෙනවා අරූව. මං සද්ද නැතුව හිටියට ආරංචී වෙන්නෙ නෑ කියලා හිතන්න එපා ඈ. මේ බැල්ලුව නම් තබේකට විශ්වාස කරන්න බෑනේ. අම්මත් මට බැන්නා. ලෑස්ති වෙයන් ඇදුම් ටිකක් දාගෙන එහෙට ගිහින් දාන්න .තෝව ආයී මෙහෙ තියා ගන්නෙ නෑ. තොට ඉගෙන ගන්න නෙමේ මිනිහෙක්නේ ඕනී. මං ඇඩුවෙ වත් වචනයක් කිව්වේ වත් නෑ, කියන දේ නෑහුනා වගේ හිටියා. බේරුමක් නෑ කෑගහනවා. ඇදුම් දාගන්නලූ ශානූ අයියලාගේ ගෙදර ගිහින් දාන්න. ඒ මදිවට ත්‍රීවීල් එකකුත් ගෙන්නලා. ඉවසලා ඉවසලා බැරි තැන අල්මාරිය ඇරියා ඇදුම් ටික දා ගන්න. අම්මා බැන්නා "පිස්සුද තොට "කියලා. ඇදුම් එපා නම් නැගපයවි ගිහින් වාහනයට. අම්මා "තවත් කේන්තී අවුස්සන්නැතුව යමං" කිව්ව නිසා මම ත්‍රීවීල් එකට ගොඩ වුනා. ත්‍රීවීල් එක වේගයෙන් ශානූ අයියලාගේ ගෙවල් තියෙන පැත්තට ඇදීලා ආවා. ඊ ළග කොටසින් හමුවෙමු. දිනයක වැටහේවී........... samanthaMost Senior MemberPosts:13190 23 Sep 2016 01:03 AM තවත් ලස්සන කොටසක්. මම රසවින්දා .. බොහොමත්ම ස්තූතියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! සඳුනිVeteran MemberPosts:2462 23 Sep 2016 12:50 AM ....කදුලත් සැනසුමක්... 25. වන කොටස. මං බිරන්ත වී සුපුන් මල්ලි දිහා බලාන් හිටියා. ශදී අක්කේ.... මට සේන මාමා කිව්වා ඔයා ගැන ඇහැ ගහන් ඉන්න කියලා. මං දන්නවා සුපුන් මල්ලි ඒක. ඔයාට ඕනි නම් අපි කතා කරනවා දැක්ක බව සේන බාප්පට කියන්න. වැඩිම වුනොත් මාව මරයී. මට දුක මං හින්දා ශානු අයියට කරදරයක් වෙයී කියලා. ශදී නංගි මොනවද ඔය කියන කතා. ඔයාට මොකුත් වෙන්න දෙන්නෙ නෑ මම. මේ කොල්ලෝ ඔබට ඕනි නම් කේලම කියපන් .. ශානූ අයියාට කේන්ති ගිහින් සුපුන් මල්ලිට බැන්නා. සුපුන් මල්ලී ශානූ අයියගේ යාලුවෙක්. ශානූ අයියා දැනන් ඉදලා නැ සුපුන් තමා ඔත්තු බලන්නෙ කියලා. පොඩ්ඩක් මං කියන දේත්.. නෑ... නෑ.. සුපුන් මල්ලි. අදට විතරක් පුලුවන් නම් සේන බාප්පට නොකියා ඉන්න. ප්ලීස්... මගෙයී ශානු අයියගෙයී අතරේ දැන් කිසිම සම්බන්දයක් නෑ. අද මේ අහන්බෙන් හම්බෙලා කතා කලේ මං සුපුන් මල්ලිගෙ කතාවට බාදා කරමින් කිව්වා. සුපුන් ඉන්නවා දැකලා විමූත් අපි ළගට ආවා. ආ සුපුන් මල්ලී.. බලන්නකෝ විමූ අක්කේ. මෙයාලා මට කතා කරන්න දෙන්නෙ නෑනේ. ඇයී මෙයාලා කේලම් කියන්න එපාලුද?; විමූ එහෙම කිව්වේ කට කොනකින් හිනා වෙමින්. කවුද දැන් කේලම් කිව්වේ. ඇයී ඔයාලා මට බනින්නේ. ඔයානේ සේන බාප්පට ශානූ අයියා ගැන සේරම කියලා තිබුනේ. මං කතාව මැද්දට පැන්නා. මං කිව්වේ නෑ ශදී අක්කේ. මං දැනන් හිටියෙත් නෑ ඔයාලා යාලුයී කියලා. සේන මාමා මයී කිව්වේ ඔයාලා ගැන. මං මොකුත් කිව්වෙ නෑ. ඔයාලා ඉස්කෝලෙදී කතා කරනවද බලලා එයාට කියන්න කිව්වා. දැන් ඔබට ඌවද? මාවද? වටින්නෙ කියහන්කෝ. ශානූ අයියට හොදටම කේන්තී ගිහින් සුපුන් මල්ලිගෙ සර්ට් එකෙන් අල්ල ගත්තා. මට වටින්නෙ උබව බං අයියේ. මං මේ ආවේ ඔයාලට ඕනී සපෝට් එකක් දෙනවා කියන්න. සේනයා මට පේන්නත් බෑ. මහ ජරා මිනිහෙක් . දවසක් අපේ ලිද ලග හැංගිලා ඉදලා ,අම්මා නානකොට. අපි දැක්කා පැනලා දුවනවා. මට පොලව පලාගෙන යන්න හිතුනා ලැජ්ජාවට. ශානූ අයියා සුපුන් මල්ලිගෙ කරේ අතක් දාගෙන . අනේ සොරි බං මට කේන්ති ගියා. තරහා නෑ නේද. අපෝ නෑ බං අයියේ. එහෙනම් උබලා කතා කර හල්ලා . මං ඔත්තූ බලන්නම්කෝ. එහෙම කියලා සුපුන් මල්ලි පිට වෙලා ගියා. ශානූ අයියට මං ගෙදර තත්වය සේරම කිව්වා. ආදරේ කරන දෙන්නෙක්ට කතා කරන්න බැරී දේවලුත් අපිට කතා කරන්න වුනේ සේන බාප්පා නිසා. මට ඉබේටම ඇඩුම් ආවා. "මොන දේ වුනත් මගෙන් ඈත් වෙන්න උත්සහ කරන්න එපා "කියලා ශානූ අයියා මගෙන් පොරොන්දු ගත්තා. ************************************** තරමක් හොද කාලය උදා වුනා. මට ආයෙත් තනියෙන් ක්ලාස් යන්න ඉඩ දුන්නා. මං රන්ඩු කරලා නැන්දලාගේ ගෙදර රෑ ඉන්නත් පටන් ගත්තා. ටීචර්ලා සර්ලටත් දැන් ඒ කතාව ටිකක් අමතක වෙලා වගේ. ශානූ අයියයී මායී හුගක් පරිස්සම් වුනා. ගයේෂා ඉද හිට ටීචර්ට කේලම් කියලා ඇවිස්සුවා. ඒක නිසා අපි කතා කරන්න උත්සහ කලේ නෑ ඉස්කෝලෙදී. හිස් පීරියඩ් එකක් අහු වුනොත් පොඩි ලිව්මක් ලිව්වා. ඒවා ශානූ අයියට ගිහින් දුන්නේ දයාන්. දයාන් අපිට හුගක් උදව් කලා. ශානූ අයියගෙ ලිව්ම් මට ගෙනත් දුන්නෙත් දයාන්. මං ඉස්කෝලෙදිම කියවලා ශානූ අයියටම ලිව්ම අහපව් දුන්නා. දෙන්නගෙම ලිව්ම් තිබුනේ ශානු අයියා ලග. ශදී ඔයාට ප්‍රින්සිපල් සර් එන්න කිව්වා. කවදාවත් නැතුව ගයේෂා හිනා වෙමින් පනිවිඩය කියනකොට මගෙ මුලු ඇගම බයෙන් වෙවුලලා ගියා. ඇයී දන්නෙ නෑ නේ .ගයේෂා. දන්නේ නෑ ගිහින් බලන්න. මට විතරක්ද්ද එන්න කිව්වේ. ඔව් ඇයී බයද? වැරදී නොකර හිටියා නම් ඉවරනේ. මං බයෙන් කල්පනා කරමින් කාර්යාලය ළගට ගියා. ටීචර්ලා සර්ලා පිරිලා. මගෙ මුලු ඇගම අප්‍රානික වෙලා වගේ. "අනේ දෙවියනේ මගෙ පාසල් ජීවිතේ අවසන් දවස අදද?" සිතමින් ලොකු සර්ගේ මේසය ලගට ගියා. අත් දෙක පිටි පස්සට කරලා අල්ලගෙන. සර් මට එන්න කිව්වේ? ඔව්... සර්ගේ වචනය ඇහෙද්දී මං ගැස්සිලා ගියා. මං බිම් බලාගෙන හිටියේ සර් දිහා බලන්න බය නිසා. ඔය ළමයට සිංදු කියන්න පුලුවන් නේද? ඕ..ඔ.ව් සර්. මගේ වචනත් පැටලුනා. හෙට ලෝක ළමා දිනේට උත්සවයක් සුදානම් කරලා තියෙනවා. හෙට ඔය ළමයට සිංදුවක් කියන්න පුලුවන්ද? හැබැයී කාටවත් කියන්න එපා හෙට උත්සවය ගැන. ඒකයී මේ ලමයට තනියෙන් එන්න කිව්වෙත්. හරී සර් පුලිවන්.. හොදයී .. පොඩ්ඩක් සිංදුවක් කියන්න බලන්න. දැන්ද සර්.. ඔව් පන්සලෙ පල්ලියේ දහඩියෙන් අපි තැනූ..... මං ගීතයේ මුල් කොටස ගයලා ඉවර වෙද්දී කාර්යාලේ හිටපූ සේරම ගුරුවරු අත්පොලසන් දුන්නා. මං කාර්යාලයට ගිය බව ශානූ අයියටත් ආරංචී වෙලා, මුන ඇබුල් කරන් මං පංතියට එනකන් බලන් හිටියා. මං පංතියට එද්දිම දයාන් ඇයි ඇහුවා. ශානූ අයියට පනිවිඩේ දෙන්න ඕනී නිසා මං ඇත්තම කිව්වා. දයාන් පනිවිඩේ කියනකොට මං ශානූ අයියා දිහා බැලුවා. ශානූ අයියා මගෙ දිහා එබිලා බලලා. අතින් එළ කිරී කිව්වා, හරිම සතුටින්. මගෙ හිනාව ගයේෂගේ හිතට ලොකු වදයක් වගේ මූනත් පුලුටු වෙලා. මං ගයේෂා ලගට ගියා. වැරදී වැඩ කැරන්න එපා කිව්වා නේද? බලමුකෝ ඈ ඔයලත් වැරදී වැඩ කරද්දී නේ. ගයේෂා මට ගස්සගෙන යන්න ගියා . මං දැන් නිතර හිටියේ නිමේෂා එක්ක. මට විමූ එක්ක ඉන්න බෑ ටීචර් දොස් කියන නිසා. උත්සවය ආරම්භ වුනා. හැමදාම ප්‍රධන ශාලාවේ උත්සව තියන නිසා වෙනසකටත් එන්න පිට්ටනියේ හෙවන පැත්තක පුටු තියලා තැනක් සූදානම් කරලා තිබුනා. සර්ලා ඊයෙ රෑම මේ කටයුත්ත වෙනුවෙන් ඉස්කෝලේ ඉදලා තියෙන්නේ. අද නිවේදන කටයුතු කලේ ලොකු සර්. ළමයින්ට හරිම පුදුමයී , ඒ වගේම සතුටුයී. කිහිප දෙනෙක්ගේ කතා වලින් පස්සේ ලොකු සර් මට ආරාධනා කලා. මං සිනා මුසු මුහුනින් ළමයී අතරින් ඉස්සරහට ආවා. උදේ රැස්විම වගේ නෙමෙයිනේ ළයින්ට කෑ ගහන්න ,ඕනීම දෙයක් කරන්න බාධාවක් නැති නිසා, ළමයී මගෙ නම කියලා කෑ ගැහුවා. ශානූ අයියා පිටිපස්සට වෙලා කට්ටිය එක්ක විසිල් ගහනවා මං දැක්කා. ඒ මදිවට උඩ පැන පැන අත වනනවා. ලොකු පංතිවල පිරිමි ළමයී සේරම හිටගෙන හිටි නිසා කාටවත් ශානූ අයියව අවධානයට ලක් වුනේ නෑ.මං අවසර අරන් සිංදුව පටන් ගත්තා. " හොද හොද ළමයින් අපි වාගේ මේ මව් බිම ඉපදී ඉන්නේ අත්පොඩි ටික එකමුතු කරලා රකිමූ අපෙ සිරිලක් අම්මා" සිංදුවට හැමෝම සතුටින් අත්පොඩී ගැහුවා. සිංදුව ඉවර කරලා මං එන්න සුදානම් වෙද්දී ළමයී තව සිංදුවක් ඉල්ලලා කෑගහන්න ගත්තා. මං ලොකු සර් දිහා බැලුවා. එදා ඔපිස් එකේදී කියපු සිංදුවත් කියන්න. ලොකු සර් මට කිව්වා. මං ආයෙත් මයික් එක අරන් සිංදුව පටන් ගත්තා. "පන්සලේ පල්ලියේ දහඩියෙන් අපි තැනූ පිළිම දා ගැබ් පෙනේ ලෝකයක් දන් නැමූ." ප්‍රීතී ඝෝෂා මැද්දේ මන් මගෙ අසුනට ආවා. මටම පුදුමයී ලොකු සර් මට සිංදු කියන්න අවස්තාවක් දුන්නේ ඇයී කියලා. ඊට පස්සේ තිබුනේ ළමයී වෙනුවෙන් සූදානම් කරපූ තරග වගයක්. උත්සවය සාර්තකව නිම වුනා. තරග දිනපූ අයට තෑගී දුන්නා. සේරම ළමයින්ට කෑමයී, පොදූ තෑග්ග හැටියට පෑනකුයී ලබා දුන්නා. ************************************** ඊ ළග කොටසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 23 Sep 2016 12:37 AM Posted By Rosi on 22 Sep 2016 03:38 PM ස්තුති නංගියෝ, නිදහසේ කියෙවුවා ...අපෝ හොද බාප්පලත් ඉන්නවා ,,එත් බහුතරයක් නම් විශ්වාස කරන්න බැ,ජරා යක්කු ... ඊලග කොටස එනකම් ඉන්න වෙනවා නේ එත් කවදාත් බප්පලා විශ්වාස කරන්න බෑ දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 22 Sep 2016 03:38 PM ස්තුති නංගියෝ, නිදහසේ කියෙවුවා ...අපෝ හොද බාප්පලත් ඉන්නවා ,,එත් බහුතරයක් නම් විශ්වාස කරන්න බැ,ජරා යක්කු ... ඊලග කොටස එනකම් ඉන්න වෙනවා නේ එත් සඳුනිVeteran MemberPosts:2462 22 Sep 2016 02:16 AM ..... කදුලත් සැනසුමක්..... 24. වන කොටස. මාත් ඇදෙන් බැහැලා ,පොත් මේසේ ළගින් ඉද ගත්තා. බෑග් එකෙන් පොත් ටිකක් අරන් දිගහැර ගත්තා. පොත් වල වැඩක් කරන්න තරම් හිතේ නිදහසක් නැති නිසා පොත දිගෑරගෙන කල්පනා කර කර හිටියා. ටිකකින් අම්මට ආයෙත් නින්ද ගිහින්. සේන බාප්පගේ ගෙරවිල්ල නතර වෙලා .ඒක නිසා මං නිකමට වටපිටාව හෝදිසියෙන් බැලුවා. මොකද කොහෙන් හරී බලන් ඉන්නවා වෙන්න පුලුවන්නේ.කපරාදූ නොකරපූ බිත්තීයේ පලංචී දැමීමට යොදා ගත් සිදුරූ තාම වහලා තිබුනේ නෑ. ඒවට ලෑලී කෑලී ගහලයී තිබුනේ . අහම්බෙන් වගේ මං දැක්කා පොත් මේසේ ළහ ලෑලී කෑල්ල එහාට වෙලා තියෙනවා. මං නොදැක්කා වගේ ඉදගෙන මොකද කරන්නේ කියලා කල්පනා කලා. එතන බොන්න ගෙනාපූ වතුර කෝප්පේ වතුර ටිකක් ඉතුරු වෙලා තිබුනා. මං ඒකට ඩෙටෝල් බෝතලෙන් භාගයක්ම දැම්මා. කලවම් කරන ගමන් සිදුර දිහා බැලුවා. තවමත් මළ පෙරේතයෙක් වගේ බලන් ඉන්නවා. මං එකපාරටම ඩෙටොල් වතුර එක සිදුරෙන් එළියෙන් ගැහුවා. ඒ එක්කම දඩ බඩස් ගාලා පෙරලගෙන දුවනවා ඇහුනා. ඒ මූන දැක්කම එන කේන්තියට මට මිරිස් කුඩු ගැහුවොත් තමා සැනසීමක් දැනෙන්නේ. ටික වෙලාවකින් සේන බාප්පා අම්මට කෑ ගැහුවා. තෝ හොදට නිදී .අරකී හොර ලිව්ම් ලියනවා. ඇහරලා බලනවා. නැත්තම් ඕකිටත් නිදා ගන්න කියපන්. අරෙහෙන් මෙහෙන් බලනවට බැන්නත් ,ඒක අම්මා ගනන් ගත්තේ නෑ. ලිව්ම අහු වුන නිසා අම්මට කිව්වම එයා කියන්නෙ." උබේත් හොර වැඩ නිසානේ බලන්නෙ" කියලා. අම්මා ඇහැරලා කුස්සියට ගියා, උයන්න ඕනී නිසා. සේන බාප්පගේ ඇහැ රතු වෙලා. මට ඒක දැක්කම හිනත් ගියා. අම්මා ඇහුවා ඇයී ඇහැ රතු වෙලා කියලා. සතෙක් ගිහින් කිව්වා. ඊට පස්සෙ සේන බාප්පා මං ඉන්න තැනට ආවා. ඇවිත් මගෙ පොත දිහා බලාන ඉන්නවා. සුදු දූ පාඩම් කරනවා වගේ.. මං සද්ද නැතුව හිටියා. සේරම බලූ වැඩ කරලත් බබා වගේ ලැජ්ජා නැතුව මෙහෙම කතා කරන්න පුලුවන්නේ. හොදට පාඩම් කරන්න සුදු දූ.. සේන බාප්පා මගෙ ඔලුව අත ගාන්න උත්සහා කලා. මං එක පාරටම පුටුවත් පස්සට කරගෙන නැගිට්ටා. එපා මාව අල්ලන්න . ලගට වත් එන්න එපා. බල්ලා. ඇයී මේ ..මං ඔලුව අතගාන්නනේ හැදුවේ. තෝ එන්න එපා මං ඉන්න තැනකට වත්. මගෙ දෑහටවත් පේන්න එන්න එපා. මොකද මේ අම්මත් එතනට ආවේ මගේ සද්දෙට. අහන්නකෝ මෙයාගේ ඇහැට වුන දේ. මොනා වෙන්නද රොඩ්ඩක් ගියා. සේන බාප්පා එක පාරටම කියලා, එතනින් මගහැරලා ගියා. මට බැන බැන ලැහැත්තී වෙලා වැඩට ගියා. මාත් ඉස්කෝලේ යන්න ලැස්ති වුනා. දත් මදින ගමන් මං පොඩ්ඩක් ගේ වටේ ගිහින් බැලුවා. පොත් මේසේ ලග ලෑලී කෑල්ලේ එක ඇනයයී තිබුනෙ, අනිත් ඒවා ගලවලා දාලා. මගෙ පොත් මේනේ යටයී, ඇද පාමුලත් බිත්තියේ සිදුරූ හාරලා. මට මේවා දැක්කම දැනුනේ පුදුම අප්පිරියාවක් . මොන තරම් ජරා මිනිහෙක්ද්ද. මේ තරම් ඇග වැහෙන්න ඇදුම් ඇදලත් මේ මිනිහා මොනවද මේ තරම් බලන්නේ. මං අම්මටත් අඩගහලා පෙන්නුවා. එයා ඒකට මොකුත් කිව්වේ නෑ. අම්මව නම් මට් තේරුම් ගන්නම බෑ . " ඇතුලෙන් ලෑලී කෑල්ලක් ගහමු" කිව්වා විතරයී. මං හිත් වේදනාවෙන් චූටී මල්ලිගෙ අතින් අල්ලගෙන ඉස්කෝලෙට පිය මැන්නා. දැන් මට නැන්දලාගේ ගෙදර යන්නත් තහනම්. ක්ලාස් යන්නෙ අම්මත් එක්ක, මගේ ක්ලාස් ඇරෙනකන් අම්මා ක්ලාස් එක ලගට වෙලා හිටියා. ක්ලාස් එකටත් මගෙ සම්බන්දෙ ගැන කියලා තිබුනා. ක්ලාස් එකේ ටීචර්ලත් මං දිහා බැලුවෙ අමුතු තාලෙට. පාඩම් කරන්නත් විදිහක් නෑ අම්මා නිදා ගද්දී මාත් නිදා ගන්න ඕනී. ශානූ අයිය එක්ක කතා කරන්න තියා, මූන දිහා බලලාවත් සැනසීමක් ලබන්න මට දැන් අවස්ථාවක් නෑ. අපේ ගෙදරට පල්ලේ සුපුන් මල්ලී ඔත්තූ බලන්න දාලනේ තියෙන්නෙ. කේලම් කියයී කියලා බයට මං ශානූ අයියව පුලුවන් තරම් මග හැරියා. ශානූ අයියත් හුගක් දුකින් හිටියේ. විමුත් මගෙන් ඈත් කරලා. ඒකත් සේන බාප්පගේ වැඩක්. එය තමා ටීචර්ට කියලා තිබුනෙ විමූ මගෙ ඈත් කරන්න කියලා. මං ඉස්කෝලෙට යද්දී ශානූ අයියා මග බලාගෙන ඉන්නවා. මං එයාව මග ඇරලා ගියා. අක්කේ ඔයා අර අයියා එක්ක කතා කලේ නැත්තේ ඇයී. නිකන්.. මං තාත්තට කියන්නෙ නෑ අක්කේ බය වෙන්න එපා. මං දන්නවා චූටී මල්ලී. ඇයී එහෙනම් .. තව කට්ටිය ඉන්නවා කේලම් කියන්න. මට චූටී මල්ලිගේ කතාව ගැන පුදුමත් හිතුනා. පොඩි ළමෙක් වෙලත් මං ගැන මේ තරම් හිතනවා. ************************************* එදා සේරම ටීචර්ලා සර්ලා සේරටම විශේෂ රැස්වීමක් තිබුනා. විමුයී මායී කාලෙකින් එක තැනකට වෙලා කතා කරමින් හිටියා. පරන පුරුදූ තැනම වෙල් යාය දිහා බලාන් හිටියේ. ශානූ අයියා එක පාරටම අපි ඉන්න තැනට ආවා. ශදී නංගියෝ... අනේ මෙතනින් යන්න මට ඔයා එක්ක කතා කරන්න බෑ. මං කලබලෙන් වටපිට බැලුවේ . සුපුන් හරී ගයේෂා හරී පේන හරියක ඉන්නවද කියලා. අනේ මට මෙහෙම කරන්න එපා සුදු මැනික.. අනේ ශානූ අයියේ කවුරු හරී දකී. ඒත් මට ඔයා එක්ක කතා කරන්න ඕනී. ශානූ අයියා හරිම වේදනාවෙන් කතා කලේ. විමු එතනින් අයින් වුනා අපිට නිදහසෙ කතා කරන්න දීලා මාත් විමූ පස්සෙන් යන්න හැරුනා. අනේ සුදු මැනික පොඩි වෙලාවක් දෙන්න මට. මං දන්නවා ඔයා මාව මගෑරියට මට ආදරේ බව. විමුත් බල කරපු නිසා මං එතන නතර වුනා. ශානූ අයියා මගේ අත් දෙක අල්ලා එයාගේ පපුවට තියා ගත්තා. අනේ ශානූ අයියේ.. ඇයී සුදු මැනික. කවුරූ හරී දකීවී.; ශානූ අයියගේ අත් දෙකෙන් මගෙ අත් දෙක මුදව ගන්න හිත් දුන්නේ නැහැ. ඒත් හිතේ බය ඊට වඩා ලොකුයිනේ. ශානූ අයියා අත් දෙක අතෑරලා ආදරෙන් මං දිහා බැලුවා. ඒ ඇස් දෙකේ වේදනාවත් එක්කම ලොකු ආදරයක් පිරිලා තිබුනා. අනේ සුදු මැනික මගෙන් ඈත් වෙන්න එපා. මට ඔයා ගැනයී ශානූ අයියේ බය. මං ගැන බය වෙන්නේ ඇයී. ඒකාට මට මොකුත් කරන්න බැ. ඔයා බය වෙන්න එපා. ඒත් ශානූ අයියේ .මට ඔයා ගැන බයයී. අනේ සුදු මැනික මං ඔයා එක්ක ඉන්නවා. හැම දේකදිම. මගෙන් ඈත් වෙන්න එපා. ශදී අක්කේ.... මං කලබලෙන් කටහඩ ඇහුන පැත්ත බැලුවා. දෙවියනේ සුපුන් මල්ලී. මං ඉවරයී. ඊ ළග කොටසින් හමුවෙමූ. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 22 Sep 2016 02:05 AM එහෙම කියන්නමත් බැහැ අපෝ දෙයියො වගේ මිනිස්සු ඉන්නවා මම කියන්නෙ මේ සේනය මහ ජරාවක් කියල. තමන්ගෙ බිරිදට, ලමයෙකුට අසල් වාසියෙකු වත් නිදහසේ ඉන්න දෙන්නෙ නැහැනේ සඳුනිVeteran MemberPosts:2462 22 Sep 2016 01:57 AM අනේ මන්දා ශා අයියා.......... අපි කිව්වට බෑ ඔනන් ඔහොමයි සිද්ද වෙලා තියෙන්නේ. ළමෙක් ඒක්ක තනි වුන ගෑනියෙක් අායි බදින්න හොද නෑ කියලා මම හිතන්නේ. කාව වත් විස්වාස කරන්න බෑ දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 22 Sep 2016 01:49 AM ශාදිට තාත්තෙක් නැති එකේ මල්ලිටත් නැති වුනාට කමක් නැහැ කියල හිතෙනව කථාවට ඒක හොදයි අම්මට කරදර දිදි රැ පාඩම් කරන්න ගන්න ඕනෙ එතකොට මේක වදයක් කියල පාඩුවේ නිදාගියිනේ DanuLiyanageVeteran MemberPosts:3457 22 Sep 2016 01:03 AM ස්තුති සදුනි නගා ඔයා මහන්සි වෙල කතාව දාලා තියෙනව ගොඩාක් ස්තුති මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 21 Sep 2016 04:04 PM .....කදුලත් සැනසුමක්...... 23. වන කොටස. මුලූ ඉස්කෝලෙම කතාව පැතිරිලා ගියා. ඉස්කෝලේ මට තිබුන සැනසීමත් නැත්තටම නැති වෙලා ගිහින්. මට දැන් ශානූ අයියා දිහා බලලාවත් සැනසෙන්න තිබුන අවස්තාවත් නැතුව වෙලා. ටීචර්ලා සර්ලා අපි ගැන ඇහැගහගෙනමයී හිටියේ. මං ශානූ අයියව මගෑරියා පුලුවන් තරම්, මට කතා කරන්න බයයි සේන බාප්පාට ආරංචී වෙයී කියලා. සර්ලා ටීචර්ලා ශානූ අයියටත් දොස් කියලා තිබුනා. විමුත් මගෙන් ඈත් කරලා, මට කොයි පැත්තෙන් වත් සහනයක් නෑ. සේන බාප්පා තමා විමූ නිසා මං නරක් වෙනවා කියලා විමූව මගෙ ලග තියන්න,එපා කියලා තියෙන්නේ. ඒක නිසා විමූටයී මටයී කතා කරන්නත් ටීචර් නැති වෙලාක් හොයා ගන්න වුනා. ටීචර්ස්ලගෙ තිබුන ආදරය සැලකිල්ල එහෙන්මම නැතුව ගියා. මගෙ පොත බලන වෙලාවටත් ටීචර්ස්ලා නෝක්කාඩු කියන්න ගත්තා. ************************************ මට දැන් නැන්දලාගේ ගෙදර යන්න තහනම්, සේන බාප්පා ලිව්මේ සිද්දිය ආයුධයක් කරන් "හීන් නූලේ" මගෙ ගම නවත්වලා දැම්මා. මං දැන් හැම රෑම ගෙවන්නෙ ගෙදර . ඒක නිසා මට කවදාවත්ම හොද නින්දක් ලැබුනේ නෑ. චූටී මල්ලී ඇගේ ගෑවුනත් උඩ ගිහින් ඇහැරුනා. ඒ තරමට බයෙන් මං ඒ ගෙදර නිදා ගත්තේ. සැහැල්ලු ඇදුමක් ඇදන් නිදා ගන්න නොතිබුන නිසා දාඩියයී,රස්නෙයී මගෙ නින්දට හුගක් බාධා කලා. නිදී නැතුව ඇදේ පෙරලිලා හිටියත් මට පාඩම් කරන්න පොතක් අල්ලන්න සේන බාප්පා ඉඩ දුන්නෙ නෑ. මං රෑ පොතක් ගත්තොත් අනිවාරෙන් සේන බාප්පා අම්මට ඇහැරවලා මට බැන්නා. මං පුරුදු වෙලා හිටියේ රෑ පාඩම් කරන්න. ඒ නිදහසත් මට නැතී වුනා. මගෙ වැරදයී, අවාසනාවයී නිසා සේරම වුනේ කියලා මං හිත සනස ගන්න වෑයම් කලා. මං නින්ද නොයන නිසා ඔහේ කල්පනා කර කර හිටියා. අම්මටයී චුටී මල්ලිටයී හොදටම නින්ද ගිහින් . මං හිටියේ මැද කොට බිත්තිය අයිනේ නිදාගෙන. නින්ද නොගියත් මං ඇස් පියාගෙන කල්පනා කරමින් හිටියා. මේ තරම් ඉක්මනට මට ශානූ අයියා නැතී වුනානේ කියලා. එක පාරට දෙයක් මගෙ ඇගේ ගෑවෙනවා මට දැනුනා. මං කලබල නොවී හොරේන් අස් ඇරලා බැලුවා. කොට බිත්තියට උඩින් එස්ලෝන් බටයක් මගේ ඇග දිහාවට එල්ල වෙලා. මං මොකක්ද්ද වෙන්න යන්නේ කියලා බලාන හිටියා. ඒ බටෙන් මගේ පොරෝනය ටික ටික අයින් කරන්නයී සේන බාප්පගේ උත්සහය. කොට බිත්තිය එහා පැත්තේ තිබුන මේසෙට නැගලා, එල්ලිගෙන ,මහංසී වෙනවා. මං පැනපූ ගමන් බටේ අල්ල ගත්තා. අම්මේ අම්මේ.. සේන බාප්පා ඒ සද්දෙත් එක්කම දඩස් ගාලා මේසෙන් පැනලා ගොරව ගොරව නිදී අම්මේ.... අම්මේ... හ්ම්ම්ම්ම් මේ බලන්නකෝ .මේ බල්ලට මට නිදහසේ නිදා ගන්න දෙන්න කියන්නකෝ. ඇයී මොකද කලේ. මේ බලන්නකෝ බටේ දාලා මගෙ පොරෝවන් ඉන්න එක අයින් කරන්න හැදුවා. මොන පිස්සුද? ඔය ගොරවන්නේ එයා හොදටම නින්ද ගිහින්. ඔය ලමයගේ මනස්ගාත. අම්මා කියන්නෙ මේ බටෙත් බොරුවක් කියලද? උඩ තිබිලා වැටෙන්න ඇතී ... විකාර හිතන්න එපා ළමයෝ. නිදා ගන්න මට නින්ද යන්නේ නෑ. ඉස්කෝලේ වැඩ වගයක් තියේ ටිකක් ඉන්නවද මාත් එක්ක ඇහැරන්. මොන වදයක්ද මේක කියලා අම්මා ඇදේ ඉද ගත්තා. ඊ ළග කොටසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 21 Sep 2016 02:13 PM Posted By sha733 on 21 Sep 2016 04:51 AM ඒකනේ සේනයා කලින් තියා දැනගෙන ඉදල තියෙනවනේ. අනේ නංගියෝ ඕකව මරල දාපංකෝ ලස්සනන ලව් ස්ටෝරියක් බලන්න ඒකා මරලා බෑලු අප්පා.. ශදීගේ මල්ලිටත් තාත්තෙක් නැති වෙනවා. අනික අැත්ත කතාව මට වෙනස් කරන්න අයිතියක් නෑ. හී........... දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 21 Sep 2016 04:51 AM ඒකනේ සේනයා කලින් තියා දැනගෙන ඉදල තියෙනවනේ. අනේ නංගියෝ ඕකව මරල දාපංකෝ ලස්සනන ලව් ස්ටෝරියක් බලන්න සඳුනිVeteran MemberPosts:2462 21 Sep 2016 04:44 AM ..... කදුලත් සැනසුමක්..... 22. වන කොටස. හවස් වාරුවක මං මල්ලිගේ ඔංචිල්ලාවේ වාඩී වෙලා ඈතක ඇස් රදවාගෙන හිටියා. කීපදෙනෙක් කතා බහ කරමින් එන සද්දයක් ඇහිලා මං පාර දිහා බැලුවා. ශානූ අයියගෙ අම්මයී, තාත්තයී, නංගී ඈතින් එනවා. මං එයාලා එනවා දැක්ක ගමන් ගේ ඇතුලට ගිහින් හැංගුනා. ඇදේ මුල්ලට වෙන්න ඉදගෙන එයාලා කියන දේ අහන් හිටියා. හෙට ඉස්කෝලේ පටන් ගන්න නිසයී එයාලා ඇවිත් තිබුනේ. අපේ සම්බන්දය ගෙදරට අහු වුනාට ඉස්කොලේ අය දන්නෙ නැහැනේ. මේ කතාව ඉස්කෝලේ කාටවත්ම දැන ගන්න තියන්න එපා කියන්නයි එයාලා ඇවිත් තිබුනේ. ඒකෙන් දෙන්නගෙම ඉගනීමට ප්‍රශ්නයක් වේවී කියලා. අනිත් එක ශානූ අයියා ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍යනායකයා නිසා මේ ප්රශ්නය ඉස්කෝලෙට ගියොත් ලොකු අවුලක් වෙනවා. ටිකක් වෙලා කතා කරලා එයාලා යන්න ගියා. අම්මා බයින්න ගත්තා. මං සද්ද නැතුව හිටියේ තවත් කේන්තිය වැඩි කරන්න බැරී නිසා. සේන බාප්පට විස්තරය කිව්වා. එයා පරල වෙලා කෑ ගැහුවා. කොහොම හරී කාලය ගෙවිලා ගියා පලවෙනී සතියම මාව ඉස්කෝලේ යැව්වේ නෑ. මං දවාලක් රැයක් නැතුව ඇඩුවා. ඒ දේවල් අතරෙත් බාප්පගේ නරක හැසරීම් වල නම් අඩුවක් තිබුනේ නෑ. එයා හිතුවේ මේ හේතුව නිසා මාව බය කර ගන්න පුලුවන් වෙයී කියලා. ඉස්කෝලේ දවස් පහක් පාඩු වුනා ,සිකුරාදා රෑ සේන බාප්පා මගෙන් ආයෙත් ප්‍රශ්න කරන්න ගත්තා. මොකක්ද්ද දැන් තීරනය .හැමදාම ගේ අස්සටම වෙලා ඉන්නවද. ඔයාලගෙ කැමැත්තක්.. ඇයී දැං ඉස්කෝලේ ගියා ඇතිද? කසාදයක් කර ගන්නනේ ඕනේ. මට නම් එහෙම උවමනාවක් නෑ. ඕක නවත්වන්න බැයි නම්, ඉස්කෝලේවත් පංති වත් යවන්නෙ නෑ. ලෝකෙන්ම ඉස්කෝලේ යන කාලේ කොල්ලෙක් එක්ක යාලූ වුන කෙල්ල මං වගේනේ ඔයාලගෙ කතාව. කටවහපන් එකට එක නොකියා . අම්මා කතාව මැද්දට පැන්නා. අම්මා කියන්නෙ මෙයා කියන කරන සේරම වැඩ හරී කියලද. සදහටම මං ගේක හිර කරන් හිටියත්. ඔය සමහරුන්ට ඕනී ඒවා නම් සිද්ධ වෙන්නෙ නෑ. ඉස්සරලා ඉගෙන ගෙන හිටහන් ඔය කොල්ලව මරවන්නෙ නැතුව. අම්මා එහෙම කිව්වම මට ශානූ අයිය ගැන බයක් දැනුනා. අන්තිමට මං ශානූ අයියගෙන් ඈත් වෙන්න කැමති වුනා. ගොඩක් නීතී රීතී ගොඩකුත් එක්ක ඉස්කෝලේ යන්න ලැබුනා. ඒත් ශානූ අයියා එක්ක මොකක් හරී සම්බන්දයක් අහු වුනොත් ශානූ අයියට වෙන දේ හිතා ගන්නවත් බැරි වෙයී කිව්වා. ක්ලාස් යන්න දුන්නෙත් අම්මා එක්ක එක්ක , තනියෙන් ගෙදරින් පිටට යන්නවත් දුන්නෙ නෑ. රෑට පාඩම් කරන එකත් තහනම් කලා, මං පාඩම් කරනවා නම් අම්මත් ඇහැරලා ඉන්න ඕනී කියලා කිව්වා. ඉස්කෝල් යන්න පටන් ගත්ත දවසේ හැමෝම ඇහුවා මං ඉස්කෝලේ ආවේ නැත්තේ ඇයී කියලා. මං බොරූ හේතුවක් කිව්වා. මං උදෙන්ම විමූ එක්ක නිදහ්සේ කතා කරන්න ක්‍රමයක් හෙව්වා. අපු දෙන්නා උදේ රැස්වීමට කලින් අරලිය ගස් පේලිය තියෙන පැත්තට ගියා. මට වුන හැමදේම මං වීමූට කිව්වෙ අඩමින්. හරී ශදී අඩන්න එපා. අපි දැන් මොකද කරන්නෙ. අනේ මංදා ඔබ ශානූ අයියගෙන් ඈත් වෙනවද. වෙන කරන්න දෙයක් නෑ. ඔබට පුලුවන්ද එහෙම කරන්න. ශානූ අයිය කොච්චර අවුලෙන්ද ඉන්නෙ කියලා උබ දන්නවද. මට හිතා ගන්න පුලුවන්. මං කොච්චර අ..වු..ලින්ද කියලා.. ඔබට තේරෙන්නෙ නැද්ද.. හරී බං ඒත් ඕකට විසදුම ශානූ අයියා අත් අරින එක නෙමෙයී. ඔය කෑගැහුවට ඔබලගේ බාප්පට කරන්න පුලුවන් දෙයක් නෑ. ඒ..ත්.. මට.. බ.යයී.. බං.. මං .. නිසා. ශානූ අයියට.. කරදරයක් වුනොත්... ඒක.. මට ඉව..සන්න.. බෑ. අඩන්න එපා බං. බය වෙන්න එපා ආයී හුගක් පරිස්සමින් ඉමූ. එහෙම කරන්න බෑ බං. සේන බාප්පා බොන එකෙක් නිසා මොනා කරයිද කියලා විශ්වාස කරන්න බෑ. අර පහල ගෙදර කොල්ලෙක් ඉන්නවා දහයේ .වුගෙන් තමා ශානූ අයියා ගැන සේරම විස්තර අහන් තියෙන්නෙ . උන් සේරම කේලම් කියාවී.. අනේ බං උබ ශානූ අයියව අත් අරින්න එපා. දුලාන් අයියා කිව්වා. ශානූ අයියා දැනටත් පිස්සු හැදිලා වගේ ඉන්නෙ කියලා.. මටත් ශානූ අයියා අත් අරින්න බෑ. මං එයාට හැමදාමත් ආදරෙයී. ඒකයී මං ඈත් වෙන්නෙ. මට ලං වෙන අයට දුකම විතරයී. අපී දෙන්න වාද කර කර හිටිය නිසා ශානූ අයියා අපි ළගට එන එක දැක්කෙ නෑ. මං ඉක්මනින් දෑගිලී වලින් කදුලු පිස ගත්තා ශදී නංගියෝ. ඔයා හොදින් නේද .ඇයී අඩන්නෙ.. ඔයාට හුගක් වද දෙන්න ඇති අර බාප්පා . නෑ ශානූ අයියේ... මං හොදින්.. ඇයී අඩන්නේ.. අඩන්නෙ නෑ ශානූ අයියේ. ඒත් ඔයා මගෙ ජීවිතෙන් ඇත් වෙන්න. මගෙ එක්ක කතා කරන්න වත්, බලන්නවත් එපා. මට ඔයාගෙන් ඈත් වෙන්න වෙනවා මෙහෙ උත්තූකාරයෝ ඉන්නවා. එහෙම කියලා මං එතනින් පිට වුනේ හී සැරයක් වගේ. පංතියට ඇවිත් මං ආපහූ බැලුවා. ශානූ අයියා දුකින් බිම බලාගෙන විමූ කියන දේ අහගෙන ඉන්නවා. විමූ මොනවාදෝ කියවලා පංතියට ආවා. මං ඔලුව ඩෙක්ස් එකේ ඔබාගෙන අඩනවා. උදේ රැස්වීමටවත් නොයා මං පංතියට වෙලා, හිත හදා ගන්න උත්සහා කලා. පළවෙනී පීරියඩ් එක පංතී භාර ටීචර්ට තිබුනේ. එයා පංතියට ඇවිත් සේරම ළමයින්ට තෙරුවන් සරනයී කියලා ගුරු පුටුවේ ඉදගෙන රෙජිස්ටර් එක ලකුනූ කරන්න ගත්තා. පුදුමේ කියන්නෙ මං සතියක්ම ඉස්කෝලේ ආවේ නැති වුනත් ,මගෙ නොපැනීමට හේතූ ඇහුවෙ නැ. විමංශා ඔයා ගයේෂලගේ කන්ඩායමට යන්න. නිමේෂා ඉස්සරහට එන්න. ටීචර් එහෙම කියද්දී හැමෝම පුදුම වුනා. විමූයී මායී පොඩී කාලේ ඉදන් යාලුවෝ. එයාව මගෙ ළගින් යවන්නෙ ඇයී කියලා ,කටවත්ම හිතා ගන්න බෑ. ඒත් ඇයී ටීචර්.. විමංශා ප්‍රශ්න කරන්න එපා. කිව්ව දේ කරන්න. විමූ එයාගෙ ඩෙක්ස් එකත් අරන් ගයේෂා ලගට ගියා. මට මොනා කරන්නද හිතා ගන්නවත් වෙලාවක් නෑ. ශදීෂා. ඔයා කල්පනාවෙන් ඉගෙන ගන්න. අමතර දේවල් ගැන හිතන් නැතුව. ළගදී ඉදන් ඔයාගේ ඉගෙන ගැනීමේ උනන්දුව අඩු වෙලා. තේරුනාද. ගිය වාර විභාගේ ලකුනූ කවදටත් වඩා හොද වෙලත් ටීචර් මෙහෙම කියන්නෙ ඇයී කියලා මං කල්පනා කලා. ටික දවසක් ගෙවෙන කොට මට දැන ගන්න ලැබුනා. සේන බාප්පා පංතී භාර ටීචර්ට සේරම කියලා බව. තව ගයේෂත් අපි ගැන ටීචර්ට කියලා තිබුනා. ටිකෙන් ටික ටීචර්ලා අතර ආරංච්චිය පැතිර ගියා. ඊ ලග කොටසින් හමු වෙමූ... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 21 Sep 2016 04:30 AM සේනයා ඒක්ක බෑ වු හොරෙන් බලන් ඉන්නවනේ දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 21 Sep 2016 12:40 AM iwarayii iwarayi senayata ahu unaa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න kingDVeteran MemberPosts:3309 20 Sep 2016 11:08 PM මන් නම් හිතුවෙ තව ටිකක් කල් ගෙදරට අහුවෙන්නෙ නැතුව වැඩේ ගෙනියයි කියල... දැන් ඉතින් ඉවරයි ඔක්කොම Business, you know, may bring money, But friendship hardly ever does. සඳුනිVeteran MemberPosts:2462 20 Sep 2016 09:52 PM .... කදුලත් සැනසුමක්...... 21. වන කොටස. පැත්තකට වි ඇඩීම හැර කල හැකි දෙයක් තිබුනේ නෑ. ශානු අයියාගේ ජීවිතයට මොකුත් අනතුර ඇති කරන්න එපා කියලා සිය දහස් වාරයක් දෙවියන්ගෙන් ඉල්ලපු එක විතරයී කලේ. දහවල් එකෝළහ විතර වන විට මට ටිකක් නින්ද ගිහින් තිබුනා. තුන් වේලක් නිරාහාර මගෙ ඇගත් අප්‍රානික වෙලා. ඒත් මං එලියටවත් ආවේ නෑ. අම්මා උදේ කීප වතාවක්ම දොස් පැවරුවා . මං හැමදේම අහගෙන අඩන එකයී ,හූල්ලන එකයී විතරයී කලේ . සේන බාප්පා කාත් එක්කද කතා කරන සද්දයක් ඇහිලා මං ගැස්සිලා ඇහැරුනා. නැගිටපන් නැගිටලා වරෙන් එළියට. ආන් උබේ මාමණ්ඩී ඇවිත්. සේන බාප්පා ඒක කිව්වේ මගෙ ඉහ ඉද්දරට ඇවිත් ,රහසින් වගේ. මං ඒත් නිහඩවම හිටියා. ශානූ අයියලාගේ තාත්තා නම් මට මොකුත් කිව්වෙ නෑහැ. සේන බාප්පා මට එලියට එන්න කියලා කෑගහද්දී ශානූ අයියලාගේ තාත්තා කිව්වේ." ඒ ළමයට පාඩුවේ ඉන්න දෙන්න. දුවේ ඔය දේවල් අමතක කරලා හොදට ඉගෙන ගන්න, පස්සෙ මේවා කරන්න පුලුවන්නෙ" කියලා. එයාලගෙ කතා බහෙන් තේරුනා සේන බාප්පා ශානු අයියගේ තාත්තව අදුරනවා කියලා. දෙන්න කලින් එක තැන රස්සාව කරලා තියේ, දෙන්නා යාලුවෝ. සේන බාප්පා මට ආයෙත් බනින්න පටන් ගත්තේ, ඒ මාමා ගියාට පස්සෙ. " උන් හෙන දුප්පත් මොකුත්ම නැ ." මං දන්නෙ නෑ ශානූ අයියාලා දුප්පත්ද , පොහොසත්ද කියන්න. අනික ඉතිං අපිත් පෝසත් අය නෙමේනේ. සේන බාප්පා මව ආයී ඉස්කෝලේවත් , ක්ලාස් වත් යන්න දෙන්නෙත් නැ කියලා බැන්නා. මට කොහොමත් එදා ක්ලාස් එකට යන්න දුන්නෙත් නෑ, එදා ඉදන් ප්රශ්නතවත් වැඩි වුනා. සේන බාප්පා ඒක ප්‍රයෝජනයට අරන් මාව බය කර ගන්න හැදනවා. ඒත් මං බුරුලක් දුන්නෙම නෑ. සුද්දී අද උබේ බෑනා එනවා කිව්වා. මොන බෑනෙක්ද.. ඇයී උබේ ලොකු කෙල්ලගෙ මිනිහා. පිස්සු නොකියා ඉන්නවා ඕයී . මං තවම ඇදෙන් බැස්සෙත් නෑ. දවල්ට කන්න කිව්වෙත් කෑවේත් නෑ. ඉස්කෝලෙයී, ක්ලාසුයී යන්න දෙන්නේ නෑ කියන්නේ ජීවත් වෙලත් වැඩක් නෑ වගේ. ඒත් ඉතිං මොනවා කරන්නද ඉවසනවා ඇරෙන්න. නෑ බලපන්කෝ ..මං ඒකට කතා කලා .එනවා කිව්වේ මෙහේ. ආවම බලමුකෝ මොකද කියන්නෙ කියලා. සේන බාප්පා කේන්තියෙන් කිව්වා. හවස් වුනා, ශානූ අයියා එන බව චූටී මල්ලී මට කිව්වා. මට දැන් බයෙ බෑ , මොනවා වෙයිද කියලා.මං කියන සේරටම කන් දීගෙන හිටියා. ඇයී එන්න කිව්වේ. මේක නවත්තන්න කියන්න. මොකක් ද දැන් මේකට කරන්නේ. මොනා කරන්නද . මේ සම්බන්දය නවත්තන්න වෙනවා. බෑ.. ඔයාට පුලුවන් දෙයක් කරන්න . මං නවත්වන්නෙ නැ මේක. හා කරං ගිහින් බලහන්කෝ උබට වෙන දේ හා බලමුකෝ. ශානූ අයියා ටිකකින් යන්න ගියා . සේන බාප්පා මොනවා කිව්වත්, ශානූ අයියා නවත්වන්නෙ නෑම කිව්වා. බාප්ප්ට තවත් කේන්තී. අපි දෙන්නා යාලු වෙලා මාස තුනයී. ඒ වුනාට ශානූ අයියා හුගක් ආදරෙ කලා, විශ්වාස කලා ඒ බව මට හොදට තේරුම් ගියා. හවස අම්මා බයින නිසාම කෑම ටිකක් කන්න සිද්ද වුනා. කාලා බලා ගත්තූ අත බලන් කල්පනා කරනවා ඇර වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. අැදිර වැටීගෙන එනවා, සේන බාප්පා ආයෙත් මගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා සුදු දූ.. දැන් තීරනයක් ගත්තද. නෑ.... සම්බන්දෙ නවත්වනව නේද? නැ.. ඇයී. බැරී නිසා. ඇයී නවත්වන්න බැරි සේරම කරන් ඉවරද? ඈ අනේ මේ බල්ලෝ. උබ වගේ නෙමේ මං මට අරංචී වුනා. අරු උබව බිත්තියට හේත්තු කරන් හිටියා කියලා. ඔව් ඉතින් ඔබට මොකද ?සේරම කරා තමා .උබට මොකද? මං කේන්තියට කිව්වා. ආ එහෙමද? තොට ඕනී මිනිහෙක්නේ . ඉගෙන ගන්න ඕනී නෑනේ, බන්දලා දෙන්න තමා වෙන්නෙ. මට උබට වගේ හදිස්සියක්න්නෑ .. යකෝ.. දෙන්න එක්ක වාද වුනා . කිව්ව වුදිහටම මාව ක්ලාස් ඇරියේ නැ. අගොස්තූ නිවඩුවත් ඉවර විගෙන එනවා. මට තියෙන බය ආයී මට ඉසකෝලේ යන්න දෙන එකකුත් නෑ කියලා. අගොස්තූ අග අපි ගමේ ආවා . සීයත් නැති වෙලා මාස තුනයී. අපි තුන මාසේ දානේ කටයුතු හොදින් කරගෙන ගියා .සේන බාප්පා සිද්ද වුන දේ සියලු නෑදෑයනට කියලා එයා අනුකම්පාව දිනා ගත්තා . දැන් ඔක්කොමලා හිතන්නෙ මගෙ වැරද්ද කියලා විතරයී . ඊ ලග කොටසින් හමු වෙමූ... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 20 Sep 2016 10:28 AM Posted By DanuLiyanage on 20 Sep 2016 06:39 AM මට නම් දැන් කිසි කලබලයක් නැහැ ඉගාව කොටස දාන්න කියන්න ඔන නැහැ අෑ... හී............ දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 20 Sep 2016 10:26 AM Posted By sha733 on 20 Sep 2016 06:52 AM අනේ ශානු අයිය සේනයගෙ දෙකොන මාරැ වෙන්න දුන්නනං ෂෝක් කථා පොඩ්ඩ හපොයි බලමුකෝ ගහයිද කියලා නේ....... දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 20 Sep 2016 06:52 AM අනේ ශානු අයිය සේනයගෙ දෙකොන මාරැ වෙන්න දුන්නනං ෂෝක් කථා පොඩ්ඩ DanuLiyanageVeteran MemberPosts:3457 20 Sep 2016 06:39 AM මට නම් දැන් කිසි කලබලයක් නැහැ ඉගාව කොටස දාන්න කියන්න ඔන නැහැ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 20 Sep 2016 03:56 AM ..... කදුලත් සැනසුමක්........ 20. වන කොටස. මං කිහිප වතාවක්ම උත්සහ කලා. ඒත් පෝන් එක වැඩකරන්නෙ නෑ. අනේ වැඩ කරන්නෙ නෑ බං.. තව එකපාරක් බලපං මං ආයෙත් උත්සහ කලා. ඒ පාර රිග්ස් යනවා. හරි හරී වැඩ.. විමු සතුටින් උඩ පැන්නා. මං කතා කරලා පනිවිඩය කිව්වා. හම්බෙන තැන එයාලා හිතලා බලන්නම් කියලා . අපි දෙන්නට කොහොම හරී එයාලා එනකන් ඉන්න කිව්වා. විමුයී මායී එහෙට මෙහෙට ඇවිදිමින් කාලය ගෙවලා දැම්මා. පැය භාගයක් යද්දී ශානූ අයියලා බයික් එකේ ආවා. බයික් එක කඩයකට දාලා අපි ඉන්න තැනට ආවා. මං නම් දැන් හොදටම බයවෙලා. එවෙලෙම අපේ ටවුන් එකට නෙමෙයී අනිත් පැත්තේ ටවුන් එකට යන බස් එකක් ආවා. නගින්න නගින්න... බස් එකෙ සෙනග කිටි කිටියට. ඊ ළග බස් එකේ යන්න හිටියොත් වෙලාවට ගෙදර එන්න වෙන්නෙ නෑ. මොකද බසෙක ටවුන් එකට යන්න පැය දෙකක් වත් යනවා. ආපහු එන්නත් පැය දෙකක් ඕනිනේ. සෙනග අතරින් රිංලා ගියේ අන්තිම සිට් එක පැත්තට. හතර දෙනාටම ඉද ගන්න පුලුවන්නෙ. ටික දුරක් යද්දී බස් එකේ සෙනග අඩු වුනා. විමුයී දුලාන් අයියයී නම් ඉදගෙන. කොහොම හරි ගමනින් කාලක් විතර යද්දී අපි හතර දෙනාටම එක සීට් එකේ ඉද ගන්න ලැබුනා. ඒ බස් එකේ යන්න බයක් දැනුනේ නැ. ඒ පැත්තට අපි වැඩිය යන්නෙත් නෑ ,කවුරුත් අපිව අදුරන්නෙ නැහැ. අපි අගිය තොරතුරු කතා කරමින් ටවුන් එකටම ගියා. දූලාන් අයියයී විමුයි එකට තුරුල් වෙලා බරටම කතාව. සේරම සෙනග බැස්සා අපි බැස්සෙ නෑ, අපි ඒ බස් එකේම ආපහු එන්නයී හැදුවේ. ශානූ අයියා කඩයට ගිහින් කට්ටියටම කන්න දේවල් අරන් ආවා. අපි දෙන්නා දැන් අන්තිම සීට් එකේ එක කෙලවරක , විමූලා අනිත් කෙලවරේ. විමූට නම් මං ඉන්නවද කියලත් අමතකයී. බස් එකේ තාම සෙනගත් නෑ. මං විමූලා දිහා බලනවා දැකලා ශානූ අයියා මට විහිලූ කලා. මොනවද බලන්නේ සුදු මැනික. නිකන් බැලුවේ.... මං ජනෙල් කවුලුවෙන් පිටත බලා ගන්න ගමන් කිව්වා. ඔයත් ආසයිද එයාලා වගේ යන්න. නෑ. ඇයී තරහින්ද? සුදු මැනික. අනේ නෑ ශානූ අයියේ.. මං කැමතී නැ කාටවත් පේන්න එහෙම ළං වෙලා ඉන්න. ඒක ඔයාට හොද නැ. ඔයාට තේරෙනවනෙ. මට එහෙම ඉන්න ඕනී නෑ ශානූ අයියේ . ඔයා එක්ක කතා කරන්න තිබුනම මට ඇතී. හ්ම්ම්ම් මගෙ සුදු මැනිකට හොදටම පිස්සු. ඇයී.. මං හිනා වෙමින් එයා දිහා බැලුවා. දිලිසෙන ඇස් දෙක මං දිහාම බලන් ඉන්නවා. මං කැමතී සුදු මනික තුරුලු කරන් ඉන්න. ඒත් ඔයා අකමැති කිසිම දෙයක් මං කරන්නෙ නෑ. අතින් අල්ල ගන්නද? පුදුම කෙනෙක් තමා අතින් අල්ලන්නත් මගෙන් අහනවා. මං මොකුත් නොකියා බිම බලා ගත්තේ ,තවත් ඒ නෙත් දිහා බලන් ඉන්න බැරුව. අකමැති නෑ නේද ,සුදු මැනික. ශානු අයියගෙ අතගිලි මගෙ අතගිලි අතරට ගියා. එයාහෙ අත හුගක් උනුසුම්. ජීවිතේ මුල්ම වතාවට අාදරෙන් පිරිමි ළමෙක් අතින් ඇල්ලුව අවස්තාව. විදිල්ලක් කෙටුව වගෙ මගෙ ඇගම හිරී වැටිලා ගියා. ශානූ අයියා එයාගෙ අත්ලෙන් මගෙ අත මිරිකලා අල්ල ගත්තා. මොකද සුදු මැනික සද්ද නැත්තේ.. ම්ම්ම්ම්ම්ම්.. ඕන් මං අහලා අල්ල ගත්තේ. හරිද. ශානූ අයියා තවත් මගෙ හිතේ ලැජ්ජව වැඩි කරනවා. ඊට පස්සෙ ශානූ අයියා එයාගෙ අතක් මගෙ කරවටේ දාලා එයා මාව ළගට කර ගත්තා. පුදුම උනුසුමක් ශානු අයියා ලග තිබුනේ. මං ඇස් පියාගෙන එයාගේ උරහිසට ඔලුව තියාගෙන උනුසුම හිතින් විද ගත්තා. සියලූ දේ සුලු මොහොතයී. බස් එකට සෙනග එන්න පටන් ගත්තා. ශානූ අයියා ටක් ගලා එයාගෙ තුරුල්ලෙන් මාව මිදෙව්වා. බස් එක ආපහු එන්න පිටත් වුනා. මං ජනෙල් කවුලුවෙන් ඉවත බලාගෙන් ඒ සිදුවීම් සේරම එකින් එක හිතින් විද ගත්තා. මොනවද සුදු මැනික ඔය තරම් හිතන්නෙ. පාර දෙපැත්තේ සෙනග බලන්නද මාත් එක්ක ආවේ. ම්ම්ම්ම්ම්ම් කට නැතිද දැන් මගෙ උකුල උඩ තිබුන අත අරන් ශානූ අයියා මිරිකලා අල්ල ගත්තා. කාටවත් පේන්නට හොද නෑ කියලා මගෙ පොත් බෑග් එකෙන් අත දෙක වැහුවා.මට හිනත් ගියා පිස්සු වැඩ දැකලා. බහින තැනට එනකන් ම අත් අල්ලගෙන ආවේ ඒ විදිහට.." ඇත්තටම ශානූ අයියට පිස්සූ" මං තනියෙන් කල්පනා කලා. එයා මං ගැන හුගාක් හිතනවා .මං දවස් කීපයක්ම යනකන් ගෙදර හිටියෙ බයෙන් කොහෙන් හරී ආරංචී වෙලා ඇද්ද කියලා. ඒත් කොහෙදෝ තිබුන පිනකට ඒක ගෙදරට ආරංචි වුනේ නෑ. ************************************** අහන්බෙන් දවසක මට ගෙදර ඉන්න සිද්ද වුනා. නිදා ගන්න එකත් අවුලක්නෙ මං පොත් ටික දිගෑරගෙන අතපසු වුන නෝට් එකක් ලියන්න ගත්තා. හෙට ක්ලාස් දවසක් නිසා ශානූ අයියා දකින්න හරි ඒවිනේ කියලා ,එතකොට දෙන්න ලිව්මක් ලියන්න හිතුවා. පොත් අස්සේ හංග ගෙන වට පිට විනසිල්ලෙන් මං ලිව්ම ලිව්වා. ලියලා කොලේ කඩලා පොඩි වෙන්න නැමුවා. පොඩ්ඩක් මේ දොර අරිනවා සුද්දී.... තෝ හොදට නිදී බැල්ලී හොර ලිව්ම් ලියනවා...... එ සද්දේ ඇහෙත්ම මගෙ ඇග පිච්චිලා ගියා. මට කර ගන්න දෙයක් මතක් වුනෙත් නැ. මගෙ හදවත ඩිහ් ඩිග් ගාන සද්දය මටම ඇහෙනවා. මං ටක් ගාලා ලිවුම කටේ දා ගත්තා. ඉරන්නත් වෙලාවක් නෑ නේ. හැපුවට හැපෙන්නෙත් නැහැ. අම්මා ඇදෙන් බැහැලා ඇවිත් බලෙන්ම උදුරලා ලිව්ම ගත්තා. මං ඉවරයී. අම්මා එක්ක පොර කන්නත් බෑ, ඒවෙනකොටත් මට කම්බුල් පාරවල් කීපයක් ලැබිලා තිබුනේ. එහෙන්මම පුටුවට වාරූ වුනා. බයටම මගෙ ඇග පණ නෑ වගේ ගැහෙනවා. සුද්දී ඇරපන් දොර.. අම්මා දොර අරිනවත් එක්කම සේන බාප්පා කාමරයට ඇවිදින් ලිව්ම අම්මගෙ අතින් උදුර ගත්තා. ඒකත් අරන් කෙලින්ම පැන්නෙ මට ගහන්න. කොහෙන් ආව හයියක්ද්ද මංදා කවදාවත් නැතුව එදා මං ගුටි කාගෙන හිටියේ නැ. මට ගහද්දී මාත් ගහගෙන ගහගෙන ගියා. ලග තිබුනූ බෝතල් ,මල් පෝච්චී ,ඒවයිනුත් මං දමලා ගැහුවා. තොට අයිතියක් නෑ බල්ලො. මට ගහන්න. තෝ මගෙ කවුද. මගෙ අම්මා මාව මැරුවත් කමක් නෑ. තවත් තොගෙන් නම් මං ගුටි කයී කියලා හිතන්න එපා. බනිමින් මං පහර දුන්නා. අම්මා මැද්දට පැනලා දෙන්නගෙ පොරේ නවත් වන්න උත්සහ කලා. අම්මගෙනුත් ගුටි හම්බුනේ මට. නවත්තපං කෙල්ලෙ තොට පුලුවන්ද මිනිස්සු එක්ක ගහ ගන්න. අන්තිමට සේන බාප්පා අම්මව ඇදලා තල්ලු කලා. අම්මා විසික් වෙලා ගිහින් බිත්තියෙ ඔලුව වැදුනා. අම්මට එතනම සිහි නැති වුනා. අහල පහළ කට්ටියත් ඇවිත් හිටියේ සද්දෙ නිසා. මං කෑගහගෙන අම්මා ළගට පැන්නා. සේන බාප්පා මට බැන බැන අල්මාරියේ වීදුරුවට මොකකින්ද දමලා ගැහුවා. වීදුරුව සල සලාන් ගාලා බිම වැටුනා. ටීවී ,රේඩියෝ, කුස්සියෙ බඩු සේරම පොලවේ ගහලා චප්ප කරලා දැම්මා. පස්සෙ කට්ටිය අමාරුවෙන් සේන බාප්පව අල්ල ගත්තා. මනීෂ නංගිලාගේ අම්මා එහෙම අම්මට වතුර ඉහලා සිහිය ගත්තා. ලේ ටික හෝදලා බේත් ටිකක් දැම්මා . දැං හැමෝම දන්නවා මේ රංඩුව ඇති වුනේ මං නිසා කියලා. හැමෝම මං දිහා බැලුවේ අමුතුම තාලෙකට. සේරටම සේන බාප්පා හොද වුනා. හැමෝම හිතුවේ දරූ සෙනෙහසින් මෙහෙම වියරූ වැටුනා කියලා. සේන බාප්පා බොරුවට අඩ අඩා මට බැනලා අනිත් අයගෙ අනුකම්පාව දිනා ගත්තා. මං බල්ලා කියලා කතා කරන්නෙ කියලත් හැමෝටම කිව්වා. කවුරුත්ම ඉතුරු වුනේ නැ මගෙ පැත්තට කතා කරන්න. හැමෝම මට දොස් කිව්වා.මං ඇදට යන්න හදන කොට මගෙ කකුලේ අල්මාරියෙන් වැටුනු කණ්ණාඩී කෑල්ලකට කකුල කැපුනා. මං එහෙන්මම ඇදේ ඉද ගෙන අමාරුවෙන් වීදුරූ කටුව ගලවලා දැම්මා. කකුලෙන් ලේ ගලනවා. අතෙත් ලේ. මගෙ ඇදුමක් එතන තිබුනා. ඒකෙන් අත පිහදාගෙන කකුලේ ලේ එන තැන වැහෙන්න ගැට ගැහුවා. මං ඇදේ මුල්ලට වෙලා ඉදගෙන ඉකි ගගහා ඇඩුවා. සේන බාප්පා එක්ක පොර කාලා මගෙ ඇගම රිදෙනවා. අම්මගෙන් ගුටිකාලා මූනත් ඉදිමිලා. එහෙන් කකුල රිදෙනවා. හැමදේටම වඩා හිත රිදෙනවා .හැමදාම වගේ අදත් මට ඉතුරු මං විතරයී. එදා රැ කවුරුත්ම නිදා ගත්තේ නෑ. පාන්දර අම්මයී, සේන බාප්පයී මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. මට ඒවට උත්තර නොදී ඉන්න බැරී වුනා. සේන බාප්පා ශානූ අයියව මරනවා කියලා දිවුර දිවුර කිව්වා. මගෙ මුලු ආත්මයම ඒ වචනයත් එක්ක අලුවෙලා ගියා. සේන බාප්පා හැසිරුනේ තමන්ගේ අඹුව තව මිනිහෙක් එක්ක ඉදලා අහු වෙලා වගේ. පහුවදා උදේම නියනක් ඉනේ ගහගෙන." අද ඕකව මරන්නෙ මේකෙන් ඇනලා" කියලා පිට වෙලා ගියා. බයෙනුත් වේදනාවෙනුත් සිය දහස් වාරයක් පිච්චෙමින් ඇදටම වෙලා මුලු දවසම ඇඩුවා. මට තියෙන එකම බය ශානු අයියට මොනවා හරි කරයිද කියලා. ඊ ළග කොටසින් හමු වෙමූ😢😢😭😭 දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 19 Sep 2016 09:56 AM mama ada rathriyedi kiyawannam මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 19 Sep 2016 05:17 AM Posted By maduranga001 on 19 Sep 2016 04:03 AM බිසී කියල නොබල කියෙව්ව. බොහොම ස්තූතියි නංගි මේ කොටස් කිහිපයටත්. ඔය දීපු ලියුමක් බාප්පට දුන්න නම් වැඩේ ගොඩක් ලෙහෙසි වෙන්න තිබ්බ. ගොඩක් ස්තූතියී... ඉස්සරහට අපි ලිව්මක් දීලා බලුමුකෝ අෑ... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 19 Sep 2016 05:13 AM Posted By kingD on 19 Sep 2016 03:31 AM ඕක තමා කියන්නෙ නිතරම ෆෝන් එක ඔන් එකේ තියා ගන්න කියල..හි හි ඒක නේන්නම් .. ශානු අයියා හරි නරකයී නේද.. දිනයක වැටහේවී........... maduranga001Most Senior MemberPosts:14118 19 Sep 2016 04:03 AM බිසී කියල නොබල කියෙව්ව. බොහොම ස්තූතියි නංගි මේ කොටස් කිහිපයටත්. ඔය දීපු ලියුමක් බාප්පට දුන්න නම් වැඩේ ගොඩක් ලෙහෙසි වෙන්න තිබ්බ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ kingDVeteran MemberPosts:3309 19 Sep 2016 03:31 AM ඕක තමා කියන්නෙ නිතරම ෆෝන් එක ඔන් එකේ තියා ගන්න කියල..හි හි Business, you know, may bring money, But friendship hardly ever does. සඳුනිVeteran MemberPosts:2462 19 Sep 2016 03:16 AM Posted By Dushan on 19 Sep 2016 03:07 AM මරු මරු තවත් කොටසක් දාලා තියෙන්නේ ස්තුති ස්තුතියී අයියේ අාසාවෙන් කියවනවට දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 19 Sep 2016 03:07 AM මරු මරු තවත් කොටසක් දාලා තියෙන්නේ ස්තුති සඳුනිVeteran MemberPosts:2462 19 Sep 2016 03:03 AM ඔන්න ඒවුවා කට්ටියගෙන් බැනුම් අහන්න වේවී. හී අනිත් අය බිසිනේ අදට අැති අෑ දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 19 Sep 2016 02:57 AM ..... කදුලත් සැනසුමක්..... 19. වන කොටස. එදා මං මග බලාගෙන හිටියෙත් නෑ. ශානූ අයියව පුලුවන් තරම් මගහරින්න හිතාගෙන පංතියට වෙලා හිටියා. මට හිතා ගන්න අමාරුයී ශානූ අයියා මොන විදිහට මේ දේ තේරුම් ගනීවිද කියලා. පංතියෙ මට පුරුදු හුදකලා ස්ථානය, පහල වෙල්යාය පේන තැනට වෙලා මං කල්පනා කලා. තෙරුවන් සරණයී සුදු මැණික..... ඒ කට ඇහුනේ ඇත්තටමද කියලා මං ඇස් ලොකු කරලා බැලුවා. මං පුදුමයෙන් බලන් හිටියා. කෝ ඇයී බය වෙලා වගේ. තෙරුවන් සරනයී ශානූ අයියේ. ... ඔයා හිතුවද මේ වගෙ දේකදී මං ඔයාව තනි කරයී කියලා. ඔයාව අවිශ්වාස කරයී කියලා. ඔයා හිතනවා වැඩී සුදු මැනික. එයා ආයෙත් සුදු මැනික කියද්දී මං පුදුමයෙන් බැලුවා. මේ තරම් ආදරයක්. "මේ තරම් දුක් විදින කෙල්ලෙකුට ඔය ආදරේ දරා ගන්න බැ අයියේ "මං හිතිං මොහෙහී කලා. ඒත් ශානූ අයියේ.. හෝව් හෝව්.. දැං ඒවා මතක් කරන්නවත් ඕනී නෑ. හැමදාම නැන්දලාගේ ගෙදර ඉන්න. ගෙදර ඉන්නම එපා. අනේ සුදු මැනික ඔයා හුගක් පරිස්සම් වෙන්න. මං නැන්දලෑ දිහා තමා ඉන්නෙ වැඩියෙන්ම. හුගක් පරිස්සම් වෙන්න. මගෙ සුදු මැනික. හ්ම්ම් මේක ගන්න. ශානූ අයියා මට අත මිටමොලවලා දික් කලා. මොකක්ද්ද.? ගන්නකෝ. අරන්ම බලන්න . මං අත පෑවා එයා මගෙ අල්ල උඩින් ලිව්ම තියලා අත ගත්තා මං ඉක්මනටම ගවුම් සාක්කුවට දා ගත්තා. වැඩි වෙලාවක් යන්න කලින් ශානූ අයියගෙ යාලුවෝ ටික එතනට ඇව්ත් ,විහිලූ කරන්න පටන් ගත්තා. අපිට කතා කරන්න දුන්නෙම නෑ. මං හිස් පීරියක් එකක් එනකන් බළන් හිටියේ ලිව්ම කියවන්න. මට ලිව්ම ගෙදර ගෙනියන්න බය හිතුන නිසා ඉස්කෝලෙදිම කියවන්නයී මං උත්සහ කරන්නෙ. දවල් කෑම විවේකෙන් පස්සෙ මට අවස්ථාක් ලැබුනා. විමූට වට පිටාව ගැන හෝදිසියෙන් ඉන්න කියලා මං ලිව්ම කියෙව්වා. පළවෙනී පෙම් හසුන කියවලත් අඩන්නයී සිද්ධ වුනේ. මගෙ කතාව, මං ඉන්න තැන දැන ගෙන ශානු අයියා හුගක් බයෙන් දුකෙන් ඉන්න බව මට ඒකෙන් තේරුනා. වැඩිපුරම ලියාලා තිබුනේ." මගෙ සුදු මැනික පරිස්සම් වෙන්න " කියන එක විතරයී.ශානූ අයියා අම්මා ගැනත් කේන්තියෙන් ලියලා තිබුනා. කාලය හරී ඉක්මනින් ඉගිල්ලිලා ගියා. දෙවෙනී වාර විභාගයත් පැවැත්තුනා. වාර විභාගෙ නම් ඒ හැටි අමාරුවක් තිබුනේ නැ. අපි ඒකොලහ වසරේ නිසා සර්ලා ටීචර්ලා, අපේ ප්‍රශ්න පත්‍ර ඉක්මනින් බලල ලකුනු කිව්වා . ශානූ අයියලට අපේ පංතියේ බහුවරන ප්‍රශ්න පත්‍ර බලන්න දීලා. සමහර පේපර් වල ලකුනූ අඩුයී කියලා මට හොදටම දොස් කිව්වා. එයා නිසා ඉගෙන ගන්න තියෙන උනන්දුව අඩු වෙලාලූ. අපිට නිතර කතා කරන්න නොලැබෙන නිසා, හැමදාම වගේ ලිව්මක් ලියන්න පුරුදු වෙලා හිටියේ. ආයී ලිවුම් ලියන්නත් එපා කියලා ශානූ අයියා මට දොස් කිව්වා. පාඩම් කරන වෙලාවට වෙන දේවල් කල්පනා කරන්න එපාලූ . මං මේ තරම් වත් හිත සැහැල්ලු කරන් ඉන්නෙ කා නිසාද කියලා එයා දන්නෙ නෑ. මං හිතිං දොස් කිව්වත් වචනයක් වත් නොකියා ,කියපු දේවල් පිලි ගත්තා. නිවාඩුවට කලින් ගුරුදෙගුරු රැස්වීමක් තිබ්බා. ඒකෙදී අපේ ඉගනීම් තත්වය ගැන දෙමාපියෝ එක්ක කතා කලා. මගෙ ලකුනූ තත්වය ගිය වාරයටත් වඩා හොද වෙලා තිබුනා. සමස්ථ ලකුනූ වලින් මං පංතියේ තුන්වෙනියා වෙලා තිබුනා. හැම ටීචර්ම ,සර්ම මං ගැන හොද කිව්වා. ඉස්කෝලේ අමතර වැඩ වලට සහභාගී වීම ගැන එයාලා සතුටු වුනා. එදා නම් අම්මටත් හුගක් සතුටුයී, මං දැක්කා අම්මා කීපවතාවක්ම ලේන්සුවෙන් කදුලූ හංග ගන්න උත්සහ ගන්නවා. අම්මා මට එන ගමන් කිව්වෙ, " කොහොම හරී හොදට ඉගෙන ගන්න සුදු දු" කියලා ************************************ අගෝස්තූ පාසල් නිවාඩුව, මං ගෙදර හිටියේ හරිම පාලුවෙන්.. හොද වෙලාවට නිවාඩු කාලෙ නිසා ක්ලාස් සතියෙ දවස් වලත් දාලා තිබුනා. නිතරම වගේ නැන්දලාගේ ගෙදරත් ගියා. ඒත් වැඩක් නෑ සිතාරා අක්කට හැමදාම වගේ ක්ලාස්.එයා නැතුවම මට නැන්දලාගේ ගෙදර ඉන්නත් කම්මැලී. මනීෂා නංගිලාගේ මල්ලී සරුංගල් අරින්න අපේ ගෙදරට ආවා. අපේ චූටී මල්ලි අඩනවනේ එන්න කියලා. ඉතිං මාත් එයාලා එක්ක සරුංගල් යැව්වා. අපේ ගේ වටේ ගස් තිබුනේ නෑ. රබර් තිබිලා ගේ හදන්න කලින් ගලවලා දැම්මා. ඒක නිසා සරුංගල් අරින්න නියම තැන. නිවාඩු කාලේ හුගක් වෙලාවට කලේ සරුගල් අරින එක. හැමදාම වගේ සරුංගල් කඩන් යනවා අපි එතකොට අකුල් අස්සෙ රිංගගෙන කටු ඇනගෙන සරුංගලේ හොයන්න යනවා. ඇයී ගස්වල පැටලිලා තියෙන හුල් එකතු කරගන්නත් පුලුවන්නෙ. පහල වෙලේ ඉදන් යවන සරුංගල් කඩන් ගියාම අපි ඉන්න හරියට වැටෙනවා. අපි කරන්නෙ කට්ටිය එන්න කලින් සරුංගලේ හංගලා නොදන්න ගානට ඉන්න එක. හවසට වෙන පාටකින් අලවලා අපි ඒ සරුංගල් උඩ අරිනවා. ඉස්සර අහල පහල ලමයී එක්ක එකතුවෙලා දවසම වගේ සෙල්ලම් කරනවා. ඒත් දැන් සේන බාප්පගෙ වැඩ නිසා ඒ ළමයී අපේ ගෙදර එනවට එයාලගේ අම්මලා තාත්තලා කැමතී නෑ. දවසක් අපිට උදේම ක්ලාස් තිබුනා. එදා විෂයන් දෙකකට ක්ලාස්, පැය හතරක් . මං විෂයන් තුනකට විතරයී ක්ලාස් ගියේ. විමුයී මමයී ක්ලාස් එක ලගට යනකොට ක්ලාස් එක තියෙන ගෙදර කවුරුත්ම නෑ. මං ගිහින් බෙල් එක ගැහුවම ගෙදර වැඩට ඉන්න කෙනා එලියට ආවා. අද ක්ලාස් තියන්න වෙන්නෙ නෑ කිව්වලූ ,එයාලගේ නැදෑකෙනෙක් ගෙ මල ගෙයක් වෙලාලූ. අපි දෙන්නා ඒ ආරංචියත් එක්ක ක්ලාස් එකෙන් එලියට ආවේ හරි සතුටින්. ශදියෝ... අපි අද පොඩී වැඩක් කරමුද? මොකක්ද්ද. ශානූ අයියලා ගෙන්න ගමූ මට නං බයයී බං ගෙදෙට්ට ආරංචී වෙයී. අනේ ඉස්කෝලේ නිවාඩු දුන්නට පස්සෙම ,තාම දැක්කෙත් නෑ. අපි කියලා බල්මුකෝ එහෙනම් එයාලට. හිතේ කැමැත්තටත් වඩා බය වැඩී නිසා මං තීරනයක් ගන්න බැරිව ලත වුනා." උණූ හිංදා බොන්නත් බෑ, කිරි හිංදා අහක දාන්නත් බෑ" දෙන්නා පුරුදු විදිහට ටෙලි පෝන් බොක්ස් එකෙන් කෝල් එකක් ගත්තා. අනේ විමූ පෝන් එක වැඩ නෑ. ආයී අරං බලහන්කෝ.... ඊ ළග කොටසින් හමු වෙමූ...😒😒😒 දිනයක වැටහේවී........... DushanVeteran MemberPosts:2536 19 Sep 2016 02:57 AM එවන්න බලන්න එහෙනම් මාත් කියෝනවා kingDVeteran MemberPosts:3309 19 Sep 2016 02:39 AM ආනේ..එවන්නකො නංගි ... කොටස් 50 ම දැම්මත් පැයකින් දෙකකින් කියවන මුඩ් එකක ඉන්නෙ දැන්නම් Business, you know, may bring money, But friendship hardly ever does. සඳුනිVeteran MemberPosts:2462 19 Sep 2016 02:29 AM මේ හුස්මටම තව කොටසක් ඒවන්නද දිනයක වැටහේවී........... kingDVeteran MemberPosts:3309 19 Sep 2016 02:18 AM ඔන්න මම නම් කියවල ඉවරයි...දැන් කථාවෙ හොඳ හරිය යන්නෙ ... ඉක්මනට දාන්න එහෙනම් Business, you know, may bring money, But friendship hardly ever does. DushanVeteran MemberPosts:2536 19 Sep 2016 02:14 AM ලස්සන කතාවක් ඔන්න මාත් කියෙව්වා එහෙනම් ස්තුති ඊලග කොටස එනකන් ඉන්නෝ එහෙනම් සඳුනිVeteran MemberPosts:2462 19 Sep 2016 02:03 AM ...... කදුලත් සැනසුමක්....... 18. වන කොටස. එදා නැන්දලාගේ ගෙදර කවුරුත් හිටියෙ නැ ඒක නිසා මට ගෙදර ඉන්න සිද්ද වුනා. චූටී මල්ලී මායී සේන බාප්පා එන්න කලින් නිදා ගන්න ගියා. හුග කාලයකට පස්සෙ මං ගෙදර ඉන්න ,නිසා චූටී මල්ලිත් හුගක් සතුටින් හිටියේ. එයා ආසයී මං ගෙදර ඉන්නවට ඒත් මං ඉන්න දාට සේන බාප්පා රණ්ඩූ කරන නිසා චූටී මල්ලි මට ගෙදර ඉන්න කියලා කරදර කලේ නෑ. පොඩී වයස වුනාට චූටි මල්ලිට හැමදේම හොදට තේරුම්ගත්තා. නිදිගන්න ගියාට නින්ද අහලකටවත් ආවේ නෑ . සීයා ,තාත්තා, ශානූ අයියා, මට සැරින් සැරේ මතක් වුනා. අන්තිමට මට දන්නෙම නැතුව නින්ද ගිහින්ලා. සේන බාප්පා ගෙදර එනවා වත් මට මතක නෑ. මගෙ කාමරය කඩලා දාලා නිසා අම්මයී මල්ලී නිදියන කාමරයේ, එයාලගේ ඇදේ තමා මාත් නිදා ගත්තේ.මං නිදා ගත්තේ බිත්තිය අයිනේ. චූටී මල්ලි නිදා ගත්තේ මං ලග. රෑ 10ට විතර මන් මං උඩ හිගින් ඇහැරුනේ මගෙ කකුලේ මොකක් හරී ගෑවෙනවා වගේ දැනිලා. එක පාරටම මං නැගිටලා ඉද ගත්තා. මං හොදටම දැක්කා සේන බාප්පා කාමරේ ඉදන් පැනලා දුවනවා. කේන්තිය උහුල ගන්න බැරිව මං රෑ කියලා නොබලා කෑ ගැහුවා. අම්මේ... අම්මේ... අම්මේ.... ම්ම්ම්ම්ම්ම් අම්මේ ඔයා හොදට නිදියන්නෙ .. ඇහැරලා බලන්න.. මො...න..වද.. ලමයෝ.. මේකටද මගෙ කාමරය කඩලා දැම්මෙ අැයි අහන්න. අර බල්ලාගෙන්. කුපාඩියා..... මොකද මේ මහ රෑ කෑ ගහන්නෙ බාප්පත් කාමරයට දුවගෙන ආවා. ආ දැං බබා නේද? මොකුත් නොදන්න තොත්ත බබා. සුද්දී.... සුදු දූ හීනෙන් බය වෙලාද කොහෙද?. ඔව් ඔව් මං හැමදාම දකින්නෙ හීනනේ. ඔයා මොකුත් නොදන්න තොත්ත බබා. කෑගහන්න එපා ලමයෝ. අහල පහල මිනිස්සුත් එයී. හිමින් කියන්වා මොකද වුනේ කියලා. අම්මා ඇදේ ඉද ගන්න ගමන් කිව්වා. කරන්න හොදා බල්ලට බලූ වැඩ .මට කියන්න හොද නෑ . කිව්වම හෙන ලැජ්ජයී නේද? මට හොද නරකක් තේරුනේ නෑ. කටට ආපූ සේරම කියලා බැන්නා. මොකද්ද සේන මේ කියන්නෙ. මං නම් දන්නෙ නෑ සුද්දී. සේන බාප්පා මොකුත් නොවුනූ ගානට් කිව්වා. මං ඇහැරෙද්දී කාමරේ ඉදලා දිව්වෙ ඇයී අහන්නකෝ එහෙනම්.. ඇයී අම්මා දොර වැහුවෙ නැත්තේ කියන්නකෝ. මේ ගෙදර බල්ලෙ ඉන්නවා කියලා දන්නෙ නැද්ද. මං මේ පුතා නිදිද බලන්න ආවේ.. ආ.. ඇත්තද. අනේ ..පව් . ළමයෝ මුලින් කෑගහන එක නවත්වන්න. ගමටම අණ බෙර ගහලා කියන්නද ඕනී දැං. " මරාගෙන මැරෙන්න හිතන වෙලේ" සාම ගිවිසුම් ගහන්න අඩ ගහනවා. මට අම්මා එක්කත් කේන්ති. මං කට වැහුවෙම නෑ . බේරෙන්න බෑ කියලා තේරිලාද කොහෙද සේන බාප්පා කුනුහරුපෙන් බයින්න ගත්තා. කට වහ ගනියව් හු.....යෝ. මං පො....ක් කියලද හිතන් ඉන්නෙ. තොපේ බලූ කතා සේරම අහන් ඉන්න. ආ....බලූ වැඩ නොකර හිටියා නම් ඉවරනේ.. බලු වැඩ කරලා තව එනවා බයකර ගන්නත්. කටවහපිය..... ඒත් එක්කම චටාස්.. ගාලා කම්බුල පුරවලා ,අම්මගෙන් කම්බුල් පාරක් වැදුනා. චූටී මල්ලිත් ඇහැරලා අඩනවා. මාත් දැං කම්බුල අල්ලගෙන අඩනවා. මගෙ තොලත් පුපුරලා කටට ලේ රස දැනුනා. මං තවත් අඩ අඩා බනිනවා. අම්මත් පැත්තකට වෙලා අඩනවා. මං ඇදෙන් බැහැලා ගිහින් දඩාස්... ගාලා දොර වහලා යකඩයත් හේත්තු කලා. මං කාමරේ ලයිට් එක දාලා පොත් මේසෙන් ඉද ගත්තා. කේන්තියයී දුකයී ඉවස ගන්න බැරිව පොතක් දිගැරගෙන පොත දිහා බලාගෙන ඇඩුවා. මං පොත් මේසෙ උඩ ඔලුව තියාගෙන රැ වෙනකන් ඇඩුවා. බාප්පා දැන් ගොරව ගොරව නිදී. මට තවත් කේන්තී. අම්මටත් නින්ද ගිහින්. මට මේ හැමදේම ශානූ අයියට කියන්න ඕනී වුනා. මගෙ එක්ක ඉන්න හරී මාව අතාරින්න හරී ශානූ අයියට මට හැමදේම කියන්න ඕනී වුනා. එදා රෑ කදුලූ අතරින් මගෙ කුලුදුල් පෙම් හසුන ලියන්න පටන් ගත්තා. ඇත්තටම පෙම් හසුනක් කිව්වොත් වැරදී." දුක් අදොනාවක් " කිව්වා නම් හරී. මං හැම අකුරක් නෑර හැම සිදුවීමම ලිව්වා. ලියන ගමන් මං හුගාක් ඇඩුවා. කම්බුල දිගේ කදුලූ රූරාගෙන ඇවිත් ලියන අකුරු මතටම වැටුනා. ලිව්ව්ම ලියලා ඉවර වෙන කොට ලිව්මේ වැඩි හරියක් බොද වෙලා. සීආර් පිටු 8 ක් පුරා මං ලිව්ම ලිව්වා. අන්තිම වශයෙන්"" මං ගැන තීරනයක් ගන්න ශානූ අයියේ මට ඔයාට බොරු කියන්න බෑ. මාව අතහැරියත් මගෙ හිතේ කිසි තරහක් නෑ. හැමදාමත් මේ වගේම ඔයාට ආදරෙයි. "" කියලා ලියලා, ලිව්ම පොත් අස්සෙ සගව්ලා පොත් බෑග් එකට දැම්මා. මට ඇදට යන්න හිත දුන්නෙ නෑ. පොත් මේසෙ උඩම ඔලුව තියන් ඉන්න කොට ,මට එහෙන්මම නින්ද ගිහින් තිබුනා. අම්මා උයන්න ඇහැරුන වෙලේ මට කතා කලා. සුදු දූ ඇදට ගිහින් තව පැයක් විතර නිදා ගන්න. දැන් නිදියන්න බැ අම්මෙ. අද ඔහොම ඉස්කෝලේ යන්න බෑ. නිදි මරලා . අද ඉස්කෝලේ යන්න ඕනී නෑ. මට මේ ගෙදර ඉන්න කිසිම ආසාවක් නෑ. මැරුනත් මං ඉස්කෝලේ යනවා. අම්මගෙ හිත රිදෙන්න ඇතී. මගෙ හිතේ තිබුන කේන්තියත් එක්ක එහෙම කියවුනා. මං බාප්පා ඇහැරෙන්න කලින් ඉස්කෝලේ යන්න ඇද ගත්තා. මල්ලිවත් ලැහැත්තී කරන් මං පාන්දරින්ම ඉස්කෝලෙට ගියා. මගෙ තොලත් ටිකක් තඩිස්සි වෙලා. ඉස්කෝලේ නොගිහින් ඉන්නම බැරි නිසා මං ඉස්කෝලේ ආවේ. වෙනදා වගේම ශානූ අයියාලා එනකන් මග බලන් හිටියා. යලුවෝ හැමෝම මගෙ මූන දැක්කම ඇයී ඇහුවා. මල්ලි වැරදීමකින් දොර අරිද්දී මූන දොරේ වැදුනා කිව්වා. ශානූ අයිය මාව පහු කරන් ගියේ තෙරුවන් සරණයී කියමින්. මං කිව්වා පොඩ්ඩක් අපේ පංතියේ එහා පැත්තෙන්, කොට බිත්තිය ගාවට එන්න කෝ කියලා. විමූ මාව දැක්ක ගමන් මූන ඇයී ඇහුවා. මන් සිද්ද වුන දේ කෙටියෙන් කිව්වා. ඒ වගේම සේරම විස්තර ලිව්මක ලිව්ව බවත් කිව්වා. උබ බය වෙන්න එපා .ශානූ අයියා ඔබව අතාරින්නෙ නෑ . විමූ මාව දිරි ගැන්නුවා. ස්..... ස්.... ස්ස්... ඇයී එන්න කිව්වේ. දෙයක් දෙන්න. ඇයී මූන ට වෙලා තියෙන්නේ.කෝ ලස්සන හිනාව. ඒ සේරට උත්තර මේකේ ඇති ශානූ අයියේ. ඕක බලලා කැ..මැ..තී.. තීර... නයක් ..ගන්න. මං ලිව්ම ශානූ අයියට දික් කලේ වටපිට බලමින්.ශානූ අයියත් ලිව්ම අරන් සාක්කුවේ දා ගත්තා මොනවද මේ කියන්නෙ මගෙ ශදී නංගියෝ. මං තීරනය අරන් ඉවරයී. ආයී ඔයාව නැති කර ගන්න ඕනේ නෑ මොනවා වුනත්. ඕ...ක බැල්ලුව..ම... ඔහො...ම කි...යන... එකක්... නෑ... මගෙ කට හඩ බිදිලා ගියා. නෑ නෑ.. මගෙ හිත කවදාවත් වෙනස් වෙන්නෙ නැ. ටිකක් වෙලා දුකෙන් මං දිහා බලන් ඉදලා , ශානූ අයියා පිට වෙලා ගියා. මං ලොකු සුසුමක් හෙලලා හිත සැහැල්ලු කර ගන්න උත්සහ කලා. හෙට තමා ලිව්මට ප්‍රථිපල ලැබෙන්නේ. මං නැන්දලාගේ ගෙදරට වෙලා මුලූ රැම කල්පනා කලා, හෙට මොනවගෙ දෙයක් වෙයිද කියලා. පහුවදා මං ඉස්කෝලේ ගියේ දෙගිඩියාවෙන් . ඊ ළග කොටසින් හම්බෙමූ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 19 Sep 2016 01:49 AM Posted By DanuLiyanage on 18 Sep 2016 12:26 PM akka wageda sanduni tofee kanawa kiyanne. mama nam paawa denawa නපුරු සහෝ කෙනෙක්නේ ඔයා... දිනයක වැටහේවී........... isurusamSuper Senior MemberPosts:7342 18 Sep 2016 12:38 PM කථාව ගොඩක් ලස්සනයි ............ DanuLiyanageVeteran MemberPosts:3457 18 Sep 2016 12:26 PM akka wageda sanduni tofee kanawa kiyanne. mama nam paawa denawa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 18 Sep 2016 01:27 AM Posted By DanuLiyanage on 18 Sep 2016 12:57 AM මම මල්ලි උනා නම් මම අම්මට කියල අම්මගෙනුත් ටොෆි ඉල්ලගන්නවා. ශාදීගේ මල්ලී අක්කට අාදරෙයි ඔයා වගේ නෙමෙ.... කරදර විදින අක්කා පවලා දීලා ඒළමයට ටොපි කන්න පුලුවන්ද? චූටී වුනත් ඒයාට තේරෙන දේ ඔයාට තේරෙන්නෑනේ හි හි හි හි හි හි දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 18 Sep 2016 12:57 AM මම මල්ලි උනා නම් මම අම්මට කියල අම්මගෙනුත් ටොෆි ඉල්ලගන්නවා. මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 17 Sep 2016 09:48 PM ..... කදුලත් සැනසුමක්....... 17. වන කොටස. මං ගෙට ගොඩ වුනේ හරිම බයෙන් ,ගෙදරට එන්නත් කලින් සේරම අම්මලට ආරංචි වෙලා ඇතී කියලා. අම්මගෙ හැසිරීමෙන් නම් දැනුනේ මුකුත් වෙලා නැති බවක්. ඒත් මං ඉක්මනට නැන්දලාගේ ගෙදර ගියා. ඒදා දවස මං ගෙවා ගත්තේ හරිම බයෙන්, කොයි වෙලාවේ රංඩුවක් ඇති වෙයිද කියලා. ඒත් ඒ හමුවීම කාටවත්ම ආරංචි වෙලා තිබුනේ නෑ.ඒක නිසා හිතට ලොකු සැනසීමක් දැනුනා. ආයෙ නම් එහෙම හමුවෙන්නෙ නෑ කියලා මං හිතා ගත්තා. මට බය මං ගැන නෙමේ ශානූ අයියා ගැනයී, සේන බාප්පා කරදරයක් කරයී කියලා. ************************************* ශානූ අයියව දකින්න ඕනී ,නිසා මං උදේම ඉස්කෝලේ යන්න පුරුදු වුනා. හැමදාම වගේ මං බුදුමැදුර ළගට වෙලා පෙරමග බලන් හිටියා. දැං ඉස්කෝලේ ගොඩක් අය අපේ ආදර කතාව දන්නවා. දැං ඒක ඉස්කෝලේ ප්‍රසිද්ධ රහසක් වෙලා. ගයේෂාටත් ආරංචි වෙලා තිබුනා. එයානම් හිටියේ ටිකක් ඊර්ෂියාවෙන් ,මට ඒක හොදටම තේරුනා. ශානූ අයියා එක්ක පැනලා කතා කලත් ,මගෙත් එක්ක කතා කරන එක එයා අත් ඇරියා. මොකද ගයේෂාගෙ හිතේ ශානූ අයියා හිටියා. වෙලාවකට ගයේෂා මට පේන්නම ශානූ අයියා ළග ඉදගෙන කතා කරනවා. මට ටිකක් කේන්ති යනවා ඒවා දැක්කම නම් ,ඒත් මං විශ්වාස කරනවා ශානූ අයියා මාව රවට්ටන්නෙ නැති බව. මං සුපුරුදු විදිහටම බුදු මැදුර ළග මග බලාගෙන හිටියා. බස් එක ආවත් ශානූ අයියලා ආවේ නෑ. විමූ විතරක් ඈතින් එනවා මං දැක්කා. තෙරුවන් සරණයී යාලුවනේ.. විමූ එහෙම කිව්වේ මාත් එක්ක හිටිය අනිත් යාලූවන්ටත් එක්කම. යාලුවොත් පෙරලා තෙරුවන් සරණයි කිව්වා. තෙරුවන් සරණයී. කෝ බං දුලාන් අයියලා.. අනේ මංදා බස් එකේ ආවේ නෑ. අසනීපයක්ද්ද දන්නෙ නෑ. දෙන්නටම එකපාර. විමුගෙ මූනත් මැලවිලා ගිහින්. අපි තවත් ටිකක් වෙලා එතන බලං ඉදලා ක්ලාස් එකට ආවා. ඒ බං උබලා කොහෙද හිටියේ මං හැම තැනම හෙව්වා. දයාන් අපි ළගට එමින් කිව්වා. පංතියේ කටකාරම කොල්ලා මතකනේ. කටකාර වුනාට හරිම හිත හොද යාලුවා. ඇයී බං .. උබලට පණිවිඩයක් අරන් ආවා ම... ම්ම්ම්ම්.. ඒ..ක. හැපී.. නිව්ස් එකක්ක්.. මොකක්ද්ද කියහංකෝ අගේ නොකර.. හරී මට මොනවද දෙන්නෙ කියපල්ලා. දයාන් කතාව අගේ කරනවා. විමූට නං දැං ඉවසීමක් නෑ. කියහංකෝ. බෑ . මොනාද දෙන්නෙ කියහල්ලා. උබට ඕනී දෙයක් දෙන්නම් කියහංකෝ. මට නම් මොකූ...ත් එපා. ආන් දෙන්නට එන්න කිව්වා. අයියලා.. කොහෙටද? අපි දෙන්නගෙ මූනු වලට හිනාවක් මැවුනා ඒක ඇහෙනකොටම. ආ...ව් ආ...ව් දෙන්නගෙ හිනාව. පොඩි පංති පැත්තට. ආන් දෙන්නා මග බලං ඉන්නවා. අපි දෙන්නා හනිකට පොඩි පංතී තියෙන පැත්තට ගියා. දෙන්න එකේ පංතියෙ පොඩී ඩෙක්ස් වල ඉදගෙන ඉන්නවා. අපි දෙන්නත් පංතිය ඇතුලට ගියා. ශානූ අයියේ මේ අපේ මල්ලිගෙ පංතියනේ. ඉතිං මොකො මගෙ මස්සිනා පොඩ්ඩනේ. ඔයාට නම් ජෝක්. ගෙදර ගිහින් කියාවී. එයා පිට්ටනියෙ සෙල්ලම් කරනවනේ. අනික එයාට තේරෙන එකක් නෑ මේවා. අනේ ඒත් බයයී. හරී හරී දවසම තියා ගන්න අඩගැහුවේ නෑ. ටක් ගාලා යවන්නම්. මූනට හිනාවක් ආවත් මගෙ හිතට නං බයයී. ශානූ අයියා දන්නෙ නෑනේ සේන බාප්පගෙ හැටී. මං නිකමට දුලාන් අයියලා ඉන්න පැත්ත බැලුවා. දෙන්නම ඩෙක්ස් එකක වාඩී වෙලා, අතින් අල්ලගෙන, බර කතාවක. හා හා.. එහෙ බලන්න එපා. ශානූ අයියා එහෙම කියද්දි මං ගැස්සිලා ගියා. ශානූ අයියා හිටියේ ඩෙක්ස් එකේ ඉදගෙන මං හිටියේ ටිකක් ඈති හිටගෙන. මේ මේ ඔබලා මගෙ කෙල්ලව නරක් කරන්න එපා . ඈ... ශානූ අයියා කෑ ගහද්දී මගෙ මූන තවත් රතු වුනා. දූලාන් අයියට හිනා. එයා විමූගෙ කරට අතක් දාලා තුරුල් කර ගන්න ගමන්. අපි දිහාවත් බලලා හැදියල්ලා. හා හා ඔබලා පාඩුවේ ඉදහල්ලකෝ.. ශානූ අයියා එහෙම කියලා මං දිහා බැලුවා. මං අහක බලා ගත්තා . ශානූ අයියා මගෙන් සේන බාප්පා ගැන ඇහුවා. එයාට මොකක් හැරී දැනිලද මන්දා ඒ ගැන හාර හාර ඇහුවා. මං කිව්වෙ මගෙ තාත්තා නෙමෙයී, බීලා ඇවිත් හැමදාම රංඩු කරනවා කියලා විතරයී. අක්කේ...... එවෙලෙම අපේ චූටී මල්ලි පංති කාමරයට ඇවිත් දොර ළග නතර වුනා. මං ඇස් ලොකු කරගෙන මල්ලී දිහා බැලුවා. හොද වෙලාවට මං ශානු අයියගෙ කිට්ටුවෙ නොහිටියේ. අනේ චූටී මල්ලී ..ඔයාලගෙ අක්කා ඔයාව බලන්න ඇවිත්. ශානූ අයියා ඇගට නොදැනී කිව්වා. ඇයී අක්කේ. .. නිකන් එන්න හිතුනා මල්ලියො. මල්ලි ආපූ නිසා විමුත් මං ලගට ඇවිත් හිටියේ. අපි දෙන්නා මල්ලිට යන්නම් කියලා, අපේ පංතියට ආවා. චූටී මල්ලී දොළහට ගෙදර යනවනේ, අම්මා එක්ක මොනවා කියාවිද දන්නෙ නෑ. දවසම මගෙ හිතේ වැඩ කලේ ඒක. මං ඉස්කොලේ ඇරිලා ගෙදර ගියේ මොනවා වෙයිද කියලා කල්පනා කරමින්. චූටි මල්ලී මං දැක්ක ගමන් මං ලගට දුවන් ආවා. අක්කේ අක්කේ.... මොකද පොඩ්ඩෝ.. අර අයියා... ස්......... මං මල්ලිගෙ කට වහමින් වට පිට බැලුවේ, අම්මා කෝ කියලා. අම්මා නෑ .. අක්කේ.. ඇයී කොහෙ ගිහින්ද . මනීෂා අක්කලාගේ දිහා ගිහින්... මේ අර අයියා.. ඉතිං .. මට ටොපි කන්න කියලා සල්ලී දුන්නා.. ම්ම්ම් කෑවද ඉතිං.. ඕ... යාලුවෝ එක්ක කෑවා. දැන් ඕක අම්මටත් කිව්වද. පිස්සුද හලෝ.. එහෙම කියන්නෙ නෑ. ඇයී..? මං දන්නවනේ.. මොනාද? හැබැයී ඕන්. මට පාට් දැම්මොත් අම්මට කියනවා.... අනේ අනේ පංඩිතයා.... මං හිනා වෙමින් මල්ලිගේ ඔලුව අත ගාලා ගෙට ගියා. විශ්වාස කරන්නත් බෑ . චුටී මල්ලි හොදටම පැහිලා. දැන් තමා මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ. මල්ලි කොහොමත් සේන බාප්පට, එයාගේ තාත්තාට ආස නෑ, නිතරම රංඩු කරන නිසා. සේන බාප්පා මට ගහන නිසා එයා තවත් තාත්තා එක්ක තරහයී... ඊ ළග කොටසින් හමූ වෙමූ. දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 17 Sep 2016 04:26 PM ස්තුති නංගියෝ අලුත් කොටස් වලටත් ,,කොටස කොටස දාන නිසා කියවන්න ලේසි අයට සඳුනිVeteran MemberPosts:2462 17 Sep 2016 07:24 AM Posted By sha733 on 17 Sep 2016 04:21 AM Posted By සඳුනි on 15 Sep 2016 06:31 AM Posted By sha733 on 15 Sep 2016 05:33 AM සතුටයි දුකයි එක වර ලං උනා නේද කමක් නැහැ මම එපා කියපු දෙයක්ම අන්තිමට කරානේ කරන්න දෙයක් නෑ ශා අයියා . මාර අාවම යන්න වෙනවා. මේක අැත්ත කතාවක් මට වෙනස් කරන්න බැරි වුනා ඒක.. එහෙම කිවුවෙ මේක නගාගෙ ජීවන කථාව එහෙම නෙවෙයිනේ මගේ කතාව නෙමෙයි මගෙ වුනා නම් මම ඔය සේනයව මරනවා දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 17 Sep 2016 04:42 AM අම්මෝ කෑලි 3 කියෙව්වා ඔන්න අර හොද මනුස්සයෙක් නැති කරල දාපු එකේ මේ සේනයාව අහක් කරල දාන්න තිබුනේ බැහැනේ මෙක ඇත්ත සිද්ඹියක්නේ sha733Super Senior MemberPosts:7332 17 Sep 2016 04:21 AM Posted By සඳුනි on 15 Sep 2016 06:31 AM Posted By sha733 on 15 Sep 2016 05:33 AM සතුටයි දුකයි එක වර ලං උනා නේද කමක් නැහැ මම එපා කියපු දෙයක්ම අන්තිමට කරානේ කරන්න දෙයක් නෑ ශා අයියා . මාර අාවම යන්න වෙනවා. මේක අැත්ත කතාවක් මට වෙනස් කරන්න බැරි වුනා ඒක.. එහෙම කිවුවෙ මේක නගාගෙ ජීවන කථාව එහෙම නෙවෙයිනේ සඳුනිVeteran MemberPosts:2462 17 Sep 2016 04:13 AM Posted By Ind007ka on 16 Sep 2016 09:38 PM කොටස් වශයෙන් ලස්සනට වැඩෙ යනවා වගෙ ..එල එල නියමයී හී දිනයක වැටහේවී........... Ind007kaMost Senior MemberPosts:12931 16 Sep 2016 09:38 PM කොටස් වශයෙන් ලස්සනට වැඩෙ යනවා වගෙ ..එල එල First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... සඳුනිVeteran MemberPosts:2462 16 Sep 2016 07:48 PM ..... කදුලත් සැනසුමක්...... 16. වන කොටස. ************************************** මගේ ජීවිතේ හරිම සැල්ලිවෙන් ගෙවීගෙන ගියා. ඒ ශානූ අයියට පින් සිද්ද වෙන්න ඉතිං. ගෙදර නොයෙක් දේවල් සිද්ද වුනා ඒත් මං ඇඩුවේ නෑ. මගෙ හිත පිරිලා තිබුනේ ශානූ අයියගෙ ආදරයෙන්. පොසොන් පෝයත් කිට්ටු වුනා. ඉස්කෝලේ සීල සමාදාන වැඩසටහනක් සුදානම් කරලා තිබුනා, පෝයට කලින් දවසේ. ඉස්කෝලේ සේරම ළමයී ඒකට සභාගී වුනා. ගොඩක් ගැහැනූ ළමයී ළමාසාරීවලින් සැරසිලා හිටියා. පිරිමි ළමයී සරම් ඇදලා. ඉස්කෝලේම හරිම පිං පාටයී. මං ඉවසිල්ලක් නැතුව හිටියේ ශානූ අයියා මොකක් ඇදන් එයිද බලන්න.ශානූ අයියලා එන බස් එක ආවා. මම සුපුරුදු විදිහට බුදු මැදුර ළග පෙර මග බලාගෙන හිටියා. ශානූ අයියලා ඈතින් එනවා, ඒත් මං හිතපු විදිහට සරන් ඇදන් ඇවිත් නෑ. තෙරුවන් සරනයි ශදී නංගියෝ. තෙරුවන් සරනයි . සිල් ගන්නෙ නැතිද? ගන්නවා. ඇයී... කෝ සිල් ඇදුම්.. ශානු අයියාලා හිනාවකින් උත්තර දීලා යන්න ගියා. විමූයී මායී අපේ පංතියට ගියා. අපි හිටියේ ප්‍රධන හෝල් එකේ නිසා සිල් ගන්න ඉඩ හදා ගන්න ඩෙක්ස් පුටු සේරම පැත්තක ගොඩ ගහලා. බැග් ඩෙක්ස් ගොඩ අස්සට දාලා අපි හේත්තු වෙන්න පුලුවන් තැනක් අල්ලලා ඉටිකොලය එලා ගන්න ගියා. උදෙන්ම සිල් දෙන්න ගමේ පන්සලේ පොඩි හාමුදුරුවෝ වැඩම කෙරුවා. ඒත් එක්කම ශානූ අයියයී යාලුවෝ කට්ටියයී අනිත් පැත්තේ දොරින් ඇතුලට ආවා. එතකොටයී මං දැක්කෙ කට්ටියම සරන් ඇදලා ශානූ අයියත් ඇදලා. අපි පේනමානෙන්ම ඉදගෙන වැදගෙන ගථා කියනවා. මට නම් සිල් ගන්න කල්පනාවක් තිබුනෙම නෑ හොරෙන් හොරෙන් ශානූ අයියා දිහා බැලුවා. දවසපුරාම දේශකවරු ඇවිත් දේශනා පැවැතුවා. දවල් දානයට අම්මලා කෑමත් අරන් ඉස්කෝලෙට ආවා. අපේ අම්මත් පොලොස් ඇබුකක් ඇරන් ඉස්කෝලෙට ආවා. දෙමාපියෝ ඒකතු වෙලා දානේ බෙදුවා. අපේ අමමා ශානු අයියටත් බෙදනවා, මං හොරෙන්න් බළන් හිටියා. අම්මා හොද හිනාහාවක් එහෙම දාගෙන් ශානූ අයියට දානේ පිලි ගැන්නුවා. ඉස්කෝලේ අරින වෙලාවට ළමයින්ට යන්න දුන්නෙ නෑ ,සිල් පවාරනය කරන්න හවස 4වෙනකන් තීයා ගත්තා. මමයී විමුයී නම් සිල් ගත්තේ නෑ ,මං හිතන්නෙ. දේශන අහන් හිටියෙත් නැ. උදේ ඉදන් ශානූ අයියලා දිහා බලන් හිටියා. ඒ දෙන්නත් එහෙම තමා. ඉස්කෝලේ තව කපල් හිටියා. ඒගොල්ලො නම් කාටත් නොදැනෙන්න එකළග ඉදගෙන හිටියා. මං සිල් පවරානය කරලා ගෙදර යද්දී මහ ඝෝෂාවයී. සේන බාප්පා ගෙද ඇවිත්. මගෙ ලෑලී කාමරය සේරම ගලවලා දාලා. මගෙ ඇද සාලේ කෑල්ලට දාලා.මුලුගෙටම තිබුනේ බාගෙට හදපූ කාමර දෙකක් විතරනේ,හරියට ජනෙල් දොරවල් වත් නැති. සිදුරූ සේරටම ලෑලී ගහලා තිබුනා. අම්මේ ඇයී මගෙ කාමරය ගැලෙව්වේ... දන්නෙ නෑ සේන තමා ගැලෙව්වෙ. මං සේන බාප්පා එක්ක කතා කරන්නෙ නැති නිසා මූන පුලුටු කරන් පුටුවක වාඩීවුනා. අපිට කෙල්ලො නෑනේ. සුදු දූත් පහල නැන්දලාගේ ගෙදරනේ ඉන්නේ. ඒත් මගෙ කාමරේ ගැලෙව්වෙ ඇයී මං ආයී ගෙදර ඉන්නෙම නැ. කවුරුත් මාව ගෙදර තියා ගන්න උත්සහ කරන්නත් එපා. මං කේන්තියෙන් එහෙම කියලා ඇදුමකුත් අතට අරන් නැන්දලාගේ ගෙදර ගියා. පහුවදා බලනකොට අම්මලා නිදියන කාමරයට දොරක් සවිකරලා තිබුනා. ************************************* අපේ ආදර කතාව හැමෝටම රහසින් ගලාගෙන ගියා. ශානූ අයියා මගෙන් කැමැත්ත අහලා හරියටම මාසයක් වුන දවස උදා වුනා. එදා හරියටම ක්ලාස් දවසක් .මං උදෙ ඇහැරුන ගමන් හිතා ගත්තා අද කොහොම හරි ශානූ අයියා දකින්න ක්‍රමයක් හදා ගන්නවා කියලා. ඒ වගේ මගෙ හිතට ලොකු දුකකුත් ආවා. අදට සියා නැති වෙලත් හරියටම මාසයයී. වෙනදා වගේම විමුයී මායී ක්ලාස් එකට යන්න කලින් ශානූ අයියට කෝල් කලා. අද විශේෂ දවසක් බව එයාටත් මතකයී. මට කලියෙන් මාව බලන්න එන්න කොහොමද කියලා මගෙන් ඇහුවා. කොහොම හරි මාව දකින්න එනවා කියලා ශානූ අයියා පොරොන්දූ වුනා. ක්ලාස් ඇරිලා අපි බස් හෝල්ඩ් එකට ආවා. ශානූ අයියලා පෙන්න නෑ. අපි හිතුවා අද නම් එන එකක් නෑම කියලා. අපේ ඉස්කෝලේ ලමයී හය දෙනයී ඒ ක්ලාස් එකට ගියේ. අපි හයදෙනා ක්ලාස් ඇරිලා ගෙදර එද්දි හරිම ජොලී වැඩ කරනවා. පයින් ආවොත් ගෙදරට එන්න පැයක් විතර යන දුරක් ක්ලාස් එකට තිබුනේ. අපි කරන්නෙ බස් එකේ එන සල්ලි වලින් කඩචෝරූ කාලා පාර පුරා දගලමින් පයින්ම ගෙදර එනඑක. ඒක හරිම විනෝදයී කෑ ගහලා හිනා වෙනවා විහිලූ කරනවා. වෙලාවකට වටපිටාවෙ මිනිස්සු අපි දිහා බලන් ඉන්නෙ "පිස්සෝ රෑනක් යනවා දැක්කා වගේ". එදත් අනිත් යාලුවෝ බල කලා පයින් යමූ කියලා. ශානූ අයියලත් නෑ නේ, දුක අමතක වෙන්න එක්ක අපි පයිම ආවා. අපි ටික දුරක් එනකොට ශානූ අයියයී දුලාන් අයියයී බයික් එකේ ආවා. ආ..න් ආ.. දූලාන් අයියා යනවා විමූ.. අනිත් යාලුවෝ කෑ ගහන්න ගත්තා. ඒත් ශානූ අයියලා අපි නොදැක්කා වගේ අපි පහුකරන් ගියා. අයියො ඇයී බං දූලාන් අයියා තරහා වෙලාද? අනේ මංදා බං යාලුවෝ විමූගෙන් ප්‍රශ්න කරන්නෙ, කවුරුත්ම මගෙයී ශානූ අයියගෙයී ආදර කතාව දැනන් හිටියේ නැහැ. අපි නිහඩවම ඉදිරියට පිය නැගුවා. ශානූ අයියලා පාර අයිනේ බයික් එක නවත්තගෙන අපි එනකන් බලන් ඉන්නවා. අපි එතනට කිට්ටු වෙත්ම යාලුවෝ විමූට විහිලූ කරනවා. විමුටයී දූලාන් අයියටයී කතා කරන්න දීලා අනිත් අය ශානූ අයියව කතාවට අල්ල ගත්තා. නංගිලා ශදී නංගිට චාන්ස් එකක් දෙන්න හොදේ.. දුලාන් අයියා කෑ ගහද්දි යාලුවෝ ටික පුදුමයෙන් මං දිහා බැලුවා. මං ලැජ්ජවෙන් බිම බලා ගත්තා. ඈ.... එහෙමත් එකක්ද්ද? අපි යනවා එහෙනම් .කතා කරලා වරෙන්කෝ අල්ල ගන්න. . අපිට හැංගුවා නේද.. ආ.....අපිට චොක්ලට් ඕනී ඈ.... යාලුවෝ මට හොදටම විහිලු කරලා එතනි පිට වෙලා ගියා. බයික් එක නවත්වලා තිබුනේ විශාල ගසක හෙවනක් යට. පාරෙන් ටිකක් පහලින් ගෙයක් තිබුනා. ඇත්තම මං බය වුනේ සේන බාප්පා දන්න කවුරු හරී අපිව දකීවී කියලා, අපි හිටියෙ ප්‍රධාන පාර අයිනේ නිසා. ශාදී නංගියෝ කොහොමද? මං හොදින් ශානූ අයියේ. අද විශේෂ දවසක්නේ. මං ඔයාට දෙයක් ගෙනාවා. ලස්සන කොලයකින් ඔතලා තිබුනූ පුංචි තෑග්ගක් ශානූ අයියා මට දුන්නා. මං තවමත් ශානූ අයියගෙ මුහුන දිහා බලලා කතා කරන්නේ නැහැ. තෑග්ග අරන් මං බිම බලා ගත්තා. මං දැක්කා ශානූ අයියා නම් දිලිසෙන ඇස්වලින් මං දිහාම බලාන ඉන්නවා. අපි වැඩි වෙලා හිටියේ නෑ, කවුරු හරී දකී කියන බය නිසාම. අපි දෙන්නා එයාලගෙන් වෙන් වෙලා යාලුවෝ එක්ක එකතු වුනා. මට ලැබුන පුංචී තෑග්ග ගෙදර ගේන්න බය නිසාම යාලුවෝ එක්ක එකතු වෙලා ගලවලා බැලුවා. යාලුවෝ ඉල්ලුවා වගේම චොක්ලට් එකක්. සේරලමලා විහිලූ කරමින් චොක්ලට් එක කෑවා. මට ගෙදර එන්න බය හිතුනා සේන බාප්පට ආරංචි වෙලා ඇති කියලා. මං බයෙන් බයෙන් ගෙදර ආවා. ඊ ළග කොටසින් හමු වෙමූ... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 16 Sep 2016 12:50 PM Posted By DanuLiyanage on 16 Sep 2016 11:44 AM සදු මෙ ටික අද නම් කියවන්න වෙන්නේ නැහැ. මම හෙට කියවන්නම්. එතකම් කතාව තව දාන්න එපා හාකෝ හෙට තමා අායී දාන්නේ දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 16 Sep 2016 11:44 AM සදු මෙ ටික අද නම් කියවන්න වෙන්නේ නැහැ. මම හෙට කියවන්නම්. එතකම් කතාව තව දාන්න එපා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 16 Sep 2016 03:56 AM හී දිනයක වැටහේවී........... maduranga001Most Senior MemberPosts:14118 15 Sep 2016 11:51 PM වැඩේ චූට්ටක් ගොඩ ගිහිං වගේ. හොඳයි හොඳයි ඉතිං. ස්තූතියි මේ කොටසටත්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ සඳුනිVeteran MemberPosts:2462 15 Sep 2016 11:44 PM ..... කදුලත් සැනසුමක්..... 15. වන කොටස. මුලු රෑම මං කල්පනා කලේ මොකක්ද මේ වුනේ කියලා. ශානූ අයියා විදුරංග අයියා කියපු දේ ඇත්තට අරන් වගේ. පහුවදා සෙනසුරාදා. මම උදෙන්ම ක්ලාස් යන්න ලැහැත්ති වුනා. තැපැල් හැදුනුම් පතට පොටෝ ගන්න තියෙන නිසා, ක්ලාස් ඇරිලා මට ටවුන් එකට එන්න කියලා අම්ම කිව්වා. අපි ක්ලාස් ගියේ ටවුන් එකේ නෙමෙයී. ටවුන් එකට යන්න බස් එකක යන්න වෙනවා. මං හා කිව්වා. මාව ක්ලාස් එකට ඇර වෙන කොහෙටවත්ම තනියෙන් යැව්වෙ නෑ. ඒක නිසා අම්මාත් ටවුන් එකට එන්නම් කිව්වා. මට කරදර තියෙන්නෙ බාහිර සමාජෙන් නෙමෙයී. ගෙදරරින් මයී. ඒක නොතේරෙන එකයී මට තියෙන එකම දුක. ක්ලාස් එකට යන්න බස් එකෙන් බැස්සම විමූ කිව්වා ශානූ අයියට කෝල් කරලා බලමූ කියලා. මාත් පේන් බොක්ස් එකට ගිහින් කෝල් එකක් ගත්තා. රිග්ස් යනවත් එක්කම ශානූ අයියා. හෙලෝව් ...... හෙලෝව්... ශානූ අයියේ ඔයා මාත් එක්ක තරහින්ද.? අනේ නෑ ශදී නංගියෝ. දැන් ඒ සේරම ඉවරයී. ඉවරයී කිව්වේ. ඒක මෙහෙම කියන්න බෑ හම්බෙමුද? ඒ කොහොමද? අපි ක්ලාස් එක ලගට එන්නම්.... කවුරු හරි දකිවී... අනේ හම්බෙන්න ඕනී.. හා එහෙනම්. අපි අද ටවුන් යනවා ඔයත් එන්න හැබැයී අම්මා ඉන්නවා ටවුන් එකේ හරිද? හ්ම්ම් ඒකට කමක් නෑ .අහුවෙන්නෙ නෑ .අපි එන්නම්. බයයී... බය වෙන්න දෙයක් නැ ශදී නංගී... ඇයී ටවුන් යන්නෙ . ටිකක් වෙලා කතා කරලා . මං විමූ ළගට ආවේ හරිම සතුටින් . මොකද ශානූ අයියා එනවා කියන්නෙ දුලාන් අයියත් එනවා කියන එක . මං විමූට අගේ කර කර සුභ ආරංචිය කිව්වා. විමූ සතුටින් උඩ පැන්නා. නියමයී. විදුරංග අයියත් මාර ශපෝර්ට් එකක්නේ දීලා තියෙන්නෙ. අපි දෙගොල්ලොම ස්කෝලෙන් පිටදී හම්බෙන මුල්ම වතාව මේක. අපි ක්ලාස් එවර වෙන්න්නෙ කොයි වෙලේද සිතමින් සිටියේ. ක්ලාස් ඇරිලා බස් හෝල්ඩ් එකට ආවා. දුලාන් අයියයී ශානූ අයියයි පේන්නවත් නෑ. දෙන්නටම දුකයී ,මගහැරිලද කියලා. ටිකකින් බස් එකකුත් ඈතින් එනවා. බස් එකක් නම් එනවා .කෝ නෑනෙ මෙයාලා. ඒක තමා දැන් මොකූ කරන්නෙ. ඔය බස් එක ගියදෙන් වෙන එකක යමු. ටිකක් වෙලා බලලා . හ්ම්ම්ම්ම් බස් එක අපි ඉස්සරහින් නතර වුනා. ශානු අයියයී දූලාන් අයියයි දුවගෙන එනවා. දෙන්න කඩේ හැංගිලා ඉදලා තියෙන්නෙ, අපි මොනවා කරයිද බලන්න. හතර දෙනාම ඒ බස් එකට නැග්ගා. දූලාන් අයිටයී විමූටයී නම් සීට් එකක් ලැබුනා . අපි දෙන්නා හිටගෙන ටිකදුරක් යනකොට සීට් එකක් හිස් වුනා මං එතනින් ඉද ගත්තේ ශානූ අයියත් එයී කියලා හිතලා. මං ආපහු බලන්කොට ශානූ අයියා හිටපු තැනමයී. දුලාන් අයියා මොනවද කිව්වම ශානූ අයියා මං ලගින් ඉදගත්තා. හරියට අදුරන්නෙ නැති කෙනෙක් ළගින් වගේ. එයා සද්දයක් නැති නිසා මං කතාව පටන් ගත්තා. ඇයී ශානූ අයියේ හම්බෙන්න ඕනී කිව්වේ... නිකන්. ..ඔයාව බලන්න ආස හිතුනා. ඇයී ඉදගන්න ආවෙ නැත්තේ. අදුරන කෙනෙක් එහෙම දැක්කොත් ඔයාට හරී නෑනේ. ඒකයී හ්ම්ම්ම්..... ඊයේ ඇයී කේන්ති ගියේ. විදුරංග අයියා විහිලුනේ කලේ. විදුරංග අයියා දැනන් ඉදලා නෑ අපි යාලූ බවක්. දන්නවා නම් මේ විහිලුව වත් කරන්නෙ නෑ කිව්වලූ. ශානූ අයියා කේන්තියෙන් විදුරංග අයියලා ගෙදර එනකොට බයික් එකෙනුත් වැටිලා. වැලමිටයී කකුලයී තුවාල කරගෙන. පව් මන් හින්දා තුවාලත් කරගෙන. ටවුන් එක කිට්ටු වෙද්දී ශානූ අයියා මං ලගින් නැගිටලා පිටිපස්සට ගියා. විමුයී මායී ඉස්සරහා දොරෙන් බැහැලා අම්මා ඉන්න තැනට ගියා. අපි අම්මා එක්ක ස්ටූඩියෝ එක පැත්තට යනකන්ම දෙන්නා ඈතට වෙලා බලන් හිටියා. ************************************** බලන්නකෝ සුද්දි අක්කෙ ඊයෙ රෑ මාර වැඩක් වුනානේ. උදෙන්ම අපේ ගෙදරට දුවගෙන ආවේ මානීෂා නංගිලාගෙ ගෙට උඩ ගෙදර අක්කා. ඒ අක්කගෙ හස්බන් හිටියෙ රට. පුතයී නැන්දම්මයී එක්ක තනියෙන් ගෙදර හිටියෙ. ඇයී මොකද වුනේ. ළමයට අසනීපයක්වත්ද? නෑ නෑ ඊයේ රැ 7ට විතර . මං පුතාව නිදිකරලා ඇදෙන් තියලා ඇදුමක් මාරු කර ගන්න හැදුවේ. ඉතිං... මට පොඩී අඩි සද්දයක් ඇහිලා වට පිට බලද්දී. කවුද මංදා ජනලයේ මල් ලෑල්ල අස්සෙන් බලන් ඉන්නවා. මං බය වෙලා කෑ ගැහුවා මූ පැනලා දිව්වනේ.. මං ගෙට වෙලා සේරම විස්තරය අහගෙන හිටියා. මට නම් සුවර් ඕකත් සේන බාප්පගෙ වැඩක්. නැන්දලාගේ දිහා යනවා කියල ගියා, ඊයේ රෑ වෙනකන් ගෙදර ආවෙත් නෑ. කාට කියන්නද මං සද්ද නැතුව හිටියා. සේන බාප්ප මහ ජරා මිනිහෙක් මහ අසහන කාරයෙක් .එයාට කවුරු හරී ගැනියක් දිහා බලන් ඉන්න තිබුනොත් ඇතී. අහල පහල ගෙවල් වලටත් දැන් දැන් මිනිහගේ හැටී ආරංචී වෙමිනුයී තිබුනේ. මං හවස් වෙලා නිකමට නැන්දලාගේ ගෙදර ගියා. යනකොට චූටී බාප්පත් ගෙදර , එදා සිද්දියෙන් පස්සෙ මං චූටී බාප්පා ඉන්න වෙලාවට එහෙ ගියෙ නෑ. කරන්න දෙයක් නැති නිසා මං කෙලින්ම කුස්සියට ගියා. චූටී බාප්පටත් ආරංචී වෙලා තිබුනා ඊයේ රැ සිද්ද වෙලා තිබුන දේ. සේන බාප්පා පැනලා දුවද්දී මනීෂා නංගිලාගේ අම්මා දැකලා තියෙනවා. එයාලා චූටී බාප්පට සේරම කියලා තිබුනා. චූටී බාප්පා දැන් තමා සේන බාප්පගෙ හැටි තේරුම් අරන් තියෙන්නේ. කොහොම හරී මට ආයෙත් නැන්දලාගෙ ගෙදර රෑ ඉන්න චූටී බාප්පා ඉඩ දුන්නා. දැන් ආයී පුරුදු විදිහටම හවස නැන්දලාගෙ ගෙදර යනවා. පාන්දර ගෙදර ඇවිත් ඉස්කෝලේ යනවා. සමහරදාට සුදු ඇදුමත් අරන් යනවා, ඇදගෙනම ගෙදර ඇවිත් චූටි මල්ලිවත් එක්කගෙන ඉස්කෝලේ යනවා. සිතාරා අක්කා මට ඉස්කෝලේ වැඩ වලට හුගක් උදව් කලා. නොතේරෙන පාඩම් කියලා දුන්නා. හිතේ සංතෝසෙන් ටික දවසක් ගෙවිලා ගියා . සේන බාප්පට එක එක දේවල් කලා මං නැන්දලා ගෙ දිහා යන එක නවත්වන්න. අර සිද්දිය නිසා සේන බාප්පා කියන දේවල් නැන්දාවත් ,චූටී බාප්පා වත් පිලි ගත්තේ නෑ. ප්‍රසිද්දියේ කතා නොකලට සේන බාප්පා මොන ජාතියෙද කියලා සේරමලා දන්නවා. මං සිතාරා අක්කටත් ශානූ අයියා ගැන කිව්වා එයා මට ඕනී සපෝට් එකක් දෙන්න පොරොන්දු වුනා. මොකද මමනේ එයාටත් උදව් කරන්නෙ. ************************************* ඊ ළග කොටසින් හමුවෙමූ.😊 දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 15 Sep 2016 09:04 AM Posted By Rosi on 15 Sep 2016 07:24 AM ලස්සන කතාවක් වගේ ,,ඉන්න මාත් කියවන්න ගන්න ස්තුති කරලම . කියවලා බලන්නකෝ අක්කී දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 15 Sep 2016 09:02 AM Posted By maduranga001 on 15 Sep 2016 06:56 AM ඇයී අව්ලෙන් වගේ. කිසි අවුලක් නෑ . පරිස්සමින් ගෙදර යන්න. ශානූ අයියා එහෙම කියයලා මාව පහු කරන් යන්න ගියා. මොකක්ද බොලව් අවුල? ශානුට ඩොන් ගිහින්... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 15 Sep 2016 08:58 AM Posted By DanuLiyanage on 15 Sep 2016 06:50 AM මරු සදුනි අයෙත් ඉස්කොලෙ යන්න හිතෙනව මටත් මොක්ද මේ වගෙ අතීතයක් අපි හැමොටම තියෙනවා. මෙ වගේ ලියපු කතවක් උනා නම් ජීවිතේ මම මගේ ජීවිතෙන් ගොඩක් තැන් වලට ඩිලීට් බට්න් එක ගහලා අයේ පස්සට ගිහින් මෙ ජීවිතේ වැරදුනු තැන් ගොඩක් හදනවා ලව් ඒක වැරදුනාද අප්පා අැයි. ඉගෙනීමේ අවුලක් නම් වෙන්න බෑ ඩිලිට් කරන්න යන්නේ දිනයක වැටහේවී........... RosiSuper Senior MemberPosts:5335 15 Sep 2016 07:24 AM ලස්සන කතාවක් වගේ ,,ඉන්න මාත් කියවන්න ගන්න ස්තුති කරලම . maduranga001Most Senior MemberPosts:14118 15 Sep 2016 06:56 AM ඇයී අව්ලෙන් වගේ. කිසි අවුලක් නෑ . පරිස්සමින් ගෙදර යන්න. ශානූ අයියා එහෙම කියයලා මාව පහු කරන් යන්න ගියා. මොකක්ද බොලව් අවුල? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ DanuLiyanageVeteran MemberPosts:3457 15 Sep 2016 06:50 AM මරු සදුනි අයෙත් ඉස්කොලෙ යන්න හිතෙනව මටත් මොක්ද මේ වගෙ අතීතයක් අපි හැමොටම තියෙනවා. මෙ වගේ ලියපු කතවක් උනා නම් ජීවිතේ මම මගේ ජීවිතෙන් ගොඩක් තැන් වලට ඩිලීට් බට්න් එක ගහලා අයේ පස්සට ගිහින් මෙ ජීවිතේ වැරදුනු තැන් ගොඩක් හදනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 15 Sep 2016 06:36 AM ......කදුලත් සැනසුමක්....... 14. වන කොටස. මළගෙදරින් පස්සෙ ඉස්කෝල්ලෙට ආව මුල්ම දවස හරිම පාලුයී .මං දුකින් නිසා කවුරුත් මගේ නිදසට බාධාකලේ නෑ. මළ ගේ නිසා වෙන්න ඇතී විමූ ශානූ අයියා ගැන මොකවත් ඇහුවෙත් නෑ, කිව්වෙත් නෑ .කෑම විවේකය වෙලාවේ මට කන්න තරම් පිරියක් තිබුනේ නෑ මං පංතියේ කොට බිත්තියට හේත්තු වෙලා පහළ වෙල් යාය දිහා බලන් හිටියා. විමූ කීපවතාවක් මට කෑම කන්න කතාකලත් මං ගියෙ නැහැ. විමුත් කටක් දෙකක් කාලා, අනිත් යාලුවන්ට කන්න ඇරලා, අත හෝදගෙන වතුර බෝතලයත් අරන් මං ළගට ආවා. කට්ටියම එක බත් එකට වට වෙලානේ කන්නෙ, කට්ටිය ඒක වැඩී ගානක් නෑ. ශදීයෝ... හ්ම්ම්ම්ම්ම්ම්.. මොනාද කල්පනා කරන්නෙ. තාත්තා මතක් වෙනවා බං. දුකයී තමයී. අපිට එන්න උනෙත් නෑනේ බං විමූ මගෙ ළගින්ම බිත්තියට වාරූ වෙලා එහෙම කිව්වෙ හරිම දුකින්. අපි ටිකක් වෙලා කතා කර කර හිටියා. ආ නංගිලා..... දූලාන් අයියගෙ කටහඩ ඇහිලා අපී ඒ පැත්ත බැලුවා. පිරිමි ළමයී රෑනක්ම එතන හිටියා, ඒ අතරේ ශානූ අයියත් මං දිහාම බලාගෙන හිටියා. මට ඒ ඇස් දිහා බලන්න බැහැ, මං එයාගෙ ඇස් මගහැරියා. විමූ නංගා එන්නකෝ පොඩ්ඩක් කැන්ටිම පැත්තට.. දූලාන් අයියා එහෙම කිව්වම විමූත් මට ගිහින් එන්නම් කියලා කැන්ටිම පැත්තට ගියා. ඊට පසෙ ශානූ අයියා මං ඉන්න තැනට කිට්ටූ වුනා. අනිත් පිරිමි ළමයිනුත් චුට්ටක් එහා විහිලු කරමින් මහ හයියෙන් හිනා වෙනවා. මගෙ හදවතත් වේගෙන් ගැහෙන්වා, ඒ සද්දේ මට ඇහෙන තරම්. ශානූ අයීයා කොට බිත්තිය එහා පැත්තෙන් මං ළගටම ඇවිත්. මට ශානූ අයියව තවත් මගහරින්න බෑ. ඒත් මට මේ හැගීම දරා ගන්නත් බැ වගේ, "මගෙ හදවත් ඇතුලින් සිව්ම් වෙදනාවක් ඇවිත් මුලූ සිරුර පුරා දුවනවා වගේ "මට දැනෙන්නෙ. ශාදී නංගියෝ . සමාවෙන්න මට මළ ගෙදර එන්න වුනේ නැ අනේ.. එ හඩ සවනට වැටෙන කොට මගෙ හිත ගැස්සිලා ගියා. ශානූ අයියා මගෙ කැමැත්ත ඇහුවට පස්සෙ අපි කතා කරන මුල්ම දවස. ඒ..... ක..ට කමක් නෑ ශානූ අයියේ. එන්න තමයී හැදුවේ. දුර නිසා පංතියෙ කෙල්ලන්ව ගෙදරින් එව්වෙ නෑනේ. මටයී දුලාන්ටයි විතරක් එන්න බෑනේ.. හරි ශානූ අයියේ .. මට තේරෙනවා. මං කතා කලේ බිම බලාගෙන. හොරැහින් ශානූ අයියා දිහාත් බැලුවා. එයා නම් මගෙ ඇස් දෙක දිහාම බලන් ඉන්නවා. මං කොහොම එයා දිහා බලන්නද ඉතිං. සමාවෙන්න හරිද ශානූ අයියා මගෙ තාත්තව දැකලා නෑ නේද? නෑනේ..... අපරාදේ අන්තිම මොහොතෙවත් දකින්න වුනේ නැනේ. තාත්තද ඒ සීයා නෙමෙයිද? විමූ නංගි කිව්වෙ සීයා කියලනේ... මං ඉක්මනින් බෑග් එක ඇදලා මරන දැන්වීම ශානූ අයියට දික් කලා. මං ඒක ගෙනාවේ එයා වෙනුවෙන්මයී. මට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනා මට ශානූ අයියට පෙන්නන්න ඕනී වුනා. අපි සීයා ගැන හුගක් දේවල් කතා කලා. මං සීයගෙ විස්තර කිව්වෙ කදුලූ අතරින් ,ශානූ අයියට මූන දෙන්න බැරුව මං මූන හංග ගත්තා. දුක් වෙන්න එපා දැං. ඔයාට..... මං ඉන්නවනේ. ඕනිම දේකට.... ම්ම්ම්ම් ශානූ අයියා එහෙම කියනකොට ගල් ගැහිලා එයා දිහාම බලන් හිටියා.. ඇයී.......අනේ සොරී එදා වුන දේට. ඔයා මගෙන් ඈත් වෙයී කියලා බයට. මං එහෙම කිව්වෙ. ම්ම්ම්ම්ම්ම්... මොකද ශදී නංගියෝ.... මට හීනයක් වගේ, ශානූ අයියා මට ආදරේ කරනවා. මගෙ සිහින සේරම හැබෑවෙලා, මගෙ හිතට දැනුනේ පුදුමාකාර සැහැල්ලුවක්. කාලය ගෙවිලා ගියා. ශානූ අයියා නිතර මට කතා කරන්න අඩගැහුවෙ නෑ. මට ඒකටත් කේන්තී, ඉදලා හිටලා වචනයක් දෙකක් කතා කලා විතරයී. එයා දූලාන් අයියට කියලා තිබුනේ කවුරු හරි දැක්කොත් මගෙ නමට ඒක හොද නෑ කියලා. ඈතට වෙලා මං දිහා ආදරෙන් බලං ඉන්න එක තමා එයාගේ එකම සතුට වුනේ. හරියට මං වේදිකාවක ඉන්නවා වගේ , ශානු අයියට එයාගෙ පංතියෙ ඉද ගත්තම මාව හොදට පේනවා. මටත් ශානූ අයියව හොදට පේනවා. එයා හැමවෙලේම මං මොනවද කරන්නෙ කියලා බලන් හිටියේ. හැබැයී අපේ පංතියට උගන්වන වෙලාවක මං එහෙ බැලුවොත් ශානූ අයියා මට රවනවා. ඒක නිසා ඉගෙන ගන්න වෙලාවට මං එහෙ බැලුවේ නෑ. මං හැම වාර විභාගයකින්ම පංතියේ තුන නැත්තම් හතර වෙනියා. පාඩම් නොකලට උගවනදේ එවෙලෙම හිතට ගන්න පුලුවන් හැකියාව මට තිබුනා. මං හුගක් තරගවලටත් ඉදිරිපත් වුනා, ටීචර්ලා සර්ලා මට හුගක් ආදරේ කලා ඒ හේතුව නිසයී ශානූ අයියා මට කතා කරන්න අඩ ගැහැව්වෙ නැත්තේ. ඒක නිසාම අපේ ආදර කතාව වැඩිය කවුරුත් දැන ගත්තේ නෑ. දවසක් හිස් පීරියඩ් එකක නිර්මානී අක්කා මට එයාලගේ ක්ලාස් එකට කතා කලා. විමූ දූලාන් අයියා එක්ක කතා කරන්න ගිහින් නිසා මං තනියෙන් හිටියේ. ශානූ අයියත් පංතියෙ හිටි නිසා මං ඒ පැත්තට ගියා. මං පංතියට ගියා විතරයී ශානූ අයියා යන්න ගියා. මට මාරම දුකයී. මං නිර්මානී අක්කා ලගින් ඉද ගත්තෙ මූන ඇද කරන්. ඇයී ශානූ අයියා ගියේ... හ්ම්ම්ම්.... ඔයා පංතියෙ තනියෙන් නිසා ඔයා එක්ක කතා කරන්න කිව්වා මට. කවුරු හරි දැකලා සැක හිතයී කියලා එයාට ඉන්න බැයිලූ. නිර්මානී අක්කයි මායී කතා කර කර හිටියා. ටිකකින් ශානු අයියයී ,යාලුවො පංතියට ආවා . එයාලා.මාව කයියට අල්ල ගත්තා. ආ නංගී කොහොමද... හොදයී අයියා... ශානූ අයියගෙ යාලුවෙක් නිසා මං කතා කරන්න ගත්තේ. ශානූ අයියත් පැත්තකට වෙලා හිනාවෙවි බලන් හිටයා. මේ උදේට ඔයා එක්ක එන චූටි මල්ලි කව්ද? මගේ මල්ලි . එක වසරෙ ඉන්නෙ. හානේ ...මේ.. එයා කැමතීද දන්නෙ නෑ .මං එයාගේ ලොකු මස්සිනා වෙනවට..... ශානූ අයියගෙ යාලුවා විදුරංග අයියා එහෙම කිව්වෙ හිනා වෙමින්. අනිත් යාලුවොත් බකස් ගාලා හිනා වුනා. නිර්මානී අක්කටත් හිනා. අපෝ අයියා මෙතන කට්ටිය වැඩී මං ඔයාට ඒක පස්සෙ කියන්නම්කෝ.. මාත් ඒක විහිලුවට අරන් එහෙම කිව්වා.හැමෝම තාම මහ හයියෙන් හිනා වෙනවා. කට්ටිය තව ටිකක් වෙලා ඒ ගැන විහිලූ කලා . මං නිකමට ශානූ අයියා ඉන්නවද බලනකොට එයා පංතියෙන් යන්න ගිහින්. ශානූ අයියට කේන්තී ගිහින් මගෙ දිහා බැලුවේවත් නෑ. මං එයා එක්ක කතා කරන්න උත්සහ කලත් එයා මාව මගහැරියා. ඉස්ස්කෝලේ ඇරුනා. එදා සිකුරාදා දවසක් නිසා ප්රශ්නය විසද ගන්න සදුදා වෙනකන් ඉන්න වෙනවා. මං දුකෙන් පඩිවෙල බැහැගෙන විමූ එක්ක පහලට ආවා. ශානූ අයියා විද්‍යාගාරය ඉස්සරහා ඉන්නවා දැකලා මං ඒ පැත්තට ගියේ ,වෙන දෙයක් වෙන්න කියලා. අපි දෙන්න මූනට මූන හම්බුනා ශානු අයීයා මුන බෙරි කරන් හිටියේ හරිම දුකින්. ඇයී ශානූ අයියේ... මොකුත් නෑ ශදී නංගියෝ. ඇයී අව්ලෙන් වගේ. කිසි අවුලක් නෑ . පරිස්සමින් ගෙදර යන්න. ශානූ අයියා එහෙම කියයලා මාව පහු කරන් යන්න ගියා. ඊ ළග කොටසින් හමු වෙමූ...😔 දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 15 Sep 2016 06:31 AM Posted By sha733 on 15 Sep 2016 05:33 AM සතුටයි දුකයි එක වර ලං උනා නේද කමක් නැහැ මම එපා කියපු දෙයක්ම අන්තිමට කරානේ කරන්න දෙයක් නෑ ශා අයියා . මාර අාවම යන්න වෙනවා. මේක අැත්ත කතාවක් මට වෙනස් කරන්න බැරි වුනා ඒක.. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 15 Sep 2016 06:29 AM Posted By DanuLiyanage on 15 Sep 2016 04:37 AM මෙ ශනු ආවෙ නැද්ද මල ගෙදර නෑනේ අප්පා දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 15 Sep 2016 05:33 AM සතුටයි දුකයි එක වර ලං උනා නේද කමක් නැහැ මම එපා කියපු දෙයක්ම අන්තිමට කරානේ DanuLiyanageVeteran MemberPosts:3457 15 Sep 2016 04:37 AM මෙ ශනු ආවෙ නැද්ද මල ගෙදර මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 14 Sep 2016 10:41 AM Posted By maduranga001 on 14 Sep 2016 08:17 AM පිහිටට හිටපු කෙනත් නැති උනාද ඉතිං. හොඳයි හොඳයි. බොහොම ස්තූතියි මේ කොටසටත්. ඒක නේන්නම් පව් ශදී දිනයක වැටහේවී........... maduranga001Most Senior MemberPosts:14118 14 Sep 2016 08:17 AM පිහිටට හිටපු කෙනත් නැති උනාද ඉතිං. හොඳයි හොඳයි. බොහොම ස්තූතියි මේ කොටසටත්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ සඳුනිVeteran MemberPosts:2462 14 Sep 2016 08:12 AM ......කදුලත් සැනසුමක්........ 13. වන කොටස. එදා හවස මං ඉක්මනින්ම කාමරයට වැදිලා දොර වහ ගත්තා. ඇදේ වැතිරිලා නිදහසේ සිහින ලෝකයක කිමිදුනා. ඇස් දෙක පියා ගෙන ශානූ අයියගෙ රූපය හිතේ මවා ගත්තා. අද හවස මගෙ දිහා බලන් හිටපු බැල්ලම මගෙ හිතේ ගැබුරෙම තැන්පත් වෙලා තිබුනා. මං ආයේ ආයේ ඒ රුව මවාගෙන කල්පනා කලා. සේන බාප්පා බීලා කෑ ගහගෙන ගෙදර එන සද්දය ඇහිලා මගෙ සිහින සේරම බිදිලා ගියා. කෝ අපේ ගෑනී ... මං බිව්වා තමයී. මුං සේරම මාව බල්ලා කරන්න .. යන්නෙ.. කෝ තොපී... ඇරපිය දොර. සේන බාප්පා දොරට පයින් ගහන්න ගත්තා. තෝ මොකද කාමරේට රිංගගෙන. වර එලියට. මං සද්දයක් නොකර අහගෙන හිටියා. සුදු දූ..... වරෙන්කෝ එලොයට. මට ඔහොම කරන්න එපා කෙල්ලේ මට හරී හිත් වේදනයී. වරෙං... වරෙං සේන බාප්පා ඒක කිව්වෙ දොරට හේත්තු වෙලා රහසින් වගෙ. මං ඒත් සද්ද නොකරම හිටියා. බාප්පා දොර ළගට වෙලා නොයෙක් දේවල් කිව්වා. කොල්ලන්ගෙ නම් පාවලා දීලා බැන්නා. මොකද සේන ඔය කරන්නෙ.. අම්මාගෙ කට ඇහුනා කුස්සිය පැත්තෙන්. දොර හේත්තු වෙලා හිටිය සේන බාප්පා කලබලෙන් කුස්සියට දුවනවා මට ඇහුනා. අම්මා ගෙදර ඉදලා නෑ මනීෂා නංගිලාගෙ දිහාට ගිය චුට්ටට තමා සේන බාප්පා විකාරය කරලා තියෙන්නෙ. මං හිතන් හිටියේ අම්ම කුස්සියෙ ඉන්නවා කියලා. දෙන්න එක්ක ටිකක් වෙලා බැන ගත්තා. සේන බාප්පා බැන බැන එළියට බැහැලා යන්න ගියා. මොන එක කරත්, අතටම අහු උනත් සේන බාප්පා නෑමයී කියලා දිව්රලා කියනවා.ඒක තමා මට උහුලන්න බැරිම දේ. කවදාවත් නැතුව මගෙ හිතට ලොකු ශක්ත්තියක් දැනුනා. මගෙ ඇහැට කදුලු බිංදුවක් වත් ආවේ නෑ. මං හිතා ගත්තා වෙනදෙයක් වෙන්න ශානූ අයියට කැමැත්ත දෙනවා කියලා. මට දැන් එළී වෙනකන් ඉන්න බෑ. හෙට සෙනසුරාදා ක්ලාස් දවසනේ.. විමූට තීරනය කියලා ශානූ අයියට කෝල් කරලා තීරනය කියනවා කියලා හිතා ගත්තා. මට එළි වෙනකන් නින්ද ගියේ නෑ හිතේ තිබුන සතුට නිසාද කොහෙද. සැරින් සැරේට වෙලාව බලමින් කාලය ගෙව්වා." ලෝකේ එකම තැන නැවතිලා වගේ" මට දැනුනේ ,එළිවෙන්නෙත් නෑ. පාන්දර වෙනකොට නින්ද ගිහින් තිබුනා. පාන්දර 5ට විතර මට ඇහැරුනේ අම්මා විලාප තියලා අඩනවා ඇහිලා. මං දොර ඇරගෙන අම්මා ළගට ගියා අම්මා බිම ඉදගෙන අඩනවා. ඇයී... අම්මේ.. අනේ පුතේ... ගියා.... එයා .... ගියා... කවුද අම්මේ... තා.....ත්......තා..... අනේ මගෙ තාත්තා.... මං එච්චරමයී කිය වුනේ .සදහටම සීයා අපිව දාලා ගිහින් කියලා මට තේරුනා. මම එහෙන්මම ගල්වෙලා වගේ පැය භාගයක් විතර හිටියා. ඇස් දෙකෙන් කදුලූ කඩා හැලෙනවා . ඒත් හ්ම්ම්ම් කියලවත් සද්දයක් පිට වුනේ නෑ. කට්ටියම එවෙලේ ලැස්ති වෙලා ත්‍රීවීල් එකකින් ගමේ මහ ගෙදරට යන්න සූදානම. යන්න හදද්දි මට ශානූ අයියව මතක් වුනා. මගෙ තාත්තාව අන්තිම වතාවට වත් පෙන්නන්න ඕනී කියලා මගෙ හිත කිව්වා. අම්මගෙ ඇඩීමත් ටිකක් තුරන් වෙලා තිබුන නිසා. අම්මේ... ම්ම්ම්ම්ම්ම් නැන්දලටයී. මනීෂා නංගිලටයි කියලා යමූ නේද?. ඉස්කෝලට කියයිනේ මනිෂා නංගී. හා. දූ එහෙනම් ටග් ගාලා මනීෂට කියලා එන්න මං නැන්දට කියලා එන්නම් . ත්‍රීවිල් එකත් ඇවිත් තියෙන්නෙ පරක්කු වෙන්න එපා. හා අම්මේ... මං මනීෂා නංගිලාගෙ ගෙදරට දුවන් ගියා. දොර තට්ටු නොකර පිටි පස්ස පැත්තෙන් ගෙට ගියා දොර ඇරලා තිබුන නිසා. මගෙ සුදු ඇදුමයී මූනයී දැක්කම වෙලා තියෙන දේ එයාලට තේරුනා. නැන්දේ මනීෂා නංගිට කියන්න විමූට පනිවිඩේ කියන්න කියලා. අන්තිමට එහෙම කියලා මං ආපහු ගෙදර ආවා. මං දන්නවනේ විමූට පනිවිඩය යනවා කියන්නෙ ශානූ අයියට කියනවා කියන එක. අපි ගමේ මහ ගෙදරට ලං වෙද්දි සෙනග පිරිලා. ආච්චිත් කාමරේ මුල්ලකට වෙලා විලාප තියනවා. ආච්චී මාව දැක්ක ගමන් බදාගෙන අඩන්න ගත්තා. ඊට පස්සෙ ආච්චි කලාන්ත් වෙලා වැටෙන්න ගියා. කට්ටිය වට වෙලා ඇදක හාන්සි කලා. දවල් දෙක විතර වෙනකොට සියා ගෙ මිනිය ගෙදරට ගෙනාවා. සීයාගෙ සේරම ළමයී ලතොනී දීලා ඇඩුවා. ආච්චි අම්මා මිනි පෙට්ටිය ඇරිනකොට ආයෙත් ක්ලාන්ත් වෙලා ඇද වැටුනා. මළගේ කටයුතු සීයගේ පුතාලා දෙන්න මැදිහත් වෙලා හොදට කරගෙන ගියා. තවත් නැදැ නංගිලා මල්ලිලා එක්ක එකතු වෙලා එන අයට තේ, බීම දෙන්න තිබුන නිසා අඩන්නවත් ,කල්පනා කරන්නවත්, නිදහසක් තිබුනේ නැහැ. මිනිය දවස් තුනක් ගෙදර තියා ගත්තා. මං හැමදාම උදේට සුදු මල් මල අමුනලා සීයගෙ වටේට දැම්මා ඇත් දල දෙකේ එකක් ඇමිනුවා. ඒ වෙලාවට තමයී මට දුක හිතෙන්නෙ අයී මගෙ තාත්තා කවදාවත් මං ලගට එන්නෙ නැනේ කියලා. මිනිය භූමී දානය කරපු දවසේ හැමෝම ගම දෙවනක් වෙන්න ඇඩුවා. ආච්චි අම්මාට කීප වතාවක්ම කලන්තේ හැදුනා. අන්තිමට මිනී පෙට්ටිය වලේ නිදන් කරලා., පළවෙනී පස් අහුර දානකොට තමයී,මට උහුල ගන්න බැරුව ගියේ. මං පස්සෙ ගොඩේ ඉදගෙන කෑ ගහ ගහ ඇඩුවා. කට්ටිය මාව එතනින් අයින් කරලා. පස්වලින් සීයව සදහටම හංගලා දැම්මා. හත් දවසේ පිංකමත් හරිම ඉහලින් කලා. හිතා ගන්නවත් බැරී සෙනගක් මලගෙදරටයී, දානේ ගෙදරටයී සහභාගී වුනේ. සියා ගමේ කාටත් හොදින් සැලකුවා. උදව් උපකාර කලා ඒක නිසා යාලූ මිත්රයොත් ඕනී තරම් හිටියා. සීයගෙ අකාලේ සමු ගැනීම මුලු ගමටම ලොකු දුකක් වුනා. ************************************ අපි ආපහූ ගෙදර එන දවස උදා වුනා. කදුලූ පිස දමමින් මං ආච්චි අම්මටයී .ලොකු අම්මටයී වැන්දා. අනේ... සුදු දූ... ඔයා මෙහෙ ඉන්න. ආච්චි මාව තුරුල් කරන් ඇඩුවා. ලොකු අම්මා හිටියෙත් ඒ ගෙදර මයී. මහප්පා රට ලොකු අම්මගෙ එක පුතා එයාත් විවාහා වෙලා වෙනම ගෙදරක හිටියේ. ලොකු අම්මා තනියෙන් ඉන්න බැරී නිසා ආච්චි අම්මා එක්ක හිටියේ. සියල්ලන්ට ම සමුදීලා අපි ගෙදර ආවා. ගම ටිකක් දුර නිසා ඉස්කෝලේ කවුරුත්ම මළ ගෙදර ආවේ නැහැ. ශානූ අයියලා ආවෙත් නැහැ. ශානූ අයියට මගෙ තාත්තව දකින්න තිබුන එකම අවස්ථාවත් නැති වුන එක ගැන මට දුක් වුනා. ඊ ළග කොටසින් හමූ වෙමු.😥😥😥😥😥 දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 14 Sep 2016 06:43 AM මේ දැන් ඉතුරු කොටසත් දාන්නකො. ප්‍රින්ට් එක හෙට කරන්න දැන් කතාව කියවන්න දාන්නකො මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 14 Sep 2016 06:31 AM අනේ මන්දා ශදීගේ අතේ තීරනය... මම ශදී වුනා නම් හොද කෙලියක් කරනවා.. මම මේ කතාව පිරින්ට් කරන්න යන්නේ දිනයක වැටහේවී........... kingDVeteran MemberPosts:3309 14 Sep 2016 03:29 AM ශානු අයියට කැමැත්ත දෙයි වගේ එහෙනම්.. හොදයි හොඳයි Business, you know, may bring money, But friendship hardly ever does. maduranga001Most Senior MemberPosts:14118 14 Sep 2016 02:46 AM එකොළහයි දොළහයි දෙකම කියෙව්වේ අද. විඩක් කැමතියි. විඩක් අකමැතියි. කැමතියි. අකමැතියි.. ආයිෂ් අම්මා ගුණ්ඩු.. හෙට ඊළඟ කොටසින් බලමුකෝ එහෙනම්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ සඳුනිVeteran MemberPosts:2462 14 Sep 2016 02:31 AM ......කදුලත් සැනසුමක්..... 12 .වන කොටස. ඉස්පිරිතාලෙදී සේලයින් එකක් එහෙම දීලා බෙහෙත් වේලක් දුන්නම, සීයා ආයෙත් සුව අතට හැරුනේ " ඉඩෝරයට වැසි බිදුවක් වැටුනා වගේ". ඒක හැමෝගෙම හිතට අස්වැසිල්ලක් වුනා. මේ අවුරුද්දේ විභාගය නිසා අම්මා මාව සීයා බලන්න ඉස්පිරිතාලේ එක්ක ගියෙ නෑ. ඉස්කෝලේ යන්න කිව්වා. ඒක නිසා පහුවදා බ්‍රහසපතින්දා, මම පාසල් ගියා. ඒත් මං හිටියෙ හරිම දුකෙන් සීයා බලන්න යන්න නැති නිසා. ශානූ අයියත් උදේ ඉදන්ම මගෙත් එක්ක කතා කරන්නට උත්සහ කලා, ඒත් මං එයාට මුහුන දුන්නෙ නැහැ. එදා දවල් විවේකයෙදී දුලාන් අයියා විමූට කතා කරන්න එන්න කිව්වා. විමු කතා කරලා පංතියට ආවේ මූන ඇද කරගෙන. මං ළගින් ඇවිත් ඉද ගත්තා. ඇයී බන්. උබලට අවුලක්ද. නෑ... එහෙනම්.. ඔබට අවුලක්. මට.... විමූ කතා කලේ හරිම වේදනාවකින්. මට හිතා ගන්න බෑ මක් වෙලාද කියලා. ඔව් . ශානූ අයියා ඔබට පණිවිඩයක් කියන්න කිව්වලූ. මොකක්ද්ද? එදා ඇහුවෙ විහිලුවට කියන්න කිව්වලූ. ඒ හේතුව නිසා යාලූකම නැති කරන්න එපා කිව්වලූ. ඉතිං හොදයිනේ. හිතට දුකක් ආවත් මං කතා කලේ දුක හංගගෙන. විමූ පුදුමෙන් මං දිහා බලන් හිටියා. ඇයි හොද. ඔබ අතට ආව චාන්ස් එක ඇතෑරියා . මෝඩ කමට බෙහෙත් නෑනේ. මං දන්නවා බං ඕක ඔහොම වෙයී කියලා. මට දුක නෑ . උබත් දුක් වෙන්න එපා. මගෙ ජීවිතේ තියෙන්නෙ දුක විතරයී. ඒක නිසා මට ළං වෙන අයටත් ලැබෙන්නේ දුක විතරයී. ඕක ඔහොම වුන එක හොදයී. මට ඔය මොනවත් ඕනී නැ. මගෙ තාත්තාට හොද වුනොත් ඇතී. ඒත් මං දන්නවා ඔබ ශානූ අයියට කොච්චර ආදරෙයිද කියලා. ආදරේ නිසානේ ඔබ බැ කියන්නෙ. අර සේන කියන බූරුවට බයේ. ඔච්චර දුර හිතන්න එපා බං. දැන් වැඩක් නෑනේ බං .එයා සිරා නෙමෙයිනේ අහලා තියෙන්නේ. විමුයී මායී ඒ ගැන හුගක් වාද වුනා. මං දැක්කා ශානූ අයියත් පංතියෙ ඉදන් අපි දිහා බලන් ඉන්නවා මං නොදැක්කා වගේ හිටියා. ශානූ අයියට බයික් එකක් තිබුනා. පොන් තිබුනා සුද්ද වගේ ඕනී කෙනෙක් වෙනුවෙන් සල්ලිත් වියදම් කලා. මං හිතන්නෙ ශානූ අයියා පොහොසත් ඇතී කියලා. මං කොහොමත් පොහොසත් අයට කැමති නෑ. මොකද එයාලා දුක වේදන්නාව අදුරන්නෙ නෑ. සීයා දැන් ආයී හොදට කතා කරනවලූ, මාව බලන්න ඕනී කියලා එක්ක එන්නත් කිව්වලූ. දෙවියන්ගේ පිහිටින් සීයා හොද අතට ආවා. පහුවදා සිකුරාදා , එදත් අම්මා මට ඉස්කෝලේ යන්නම කිව්වා. ඒක නිසා මං ඉස්කෝලෙ ගියා. දවස හරි ඉක්මනට ගෙවිලා ගියා. අන්තිම පිරියට් දෙක සංගීත, ටිකක් බඩ රිදුන නිසා මං සංගීත පංතියට නොයා පංතියට වෙලා ඔලුව තියන් හිටියා. ගිය සතියේ සෙනසුරාදා තමා ශානූ අයියා මගෙන් කැමැත්ත ඇහුවෙ, මේ සතියේ සෙනසුරාද වෙන්නත් කලින් එයා මාව අතහැරලා ඉවරයී. මට ඒ ගැන දුකක් නැ, මට කවදාවත් එයාට කැමති වෙන්න බැරි නිසා. මං නිකමට ශානු අයියලාගෙ පංතිය පැත්ත බැලුවා. ශානු අයියී ,නිර්මානී අක්කයී මගෙ දිහා බල බලා මොනවද කතා වෙනවා. මගෙ ගැන කතාවක් වගේ දැනුන නිසා මං ආයී එහෙ බැලුවෙ නැ. ඇස් දෙක තද කරලා පියාගෙන ටිකක් නිදා ගන්න උත්සහ කලා. ශදී නංගියෝ.... මගෙ ඔලුව පිරිමදිමින් මට කතා කලේ නිර්මානී අක්කා. මං ඔලුව උස්සලා බලලා, පුටු ඇන්දට හේත්තූ වුනේ ආයාසයෙන් හිනාවක් මූනට අරන්. මොකද ශදී නංගියෝ. අසනීපයක්ද්ද? බඩ ටිකක් රිදෙනවා .අක්කෙ. ඇයී අසනීපද..එහෙනම් පැනඩෝල් දෙකක් බිව්වම ඕකනම් අඩුවෙයී. බිව්වද. නිර්මානී අක්කා ලෙඩේ තේරුම් අරන් හිනා වුනා. හ්ම්ම්ම්ම් මං මේ දෙයක් කියන්න ආවේ.. ඒත් දැං බෑ .ඔයා අමාරුවෙන්නෙ ඉන්නෙ. කමක් නෑ අක්කේ කියන්න . වැඩී අමාරුවක් නෑ. නිර්මානී අක්කා ලොකු කතාවක් කියන්න වගේ ළග තිබුන පුටුවේ ඉද ගත්තා. අනේ මංදා නංගියෝ... අර බූරුවට පිස්සු.. මං හොදට බැන්නා. ඔයාගෙ හිත රිද්දනවට. වෙලාවකට අහනවා ආයී එපා කියන්නවා, බොරු කියනවා පිස්සූ වගේ. කමක් නෑ අක්කේ. මං කොහොමත් කැමති වෙන්නේ නෑනේ. මංදා නංගියෝ කැමතී තීරණයක් ගන්න. ඕන් ආයී අහන්නලූ. මං එක පාරටම ශානූ අයියලගෙ පංතිය දිහා බැලුවා. ශානූ අයියා හරිම අහිංසක මූනකින් මං දිහාම බලන් ඉන්නවා. ඒ ඇස් දෙක දිලිසෙනවා, ඇස්දෙකේ ආදරය පිරිලා, මට ඒ බැල්ම දරා ගන්න බැරී වුනා.මං බිම බලා ගත්තා. නිර්මානී අක්කා මගෙත් එක්ක සේරම විස්තරය කිව්වා. ශානු අයියා පළවෙනි පාරටත් අහලා තියෙන්නෙ ඇත්තටමලූ. එයාගෙ කලින් කෙල්ලගෙ කේස් එක දන්න නිසා මං අකමැති කියලා හිතලාලූ බොරුවට ඇහුවේ කිව්වෙ. අනික මං එයාගෙන් ඈත් වෙනවා වගෙ දැනුන නිසාලූ එහෙම කිව්වේ. මට ශානූ අයියා ගැන හුගක් දුක හිතුනා. මං දන්නවා දැන් ශානූ අයියා මං ගැන මොන තරම් හිතනවද කියලා. ඉස්කොලේ ඇරෙන්නත් ළගයී, බෙල් කරන්න ටිකක් වෙලා තියෙද්දී වීමු පංතිය ආවා. ඇවිත් පොත් බැග් එක ලැහැත්ති කරන්න ගත්තා. මගෙ පොතුත් සේරම එකතු කලා බෑග් එකට දැම්මා. කොහොමද ශදියො උබට. පයින් ගෙදර යන්න බැනේ.අද බස් එකේ යමූ. හ්ම්ම්ම්. මට උබට දෙයක් කියන්න තියෙයී. මොකක්ද්ද? මං විමූට වුන සිද්ධිය අකුරක් නෑර, මුල ඉදන් අගටම කිව්වා. විමූ කිව්වේ පිස්සු නොකර ශානූ අයියට කැමැත්ත දෙන්න කියලා. ඊට පස්සෙ වෙන දේවල් එවෙලට බලමූ කියලා. ඉස්කෝලේ ඇරිලා මං ගෙදර ආවේ නිර්මානී අක්කයී ,මනීෂා නංගි එක්ක. එන ගමන් ශානූ අයියගෙ හොද ගතිගුන ගැන නිර්මානී අක්කා හුගක් දේ මා එක්ක කිව්වා. ආයෙත් මට මේ වගේ හොද කෙනෙක් ලැබෙන එකකුත් නෑ කියලා කිව්වා. ඊ ළග කොටසින් හමු වෙමූ... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 14 Sep 2016 02:23 AM Posted By DanuLiyanage on 14 Sep 2016 01:32 AM අනේ තාත්තට මොකුත් වෙන්නේ නැහැ නේද බලමු ඉතින්.. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 14 Sep 2016 02:22 AM Posted By kingD on 14 Sep 2016 01:07 AM සදුනි ඇවිත් නැද්ද අද අැවිත් ඉන්නේ රජ්ජුරු අක්කී හී දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 14 Sep 2016 01:32 AM අනේ තාත්තට මොකුත් වෙන්නේ නැහැ නේද මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න kingDVeteran MemberPosts:3309 14 Sep 2016 01:07 AM සදුනි ඇවිත් නැද්ද අද Business, you know, may bring money, But friendship hardly ever does. සඳුනිVeteran MemberPosts:2462 13 Sep 2016 05:29 AM Posted By sha733 on 13 Sep 2016 03:43 AM කථාවේ 11ත් ලස්සනයි. ඒකත් කියෙව්වා. සීයට කරදරයක් එහෙම කරනවා නෙවෙයි ඊලග කොටසේ ඒවා දන්නේ දෙවියෝ තමයී දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 13 Sep 2016 05:27 AM Posted By kingD on 13 Sep 2016 03:26 AM 11 වෙනි කොටසත් බැලුවා ඔන්න... හ්ම්.. අනිත් කොටස් ටිකත් එනකං මග බලන් ඉන්නවා . හෙටනේ 12 ඒන්නේ රජ්ජුරු අක්කී හී. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 13 Sep 2016 03:43 AM කථාවේ 11ත් ලස්සනයි. ඒකත් කියෙව්වා. සීයට කරදරයක් එහෙම කරනවා නෙවෙයි ඊලග කොටසේ kingDVeteran MemberPosts:3309 13 Sep 2016 03:26 AM 11 වෙනි කොටසත් බැලුවා ඔන්න... හ්ම්.. අනිත් කොටස් ටිකත් එනකං මග බලන් ඉන්නවා . Business, you know, may bring money, But friendship hardly ever does. සඳුනිVeteran MemberPosts:2462 13 Sep 2016 01:06 AM 11.වන කොටස. ************************************* පෝයදාට පහුවදා ඉස්කෝලේ නිවාඩු දීලයී තිබුනේ. මං හිටියෙ පොත් මේසෙ ලග ඉදන් ක්ලාස් එකේ වැඩ වගයක් කරමින්. එදා සේන බාප්පත් වැඩට ගියේ නැහැ. සීයා තවම නිදි ඊයේ රෑ මහිංසියටද කොහෙද. මේ ලතෝ. මෙහෙට එනවකො පොඩ්ඩක් සීයාගෙ කට හඩ ඇහිලා ආච්චි අම්මා සීයා නිදන් ඉන්න ඇද ලගට ආවා. ඇයි . ? උබ මගෙ බෑග් එක ඇද්දද. නෑ. මගෙ බෑග් එකේ තිබ්බ සල්ලි කෝ එහෙනම්. ඇයී තාත්තෙ සල්ලි වලට මක් වෙලාද? මං දැක්කා අපේ කෙල්ල බෑග් එක අදිවා. බිම වැටිලා ඇති බලන්න. සේන බාප්පත් එහෙම කියාගෙන එතනට දුවගෙන ආවා. මාත් එතනට ගියෙ කෑගහගෙන. මං . මං මොකටද තාත්තගෙ සල්ලි ගන්නෙ. ඕනි නම් හොරකන් කරන්න ඕනී නෑ . ඉල්ලනවා මිසක්. ඒ පාර මං හොරෙකුත් කරන්නද යන්නෙ. සුදු දූ ගත්තා නම් කමක් නෑ. මං දන්නවා ගත්තු එකා කව්ද කියන්ඩත්. යදින්නත් බෑ මගෙ කෙල්ලටත් ඒවා බලපාන හිංදා. ලතෝ ලැහැත්ති වෙයන් යන්ඩ. තාත්තේ ඇයී මොකද? අම්මත් එතනට දුවගෙන ආවා. අම්මයි සේන බාප්පයී සීයයි තුන්දෙනා එක්ක කියව ගත්තා. අන්තිමට සීයා අමාරුවෙන් නොන්ඩි ගගහ පයින්ම පාර පැත්තට යන්න ගියා. ආච්චිත් කේන්තියෙන් ඒ පැත්තට ගියා. අම්මා හැමදාම වගේ එයාටම දෙස් තියාගනිමින් අඩනවා. සේන බාප්පත් බැන බැන පහළට යන්න ගියා. චුටි මල්ලිට තේරුමක් නෑ එයා බය වෙල බලන් ඉන්නවා මොකද වෙන්නෙ කියලා. චූටි මල්ලි තාම එක වසරේ. ඒ ළමයා රංඩු වෙනවට බයයි .එක්කෝ බිරන්ත වෙලා බලන් ඉන්නවා නැත්තම් අඩනවා. මං සේරම අත් හැරලා දාලා පාර පැත්තට ආවා. සීයයි ආච්චී තාම බස් එකක් එනකන් ඉන්නවා. මං ගිහින් වුන දේ ඇහුවා. සේන බාප්පා තමා සීයගෙ සල්ලි අරන් තියෙන්නෙ. සීයා දැකලා තියෙනවා හොරෙන් බෑග් අදින හැටී. සේන බාප්පට ඕනී සල්ලියක් නෑ. එයාට ඕනී සීයව එහෙම පන්න ගන්න. එයාගෙ ජරා වැඩ වලට ඉඩක් නෑනේ එයාලා ඉද්දී. බස් එකක් ආවා සීයලා ඒකේ නැගලා යන්නගියා. අම්මා එදා දවසම ඇඩූ කදුලින් ගෙවලා දැම්මා. එයාගෙ තාත්තට බැරි වෙලේවත් සළක ගන්න බැරි වුන එකට. *********************************** අද සෙනසුරාදා දවසක්. අපිට අද දවසම ක්ලාස් . විමුයී මායී එක බස් එකෙන්ම ගිහින් ක්ලාස් තියෙන තැනින් බැස්සා. මං හිතේ අමාරුවෙන් හිටියෙ සීයලත් ගෙදරින් තරහ වෙලා ගිය එකට. ශදියෝ දුලාන් අයියට කෝල් එකක් දෙන්න ඕනී. මගෙ මූනට හිනාවක් ආවේ ශානූ අයියගෙ කටහඩ අහන්න ලැබෙන නිසා. දුලාන් අයියා ලග පෝන් එකක් තිබුනේ නෑ. ශානූ අයියගෙ එකට කතා කරලා තමා දුලාන් අයියට පණිවිඩ දුන්නෙ. ඒක නිසා ටෙලි පෝන් බොක්ස් එකෙන් කෝල් අරන් ශානු අයියට හැමදාම පණිවිඩය කියන්නෙ මං . ඒකත් ඉතිං විමූගෙ අදහස් තමා. නියමයී.. මොකක්ද්ද කියන්න ඕනී. ඊයේ දුලාන් අයියා අසනීපෙන්නෙ හිටියෙ දැන් මොකද අහපන්කො. එයා එහෙ යන්න ඇතිනෙ බලන්න. ශානු අයියයී දුලාන් අයියයි එකම ගමේ. විමුයී මායිත් එකම ගමේ. මං බොක්ස් එකට ගිහින් මාරු සල්ලි කීපයක් දාලා කෝල් එකක් ගත්තා. එහෙන් සිංදුවක් ඇහෙනවා. හෙලෝව්... හෙලෝව්. ශානූ අයියේ මං හරි හරි දන්නවා. ශානු අයියා දැන් මගෙ කටහඩත් අදුරනවා. දුලාන් අයියට කොහොමද අහන්න ගත්තේ. දූලාන්ට මොකක්ද්ද කියන්න තියෙලූ ඔයාට මට . .. ඉන්න විමූට දෙන්නම්. දූලාන් අයියගෙ කතාව මට ඇල්ලුවෙ නෑ. මොකක් හරි අමුත්තක් තියෙයී. මං විමූට අඩ ගහලා දූලාන් අයියා කතා කරනවා කියලා දුන්නා. මං එතනින් ඈත් වුනේ දෙන්නට නිදහසේ කතා කරන්නට ඉඩ දීලා. ටිකකින් විමූ අමුතුම හිනාවක් මවාගෙන මං ළගට ආවා. මේ වැඩේ හරි.. මෙන වැඩේද. ඔබේ වැඩේ . මොකක්ද්ද? ශානූ අයියා උබෙන් අහන්න කිව්වා. මොනාද? මොනාද අහන්නෙ .ආදරේද කියලා.. ම්ම්ම්ම්ම්ම්ම්ම් මගෙ හිතට කියන්න තරම් ලොකු සතුටක් ආවේ නෑ. මට දුලාන් අයියට කැමති වෙන්න බෑ සේන බාප්පා එයාටත් කරදර කරයී. ඇයී ඔබ ම්ම්ම් ගාන්නෙ සතුටු නැද්ද. නෑ.. ඇයී. මෙච්චර කල් පෙරුම් පිරුවනේ. ආදරෙයී තමා. ඒත් මට ශානූ අයියට කරදරයක් වුනොත් දරා ගන්න බෑ . ඒකයී. බෑ කිව්වා කියහන්. දන්නවනේ සේන බාප්පගෙ හැටී. මං කිසිම හැගීමක් නැතුව කියලා දැම්මා. වීමූත් ලොකු සුසුමක් හෙලුවා විතරයී මොකුත්ම කිව්වේ නෑ. එදා ඉදන් ශානු අයියා එක්ක හිනා වුනේ වත් නෑ මම. ශානූ අයියාත් හිටියෙ හරිම අවුලෙන්. මගෙත් එක්ක කතා කරන්න අවස්ථාව හදා ගත්තත් මං මග හැරියා. නිර්මානී අක්කත් මගෙන් ඇහුවා ඇයී කියලා. මං කිව්වෙ සේන බාප්පා නිසා බයයි . ඒ කතාව ශානු අයියට නම් කියන්න එපා කියලා. ඒ සතියේ බදාදා අපිට ගමේ එන්න සිද්ද වුනා. සීයට හොදටම අමාරුයී කියලා ආච්චි කෝල් කරපු නිසා. අපි එද්දි සෙනග පිරිලා ගෙදර. අම්මගෙ සහෝදර සහෝදරියොත් සේරම හිටියා. සීයට හොදටම අමාරුයී. කන්නේ බොන්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ, ඔහේ නිදාගෙන ඉන්නවා. හැමෝම කිව්වා මටවත් කතා කරලා බලන්න කියලා. කවුරුත් කතා කලාට සීයා කතා කරන්නෙ නැති නිසා. ඉස්පිරිතාලෙන් කිව්වලූ දැන් ගොඩ ගන්න බෑ. එයා ඉල්ලන දෙයක් කන්න දීලා නිදහසේ ගෙදර ඉන්න දෙන්න කියලා. තාත්තේ .......තාත්තේ ..... තා...ත්තේ.. කතා කරන්නකෝ මං සුදු දූ... ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... හැමෝම හිතුවා වගේ සීයා මගෙ ත් එක්ක කතා කලා. වචනයක් වත් කතා නොකරපු සීයා මාත් එක්ක කතා කලා .එයා මට කොච්චර ආදරේද.. අනේ මගේ.. තාත්තේ අමාරුයිද? හ්ම්ම්ම්ම්. හ්ම්ම්ම්ම් මොනවද මගෙ තාත්තට ඕනී. ඇ.හ් මොනවද ඕනී ව..ව..තු..ර... ආච්චි මගෙ අත්ට වතුර එකකුයී හැන්දයී දුන්නා. මං හැන්දෙන් වතුර ටිකක් සීයට පෙව්වා. තව දෙන්නද... හ්..ම් මං තව වතුර පෙව්වා. තාත්තේ අපි ඉස්පිරිතාලේ යංද? ඇ... හ්හ් ඉස්පිරිතාලේ යමූ. හාඅ... ය..ං.. හරි යමු තාත්තේ .මොකුත් වෙන්නෙ නෑ මගෙ තාත්තට. හොද වෙනවමයී. මං සීයාගේ ඉහ ඉද්දර ඉදගෙන ඔලුව අත ගෑවා. මගෙ ඇස් වලින් කදුලූ බේරෙනවා අනේ දෙවියනේ මට ඉන්නෙ මගෙ තාත්තා විතරයී. එයත් මගෙන් ඈත් කරන්න එපා. හැමෝම කලබල වෙලා වාහනයක් හොයන්න ගියා. මං සීයා ලගින් හෙල්ලුනේ වත් නෑ. හැන්දකින් කැද ටිකක් පෙව්වා. හැමෝම අඩනවා. සීයා ඇස් දෙක ලොකු කරලා මං දිහා බැලුවා. මැලවිලා ගිය මුහුනට අමාරුවෙන් හිනා වක් මැව්වෙ මං දිහා බලා ගෙන. ඒ හිනාවේ තිබුනෙ මට ඔයාව දාල යන්න බෑ දුවේ කියන හැගීම. මට ඒක හොදටම දැනුනා. අපි යමු තාත්තෙ... මගෙ තාත්තට මොකුත් වෙන්නෙ නෑ. මං සීයගෙ පපුවට ඔලුව තියා ගෙන ඇඩුවා. වෑන් එකක් හොයාගෙන මාමලා ආවා. කට්ටිය සීයව ඉස්පිරිතාලෙට එක්ක ගියා. ඊ ළග කොටසින් හමු වෙමූ<!--[if gte vml 1]> <!--[endif]-->😓. දිනයක වැටහේවී........... samanthaMost Senior MemberPosts:13190 13 Sep 2016 12:38 AM කොටස් 2ක්ම ඇවිල්ලා... බොහොමත්ම ස්තූතියි සඳුනි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! සඳුනිVeteran MemberPosts:2462 13 Sep 2016 12:38 AM Posted By sha733 on 12 Sep 2016 04:52 AM Posted By සඳුනි on 11 Sep 2016 04:39 AM Posted By sha733 on 11 Sep 2016 02:10 AM ඒකත් කියෙවුව ඕං ලස්සනයි කථාව සදුනී දන්සලේදි කොහොම බෙදයිද කියල බලමුකෝ අනිත් කොටසින් පේන් නැද්ද තරු පායලා දන්සැල් සිද්දිය ඔතනින් ඉවරයී. අප්පා.. ඒ කියන්නෙ මේක තරැ පායනකොට වහන දන්සලක්ද දැන් කට්ටියම ගෙදරද ඉන්නේ හපොයි *************** ලකුන ඒ දවසේ සිද්දි ඉවරයි කියන ඒක දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 13 Sep 2016 12:34 AM Posted By maduranga001 on 11 Sep 2016 07:58 AM එක සැරේට කොටස් දෙකක්ම බස්සල තියෙන්නෙ. බොහොම ස්තූතියි. අර බාප්ප කාරයව අල්ලලා දීපල්ලකෝ බන් පොලිස්සියට. කෙළින්ම විසි අවුරුද්දකට හිරේ යවන්න පුළුවන් ළමා හින්සනේ යටතෙ. මදුරංග අයියා ඔයා ඔත්තුව දෙන්නකෝ දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 12 Sep 2016 04:52 AM Posted By සඳුනි on 11 Sep 2016 04:39 AM Posted By sha733 on 11 Sep 2016 02:10 AM ඒකත් කියෙවුව ඕං ලස්සනයි කථාව සදුනී දන්සලේදි කොහොම බෙදයිද කියල බලමුකෝ අනිත් කොටසින් පේන් නැද්ද තරු පායලා දන්සැල් සිද්දිය ඔතනින් ඉවරයී. අප්පා.. ඒ කියන්නෙ මේක තරැ පායනකොට වහන දන්සලක්ද දැන් කට්ටියම ගෙදරද ඉන්නේ maduranga001Most Senior MemberPosts:14118 11 Sep 2016 07:58 AM එක සැරේට කොටස් දෙකක්ම බස්සල තියෙන්නෙ. බොහොම ස්තූතියි. අර බාප්ප කාරයව අල්ලලා දීපල්ලකෝ බන් පොලිස්සියට. කෙළින්ම විසි අවුරුද්දකට හිරේ යවන්න පුළුවන් ළමා හින්සනේ යටතෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ සඳුනිVeteran MemberPosts:2462 11 Sep 2016 04:39 AM Posted By sha733 on 11 Sep 2016 02:10 AM ඒකත් කියෙවුව ඕං ලස්සනයි කථාව සදුනී දන්සලේදි කොහොම බෙදයිද කියල බලමුකෝ අනිත් කොටසින් පේන් නැද්ද තරු පායලා දන්සැල් සිද්දිය ඔතනින් ඉවරයී. අප්පා.. දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 11 Sep 2016 02:10 AM ඒකත් කියෙවුව ඕං ලස්සනයි කථාව සදුනී දන්සලේදි කොහොම බෙදයිද කියල බලමුකෝ අනිත් කොටසින් සඳුනිVeteran MemberPosts:2462 11 Sep 2016 12:21 AM .... කදුලත් සැනසුමක්.... 10. වන කොටස. වෙසක් පෝයත් කිට්ටු වුනා. දහම් පාසලේ බක්ත්තී ගීත ප්‍රංගයක් තියේ කියලා ලොකු හාමුදුරුවෝ මට එන්න කිව්වා. ගියපාරත් මං බක්තී ගීත කියන්න ගිය නිසා. ඒත් පුරුදුවෙන්න ගියොත් ක්ලාස් පාඩූ වෙනවා. අම්මත් යන්න ඕනී නෑ කිව්වා. සංගීත සර් එන්නම කිව්ව නිසා ගෙදරි යන්න දුන්නා. මං පංසලට ගියෙ විමුයී ශානූ අයියලගෙ පංතියේ නිර්මානී අක්කයී එක්ක. ඒ දෙන්න බක්තී ගීත් කන්ඩායමේ හිටියේ නෑ මගේ තනියට වගෙ පංසලට යන්න ආවා. ඉතිං මං බක්ත්තී ගීත් පුරුදු වෙනකන් ඒ දෙන්නා බන මඩුවේ කොනක කතා කර කර හිටියා. දවසක් ආපහු ගෙදර එනකොට නිර්මනී අක්කා මාර කතාවක් කිව්වා. මේ විමූ නංගා . අපි බක්තී ගීත අහන්න අපෙ පංතියෙ කෙල්ලෝ කොල්ලො සෙට් එකට එන්න කියමු නේද ශානුට එහෙම. නම ඇහෙත්ම මං නිර්මානී අක්කා දිහා ගැස්සිලා බැලුවා. එයා හොරෙන් මගෙ දිහා බල බල හිනා වෙනවා. ම්ම්ම්ම් .. ඔව් ඔව් දූලාන් අයියවත් ගෙන්න ගන්න ඕනී දැං ඉතිං ශානුක එනකන් බලන් ඉන්න අයත් ඉන්නවනේ. නිර්මානී අක්ක එහෙම කියද්දි මට තේරුනා විමූ සේරම වැඩ කාලා කියලා. ඒ කවුද... මං ඇහුවේ සැක ඇර ගන්න. ඔය අහන කෙනාම තමා. අපිත් සේරම දන්නවා හොදේ. ඉන්නවකෝ මං ශානුවට කියන්න. අනේ අක්කේ එපා. මං ආයි ස්කූල් එන්නෙත් නැ ඕන්. බෑ බෑ හිතේ තියන් ඉදලා බෑ. එපා අක්කේ. මගෙ හිතේ තිබ්බට , එයා ඇහුවත් මං කැමති වෙන්නෙ නෑ. තියෙන ප්‍රශ්න හොදටම ඇති. මං නිසා එයාටත් ප්‍රශ්න එනවට මං ආස නෑ. අනේ අක්කෙ ප්ලීස් කියන්න එපා. ප්ලීස්.. නිර්මානී අක්කායී, විමුයී ගෙදරට හැරෙන තැන් වලට එනකන් අපි කතා කරමින් ආවා. අන්තිමට මං තනියෙන් ගෙදර පැත්තට එන්න හැරුනා . මගෙ හිතට හරිම බයයී නිර්මානී අක්කා කියයී කියලා. වෙන දෙයක් වුනාවේ . ශානූ අයියා මොනවා හිතයිද දන්නෙ නැ මං ගැන. කමක් නෑ . එයා කැමති වුනත් මං කැමති වෙන්නෙ නෑ. සේන බාප්පා ශානූ අයියටත් ප්‍රශ්න ඇති කරයි ගෙදරට ආරංචි වුනොත්. ශානු අයියා පව් .මං කවදාවත් කැමති වෙන්නෙ නෑ .ඒ ආදරේ මගෙ හිතේම තිබුනාවේ. එයා මට ආදරේ නොකලත් මං හැමදාමත් එයාට ආදරෙයි. ගෙදට කිව්වු වෙද්දී ගේ ඇතුලේ හුගක් අය ඉන්නවා වගේ සද්දෙයී. දෙවියනී සීයයි ආච්චී ඇවිත්. මං ගෙට ගිය ගමන් ආච්චිගෙ ඔඩොක්කුවෙ බෙල්ල බදාගෙන ඉද ගත්තා . මගෙ සුදු කෙල්ල .බක්තී ගීත පුරුදු වුනාද? ඔව් සුදු අම්මේ. කෝ තාත්තා. මං තාත්තා කියන්නේ සීයට. සීයාට ටිකක් අසනීපයී පුතේ. මහන්සියට නිදි ඇති. අනේ තාත්තිට මොකද? මං කෙලින්ම ගියේ සීයා ලගට. සීයා නිදී. මං ලගින් ඉදගෙන සීයගෙ ඔලුව අතගන්න ගත්තා. මං ආව බව දැනිලද කොහෙද සීයට ඇහැරුනා. මේ ලේකේ මට වැඩියෙන්ම ආදරේ මගෙ සීයා විතරයී වෙන්නැතී. එයා තමා මාව පොඩි කාලේ ඉදන්ම හදා ගත්තේ. සුදු දූ ඔයා ආවද? ඔව් තාත්තේ .හුගක් අමාරුයිද ඔයාට. නෑ සුදු දූ.. මට අමාරු නැ. ඔයා ඉන්නවනේ දැං මං ලග. මගෙ ඇස් දෙක නොදැනීම කදුලින් බොද වුනා. මං චූටී කලේ සීයගෙ තුවාල වලත් සිද්ධාලේපත් ගානවා. මොනවා උනත් සීයා මට කියන්නෙ සුදු දූ මොනවා හරි ගන්න, ඔයගේ අතින් බේත් ගැවම මගෙ ලෙඩ ඉක්මනට හොද වෙනවා කියලා. පව් මං කරන වැඩ වලින් එයාට රිදෙන්නත් ඇති. ඒත් කවදාවත් මට ඉරටු පාරක් වත් ගහලා නෑ මගෙ සීයා. ඒකට සේන බප්පා මට දැනටම කීපාරක් ගැහ්ලා තියෙද. මං ඒවා සීයට කියන්නෙ නෑ. කිව්වොත් සීයා කීයටවත් මාව මෙහෙ තියන්නෙත් නැ. සීයා වැඩ කලේ මිනී පෙට්ටි සාප්පුවක. විසක් ශරීර ගත වෙලා කියලා තමා ඩොක්ටර්ලා කිව්වේ. අනික ඉතින් හුගක් බොනවත්නේ. කොච්චර බිව්වත් සීයා කාටවත් කරදරයක් කලේ නෑ. මං පොඩි කාලේ මට මතකයී සීයා බීපූ දාට අපි දෙන්නා එක්ක එකතු වෙලා සිංදු කියනවා. දැන් නම් සීයට ටිකක් අමාරුයී ඇවිදින්නත් බෑ ටග් ගාලා මහන්සිය එනවලූ. වැඩි වයසක් නෑ පනස් හතරයී .ඒත් බීලයී එම්බාම් විසයි සේරම නිසා මේ සේරම ලෙඩ. *********************************** වෙසක් පෝය දවස උදා උනා. සීයට දැන් චුට්ටක් විතර අඩුයී. ස්පිරිතාලේ එක්ක ගිහින් බේතුත් ගෙනත් දුන්නන්නෙ. සේන බාප්පා සීයව නම් බලා ගත්තා. ඒකත් ඉතිං මොකක් හරි කපටි කමක් වෙන්න ඇතී. සුදු දු අද නේද බක්තී ගීත කියන්නෙ. සීයා මාව කයියට අල්ල ගත්තා. මං හිටියේ සුදු මල් වැලක් අමුනමින්. ඔව් තාත්තේ . ගෙදරටත් ඇහෙයී. මාත් එනවා සුදු දූ එක්ක යන්න . දූ සිංදු කියනවා බලන්න ඕනී මටත්. ඒත් කොහොමද තාත්තා යන්නෙ. ආයී අඩනීප වෙයි. දූ බලන්නකො මං එනවා. තාත්තා එනවා නම් මාත් ආසයි. හවස ත්‍රීවිල් එකක් ලැහැත්ති කරන් කට්ටියම පංසලට ගියා . මන් ගියෙ ළමා සාරිය ඇදගෙන. මම සීයගෙ අතිං අල්ලගෙන බුදුන් වදින්න එක්ක ගියා. බුදුන් වැදලා ලොකු හාමුදුරුවන්ට කියලා පිරිත් නූලකුත්ගැට ගැහැව්වා. බක්ති ගීත ප්‍රසංගය පටන් ගත්තා. මං සිංදු කියන ගමන් සීයා දිහා බැලුවා. එයා ඇස් දෙකේ කදුලූ පුරවන් ආදරෙන් මං දිහා බලන් ඉන්නවා. මං වට පිට බැලුවේ ශානූ අයියලා ඇවිද්ද කියලා. එයාලා ඇස ගැටෙන හරික හිටියේ නෑ. මට ශානූ අයියා ගැන සීයා එක්ක කියන්නම හිතුනා. ඒත් ශානු අයියා ට මං ගැන හැගීම්ක් නැතුව ඇති කියලා හිත හදා ගත්තා. මගෙ සීයා හරිම හොදයී මට එයා එක්ක කියන්න බැරි කිසිම දෙයක් නෑ. මගෙ යාලුවෙක් වගේ. ඒත් ඒදා සේන බාප්පා කරන්න ගිය දේ මං සීයට කිව්වේ නෑ. බක්ති ගීත ප්‍රසංගය ඉවර වුන ගමන් මං ගියේ සීයා ළගට. එයා ඇස්දෙක පිස දමමින් මට ආශිර්වාද කලා. විමුයී නිර්මානී අක්කයි මං ලගට ආවා. නියමයී ඈ. තනියෙන් කියපු සිංදුව නියෙමෙටම කිව්වා. සුපිරී. නියමයී ශදී නංගියෝ. දෙන්නා මාව වර්ණනා කරනවා. කෝ දූලාන් අයියලා. උන් ආවේ නෑ. දන් සැලක් දෙනවලූ ගමේ. නිර්මානී අක්කා එහෙම කියද්දී මට එහෙනම් කමල් නැ කියලා හිතුනා. කොල්ලගෙ හිතේ තිබුනා එන්න. ආව් ..ආව්... ඈ අනේ නිර්මානි අක්කෙ පිස්සු නොකියා ඉන්න. එහෙම හිතෙන්නෙ නැති තරමට හොදයි. ඔයාටත් පිං මගෙ හිතේ තියෙන දේ එයාට නොකිව්වට. මං එහෙම කියද්දි නිර්මානී අක්කා සුසුමක් හෙලුවා. ඔව් නංගියෝ. අපි එයාගෙ හිතට දාලා ඔයාට යාලූ කරවලා වැඩක් නෑ. එයාටම ආදරේ හිතුනොත් අහයී. නැත්තම් මට පුලුවන් ශානුවට තේරුම් කරන්න .එහෙම වැඩක් නෑ. ඔව් අක්කේ. යමල්ලා යමල්ලා දන් සැල වදින්න . විමූ අපේ කතාවට බාදා කලා. ප්‍රසංගයට එන අයවෙනුවෙන් දහම් පාසලේ ළයින් එකතු වෙලා ඒ නූඩ්ල්ස් දන්සල ලැස්ති කරේ. අපිත් පෝළිමේ ගිහින් දන් සැල වැන්දා. ************************************ ඊ ළග කොටසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 10 Sep 2016 08:04 AM ..... කදුලත් සැනසුමක්...... 09. වන කොටස. අවුරුදු නිවාඩුව ඉවර වෙලා මං ආයෙත් ගෙදර ආවා. නිවාඩුවෙන් පස්සෙ තියෙන පලවෙනී අමතර පංති දවසේ මං පංතියට ගියේ විමූ එක්කමයී. විමුයී මායී එකම පැත්තේ ,යන්නෙ එන්නෙ එකම බස් එකේ. අපි දෙන්නත් හම්බුනේ හුග දවසකින්නේ. ක්ලාස් පටන් ගන්න වෙලා තිබුන නිසා ළමයී සේරම එකතුවෙලා ආගිය විස්තර කතා කරන්න පටන් ගත්තා. ටිකකින් ක්ලාස් පටන් ගත්තා. පාඩම කරන අතරතුර මං පොතේ අන්තිම පොටුවෙ පොඩි නෝට් එකක් ලිව්වා. මට උවමනාව තිබුනේ පුලුවන් ඉක්මට විමූට මගෙ හිතේ තියෙන දේ කියන්න . ආපු වෙලේ ඉදන් කියන්න උත්සහ කලත් අනිත් යාලුවෝ ඉන්න නිසා බැරි වුනා. අනික විමූ මොනවගේ දෙයක් කියයිද කියලා බය හිතුනා. විමූ මට ඔයාල කියන්න දෙයක් තියේ. මං නෝට් එක ලියන්න ගත්තේ එහෙමයී . ක්ලාස් එකේ ළමයී හුගයි නිසා සර්ට නොපෙනෙන්න අපි දෙන්නා මාරුවෙන් මාරුවට නෝට් ලිව්වා. මොකක්ද? ශදී ඔයා බනීවිද දන්නෙ නෑ. කියහංකෝ අගේ නොකර. මගෙ හිතේ කෙනෙක් ඉන්නවා. ඈ ඒ කවුද. ගමෙන්ද සෙට් වුනේ. නෑ නෑ ඔයත් දන්න කෙනෙක්. මං දන්න කෙනෙක්. කවුද බං .උබෙන් ඇහුවද? නෑ. මගෙන් කවදාවත් අහන එකකුත් නෑ. මං කියන්නම්. දුලාන් අයියට නම් කියන්න එපා හරිද. කියහන්කො බලන්න. ශානූ අයියා... මොනවා . අහුවෙයන්කෝ මට ක්ලාස් ඇරුනම. ඇයී? මට හැංගුවට. දඩුවම් දෙන්න. ක්ලාස් ඇරුන ගමන් විමූ මාව අල්ල ගත්තා. එයාගේ මූනේ තිබුනේ ලස්සන හිනාවක්. මට හොදටෝම විහිලූ කලා. දුලාන් අයියට කියනවා කියලා මාව හොදටම බය ගැන්නුවා. එදයි පස්සෙ ඇරඹුනේ හරිම සුන්දර කාලයක්. විමූ ඉස්කෝලෙදී ශානූ අයියා පෙන්න පෙන්න විහිලූ කලා. විමූ නිතරම මට ශානු අයියා එක්ක කතා කරන්න වෙලාව හදලා දුන්නා. ඒත් ඉතිං විශේෂයක් නෑ. ශානූ අයියා මාව ආශ්‍රය කලේ හොද යාලුවෙක් වගේ. හිටි ගමන් බලනවා හිටි ගමන් අදුරන්නෙ නෑ වගේ යනවා. මගෙ හිතේ බලාපොරොත්ත්වත් එන්න එන්නම අඩු වුනා. අන්තිමට මං හිත හදා ගත්තා ශානූ මට ආදරේ කරන්නෙ නෑ කියලා. ඒත් යටි හිත මටත් හොරෙන් එයා ගැන හොයලා බැලුවා. ගෙදර තත්වය නම් කලින් වගේම තමයී. මං නැන්දලාගෙ ගෙදර යන නිසා වැඩි කරදරයක් තිබුනේ නෑ. දවසක් හවස මං නැන්දලාගෙ ගෙදර ගියා. මං ගෙට යද්දිම චූටී බාප්පා මට කතා කලා. ශදී දුව මෙහෙ එන්න. ඇයි චූටී බාප්පේ.. මටම පුදුමයී චූටී බාප්පා වෙනදට මාත් එක්ක කතා කරන්නෙ නැහැ. අපේ කෙල්ලගෙ පලහිලව්වට උදව් කරනවා නේද? මං එක පාරටම ගල් ගැහුනා. සිතාරා අක්කගෙ ආදර සම්බන්දේ හැමෝම දැනන් හිටියා. ඒත් ගෙදරින් කැමති නෑ. සිතාරා අක්කට උදව් කලේ මං තමා. ඒත් කොහොමද ආරංචි වුනේ. අනේ නෑ චූටී බාප්පේ. බොරු කියන්න එපා. මං සේරම දන්නවා. චූටී බාප්පා මගෙ ඇගට කඩා පැන්නා. සේරමලා වට වෙලා මං බයටම අඩනවා. චූටී බාප්පා මට හුගක් බැන්නා. සිතාරා අක්කටත් කරන්න දෙයක් නෑ . එයත් කාමරයට වෙලා අඩනවා. නැන්දත් මාත් එක්ක කේන්තියෙන් .අන්තිමේදී චූටී බාප්පා මට එහෙ පස් පාගන්න එපා කිව්වා.. මේකත් සේනේ බාප්පගේ වැඩක් , එයාට ඕනී මං නැන්දලාගේ ගෙදර යන එක නවත්වන්න. චූටී බාප්පට මං නොකරපු වැරදිත් කියලා තිබුනා. චූටී බාප්පා දන්නෙ නෑනේ සේන බාප්පගෙ හැටි. මං අඩ අඩ එවෙලෙම ගෙදර ආවා. සේනේ බාප්පා දන්නවනේ අද මෙහෙම වෙන බව ඉස්සරහට වෙලා හිනා වෙවී බලන් හිටියා. මොකද අද ගෙදර මතක් වෙලා. ඇයි කෝ මහ ලොකු නැන්දලා. දැං ..හුගක් ...සතුටු... ඇතිනේ.. මං අඩ අඩාම කිව්වේ කේන්තිය උහුල ගන්න බැරි නිසා. මං මක් කරාටද? චූටී බාප්පට කේලං කියලා. මට එහෙ ඉන්නත් නැති කරා. බල්ලා . කතා කරන්න එපා මාත් එක්ක. දැං සැනසිල්ලෙ නින්ද යයිනේ.. මොකද ළමයො කෑ ගහන්නෙ.. මොකද අඩන්නෙ. අම්මත් මාත් එක්ක කේන්තියෙන් කෑගහන් එළියට ආවා. ඔය ඉන්නේ අහන්න අම්මේ. චූටී බාප්පට මොනාද කිව්වේ කියලා. මොනවද කිව්වේ සේන. සේන බාප්පා සද්ද නෑ. ඇයී සද්ද නැත්තේ. කියනවා. මං එහෙ සැනසිල්ලෙ ඉන්නවට අංචියක් ඇද්දා. දැං හරී ශෝක් මට හිල් අස්සෙන් ලෑලී අස්සෙන් බල බල ඉන්න පුලුවං කියලා කියනවා. මං කේන්තියට බැනගෙන බැනගෙන ගියා. සේන බාප්පත් බැන්නා. දෙන්නා තරගෙට තරගෙට කෑගහ ගන්නවා. අම්මා මට කට වහන්න කියලා කීපසැරයක්ම කිව්වා. මං නැවැත්තුවෙ නෑ. අම්මා උයන ගමන් හිටියේ හැන්දත් අතේ තියන් හිටියේ. බැරිම තැන අම්මා හැන්දෙන් මට ගහගෙන ගහගෙන ගියා .එයාගෙ කේන්තිය නිවෙන කන්. අන්තිමට අම්මා බිම ඉදගෙන දුක කියන්නයී, අඩන්න පටන් ගත්තා. මාත් අම්මා ළග ඉදගෙන ඇති වෙනකන් ඇඩුවා. ************************************** මට ආයෙත් ගෙදර ඉන්න සිද්ද වුනා. මං නැන්දලාගේ ගෙදර ගියෙම නෑ නැන්දට මූන දෙන්න බැරී නිසා . පරන පුරුදු විදිහම තමයී ගෙදර තත්වය නම් .අරහෙන් මෙහෙන් බලනවා. මං ඒවා දැක්කම කෑ ගහනවා. හැමදාම රන්ඩු . "ගොනා පස්සෙ එන කරත්ත රෝදේ වගේ "කරදරත් මගෙ පස්සෙන්ම ආවා. ඊ ළග කොටසින් හමුවෙමූ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 10 Sep 2016 08:01 AM Posted By samantha on 10 Sep 2016 12:08 AM අපිට දැන් කථා ගොඩයි.. කියවන්න වෙලාව තමයි නැත්තේ.. කොහොම නමුත් අපේ සයිට් එකේ තිබුණ ලොකු අඩුවක් සම්පූර්ණ වුණා.. ඒ පිළිබඳව මාගේ ප්‍රණාමය ඔබටත් ඔබේ ගුරු තුමාටත්. ඔය ස්තූතිය ගුරාට තමා යන්නේ. අපිට කලින් ඉසුරු අයියට ස්තූතීය දෙන්න වෙන්නේ. දිනයක වැටහේවී........... samanthaMost Senior MemberPosts:13190 10 Sep 2016 12:08 AM අපිට දැන් කථා ගොඩයි.. කියවන්න වෙලාව තමයි නැත්තේ.. කොහොම නමුත් අපේ සයිට් එකේ තිබුණ ලොකු අඩුවක් සම්පූර්ණ වුණා.. ඒ පිළිබඳව මාගේ ප්‍රණාමය ඔබටත් ඔබේ ගුරු තුමාටත්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! සඳුනිVeteran MemberPosts:2462 10 Sep 2016 12:02 AM වැඩි දැනාගේ කැමැත්ත මත මේක ඉවර කරලා ඉමු. අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතීයි! දිනයක වැටහේවී........... isurusamSuper Senior MemberPosts:7342 09 Sep 2016 11:24 PM අලුත් කථාවක් නේ උණු උණුවෙම ලැබුනහම නරකද ? kingDVeteran MemberPosts:3309 09 Sep 2016 11:16 PM Posted By isurusam on 09 Sep 2016 10:09 AM ගොඩක් ලස්සනයි .අලුත් කථාවත් දාමු උඹට පිස්සුද ඉසුරුවෝ...මේ යන්නෙ ලස්සනට කතාව. මේකෙ කොටස් 50ක් විතර තියෙනවලු .අලුත් කතාවක් ඊට පස්සෙ දාමු Business, you know, may bring money, But friendship hardly ever does. indika76Most Senior MemberPosts:10449 09 Sep 2016 09:38 PM Posted By isurusam on 09 Sep 2016 10:09 AM ගොඩක් ලස්සනයි .අලුත් කථාවත් දාමු කලබල නොවී හිටපන් ඉසුරුවෝ... මේ කතාව ඉවර කරලා ඉමු... indika76Most Senior MemberPosts:10449 09 Sep 2016 09:37 PM මේ යන වේගය හොදයි.. (එක පාරට කොටස් ගොඩක් දැම්මොත් කාර්ය බහුල තත්වයේ ඉන්න සහෝදර සහෝදරියන්ට කියවන්න බැරිවේවි) බාප්පා ගැන අහනකොට නම් මල පැන්නා.. එ්ත් ගයේෂා ශානු කැමති නැති බව දැනුනම් හිතට සතුටක් දැනුනා.. ඒ කියන්නේ ශදී ගේ වේදනාව අඩුවේවි... isurusamSuper Senior MemberPosts:7342 09 Sep 2016 10:09 AM ගොඩක් ලස්සනයි .අලුත් කථාවත් දාමු සඳුනිVeteran MemberPosts:2462 09 Sep 2016 03:47 AM දවසට කොටසක් දාන්නම්. නැත්තම් ඔයාලට ඔන විදිහ කියන්න. මම මේ කතාව ලියලා ඉවර කරලා තියෙන්නේ. අලුත් ඒකකුත් පටන් ගත්තා. මියදෙන තුරා මා ඔබේ. ශානු සෙට් වෙයි වගේ නේ... දිනයක වැටහේවී........... kingDVeteran MemberPosts:3309 09 Sep 2016 03:19 AM ශානු අයියව සෙට් වෙයි වගේ එහෙනම්... Business, you know, may bring money, But friendship hardly ever does. maduranga001Most Senior MemberPosts:14118 09 Sep 2016 02:57 AM යාලුවනේ කතාව හිමින් යනවා වැඩීද? ඔයාලගෙ අදහස් කියන්න මට නෑ. නෑ.. එහෙම නැහැ. ඔයාගේ ක්‍රමේට ලියාගෙන යන්නකො. කොටස් 50 ලියපු විදිහටම අපට දෙන්නකෝ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ Ind007kaMost Senior MemberPosts:12931 09 Sep 2016 02:46 AM ඔහොම යමු ...ඔහොම යමු First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... samanthaMost Senior MemberPosts:13190 09 Sep 2016 02:46 AM පත්තරයක කථාවක් ගියත් එක්කෝ සතියකට එකයි. ඒ නිසා දවසකට හෝ දෙකකට වරක් එක කොටසක් දාන්න හැකි නම් වරදක් නැහැ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 09 Sep 2016 02:40 AM නියමයි නංගි. තවත් කොටසක් වැටිලා තියෙන්නෙ. කොහොම වෙතත් අපට කියව ගන්න ඉන්ටවල් තියල කොටසින් කොටස දානවා නම් තමවයි මම නම් වැඩිය කැමති. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ samanthaMost Senior MemberPosts:13190 09 Sep 2016 02:38 AM මේ යන විදිහේ ගැටළුවක් නැහැ.. දිගටම කරගෙන යමු. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! සඳුනිVeteran MemberPosts:2462 09 Sep 2016 02:30 AM .....කදුලත් සැනසුමක්..... 08.වන කොටස. පැය භාගයකින් විතර අම්මා ගෙදර ආවා. එනවා ඇහෙනකොටම මං මගෙ කාමරයට ගිහින් දොර වහ ගත්තා. අම්මා මට සෑහෙන වතාවක් කතා කලා මං හ්ම්ම් වත් කිව්වේ නෑ. තොරතෝංචියක් නැතුව ඇඩුවා විතරයී. නැදලාගේ ගෙදර වත් යන්න තිබුනා නම් හොදයි ඒත් නැන්දලත් ගෙදර නැහැනේ. ගෙදර මොන රංඩුව වුනත් ආයී නම් ගෙදර ඉන්නෙ නෑ කියලා මං හිතා ගත්තා. රෑවෙනකොට බීගෙන සේන බාප්පත් ගෙදර ආවා. ඇවිත් කිසිදෙයක් නොවුන ගානට මං ගැන අහනවා. මේ ජරා ගති කාට කියන්නද. කිසි ලැජ්ජාවක් නැති මිනිහෙක්. අඩලා අඩලා බැරිම තැන මං අම්මට ලිව්මක් ලියන්න පටන් ගත්තා. වුන දේවල් ලියන්නේ කොහොමද. මට මේ ගෙදර ඉන්න බෑ ආයෙත් ආච්චිලා ලගට යවන්න කියලයී ලිව්වේ. අම්මට කියන එකේ තේරුමක් නෑ කියලයී මට හිතුනේ. මගෙ සීයා අම්මගෙ තාත්තා එයා හරිම ආදරෙයී මට. හැම මාසෙකටම වතාවක් මාව බලන්න ආවා. මං අම්මලාගේ ගෙදර ඉන්නවට සීයා කැමතී වුනේ නෑ. ඒත් ඉතිං ඉස්කෝලේ ගමන නිසා මොකුත් කරන්න බැනේ. විභාගෙ ඉවර වෙනකන් බලන් ඉන්නෙ ගමේ එක්ක යන්න. ගමනම් මට දිව්‍ය ලෝකයක් වගේ .ලස්සන පරිසරය, ඇල, වටෙම විහිදුන කදු පංති. උදේට මිදුලට බහින්න බැරී මීදුම. ආච්චිගේ සීයගෙයී ආදරේ ඒ හැමදේම නිසා ගම මං ආසම තැන වුනා. පහුවදා මං පාසල් යනකොට අම්මට පේන තැනක ලිව්ම තියලා ගියා. මගෙ මූනත් තඩිස්සි වෙලා නිසා විමූ මාව දැක්ක ගමන් මොකක් හරි දෙයක් වෙලා බව තේරුම් අරන් මගෙන් ඇහුවා. මං සිද්ධිය කෙටියෙන් කිව්වා. විමූ නම් කිව්වෙ සීයට කියලා ගමේ යන්න කියලා. ඒත් මට ඉගෙන ගන්න ඕනී කාත් කවුරුත් නෑ මට. සීයලටත් මං වෙනුවෙන් හැමදේම කරන්න බෑ. මං මගේ ජීවිතේ හදා ගන්න ඕනේ. ************************************ කාලය ගෙවිලා ගියා. මං දිගටම නැන්දලාගෙ ගෙදර හිටියා. සේන බාප්ප නිතරම අම්මට රංඩු කලා ඒත් අම්මා මට ගෙදර ඉන්න කිව්වේ නෑ. දවසක් අම්මා මට කතා කලා. සුදු දූ මෙහෙට එන්න. ඇයි අම්මේ.. ඔයා කියන දේ මං ගනන් ගන්නෙ නෑ කියලා හිතන්න එපා. ඔයත් ටිකක් තේරුම් ගන්නකො මං ඉන්න තත්වේ. පලවෙනි කසාදෙ කඩාගෙන ළමෙකුත් අරං මං ගෙදර ආවා. දෙවෙනී කසාදයත් කඩාන ළමයී දෙන්නෙක් අරන් මට ගමට යන්න බෑ මට. අම්මාගේ හිතේ තිබුන වේදන්නාව නෙත් දෙකෙන් කදුලූ වෙලා එලියට එන්න පටන් ගත්තා. මට තේරෙනවා අම්මේ. ඔයා අඩන්න එපා. මං ඔයා දුන්න ලිව්ම බැලුවා සුදු දූ. ඔයා ගෙදර ඉන්න එපා .නැන්දලාගෙ ගෙදරම ඉන්න. ඔයා හිතන්න එපා මං ආසාවට මේ මිනිහා එක්ක පවුල් කනවා කියලා. මං දැං වෙන කන්න දෙයක් නැති නිසා මේ පව්ල කන්නෙ අම්මා හුගක් වෙලා මාත් එක්ක දුක කියලා ඇඩුවා. අම්මත් පව් ඉපදුනදා ඉදන් දුක් විදිනවා. අම්මා මට නිතරම කිව්වේ එයා වගේ අඩු වයසින් කවදාවත් කසාද බදින්න එපා කියලා. අවුරුදු 17න් තමා අම්මා කසාද බැන්දලා තියෙන්නෙ. අවුරුදූ 19ක් වෙන්නත් කලින් දුවෙකුත් එක්ක ආපහු ගෙදර ආවා. ඊට පස්සෙ අම්මා ගාර්මෙන්ට් පැට්රියක වැඩට ගියා, මට අවුරුදු 10ක් වෙනකන්. ඊට පස්සෙ හැමෝම බදින්න කියන නිසා තමා සේන බාප්පා එක්ක විවාහා වුනේ. ************************************** පළවෙනී වාර විභාගයත් ඉවර වුනා. ඉස්කෝලේ අවුරුදු නීවාඩුවත් ලං වුනා. දැං ඉතිං පංති වල වැඩි වැඩක් කෙරෙන්නෙ නෑ . ටීචර්ලා ප්‍රශ්න පත්‍ර බලනවනේ. මායී විමුයි වැඩියෙන් හිටියෙ ගෘහ විද්‍යාගාරයෙ තමා. ගෘහ විද්‍යා ටීචර් මට හරිම ආදරෙයී. ටීචර්ගෙ වැඩ අකුරටම කරන්නෙ මං විතරයී කියලා ටීචර් හැමෝටම කියනවා. ගෘහ විද්‍යාගාරෙ වැඩි පුරා තිබුනේ මගෙ ගෙත්තම්, නිර්මාන තමා . ශදියෝ.. හ්ම්ම්ම්ම්ම්ම් දැං ඉතිං නිවාඩු කාලෙ මොකද කරන්නේ. වීමූ කතාව පටන් ගත්තා. ගමේ යනවා මං. ඇයී අවුරුද්දට ගෙදර ඉන්නෙ නැද්ද බං නෑ ....සීයා එනවා කිව්වා මාව එක්ක යන්න. මුලු නිවාඩුවම ගෙදර ඉන්න බෑ බං .අර මලපෙරේතයා දැක දැක. ඔබ දන්නවනෙ මට ඒකව දකිද්දිත් අප්පිරියයි. ඒකගෙ අතිං මට බත් කන්න වෙනවා හිටියොත්. ඒක නිසා මං යනවා. හ්ම්ම් ඒක හොදයී බං........ මෙයාට නම් අවුරුදු ජය වෙයී. සීයා ආදරෙයිනේ. නැතුව නැතුව. ආ... නංගිලා.. එහෙම කියාගෙන අපි ලගට ආවෙ ශානූ අයියා. අපි දෙන්න හිටියේ ගෘහ විද්‍යා ගාරෙ ඇතුලෙ ඉදගෙන. ආ ශානූ අයියා කෝ ගයේෂා... එහෙම විමූ එක පාරටම එහෙම අහනකොට මට කේන්තිත් ආවා. ඉදලා ඉදලා කතා කරන්න අවස්ථාක් ආවම එතනටත් ගයේෂා ඇදලා ගන්නවා. ඔය කොහෙ හරි ඇත් විමූ නංගියෝ.. ඉතිං කොහොමද ඔයාලට... ශානූ අයියා ගයේෂා ගැන කිව්වෙ ඕනෙවට එපාවට වගේ..මං කිසි කතාවක් බහක් නැතුව ශානූ අයියා දිහාම බලන් ඉන්න්වා. ඇයී දැං ලව් එක ඉවරද? විමූ ආයිත් ප්‍රශ්න කලා. අප්පෝ විමූ නංගී. ඒක ඉතිං අහන්න ඕනී දුලාන් ගෙන් තමා. ඇයී..? ඔයාලටත් ආරංචි වුනාද ඒක. මොකක්ද? මං ගයේෂා නංගිගෙන් යාලූ වෙන්න ඇහුවා කියලා. ඔව් ගයේෂා කිව්වා. මං දෙන්නගෙ සංවාදෙ මැද්දට පැන්නෙ, ඒ කතාව මට ශානු අයියගෙ කටින්ම අහගන්න් ඕනී නිසා. එහෙමද. ඒක මේ .. දුලාන්ගෙ පිස්සූ වැඩක්නේ.. ශානූ අයියා එහෙම කිව්වේ හිනා වෙමින්. මගෙ හිතට ආව සතුට කිව්වොත් ශානූ අයියව තුරුලු කරන් අඩන්න හිතුනා. එහෙමද? අපි හිතුවෙ ඇත්තක් කියලා විමූ එහෙම කියද්දි ශානු අයියා හිනා වුනා. ගයේෂාගෙ හිතේ නම් තියේ වගේ. මං ඉතිං එයා එක්ක කතා කරන්නෙ ආසිරිගෙ නංගි නිසා. බොරුවට හිතට ගත්තට මට කරන්න දෙයක් නෑ. මට දැනුනේ ඒක මට කිව්වා වගේ. කොහොම වුනත්. මගෙ හිත හුගක් සැහැල්ලු වුනා. ඒ වගේම නිවාඩුව ලග බව මතක් වෙලා දුක හිතුනා. සති දෙක තුනක් ශානූ අයියව නොදැක ඉන්න ඕනිනේ. දැං මට එහෙම ඉන්න බෑ කියලා හිත කියනවා. ************************************* අවුරුදු නිවාඩුවත් ගෙවිලා ගියා. හිතපු විදිහටම් මං ගමේ ගිහින් සීයයි ආච්චී එක්ක සතුටින් කාලය ගත කලා .එයාලා එක්ක නෑගම් ගියා, අවුරුදු උත්සව වලට ගියා, පංසල් ගියා, හරිම සතුටින් නිදහසේ කාලේ ගෙව්වා .මට නිතරමවගෙ ශානූ අයියවත් මතක් වුනා. මං හිතුවා මගෙ හැගීම විමූ එක්ක කියන්න ඕනී කියලා. ඊ ළග කොටසින් හමුවෙමු.. යාලුවනේ කතාව හිමින් යනවා වැඩීද? ඔයාලගෙ අදහස් කියන්න මට දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 09 Sep 2016 02:27 AM Posted By kingD on 09 Sep 2016 02:12 AM කලින් කොටස් 2 කයි කියවල තිබුනෙ .... ඉතිරි කොටස් 5 ම එකදිගට කියෙව්වා ඔන්න... නියමයි නංගි ...දැන්නම් නිකන් කතා ලෝකෙක ඉන්නව වගෙයි දැනෙන්නෙ ... කොටස් 50 ක් තියෙනව කිව්වනෙ ..ෂෝක් එහෙනම් රජතුමා කියවන්න කැමතී වගේ. යුද්දය අත්හැරියද. දිනයක වැටහේවී........... kingDVeteran MemberPosts:3309 09 Sep 2016 02:12 AM කලින් කොටස් 2 කයි කියවල තිබුනෙ .... ඉතිරි කොටස් 5 ම එකදිගට කියෙව්වා ඔන්න... නියමයි නංගි ...දැන්නම් නිකන් කතා ලෝකෙක ඉන්නව වගෙයි දැනෙන්නෙ ... කොටස් 50 ක් තියෙනව කිව්වනෙ ..ෂෝක් එහෙනම් Business, you know, may bring money, But friendship hardly ever does. samanthaMost Senior MemberPosts:13190 09 Sep 2016 02:09 AM 07 වෙනි කොටසත් ඇවිල්ලා.. බොහොමත්ම ස්තූතියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! සඳුනිVeteran MemberPosts:2462 08 Sep 2016 03:17 PM ඇයි සදුනි මෙ අවෙලාවෙ ඔක දැම්මේ ඇස් පියවෙන වෙලාව මෙක. කියවගන්නත් අමරුයි, හෙට තමා කියවන්න වෙන්නේ, ස්තුති රෑ ජාමේ හරි කතාව දුන්නට. නිදි මරගෙන ගෙනත් දුන්න කතාවනේ පුලුවන් වෙලේක කියවන්න අනේ. මම අැහැරලා නිසා දැම්මේ දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 01:51 PM ඇයි සදුනි මෙ අවෙලාවෙ ඔක දැම්මේ ඇස් පියවෙන වෙලාව මෙක. කියවගන්නත් අමරුයි, හෙට තමා කියවන්න වෙන්නේ, ස්තුති රෑ ජාමේ හරි කතාව දුන්නට. නිදි මරගෙන ගෙනත් දුන්න කතාවනේ. මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 08 Sep 2016 01:43 PM .....කදුලත් සැනසුමක්..... 07.වන කොටස. ගයේෂායී ශානු අයියගෙයී අතරේ ආදරසම්බන්දක් තියෙද නැද්ද කියලා මම හරියටම දන්නෙ නැහැ. ඒත් ඒ දෙන්නා නිතරම කතා බහ කරනවා මම දකිනවා. කොහොම හරි මං ඒ වේදනාවටත් පුරුදු වුනා. මට ආදරේ නෑ කියලා දන්නවා වුනත් මගෙ හිත එයාව අතහැරියෙම නැහැ. නිතරම එයා ගැන හොයලා බැලුවා. අන්තිමට මට ආරංචි වුනා ශානු අයියා ගයේෂිගෙන් කැමැත්ත අහපු බව. ශානූ අයියා සතුටින්නේ ,කියලා හිතා හදා ගන්න මං නිතරම වෙහෙසුනා. මං එයාලට උදව් කරන්නත් පසුබට වුනේ නෑ. අපි ඉන්න තැනකට ශානූ අයියා ආවොත් එයාලට නිදහස දීලා මං අයින් වුනා. ************************************** පාසල් ඇරිලා මං ගෙදර එනකොට කවුරුත්ම හිටියෙ නෑ ගෙදර. මං බයෙන් බයෙන් ගෙට ගිහින් මුලු ගේම පරික්ෂාවෙන් බලලා ඇදුමක් මාරු කර ගත්තා. හරිම කම්මැලී, කන්නවත් හිතේ පිරියක් තිබුනේ නැහැ. මනිෂා නංගිටත් දැන් අපේ ගෙදර එන්න තහනම් නේ, දැං මං තනිවෙලා. සේන බාප්පට කවදත් ඕනී වුනේ ඒකමයී. ඒක නිසාමයී බීලා බීලා ගිහින් මනීෂා නංගිලෑ තාත්තා එක්ක රංඩු වෙන්නෙ. රෑ වෙන්න කලින් ඉස්කෝලේ වැඩ වගයක් තියේ කර ගන්න . ඒක කරන්න හිතන් පොත් ටික දිගැර ගත්තා. වට පිටාවේ කිසිම සද්දයක් නෑ, මම හිත නිදහසේ රචනාවක් ලියන්න කියලා පටන් ගත්තා. ටික වෙලාවකින් ලාවට වගේ අඩි සද්දයක් ඇහුනා . මං හිතුවා අම්මා කියලා, සේන බාප්පා මේ වෙලාවට ගෙදර එන්නෙ නෑනේ. කාමරේ දොර ළගින් චායාවක් වගෙ දැක්ක නිසා මං නිකමට ඒ පැත්ත බැලුවා. සේන බාප්පා... කෝ අම්මා.. සුදු දූ..... සේන බාප්පා ඒක ඇහුවේ හරිම සංසුන්ව. ඒත් මම බයෙන් වෙව්ලන තරම්. වෙනදට මං බාප්පා ගෙදර ඉද්දි මගෑරලා නැන්දලා ගෙදරට යනවා . මං දන්නවනේ සතාගේ හැටි .ඒක නිසා කවදාවත් තනියම ගෙදර හිටියෙ නැහැ. ඔ....ඔය වත්තේ.. . හිටියා සේන.... බාප්පේ. මං අමාරුවෙන් ඒ බොරුව කිව්වේ, අම්මා ඉන්නවා කියලා අගවන්න. ඒත් අම්මා කොහෙ ගිහින්ද කියලා මං දන්නෙ නෑ.එහෙම කියලා කාමරෙන් එළියට එන්න උත්සහකලා. සේන බාප්පා උලුවහු කනු දෙකට අත්දෙක තියලා මුලු දොරම අවහිර කරගෙන. වත්ත පහල .අම්මා පොළට ගියා... කෙල්ලේ... සේන බාප්පා ඒම කිව්වේ මහ අමන පෙනුමක් මූනට අරන් කට කොනකින් හිනා වෙමින්. මගෙ හිත තවත් කරබල වුනා. මේක නම් සේන බාප්පගෙ කපටි වැඩක් බව මට තේරුනා. මට කට උත්තර නැහැ. මං දන්නෙ නෑ. මං . ය..යනවා .... කියලා මං බලෙන්ම එළියට පැන ගන්න උත්සහ කලා. කොහෙ යන්නද මෙහෙ එන්න සුදු දූ..... සේනේ බාප්පා මගෙ උරහිස් දෙකට පහළ අත්දෙකෙන් මිරිකලා අල්ල ගත්තා. දැන් මට බයටත් වඩා කේන්තී. මොන මගුලක්ද මේ ... අල්ලන්න එපා මාව.. මං අත් ගසලා දාලා පස්සට වුනා. සේන් බාප්පා ඉස්සරහට එනවා, මං පස්සට පස්සට ගිහින් පොත් මේසෙට වාරූ වුනා. අද නම් මං ඉවරයී, බයටම මගෙ උගුරයි පපුවයි සේරම රිදෙනවා. ඒත් මං බයයි කියලා සේන බාප්පට පෙන්නුවේ නැ. මං රවාගෙන බලන් හිටියා. සුදු දූ.. මොකද කේන්ති ගිහින්... මෙහෙට එන්න ළමයෝ. බය වෙන්න එපා. සේනේ බාප්පා මාව අල්ල ගන්න හදනවා. මං එහාට මෙහෙට පැනලා බේරෙන්න උත්සහ කරමින් බයින්න පටන් ගත්තා ජරා මිනිහා.. තෝනං මහ බල්ලෙක්. එන්න එපා මං ලගට. තෝ නම් මහ කුපාඩියෙක් මට දූව කියන්න තොට ලැජ්ජ නැද්ද අනේ සුදු දූ එන්නකෝ ... අනේ එන්නකෝ.... අල්ලන්න එපා මාව. පලයං යන්න කවුරුත් නැද්දෝ.... අම්මේ .. මං සේන බාප්පවත් තල්ලු කරන් , කෑගහගෙන එලියට එන්න උත්සහා කලා. සේන බාප්පා පැනලා මාව අල්ලගෙන එක අතකින් මගෙ කට වහලා අල්ල ගත්තා. අද තෝ බේර ගන්න කවුරුත් නෑ. බැල්ලියෙ... හැමදාම මට රෙස්පට් දැම්මනේ අද රෙස්පට් ඉවරයී. මට ග්රහනයෙන් අයින් වෙන්න අමාරුයී ඒත් මං දැගලුවා අත්දෙකෙන්ම සේන බාප්පට පහර දුනනා, තල්ලු කරා. ජරා මිනිහෙක්ගෙ සිරුරට මගෙ සිරුර තෙරපිලා. මට ඕනී දැන් මෙතනම මැරෙන්න. ඇගේ ගැවෙනවට වත් අකමැති මිනිහෙක්ගෙ ඇගට මං තෙරපිලා. දගලලා බේරෙන්නේ කොහෙද මාත් එක්ක. කෝ තොගෙ කට ඈ. රෙස්පට් නැද්ද. මාව ඇදගෙන ගිහින් ඇදට තල්ලු කලා. ග්රහනයෙන් මිදුනූ චුට්ටට මං මං ආයෙත් ඇදෙන් බැහැගන්න උත්සහකලා කෑගැහුවා. අද නම් මගෙ අවසානය තමා. සේන බාප්පගෙ සිරුරට මං යට වෙලා, කෑ ගහන්නත් බෑ මගෙ කට මිරිකගෙන. එයා අනිත් අතින් මගෙ සිරුර ස්පර්ෂ කරන්නත් , බලහත්කාරයෙන් ඉබින්නත් උත්සහ කලා. මගෙ මුලු භිතම කඩා වැටිලා, දැන් මන් මට ශක්තියක් නෑ බේරෙන්න "ඇයී තාත්තේ ඔයා මට මේ දුක් දෙන්නට මාව මේ ලොකේ ගෙනාවේ". මගෙ ඇස් දෙකෙන් කදුලු බේරෙන්න පටන් අරං. මං අඩනවා. දුකටයී , බයටයී, අප්පිරියාවටයී, සේරටම. ශදී අක්කේ ඔයා කොහෙද?. දෙවියනී මනීෂා නංගිගෙ කට හඩ. සේන බාප්පා ඒ කට හඩ ඇහුනා විතරයී "විදිල්ල වගේ", මගෙ ඇගෙන් බැහැලා පිටි පස්සෙ දොරෙන් පැනලා දිව්වා. මං එහෙන්මම ඇදේ ඉදගෙන ඉකිගමින් අඩන්න ගත්තා. මොකද වුනේ ශදී අක්කේ.. .. මං ඔයා කෑගහනවා ඇහිලා ආවේ. හො...හො..ද.. වෙලා..වට.. ඔ..ඔ..යා ආවේ.. නැ..ත්තම්.. මං ඉ..වරයී.. මං මනීෂා නංගිව බදාගෙන හොදටම අඩනවා දැන් මට ඕනී උගේ ඇගේ ගෑවුන සේරම තැන් පිහියක් අරන් කපලා දාන්න. ඒ තරමට මට මාවම අප්පිරියයී. අනේ.. නංගී ... අම්මා ... එනකන්.මාත් එක්ක ඉන්න. ඇයි අක්කි නැන්දලා දිහා නොගියේ. එහෙ ...කවුරුත් නෑ.... අද... ඒකයී.. අනේ .. මට .. බයයී. අනේ .. ඉන්නවා. නේද නංගී. මං මල්ෂා නංගිව බදාගෙන ඇඩුවා. අඩන්න එපා අක්කේ දැං මොකුත් කරදරයක් වුනේ නැනේ.. මං ඉන්නවනේ දැන්. ඔ.ඔ..යා නා... වා නම්. ඉවරයී.. මාව. ඊ ළග කොටසින් හමු වෙමු. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 08 Sep 2016 01:36 PM මේ ඔය ටික එක වර දාන්නකො අගේ නොකර. මොකද ටිකක් කියවලා ඉන්න ගියාම ඉන්න එපා වෙනවනේ ඒක වර කියවන්න ලේසි නෑ කොටස් 50 ක් තියෙනෝ... දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 08:30 AM මේ ඔය ටික එක වර දාන්නකො අගේ නොකර. මොකද ටිකක් කියවලා ඉන්න ගියාම ඉන්න එපා වෙනවනේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න Ind007kaMost Senior MemberPosts:12931 08 Sep 2016 05:58 AM වැඩෙ නැගලා යනවා වගෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... සඳුනිVeteran MemberPosts:2462 08 Sep 2016 04:57 AM ශානු ශදී ආදර කතාව ... ශානු ගයේෂාගෙන් මිදී ශදී වෙතට පැමිණේවිද? ඉස්සරහට බලමු නේ... දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 08 Sep 2016 02:29 AM ශානු ශදී ආදර කතාව ... ශානු ගයේෂාගෙන් මිදී ශදී වෙතට පැමිණේවිද? සඳුනිVeteran MemberPosts:2462 08 Sep 2016 02:15 AM මෙගා නාට්‍යක් තරම් සජීවීද. මෙගා නාට්‍යක් වගේ දිගයි නම් තමා දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 08 Sep 2016 12:14 AM මේ කථාව නිකං ටීවි එකේ බලන මෙගා නාටකයක් වගේ ඊලග කොටස එනකං ඉවසුමක් නැ ඉක්මනට දාන්නෝ....................... indika76Most Senior MemberPosts:10449 07 Sep 2016 09:53 PM ඊළග කොටස කෝ නංගී... සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 09:03 AM ඉස්සරහට කියවලා බලන්නකෝ මදුරංග අයියා. ශදීට ඒකට හේතු තියේ දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 08:58 AM මම කතාව ලියලා ඉවර කරලා තියෙන්නේ.. දිනයක වැටහේවී........... maduranga001Most Senior MemberPosts:14118 07 Sep 2016 06:35 AM නැන්දලගෙම ගෙදර හිටිය නම් හරිනෙ. මොකෝ ඔච්චර පිච්චෙන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ DanuLiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 06:17 AM මෙච්චර ඉක්මනට කොහොමද සදුනි කතාව දැම්මේ. කොහොම උනත් ස්තුති, දැන් ඉතින් මෙක කියවලා නිකන් ඉන්න බැහැ. ඉලග කොටස එනක්ම් ඉන්න බැහැ නේ මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 06:01 AM ....කදුලත් සැනසුමක්...... 06. වන කොටස. ගෙදර ඉන්න එක අමාරු වැඩක් නිසා මං නැන්දලාගෙ ගෙදර ගියා. නැන්දලාගෙ ගේ තිබුනේ ගෙදර ඉදන් පයින් යන දුරක. මං මෙච්චර කාලයක් ආරක්ෂාව ලබා ගත්තෙ නැන්දලගෙ ගෙදරින්. මොකද මං ජීවිතයෙන් වැඩිම කාලයක් හිටියෙ නැන්දලාගෙ ගෙදර. නැන්දලාගේ ගෙදර හිටියෙ නැන්දයී, නැන්දගෙ දුව සිතාරා අක්කයී,චූටි බාප්පයී, ආච්චි අම්මයී. මිහිපිට දෙවිවරු තමා එයාලා .මං කියන දේ විශ්වාස කලේ,මාව ආරක්ෂා කලේ එයාලා. මං එහෙ යන එක නැවැත්තුවේ බාප්පා බීලා ගිහින් නැන්දලට රංඩු කරන නිසා. නැන්දයී සිතාරා අක්කයී නිතරම කිව්වා මට එහෙ එන්න කියලා. ඒත් සේන බාප්පා මහ රෑට රංඩුකරලා මාව ගෙදර එක්ක එනවා. අම්මාට ගහයි කියලා බයට මං ගෙදර ගිහින් රෑ එළි වෙනකන් අඩනවා. ඇස් රතුවෙනකන් ,මූන ඉදිමෙනකන්, කදුලු හිදෙනකන්.මගෙ කදුලු ගැන දන්න එකම කෙනා මගෙ කොට්ටෙ ,එයා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ මගෙ කදුලු ගැන. මේ කරදරවලට මං මූන දෙන්නේ අවුරුදු 10 ඉදන්, ඒ මං මගෙ ආච්චිගෙනුයී සීයගෙනුයි වෙන් වුන දා ඉදන්. මගෙ අකමැත්තෙන් අම්මයි බාප්පයී මාව මේ ගෙදරට ගෙනා දා ඉදන්. අම්මගෙ අනිත් සහොදර සහොදරියොත් කිව්වේ ළමයා ඉන්න ඕනී අම්මා ළග කියලා. දැන් කවුරුත්ම පිලිගන්නෙවත් නෑ මං විදින වේදන්නව. අනේ ශදී නංගියෝ.. ඔයා ආවද... අම්මා බලන්නකෝ කවුද ඇවිත් ඉන්නෙ කියලා. මං නැන්දලාගෙ දරකඩට යනකොටම සිතාරා අක්කා සතුටින් කෑ ගැහුවා. මේ මිනිස්සු මට මොන තරම් ආදරේද. ආච්චි අම්මත් ගේ ඇතුලේ ඉදන් ඉස්තෝප්පුවට ආවා . මේ ඉන්නෙ බාප්පගෙ අම්මයි, නැන්දයී (බාප්පගෙ නංගී), මේ මිනිස්සු මට හරිම ආදරෙයි අනුකම්පාවයී. සේන බාප්පා වසවර්තියෙක් බව හැමෝම දන්නවා. අම්මත් දන්නවා ඇති, ඒත් එයා පිලිගන්නෙ නැහැ. ඕන් ශදියෝ අද නම් මෙහෙ ඉන්න ඕනී.. ඕන් ඈ... සිතාරා අක්කා එහෙම කිව්වේ මගෙ අතේ එල්ල්ව්මින්. අනේ මංදා අක්කේ. සේන බාප්පා බීගෙන එයි රෑට.. අනේ ළමයො ඔය මෙහෙ ඉන්න . ඔහෙ ආපුදෙන් .අපි කවදාවත් ඔයාට වචනයක් කිව්වද. නෑනේ. ඒකගෙ හැටි අපි දන්නවා. නැන්දා එහෙම කිව්වේ හරිම අනුකම්පාවෙන්. ආච්චි අම්මත් හීල්ලුවා. තමන්ගෙ පුතාගෙ මේ නරක හැසිරීම කොහොම උහුලන්නද. සේන බාප්පා ආච්චි අම්මටත් බනිනෙ හු... භාෂාවෙන් තමයී. ආච්චි අම්මා හූල්ල හූල්ල ඉන්නවා. තමං කුසින් වදපු එකාද මෙහෙම කියන්නෙ කියලා. ඒත් නැන්දේ අම්මට ගහයී කියලා බයයි. මං කිව්වේ සුසුම් හෙලමින්. මන් හරියට "ගිරයට අහූවුනු පුවක් ගෙඩිය වගේ" .අම්මා බේර ගන්නත් ඕනී මං බේරෙන්නත් ඕනී. සුද්දි අක්කා පව් දෙයියනේ. මේ මිනිහට නම් හොදක් වෙන්න හොද නෑ මේ කරන පව්කාර වැඩේට. කම්බුලේ අතක් ගහගෙන නැන්දා හීල්ලුවා... අනේ අද ඉම්මු හොදේ. එන්නකෝ .බඩුවක් දෙන්න. සිතාරා අක්කා මාව කාමරයට ඇදන් ගියා. සිතරා අක්කා පාසල් අධ්‍යාපනය ඉවර කරලා, බාහිර උපාදියක් කරනවා . මට වඩා යතරයී එයා වැඩිමහල් වුනේ. ************************************ දවස් ගනනවාක් ගෙවිලා ගියා. සේන බාප්පා මං නැංදලාගේ ගෙදර යන එක නවත්වන්න එක එක දේවල් කලා. බීලා ගිහින් රංඩු කලා. රෑ වෙනකන් එයත් නැන්දලාගෙ ගෙදර ඉන්න පටන් ගත්තා. මගෙ ඇගේ ලේ ටික පිච්චෙනවා මෙ මනුස්සයා දකින දකින පාරට. ඒ මදිවට පුදුම අප්‍රසන්න බවක් දැනෙන්නෙ කට හඩ ඇහුනත්. හවස නැන්දලා ගෙදර යනවා, පාන්දර ගෙදර එනවා සේන බාප්පා වැඩට යනකන් බලන් ඉදලා සුදු ගවුම දාන් ඉස්කෝලෙට දුවනවා. මං ගොඩක් දාට ඉස්කෝලෙට ගියෙ පරක්කු වෙලා. කලාතුරකින් දවසක තමා කලින් ගියේ. මගෙ ජීවිතේ ගැන නම් කියලා වැඩක් නෑ මට ළමා කාලයක් නෑ. බාප්පා කියන අසහනකාරයා මගෙ ලස්සන ළමා කාලය මගෙන් උදුර ගත්තා . මොනාද යකෝ උබ කල්පනා කරන්නෙ.. මොනතරම් කල්පනා ලෝකෙක කිමිදිලා හිටියද කිව්වොත්, මං ස්කෝලේ ඉන්නෙ කියලත් මතක් වුනෙත් විමූගෙ කට හඩ ඇසුනම. ඒ බලපන් ශදි අර ජෝඩුව. විමූ මට ඇහෙන් පෙන්නුවෙ ශානු අයියයී, දුලාන් අයයි එයාලගේ පංතියෙ ඉදන් එබි එබි බලනවා. අපේ ඩෙක්ස් පේලිය හරහට දැම්මට පසේ ශානූ අයියලා හොදරම පේනවා. විමූ නිතරම දුලාන් අයියා දිහා බැලුවා, දුලාන් අයියත් එහෙමයී. ඒත් ශානූ අයියා බැලුවෙ නෑ. මගෙ හිතත් වියවුල් වෙලා තිබුනේ, එයා මං ගැන හිතනවද නැද්ද කියන දෙගිඩියාවෙන්. මගෙ හිත නිතරම දුක් වුනා එයාගෙ හිතේ විශේෂයක් නෑ කියලා, ඒත් මං හිතින් ආදරය කරවා කවදාවත්ම ළං වෙන්න ඕනීනෑ මට. එහෙම හිතලා හිත සනස ගන්නවා. බලපංකෝ ගයේෂා දූලාන් අයියලාගෙ පංතියෙ මයී. විමූ කිව්වේ මට වැලමිටින් අනිමින්. හ්ම්ම්ම්ම්ම්ම්.... එයාගේ අයියගෙ පංතියනේ ඉතිං. අනේ පලයං උබ දන්න මගුල... විමූ එහෙම කිව්වේ අමුතු හිනාවක් දාගෙන.. ඇයි උබ හිනා වෙන්නෙ.. උබ දන්නෙ නැද්ද සීන් එක මොකක්ද්ද? ගයේෂා ශානු අයියගෙ පස්සේ යනවා. විමූ කනට කරලා රහසින් එහෙම කියන කොට මගෙ මුලු ඇගම පිච්චිලා අලූ වෙලා ගියා. විමූට හිනා.එයා දන්නේ නෑනේ මං ශානු අයියා ගැන හිතන බව. මට කර කියාගන්න දෙයක් නැතුව ගියා. ඉ..ඉතිං.... හො..හොදයිනේ.. මගෙ කටින් වචන පිට වුනෙත් නෑ. මං හිමින් ශානු අයියා ඉන්න පැත්ත බැලුවා. ගයේෂා ශානු අයියා එක්ක හොදටම කතාව දෙන්නාම සතුටින් හිනා වෙනවා. මගෙ ආත්මයම පිච්චෙනවා. හ්ම්ම්ම්ම්ම්... දෙන්නා ගැලපෙනවා නේද බං.. මගෙ හිතෙ හිටපු, මෙච්චර දවස් මං හිතිං ආදරය කරපූ, හිත සනස ගත්තු, මගෙ ශානු අයියා තව කෙල්ලෙක්ට ගැලපෙනවද අහනවා. ශානූ අයියා ...කැමති නම් අපිට... මොකො බං... මං අමාරුවෙන් කියලා දැම්මා. මට දැන් අඩන්න ඕනී. ඒක පාර්ශික ප්‍රේමයක් වුනා එහෙනම් මගෙ ආදරෙත්. අඩන්නෙත් කොහොමද විමූ දන්නෙ නෑ මගෙ හිතේ ඉන්න කෙනාව. ශානු අයියත් කැමතී වගෙ බං .බලන්න ඕනී බස් එකේදී ජෝඩුව. අනේ දෙවියනේ ඇයි මටම මෙහෙම රිද්දන්නෙ. මට තිබුනු එකම සැනසූමත් උදුර ගත්තා. දෙවියෝ මොනවා කරන්නද. මං ආදරෙ කලාට ශානු අයියා මට ආදරේ කරන්න නැතුව ඇති. ඒකනී මාව මගහැරියෙත්. මං දැන් මොනවා වෙනුවෙන්ද ජීවත් වෙන්නෙ. මොනවද ශදී කල්පනා කරන්නෙ.. ශානූ අයියට ඕකවත් හරි ගියොත් හොදයී. ඇයී... කලිං ඉස්කෝලේ ශානූ අයියට කෙල්ලෙක් ඉදලා. ඒකී බූට් තියලා. දුලාන් අයියා කිව්වා ශානු අයියා පිස්සු නටනවලූ. එහෙමද. ඒහෙනම් හොදයී.. විමූ කියනකන් මේ කතාව මං දන්නෙ නෑ. කමක් නෑ ශානූ අයියේ ඔයාට හොදක් වෙනවානම්, මගෙ හිත රිදුනත්,මං හිත සනස ගන්න උත්සහ කලා. මහ බලූ කෙල්ලක් බං ශානු අයියා පව්. ශානිකා කියලා කෙල්ලෙක්.. ශානූ අයියා පව් මට ඉබේටම කිය වුනා. ඔව් බං හොද කොල්ලන්ට මයී ඕවා වෙන්නෙ. දවසසින් දවස වෙන සිද්දිත් එක්ක මගෙ හිත එන්න එන්නම කඩා වැටුනා. ගෙදරත් රංඩු වලත් ඉවරයක් නෑ. නිතර ගයේෂා ශානු අයියා එක්ක කතා කරනවා,හීනා වෙනවා දැක දැක මං මැරි මැරි ඉපදෙනවා. අන්තිමට මං ඉගනීම ගැන විතරක්ම හිතන්න හිතුවා, ඒත් හැමදාම ශානූ අයියා දකින වාරයක් ගානේ මගේ දුක අලුත් වෙනවා. ඊ ළග කොටසින් හමුවෙමූ. දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 05:25 AM දාන්න දාන්න අපට වැඩක් නැහැ ගෙදරට වෙලා ඉන්නේ ඔහොම එකක් වත් කියවන්න මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 05:20 AM අද තව කොටසක් දාන්නද? දිනයක වැටහේවී........... DanuLiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 05:15 AM අදම ඉතුරු ටිකත් දාන්නකො මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න maduranga001Most Senior MemberPosts:14118 07 Sep 2016 05:05 AM මේ යන විදියට ගියොත් නම් ගණන් වලට D එකක් ගන්න ලැබෙන්නෙ නැහැ වගේ. ඊලග කොටසත් ලියන්නකෝ මොකෝ වෙන්නෙ කියල බලා ගන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ sha733Super Senior MemberPosts:7332 07 Sep 2016 04:44 AM Posted By සඳුනි on 07 Sep 2016 04:32 AM කොයි පවුලෙද අනේ. ඔයාගේ ජීවිත කතාවද. කැමති නම් ලියමු සදුනි ඔයා දන්නෙ නැහැ හැබැයි පරණ අයනං දන්නවා ඔය කථාව ගැන සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 04:43 AM .....කදුලත් සැනසුමක්....... 05. වන කොටස මහ බල්ලෙක් උබලගෙ බාප්පා. ඔබ මැරෙන්න ඕනී නෑ ඕකාවයී මරන්න ඕනී. ඌ ගිහින් නැද්ද. එතකොට විමූ ඒක කිව්වේ හරිම කේන්තියෙන් වේගයෙන්. නෑ.... යනවා.. . වගේ ගිහින්... අහපවු ඇ..විත්... සද්දයක් වත් ඇහුන්නෑ...අනේ . .. අම්මාට කිවුවේ නැද්ද. උබ... කිව්වා බං...... දැක්ක...... ගමන් කෑ.... ගැහුවා... මං. එලියට යද්දී.... ඌ .. ගිය අතක් නෑ.... අම්මා කියනවා මට විකාරලූ මනස්ගාත...... ඔලුවෙ දාන්. ඒවා.... මැවිලා පේනවලූ..... මගේ... කරු..මේ බං... එයාත් මට . ... ආදරේ .. නෑ එයාටත්.... විශ්වාස ඌව... මට ඒකයී තවත් දුක... ඒත් ඌගේ සෙරෙප්පු දෙක.. පාර.. ගාව තිබුනා.. ඉතිං උබ අම්මට පෙන්නුවෙ නැද්ද... විමූ කතාව මැද්දට පැන්නා පෙන්නුවා... බං.... ඉතිං අම්මා ඒවත් විශ්වාස කලේ නැද්ද.. නෑ... එතකොටම..... අරූ ආවා... අල්ලපූ... ගෙදර.. ඉදන්.. ඉතිං එතකොටවත් පිලි ගත්තෙ නැද්ද.. නෑ ඌ කියනවා . ....විටක් කන්න ගියාලූ..... ස්ද්දෙ ඇහිලා ඇයි බලන්නලූ ආවේ... මට. මරන්... මැරෙන්න හිතුනා බං... මං ඇහින් දැක්ක... . එක තෝ.. දැං නෑ කියනවද කියලා මං කෑගැහුවා. ඌ කියනවා බලන්නකො. සුද්දී. මේකී කියන..... කතාව.... ඇයී මං ගැන ඔහොම කියන්නෙ. විමල් ගෙන් අහලා බලහං... සුද්දී මං. එහෙ නෙමෙද .....හිටියෙ කියලා කියනවා. බලහං මොන දෙයියන්ට.... කියන්නද මේවා ... අම්මත් පිලිගත්තා ඉතිං.. අනේ මංදා බං උබලගෙ අම්මත්... විමූ ඒක කිව්වේ හරිම වේදනාවෙන් ඒක තාමා.. මට.... මට කිටන්න ගිය දේ කියන්න දුන්නෙ නැහැ .. විමූ මගෙ අත කෙනිත්තුවා .. ඇයි බං... මං කලබලෙන් වටපිට බැලුවා. දෙවියනේ ශානූ අයියා ඈත ඉදන් අපි දිහා බලන් ඉන්නවා . මගෙ මුලු ඇගම පිච්චිලා ගියා. මං එහෙ බලනවත් එක්කම ශානු අයියා අපිව නොදැක්කා වගේ එතනින් යන්බ ගියා. ඒත් එක්කම ඈතිං උදේ රැස්වීමට බෙල් එක වදිනවා ඇහුනා. යමං දැන් ... මූන හොද ගනිංකෝ.... අනේ විමූ ශානු අයියා දැක්කද කොහෙද. අනේ උබෙන් ඇහුවොත් මොකුත් කියන්න එපා අනේ.. අනේ.. මං විමූට ඒම කිව්වේ ආයාචනාත්මකව. හරි බං . උබ දන්නවනේ. මං කාටවත්ම කියන්නෑ. දුලාන් අයියටවත් කියන්නෑ යමූ... මම ටැප් එකට ගිහින් මූන සෝදා ගත්තා. අනේ මට රැස්වීමට යන්න බැ බං... අද දවස නම් එපාම කරපු දවසක් උදේ ඉදන්ම නරක දේවල් මයී වෙන්නෙ. ශාදීෂා ඔබලා කොහෙද බං හිටියෙ... වරෙන් ඉක්මනට කෑ ගහගෙන අපේ පැත්තට දුවන් ආවේ. දේෂානී. ඒයා තමා පංතියෙ දක්ෂම ළමයා. ඇයී දේෂානියෝ. මං වෙනුවෙන් ප්‍රශ්න කලේ විමූ. මන් ඉන්න තත්වෙ දන්න නිසා මාව බේර ගන්න. අද අපිට උදේ රැස්වීමලූ. කවුරුත් නෑ. කතාවක් වත් කියන්න. අනේ ශදී සිංදුවක් කියමූ.. අනේ... අනේ මට බෑ . මං එක පාරටම කලබල වුනේ බයට නෙමේ. මං ඊයෙ රෑත් අඩපු නිසා කටහට වෙනස් වෙලා ඇති කියලා. අනේ .. අනේ.. පංතිය බේර ගනිං .කවුරුත් නෑ බං මං කතාවක් කරන්නම්. බෑ කියන්න එපා ශදී.. මට දේෂානී පව් කියලත් හිතුනා. මං කවදාවත් බෑ කියන්නෑ සිංදු කියන්න. ඒත් අද දවස හරි නෑ. ශදී කියමූ . අවුලක් නෑ .කලින් කියපු එකක් කියමූ. වීමූ එහෙම කියලා මගෙ අතින් ඇදම් උදෙ ප්‍රධාන රැස්වීම තියෙන පැත්තට යන්න හැරුනා. අනේ තෑන්ක්ස් බං වරෙල්ලා. දේෂානිත් අපි එක්කම රැස් වීම තියන තැනට ආවා. රැස්වීම පටන් ගත්තා. පංසිල් අරන් ජාතික කොඩියයී පාසල් කොඩියයී ඔසවලා. ජාතික ගීය එහෙමත් කිව්වා. මං ඔහේ කල්පනා කලා මිසක් මොනවා කිව්වද කලාද මතක නෑ . ඒ එක්කම මගෙ නම මයික් එකෙන් කියනවා මට ඇහුනා. මං නිරායාසයෙන්ම සිංදුව කියන්න ඉස්සරහට ගියා. අවසර අරන් සිංදුව කියන්න පටන් ගත්තා. මිදුලේ වැලි මාලිගාව සක්විති පදවිය ලබන්න... සතර දිශා ජය ගෙන මම හනික එමී ඔබේ ලොවට සද හිරු වී එළිය දෙමී........ මං සිංදුව කියන ගමන් පහල ඉන්න ළමයී දිහා බැලුවා. එයාලා සාවදානයෙන් අහන් ඉන්නවා. මං නිකමට ශානූ අයියා ඉන්න පැත්ත බැලුවා. ශානූ අයියා මං ඒ පැත්ත බලනවා දැක්කා. එයා මාත් එක්ක හිනා වුනේ හරිම සතුටින් . මගෙ මූනටත් හිනාවක් ආවේ ඉබේටමයී. මගෙ හිතට පුදුමාකාර සැනසිල්ලක් දැනුනා. දුක් වේදනා සේරම අමතක වුනා. මං සිංදුව ඉවර කරලා ස්තූති කරලා. මයික් එක දේෂානිට දුන්නා. ලමයී සේරම සතුටින් අත්පොලසන් දුන්නා. මගෙ හිත තව තවත් සතුටින් ඉපිලිලා ගියා. පාසල තමා මගෙ සැනසීම. මං හිතිං මෙනෙහී කලා.... ************************************** අද හරිම රස්නේ දවසක්. පංතියෙ ඉන්නත් බෑ පිච්චෙනවා වගේ. ඉගෙන ගන්නව තියා නිකන් ඉන්නත් බැරි තරම් . දවල් විවේකෙන් පස්සෙ හදිස්සී රැස්වීමක් තියෙනවා කියලා ඔක්කොම ටීචර්ස්ලා රැස්වීමට ගියා. ශිෂ්‍ය නායක නායිකාවෝ පොඩි පංති බලාගන්න කියලා ගිහින්. අපේ පංතියේ ළමයින්ට ඉතිං මගුල් ගෙයක් වගේ. "ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වලූනේ" ඒ වගෙ තමා. කෑ ගහන් නැත්ව පොතක් බලා ගන්න කියලා ගියෙ. මොන පොත්ද කට්ටිය වට වෙලා බර කයිය. පංති නායිකාව දේෂානී, එයා බැන්න නිසා වැඩි සද්ද නැතුව කට්ටිය තැන් තැන් වලට වෙලා කතාව. මායී වීමුයී හිටියේ ලොකු හෝල් එකේ එක පැත්තක නිදහස් තැනක. සාමන්‍ය පෙළ උසස් පෙළ් පංති තිබුනෙ එකම ලොකු හෝල් එකක. පපවේ මට්ටමට විතර උස කොට බිත්තියට හේත්තුවෙලා පහලින් පෙනෙන වෙල්යාය දිහා බලන් හිටියා. දෙන්නම කතාවක් නෑ ඔහෙ බලන් ඉන්නවා. රස්නේ වෙලාවට ඉන්න හොදම තැන මෙතන. වෙල පැත්තේ ගසන් එන සුළග, සිරුර පිච්චෙන තරම් උණුසුම අඩු කරලා දැම්මා. අපි හිටපු තැනට පිටිපස්සෙ තිබුනේ 12 ශ්‍රේණිය. ඒ කියනෙ ශානූ අයියලගෙ පංතිය. ඒත් පංතියෙ කවුරුත්ම හිටියෙ නෑ. සේරම ලමයී පොඩි පංතී තියෙන පැත්තට ගිහින්. මගේ හිතේ පොඩි දුකක් තිබුනා, ශානූ අයියා මාත් එක්ක හිනා වෙන්නෙ වත් නැති එක ගැන. එදා අඩනවා දැක්ක දවසෙ ඉදන්, එයා කලින් මාත් එක්ක කතා කරපු වචනය දෙකවත් කතා කරන්නෙ නෑ. කෝ බං මේ දූලාන් අයියා බලහං කෝ ටීචර්ලා කවුරුත් නෑ .කතා කරන්න තියෙන හොද අවස්තාව. කොහෙ ගිහින්ද මංදා.. විමූගෙ ලතැවිල්ල පිරුනූ කට හඩ ඇහෙනවත් එක්ක මං එයා දිහා බැලුවා. විමූ හිටියෙ දුලාන් අයියා කොහෙද කියලා වට පිට බලමින්. පොඩි පංති බලා ගන්න දාලා ඇති බං.. අනේ මංදා .. අර එන්නෙ ශානූ අයියා නම්... ඈතින් ශානූ අයියා එනවා දැකලා, මං කිව්වේ සතුටින්. අපි දෙන්නම ඒ පැත්ත බලන් හිටියා. ශානූ අයියත් ගොඩ දවසකින් ලස්සන හිනාවක් මවාගෙන, කෙලින්ම අපි ඉන්න තැනට ආවා. ආ..... නංගිලා මොකද කරන්නෙ. ආං දුලාන් එන්න කිව්වා කැන්ටිම පැත්තට.... ශානූ අයියගෙ කටින් ඒ වචන ටික ගිලිහුනා විතරයී. විමූ සතුටින් ඉපිලිලා ගියා. කෙල්ලෙ කිරිල්ලියෙක් වගේ ඒ පැත්තට ඉගිල්ලෙන්න සූදානම. එහෙනම් මං යනවා.... කෙල්ලෙ මං විජහට එන්නම්. ආ.. හරි හරි මං එයාව බලා ගන්නම් . ශානූ අයියා එහෙම කිව්වේ මං දිහා බලාගෙන හිනාවෙමින්. ඒ වචනය ඇහෙනවත් එක්කම මගෙ හිත ගැස්සිලා ගියා. මං මොකුත්ම කියන්නෙ නැතුව කොට බිත්තියට වාරු වෙලා වෙල් යායාට ඇස් යොමා ගත්තා. ඒත් ඉතිං මූනේ තිබුන හිනාව ඒක නම් හංග ගන්න පුලුවං වුනේ නෑ. ඉතිං ශදී නංගී. කොහොමද පාඩම් වැඩ.. මගෙ ලගින්ම ශානු අයියගෙ කටහඩ ඇහෙද්දී මට් ඉබේටම එයා දිහා බැලුනා. එයත් මට එහායින් කොට බිත්තියට වාරු වෙලා .මං වගේම පහළ බලාන ඉන්නවා. හො.. හොද.යී.. අයියේ. කරගෙන යනවා. මං උත්තර දුන්නෙ අපහසුවෙන්. අපි දෙන්නා විතරක් එතන ඉන්න නිසා මට අපහසුවක් දැනුනා. ශානූ අයිය නම් ලස්සන හිනාවකින්, මං දිහා බලන් හිටියෙ . ගනන් එහෙම කොහොමද?. ලකුණු කීයක් තිබුනද අන්තිම වාරේ.. 67ක් තිබුනා.. ශානූ අයියේ.. එහෙනම් තව මහන්සි වෙන්න වෙයී. නිතර ගණං හදන්න. මොකක්ද අමාරුම පාඩම. මට නම් ජාමිතිය අමාරුයී. මං නම් ආසම පාඩම ශානූ අයියේ.. මං සැරින් සැරේ මූණ දිහා බැලුවා .ඒ හැම වෙලේම එයා මගෙ දිහාම බලන් හිටියෙ. මට බලන්න බයයී ඒක නිසා මං බිම බලා ගත්තා. විභාගෙ ලං වෙනකන් ඉන්න එපා . දැම ඉදන්ම පාඩම් කරන්න තව මාස 9නෙ තියෙන්නෙ. ආ ශානූ අයියා . කෝ අපේ අයියා එහෙම. අපේ කතාවට හවුල් හවුල් වෙන්න ආවේ ගයේෂා. ගයේෂාලගෙ අයියා හිටියෙ ශානූ අයියලගෙ පංතියෙ. ඒක නිසා ගයේෂා ශානු අයියලා එක්ක හුගක් එකතුයී. නිතරම වගෙ ගයේෂා ශානූ අයියලාගේ පංතියටත් ගියා.. ඒයාලා පොඩි පංති පැත්තේ ගයේෂා නංගී. මං මේ දුලාන්ලට සපෝට් එකක් දෙන්න කියලා.. ආවා.. හා දෙන්න කැන්ටිම ලග කයිය. ගයේෂයී ශානූ අයියයි කතාවක. මං ඉතිං බලාගෙන ඉන්නවා. මට ටිකක් දුකයි, ගයේෂා මගෙ අවස්ථාව නැති කරපු එකට. ඒත් ශානූ අයියා හිනා වෙලා වචනයක් හරි මාත් එක්ක කතා කරපු එක " රටක් රාජ්ජය දිනුවා වගේ" හදවතට දැනුනා. අන්න මීටින් එක එවරයී වගේ. මං යනවා නංගිලා අරුන් දෙන්න තාම අතනනේ. ශානූ අයියා කැන්ටිම පැත්තට දුවගෙන ගියා. මමයි ගයේෂයී පංතියට ගිහින් වාඩි වූනා. ටික වෙලාවකින් විමුත් පංතියෙන් ඇවිත් වාඩි වුනා. ඒ එක්කම පංති භාර ටීචර් පංතියට ආවා. ළමයී ලබන සතියෙ පරීක්ෂකවරු එනවලූ . පංතිය පිලිවෙලට තියා ගන්න ඕනී. පොත් සම්පූර්ණ කර ගන්න, ඇගයීම සම්පූරණ කර ගන්න . තේරුනාද ? ටීචර් කියාගෙන ගියා. අනිත් එක මේ පංතිය දිග වැඩී අන්තිම පේලියෙ ඉන්න ලමයිට පාඩම ඇහෙන්නෙ නෑ. ශදීෂා ඔයාලා හතර දෙනා ඔය පෝලිම ඉස්සරහින් හරහට දා ගන්න. ගුරු මේසේ ලගින්ම හරහට අපි ඩෙක්ස් පෝලිම දා ගත්තා. දැන් හරී නේද ලමයී. අනිත් ලමයී සතියෙන් සතියට පොළිම් මාරු කර ගන්න හරිද. ළමයී සේරම ඔලුව සලලා එකග වුනා. එහෙම කියලා ටීචර් පංතියෙන් පිට වෙලා ගියා. මේ..... ශානූ අයියා දුලාන් අයියගෙන් අහලා උබ එදා අඩපු එක. විමූ ඒක කිව්වේ හරි හදිස්සියෙන් රහසින් වගෙ. මං ඇස් දෙක විදහගෙන එයා දිහා බැලුවෙ බය මුසු මුහුණින්. ඔබ මොකද කිව්වේ. බය වෙන්න එපා බං මන් මොකුත් කිව්වේ නෑ. ගෙදර පොඩි අවුලක් නිසා කිව්වා. මගෙ හිත සතුටක් කාන්දු වුනේ. ශානූ අයියට මාව විශේෂයි කියලා දැනුන නිසා. ශානූ අයියා මට ආදරෙයිද. මගෙ පපුවට ලොකු බරක් වගෙ දැනුනා. පොඩි වේදනාවකුත් එක්ක. ජීවිතේ මුල්ම වතාවට මට මෙහෙම හැගීමක් දැනෙන්නෙ. මං ශානූ අයියට ආදරේ කරනවද? , ශානූ අයියා මට ආදරෙයිද? අලුත්ම හැගීමක් මගෙ හිතට ඇතුල් වුනා. මං එදා අඩපු එක දැකලත් . එයා ඒක මට අගවන්නෙවත් නැතුව කතා කලේ මගෙ හිත රිදෙයි කියලා වෙන්නැති. ලොකු සුසුමක් හෙලලා මං හිත නිදහස් කර ගත්තේ හරිම සතුටින්. ************************************** කාලය "ඉබි ගමනිං" ගෙවිලා ගියා. මාර්තු මාසයත් උදා වෙලා. පළවෙනු වාර විභාගයත් ලගයී. මං හිතින් ශානු අයියට ආදරේ කරනවා. ඒක නිසාද කොහෙද මට දැනුනේ "ලොකේ එක තැන නැවතිලා වගේ කියලා. මට මේ හැගීම විමූ එක්ක වත් කියන්න බයයී. එයා දුලාන් අයියට කියයිද කියලා. ඒක නිසා මං හිතේම තියා ගත්තා කාටවත්ම කියන්න ගියෙ නෑ. ගෙදර තත්වය නම් එන්න එන්නම දරුනු වුනා. මං සේන බාප්පට එළිපිටම බනින්නත් ., බාප්පා එළි පිටම නරක කතා කියන්නත් පටන් අරන් තිබුනා. අම්මට කිව්වටත් වැඩක් නැති නිසා මං කිව්වේ නැ. මගෙ ආරක්ෂාව මංම සළස ගන්න හිත හදා ගත්තා.... ඊළග කොටසින් හමුවෙමු.... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 04:32 AM කොයි පවුලෙද අනේ. ඔයාගේ ජීවිත කතාවද. කැමති නම් ලියමු දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 07 Sep 2016 03:47 AM අපේ පවුලේ කථාවත් මේ විදියටම ගොඩ ගත්තනං හොදයි කියල හිතනවා මොකද කියන්නේ සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 03:25 AM කවුද දෙවොලේ දෙවියෝ.... දිනයක වැටහේවී........... ImalkaVeteran MemberPosts:4533 06 Sep 2016 11:40 PM ඉල්ලන්න ඕන දෙයක්. PoddiVeteran MemberPosts:2100 06 Sep 2016 11:11 PM Posted By Imalka on 06 Sep 2016 11:06 PM හොඳ නිර්මාණ සෙට් සෙට් එකක්....බොහොම අගයකරනවා මේ නිර්මාණ එකතුව....දිගටම කරගෙන යන්න වරම් ලැබේවා මටත් වරමක් දෙන්නකෝ මොකක් හරි හි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* ImalkaVeteran MemberPosts:4533 06 Sep 2016 11:06 PM හොඳ නිර්මාණ සෙට් සෙට් එකක්....බොහොම අගයකරනවා මේ නිර්මාණ එකතුව....දිගටම කරගෙන යන්න වරම් ලැබේවා සඳුනිVeteran MemberPosts:2462 06 Sep 2016 10:13 PM ප්‍රින්ට් කරමුද කියලද අහන්නේ . බලමුකෝ නේ දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 06 Sep 2016 10:12 PM මමත් එහෙමනේ නවල් කියවන්නේ දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 06 Sep 2016 09:26 PM Posted By DanuLiyanage on 06 Sep 2016 12:07 PM සදුනි නවල් එකක් ලියමුද ඒක නම් හොද අදහසක්.. දැන් කාලේ තියෙන ගොඩක් නවකතා මෙලෝ රහක් නෑ.. මුල් පිටු ටික කියවුවිට කියවන්න එපා වෙනවා.. එතකොට කරන්නේ අවසාන පිටු ටිකත් කියවලා පොත පැත්තකින් තියන එක... ඒ වුනාට මේ කතාව නම් කියවන්න ආස හිතෙනවා.. DanuLiyanageVeteran MemberPosts:3457 06 Sep 2016 12:07 PM සදුනි නවල් එකක් ලියමුද මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න සඳුනිVeteran MemberPosts:2462 06 Sep 2016 11:04 AM ......කදුලත් සැනසුමක්..... 04. වන කොටස. මැදියමට ලං වුනත් මට නින්දක් ආවේ නෑ. බඩගින්නත්, හිත් වේදනාවත් මට හුගක් වද දුන්නා. ඒත් මට කාමරෙන් එළියට එන්න හිතුනේ නෑ. ඇස් දෙක රතුවෙලා විඩා බර වෙලා තිබුනත්, මගෙ ඇස් දෙක පිය වුනේ නෑ. මොකද මගෙ හිතට ඕනී කෑ ගහලා අඩන්න. මේ අසාධාරණය වෙනුවෙන් කෑ ගහන්න. අම්මා මට කන්න කතා කලත් මං කන්න ගියෙ නෑ. මං දවසටම කන්නෙ එක වේලයී. ඒ ඉස්කූල් එකේදී යාලුවෝ එක්ක වට වෙලා කන බත් එක තමයී. කලතුරකින් දවසක තමා ගෙදර ආපූ ගමන් මොනවා හරී කෑවෙ. උදේ වේල නම් මට කොහොමත් කන්න ලැබෙන්නේ නෑ. මට සේනේ බාප්පව මතක් වෙද්දිත් ලොකු අප්පිරියාවක් දැනෙන්නෙ. ඇත්තම කිව්වොත් එයා මානසික අසහන කාරයෙක් , මහා ජරා මිනිහෙක්. එයා මගෙන් බලා පොරොත්තු වෙන්නෙ දුවෙක්ගෙන් ලැබෙන්න ඕනී ආදරේ නෙමෙයී. එයා මං දිහා බලන්නෙත් මහ ජරා තාලෙට. ඒ ආශාවෙන් මත් වුන ඇස් දැක්කම. මගෙ මුලු ඇගම පිච්චෙනවා. ඒ වෙලාවට තමා මට සේරම මරාන මැරෙන්න හිතෙන්නෙ. ඒක නිසාමයී මං දික් කලිසම් අදින්න පුරුදු වුනේ. ගවුමක් ඇන්දත් ගෙදරදී දික් කලිසමක් අදින එක පුරුද්ද්ක් වෙලා තිබුනේ. මගෙ මුලූ සිරුරම වැහෙන්න ඇන්දත් ඒ ඇස් වලින් මට බේරිල්ලක් තිබුනේ නෑ... නිදා ඉන්නකොට ලෑලී කාමරෙ ලෑලී අතර හිල්වලින් බලන් ඉන්නවා . ඇදුමක් මාරු කරන්නත් මට නිදහසක් නෑ. මට කාමරයක් නොතිබ්බ කාලේ . හැමදාමත් මං ඇහැරෙද්දී බාප්පා අපේ කාමරේ ඉදන් දුවනවා. මොනවා බලන්න ඇවිද්ද කියලා මට තේරෙන්නෙ නෑ. ඒකයී බාප්පා ඔලූව අත ගානවට වත් මං අකමැතී. මං අම්මට ඔය දේවල් නොකියනවා නෙමෙයී. කිව්වට එයා විශ්වාස කරන්නෑ. එයා කියන්නෙ බලං හිටියට ගෙවෙනවද. නිකන් එන්න ඇති ...කියන එක තමා. ************************************** විශාල කහට ගස් අතරින් හිරු එළිය ගලා එමින් තිබුනා. තවමත් මීදුම හරියට මැකිලා ගිහින් නෑ. හිරූ එළිය ගලා ආවත් තවම හිමිදිරී සිසිලසේ අඩුවක් නැති තරම් තෙරුවන් සරණයී ශදී.... මං පංතියට ගොඩ වෙද්දිම නදීරා කිව්වා. ඇය පංතිය අතුගාමිනුයී හිටියේ තෙරුවන් සරණයී නදී. තාම වීමූලා ආවේ නෑ නේද. නෑ . තව් බස් එක ආවේ නැ මගෙ හිතේ.. මේ කෙල්ලේ ඔය ඩෙක්ස් ටික පොඩ්ඩක් හදහන්කෝ. මාත් එන්නම් ඔයා එක්ක විමූලා එනවද බලන්න යන්න. .. ම්ම්ම්ම්ම්ම් .. හරී මං ටක් ගාලා බැග් එක ඩෙක්ස් එකෙන් තියලා. ඩෙස්ක් පේලියට හරි ගස්වන්න ගත්තා. හරී යමූ .....ශාදී යමූ... නදී ඒහෙම කිව්වේ කුනු ටික ඩක්ස්බීන් එකට දාන ගමන් . අපි ගියා පඩිපෙල ගාවට. ඉස්කූල් එක තිබුනේ පොඩි කන්දක වගේ. පිට්ටනියෙ ඉදන් දිග පඩිපෙලක් තිබුනා . ඒ පඩිපෙළ දෙපැත්තෙම පංතී කාමර තිබුනා. අපේ පංතිය තිබුනේ උඩම. පඩි පෙල මුදුනෙම තිබුනේ බුදු මැදුර. පාර ඉදන් බලද්දී අපේ ඉස්කූල් එක හරිම ලස්සනයී. මායී නදී බුදු මැදුර ලගට වෙලා පාර දෙහා බලාන ඉන්නවා. ළමයී දෙතුන් දෙනා බෑග් කරේ එල්ලන් පඩි පෙල නගිනවා. තැන් තැන් වලට වෙලා සමහරු බර කයිය, තවත් කට්ටියක් මිදුල් අතුගානවා., තවත් කට්ටියක් උදේම සෙල්ලම. ආ...න් බස් එක ආවා. මං පාර දිහා ඕනී කමින් බැලුවා. විමූ එනවා ළමයී කට්ටියත් එක්ක බර කයියක් දාගෙන. විමූ පඩිපෙල පාමුලදිම මාව දැකලා හොද හිනාවකින් මූන සරසන් තමා අපි ලගට ආවේ. ඒත් මං බැලුවේ වෙන කෙනෙක් දිහා . ඒ දුලාන් අයියයී ශානූ අයියයී එනවද කියලා. ඒ දෙන්නත් හිනා වෙවී ඈත එනවා. මං දන්නේ නෑ මගේ මූනට ඉබේ හිනාවක් ආවෙ ඇයි කියලා.. තෙරුවන් සරණයී කෙල්ලෙ... විමූ මට ඒම කිව්වේ මගෙ අත්දේකේ එල්ලෙමින්. අද කෙල්ල සතුටින් වගේ. මොකද අමුත්ත.. ආ.. මේ දූලාන් අයියාලා එනකන් ඉදලා යමුද. මගෙ හිතට ආවේ මාරම සතුටක් . මං දන්නෙ නෑ ඒ ඇයී කියලා. මට විමූව මිරිකලා බදා ගන්න හිතුනා. හ්ම්ම්ම්ම්ම්..... මං ඕනවට එපාවට වගෙ කිව්වා. මට අමුතක් පෙන්නන්න බය හිතුනා. ඒ වෙනකොට දුලාන් අයියලා අපි ඉන්න තැනට ලගා වෙලා හිටියා. තෙරුවන් සරණයී දෙන්නටම.. විමූ එහෙම කියද්දී මං ශානූ අයියා දිහා බැලුවා. එයා වෙන කල්පනාවක. තෙරුවන් සරණයී නංගිලා. දුලාන් අයියලා ඒම කියලා අපිව පහු කරන් ගියා. මට දැනුනේ පුදුමාකාර දුකක්. ශානූ අයියා තෙරුවන් සරණයී කිව්වෙ වත් මං දිහා බැලුවෙ වත් නෑ. මට දුක හිතෙන්නෙ ඇයී. මං ඇයී ශාන් අයියගෙන් ඒම දෙයක් බලා පොරොත්තූ වෙන්නෙ. මං වැරදී එයා මගේ යාලුවෙක් වත් නෙමෙයී . දෙතුම් පාරකට වඩා කතා කරලත් නෑ. හ්ම්ම්ම් මං මේම දුක් වෙන එක වැරදී. ඒත් මට පැත්තකට වෙලා අඩන්නමයි හිතෙන්නේ. මගෙ ලොකූ හීනයක් කඩන් වැටුනා වගේ මට දැනෙන්නේ. අපි උදේ රැස්වීමට වෙලා තිබුන නිසා අරලිය ගස් තියෙන පැත්තට ගියා. එතන මාරම සුන්දර තැනක්. සුදු වැලී පොලව, පාතට නැමුනූ අරලිය ගස් වල අතු, අරලිය මල් පිරුනූ මල් පොකුරූ. හරිම සුවදයී පලාතම, හරිම ලස්සනයී. අරලිය ගස් පේලියක්ම තිබුනා එක දිගට. ශදී උබ කාලා නේ...ද. ඔව් බං .. ඔබ කෑවද.. මං එහෙම කිව්වට මං කලින්දා රෑටවත් කාලා නෑ. බොරු නෙමෙයිනේ.. නෑ බං.. කෑවා... විමූට සැකයී මං කෑවා කිව්වට. මං කතාව වෙන පැත්තකට හැරෙව්වා ඒක නිසා. අද දූලාන් අයියා එක්ක කතා කරන්න යන්නැද්ද. නෑ බං හැම දාම යන්න බෑ. ඉස්කූල් එකට මාට්ටු වුනොත් ඉවරයී.... ඉතිං කොහොමද කියහන්කෝ අලුත් තත්වේ. විමූ මගෙ මූනට එබුනේ මං දුකින්ද බලන්න වගේ. මං උබට කිව්වද එදා මනීෂා නංගිගේ පාටී එකට ගිය වෙලේ එයාලගේ නෑදෑ අයියා කෙනෙක් මං දිහාම බලං හිටියනේ. ඉතිං... ඉතිං... පස්සෙ එයා යනකොට මට නම්බර් එක දීලා ගියා. මනීෂා කියන්නෙ අපේ අල්ලපු ගෙදර නංගී. එයා එක්ක තමා මං ඉස්කූල් ඇරිලා ගෙදර යන්නේ. ආ එහෙමද... මේ ශදී ඕවා හරි යන්නෑ බං . අපි දන්නවද මොකෙක්ද කියලා. ඊර්ෂියාවට කියනවා නෙමේ... හරි බං හරී....... මං එහෙම කිව්වම විමූ මූන ඇබුල් කර ගත්තා. උදේ ශානූ අයියගෙ සිද්දිය නිසා මං මාත් හිතින් දුක් වෙමින් හිටියේ. හරි බං මට ඒකේ ගානක් නෑ.. මොකද මූන ඇබුල් කර ගත්තෙ. ඔබ දන්නවනෙ මට පිරිමි කියන කවුරුත්ම එපා. බාප්පගෙ කෝලන් දැක්ලම මට පිරිමි සන්හතියම එපා වෙලා තියෙන්නෙ. මට කිසිම පිරිමියෙක් ගැන විශ්වාසයක් නෑ. පංතියෙ පිරිමි ළමයි ඇර වෙන පිරිමි ලමයි එක්ක මං කතා කලෙත් නෑ. ඒත් ශානූ අයිය එක්ක කතා කරන්න මගෙ හිතෙ කැමැත්තක් තිබුනා.ඒ ඇයි කියන්න මං දන් නෑ. මං කොහොමත් වැඩිය කා එක්කත් කතාවට ගියෙ නෑ. එහෙම කියන්න එපා බං . හැම එකාම ඔහොම නෑ. ඒකා නාකියෙක්නේ. ඇයි ඊයේ මොනා හරි වුනාද ? විමූ එහෙම ඇහුවේ මගෙ හැගීම තේරුම් අරන්. එයා තරම් වෙන කවුරුත්ම මාව තේරුම් ගත්තෙ නෑ. ඒවා කියලා වැඩක් නෑ බං . හැමදාම ඔහොම තමයිනේ අම්මට කියලත් වැඩක් නෑ... උබට කිව්වොත් උබටත් දුක විතරයී. මං තනියෙන්ම විද... වන්..නම්. ම..ගේ කරු...මේ මේ.... ඇස් දෙක කදුලින් බොද වුනේ මටත් නොදැනිමයී. තවත් කතා කරන්න බැරි වුනා. මං ලේන්සුව අරන් මූන වසා ගත්තා. එහෙම කියන්න එපා ශදී. මට කියහන් කෙල්ලෙ ... අඩන්න එපා. මොකද උනේ.. වෙනදා... වගේ....ම තමා බං... . මං බාප්පා.. වැඩට.... යනකන්... හිටියා... ඇදුම් ටික ඇද ගන්න .. මං බිම බලාන අමාරුවෙන් කියන්න ගත්තා. මගෙ ඇස් වල කදුලු උනනවා උල්පතක් වගේ. උගුර ඇතුලින් රිදෙනවා පපුවත් එක්ක මැරෙන්න වගේ. මං යනකන් බලං ඉදලා කාමරේට ගියා ඇද ගන්න කියලා. ඉතිං මොකද. වුනේ. මට බයයි කෙල්ලෙ අනේ කියපන් ඉක්මනට... විමූ මගෙ මූනට එබුනේ හරිම දුකින්. මං ඉතින් පුරුද්දට.. . . වටේ බලලා..... ඇදුම ගලවන්න ....හැදුවෙ. එතකොට මන් දැක්කා.... අර පෙරේතයා. බිත්තියෙ හිලකින් ..... බලන් ...ඉන්නවා... කන්න වගේ....මට එපා... වෙනවා .....බං..... මට මැරෙන්න ඕනී... මට හයියෙන් ඇඩුම් ආවා. මන් මුලු මූනම අත් දෙකෙන් වහගෙන අනිත් පැත්තට හැරුනා. ඊළග කොටසින් හමු වෙමූ.... දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 06 Sep 2016 10:48 AM දුක වැඩි කිව්වේ අනේ දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 06 Sep 2016 04:22 AM Posted By සඳුනි on 05 Sep 2016 09:50 PM issarahata kathawa epa weyi අනේ එහෙම කරන්න එපා... PoddiVeteran MemberPosts:2100 06 Sep 2016 03:37 AM ශා අපුරුයිනේ.... ඔයා දක්ෂයි සදුනි ... ''ටීචර් අද වැස්සනෙ.. පොත් බලන්න බෑ .. පොත් වලට පිනි බානවා.... '' මෙන්න මේ වචන ටිකට නම් මගේ හිත ගියා වැඩියෙන්ම... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* Ind007kaMost Senior MemberPosts:12931 05 Sep 2016 09:54 PM කතාව දුකයි වගෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... සඳුනිVeteran MemberPosts:2462 05 Sep 2016 09:50 PM issarahata kathawa epa weyi දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 05 Sep 2016 09:27 PM දැන් නම් කතාව දුක්බර බවක් දැනෙනවා.. වර්තමාන ලෝකයේ මේ වගේ දේවල් බහුලව තියෙනවා.. දිගටම ලියමු නංගි.. සඳුනිVeteran MemberPosts:2462 05 Sep 2016 09:22 PM .....කදුලත් සැනසුමක්....... 03. වන කොටස. ඔව් ශානූ අයියා මං එයාව තියා ගත්තා තනියට. විමූ එහෙම කිව්වමයී මට මතක් වුනේ මං තාමත් ශානූ අයියාගෙ දිහා බලන් කල්පනාවක කියලා. මං ටක් ගාලා බිම් බලා ගත්තා. මට ඇත්තම හිතට පුදුම ලැජ්ජාවක් වගේ හැගීමක් ආවා. මට හිතා ගන්න බෑ ඇයී කියලා ඒක හරී අමුතු හැගීමක් මං ආයී එයා දිහාවත් දුලාන් අයියා දිහාවත් බැලුවේ නෑ. ආ එහෙමද . ඇයී දුලාන් මදිද තනි මකන්න. ශානූ අයියා විමූගෙන් ඇහුවා. විමු ලැජ්ජාවෙන් ඇබරෙනවා . එයාලගෙ සම්බන්දෙ පටන් අරන් වැඩි කල් නෑ. ඒක නිසාද කොහෙද විමූ තාම දුලාන් අයියා ලගදි මූන රතු කර ගන්නවා. සුද්දි අක්කී යන්න ශානූ අයියේ යන්න. අපි යං ශදී අරහෙට . විමූ මගෙ අතින් ඇදන් පාර එහා පැත්තට ආවා. ************************************* මුලූ පාලාතම කරුවල වෙමින් තිබුනා.දවසේ මං අකමැතිම කාලය තමා රාත්‍රිය. මොකද බාප්පා කට ගොන්නක් බීගෙන එන වෙලාව නිසා. මොනා කරන්නද. ඇදට වැටුනා. මගෙ හිතට නිදහස් නෑ වගේ. මං ඔහේ ඇදේ වැතිරිලා වලලය දිහා බලාන හිටියා. මං ඉබේටම වගේ ශානූ අයියව මතක් උනා. එයා හරිම හොද කෙනෙක් වගේ වෙන කොල්ලෙක් නම් දෙකක් නෑ අයිස් දෙක ගන්නවා. අනිත් කොල්ලො කෙල්ලනව සුද්ද කරනවනේ ඉතිං. ගෙදර ඉන්නවද යකෝ මොක්කූ හරී වරෙල්ලා එලියට. මේ සේනයා ආවා ගෑනීයෙ කො ඔබ. වර කෝ තොගෙ පැටව් . අල්ලපු ගෙදර එකාගෙ පැටව් කෝ. මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා ඒ සද්දෙට. නැගිටින්නත් බයයී අද හුගක් බීලා වගේ. නිදා ගෙන ඉන්නත් බයයී අම්මට ගහයී කියලා. මං කෝකටත් නිදි වගේම හිටියා. ආ සුද්දියෝ. කෝ අපේ සුදු කෙල්ල , සුදු මැණික. ඈ. කෝ බං කෙල්ල. අදත් යැව්වද අරකිගෙ තනියට. පාරෙ කෑ ගහන් ආවට අම්මා ලගට ආවම හුරතල් වෙනවා. මං ඇදට වෙලා බයට වඩා දැං කේන්තියෙ පුපුරනවා . මොකද ඔය සේනක බාප්පා. මහ ජරා මිනිහෙක් . මට ඔය හුරතල් නම් කිව්වට මට ඇති ආදරයක් නෑ. කෝ බං කෙල්ල. ඒ පාර කාමරේට එන අඩි සද්දෙ මට ඇහුනා. මට දැන් තවත් බයයී , කේන්තී දුකයී. මං ඒත් නිදි වගේම හිටියා මොකද වෙන්නෙ බලන්න. මොන කරුමයක්ද සේන මේක කෙල්ලට මේ පාරනේ විභාගේ. මේ ටිකේවත් නිදහසෙ පොතක් බලා ගන්න නොබී එනවකෝ. අම්මා කුස්සියෙ එදන් අදෝනාව කියනවා මට ඇහුනා. අපේ ගේ තාම අට්ටාලයක් වගේ බාගෙට බිත්තී නග්ගලා . ටකරං ටිකක් හෙවිල්ලලා. දොර ජනෙල් වත් නෑ හරියට. කුස්සියයි මගෙ ඇදක් දාන්න විතරක් ඉඩ තිබුන පුංචි කාමරෙයී හදලා තිබුනේ ලෑලී වලින්. ඒකත් මං රන්ඩු වෙලා මටම කියලා වෙනම කාමරයක් හදා ගත්තා මගෙ ආරක්ෂාවට. ඉතිං මං අල්ලං හිටියෑ . පාඩම් කරන්න බැරියෑ.... මේ හොදට පෙරලිලා ඉන්නෙ. සේනේ බාප්පා ඒක කිව්වේ හුගක් හයියෙන් . මං නිදිද කියලා දැන ගන්න බව මං දන්නවා. මොකද මට ඒවා හොදට පුරුදුයී. නිතර වෙන දේවල්නේ . මාත් සද්ද නැතුවම හිටියා. ඇද ලගට එන අඩි සද්දෙ මං ඇහුං කං දීගෙන හිටියා මට ඕනී . මූ ජරා මිනිහෙක් බව අම්මගෙ අතටම අල්ලලා දෙන්න. ටික ටික ඇදට නැවෙනවා. මට හොදට දැනෙනවා . දැං නම් මට තව ඉන්න බයයී. මං එක පාරටම අම්මට කෑ ගහගෙන ඇදේ ඉද ගත්තා. අම්මේ....... මේ එන්නකෝ මේකට මගෙ කාබරේට එන්න එපා කියන්න. අනේ බලන්නකෝ. මොකටද මගෙ කාමරේට ආවේ බල්ලෝ. තෝ මගෙ ඔලුව වත් අල්ලන්න එපා. .... කාලකණ්ණියා..... මෙකෝ සුදු දූ මං ඔලුව අත ගාන්න හැදුවේ. බලන්නකෝ , සුද්දී මට මේකී කතා කරන හැටි. මං නේද උබලට කන්න දෙන්නෙ .උගන් වන්නෙ. හැමදාම කියන බයිලාව පටන් ගත්තා ඒ පාර. අම්මාත් එතනට දුවන් ආවා. මොකද කෙල්ලේ කෑ ගහන්නෙ. මොකක්ද්ද ඔය කතා කරන විදිහ .උබ මොකටද කෙල්ලගෙ ඇගිලි ගහන්න යන්නෙ මිනිහෝ. මං ...... මේ . ඔලුව අත ගන්න හැදුවේ. මේකි මගෙ ඇගට පැන්නනේ හැපින්න වගෙ. අදත් සුපුරුදු විදිහම තමා. මං අම්මට හැමදාම කියනවා. වැඩක් නෑ එයා පිලි ගන්නෑ. බාප්පා මට බැන බැන එලියට ගියා අම්මත් ඒ එක්කම ගියා . මන් පුංචි කාමරේ දොර වහගෙන යකඩයත් දොරට හේත්තු කලා. අදත් නිංදක් නෑ ඉතිං. මුලු රෑම මූන ඉදි මෙනකන් මං ඇඩුවා. හැමදාමත් මෙහෙම තමා. ඇයී තාත්තේ මාව මේවගේ ලෝකෙක තනී කලේ. මාවත් අරං යන්න. මං හැමදාමත් මෙහෙම හිත හිත ඇඩුවා. ඒත් මගෙ දුක වේදනාව කාටවත් පෙනුනේනෑ. ඊළග කොටසින් හමුවෙමූ..... දිනයක වැටහේවී........... indika76Most Senior MemberPosts:10449 05 Sep 2016 09:00 PM Posted By සඳුනි on 05 Sep 2016 09:43 AM ..... කදුලත් සැනසුමක්..... 02. කොටස විද්‍යාව ටීචර් පාඩම කරන් ගියා. පංතියෙ ලමයී සේරම විද්‍යා ටීචර්ට ආදරෙයී. ඒක නිසා කවුරුත් පාඩමට බාධා කලේ නැ. මගෙ කල්පනාව තියෙන්නෙ නම් වෙන තැනක දැං ගෙදර යනවෙලාව ලගයී. මේ යන්නෙ අන්තිම පීරියඩ් එක. ඈතින් සීනුව නාද වුනා. අනිත් ලමයී බෑග් ලැහැත්තී කරනවා. මට ගෙදර යන්න ආසාවක්නෑ. මං ඔහේ බලං ඉන්නවා. මට ගෙදර යන්න බැ. මගෙ හිත පෙරලී කරනවා. අනේ මාව හොස්ටල් වත් හිටිය නම් මගෙ යාලුවෝ එක්ක. මොන ළමයද හොස්ටල් හොදා කියන්නෙ. ඒ තරමට මට ගෙදර කියන්නෙ අපායක්. ශාදි ගෙදර යන්නැද්ද බං . බෙල් කලා ඇහුන්නැද්ද. උබ මේ ලෝකේ නෙමේද. දා ගනිංකො පොත් ටික. මට බස් එක මිස් වෙයී . යමං. විමූගේ කතාවෙන් තමා මං පියවී සිහියට ආවේ. එයා මගෙ පොත් ටිකත් එකතු කරලා බෑග් එකට දාන ගමන් හිටියේ. හරි මනමාල හිනාවකුත් මූනේ මවාන. මටත් ඒක දැක්කම හිනාවක් ආවා. මොකද විමූට බෝයී ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා එයා හම්බෙන හොදම අවස්තාව තමා මේක. බස් එක එනකන් පාරේ ඉන්න වෙලාව. ඇත්තට අපි දෙන්නගෙ ගෙවල් වලට ස්කූල් එකේ ඉදන් තිබුනේ පයින් යන දුර. ඒත් එයා බෝයී ෆ්‍රෙන්ඩ් නිසා බස් එකේ ගියා. මං යන්නෙ පයින් ඉතිං .ගෙවල් ලග නංගි කෙනෙක් එක්ක. ආව් ආව් මෙයාගේ පැනී හිනාව. දුලාන් අයියා ඇතී මග බලන් නේද. අනේ පලයං ශදී යන්න. කෙල්ලගෙ මූන බලං ඉද්දී රතු වුනා. ගාතාව ඉවර උනාම අපි බෑග් එල්ලන් පාර පැත්තට එන්න ආවා. පොඩි දුරක් තිබ්බා පාරට ඉස්කූල් එකේ ඉදන්. මේ උබත් වරෙන්කෝ ශදී මාත් එක්ක බස් එකේ යන්න. වරෙන්කෝ. බෑ බං උබලට ඉතිං කොල්ලො ඉන්නවනේ අපිව අමතකයී. කවද්ද ශදී මං උබට ඒම කලේ. විමූගෙ මූනත් අදුරු වුනේ බලං ඉද්දී. මං ඒක ඇත්තටම කිව්වේ විහිලුවට. මං දන්නවා විමූ මං ගැන හුගක් හිතන බව. අනේ ඉතිං විහිලූ කලේ දුක හිතුනද. මං ලග සල්ලී නෑ බං ඒකයී. ඉල්ලුවේත් නෑ අම්මාගෙන් වෙනදට පයින්නෙ යන්නෙ. හරි බං මං දෙන්නම් යමං හ්ම්ම්.... යමංකෝ ඒනම් . අපි දෙන්න හිනා වෙවී ලග තිබුන කඩයකට ගොඩ වුනා. ඇතුලේ ළමයී පිරිලා. මං එලියට වෙලා හිටියා. විමූ කඩෙන් අයිස් පලම් දෙකකුත් අරන් එලියට ආවා. යමං එහා පැත්ත. කියාගෙන. එතකොටම එතනට දුලාන් අයියයී, එයාගෙ හොදම යාලුවා ශානුක අයියයී ආවා . ශානුක අයියා එක පාරටම ඇහුවා. කෝ නංගී අපිට අයිස්... එදා අපි අතේ සල්ලි නෑ විමූට මටත් එක්ක බස් එකටත් සල්ලි දෙන්න වෙලානේ. ආ.... ශානූ අයියේ ගන්න. කියලා විමූ අයිස් පලම් දෙක දික් කලා . මාත් හිනාවකින් මූන වහගෙන ශානූ අයියා දිහා බැලුවා. මං හිතන්නෙ එයාට තේරුනා අපි අතේ සල්ලි නෑ කියලා. මං විහිලුවල කිව්වේ අපිට එපා ඔයාලා දෙන්න කන්න. මොකෝ අද යාලුවත් බස් එකේ. ශානූ අයියා ඒම කිව්වේ මං දිහා බලන්. ශානූ අයියා කියන්නෙ හොද කෙනෙක් කියලා හැමෝම කිව්වා. එයා අපේ ස්කූල් එකට අලුත්. උසස් පෙළ කරන්න ගිය අවුරුද්දේ අපේ එකට ආවේ. ඒත් ඉක්මනම හැමෝම එක්ක පිට් වුනා. එයා දැනටමත් ශිෂ්‍ය නායකයෙක්. එහෙම වුනේ එයා අනිත් අයගෙ හැගීම් තේරුම් ගන්න පුලුවන් නිසා වෙන්නැතී. ඊ ලග කොටසින් හමු වෙමූ. හරිම ලස්සනයි සඳූ... ඊළග කොටස කියවනකන් ඉවසිල්ලක් නෑ... සඳුනිVeteran MemberPosts:2462 05 Sep 2016 08:52 PM math hithanawa hostel hoda athi kiyala. dan poddi nadda. mata shodariyonam na. දිනයක වැටහේවී........... maduranga001Most Senior MemberPosts:14118 05 Sep 2016 12:12 PM මාව හොස්ටල් වත් හිටිය නම් මගෙ යාලුවෝ එක්ක. මොන ළමයද හොස්ටල් හොදා කියන්නෙ. නංගි. හොස්ටල් කියන්නේ පට්ට ජොලි ෆන් තැනක්. හරිද? ස්තූතියි දෙවෙනි කොටසටත්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ hasithadSuper Senior MemberPosts:5795 05 Sep 2016 09:59 AM සදුනි පොඩ්ඩිගේ කවුරු හරිද දන්නෑ. isurusamSuper Senior MemberPosts:7342 05 Sep 2016 09:57 AM 2වෙනි කොටසත් වැටිලා තියෙන්නේ.ගොඩක් ලස්සනයි . isurusamSuper Senior MemberPosts:7342 05 Sep 2016 09:46 AM පොඩ්ඩි කියන්නෙත් ඔයා වගේම කථා ලියන්න පුලුවන් කෙනෙක් ........... සඳුනිVeteran MemberPosts:2462 05 Sep 2016 09:43 AM ..... කදුලත් සැනසුමක්..... 02. කොටස විද්‍යාව ටීචර් පාඩම කරන් ගියා. පංතියෙ ලමයී සේරම විද්‍යා ටීචර්ට ආදරෙයී. ඒක නිසා කවුරුත් පාඩමට බාධා කලේ නැ. මගෙ කල්පනාව තියෙන්නෙ නම් වෙන තැනක දැං ගෙදර යනවෙලාව ලගයී. මේ යන්නෙ අන්තිම පීරියඩ් එක. ඈතින් සීනුව නාද වුනා. අනිත් ලමයී බෑග් ලැහැත්තී කරනවා. මට ගෙදර යන්න ආසාවක්නෑ. මං ඔහේ බලං ඉන්නවා. මට ගෙදර යන්න බැ. මගෙ හිත පෙරලී කරනවා. අනේ මාව හොස්ටල් වත් හිටිය නම් මගෙ යාලුවෝ එක්ක. මොන ළමයද හොස්ටල් හොදා කියන්නෙ. ඒ තරමට මට ගෙදර කියන්නෙ අපායක්. ශාදි ගෙදර යන්නැද්ද බං . බෙල් කලා ඇහුන්නැද්ද. උබ මේ ලෝකේ නෙමේද. දා ගනිංකො පොත් ටික. මට බස් එක මිස් වෙයී . යමං. විමූගේ කතාවෙන් තමා මං පියවී සිහියට ආවේ. එයා මගෙ පොත් ටිකත් එකතු කරලා බෑග් එකට දාන ගමන් හිටියේ. හරි මනමාල හිනාවකුත් මූනේ මවාන. මටත් ඒක දැක්කම හිනාවක් ආවා. මොකද විමූට බෝයී ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා එයා හම්බෙන හොදම අවස්තාව තමා මේක. බස් එක එනකන් පාරේ ඉන්න වෙලාව. ඇත්තට අපි දෙන්නගෙ ගෙවල් වලට ස්කූල් එකේ ඉදන් තිබුනේ පයින් යන දුර. ඒත් එයා බෝයී ෆ්‍රෙන්ඩ් නිසා බස් එකේ ගියා. මං යන්නෙ පයින් ඉතිං .ගෙවල් ලග නංගි කෙනෙක් එක්ක. ආව් ආව් මෙයාගේ පැනී හිනාව. දුලාන් අයියා ඇතී මග බලන් නේද. අනේ පලයං ශදී යන්න. කෙල්ලගෙ මූන බලං ඉද්දී රතු වුනා. ගාතාව ඉවර උනාම අපි බෑග් එල්ලන් පාර පැත්තට එන්න ආවා. පොඩි දුරක් තිබ්බා පාරට ඉස්කූල් එකේ ඉදන්. මේ උබත් වරෙන්කෝ ශදී මාත් එක්ක බස් එකේ යන්න. වරෙන්කෝ. බෑ බං උබලට ඉතිං කොල්ලො ඉන්නවනේ අපිව අමතකයී. කවද්ද ශදී මං උබට ඒම කලේ. විමූගෙ මූනත් අදුරු වුනේ බලං ඉද්දී. මං ඒක ඇත්තටම කිව්වේ විහිලුවට. මං දන්නවා විමූ මං ගැන හුගක් හිතන බව. අනේ ඉතිං විහිලූ කලේ දුක හිතුනද. මං ලග සල්ලී නෑ බං ඒකයී. ඉල්ලුවේත් නෑ අම්මාගෙන් වෙනදට පයින්නෙ යන්නෙ. හරි බං මං දෙන්නම් යමං හ්ම්ම්.... යමංකෝ ඒනම් . අපි දෙන්න හිනා වෙවී ලග තිබුන කඩයකට ගොඩ වුනා. ඇතුලේ ළමයී පිරිලා. මං එලියට වෙලා හිටියා. විමූ කඩෙන් අයිස් පලම් දෙකකුත් අරන් එලියට ආවා. යමං එහා පැත්ත. කියාගෙන. එතකොටම එතනට දුලාන් අයියයී, එයාගෙ හොදම යාලුවා ශානුක අයියයී ආවා . ශානුක අයියා එක පාරටම ඇහුවා. කෝ නංගී අපිට අයිස්... එදා අපි අතේ සල්ලි නෑ විමූට මටත් එක්ක බස් එකටත් සල්ලි දෙන්න වෙලානේ. ආ.... ශානූ අයියේ ගන්න. කියලා විමූ අයිස් පලම් දෙක දික් කලා . මාත් හිනාවකින් මූන වහගෙන ශානූ අයියා දිහා බැලුවා. මං හිතන්නෙ එයාට තේරුනා අපි අතේ සල්ලි නෑ කියලා. මං විහිලුවල කිව්වේ අපිට එපා ඔයාලා දෙන්න කන්න. මොකෝ අද යාලුවත් බස් එකේ. ශානූ අයියා ඒම කිව්වේ මං දිහා බලන්. ශානූ අයියා කියන්නෙ හොද කෙනෙක් කියලා හැමෝම කිව්වා. එයා අපේ ස්කූල් එකට අලුත්. උසස් පෙළ කරන්න ගිය අවුරුද්දේ අපේ එකට ආවේ. ඒත් ඉක්මනම හැමෝම එක්ක පිට් වුනා. එයා දැනටමත් ශිෂ්‍ය නායකයෙක්. එහෙම වුනේ එයා අනිත් අයගෙ හැගීම් තේරුම් ගන්න පුලුවන් නිසා වෙන්නැතී. ඊ ලග කොටසින් හමු වෙමූ. දිනයක වැටහේවී........... සඳුනිVeteran MemberPosts:2462 05 Sep 2016 09:42 AM කවුද අනේ පොඩ්ඩී දිනයක වැටහේවී........... sha733Super Senior MemberPosts:7332 05 Sep 2016 02:56 AM සදුනිත් අපේ පොඩ්ඩි වගේ දෙන්න තකට තක වගේ kingDVeteran MemberPosts:3309 05 Sep 2016 12:43 AM වව් නියමයි... පටන් ගැන්ම නම් මරු ... ඔන්න ඊලග කොටස එනකං බලන් ඉන්නෙ ... මාවත් නොදැනුවත්වම ඉස්කෝලෙ මතකයට ගෙන ගියා ... Business, you know, may bring money, But friendship hardly ever does. samanthaMost Senior MemberPosts:13190 05 Sep 2016 12:12 AM අපේ සයිට් එකට කථා පොත් වලින් තියෙන අඩුව මැකිලා යයි මේ නවකථා නිසා. බොහොමත්ම ස්තූතියි නංගී .. දිගටම කරගෙන යන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! maduranga001Most Senior MemberPosts:14118 04 Sep 2016 10:31 PM සඳුනි නගාගෙ කතාව කියෙව්වා. කොටස් වශයෙන් මෙහෙම පල කලහම හෙමින් සැරේ කියවගෙන යන්න පුළුවන්. දිගටම කතාව ලියන්න. අපි කැමතියි කියවන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ indika76Most Senior MemberPosts:10449 04 Sep 2016 02:52 AM ඉතාම සුන්දර ආරම්භයක්.. අපි පාසල් ගිය කාලය මතක් වුනා.. සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ ගොඩක් පිස්සු වැඩ කරපු කාලයක්.. කථාව දිගටම ලියමු නංගි .. DanuLiyanageVeteran MemberPosts:3457 04 Sep 2016 02:44 AM සදුනි ඔයාගෙ කතාව නම් ගොඩක් ලස්සනයි ඔයා හැමදාම අපි එක්ක ඉන්න දිගටම අපට කියවන්න කතාවක් දෙන්න. ගොඩාක් ස්තුති සදුනි. ඔයාට තව තව අදහස් එන්න කියල සුභ පතනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න isurusamSuper Senior MemberPosts:7342 04 Sep 2016 02:24 AM සඳුනි ගේ කථාව මරු නේ ...........දිගටම අපිත් එක්ක රැදී සිටින්න . සඳුනිVeteran MemberPosts:2462 04 Sep 2016 02:19 AM ඉතිං යාලුවනේ. මගේ පවෙනී කතාව ඔයාලගෙ සයිට් එකේ පලවෙන . හොදයිද බලන්නකෝ. මගෙ අඩුපාඩු කියන්න හොද .....කදුලත් සැනසුමක්... 01. කොටස. අද නම් හරී පුදුම දවසක්. දවසම වැස්ස ඒමදිවට. පීරියඩ් සේරම හිස්. ඒකත් හොදයී. වැස්සට ඉස්කෝලේ එන්නෙ පීරියඩ් හිස් නිසානේ. ඒත් ඒකත් වෙලාවකට වදයක්. උදේ ඉදන් යාලුවෝ එක්ක සතුටින් හිටියට. මගෙ හිත ඇතුලේ දුක් කන්දරාවයී. විමූ මගෙ ඔලුව ටිකක් රිදෙනවා . මං චුට්ටක් ඔලුව තියා ගන්නවා. මොකද ශදී ඊයෙත් මොනා හරී උනාද ගෙදර. අනේ මංදා බන් මේවා කවදා ඉවර වෙයිද .මං පැනඩෝල් දෙකක් ගේන්නද. විමූ මගෙන් එහෙම ඇහුවෙ මගෙ ඔලුව අතගාන ගමන් .මං හිටියේ ඩෙක්ස් එකේ ඔලුව ගහන් එයා දිහා බලා ගෙන. විමූ කියන්නෙ විමංශා එයා තාමා මගෙ හොදම යාලුවා. ඇත්තම කිව්වොත් මං ගැන හොදටම දන්න කෙනා. ඒපා බං පැනඩෝල් බිලා වැඩක් නෑ ටිකක් ඉන්න දිපංකෝ. පිස්සි නැතුව මෙහෙ වරෙන් ශදී. උබ මෙහෙත් මූඩ් ගහන් ඉන්නද ට්‍රයී එක ඒවා බෑ මේ විමූ එක්ක . කියපං මොකෝ උනේ. එයා ඒම කිව්වේ මගෙ අතින් අදින ගමන් . මං ගැන හිතන්නෙ මගේ යාලුවෝ විතරද. ඊයේ සිද්ද උන දේ මට ආයෙත් මැවිලා පේන්න ගත්තා. ඇස්දෙකත් බොද වීගෙන වගේ ආවා. ඇයී දෙවියනේ මගෙ තාත්තට අපිත් එක්ක හැමදාමත් ඉන්න බැරි වුනේ. මගෙ තාත්තා අපිව අත් ඇරලා ගිහින් තිබුනේ අපි හුගාක් පොඩි කාලේ. මං එයාව දැකලා වත් නෑ .චූටී කාලේ ඉදන් මාව හදාගත්තේ මගෙ ආච්චී සීයයී . මං එයාලට තමා අම්මේ තාත්තේ කියන්නෙ. එයාලා තරම් මට මේ ලෝකෙ වෙන කවුරුත් වටින්නෙ නෑ . දැං මං එයාලගෙනුත් ඈත් වෙලා ඉන්නෙ. මං එයාලත් එක්ක හුගාක් සතුටින් හිටියෙ නිදහසේ .දැං මංඅපායක ඉන්නෙ. මේ තමා මොහිපිට අපාය. අම්මයී බාප්පයී මල්ලි එක්ක ඉන්නෙ . මේ ගෙදර සැනසීම මල්ලි විතරයී. එයත් තාම හුගක් පොඩී. මං කැමතිම නෑ මේ ගෙදර ඉන්න. හැමදාම රංඩු. බාප්පා කටගොන්නක් බීගෙන ඇවිත් කෑගහනවා මහ රෑ වෙනකන්. පොතක් අල්ලන්න තියා ඇස් දෙක පොඩ්ඩක් නිදහසේ පියා ගන්න වත් නෑ. ශාදී වරෙන්.....වරෙන්....මොනවද කල්පනා කරන්නෙ කියපංකෝ විමූ ආයෙත් අතිං අදින්න ගත්තා. අනේ මංදා බං . පොඩ්ඩක් ඉන්න දීපං ඒ විමූ මොකෝ ශදී කියන්නෙ වරෙල්ලකෝ සිංදුවක් කියන්න. දයාන් පංතියේ අන්තිම පේලියෙ ඉදන් කෑ ගැහුවා. මං එක පාරටම ඒ පැත්ත බැලුවා. මොකද සිංදු කියන එක මං ආසම දේ. පංතියෙ කොල්ලන්ට මං නැතුවම බෑ සිංදු කියන්න මොකද මං පාසලේ ගායිකාව. හැම උත්සවයකටම මං අනිවාරෙන් සිංදු කිව්වා . ලමයිනුත් මට හරී කැමතී. එකක් ඉවර වෙද්දී තව සිංදු ඉල්ලනවා. වරෙන්කො බං මෙකක්ද.. වැස්ස නිසා පිනාට ඇහෙන්නෙත් නෑ.. කවීෂත් කෑගහන්න ගත්තා. යං යං ඔලුවේ කැක්කුමත් අඩු වෙයී. විමූ ඒම කිව්වේ මං දිහා බලලා ලස්සන හිනාවක් දාන ගමන්. මට පව් කියලත් හිතුනා මං ගැන කොච්චර හිතනවද. මං පුටුවෙන් නැගිට්ටා. හුරේ..... වරෙල්ලා වරෙල්ලා කෙල්ලනේ අපි ගීතෙන් ගීතෙ දාමු දයාන් ආයෙත් කෑගැහුවා. අපි සේරම දයාන්ලා හිටපු තැනට රොක් උනා. හොද වෙලාවට අපේ පංතිය තිබුනේ ඔෆීස් එකෙන් හුගක් ඈත. අපි නිතරම වගෙ පංතියෙ පිස්සු නටනවා ඉතිං . ප්‍රින්සිපල්ගෙන් ගුටිත් කනවා. ඒත් හරිම විනෝදයී. ඉස්කෝලේ කියන්නෙ මගෙ එකම සැනසුම . මගෙ යාලුවොත් මට හරිම ආදරෙයී. හරිම එකමුතුයී. ශදී ඔබම පටං ගනිං විමූ මැද්දට පැන්නා. මල ඝෝසාවයී පිරිමි ලමයි ඩෙක්ස් වලට ගහනවා. කෑ ගහනවා. උන්ට හපං කෙල්ලො. ඈත දිලිසෙන හිරු සදු රං තරූ..... රහසෙ කිව්වා මට ඔබ ගැන තොරතුරු.... ආහ්හ් මොනාද කිව්වේ තොරතුරු. හු හූ කොල්ලෝ මැද්දට පැනලා කෑ ගහනවා කෙල්ලො ටික මාත් එක්ක අත්පොඩි ගගහා සිංදුව කියනවා. ඉතිං හරිම විනෝදයී . සතුටින් පැයක් විතර ගෙවිලා ගියා. විද්‍යා ටීචර් පංතියට එනකං අපි දන්නෙත් නෑ. ළමයී හරි ශෝක් මේ අවුරුද්දේ විභාගෙ ලියන නේද ඉන්නේ .නරකද පොතක් බලා ගත්තා නම්. දැං මීයට පිම්බා වගේ. සද්දයක් නෑ ඉන්න තැන් වලම ගල් වෙලා. අපි මේ අවුරුද්දේ දෙසැම්බර් වල සාමාන්‍ය පෙළ ලියන්න ඉන්නෙ තව මාව 10යී තියෙන්නෙ. ටීචර් අද වැස්සනෙ.. පොත් බලන්න බෑ .. පොත් වලට පිනි බානවා.... දයාන් එක පාරටම කිව්වා. ලමයී සේරටම එක පාරටම බකස් ගාලා හිනා. ටීචර්ටත් හිනා. දයාන්තමා පංතියෙ ඉන්න කටකාරම කොල්ලා. විද්‍යාව මිස් හරිම හොදයි... ලමයි මිස්ට වැඩිය බය නෑ ඉතිං. ඒකට කමක් නෑ සේරම වාඩී වෙන්න. විද්‍යා පීරියඩ් එක හිස් නෑ. මොකද විද්‍යාගාරයට ආවේ නැත්තේ බලන්න ආවේ. ....ඊලග කොටසින් හමුවෙමු.... දිනයක වැටහේවී...........